සොණදින‍්නා විමානං
2. 6.
2. 6.
215. අභික‍්කන‍්තෙන වණ‍්ණෙන යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ, ඔභාසෙන‍්තී දිසා සබ‍්බා ඔසධී විය තාරකා.
215. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
216. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
216. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
217. කෙන ත්‍වං විමලොභාසා අතිරොචසි දෙවතෙ, කෙන තෙ සබ‍්බගත‍්තෙහි සබ‍්බා ඔභාසරෙ දිසා.
217. එම්බා දෙව්දුව, නිර්‍මල ශරීරාලෝකයක් ඇති තෝ කවර පිනෙකින් (අන් හැම සුරන් මැඩ) බබළන්නෙහි ද? කවර පිනෙකින් තීගේ සියලු ශරීරාවයවයන්ගෙන් සියලු දිශාවෝ බබළත් ද?
218. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී’ති.
218. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
219. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්සකම‍්මස‍්සිදං ඵලං.
219. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මෙසේ පැවසූ ය.
220. සොණදින‍්නාති මං අඤ‍්ඤිංසු නාලන්‍දායං උපාසිකා, සද‍්ධා සීලෙන සම‍්පන‍්නා සංවිභාගරතා සදා.
220. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන් දීමෙහි ඇලුණු (මම) නාලන්‍දාවෙහි උපාසිකාවක් වීමි. එසේ වූ මා සෝණදින්නා යයි (අන්‍යයෝ) දත්හ.
221. අච‍්ඡාදනඤ‍්ච භත‍්තඤ‍්ච සෙනාසනං පදීපියං, අදාසිං උජුභූතෙසු විප‍්පසන‍්නෙන චෙතසා
221. (එකල මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් හා පහන් ද ඍජු ගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
222. චාතුද‍්දසිං පඤ‍්චදසිං යා ච පක‍්ඛස‍්ස අට‍්ඨමී, පාටිහාරිය පක‍්ඛඤ‍්ච අට‍්ඨඞ‍්ගසුසමාගතං.
222-23. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන පොහෝ දිනයන්හි පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
223. උපොසථං උපවසිස‍්සං සදා සීලෙසු සංවුතා, සඤ‍්ඤමා සංවිභාගා ච විමානං ආවසාමහං.
224. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ‍්ඤතා, ථෙය්‍යා ච අතිචාරා ච මජ‍්ජපානා ච ආරකා.
224. එකල්හි මම පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංවෘත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
225. පඤ‍්චසික‍්ඛාපදෙ රතා අරියසච‍්චාන කොවිදා, උපාසිකා චක‍්ඛුමතො ගොතමස‍්ස යසස‍්සිනො.
225. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂ වූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
226. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
226. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
227. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමහං අකාසිං තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී’ති.
227. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.