යෙදුමෙන් කියවන්න

දුතියභික‍්ඛාදායිකා විමානං

2. 11.

2. 11.

276. අභික‍්කන‍්තෙන වණ‍්ණෙන යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ, ඔභාසෙන‍්තී දිසා සබ‍්බා ඔසධී විය තාරකා.

276. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.

277. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.

277. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?

278. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

278. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද, තිගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?

279. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.

279. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මෙසේ පැවැසූ ය.

280. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා පුරිමාය ජාතියා මනුස‍්සලොකෙ අද‍්දසං විරජං භික‍්ඛුං විප‍්පසන‍්නමනාවිලං තස‍්ස අදාසහං භික‍්ඛං පසන‍්නා සෙහි පාණිහි.

280. මම පෙර අත්බැව්හි මිනිස් ලොව මිනිසුන් අතර මිනිස් දුවක් වූවා පහවූ රාගාදී රජස් ඇති වෙසෙසින් පහන්වූ නො කැලඹුණු සිත් ඇති රහත් නමක් දිටිමි. මම උන් වහන්සේට පහන් වූවා සියතින් භික්‍ෂාව දුනිමි.

281. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

281. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.

282. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමහං අකාසිං තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.

282. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම්ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවා යයි.

දුතියභික‍්ඛාදායිකා විමානං.

දුතියභික්ඛාදායිකා විමාන යි.

චිත‍්තලතාවග‍්ගො දුතියො

දෙවෙනි චිත්තලතා වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

දාසී චෙව ලඛුමා ච අථ ආචාමදායිකා චණ‍්ඩාලී භද‍්දිත්‍ථි චෙව සොණදින‍්නා උපොසථා නන්‍දා චෙව සුනන්‍දා ච දෙව ච භික‍්ඛාය දායිකා වග‍්ගො තෙන පවුච‍්චතීති.

දාසී යැ, ලඛුමා යැ, ආචාමදායිකා යැ, චන්ඩාලී යැ, හද්දිත්‍ථි යැ, සෝණදින්නා යැ, උපෝසථා යැ, නන්‍දා යැ, සුනන්‍දා යැ, භික්ඛදායිකා දෙක යැ යන මෙයින් වර්‍ගය කියනු ලැබේ.

භාණවාරං පඨමං.

පළමුවන බණවර යි.