කෙසකාරීවිමානං
1. 17.
1. 17.
149. ඉදං විමානං රුචිරං පභස්සරං වෙළුරියත්ථම්හං සතතං සුනිම්මිතං සොවණ්ණරුක්ඛෙහි සමන්තමොත්ථතං ඨානං මමං කම්මවිපාකසම්භවං.
149. මනාව මැවුණු වෙරළුමිණිමුවා ටැම් ඇති රන්රුකින් හාත්පසින් වැසුණු සියලු කල්හි සිත්කලු වූ පැහැසර වූ මේ විමාන ස්ථානය මාගේ කර්ම විපාකයෙන් පහළ විය.
150. තත්රූපපන්නා පුරිමච්ඡරා ඉමා සතං සහස්සානි සකෙන කම්මුනා තුවංසි අජ්ඣුපගතා යසස්සිනී ඔභාසයං තිට්ඨසි පුබ්බදෙවතා.
150. ඒ විමන්හි උපන් මේ ප්‍රථම දිව්‍යප්සරාවෝ ලක්ෂයක් පමණ වෙති. පිරිවර ඇත්තා වූ තෝ ස්වකීය කර්මානුභාවයෙන් මෙහි උපන්නී වෙහි. ඒ ප්‍රථම දිව්‍යප්සරාවන් බබුළුවමින් සිටිනෙහි.
151. සසී අධිග්ගය්හ යථා විරොචති නක්ඛත්තරාජාරිව තාරකාගණං තථෙව ත්වං අච්ඡරාසඞ්ගමං ඉමං දද්දල්ලමානා යසසා විරොචසි.
151. සසලපින් යුත් සඳු යම් සේ තුරුරැස මැඩගෙන බබළා ද එසේ ම තෝ යසසින් මේ දිවසර මුළුව අතිශයින් බබළවමින් බබළහි.
152. කුතො නු ආගම්ම අනොමදස්සනෙ උප්පන්නා ත්වං භවනං මමං ඉදං බ්රහ්මංව දෙවා තිදසා සඉන්දකා සබ්බෙ න තප්පාමසෙ දස්සනෙන තන්ති.
152. අලාමක දැකුම් ඇත්තීය, තෝ කොතැනකින් නොහොත් කවර පිනෙකින් අවුත් මාගේ මේ විමන්හි උපනිහි ද? ඉන්ද්රයා සහිත වූ තව්තිසා වැසි දෙවියෝ බඹහු දැක යම්සේ සෑහීමට නො පැමිණෙත් ද, එසේ ම (අපි) සියලු දෙන තී දැකීමෙන් සෑහීමට නො පැමිණියෙමු.
153. යමෙතං සක්ක අනුපුච්ඡසෙ මමං කුතො චුතා ත්වං ඉධ ආගතාති බාරාණසී නාම පුරත්ථි කාසිනං තත්ථ පුරෙ අහොසිං කෙසකාරිකා.
153. ශක්‍රය, කවර භවයෙකින් ච්‍යුත ව මෙහි ආයෙහි දැ යි යම් ඒ පැනයක් මා අතින් විචාරහි. කසී රට බරණැස් නම් පුරයෙක් ඇත. මම පෙර ඒ නුවර කේසකාරිකා නම් වීමි.
154. බුද්ධෙ ච ධම්මෙ ච පසන්නමානසා සඞ්ඝෙ ච එකන්තගතා අසංසයා අඛණ්ඩසික්ඛාපදා ආගතප්ඵලා සම්බොධිධම්මෙ නියතා අනාමයාති.
154. බුදුන් කෙරෙහි ද දහම් කෙරෙහි ද සඟුන් කෙරෙහි ද පහන් සිත් ඇතියා නියතගතික වූවා සැක නැතියා නොකඩ සිකපද ඇත්තී පැමිණි ඵල ඇතියා නිවනෙහි නියත වූවා නිදුක් වූවා වෙමි.
155. තනත්යාභිනන්දමසෙ සාගතඤ්ච තෙ ධම්මෙන ච ත්වං යස්සා විරොචසි බුද්ධෙ ච ධම්මෙ ච පසන්නමානසෙ සඞ්ඝෙ ච එකන්තගතෙ අසංසයෙ අඛණ්ඩ සික්ඛාපදෙ ආගතප්ඵලෙ සම්බොධිධම්මෙ නියතෙ අනාමයෙති.
155. බුදුන් කෙරෙහි ද දහම් කෙරෙහි ද සඟුන් කෙරෙහි ද පහන් සිත් ඇති නියතගතික වූ නිසැක වූ නොකඩ සිකපද ඇති පැමිණිඵල ඇති නිවනෙහි නියත වූ එම්බා දෙව්දුව, තෝ ධර්ම සම්පත්තියෙන් ද පරිවාර සම්පත්තියෙන් ද බබළහි. තීගේ ඒ ද්විවිධ සම්පත්තිය පිළිගනිමු. තීගේ මෙහි පැමිණීම ද මනා පැමිණීමෙකි.
කෙසකාරීවිමානං.
කේසකාරීවිමාන යි.
පීඨවග්ගො පඨමො.
ප්‍රථම පීඨවර්ග යි
තස්සුද්දානං:
එහි උද්දානය:
පඤ්චපීඨා තයො නාවා දීපතිලදක්ඛිණා දුවෙ පති ද්වෙ සුණිසා උත්තරා සිරිමා කෙසකාරිකා වග්ගො තෙන පවුච්චතීති.
පඤ්චපීඨ යැ තයෝ නාවා යැ දීපතිල දක්ඛිණා දෙක යැ පතිබ්බතා දෙක යැ සුණිසා දෙක යැ උත්තරා යැ සිරිමා යැ කෙසකාරිකා යැ යි එයින් වර්ගය කියනු ලැබේ.