උළාර විමානං
3. 1.
3. 1.
283. උළාරො තෙ යසො වණ‍්ණො සබ‍්බා ඔභාසතෙ දිසා, නාරියො නච‍්චන‍්ති ගායන‍්ති දෙවපුත‍්තා අලඞ‍්කතා.
283-284 (එම්බා) දෙව්දුව, තීගේ පිරිවර මහත් ය. උදාර වූ සිරුරු පැහැය සියලු දිගින් බබුළුවයි. දිවබරණින් සැරසුණු දිව්‍යස්ත්‍රීහු ද දිව්‍ය පුත්‍රයෝ ද තිට පුද පිණිස නටති. ගයති. (තී) සතුටු කරවති. (තී) පිරිවරා සිටිත්. මනා දැකුම් ඇත්තිය, තිගේ මේ විමානයෝ රන්මුවා වූහ.
284. මොදෙන‍්ති පරිවාරෙන‍්ති තව පූජාය දෙවතෙ, සොවණ‍්ණානි විමානානි තවිමානි සුදස‍්සනෙ.
285. තුවංසි ඉස‍්සරා තෙසං සබ‍්බකාමසමිද‍්ධිනී, අභිජාතා මහන‍්තාසි දෙවකායෙ පමොදසි, දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ කිස‍්ස කම‍්මස‍්සිදං ඵලන‍්ති.
285. සියලු පස්කම් ගුණයෙන් සමෘද්ධ වූ තී ඔවුනට අධිපති වෙහි. මනාකොට උපන් තී මහත් අනුභාව ඇත්තී වෙහි. මේ දිව්‍යනිකායෙහි ප්‍රමුදිත වෙහි. (එම්බා) දෙව්දුව, විචාරනලද්දා වූ තී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
286. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා
286. කවර හේතුවකින් තිට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
287. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස‍්සලොකෙ කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.
287. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් ලො වැ කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
288. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.
288. මේ පුණ්‍යඵලය කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී (මෙසේ) පැවසූ ය.
289. අහං මනුස‍්සෙසු මසුස‍්සභූතා පුරිමාය ජාතියා මනුස‍්සලොකෙ දුස‍්සීලකුලෙ සුණිසා අහොසිං අස‍්සද‍්ධෙසු කදරියෙසු අහං.
289. මම පෙරැ අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතරැ මිනිස් දුවක් වීමි. මම සැදැහැ නැති තද මසුරු බැව් ඇතියන් අතර දුසිල් කුලයෙක ලෙහෙලියක් වීමි.
290. සද‍්ධා සීලෙන සම‍්පන‍්නා සංවිභාගරතා සදා, පිණ‍්ඩාය චරමානස‍්ස අපූවං තෙ අදාසහං.
290. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු (මම) පිඬු පිණිස හැසිරෙන මුබ වහන්සේට කබලුපූවක් පිදුවෙමි.
291. තදාහං සස‍්සුයාචික‍්ඛිං සමණො ආගතො ඉධ, තස‍්ස අදාසහං පූවං පසන‍්නා සෙහි පාණිහි.
291. එකල්හි මම “ශ්‍රමණයන් වහන්සේ නමක් මෙහි වැඩිසේක පහන් වූ මම උන්වහන්සේට සියතින් පූවක් පිදුවෙමි ය” නැන්දණියට කීයෙමි
292. ඉති සා සස‍්සු පරිභාසි අවිනීතා තුවං වධූ, න මං සම‍්පුච‍්ඡිතුං ඉච‍්ඡි සමණස‍්ස දදාමහං.
292. ඒ නැන්දණියෝ “තෝ අවිනීත ස්ත්‍රියක, ‘මම මහණට (කබලුපූ) දෙමැ’යි මා විචාරන්නට නොකැමති වූ” යයි මට පරිභව කළහ.
293. තතො මෙ සස‍්සු කුපිතා පහාසි මුසලෙන මං, කූටඞ‍්ගච‍්ඡි අවධි මං නාසක‍්ඛිං ජීවිතුං චිරං.
293. ඉක්බිති කිපියා වූ මාගේ නැන්දණියෝ මට මොහොලින් පහර දුන්හ. උරහිස සිඳලූහ. මා නසාලූහ. කලක් ජීවත්වන්නට නො හැකි වීමි.
294. සා අහං කායස‍්ස භෙදා විප‍්පමුත‍්තා තතො චුතා, දෙවානං තාවතිංසානං උපපන‍්නා සහව්‍යතං.
294. ඒ දුකින් මිදුණු මම කය බිඳීමෙන් එයින් ච්‍යුත වූවා තව්තිසා දෙවියන්ගේ සහභාවයට පැමිණියෙමි.
295. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
295. එම පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
296. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමහං අකාසිං තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.
296. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇතියා වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.