යෙදුමෙන් කියවන්න

උත‍්තරාවිමානං

1. 15.

1. 15.

124. අභික‍්කන‍්තෙන වණ‍්ණෙන යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ, ඔභාසෙන‍්තී දිසා සබ‍්බා ඔසධී විය තාරකා.

124. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රූසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි?

125. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.

125. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු කවර පිනෙකින් තිට පහළ වෙත් ද?

126. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

126. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?

127. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.

127. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.

128. ඉස‍්සා ච මච‍්ඡෙරමථො පළාසො, නාහොසි මය‍්හං ඝරමාවසන‍්නියා අක‍්කොධනා භත‍්තුවසානුවත‍්තිනී උපොසථෙ නිච‍්චහමප‍්පමත‍්තා.

128. ගිහිගෙහි වසන මට ඊර්‍ෂ්‍යායෙක් හෝ මසුරුබවෙක් හෝ නැවත යුගග්‍රාහයෙක් හෝ නොවීය. ක්‍රෝධ නැත්තී සිය සැමියාගේ අදහස් අනුව පවත්නී පෙහෙවස් රැකීමෙහි නිරතුරු ව අප්‍රමත්ත වූවා වෙමි.

129. චාතුද‍්දසිං පඤ‍්චදසිං යා ච පක‍්ඛස‍්ස අට‍්ඨමී, පාටිහාරියපක‍්ඛඤ‍්ච අට‍්ඨඞ‍්ගසුසමාගතං

129-130. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද යම්බඳු අටවක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද (යන පොහෝ දිනයන්හි) අටඟින් යුත් පෙහෙවස් විසීමි. සියලු කල්හි නිති සිල්හිද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රියසංවරයෙන් යුක්ත වූවා මොනවට බෙදා දෙන්නී ගෙහි විසීමි.

130. උපොසථං උපවසිස‍්සං සදා සීලෙසු සංවුතා, සංයමා සංවිභාගා ච විමානං ආවසාමහං

131. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ‍්ඤතා, ථෙය්‍යා ච අතිචාරා ච මජ‍්ජපානා ච ආරකා.

131. (එකළ මම) පණිවායෙන් දුරු වීමි, මුසවායෙන් සංයත වීමි, අයිනාදනින් මිසහසරින් රහමෙර පීමෙන් දුරු වීමි.

132. පඤ‍්ච සික‍්ඛාපදෙ රතා අරියසච‍්චාන කොවිදා, උපාසිකා චක‍්ඛුමතො ගොතමස‍්ස යසස‍්සිනො.

132. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍ය සත්‍යයෙහි දක්‍ෂ වූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.

133. සාහං සකෙන සීලෙන යසසා ච යසස‍්සිනී, අනුභොමි සකං පුඤ‍්ඤං සුඛිතා චම‍්හි අනාමයා.

133. (එසේම) ඒ මම ස්වකීය සීලයෙන් ද කීර්තියෙන් ද යසස් ඇතියා සිය පින්පල විදීමි. නිරෝග වූවා සැප ඇතියා ද වෙමි.

134. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

134. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.

135. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමහං අකාසිං තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.

135. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. වහන්ස, උත්තරා නම් උපාසිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාදයන් මස්තකයෙන් වඳී.

මම ච භන‍්තෙ වචනෙන භගවතො පාදෙ සිරසා වන්‍දෙය්‍යාසි, උත‍්තරා නාම භන‍්තෙ උපාසිකා භගවතො පාදෙ සිරසා වන්‍දතීති අනච‍්ඡරියං ඛො පනෙතං භන‍්තෙ යං මං භගවා අඤ‍්ඤතරස‍්මිං සාමඤ‍්ඤඵලෙ ව්‍යාකරෙය්‍ය. තං භගවා සකදාගාමිඵලෙ වියාකාසීති.

වහන්ස, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් වඳිනු මැනැවි. වහන්ස, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ මා එක්තරා මාර්‍ගඵලයෙක්හි ලා වදාරන සේක් නම් ඒ පුදුමයෙක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ ඒ (මා) සකෘදාගාමී ඵලයෙහි ලා ප්‍රකාශ කළ සේක.

උත‍්තරාවිමානං.

උත්තරාවිමාන යි.