16. සිරිමාවිමානවණ්ණනා අට්ඨකථා
16. සිරිමාවිමානවණ්ණනා
16. සිරිමාවිමාන වර්ණනා
යුත්තා ච තෙ පරමඅලඞ්කතා හයාති සිරිමාවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ච සමයෙන හෙට්ඨා අනන්තරවත්ථුම්හි වුත්තා සිරිමා ගණිකා සොතාපත්තිඵලස්ස අධිගතත්තා විස්සජ්ජිතකිලිට්ඨකම්මන්තා හුත්වා සඞ්ඝස්ස අට්ඨ සලාකභත්තානි පට්ඨපෙසි. ආදිතො පට්ඨාය නිබද්ධං අට්ඨ භික්ඛූ ගෙහං ආගච්ඡන්ති. සා “සප්පිං ගණ්හථ ඛීරං ගණ්හථා”තිආදීනි වත්වා තෙසං පත්තෙ පූරෙති, එකෙන ලද්ධං තිණ්ණම්පි චතුන්නම්පි පහොති, දෙවසිකං සොළසකහාපණපරිබ්බයෙන පිණ්ඩපාතො දීයති. අථෙකදිවසං එකො භික්ඛු තස්සා ගෙහෙ අට්ඨකභත්තං භුඤ්ජිත්වා තියොජනමත්ථකෙ එකං විහාරං අගමාසි. අථ නං සායං ථෙරුපට්ඨානෙ නිසින්නං පුච්ඡිංසු, “ආවුසො, කහං භික්ඛං ගහෙත්වා ඉධාගතොසී”ති? “සිරිමාය අට්ඨකභත්තං මෙ භුත්ත”න්ති. “තං මනාපං කත්වා දෙති, ආවුසො”ති. “න සක්කා තස්සා භත්තං වණ්ණෙතුං, අතිපණීතං කත්වා දෙති, එකෙන ලද්ධං තිණ්ණම්පි චතුන්නම්පි පහොති, තස්සා පන දෙය්යධම්මතොපි දස්සනමෙව උත්තරිතරං”. සා හි ඉත්ථී එවරූපා ච එවරූපා චාති තස්සා ගුණෙ කථෙසි.
යුත්තා ච තෙ පරම අලංතතා භයා යනුවෙන් සිරිමා විමාන වර්ණනාව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වෙළුවනයෙහි (=ලෙහෙණුන් හට අහර පිණිස වෙන්කර තිබූ තැනක් වන) කලන්දක නිවාපයෙහි වාසය කරන සේක. එකල්හි වනාහී යට ආසන්න කථා වස්තුවෙහි කියන ලද සිරිමා නම් ගණිකාව සෝවාන් ඵලයට පැමිණි බැවින් අද අපිරිසිදු ක්‍රියාවන් ඇත්තියක වී සංඝයාට සලාක දාන අටක් ප්‍රතිෂ්ඨාපනය කළාය. මුලපටන් නිතර භික්ෂූහු අටනමක් නිවසට පැමිණෙත් ඕ තොමෝ ගිතෙල් ගන්න, කිරි ගන්න ආදිය කියා උන්වහන්සේලාගේ පාත්‍ර පුරවයි. එක් නමක් ලබන කොටස තුන් හතර නමකට වුවද සෑහෙයි. දිනපතා කහවණු සොළසක් වැය කිරීමෙන් පිණ්ඩපාතය දෙනු ලැබේ. එකල්හි එක් දිනක් එක්තරා භික්ෂුවක් ඇගේ නිවසෙහි දී සලාක අටට අයත් දන් කොටසක් වළඳා තුන්යොදුනක් දුර වූ එක් විහාරයකට ගියේය. ඉක්බිති සවස්කල්හි උවටැන් ලබන තෙරුන් වෙත හුන් ඔහුගෙන් මෙසේ විමසූහ. ‘ඇවැත්නි, කොතැන්හිදී අහර වළඳා මෙහි පැමිණියෙහිද?’ ‘සිරිමාවගේ සලාක අටේ දානයෙන් මා විසින් වළඳන ලදී.’ ‘ඇවැත්නි, එය මන වඩන ලෙස දෙන්නී ද?’ ‘ඇයගේ දානය වර්ණනා කළ නොහැක. ඉතා ප්රණීතකොට දන් දෙයි. එක් අයකුට ලැබෙන කොටස තුන්හතර දෙනෙකුට සෑහෙයි. දෙන දෙයටද වඩා ඇයගේ දර්ශනයම උසස්ය’ මෙසේ කියා ඒ ස්ත්‍රිය මෙබඳුය, මෙබඳුය ආදී වශයෙන් ඇගේ ගුණ කීවේය.
අථෙකො භික්ඛු තස්සා ගුණකථං සුත්වා අදිස්වාපි සවනෙනෙව සිනෙහං උප්පාදෙත්වා “මයා තත්ථ ගන්ත්වා තං දට්ඨුං වට්ටතී”ති අත්තනො වස්සග්ගං කථෙත්වා තං භික්ඛුං ඨිතිකං පුච්ඡිත්වා “ස්වෙ, ආවුසො, තස්මිං ගෙහෙ ත්වං සඞ්ඝත්ථෙරො හුත්වා අට්ඨකභත්තං ලභිස්සසී”ති සුත්වා තඞ්ඛණඤ්ඤෙව පත්තචීවරමාදාය පක්කන්තො පාතොව අරුණෙ උග්ගච්ඡන්තෙ සලාකග්ගං පවිසිත්වා ඨිතො සඞ්ඝත්ථෙරො හුත්වා තස්සා ගෙහෙ අට්ඨකභත්තං ලභි. යො පන සො භික්ඛු හිය්යො භුඤ්ජිත්වා පක්කාමි, තස්ස ගතවෙලායමෙවස්සා සරීරෙ රොගො උප්පජ්ජි. තස්මා ආභරණානි ඔමුඤ්චිත්වා නිපජ්ජි. අථස්සා දාසියො අට්ඨකභත්තං ලභිතුං ආගතෙ භික්ඛූ දිස්වා ආරොචෙසුං. සා ගන්ත්වා සහත්ථා පත්තෙ ගහෙතුං වා නිසීදාපෙතුං වා අසක්කොන්තී දාසියො ආණාපෙසි “අම්මා පත්තෙ ගහෙත්වා අය්යෙ නිසීදාපෙත්වා යාගුං පායෙත්‍වා ඛජ්ජකං දත්වා භත්තවෙලාය පත්තෙ පූරෙත්වා දෙථා”ති. තා “සාධු, අය්යෙ”ති භික්ඛූ පවෙසෙත්වා යාගුං පායෙත්‍වා ඛජ්ජකං දත්වා භත්තවෙලාය භත්තස්ස පත්තෙ පූරෙත්වා තස්සා ආරොචයිංසු. සා “මං පරිග්ගහෙත්වා නෙථ , අය්යෙ වන්දිස්සාමී”ති වත්වා තාහි පරිග්ගහෙත්වා භික්ඛූනං සන්තිකං නීතා වෙධමානෙන සරීරෙන භික්ඛූ වන්දි. සො භික්ඛු තං ඔලොකෙත්වා චින්තෙසි “ගිලානාය තාව අයං එතිස්සා රූපසොභා, අරොගකාලෙ පන සබ්බාභරණපටිමණ්ඩිතාය ඉමිස්සා කීදිසී රූපසම්පත්තී”ති. අථස්ස අනෙකවස්සකොටිසන්නිචිතො කිලෙසො සමුදාචරි. සො අඤ්ඤාණී හුත්වා භත්තං භුඤ්ජිතුං අසක්කොන්තො පත්තං ආදාය විහාරං ගන්ත්වා පත්තං පිධාය එකමන්තෙ ඨපෙත්වා චීවරකණ්ණං පත්ථරිත්වා නිපජ්ජි. අථ නං එකො සහායකො භික්ඛු යාචන්තොපි භොජෙතුං නාසක්ඛි, සො ඡින්නභත්තො අහොසි.
එකල්හි එක්තරා භික්ෂුවක් ඇගේ ගුණයන් පිළිබඳ කථාව අසා නොදැක වුවද ඇසීමෙන්ම කැමැත්ත උපදවා මා එහි ගොස් ඇය දැකිය යුතු වෙයි යනුවෙන් සිතා තමාගේ වස් ප්‍රමාණය කියා එහි පැමිණි තෙරුන්ගෙන් තවද තොරතුරු විමසා ‘ඇවැත්නි, හෙට දින ඔබ ඒ නිවසේ සංඝ ස්ථවිර (=ප්‍රධාන තෙරණුවන්) වී සලාක අටෙන් දානය ලබාගන්නැ’යි කියනු අසන එකෙණෙහිම පාසිවුරු ගෙන පිටත් වූයේ උදෑසනම අරුණ නැගෙනවිට සලාක ගෙට පිවිස සිටියේ සංඝ ස්ථවිර (=හෙවත් එදින පැමිණි ප්‍රධාන ස්ථවිර) වී ඇයගේ නිවසෙහි සලාක දානය ලැබුවේය. යම් ඒ භික්ෂු නමක් පෙරදින අහර වළඳා ගියේ ද ඔහු පිටවූ වේලාවෙහිම ඇගේ සිරුරෙහි රෝගයක් පහළ විය. එබැවින් ආභරණ ඉවත්කොට වැතිරුණාය. ඉක්බිති ඇයගේ දාසීහු සලාක දානය ගැනීමට පැමිණි භික්ෂූන් දැක ඇයට දැන්වූහ. එහි ගොස් සියතින් පාත්‍ර ගැනඳීමට හෝ වඩා හිඳුවීමට හෝ තරම් ශක්තිය නැති ඕ තොමෝ ‘දැරියනි, පාත්‍ර ගෙන ආර්යයන් වහන්සේලා වඩා හිඳුවා කැඳ වළඳවා කෑ යුතු දෙය දී බත් වේලාවෙහි දී පාත්‍ර පුරවා දානය දෙන්නැයි දැස්සන් හට අණ කළාය. ඒ ස්ත්‍රීහු ‘යහපති ආර්යාවෙනි’යි භික්ෂූන් වැඩමවා කැඳ පානය කරවා කෑ යුතු දෙය දී නියම වේලාවෙහි දී බතින් පාත්‍ර පුරවා ඇයට දැන්වූහ. ඇය ‘මා අල්වාගෙන යන්න. ආර්යයන් වහන්සේලා වඳින්නෙමි’යි කියා ඒ ස්ත්‍රීන් ලවා අල්වාගෙන භික්ෂූන්ගේ සමීපයට පමුණුවන ලද්දී වේදනා දෙන සිරුරින් යුතුව භික්ෂුවට වැන්දාය. ඒ භික්ෂුව ඇය දෙස බලා ‘ගිලන් වූ විට පවා මැයගේ රූපශෝභාව මෙසේ වේ. නිරෝගී කාලයෙහි වනාහී සර්වාභරණයෙන් සැරසුණ මැයගේ රූප සම්පත්තිය කෙබඳු වේදැ’යි සිතීය. එකල්හි වර්ෂ කෝටි සංඛ්‍යාවක් තුළ රැස්වූ ඔහුගේ කෙලෙස් මතු විය. හේ තෙමේ නුවණ නැත්තෙක් වී බත් වැළඳීමට නොහැක්කේ පාත්‍රය රැගෙන විහාරයට ගොස් පාත්‍රය වසා එකත්පසෙක තබා සිවුරු කොණ අතුරා වැද හොත්තේය. එහිදී එක් සහායක භික්ෂුවක් ඔහුට යාඥා කෙළේ නමුදු අහර වැළඳවීමට නොහැකි විය. ඔහු සුන්බත් වූයේ විය.
තං දිවසමෙව සායන්හසමයෙ සිරිමා කාලමකාසි. රාජා සත්ථු සාසනං පෙසෙසි “භන්තෙ, ජීවකස්ස කනිට්ඨභගිනී සිරිමා කාලමකාසී”ති. සත්ථා තං සුත්වා රඤ්ඤො සාසනං පහිණි “සිරිමාය සරීරඣාපනකිච්චං නත්ථි, ආමකසුසානෙ තං යථා කාකාදයො න ඛාදන්ති, තථා නිපජ්ජාපෙත්වා රක්ඛාපෙථා”ති. රාජා තථා අකාසි. පටිපාටියා තයො දිවසා අතික්කන්තා, චතුත්ථෙ දිවසෙ සරීරං උද්ධුමායි, නවහි වණමුඛෙහි පුළවකා පග්ඝරිංසු, සකලසරීරං භින්නසාලිභත්තචාටි විය අහොසි. රාජා නගරෙ භෙරිං චරාපෙසි “ඨපෙත්වා ගෙහරක්ඛණකදාරකෙ සිරිමාය දස්සනත්ථං අනාගච්ඡන්තානං අට්ඨ කහාපණා දණ්ඩො”ති. සත්ථු සන්තිකඤ්ච පෙසෙසි “බුද්ධප්පමුඛො කිර සඞ්ඝො සිරිමාය දස්සනත්ථං ආගච්ඡතූ”ති. සත්ථා භික්ඛූනං ආරොචාපෙසි “සිරිමාය දස්සනත්ථං ගමිස්සාමා”ති.
එදිනම පස්වරුවෙහි සිරිමා කලුරිය කළාය. රජතුමා ‘ස්වාමීනි, ජීවකගේ කණිටු සොයුරිය වන සිරිමා කලුරිය කළාය’යි ශාස්තෲන් වහන්සේට පණිවිඩයක් යැවීය. ශාස්තෲහු එය අසා ‘සිරිමාවන්ගේ සිරුර දැවීමක් නො කරන්න. කවුඩු ආදී කා නො දමන අයුරින් එම සිරුර අමු සොහොනෙහි තබා ආරක්ෂා කරන්නැ’යි රජතුමා පණිවිඩයක් යැවූහ. රජතුමා එසේ කෙළේය. පිළිවෙළින් තුන්දිනක් ඉක්ම ගියේය. සිවුවන දිනයෙහි සිරුර ඉදිමුණේය. වණ වූ නව දොරින් පණුවෝ වැගුරුණහ. මුලු සිරුරම බිඳුණ බත් හැලියක් මෙන් විය. ‘නිවෙස් රකින දරුවන් හට හැර සිරිමාවන් දැකීම පිණිස නො පැමිණෙන්නවුන් හට කහවණු අටක් දඩ’යයි කියා රජතුමා නුවර බෙර හැසිරවීය. බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයා ද සිරිමා දකිනු පිණිස පැමිණෙත්වා’යි යනුවෙන් ශාස්තෲන් වහන්සේ වෙතද පණිවිඩයක් යැවීය. ‘සිරිමාවන් දකිනු පිණිස යන්නෙමු’යි ශාස්තෲහු භික්ෂූන් හට දැනුම් දෙවූහ.
සොපි දහරභික්ඛු චත්තාරො දිවසෙ කස්සචි වචනං අග්ගහෙත්වා ඡින්නභත්තොව නිපජ්ජි. පත්තෙ භත්තං පූතිකං ජාතං, පත්තෙ මලම්පි උට්ඨහි. අථ සො සහායකභික්ඛුනා උපසඞ්කමිත්වා “ආවුසො සත්ථා සිරිමාය දස්සනත්ථං ගච්ඡතී”ති වුච්චමානො තථා ඡාතජ්ඣත්තොපි “සිරිමා”ති වුත්තපදෙයෙව සහසා උට්ඨහිත්වා “සත්ථා සිරිමං දට්ඨුං ගච්ඡති, ත්වම්පි ගමිස්සසී”ති? “ආම ගමිස්සාමී”ති භත්තං ඡඩ්ඩෙත්වා පත්තං ධොවිත්වා ථවිකාය පක්ඛිපිත්වා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අගමාසි. සත්ථා භික්ඛුසඞ්ඝපරිවුතො එකපස්සෙ අට්ඨාසි, භික්ඛුනිසඞ්ඝොපි රාජපරිසාපි උපාසකපරිසාපි උපාසිකාපරිසාපි එකෙකපස්සෙ අට්ඨංසු.
යථෝක්ත තරුණ භික්ෂුව ද දින සතරක්ම කිසිවකුගේ වදනක් පිළිනොගෙන සුන්බත්වම හොත්තේය. පාත්‍රයෙහි වූ බත් කුණු වී ගියේ ය. පාත්‍රයෙහි මල බැඳුණේ ද විය. ඉක්බිති ස්ථානයක භික්ෂුවක විසින් සමීපයට එළඹ ‘ඇවැත්නි, ශාස්තෲහු සිරිමාවන් දැකීම පිණිස යන්නාහ’යි කියනු ලැබූ හෙතෙම තම අභ්‍යන්තරය පෙර කී සේ තිබුණේ වී නුමදු ‘සිරිමා’ යයි කියනු ලැබී වචනය සමගම වහා නැගිට්ටේය. (මේ දෙබස ඇති විය.) ශාස්තෲන් වහන්සේ සිරිමාවන් දැකීමට වඩිති. ඔබත් යන්නෙහිද? එසේය යන්නෙමි. (මෙසේ කියා) බත් ඉවත්කොට පාත්‍රය සෝදා පසුම්බියෙහි බහා භික්ෂු සංඝයා සමග ගියේය. ශාස්තෲහු භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දාහු එක්පසෙක සිටි සේක. භික්ෂුණී සමූහයා ද රජපිරිස ද උපාසක පිරිස ද උපාසිකා පිරිස ද එක් එක් පාර්ශ්වයන්හි සිටියහ.
සත්ථා රාජානං පුච්ඡි “කා එසා, මහාරාජා”ති? “භන්තෙ, ජීවකස්ස කනිට්ඨභගිනී සිරිමා නාමා”ති. “සිරිමා එසා”ති? “ආම, භන්තෙ”ති. තෙන හි නගරෙ භෙරිං චරාපෙහි “සහස්සං දත්වා සිරිමං ගණ්හන්තූ”ති. රාජා තථා කාරෙසි, එකොපි “හ”න්ති වා “හු”න්ති වා වදන්තො නාම නාහොසි. රාජා සත්ථු ආරොචෙසි “න ගණ්හන්ති භන්තෙ”ති, තෙන හි මහාරාජ අග්ඝං ඔහාපෙහීති. රාජා “පඤ්චසතානි දත්වා ගණ්හන්තූ”ති භෙරිං චරාපෙත්වා කඤ්චි ගණ්හනකං අදිස්වා “අඩ්ඪතෙය්යසතානි, ද්වෙසතානි, සතං, පඤ්ඤාසං, පඤ්චවීසති, වීසති කහාපණෙ, දස කහාපණෙ, පඤ්ච කහාපණෙ, එකං කහාපණං, අඩ්ඪං, පාදං, මාසකං, කාකණිකං දත්වා සිරිමං ගණ්හන්තූ”ති භෙරිං චරාපෙත්වා “මුධාපි ගණ්හන්තූ”ති භෙරිං චරාපෙසි, තථාපි “හ”න්ති වා “හු”න්ති වා වදන්තො නාම නාහොසි. රාජා “මුධාපි, භන්තෙ, ගණ්හන්තො නත්ථී”ති ආහ. සත්ථා “පස්සථ, භික්ඛවෙ, මහාජනස්ස පියමාතුගාමං, ඉමස්මිංයෙව නගරෙ සහස්සං දත්වා පුබ්බෙ එකදිවසං ලභිංසු, ඉදානි මුධාපි ගණ්හන්තො නත්ථි එවරූපං නාම රූපං ඛයවයප්පත්තං ආහරිමෙහි අලඞ්කාරෙහි විචිත්තකතං නවන්නං වණ්ණමුඛානං වසෙන අරුභූතං තීහි අට්ඨිසතෙහි සමුස්සිතං නිච්චාතුරං කෙවලං බාලමහාජනෙන බහුධා සඞ්කප්පිතතාය බහුසඞ්කප්පං අද්ධුවං අත්තභාව”න්ති දස්සෙන්තො –
(එහිදී බුදුන් හා රජු අතර මේ දෙබස ඇති විය.) ‘මහරජ, මැය කවර තැනැත්තියක්ද?’ ‘ස්වාමීනි, ජීවකගේ සොයුරිය වන සිරිමා නමැත්තියයි.’ ‘මැය සිරිමාවමද?’ ‘එසේය ස්වාමීනි.’ එසේනම් කහවණු දහසක් ගෙවා සිරිමාවන් ලබා ගන්නැයි කියා නගරයේ අණබෙර හසුරුවන්නැයි බුදුන්වහන්සේ කීහ. රජ තෙමේ එසේ කරවීය. එක් අයෙක් හෝ හා! හූ! යනුවෙන් හෝ හඬක් නො නැඟුහ. රජ තෙමේ ‘ස්වාමීනි, කවරෙක් හෝ නොගණිති’යි යනුවෙන්, ඒ බව ශාස්තෲන් වහන්සේ හට කීය. ‘මහරජ, එසේනම් අඩකින් මිල පහළට බස්වන්නැ’යි කීහ. පන්සියයක් දී ලබා ගන්නැයි කියා රජ තෙමේ අණබෙර හසුරුවා, ගන්නා වූ කිසිවකු නො දැක කහවණු දෙසිය පණසක්, දෙසීයක්, සීයක්, පණසක්, පස් විස්සක්, විස්සක්, දහයක්, පහක්, එකක්, අඩ කහවණුවක් මස්සක්, කාකණිතයක් (=තුට්ටුවක්) දී සිරිමාවන් ලබාගන්නැයි (වරින්වර) බෙර හසුරුවා (කවරකු හෝ ඉදිරිපත් නොවූ විට) නොමිලේ හෝ ලබාගන්නැයි බෙර පැතිරවීය. එසේ වුවද හා! හූ! කියන්නෙක් හෝ නොවීය. ‘ස්වාමීනි, නොමිලේ වුවද ගන්නා කෙනෙක් නැතැ’යි රජතුමා කීය. ‘මහණෙනි, බලනු මහජනතාවට ප්‍රිය වූ මෙම ස්ත්‍රිය, මේ නගරයෙහිම මනුෂ්‍යයෝ පෙර එක් දිනකට දහසක් දී ලබා ගත්හ. දැන් නොමිලේ වුවද ගන්නා කෙනෙක් නැත. ක්ෂය වීමට හා වියපත් බවට පැමිණෙන, බාහිරින් ගත් අලංකාරයන්ගෙන් විසිතුරු කරනු ලබන වණ මුඛයන් නවයක් ලෙසින් තුවාල වැනි සිදුරු ඇති. ඇට තුන්සියයකින් දරාගෙන පවත්නා නිතර රෝග වැළඳෙන, හුදෙක් අඥාන මහජනයා විසින් බෙහෙවින් ලෝභ කරනු ලබන බැවින් බහු සංකප්ප යයි හැඳින්වෙන මෙබඳු වූ රූපය අස්ථිර වූ ආත්මභාවයකැයි දක්වන්නාහු.
“පස්ස චිත්තකතං බිම්බං, අරුකායං සමුස්සිතං; ආතුරං බහුසඞ්කප්පං, යස්ස නත්ථි ධුවං ඨිතී”ති. (ථෙරගා· 1160) –
ජස්ස චිත්ත කතං බිම්බං අරුකායං සමුස්සිතං ආතුරං බහු සංකප්පං යස්ස නත්ථි ධූවං ඨිතී’ති
විසිතුරු කොට සරසන ලද්දා වූ, වණ සමූහයක් වූ (ඇට සැකිල්ලෙන් දරාගෙන සිටින්නා වූ, රෝග වැළඳෙන්නා වූ, බොහෝදෙනා විසින් ලෝභ (ආශා) කරනු ලබන්නා වූ, ස්ථිර පැවැත්මක් නැත්තා වූ රූපයක් වේද, එය බලන්න. (හෙවත් අවබෝධ කරගන්න.)
ගාථමාහ. දෙසනාපරියොසානෙ සිරිමාය පටිබද්ධචිත්තො භික්ඛු විගතඡන්දරාගො හුත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි, චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසි.
යන ගාථාව දේශනා කළහ. දේශනාවගේ කෙළවර සිරිමාවන් කෙරෙහි පිළිබඳ සිත් ඇතිව සිටි භික්ෂුව ඡන්දරාගයෙන් වෙන් වී විදර්ශනා වඩා රහත් බවට පැමිණියේය. අසූහාර දහසක් ප්‍රාණීන් හට ධර්මය අවබෝධ විය.
තෙන ච සමයෙන සිරිමා දෙවකඤ්ඤා අත්තනො විභවසමිද්ධිං ඔලොකෙත්වා ආගතට්ඨානං ඔලොකෙන්තී පුරිමත්තභාවෙ අත්තනො සරීරසමීපෙ භික්ඛුසඞ්ඝපරිවුතං භගවන්තං ඨිතං මහාජනකායඤ්ච සන්නිපතිතං දිස්වා පඤ්චහි දෙවකඤ්ඤාසතෙහි පරිවුතා පඤ්චහි රථසතෙහි දිස්සමානකායා ආගන්ත්වා රථතො ඔතරිත්වා සපරිවාරා භගවන්තං වන්දිත්වා කතඤ්ජලී අට්ඨාසි. තෙන ච සමයෙන ආයස්මා වඞ්ගීසො භගවතො අවිදූරෙ ඨිතො හොති. සො භගවන්තං එතදවොච “පටිභාති මං භගවා එකං පඤ්හං පුච්ඡිතු”න්ති. “පටිභාතු තං වඞ්ගීසා”ති භගවා අවොච. ආයස්මා වඞ්ගීසො තං සිරිමං දෙවධීතරං –
එකල්හි වනාහී සිරිමා නම් දේව කන්‍යාවිය තමාගේ වස්තු සම්පත්තිය බලා පැමිණි තැන (කොහි සිට පැමිණියාද යන බව) බලන්න පෙර අත්බැව්හි තමාගේ ශරීරය සමීපයෙහි භික්ෂු සංඝයා පිරිවරා ගෙන සිටි භාග්‍යවතුන් වහන්සේ ද, රැස් වූ මහජනකාය ද දැක දේව කන්‍යාවන් පන්සියයක් විසින් පිරිවරන ලදුව, රථ පන්සියයකින් පෙනෙන සිරුරු ඇතිව අවුත් පිරිවර සහිතව රියෙන් බැස භාග්‍යවතුන් වහන්සේට වැඳ කරන ලද ඇඳිලි බැඳීම් ඇතිව සිටියාය. එවේලෙහි වනාහී ආයුෂ්මත් වංගීස තෙරණුවෝ ‘භාග්‍යවතුන් වහන්ස, එක් ප්‍රශ්නයක් ඇසීම සඳහා මට අදහසක් ඇතැ’යි යන මෙය බුදුරදුනට කීහ. ‘වංගීසයෙනි, ඒ ගැන විමසන්න’ යයි භාග්‍යවත්හු වදාළහ. ආයුෂ්මත් වංගීස ස්ථවිර තෙමේ ඒ සිරිමා දෙව්දුවගෙන් මෙසේ විචාළේය.
“යුත්තා ච තෙ පරමඅලඞ්කතා හයා, අධොමුඛා අඝසිගමා බලී ජවා; අභිනිම්මිතා පඤ්චරථාසතා ච තෙ, අන්වෙන්ති තං සාරථිචොදිතා හයා.
යුත්තාච තෙ වජම අලංකතා භයා අධො මුඛා අඝසගමා බලී ජවා, අභිනිමිත්තා පඤ්චරථා සතා ච තෙ අන්වෙන්ති තං සාරථි චොදිතා භයා
අතිශයින් අලංකාර කරන ලද්දා වූ පහත (මහ පොළව) දෙස බලා ගන්නා වූ, අහසින් යන්නා වූ, බලවත් වූ, වේගවත් වූ අශ්වයන් යොදන ලද මනා ලෙස නිර්මිත වූ ඔබගේ පන්සියයක් වූ රථ රියැදුරන් විසින් මෙහෙයවනු ලබන ඒ අශ්වයෝ ඔබ අනුව යත්.
“සා තිට්ඨසි රථවරෙ අලඞ්කතා, ඔභාසයං ජලමිව ජොති පොවකො; පුච්ඡාමි තං වරතනු අනොමදස්සනෙ, කස්මා නු කායා අනධිවරං උපාගමී”ති. – පටිපුච්ඡි;
සා තිට්ඨසි රථවරෙ අලංකතා ඔභාසයං ජල මිව ජොති පාවකො පුච්ඡාමි තං වර තනු අනොම දස්සනෙ කස්මානු තායා අනධිවරං උපාගමී’ති
අලංකාර කරන ලද සිරුර ඇති ඒ ඔබ උතුම් රථයක නැගී (ඉර සඳ තාරකා ආදී) ගිනිසේ බබලන ග්‍රහ වස්තූන් ජලය බබුලුවන්නාක් මෙන් සිටිනෙහිය. ප්‍රිය දැකුම් ඇති මනා සිරුරක් ඇති තැනැත්තියනි, ඔබ කුමන දිව්‍ය සමූහයක සිට උතුම් වූ සම්මා සම්බුදුන් වහන්සේ දකිනු පිණිස පැමිණියෙහිදැයි අසමි’යි ප්‍රශ්න කළේය.
තත්ථ යුත්තා ච තෙ පරමඅලඞ්කතා හයාති පරමං අතිවිය විසෙසතො අලඞ්කතා, පරමෙහි වා උත්තමෙහි දිබ්බෙහි අස්සාලඞ්කාරෙහි අලඞ්කතා, පරමා වා අග්ගා සෙට්ඨා ආජානීයා සබ්බාලඞ්කාරෙහි අලඞ්කතා හයා අස්සා තෙ තව රථෙ යොජිතා, යුත්තා වා තෙ රථස්ස ච අනුච්ඡවිකා, අඤ්ඤමඤ්ඤං වා සදිසතාය යුත්තා සංසට්ඨාති අත්ථො. එත්ථ ච “පරමඅලඞ්කතා”ති පුරිමස්මිං පක්ඛෙ සන්ධිං අකත්වා දුතියස්මිං පක්ඛෙ අවිභත්තිකනිද්දෙසො දට්ඨබ්බො . අධොමුඛාති හෙට්ඨාමුඛා. යදිපි තෙ තදා පකතියාව ඨිතා, දෙවලොකතො ඔරොහණවසෙන “අධොමුඛා”ති වුත්තා. අඝසිගමාති වෙහාසංගමා. බලීති බලවන්තො. ජවාති ජවනකා , බලවන්තො චෙව වෙගවන්තො චාති අත්ථො. අභිනිම්මිතාති තව පුඤ්ඤකම්මෙන නිම්මිතා නිබ්බත්තා. සයං නිම්මිතමෙව වා සන්ධාය “අභිනිම්මිතා”ති වුත්තං නිම්මානරතිභාවතො සිරිමාය දෙවධීතාය. පඤ්චරථාසතාති ගාථාසුඛත්ථං ථකාරස්ස දීඝං ලිඞ්ගවිපල්ලාසඤ්ච කත්වා වුත්තං, විභත්තිඅලොපො වා දට්ඨබ්බො, පඤ්ච රථසතානීති අත්ථො. අන්වෙන්ති තං සාරථිචොදිතා හයාති සාරථීහි චොදිතා විය රථෙසු යුත්තා ඉමෙ හයා භද්දෙ, දෙවතෙ, තං අනුගච්ඡන්ති. “සාරථිඅචොදිතා”ති කෙචි පඨන්ති, සාරථීහි අචොදිතා එව අනුගච්ඡන්තීති අත්ථො. “සාරථිචොදිතා හයා”ති එකංයෙව වා පදං ගාථාසුඛත්ථං දීඝං කත්වා වුත්තං, සාරථිචොදිතහයා පඤ්ච රථසතාති යොජනා.
යුත්තාච තෙ පරම අලංකතා වායා ‘පරමා’ = ඉතා විශේෂ වශයෙන්, ‘අලංකතා’ = අති විශේෂ වූ උතුම් වූ දිව්‍යමය වූ අශ්වාලංකාරයන්ගෙන් අලංකාර කරන ලද, ‘පරම’ යනු අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ, ආජානීය වූ සියලු අලංකාරයන්ගෙන් අලංකාර කරන ලද්දා වූ යනුවෙන් ද අරුත් දැක්විය හැක. හයත = අශ්වයෙක්, ‘තෙ’ ඔබගේ, ‘යුත්තා’ - ඔබගේ රථයෙහි යොදන ලද ඒ අශ්වයෝ රථයට සුදුසු වන්නෝය. ඔවුනොවුන් සමාන බැවින් ‘යුත්තා’ යනු ‘සංසට්ඨ’ (සම්බන්ධ වූ අය) යන අර්ථය ඇත්තේ ද වේ. මෙහි ‘පරම අලංකතා’ යන්නෙහි පෙර කොටසෙහි සන්ධිය නො කොට (සන්ධිය කෙළේ නම් ‘පරමාලංකතා’ යයි පදය සෑදේ.) දෙවන කොටස (වන අලං යන්න) විභක්ති රහිත විය යුතුයයි නිර්දේශ කොට දැක්විය යුත්තේය. අධො මුඛා = පහළට හැරවූ මුව ඇත්තාහු. ඉදින් ඒ අශ්වයන් එකල්හි ප්‍රකෘති ලෙස සිටියාහු නම් දෙව්ලොවින් බැසීම යන අර්ථ වශයෙන් ‘අධො මුඛා’ යයි කියන ලද්දාහුය. අඝසිගමා = අහසෙහි ගමන් කරන්නාහු. බලී බලවත්, ජවා දිවීමෙහි ශක්තිය ඇත්තාහු. බලවත් ද වේගවත් ද යන අර්ථයයි. අභිනිම්මිතා ඔබේ පින්කමෙන් නිර්මාණය වූවාහු උපන්නාහු, සිරිමා නම් දෙව්දුවගේ නිර්මාණයෙන් සතුටට පත්වන බැවින් තමා විසින්ම කරන ලද නිර්මාණය සඳහාම හෝ අභිනිම්මිත යයි කියන ලදී. පඤ්චරථා සතා = ගාථාවෙහි පහසු කියවීම සඳහා ‘ථ’ කාරයට දීර්ඝය ද, ලිංග වෙනසක් ද කොට මෙසේ කියන ලදී. විභක්ති ලොප් නොවීමක් ද දැක්වේ. රථ පන්සියයක් යන අර්ථයයි. අන්වෙන්තිතං සාරථි චොදිතා භයා = යහපත් වූ දේවතාවියනි, රියැදුරන් විසින් මෙහෙයවනු ලබන්නාහු මෙන් රථයන්හි යොදන ලද මේ අශ්වයෝ ඔබ අනුව යත්. සාරථි අචොදිතා’ යනුවෙන් තිබිය යුතුයයි ඇතැමෙක් කියත්. එවිට අර්ථය වන්නේ රියැදුරන් විසින් මෙහෙයවනු ලැබීමක් නැතිවම අශ්වයෝ ඔබ අනුව යත් යන්නයි. ‘සාරථි චොදිතා භයා’ යනු එකම පදයක් වෙයි. ගාථාවේ පහසුව තකා (චොදිත යන පදයේ ‘ත’ කාරයේ ‘අ’ ස්වරය) දීර්ඝ කොට කියන ලදී. ‘සාරමි චොදිත හයා පඤ්චරථ සිතානි’ යයි (අර්ථ දැක්වීම සඳහා යෝජනා කෙරේ.)
සා තිට්ඨසීති සා ත්වං තිට්ඨසි. රථවරෙති රථුත්තමෙ. අලඞ්කතාති සට්ඨිසකටභාරෙහි දිබ්බාලඞ්කාරෙහි අලඞ්කතසරීරා. ඔභාසයං ජලමිව ජොති පාවකොති ඔභාසෙන්තී ජොතිරිව ජලන්තී පාවකො විය ච තිට්ඨසි, සමන්තතො ඔභාසෙන්තී ජලන්තී තිට්ඨසීති වුත්තං හොති. “ජොතී”ති ච චන්දිමසූරියනක්ඛත්තතාරකරූපානං සාධාරණනාමං. වරතනූති උත්තමරූපධරෙ සබ්බඞ්ගසොභනෙ. තතො එව අනොමදස්සනෙ අලාමකදස්සනෙ, දස්සනීයෙ පාසාදිකෙති අත්ථො. කස්මා නු කායා අනධිවරං උපාගමීති කුතො නාම දෙවකායතො අනුත්තරං සම්මාසම්බුද්ධං පයිරුපාසනාය උපගඤ්ඡි උපගතාසි.
සා තිට්ඨසි ඒ ඔබ සිටිනෙහිය. රථවරෙ උතුම් රථයෙහි. අලංකතා ගැල් සැටක බර ඇති දිව්‍යමය අලංකාරයන්ගෙන් සැරසූ ශරීර ඇත්තී. ඔභාසයං ජලමිව ජොති පනවකො ග්‍රහ වස්තූන් ජලය බබුලුවන්නාක් මෙන් බබුලුවමින් ගින්නක් මෙන් ද සිටිනෙහිය. හාත්පසින් ජලය බබුලුවන්නාක් මෙන් සිටිනෙහි යයි කියන ලද්දේ වෙයි. ‘ජොති’ යනු සඳ හිරු නැකැත් තරු ආදියට පොදු වූ නාමයකි. වරතනු උතුම් රූපයක් ඇති හැම අංගයකින්ම ශෝභන වූ තැනැත්තියේ, ඒ නිසාම (ඉදිරි කලු අකුරු පදය හා සම්බන්ධ වේ.) අනොම දස්සනෙ = උසස් පෙනුමක් ඇති තැනැත්තියේ, දර්ශනීය වූ ප්රසාදජනක වූ තැනැත්තියේ යන අර්ථයයි. කස්මානු කායා අනධිවරං උපාගමි = කවරනම් දේව සමූහයක් කෙරෙන් (=දෙව් ලොවකින්) උත්තම වූ සම්මා සම්බුදුරදුන් හමුවට පැමිණියෙහිද?)
එවං ථෙරෙන පුච්ඡිතා සා දෙවතා අත්තානං ආවිකරොන්තී –
මෙසේ තෙරණුවන් විසින් ප්‍රශ්න කරනු ලැබූ ඒ දේවතා තොමෝ තමා (කවරෙක්දැයි) පැහැදිලි කරන්නී
“කාමග්ගපත්තානං යමාහුනුත්තරං, නිම්මාය නිම්මාය රමන්ති දෙවතා; තස්මා කායා අච්ඡරා කාමවණ්ණිනී, ඉධාගතා අනධිවරං නමස්සිතු”න්ති. –
කාමග්ග පත්තානං යමාහුනුත්තරං නිම්මාය නිම්මාය රමන්ති දෙවතා තස්මා කායා අච්ඡරා කාම වණ්ණිනී ඉඨාරතා අනධිවරං නමස්සිතුන්ති
කාම වස්තූන්ගෙන් අගතැන්පත් වූවගේ ඉතා උතුම් වූ යම් වස්තුවක් වේද, දෙවිවරු එය නිර්මාණය කොට එයින් සතුටු වෙත්ද, එම දෙව්ලොව සිට කැමති වර්ණයන් දරන අප්සරාවක් වූ මම බුදුරදුන් වැඳීමට මෙහි පැමිණියා වෙමි.
ගාථමාහ.
යන ගාථාව කීවාය.
තත්ථ කාමග්ගපත්තානං යමාහුනුත්තරන්ති කාමූපභොගෙහි අග්ගභාවං පත්තානං පරනිම්මිතවසවත්තීනං දෙවානං යං දෙවකායං යසෙන භොගාදිවසෙන ච අනුත්තරන්ති වදන්ති, තතො කායා. නිම්මාය නිම්මාය රමන්ති දෙවතාති නිම්මානරතිදෙවතා අත්තනා යථාරුචිතෙ කාමෙ සයං නිම්මිනිත්වා නිම්මිනිත්වා රමන්ති කීළන්ති ලළන්තා අභිරමන්ති. තස්මා කායාති තස්මා නිම්මානරතිදෙවනිකායා . කාමවණ්ණිනීති කාමරූපධරා යථිච්ඡිතරූපධාරිනී. ඉධාගතාති ඉධ ඉමස්මිං මනුස්සලොකෙ, ඉමං වා මනුස්සලොකං ආගතා.
කාමග්ගපත්තානං යමාහුනුත්තරං කැමතිවන පරිභෝග වස්තූන්ගෙන් අග තැන්පත් පරනිර්මිත වසවර්ති දෙවිවරුන්ගේ යම් දිව්‍යලෝකයක් වේද, එය යසසින් ද සම්පත්තියෙන් ද ආදී වශයෙන් ඉතා උසස් යයි කියත්. එම දිව්‍ය සමූහයා කෙරෙන් (මම මෙහි පැමිණියෙමි) යන අර්ථයයි. නිම්මාය නිම්මාය රමන්ති දෙවතා නිර්මාණ රතී දෙවිවරු තමා කැමති කාමවස්තූන් තමාම නිර්මාණය කොට සතුටු වෙත්. ක්‍රීඩා කරත්. නැළවෙත්. අතිශයින් ප්‍රීතියට පත් වෙත්. තස්මා කායා එම නිර්මාණ රතී නම් දේව සමූහයා කෙරෙන්. කාම වණ්ණිතී කැමති වන රූපයක් දරන්නා වූ තැනැත්තිය. ඉධාතො ‘ඉධ’ යනු මෙහි මේ මිනිස්ලොවෙහි යනුයි. මේ මිනිස්ලොවට පැමිණියා වෙමි.
එවං දෙවතාය අත්තනො නිම්මානරතිදෙවතාභාවෙ කථිතෙ පුන ථෙරො තස්සා පුරිමභවං තත්ථ කතපුඤ්ඤකම්මං ලද්ධිඤ්ච කථාපෙතුකාමො –
මෙසේ දෙව්දුව විසින් තම නිර්මාණරතී දේවතාවියක බව ප්‍රකාශ කළ කල්හි නැවත ස්ථවිර තෙමේ ඇයගේ පූර්ව භවයද එහිදී කරන ලද පින්කම්ද, ඇදහීමද ඇය ලවා කියවනු කැමැත්තේ මේ ගාථා දෙක කීය.
“කිං ත්වං පුරෙ සුචරිතමාචරීධ, කෙනච්ඡසි ත්වං අමිතයසා සුඛෙධිතා; ඉද්ධී ච තෙ අනධිවරා විහඞ්ගමා, වණ්ණො ච තෙ දස දිසා විරොචති.
කි ත්වං පුරෙ සුචරිත මා චරී ධ කෙනච්ඡසි ත්වං අමිත යසා සුඛෙ මිතා ඉද්ධීච ත අනධිවරා විභංගමා වණ්ණොච තෙ දසදිසා විරොචතී
ඔබ පෙර කල්හි කවරනම් සුචරිත ධර්මයක් රැස් කෙළෙහිද? කුමක් කරණකොට ගෙන ඔබ අප්‍රමාණ වූ සම්පත් සහිතව වෙසෙන්නෙහිද, අහසින් යන්නා වූ ඔබගේ සෘද්ධි බලය ද ඉතා උසස් ය. ඔබගේ වර්ණයද දස දිසාවන් බබුලුවයි.
“දෙවෙහි ත්වං පරිවුතා සක්කතා චසි, කුතො චුතා සුගතිගතාසි දෙවතෙ; කස්ස වා ත්වං වචනකරානුසාසනිං, ආචික්ඛ මෙ ත්වං යදි බුද්ධසාවිකා”ති. – ද්වෙ ගාථා අභාසි;
දෙවෙහි ත්වං පරිවුතා සක්කතා චසි කුතො චුතා සුගති ගතාසි ද්වෙතෙ කස්ස වා ත්වං වචන කරානුසාසනිං ආචික්ඛමෙ ත්වං යදි බුද්ධ සාවකා’ති
දේවතාවියනි, ඔබ දෙවිවරුන් විසින් පිරිවරනු ලබන්නෙහිය. ගරු කරනු ලබන්නෙහිය. කවරනම් තැනකින් චුත වී සුගතියට ගියෙහිද? ඔබට කවරකුගේ වදන් අනුශාසනා ලෙස පිහිටියේද? ඔබ බුද්ධ ශ්‍රාවිකාවක් වූ සැටි මා හට කියනු මැනවි.
තත්ථ ආචරීති දීඝං කත්වා වුත්තං, උපචිනීති අත්ථො. ඉධාති නිපාතමත්තං, ඉධ වා ඉමස්මිං දෙවත්තභාවෙ. කෙනච්ඡසීති කෙන පුඤ්ඤකම්මෙන අස්සත්ථා අච්ඡසි. “කෙනාසි ත්ව”න්ති කෙචි පඨන්ති. අමිතයසාති න මිතයසා අනප්පකපරිවාරා. සුඛෙධිතාති සුඛෙන වඩ්ඪිතා, සුපරිබ්රූහිතදිබ්බසුඛාති අත්ථො. ඉද්ධීති දිබ්බානුභාවො. අනධිවරාති අධිකා විසිට්ඨා අඤ්ඤා එතිස්සා නත්ථීති අනධිවරා, අතිඋත්තමාති අත්ථො. විහඞ්ගමාති වෙහාසගාමිනී. දස දිසාති දසපි දිසා. විරොචතීති ඔභාසෙති.
ආචරී යනු දීර්ඝකොට කියන ලදී. (රි යන්නෙහි ඉ යන ස්වරය දීර්ඝ කොට ඇත.) රැස් කෙළේය යන අර්ථයයි. ඉධ යනු නිපාත මාත්‍රයකි. ‘ඉධ’ යනුවෙන් මෙම දිව්යත්ම භවයෙහි යන අර්ථය හෝ ගත හැක. කෙනච්ඡසි කවර නම් පුණ්‍ය කර්මයකින් සැනසී සිටින්නෙහිද? ඇතැම්හු ‘කෙනාසි ත්වං’ යි තිබිය යුතු බව කියති. අමිත යසා අප්‍රමාණ වූ සම්පත්තිය ඇත, බොහෝ වූ පිරිවර ඇති. සුඛෙධිතා සුවයෙන් වැඩුණ තැනැත්තිය, සුවයෙන් වර්ධනය වූ දිවසැපත ඇති තැනැත්තිය යන අර්ථයයි. ඉද්ධි දිව්‍යමය ආනුභාවය. අනධිවරා අධික වූ විශිෂ්ට වූ (රහත් බව පිළිබඳ) දැනුම මැයට නැත යනුවෙන් අනධිවරා නම් වේ. (නැත්තේ රහත් බව යයි සඳහන් වන නිසා ඉන් පහළ මාර්ග ඵලයක් තිබිය හැකැයි හැඟවෙන බැවින්) ඉතා උසස් තැනැත්තියකැයි යන අර්ථය වේ. විභංගමා අහසෙහි ගමන් කරන. දසදිසා දිසාවන් දහය. විරොචති බබලයි.
පරිවුතා සක්කතා චසීති සමන්තතො පරිවාරිතා සම්භාවිතා ච අසි. කුතො චුතා සුගතිගතාසීති පඤ්චසු ගතීසු කතරගතිතො චුතා හුත්වා සුගතිං ඉමං දෙවගතිං පටිසන්ධිවසෙන උපගතා අසි. කස්ස වා ත්වං වචනකරානුසාසනින්ති කස්ස නු වා සත්ථු සාසනෙ පාවචනෙ ඔවාදානුසාසනිසම්පටිච්ඡනෙන ත්වං වචනකරා අසීති යොජනා. කස්ස වා ත්වං සත්ථු වචනකරා අනුසාසකස්ස අනුසිට්ඨියං පතිට්ඨානෙනාති එවං වා එත්ථ අත්ථො දට්ඨබ්බො. එවං අනුද්දෙසිකවසෙන තස්සා ලද්ධිං පුච්ඡිත්වා පුන උද්දෙසිකවසෙන “ආචික්ඛ මෙ ත්වං යදි බුද්ධසාවිකා”ති පුච්ඡති. තත්ථ බුද්ධසාවිකාති සබ්බම්පි ඤෙය්යධම්මං සයම්භුඤාණෙන හත්ථතලෙ ආමලකං විය පච්චක්ඛතො බුද්ධත්තා බුද්ධස්ස භගවතො ධම්මස්සවනන්තෙ ජාතාති බුද්ධසාවිකා.
පරිවුතා සක්කතා ඔසී හාත්පසින් පිරිවරන ලද්දී ද, ගරුබුහුමන් කරන ලද්දී ද වන්නෙහිය. කුතො ධුතා සුගති ගතාසි (නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත ලෝකය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය යන) පංචවිධ භවයන් අතුරෙන් කවරනම් භවයකින් චුත වී සුගති සංඛ්‍යාත මෙම දිව්‍ය ආත්ම භාවයට ප්රතිසන්ධි වශයෙන් පැමිණියෙහිද? කස්ස වා ත්වං වචන කරානු සාසතිං ශාස්තෲ ශාසනයේ බුද්ධ වචනයෙහි කවර නම් කෙනෙකුගේ අවවාද පිළිගැනීමෙන් ඔබ ඒ අනුව ක්‍රියා කරන්නියක වූයෙහිද යනුවෙන් අරුත් යෙදිය හැක. (තවද) කවරනම් අනුශාසකවරයකුගේ අනුශාසනයෙහි පිහිටීමෙන් ඔබ මෙසේ ශාස්තෲන් වහන්සේගේ වචන අනුව ක්‍රියා කරන්නියක වූයෙහිද? යනුවෙන් හෝ මෙහි අර්ථ දැක්විය හැක්කේය. මෙසේ අනියම් ප්‍රමාණයකින් ඇයගේ ඇදහීම පිළිබඳව විචාර නැවත නියමිත ලෙසම ‘ආචික්ඛ මෙ ත්වං යදි බුද්ධ සාවිකා’ (=ඔබ බුද්ධ ශ්‍රාවිකාවක් වූ සැටි මා හට කියන්න) යි ප්‍රශ්න කිරීමක් ලෙසින් කීය. බුද්ධසාවිකා දතයුතු සියලු කරුණු අත්ලෙහි වූ නෙල්ලි ගෙඩියක් මෙන් ප්රත්යක්ෂ වශයෙන් අවබෝධ කළ බැවින් ‘බුද්ධ’ නම් වූ උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළ අන්තයෙහි (ධර්මාවබෝධය වශයෙන්) උපන්නාය යන අදහසින් ‘බුද්ධ සාවිකා’ නම් වේ.
එවං ථෙරෙන පුච්ඡිතමත්ථං කථෙන්තී දෙවතා ඉමා ගාථා අභාසි –
මෙසේ තෙරුන් විසින් කරන ලද ප්‍රශ්න කිරීමට පිළිතුරු කියන දේවතා තොමෝ මේ ගාථාවන් කීවාය.
“නගන්තරෙ නගරවරෙ සුමාපිතෙ, පරිචාරිකා රාජවරස්ස සිරිමතො; නච්චෙ ගීතෙ පරමසුසික්ඛිතා අහුං, සිරිමාති මං රාජගහෙ අවෙදිංසු.
නගන්තරෙ නගරචරෙ සුමාපිතෙ පරිචාරිකා නගරවරස්ස සිරීමතො නච්චෙ ගීත පරම සුසික්ඛිතා අහුං සිරිමාති මං රාජගහෙ අවෙදිංසු
පර්වතයන් අතරෙහි මනාව නිමවූ නගර වරයෙහි ශ්‍රීමත් වූ බිම්බිසාර මහරජුගේ සංගීත පරිචාරිකාවක් වූ මම නැටුමෙහි ද ගැයුමෙහි ද ඉතා උසස් ලෙස පුහුණුව ලැබුවෙමි. එම රජගහනුවර (වැසියෝ) ‘සිරිමා’ යනුවෙන් මා හඳුනා ගත්හ.
“බුද්ධො ච මෙ ඉසිනිසභො විනායකො, අදෙසයී සමුදයදුක්ඛනිච්චතං; අසඞ්ඛතං දුක්ඛනිරොධ සස්සතං, මග්ගඤ්චිමං අකුටිලමඤ්ජසං සිවං.
බුද්ධො ච මෙ ඉසිනිසභො විනායකො අදෙසසී සමුදය දුක්ඛ නිච්චතං අසංඛතං දුක්ඛ නිරොධ සස්සතං මග්ගඤ්චිමං අකුටිල මඤ්ජසං සිවං
අති ශ්‍රේෂ්ඨ සෘෂිවරයාණන් ද, ශ්‍රේෂ්ඨ නායකයානන්ද වන මාගේ බුදුන් වහන්සේ සමුදය හා දුඃඛ සත්‍යයන්හි අනිත්‍යභාවය දේශනා කළහ. හේතුවකින් හට නොගත්තා වූත්, සදාකාලික සත්‍යය වූත් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ද කුටිල (හෙවත් වංක) නොවූ, යායුතු වූ, ආරක්ෂිත වූ මෙම දුක්ඛ නිරෝධගාමිනී පටිපදා නම් වූ මාර්ගය ද දේශනා කළහ.
“සුත්වානහං අමතපදං අසඞ්ඛතං, තථාගතස්සනධිවරස්ස සාසනං; සීලෙස්වහං පරමසුසංවුතා අහුං, ධම්මෙ ඨිතා නරවරබුද්ධදෙසිතෙ.
සුත්වානහං අමත පදං අසංඛතං තථාගතස්ස නධීවරස්ස සාසනං සීලෙස්මහං පරම සුසංවුතා අහුං ධම්මෙඨිතා නරවර බුද්ධභාසිතෙ
සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේගේ අසංඛත (හෙවත් හේතුවකින් හට නොගත්) ධර්මයක් වූ අමෘත පදය (හෙවත් නිවනට යොමු වූ දේශනාව) අසා මම සිල් රැකීමෙහි අතිශයින් සංවර වීමි. මනුෂ්යෝත්තම වූ බුදුන් විසින් දේශනා කරන ලද ප්‍රතිපත්ති ධර්මයෙහි පිහිටියෙමි.
“ඤත්වානහං විරජපදං අසඞ්ඛතං, තථාගතෙනනධිවරෙන දෙසිතං; තත්ථෙවහං සමථසමාධිමාඵුසිං, සායෙව මෙ පරමනියාමතා අහු.
ඤත්වානහං විරජපදං අසංඛතං තථාගතෙන නධිවරෙන දෙසිතං තත්ථෙවහං සමථ සමාධි මාඵුසිං සායෙව මෙ පරම නියාමතා අහූ
මම තථාගත බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද හේතුවකින් හට නොගත් ධර්මයයි. කෙලෙසුන්ගෙන් තොර ස්වභාවය හැඳිණගෙන එහිදීම ලෝකෝත්තර සමාධියට පැමිණියෙමි. එයම මා හට මඟ පෙන්වන උතුම් වූ ස්වභාවය විය.
“ලද්ධානහං අමතවරං විසෙසනං, එකංසිකා අභිසමයෙ විසෙසිය; අසංසයා බහුජනපූජිතා අහං, ඛිඩ්ඩාරතිං පච්චනුභොමනප්පකං.
ලද්ධානහං අමතවරං විසෙසනං එකංසිකා අභිසමයෙ විසෙසිය, අසංසයන බහුජන පූජිතා අහං ඛිඩ්ඩාරතිං පච්චනුභොම නප්පකං
මම විශිෂ්ට වූ අමෘතය ලබාගෙන (බුද්ධ, ධම්ම, සංඝ යන) තෙරුවනෙහි සැක නොකොට සත්‍යාවබෝධ කිරීම් වශයෙන් විශේෂත්වයකට පත්වී පහ වූ සැක ඇතිව බොහෝ දෙනා විසින් පුදනු ලැබූ ක්‍රීඩාවන්හි ඇලීම් ආදී බොහෝ වූ ආශාවන් විඳි ගනිමි.
“එවං අහං අමතදසම්හි දෙවතා, තථාගතස්සනධිවරස්ස සාවිකා; ධම්මද්දසා පඨමඵලෙ පතිට්ඨිතා, සොතාපන්නා න ච පන මත්ථි දුග්ගති.
එවං අහං අමත දසම්හි දෙවතා තථාගතස්සන ධිවරසස්ස සාවිකා ධම්මද්දසන පඨම ඵලෙ පතිට්ඨිතා සොතාපන්නා න ච පන මත්ථි දග්ගති
මෙසේ තථාගතයාණන් වහන්සේ ශ්‍රාවිකාවක වූ ධර්මය දකින්නා වූ පළමුවන (සෝවාන් ඵලයෙහි පිහිටියා වූ දේවතාවියක වන මම නිවන දකිමි. සෝවාන් වූ මා හට (මතු) දුගතියක ඉපදීමක් නැත්තේය.
“සා වන්දිතුං අනධිවරං උපාගමිං, පාසාදිකෙ කුසලරතෙ ච භික්ඛවො; නමස්සිතුං සමණසමාගමං සිවං, සගාරවා සිරිමතො ධම්මරාජිනො.
සාවන්දිතුං අනධිවරං උපාගමිං පාසාදිකෙ කුසලරතෙ ච භික්ඛවො නමස්සිතූං සමණ සසමාගමං සිවං සගාරවා සිරිමතො ධම්මරාජිනො
සර්වඥයන් වහන්සේ වන්දනා කිරීමට ද, ශ්‍රමණ සමූහයා විසින් දෙසනු ලබන ධර්මය හා ශ්‍රීමත් ධර්මරාජයාණන් වහන්සේගේ (ශ්‍රාවකයන් වූ) ප්රසාදජනක වූ සහ කුසල්හි ඇලුණ භික්ෂූන් නමස්කාර කිරීමටද ඒ මම පැමිණියෙමි.
“දිස්වා මුනිං මුදිතමනම්හි පීණිතා, තථාගතං නරවරදම්මසාරථිං; තණ්හච්ඡිදං කුසලරතං විනායකං, වන්දාමහං පරමහිතානුකම්පක”න්ති.
දිස්වා මුනිං මුදිත මනම්හි පීණිතා තථාගතං නරවර දම්ම සාරථිං තණ්හච්ඡිදං කුසල රතං විනායකං වන්දාමහං පරමහිතානුකම්පත’න්ති
මම බුදුන්වහන්සේ දැක ප්‍රීතිමත් තෘප්තිමත් සිත් ඇත්තී වෙමි. දමනය කළයුත්තන් දමනය කරන්නා වූ, විනෙයජනයන් හික්මවන්නා වූ, තෘෂ්ණාව සිඳලූ, කුසලයෙහි ඇලුනා වූ, ශ්‍රේෂ්ඨ නායකයාණන් වූ, ලොවට ඉතා හිතවත් වූ, අනුකම්පා සහගත වූ, නරෝත්තම වූ තථාගතයන් වහන්සේ වන්දනා කරමි.
තත්ථ නගන්තරෙති ඉසිගිලිවෙපුල්ලවෙභාරපණ්ඩවගිජ්ඣකූටසඞ්ඛාතානං පඤ්චන්නං පබ්බතානං අන්තරෙ වෙමජ්ඣෙ, යතො තං නගරං “ගිරිබ්බජ”න්ති වුච්චති . නගරවරෙති උත්තමනගරෙ, රාජගහං සන්ධායාහ. සුමාපිතෙති මහාගොවින්දපණ්ඩිතෙන වත්ථුවිජ්ජාවිධිනා සම්මදෙව නිවෙසිතෙ. පරිචාරිකාති සංගීතපරිචරියාය උපට්ඨායිකා. රාජවරස්සාති බිම්බිසාරමහාරාජස්ස. සිරිමතොති එත්ථ “සිරීති බුද්ධිපුඤ්ඤානං අධිවචන”න්ති වදන්ති. අථ වා පුඤ්ඤනිබ්බත්තා සරීරසොභග්ගාදිසම්පත්ති කතපුඤ්ඤං නිස්සයති, කතපුඤ්ඤෙහි වා නිස්සීයතීති “සිරී”ති වුච්චති, සා එතස්ස අත්ථීති සිරිමා, තස්ස සිරිමතො. පරමසුසික්ඛිතාති අතිවිය සම්මදෙව ච සික්ඛිතා. අහුන්ති අහොසිං. අවෙදිංසූති අඤ්ඤාසුං.
නගන්තරෙ ඉසිගිලි, වෙපුල්ල, වෙහාර, පණ්ඩව, ගිජ්ඣකුට යන පංචවිධ පර්වතයන්ගේ අතරෙහි මධ්‍යයෙහි, යම් හෙයකින් මෙසේ වීද ඒ හේතුවෙන් ඒ නගරය ‘ගිරිබ්බජ’ යයි කියනු ලැබේ. නගරවරෙ උතුම් වූ නගරයෙහි, රජගහ නුවර සඳහා කියන ලදී. සුමාපිතෙ මහා ගොවින්ද නම් පඬිවරයා විසින් වාස්තුවිද්‍යා ශිල්පය අනුව මනාව පිහිටුවන ලද. පරිචාරිකා = සංගීත සේවිකාවක ලෙසින් උපස්ථායිකාවක් වූ. රාජවරස්ස බිම්බිසාර මහරජුගේ. සිරිමතො මෙහි ‘සිරි’ යනු බුද්ධිය, පින යන මේවාට යෙදෙන තවත් වචනයකැයි කියති. නැතහොත් පිනෙන් පහළ වූ ශරීර සෞභාග්‍යයක දී සම්පත් පුද්ගලයා විසින් කරන ලද පින් මත පවතී යයි කියා හෝ පින් හේතුවෙන් පවතී යයි කියා හෝ යනුවෙන් ‘සිරී’ යයි කියනු ලැබේ. එම සිරිය මැය හට තිබේය යන අදහසින් සිරිමා යයි කියනු ලැබේ. ඔහුගේ (හෝ ඇයගේ) යන අදහසින් සිරිමතො යයි යෙදේ. පරමසුසික්ඛිතා අතිශයින් ද, මනා ලෙසද හික්මවනු ලැබූ පුහුණු කරවනු ලැබූ) තැනැත්තිය. අහුං = වූයෙමි. අවෙදිංසු දැන ගත්හ.
ඉසිනිසභොති ගවසතජෙට්ඨකො උසභො, ගවසහස්සජෙට්ඨකො වසභො, වජසතජෙට්ඨකො වා උසභො, වජසහස්සජෙට්ඨකො වසභො, සබ්බගවසෙට්ඨො සබ්බපරිස්සයසහො සෙතො පාසාදිකො මහාභාරවහො අසනිසතසද්දෙහිපි අසම්පකම්පියො නිසභො. රථා සො අත්තනො නිසභබලෙන සමන්නාගතො චතූහි පාදෙහි පථවිං උප්පීළෙත්වා කෙනචි පරිස්සයෙන අකම්පියො අචලට්ඨානෙන තිට්ඨති, එවං භගවා දසහි තථාගතබලෙහි සමන්නාගතො චතූහි වෙසාරජ්ජපාදෙහි අට්ඨපරිසපථවිං උප්පීළෙත්වා සදෙවකෙ ලොකෙ කෙනචි පච්චත්ථිකෙන පච්චාමිත්තෙන අකම්පියො අචලට්ඨානෙන තිට්ඨති, තස්මා නිසභො වියාති නිසභො. සීලාදීනං ධම්මක්ඛන්ධානං එසනට්ඨෙන “ඉසී”ති ලද්ධවොහාරෙසු සෙක්ඛාසෙක්ඛඉසීසු නිසභො, ඉසීනං වා නිසභො, ඉසි ච සො නිසභො චාති වා ඉසිනිසභො. වෙනෙය්යසත්තෙ විනෙතීති විනායකො, නායකවිරහිතොති වා විනායකො, සයම්භූති අත්ථො.
ඉසි නිසභො ගවයන් සියයකට දායක වූ ගවයා උසභ නම් වේ. ගවයන් දහසකට නායක වූයේ ‘වසභ’ය. මෙසේ ද අරුත් දැක්වේ. ගව පට්ටි සියයකට දායක වන ගවයා ‘උසභ’ වේ. ගවපට්ටි දහසකට නායක වන ගවයා ‘වසභ’ වේ. සියලුම ගවයන් හට ජ්‍යෙෂ්ඨ වූ සියලු අනතුරු ඉවසාගත හැකි වූ සුදු පැහැති වූ ප්රසාදජනක වූ විශාල බරක් ඉසිලිය හැකි වූ සෙනහඬ සියයකිනුදු කම්පා නොවන්නා වූ ගවයා ‘නිසභ’ නම් වේ. යම්සේ එම ගවයා තමාගේ අධික බලයෙන් යුක්තව පාද සතරෙන් පොළව මැඩ කවර හෝ පීඩාවකින් කම්පනයට පත් නොවෙමින් අචල වූ ස්වභාවයෙන් සිටියිද, එසේම තථාගතයන් වහන්සේ ද දශවිධ වූ තථාගත බලයන්ගෙන් යුක්තව විශාරද ඥාන සතර නමැති පා සතරින් අටවැදෑරුම් පිරිස නමැති පොළව මැඩ දෙවියන් සහිත ලෝකයෙහි කවර වූ හෝ විරුද්ධවාදී පසමිතුරකු විසිනුදු කම්පාවට පත් කරනු ලැබීමට නොහැකි අචල වූ ස්වභාවයෙන් සිටින්නාහ. එයින් ‘නිසභ’ නම් ගවරාජයා මෙනි යන අරුතින් බුදුහු ‘නිසභ’ නම් ද වෙති. ශීලාදී ධර්ම ස්කන්ධයන් සොයාබැලීම (=එසන) යන අර්ථයෙන් ‘ඉසි’ යනුවෙන් ව්‍යවහාර කරනු ලබන පුහුදුන් වන නොපුහුදුන් ඍෂිවරුන් අතුරෙහි ශ්‍රේෂ්ඨයාණන් වන බැවිනුත් නිසභ යයි ද, සෘෂීන් අතුරින් පොදුවේ ශ්‍රේෂ්ඨයාණන් වන බැවිනුත් නිසභ යයි ද ඍෂි (=ඉසි) වූයේත් ශ්‍රේෂ්ඨ (=නිසභ) වූයේත් උන්වහන්සේ වන බැවින් ‘ඉසි නිසභ’ යයි ද තථාගතයන් වහන්සේ හැඳින්වෙති. හික්මවිය යුත්තන් හික්මෙන්නාහ යනුවෙන් විනායක නම් වෙති. (තමන් වහන්සේට) නායකයෙක් නැත යන අරුතින් ද ‘විනායක’ නම් වෙති. සයම්භූ (තමන් වහන්සේ අවබෝධ කරගත්) යන අර්ථයයි.
අදෙසයී සමුදයදුක්ඛනිච්චතන්ති සමුදයසච්චස්ස ච දුක්ඛසච්චස්ස ච අනිච්චතං වයධම්මතං අභාසි. තෙන “යංකිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති අත්තනො අභිසමයඤාණස්ස පවත්තිආකාරං දස්සෙති. සමුදයදුක්ඛනිච්චතන්ති වා සමුදයසච්චඤ්ච දුක්ඛසච්චඤ්ච අනිච්චතඤ්ච. තත්ථ සමුදයසච්චදුක්ඛසච්චග්ගහණෙන විපස්සනාය භූමිං දස්සෙති, අනිච්චතාගහණෙන තස්සා පවත්තිආකාරං දස්සෙති. සඞ්ඛාරානඤ්හි අනිච්චාකාරෙ විභාවිතෙ දුක්ඛාකාරො අනත්තාකාරොපි විභාවිතොයෙව හොති තංනිබන්ධනත්තා තෙසං. තෙනාහ “යදනිච්චං, තං දුක්ඛං, යං දුක්ඛං, තදනත්තා”ති (සං· නි· 3.15). අසඞ්ඛතං දුක්ඛනිරොධසස්සතන්ති කෙනචි පච්චයෙන න සඞ්ඛතන්ති අසඞ්ඛතං , සබ්බකාලං තථභාවෙන සස්සතං, සකලවට්ටදුක්ඛනිරොධභාවතො දුක්ඛනිරොධං අරියසච්චඤ්ච මෙ අදෙසයීති යොජනා. මග්ගඤ්චිමං අකුටිලමඤ්ජසං සිවන්ති අන්තද්වයපරිවජ්ජනෙන කුටිලභාවකරානං මායාදීනං කායවඞ්කාදීනඤ්ච පහානෙන අකුටිලං, තතො එව අඤ්ජසං, අසිවභාවකරානං කාමරාගාදීනං සමුච්ඡින්දනෙන සිවං නිබ්බානං. මග්ගන්ති නිබ්බානත්ථිකෙහි මග්ගීයති, කිලෙසෙ වා මාරෙන්තො ගච්ඡතීති “මග්ගො”ති ලද්ධනාමං ඉදං තුම්හාකඤ්ච මමඤ්ච පච්චක්ඛභූතං දුක්ඛනිරොධගාමිනිපටිපදාසඞ්ඛාතං අරියසච්චඤ්ච මෙ අදෙසයීති යොජනා.
අදෙසයී සමුදය දුක්ඛ නිච්චතං = සමුදය සත්‍යයේ ද, දුඃඛ සත්‍යයේ ද අනිත්‍යභාවය, ව්‍යය වන බව දේශනා කළහ. ඒ නිසා ‘හේතුවකින් හටගන්නා යමක් වේද ඒ සියල්ල නිරුද්ධ (විනාශ) වන ස්වභාවය ඇත්තේය’ යනුවෙන් තමන් වහන්සේගේ අවබෝධ ඥානයේ පවත්නා ස්වභාවය දක්වන සේක. සමුදයත්, දුකත් නිත්‍ය ස්වභාවයත් ඇත්ත යනුවෙන් හෝ සමුදය සත්‍යය ද දුඃඛ සත්‍යය ද අනිත්‍ය ස්වභාවය ඇය හෝ යන ආකාරයෙන් සමුදය හා දුඃඛ සත්‍යයන් ග්‍රහණය කරගැනීමෙන් විදර්ශනාව සඳහා පිහිටුවා ගතහැකි හේතුවක් දක්වයි. අනිත්‍යතාවය ග්‍රහණය කිරීමෙන් එම අනිත්‍යතාවයේ පැවති ආකාරය දක්වයි. සංස්කාරයන්ගේ අනිත්‍ය ආකාරය ප්‍රකට කළ කල්හි දුඃඛාකාරය ද අනාත්මකාරය ද ප්‍රකට කරන ලද්දේම වේ. එය ඒවා හා බැඳී ඇති බැවිනි. එහෙයින් මෙසේ කියන ලදී. යමක් අනිත්‍ය නම් එය දුකක් වේ. යමක් දුක් සහිත නම් එය අනාත්ම වේ. දුසංඛතං දුක්ඛ නිරොධ සස්සතං කවර හෝ හේතුවකින් සංස්කරණය කරන ලද්දේ නොවේ යන අදහසින් අසංඛත නම් වේ. සියලු කල්හිම පවතීය යන අදහසින් සස්සත නම් වේ. සියලුම සසර දුක් නිරුද්ධවීම යන අදහසින් දුක්ඛ නිරෝධ නම් වේ. මා හට ආර්ය සත්‍යය ද දේශනා කළහ යන අදහස මතු කරයි. මග්ගඤ්චිමිං අකුටිල මඤ්ජසං සිවං අන්ත දෙකම බැහැර කිරීමෙන් වංකභාවය ඇති කරන්නා වූ මා යන ස්වභාවය ආදීන්ගේ ද, කායික වංක ස්වභාවය ආදීන්ගේ ද, කායික වංක ස්වභාවය ආදීන්ගේ ද ප්‍රහාණයෙන් යන අදහසින් ‘අකුටිලං’ යි යෙදේ. ඒ හේතුවෙන් මාර්ගය අදහස් වේ. අයහපත සිදු කරන කාමරාග ආදීන් සම්පූර්ණයෙන් නැති කිරීමෙන් ශාන්ත වූ නිර්වාණය අවබෝධ වේ. ‘මග්ගං’ යනු නිර්වාණය අපේක්ෂා කරන්නවුන් විසින් (මෙයම) සොයනු ලැබේය යනුවෙන් හෝ කෙලෙස් නසන තැනැත්තා (මෙහි) ගමන් කරන්නේය යනුවෙන් හෝ ‘මග්ග’ යයි ලද නම් ඇති මෙය ඔබට ද මට ද ප්රත්යක්ෂ වූ දුඃඛ නිරෝධගාමිනී ප්‍රතිපදා සංඛ්‍යාත වූ ආර්ය මාර්ගය ද වේ. මා හට එය දේශනා කළහ යන අදහසයි.
සුත්වානහං අමතපදං අසඞ්ඛතං, තථාගතස්සනධිවරස්ස සාසනන්ති එත්ථ අයං සඞ්ඛෙපත්ථො – තථා ආගමනාදිඅත්ථෙන තථාගතස්ස, සදෙවකෙ ලොකෙ අග්ගභාවතො අනධිවරස්ස, සම්මාසම්බුද්ධස්ස අමතපදං අසඞ්ඛතං නිබ්බානං උද්දිස්ස දෙසිතත්තා, අමතස්ස වා නිබ්බානස්ස පටිපජ්ජනුපායත්තා කෙනචිපි අසඞ්ඛරණීයත්තා ච අමතපදං අසඞ්ඛතං සාසනං සද්ධම්මං අහං සුත්වානාති. සීලෙස්වහන්ති සීලෙසු නිප්ඵාදෙතබ්බෙසු අහං. පරමසුසංවුතාති අතිවිය සම්මදෙව සංවුතා. අහුන්ති අහොසිං. ධම්මෙ ඨිතාති පටිපත්තිධම්මෙ පතිට්ඨිතා.
සුත්වානහං අමත පදං අසංඛතං තථාගතස්ස නධිවරස්ස සාසනන්ති - මෙහි සංකෂේප අර්ථය මෙසේය. ඒ ආකාරයෙන් (පෙර බුදුවරුන් පැමිණි ආකාරයෙන්) පැමිණීම යන ආදී අර්ථයෙන් තථාගතස්ස යි යෙදේ. දෙවියන් සහිත ලෝකයේ අග්‍ර වූ (පුද්ගලයාය) යන අර්ථයෙන් අනධිවරස්ස යි යෙදේ. සම්මා සම්බුදුන් වහන්සේගේ යන අර්ථයයි. අමත පදං අසංඛතං නිවන උදෙසා දේශනා කරන ලද බැවින්, නැතහොත් අමත පදය වූ නිර්වාණය සඳහා පිළිපැදිය යුතු මාර්ගය වූ බැවින් (යන අර්ථයන් යෙදේ.) ඇතැමෙක් ‘සංස්කරණය නොකළ යුතු බැවින්’ යන අදහසින් ද ‘මත පදං අසංඛතං’ යයි කියත්. සාසනං සද්ධර්මය. අහං සුත්වාන (මම සද්ධර්මය අසා.) සීලෙස්වහං පිහිටිය යුතු (නිපදවා ගත යුතු) සීලයන්හි මම. පරම සුසංවුතා අතිශයින් මනා ලෙස යටපත් කළ. අහුං = වූයෙමි. ධම්මෙ ඨිතා = ප්‍රතිපත්ති ධර්මයෙහි පිහිටියා වූ.
ඤත්වානාති සච්ඡිකිරියාභිසමයවසෙන ජානිත්වා. තත්ථෙවාති තස්මිංයෙව ඛණෙ, තස්මිංයෙව වා අත්තභාවෙ. සමථසමාධිමාඵුසින්ති පච්චනීකධම්මානං සමුච්ඡෙදවසෙන සමනතො වූපසමනතො පරමත්ථසමථභූතං ලොකුත්තරසමාධිං ආඵුසිං අධිගච්ඡිං. යදිපි යස්මිං ඛණෙ නිරොධස්ස සච්ඡිකිරියාභිසමයො, තස්මිංයෙව ඛණෙ මග්ගස්ස භාවනාභිසමයො, ආරම්මණපටිවෙධං පන භාවනාපටිවෙධස්සෙව පුරිමසිද්ධිකාරණං විය කත්වා දස්සෙතුං –
ඤත්වාන = ප්රත්යක්ෂ ලෙස අවබෝධ කිරීම් වශයෙන් දැනගෙන. තත්ථෙව = එකෙණෙහිම හෝ එම ආත්ම භාවයෙහි. සමථ සමාධි මාඅසිං = විරුද්ධ ස්වභාවයන් (=හෙවත් ප්‍රතිලෝම ධර්මයන්) සිඳ දැමීම වශයෙන් සමනය කිරීමෙන්, සංසිඳවීමෙන් පරමාර්ථ වශයෙන් සංසිඳීමට පත් වූ ලෝකෝත්තර සමාධිය ස්පර්ශ කෙළෙමි. අවබෝධ කළෙමි. ඉදින් යම්කිසි විටෙක නිරෝධය ප්රත්යක්ෂ වශයෙන් අවබෝධය සිදු වේ ද, එකෙණෙහිම වැඩීමෙහි (=භාවනාවෙහි) අවබෝධය සිදු වේ. අරමුණ අවබෝධ වීම වූ කලී භාවනා අවබෝධයට පෙර සිදුවන කරුණක් මෙන් දැක්වීම පිණිස (මෙම ගාථාව) කියන ලදී.
“ඤත්වානහං විරජපදං අසඞ්ඛතං, තථාගතෙනනධිවරෙන දෙසිතං”.
ඤත්වානහං විරජ පදං අසංඛතං, තථාගතෙන තධිවරෙන දෙසිතං
තත්ථෙවහං ‘සමථසමාධිමාඵුසි’න්ති වුත්තං යථා “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ”න්ති (ම· නි· 1.400; 3.421; සං· නි· 4.60). ඤත්වානාති වා සමානකාලවසෙන වුත්තන්ති වෙදිතබ්බං යථා “නිහන්ත්වාන තමං සබ්බං, ආදිච්චො නභමුග්ගතො”ති. සායෙවාති යා ලොකුත්තරසමාධිඵුසනා ලද්ධා, සායෙව. පරමනියාමතාති පරමා උත්තමා මග්ගනියාමතා.
තත්ථෙවහං සමථ සමාධි මාඵුසින්ති යම්සේ ඇස ද රූපයන් ද හේතු කොටගෙන චක්ඛු විඤ්ඤාණය උපදින්නේ නම් වෙයි. ඤත්වාන සමාන කාල වශයෙන් කියන ලද්දේ යයි දත යුතුය. යම් සේ සියලු අඳුර නසා හිරු අහසට නැගුණේ වේද (එම කාලයෙහි යන අදහසයි.) සායෙව යම් තැනැත්තියක් ලෝකෝත්තර සමාධියට පැමිණියා නම් ඒ තැනැත්තියට වේ. (යන අදහසයි.) පරම නියාමතා = උසස් වූ උතුම් වූ නිවන් මගෙහි ස්ථිරභාවය.
විසෙසනන්ති පුථුජ්ජනෙහි විසෙසකං විසිට්ඨභාවසාධකං. එකංසිකාති “සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝො”ති එකංසගාහවතී රතනත්තයෙ නිබ්බිචිකිච්ඡා. අභිසමයෙ විසෙසියාති සච්චපටිවෙධවසෙන විසෙසං පත්වා. “විසෙසිනී”තිපි පඨන්ති, අභිසමයහෙතු විසෙසවතීති අත්ථො. අසංසයාති සොළසවත්ථුකාය අට්ඨවත්ථුකාය ච විචිකිච්ඡාය පහීනත්තා අපගතසංසයා. “අසංසියා”ති කෙචි පඨන්ති. බහුජනපූජිතාති සුගතීහි පරෙහි පත්ථනීයගුණාති අත්ථො. ඛිඩ්ඩාරතින්ති ඛිඩ්ඩාභූතං රතිං, අථ වා ඛිඩ්ඩඤ්ච රතිඤ්ච ඛිඩ්ඩාවිහාරඤ්ච රතිසුඛඤ්ච.
විසෙසනං = පෘථග්ජනයන් ලවා විශේෂත්වය සිදුකරවන්නා. විශිෂ්ට බව ඇති කරවන්නා. එකංසිකා = භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙති. සද්ධර්මය මනාකොට දේසනා කරන ලද්දකි. සංඝයා මනාව පිළිපන්හ යන වශයෙන් ඒකාන්ත පිළිගැනීම් ඇති, රත්නත්‍රයෙහි සැක නැති. අභිසමයෙ විසෙසියා = සත්‍යය අවබෝධ කිරීම් වශයෙන් විශේෂත්වයට පැමිණ. ‘විසෙසිනී’ යයි ද, ඇතැම්හු කියත්. සත්‍යාවබෝධය කෙරෙහි හේතුවන විශේෂ කරුණු ඇත්තේය යන අර්ථයයි. අසංසයන = සොළොස් තැන්හිද අට තැන්හි ද සැක නැති බැවින් සැකයෙන් තොර වූ. ‘අසංසියා’ යයි ඇතැම්හු කියත්. බහුජන පූජිතා මනා පැවතුම් ඇති අන්‍යයන් විසින් ප්‍රාර්ථනා කළ යුතු ගුණයන්ය යන අර්ථයයි. ඛිඩ්ඩා රති = ක්‍රීඩාව කෙරෙහි ඇලීම, නැතහොත් ක්‍රීඩාව ද රතිය ද, ක්‍රීඩාශීලී පැවැත්මද, රති සුවය ද වේ.
අමතදසම්හීති අමතදසා නිබ්බානදස්සාවිනී අම්හි. ධම්මද්දසාති චතුසච්චධම්මං දිට්ඨවතී. සොතාපන්නාති අරියමග්ගසොතං ආදිතො පත්තා. න ච පන මත්ථි දුග්ගතීති න ච පන මෙ අත්ථි දුග්ගති අවිනිපාතධම්මත්තා.
අමත දසම්හි = අමෘතය දකින්නී, නිර්වාණය දකින්නී වෙමි. ධම්මද්දසන = චතුරාර්ය සත්‍ය ධර්මය දුටු තැනැත්තිය. සොතාපන්නා = ආර්ය මාර්ගය නමැති දියපහරට මුලින් පැමිණි (හෙවත් පැමිණි මුල් අවස්ථාව ඇති) තැනැත්තිය. නච පන මත්ථි දුග්ගති = මට දුගතියක් නොමැත්තේය. දුක් සහිත තැනට වැටෙන පාප ධර්මයන් නැති බැවිනි.
පාසාදිකෙති පසාදාවහෙ. කුසලරතෙති කුසලෙ අනවජ්ජධම්මෙ නිබ්බානෙ රතෙ. භික්ඛවොති භික්ඛූ නමස්සිතුං උපාගමින්ති යොජනා. සමණසමාගමං සිවන්ති සමණානං සමිතපාපානං බුද්ධබුද්ධසාවකානං සිවඤ්ච ධම්මං ඛෙමං සමාගමං සඞ්ගමං පයිරුපාසිතුං උපාගමින්ති සම්බන්ධො. සිරිමතො ධම්මරාජිනොති භුම්මත්ථෙ සාමිවචනං. සිරිමති ධම්මරාජිනීති අත්ථො. එවමෙව ච කෙචි පඨන්ති.
පාසාදිකෙ = ප්‍රසාදය ඇති කරවන්නා වූ. කුසලරතෙ = කුසලයෙහි නිවැරදි වූ (තථාගත) ධර්මයෙහි නිර්වාණයෙහි ඇලුණ. භික්ඛවො = භික්ෂූන් හට නමස්කාර කිරීමට පැමිණියෙමියි යන අදහසයි. සමණ සමාගමං සිවං = පාපයන් සංසිඳවූ ශ්‍රමණවරුන්ගේ, බුදුන් වහන්සේගේ සහ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ ශාන්ත වූ, අභයදායී වූ ධර්මය. ‘සමාගමං’ යනු සංගමයයි, පයිරු පාසිතුං උපාගමිං (ඇසුරු කිරීම සඳහා පැමිණියෙමි) යයි සම්බන්ධ වේ. සිරිමතො ධම්මරාජිනො = භූම්යාර්ථයෙහි සම්බන්ධ වේ. සිරිමතො ධම්ම රාජිනො = භූම්යර්ථයෙහි සම්බන්ධ විභක්ති පදයකි. ‘සිරිමතී ධම්මරාජිනී’ (=ශ්‍රීමත් වූ ධර්මරාජයන් වහන්සේ කෙරෙහි) යනුවෙන් තිබිය යුතුයයි ද ඇතැම්හු කියත්.
මුදිතමනම්හීති මොදිතමනා අම්හි. පීණිතාති තුට්ඨා, පීතිරසවසෙන වා තිත්තා. නරවරදම්මසාරථින්ති නරවරො ච සො අග්ගපුග්ගලත්තා, දම්මානං දමෙතබ්බානං වෙනෙය්යානං නිබ්බානාභිමුඛං සාරණතො දම්මසාරථි චාති නරවරදම්මසාරථි, තං. පරමහිතානුකම්පකන්ති පරමෙන උත්තමෙන හිතෙන සබ්බසත්තානං අනුකම්පකං.
මුදිත මනම්හි = ප්‍රීතිමත් සිත් ඇත්තී වෙමි. පීණිතා = සතුටට පත්වූවා, ප්රීතිරස වශයෙන් තෙත් වූ. නරවර දට්ඨ සාරථිං = උත්තම මනුෂ්‍යයා ද උන්වහන්සේය. උත්තම වූ පුද්ගල ස්වභාවය නිසා දමනය කළ හැක්කා වූ ද, දමනය කළ යුතු වූ ද හික්මවිය යුත්තන් නිවනට යොමුකොට මෙහෙයවන්නා යන අදහසින් ‘දම්ම සාරථි’ යයි යොදනු ලැබේ. ‘නරවර දම්ම සාරථි’ යයි පදය සෑදේ. (තං යනුවෙන් දක්වා ඇත්තේ එය දුතියා විභක්තිය ගත් බවයි.) පරම හිතානුකම්පකං ඉතාම උතුම් හිතවත් බවෙන් යුතුව සියලු සත්ත්වයන් හට අනුකම්පා කරන.
එවං සිරිමා දෙවධීතා අත්තනො ලද්ධිපවෙදනමුඛෙන රතනත්තයෙ පසාදං පවෙදෙත්වා භගවන්තං භික්ඛුසඞ්ඝඤ්ච වන්දිත්වා පදක්ඛිණං කත්වා දෙවලොකමෙව ගතා. භගවා තමෙව ඔතිණ්ණවත්ථුං අට්ඨුප්පත්තිං කත්වා ධම්මං දෙසෙසි, දෙසනාපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු අරහත්තං පාපුණි, සම්පත්තපරිසායපි සා ධම්මදෙසනා සාත්ථිකා ජාතාති.
මෙසේ සිරිමා නම් දෙව්දුව තමාගේ (භක්තිමත්) විශ්වාසය ප්‍රකාශ කිරීම් වශයෙන් රත්නත්‍රය කෙරෙහි වූ ප්‍රසාදය පළකොට භාග්‍යවතුන් වහන්සේ ද භික්ෂු සංඝයා ද වැඳ පැදකුණු කොට දෙව්ලොවටම ගියාය. භාග්‍යවතුන් වහන්සේ කරුණට බැසගැනීමේ එම කථාව අර්ථෝත්පත්ති කොට ධර්ම දේශනා කළහ. උකටලීව සිටි භික්ෂුව දේශනාවසානයෙහි අර්හත්වයට පැමිණියේය. පැමිණි පිරිසට ද ඒ ධර්ම දේශනාව ප්‍රයෝජනවත් විය.
සිරිමාවිමානවණ්ණනා නිට්ඨිතා.
සිරිමා විමාන වර්ණනාව නිමියේය.