යෙදුමෙන් කියවන්න

උච‍්ඡුදායිකාවිමානං

3. 2.

3. 2.

297. ඔභාසයිත්‍වා පඨවිං සදෙවකං අතිරොචසි චන්‍දිමසූරියා විය සිරියා ච වණ‍්ණෙන යසෙන තෙජසා බ්‍රහ‍්මා ව දෙවෙ තිදසෙ සඉන්‍දකෙ.

297. (තෝ) සඳ හිරු මෙන් අහස සහිත පොළොව එකලු කොට අතිශයින් බබළහි. ශෝභාවෙන් ද ශරීර වර්‍ණයෙන් ද පරිවාරයෙන් ද ස්වකීය අනුභාවයෙන් ද ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියන් ඉක්මවා බබළන බ්‍රහ්මයා මෙනි.

298. පුච‍්ඡාමි තං උප‍්පලමාලධාරිණී ආවෙළිනී කඤ‍්චනසන‍්නිභත‍්තවෙ අලඞ‍්කතෙ උත‍්තමවත්‍ථධාරිණී කා ත්‍වං සුභෙ දෙවතෙ වන්‍දසෙ මමං.

298. උපුල් මල්දම් දරන රුවන්මුවා මලින් නැගුණු රැළි ඇති රන්වන් සිවි ඇති උතුම් වත් දරන සැරසුණු සොඳුරු දෙව්දුව, මා වඳින තී කවරැ යි විචාරමි.

299. කිං ත්‍වං පුරෙ කම‍්මමකාසි අත‍්තනා මනුස‍්සභූතා පුරිමාය ජාතියා දානං සුචිණ‍්ණං අථ සීලසඤ‍්ඤමං කෙනූපපන‍්නා සුගතිං යසස‍්සිනී. දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ කිස‍්ස කම‍්මස‍්සිදං ඵලන‍්ති.

299. තෝ පෙරැ අත්බැව්හි මිනිස්දුවක් වූවා කිනම් කර්‍මයක් කෙළෙහි ද? මැනැවින් දන් දෙන ලද ද? නැතහොත් සිල් රක්නා ලද ද? කුමකින් යසස් ඇතිව සුගතියෙහි උපන්නී වෙහි ද? එම්බා දෙව්දුව, විචාරන ලද්දී මේ ව්පාකය කවර කර්‍මයක්හුගේ දැ යි කියව.

300. ඉදානි භන‍්තෙ ඉමමෙව ගාමං පිණ‍්ඩාය අම‍්හාක ඝරං උපාගමි තතො තෙ උච‍්ඡුස‍්ස අදාසි ඛණ‍්ඩිකං පසන‍්නචිත‍්තා අතුලාය පීතියා.

300. වහන්ස, මෙකල්හි මෙගම්හි ම (භික්‍ෂුනමක්) පිඬු පිණිස අප ගෙට එළඹියේ ය. ඉක්බිති උන්වහන්සේට පහන් සිතැත්තී ඉමහත් ප්‍රීතියෙන් උක් දඞු කඩක් පිදුවෙමි.

301. සස‍්සු ච පච‍්ඡා අනුයුඤ‍්ජතෙ මමං කහන‍්නු උච‍්ඡුං වධුකෙ අවාකිරී නච‍්ඡඩ‍්ඪිතං න ච පන ඛාදිතං මයා සන‍්තස‍්ස භික‍්ඛුස‍්ස සයං අදාසහං.

301. පසුව නැඳි තොමෝ, ලෙහෙලිය උක්දඞුකඩ කොහි දැමුවෙහි දැ යි මා විචාළා ය. එය මා විසින් බැහැර නො දමන ලදී. නො ද අනුභව කරන ලදි. මම සන්සුන් කෙලෙසුන් ඇති භික්‍ෂුනමක්හට පිදුවෙමි.

302. තුය‍්හං නචිදං ඉස‍්සරියං අථො මම ඉතිස‍්සා සස‍්සු පරිභාසතෙ මමං, පීඨං ගහෙත්‍වා පහාරං අදාසි මෙ තතො චුතා කාලකතාම‍්හි දෙවතා.

302. ගෙහි මේ අධිපතිභාවය තීගේ ද නැතහොත් මාගේ දැ යි මෙසේ නැඳි තොමෝ මට පරිභව කළා ය. නැවත පුටුවක් ගෙන පහර දුනි. කලුරිය කළා වූ මම එයින් සැව දෙව්දුවක් වූවා වෙමි.

303. තදෙව කම‍්මං කුසලං කතං මයා සුඛඤ‍්ච කම‍්මං අනුභොමි අත‍්තනා, දෙවෙහි සද‍්ධිං පරිචාරයාමහං මොදාමහං කාමගුණෙහි පඤ‍්චහි.

303. මා විසින් ඒ කුශල කර්‍මය පමණක් කරණ ලදී. තමා විසින් (කරන ලද) ඒ කුශල කර්‍මය කරණ කොට ගෙන (මේ) සැප විඳිමි. මම දෙවියන් සමග හැසිරෙමි. මම පස්කම් ගුණයෙන් සතුටු වෙමි.

304. තදෙව කම‍්මං කුසලං කතං මයා සුඛඤ‍්ච කම‍්මං අනුභොමි අත‍්තනා දෙවින්‍දගුත‍්තා තිදසෙහි රක‍්ඛිතා සමප‍්පිතා කාමගුණෙහි පඤ‍්චහි.

304. මා විසින් ඒ කුශල කර්‍මය පමණක් කරණ ලදී. තමා විසින් (කරන ලද) ඒ කුශල කර්‍මය කරණ කොට ගෙන (මේ) සැප විඳිමි. සක් දෙවිඳු විසින් ගෝපිත වූ තව්තිසා වැසි දෙවියන් විසින් රක්නාලද මම පස්කම් ගුණයෙන් යුක්ත වූවා වෙමි.

305. එතාදිසං පුඤ‍්ඤඵලං අනප‍්පකං මහාවිපාකා මම උච‍්ඡුදක‍්ඛිණා, දෙවෙහි සද‍්ධිං පරිචාරයාමහං මොදාමහං කාමගුණෙහි පඤ‍්චහි.

305. මාගේ උක්දඞු පූජාව මහත් විපාක ඇත. එයින් මෙබඳු අනල්ප වූ පුණ්‍යඵලයෙක් වෙයි. මම දෙවියන් සමග හැසිරෙමි. මම පස්කම් ගුණයෙන් සතුටු වෙමි

306. එතාදිසං පුඤ‍්චඵලං අනප‍්පකං මහාජුතීකා මම උච‍්ඡුදක‍්ඛිණා, දෙවින්‍දගුත‍්තා තිදසෙහි රක‍්ඛිතා සහස‍්සනෙත‍්තො ඉව නන්‍දනෙ වනෙ.

306. ඒ මාගේ උක්දඞු පූජාව මහත් අනුභාව ඇත. එයින් මෙබඳු අනල්ප වූ පුණ්‍යඵලයෙක් වෙයි. සක් දෙවිඳුන් විසින් ගෝපිත වූ තව්තිසා වැසි දෙවියන් විසින් රක්නාලද මම නදුන් වෙනෙහි සක්දෙව් රජු මෙන් (ප්‍රීත වෙමි)

307. තුවඤ‍්ච භන‍්තෙ අනුකම‍්පකං විදුං උපෙච‍්ච වන්‍දිං කුසලඤ‍්ච පුච‍්ඡිසං තතො තෙ උච‍්ඡුස‍්ස අදාසිං ඛණ‍්ඩිකං පසන‍්නචිත‍්තා අතුලාය පීතියාති.

307. වහන්ස මම කාරුණික වූ නුවණැත්තා වූ ඒ ඔබ වෙත පැමිණ වැන්දෙමි. නීරෝග බව ද විචාළෙමි. ඉක්බිති පහන්සිත් ඇති මම ඉමහත් ප්‍රීතියෙන් ඔබ වහන්සේට උක්දඞුකඩක් පූජා කෙළෙමි.

උච‍්ඡුදායිකාවිමානං.

උච්ඡුදායිකා විමාන යි.