යෙදුමෙන් කියවන්න

දාසීවිමානං

2. 1.

2. 1.

156. අපි සක‍්කො’ව දෙවින්‍දො රම‍්මෙ චිත‍්තලතා වනෙ සමන‍්තා අනුප‍්පියාසි නාරීගණපුරක‍්ඛතා ඔභාසෙන‍්තී දිසා සබ‍්බා ඔසධී විය තාරකා.

156. එම්බා දෙව්දුව, තෝ සක්දෙව් රජු මෙන් සිත්කලු සිතුලිය වෙනෙහි දෙවඟනන් විසින් පිරිවරන ලදුව දවහත්තරුව සේ සියලු දිගුන් බබුළුවමින් හාත්පස හැසිරෙහි ද?

157. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.

157. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?

158. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

158. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?

159. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.

159. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මෙසේ පැවසූ ය.

160. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා දාසී අහොසිං පරපෙස‍්සියා කුලෙ උපාසිකා චක‍්ඛුමතො ගොතමස‍්ස යසස‍්සිනො තස‍්සා මෙ නික‍්ඛමො ආසි සාසනෙ තස‍්ස තාදිනො.

160. (වහන්ස,) මම (පෙර) මිනිසුන් අතර මිනිස්දුවක් වූවා පරහට මෙහෙ කරන කුලයෙක්හි දැස්සක් වීමි. පසැස් ඇති යසස් ඇති ගෞතම බුදුරජුන්ගේ උපාසිකාවක් වීමි. තාදී ගුණ ඇති ඒ බුදුරජුන්ගේ ශාසනයෙහි ඒ මාගේ සම්‍යග්ව්‍යායාමයෙක් වීය.

161. කාමං භිජ‍්ජතු’යං කායො නෙව අත්‍ථෙත්‍ථ සන්‍ථනං සික‍්ඛාපදානං පඤ‍්චන‍්නං මග‍්ගො සොවත්‍ථිකො සිවො. 162. අකණ‍්ටකො අගහනො උජු සබ‍්භි පවෙදිතො නික‍්ඛමස‍්ස ඵලං පස‍්ස යථිදං පාපුණිත්‍ථිකා.

161-162. ඒකාන්තයෙන් මේ කය බිඳේවා. මේ කර්‍මස්ථානානුයෝගයෙහි වීර්‍ය්‍යයාගේ ලිහිල් බවෙක් නැත් ම යැ. පස් සිකපදයන්ගේ (පිරිපුන් බැවින්) සැපවත් බව සිදු කෙරෙන නිර්‍භය වූ රාගාදි කටු රහිත කෙලෙස් ලැහැබින් තොර ඍජු වූ බුද්ධාදී සත්පුරුෂයන් විසින් ප්‍රකාශ කරන ලද යම් ආර්‍ය්‍ය මාර්‍ගයෙක් වේ ද, (දෑඟිලි නුවණැති) ස්ත්‍රියක් වූ මම යම්බඳු උපායමාර්‍ගයෙකින් මෙයට පැමිණියෙම් ද, ඒ වීර්‍ය්‍යාගේ මේ ඵලය බලව.

163. ආමන‍්තනිකා රඤ‍්ඤොම‍්හි සක‍්කස‍්ස වසවත‍්තිනො සට‍්ඨිතුරියසහස‍්සානි පටිබොධං කරොන‍්ති මෙ.

163. වශවර්තී වූ සක්දෙව් රජුහුගේ අල්ලාප සල්ලාපය සඳහා අමතන්නියක් වීමි. සැට දහසක් තූර්‍ය්‍යයෝ මාගේ ප්‍රීතිය පුබුදුවත්.

164. ආලම‍්බො ගග‍්ගරො භීමො සාධුවාදී ච සංසයො, පොක‍්ඛරො ච සුඵස‍්සො ච වීණාමොක‍්ඛා ච නාරියො.

164-166. ආලම්බ, ගග්ගර, හීම, සාධුවාදී, සංසය, පොක්බර, සුඵස්ස යන දිව්‍ය පුත්‍රයෝ ද, වීණාමොක්ඛා, නන්‍දා, සුනන්‍දා, සෝණදින්නා, සුවිමහිතා, අලම්බුසා, මිස්සකේසී, පුණ්ඩරීකා, අතිදාරුණි, එණිඵස්සා, සුඵස්සා, සුභද්දා, මුදුවාදිනී යන මේ දෙවඟනෝ ද, අප්සරාවන් අතුරෙන් සංගීතයෙහි ඉතා පැසසිය යුතු වූ පුබුදු කරවන මෙයින් අන්‍ය වූ අප්සරාවෝ ද වෙති.

165. නන්‍දා චෙව සුනන්‍දා ච සොණදින‍්නා සුචිම‍්හිතා අලම‍්බුසා මිස‍්සකෙසී ච පුණ‍්ඩරීකාතිදාරුණී.

166. එණිඵස‍්සා සුඵස‍්සා ච සුභද‍්දා මුදුවාදිනී, එතා චඤ‍්ඤා ච සෙය්‍යසා අච‍්ඡරානං පබොධිකා.

167. කාමං කාලෙනුපාගන‍්ත්‍වා අභිභාසන‍්ති දෙවතා, හන්‍ද නච‍්චාම ගායාම හන්‍ද තං රමයාමසෙ.

167. ඒ දේවතාවෝ සුදුසු කාලයෙහි මා වෙත එළඹ “දැන් නටමු ගයමු දැන් තී සතුටු කරවමු” යි ඉදිරියට පැමිණ කියත්.

168. නයිදං අකතපුඤ‍්ඤානං කතපුඤ‍්ඤානමෙවිදං අසොකං නන්‍දානං රම‍්මං තිදසානං මහාවනං.

168. (මා විසින් ලැබූ ) මේ දෙව් විමන පින් නො කළවුන්ට නො ලැබේ. සෝක නැති තව්තිසාවැසි දෙවියන්ගේ රම්‍ය වූ මේ නන්‍දන මහාවනය පින් කළවුන්ට ම ලැබේ.

169. සුඛං අකතපුඤ‍්ඤානං ඉධ නත්‍ථි පරත්‍ථ ච, සුඛඤ‍්චෙ කතපුඤ‍්ඤානං ඉධ චෙව පරත්‍ථ ච.

169. පින් නො කළවුන්ට මෙලොව හා පරලොව සැපයෙක් නැත. පින් කළවුන්ට ම මෙලොව හා පරලොව සැප ලැබේ.

170. තෙසං සහව්‍යකාමානං කත‍්තබ‍්බං කුසලං බහුං කතපුඤ‍්ඤා හි මොදන‍්ති සග‍්ගෙ භොසසමඞ‍්ගිනොති.

170. ඒ තව්තිසාවැසි දෙවියන් හා සහභාවයට යනු කැමැත්තන් විසින් බොහෝ කුසල් කළයුතු වේ. කළ පිනැත්තෝ ම ස්වර්‍ගයෙහි පස්කම් සැපතින් යුක්ත වූවාහු සතුටු වෙත්.

දාසීවිමානං.

දාසීවිමන යි.