ලඛුමාවිමානං
2. 2.
2. 2.
171. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරාකා.
171. එම්බා දෙව්දුව යම්බඳු වූ තෝ මන රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි?
172. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
172. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
173. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
173. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
174. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
174. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි මෙසේ පැවැසූ ය.
175. කෙවට්ටද්වාරා නික්ඛම්ම අහු මය්හං නිවෙසනං, තත්ථ සඤ්චරමානානං සාවකානං මහෙසිනං.
175-176. (බරණැස) කෙවුල් ගම්දොරින් නික්මෙන තැන මාගේ නිවාසය වී ය. එහි පිඬු පිණිස හැසිරෙන මහර්ෂීන්ගේ සවුවනට බත් ද කොමු පිඬු ද පලාකොළ (එළවලු) ද ලෝණසෝවීරකය ද ඍජු සිතැත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් පිදීමි.
176. ඔදනං කුම්මාසං සාකං ලොණසොවීරකඤ්චහං, අදාසිං උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා.
177. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං
177-178. මම පක්ෂය පිළිබඳ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය ද (යන පොහෝදිනයන්හි) අටඟින් යුත් පෙහෙවස් විසීමි. සියලු කල්හි නිති සිහිල් කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්ද්රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
178. උපොසථං උපවසිස්සං සදා සීලෙසු සංවුතා, සඤ්ඤමා සංවිභාගා ච විමානං ආවසාමහං
179. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ්ඤතා, ථෙය්යා ච අතිචාරා ච මජ්ජපානා ච ආරකා
179. (එකල්හි මම) පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංයත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
180. පඤ්චසික්ඛාපදෙ රතා අරියසච්චාන කොවිදා, උපාසිකා චක්ඛුමතො ගොතමස්ස යසස්සිනො
180. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්ය්යසත්යයෙහි දක්ෂ වූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
181. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
181. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
182. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
182. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
මම ච භන්තෙ වචනෙන භගවතො පාදෙ සිරසා වන්දෙය්යාසි, ලඛුමා නාම භන්තෙ උපාසිකා භගවතො පාදෙ සිරසා වන්දතීති. අනච්ඡරියං ඛො පනෙතං භන්තෙ යං මං භගවා අඤ්ඤතරස්මිං සාමඤ්ඤඵලෙ ව්යාකරෙය්ය තං භගවා සකදාගාමිඵලෙ ව්යාකාසීති.
වහන්ස, ලඛුමා නම් උපාසිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් මස්තකයෙන් වඳී. වහන්ස, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් මස්තකයෙන් වඳිනු මැනැවි. වහන්ස, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ මා එක්තරා මාර්ගඵලයෙක්හි ලා වදාරන සේක් නම් එය පුදුමයෙක් නො වේ. භාග්‍යවතුන් වහන්සේ ඒ මා සකෘදාගාමී ඵලයෙහි ලා ප්‍රකාශ කළාසේක.