යෙදුමෙන් කියවන්න

5. භද‍්දිත්‍ථිවිමානවණ‍්ණනා අට‍්ඨකථා

5. භද‍්දිත්‍ථිවිමානවණ‍්ණනා

5. භද්දිත්ථි විමානයි වර්ණනා

නීලා පීතා ච කාළා චාති භද‍්දිත්‍ථිවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ච සමයෙන කිමිලනගරෙ රොහකො නාම ගහපතිපුත‍්තො අහොසි සද‍්ධො පසන‍්නො සීලාචාරසම‍්පන‍්නො. තස‍්මිංයෙව ච නගරෙ තෙන සමානමහාභොගෙ කුලෙ එකා දාරිකා අහොසි සද‍්ධා පසන‍්නා පකතියාපි භද‍්දතාය භද‍්දාති නාමෙන. අථ රොහකස‍්ස මාතාපිතරො තං කුමාරිං වාරෙත්‍වා තාදිසෙ කාලෙ තං ආනෙත්‍වා ආවාහවිවාහං අකංසු. තෙ උභොපි සමග‍්ගවාසං වසන‍්ති. සා අත‍්තනො ආචාරසම‍්පත‍්තියා “භද‍්දිත්‍ථී”ති තස‍්මිං නගරෙ පාකටා පඤ‍්ඤාතා අහොසි.

නීලා පිතා ච කාලා ච යනුවෙන් හද්දිත්‍ථි විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයේ වාසය කරන සේක. එකල්හි කිම්බිල නම් නුවර ශ්‍රද්ධාවන්ත වූ, පැහැදුණු සිත් ඇත්තා වූ සිල්වත් හැසිරීමෙන් යුක්ත වූ රෝහක නම් ගෘහපති පුත්‍රයෙක් වාසය කළේය. ඒ නගරයෙහිම ඔහුට සමාන වූ මහත් වූ සම්පත් ඇති කුලගෙයක ශ්‍රද්ධා සම්පන්න වූ, පැහැදුණු සිත් ඇති, ස්වභාවයෙන්ම යහපත් වූ බැවින් ‘භද්දා’ නම් නම් ඇති එක් දැරියක් වූවාය. ඉක්බිති රෝහණගේ දෙමාපියෝ ඒ දැරිය ආවාහයට කැමති කරවාගෙන ඇය ද එකඟ වූ කල්හි කැඳවාගෙන අවුත් ඔවුන් දෙදෙනාගේ විවාහය සිදුකළහ. ඒ යුවළ ද සමගිව වාසය කරන්නාහුය. ඕ තොමෝ තමාගේ ආචාර සම්පන්න භාවය නිසා ‘භද්දිත්‍ථි’ හෙවත් යහපත් ස්ත්‍රිය යනුවෙන් ඒ නගරයෙහි ප්‍රකටව හඳුනා ගැනීමට පත්වූවාය.

තෙන ච සමයෙන ද‍්වෙ අග‍්ගසාවකා පඤ‍්චසතපඤ‍්චසතභික‍්ඛුපරිවාරා ජනපදචාරිකං චරන‍්තා කිමිලනගරං පාපුණිංසු. රොහකො තෙසං තත්‍ථ ගතභාවං ඤත්‍වා සොමනස‍්සජාතො ථෙරෙ උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා ස‍්වාතනාය නිමන‍්තෙත්‍වා දුතියදිවසෙ පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සපරිවාරෙ තෙ සන‍්තප‍්පෙත්‍වා සපුත‍්තදාරො තෙහි දෙසිතං ධම‍්මදෙසනං සුත්‍වා තෙසං ඔවාදෙ පතිට‍්ඨහන‍්තො සරණානි ගණ‍්හි, පඤ‍්ච සීලානි සමාදියි. භරියා පනස‍්ස අට‍්ඨමීචාතුද‍්දසීපන‍්නරසීපාටිහාරියපක‍්ඛෙසු උපොසථං උපවසි, විසෙසතො සීලාචාරසම‍්පන‍්නා අහොසි දෙවතාහි ච අනුකම‍්පිතා. තාය එව ච දෙවතානුකම‍්පාය අත‍්තනො උපරි පතිතං මිච‍්ඡාපවාදං නිරංකත්‍වා සුවිසුද‍්ධසීලාචාරතාය අතිවිය ලොකෙ පත්‍ථටයසා අහොසි.

එම කාලයෙහිම අගසවු දෙදෙනා වහන්සේලා පන්සියය පන්සියය බැගින් වූ පිරිවර භික්‍ෂූන් සහිතව ජනපද චාරිකාවේ හැසිරෙමින් කිම්බිල නගරයට පැමිණියහ. උන්වහන්සේලා එහි වැඩමවූ බව දැන සොම්නස් උපදවාගත් රෝහක තෙමේ තෙරුන් වහන්සේලා වෙත එළඹ වැඳ පසුදින දානය සඳහා ආරාධනා කොට, දෙවන දිනයෙහි ප්‍රණීත වූ බාද්‍ය භෝද්‍ය ආහාරයෙන් පිරිවර සහිතව ඒ තෙරවරුන් මනාව වළඳවා, උන්වහන්සේලා විසින් දේශනා කරන ලද ධර්මය අඹු දරුවන් සහිතව අසා උන්වහන්සේලාගේ අවවාදයෙහි පිහිටමින් තිසරණ ලබාගත්තේය. පන්සිල් ද සමාදන් වූහ. ඔහුගේ භාර්යාව වූ කලී අටවක තුදුස්වක පසළොස්වක හා පුරපස දිනයන්හි පෙහෙවස් සමාදන්ව විශේෂයෙන් සිල්වත් හැසිරීම් සහිත වූවාය. ඇයට දේවතානුකම්පාව ලැබිණ. නිකරුණේ ඇය වෙත පතිත වූ අසත්‍ය දෝෂාරෝපණයන් දේවතානුභාවයෙන් නිදොස් වී ලොව සුපතල කිත් යශස් ඇති තැනැත්තියක් වූවාය.

සා හි සයං කිමිලනගරෙ ඨිතා අත‍්තනො සාමිකස‍්ස වණිජ‍්ජාවසෙන තක‍්කසිලායං වසන‍්තස‍්ස, උස‍්සවදිවසෙ සහායෙහි උස‍්සාහිතස‍්ස නක‍්ඛත‍්තකීළාචිත‍්තෙ උප‍්පන‍්නෙ ඝරදෙවතාය අත‍්තනො දිබ‍්බානුභාවෙන තං තත්‍ථ නෙත්‍වා සාමිකෙන සහ යොජිතා තෙනෙව සමාගමෙන පතිට‍්ඨිතගබ‍්භා හුත්‍වා දෙවතාය කිමිලනගරං පටිනීතා, අනුක‍්කමෙන ගබ‍්භිනිභාවෙ පාකටෙ ජාතෙ සස‍්සුආදීහි “අතිචාරිනී”ති ආසඞ‍්කිතා, තාය එව දෙවතාය අත‍්තනො ආනුභාවෙන ගඞ‍්ගාමහොඝෙ කිමිලනගරං ඔත්‍ථරන‍්තෙ විය උපට‍්ඨාපිතෙ අත‍්තනො පතිබ‍්බතාභාවසංසූචකෙන සච‍්චාධිට‍්ඨානපුබ‍්බකෙන සපථෙන වාතවෙගසමුට‍්ඨිතවීචිජාලං ගඞ‍්ගාමහොඝං අත‍්තනො උපරි ආපතිතං ආයස‍්සඤ‍්ච නිවත‍්තෙත්‍වා, සාමිකෙන සමාගතාපි තෙන පුබ‍්බෙ සස‍්සුආදීහි විය ආසඞ‍්කිතා තක‍්කසිලායං තෙන දින‍්නං නාමමුද‍්දිතං සඤ‍්ඤාණඤ‍්ච අප‍්පෙන‍්තී, තං ආසඞ‍්කං නිරංකත්‍වා භත‍්තුනො ඤාතිජනස‍්ස ච මහාජනස‍්ස ච සම‍්භාවනීයා ජාතා. තෙන වුත‍්තං “සුවිසුද‍්ධසීලාචාරතාය අතිවිය ලොකෙ පත්‍ථටයසා අහොසී”ති.

ඕ තොමෝ කිම්බිල නුවර සිටියදීම, තක්සලා නුවර ව්‍යාපාරික කටයුතුවල යෙදුනු තම සැමියාට නැකැත් කෙළි සඳහා සිතක් උපන්නේය. එකල්හි නිවසට අධිපති දේවතාවිය විසින් තමන්ගේ දිව්‍යානුභාවයෙන් ඇය තක්සලා නුවරට පමුණුවා ස්වාමියා සමග එකතු කරන ලද්දීය. ඒ එකතුවෙන්ම දරුගැබක් ඇති වූ ඇය දේවතාවිය විසින්ම නැවත කිම්බිල නුවරට පමුණුවන ලද්දීය. අනතුරුව ගර්භනී භාවය ප්‍රකට වූ කල්හී ඇය සැමියා ඉක්මවා යන කෙනෙකැයි නැන්දනිය ආදීන් විසින් සැක කරනු ලැබුවාහ. එවිට එම දේවතාවිය විසින්ම ස්වකීය ආනුභාවයෙන්ම මවා පෙන්වූ මහා ගංවතුරක කිම්බිලී නුවර ගිලී ගත්තාක් මෙන් පිහිටි කල්හි ‘භද්දිත්‍ථි’ තොමෝ තමන්ගේ පතීව්‍රතාභාවය ප්‍රකාශකොට ඒ පතීව්‍රතාව පිළිබඳ සත්‍යක්‍රියා කර දිව්රිමකින්, වාත වේගයෙන් උඩට නැගුණු රළ පෙළ සහිත ගඟ මහ දියකඳ නවත්වා තමන් මත පතිත වූ සැකය ද දුරුකළාය. ආපසු පැමිණි සැමියා විසිනුදු පෙර නැන්දනියන් ආදීන් විසින් කරන ලද්දාක් මෙන් සැක කරන ලදුව, තක්සලාවේ දී ඔහු විසින් ඇයට දෙන ලද ඔහුගේ නම කොටන ලද හැඳුනුම් සලකුණ පේරැස් මුද්ද දක්වා එම සැකය නැතිකරවා ස්වාමියාගේ ද ඤාතීන්ගේ ද ජනයාගේ ද විශ්වාසය ද ගරු බුහුමන් ද ලබන්නට වූවාය. ‘සුවිසුද්ධ සීලා ද්වාරතාය අතිවිය ලොකෙ පත්‍ථවයඝා අහොසි’ සුපිරිසිදු ශීලාචාර භාවයෙන් ලෝකයෙහි සුපතළ කිත් ඇති තැනැත්තියක් වූවාය යන එහෙයින් කියන ලදී.

සා අපරෙන සමයෙන කාලං කත්‍වා තාවතිංසභවනෙ උප‍්පන‍්නා. අථ භගවති සාවත්‍ථිතො තාවතිංසභවනං ගන‍්ත්‍වා පාරිච‍්ඡත‍්තකමූලෙ පණ‍්ඩුකම‍්බලසිලායං නිසින‍්නෙ, දෙවපරිසාය ච භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නාය භද‍්දිත්‍ථීපි උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. අථ භගවා දසසහස‍්සිලොකධාතූසු සන‍්නිපතිතාය දෙවබ්‍රහ‍්මපරිසාය මජ‍්ඣෙ තාය දෙවතාය කතපුඤ‍්ඤකම‍්මං පුච‍්ඡන‍්තො –

ඕ තොමෝ පසුකලෙක කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරින් නික්ම තව්තිසාවට වැඩමවා පරසතු රුක්මුල පඬු ඇඹුල් සලස්න මත වැඩඋන් කල්හී, දෙව් පිරිස් පැමිණ වඳිද්දී, ‘භද්දා’ නම් වූ දෙව්දුව ද පැමිණ වැඳ එකත්පස්ව හුන්නාය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එහි රැස් වූ දස දහසක් ලෝකධාතුන්හී දිව්‍ය බ්‍රහ්ම පිරිස මධ්‍යයේ එම දේවතාවිය විසින් කරන ලද පින්කම් විමසන සේක්, මෙසේ ප්‍රශ්න කළ සේක.

“නීලා පීතා ච කාළා ච, මඤ‍්ජිට‍්ඨා අථ ලොහිතා; උච‍්චාවචානං වණ‍්ණානං, කිඤ‍්ජක‍්ඛපරිවාරිතා.

නීලා ච පීතා ච මජ්ඣෙට්ඨා අථ ලොහිතා උච්චාවචානං වණ්ණනං - කිඤ්ජක්‍ඛ පරිවාරිතා

“මන්‍දාරවානං පුප‍්ඵානං, මාලං ධාරෙසි මුද‍්ධනි; නයිමෙ අඤ‍්ඤෙසු කායෙස, රුක‍්ඛා සන‍්ති සුමෙධසෙ.

මන්‍දාරවානං පුප්ඵානං මාලං ධාරෙසි මුඤ්චතී නයි මෙ අඤ්ඤෙසු කායෙසු - රුක්‍ඛාසන්ති සුමෙධ සෙ

“කෙන කායං උපපන‍්නා, තාවතිංසං යසස‍්සිනී; දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ, කිස‍්ස කම‍්මස‍්සිදං ඵල”න‍්ති. – ආහ;

එම්බා දෙවඟන! ඒ වනාහි නිල් කහ කළු මදටිය රතු ආදී විවිධ වර්ණයන් සහිත පත්‍ර කිඤ්ජල්ක කේශර පන්තියෙන් හෙබියා වූ, මදාරා මලින් ගොතා කරන ලද මුදුන් මල්කඩින් හා අනේකප්‍රකාර විචිත්‍ර කර්මාන්තයෙන් හෙබි මල්දම්වලින් සැරසී අනිත් දේවතාවියන් අතර සිටින්නීය. අනෙක් දෙවි දේවතාවුන් අතුරෙහි මෙබඳු සැරසීමක් නැත්තේය. මහත් වූ යශශ්‍රී ඇති දෙව්දුව ගිය දවස තී විසින් කරන ලද කවර කුශල කර්මයක් හේතුකොටගෙන මේ තව්තිසා භවනෙහි උපන්නීද? මා විසින් විචාරන ලද මෙම පැනයට පිළිතුරු මෙම දෙව් බඹ පිරිස් මැද දී ප්‍රකාශ කරව. යම් කුශල කර්මයකින් මෙබඳු දිවසැපත් ලබන ලද්දේ වී නම් ඒ කුශල කර්මයන් ප්‍රකාශ කරව.

තත්‍ථ නීලා පීතා ච කාළා ච, මඤ‍්ජිට‍්ඨා අථ ලොහිතාති එත්‍ථ ච-සද‍්දො වුත‍්තත්‍ථසමුච‍්චයො, සො නීලා ච පීතා චාතිආදිනා පච‍්චෙකං යොජෙතබ‍්බො. අථාති අඤ‍්ඤත්‍ථෙ නිපාතො. තෙන ඔදාතාදිකෙ අවුත‍්තවණ‍්ණෙ සඞ‍්ගණ‍්හාති. ඉති-සද‍්දො ලුත‍්තනිද‍්දිට‍්ඨො වෙදිතබ‍්බො. ච-සද‍්දො වා අවුත‍්තත්‍ථසමුච‍්චයො. අථාති ඉති-සද‍්දත්‍ථෙ නිපාතො. උච‍්චාවචානං වණ‍්ණානන‍්ති එත්‍ථ උච‍්චාවචානන‍්ති විභත‍්තියා අලොපො දට‍්ඨබ‍්බො, උච‍්චාවචවණ‍්ණානං නානාවිධවණ‍්ණානන‍්ති අත්‍ථො. වණ‍්ණානන‍්ති වා වණ‍්ණවන‍්තානං. කිඤ‍්ජක‍්ඛපරිවාරිතාති කිඤ‍්ජක‍්ඛෙහි පරිවාරිතානං. සාමිඅත්‍ථෙ හි එතං පච‍්චත‍්තවචනං. ඉදං වුත‍්තං හොති – නීලා ච පීතා ච කාළා ච මඤ‍්ජිට‍්ඨා ච ලොහිතා ච අථ අඤ‍්ඤෙ ඔදාතාදයො චාති ඉමෙසං වසෙන උච‍්චාවචවණ‍්ණානං තථාභූතෙහියෙව කිඤ‍්ජක‍්ඛෙහි කෙසරෙහි පරිවාරිතානං විචිත‍්තසණ‍්ඨානාදිතාය වා උච‍්චාවචානං යථාවුත‍්තවණ‍්ණවන‍්තානං මන්‍දාරවරුක‍්ඛසම‍්භූතතාය මන්‍දාරවානං පුප‍්ඵානං මාලං තෙහි කතං මාලාගුණං ත්‍වං දෙවතෙ අත‍්තනො සීසෙ ධාරෙසි පිළන්‍ධසීති.

එහි - නීලා ච පීතා ච කාලා ච මඤ්ජෙට්ඨා අථ ලොහිතා මෙහි ‘ච’ ශබ්දය යොදා ඇත්තේ පදයන්ගේ සම්බන්ධය දැක්වීම සඳහාය. එම ‘ච’ ශබ්දය වෙන වෙනම යෙදිය යුතු වේ. අථ යනු අන්‍යර්ථයෙහි නිපාත පදයෙකි. ඒ පදයෙන් සුදු පැහැ ආදී නොකියන ලද වර්ණයන් එකතුකොට ගැනේ. ‘ඉති’ ශබ්දය ලොප් කරන ලද්දේ යයි දතයුතු. ‘ච’ ශබ්දය නො කියන ලද අර්ථයෙන් එකතු කරගැනීම සඳහා කියයි. ‘අථ’ යනු ඉති ශබ්දාර්ථයේ නිපාතයි. ‘උච්චාවචානං වණ්ණනත්ති’ මෙහි උච්චාවචානං යනුවෙන් විභක්තිය ලොප්නොකොට තබන ලදී. උච්චාවචානං වණ්ණානං යනු අනේක විවිධ වර්ණයන්ගෙන් යුත් මල් රොන්වලින් ගහණ වූ යන අර්ථයි. වණ්ණානං යන පදය හෝ වණ්ණවන්තානං යන පද දෙකින් එක් පදයක් මෙහි යෙදිය හැකිය. කිඤ්ජක්‍ඛ පරිවාරිතා රොන්වලින් ගැවසී ගත් මෙහි සම්බන්ධ විභක්ත්‍යර්ථයේ ප්‍රථමා විභක්ති පදයයි. කියන ලද්දේ මේ අර්ථය වේ. නීල වර්ණය ද, කහ වර්ණය ද, කාල වර්ණය ද, මදටිය වර්ණය ද, රක්ත වර්ණය ද, තව ද අන්‍ය වූ සුදු වර්ණය ද ආදී වර්ණයන් හා මේ ආදී තද හා ලිහිල් වර්ණයන්ගෙන් සැදුණු රේණුවලින් සහ කේශරයන්ගෙන් ගැවසී ගත් විසිතුරු ලක්‍ෂණයන්ගෙන් ද පෙර කියන ලද තද සහ ලා වර්ණයන්ගෙන් ද යුක්ත වූ පුෂ්පයෝ යන අදහසයි. දිව්‍යමය මදාරා වෘක්‍ෂයන්හි හටගත් බැවින් මන්‍දාරවානං පුප්ඵානං මාලං යි කියන ලදී. දේවතාවියනි, ඔබ (පෙර කියන ලද) මල්වලින් සාදන ලද මල් ඔටුන්නක්, හිසෙහි දරයි.

යතො රුක‍්ඛතො තානි පුප‍්ඵානි, තෙසං විසෙසවණ‍්ණතාය අනඤ‍්ඤසාධාරණතං දස‍්සෙතුං “නයිමෙ අඤ‍්ඤෙසු කායෙසු, රුක‍්ඛා සන‍්ති සුමෙධසෙ”ති වුත‍්තං. තත්‍ථ ඉමෙති යථාවුත‍්තවණ‍්ණසණ‍්ඨානාදියුත‍්තා පුප‍්ඵවන‍්තො රුක‍්ඛා න සන‍්තීති යොජනා. කායෙසූති දෙවනිකායෙසු. සුමෙධසෙති සුන්‍දරපඤ‍්ඤෙ.

යම්කිසි වෘක්‍ෂයකින් නෙලා ගන්නා ලද ඒ මල් ඒවායේ විශේෂ වර්ණයන්ගේ හේතුවෙන්, අන්‍ය වූ මල් හා අසමාන වේද? ඒ බව දක්වනු පිණිස නයි මෙ අඤ්ඤෙසු කායෙසු රුක්‍ඛා සන්ති සුමෙධ සෙ යන්න කියන ලදී. (මෙවැනි මල් සහිත ගස් නොමැත්තේය යනුවෙන් කියන ලදී.) එහි කායෙසු දේව කොට්ඨාසයන්හි. සුමෙධසෙ යහපත් ප්‍රඥාවක් ඇති තැනැත්තිය.

තත්‍ථ නීලාති ඉන්‍දනීලමහානීලාදිමණිරතනානං වසෙන නීලොභාසා. පීතාති පුප‍්ඵරාගකක‍්කෙතනපුලකාදිමණිරතනානඤ‍්චෙව සිඞ‍්ගීසුවණ‍්ණස‍්ස ච වසෙන පීතොභාසා. කාළාති අස‍්මකඋපලකාදිමණිරතනානං වසෙන කණ‍්හොභාසා. මඤ‍්ජිට‍්ඨාති ජොතිරසගොමුත‍්තකගොමෙදකාදිමණිරතනානං වසෙන මඤ‍්ජිට‍්ඨොභාසා. ලොහිතාති පදුමරාගලොහිතඞ‍්කපවාළරතනාදීනං වසෙන ලොහිතොභාසා. කෙචි පන නීලාදිපදානි “රුක‍්ඛා”ති ඉමිනා “නීලා රුක‍්ඛා”තිආදිනා යොජෙත්‍වා වදන‍්ති. රුක‍්ඛාපි හි නීලාදිවණ‍්ණෙහි පුප‍්ඵෙහි සඤ‍්ඡන‍්නත‍්තා නීලාදියොගතො නීලාදිවොහාරං ලභන‍්තීති තෙහි “නීලා…පෙ… ලොහිතා…පෙ… නයිමෙ අඤ‍්ඤෙසු කායෙසු රුක‍්ඛා සන‍්ති සුමෙධසෙති, යතො ත්‍වං උච‍්චාවචානං වණ‍්ණානං කිඤ‍්ජක‍්ඛපරිවාරිතානං මන්‍දාරවානං පුප‍්ඵානං මාලං ධාරෙසී”ති යොජනා කාතබ‍්බා. තත්‍ථ යථාදිට‍්ඨෙ වණ‍්ණවිසෙසයුත‍්තෙ පුප‍්ඵෙ කිත‍්තෙත්‍වා තෙසං අසාධාරණභාවදස‍්සනෙන රුක‍්ඛානං ආවෙනිකභාවදස‍්සනං පඨමනයො, රුක‍්ඛානං අසාධාරණභාවදස‍්සනෙන පුප‍්ඵානං ආවෙනිකභාවදස‍්සනං දුතියනයො. පඨමනයෙ වණ‍්ණාදයො සරූපෙන ගහිතා, දුතියනයෙ නිස‍්සයමුඛෙනාති අයමෙතෙසං විසෙසො.

එහි නීලා ඉන්ද්‍රනීල මහානීල මාණික්‍ය රත්නයන්ගේ මෙන් නිල් ආලෝකය ඇතියහ. පීතා යනු පුෂ්පරාග, කක්කේතන, සඵුලක ආදී මාණික්‍ය රත්නයන්ගේ මෙන් ද, සංගී නම් සුවර්ණයෙහි මෙන් ද, කසාවන් ආලෝකයක් ඇති යනුයි. කාළා යනු අස්මක උපළක ආදී වූ මාණික්‍ය විශේෂයන්ගේ මෙන් කාළ වර්ණයෙන් ද, ආලෝකය දීප්තිය ඇත්තේය යනුයි. මඤ්ජෙට්ඨක යනු ජොතිරස, ගොමුත්තක, ගෝමේධ යන මාණික්‍ය රත්නයන්ගේ මෙන් මදටිය වර්ණ ආලෝකයක් ඇත්තේය යනුයි. ලෝහිත යනු පද්මරාග - ලෝහිතංක පවාළ ආදී ඇතැම් කෙනෙක් ‘නීල’ ආදී පද වෘක්‍ෂයන් යයි ගෙන ඉමානි නීල රුක්‍ඛං මේ නිල් වෘක්‍ෂයෝ ආදී වශයෙන් යොදා ප්‍රකාශ කරත්. ගස් ද නිල් ආදී පාට ඇති මල්වලින් යුක්ත බැවිනි. නීල ආදිය යෙදීමෙන් නීල ආදී ව්‍යවහාර ලබා ගනියි. ‘නීලා -පෙ- ලොහිතා -පෙ- ඉමෙසු පුඤ්ඤෙසු කායෙසු රුක්‍ඛා සන්ති සුමෙධසො’ නීල පීතා දී ගාථා දෙකින් මෙසේ අදහස් කළයුතු වේ. ඔබ තද හා ළා වර්ණයන්ගෙන් යුත් රොනින් ගැවසී ගත් මලින් කළ මල්මලා දරන්නීය යනුයි. එහි දී පෙනෙන්නා වූ වර්ණ විශේෂයන්ගෙන් යුක්ත වූ මල් පිළිබඳව විස්තර කොට ඒවායේ ඇති විශේෂත්වයක් දැක්වීමෙන් ඒවා අයත් වෘක්‍ෂයන්ගේ ආවේණික ලක්‍ෂණ දැක්වීම පළමුවන න්‍යාය වෙයි. වෘක්‍ෂයන්ගේ විශේෂත්වයක් දැක්වීමෙන් ඒවාත් අන්‍ය පුෂ්පයන්ගේ ආවේණික ලක්‍ෂණයන්ගේ ආසාධාරණ බව දැක්වීම දෙවැනි අදහස වේ. පළමුවන න්‍යායයේ දී ඒවායේ වර්ණ ආදී සමාන ලක්‍ෂණ ගන්නා ලදී. දෙවෙනි න්‍යායයේ දී ඒවායේ ආශ්‍රිත ලක්‍ෂණ වශයෙන් ගන්නා ලදී. මේ එහි විශේෂත්වයයි.

කෙනාති කෙන පුඤ‍්ඤකම‍්මෙන, කායං තාවතිංසන‍්ති යොජනා. පුච‍්ඡිතාචික‍්ඛාති පුච‍්ඡිතා ත්‍වං ආචික‍්ඛ කථෙහි.

කෙන කවර පුණ්‍ය කර්මයකින් කායං තාවතිංසං තව්තිසාවය යන අදහසයි. පුච්ඡිතාචික්‍ඛ මා විසින් ප්‍රශ්න කරන ලද්දේ පිළිතුරු කියන්න.

එවං භගවතා පුච‍්ඡිතා සා දෙවතා ඉමාහි ගාථාහි බ්‍යාකාසි –

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලදුව ඒ දේවතා තොමෝ මෙසේ පිළිතුරු දුන්නාය.

“භද‍්දිත්‍ථිකාති මං අඤ‍්ඤංසු, කිමිලායං උපාසිකා; සද‍්ධා සීලෙන සම‍්පන‍්නා, සංවිභාගරතා සදා.

මා මිනිස් ලොව මිනිස් දුවක්ව ඉපිද කිම්බිල නගරයෙහි සියලු කල්හි ශ්‍රද්ධාවෙන් ද, ශීලයෙන් ද, පරිත්‍යාගශීලී තත්ත්වයෙන් ද ජීවත් වූයෙමි. එකල ‘භද්දිත්‍ථි’ යන නමින් මා හැඳින්වීය.

“අච‍්ඡාදනඤ‍්ච භත‍්තඤ‍්ච, සෙනාසනං පදීපියං; අදාසිං උජුභූතෙසු, විප‍්පසන‍්නෙන චෙතසා.

සෘජු පැවතුම් ඇති උතුමන් වෙත වස්ත්‍ර ද ආහාර ද, සෙනසුන් ද, ගිලන්පස සඳහා අවශ්‍ය දේ ද, ඉතා ප්‍රසන්න වූ සිතින් පූජා කළෙමි. දන් දුනිමි.

“චාතුද‍්දසිං පඤ‍්චදසිං, යා ච පක‍්ඛස‍්ස අට‍්ඨමී; පාටිහාරියපක‍්ඛඤ‍්ච, අට‍්ඨඞ‍්ගසුසමාගතං.

අව පක්‍ෂයෙහි ද පුර පක්‍ෂයෙහි ද, අටවක, තුදුස්වක, පසළොස්වක, අමාවක යන දිනයන්හී අංග අටකින් යුක්ත වූ උපෝසථය සමාදන් වුනිමි. සියලු කල්හි සීලයන්හි සන්සුන්ව හැසිරුණෙමි. ප්‍රාණඝාතයෙන්, සොරකමින්, මුසාවාදයෙන් ද සැමියා ඉක්මවා හැසිරීමෙන්, කාම මිථ්‍යාචාරයෙන්, මද්‍යපානයෙන් ඉවත් වූයෙමි. වෙන් වූයෙමි.

“උපොසථං උපවසිස‍්සං, සදා සීලෙසු සංවුතා; සඤ‍්ඤමා සංවිභාගා ච, විමානං ආවසාමහං.

“පාණාතිපාතා විරතා, මුසාවාදා ච සඤ‍්ඤතා; ථෙය්‍යා ච අතිචාරා ච, මජ‍්ජපානා ච ආරකා.

“පඤ‍්චසික‍්ඛාපදෙ රතා, අරියසච‍්චාන කොවිදා; උපාසිකා චක‍්ඛුමතො, අප‍්පමාදවිහාරිනී; කතාවාසා කතකුසලා තතො චුතා, සයංපභා අනුවිචරාමි නන්‍දනං.

පංච ශික්‍ෂාපදයන්හි ඇලුම් ඇතිව, ආර්ය සත්‍යයන්හි දැනුම ඇතිව පසැස් ඇත්තා වූ බුදුන් කෙරෙහි ශ්‍රද්ධා ඇතිව, උපාසිකාවක් වී සුචරිතශීලීව කරන ලද කුසල් ඇතිව, ඒවායේ යෙදී තමන්ට ආලෝකයක් වී නන්දන වනයෙහි උපත ලදීමි.

“භික‍්ඛූ චාහං පරමහිතානුකම‍්පකෙ, අභොජයිං තපස‍්සියුගං මහාමුනිං; කතාවාසා කතකුසලා තතො චුතා, සයංපභා අනුවිචරාමි නන්‍දනං.

අතිශයින්ම හිතානුකම්පා කරන්නා වූ මහත් නුවණ ඇත්තා වූ කෙලෙස් තවා උතුම්භවයට පැමිණියා වූ සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේට මම ආහාර වැළඳවීමි. සුචරිතශීලීව කරන ලද කුසල් ඇතිව ඒවායෙහි යෙදෙමින් තමන්ටම ආලෝකයක් වී නන්දන වනයෙහි වෙසෙමි.

“අට‍්ඨඞ‍්ගිකං අපරිමිතං සුඛාවහං, උපොසථං සතතමුපාවසිං අහං; කතාවාසා කතකුසලා තතො චුතා, සයංපභා අනුවිචරාමි නන්‍දන”න‍්ති.

සීමා රහිත සැපසම්පත් ලබා දෙන්නා වූ අෂ්ටාංග උපෝසථ සීලය නිතර සමාදන් වෙමින් සුචරිතශීලව කරන ලද කුසල් ඇතිව ඒවායෙහිම යෙදෙමින් තමන්ටම මෙන් ආලෝකයක් වී නන්දන වනයේ වෙසෙමි.

තත්‍ථ භද‍්දිත්‍ථිකාති මං අඤ‍්ඤංසු, කිමිලායං උපාසිකාති ආචාරසම‍්පත‍්තියා සච‍්චකිරියාය උබ‍්බත‍්තමානමහොඝනිවත‍්තනෙන අඛණ‍්ඩසීලාති සඤ‍්ජාතනිච‍්ඡයා භද‍්දා සුන්‍දරා අයං ඉත්‍ථී, තස‍්මා “භද‍්දිත්‍ථිකා උපාසිකා”ති ච මං කිමිලනගරවාසිනො ජානිංසු. සද‍්ධා සීලෙන සම‍්පන‍්නාතිආදි හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙව.

එහි භද්දිත්‍ථි ති මං අඤ්ඤංසු කිම්බිලායං උපාසිකා මා ආචාර සම්පත්තියෙන් සත්‍ය ක්‍රියාවෙන්, උදුරා දැමිය යුතු මාන්නය නමැති සැඩපහර වැළැක්වීමෙන්, කඩ නොකරන ලද සිල් ඇත්තියක් යයි හටගත් පිළිගැනීමක් ඇති යහපත් වූ සුන්දර වූ තැනැත්තියකි. එහෙයින් කිම්බිල නුවර වැසියෝ භද්දත්‍ථිකා උපාසිකාව යනුවෙන් මා හැඳින්වූහ. සද්ධාසීලෙන සම්පන්නා මේ කරුණු ඉහත කියන ලද පිළිවෙළට බැවින් අරුත් පැහැදිලිය.

අපිච “සද‍්ධා”ති ඉමිනා සද‍්ධාධනං, “සංවිභාගරතා, අච‍්ඡාදනඤ‍්ච භත‍්තඤ‍්ච, සෙනාසනං පදීපියං. අදාසිං උජුභූතෙසු, විප‍්පසන‍්නෙන චෙතසා”ති ඉමිනා චාගධනං , “සීලෙන සම‍්පන‍්නා, චතුද‍්දසිං පඤ‍්චදසිං…පෙ… පඤ‍්චසික‍්ඛාපදෙ රතා”ති ඉමිනා සීලධනං හිරිධනං ඔත‍්තප‍්පධනඤ‍්ච, “අරියසච‍්චාන කොවිදා”ති ඉමිනා සුතධනං පඤ‍්ඤාධනඤ‍්ච දස‍්සිතන‍්ති සා අත‍්තනො සත‍්තවිධඅරියධනපටිලාභං. “උපාසිකා චක‍්ඛුමතො…පෙ… අනුවිචරාමි නන්‍දන”න‍්ති ඉමිනා තස‍්ස දිට‍්ඨධම‍්මිකං සම‍්පරායිකඤ‍්ච ආනිසංසං විභාවෙති. තත්‍ථ කතාවාසාති නිප‍්ඵාදිතසුචරිතාවාසා. සුචරිතකම‍්මඤ‍්හි තදත‍්තෙ ආයතිඤ‍්ච සුඛාවාසහෙතුතාය “සුඛවිහාරස‍්ස ආවාසො”ති වුච‍්චති. තෙනාහ “කතකුසලා”ති.

එසේ වුවද, ශ්‍රද්ධා යන මෙයින් ශ්‍රද්ධා ධනය අදහස් වේ. සංවිභාගරතා අච්ඡාදනඤ්ච භත්තඤ්ච සෙනාසනං පදීපියං අදාසිං උජුභූතෙසු විස්සන්නෙන චෙතසා මෙයින් ත්‍යාග ධනය අදහස් කරන ලදී. සීලෙන සම්පන්නා චාතුද්දිසිං -පෙ- පඤ්චසික්‍ඛාඅදෙ රතා මෙයින් සීල ධනය හිරි ධනය ඔත්තප්ප - ධනය අදහස් කරන ලදී. (වැරදි කිරීමට ඇති ලජ්ජාව හා බිය) අරිය සච්චාන කොවිදා මෙයින් සුත ධනය ද ප්‍රඥා ධනය ද දක්වන ලදී. එය තමන්ගේ සත්වැදෑරුම් ආර්ය ධන ප්‍රතිලාභයයි. උපාසිකා චක්‍ඛුමතො -පෙ- අනුවිචරාමි නන්‍දනං මෙයින් ඇයගේ මෙලෝ පරලෝ දෙකටම ඇතිවන්නා වූ ආනිසංසයන් දැක්වේ. එහි කතාවාසා ඇතිකර ගත්තා වූ සුචරිතානුකූල වාසය සුචරිත කර්මය (පතීව්‍රතා ධර්මය) එම ආත්මයෙහි ද මතු ආත්මයෙහි ද සුවසේ විසීමට හේතුවන බැවින් සුඛ විහරණයට නිවහනක් යයි කියයි. ඒ නිසා කතකුසලා

පුබ‍්බෙ අනාමසිතඛෙත‍්තවිසෙසං අත‍්තනො දානමයං පුඤ‍්ඤං වත්‍වා ඉදානි තස‍්ස ආයතනගතතං දස‍්සෙතුං “භික‍්ඛූ චා”තිආදි වුත‍්තං. තත්‍ථ භික‍්ඛූති අනවසෙසභින‍්නකිලෙසතාය භික‍්ඛූ. පරමහිතානුකම‍්පකෙති පරමං අතිවිය දිට‍්ඨධම‍්මිකාදිනා හිතෙන අනුග‍්ගාහකෙ. අභොජයින‍්ති පණීතෙන භොජනෙන භොජෙසිං. තපස‍්සියුගන‍්ති උත‍්තමෙන තපසා සබ‍්බකිලෙසමලං තාපෙත්‍වා සමුච‍්ඡින්‍දිත්‍වා ඨිතත‍්තා තපස‍්සිභූතං යුගං. මහාමුනින‍්ති තතො එව මහාඉසිභූතං, මහතො වා අත‍්තනො විසයස‍්ස මහන‍්තෙනෙව ඤාණෙන මුනනතො පරිච‍්ඡින්‍දනතො මහාමුනිං. සබ‍්බමෙතං ද‍්වෙ අග‍්ගසාවකෙ සන්‍ධාය වදති.

පෙර නො කියන ලද කරුණක් වූ තමන්ගේ දානමය පින්කම් ගැන කියා මේ වනවිට ඒ පින්කම් තමා තුළ පිහිටි අයුරු දැක්වීම සඳහා භික්‍ඛූ ච ආදිය කියන ලදී. භික්‍ඛූ ශේෂ නොකොටම කෙලෙස් සිඳ හරින ලදින් භික්‍ඛු යයි කියනු ලැබේ. පරමහිතානුකම්පකෙ උතුම් ලෙස හා බහුල ලෙස මෙලොව ආදී වශයෙන් හිතවත්ව අනුග්‍රහ කරන්නා වූ අහොජයිං ප්‍රණිත වූ ආහාරයෙන් වැළඳ වූයෙමි. තපස්සියුගං උතුම් වූ තපසින් සියළු කෙලෙස් තවා සිඳ දමා සිටි බැවින් තපස් ගුණයට පැමිණ සිටි (අගසව්) දෙදෙනා වහන්සේගේ මහාමුනිං ඒ හේතුවෙන්ම ඍෂිභාවයට පැමිණියා වූ හෙයින් ද, තමන්ගේ උතුම් ඥානයෙන් අවබෝධ කරගත්තා වූ හෙයින් ද, මහා මුනි නාමය කියනු ලැබේ. මේ සියල්ල දෙඅග සව්වන් සඳහා කියන ලදී.

අපරිමිතං සුඛාවහන‍්ති අනුනාසිකලොපං අකත්‍වා වුත‍්තං. “යාවඤ‍්චිදං, භික‍්ඛවෙ, න සුකරං අක‍්ඛානෙන පාපුණිතුං යාව සුඛා සග‍්ගා”ති (ම· නි· 3.255) වචනතො භගවතොපි වචනපථාතීතපරිමාණරහිතසුඛනිබ‍්බත‍්තකං අත‍්තනො වා ආනුභාවෙන අපරිමිතසුඛාවහං සුඛස‍්ස ආවහනකං. සතතන‍්ති සබ‍්බකාලං. තං තං උපොසථරක‍්ඛණදිවසං අහාපෙත්‍වා, තං තං වා උපොසථරක‍්ඛණදිවසං අඛණ‍්ඩං කත්‍වා පරිපුණ‍්ණං කත්‍වා සතතං වා සබ‍්බකාලං සුඛාවහන‍්ති යොජනා. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

අපරිමිතං සුඛා වහං මෙහි මුල පදයෙහි අග ඇති අනුනාසිකාක්‍ෂරය හෙවත් බින්දුව ලොප් නොකොට කියන ලදී. මහණෙනි, වචන කීමෙන් පමණක් සග සැපත කරා යාමට පහසු නොවේ යන භාග්‍යවතුන් වහන්සේගේ කියමනෙන් ද දක්වා ඇති වචන මාර්ගය ඉක්මවූ අප්‍රමාණ වූ සුවදායී උපතක් තමාගේ ආනුභාවයෙන් ලැබුවාය. ප්‍රමාණ රහිත වූ සැපතක් ගෙනදෙන ලද්දේය යන අදහසයි. සත්තං හැමකල්හිම, පෙහෙවස් රක්නා ඒ ඒ දිනයන් අත් නො හැර පෙහෙවස් රක්නා ඒ ඒ දිනයක් කඩ නොකොට පෙහෙවස් රකින්නා, නිරතුරුවම හැමතන්හිම සැපත ලබා දෙන්නේය යන අදහසයි. සැපතට පත්වන්නේය යන අදහසයි.

අථ භගවා මාතුදෙවපුත‍්තප‍්පමුඛානං දසසහස‍්සිලොකධාතුවාසීනං දෙවබ්‍රහ‍්මසඞ‍්ඝානං තයො මාසෙ අභිධම‍්මපිටකං දෙසෙත්‍වා මනුස‍්සලොකං ආගන‍්ත්‍වා භද‍්දිත්‍ථිවිමානං භික‍්ඛූනං දෙසෙසි. සා දෙසනා සම‍්පත‍්තපරිසාය සාත්‍ථිකා අහොසීති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධානකොට ඇති, දස දහසක් ලෝකධාතූන්හි වෙසෙන දිව්‍ය බ්‍රහ්ම සමූහයාට තෙමසක් විජම් පිටකය දෙසා මිනිස් ලොවට පැමිණ භද්දිත්‍ථි විමාන වස්තුව දේශනා කළ සේක. ඒ දේශනාව රැස්ව සිටි පිරිසට ප්‍රයෝජනවත් වූයේය.

භද‍්දිත්‍ථිවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

භද්දිත්‍ථි විමාන වර්ණනාව නිමියේය.