6. සොණදින්නා විමානවණ්ණනා අට්ඨකථා
6. සොණදින්නා විමානවණ්ණනා
6. සොණදින්නාවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙනාති සොණදින්නාවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන ච සමයෙන නාළන්දායං සොණදින්නා නාම එකා උපාසිකා සද්ධා පසන්නා භික්ඛූනං චතූහි පච්චයෙහි සක්කච්චං උපට්ඨහන්තී සුවිසුද්ධනිච්චසීලා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථම්පි උපවසති. සා ධම්මසවනසප්පායං පටිලභිත්වා උපනිස්සයසම්පන්නතාය චතුසච්චකම්මට්ඨානං පරිබ්රූහන්තී සොතාපන්නා අහොසි. අථ අඤ්ඤතරෙන රොගෙන ඵුට්ඨා කාලං කත්වා තාවතිංසෙසු උප්පජ්ජි. තං ආයස්මා මහාමොග්ගල්ලානො –
අභික්කන්තෙන වණ්ණෙන මේ සෝණදින්න විමානය පිළිබඳ කතා පුවතයි. එහි උත්පත්තිය කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවාසය කරති. ඒ සමයෙහි නාලන්දාවෙහි ශ්‍රද්ධාවෙන් ඇළලී ගිය පැහැදීමෙන් යුතු සෝණදින්නා නම් එක් උපාසිකාවක් භික්ෂූන් වහන්සේලාට සිව්පසයෙන් මනාකොට උවටැන් කරයි. නිරන්තරයෙන්ම පිරිසිදුව පන්සිල් රකී. උපෝසථ දිනවල අටසිල් රකී. මේ තොමෝ ගැලපෙන ධර්ම ශ්‍රවණය (බණ ඇසීමේ) ලැබ උපනිශ්‍රය සම්පන්න බැවින් චතුරාර්ය සත්‍යය කර්මස්ථානය විමසන්නී සෝවාන් බවට පත් වූවාය. ඉක්බිති ටික දවසකින් එක්තරා රෝගයකින් ඔත්පල වී කළුරිය කොට තව්තිසා දෙව්ලොව උපන්නීය.
“අභික්කන්තෙන වණ්ණෙන, යා ත්වං තිට්ඨසි දෙවතෙ; ඔභාසෙන්තී දිසා සබ්බා, ඔසධී විය තාරකා.
එහිදී මහා මුගලන් හිමියන් පැමිණි කල්හි බැබලෙන්නා වූ වර්ණයෙන් සකල දිසාවන් ආලෝක කරමින් බබුළුවමින්, සිටින්නා වූ දේවතාවිය කවරේද? ඇසීය.
“කෙන තෙතාදිසො වණ්ණො, කෙන තෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.
“පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති. –
ඉමාහි තීහි ගාථාහි පටිපුච්ඡි.
“සා දෙවතා අත්තමනා, මොග්ගල්ලානෙන පුච්ඡිතා; පඤ්හං පුට්ඨා වියාකාසි, යස්ස කම්මස්සිදං ඵලං”.
මුගලන් තෙරුන් විසින් තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු කියමින් ඕ දේවතා වූ මෙසේ කීවාය.
“සොණදින්නාති මං අඤ්ඤංසු…පෙ… ගොතමස්ස යසස්සිනො.
මා සෝණදින්නා නමින් දැනගනු මැනවි. මේ මා විසින් කරන ලද කර්මයාගේ ඵලයයි. යශර්ශි වූ ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ දුවක්මි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ… වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. –
මා විසින් කරන ලද ඒ පුණ්‍ය කර්මයන්ගේ ආනුභාවයෙන් මේ වැනි සකල දිසා බබුළුවන්නා වූ වර්ණයත් ප්රභාවත් දීප්තියත් මම ලදිමි.
දෙවතා බ්යාකාසි. තං සබ්බං හෙට්ඨා වුත්තනයමෙව.
දෙව්දුව පැහැදිළි කළාය. අනෙක් සියල්ල කලින් කියන ලද පරිදිම දත යුතුයි.
සොණදින්නාවිමානවණ්ණනා නිට්ඨිතා.
සෝණදින්නා විමාන වර්ණනාව නිමියේය.
7. උපොසථා විමානවණ්ණනා
7. උපොසථා විමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙනාති උපොසථාවිමානං. ඉධ අට්ඨුප්පත්තියං සාකෙතෙ උපොසථා නාම එකා උපාසිකාති අයමෙව විසෙසො, සෙසං අනන්තරවිමානසදිසං. තෙන වුත්තං –
අභික්කන්තෙන වණ්ණෙන යනු මේ උපෝසථ විමාන වස්තුව පිළිබඳ කථා පුවතයි. මෙම අර්ථෝත්පත්ති කථනයෙහි, සාක්ත නුවර උපෝසථා නම් එක් උපාසිකාවක් වීමම විශේෂයි. අනෙක් සියල්ල මෙතෙක් දක්වන ලද අනෙක් විමාන සමානම වේ. එහෙයින් කියන ලදි.
“අභික්කන්තෙන වණ්ණෙන…පෙ…
බැබළෙන්නා වූ වර්ණයෙන් යුතුව ඕසධී තාරකාව මෙන් සියළු දිසාවන් බබුළුවමින් යම් දෙවි කෙනෙක් ඒ දෙව්දුව කවර හේතුවක් නිසා මෙවැනි වර්ණයක් ලැබුයේද? මෙවැනි උපභෝග පරිභෝග සම්පත් ලැබුවේද? මනාසේ ප්‍රිය උපදවන්නා වූ සිත් සතුටු කරන මෙවැනි භෝගයන් කෙසේ ලැබීද?
වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
මහානුභාව සම්පන්න දෙව් දියණියනි, ඔබ මනුෂ්‍යයෙක්ව සිටි කාලයේ කවර නම් පිංකම් කළේද? මෙවැනි වර්ණයක් සියලු දිසා බබුළුවන්නා වූ මෙවැනි බැබළීමක් දිළිසීමක් කවර නම් පින්කමක විපාක වශයෙන් ලැබුයේද?
“සා දෙවතා අත්තමනා…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
මුගලන් තෙරුන් විසින් තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නයට කැමති පරිදි පිළිතුරු දෙන්නී තමන් පෙර කරන ලද පුණ්‍යකර්මයන් පැවසුවාය.
“උපොසථාති මං අඤ්ඤංසු, සාකෙතායං උපාසිකා…පෙ…
යසසින් යුක්ත වූ ගෞතම සර්වඥයන් වහන්සේගේ කාලයේ සාකේත නුවර ‘උපෝසථා’ නමින් මම ඉපදී සිටියෙමි.
උපාසිකා චක්ඛුමතො, ගොතමස්ස යසස්සිනො.
එකල්හි මා විසින් ප්‍රියමනාප වූ සිතින් කරන ලද පින්කම්වල විපාකයෙන් මේ සා වූ වර්ණයක් ද සම්පත්තීන් ද උපතද ලදිමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…
ඒ හේතුවෙන් සියලු දිසාවන් බබුළුවන මේ ප්‍රභාමත් වූ වර්ණය ලදිමි යයි දේවතා දුව ප්‍රකාශ කළාය.
වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. –
නිතර නිතර නන්දන වනය, තව්තිසාව ගැන අසා එහි ඉපදීමට කැමති වීමි. එහි සිත පිහිටුවා නන්දන වනයට පැමිණියෙමි.
දෙවතා බ්යාකාසි. පුන අත්තනො එකං දොසං දස්සෙන්තී –
ශාක්‍ය වංශ ඇත්තා වූ බුද්ධ වූ ශාස්තෲන් වහන්සේගේ වචනය නො කෙළෙමි. හීන වූ තැනක සිත පිහිටුවා අද මම පසුතැවිලි වන්නෙමි යන ගාථා දෙක කීහ.
“අභික්ඛණං නන්දනං සුත්වා, ඡන්දො මෙ උදපජ්ජථ; තත්ථ චිත්තං පණිධාය, උපපන්නාම්හි නන්දනං.
“නාකාසිං සත්ථු වචනං, බුද්ධස්සාදිච්චබන්ධුනො; හීනෙ චිත්තං පණිධාය, සාම්හි පච්ඡානුතාපිනී”ති. – ද්වෙ ගාථා අභාසි;
තත්ථ උපොසථාති මං අඤ්ඤංසූති “උපොසථා”ති ඉමිනා නාමෙන මං මනුස්සා ජානිංසු. සාකෙතායන්ති සාකෙතනගරෙ.
එහි උපොසථාති මං අඤ්ඤිංසු ‘උපොසථා’ යන නමින් මිනිස්සු මා හැඳින්වූහ. සාකෙතායං සාකේත නගරයේ
අභික්ඛණන්ති අභිණ්හං. නන්දනං සුත්වාති “තාවතිංසභවනෙ නන්දනවනං නාම එදිසඤ්ච එදිසඤ්චා”ති තත්ථ නානාවිධං දිබ්බසම්පත්තිං සුත්වා. ඡන්දොති තන්නිබ්බත්තකපුඤ්ඤකම්මස්ස කාරණභූතො කුසලච්ඡන්දො, තත්රූපපත්තියා පත්ථනාභූතො තණ්හාඡන්දො වා. උදපජ්ජථාති උප්පජ්ජිත්ථ. තත්ථාති තාවතිංසභවනෙ, නන්දනාපදෙසෙනපි හි තං දෙවලොකං වදති. උපපන්නාම්හීති උප්පන්නා නිබ්බත්තා අම්හි.
අභික්ඛණං නිතර නිතර නන්දනං සුඛා තව්තිසා භවනයේ නන්දන වන නම් වූ වනය ගැන ද එහි ඇති නානාවිධ දිව්‍ය සම්පත්තීන් ගැන ද අසා ඡන්දො එහි ඉපදීම සඳහා වූ පින්කම් කළේ එහි ඉපදීමට ප්‍රාර්ථනා කළේ තෘෂ්ණා ශක්ත වූයේ උප්පජ්ජථා ඉපදී තත්ථ තව්තිසා භවනයෙහි නන්දන වන ප්‍රදේශයට දෙව්ලොව යයි කියති. එහි උපදිනු කැමැත්තේ එහි ඉපදුනෙමි.
නාකාසිං සත්ථු වචනන්ති “නාහං, භික්ඛවෙ, අප්පමත්තකම්පි භවං වණ්ණෙමී”තිආදිනා (අ· නි· 1.320-321) සත්ථාරා වුත්තවචනං න කරිං, භවෙසු ඡන්දරාගං න පජහින්ති අත්ථො. ආදිච්චො ගොතමගොත්තො, භගවාපි ගොතමගොත්තොති සගොත්තතාය වුත්තං “බුද්ධස්සාදිච්චබන්ධුනො”ති. අථ වා ආදිච්චස්ස බන්ධු ආදිච්චබන්ධු, භගවා. තං පටිච්ච තස්ස අරියාය ජාතියා ජාතත්තා ආදිච්චො වා බන්ධු එතස්ස ඔරසපුත්තභාවතොති ආදිච්චබන්ධු, භගවා. තථා හි වුත්තං –
නකාසිං සත්ථුවචනං මහණෙනි, ‘මම සුළු මොහොතකටවත් භවය වර්ණනා නොකරමි’ ආදි වශයෙන් ශාස්තෲන් වහන්සේ වදාළ වචන මම නොකෙළෙමි. භවය සසර පිළිබඳව පවත්නා වූ ඡන්ද රාගය දුරුකරනු යන අර්ථයි. ශාක්‍යවංශ වූ ගෞතම ගෝත්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ ගෞතම ගෝත්‍ර වූ ගෝත්‍රය සහිතවම කියන ලදී. බුද්ධස්සාදිච්ච බන්‍ධුනො ආදිත්‍යගේ බන්ධු (හිරුගේ ඤාතියා) ආදිත්‍ය බන්ධු - භාග්‍යවතුන් වහන්සේ ඒ නිසා සූර්ය ජාතියේ උපන් බැවින් ආදිත්‍යයි. ඔහුගේ ඖරස පුත්‍ර වූ බැවින් ආදිච්ච බන්ධු නම් භාග්‍යවතුන් වහන්සේයි. එහෙයින් කියන ලදි.
“යො අන්ධකාරෙ තමසී පභඞ්කරො, වෙරොචනො මණ්ඩලී උග්ගතෙජො; මා රාහු ගිලී චරමන්තලික්ඛෙ, පජං මමං රාහු පමුඤ්ච සූරිය”න්ති. (සං· නි· 1.91);
එම්බා රාහු අසුරය, යමෙක් ගණඳුරෙහි එළිය කරන්නේ ද, බබළන්නේ ද මඩුලු සටහන් ඇත්තේ ද උග්‍ර තේජස් ඇත්තේ ද අහසෙහි හැසිරෙතත් එබඳු හිරු නො ගිලව. මා දහම් පුත් හිරු මුදව.
හීනෙති ලාමකෙ. අත්තනො භවාභිරතිං සන්ධාය වදති. සාම්හීති සා අම්හි.
හීන ලාමක වූ තමාගේ භව තෘෂ්ණාව සඳහා කියයි. සාම්හී ඒ අපි.
එවං තාය දෙවතාය භවාභිරතිනිමිත්තෙ උප්පන්නවිප්පටිසාරෙ පවෙදිතෙ ථෙරො භවස්ස පරිච්ඡින්නායුභාවවිභාවනමුඛෙන ආයතිං මනුස්සත්තභාවෙ ඨත්වා වට්ටදුක්ඛස්ස සමතික්කමො කාතුං සුකරො, සබ්බසො ඛීණාසවභාවො නාම මහානිසංසොති ච සමස්සාසෙතුං –
මෙසේ ඒ දෙව්දුවගේ භවය පිළිබඳව ආශාව නමින් කරගෙන ඇති වූ විපිළිසර, තේරුම් ගත් ස්ථවිරයෝ සසරෙහි සැරිසරන අතර මේ සම්පත් විඳ මනුෂ්‍යාත්ම භාවයේ ඉපිද සංසාර දුක් ඉක්මවීම කරන්නට පහසු වෙයි. ඒ සියල්ල ඉටුකොට මහත් අනුසස් පිහිටි ක්ෂීණාශ්රවයෙක් වීමට අළුත් වේවා.
“කීව චිරං විමානම්හි, ඉධ වච්ඡසුපොසථෙ; දෙවතෙ පුච්ඡිතාචික්ඛ, යදි ජානාසි ආයුනො”ති. –
උපෝසථ නම් දේවතාවියයි. තව කොපමණ කල් මේ විමානයේ සිටිමම ආයුෂ දන්නේ නම් අසා මට කියන්න.
ගාථමාහ. පුන සා –
නැවත ඕ තොමෝ
“සට්ඨි වස්සසහස්සානි , තිස්සො ච වස්සකොටියො; ඉධ ඨත්වා මහාමුනි, ඉතො චුතා ගමිස්සාමි; මනුස්සානං සහබ්යත”න්ති. – ආහ;
තුන්කෝටි හැටදහසක් අවුරුදු සිට මෙතැනින් චුතව මනුෂ්‍ය ආත්මයට යන්නෙමි.
පුන ථෙරො –
නැවත ස්ථවිරයෝ
“මා ත්වං උපොසථෙ භායි, සම්බුද්ධෙනාසි බ්යාකතා; සොතාපන්නා විසෙසයි, පහීනා තව දුග්ගතී”ති. –
උපෝසථ බිය නොවන්න. සම්බුද්ධයන් වහන්සේ විසින් දේශනා කරන ලද ආකාරයට සෝවාන් මගට පැමිණ දුගතිය ප්‍රහීණ කරනු මැනවි.
ඉමාය ගාථාය සමුත්තෙජෙසි.
මේ ගාථාවෙන් ඇය දිරිමත් කළේය.
තත්ථ කීව චිරන්ති කිත්තකං අද්ධානං. ඉධාති ඉමස්මිං දෙවලොකෙ, ඉධ වා විමානස්මිං. ආයු නොති ආයු, නොති නිපාතමත්තං. ආයුනො වා චිරාචිරභාවං, අථ වා යදි ජානාසි ආයුනොති අත්ථො. මහාමුනීති ථෙරං ආලපති.
එහි කීව චිරං දීර්ඝ මාර්ගය කොපමණද? ඉධ මේ දෙව්ලොව, මේ විමානයේ හෝ ආයුනො ආයු කාලය නො යනු නිපාතයකි. ආයුෂයාගේ දීර්ඝකාලය හෝ ආයුෂ කාලය දන්නේ ද මහා මුනි තෙරුන් වහන්සේට ආමන්ත්‍රණය කරයි.
මා ත්වං උපොසථෙ භායීති භද්දෙ උපොසථෙ ත්වං මා භායි. කස්මා? යස්මා සම්බුද්ධෙනාසි බ්යාකතා. කින්ති? සොතාපන්නා විසෙසයීති. මග්ගඵලසඤ්ඤිතං විසෙසං යාතා අධිගතා, තස්මා පහීනා තව සබ්බාපි දුග්ගතීති ඉමම්පි විසෙසං යාතාති විසෙසයි. සෙසං වුත්තනයමෙව.
මා ත්වං උපොසථෙ භායි උපොසථා නම් වූ භද්‍රාවෙනි, බිය නොවෙව, කවර හෙයින්ද යම් හෙයකින් සම්බුද්ධෙන ව්යාකතා බුදුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද හෙයිනි. සොතාපත්තා විසෙසයී මාර්ගඵල සංඛ්‍යාත විශේෂාධිගමයකට යා හැකි හෙයිනි. එහෙයින් පහීණා තව සියලු දුග්ගති දුගතිය මෙය විශේෂයෙන් ගමන් කළ පුරුද්ද හෙයිනි. සෙස්ස පෙර කී නයින් දතයුතු.
උපොසථාවිමානවණ්ණනා නිට්ඨිතා.
උපොසථා විමාන වර්ණනාව නිමියේය.
8-9. සද්ධාවිමානාදිවණ්ණනා
8-9. සද්ධා විමාන වර්ණනා
අට්ඨමනවමවිමානානි රාජගහනිදානානි. අට්ඨුප්පත්තියං යථාක්කමං “නිද්දා නාම උපාසිකා…පෙ… ගොතමස්ස යසස්සිනො. තෙන මෙතාදිසො වණ්ණො…පෙ… සුනිද්දා නාම උපාසිකා”ති වත්තබ්බං. සෙසං වුත්තනයමෙව. ගාථාසුපි අපුබ්බං නත්ථි. තථා හි එකච්චෙසු පොත්ථකෙසු පාළි පෙය්යාලවසෙන ඨපිතාති. තෙන වුත්තං –
අටවැනි නවවැනි විමානයන් පිළිබඳ නිදානය රජගහ නුවරයි. අර්ථෝත්පත්තිය කියන ලද පරිදිය. ශ්‍රද්ධා නම් උවැසිය යසස් ඇති ගෞතමයන් වහන්සේගේ මෙබඳු වූ දිලිසෙන වර්ණ ස්වභාවයක්, ...... සුනන්දා නම් උවැසියයි කිව යුතුය. ඉතිරි කොටස පෙර කියන ලද පරිදිමය. නොඇසූ විරූ ගාථා නැත. එසේ වුවත් එක්තරා පොතක පාලි පෙය්යාල වශයෙන් සටහන් කර ඇත්තේය. ඒ නිසා කියන ලදි.
“අභික්කන්තෙන වණ්ණෙන…පෙ…
බබළන්නා වූ වර්ණයෙන් -පෙ- ඔබගේ වර්ණයෙන් සියළු දිසා ප්‍රභාශ්වර වේ. බැබළේ.
වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
“සා දෙවතා අත්තමනා…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
ඕ දේවතාවී තමාගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කරන ලද කර්මය කියන ලදී.
“නිද්දාති මමං අඤ්ඤංසු, රාජගහස්මිං උපාසිකා…පෙ…
රජගහ නුවර වැසියන් විසින් ‘ශ්‍රද්ධා උපාසිකාව’ නමින් මම හඳුන්වනු ලදිමි. යසස් ඇති ගෞතම සර්වඥයන්ගේ ශාසනයෙහි
ගොතමස්ස යසස්සිනො.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
ඒ නිසා මේ වර්ණය ද, සියලු දිසාවන් බබළවන සුළු ස්වභාවය ද මා විසින් ලබන ලදී.
ශ්‍රද්ධා විමාන වර්ණනාව නිමියේය.
“අභික්කන්තෙන වණ්ණෙන…පෙ… සබ්බදිසා පභාසතී”ති.
සුන්දර වූ දීප්තිමත් වර්ණයකින් සියළු දිසාවන් බබළවයි.
“සා දෙවතා අත්තමනා…පෙ….
ඕ දේවතා තුමී තමන් විසින්
“සුනිද්දාති මං අඤ්ඤංසු, රාජගහස්මිං උපාසිකා…පෙ…
රජගහ නුවර උපාසිකාවෝ මා සුනන්දා නමින් හැඳින්වූහ. ගොයුම් ගොත් බුදු සසුනේ මම උපාසිකාවක් වීමි.
ගොතමස්ස යසස්සිනො.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…
සියළු දිසාවන් බබළවන්නා වූ මෙබඳු වූ වර්ණයක් මා විසින් ලබන ලදී.
වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
නිද්දා-සුනිද්දාවිමානවණ්ණනා නිට්ඨිතා.
සුනන්ද විමාන වර්ණනාව නිමියේය.
10. භික්ඛාදායිකා විමානවණ්ණනා
10. භික්ඛාදායිකා විමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙනාති භික්ඛාදායිකාවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන ච සමයෙන උත්තරමධුරායං අඤ්ඤතරා ඉත්ථී ඛීණායුකා හොති අපායෙ උප්පජ්ජනාරහා. භගවා පච්චූසවෙලායං මහාකරුණාසමාපත්තිතො වුට්ඨාය ලොකං වොලොකෙන්තො තං ඉත්ථිං අපායෙ උප්පජ්ජනාරහං දිස්වා මහාකරුණාය සඤ්චොදිතමානසො තං සුගතියං පතිට්ඨාපෙතුකාමො එකො අදුතියො මධුරං අගමාසි. ගන්ත්වා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය බහිනගරං පිණ්ඩාය පාවිසි. තෙන සමයෙන සා ඉත්ථී ගෙහෙ ආහාරං සම්පාදෙත්වා එකමන්තෙ පටිසාමෙත්වා ඝටං ගහෙත්වා උදකතිත්ථං ගන්ත්වා න්හායිත්වා ඝටෙන උදකං ගහෙත්වා අත්තනො ගෙහං ගච්ඡන්තී අන්තරාමග්ගෙ භගවන්තං පස්සිත්වා “අපි, භන්තෙ, පිණ්ඩො ලද්ධො”ති වත්වා “ලභිස්සාමී”ති ච භගවතා වුත්තෙ අලද්ධභාවං ඤත්වා ඝටං ඨපෙත්වා භගවන්තං උපසඞ්කමිත්වා වන්දිත්වා “අහං, භන්තෙ, පිණ්ඩපාතං දස්සාමි, අධිවාසෙථා”ති ආහ. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. සා භගවතො අධිවාසනං විදිත්වා පඨමතරං ගන්ත්වා සිත්තසම්මට්ඨෙ පදෙසෙ ආසනං පඤ්ඤාපෙත්වා භගවතො පවෙසනං උදික්ඛමානා අට්ඨාසි. භගවා ගෙහං පවිසිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ සා භගවන්තං භොජෙසි. භගවා කතභත්තකිච්චො ඔනීතපත්තපාණී තස්සා අනුමොදනං කත්වා පක්කාමි. සා අනුමොදනං සුත්වා අනප්පකං පීතිසොමනස්සං පටිසංවෙදෙන්තී යාව චක්ඛුපථසමතික්කමා බුද්ධාරම්මණං පීතිං අවිජහන්තී නමස්සමානා අට්ඨාසි. සා කතිපයදිවසාතික්කමෙනෙව කාලං කත්වා තාවතිංසභවනෙ නිබ්බත්ති, අච්ඡරාසහස්සඤ්චස්සා පරිවාරො අහොසි. තං ආයස්මා මහාමොග්ගල්ලානො –
අභික්කන්තෙ වණ්ණෙන මේ භික්ෂා දායිකා (දන් දුන් තැනැත්තියගේ) විමානය පිළිබඳ කථා වස්තුවයි. එහි උපත කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වාසය කරති. ඒ සමයෙහි උතුරු මධුරාවෙහි ගෙවුන ආයුෂ ඇති, අපායෙහි ඉපදීමට සුදුසුකම් ඇති එක් ස්ත්‍රියක් විසීය. භාග්‍යවතුන් වහන්සේ අරුණෝදයෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගී සිට ලෝකය බලන්නේ ඒ ස්ත්‍රිය නිරයේ ඉපදීමට සුදුස්සියක්ව සිටින බව දැක මහා කරුණාවෙන් යුක්ත වූයේ, ඇය සුගතියෙහි පිහිටුවීමට කැමැතිව, හුදෙකලාව දෙවැන්නෙක් නැතිවම මධුරාවට වැඩම කළ සේක. වැඩමවා පෙරවරුවේ හැඳ පෙරවා පා සිවුරු ගෙන පිට නගරයේ පිඬු පිණිස වැඩම කළහ. ඒ සමයෙහි ඒ ස්ත්‍රිය ගෙදර ආහාර සකස් කර පසෙකින් තැන්පත් කර කළයක් ගෙන නහන තොටට ගොස් දිය නා වතුර කළයක් ද ගෙන තමන්ගේ ගෙට යන්න අතරමගදී භාග්‍යවතුන් වහන්සේ දැක ස්වාමීනි, පිණ්ඩපාතය ලැබුණේදැයි අසා ලබන්නෙමි යයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළ කල්හි නොලද බව දැන කළය තබා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මනාකොට වැඳ ස්වාමීනි, මම පිණ්ඩපාතය පූජා කරමි. ඉවසා වදාළ මැනවැයි කීවාය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ වීමෙන් ඉවසා වදාළහ. ඕ තොමෝ භාග්‍යවතුන් වහන්සේ ඉවසූ බව දැන පළමුව ගොස් අතු ගා පිරිසිදු කරන ලද ප්‍රදේශයක ආසනයක් පනවා බුදුන් වඩනා පෙරමග බලා උන්නාය. භාග්‍යවතුන් වහන්සේ ගෙට වැඩමවා පණවන ලද අසුනෙහි වාඩි විය. ඉක්බිති ඕ තොමෝ භාග්‍යවතුන්ට වැළඳවිය. භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසන්ව ඇයට භුක්තානුමෝදනා කොට වැඩමවිය. ඕ තොමෝ අනුමෝදනා බණ අසා මහත් වූ සොම්නසට පැමිණියාය. බුදුරදුන් වඩිද්දී ඇස් පෙනෙන තෙක් මානයේ බුද්ධාරම්මණ ප්‍රීතිය උපදවා වැඳගෙන සිටියාය. ඕ තොමෝ දින කිහිපයකින් කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නීය. අප්සරාවෝ දහසක් ඇගේ පිරිවර වූහ.
“අභික්කන්තෙන වණ්ණෙන…පෙ… ඔසධී විය තාරකා.
ඉක්බිතිව ආයුෂ්මත් මුගලන් ස්ථවිරයෝ දේවලෝක චාරිකාවේ යෙදෙන්නේ මහත් වූ දේව ඍද්ධියෙන් මහත් වූ දේවානුභාවයෙන් බුදු මුවිනුදු කියවා නිමකළ නොහැකි දිව්‍ය සම්පත් අනුභව කරන්නා වූ ඇය දැක මෙම ගාථාවන්ගෙන් ඇයගෙන් කළ පින්කම් විචාළේය.
“කෙන තෙතාදිසො වණ්ණො…පෙ…
එම්බා දෙව්දුව ඕසධී තාරකාව මෙන් දස දිසාවන් ඒකාලෝක කරමින් බබලන්නා වූ පැහැපත් වර්ණයෙන් තී යුක්තය. මෙවැනි දීප්තිමත් වර්ණයක් ද මෙවැනි සැප සම්පත් ද ලබා ඔබ ප්‍රියමනාප වූ සතුටු සිතින් සිටින්නීය.
වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති. – ගාථාහි පුච්ඡි;
මේ සා මහත් දිව්‍ය සම්පත් ලබන්නට ඔබ කරන ලද පුණ්‍යකර්මය කවරේද?
“සා දෙවතා අත්තමනා…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
මහ මුගලන් තෙරුන් වහන්සේ තමන්ගෙන් විචාරණ ලද ප්‍රශ්නයට පිළිතුරු දෙන ඒ දේවතාවිය,
“අහං මනුස්සෙසු මනුස්සභූතා, පුරිමාය ජාතියා මනුස්සලොකෙ.
මම මිනිස්ලොව මිනිස් දුවක්ව ඉපදී සිටිද්දී හදවිල පුබුදන්නා වූ, පහ වූ රජස් ඇති බුදුන් වහන්සේ දුටිමි. ප්‍රසන්න වූ සිතින් හා දෑතින් උන්වහන්සේට භික්ෂා දානයක් පිරිනැමීමි.
“අද්දසං විරජං බුද්ධං, විප්පසන්නමනාවිලං; තස්ස අදාසහං භික්ඛං, පසන්නා සෙහි පාණිභි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…
ඒ කුසල කර්මයෙන් මෙබඳු වූ බබළන වර්ණයක් ද සම්පත් ද, අප්සරාවන් ද ලැබ අපමණ සිත් සන්තෝෂයෙන් මෙහි වසමි
වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. –
දෙවතා බ්යාකාසි. සෙසං සබ්බං හෙට්ඨා වුත්තනයත්තා උත්තානත්ථමෙව.
යනුවෙන් දේවතාවිය ප්‍රකාශ කළාය. සෙසු සියල්ල පළමු කී පරිද්දෙන් දතයුතුය. ඉක්බිති මුගලන් තෙරණුවෝ පිරිවර සහිත වූ ඒ දෙවඟනට දම් දෙසා පැමිණ භාග්‍යවතුන් වහන්සේ වෙත මේ කරුණ ප්‍රකාශ කළේය. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොටගෙන රැස්ව සිටි පිරිසට ධර්මය දේශනා කළ සේක. ඒ දේශනා තොමෝ දෙවියන් සහිත ලෝකයාට සාර්ථක වූයේය.
පඨමභික්ඛාදායිකාවිමානවණ්ණනා නිට්ඨිතා.
භික්ඛාදායිකා විමාන වර්ණනාව නිමියේය.
11. දුතියභික්ඛාදායිකා විමානවණ්ණනා
11. දුතියභික්ඛාදායිකා විමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙනාති දුතියභික්ඛාදායිකාවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරති . තත්ථ අඤ්ඤතරා ඉත්ථී සද්ධා පසන්නා අඤ්ඤතරං ඛීණාසවත්ථෙරං පිණ්ඩාය චරන්තං දිස්වා අත්තනො ගෙහං පවෙසෙත්වා භොජනං අදාසි. සා අපරෙන සමයෙන කාලං කත්වා තාවතිංසභවනෙ නිබ්බත්ති. සෙසං අනන්තරවිමානසදිසමෙව.
අභික්කන්තෙන වණ්ණෙන ආදී වශයෙන් දෙවැනි භික්ඛදායිකා විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වැඩවාසය කරති. එහි එක්තරා ස්ත්‍රියක් ශ්‍රද්ධාවන්තී, බුදු සසුනෙහි පැහැදීම් ඇත්තී, එක්තරා ක්ෂීණාශ්රව තෙර නමක් පිඬු පිණිස හැසිරෙද්දී, ඒ බව දැක තමන්ගේ ගෙට වැඩමවා දානය පිළිගැන්වීය. ඕ තොමෝ පසුකාලයක කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නාය. සියල්ල පෙර කියන ලද කථා වස්තුව මෙනි.
“අභික්කන්තෙන වණ්ණෙන…පෙ… සබ්බදිසා පභාසතී”ති.
බබළන්නා වූ වර්ණයෙන්, සිටින්නා වූ දෙව්දුවනි, ඔබගේ ශරීර වර්ණය ඉතා පැහැපත්ය. ඒ ඡවි වර්ණයෙන් සියලු දිසාවන් ප්‍රභාස්වර වේ. දිලිසේ. මේ කවර කුශල කර්මයක විපාකද?
“සා දෙවතා අත්තමනා…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
ඕ දෙව්දුවද මුගලන් හිමියන් විසින් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙන්නී,
“අහං මනුස්සෙසු මනුස්සභූතා…පෙ…
මම මිනිස්ලොව මනුෂ්‍ය දුවක් වී ඉපදී සිටියෙමි. රාගාදී කෙලෙස්වලින් දුරු වූ, නික්ලේශී වූ, ඇලීම් නැත්තා වූ එක් භික්ෂුවක් දැක, උන්වහන්සේ කෙරෙහි පැහැදුනු සිතින් නිවසට වැඩමවා මගේ දෝතින්ම දන් පිළිගැන්වූයෙමි.
වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
ඒ කුශල විපාකයෙන් මේ වගේ වර්ණයක්, මෙවැනි සම්පතක් සියලු දිසාවන් බබුළුවන ඡවි වර්ණයක් මම ලදිමි.
දුතියභික්ඛාදායිකාවිමානවණ්ණනා නිට්ඨිතා.
දෙවැනි භික්ඛදායිකා විමාන වර්ණනාව නිමියේ ය.
ඉති පරමත්ථදීපනියා ඛුද්දක-අට්ඨකථාය විමානවත්ථුස්මිං එකාදසවත්ථුපටිමණ්ඩිතස්ස දුතියස්ස චිත්තලතාවග්ගස්ස අත්ථවණ්ණනා නිට්ඨිතා.
දෙවැනි වර්ග වර්ණනාව සමාප්තයි.