යෙදුමෙන් කියවන්න

2. ලඛුමාවිමානවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. ලඛුමාවිමානවණ‍්ණනා

2. ලඛුමාවීමාන වර්ණනා

අභික‍්කන‍්තෙන වණ‍්ණෙනාති ලඛුමාවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවති බාරාණසියං විහරන‍්තෙ කෙවට‍්ටද‍්වාරං නාම බාරාණසිනගරස‍්ස එකං ද‍්වාරං, තස‍්ස අවිදූරෙ නිවිට‍්ඨගාමොපි “කෙවට‍්ටද‍්වාර”න‍්ත්‍වෙව පඤ‍්ඤායිත්‍ථ. තත්‍ථ ලඛුමා නාම එකා ඉත්‍ථී සද‍්ධා පසන‍්නා බුද‍්ධිසම‍්පන‍්නා තෙන ද‍්වාරෙන පවිසන‍්තෙ භික‍්ඛූ දිස‍්වා වන්‍දිත්‍වා අත‍්තනො ගෙහං නෙත්‍වා කටච‍්ඡුභික‍්ඛං දත්‍වා තෙනෙව පරිචයෙන සද‍්ධාය වඩ‍්ඪමානාය ආසනසාලං කාරෙත්‍වා තත්‍ථ පවිට‍්ඨානං භික‍්ඛූනං ආසනං උපනෙති, පානීයං පරිභොජනීයං උපට‍්ඨපෙති. යඤ‍්ච ඔදනකුම‍්මාසඩාකාදි අත‍්තනො ගෙහෙ විජ‍්ජති, තං භික‍්ඛූනං දෙති. සා භික‍්ඛූනං සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාය සමාහිතා හුත්‍වා විපස‍්සනාකම‍්මට‍්ඨානං උග‍්ගහෙත්‍වා විපස‍්සනං උස‍්සුක‍්කාපෙන‍්තී උපනිස‍්සයසම‍්පන‍්නතාය න චිරස‍්සෙව සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. සා අපරභාගෙ කාලං කත්‍වා තාවතිංසභවනෙ මහති විමානෙ නිබ‍්බත‍්ති, අච‍්ඡරාසහස‍්සඤ‍්චස‍්සා පරිවාරො අහොසි. සා තත්‍ථ දිබ‍්බසම‍්පත‍්තිං අනුභවන‍්තී පමොදමානා විචරති. තං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො දෙවචාරිකං චරන‍්තො “අභික‍්කන‍්තෙන වණ‍්ණෙනා”තිආදිගාථාහි පුච‍්ඡීති සබ‍්බං වුත‍්තනයමෙව. තෙන වුත‍්තං –

අභික්කන්තෙන වණ්ණෙන යනු ලබුමා විමාන වස්තුවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ ඛාරාණසියං කෙවට්ටද්වාරං බරණැස් නුවර වැඩ වාසය කරන කල්හි, කේවට්ට ද්වාර නමින් බරණැස් නගරයේ එක දොරටුවක් ඇත්තේය. එයට නුදුරුව නිවිට්ඨ නම් ගම පිහිටා ඇත. එයද කේවට්ට ද්වාර යන නමින්ද හැඳින්වේ. එහි ලඛුමා නම් වූ එක් ස්ත්‍රියක් ශ්‍රද්ධා සම්පන්නව බුද්ධි සම්පන්නව සිටියි. එම දොරටුවෙන් පිවිසෙන්නා වූ භික්‍ෂූන් වැඳ තමන්ගේ ගෙදරට කැඳවාගෙන ගොස් දන් පිරිනමා එහිම නැවතීමට ආසන ශාලාවක් ද කරවා එහි පිවිසෙන භික්‍ෂූන්ට ආසන පහසුකම් සපයා දුන්නීය. බීමට හා පරිභෝජනයට අවශ්‍ය ජලය දුන්නීය. ආහාර බත් කැවිලි ආදියද තමාගේ ගෙයි තිබුණේ ද ඒවා දුන්නීය. ඕ තොමෝ භික්‍ෂූන් සමීපයෙන් බණ අසා තිසරණයෙහි ද සීලයෙහි ද පිහිටා සමාහිත සිත් ඇතිව විපස්සනා කර්මස්ථාන උගෙන විදර්ශනා වඩන්නේ උපනිශ්‍රය සම්පන්න නිසා කෙටි කලකින්ම සෝවාන් පෙළෙහි පිහිටියාය. ඕ තොමෝ ඉන්පසු කාලයක කළුරියකොට තව්තිසා දෙව්ලොව මහා විමානයක උපන්නීය. අප්සරාවෝ පන්දහසක් පිරිවර වශයෙන් වූහ. ඕ දෙව්සැප අනුභව කරමින් සිටිද්දී ප්‍රමෝදයට සතුටට පත්ව වාසය කරයි. ආයුෂ්මත් මුගලන් තෙරුන් දේව චාරිකාවෙහි වැඩමවමින් මෙම දෙවඟන හමු වී ‘අභික්කන්තෙන වණ්ණෙන’ ආදී ගාථා මගින් මෙසේ විචාළේය. සියල්ල පෙර කී නයින් දත යුතු.

“අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ; ඔභාසෙන‍්තී දිසා සබ‍්බා, ඔසධී විය තාරකා.

1. බැබළෙන වර්ණයෙන් දිළිසෙන පැහැයෙන් යම්කිසි දෙවඟනක් සිටින්නීද, ඕ ඕසධී තාරකාව මෙන් හාත්පස බබළමින් සිටින්නීය.

“කෙන තෙතාදිසො වණ‍්ණො, කෙන තෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.

2. මෙබඳු වූ වර්ණ සම්පත්තිය ද මෙබඳු වූ සමෘද්ධි බවක් ද පරිභෝග සම්පත්තියක් ද කුමකින් ලැබුවේද සිත සතුටු කරන සම්පත් පහළ විය.

“පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති.

3 . මහානුභාව වූ දෙව් දුවනියනි, ඔබ මිනිස්ලොව වසන සමයේ කවරනම් පුණ්‍ය කර්මයක් කළේද? එකල දිසාවන් එළිය කරන්නා වූ දිළිසෙන වර්ණයකින් යුතුව මෙසේ පවතින්නට ඔබ කළ කුසලය කුමක්දැයි විමසමි.

“සා දෙවතා අත‍්තමනා, මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා; පඤ‍්හං පුට‍්ඨා වියාකාසි, යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

4. ඒ දෙව්දුව මුගලන් හිමියන් විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් තමන් කළ කුසලය පවසන්නී.

“කෙවට‍්ටද‍්වාරා නික‍්ඛම‍්ම, අහු මය‍්හං නිවෙසනං; තත්‍ථ සඤ‍්චරමානානං, සාවකානං මහෙසිනං.

5. කේවට්ට ද්වාරයෙන් නික්ම මගේ නිවසට පැමිණියා වූ මහාර්ෂී වහන්සේගේ ශ්‍රාවකයන් වෙත ආහාර බාර්ලි, කොමුපිඬු, කාඩි දිය ආදිය ප්‍රසන්න වූ සිතින් යුතුව අවංක වූ සිතින් යුතුව කම්පල අදහා පිරිනැමුවෙමු.

“ඔදනං කුම‍්මාසං ඩාකං, ලොණසොවීරකඤ‍්චහං; අදාසිං උජුභූතෙසු, විප‍්පසන‍්නෙන චෙතසා.

“චාතුද‍්දසිං පඤ‍්චදසිං, යා ච පක‍්ඛස‍්ස අට‍්ඨමී; පාටිහාරියපක‍්ඛඤ‍්ච, අට‍්ඨඞ‍්ගසුසමාගතං.

චාතුද්දසි පොහොය, පසළොස්වක, අටවක් පොහොය, ප්‍රාතිහාර්ය පක්‍ෂ පොහොය යන දවස්වල අෂ්ටාංග උපෝසථය සමාදන් වීමි.

“උපොසථං උපවසිස‍්සං, සදා සීලෙසු සංවුතා; සඤ‍්ඤමා සංවිභාගා ච, විමානං ආවසාමහං.

උපෝසථයෙහි යෙදී සදාතනිකව සීලයෙන් සංවරව සංයමයෙන් යුතුව ජීවත් වූයෙමි.

“පාණාතිපාතා විරතා, මුසාවාදා ච සඤ‍්ඤතා; ථෙය්‍යා ච අතිචාරා ච, මජ‍්ජපානා ච ආරකා.

ප්‍රාණඝාත, මුසාවාද, සොරකම, මත්පැන් පානය, ස්වාමියා ඉක්මවා හැසිරීම ආදියෙන් වෙන් වී ජීවත් වූයෙමි.

“පඤ‍්චසික‍්ඛාපදෙ රතා, අරියසච‍්චාන කොවිදා; උපාසිකා චක‍්ඛුමතො, ගොතමස‍්ස යසස‍්සිනො.

පංච ශික්‍ෂා පදයන් රකිමින් ආර්ය සත්‍යයෙහි දක්ෂ වී යසස්සී ගෞතම බුදුන්ගේ උපාසිකාවක්ව ජීවත් වීමි.

“තෙන මෙතාදිසො වණ‍්ණො…පෙ… වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති.

ඒ කුසල කර්මයන්ගේ හේතුවෙන් මේ අන්දමේ වර්ණයක් මේ අන්දමේ සම්පත් මම ලදිමි. යම්කිසි ආකාරයකින් සිත සතුටු කරවන සම්පත් උපදී.

ඒ මහානුභාව වූ භික්‍ෂූන් වහන්සේ අසන ලදුව මම කියමි. මිනිස් දුවක වූ මම යම්කිසි කුසල කර්මයක් කළා නම් මෙබඳු වූ වර්ණයෙන් ද මෙබඳු වූ බැබළෙන සිරුරකින් ද සියළු දිසාවන් පැහැපත් කරමින් ද සිටින බව කියමි.

මම ච, භන‍්තෙ, වචනෙන භගවතො පාදෙ සිරසා වන්‍දෙය්‍යාසි “ලඛුමා නාම, භන‍්තෙ, උපාසිකා භගවතො පාදෙ සිරසා වන්‍දතී”ති. අනච‍්ඡරියං ඛො පනෙතං, භන‍්තෙ, යං මං භගවා අඤ‍්ඤතරස‍්මිං සාමඤ‍්ඤඵලෙ බ්‍යාකරෙය්‍ය. තං භගවා සකදාගාමිඵලෙ බ්‍යාකාසීති.

ස්වාමීනි! මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා පියුම් වඳිනු මැනවි. ලඛුමා නම් උපාසිකාව ඔබවහන්සේගේ පා පියුම් සිරසින් නමස්කාර කරයි.’ භාග්‍යවතුන් වහන්සේ අන්‍යතර වූ ශ්‍රාමණ්‍ය ඵලයක් දක්වන්නේ ද ඒ භාග්‍යවතුන් වහන්සේ සකෘදාගාමි ඵලය පැනවීය.

තත්‍ථ කෙවට‍්ටද‍්වාරා නික‍්ඛම‍්මාති කෙවට‍්ටද‍්වාරතො නික‍්ඛමනට‍්ඨානෙ.

එහි කෙවට්ටද්වාරා නික්‍ඛම්මා කෙවුල් දොරටුවෙන් නික්මෙන තැන්හි

ඩාකන‍්ති තණ‍්ඩුලෙය්‍යකාදිසාකබ්‍යඤ‍්ජනං. ලොණසොවීරකන‍්ති ධඤ‍්ඤරසාදීහි බහූහි සම‍්භාරෙහි සම‍්පාදෙතබ‍්බං එකං පානකං. “ආචාමකඤ‍්ජිකලොණූදක”න‍්තිපි වදන‍්ති.

සාකං යනු ආහාර, හාල් එළවළු ආදී ව්‍යඤ්ජන ලොණ සොවීරකං ධාන්‍ය තුනපහ ආදි බොහෝ දේ යොදා සකස් කරන ඒ සුප් වර්ගයකි. ‘ආචාම කඤ්ඡික ලෝණුදකං’ යනුවෙන් ද ව්‍යවහාර කරත්.

පුච‍්ඡාවිස‍්සජ‍්ජනාවසානෙ සා ථෙරස‍්ස ධම‍්මදෙසනාය සකදාගාමිඵලං පාපුණි. සෙසං උත‍්තරාවිධානෙ වුත‍්තනයානුසාරෙන එව වෙදිතබ‍්බං.

ප්‍රශ්න විසඳීම් වශයෙන් ඒ තෙරුන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් සකෘදාගාමි ඵලයට පැමිණියාය. ඉතිරි දේ උත්තරා විමාන වත්‍ථුවෙහි ප්‍රකාශ කළ අනුසාරයෙන් දතයුතුයි.

ලඛුමාවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

ලඛුමා විමාන වර්ණනාව නිමියේය.

3. ආචාමදායිකාවිමානවණ‍්ණනා

3. ආචාමදායිකාවිමාන වර්ණනා

පිණ‍්ඩාය තෙ චරන‍්තස‍්සාති ආචාමදායිකාවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජගහෙ අඤ‍්ඤතරං කුලං අහිවාතරොගෙන උපද‍්දුතං අහොසි. තත්‍ථ සබ‍්බෙ ජනා මතා ඨපෙත්‍වා එකං ඉත්‍ථිං. සා ගෙහං ගෙහගතඤ‍්ච සබ‍්බං ධනධඤ‍්ඤං ඡඩ‍්ඩෙත්‍වා මරණභයභීතා භිත‍්තිඡිද‍්දෙන පලාතා අනාථා හුත්‍වා පරගෙහං ගන‍්ත්‍වා තස‍්ස පිට‍්ඨිපස‍්සෙ වසති. තස‍්මිං ගෙහෙ මනුස‍්සා කරුණායන‍්තා උක‍්ඛලිආදීසු අවසිට‍්ඨං යාගුභත‍්තආචාමාදිං තස‍්සා දෙන‍්ති. සා තං භුඤ‍්ජිත්‍වා ජීවිකං කප‍්පෙති.

පිණ්ඩාය තෙ චරන්තස්ස යනාදී ගාථාවෙන් දැක්වෙන ආවාමදායිකා විමාන වස්තුව මෙසේය. එහි උත්පත්තිය කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි කලන්දක නිවාපයෙහි (ලෙහෙණුන්ගේ අභය භූමියෙහි) වාසය කරන සේක. එකල්හී රජගහනුවර එක්තරා පවුලක් අභිවාතක රෝගයෙන් උවදුරට පත්විය. එහි එක් ස්ත්‍රියක හැර අනිත් සියල්ලෝම මිය ගියහ. ඇය නිවසද නිවසේ වූ සියලු ධන ධාන්‍යද හැරදමා මරණ භයෙන් බියවත් වූවා බිත්ති හිඩැසකින් පලාගොස් අනාථ වී අනුන්ගේ නිවසකට ගොස් නිවස පිටුපස වාසය කළාය. එම නිවසෙහි කාරුණික පුරුෂයෙක් හැලි වළං ආදියෙහි ඉතිරිවන බත් කැඳ ආදිය ඇයට දෙන්නාහ. ඇය ඒ ස්ථානයේම ඔවුන්ගේ කැඳ බත් කා ජීවිකාව කරයි.

තෙන ච සමයෙන ආයස‍්මා මහාකස‍්සපො සත‍්තාහං නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා තතො වුට‍්ඨිතො “කං නු ඛො අහං අජ‍්ජ ආහාරපටිග‍්ගහණෙන අනුග‍්ගහෙස‍්සාමි, දුග‍්ගතිතො ච දුක‍්ඛතො ච මොචෙස‍්සාමී”ති චින‍්තෙන‍්තො තං ඉත්‍ථිං ආසන‍්නමරණං නිරයසංවත‍්තනිකඤ‍්චස‍්සා කම‍්මං කතොකාසං දිස‍්වා “අයං මයි ගතෙ අත‍්තනා ලද‍්ධං ආචාමං දස‍්සති, තෙනෙව නිම‍්මානරතිදෙවලොකෙ උප‍්පජ‍්ජිස‍්සති, එවං නිරයූපපත‍්තිතො මොචෙත්‍වා හන්‍දාහං ඉමිස‍්සා සග‍්ගසම‍්පත‍්තිං නිප‍්ඵාදෙස‍්සාමී”ති පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය තස‍්සා නිවෙසනට‍්ඨානාභිමුඛො ගච‍්ඡති. අථ සක‍්කො දෙවානමින්‍දො අඤ‍්ඤාතකවෙසෙන අනෙකරසං අනෙකසූපබ්‍යඤ‍්ජනං දිබ‍්බාහාරං උපනෙසි. තං ඤත්‍වා ථෙරො “කොසිය, ත්‍වං කතකුසලො, කස‍්මා එවං කරොසි, මා දුග‍්ගතානං කපණානං සම‍්පත‍්තිං විලුම‍්පී”ති පටික‍්ඛිපිත්‍වා තස‍්සා ඉත්‍ථියා පුරතො අට‍්ඨාසි.

එකල්හි ආයුෂ්මත් මහා කාශ්‍යප රහතන් වහන්සේ සත් දිනක් තිරෝධ සමාපත්තියට සමවැදී සිට එයින් නැගී අද මා ආහාර පිළිගැනීමෙන් කවරනම් අයෙකුට අනුග්‍රහ කරන්නෙම්ද, දුගතියේ හා අනික් දුක්වලින් මුදවන්නෙම්දැයි කල්පනා කරන්නාහ. මරණයට ආසන්නව සිටි ඇය, නිරයෙහි ඉපදීමට හේතුවන ලෙස කරන ලද කර්මයන් ඇති බව දැක මා එහි ගියවිට ඇය තමන් ලත් කැඳවතුර මට දෙන්නීය. ඒ හේතුවෙන්ම ඇය නිර්මාණරතී දිව්‍යලෝකයෙහි උපදින්නීය. මෙසේ ඇය නිරයෙහි වැටීමෙන් මුදවාගෙන මැයට ස්වර්ග සම්පත්තිය ලබාදෙන්නේ නම් යෙහෙකැයි සිතා පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුර ගෙන ඇය සිටිනා තැනට අභිමුඛව වඩිනා සේක. එවිට සක්දෙව් රජු අප්‍රකට වේශයකින් යුතුව නොයෙක් රසයෙන් සැදි නොයෙක් සූප හා ව්‍යඤ්ජන සහිත ආහාරයක් ද, දිවසළු ද ගෙන ආවේය. ඔහු කවරෙකුදැයි දැන හැඳිනගත් තෙරුන් වහන්සේ, ශක්‍රය, ඔබ කරන ලද පින්කම් ඇත්තේය. කුමක් නිසා මෙසේ කරන්නේද? දුකට පත් දිළින්දන් හට ලැබෙන සම්පත් නො වලක්වනු යයි කියා, ශක්‍රයා ගෙනා දේ ප්‍රතික්‍ෂේප කොට එම ස්ත්‍රිය ඉදිරියෙහි සිටි සේක.

සා ථෙරං දිස‍්වා “අයං මහානුභාවො ථෙරො, ඉමස‍්ස දාතබ‍්බයුත‍්තකං ඛාදනීයං වා භොජනීයං වා ඉධ නත්‍ථි, ඉදඤ‍්ච කිලිට‍්ඨභාජනගතං තිණචුණ‍්ණරජානුකිණ‍්ණං අලොණං සීතලං අප‍්පරසං ආචාමකඤ‍්ජියමත‍්තං එදිසස‍්ස දාතුං න උස‍්සහාමී”ති චින‍්තෙත්‍වා “අතිච‍්ඡථා”ති ආහ. ථෙරො එකපදනික‍්ඛෙපමත‍්තං අපසක‍්කිත්‍වා අට‍්ඨාසි. ගෙහවාසිනො මනුස‍්සා භික‍්ඛං උපනෙසුං, ථෙරො න සම‍්පටිච‍්ඡති. සා දුග‍්ගතිත්‍ථී “මමෙව අනුග‍්ගහත්‍ථාය ඉධාගතො, මම සන‍්තකමෙව පටිග‍්ගහෙතුකාමො”ති ඤත්‍වා පසන‍්නමානසා ආදරජාතා තං ආචාමං ථෙරස‍්ස පත‍්තෙ ආකිරි. ථෙරො තස‍්සා පසාදසංවද‍්ධනත්‍ථං භුඤ‍්ජනාකාරං දස‍්සෙසි, මනුස‍්සා ආසනං පඤ‍්ඤාපෙසුං. ථෙරො තත්‍ථ නිසීදිත්‍වා තං ආචාමං භුඤ‍්ජිත්‍වා පිවිත්‍වා ඔනීතපත‍්තපාණී අනුමොදනං කත්‍වා තං දුග‍්ගතිත්‍ථිං “ත්‍වං ඉතො තතියෙ අත‍්තභාවෙ මම මාතා අහොසී”ති වත්‍වා ගතො. සා තෙන ථෙරෙ අතිපසාදඤ‍්ච උප‍්පාදෙත්‍වා තස‍්සා රත‍්තියා පඨමයාමෙ කාලං කත්‍වා නිම‍්මානරතීනං දෙවානං සහබ්‍යතං උපපජ‍්ජි. අථ සක‍්කො දෙවරාජා තස‍්සා කාලකතභාවං ඤත්‍වා “කත්‍ථ නු ඛො උප‍්පන‍්නා”ති ආවජ‍්ජෙන‍්තො තාවතිංසෙසු අදිස‍්වා රත‍්තියා මජ‍්ඣිමයාමෙ ආයස‍්මන‍්තං මහාකස‍්සපං උපසඞ‍්කමිත්‍වා තස‍්සා නිබ‍්බත‍්තට‍්ඨානං පුච‍්ඡන‍්තො –

ඕ තොමෝ තෙරණුවන් දැක, මේ මහානුභාව සම්පන්න තෙර නමකි. මුන්වහන්සේට දිය යුතු කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ මෙහි නැත. මේ කිලිටි භාජනයෙහි දැමූ, තණකැබලි දූවිලි ආදිය විසිරුණු ලුණු නැති සීත වූ රස අඩු කැඳ වතුර ටිකක් මෙවැනි තෙර නමකට දෙන්නට උත්සාහ නො ගනිමියි සිතා ‘ආතිච්ඡථ’ (පෙරට වඩින්න දිය යුතු දෙයක් නැත) යයි කීවාය. තෙරුන් වහන්සේ එක් පියවරක් පමණක් ඉදිරියට තබා නැවතුණු සේක. නිවසෙහි වැසි මනුෂ්‍යයෙක් ආහාර ගෙන ආහ. තෙරුන්වහන්සේ එය නො පිළිගත්හ. ඒ දුගී ස්ත්‍රිය මටම අනුග්‍රහ පිණිස මෙහි පැමිණියේ වන්නේය. මා සතු දෙයම පිළිගනු කැමැත්තේ යයි දැන ප්‍රසන්න වූ සිත් ඇත්තී උසස් භක්තියකින් යුතුව එම කැඳ වතුර තෙරණුවන්ගේ පාත්‍රයෙහි වත් කළාය. තෙරුන් වහන්සේ ද ඇයගේ පැහැදීම වැඩිවනු පිණිස කැඳ වළඳනු රිසි ආකාරයක් දැක්වූහ. ගෙහිමියා අසුනක් පැනවීය. තෙරුන් වහන්සේ එහි හිඳ ඒ කැඳවතුර වළඳවා පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇත්තාහු අනුමෙවෙනි බණ වදාරා ඒ දුගී ස්ත්‍රියට ‘මින් පෙර තුන්වන ආත්ම භාවයේ දී ඔබ මගේ මෑණියන් වූහ’යි වදාරා වැඩි සේක. ඕ තොමෝ එයින් තෙරුන් වහන්සේ කෙරෙහි භක්තිය ද ප්‍රසාදය ද උපදවා එදින රාත්‍රී පළමු යාමයෙහි කළුරියකොට නිර්මාණරතී නම් දේව සමාගමට පැමිණියාය. ඉක්බිති සක්දෙව් රජ ඇය කළුරිය කළ බව දැන කවරනම් තැනක උපන්නීදැයි සොයා බලන්නේ තව්තිසාවෙහි නො දැක රාත්‍රියෙහි මැදියම ආයුෂ්මත් මහ කසුප් තෙරුන් වෙත පැමිණ ඇය උපන් තැන විචාරන්නේ ‘පිණ්ඩාය තෙ චරන්තස්ස’ ආදී ගාථා කීහ.

“පිණ‍්ඩාය තෙ චරන‍්තස‍්ස, තුණ‍්හීභූතස‍්ස තිට‍්ඨතො; දලිද‍්දා කපණා නාරී, පරාගාරං අපස‍්සිතා.

පිණ්ඩාය මෙ චරන්තස්ස - තුණ්හී භූතස්ස තිට්ඨතො දළිද්දා කපණා නාරී - පරාගාරං අවස්සිතා

“යා තෙ අදාසි ආචාමං, පසන‍්නා සෙහි පාණිභි; සා හිත්‍වා මානුසං දෙහං, කං නු සා දිසතං ගතා”ති. –

පිඬු පිණිස හැසිර නිහඬව සිටියා වූ ඔබවහන්සේට දිළිඳු වූ ද අසරණ වූ ද, අන් නිවසක පිටිපස පෙදෙස පිහිටකොට ගෙන සිටි ස්ත්‍රියක් ප්‍රසන්න වූ සිත් ඇතිව සියතින්ම කැඳ වතුර පිදුවාද, යම් බඳු වූ එම තැනැත්තිය මියගොස් කවර නම් ලොව උපත ලැබීද?

ද‍්වෙ ගාථා අභාසි.

තත්‍ථ පිණ‍්ඩායාති පිණ‍්ඩපාතත්‍ථාය. තුණ‍්හීභූතස‍්ස තිට‍්ඨතොති ඉදං පිණ‍්ඩාය චරණාකාරදස‍්සනං, උද‍්දිස‍්ස තිට‍්ඨතොති අත්‍ථො. දලිද‍්දාති දුග‍්ගතා. කපණාති වරාකී. “දලිද‍්දා”ති ඉමිනා තස‍්සා භොගපාරිජුඤ‍්ඤං දස‍්සෙති, “කපණා”ති ඉමිනා ඤාතිපාරිජුඤ‍්ඤං. පරාගාරං අපස‍්සිතාති පරගෙහං නිස‍්සිතා, පරෙසං ඝරෙ බහිපිට‍්ඨිඡදනං නිස‍්සාය වසන‍්තී.

එහි පිණ්ඩාය පිණ්ඩපාතය සඳහා, තුණ්හී භූතස්ස තිට්ඨතො මෙය පිඬු පිණිස හැසිරෙන ආකාරය දැක්වීමකි. පිණ්ඩපාතය උදෙසා සිටියේය යන අර්ථයයි. දළිද්දො දුකට පත් වූ, කපණා අසරණ වූ දළිද්දා යන පදයෙන් ඇයට සම්පත් නැති බව දැක්වේ. කපණ යන පදයෙන් නෑදෑයින් නැති බව දැක්වේ. පරාගාරං අවස්සිතා අනුන්ගේ නිවසක් ඇසුරෙහි වෙසෙන්නී අනුන්ගේ නිවසක පිටුපස ආවරණයක් ඇසුරුකොට වසන ස්ත්‍රිය.

කං නු සා දිසතං ගතාති ඡසු කාමදෙවලොකෙසු උප‍්පජ‍්ජනවසෙන කං නාම දිසං ගතා. ඉති සක‍්කො “ථෙරෙන තථා කතානුග‍්ගහා උළාරාය දිබ‍්බසම‍්පත‍්තියා භාගිනී, න ච දිස‍්සතී”ති හෙට‍්ඨා ද‍්වීසු දෙවලොකෙසු අපස‍්සන‍්තො සංසයාපන‍්නො පුච‍්ඡති.

කන්නු සාදිසතං ගතා දන්දීම් වශයෙන් කාමාවචර දිව්‍යලෝක සයෙන් කවර නම් ලෝකයකට ගියාද? පෙර කියන ලද ආකාරයෙන් තෙරුන් වහන්සේ විසින් කරන ලද අනුග්‍රහයෙන්, ඒ ස්ත්‍රිය පහළ දිව්‍යලෝක දෙකෙහි නොදුටු ශක්‍රයා ඇය උදාර වූ දිව්‍ය සම්පත්තියක් ලබාගෙන නැතැයි යන සැකයෙන් යුතුව, තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්න කරයි.

අථස‍්ස ථෙරො –

එවිට තෙරුන් වහන්සේ -

“පිණ‍්ඩාය මෙ චරන‍්තස‍්ස, තුණ‍්හීභූතස‍්ස තිට‍්ඨතො; දලිද‍්දා කපණා නාරී, පරාගාරං අපස‍්සිතා.

“යා මෙ අදාසි ආචාමං, පසන‍්නා සෙහි පාණිභි; සා හිත්‍වා මානුසං දෙහං, විප‍්පමුත‍්තා ඉතො චුතා.

යා මෙ අදාසි ආවාමං, පසන්නා සෙහි පාණිහි සා හිත්‍වා මානුසං දෙහං විප්පමුත්තා ඉතොචුතා

“නිම‍්මානරතිනො නාම, සන‍්ති දෙවා මහිද‍්ධිකා; තත්‍ථ සා සුඛිතා නාරී, මොදතාචාමදායිකා”ති. –

නිම්මානරතිනො නාම සන්ති දෙවා මහිද්ධිකා තත්‍ථ සා සුඛිතා නාරී මොදතා වාම දායිකා

පිඬු පිණිස හැසිර නිහඬව සිටියා වූ මා හට දිළිඳු වූ ද අසරණ වූද යම්බඳු ස්ත්‍රියක්, ප්‍රසන්න වූ සිත් ඇතිව සියතින්ම කැඳ වතුර පිදුවේද, එම තැනැත්තිය මියගොස් මෙලොවින් වෙන් වී මිනිස්ලොව පැවැති අභාග්‍යයෙන් නිදහස් වූවාය.

නිර්මාණ රතී නම් වූ මහත් සෘද්ධි ඇත්තා වූ, දේවතාවෝ පිරිසක් වෙති. සතුටට පත්වූවාහු වෙති. කැඳවතුර පිදුවා වූ ඒ ස්ත්‍රිය එම නිර්මාණරතී දෙව්ලොව ඉපිද සතුටට පත් වූවාය.

පුච‍්ඡිතනියාමෙනෙව පටිවචනං දෙන‍්තො තස‍්සා නිබ‍්බත‍්තට‍්ඨානං කථෙසි.

තෙරුන් වහන්සේ ද ඔහු විසින් විමසන ලද පිළිවෙළට අනුරූපී වන ලෙසටම ‘පිණ්ඩාය මෙ චරන්තස්ස’ ආදී පිළිවෙළින් ඔහුට පිළිතුරු දෙමින් ඇය උපන් ස්ථානය ප්‍රකාශ කළහ.

තත්‍ථ විප‍්පමුත‍්තාති තතො මනුස‍්සදොභග‍්ගියතො පරමකාරුඤ‍්ඤවුත‍්තිතො විප‍්පමුත‍්තා අපගතා.

විප්පමුත්තා - මනුෂ්‍ය ලෝකයේ වූ එම දුර්භාග්‍යයන්ගෙන්, කරුණාව යොමුවිය යුතුව තිබූ පැවැත්මෙන් මිදුණාය. ඉවත් වූවාය.

මොදතාචාමදායිකාති ආචාමමත‍්තදායිකා, සාපි නාම පඤ‍්චමෙ කාමසග‍්ගෙ දිබ‍්බසම‍්පත‍්තියා මොදති, පස‍්ස තාව ඛෙත‍්තසම‍්පත‍්තිඵලන‍්ති දස‍්සෙති.

මොදතාවාමදායිකා කැඳවතුර පමණක් පිදුවා වූ ඕ තොමෝ නිර්මාණරතී දිව්‍යලෝකය නම් වූ පස්වන කාම ස්වර්ගයෙහි දිව්‍ය සම්පත්තියෙන් සතුටට පත්ව සිටියි. වපුරන ලද දෙයින් ලබන ඵලය මෙන් කරන ලද පිනෙහි ඵලය සඳහා ක්‍ෂේත්‍ර සම්පත්ති ඵලය බලන්න යයි දක්වයි යන අදහසයි.

පුන සක‍්කො තස‍්සා දානස‍්ස මහප‍්ඵලතං මහානිසංසතඤ‍්ච සුත්‍වා තං ථොමෙන‍්තො –

නැවත ශක්‍රයා ඇගේ දානයෙහි මහත් වූ ප්‍රතිඵල ද ආනිශංසද අසා එයට ප්‍රශංසා කරමින් අහොදානං ආදිය ගාථාවන් කීහ.

“අහො දානං වරාකියා, කස‍්සපෙ සුප‍්පතිට‍්ඨිතං; පරාභතෙන දානෙන, ඉජ‍්ඣිත්‍ථ වත දක‍්ඛිණා.

අසරණ ස්ත්‍රිය විසින් මහා කාශ්‍යප තෙරුන් කෙරෙහි මනාව දෙන ලද දානය ආශ්චර්යවත්ය. අනුන්ගෙන් ලැබුණු දෙයින් දෙන ලද දානය පවා මහානිශංස වූයේය.

“යා මහෙසිත‍්තං කාරෙය්‍ය, චක‍්කවත‍්තිස‍්ස රාජිනො; නාරී සබ‍්බඞ‍්ගකල්‍යාණී, භත‍්තු චානොමදස‍්සිකා; එතස‍්සාචාමදානස‍්ස, කලං නාග‍්ඝති සොළසිං.

සර්වාංග සුන්දර වූ යම් ස්ත්‍රියක් චක්‍රවර්ති රජකුගේ මෙහෙසිය බවට පත්වේද, එම ස්වාමි පුරුෂයාගේ අගය කිරීම් සහිත දර්ශනයට යොමුවේද, ඒ සියල්ල මෙම ස්ත්‍රියගේ කැඳ වතුර දානයෙහි ඵලයෙන් සොළසකින් එක් කොටසක් නැවත සොළසට බෙදා ඉන් ලැබෙන එක කොටසකට ද වඩා අගනේය.

“සුතං නික‍්ඛා සතං අස‍්සා, සතං අස‍්සතරීරථා; සතං කඤ‍්ඤාසහස‍්සානි, ආමුත‍්තමණිකුණ‍්ඩලා; එතස‍්සාචාමදානස‍්ස, කලං නාග‍්ඝන‍්ති සොළසිං.

රන් කහවණු සියයක්ද, අශ්වයන් සියයක් ද, අශ්වතර නම් උසස් වර්ගයේ අශ්වයන් සියයක් ද, රථ සියයක් ද, කන්‍යාවන් ලක්‍ෂයක් ද පැළඳීමට ගන්නා මැණික් කුණ්ඩලාභරණ ද යන මේ වස්තූන් වුවද මේ ස්ත්‍රියගේ කැඳ දාන වස්තුවේ පිනෙන් සොළසකින් එක් කොටසක් ගෙන එය නැවත සොළසට බෙදා ඉන් ලැබෙන එක් කොටසකට ද වඩා නො අගනේ වෙයි.

“සතං හෙමවතා නාගා, ඊසාදන‍්තා උරූළ‍්හවා; සුවණ‍්ණකච‍්ඡා මිතඞ‍්ගා, හෙමකප‍්පනවාසසා; එතස‍්සාචාමදානස‍්ස, කලං නාගච‍්ඡන‍්ති සොළසිං.

රථයක ඒරියාකඳ වැනි විශාල දළ ඇති ශක්ති සම්පන්න වූ ස්වරණමය ගී ආභරණ පළඳවන ලද්දා වූ අලංකාර හස්ති සන්නාහයන්ගෙන් ආවරණය කරන ලද සිරුරු ඇති හේමවත නම් හස්ත කුලයෙන් උපන් හස්තීහු සියදෙනෙක් පවා, මේ ස්ත්‍රියගේ කැඳ වතුර දානයෙහි පිනෙහි සොලසකින් එක් කොටසක් නැවත සොළසකට බෙදා ඉන් ලැබෙන එක් කොටසකටද වඩා නො අගනේය.

“චතුන‍්නමපි දීපානං, ඉස‍්සරං යොධ කාරයෙ; එතස‍්සාචාමදානස‍්ස, කලං නාග‍්ඝති සොළසි”න‍්ති. – ආහ;

යුද්ධයකින් හිමිකර ගත්තා වූ මහද්වීප සතරේ ආධිපත්‍යය වුවද මේ ස්ත්‍රියගේ කැඳවතුර දානයේ පිනෙහි සොළසකින් එක් කොටසක් නැවත සොළසකට බෙදා ඉන් ලැබෙන එක් කොටසක් තරම්වත් නො අගනේය.

තත්‍ථ අහොති අච‍්ඡරියත්‍ථෙ නිපාතො. වරාකියාති කපණියා. පරාභතෙනාති පරතො ආනීතෙන, පරෙසං ඝරතො උච‍්ඡාචරියාය ලද‍්ධෙනාති අත්‍ථො. දානෙනාති දාතබ‍්බෙන ආචාමමත‍්තෙන දෙය්‍යධම‍්මෙන. ඉජ‍්ඣිත්‍ථ වත දක‍්ඛිණාති දක‍්ඛිණා දානං අහො නිප‍්ඵජ‍්ජිත්‍ථ, අහො මහප‍්ඵලා මහාජුතිකා මහාවිප‍්ඵාරා අහුවත්‍ථාති අත්‍ථො.

අහො ආශ්චර්යය යන අර්ථයේ නිපාතයි. වරාකියා දිළිඳු, අසරණ, පරාහතෙන පිටතින් ගෙන එන ලද අනුන්ගේ නිවසකින් ඉල්ලා ගන්නා ලද යන අර්ථයි. දානෙන දිය යුතුව තුබූ කැඳවතුර පමණක් වූ දාන වස්තුවෙන්, ඉජ්ඣිත්‍ථ වත දක්‍ඛිණා ආශ්චර්යයකි. දෙන ලද දානය ප්‍රතිඵල සහිත වී මහත්ඵල සහිත විය. මහත් ආලෝකයක් විය. පුණ්‍ය ඵලයේ මහත් පැතිරීමක් විය යන අර්ථ ඇත්තේය.

ඉදානි “ඉත්‍ථිරතනාදීනිපි තස‍්ස දානස‍්ස සතභාගම‍්පි සහස‍්සභාගම‍්පි න උපෙන‍්තී”ති දස‍්සෙතුං “යා මහෙසිත‍්තං කාරෙය්‍යා”තිආදි වුත‍්තං. තත්‍ථ සබ‍්බඞ‍්ගකල්‍යාණීති “නාතිදීඝා නාතිරස‍්සා නාතිකිසා නාතිථූලා නාතිකාළී නාච‍්චොදාතා අතික‍්කන‍්තා මානුසවණ‍්ණං අප‍්පත‍්තා දිබ‍්බවණ‍්ණ”න‍්ති එවං වුත‍්තෙහි සබ‍්බෙහි අඞ‍්ගෙහි කාරණෙහි, සබ‍්බෙහි වා අඞ‍්ගපච‍්චඞ‍්ගෙහි කල්‍යාණී සොභනා සුන්‍දරා. භත‍්තු චානොමදස‍්සිකාති සාමිකස‍්ස අලාමකදස‍්සනා සාතිසයං දස‍්සනීයා පාසාදිකා. එතස‍්සාචාමදානස‍්ස, කලං නාග‍්ඝති සොළසින‍්ති එතස‍්ස එතාය දින‍්නස‍්ස ආචාමදානස‍්ස ඵලං සොළසභාගං කත්‍වා තතො එකං භාගං පුන සොළසභාගං කත්‍වා ගහිතභාගසඞ‍්ඛාතං සොළසිං කලං චක‍්කවත‍්තිරඤ‍්ඤො ඉත්‍ථිරතනභාවොපි නාග‍්ඝති නානුභොති න පාපුණාති. “සුවණ‍්ණස‍්ස පඤ‍්චදසධරණං නික‍්ඛ”න‍්ති වදන‍්ති, “සතධරණ”න‍්ති අපරෙ.

දැන් ස්ත්‍රී රන්න ආදිය (දීම පවා) ඒ කැඳවතුර දානයේ සියයේ කොටසකට හෝ දාහේ කොටසකටවත් සම නොවේ යයි දක්වනු පිණිස ‘යා මහෙසිත්තං කාරෙය්‍යා’ ආදිය කියන ලදී. සබ්බංග කල්‍යාණී වඩා උස් නොවූ වඩා මිටි නොවූ වඩා සිහින් නොවූ, වඩා මහත් නො වූ, වඩා කලු නොවූ, වඩා සුදු නොවූ, මිනිසුන්ගේ වර්ණය ඉක්මවා සිටියා වූ, දෙවියන්ගේ වර්ණයට නො පැමිණියා වූ යනාදී වශයෙන් මෙකී කියන ලද සියලු අංගයන්ගෙන් ද කරුණුවලින් ද සියලු අංග ප්‍රත්‍යයන්ගෙන් ද, යහපත්ය. හොබනේය. සුන්දරය. භත්තුචානොම දස්සිකා ස්වවාමිපුරුෂයාට උසස් ලෙස පෙනෙන්නා වූ, අතිශයින් දැකුම්කලු වූ ප්‍රසාදය ඇතිකරවන්නා වූ තැනැත්තිය. එතස්සාචාම දානස්ස කලං නාග්ඝති සොළසිං - මැය විසින් දෙන ලද මේ කැඳ වතුර දානයේ පුණ්‍ය ඵලය සොළසකට බෙදා ඉන් එක් කොටසක් නැවත සොළසකට බෙදා ලැබූ එක් කොටසකට වඩා සක්විති රජකුගේ ස්ත්‍රී රත්නභාවය වුවද නො අගනේ වෙයි. වින්දනීය නොවෙයි. ලැබිය යුත්තෝ නොවෙයි. රත්රන් කළං පසළොස නික්‍ඛ යයි කියයි. කලං සියයක් යයි ද කියත්.

හෙමවතාති හිමවති ජාතා, හෙමවතජාතිකා වා. තෙ හි මහන‍්තා ථාමජවසම‍්පන‍්නා ච හොන‍්ති. ඊසාදන‍්තාති රථීසාසදිසදන‍්තා, ථොකංයෙව අවනතදන‍්තාති අත්‍ථො. තෙන විසාලකදාඨීභාවං නිවාරෙති. උරූළ‍්හවාති ථාමජවපරක‍්කමෙහි බ්‍රූහන‍්තො, මහන‍්තං යුද‍්ධකිච‍්චං වහිතුං සමත්‍ථාති අත්‍ථො. සුවණ‍්ණකච‍්ඡාති හෙමමයගීවෙය්‍යකපටිමුක‍්කා. කච‍්ඡසීසෙන හි සබ‍්බං හත්‍ථියොග‍්ගං වදති. හෙමකප‍්පනවාසසාති සුවණ‍්ණඛචිතගජත්‍ථරණකඞ‍්කනාදිහත්‍ථාලඞ‍්කාරසම‍්පන‍්නා.

හෙමවතා හිමවත හෙවත් හිමාලයෙහි. හේමවත නම් හස්ති කුලයට අයත්ය යන අදහසයි. ඔව්හු වනාහි මහත් වූ ද, ශක්තිමත් වූ ද, ජවයෙන් යුක්ත වූවෝද වෙති. ඊසාදත්ත රිය හිසට යොදා ඇති ලී කඳ වැනි දළ ඇති, මදක් නැමුණු දත්ය යන අදහසයි. එයින් විශාල දළ ඇති බව යන අදහස ඇතිවීම වළක්වයි. උරූළ්හ වා වීර්යය, ජවය, අනුන් යටපත් කිරීම යන ගුණයන්ගෙන් යුක්ත වූ, බැරෑරුම් වූ යුද්ධර්මය කාර්යයන් දරා සිටීමට සමර්ථ වූ යන අදහසයි. සුවණ්ණකච්ඡා රනින් සෑදූ ගෙළෙහි බඳින ලද අබරණ පැළඳි, කච්ඡ යන පදයෙන් ඇතාට සුදුසු සියලු ආභරණ කියවෙයි. හෙමකප්පන වාසසා රන් එබ්බවූ ඇත් ඇඳුම් ඇති වළලු ආදි වාස්ත්‍ය අලංකාරයන් සහිත ඇඳුම්,

චතුන‍්නමපි දීපානං ඉස‍්සරන‍්ති ද‍්විසහස‍්සපරිත‍්තදීපපරිවාරානං ජම‍්බුදීපාදීනං චතුන‍්නං මහාදීපානං ඉස‍්සරියං. තෙන සත‍්තරතනසමුජ‍්ජලං සකලං චක‍්කවත‍්තිසිරිං වදති. යං පනෙත්‍ථ, තං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

චතුන්නම්පි දීපානං ඉස්සරං දෙදහසක් කුඩා දිවයින් පිරිවරා ගත් ජම්බුද්වීප ආදී සතරමහ දිවයින්හි අධිපති බව, එයින් සියලු සක්විති සම්පත් කියයි. යමක් මෙහි නො කියන ලදද එය යට කියන ලද පරිදිම වේ.

ඉධ සක‍්කෙන දෙවරාජෙන අත‍්තනා ච වුත‍්තං සබ‍්බං ආයස‍්මා මහාකස‍්සපත්‍ථෙරො භගවතො ආරොචෙසි. භගවා තං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා සම‍්පත‍්තපරිසාය විත්‍ථාරෙන ධම‍්මං දෙසෙසි. සා දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා අහොසීති.

මෙහිදී සක්දෙව් රජු විසින් ද තමන් විසින් ද, කියන ලද සියල්ල ආයුෂ්මත් කාශ්‍යප තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොටගෙන රැස්ව සිටි පිරිසට සවිස්තරව ධර්ම දේශනා කළ සේක. ඒ දේශනාව මහජනයාට සාර්ථක දේශනාවක් වූයේය.

ආචාමදායිකාවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

ආචාමදායිකා විමාන වර්ණනාව නිමියේය.

4. චණ‍්ඩාලීවිමානවණ‍්ණනා

4. චණ්ඩාලිවිමාන වර්ණනා

චණ‍්ඩාලි වන්‍ද පාදානීති චණ‍්ඩාලිවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා රාජගහෙ විහරන‍්තො පච‍්චූසවෙලායං බුද‍්ධාචිණ‍්ණං මහාකරුණාසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා උට‍්ඨාය ලොකං ඔලොකෙන‍්තො අද‍්දස තස‍්මිංයෙව නගරෙ චණ‍්ඩාලාවසථෙ වසන‍්තිං එකං මහල‍්ලිකං චණ‍්ඩාලිං ඛීණායුකං, නිරයසංවත‍්තනිකඤ‍්චස‍්සා කම‍්මං උපට‍්ඨිතං. සො මහාකරුණාය සමුස‍්සාහිතමානසො “සග‍්ගසංවත‍්තනිකං කම‍්මං කාරෙත්‍වා තෙනස‍්සා නිරයූපපත‍්තිං නිසෙධෙත්‍වා සග‍්ගෙ පතිට‍්ඨාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං රාජගහං පිණ‍්ඩාය පවිසති. තෙන ච සමයෙන සා චණ‍්ඩාලී දණ‍්ඩං ඔලුබ‍්භ නගරතො නික‍්ඛමන‍්තී භගවන‍්තං ආගච‍්ඡන‍්තං දිස‍්වා අභිමුඛී හුත්‍වා අට‍්ඨාසි. භගවාපි තස‍්සා ගමනං නිවාරෙන‍්තො විය පුරතො අට‍්ඨාසි. අථායස‍්මා මහාමොග‍්ගල‍්ලානො සත්‍ථු චිත‍්තං ඤත්‍වා තස‍්සා ච ආයුපරික‍්ඛයං භගවතො වන්‍දනාය තං නියොජෙන‍්තො –

චණ්ඩාලී වන්‍ද පාදානි - චණ්ඩාලී විමාන වස්තුවයි. එහි උන්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වාසය කරන සේක් අළුයම් වේලෙහි බුදුන් වහන්සේලාට පුරුදුව ඇති මහා කරුණා සමාපත්තියට සම වැද, ඉන් නැගිට ලෝකය දෙස බලන්නාහු ඒ නගරයෙහිම සැඬොල් පියසෙහි වෙසෙන ආයුෂ ගෙවීගිය නිරයට යා හැකි කර්මයක් ද එළඹ සිටි එක්තරා මැහැළි සැඩොල් කතක දුටු සේක. මහා කරුණාවෙන් උත්සාහවත් වූ සිත් ඇති බුදුන් වහන්සේ, ඇය ලවා ස්වර්ගයට යා හැකි කර්මයක් කරවා එයින් ඇගේ නිරය ගමන වළක්වා ස්වර්ගයෙහි පිහිටුවන්නෙමියි සිතා මහත් වූ භික්‍ෂු සමූහයක් සමග රජගහ නුවර පිඬු පිණිස නික්මුණු සේක. එකල්හි සැරයටියක් ආධාර කොටගෙන නුවරින් නික්මෙන ඒ සැඩොල් ස්ත්‍රිය, පැමිණෙන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දැක ඉදිරියෙහි සිට ගත්තාය. භාග්‍යවතුන් වහන්සේ ද ඇගේ ගමන වළක්වන්නාක් මෙන් ඉදිරියේ සිටි සේක. එකල්හි ආයුෂ්මත් මුගලන් තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්ගේ සිත ද, ඇයගේ ආයුෂ පිරිහී යාම ද දැන භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරවීම සඳහා මේ ගාථා දෙක කීහ.

“චණ‍්ඩාලි වන්‍ද පාදානි, ගොතමස‍්ස යසස‍්සිනො; තමෙව අනුකම‍්පාය, අට‍්ඨාසි ඉසිසත‍්තමො.

චණ්ඩාලී වන්‍ද පාදානි - ගොතමස්ස යසස්සිනො තමෙව අනුකම්පාය - අට්ඨාසි ඉසි සුත්තමො

“අභිප‍්පසාදෙහි මනං, අරහන‍්තම‍්හි තාදිනි; ඛිප‍්පං පඤ‍්ජලිකා වන්‍ද, පරිත‍්තං තව ජීවිත”න‍්ති. – ගාථාද‍්වයමාහ;

අභිප්පසාදෙහි මනං අරහන්තම්හි තාදිනී ඛිප්පං පඤ්ජලිකා වන්‍ද - පරිත්තං තව ජීවිතං

සැඩොල් උපාසිකාවනි, යශස් ඇත්තා වූ ගෞතමයන් වහන්සේගේ පා වඳින්න. ඒ ශ්‍රේෂ්ඨ උත්තමයෝ ඔබ කෙරෙහිම අනුකම්පාවෙන් මෙහි වැඩමවා නැවතුණහ.

කෙළෙස් දුරුකළ අර්හත් ගුණ ඇති උතුමාණන් කෙරෙහි මනාකොට මනස පහදවා ගන්න. වහා දෑත් ඔසවා ඇඳිලි බැඳ වඳින්න. ඔබේ ජීවිතය අවසානය කරා ළඟා වී ඇත.

තත්‍ථ චණ‍්ඩාලීති ජාතිආගතෙන නාමෙන තං ආලපති. වන්‍දාති අභිවාදය. පාදානීති සදෙවකස‍්ස ලොකස‍්ස සරණානි චරණානි . තමෙව අනුකම‍්පායාති තමෙව අනුග‍්ගණ‍්හනත්‍ථං, අපායූපපත‍්තිතො නිසෙධෙත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තාපනත්‍ථන‍්ති අධිප‍්පායො. අට‍්ඨාසීති නගරම‍්පි අපවිසිත්‍වා ඨිතො. ඉසිසත‍්තමොති ලොකියසෙක‍්ඛාසෙක‍්ඛපච‍්චෙකබුද‍්ධඉසීහි උත‍්තමො උක‍්කට‍්ඨතමො, අථ වා බුද‍්ධඉසීනං විපස‍්සිආදීනං සත‍්තමොති ඉසිසත‍්තමො.

එහි චණ්ඩාලී උපතින් ලැබූ නාමයෙන් ඇයට ආමන්ත්‍රණය කරයි. වන්‍ද වඳින්න. පාදානි - දෙවියන් සහිත වූ ලෝකයාට පිහිට වූ ශ්‍රීපාදයන්, තමෙව අනුකම්පාය ඔබටම අනුග්‍රහ පිණිස, අපායෙහි ඉපදීම වළක්වා දෙව්ලොව ඉපදීම සඳහා යන අදහසයි. අට්ඨාසි බුදුන්වහන්සේ නගරයට නො පිවිස සිටියහ. ඉසි සුත්තමො ලෞකික වූ ද රහත් නො වූ ද රහත් වූ ද රහත් වූ ද, පසේ බුදු වී ද යන (සත්ත්වයන්) ඍෂීන් අතුරෙන් උතුම් වූ, ශ්‍රේෂ්ඨතම වූ එසේ නැතහොත් විපස්සී බුදුන් වහන්සේ සිට ගැනෙන පරිදි පරම්පරාවේ සත්වන බුදුන් වහන්සේ බැවින් ඉසි සත්තමො යයි කියනු ලැබේ.

අභිප‍්පසාදෙහි මනන‍්ති “සම‍්මාසම‍්බුද‍්ධො භගවා”ති තව චිත‍්තං පසාදෙහි. අරහන‍්තම‍්හි තාදිනීති ආරකත‍්තා කිලෙසානං, තෙසංයෙව අරීනං හතත‍්තා, සංසාරචක‍්කස‍්ස අරානං හතත‍්තා, පච‍්චයානං අරහත‍්තා, පාපකරණෙ රහාභාවා ච අරහන‍්තෙ, ඉට‍්ඨාදීසු තාදිභාවප‍්පත‍්තියා තාදිම‍්හි. ඛිප‍්පං පඤ‍්ජලිකා වන්‍දාති සීඝංයෙව පග‍්ගහිතඅඤ‍්ජලිකා හුත්‍වා වන්‍දස‍්සු. කස‍්මාති චෙ? පරිත‍්තං තව ජීවිතන‍්ති, ඉදානෙව භිජ‍්ජනසභාවත‍්තා පරිත‍්තං අතිඉත‍්තරං.

අභිප්පසාදෙහි මනං - මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඔබගේ සිත පහදවා ගන්න. අරහත්තම්හි තාදිනී කෙලෙසුන්ගෙන් දුරු වූ බැවින් ද එම කෙලෙස් සතුරන් නැසූ බැවින් ද, සංසාර චක්‍රයේ දැති නැසූ බැවින් ද, සිවුපසයන් ලැබීමට සුදුසු වූ බැවින්ද, රහසින් හෝ පව් නොකරන බැවින් ද, අරහන්තො යි යෙදේ. සිතට ප්‍රිය උපදවන දේ කෙරෙහි කෙලෙස් (ආශා) දුරු කළ බැවින් තාදිම්හි යයි යෙදේ. ඛිප්පං පඤ්ජලිකා මන්‍ද ඉක්මනින්ම ඇඳිලි බැඳ වඳින්න. නමස්කාර කරන්න. කුමක් නිසාද යත්, පරිත්තං තව ජීවිතං - ජීවිතය දැන්මම බිඳෙනසුළු ස්වභාවය ඇති බැවිනි. ඉතා කෙටි බවකින් යුක්ත බැවිනි.

ඉති ථෙරො ගාථාද‍්වයෙන භගවතො ගුණෙ පකිත‍්තෙන‍්තො අත‍්තනො ආනුභාවෙ ඨත්‍වා තස‍්සා ච ඛීණායුකතාවිභාවනෙන සංවෙජෙන‍්තො සත්‍ථු වන්‍දනාය නියොජෙසි. සා ච තං සුත්‍වා සංවෙගජාතා සත්‍ථරි පසන‍්නමානසාව හුත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා අඤ‍්ජලිං කත්‍වා නමස‍්සමානා බුද‍්ධගතාය පීතියා එකග‍්ගචිත‍්තා හුත්‍වා අට‍්ඨාසි. භගවා “අලමෙත‍්තකමෙතිස‍්සා සග‍්ගූපපත‍්තියා”ති නගරං පාවිසි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. අථ නං එකා භන‍්තා ගාවී තරුණවච‍්ඡා තතො එව අභිධාවන‍්තී සිඞ‍්ගෙන පහරිත්‍වා ජීවිතා වොරොපෙසි. තං සබ‍්බං දස‍්සෙතුං සඞ‍්ගීතිකාරා –

මෙසේ තෙරුන් වහන්සේ ගාථා යුගලකින් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්ණනා කරන්නාහු තමන්ගේ ආයුභාවයෙහි පිහිටා ඇයගේ ආයුෂ හීන වූ බව ද දැක්වීමෙන් සංවේග උපදවමින් ශාස්තෲන් වහන්සේ වැන්දවීම සඳහා ඇය මෙහෙයවූහ. ඕ තොමෝ ද එය අසා සංවේග උපදවා ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිත් ඇතිව, පසඟ පිහිටුවා වැඳ ඇඳිලි බැඳ නමස්කාර කරමින් බුදුන් කෙරෙහි පිහිටියා වූ ප්‍රීතියෙන් එකඟ සිත් ඇතිව සිටියාය. භාග්‍යවතුන් වහන්සේ ද, මැයට සග සම්පත් ලැබීමට මෙය ප්‍රමාණවත් යයි දැන භික්‍ෂූන් සමග නගරයට පිවිසි සේක. එකල්හි බියට පත්ව දිවයන්නා වූ එක්තරා ගවදෙනක් සිය අඟින් ඇයට අණින ලදින් ඇයගේ දිවි තොරවීය. ඒ සියල්ල දක්වනු පිණිස සංගීතිකාරක තෙරවරහු මේ ගාථා කීහු.

“චොදිතා භාවිතත‍්තෙන, සරීරන‍්තිමධාරිනා; චණ‍්ඩාලී වන්‍දි පාදානි, ගොතමස‍්ස යසස‍්සිනො.

දමනය කරන ලද ඉඳුරන් ඇති, මුගලන් මහරහතන් වහන්සේ විසින් මෙහෙයවන ලද සැඩොලිය යශස් සම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාදයන් වන්දනා කළහ.

“තමෙනං අවධී ගාවී, චණ‍්ඩාලිං පඤ‍්ජලිං ඨිතං; නමස‍්සමානං සම‍්බුද‍්ධං, අන්‍ධකාරෙ පභඞ‍්කර”න‍්ති. – ගාථාද‍්වයමාහංසු;

අඳුරට පහනක් වූ බුදුරජාණන් වහන්සේට ඇඳිලි බැඳ නමස්කාර කළා වූ උවැසියට එක්තරා ගවදෙනක් විසින් සිය අඟින් අනින ලදුව මරණයට පත් කළාය.

තත්‍ථ පඤ‍්ජලිං ඨිතං නමස‍්සමානං සම‍්බුද‍්ධන‍්ති ගතෙපි භගවති බුද‍්ධාරම‍්මණාය පීතියා සමාහිතා හුත්‍වා සම‍්මුඛා විය අඤ‍්ජලිං පග‍්ගය‍්හ නමස‍්සමානං ඨිතං. අන්‍ධකාරෙති අවිජ‍්ජන්‍ධකාරෙන සකලෙන කිලෙසන්‍ධකාරෙන ච අන්‍ධකාරෙ ලොකෙ. පභඞ‍්කරන‍්ති ඤාණොභාසකරං.

එහි පඤ්ජලිං ඨිතං නමස්සමානං සම්බුද්ධං බුදුරජාණන් වහන්සේ එතැනින් නික්ම ගිය කල්හි බුද්ධාලම්භන ප්‍රීතියෙන් සන්සුන් වූ සිත් ඇති බුදුන් ඉන්දදී මෙන්ම ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියා වූ අන්‍ධකාරෙ අවිද්‍යා නමැති අන්ධකාරයෙන් ද, කෙලෙස් නමැති ආලෝකය ඇති කරන්නා වූ

සා ච තතො චුතා තාවතිංසෙසු නිබ‍්බත‍්ති, අච‍්ඡරානං සතසහස‍්සං චස‍්සා පරිවාරො අහොසි. තදහෙව ච සා සහ විමානෙන ආගන‍්ත්‍වා විමානතො ඔතරිත්‍වා ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං උපසඞ‍්කමිත්‍වා වන්‍දි. තමත්‍ථං දස‍්සෙතුං –

ඕ තොමෝ එයින් චුතව තව්තිසා දෙව්ලොව උපන්නීය. ඇයට පිරිවර අප්සරාවෝ ලක්‍ෂයක් වූහ. එකල්හි ඇය විමානය සමගම පැමිණ මුගලන් තෙරුන් වෙත එළඹ වැඳ සිටියහ. ඒ බව මෙසේ දක්වයි.

“ඛීණාසවං විගතරජං අනෙජං, එකං අරඤ‍්ඤම‍්හි රහො නිසින‍්නං; දෙවිද‍්ධිපත‍්තා උපසඞ‍්කමිත්‍වා, වන්‍දාමි තං වීර මහානුභාව”න‍්ති. –

වීර්යවත් උත්තමයාණනි, කෙලෙස් ප්‍රහීණ කළා වූ, රජසින් තොර වූ, තෘෂ්ණාව නැත්තා වූ, ආරණ්‍යයෙහි හුදෙකලාව වැඩ සිටින්නා වූ මහානුභාව සම්පන්න වූ ඔබවහන්සේට මම වන්දනා කරමි.

දෙවතා ආහ. තං ථෙරො පුච‍්ඡි –

එවිට තෙරණුවෝ මෙසේ විමසූහ.

“සුවණ‍්ණවණ‍්ණා ජලිතා මහායසා, විමානමොරුය‍්හ අනෙකචිත‍්තා; පරිවාරිතා අච‍්ඡරාසඞ‍්ගණෙන, කා ත්‍වං සුභෙ දෙවතෙ වන්‍දසෙ මම”න‍්ති.

සම්පතින් යුතු වූ දේවතාවියනි, රත්රන් පැහැයෙන් බබළන්නා වූ, මහත් යසස් ඇත්තා වූ, අප්සරා සමූහයා විසින් පිරිවරණ ලද්දා වූ නන් විසිතුරු විමනින් බැස මට වඳින්නා වූ, ඔබ කවර තැනැත්තියක් ද?

තත්‍ථ ජලිතාති අත‍්තනො සරීරප‍්පභාය වත්‍ථාභරණාදීනං ඔභාසෙන ච ජලන‍්තී ජොතෙන‍්තී . මහායසාති මහාපරිවාරා. විමානමොරුය‍්හාති විමානතො ඔරුය‍්හ. අනෙකචිත‍්තාති අනෙකවිධචිත‍්තතායුත‍්තා. සුභෙති සුභගුණෙ. මමන‍්ති මං.

එහි ජලිතා තමන්ගේ ශරීර ප්‍රභාවයෙන් ද, වස්ත්‍රාභරණාදියේ දීප්තියෙන් ද, දිළිසෙමින් බැබළෙමින්, මහායසො මහත් වූ පිරිවරක් සහිත වූවා, විමාන මොරුය්හ විමානයෙන් බැස, අනෙක චිත්තා - නන්වැදෑරුම් විසිතුරු බවින් යුත්, සුභො, මනා ගුණයන්ගෙන් යුත් තැනැත්තියනි, මමං මා

එවං ථෙරෙන පුච‍්ඡිතා පුන සා –

මෙසේ තෙරුන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලදුව, ඕ තොමෝ නැවත ගාථා සතරක් කීවාය.

“අහං භද‍්දන‍්තෙ චණ‍්ඩාලී, තයා වීරෙන පෙසිතා; වන්‍දිං අරහතො පාදෙ, ගොතමස‍්ස යසස‍්සිනො.

අහං භදන්තෙ චණ්ඩාලී - තයා වීරෙන පෙසිකා වන්‍දිං අරහතො පාදෙ - ගොතමස්ස යසස්සිනො

ස්වාමීනි, වීර වූ ඔබවහන්සේ විසින් මෙහෙයවන ලද මෙම සැඩොලී වෙමි. යසසින් යුක්ත වූ ගෞතමයන් වහන්සේගේ පා වැන්දෙමි.

“සාහං වන්‍දිත්‍වා පාදානි, චුතා චණ‍්ඩාලයොනියා; විමානං සබ‍්බතො භද‍්දං, උපපන‍්නම‍්හි නන්‍දනෙ.

සාහං වන්‍දිත්‍වා පාදාන චුතා චණ්ඩාල යොනියා විමානං සබ්බතො භද්දං - උප්පන්නම්හි නන්‍දනෙ

බුදුන් වහන්සේගේ පා වැඳ චණ්ඩාල යෝනියෙන් චුත වූ මම නන්දන වනයෙහි, අසූරියන් වූ විමානයෙක්හි උපත ලැබූවෙමි.

“අච‍්ඡරානං සතසහස‍්සං, පුරක‍්ඛත්‍වාන තිට‍්ඨති; තාසාහං පවරා සෙට‍්ඨා, වණ‍්ණෙන යසසායුනා.

අච්ඡරානං සත සහස්සං පුරක්‍ඛත්‍වාන තිට්ඨති තාසාහං පවරා සෙට්ඨා වණ්ණෙන යස්සායුනා

අප්සරාවන් ලක්‍ෂයක් පෙරටු කරගෙන සිටින්නා වූ ඒ මම උතුම් වූවා ශ්‍රේෂ්ඨ වූවා වර්ණයෙන් යසසින් හා ආයුෂයෙන් යුක්ත වූවා වෙමි.

“පහූතකතකල්‍යාණා , සම‍්පජානා පටිස‍්සතා; මුනිං කාරුණිකං ලොකෙ, තං භන‍්තෙ වන්‍දිතුමාගතා”ති. –

පහූත කතකල්‍යාණා සම්පජානා පතිස්සතා මුනිං කාරුණිකං ලොකෙ - තං භන්තෙ වන්‍දිතුමාගතා

ස්වාමීනි, බෙහෙවින් යහපත් ලෙස ඇති කරගන්නා වූද, දැනුම ලබා ගත්තා වූ ද, සිහිබුද්ධිය ඇත්තා වූද, මම ලෝකයෙහි කාරුණික වූ මුනීන්ද්‍රයන් වහන්සේ වඳිනු පිණිස පැමිණියා වෙමි.

චතස‍්සො ගාථායො ආහ.

තත්‍ථ පෙසිතාති “චණ‍්ඩාලි, වන්‍ද පාදානී”තිආදිනා වන්‍දනාය උය්‍යොජිතා. යදිපි තං වන්‍දනාමයං පුඤ‍්ඤං පවත‍්තික‍්ඛණවසෙන පරිත‍්තං, ඛෙත‍්තමහන‍්තතාය පන ඵලමහන‍්තතාය ච අතිවිය මහන‍්තමෙවාති ආහ “පහූතකතකල්‍යාණා”ති. තථා බුද‍්ධාරම‍්මණාය පීතියා පවත‍්තික‍්ඛණෙ පඤ‍්ඤාය සතියා ච විසදභාවං සන්‍ධායාහ “සම‍්පජානා පටිස‍්සතා”ති. පුන –

එහි පෙසිතා සැඩොලියනි, බුදුන් පා වඳින්න යනාදී වශයෙන් වැඳීම සඳහා මෙහෙයවනු ලැබුවාය. එම වන්දනාමය පින්කම සිදු වූ අවස්ථාව සුළු වූවකි. කෙත මහත් වූ පමණට එහි ඵලයද මහත්වන බැවින්, අතිශයින් මහත් වේ යන්න කියන ලදී. පහූක කත කල්‍යාණා - බුදුන් අරමුණුකොට හටගත් ප්‍රීතිය පැවැති කාලය තුළ සිතේ ඇතිවන ප්‍රඥාවෙන් ද සිහි බුද්ධියෙන් ද, හටගත්තා වූ විශාරද බව සලකා සම්පජානානං පතිස්සතා යනාදිය කියන ලදී.

“ඉදං වත්‍වාන චණ‍්ඩාලී, කතඤ‍්ඤූ කතවෙදිනී; වන්‍දිත්‍වා අරහතො පාදෙ, තත්‍ථෙවන‍්තරධායථා”ති. –

මෙසේ කියා කළ දෙයෙහි ගුණ දන්නා වූ, පෙර චණ්ඩාලීව සිටි දෙවඟන රහතන් වහන්සේගේ පා වැඳ එතැනින් ගියාය.

ගාථා සඞ‍්ගීතිකාරෙහි ඨපිතා.

මෙම ගාථා සංගීතිකාරක තෙරුන් විසින් රචනා කරන ලදී.

තත්‍ථ චණ‍්ඩාලීති චණ‍්ඩාලීභූතපුබ‍්බාති කත්‍වා වුත‍්තං, දෙවලොකෙ ච ඉදමාචිණ‍්ණං, යං මනුස‍්සලොකෙ නිරුළ‍්හසමඤ‍්ඤාය වොහාරො. සෙසං වුත‍්තනයමෙව.

එහි චණ්ඩාලී - පෙර අත්බැවෙහි සැඩොලියක් වූවායයි සිහිකොට කියන ලදී. මිනිස්ලොවේ දී යම් ආරෝපිත නාමයක් වූයේ නම්, එය පුරුදු ආකාරයෙන් දෙව්ලොවේ දී ද භාවිතා වේ. සෙසු කරුණු පෙර කියන ලද පරිද්දෙන් දතයුතුය.

ආයස‍්මා පන මහාමොග‍්ගල‍්ලානො ඉමං පවත‍්තිං භගවතො ආරොචෙසි. භගවා තමත්‍ථං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා සම‍්පත‍්තපරිසාය ධම‍්මං දෙසෙසි, සා දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා අහොසීති.

පසුව මේ පුවත මුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පවසන ලදුව එය අර්ථෝත්පත්ති කොටගෙන රැස්ව සිටි පිරිසට තථාගතයෝ ධර්ම දේශනා කළහ. ධර්ම දේශනාව මහජනයාට ඵලදායී වූයේය.

චණ‍්ඩාලිවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

චණ්ඩාලී විමාන වර්ණනාව නිමියේය.