15. උත්තරාවිමානවණ්ණනා අට්ඨකථා
15. උත්තරාවිමානවණ්ණනා
15. උත්තරාවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙනාති උත්තරාවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ච සමයෙන පුණ්ණො නාම දුග්ගතපුරිසො රාජගහසෙට්ඨිං උපනිස්සාය ජීවති, තස්ස භරියා උත්තරා, උත්තරා ච නාම ධීතාති ද්වෙ එව ගෙහමානුසකා. අථෙකදිවසං රාජගහෙ “මහාජනෙන සත්තාහං නක්ඛත්තං කීළිතබ්බ”න්ති ඝොසනං කරිංසු. තං සුත්වා සෙට්ඨි පාතොව ආගතං පුණ්ණං “තාත, අම්හාකං පරිජනො නක්ඛත්තං කීළිතුකාමො, ත්වං කිං නක්ඛත්තං කීළිස්සසි, උදාහු භතිං කරිස්සසී”ති ආහ. “සාමි, නක්ඛත්තං නාම සධනානං හොති, මම පන ගෙහෙ ස්වාතනාය යාගුතණ්ඩුලානිපි නත්ථි, කිං මෙ නක්ඛත්තෙන? ගොණෙ ලභන්තො කසිතුං ගමිස්සාමී’ති. “තෙන හි ගොණෙ ගණ්හස්සූ”ති. සො බලවගොණෙ ච භද්දනඞ්ගලඤ්ච ගහෙත්වා “භද්දෙ, නාගරා නක්ඛත්තං කීළන්ති, අහං දලිද්දතාය භතිං කාතුං ගමිස්සාමි, මය්හම්පි තාව අජ්ජ දිගුණං නිවාපං පචිත්වා භත්තං ආහරෙය්යාසී”ති භරියං වත්වා ඛෙත්තං අගමාසි.
අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් උත්තර විමාන වර්ණනාව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි (ලෙහෙණුන් හට අහර පිණිස වෙන්කර තිබූ තැනක් වන) කලන්දක නිවාපයෙහි වාසය කරන සේක. එකල්හි පුණ්ණ නම් වූ දුගී පුරුෂයෙක් රජගහ නුවර සිටුවරයා ඇසුරු කිරීමෙන් ජීවත් වෙයි. ඔහුගේ උත්තරා නම් බිරිඳ ද, උත්තරා යන නාමයම ඇති දියණිය ද යන දෙදෙනාම එකම නිවසෙහි වාසය කරති. ඉක්බිති එක් දවසක් රජගහනුවර වැසියන් සත්දිනක් නැකැත් කෙළියෙහි යෙදිය යුතු යයි ප්‍රකාශයට පත් කළහ. ඒ අසා සිටු තෙමේ උදෑසනම පැමිණි පුණ්ණ හට ‘දරුව, අපගේ සේවක ජනතාව නැකැත් කෙළි කරනු කැමැත්තෝය. ඔබ නැකැත් කෙළි කරන්නෙහි ද, නැතහොත් මෙහෙ කරන්නෙහිදැ’යි ඇසීය. ‘ස්වාමීනි, නැකැත් කෙළි නම් ධනවතුන් හට අයත් වූවකි. මගේ නිවසේ වනාහී හෙට දිනය සඳහා කැඳට ගැනීමට හාල් මිටක්වත් නොමැත. නැකැත් කෙළියෙන් මට කුමන ප්‍රයෝජනයක්ද? ගොණුන් ලබන්නෙම් නම් සී සෑමට යන්නෙමි’යි කීය. එසේ නම් ගොණුන් ගනුවයි සිටුවරයා කීය. ඒ (පුණ්ණ) තෙමේ ශක්තිමත් ගොණුන් ද, මනා වූ නගුලක් ද ගෙන ‘සොඳුර, නගරයෙහි වැසියෝ නැකැත් කෙළියෙහි යෙදෙති. මම දිළිඳු බව නිසා බැළමෙහෙ කිරීමට යමි. අද මා හට දෙගුණයක් ආහාර පිස බත් ගෙන එන්න’යයි බිරිඳට පවසා කුඹුරට ගියේය.
සාරිපුත්තත්ථෙරොපි සත්තාහං නිරොධසමාපන්නො තතො වුට්ඨාය “කස්ස නු ඛො අජ්ජ මයා සඞ්ගහං කාතුං වට්ටතී”ති ඔලොකෙන්තො පුණ්ණං අත්තනො ඤාණජාලස්ස අන්තො පවිට්ඨං දිස්වා “සද්ධො නු ඛො එස, සක්ඛිස්සති වා මෙ සඞ්ගහං කාතු”න්ති ඔලොකෙන්තො තස්ස සද්ධභාවඤ්ච සඞ්ගහං කාතුං සමත්ථභාවඤ්ච තප්පච්චයා ච තස්ස මහාසම්පත්තිපටිලාභං ඤත්වා පත්තචීවරං ආදාය තස්ස කසනට්ඨානං ගන්ත්වා ආවාටතීරෙ එකං ගුම්බං ඔලොකෙන්තො අට්ඨාසි. පුණ්ණො ථෙරං දිස්වාව කසිං ඨපෙත්වා පඤ්චපතිට්ඨිතෙන ථෙරං වන්දිත්වා “දන්තකට්ඨෙන අත්ථො භවිස්සතී”ති දන්තකට්ඨං කප්පියං කත්වා අදාසි. අථස්ස ථෙරො පත්තඤ්ච පරිස්සාවනඤ්ච නීහරිත්වා අදාසි. සො “පානීයෙන අත්ථො භවිස්සතී”ති තං ආදාය පානීයං පරිස්සාවෙත්වා අදාසි.
සැරියුත් තෙරුන් වහන්සේ ද සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැදී සිට ඉන් නැගී අද මා විසින් කවරනම් අයකුට සංග්‍රහ කරන්නට වටනේදැයි බලන සේක් තමාගේ නුවණ දැල තුළට පිවිසි ‘පුණ්ණ’ නමැත්තා දැක මේ තෙමේ මා හට සංග්‍රහ කිරීමට තරම් ශ්‍රද්ධාව ඇත්තෙක් ද, ඒ සඳහා ඔහුට ශක්තිය තිබේද යන කරුණු බලන සේක් ඔහුගේ ශ්රද්ධාවන්ත බව ද සංග්‍රහ කිරීමේ හැකි බව ද ඒ හේතුවෙන් ඔහුට මහා සම්පත්ති ප්‍රතිලාභයක් වන බව ද දැන පාසිවුරු ගෙන ඔහුගේ කෘෂි කටයුතු කෙරෙන තැනට ගොස් කුඹුර අයිනෙහි එක් ලැහැබක් දැක එහි වැඩහුන් සේක. පුණ්ණ තෙමේ තෙරුන්වහන්සේ දැක සීසෑම නවතා පසඟ පිහිටුවා තෙරණුවන් වැඳ, දැහැටි දඬුවකින් ප්‍රයෝජන ඇත්තේ වනැයි සිතා දැහැටි දඬුවක් කැපකොට දුන්නේය. ඉක්බිති තෙරණුවෝ පාත්‍රයද පෙරහන්කඩ ද බැහැරට ගෙන ඔහුට දුන්හ. හේ තෙමේ තෙරුන්හට පැන්වලින් ප්‍රයෝජන ඇත්තේ යයි සිතා එය රැගෙන පැන් පෙරා දුන්නේය.
ථෙරො චින්තෙසි “අයං පරෙසං පච්ඡිමගෙහෙ වසති, සචස්ස ගෙහද්වාරං ගමිස්සාමි, ඉමස්ස භරියා මං දට්ඨුං න සක්ඛිස්සති, යාවස්ස භරියා භත්තං ආදාය මග්ගං පටිපජ්ජති, තාව ඉධෙව භවිස්සාමී”ති. සො තත්ථෙව ථොකං වීතිනාමෙත්වා තස්සා මග්ගාරුළ්හභාවං ඤත්වා අන්තොනගරාභිමුඛො පායාසි. සා අන්තරාමග්ගෙ ථෙරං දිස්වා චින්තෙසි “අප්පෙකදාහං දෙය්යධම්මෙ සති අය්යං න පස්සාමි, අප්පෙකදා මෙ අය්යං පස්සන්තියා දෙය්යධම්මො න හොති, අජ්ජ පන මෙ අය්යො ච දිට්ඨො, දෙය්යධම්මො චායං අත්ථි, කරිස්සති නු ඛො මෙ සඞ්ගහ”න්ති. සා භත්තභාජනං ඔතාරෙත්වා ථෙරං පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා “භන්තෙ, ඉදං ලූඛං වා පණීතං වාති අචින්තෙත්වා දාසස්ස වො සඞ්ගහං කරොථා”ති ආහ. අථ ථෙරො පත්තං උපනාමෙත්වා තාය එකෙන හත්ථෙන භාජනං ධාරෙත්වා එකෙන හත්ථෙන තතො භත්තං දදමානාය උපඩ්ඪභත්තෙ දින්නෙ “අල”න්ති හත්ථෙන පත්තං පිදහි. සා “භන්තෙ, එකොව පටිවීසො, න සක්කා ද්විධා කාතුං, තුම්හාකං දාසස්ස ඉධලොකසඞ්ගහං අකත්වා පරලොකසඞ්ගහං කරොථ, නිරවසෙසමෙව දාතුකාමාම්හී”ති වත්වා සබ්බමෙවස්ස පත්තෙ පතිට්ඨාපෙත්වා “තුම්හෙහි දිට්ඨධම්මස්ස භාගිනී අස්ස”න්ති පත්ථනං අකාසි. ථෙරො “එවං හොතූ”ති වත්වා ඨිතකොව අනුමොදනං කත්වා එකස්මිං උදකඵාසුකට්ඨානෙ නිසීදිත්වා භත්තකිච්චං අකාසි. සාපි පටිනිවත්තිත්වා තණ්ඩුලෙ පරියෙසිත්වා භත්තං පචි.
තෙරණුවෝ මෙසේ සිතූහ. ‘මේ තෙමේ අනුගේ ගෙයක පසුපසෙහි වසයි. ඉදින් මා ගෙයි දොරටුවට යන්නෙම් නම් මොහුගේ බිරිඳ මා දැකීමට නො ලබන්නීය. යම්තාක් මොහුගේ බිරිඳ බත් රැගෙන මගට පිවිසේ ද, ඒ තාක් මෙහිම සිටින්නෙමි’ යනුයි. උන්වහන්සේ එහිම මදක් කල්ගෙවා ඇය මගට බැසගත් බව දැන ඇතුළු නුවරට අභිමුඛව පිටත් වූහ. ඕ තොමෝ අතරමගදී තෙරණුවන් දැක මෙසේ සිතුවාය. ‘ඇතැම් දිනයෙක දිය යුතු දෙය ඇති කල්හි ආර්යයන් වහන්සේ කෙනෙකු නො දකිමි. ඇතැම් දිනයෙක ආර්යයන් වහන්සේ කෙනෙකු දකින මා සතුව දිය යුතු දෙයක් නොමැත. අද වනාහී ආර්යයන් වහන්සේ නමක් ද මට පෙනෙන සේ වෙසෙති. දිය යුතු වූ දෙය ද ඇත. සංග්‍රහයක් කරන්නෙමි’යි සිතුවාය. ඕ තොමෝ අහර බඳුන පසෙක තබා තෙරුන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි, මෙය නීරසය කියා හෝ රසවත්ය කියා හෝ නො සිතා ආහාර පිළිගැනීමෙන් මේ දාසියට සංග්‍රහ කරනු මැනව’යි කීවාය. එවිට තෙරණුවෝ පාත්‍රය ඉදිරිපත්කොට එක් අතකින් භාජනය දරාගෙන, බත් බෙදන ඇය බත්වලින් අඩක් බෙදූ කල්හි. ඒ ප්‍රමාණය සෑහේ යයි හඟවමින් අනික් අතින් පාත්‍රය වැසූහ. තොමෝ ‘ස්වාමීනි, එකක් සේ සැකසූ බත් කොටස දෙකට බෙදීම කළ නොහැක. ඔබවහන්සේගේ දාසයනට මෙලොවින් සංග්‍රහ නොකොට පරලොවින් සංග්‍රහ කරනු මැනවි. ඉතිරි නො කොටම දෙනු කැමැත්තෙමි’යි කියා සියල්ලම උන්වහන්සේගේ පාත්‍රයෙහි බහා ‘මෙලොවදීම ඔබවහන්සේට දීමේ පිනෙහි කොටස් කාරියක වෙවා’යි ප්‍රාර්ථනය කළාය. තෙරණුවෝ එසේ වේවායි කියා සිටිවනම අනුමෝදනා කොට ජලපහසුකම් ඇති එක්තරා ස්ථානයක හිඳගෙන අහර කිස කළ සේක. ඕ තොමෝ ද ආපසු හැරී ගොස් සහල් සොයාගෙන බත් පිසුවාය.
පුණ්ණොපි අඩ්ඪකරීසමත්තං ඨානං කසිත්වා ජිඝච්ඡං සහිතුං අසක්කොන්තො ගොණෙ විස්සජ්ජෙත්වා එකං රුක්ඛඡායං පවිසිත්වා මග්ගං ඔලොකෙන්තො නිසීදි. අථස්ස භරියා භත්තමාදාය ගච්ඡමානා තං දිස්වාව “එස ජිඝච්ඡාපීළිතො මං ඔලොකෙන්තො නිසින්නො, සචෙ මං ‘අතිවිය චිරායී’ති තජ්ජෙත්වා පතොදලට්ඨියා පහරිස්සති, මයා කතකම්මං නිරත්ථකං භවිස්සති, පටිකච්චෙවස්ස ආරොචෙස්සාමී”ති චින්තෙත්වා එවමාහ “සාමි, අජ්ජෙකදිවසං චිත්තං පසාදෙහි, මා මයා කතකම්මං නිරත්ථකං කරි, අහං පාතොව තෙ භත්තං ආහරන්තී අන්තරාමග්ගෙ ධම්මසෙනාපතිං දිස්වා තව භත්තං තස්ස දත්වා පුන ගෙහං ගන්ත්වා භත්තං පචිත්වා ආගතා, පසාදෙහි, සාමි, චිත්ත”න්ති. සො “කිං වදෙසි, භද්දෙ”ති පුච්ඡිත්වා පුන තමත්ථං සුත්වා “භද්දෙ , සාධු වත තෙ කතං මම භත්තං අය්යස්ස දදමානාය, මයාපිස්ස අජ්ජ පාතොව දන්තකට්ඨඤ්ච මුඛොදකඤ්ච දින්න”න්ති පසන්නමානසො තං වචනං අභිනන්දිත්වා උස්සූරෙ ලද්ධභත්තතාය කිලන්තකායො තස්සා අඞ්කෙ සීසං කත්වා නිද්දං ඔක්කමි.
පුණ්ණ තෙමේ ද සිවු අමුණෙන් අඩක් පමණ තැන් සීසෑම කොට කුසගින්න ඉවසිය නොහැක්කේ ගොණුන් නිදහස්කොට එක් රුක් සෙවනකට පැමිණ මඟබලමින් හුන්නේය. එකල්හි ඔහුගේ බිරිඳ බත් රැගෙන එන්නී ඔහු දුටුවනම ‘බඩසයින් පෙළෙන මේ තෙමේ මා එන දෙස බලමින් හිඳිනුයේ මා බොහෝ ප්‍රමාද වී යයි බැණ වැදී කෙවිටි ලීයෙන් පහර දෙන්නේ නම් මා කළ (පුණ්‍ය) කර්මය නිරර්ථක වන්නේය. කල්ඇතිවම (මා කළ දෙය ඔහුට) කියන්නෙමි’යි සිතා මෙසේ කීවාය. ‘හිමියනි, අද එක් දිනයට සිත පහදවා ගනු මැනවි. මා කළ (පුණ්‍ය) කර්මය නිරර්ථක නොකළ මැනවි. උදෑසනම ඔබට බත් රැගෙන එන මම අතරමගදී දම්සෙනෙවි (සැරියුත් මහා ස්ථවිරයන්) දැක ඔබගේ බත් උන්වහන්සේට දී නැවත ගෙට ගොස් බත් පිස පැමිණියෙමි. හිමියනි, සිත පහදවාගනු මැනවි’ යනුයි. හේ තෙමේ ‘සොඳුර, කුමක් කියන්නෙහිදැ’යි අසා, නැවත ඒ පුවත අසා සොඳුර මගේ බත් කොටස ආර්යයන් වහන්සේට දෙන්නා වූ ඔබ විසින් කරන ලද්දේ ඒකාන්තයෙන්ම යහපත් ක්‍රියාවකි. මා විසින් ද අද උදෑසනම උන්වහන්සේට දැහැටි දඬු හා මුවදෝනා පැන් ද දෙන ලද්දේ යයි ප්‍රසන්න සිතින් යුතුව (ඇයගේ) එම වචන පිළිවෙළට සතුටට පත් වී දහවල් වී බත් අනුභව කළ බැවින් ක්ලාන්ත භාවයට පත් සිරුර ඇතිවූයේ ඇගේ ඇකයෙහි හිස තබා නින්දට එළඹියේය.
අථස්ස පාතොව කසිතට්ඨානං පංසුචුණ්ණං උපාදාය සබ්බං රත්තසුවණ්ණං හුත්වා කණිකාරපුප්ඵරාසි විය සොභමානං අට්ඨාසි. සො පබුද්ධො ඔලොකෙත්වා භරියං ආහ “භද්දෙ, එතං මයා කසිතට්ඨානං සබ්බං මම සුවණ්ණං හුත්වා පඤ්ඤායති, කිං නු ඛො මෙ අතිඋස්සූරෙ ලද්ධභත්තතාය අක්ඛීනි භමන්තී”ති. “සාමි, මය්හම්පි එවමෙව පඤ්ඤායතී”ති. සො උට්ඨාය තත්ථ ගන්ත්වා එකං පිණ්ඩං ගහෙත්වා නඞ්ගලසීසෙ පහරිත්වා සුවණ්ණභාවං ඤත්වා “අහො අය්යස්ස ධම්මසෙනාපතිස්ස දින්නදානෙ අජ්ජෙව විපාකො දස්සිතො, න ඛො පන සක්කා එත්තකං ධනං පටිච්ඡාදෙත්වා පරිභුඤ්ජිතු”න්ති භරියාය ආභතං භත්තපාතිං සුවණ්ණස්ස පූරෙත්වා රාජකුලං ගන්ත්වා රඤ්ඤා කතොකාසො පවිසිත්වා රාජානං අභිවාදෙත්වා “කිං තාතා”ති වුත්තෙ “දෙව, අජ්ජ මයා කසිතට්ඨානං සබ්බං සුවණ්ණරාසිමෙව හුත්වා ඨිතං, සුවණ්ණං ආහරාපෙතුං වට්ටතී”ති ආහ. “කොසි ත්ව”න්ති? “පුණ්ණො නාමාහ”න්ති. “කිං පන තෙ අජ්ජ කත”න්ති? “ධම්මසෙනාපතිස්ස මෙ පාතොව දන්තකට්ඨඤ්ච මුඛොදකඤ්ච දින්නං, භරියායපි මෙ මය්හං ආහටභත්තං තස්සෙව දින්න”න්ති.
ඉක්බිති උදෑසනම සීසාන ලද පස්කුඩුවල සිට සියල්ල රත්රන් බවට හැරී කිණිහිරි මල් රැසක් මෙන් ශෝභමානව සිටියේය. හෙතෙම පිබිදියේ එය බලා ‘සොඳුර, මා විසින් සීසාන ලද තැන ඇති මේ සියල්ල රත්රන් වූවා සේ මට පෙනෙයි. බොහෝ දහවල් වී අහර ගත් බැවින් මගේ ඇස් කැරකේදෝ’යි බිරිඳගෙන් ඇසීය. ‘හිමියනි, මට ද එසේම පෙනේ’ යයි ඕ කීවාය. හෙතෙම නැගිට එහි ගොස් එක් පිඬක් ගෙන නඟුල් හිසෙහි ගසා රත්රන් බව දැන ‘අහෝ! ධර්ම සේනාපති වූ ආර්යයන් වහන්සේට දෙන ලද දානයෙහි විපාක අදම දක්නා ලද්දේය. මෙපමණ ධනයක් සඟවාගෙන පරිභෝග කිරීමට නොහැක්කේ ය’යි සිතා බිරිඳ විසින් බත් ගෙන එන ලද තලිය රත්රනින් පුරවා රජ මැදුරට ගොස් රජු විසින් දෙන ලද අවසර ඇතිව (මාලිගයට) පිවිස රජුට වැඳ දරුව කිම්දැයි රජු විසින් අසන ලද තැන්හි ‘දේවයන් වහන්ස, අද මා විසින් සීසාන ලද තැන සියල්ල රත්රන් රාශියක්ම වී තිබේ. ඒ රත්රන් ගෙන්වා ගන්නේ නම් යහපතැ’යි කීය. ‘ඔබ කවරෙක් ද?’ ‘පුණ්ණ නම් අයෙක්මි.’ ‘ඔබ විසින් අද කුමක් කරන ලද්දේ ද?’ ‘මා විසින් දම් සෙනෙවි (සැරියුත් මහතෙරුන්) හට උදෑසනම දැහැටිද, මුවදෝනා පැන් ද දෙන ලදී. මගේ බිරිඳ විසින් ද මා හට ගෙන එන ලද බත උන්වහන්සේටම දෙන ලදී.
තං සුත්වා රාජා “අජ්ජෙව කිර භො ධම්මසෙනාපතිස්ස දින්නදානෙ විපාකො දස්සිතො”ති වත්වා “තාත, කිං කරොමී”ති පුච්ඡි. “බහූනි සකටසහස්සානි පහිණිත්වා සුවණ්ණං ආහරාපෙථා”ති. රාජා සකටානි පහිණි. රාජපුරිසෙසු “රඤ්ඤො සන්තක”න්ති ගණ්හන්තෙසු ගහිතං ගහිතං මත්තිකාව හොති. තෙහි ගන්ත්වා රඤ්ඤො ආරොචිතෙ “තාතා, තුම්හෙහි කින්ති වත්වා ගහිත”න්ති පුආ “තුම්හාකං සන්තක”න්ති ආහංසු. තෙන හි, තාතා, පුන ගච්ඡථ, “පුණ්ණස්ස සන්තක”න්ති වත්වා ගණ්හථාති. තෙ තථා කරිංසු ගහිතං ගහිතං සුවණ්ණමෙව අහොසි. තං සබ්බං ආහරිත්වා රාජඞ්ගණෙ රාසිං අකංසු, අසීතිහත්ථුබ්බෙධො රාසි අහොසි. රාජා නාගරෙ සන්නිපාතාපෙත්වා ආහ “ඉමස්මිං නගරෙ අත්ථි කස්සචි එත්තකං සුවණ්ණ”න්ති? “නත්ථි, දෙවා”ති. “කිං පනස්ස දාතුං වට්ටතී”ති? “සෙට්ඨිච්ඡත්තං, දෙවා”ති. රාජා “බහුධනසෙට්ඨි නාම හොතූ”ති මහන්තෙන භොගෙන සද්ධිං තස්ස සෙට්ඨිච්ඡත්තං අදාසි.
ඒ අසා රජ තෙමේ දම් සෙනෙවි සැරියුත් තෙරුන් හට දෙන ලද දානයෙහි විපාක අදම දක්නා ලදැයි කියා දරුව, මා කුමක් කළයුතු වෙම්දැයි ඇසීය. ‘ගැල් දහස් ගණනක් යවා රත්රන් ගෙන්වාගනු මැනව’යි කීය. රජතුමා ගැල් යැවීය. රාජපුරුෂයන් විසින් මේවා රජතුමා සතු යයි කියමින් ගනු ලබන කල්හි ගත් ගත් දෙය මැටිපිඬුම වෙයි. ඔවුන් ගොස් රජුට ඒ බව දැන්වූ කල්හි දරුවනි, ඔබ විසින් කුමක් කියා ඒවා ගන්නා ලද්දේ දැයි ඇසීය. එවිට රාජපුරුෂයෝ ‘ඔබවහන්සේ සතු දේ’ යයි කීවෙමුයි රජුට කීහ. ‘දරුවනි, මම නම් කවරෙක් ද? යනු මේවා පුණ්ණක සතුයයි කිය කියා රැගෙන එනුය’යි රජතුමා කීය. ඔව්හු එසේ කළහ. ගත් ගත් දේ රත්රන්ම විය. ඒ සියල්ලම ගෙනවුත් රජමැදුරේ මිදුලෙහි රැස් කළහ. එම රාශිය අසූරියන් උස ඇත්තේ විය. රජ තෙමේ නාගරිකයන් රැස් කරවා ‘මේ නගරයෙහි කිසිවකු හට මෙපමණ රත්රන් ඇත්තේදැ’යි ඇසීය. ‘නැත දේවයන් වහන්ස’, ‘ඔහුට කුමක් නම් දීමට සුදුසු වේද? ‘දේවයන් වහන්ස, (දිය යුත්තේ) සිටු සේසතය (=සිටු පදවියය)’ රජ තෙමේ ඔහු ‘බහුධන සිටු’ නම් වේවායි කියා මහත් වූ භෝග සම්පත් සහිතව ඔහුට සිටු සේසත ලබා දුන්නේය.
අථ නං සො ආහ “මයං, දෙව, එත්තකං කාලං පරකුලෙ වසිම්හා, වසනට්ඨානං නො දෙථා”ති. තෙන හි පස්ස, එස ගුම්බො පඤ්ඤායති, එතං හරාපෙත්වා ගෙහං කාරෙහීති පුරාණසෙට්ඨිස්ස ගෙහට්ඨානං ආචික්ඛි. සො තස්මිං ඨානෙ කතිපාහෙනෙව ගෙහං කාරාපෙත්වා ගෙහපවෙසනමඞ්ගලඤ්ච ඡත්තමඞ්ගලඤ්ච එකතොව කරොන්තො සත්තාහං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දානං අදාසි. අථස්ස සත්ථා දානානුමොදනං කරොන්තො අනුපුබ්බිං කථං කථෙසි. ධම්මකථාවසානෙ පුණ්ණසෙට්ඨි ච භරියා චස්ස ධීතා ච උත්තරාති තයොපි ජනා සොතාපන්නා අහෙසුං.
ඉක්බිති එම සිටු තෙමේ ‘දේවයන් වහන්ස, අපි මෙපමණ කලක් අනුන්ගේ නිවෙසක වාසය කළෙමු, වාසය පිණිස තැනක් නො දෙන්නහුදැ’යි රජතුමාගෙන් ඇසීය. එසේනම් බලන්න, මෙහි ලැහැබක් ඇත. එහි ඇති දෙය ඉවත් කරවා නිවසක් තනවන්නැ’යි පෙර සිටි සිටුවරයකුගේ ගෘහය තිබූ තැන පෙන්වා කීවේය. හේ තෙමේ ඒ ස්ථානයෙහි කිහිප දිනකින්ම නිවසක් තනවා ගෙවැදීමේ මංගල්‍යය ද සිටු සේත් පැළඳීමේ මංගල්‍යය ද එක්වරම කරන්නේ සත්දිනක් බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට දන් දුන්නේය. ඉක්බිති ඔහුට දානයෙහි අනුමෝදනා දේශනාව කරන්නා වූ ශාස්තෲන් වහන්සේ අනුපිළිවෙළ කථාව දේශනා කළහ. ධර්ම දේශනාවගේ අවසානයෙහි පුණ්ණ සිටුවරයා ද, ඔහුගේ බිරිඳ ද උත්තරා නම් දියණිය ද යන තුන්දෙනාම සෝවාන් වූහ.
අපරභාගෙ රාජගහසෙට්ඨි පුණ්ණසෙට්ඨිනො ධීතරං අත්තනො පුත්තස්ස වාරෙසි. සො “නාහං දස්සාමී”ති වුත්තො “මා එවං කරොතු, එත්තකං කාලං අම්හෙ නිස්සාය වසන්තෙනෙව තෙ සම්පත්ති ලද්ධා, දෙතු මෙ පුත්තස්ස තෙ ධීතර”න්ති ආහ. සො “මිච්ඡාදිට්ඨිකා තුම්හෙ, මම ධීතා තීහි රතනෙහි විනා වසිතුං න සක්කොති, නෙවස්ස ධීතරං දස්සාමී”ති ආහ. අථ නං බහූ සෙට්ඨිගහපතිකාදයො කුලපුත්තා “මා තෙන සද්ධිං විස්සාසං භින්දි, දෙහිස්ස ධීතර”න්ති යාචිංසු. සො තෙසං වචනං සම්පටිච්ඡිත්වා ආසාළ්හිපුණ්ණමාය ධීතරං අදාසි. සා පතිකුලං ගතකාලතො පට්ඨාය භික්ඛුං වා භික්ඛුනිං වා උපසඞ්කමිතුං දානං වා දාතුං ධම්මං වා සොතුං නාලත්ථ, එවං අඩ්ඪතියෙසු මාසෙසු වීතිවත්තෙසු අත්තනො සන්තිකෙ ඨිතෙ පරිචාරිකෙ පුච්ඡි “ඉදානි කිත්තකං අන්තොවස්සං අවසිට්ඨ”න්ති? “අඩ්ඪමාසො, අය්යෙ”ති. සා මාතාපිතූනං සාසනං පහිණි “කස්මා මං එවරූපෙ බන්ධනාගාරෙ පක්ඛිපිංසු, වරං තුම්හෙහි මං ලක්ඛණාහතං කත්වා පරෙසං දාසිං සාවෙතුං, න එවරූපස්ස මිච්ඡාදිට්ඨිකස්ස කුලස්ස දාතුං, ආගතකාලතො පට්ඨාය භික්ඛුදස්සනාදීසු එකම්පි පුඤ්ඤං කාතුං න ලභාමී”ති. අථස්සා පිතා “දුක්ඛිතා වත මෙ ධීතා”ති අනත්තමනතං පවෙදෙත්වා පඤ්චදස කහාපණසහස්සානි පෙසෙසි, “ඉමස්මිං නගරෙ සිරිමා නාම ගණිකා අත්ථි, දෙවසිකං සහස්සං ගණ්හාති, ඉමෙහි කහාපණෙහි තං ආනෙත්වා සාමිකස්ස නිය්යාදෙත්වා සයං යථාරුචි පුඤ්ඤානි කරොතූ”ති සාසනඤ්ච පහිණි. උත්තරා තථා කත්වා සාමිකෙන සිරිමං දිස්වා “කිමිද”න්ති වුත්තෙ “සාමි, ඉමං අඩ්ඪමාසං මම සහායිකා තුම්හෙ පරිචරතු, අහං පන ඉමං අඩ්ඪමාසං දානඤ්චෙව දාතුකාමා ධම්මඤ්ච සොතුකාමා”ති ආහ. සො තං අභිරූපං ඉත්ථිං දිස්වා උප්පන්නසිනෙහො “සාධූ”ති සම්පටිච්ඡි.
පසුකලෙක රජගහනුවර සිටුවරයා පුණ්ණ සිටුවරයාගේ දුව තමාගේ පුත්‍රයාට විවාහය සඳහා යෝජනා කළේය. ඒ (පුණ්ණ නම් සිටු) තෙමේ ‘මම (මගේ දුව) නොදෙමි’යි පිළිතුරු වශයෙන් කීය. ‘එසේ නොකරනු මැනවි, මෙපමණ කලක් අප ඇසුරෙහි සිටියදීම ඔබ විසින් සම්පත් ලබන ලද්දේය, මගේ පුතාට (ඔබේ) දියණිය දෙනු මැනව’යි (රජගහ නුවර සිටුවරයා) කීය. ‘යුෂ්මත්හු මිථ්‍යාදෘෂ්ටික වන්නාහුය. මගේ දියණිය ත්‍රිවිධ රත්නයෙන් තොරව වාසය කිරීමට නොහැකි තැනැත්තියකි. (එබැවින්) දුව නොදෙමි’යි (පුණ්ණ සිටුවරයා) කීය. ඉක්බිති ඔහුට සිටු, ගෘහපති ආදී වූ බොහෝ කුලපුත්‍රයෝ ‘ඔහු සමග වන විශ්වාසය බිඳ නොගන්න, ඔහුට දියණිය දෙන්න’ යයි පුණ්ණ සිටුවරයාගෙන් ඉල්ලා සිටියහ. හෙතෙම ඔවුන්ගේ බස් පිළිගෙන ඇසළ පුන් පොහෝ දින දුව (විවාහ කර) දුන්නේය. ඕ තොමෝ පතිකුලයට ගිය කාලයෙහි පටන් භික්ෂුවක වෙත හෝ භික්ෂුණියක වෙත පැමිණීමට හෝ දානයක් දීමට හෝ ධර්මයක් ඇසීමට හෝ නො ලැබුවාය. මෙසේ මාස දෙකහමාරක් ඉකුත් වූ පසු ‘දැන් වස් කාලයේ කොපමණක් ඉතිරිව තිබේදැ’යි තමා සමීපයේ සිටි සේවිකාවගෙන් ප්‍රශ්න කළාය. ‘ආර්යාවෙනි, අඩ මසකි’ ඕ තොමෝ මවුපියන් හට මෙසේ හසුනක් යැවුවාය. ‘කුමක් හෙයින් මා මෙවැනි සිරගෙයක තැබුවාහුද? මා අන් අයගේ දාසියකය’ යනුවෙන් අසන්නට ලැබීම ඔබ විසින් යහපත් දෙයක් ලෙස සිතනු ලැබේද? මෙවැනි මිථ්‍යාදෘෂ්ටික පවුලකට මා දීමට ඔබ යහපත් දෙයක් ලෙස සිතුවහුද? මෙහි පැමිණි කල් පටන් භික්ෂූන් වහන්සේ කෙනෙකු දැකීම ආදියෙන් එකදු පින්කමක් කිරීමට නො ලබමි’ යනුයි. එවිට ඇගේ පියා මගේ දියණිය දුකට පත්වී ඇතැයි කියා තම අප්‍රසාදය පළකොට කහවණු පණස් දහසක් ඇයට යැවීය. ‘මේ නගරයෙහි සිරිමා නම් ගණිකාවක් සිටියි. දිනපතා දහස බැගින් ගනියි. මේ කහවණුවලින් ඇය ගෙන්වාගෙන සැමියාට භාර දී තමා කැමති පරිදි පින් කරගන්න’ යයි හසුනක් ද යැවීය. උත්තරා එසේ කොට ගණිකාව ගෙන්වූ කල්හි) සැමියා සිරිමා ගණිකාව දැක මේ කිම්දැයි විමසූ කල්හි ‘ස්වාමීනි, මේ අඩමස මගේ (මේ) සහායිකාව ඔබට සේවය කෙරේවා. මම මේ අඩමස දන්දෙනු කැමැත්තෙමි. දහම් අසනුද කැමැත්තෙමි’ යයි කීවාය. හේ තෙමේ මනා රූමත් ඒ ස්ත්‍රිය දැක හටගත් ස්නේහය ඇත්තේ යහපතැයි පිළිගත්තේය.
උත්තරාපි ඛො බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා “භන්තෙ, ඉමං අඩ්ඪමාසං අඤ්ඤත්ථ අගන්ත්වා ඉධෙව භික්ඛා ගහෙතබ්බා”ති සත්ථු පටිඤ්ඤං ගහෙත්වා “ඉතො දානි පට්ඨාය යාව මහාපවාරණා, තාව සත්ථාරං උපට්ඨාතුං ධම්මඤ්ච සොතුං ලභිස්සාමී”ති තුට්ඨමානසා “එවං යාගුං පචථ, එවං භත්තං පචථ, එවං පූවං පචථා”ති මහානසෙ සබ්බකිච්චානි සංවිදහන්තී විචරති. අථස්සා සාමිකො “ස්වෙ මහාපවාරණා භවිස්සතී”ති මහානසාභිමුඛො වාතපානෙ ඨත්වා “කිං නු ඛො කරොන්තී සා අන්ධබාලා විචරතී”ති ඔලොකෙත්වා තං සෙදකිලින්නං ඡාරිකාය ඔකිණ්ණං අඞ්ගාරමසිමක්ඛිතං තථා සංවිදහිත්වා විචරමානං දිස්වා “අහො අන්ධබාලා එවරූපෙ ඨානෙ ඉමං සිරිසම්පත්තිං නානුභවති, “මුණ්ඩකසමණෙ උපට්ඨහිස්සාමී’ති තුට්ඨචිත්තා විචරතී”ති හසිත්වා අපගඤ්ඡි.
උත්තරා තොමෝ ද බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට ආරාධනා කොට ස්වාමීනි, මේ අඩමස වෙනත් තැනකට නොගොස් මෙහිදීම දානය ගනු මැනවයි ශාස්තෲන් වහන්සේගෙන් ප්‍රතිඥා ගෙන මෙතැන් පටන් මහා පවාරණය දක්වා ශාස්තෲන් වහන්සේට උවටැන් කිරීමටද, දහම් ඇසීමට ද ලබන්නෙමියි යන සතුටු සිතින් යුතුව මෙසේ කැඳ පිසව, මෙසේ බත් පිසව, මෙසේ කැවුම් පිසව’ ආදී වශයෙන් මුළුතැන් ගෙහි සියලු කටයුතු සංවිධාන කරමින් හැසිරෙයි. එකල්හි ඇගේ ස්වාමිපුරුෂයා මහා පවාරණයට පෙර දිනයෙහි මුලුතැන්ගෙට අභිමුඛව කවුළුව අසල සිට එම අන්ධබාල තැනැත්තිය (=උත්තරා) කුමක් කරමින් හැසිරෙන්නීදැයි බලන්නේ ඩහදියෙන් තෙත්ව, අලුවලින් ගැවසී ගෙන, අඟුරු තවරාගෙන එසේ සංවිධාන කටයුතු කොට හැසිරෙන ඇය දැක ‘අහෝ අන්ධබාල තැනැත්තිය මෙවන් තැනෙක මේ ශ්‍රී සම්පත්තිය අනුභව නොකරයි. මුඩු මහණුන් හට උවටැන් කරන්නෙමියි සතුටු සිත් ඇතිව හැසිරෙයි’ යනුවෙන් සිත සිනහසී එතැනින් ඉවත් විය.
තස්මිං අපගතෙ තස්ස සන්තිකෙ ඨිතා සිරිමා “කිං නු ඛො ඔලොකෙත්වා එස හසතී”ති තෙනෙව වාතපානෙන ඔලොකෙන්තී උත්තරං දිස්වා “ඉමං ඔලොකෙත්වා ඉමිනා හසිතං, අද්ධා ඉමස්ස එතාය සද්ධිං සන්ථවො අත්ථී”ති චින්තෙසි. සා කිර අඩ්ඪමාසං තස්මිං ගෙහෙ බාහිරකඉත්ථී හුත්වා වසමානාපි තං සම්පත්තිං අනුභවමානා අත්තනො බාහිරකඉත්ථිභාවං අජානිත්වා “අහං ඝරසාමිනී”ති සඤ්ඤමකාසි. සා උත්තරාය ආඝාතං බන්ධිත්වා “දුක්ඛමස්සා උප්පාදෙස්සාමී”ති පාසාදා ඔරුය්හ මහානසං පවිසිත්වා පූවපචනට්ඨානෙ පක්කුථිතං සප්පිං කටච්ඡුනා ආදාය උත්තරාභිමුඛං පායාසි. උත්තරා තං ආගච්ඡන්තිං දිස්වා “මම සහායිකාය මය්හං උපකාරො කතො, චක්කවාළං අතිසම්බාධං, බ්රහ්මලොකො අතිනීචකො, මම පන සහායිකාය ගුණොව මහන්තො, අහම්පි එතං නිස්සාය දානඤ්ච දාතුං ධම්මඤ්ච සොතුං ලභිං, සචෙ මම එතිස්සාය උපරි කොධො අත්ථි, ඉදං සප්පි මං දහතු, සචෙ නත්ථි, මා මං දහතූ”ති තං මෙත්තාය ඵරි. තාය තස්සා මත්ථකෙ ආසිඤ්චිතම්පි පක්කුථිතසප්පි සීතොදකං විය අහොසි. අථ නං “ඉදං සීතලං භවිස්සතී”ති පුන කටච්ඡුකං පූරෙත්වා ආදාය ආගච්ඡන්තිං උත්තරාය දාසියො දිස්වා “අරෙ දුබ්බිනීතෙ න ත්වං අම්හාකං අය්යාය උපරි පක්කසප්පිං ආසිඤ්චිතුං අනුච්ඡවිකා”ති සන්තජ්ජෙන්තියො ඉතො චිතො ච උට්ඨාය හත්ථෙහි ච පාදෙහි ච පොථෙත්වා භූමියං පාතෙසුං, උත්තරා වාරෙන්තීපි වාරෙතුං නාසක්ඛි. අථ සා උපරි ඨත්වා සබ්බා දාසියො පටිබාහිත්වා “කිස්ස තෙ එවරූපං භාරියං කම්මං කත”න්ති සිරිමං ඔවදිත්වා උණ්හොදකෙන න්හාපෙත්වා සතපාකතෙලෙන අබ්භඤ්ජි.
ඔහු ඉවත්වූ කල්හි ඒ අසල සිටි සිරිමා ‘මේ තෙමේ කුමක් නම් දැක සිනහසෙන්නේ දැ’යි එම කවුළුවෙන්ම බලන්නී උත්තරා (නම් ස්ත්‍රිය) දැක ‘මැය දෙස බලා මොහු විසින් සිනහසෙන ලද්දේය, ඒකාන්තයෙන්ම මැය සමග මොහුගේ ඇසුරක් ඇතැ’යි සිතුවාය. අඩමසක් එම නිවසේ බැහැරි ස්ත්‍රියකව වසන්නී නමුදු ඒ සම්පත් අනුභව කරන්නා වූ ඕ තොමෝ තමා බාහිර ස්ත්‍රියක බව සිහි නොකොට තමා නිවසේ ස්වාමි දියණිය යයි හැඟීම් ඇතිකර ගත්තාය. ඇය උත්තරා කෙරෙහි වෛර බැඳ මැයට වේදනාවක් උපදවන්නෙමියි සිතා පහයෙන් බැස මුලුතැන්ගෙට පිවිස කැවුම් පිසින තැන පැසෙමින් තිබූ ගිතෙල් හැන්දකින් ගෙන උත්තරාව දෙසට ගියාය. උත්තරා එන්නාවූ ඇය දැක මගේ සහායිකාව විසින් මට මහත් උපකාරයක් කරන ලදී. සක්වළ අතිශයින් බාධා සහිතය. බඹලොව වුව ඉතා නීචය. මගේ සහායිකාවගේ ගුණය මහත්ය. මම මැය නිසා දන්දීමටද, දහම් ඇසීමටද ඉඩ ලදිමි. ඉදින් මැය කෙරෙහි මාගේ ක්‍රෝධයක් වේනම් මේ ගිතෙල් මා දහනය කෙරේවා, ඉදින් මාගේ ක්‍රෝධයක් නැතිනම් මා දහනය නො කෙරේවායි ඇය පිළිබඳව මෛත්‍රියෙන් යුතුව සිතුවාය. සිරිමා විසින් එම උත්තරාවගේ හිස මතට ඉසින ලද පැසෙමින් තිබූ ගිතෙල් සිසිල් ජලයක් මෙන් විය. ඉක්බිති මෙය සිසිල් වූයේ වනැයි සිතා නැවත හැන්දක් පුරවා උණු ගිතෙල් රැගෙන එන ඇය දුටු උත්තරාවගේ දාසීහු ‘බොල, අවිනීත ස්ත්‍රිය, තී අපගේ ස්වාමි දුව මත උණු තෙල් දැමීම නුසුදුසු යයි තර්ජනය කරමින් ඒ ඒ තැන් නැඟිට අත්වලින් ද පාවලින් ද තලා බිම දැමූහ. උත්තරා එය වළක්වන්නී නමුදු වැළැක්වීමට නොහැකි විය. ඉක්බිති ඕ තොමෝ (සිරිමාවගේ) සිරුර මතුයෙහි සිට සියලු දාසීන් වළක්වා කවර හෙයකින් ඔබ විසින් මෙවැනි බරපතළ ක්‍රියාවක් කරන ලද්දේ දැයි සිරිමාවට අවවාද කොට උණුදියෙන් නහවා සියවරක් පැස වූ (ඔසු) තෙල් ඇඟ ගැල්වූවාය.
තස්මිං ඛණෙ සා අත්තනො බාහිරකිත්ථිභාවං ඤත්වා චින්තෙසි “මයා භාරියං කම්මං කතං සාමිකස්ස හසිතමත්තකාරණා ඉමිස්සා උපරි පක්කසප්පිං ආසිඤ්චන්තියා, අයං ‘ගණ්හථ න’න්ති දාසියො න ආණාපෙත්වා මං විහෙඨනකාලෙපි සබ්බා දාසියො පටිබාහිත්වා මය්හං කත්තබ්බමෙව අකාසි. සචාහං ඉමං න ඛමාපෙස්සාමි, මුද්ධා මෙ සත්තධා ඵලෙය්යා”ති තස්සා පාදමූලෙ නිපජ්ජිත්වා “අය්යෙ, ඛමාහි මෙ දොස”න්ති ආහ. “අහං සප්පිතිකා ධීතා, පිතරි මෙ ඛමාපිතෙ ඛමිස්සාමී”ති. “හොතු, අය්යෙ, පිතරම්පි තෙ පුණ්ණසෙට්ඨිං ඛමාපෙස්සාමී”ති. “පුණ්ණො මම වට්ටෙ ජනකපිතා, විවට්ටෙ ජනකපිතරි ඛමාපිතෙ පන අහං ඛමිස්සාමී”ති. “කො පන තෙ විවට්ටෙ ජනකපිතා”ති? “සම්මාසම්බුද්ධො”ති. “මය්හං තෙන සද්ධිං විස්සාසො නත්ථි, අහං කිං කරිස්සාමී”ති? “සත්ථා ස්වෙ භික්ඛුසඞ්ඝං ආදාය ඉධාගමිස්සති, ත්වං යථාලද්ධං සක්කාරං ගහෙත්වා ඉධෙව ආගන්ත්වා තං ඛමාපෙහී”ති. සා “සාධු, අය්යෙ”ති උට්ඨාය අත්තනො ගෙහං ගන්ත්වා පඤ්චසතපරිචාරිකිත්ථියො ආණාපෙත්වා නානාවිධානි ඛාදනීයභොජනීයානි චෙව සූපෙය්යානි ච සම්පාදෙත්වා පුනදිවසෙ තං සක්කාරං ආදාය උත්තරාය ගෙහං ආගන්ත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස පත්තෙ පතිට්ඨාපෙතුං අවිසහන්තී අට්ඨාසි, තං සබ්බං ගහෙත්වා උත්තරාව සංවිදහි.
එකෙණෙහි ඕ තොමෝ තමා බාහිර ස්ත්‍රියක බව සිහිකොට මෙසේ සිතුවාය. මා විසින් බැරෑරුම් කාර්යයක් කරන ලදී. ස්වාමි පුරුෂයාගේ සිනහසීම පමණක් හේතුකොටගෙන මැයගේ මතට පැසෙන ගිතෙල් හෙලද්දී දාසීන් ඇය අල්වා ගනුවයි අණකොට මා පීඩාවට පත් කරද්දී ද සියලු දාසීන් බැහැර කරවා මට කළයුතු යහපත් දෙයක්ම කළාය. ඉදින් මා මැයට කමා කරවා නොගන්නෙම් නම් මගේ හිස සත්කඩකට පැලේ යයි යනුවෙන් සිතා ඇයගේ පාමුල හෙව ‘ආර්යාවෙනි, මගේ වරද කමා කරනු මැනව’යි කීවාය. ‘මම පියකු සිටින දුවක් වෙමි. මගේ පියා සමා කරවා ගත්හි සමා කරන්නෙමි.’ ‘එසේ වේවා ආර්යාවෙනි, ඔබේ පියා වන පුණ්ණ සිටුවරයා සමා කරවා ගනිමි.’ ‘පුණ්ණ යනු භවයෙහි මගේ පැවැත්මට උපත දුන් පියාය. සසරින් නිදහස් වනු පිණිස උපත දුන් පියා සමා කරවා ගත්කල්හි මම සමා දෙමි.’ ‘සසරින් නිදහස් වනු පිණිස උපත දුන් ඔබේ පියා නම් කවරෙක්ද?’ ‘සම්මා සම්බුදුරජාණන් වහන්සේය.’ ‘උන්වහන්සේ සමග මාගේ හැඳුනුම්කමක් නැත. මම කුමක් කරන්නෙම්ද?’ ‘ශාස්තෲන් වහන්සේ හෙට දිනයෙහි භික්ෂු සංඝයා රැගෙන මෙහි පැමිණෙති. ඔබ සපයාගත හැකි අයුරින් සංග්‍රහ වස්තූන් ගෙන මෙතැනටම පැමිණ උන්වහන්සේ සමාකරවා ගන්න.’ ඕ තොමෝ (=සිරිමා) යහපති ආර්යාවෙනි’යි කියා නැගිට තමාගේ ගෙට ගොස් පිරිවර පන්සියයක් ස්ත්‍රීන් හට විධාන කොට විවිධ වූ කෑ යුතු දෙය ද, සූප සඳහා අවශ්‍ය දෙය ද සපයාගෙන දෙවන දිනයෙහි ඒ සංග්‍රහ වස්තූන් රැගෙන උත්තරාවගේ නිවසට ඇවිත් බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාගේ පුත්රයන්හි බහාලීමට නොහැකිව සිටියාය. ඒ සියල්ල ගෙන උත්තරාවම පිළියෙළ කළාය.
සිරිමාපි සත්ථු භත්තකිච්චාවසානෙ සද්ධිං පරිවාරෙන සත්ථු පාදමූලෙ නිපජ්ජි. අථ නං සත්ථා පුච්ඡි “කො තෙ අපරාධො”ති. “භන්තෙ මයා හිය්යො ඉදං නාම කතං, අථ මෙ සහායිකා මං විහෙඨයමානා දාසියො නිවාරෙත්වා මය්හං උපකාරමෙව අකාසි. සාහං ඉමිස්සා ගුණං ජානිත්වා ඉමං ඛමාපෙසිං, අථ මං එසා ‘තුම්හෙසු ඛමාපිතෙසු ඛමිස්සාමී’ති ආහා”ති. “එවං කිර උත්තරෙ”ති. “ආම, භන්තෙ, සීසෙ මෙ සහායිකාය පක්කසප්පි ආසිත්ත”න්ති. “අථ තයා කිං චින්තිත”න්ති? “චක්කවාළං අතිසම්බාධං, බ්රහ්මලොකො අතිනීචකො, මම සහායිකාය ගුණොව මහන්තො, අහඤ්හි එතං නිස්සාය දානඤ්ච දාතුං ධම්මඤ්ච සොතුං අලත්ථං, සචෙ මෙ ඉමිස්සා උපරි කොධො අත්ථි, ඉදං මං දහතු, නො චෙ, මා දහතූ”ති එවං චින්තෙත්වා ඉමං මෙත්තාය ඵරිං, භන්තෙති.
සිරිමා ද ශාස්තෲන් වහන්සේ දන් වළඳා නිම වූ කල්හි පිරිවර සමග ශාස්තෲන් වහන්සේගේ පාමුල හිඳගත්තාය. පසුව ශාස්තෲන් වහන්සේ ඔබේ වරද කුමක්දැයි ඇගෙන් විචාළහ. ‘ස්වාමීනි, මා විසින් ඊයේ මෙනම් දෙයක් කරන ලදී. එකල්හි මාගේ සහායිකා (උත්තරා) ව මට පීඩා කරමින් සිටි දාසීන් වළක්වා මට උපකාරයක්ම කළාය. ඒ මම මැයගේ ගුණය දැනගෙන මැයගෙන් සමාව ඉල්වූයෙමි. ඉක්බිති ඔබවහන්සේ කමා කරවාගත් කල්හි මට සමාව දෙන බව මැය කීවාය. ‘එසේද උත්තරාවෙනි?’ ‘එසේය ස්වාමීනි. මගේ සහායිකාව විසින් (මගේ) හිසෙහි පැසෙන ගිතෙල් ඉසින ලදී.’ ‘එවිට ඔබ විසින් සිතන ලද්දේ කුමක්ද?’ ‘ස්වාමීනි, සක්වළ බොහෝ බාධා සහිතය. බ්‍රහ්මලෝකය ඉතා ලාමකය. මගේ සහායිකා (සිරිමාවගේ ගුණයම උසස්ය. මම මැය නිසා දන් දීමට ද, දහම් ඇසීමට ද ඉඩ ලදිමි. ඉදින් මා තුළ මැය කෙරෙහි ක්‍රෝධයක් වේ නම් (උණු තෙල්) මා දහනය කෙරේවා. ක්‍රෝධයක් නොවේනම් මා දහනය නො කෙරේවා. මෙසේ සිතා මැය කෙරෙහි මෛත්‍රිය පැතිරවූයෙමි’
සත්ථා “සාධු සාධු, උත්තරෙ, එවං කොධං ජිනිතුං වට්ටති. කොධනො හි නාම අක්කොධෙන, අක්කොසකො අනක්කොසන්තෙන, පරිභාසකො අපරිභාසන්තෙන , ථද්ධමච්ඡරී අත්තනො සන්තකස්ස දානෙන, මුසාවාදී සච්චවචනෙන ජිනිතබ්බො”ති ඉමමත්ථං දස්සෙන්තො –
ශාස්තෲන් වහන්සේ : ‘සාධු සාධු උත්තරාවෙනි. ක්‍රෝධය මෙසේ ජයගත යුතු වෙයි. ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් ද, ආක්‍රෝශ කරන්නා ආක්‍රෝශ නො කිරීමෙන් ද, පරිහාස කරනා පරිහාස නො කිරීමෙන් ද, තද මසුරු තැනැත්තා තමා සතු දේ දීමෙන් ද, මුසාවාදියා සත්‍ය වචනයෙන් ද ජයගත යුතු වන්නෝ වෙති.’ බුදුන් වහන්සේ මේ අදහස ප්‍රකාශ කරන්නාහු :
“අක්කොධෙන ජිනෙ කොධං, අසාධුං සාධුනා ජිනෙ; ජිනෙ කදරියං දානෙන, සච්චෙනාලිකවාදින”න්ති. (ධ· ප· 223) –
අක්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජීනෙ ජීනෙ කදරියං දානෙන සච්චෙන අලංකවාදින’න්ති
ක්‍රෝධ නො කිරීමෙන් ක්‍රෝධය ජය ගන්නේය. අයහපත යහපතින් ජය ගන්නේය. මසුරු බව දානයෙන් ජය ගන්නේය. මුසාව සත්‍යයෙන් ජය ගන්නේය
ඉමං ගාථං වත්වා ගාථාපරියොසානෙ චතුසච්චකථං අභාසි. සච්චපරියොසානෙ උත්තරා සකදාගාමිඵලෙ පතිට්ඨහි, සාමිකො ච සසුරො ච සස්සු ච සොතාපත්තිඵලං සච්ඡිකරිංසු, සිරිමාපි පඤ්චසතපරිවාරා සොතාපන්නා අහොසි. අපරභාගෙ උත්තරා කාලං කත්වා තාවතිංසභවනෙ උප්පජ්ජි. අථායස්මා මහාමොග්ගල්ලානො හෙට්ඨා වුත්තනයෙනෙව දෙවචාරිකං චරන්තො උත්තරං දෙවධීතරං දිස්වා –
යන මේ ගාථාව වදාරා කෙළවර චතුරාර්ය සත්‍යය දේශනා කළහ. ආර්ය සත්‍ය දේශනාවගේ අවසානයෙහි උත්තරා සකෘදාගාමී ඵලයෙහි පිහිටියාය. ඇගේ ස්වාමි පුරුෂයා ද ස්වාමියාගේ පියා හා මව ද සෝවාන් ඵලය අවබෝධ කරගත්හ. පන්සියයක් පිරිවර සමග සිටි සිරිමා ද සෝවාන් වූවාය. පසුකලෙක උත්තරා කලුරියකොට තව්තිසාවෙහි උපන්නාය. ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් වහන්සේ යටකියන ලද පරිද්දෙන්ම දෙව්ලොව සැරිසරන සේක් උත්තරා දෙව්දුව දැක, ‘අභික්කන්තෙන වණ්ණෙන’ යන ආදී ගාථාවන්ගෙන් ප්‍රශ්න කළහ.
“අභික්කන්තෙන වණ්ණෙන, යා ත්වං තිට්ඨසි දෙවතෙ; ඔභාසෙන්තී දිසා සබ්බා, ඔසධී විය තාරකා.
අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා
දේවතාවියනි, ඔබ ඔසධී තාරකාව මෙන් දීප්තිමත් වර්ණයෙන් යුතුව සියලු දිශාවන් බබුලුවමින් සිටින්නෙහිය.
“කෙන තෙතාදිසො වණ්ණො, කෙන තෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.
කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්තිච තෙ භොගා යෙ කෙචි මනසො පියා
යම්කිසිවක් මනසට ප්‍රිය වන්නේ ද ඒ සම්පත් ඔබට උපදී. ඔබට එබඳු වර්ණයක් කෙසේ නම් ලැබුණේ ද? ඔබට එබඳු සමෘද්ධියක් කෙසේනම් ලැබුණේ ද?
“පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති. – පටිපුච්ඡි;
පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බ දිසා පභාසතී’ති
මහත් වූ ආනුභාව ඇති දේවතාවියනි, ඔබේ වර්ණය සියලු දිශාවන්ම බබුලුවයි. මෙවැනි දීප්තිමත් ආනුභාවයක් කුමක් නිසා ලැබුණේ ද? මිනිස් දුවක වූවා කවරනම් පිනක් කෙළෙහිදැයි අසන්නෙමි’යි යනුයි.
“සා දෙවතා අත්තමනා, මොග්ගල්ලානෙන පුච්ඡිතා; පඤ්හං පුට්ඨා වියාකාසි, යස්ස කම්මස්සිදං ඵලං”.
සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
මුගලන් මහරහතුන් විසින් ප්‍රශ්න කරන ලද සතුටු සිත් ඇති ඒ දේවතා තොමෝ මේ ඵලය කවර නම් කර්මයක්හුගේ දැයි යන බව අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළාය.
“ඉස්සා ච මච්ඡෙරමථො පළාසො, නාහොසි මය්හං ඝරමාවසන්තියා; අක්කොධනා භත්තු වසානුවත්තිනී, උපොසථෙ නිච්චහමප්පමත්තා.
ඉස්සා ච මච්ඡෙර මථො පළාසො නාහොසි මය්හං ඝරමාව සන්තියා අක්කොධනා භත්තු වසානු වත්තිනී උපොසථෙ නිච්චහමප්පමත්තා
නිවසෙහි වෙසෙන්නා වූ මා හට ඊර්ෂ්‍යාව ද, මසුරු බව ද, ක්‍රෝධය ද නොවීය. ක්‍රෝධ නොකරන්නියක ද, ස්වාමියාගේ සිතැඟි අනුව දිවි ගෙවන්නියකද වීමි. මම උපෝසථ දිනයන්හි නිතර අප්රමාදී වූයෙමි.
“චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී; පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං.
චාතුද්දසිං පඤ්චදසිං යාව පක්ඛස්ස අට්ඨමී පාටිහාරිය පක්ඛඤ්ච අට්ඨංග සුසමාගතං
පක්ෂයෙක්හි (හෙවත් දෙසතියක් තුළ) තුදුස්වක, පසළොස්වක, අටවක යන දිනයන්හි ද ප්රාතිහාර්ය පක්ෂයෙහි ද අෂ්ටාංග ශීලයෙහි සිත එක්තැන් කරගතිමි.
“උපොසථං උපවසිස්සං, සදා සීලෙසු සංවුතා; සඤ්ඤමා සංවිභාගා ච, විමානං ආවසාමහං.
උපොසථං උපවසිස්සං සදා සීලෙසු සංවුතා සංයමා සං විභාගාච විමානං අවසාමහං
මම පෙහෙවස් සමාදන්ව විසීමි. සීලයහි සංවර වීමෙන් ද, සංයමයෙන් යුතුව ද, පරිත්‍යාගශීලී වෙමින් ද මෙහි වාසය කෙරෙමි.
“පාණාතිපාතා විරතා, මුසාවාදා ච සඤ්ඤතා; ථෙය්යා ච අතිචාරා ච, මජ්ජපානා ච ආරකා.
පාණාතිපාතා විරතා මුසාවාදාච සඤ්ඤතා ථෙය්යාච අතිචාරාච මජ්ජපානාච ආරකා
ප්‍රාණඝාතයෙන් වෙන් වූවා, මුසාවාදයෙන් තොර වූවා, සොරකමින්ද, වැරදි හැසිරීමෙන් ද, මත්පැනින් ද දුරු වූවා වෙමි.
“පඤ්චසික්ඛාපදෙ රතා, අරියසච්චාන කොවිදා; උපාසිකා චක්ඛුමතො, ගොතමස්ස යසස්සිනො.
පඤ්චසික්ඛා පදෙරතා අරිය සච්චාන කොවිදා උපාසිකා චක්ඛුමතො ගොතමස්ස යසස්සිනො
සාහං සකෙන සීලෙන යස්සාච යසස්සිනී
“සාහං සකෙන සීලෙන, යසසා ච යසස්සිනී; අනුභොමි සකං පුඤ්ඤං, සුඛිතා චම්හිනාමයා.
අනුභොමි සතං පුඤ්ඤං සුඛිතාවම්හ අනාමයා පන්සිල්හි ඇළුනා වූ, ආර්ය සත්‍යයන් අවබෝධයෙහි දක්ෂ වූ, පසැස් ඇති කීර්තියෙන් යුත් ගෞතම බුදුන් වහන්සේගේ උපාසිකාවක් වූ,
ඒ මම ස්වකීය සීලයෙන් ද, යසසින් ද කීර්තිමත් වූයෙම් මාගේම පින්පල විඳගනිමි, නීරෝගීව සුවපත්ව වෙසෙමි.
“තෙන මෙතාදිසො වණ්ණො, තෙන මෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.
තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්තිච මෙ භොගා යෙ කෙචි මනසො පියා
පෙර කියන ලද එම පුණ්‍ය කර්මයන් නිසා මට මෙබඳු වර්ණයක් ලැබිණ. ඒ පින් නිසා මට මේ ඉසුරු ලැබිණ. යමක් සිතට ප්‍රිය වේද, ඒ සම්පත් ද මට ලැබෙන්නේය.
“අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව, මනුස්සභූතා යමහං අකාසිං; තෙනම්හි එවං ජලිතානුභාවා, වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. –
අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභුතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණොච මෙ සබ්බ දිසා පභාසතී’ති
මහත් ආනුභාව ඇති භික්ෂුවරයාණනි, මිනිස් (දුවක) වූ මම යමක් (යම් පිනක්) කෙළෙම් ද ඒ පිණින් මෙසේ දීප්තිමත් ආනුභාව සහිත තැනැත්තියක වෙමි. මාගේ වර්ණය ද සියලු දිශාවන් බබුලුවන්නේ වෙයි’
දෙවතාපිස්ස විස්සජ්ජෙසි.
යනුවෙන් දේවතාවිය පිළිතුරු දුන්නාය.
මම ච, භන්තෙ, වචනෙන භගවතො පාදෙ සිරසා වන්දෙය්යාසි “උත්තරා නාම භන්තෙ, උපාසිකා භගවතො පාදෙ සිරසා වන්දතී”ති. අනච්ඡරියං ඛො පනෙතං, භන්තෙ, යං මං භගවා අඤ්ඤතරස්මිං සාමඤ්ඤඵලෙ බ්යාකරෙය්ය, තං භගවා සකදාගාමිඵලෙ බ්යාකාසීති.
‘ස්වාමීනි, උත්තරා නම් උපාසිකාවක් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරස නමා වඳින්නීය’යි කියමින් ස්වාමීනි, මාගේ ද වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරස නමා වඳිනු මැනව’යි (උත්තරා දෙව්දුව මුගලන් මහරහතන් වහන්සේගෙන් ඉල්වා සිටියාය) ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාහට සෝවාන් ඵලය සඳහා යමක් ප්‍රකාශ කළ යුතුව තිබුණේද? භාග්‍යවතුන් වහන්සේ එය සකෘදාගාමී ඵලය සඳහා ප්‍රකාශ කළහ. එය ආශ්චර්යයක් නො වේද?
තත්ථ ඉස්සා ච මච්ඡෙරමථො පළාසො, නාහොසි මය්හං ඝරමාවසන්තියාති යා ච අගාරමජ්ඣෙ වසන්තීනං අඤ්ඤාසං ඉත්ථීනං සම්පත්තිආදිවිසයා පරසම්පත්තිඋසූයනලක්ඛණා ඉස්සා, යඤ්ච තාවකාලිකාදිවසෙනාපි කිඤ්චි යාචන්තානං අදාතුකාමතාය අත්තසම්පත්තිනිගූහනලක්ඛණං මච්ඡරියං , යො ච කුලපදෙසාදිනා පරෙහි යුගග්ගාහලක්ඛණො පළාසො උප්පජ්ජති, සො තිවිධොපි පාපධම්මො ගෙහෙ ඨිතාය මය්හං සතිපි පච්චයසමවායෙ නාහොසි න උප්පජ්ජි. අක්කොධනාති ඛන්තිමෙත්තානුද්දයසම්පන්නතාය අකුජ්ඣනසභාවා. භත්තු වසානුවත්තිනීති පුබ්බුට්ඨානපච්ඡානිපාතනාදිනා සාමිකස්ස අනුකූලභාවෙන වසෙ වත්තනසීලා, මනාපචාරිනීති අත්ථො. උපොසථෙ නිච්චහමප්පමත්තාති අහං උපොසථසීලරක්ඛණෙ නිච්චං අප්පමත්තා අප්පමාදවිහාරිනී.
ඉස්සාච මච්ඡෙරමථො පළසො නාහොසි මය්හං ඝරමාවසන්තියා නිවස තුළ වෙසෙන අන් ස්ත්රීන්ගේ සම්පත් ආදී වූ අන් අයගේ සම්පත් තම සිතට දරාගත නො හැකි බව ‘ඉස්සා’ (=ඊර්ෂ්‍යාව) නම් වේ. තාවකාලික වශයෙන් හෝ යම්කිසිවක් ඉල්වන්නවුනට දීමට අකැමැත්තෙන් තමාගේ සම්පත් සඟවන ගතිය ‘මච්ඡරිය’ (=මසුරු බව) නම් වේ. යමකු කුලය, ප්‍රදේශය ආදියෙන් අන් අය සමග තරඟකාරි ලෙස සැසඳීමක් කරත් ද, එය ‘පළාස’ (=අනුන් පහකොට සැලකීම) නම් වේ. මේ දෝෂයන් සිතෙහි උපදී. නිවසෙහි සිටියා වූ මා හට යට කී ත්‍රිවිධ සත්‍ය ධර්මයන් ඉපදීමට හේතු වූ කරුණු තිබුණේ වුව ද ඒ පාපධර්ම නො උපන්නේය. අක්කොධනා = ක්ෂාන්ති, මෛත්‍රී, කරුණා ආදියෙන් යුක්තවීමෙන් ක්‍රෝධ නොකරන ස්වභාවය ඇති. භත්තුවසානු වත්තිනී = පෙරටුව අවදි වීම, පසුව නින්දට යාම ආදියෙන් ස්වාමිපුරුෂයාට අනුකූලභාවයෙන් යුතුව, ඔහුගේ වසඟයෙහි පවතින ස්වභාවය ඇති, (ස්වාමියාගේ) සිතුම් අනුව හැසිරෙන්නී යන අදහසයි. උපොසථෙ නිච්චහමප්පමත්තා = මා පෙහෙවස් සිල් රැකීමෙහි නිතර අප්රමාදී වන බැවින් ‘අප්පමාද විහාරිනී’ (=අප්‍රමාදීව වෙසෙන්නී) නම් වේ.
තමෙව උපොසථෙ අප්පමාදං දස්සෙන්තී යෙසු දිවසෙසු තං රක්ඛිතබ්බං, යාදිසං යථා ච රක්ඛිතබ්බං, තං දස්සෙතුං “චාතුද්දසි”න්තිආදිමාහ. තත්ථ චාතුද්දසිං පඤ්චදසින්ති පක්ඛස්සාති සම්බන්ධො, අච්චන්තසංයොගෙ චෙතං උපයොගවචනං. යා ච පක්ඛස්ස අට්ඨමීති එත්ථ චාති වචනසෙසො. පාටිහාරියපක්ඛඤ්චාති පටිහරණකපක්ඛඤ්ච, චාතුද්දසීපඤ්චදසීඅට්ඨමීනං යථාක්කමං ආදිතො අන්තතො චාති පවෙසනනික්ඛමනවසෙන උපොසථසීලස්ස පටිහරිතබ්බං පක්ඛඤ්ච , තෙරසී පාටිපදා සත්තමී නවමී චාති අත්ථො. අට්ඨඞ්ගසුසමාගතන්ති පාණාතිපාතාවෙරමණීආදීහි අට්ඨහඞ්ගෙහි එව සුට්ඨු සමාගතං සමන්නාගතං.
උපෝසථ සීලය රැකීමෙහි කවරකු හෝ අප්රමාදී යයි දක්වත්ද, අන් දිනයන්හිදී ඒ සීලය රැකිය යුත්තේ යම් ආකාරයකින්ද, යම් සේ රැකිය යුතුද යන බව දක්වනු පිණිස චාතද්දිසං යන ආදිය කියන ලදී. එහි චාතුද්දසිං පඤ්චදසිං යන පද සමග ‘පක්ඛස්ස’ යනු සම්බන්ධ වේ. මෙය අත්‍යන්ත සංයෝගයෙහි (කර්ම විභක්තියෙන්) යෙදෙන වචනයක් වේ. යාව පක්ඛස්ස අට්ඨමීති එත්ථචා යනු එහි සෙසු වචන වේ. පාටිහාරිය පක්ඛඤ්ච = ආපසු යන අඩ මස (=අව පක්ෂය) තුදුස්වක, පසළොස්වක, අටවක යන දිනයන් පිළිවෙළින් මුල සිට සහ අග සිටද යන වශයෙන්, හෙවත් ප්රවේශවීම සහ නික්මීම වශයෙන් අරුත් දැක්වේ. උපෝසථ සීලයේ ආපසු යොමුවන අඩමස යයි ද තෙළෙස්වක් ප්‍රතිපදා නම් උපෝසථ සීලයෙහිදී සතවක හා නවවක යයි ද අදහස් වේ. අට්ඨංග සුසමාගතං පාණාතිපාතා වේරමණි (=පරපණ නැසීමෙන් වෙන් වීම) ආදී අංග අටෙහිම (හෙවත් අෂ්ටාංග සීලයෙහි ම) මනාව යෙදීම, සමාදන් වීම.
උපවසිස්සන්ති උපවසිං. අතීතත්ථෙ හි ඉදං අනාගතවචනං. කෙචි පන “උපවසිං”ඉච්චෙව පඨන්ති. සදාති සප්පටිහාරිකෙසු සබ්බෙසු උපොසථදිවසෙසු. සීලෙසූති උපොසථසීලෙසු සාධෙතබ්බෙසු. නිප්ඵාදෙතබ්බෙ හි ඉදං භුම්මං. සංවුතාති කායවාචාචිත්තෙහි සංවුතා. සදාති වා සබ්බකාලං. සීලෙසූති නිච්චසීලෙසු. සංවුතාති කායවාචාහි සංවුතා.
උපවසිස්සං වාසය කෙළෙමි. අතීතාර්‍ථයෙහි වන මෙය අනාගත වචනයකි. ඇතැමෙක් ‘උපවසිං’ යන්නම තිබිය යුතුයයි කියත්. සදා අනුගාමී සියලු පොහෝ දිනයන්හි සීලෙසු සමාදන් වී රැකිය යුතු උපෝසථ සීලයන්හි. මේ භූමියෙහි සාදාගත යුතු දේවල්. සංවුතා කය, වචනය, සිත යන මේවායින් සංවර වූ. (මෙසේ ද අරුත් දැක්විය හැකි වේ.) ‘සදා’ හැම කල, ‘සීලෙසු’ - නිත්‍ය සීලයන්හි. ‘සංවුතා’ - කයින් හා වචනයෙන් සංවර වූ.
ඉදානි තං නිච්චසීලං දස්සෙතුං “පාණාතිපාතා විරතා”තිආදි වුත්තං. තත්ථ පාණොති වොහාරතො සත්තො, පරමත්ථතො ජීවිතින්ද්රියං. පාණස්ස අතිපාතො පාණවධො පාණඝාතො පාණාතිපාතො, අත්ථතො පාණෙ පාණසඤ්ඤිනො ජීවිතින්ද්රියුපච්ඡෙදකඋපක්කමසමුට්ඨාපිකා කායවචීද්වාරානං අඤ්ඤතරද්වාරපවත්තා වධකචෙතනා. තතො පාණාතිපාතා. විරතාති ඔරතා, නිවත්තාති අත්ථො.
මීළගට ඒ නිත්‍ය සීලය දැක්වීමට ‘පාණාතිපාතා විරතා’ යන ආදිය කියන ලදී. එහි ‘පාණො’ යනු ව්‍යවහාර වශයෙන් සත්ත්වයායි, පරමාර්ථ වශයෙන් ජීවිත ඉන්ද්රිය යයි. ප්‍රාණය නැසීම ප්‍රාණවධ, ප්‍රාණඝාතය පාණාතිපාත (යන පදවලින් දැක්වේ.) අර්ථ වශයෙන් ප්‍රාණඝාත යනු ප්‍රාණියා තුළ ප්‍රාණයක් ඇතැයි දැන දැනම එම ජීවිතේන්ද්රියය සිඳ දමන උපායයන් ඇතිකරවනු සඳහා කය වචනය යන දොරටුවලින් එක්තරා දොරටුවකට පැමිණි වධක චේතනාවයි. එයින් පාණාතිපාතා විරතා යනු දිවි නැසීමෙන් වෙන් වූයේ නැවතුණේ වෙයි යන අර්ථයයි.
මුසාවාදාති මුසා නාම විසංවාදනපුරෙක්ඛාරස්ස අත්ථභඤ්ජනකො වචීපයොගො වා කායපයොගො වා, විසංවාදනාධිප්පායෙන පරස්ස විසංවාදකකායවචීපයොගසමුට්ඨාපිකා චෙතනා මුසාවාදො. අථ වා මුසාති අභූතං අතච්ඡං වත්ථු, වාදොති තස්ස භූතතො තච්ඡතො විඤ්ඤාපෙතුකාමස්ස තථා විඤ්ඤත්තිසමුට්ඨාපිකා චෙතනා. තතො මුසාවාදා සඤ්ඤතා ඔරතා, විරතාති අත්ථො. ච-සද්දො සම්පිණ්ඩනත්ථො.
මුසාවාදා මුසා යනු අසත්‍ය කරුණු ඉදිරිපත් කර අනුන්ගේ යහපත නැතිකරනු පිණිස වචන හෝ ශරීරය යොදා ගැනීමයි. අනුන් මුලා කිරීමේ අදහසින් බොරුව සඳහා වචන යොදා ගන්නා වූ චේතනාව මුසාවාදයයි. නැතහොත් (මෙසේ ද අරුත් දැක්විය හැක.) ‘මුසා’ යනු සිදු නොවූ, සත්‍ය නොවූ දෙයයි. ‘වාදො’ යනු එය (=මුසාව) සිදුවූවක් ලෙස හෝ සත්‍ය වූවක් ලෙස ඒත්තු ගැන්වීමට කැමති තැනැත්තහුගේ සිත තුළ එම ඒන්තු ගැන්වීම ඇති කරවන චේතනාවයි. එහෙයින් මුසාවාදී හැඟීමෙන් වෙන්වී එහි නොඇලී සිටින බව යන අදහසයි. ‘ච’ ශබ්දය සම්පිණ්ඩනය කිරීම යන අර්ථය දෙයි.
ථෙය්යාති ථෙය්යං වුච්චති ථෙනභාවො, චොරිකාය පරස්සහරණන්ති අත්ථො. අත්ථතො පරපරිග්ගහිතෙ පරපරිග‍්ගහිතසඤ‍්ඤිනො තදාදායකඋපක්කමසමුට්ඨාපිකා ථෙය්‍යචෙතනා ථෙය්යං. තතො ථෙය්යා සඤ්ඤතා, ආරකාති වා සම්බන්ධො.
ථෙය්‍ය ථෙය්‍ය යනුවෙන් සොරකම් කිරීමේ ස්වභාවය කියනු ලැබේ. චොරිකා (හෙවත් සොරකම) යන්නෙන් අන්සතු දෙය ගැනීම යන අර්ථය ලැබේ. අර්ථ වශයෙන් අන්සතු දෙයෙහි අන්සතු දෙයක්ය යන දැනුම ඇතිවම එය අයකර ගැනීම පිණිස උපක්‍රම යෙදීමේ සොර සිත ‘ථෙය්යං’ (=හෙවත් සොරකම) නම් වේ. එයින් සොරකම යන්න අවබෝධ වේ. එයට ආරකා (=ඈතින්) යන සම්බන්ධ වේ.
අතිචාරාති අතිච්ච චාරො අතිචාරො, ලොකමරියාදං අතික්කමිත්වා අගමනීයට්ඨානෙ කාමවසෙන චාරො මිච්ඡාචාරොති අත්ථො. අගමනීයට්ඨානං නාම – පුරිසානං මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සාරක්ඛා සපරිදණ්ඩාති දස, ධනක්කීතා ඡන්දවාසිනී භොගවාසිනී පටවාසිනී ඔදපත්තකිනී ඔභටචුම්බටා දාසී ච භරියා කම්මකාරී ච භරියා ධජාහටා මුහුත්තිකාති දසාති වීසති ඉත්ථියො. ඉත්ථීසු පන ද්වින්නං සාරක්ඛසපරිදණ්ඩානං දසන්නඤ්ච ධනක්කීතාදීනන්ති ද්වාදසන්නං අඤ්ඤපුරිසා අගමනීයට්ඨානං, ඉදමෙව ඉධ අධිප්පෙතං. ලක්ඛණතො පන අසද්ධම්මාධිප්පායෙන කායද්වාරපවත්තා අගමනීයට්ඨානවීතික්කමචෙතනා අතිචාරො. තස්මා අතිචාරා.
අකිචාරා (යහපත් බව ඉක්මවා) අයහපත් ලෙස හැසිරෙන්නා ‘අතිචාර’ නම් වේ. (=අකිච්ච චාරා’ අතිධාරො) ලොව පැවතිය යුතු යහපත් බවේ සීමාවන් ඉක්මවා ගොස්, නොපැමිණිය යුතු තැන්හි කැමති වශයෙන් හැසිරීමය. වැරදි හැසිරීමය යන අර්ථයයි. නො යා යුතු තැන නම් මවගේ රැකවරණයෙහි සිටින තැනැත්තිය, පියාගේ රැකවරණයෙහි සිටින තැනැත්තිය, මවුපිය දෙදෙනාගේ රැකවරණයෙහි සිටින තැනැත්තිය, මවුපිය දෙදෙනාගේ රැකවරණයෙහි සිටිනා තැනැත්තිය, සොහොයුරාගේ රැකවරණයෙහි සිටින තැනැත්තිය, සොහොයුරියගේ රැකවරණයෙහි සිටින තැනැත්තිය, ඥාති රැකවරණයෙහි සිටින තැනැත්තිය, ගෝත්‍රයේ රැකවරණයෙහි සිටින තැනැත්තිය, ධර්මයේ රැකවරණයෙහි සිටින තැනැත්තිය, කවරකුගේ හෝ රැකවරණයේ සිටින තැනැත්තිය, දඬුවමකට යටත්ව සිටින තැනැත්තිය යන දසදෙනා වෙත පුරුෂයන් නොයා යුතු බව දැක්වේ. මුදලට විකුණනු ලැබූ තැනැත්තිය, ඡන්දවාසිනී ස්ත්‍රිය, භොගවාසිනී ස්ත්‍රිය, පටවාසිනී ස්ත්‍රිය, ඔදපත්තකිනී ස්ත්‍රිය, ඔහිත චුම්බටා ස්ත්‍රිය, දාසියක වන භාර්යාව, කම්කරු සේවිකාවක වන භාර්යාව, යුද සිරකාරිය, නැකැත් කියන ස්ත්‍රිය යන දසදෙනා ද (පෙර කී දස දෙනා ද) යන ස්ත්‍රීන් විසිදෙනා වෙත පුරුෂයන් නොයා යුතුයයි දැක්වේ. ස්ත්‍රීන් අතරෙහි වනාහී යමකුගේ රැකවරණය යටතෙහි සිටින තැනැත්තියය, දඬුවමක් ලබමින් සිටින තැනැත්තියය යන දෙදෙනා ද, මුදලට විකුණනු ලැබූ තැනැත්තියගේ සිට දැක්වූ දසදෙනා ද යන දොළොස්දෙනා වෙත ‘වෙනත් පුරුෂයන්’ නොයා යුතුය. (මේ දොළොස් දෙනාට හිමිකම් කියත හැකි පුරුෂයන් කොටසක් සිටිය හැකි බැවිනි.) මෙයම මෙහිදී අදහස් කරන ලදී. ස්වභාවයෙන්ම අයහපත් අදහසින් කය නමැති දොරටුවෙහි පවත්නා නොයා යුතු තැනකට වැරදි ලෙස යාමේ චේතනාව අතිචාරයයි. (යහපත් බවේ සීමාව ඉක්මවා යාමයි.) එහෙයින් ‘අතිචාරා’ යයි කියන ලදී.
මජ්ජපානාති මජ්ජං වුච්චතිමදනීයට්ඨෙන සුරා ච මෙරයඤ්ච, පිවන්ති තෙනාති පානං, මජ්ජස්ස පානං මජ්ජපානං. යාය දුස්සීල්යචෙතනාය මජ්ජසඞ්ඛාතං පිට්ඨසුරා, පූවසුරා, ඔදනියසුරා, කිණ්ණපක්ඛිත්තා, සම්භාරසංයුත්තාති පඤ්චභෙදං සුරං වා, පුප්ඵාසවො, ඵලාසවො, මධ්වාසවො, ගුළාසවො, සම්භාරසංයුත්තොති පඤ්චභෙදං මෙරයං වා බීජතො පට්ඨාය කුසග්ගෙනාපි පිවති, සා චෙතනා මජ්ජපානං. තස්මා මජ්ජපානා ආරකා විරතා.
‘මජ්ජපානා’ මත් කරවන්නා වූ යන අර්ථයෙන් සුරාවද මේරය ද යන වර්ග දෙකට ම ‘මජ්ජ’ යයි කියනු ලැබේ. එයින් පානය කිරීමක් සිදුවේය යන අදහසින් ‘පාන’ යයි යෙදේ. මජ්ජය (හෙවත් මත්වන දෙය) පානය කිරීම ‘මජ්ජපාන’ නම් වේ. යම් ආකාරයක දුස්සීල වූ චේතනාවකින් ‘මජ්ජ’ (මද්‍යය) යයි නම්කරනු ලැබූ පිට්ඨිසුරා (=පිටි වර්ගවලින් තැනූ සුරා), පූව සුරා (=කැවුම් වැනි තෙල් සහිත ආහාරවලින් තැනු සුරා), ඔදනීය සුරා (=බත්වලින් තැනු සුරා), කිණ්ණ පක්ඛිත්තා (=වර්ග කීපයක් පමණක් යොදා තැනූ සුරා), සම්භාර සංයුත්තා (=ද්‍රව්‍ය වර්ග රාශියක් යොදා තැනූ සුරා) යන සුරා වර්ග පස හෝ පුප්ඵාසව (=මල් වර්ග පැසවන සේ තබා පෙරාගන්නා මද්‍යය), ඵලාසව (=ගෙඩි වර්ග පැසවන සේ තබා පෙරා ගන්නා මද්‍යය), මද්වාසව (=මීපැණිවලින් පෙරාගන්නා මද්‍යය) සම්භාර සංයුත්ත (ද්‍රව්‍ය වර්ග රාශියක් පැසවන සේ තබා පෙරාගන්නා මද්‍යය) යන මේර වර්ග පස හෝ ඒවා පැසවීම ඇරඹූ අවස්ථාවේ සිටම කුසතණ පතක අගින් හෝ බොන්නේ ද, බීම පිළිබඳ එම චේතනාව ‘මජ්ජපානං’ නම් වේ. එහෙයින් මද්‍ය පානයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීම මෙයින් අදහස් වේ.
එවං “පාණාතිපාතා විරතා”තිආදිනා පහාතබ්බධම්මවසෙන විභජිත්වා දස්සිතං නිච්චසීලං පුන සමාදාතබ්බතාවසෙන එකතො කත්වා දස්සෙන්තී “පඤ්චසික්ඛාපදෙ රතා”ති ආහ. තත්ථ සික්ඛාපදන්ති සික්ඛිතබ්බපදං, සික්ඛාකොට්ඨාසෙති අත්ථො. අථ වා ඣානාදයො සබ්බෙපි කුසලා ධම්මා සික්ඛිතබ්බතො සික්ඛා, පඤ්චසු පන සීලඞ්ගෙසු යංකිඤ්චි අඞ්ගං තාසං සික්ඛානං පතිට්ඨානට්ඨෙන පදන්ති සික්ඛානං පදත්තා සික්ඛාපදං, පඤ්ච සීලඞ්ගානි. තස්මිං පඤ්චවිධෙ සික්ඛාපදෙ රතා අභිරතාති පඤ්චසික්ඛාපදෙ රතා. අරියසච්චාන කොවිදාති පරිඤ්ඤාපහානසච්ඡිකිරියාභාවනාභිසමයවසෙන දුක්ඛසමුදයනිරොධමග්ගසඞ්ඛාතෙසු චතූසු අරියසච්චෙසු කුසලා නිපුණා, පටිවිද්ධචතුසච්චාති අත්ථො. ගොතමස්සාති භගවන්තං ගොත්තෙන කිත්තෙති. යසස්සිනොති කිත්තිමතො, පරිවාරවතො වා.
මෙසේ ‘පාණාතිපාතා විරතා’ (=ප්‍රාණඝාතයෙන් වෙන්වීම) යන ආදී ඉවත් කළ යුතු දේ වශයෙන් බෙදා දක්වන ලදී. ‘නිත්‍ය සීලය’ වන මෙය නැවත සමාදන් විය යුතුය යනුවෙන් එකක් ලෙස දක්වමින් ‘පඤ්ච සික්ඛාපදෙ රතා’ යයි කියන ලදී. සික්ඛාපදං - යම් පදයක් අනුව හික්මවිය යුත්තේ ද එම පදයයි. හික්මවිය යුතු කොටස යන අර්ථයයි. නැතහොත් (මෙසේ ද දැක්විය හැක.) ධ්‍යාන ආදී වූ සියලුම කුසල්දහම් (තුළ) හික්මිය යුතු බැවින් ඒවා ‘සික්ඛා’ නම් වේ. සිල් අංගයන් පස (=පන්සිල් පද) අතුරෙහි යම්කිසි සිල් අංගයක් ‘ඒ ශික්ෂාවන්හි පිහිටි’ යන අර්ථයෙන් ‘පදං’ යයි කියනු ලැබේ. ශික්ෂාවනට අයත් පදයන් බැවින් ‘සික්ඛාපදං’යි යෙදේ. එනම් සිල් අංග පසයි. (හෙවත් පංචසීලයන් ය.) ඒ ශික්ෂාපද පසෙහි ඇලුණ යන අදහසින් ‘අභිරතා’යි යෙදේ. ශික්ෂා පද පසෙහි ඇලුණ යනුයි. අරිය සච්චාන කොවිදා සම්පූර්ණ දැනීම අත්හැරීම, ප්රත්යක්ෂ කරගැනීම, භාවනාව, අවබෝධය යන වශයෙන් දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ගය යන චතුරාර්ය සත්‍යයන්හි දක්ෂ වූ පුහුණු වූ අය. අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යයන් ඇත්තාහු යන අර්ථයයි. ගොතමස්ස භාග්‍යවතුන් වහන්සේට ගෝත්‍ර වශයෙන් කියනු ලබන නාමයයි. යසස්සිනො කීර්තිය ඇති හෝ පිරිවර ඇති යන අරුත.
සාහන්ති සා යථාවුත්තගුණා අහං. සකෙන සීලෙනාති අනුස්සුකිතාදිනා අත්තනො සභාවසීලෙන ච උපොසථසීලාදිසමාදානසීලෙන ච කාරණභූතෙන. තඤ්හි සත්තානං කම්මස්සකතාය හිතසුඛාවහතාය ච විසෙසතො “සක”න්ති වුච්චති. තෙනෙවාහ –
සා හං කියන ලද ආකාර ගුණයන් ඇති ඒ මම. සකෙන සීලෙන = උත්සාහයෙන් තොර බව ආදී වශයෙන් තමා තුළ ඇති ස්වභාවික ගතියෙන් ද, පෙහෙවස් සීලය ආදී සමාදන් වන සීලයෙන් ද හේතුසාධක වූ යන අදහසයි. සත්ත්වයන්ගේ කර්මය හිමිකොට ඇති බවටද, ඒ අනුව හිතසුව ගෙන දෙන බවටද විශේෂ වශයෙන් එම ‘සකං’ යන්න කියනු ලැබේ. ඒ නිසාම කියන ලදී.
“තඤ්හි තස්ස සකං හොති, තඤ්ච ආදාය ගච්ඡති; තඤ්චස්ස අනුගං හොති, ඡායාව අනපායිනී”ති. (සං· නි· 1.115);
තංහි තස්ස සතං හොති තඤ්ච ආදාය ගච්ඡති කඤ්චස්ස අනුගං හොති ඡායාව අනපායිනීති
යමකු යමක් රැගෙන යන්නේ නම් එයද පසුපසින්ම එන සෙවනැල්ලක් මෙන් යමක් යමකුට අනුව පවතී නම් එයද එම පුද්ගලයාගේ ‘සකං’ හෙවත් තමාට හිමිකම් ඇති දෙය බවට පත්වෙයි.
යසසා ච යසස්සිනීති “උත්තරා උපාසිකා සීලාචාරසම්පන්නා අනුස්සුකී අමච්ඡරී අක්කොධනා”තිආදිනා “ආගතඵලා විඤ්ඤාතසාසනා”තිආදිනා ච යථාභූතගුණාධිගතෙන ජලතලෙ තෙලෙන විය සමන්තතො පත්ථටෙන කිත්තිසද්දෙන යසස්සිනී කිත්තිමතී, තෙන වා සීලගුණෙන ඉධ අධිගතෙන යසපරිවාරෙන යසස්සිනී සම්පන්නපරිවාරා. අනුභොමි සකං පුඤ්ඤන්ති යථූපචිතං අත්තනො පුඤ්ඤං පච්චනුභොමි. යස්ස හි පුඤ්ඤඵලං අනුභූයති, ඵලූපචාරෙන තං පුඤ්ඤම්පි අනුභූයතීති වුච්චති. අථ වා පුථුජ්ජනභාවතො සුචරිතඵලම්පි “පුඤ්ඤ”න්ති වුච්චති. යථාහ “කුසලානං, භික්ඛවෙ, ධම්මානං සමාදානහෙතු එවමිදං පුඤ්ඤං පවඩ්ඪතී”ති. සුඛිතා චම්හිනාමයාති දිබ්බසුඛෙන ච ඵලසුඛෙන ච සුඛිතා චම්හි භවාමි, කායිකචෙතසිකදුක්ඛාභාවතො අනාමයා අරොගා.
‘යස්සාච යස්සසිනී’ - උත්තරා නම් උපාසිකා තොමෝ ශීලාචාර සම්පන්න බව, ආශාවන්ගෙන් තොර වූ බව, මසුරුකමෙන් තොර වූ බව, ක්‍රෝධයෙන් තොර වූ බව යන ආදියෙන් ද, මාර්ගඵලයකට පැමිණීම, ශාසනය හඳුනා ගැනීම යන ආදියෙන් ද, යථාභූත ගුණය (=ලෝක තත්ත්වය නියම ලෙස දැකීම) අවබෝධ කරගැනීමෙන් ද ජලය මත විසුරුණ තෙලක් මෙන් හාත්පස පැතිරෙන කීර්ති ශබ්දයෙන් යසස් සහිත ද කීර්තිමත් ද වූවාය. එම සීල ගුණය හේතුවෙන් ලැබුණා වූ කීර්ති සම්පත්තිය නිසා යසස්සිනී යයිද, පරිවාර සම්පත්තිය නිසා සම්පන්න පරිවාරා යයි ද ඇය හඳුන්වනු ලැබුවාය. අනුභොමි සකං පුඤ්ඤං රැස් කරගන්නා ලද්දා වූ තමාගේ පින්පල විඳගනිමි යන අදහසයි. යම්කිසි පිනක ඵලය අනුභව කරනු ලැබේ ද, පිනෙහි ඵලය විඳගැනීමෙන් එම පින අනුභව කෙරේ යයි කියනු ලැබේ. නැතහොත් පුහුදුන් බව නිසා යහපත් ක්‍රියාවන්හි ඵලය ද පින යයි කියනු ලැබේ. තවද මෙසේත් කියනු ලැබේ. ‘මහණෙනි, කුශල ධර්මයන්ගේ අනුමෝදන් වීම නමැති හේතුවද මෙසේ මේ පින වර්ධනය කරන්නේ වෙයි. සුඛිතා චම්හි අනාමයා = දිව්‍යමය සැපතින් ද, මාර්ගඵල සැපතින් ද සුවයට පත් වූවා වෙමි. කායික චෛතසික දුක් නැති බැවින් රෝගයන්ගෙන් තොර වූවා නිරෝගී වෙමි.
මම චාති ච-සද්දො සමුච්චයත්ථො. තෙන “මම වචනෙන ච වන්දෙය්යාසි, න තව සභාවෙනෙවා”ති වන්දනං සමුච්චිනොති. අනච්ඡරියන්තිආදිනා අත්තනො අරියසාවිකාභාවස්ස පාකටභාවං දස්සෙති. තං භගවාතිආදි සඞ්ගීතිකාරවචනං. සෙසං වුත්තනයමෙවාති.
මම ච ‘ච’ ශබ්දය කෙටි කිරීම් පිළිබඳ අර්ථය (=සමුච්චයාර්ථ්ය) දක්වයි. එහෙයින් මගේ වචනයෙන් ද වඳිනු මැනවි යන අදහසයි. ඔබ වෙනුවෙන්ම පමණක් වන්දනාව කෙටි නො කළ මැනවි. අනච්ඡරියං යන ආදියෙන් තමාගේ ආර්ය ශ්‍රාවිකා භාවයේ ප්‍රකට බව දැක්වේ. තං භගවා යන ආදිය සංගායනා කාරක තෙරවරුන්ගේ වචනයන්ය. සෙස්ස කියන ලද පරිද්දෙන්ම වේ.
උත්තරාවිමානවණ්ණනා නිට්ඨිතා.
උත්තරා විමාන වර්ණනාව නිමියේය.