යෙදුමෙන් කියවන්න

පතිබ‍්බතාවිමානං

1. 11.

1. 11.

93. කොඤ‍්චා මයූරා දිවියා ච හංසා වග‍්ගුස‍්සරා කොකිලා සම‍්පතන‍්ති, පුප‍්ඵාභිකිණ‍්ණං රම‍්මමිදං විමානං අනෙකචිත‍්තං නරනාරිසෙවිතං.

93.නන් වැදෑරුම් රුවන් මලින් ගැවසුණා වූ නොයෙක් සිතියමින් විසිතුරු වූ දෙවියන් හා දෙවඟනන් විසින් නිති සෙවුනා ලද රමණීය වූ මේ විමනට දිව්‍යමය වූ කොස්වාලිහිණියෝ ද දිව්‍යමය වූ මොනරු ද දිව්‍යමය වූ හංසයෝ ද මිහිරිනද ඇති කොවුලෝ ද නිතර අවටින් පැමිණෙති.

94. තත්‍ථච‍්ඡසි දෙවි මහානුභාවෙ ඉද‍්ධි විකුබ‍්බන‍්තී අනෙකරූපා, ඉමා ච තෙ අච‍්ඡරායො සමන‍්තතො නච‍්චන‍්ති ගායන‍්ති පමොදයන‍්ති.

94. මහානුභාව ඇති දෙව්දුව අනේක ස්වරූප වූ ඍද්ධි විකුර්‍වණය කරමින් සිටිහු. තීගේ මේ දිව්‍යප්සරාවෝ හාත්පස නටති. ගයති. සතුටු කරවති.

95. දෙවිද‍්ධිපත‍්තාසි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

95. මහත් අනුභාව ඇති දෙව්දුව, (තෝ) දිව්‍යර්ධියට පැමිණියා වහු. මිනිස්දුවක් වූවා කවර පිනක් කළහු ද? තීගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වවු ද?

96. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.

96. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි (මෙසේ) පැවසූ ය.

97. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා පතිබ‍්බතා නාඤ‍්ඤමනා අහොසිං, මාතාව පුත‍්තං අනුරක‍්ඛමානා කුද‍්ධාපහං නප‍්ඵරුසං අවොචං.

97. මම පෙර අත්බැව්හි මිනිසුන් අතර මිනිස්දුවක් වූවා අන් පුරුෂයකු නොපතන්නී පතිව්‍රතා වීමි. පුතකු රකින මවක් මෙන් තමහිමි රැක්කෙමි.(අනුන් කළ වරදකට) කිපුණි නමුදු පරොස් බස් නො කීමි.

98. සච‍්චෙ ඨිතා මොසවජ‍්ජං පහාය දානෙ රතා සඞ‍්ගහිතත‍්තභාවා, අන‍්නං ච පානං ච පසන‍්නචිත‍්තා සක‍්කච‍්ච දානං විපුලං අදාසිං.

98. මුසාවාදය හැර සත්‍යයෙහි පිහිටියා වෙමි. දීමෙහි ඇලුණා වු මම සතර සඞ්ග්‍රහ වස්තුවෙන් අනුන්ට සඞ්ග්‍රහ කරණ ස්වාභාව ඇත්තී පසන් සිතැත්තී අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.

99. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

99. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.

100. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.

100. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.

පතිබ‍්බතාවිමානං.

පතිව්‍රතාවිමාන යි.