යෙදුමෙන් කියවන්න

17. කෙසකාරීවිමානවණ‍්ණනා අට‍්ඨකථා

17. කෙසකාරීවිමානවණ‍්ණනා

17. කෙසකාරීවිමාන වර්ණනා

ඉදං විමානං රුචිරං පභස‍්සරන‍්ති කෙසකාරීවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛූ පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය බාරාණසිං පිණ‍්ඩාය පවිසිංසු. තෙ අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ගෙහද‍්වාරසමීපෙන ගච‍්ඡන‍්ති. තස‍්මිඤ‍්ච ගෙහෙ බ්‍රාහ‍්මණස‍්ස ධීතා කෙසකාරී නාම ගෙහද‍්වාරසමීපෙ මාතු සීසතො ඌකා ගණ‍්හන‍්තී තෙ භික‍්ඛූ ගච‍්ඡන‍්තෙ දිස‍්වා මාතරං ආහ “අම‍්ම, ඉමෙ පබ‍්බජිතා පඨමෙන යොබ‍්බනෙන සමන‍්නාගතා අභිරූපා දස‍්සනීයා පාසාදිකා සුඛුමාලා කෙනචි පාරිජුඤ‍්ඤෙන අනභිභූතා මඤ‍්ඤෙ, කස‍්මා නු ඛො ඉමෙ ඉමස‍්මිංයෙව වයෙ පබ‍්බජන‍්තී”ති ? තං මාතා ආහ “අත්‍ථි, අම‍්ම, සක්‍යපුත‍්තො සක්‍යකුලා පබ‍්බජිතො බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො, සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං, පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති, තස‍්ස ඉමෙ ධම‍්මං සුත්‍වා පබ‍්බජන‍්තී”ති.

ඉදං විමානං රුචිරං පභස්සරං (සිත්කලු වූ ප්‍රභාස්වර වූ මේ විමානය) යනුවෙන් හඳුන්වා ඇති කෙසකාරී විමානය (ඒ පිළිබඳ කථාවයි.) එහි උප්පත්ති කථාව කෙසේද යත්? එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයේ මිගදායෙහි වසන සේක. එකල්හි (එක් දිනයෙක) බොහෝ වූ භික්‍ෂුහු පෙරවරුයෙහි හැඳගෙන පාසිවුරු ගෙන බරණැසෙහි පිඩු පිණිස පිවිසියහ. ඔව්හු එක්තරා බමුණෙකුගේ ගෙහි දොර සමීපයෙන් යන්නාහුය. ඒ නිවසෙහි ගෙහි දොර අසල මවගේ හිසෙන් උකුණන් ගනිමින් සිටියා වූ බමුණාගේ කේසකාරී නම් දියණිය ගමන් කරන්නා වූ ඒ භික්‍ෂූන් දැක මවට මෙසේ කීවාය. මෑණියනි, තරුණ වයසේ මුල් කොටසෙහිම සිටි ඉතා රූමත් දැකුම්කළු ප්‍රසාදජනක සියුමැලි වූ මේ පැවිද්දන් කිසිම ජරාජීර්ණ භාවයකින් වැඩුණු අය නොවෙතියි සිතමි. මේ අය කවර හේතුවක් නිසා මේ වයසේදීම පැවිදි වෙත්ද? මව ඇයට මෙසේ කීවාය. දියණියනි, ශාක්‍යවංශික පුත්‍රයකු වූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ බුද්ධ නම් වූ ශාස්තෲවරයෙක් ලෝකයෙහි පහළ වී සිටියි. උන්වහන්සේ මුල යහපත් වූ මැද යහපත් වූ කෙළවර ද යහපත් වූ අර්ථයෙන් පිරුණ අදහස් ප්‍රකාශ වන සකලාංග සම්පූර්ණ වූ ධර්මයන් දේශනා කරති. පිරිසිදු බ්‍රහ්මචර්යාව (පිළිබඳව) ප්‍රකාශ කරති. මේ තැනැත්තන් උන්වහන්සේ ධර්මය අසා පැවිදි බිමට පත්වෙති.

තෙන ච සමයෙන ආගතඵලො විඤ‍්ඤාතසාසනො අඤ‍්ඤතරො උපාසකො තාය වීථියා ගච‍්ඡන‍්තො තං කථං සුත්‍වා තාසං සන‍්තිකං උපසඞ‍්කමි. අථ නං බ්‍රාහ‍්මණී ආහ “එතරහි ඛො උපාසක බහූ කුලපුත‍්තා මහන‍්තං භොගක‍්ඛන්‍ධං මහන‍්තං ඤාතිපරිවට‍්ටං පහාය සක්‍යසමයෙ පබ‍්බජන‍්ති, තෙ කිං නු ඛො අත්‍ථවසං සම‍්පස‍්සන‍්තා පබ‍්බජන‍්තී”ති? තං සුත්‍වා උපාසකො “කාමෙසු ආදීනවං, නෙක‍්ඛම‍්මෙ ච ආනිසංසං සම‍්පස‍්සන‍්තා”ති වත්‍වා අත‍්තනො ඤාණබලානුරූපං තමත්‍ථං විත්‍ථාරතො කථෙසි, තිණ‍්ණඤ‍්ච රතනානං ගුණෙ පකාසෙසි, පඤ‍්චන‍්නං සීලානං දිට‍්ඨධම‍්මිකං සම‍්පරායිකඤ‍්ච ගුණානිසංසං පවෙදෙසි. අථ බ්‍රාහ‍්මණධීතා තං “කිං අම‍්හෙහිපි සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාය තයා වුත‍්තෙ ගුණානිසංසෙ අධිගන‍්තුං සක‍්කා”ති පුච‍්ඡි. සො “සබ‍්බසාධාරණා ඉමෙ ධම‍්මා භගවතා භාසිතා, කස‍්මා න සක‍්කා”ති වත්‍වා තස‍්සා සරණානි ච සීලානි ච අදාසි. සා ගහිතසරණා සමාදින‍්නසීලා ච හුත්‍වා පුන ආහ “කිං ඉතො උත‍්තරි අඤ‍්ඤම‍්පි කරණීයං අත්‍ථී”ති. සො තස‍්සා විඤ‍්ඤුභාවං සල‍්ලක‍්ඛෙන‍්තො “උපනිස‍්සයසම‍්පන‍්නා භවිස‍්සතී”ති ඤත්‍වා සරීරසභාවං විභාවෙන‍්තො ද‍්වත‍්තිංසාකාරකම‍්මට‍්ඨානං කථෙත්‍වා කායෙ විරාගං උප‍්පාදෙත්‍වා උපරි අනිච‍්චතාදිපටිසංයුත‍්තාය ධම‍්මියා කථාය සංවෙජෙත්‍වා විපස‍්සනාමග‍්ගං ආචික‍්ඛිත්‍වා ගතො. සා තෙන වුත‍්තනයං සබ‍්බං මනසි කත්‍වා පටිකූලමනසිකාරෙ සමාහිතචිත‍්තා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා උපනිස‍්සයසම‍්පත‍්තියා න චිරස‍්සෙව සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. අථාපරෙන සමයෙන කාලං කත්‍වා සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො පරිචාරිකා හුත්‍වා නිබ‍්බත‍්ති, සතසහස‍්සඤ‍්චස‍්සා අච‍්ඡරාපරිවාරො අහොසි. තං සක‍්කො දෙවරාජා දිස‍්වා අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතො පමුදිතහදයො –

ඒ වීථියෙහි යමින් සිටියා වූ ඵලයකට පැමිණ සිටි (බුදු) සසුන පිළිබඳව දැනසිටි එක්තරා උපාසකවරයෙක් එම කථාව අසා ඒ ස්ත්‍රීන්ගේ සමීපයට පැමිණියේය. එවිට බැමිණිය ඔහුට මෙසේ කීවාය. ‘උපාසකයෙනි, මේ කාලයෙහි බොහෝ කුලපුත්‍රයෝ මහත් වූ වස්තු රාශීන් ද බොහෝ වූ නෑදෑ පිරිස් හැරදමා ශාක්‍ය ශාසනයෙහි පැවිදි වෙත්. ඔව්හු කවර නම් ඵලයක් දකිමින් පැවිදි වන්නාහුද? ඒ අසන උපාසක තෙමේ (එසේ පැවිදි වන්නෝ) ගුණය කාමයන්හි ආදීනවය ද, නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද දකින්නාහුය’යි කියන තමාගේ ඥාන ශක්තියට අනුව ඒ කරුණ විස්තර වශයෙන් කීවේය. ත්‍රිවිධ රත්නයේ ගුණ ප්‍රකාශ කළේය. පංච ශීලයන්ගෙන් මෙලොවට හා පරලොවට හා පරලොවට හිමිවන ගුණ අනුසස් පැහැදිලි කළේය. එවිට බමුණු දියණිය කිම සරණ පිහිටීමෙන් ඔබ විසින් කියන ලද ගුණ ආනිසංසයන් ලබාගැනීමට අපටද හැකි වේදැයි ඔහුගෙන් විචාළාය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ධර්මයේ සර්ව සාධාරණය කුමක් නිසා නොදැක්කේදැයි කියා ඇයට (ති) සරණ ද, (පන්) සිල් ද දුන්නේය. ඕ තොමෝ ලබාගත් (ති) සරණ ඇත්තීද, සමාදන් වූ (පන්) සිල් ඇත්තීද වී නැවතද ‘කිම මින් මතුවට අන්‍ය වූ කළයුත්තක් තිබේදැ’යි ඇසුවාය. ඒ (උපාසක) තෙමේ ඇයගේ ඥානවන්ත භාවය සලකමින් ඇය ධර්මාවබෝධයෙහි සමත් වන්නී යයි දැන ශරීරයේ ස්වභාවය පැහැදිලි කරමින් දෙතිස් ආකාර වූ කමටහන් කියන කයෙහි ආශාවන්ගෙන් තොර වීම සඳහා අදහස් උපදවා නැවත අනිත්‍ය ස්වභාවය ආදී කරුණුවලින් යුක්ත වූ දැහැමි කථාවෙන් සංවේග උපදවා විදර්ශනා මාර්ගය කියා දී ගියේය. ඕ තොමෝ ඔහු විසින් කියන ලද සියලුම පිළිවෙළ මෙනෙහිකොට පිළිකුල් බව මෙනෙහි කිරීමෙන් සන්සුන් සිත් ඇත්තේ විදර්ශනා පිහිටුවා හේතුසම්පත් ඇති බැවින් කෙටි කලකදීම සෝවාන් ඵලයෙහි පිහිටියාය. අනතුරුව පසුකලෙක කලුරියකොට සක් දෙව් රජුගේ පරිචාරිකාවක වී උපන්නාය. ඇයට අප්සරාවන් ලක්‍ෂයක් පිරිවර වූහ. සක්දෙව් රජ ඇය දැක ආශ්චර්ය අද්භූත සිත් ඇත්තේ සතුටු සිත් ඇත්තේ ‘ඉදං විමානං රුචිරං පභස්සරං’ යන ආදී ගාථා සතරකින් ඇය විසින් කරන ලද (පූර්ව) කර්මය විචාළේය.

“ඉදං විමානං රුචිරං පභස‍්සරං, වෙළුරියථම‍්භං සතතං සුනිම‍්මිතං; සුවණ‍්ණරුක‍්ඛෙහි සමන‍්තමොත්‍ථතං, ඨානං මමං කම‍්මවිපාකසම‍්භවං.

ඉදං විමානං රුචිරං පභස්සරං වෙළුරියත්‍ථම්හං සත්තං සුනිම්මිතං සොවණ්ණ රුක්‍ඛෙහි සමන්ත මොත්‍ථතං යානං මමං කම්ම විපාක සම්භවං

(අර්ථය) මනාව නිර්මාණය වී ඇති වෛරෝඩි මාණික්‍යමය ටැඹක් මෙන් වූ මනහර වූ සියලු කල්හිම එළිය විහිදුවන්නා වූ ස්වර්ණ වක්‍ෂයන්ගෙන් හාත්පසින් වැසීගියා වූ මාගේ මෙම විමානය මාගේ කර්ම විපාකයෙන්ම පහළ වූවක් වෙයි.

“තත්‍රූපපන‍්නා පුරිමච‍්ඡරා ඉමා, සතං සහස‍්සානි සකෙන කම‍්මුනා; තුවංසි අජ‍්ඣුපගතා යසස‍්සිනී, ඔභාසයං තිට‍්ඨසි පුබ‍්බදෙවතා.

තත්‍රෑපපන්නා පුරිමච්ඡරා ඉමා සතං සහස්සානි සකෙන කම්මුනා තුවංසි අජ්ඣූපගතා යස්සිනී ඔභාසයං තිට්ඨසි පුබ්බ දෙවතා

(අර්ථය) එහි උපන්නා වූ පූර්ව දේවතා වූ මේ මුල් අප්සරාවෝ ලක්‍ෂයක ඔබ ස්වකීය කර්ම බලයෙන් උපන්නෙහිය. පිරිවර සම්පත්තියද ඇත්තෙහිය. පූර්ව දේවතාවියක වූ ඔබ බබලමින් සිටින්නෙහිය.

“සසී අධිග‍්ගය‍්හ යථා විරොචති, නක‍්ඛත‍්තරාජාරිව තාරකාගණං; තථෙව ත්‍වං අච‍්ඡරාසඞ‍්ගණං ඉමං, දද‍්දල‍්ලමානා යසසා විරොචසි.

සසී අධිග්ගය්හ යථා විරොචති නක්‍ඛත්ත රාජාරිව තාරකා ගණං තථෙව ත්‍වං අච්ඡරා සංගමං ඉමං දද්දල්ලමානා යස්සා විරරාචසි

(අර්ථය) යම්සේ නැකැත් තරු වැට රජු මෙන් චන්ද්‍රයා තාරකා සමූහය යටපත් කරමින් බබලන්නේ ද එසේම ඔබ ද මේ අප්සරාවන් මැඩගෙන සම්පත්තියෙන් දීප්තිමත් වෙමින් බබලන්නෙහිය.

“කුතො නු ආගම‍්ම අනොමදස‍්සනෙ, උපපන‍්නා ත්‍වං භවනං මමං ඉදං; බ්‍රහ‍්මංව දෙවා තිදසා සහින්‍දකා, සබ‍්බෙ න තප‍්පාමසෙ දස‍්සනෙන ත”න‍්ති. –

කුතොනු ආගම්ම අනොම දස්සනෙ උප්පන්නා ත්‍වං භවනං මමං ඉදං බ්‍රහ්මං ව දෙවා තිදසා ස ඉන්‍දකා සබ්බෙ න තප්පාමසෙ දස්සනෙන ත්‍වන්ති

(අර්ථය) ශෝභන වූ ශරීරයෙන් යුතු තැනැත්තිය, ඔබ මාගේ මේ භවනයට කොහි සිට පැමිණ උපන්නෙහිද? ඉන්‍දක සහිත වූ තිදෙස් සුර දෙවියන්, බ්‍රහ්ම හා දැකීමෙන් තෘප්ත නොවන්නාක්හු මෙන් අපි සැමදෙනද ඔබ දැකීමෙන් ඇතැයි යන තෘප්තියකට පත් නොවෙමු.

චතූහි ගාථාහි තාය කතකම‍්මං පුච‍්ඡි.

[missing trans]

තත්‍ථ ඉදං විමානන‍්ති යස‍්මිං විමානෙ සා දෙවතා උප‍්පන‍්නා, තං අත‍්තනො විමානං සන්‍ධායාහ. සතතන‍්ති සබ‍්බකාලං රුචිරං පභස‍්සරන‍්ති යොජනා. සතතන‍්ති වා සම‍්මාතතං, අතිවිය විත්‍ථිණ‍්ණන‍්ති අත්‍ථො. සමන‍්තමොත්‍ථතන‍්ති සමන‍්තතො අවත්‍ථතං ඡාදිතං. ඨානන‍්ති විමානමෙව සන්‍ධාය වදති. තඤ‍්හි තිට‍්ඨන‍්ති එත්‍ථ කතපුඤ‍්ඤාති ඨානන‍්ති වුච‍්චති. කම‍්මවිපාකසම‍්භවන‍්ති කම‍්මවිපාකභාවෙන සම‍්භූතං, කම‍්මවිපාකෙන වා සහ සම‍්භූතං. මමන‍්ති ඉදං මම ඨානං මම කම‍්මවිපාකසම‍්භවන‍්ති ද‍්වීහිපි පදෙහි යොජෙතබ‍්බං.

එහි ඉදං විමානං ඒ දේවතා තොමෝ යම් විමානයක උපන්නීද ඒ තමාගේ විමානය සඳහා කියන ලදී. සතතං යනු හැමකල්හිම. රුචිරං පභස්සරං සිත්කළු වූ, ප්‍රභාස්වර වූ. මනාසේ පිහිටුවන ලද අතිශයින් මහත් වූ, සමනත්‍ථ මොත්‍ථතං යනු සම්පූර්ණයෙන් පෙර තිබූ ආකාරය වෙනස්කොට, වසන ලද, ඨානං යනු විමානය සඳහා කියයි. කරන ලද පුණ්‍යකර්ම අනුව සිටියේ යයි කියයි. කම්මවිපාක සම්භවං කර්ම විපාක අනුව හටගන්නා ලදී. ‘මමං’ යනු මගේ කර්මවිපාකානුකූලව හටගනිත් දෙපදයන්හි යෙදිය යුතු.

තත්‍රූපපන‍්නාති ගාථාය අයං සඞ‍්ඛෙපත්‍ථො – තත්‍ර තස‍්මිං යථාවුත‍්තෙ විමානෙ උපපන‍්නාති නිබ‍්බත‍්තා පගෙව උප‍්පන‍්නත‍්තා පුබ‍්බදෙවතා ඉමා පුරිමා අච‍්ඡරායො පරිමාණතො සතං සහස‍්සානි. තුවංසීති ත්‍වං අසි සකෙන කම‍්මුනා අජ‍්ඣුපගතා උපපන‍්නා. යසස‍්සිනීති පරිවාරසම‍්පන‍්නා, තෙනෙව සකෙන කම‍්මුනා කම‍්මානුභාවෙන ඔභාසයන‍්තී විරොචමානා තිට‍්ඨසීති.

තත්‍රෑපපන්නා යන ගාථාවේ මේ සංක්‍ෂේප අර්ථයයි. තත්‍ර එහි කියන ලද විමානයේ උප්පන්නා උපත ලැබීය. පුබ්බදෙවතා ඉමා පුරිමා අජ්ජරායො ප්‍රමාණයෙන්. සත සහස්සානි තුවං සී යනු නුඹවෙහි, සකෙන කම්මුනා අජ්ඣුපගතා ස්වකීය කර්මය විසින් පමුණුවන ලදී. උපදින ලදී. යසස්සිනී පිරිවර සම්පත්තියෙන් පූර්ණව, එසේම, සකෙන කම්මුනා ස්වකී කර්මයාගේ ආනුභාවයෙන් බබළත්, බබළමින්ම සිටී.

ඉදානි තමෙව ඔභාසනං උපමාය විභාවෙන‍්තො “සසී”ති ගාථමාහ. තස‍්සත්‍ථො – යථා සසලඤ‍්ඡනයොගෙන “සසී”ති, නක‍්ඛත‍්තෙහි අධිකගුණතාය “නක‍්ඛත‍්තරාජා”ති ච ලද‍්ධනාමො චන්‍දො සබ‍්බං තාරකාගණං අධිග‍්ගය‍්හ අභිභවිත්‍වා විරොචති විරාජති, තථෙව ත්‍වං ඉමං අච‍්ඡරානං දෙවකඤ‍්ඤානං ගණං සමූහං අත‍්තනො යසසා දද‍්දල‍්ලමානා අතිවිය විජ‍්ජොතමානා විරොචසීති. එත්‍ථ ච “ඉමා”ති “ඉම”න‍්ති ච නිපාතමත‍්තං. කෙචි පන “නක‍්ඛත‍්තරාජාරිව තාරාගණං තථෙව ත්‍ව”න‍්ති පඨන‍්ති.

එහි බැබළීමට උපමා වශයෙන් දක්වමින් ‘සසී’ ආදී ගාථාව කීහ. යථා සාවාගේ ලකුණු යෙදීමෙන්, සසී යන නැකැත් තරුවල අධික ගුණභාවයෙන්, නක්‍ඛත්තරාජා. තරුපති යන නම් ලද චන්ද්‍රයා, තාරකාගණං අධිග්ගය්හ තරු මැඩ පවත්වා විරොචති බබළයි විරාජමාන වේ. තථෙව ත්‍වං ඉමං අච්ඡරා නං එසේම මේ දේව කන්‍යාවෝ. සංගමං තම සමූහය. යස්සා දද්දල්ලමානා යසසින් දිලියෙමින් විරොචසි බබළයි. ඉමාති ඉමං නිපාත මාත්‍රයකි. ‘නක්‍ඛත්ත රාජාජය තාරක ගණං තථෙව ත්‍වං’ යනුවෙන් ද පාඨයක් කියයි.

ඉදානි තස‍්සා දෙවතාය පුරිමභවං තත්‍ථ කතපුඤ‍්ඤඤ‍්ච පුච‍්ඡන‍්තො “කුතො නු ආගම‍්මා”ති ගාථමාහ. තත්‍ථ කුතො නු ආගම‍්මාති කුතො නු භවතො කුතො නු පුඤ‍්ඤකම‍්මතො කාරණභූතතො ඉදං මම භවනං ආගම‍්ම භද‍්දෙ අනොමදස‍්සනෙ සබ‍්බඞ‍්ගසොභනෙ ත්‍වං උපපන‍්නා උප‍්පත‍්තිගහණවසෙන උපගතා. “අනොමදස‍්සනෙ”ති වුත‍්තමෙවත්‍ථං උපමාය පකාසෙන‍්තො “බ්‍රහ‍්මංව දෙවා තිදසා සහින්‍දකා, සබ‍්බෙ න තප‍්පාමසෙ දස‍්සනෙන ත”න‍්ති ආහ. තත්‍ථ යථා බ්‍රහ‍්මානං සහම‍්පතිං සනඞ‍්කුමාරං වා උපගතං සහ ඉන්‍දෙනාති සහින්‍දකා තාවතිංසා දෙවා පස‍්සන‍්තා දස‍්සනෙන න තප‍්පන‍්ති, එවං තව දස‍්සනෙන මයං සබ‍්බෙ දෙවා න තප‍්පාමසෙති අත්‍ථො.

දැන් ඒ දේවතාවියගේ පූර්ව භවයේ දී, කරන ලද පුණ්‍යකර්මය විචාරන්නේ ‘කුතොනු ආගම්මා’ ආදී ගාථාව කීයේය. එහි කුතොනු ආගම්මා කවර පුද්ගලයෙක් ද, කවර පින්කමක් ද කවර හේතූන්දැයි අසයි. ඉදං මගේ භවනං පැමිණීම සොඳුරුය. අනොම දස්සනෙන සෑම අතින්ම ශෝභන වූ. ත්‍වං උප්පන්නා උත්පත්ති වශයෙන් පැමිණීම, සෑම අතින්ම යහපත්ය, උසස්ය යන අර්ථය දක්වන්නට උපමාවක් ප්‍රකාශ කරමින්, බ්‍රහ්මං ව දෙවා තිදසා සඉන්‍දකා සබ්බෙන තප්පාමසෙ දස්සනෙනත්‍වං තිදසෙහි ඉන්‍ද්‍රයා ප්‍රධාන දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද සියළු දෙන ඔබගේ දැකීමෙන් තෘප්තියට පත්වෙති. එහි බ්‍රහ්මයා සනංකුමාර සමග ඉන්‍ද්‍රයා ද ගැනේ. පැමිණියේ වේ. සඉන්‍දකා තව්තිසා වැසි දෙවියෝ ඔබ දැකීමෙන් තෘප්තියට පැමිණෙති යන අර්ථයි.

එවං පන සක‍්කෙන දෙවානමින්‍දෙන පුච‍්ඡිතා සා දෙවතා තමත්‍ථං පකාසෙන‍්තී –

දෙවියන්ට නායක වූ ශක්‍රයා විසින් විමසන ලදුව, ඒ දේවතා තොමෝ තම තොරතුරු ප්‍රකාශ කරමින් යමෙතං ආදී ගාථා දෙක කීහ.

“යමෙතං සක‍්ක අනුපුච‍්ඡසෙ මමං, කුතො චුතා ත්‍වං ඉධ ආගතාති; බාරාණසී නාම පුරත්‍ථි කාසිනං, තත්‍ථ අහොසිං පුරෙ කෙසකාරිකා.

ශක්‍ර දෙවියන් වහන්සේ මා ගිය දවස කළ කුශලයත්, කොහෙන් චුතව මෙහි උපන්නේ ද කියා පෙර විසූ තැනුත් විචාරන්නේ අසනු මැනවි. මම කසීරට බරණැස් නුවර කේසකාරී නම් බැමිණි කුමරියක් වීමි.

“බුද‍්ධෙ ච ධම‍්මෙ ච පසන‍්නමානසා, සඞ‍්ඝෙ ච එකන‍්තගතා අසංසයා; අඛණ‍්ඩසික‍්ඛාපදා ආගතප‍්ඵලා, සම‍්බොධිධම‍්මෙ නියතා අනාමයා”ති. –

එහි බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය පහළව තුබූ බැවින් මම ප්‍රසන්න සිතින් ඒ තුණුරුවන් සරණ ගියෙමි. නොකඩකොට පන්සිල් රැක්කෙමි. ත්‍රිවිධ සංයෝජනයන් දුරුව සෝවාන් ඵලයට පැමිණියෙමි. එයින් චුතව මෙහි ආමි.

ගාථද‍්වයමාහ.

තත්‍ථ යමෙතන‍්ති යං එතං පඤ‍්හන‍්ති අත්‍ථො. අනුපුච‍්ඡසෙති අනුකූලභාවෙන පුච‍්ඡසි. මමන‍්ති මං. පුරත්‍ථීති පුරං අත්‍ථි. කාසිනන‍්ති කාසිරට‍්ඨස‍්ස. කෙසකාරිකාති පුරිමත‍්තභාවෙ අත‍්තනො නාමං වදති. බුද‍්ධෙ ච ධම‍්මෙ චාතිආදිනා අත‍්තනො පුඤ‍්ඤං විභාවෙති.

එහි යමෙතං යනු ඒ ප්‍රශ්නය යන අර්ථයි. අනුපුච්ඡසෙ හිතවත්ව අනුකූල බැවින් විමසත් මමං මා. පුරත්‍ථිති පුරය ඇත. කාසිනං කසී රටේ, කෙසකාරී යනු පෙර ආත්ම භාවයේ කේසකාරී නමින් විසුවෙමි. බුද්ධෙන ධම්මෙච ආදී වශයෙන් තමාගේ පෙර පින්කම් ප්‍රකාශ කරයි.

පුන සක‍්කො තස‍්සා තං පුඤ‍්ඤසම‍්පත‍්තිඤ‍්ච දිබ‍්බසම‍්පත‍්තිඤ‍්ච අනුමොදමානො –

නැවත ශක්‍රයා ඇගේ පුණ්‍ය සම්පත්තිය දිව්‍ය සම්පත්තිය ද, දැක බලා සතුටු වෙමින් ‘තන්ත්‍යාභි නන්‍දා මසෙ’ ආදී ගාථා කීහ.

“තන‍්ත්‍යාභිනන්‍දාමසෙ ස‍්වාගතඤ‍්ච තෙ, ධම‍්මෙන ච ත්‍වං යසසා විරොචසි; බුද‍්ධෙ ච ධම‍්මෙ ච පසන‍්නමානසෙ, සඞ‍්ඝෙ ච එකන‍්තගතෙ අසංසයෙ; අඛණ‍්ඩසික‍්ඛාපදෙ ආගතප‍්ඵලෙ, සම‍්බොධිධම‍්මෙ නියතෙ අනාමයෙ”ති. – ආහ;

බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි පහන් සිත් ඇත්තා වූ නොකඩවා රැකි සිල් ඇතිව, පැමිණෙන ලද සෝවාන් ඵල ඇති හෙයින් ඒකාන්තයෙන් නිවන්මගට පැමිණි එහෙයින්ම අලාමක වූ භද්‍රාවෙනි, මේ දිව්‍ය භවනයට ඔබගේ පැමිණීම යහපත්ය. ධර්මයෙන්ම බබළන තිගේ පිරිවර හා යශස දැක විශේෂයෙන් සතුටු වෙමි.

තත්‍ථ තන‍්ත්‍යාභිනන්‍දාමසෙති තං තෙ දුවිධම‍්පි සම‍්පත‍්තිං අභිනන්‍දාම අනුමොදාම. ස‍්වාගතඤ‍්ච තෙති තුය‍්හඤ‍්ච ඉධාගමනං ස‍්වාගතං, අම‍්හාකං පීතිසොමනස‍්සසංවද‍්ධනමෙව. සෙසං වුත‍්තනයමෙවාති.

එහි තත්ත්‍යාභි නන්‍දාමසෙ යනු දෙ ආකාර වූ සම්පත් දැක සතුටු වෙමි යනුයි. සාගතඤ්ච තෙ යනු තොපගේ මෙහි පැමිණීම ඉතා යහපත් ගමනකි. පැමිණීමකි. එයින් අපගේ ප්‍රීතිය සොම්නස වර්ධනය වේ.

තං පන පවත‍්තිං සක‍්කො දෙවරාජා ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස කථෙසි, ථෙරො භගවතො නිවෙදෙසි. භගවා තමත්‍ථං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා සම‍්පත‍්තපරිසාය ධම‍්මං දෙසෙසි. සා දෙසනා සදෙවකස‍්ස ලොකස‍්ස සාත්‍ථිකා ජාතාති.

මේ ප්‍රවෘත්තිය සක්දෙව් රජු මුගලන් තෙරුන්ට කීහ. මුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොටගෙන පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළහ. එම දේසනාව දෙවියන් සහිත වූ ලෝකයාට සාර්ථක විය.

කෙසකාරීවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

කේසකාරි විමාන වර්ණනාව නිමියේය.

ඉති පරමත්‍ථදීපනියා ඛුද‍්දක-අට‍්ඨකථාය විමානවත්‍ථුස‍්මිං සත‍්තරසවත්‍ථුපටිමණ‍්ඩිතස‍්ස පඨමස‍්ස පීඨවග‍්ගස‍්ස අත්‍ථවණ‍්ණනා නිට‍්ඨිතා.

ප්‍රථම වර්ග අර්ථ වර්ණනාව සමාප්තයි.