යෙදුමෙන් කියවන්න

භද‍්දිත්‍ථිවිමානං

2. 5.

2. 5.

204. නීලා පීතා ච කාළා ච මඤ‍්ජෙට‍්ඨා අථ ලොහිතා, උච‍්චාවචානං වණ‍්ණානං කිඤ‍්ජක‍්ඛපරිවාරිතා.

204-5. මහා නුවණැති දෙව්දුව, නීලදී නන් වැදෑරුම් පැහැ ඇති කෙසුරින් පිරිවැරුණු මදාරා මල්දමක් (තෝ) හිසෙහි දරහි. නිල්වන් වූ ද රන්වන් වූ ද කළුවන් වූ ද මදටියවන් වූ ද ලේවන් වූ ද සෙසු සුදුවන් ඈ පැහැ ඇත්තා වූ ද මේ වෘක්‍ෂයෝ අන්‍ය දිව්‍යනිකායන්හි නො වෙත්.

205. මන්‍දාරවානං පුප‍්ඵානං මාලං ධාරෙසි මුද‍්ධනි, නයිමෙ අඤ‍්ඤෙසු කායෙසු රුක‍්ඛා සන‍්ති සුමෙධසෙ.

206. කෙන කායං උපපන‍්නා තාවතිංසං යසස‍්සිනී, දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ කිස‍්ස කම‍්මස‍්සිදං ඵල’න‍්ති

206. යසස් ඇති දෙව්දුව, (තෝ) කවර පිනෙකින් මේ තව්තිසා දෙව්ලොවැ උපනෙහි ද? විචාරන ලද්දී වූ තෝ මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.

207. භද‍්දිත්‍ථිති මං අඤ‍්ඤිංසු කිම‍්බිලායං උපාසිකා, සද‍්ධා සීලෙන සම‍්පන‍්නා සංවිභාගරතා සදා.

207. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු මම කිම්බිලනුවරැ උපාසිකාවක් වීමි. එසේ වූ මා භද්දිත්‍ථි යයි අන්‍යයෝ දත්හ.

208. අච‍්ඡාදනඤ‍්ච භත‍්තඤ‍්ච සෙනාසනං පදීපියං, අදාසිං උජුභූතෙසු විප‍්පසන‍්නෙන චෙතසා

208. (එකල මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් හා පහන් ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.

209. චාතුද‍්දසිං පඤ‍්චදසිං යා ච පක‍්ඛස‍්ස අට‍්ඨමී, පාටිහාරියපක‍්ඛඤ‍්ච අට‍්ඨඞ‍්ගසුසමාගතං.

209-10. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.

210. උපොසථං උපවසිස‍්සං සදා සීලෙසු සංවුතා, සඤ‍්ඤමා සංවිභාගා ච විමානං ආවසාමහං.

211. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ‍්ඤතා, ථෙය්‍යා ච අතිචාරා ච මජ‍්ජපානා ච ආරකා.

211. (එකල්හි) මම පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංවෘත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.

212. පඤ‍්ච සික‍්ඛාපදෙ රතා අරියසච‍්චාන කොවිදා, උපාසිකා චක‍්ඛුමතො අප‍්පමාදවිහාරිණී.

212. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂ වූ අප්‍රමාද විහරණ ඇත්තා වූ මම පසැස් ඇති බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.

213. භික‍්ඛු චහං පරමහිතානුකම‍්පකෙ අභොජයං තපස‍්සියුගං මහාමුනිං කතාවාසා කතකුසලා තතො චුතා සයංපභා අනුවිචරාමි නන්‍දනං.

213. මම බිඳහළ සියලු කෙලෙස් ඇති ඉතා උතුම් වූ හිතානුකම්පා ඇති මහා නුවණැති අගසවු දෙනම මනා කොට වැළඳවීමි. කරන ලද සුචරිතාවාස ඇති කරන ලද කුසල් ඇති ඒ මම එයින් ච්‍යුත ව සිය සිරුරු රැසින් බබළන්නී නදුනුයනෙහි එක්වන් හැසිරෙමි.

214. අට‍්ඨඞ‍්ගිකං අපරිමිතං සුඛාවහං උපොසථං සත‍්තමුපාවසිං අහං කතාවාසා කතකුසලා තතො චුතා සයංපභා අනුවිචරාමි නන්‍දනන‍්ති.

214. මම නිතර අපරිමිත සැප එළවන අටඟින් යුත් පෙහෙවස් විසීමි. කරන ලද සුචරිතාවාස ඇති කරන ලද කුසල් ඇති ඒ මම එයින් ච්‍යුත ව සිය සිරුරු රැසින් බබළන්නී නඳුනුයනෙහි එක්වන් හැසිරෙමි.

භද‍්දිත්‍ථිවිමානං.

භද්දිත්‍ථි විමානයි