සිරිමාවිමානං
1. 16.
1. 16.
136. යුත්තා ච තෙ පරම අලඞ්කතා හයා අධොමුඛා අඝසිගමා බලී ජවා අභිනිම්මිතා පඤ්චරථා සතා ච තෙ අන්වෙන්ති තං සාරථිචොදිතා හයා.
136. (එම්බා දෙව්දුව) තීගේ රියෙහි යොදන ලද අශ්වයෝ උතුම් වූ දිව්‍යමය වූ අශ්වාභරණයෙන් සරසන ලදහ, යටිහුරු කළ මුව ඇතියහ, ආකාශචරියහ, බල ඇත්තාහ, ජව ඇත්තාහ. ඒ රිය පන්සියය තීගේ පිනෙන් නිපන. රියැදුරන් විසින් මෙහෙයන ලද්දවුන් වැනි අශ්වයෝ තී අනුව යෙත්.
137. සා තිට්ඨසි රථවරෙ අලඞ්කතා ඔභාසයං ජලමිව ජොතිපාවකො පුච්ඡාමි තං වරතනු අනොමදස්සනෙ කස්මා නු කායා අනධිවරං උපාගමීති.
137. දිව බරණින් සැරැසුණු සඳහිරු තරු සේ බබළන ගිනි සේ දිලියෙන ඒ කී උතුම් රියෙහි සිටිනෙහි ය. අලාමක දර්ශන ඇති උතුම් සිරුරු ඇත්තී ය, කිනම් දිව්‍ය නිකායෙකින් බුදුරදුන් වෙත පැමිණියෙහි දැ යි තී විචාරමි.
138. කාමග්ගපත්තානං යමාහුනුත්තරං නිම්මාය නිම්මාය රමන්ති දෙවතා තස්මා කායා අච්ඡරා කාමවණ්ණිනී ඉධාගතා අනධිවරං නමස්සිතුන්ති.
138. දෙවියෝ කැමති පරිදි කම්සැප මවා ගනිමින් ඇලෙත් ද, කාමසුඛයෙන් අගතැන් පැමිණි තැන් අතුරෙන් යම් දෙව්ලොවක් ශ්‍රේෂ්ඨ යයි කියත් ද ඒ දෙව්ලොවින් කැමති රූ දරන අප්සරාවක් වූ මම බුදුරදුන් වඳින්නට මෙහි ආමි.
139. කිං ත්වං පුරෙ සුචරිතමාචරීධ කෙනච්ඡසි ත්වං අමිතයසා සුඛෙධිතා ඉද්ධී ච තෙ අනධිවරා විහඞ්ගමා වණ්ණො ච තෙ දසදිසා විරොචති.
139. එම්බා දෙව්දුව, තෝ පෙර කවර පිනක් කේලෙහි ද? අපමණ පිරිවර ඇති සැපෙන් වැඩුණු තෝ කවර පිනෙකින් මෙහි (සැනසී) සිටිනෙහි ද? තීගේ අත්‍යුත්තම වූ ආකාශචාරී වූ දිව්‍යානුභාවය ද වෙයි. තීගේ සිරුරුපැහැය ද දස දිගුන් බබුළුවයි.
140. දෙවෙහි තං පරිවුතා සක්කතා චසි කුතො චුතා සුගතිගතාසි දෙවතෙ කස්ස වා ත්වං වචනකරානුසාසනිං ආචික්ඛ මෙ ත්වං යදි බුද්ධසාවිකාති.
140. එම්බා දෙව්දුව, තෝ දෙවියන් විසින් පිරිවරන ලද්දී සත්කාර ද කරන ලද්දී වෙහි. කිනම් භවයෙකින් ච්‍යුත වූවා සුගතියට පැමිණියා වෙහි ද? තෝ කිනම් ශාස්තෘවරයක්හුගේ අවවාදානුශාසනා පිළිගැනීමෙන් වචන කරන්නී වෙහි ද? ඉදින් තෝ බුද්ධශ්‍රාවිකා වූවා නම් මට කියව.
141. නගන්තරෙ නගරවරෙ සුමාපිතෙ පරිචාරිකා රාජවරස්ස සිරීමතො නච්චෙ ගීතෙ පරමසුසික්ඛිතා අහුං සිරිමාති මං රාජගහෙ අවෙදිසුං.
141.(ඉසිගිලි ඈ) පවු අතර මැනැවින් පිහිටුවන ලද උතුම් (රජගහ) නුවර නැටුම් ගැයුම් මැනැව්න් පුහුණු වූ මම සිරිමත් (බිම්සර) රජුගේ පරිචාරිකාවක් වීමි. ඒ මා රජගහ නුවර සිරිමා යැ යි දැනගත්හ.
142. බුද්ධො ච මෙ ඉසිනිසභො විනායකො අදෙසයී සමුදයදුක්ඛනිච්චතං අසඞ්ඛතං දුක්ඛනිරොධසස්සතං මග්ගඤ්චිමං අකුටිලමඤ්ජසං සිවං.
142. ඍෂි ශ්‍රේෂ්ඨ වූ විනායක වූ බුදුරජ සමුදය දුඃඛ සත්‍යයන්ගේ අනිත්‍යතාව ද අසංස්කෘත වූ ශාශ්වත දුඃඛනිරෝධය වූ නිර්වාණය ද අකුටිල වූ කෙලෙස් නසන ආර්ය්යමාර්ගය ද මට පැවසී ය.
143. සුත්වානහං අමතපදං අසඞ්ඛතං තථාගතස්සනධිවරස්ස සාසනං සීලෙස්වහං පරමසුසංවුතා අහුං ධම්මෙ ඨිතා නරවරබුද්ධභාසිතෙ.
143. මම උතුම් වූ තථාගතයන් වහන්සේගේ අසංස්කෘත නිර්වාණයට කරුණු වූ සද්ධර්මය අසා නරශ්‍රේෂ්ඨ වූ බුදුරදුන් විසින් දෙසනලද ප්රතිපත්තියෙහි පිහිටියා වූ මම ශීලයෙහි මැනැවින් සංවෘත වූමු.
144. ඤත්වානහං විරජපදං අසඞ්ඛතං තථාගතෙන නධිවරෙන දෙසිතං තත්ථෙවහං සමථසමාධිමාඵුසිං සා යෙව මෙ පරමනියාමතා අහු.
144. මම උතුම් වූ තථාගතයන් වහන්සේ විසින් දෙසනලද අසංස්කෘත වූ නිර්වාණ පදය දැන මම ඒ අත්බැව්හි ලෝකෝත්තර සමාධිය අවබෝධ කෙළෙමි. ඒ ලෝකෝත්තර සමාධි ස්පර්ශය ම මට උතුම් මාර්ග නියාමය විය.
145. ලද්ධානහං අමතවරං විසෙසනං එකංසිකා අභිසමයෙ විසෙසිය අසංසයා බහුජනපූජිතා අහං ඛිඩ්ඩාරතිං පච්චනුභොමනප්පකං.
145. මම විශිෂ්ඨභාව සාධක වූ උතුම් වූ නිර්වාණය ලැබ සත්‍ය ප්‍රති වේදයෙහි විශේෂයට පැමිණ තුණුරුවන්හි නිසැක වූවා වෙමි. පහවූ සැක ඇති මම බොහෝ දෙනා විසින් පුදන ලදුයෙම් ස්වල්ප නොවූ ක්‍රීඩාරතිය වළඳමි.
146. එවං අහං අමතදස්සම්හි දෙවතා තථාගතස්සනධිවරස්ස සාවිකා ධම්මද්දසා පඨමඵලෙ පතිට්ඨිතා සොතාපන්නා න ච පන මත්ථිදුග්ගති.
146. මෙසේ දෙව්දුවක් වූ මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වූවා නිවන දක්නී වෙමි. පළමු පෙලෙහි පිහිටියා වූ සිවුසස් දහම් දක්නා මම සෝවාන් වීමි. මට දුගතියෙක් නැත් මය.
147. සා වන්දිතුං අනධිවරං උපාගමිං පාසාදිකෙ කුසලරථෙ ච භික්ඛවො නමස්සිතුං සමණසමාගමං සිවං සගාරවා සිරිමතො ධම්මරාජිනො.
147. ගෞරව සහිත වූ ඒ මම බුදුරදුන් වැදීමට ද පැහැදීම ඇති කරණ නිවනෙහි ඇලුණු භික්ෂූන් වැදීමට ද ශ්‍රීමත් වූ බුදුරජාණන් වහන්සේගේ නිර්භය වූ ශ්‍රමණ සමාගමය (ඇසුරු කිරීමට ද) එළඹියෙමි.
148. දිස්වා මුනිං මුදිතමනම්හි පීණිතා තථාගතං නරවරදම්මසාරථිං තණ්හච්ඡිදං කුසලරතං විනායකං වන්දාමහං පරහිතානුකම්පකන්ති.
148. නරශ්‍රේෂ්ඨ වූ පුරුෂදම්යසාරතථී වූ තථාගත වූ බුදුරදුන් දැක පිනා ගියා වූ මම සතුටු සිත් ඇත්තී වෙමි. ඒ මම තෘෂ්ණාව සිඳහළ නිවනෙහි ඇලුණු උතුම් වූ හිතයෙන් සත්ත්වයන්ට අනුකම්පා කරන විනායක වූ තථාගතයන් වහන්සේ වඳිමි.