1. දාසීවිමානවණ්ණනා අට්ඨකථා
1. දාසීවිමානවණ්ණනා
1. දාසීවිමන වර්ණනා
දුතියවග්ගෙ අපි සක්කොව දෙවින්දොති දාසිවිමානං. තස්ස කා උප්පත්ති? භගවති ජෙතවනෙ විහරන්තෙ සාවත්ථිවාසී අඤ්ඤතරො උපාසකො සම්බහුලෙහි උපාසකෙහි සද්ධිං සායන්හසමයං විහාරං ගන්ත්වා ධම්මං සුත්වා පරිසාය වුට්ඨිතාය භගවන්තං උපසඞ්කමිත්වා “ඉතො පට්ඨාය අහං, භන්තෙ, සඞ්ඝස්ස චත්තාරි නිච්චභත්තානි දස්සාමී”ති ආහ. අථ නං භගවා තදනුච්ඡවිකං ධම්මකථං කථෙත්වා විස්සජ්ජෙසි. සො “මයා, භන්තෙ, සඞ්ඝස්ස චත්තාරි නිච්චභත්තානි පඤ්ඤත්තානි. ස්වෙ පට්ඨාය අය්යා මම ගෙහං ආගච්ඡන්තූ”ති භත්තුද්දෙසකස්ස ආරොචෙත්වා අත්තනො ගෙහං ගන්ත්වා දාසියා තමත්ථං ආචික්ඛිත්වා “තත්ථ තයා නිච්චකාලං අප්පමත්තාය භවිතබ්බ”න්ති ආහ. සා “සාධූ”ති සම්පටිච්ඡි. පකතියාව සා සද්ධාසම්පන්නා පුඤ්ඤකාමා සීලවතී, තස්මා දිවසෙ දිවසෙ කාලස්සෙව උට්ඨාය පණීතං අන්නපානං පටියාදෙත්වා භික්ඛූනං නිසීදනට්ඨානං සුසම්මට්ඨං සුපරිභණ්ඩකං කත්වා ආසනානි පඤ්ඤාපෙත්වා භික්ඛූ උපගතෙ තත්ථ නිසීදාපෙත්වා වන්දිත්වා ගන්ධපුප්ඵධූපදීපෙහි පූජෙත්වා සක්කච්චං පරිවිසති.
දෙවන වර්ගයේ අපි සක්කොච දෙවින්දො යනාදිය දාසී විමානය පිළිබඳවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන කල්හි සැවැත්නුවර වැසි එක්තරා උපාසකවරයෙක්, තවත් බොහෝ වූ උපාසකවරුන් සමග සවස් කල්හි විහාරයට ගොස් දහම් අසා පිරිස නැගිට සිටි කල්හි, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ‘ස්වාමීනි මම මෙතැන් සිට සංඝයාට නිරන්තර සලාක බත් සතරක් දෙන්නෙමි’යි කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ධාර්මික කථාවක් කොට එහි යහපත් බව ඔහුට පහදා දුන්හ. හෙතෙම ස්වාමීනි, මා විසින් සංඝයාට නිති බත් සතරක් දීමට පිළි දෙන ලදී. සෙට දවස පටන් ස්වාමීන් වහන්සේලා මගේ නිවසට පැමිණෙත්වායි, සලාක බත් පිළියෙළ කරන භත්තුද්දේශක හිමියන්ට ද දන්වා තම නිවෙසට ගියේය. හේ නිවසට ගොස් දාසියක කැඳවා හෙට දින සිට මගේ නිවසට පිඩුසිඟා වඩිනු ඇත. ඔබ උන්වහන්සේලාට දන් පිළියෙළ කිරීමේ කාර්යයේ නිරතුරුව, ප්‍රමාද නොවී ක්‍රියා කළයුතු වෙවයි කීයේය. ඕ තොමෝ යහපතැයි පිළිගත්තාය. ඇය ස්වාභාවිකවම ශ්‍රද්ධා සම්පන්නය. පින් කැමැත්තීය. සිල්වත්ය. එහෙයින් දිනපතා කල් ඇතිවම නැගිට ප්රණිත ලෙස ආහාරපාන පිළියෙළ කොට භික්ෂූන් හිඳිනා තැන් සුමට ලෙස මනාව පිරිබඩ ගා අසුන් පණවා භික්ෂූන් පැමිණි කල්හී එහි හිඳුවා වන්දනාමාන කොට සුවඳ දුම් මල් ආදියෙන් පුදා මනාව වළඳවයි.
අථෙකදිවසං භික්ඛූ කතභත්තකිච්චෙ උපසඞ්කමිත්වා වන්දිත්වා එවමාහ “කථං නු ඛො, භන්තෙ, ඉතො ජාතිආදිදුක්ඛතො පරිමුත්ති හොතී”ති. භික්ඛූ තස්සා සරණානි ච පඤ්ච සීලානි ච දත්වා කායසභාවං පකාසෙත්වා පටිකූලමනසිකාරෙ නියොජෙසුං, අපරෙ අනිච්චතාපටිසංයුත්තං ධම්මකථං කථෙසුං. සා සොළස වස්සානි සීලං රක්ඛන්තී අන්තරන්තරා යොනිසො මනසිකරොන්තී එකදිවසං ධම්මස්සවනසප්පායං ලභිත්වා ඤාණස්ස ච පරිපක්කත්තා විපස්සනං වඩ්ඪෙත්වා සොතාපත්තිඵලං සච්ඡාකාසි. සා අපරෙන සමයෙන කාලං කත්වා සක්කස්ස දෙවරඤ්ඤො වල්ලභා පරිචාරිකා හුත්වා නිබ්බත්ති. සා සට්ඨිතූරියසහස්සෙහි පරිචරියමානා අච්ඡරාසතසහස්සපරිවුතා මහන්තං දිබ්බසම්පත්තිං අනුභවන්තී පමුදා මොදමානා සපරිවාරා උය්යානාදීසු විචරති. තං ආයස්මා මහාමොග්ගල්ලානො හෙට්ඨා වුත්තනයෙනෙව දිස්වා –
ඉක්බිති එක් දිනක් භික්ෂූන් වළඳවා නිමිකල්හි (උන්වහසේ) සමීපයට පැමිණ වැඳ ‘ස්වාමීනි, මේ ජාති ආදී දුකින් නිදහස් වීමක් කෙසේ සිදුවේදැ’යි යන ප්‍රශ්න විචාළාය. භික්ෂූහු ඇයට තිසරණ ද සිල් ද දී කයෙහි ස්වභාවය ප්‍රකාශකොට ඇය පිළිකුල් බවෙහි යෙදවීමෙහි පිහිටවූහ. පසුව අනිත්‍යතාවයෙන් යුක්ත වූ ධර්ම දේශනයක් කළහ. ඕ තොමෝ සොළොස් වසක් සිල් රකින්නී එක් දිනක් දහම් ඇසීමෙන් මනා දැක්මක්ද ලැබ නුවණ ද මෝරා ගොස් තිබූ හෙයින් විදසුන් වඩා සෝවාන් ඵලය සාක්ෂාත් කර ගත්තාය. පසුකලෙක කළුරිය කළ ඇය සක්දෙව් රජුගේ වල්ලභ වූ පරිචාරිකාවක් වී උපත ලැබුවාය. තව ද තූර්ය භාණ්ඩ සැටදහසක සේවය ලබමින් අප්සරාවන් සියදහසක් පිරිවර කොටගෙන මහත් වූ දිව්‍ය සම්පත් විඳිමින් ප්‍රීතියෙන් සතුටෙන් පිරිවර සහිතව උයන් ආදියෙහි හැසිරෙන්නීය. ආයුෂ්මත් මුගලන් රහතන් වහන්සේ දිව්‍යලෝක චාරිකාවේ සැරිසරන සේක් ඇය දැක ‘අපි සක්කොච දෙවින්දො’ ආදී ගාථාවන්ගෙන් ඇය විසින් කරන ලද පුණ්යකර්ම විස්තර විචාළහ.
“අපි සක්කොව දෙවින්දො, රම්මෙ චිත්තලතාවනෙ; සමන්තා අනුපරියාසි, නාරීගණපුරක්ඛතා; ඔභාසෙන්තී දිසා සබ්බා, ඔසධී විය තාරකා.
ශක්‍ර දේවේන්ද්‍රයා මෙන් රම්‍ය වූ චිත්‍රලතා වනයෙහි හාත්පසින් අප්සරාවන් සමූහයා පිරිවරාගෙන ඕසධී තාරකාව මෙන් සියලු දිසා බබුළුවමින් හැසිරෙන්නෙහිය.
“කෙන තෙතාදිසො වණ්ණො, කෙන තෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.
මනසට ප්‍රිය වූ යමක් වේද, ඒ සම්පත් ඔබට ලැබෙන්නේය. ඔබට මෙබඳු වර්ණයක් කවර හේතුවකින් ලැබුණේද, ඔබට එබඳු සමෘද්ධියක් කවර පින්කමකින් ලැබුණේද?
“පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති. – පුච්ඡි;
මහත් වූ ආනුභාව ඇති දේවතාවියනි, ඔබේ වර්ණය සියලු දිසාවන් බබළවයි. මෙවැනි දීප්තියක් ආනුභාවයක් කුමක් නිසා ලැබුණේද? මිනිස් දුවක් වූ සමයෙහි කවරනම් පිනක් කළෙහිදැයි අසන්නෙමි යනුවෙන් වදාළහ.
“සා දෙවතා අත්තමනා, මොග්ගල්ලානෙන පුච්ඡිතා; පඤ්හං පුට්ඨා වියාකාසි, යස්ස කම්මස්සිදං ඵලං”.
මුගලන් තෙරුන් විසින් ප්‍රශ්න කරන ලදුව සතුටට පත් සිත් ඇති ඒ දේවතාවිය මේ ඵලය කවර කර්මයක් නිසාදැයි අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් පහත දැක්වෙන පරිදි ප්‍රකාශ කළාය.
“අහං මනුස්සෙසු මනුස්සභූතා, දාසී අහොසිං පරපෙස්සියා කුලෙ.
මිනිස් ලොව දී මිනිස් දුවක වූ මම පරහට මෙහෙ කරන කුලගෙයක දාසියක වීමි.
“උපාසිකා චක්ඛුමතො, ගොතමස්ස යසස්සිනො; තස්සා මෙ නික්කමො ආසි, සාසනෙ තස්ස තාදිනො.
පසැස් ඇත්තා වූ, යසසින් යුතු වූ ගෞතම මුනීන්ද්රයන් වහන්සේගේ උපාසිකාවක වූ මට, කෙළෙස් දුරුකළ උන්වහන්සේගේ ශාසනයේ කෙළෙස් තවන වීර්යය ඇතිවිය.
“කාමං භිජ්ජතුයං කායො, නෙව අත්ථෙත්ථ සණ්ඨනං; සික්ඛාපදානං පඤ්චන්නං, මග්ගො සොවත්ථිකො සිවො.
යම්හෙයකින් මගේ මෙම ශරීරය විනාශ වී යන්නේ නම්, එය එසේ වේවා. මේ ශරීරයේ සන්සිඳීමක් ඇත්තේ නැත. පංච ශික්ෂා පදයගෙන් දක්වන මාර්ගය යහපත් වන්නේය. ශාන්ත වන්නේ ය.
“අකණ්ටකො අගහනො, උජු සබ්භි පවෙදිතො; නික්කමස්ස ඵලං පස්ස, යථිදං පාපුණිත්ථිකා.
කෙළෙස් නමින් හැඳින්වෙන කටු නැත්තා වූ කෙළෙස් ග්‍රහණය කරගැනීමෙන් වෙන් වූ, ඍජු වූ, ඥානවන්තයන් විසින් ප්‍රකාශ කරන ලද්දා වූ, මෙය ආර්ය මාර්ගය වේ. එහි යම්කිසි ඵලයකට මේ ස්ත්‍රිය පැමිණියද, හෙවත් මම පැමිණියෙම්ද, එම වීර්යයේ ඵලය දෙස බලන්න.
“ආමන්තනිකා රඤ්ඤොම්හි, සක්කස්ස වසවත්තිනො; සට්ඨි තූරියසහස්සානි, පටිබොධං කරොන්ති මෙ.
දෙව්ලොව තම වසඟයෙහි පවත්වන්නා වූ සක්දෙව් රජහුගේ සාකච්ඡාවට යෝග්‍ය වූ, තැනැත්තිය වෙමි. සැටදහසක් වූ තූර්ය වාදනයෙන් මා සතුටට සොම්නසට පත් කරයි.
“ආලම්බො ගග්ගරො භීමො, සාධුවාදී ච සංසයො; පොක්ඛරො ච සුඵස්සො ච, වීණාමොක්ඛා ච නාරියො.
ආලම්බය, ගග්ගරය, භීමය, සාධුවාදී සංඝය, පොක්ඛරය, සඵස්සය, යන දිව්‍ය වාදකයෝ ද
“නන්දා චෙව සුනන්දා ච, සොණදින්නා සුචිම්හිතා; අලම්බුසා මිස්සකෙසී ච, පුණ්ඩරීකාති දාරුණී.
නන්දය, සුනන්දාය, සෝණදින්නාය, සුවිම්භිකාය, අලම්බුසාය, මිස්සකේසීය, ඉතා රුදු වූ පුණ්ඩරීකාය,
“එණීඵස්සා සුඵස්සා ච, සුභද්දා මුදුවාදිනී; එතා චඤ්ඤා ච සෙය්යාසෙ, අච්ඡරානං පබොධිකා.
ඒණි පස්සාය, සුඵස්සාය, මුදු වදන් ඇති සුභද්දාය යන මේ වාදක දෙවඟනෝ ද, අප්සරාවන් ප්‍රබෝධමත් කරවන, තවත් දිව්‍ය වාදිකාවෝද, යන මේ දිව්‍ය ස්ත්‍රීහු මා වෙත පැමිණ මා සතුටු කරවත්. දැන් අපි නටමු, ගයමු, ඔබ ප්‍රීතිමත් කරමු යයි ප්‍රියවදන් කියති.
“තා මං කාලෙනුපාගන්ත්වා, අභිභාසන්ති දෙවතා; හන්ද නච්චාම ගායාම, හන්ද තං රමයාමසෙ.
මේ සම්පත්තිය නො කරන ලද පිනකින් ඇති වූවක් නොවේ. ශෝක හේතුවලින් තොර වූ රම්‍ය වූ තිදස්පුර දෙවිවරුන්ගේ මේ මහා උයන ලැබුනේ කරන ලද පින්වලින්මය.
“නයිදං අකතපුඤ්ඤානං, කතපුඤ්ඤානමෙවිදං; අසොකං නන්දනං රම්මං, තිදසානං මහාවනං.
නො කළ පින් ඇති අයට මෙලොව ද, පරලොව ද, සුවයක් නොමැත. සැප වනාහී කරන ලද පින් ඇත්තවුන්ට මෙලොවදී ද පරලොවදී ද ලැබෙන්නේමය. එම තව්තිසාවාසී දෙවිවරුන් හා එක්වනු පිණිස යාමට කැමැත්තවුන් විසින් බොහෝ කුසල් කළයුතු වේ. කරන ලද පින් ඇත්තෝ වනාහි සකල සම්පත්තීන්ගෙන් සමන්විත වූවාහු ප්‍රීතියට පත්වෙති.
“සුඛං අකතපුඤ්ඤානං, ඉධ නත්ථි පරත්ථ ච; සුඛඤ්ච කතපුඤ්ඤානං, ඉධ චෙව පරත්ථ ච.
“තෙසං සහබ්යකාමානං, කත්තබ්බං කුසලං බහුං; කතපුඤ්ඤා හි මොදන්ති, සග්ගෙ භොගසමඞ්ගිනො”ති. – දෙවතා විස්සජ්ජෙසි;
තත්ථ අපි සක්කොව දෙවින්දොති අපිසද්දො සම්භාවනායං, ඉවසද්දො ඉකාරලොපං කත්වා වුත්තො උපමායං, තස්මා යථා නාම සක්කො දෙවානමින්දොති අත්ථො. සක්කසමභාවො තිස්සා දෙවතාය පරිවාරසම්පත්තිදස්සනත්ථං වුත්තො. කෙචි “අපීති නිපාතමත්ත”න්ති වදන්ති. චිත්තලතාවනෙති චිත්තාය නාම දෙවධීතාය පුඤ්ඤානුභාවෙන නිබ්බත්තෙ, චිත්තානං වා විචිත්තපුප්ඵඵලාදිවිසෙසයුත්තානං සන්තානකවල්ලිආදීනං තත්ථ යෙභුය්යතාය චිත්තලතාවනන්ති ලද්ධනාමෙ දෙවුය්යානෙ.
එහි අපි සක්කොච දෙවින්දො මෙහි ‘අපි’ ශබ්දය ගෞරවාර්ථයෙහි වේ. ‘ම’ ශබ්දයේ ‘ඉ’ කාරය ලොප්කොට උපමා අර්ථයෙහි කියන ලදී. එහෙයින් දෙවියන්ට නායක වූ, ශක්‍රයා යම්සේ ද ඒ අයුරින් යන අර්ථයි. ශක්‍රයා උපමා කිරීම වූ කලී මේ දෙව්දුවගේ පිරිස් සම්පත දැක්වීම සඳහා කියන ලදී. ඇතැමෙක් ‘අපි’ යනු නිපාතයක් පමණක්ම යයි කියති. චිත්තලතා වනෙ චිත්තා නම් දෙව්දුවගේ පින් බලයෙන් උපන් බැවින් ද චිත්රයෙන් හෝ විසිතුරු මල් පල ආදී විශේෂයන්ගෙන් යුක්ත වූ සන්තාන නම් දිව්‍ය වෘක්ෂයන්ගෙන් හා වැල් ආදිය බහුලව පවත්නා බැවින් චිත්තලතා වනය යයි නම් ලත් දෙව්ලොව උයනෙහි.
පරපෙස්සියාති පරෙසං කුලෙ තස්මිං තස්මිං කිච්චෙ පෙසනියා, පරෙසං වෙය්යාවච්චකාරීති අත්ථො.
පරපෙස්සියා අනුන්ගේ නිවෙස්වල ඒ ඒ කාර්යයන්හි පණිවුඩ පනත් ගෙනයන තැනැත්තී, අන් අයට වැඩපල කරදෙන තැනැත්තී යන අර්ථයි.
තස්සා මෙ නික්කමො ආසි, සාසනෙ තස්ස තාදිනොති තස්සා දාසියාපි සමානාය පඤ්චහි චක්ඛූහි චක්ඛුමතො බුද්ධස්ස භගවතො උපාසිකා හුත්වා සොළස වස්සානි සීලං රක්ඛන්තියා කම්මට්ඨානඤ්ච මනසි කරොන්තියා මනසිකාරානුභාවෙන මෙ මය්හං උප්පජ්ජමානෙ සත්තතිංසබොධිපක්ඛියධම්මසඞ්ඛාතෙ ඉට්ඨාදීසු තාදිලක්ඛණසම්පත්තියා තාදිනො සත්ථු සාසනෙ තප්පරියාපන්නොයෙව සංකිලෙසපක්ඛතො නික්කමනෙන “නික්කමො”ති ලද්ධනාමො සම්මාවායාමො ආසි අහොසි උප්පජ්ජි.
තස්සා මෙ නික්කමො ආසී සාසනෙ තස්ස තාදිනො යනු දාසියක් වූ ඇයට, පසැස් ඇත්තා වූ භාග්‍යවත් වූ, බුදුන් වහන්සේගේ උපාසිකාවක් වී, සොළොස්වසක් සිල් රකිමින්, කමටහන් ද මෙනෙහි කරමින්, ඒ මෙනෙහි කිරීමේ ආනුභාවයෙන්, මෙ මට උපන්නා වූ තාදී ලක්ෂණ සම්පත්තියෙන් යුත් බැවින්, තාදිනො ශාස්තෲන් වහන්සේගේ සාසනෙ ශාසනයෙහි, ඇතුළත් වන්නා වූ කෙළෙස්වලින් බැහැර වීමේ හේතුවෙන් නික්කමො වීර්ය යයි කියන ලද නම් ඇති, ‘සම්මා වායාම’ය ආසි වූයේය, උපන්නේය යන අදහසයි.
තස්ස පන නික්කමස්ස පුබ්බභාගස්ස පවත්තාකාරං දස්සෙතුං “කාමං භිජ්ජතුයං කායො, නෙව අත්ථෙත්ථ සණ්ඨනන්ති වුත්තං. තස්සත්ථො – යදිපි මෙ අයං කායො භිජ්ජතු විනස්සතු, තත්ථ කිඤ්චිමත්තම්පි අපෙක්ඛං අකරොන්තී එත්ථ එතස්මිං කම්මට්ඨානානුයොගෙ නෙව අත්ථි, මෙ වීරියස්ස සණ්ඨනං සිථිලීකරණන්ති වීරියං සමුත්තෙජෙන්තී විපස්සනං උස්සුක්කාපෙසින්ති.
එම ව්‍යායාමයේ පූර්වභාගයේ පැවති ආකාර දක්වනු පිණිස ‘කාමං භිජ්ජතු යං කායො නෙව අත්ථෙත්ථ සත්ථනං’ යයි කියන ලදී. යම්හෙයකින් මාගේ අයං කායො භිජ්ජතු එහි කිසියම් ප්‍රමාණයක හෝ අපේක්ෂාවක් නැති ආකාරයෙන්ම මේ (ශරීරයේ) විනාශය සිදුවන්නේ හෝ වේවා, එත්ථ එම කර්ම ස්ථානයේ යෙදීමෙහි, නෙව අත්ථි සත්ථානං මාගේ වීර්යයේ ලිහිල් කිරීමක් නැත. වීර්යය තියුණු කළේ, විදර්ශනාව තියුණු කළෙමි යන අර්ථයි.
ඉදානි තථා විපස්සනං උස්සුක්කාපෙත්වා පටිලද්ධගුණං දස්සෙන්තී –
දැන් වනාහි ඒ ආකාරයෙන් විදර්ශනාව තියුණු කොට ලබන ලද ගුණය දක්වන දේවතා වූ මෙසේ කීවාය.
“සික්ඛාපදානං පඤ්චන්නං, මග්ගො සොවත්ථිකො සිවො; අකණ්ටකො අගහනො, උජු සබ්භි පවෙදිතො; නික්කමස්ස ඵලං පස්ස, යථිදං පාපුණිත්ථිකා”ති. – ආහ;
සික්ඛාපදානං පඤ්චන්නං - මග්ගො සොවත්ථිකො සිඛා අකණ්ටකො අගහනො, උජු සබ්හි පවෙදිකො නික්කමස්ස ඵලං පස්ස යථිදං පාපුණිත්ථිකා
පංච සීල පදයන්ගෙන් පෙන්වන මාර්ගය සැපත ගෙන දෙයි. ශාන්ත බව ලබා දෙයි. කෙලෙස් කටුවලින් තොර වේ. කෙළෙස් හා දුසිරිත් ආදිය නැති කරයි. වංකභාවයෙන් තොරය. සත්පුරුෂයන්ගෙන් පැසසුමට ලක්වෙයි. යම්සේ සාමාන්‍ය ස්ත්‍රියක් වන මම යම් ඵලයකට පැමිණියද, ඒ මගේ වීර්යයේ ඵලය බලන්න.
තත්රායං සඞ්ඛෙපත්ථො – යො නිච්චසීලවසෙන සමාදින්නානං පඤ්චන්නං සික්ඛාපදානං සික්ඛාකොට්ඨාසානං උපනිස්සයභාවෙන ලද්ධත්තා තෙසං පරිපූරිතත්තා ච සික්ඛාපදානං පඤ්චන්නං සම්බන්ධීභූතො, යස්මිං සන්තානෙ උප්පන්නො, තස්ස සබ්බාකාරෙන සොත්ථිභාවසම්පාදනතො සුන්දරත්ථභාවතො ච සොවත්ථිකො සොත්ථිකො, සංකිලෙසධම්මෙහි අනුපද්දුතත්තා ඛෙමප්පත්තිහෙතුතාය ච සිවො, රාගකණ්ටකාදීනං අභාවෙන අකණ්ටකො, කිලෙසදිට්ඨිදුච්චරිතගහනසමුච්ඡෙදනතො අගහනො, සබ්බජිම්හවඞ්කකුටිලභාවාපගමහෙතුතාය උජු, බුද්ධාදීහි සප්පුරිසෙහි පකාසිතත්තා සබ්භි පවෙදිතො අරියමග්ගො, තං යථා යෙන උපායභූතෙන ඉත්ථිකා ද්වඞ්ගුලබහලබුද්ධිකාපි සමානා පාපුණිං, තස්ස නික්කමස්ස යථාවුත්තවීරියස්ස ඉදං ඵලං පස්සාති සක්කං ආලපති.
යමෙක් නිත්‍ය ශීලය වශයෙන් සමාදන් වූ ශික්ෂාපද පහේ හික්මීම්හි පිහිටීම නිසා යහපතක් ලබන ලද බැවින් ද, එම ශික්ෂාපද හෙවත් හික්මීම් සම්පූර්ණ කරන ලද බැවින් ද, ශික්ෂාපද පහේ සම්බන්ධවීමක් සිදු වූයේ වෙයි. යමෙකු තුළ තමාගේ සන්තානයෙහි ශික්ෂාපද සම්බන්ධතාවය උපන්නේද, එදිනට හැම අයුරකින්ම යහපත සිදුවීමෙන් ද, යහපත් ආත්ම භාව ලැබීමෙන් සොවත්ථිකො සුවපත් වූයේ යයි කියනු ලැබේ. ක්ලේශයන්ගෙන් උවදුරු සිදු නොවන බැවින් ද, ඒවායින් ආරක්ෂා වීමේ හේතුවෙන් ද, සිව හෙවත් ශාස්තෲ වූ අයෙක් කියනු ලැබේ. රාග නමැති කටු ඇනීමක් සිදු නොවන බැවින්, අකණ්ටක හෙවත් කටු රහිත වූයේ යයි කියනු ලැබේ. කෙළෙස්, දෘෂ්ටි, දුසිරිත් යන අවුල් නැසූ බැවින් අගහනො හෙවත් නිරවුල් තැනැත්තා යයි කියනු ලැබේ. සියලු වංක ගති, කපටි ගති ආදියෙන් වෙන් වූ බැවින් උජු හෙවත් ඍජු තැනැත්තා යයි කියනු ලැබේ. බුද්ධාදී සත්පුරුෂයන් විසින් ප්‍රකාශ කරන ලද (ගුණාංග දරන ලද) බැවින් සබ්හි පවෙදිතො හෙවත් උතුමන් විසින් ප්‍රකාශිත යයි කියනු ලැබේ. එනම් ආර්ය මාර්ගයයි. එය යථා යම් ආකාරයකින් ඉත්ථිකා දෙ අඟලක් පමණ පුළුල් වූ නුවණක් ඇති තැනැත්තියක හා සම්මතයට (හෙවත් ස්ත්‍රීභාවයට) පත්වූයෙමි. එවැනි ස්ත්‍රියකගේ ද, ‘වීර්යයේ’ යන අදහසින් නික්කමස්සි යයි කියනු ලැබේ. කියන ලද ආකාර ඇති එම වීර්යයේ ‘මෙම ප්‍රතිඵලය බලන්න’ යන අදහසින් ඉදං ඵලං පස්ස යයි ශක්‍රයාට කියයි.
ආමන්තනිකා රඤ්ඤොම්හි, සක්කස්ස වසවත්තිනොති සයංවසීභාවෙන වත්තනතො, ද්වීසු දෙවලොකෙසු අත්තනො වසං ඉස්සරියං වත්තෙතීති වා වසවත්තී, තස්ස වසවත්තිනො සක්කස්ස දෙවරඤ්ඤො ආමන්තනිකා ආලාපසල්ලාපයොග්ගා, කීළනකාලෙ වා තෙන ආමන්තෙතබ්බා අම්හි, නික්කමස්ස වීරියස්ස ඵලං පස්සාති යොජනා. ආතතවිතතාදිභෙදෙන පඤ්ච තූරියඞ්ගානි ද්වාදසහි පාණිභාගෙහි එකතො පවජ්ජමානානි සට්ඨි හොන්ති, තානි පන සහස්සමත්තානි පයිරුපාසනවසෙන උපට්ඨිතානි සන්ධායාහ “සට්ඨි තූරියසහස්සානි, පටිබොධං කරොන්ති මෙ”ති. තත්ථ පටිබොධන්ති පීතිසොමනස්සානං පබොධනං.
ආමත්තනිකා රඤ්ඤොම්හි සක්කස්ස වසවත්තිනො - තමා අනුන් වසඟ කරන ස්වභාවයෙන් වෙසෙන බැවින්, දෙදෙව්ලොවෙහි තමන්ට වසඟවන ස්වභාවය හා අධිපති භාවය පවතින්නේය යන අදහසින් වසවත්ති යයි කියනු ලැබේ. මෙය මෙහිදී ශක්‍රයාට කියා ඇත. වසඟයෙහි පවත්වා ගන්නා වූ එම සක්දෙව්ගේ ඇමතුම් ලැබීම්වලට ඇල්ලීම්වලට යෝග්‍ය වූයේ ද, කෙළිදෙළෙන් යුතුව වෙසෙනවිට පවා ඔහුගෙන් ඇමතුම් ලැබීමට සුදුසු වූයේ ද වෙමි. නික්කමස්ස වීර්යයේ ඵලං පස්ස ප්‍රතිඵල බලන්න. ආතත විතත ආදී පංචතූර්ය වාද්‍ය භාණ්ඩයන් දොළසකින් එකවර වාදනය කරනු ලබනවිට සතුටක් ගෙන දෙන්නේය. එම භාණ්ඩ පහ බැගින් වූ තූර්යයන් දහසක් පමණ ආසන්නව යොදා ගැනීමේ ක්‍රියාව සඳහා මෙය යොදන ලදී. එහි පටිබොධන්ති ප්‍රීති ඝෝෂා පවත්වමින් ප්‍රබෝධමත් වීමයි.
ආලම්බොතිආදි තූරියවාදකානං දෙවපුත්තානං එකදෙසතො නාමග්ගහණන්ති වදන්ති, තූරියානං පනෙතං නාමග්ගහණං. වීණාමොක්ඛාදිකා දෙවධීතා. සුචිම්හිතාති සුද්ධමිහිතා, නාමමෙව වා එතං. මුදුවාදිනීති මුදුනාව වදතීති මුදුවාදිනී, මුදුකං අතිවිය වාදනසීලා, නාමමෙව වා. සෙය්යාසෙති සෙය්යතරා. අච්ඡරානන්ති අච්ඡරාසු සඞ්ගීතෙ පාසංසතරා. පබොධිකාති පබොධනකරා.
ආලම්බො යන ආදිය තූර්යවාදක දේ පුයන්ට කියන විශේෂ නාමයකි. මෙම නම් කිරීම තූර්ය භාණ්ඩ ඇසුරෙන් සිදු වේ. වීණා මොක්ඛො - දිව්‍ය ස්ත්‍රීහු වෙති. සුවිම්හිතා පිරිසිදු සිනාව හෝ දෙව්දුවකගේ නාමයක් හෝ වෙයි. මුදුවාදිනී මෘදු ලෙස කථා කරයි යන අදහසින් මුදුවාදිනී වේ. මෘදු ලෙස වැඩි වශයෙන් වාදනය කරනු ලබන තැනැත්තිය ද මුදුවාදිනී වේ. මුදුවාදිනී යන්න නමක් ද වේ. සෙය්යාසෙ = වඩා ශ්‍රේෂ්ඨ වූ, අච්ඡරානං දෙවඟනන් අතරෙහි සංගීතියෙහි ප්‍රශංසා ලබන්නා වූ, පබෝධිකං ප්රබෝධය ඇති කරන්නා වූ,
කාලෙනාති යුත්තප්පත්තකාලෙන. අභිභාසන්තීති අභිමුඛා, අභිරතා වා හුත්වා භාසන්ති. යථා ච භාසන්ති, තං දස්සෙතුං “හන්ද නච්චාම ගායාම, හන්ද තං රමයාමසෙ”ති වුත්තං.
කාලෙන - යම් අරමුණක් සඳහා යෙදවුණු හෝ එළඹුණු කාලය. අභිභාසන්ති ඉදිරිපිටට පැමිණ හෝ නැවතී හෝ කථාකරත්. යම් විධියකින් කථා කරත්ද එය දැක්වීම පිණිසයි. හන්ද නච්චාම ගායාම, හන්ද තං රමයාමසෙ යන්න කියන ලදී. දැන් අපි ගයමු. නටමු. ප්‍රීති වෙමු.
ඉදන්ති ඉදං මයා ලද්ධට්ඨානං. අසොකන්ති ඉට්ඨකන්තපියමනාපානංයෙව රූපාදීනං සම්භවතො විසොකං. තතො එව සබ්බකාලං පමොදසංවද්ධනතො නන්දනං. තිදසානං මහාවනන්ති තාවතිංසදෙවානං මහන්තං මහනීයඤ්ච උය්යානං.
ඉදං මා විසින් ලබන ලද මේ තත්ත්වය, අසොකං මනෝඥ වූ, සිත් ඇදගන්නා වූ, ප්‍රිය වූ මනාප වූ, රූප ආදීන්ගේ හටගැන්මෙන් ශෝකය පහ වූ, එහෙයින්ම හැමකල්හිම ප්‍රමෝදය වර්ධනය කරන බැවින් නන්දනං යී යෙදින. තිදසානං මහාවනං තව්තිසාවේ දෙවිවරුන්ගේ විශාල වූ ද උතුම් වූ උයන.
එවරූපා දිබ්බසම්පත්ති නාම පුඤ්ඤකම්මවසෙනෙවාති ඔදිස්සකනයෙන වත්වා පනු අනොදිස්සකනයෙන දස්සෙන්තී “සුඛං අකතපුඤ්ඤාන”න්ති ගාථමාහ.
මෙබඳු දිව්‍ය සම්පත්තීන් වනාහි පින්කම්හි ඵල වශයෙන්ම ලැබේ යයි නියමිත වශයෙන්ම ප්‍රකාශකොට, නැවත අනියමිත වශයෙන් දක්වන දෙව්දුව ‘සුකං අකත පුඤ්ඤානං’ යන ගාථාව ප්‍රකාශ කළාය.
පුන අත්තනා ලද්ධස්ස දිබ්බට්ඨානස්ස පරෙහි සාධාරණකාමතාවසෙන ධම්මං කථෙන්තී “තෙසං සහබ්යකාමාන”න්ති ඔසානගාථමාහ. තෙසන්ති තාවතිංසදෙවානං. සහබ්යකාමානන්ති සහභාවං ඉච්ඡන්තෙහි, කත්තුඅත්ථෙ හි ඉදං සාමිවචනං. සහ වාති පවත්තතීති සහවො, තස්ස භාවො සහබ්යං යථා වීරස්ස භාවො වීරියන්ති.
තවද තමන් විසින් ලබන ලද දිව්‍යමය තත්ත්වයට සමාන තත්ත්වයක් ලැබීමට අන් අය තුළ ද කැමැත්තක් ඇති කිරීම් වශයෙන්, ධර්ම කාරණා කියන ඒ දෙවඟන ‘තෙසං සහස්‍ය කාමානං’ යනාදී අවසාන ගාථාව ප්‍රකාශ කර ඇත. තෙසං තව්තිසා වැසියන් හට, සහව්ය කාමානං සම්බන්ධ වීමට කැමැත්තවුන් විසින් මෙය කර්තෘ අර්ථයෙහි සම්බන්ධ විභක්ති වචනයි. සහ චාති පවත්තතීති - සහවො ඔවුන් සමග පවත්නේනුයි සහවො, ඔවුන්ගේ ස්වභාවය සභව්යං විරියස්ස භාවො - වීර්යයාගේ ස්වභාවය යන විග්‍රහය අනුව විරියං.
එවං ථෙරො දෙවතාය අත්තනො පුඤ්ඤකම්මෙ ආවිකතෙ තස්සා සපරිවාරාය ධම්මං දෙසෙත්වා දෙවලොකතො ආගන්ත්වා තං පවත්තිං භගවතො ආරොචෙසි. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. සා දෙසනා සදෙවකස්ස ලොකස්ස සාත්ථිකා අහොසීති.
මෙසේ දෙව්දුව විසින් තමන්ගේ පින්කම් ප්‍රකාශ කළ කල්හි තෙරණුවෝ පිරිවර සහිත ඇයට දහම් දෙසා දෙව්ලොවින් පැමිණ පුවත් විස්තරය භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ අදහස අර්ථෝත්පත්ති කොට පැමිණ සිටි පිරිසට දහම් දෙසූහ. ඒ දේශනාව දෙවියන් සහිත ලෝකයාට අර්ථවත් විය.
දාසිවිමානවණ්ණනා නිට්ඨිතා.
දාසී විමාන වර්ණනාව නිමියේය.