1. උළාර විමානවණ්ණනා අට්ඨකථා
1. උළාර විමානවණ්ණනා
1. උළාරවිමාන වර්ණනා
පාරිච්ඡත්තකවග්ගෙ උළාරො තෙ යසො වණ්ණොති උළාරවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන සමයෙන රාජගහෙ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස උපට්ඨාකකුලෙ එකා දාරිකා දානජ්ඣාසයා දානසංවිභාගරතා අහොසි. සා යං තස්මිං ගෙහෙ පුරෙභත්තං ඛාදනීයභොජනීයං උප්පජ්ජති, තත්ථ අත්තනා ලද්ධපටිවීසතො උපඩ්ඪං දෙති, උපඩ්ඪං අත්තනා පරිභුඤ්ජති, අදත්වා පන න භුඤ්ජති, දක්ඛිණෙය්යෙ අපස්සන්තීපි ඨපෙත්වා දිට්ඨකාලෙ දෙති, යාචකානම්පි දෙතියෙව. අථස්සා මාතා “මම ධීතා දානජ්ඣාසයා දානසංවිභාගරතා”ති හට්ඨතුට්ඨා තස්සා දිගුණං භාගං දෙති. දෙන්තී ච එකස්මිං භාගෙ තාය සංවිභාගෙ කතෙ පුන අපරං දෙති, සා තතොපි සංවිභාගං කරොතියෙව.
පාරිච්ඡත්තක වර්ගයේ උළාරො තෙ යසො වණ්ණො ආදී වශයෙන් උළාර විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි ලෙහෙණ අභය භූමියේ වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහා මුගලන් තෙරුන් වහන්සේ උපස්ථායක කුලයෙක දන් දීමෙහි අදහස් ඇති, දන්දීමෙහි රුචි ඇති, ඒ පිළිබඳව තුටු පහටු සිත් ඇති දැරියක් වූවාය. ඕ තොමෝ ඒ නිවසෙහි පෙරවරුයෙහි ඛාද්‍ය, භෝද්‍ය වශයෙන් තැනෙක යමක් වේනම් එහි තමන්ට ලැබුනු කොටසින් අඩක් දන්දෙයි. තමන් අඩක් පරිභෝග කරයි. දන් නොදී අනුභව නො කරයි. ලැබිය යුතු කෙනෙකුන් නොදකින් වුව ඒ කොටස තමා දුටු තන්හිදී දෙන්නීය. යාචකයනට හෝ දෙන්නීය. එකල්හි ඇගේ මව මාගේ දියණිය දීමෙහි අදහස් ඇත්තීය. දන් බෙදීමෙහි රුචි ඇත්තීය යනුවෙන් තුටු පහටු වූවා ඇයට කොටස් දෙකක් දෙන්නීය. දෙන්නා වූ මව ද එක් කොටසක් ඇය විසින් කොටස් කරන ලද කල්හි තව කොටසක් දෙන්නීය. ඕ තොමෝ දුවද එයින් ද අඩක් වෙන් කරන්නීය.
එවං ගච්ඡන්තෙ කාලෙ තං වයප්පත්තං මාතාපිතරො තස්මිංයෙව නගරෙ අඤ්ඤතරස්මිං කුලෙ කුමාරස්ස අදංසු. තං පන කුලං මිච්ඡාදිට්ඨිකං හොති අස්සද්ධං අප්පසන්නං . අථායස්මා මහාමොග්ගල්ලානො රාජගහෙ සපදානං පිණ්ඩාය චරමානො තස්සා දාරිකාය සසුරස්ස ගෙහද්වාරෙ අට්ඨාසි. තං දිස්වා සා දාරිකා පසන්නචිත්තා “පවිසථ භන්තෙ”ති පවෙසෙත්වා වන්දිත්වා සස්සුයා ඨපිතං පූවං තං අපස්සන්තී “තස්සා කථෙත්වා අනුමොදාපෙස්සාමී”ති විස්සාසෙන ගහෙත්වා ථෙරස්ස අදාසි, ථෙරො අනුමොදනං කත්වා පක්කාමි. දාරිකා “තුම්හෙහි ඨපිතං පූවං මහාමොග්ගල්ලානත්ථෙරස්ස අදාසි”න්ති සස්සුයා කථෙසි. සා තං සුත්වා “කින්නාමිදං පාගබ්භියං, අයං මම සන්තකං අනාපුච්ඡිත්වාව සමණස්ස අදාසී”ති තං කටතටායමානා කොධාභිභූතා යුත්තායුත්තං අචින්තෙන්තී පුරතො ඨිතං මුසලඛණ්ඩං ගහෙත්වා අංසකූටෙ පහරි. සා සුඛුමාලතාය පරික්ඛීණායුකතාය ච තෙනෙව පහාරෙන බලවදුක්ඛාභිභූතා හුත්වා කතිපාහෙනෙව කාලං කත්වා තාවතිංසෙසු නිබ්බත්ති. තස්සා සතිපි අඤ්ඤස්මිං සුචරිතකම්මෙ ථෙරස්ස කතදානමෙව සාතිසයං හුත්වා උපට්ඨාසි. තං ආයස්මා මහාමොග්ගල්ලානො හෙට්ඨා වුත්තනයෙනෙව ගන්ත්වා –
මෙසේ කල්යාමේදී ඇගේ මවුපියෝ ඇය නිසි වියපත් වූ විට, ඒ නගරයෙහිම එක්තරා කුලගෙයක කුමරෙකුට ඇය විවාහ කර දුන්නේය. ඒ කුලය වනාහී මිථ්‍යාදෘෂ්ටික වූ ශ්‍රද්ධා රහිත වූ (තෙරුන් කෙරෙහි) නො පැහැදුනා වූ කුලයක් විය. එකල්හි ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ රජගහනුවර පිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන සේක් ඒ දැරියගේ මයිළණුවන්ගේ ගේ දොරකඩ සිටි සේක. උන්වහන්සේ දැක පැහැදුනු සිත් ඇති ඒ දැරිය පිවිසෙන්න ස්වාමීනියි කැඳවාගෙන වැඳ වඩා හිඳුවා නැන්දනිය විසින් කැවුම, නොදක්නා විට, ඇයට පසුව විස්තර කියා අනුමෝදන් කරවන්නෙමියි යන විශ්වාසයෙන් යුතුව නැන්දනිය විසින් තබන ලද කැවුම ගෙන තෙරුන් වහන්සේට පිදුවාය. තෙරණුවෝ අනුමෙවෙනි බණ වදාරා වැඩි සේක. පසුව දැරිය නැන්දනිය අමතා නැන්දනියෙනි, ඔබ විසින් තබන ලද කැවුම් මම මහ මුගලන් හිමියන්ට දුනිමි යි කීවාය. ඕ තොමෝ එය අසා මේ කවරනම් උඩඟුකමක් ද මෙය මා සතුය. මා නො අසාම එය ශ්‍රමණයා හට දුන්නාය කියා තට තට හඬින් දත් සපමින් ක්‍රෝධයෙන් පෙළෙමින් යුතු අයුතුකම් නොසිතන්නී ඉදිරිපස තිබූ මොහොල්කඩ ගෙන ඇගේ උරෙහිම ගැසුවාය. ඇය සියුමැලි බැවින්ද, පිරිහුණු ආයු ඇති බැවින් ද, බලවත් දුකින් මඩිනු ලැබ කීප දවසකින්ම කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඇයට වෙනත් සුචරිත කර්මයන් ඇත්තේ නමුදු මුගලන් මහ තෙරුන්ට දෙන ලද දානයම බලවත් වී පිහිටියේය. මුගලන් මහතෙරුන් දෙව්ලොව චාරිකා කරන සේක් අප්සරාවන් දහසක් පිරිවරා ගත් මහත් වූ දේව ලීලාවෙන් බබළන ඇය දැක, ඇය වෙතට ගොස් ඈ විසින් කරන ලද සුචරිත කර්ම විමසමින් මේ ගාථාව වදාළහ.
“උළාරො තෙ යසො වණ්ණො, සබ්බා ඔභාසතෙ දිසා; නාරියො නච්චන්ති ගායන්ති, දෙවපුත්තා අලඞ්කතා.
උළාරො තෙ යසො වණ්ණො සබ්බා ඔභාසතෙ දිසා නාරියොච නච්චන්ති ගායන්ති දෙවපුත්තා අලංකතා
ඔබේ යසස් ද වනය ද උසස් ය. සියලු දස දිසාවන්ම බබුළුවයි. සැරසෙන ලද දිව්‍ය ස්ත්‍රීහු ද දිව්‍ය පුත්‍රයෝ ද නටත්. ගයත්. වාදනය කරත්.
“මොදෙන්ති පරිවාරෙන්ති, තව පූජාය දෙවතෙ; සොවණ්ණානි විමානානි, තවිමානි සුදස්සනෙ.
දැකුම්කළු දේවතාවියනි, ඔබට ගරු කිරීමෙන් දෙවිවරු ඔබ සතුටට පත් කරති. පිරිවරා ගනිති. ඔබගේ මේ විමානය ස්වර්ණමය වේ.
“තුවංසි ඉස්සරා තෙසං, සබ්බකාමසමිද්ධිනී; අභිජාතා මහන්තාසි, දෙවකායෙ පමොදසි; දෙවතෙ පුච්ඡිතාචික්ඛ, කිස්ස කම්මස්සිදං ඵල”න්ති. –
කැමතිවන සියලු දෙයින් සමෘද්ධියට පත් වූ ඔබ පරිවාරක දේවතාවන්ට අධිපති වන්නෙහිය. උසස් උත්පත්තියක් ද, මහත් ආනුභාවයක් ද ඇත්තෙහිය. මෙම දිව්‍ය නිකාය තුළ ප්රමෝදයට පත්ව සිටින්නෙහිය. එබඳු වූ දේවතාවියනි, මා විසින් ප්‍රශ්න කරන ලද්දා වූ ඔබ මෙය කවරනම් කුසල ඵලයක් දැයි කියන්න.
තීහි ගාථාහි පුච්ඡි.
තත්ථ යසොති පරිවාරො. වණ්ණොති වණ්ණනිභා සරීරොභාසො. “උළාරො”ති පන විසෙසෙත්වා වුත්තත්තා තස්සා දෙවතාය පරිවාරසම්පත්ති ච වණ්ණසම්පත්ති ච වුත්තා හොති. තාසු “උළාරො තෙ වණ්ණො”ති සඞ්ඛෙපතො වුත්තං වණ්ණසම්පත්තිං විසයවසෙන විත්ථාරතො දස්සෙතුං “සබ්බා ඔභාසතෙ දිසා”ති වත්වා “උළාරො තෙ යසො”ති වුත්තං පරිවාරසම්පත්තිං වත්ථුවසෙන විත්ථාරතො දස්සෙතුං “නාරියො නච්චන්තී”තිආදි වුත්තං. තත්ථ සබ්බා ඔභාසතෙ දිසාති සබ්බාසු දිසාසු විජ්ජොතතෙ, සබ්බා වා දිසා ඔභාසයතෙ, විජ්ජොතයතීති අත්ථො. “ඔභාසතෙ”ති පදස්ස “ඔභාසන්තෙ”ති කෙචි වචනවිපල්ලාසෙන අත්ථං වදන්ති, තෙහි “වණ්ණෙනා”ති විභත්ති විපරිණාමෙතබ්බා. වණ්ණෙනාති ච හෙතුම්හි කරණවචනං, වණ්ණෙන හෙතුභූතෙනාති අත්ථො. “සබ්බා දිසා”ති ච ජාතිවසෙන දිසාසාමඤ්ඤෙ අපෙක්ඛිතෙ වචනවිපල්ලාසෙනපි පයොජනං නත්ථි. නාරියොති එත්ථාපි “අලඞ්කතා”ති පදං ආනෙත්වා සම්බන්ධිතබ්බං. දෙවපුත්තාති එත්ථ ච-සද්දො ලුත්තනිද්දිට්ඨො. තෙන නාරියො දෙවපුත්තා චාති සමුච්චයො වෙදිතබ්බො.
එහි යසො පිරිවර. වණ්ණො වර්ණය, ආලෝකය ශරීරාලෝකය. උළාරො යනුවෙන් විශේෂ කොට කියන ලද බැවින් ඒ දේවතාවිය පරිවාර සම්පත්තිය ද වර්ණ සම්පත්තිය ද කියන ලදී. එහි උළාරොතෙ වණ්ණෙ වර්ණයේ උදුර බව සංක්ෂේපයෙන් කියන ලදී. වර්ණ සම්පත්තිය විස්තර වශයෙන් දක්වනු පිණිස ‘සබ්බා ඔභාසතෙ දිසා’ යයි කියා, ‘උළාරො තෙ යසො’යි කියන ලදී. උදාර වූ පිරිවර සම්පත්තිය කථා වස්තුව වශයෙන් සවිස්තරව දක්වනු පිණිස ‘නාරියො නච්චන්ති’ ආදිය කියන ලදී. ස්ත්‍රීහු නටත්. සබ්බා ඔභාසතෙ දිසා සියලු දිසාවන්හි බැබලීම් සිදුවෙයි. සියලු දිසාවන් බබළවයි යන අදහසයි. ඔභාසතො යන පද ද සමහරෙක් ඔභාසතො කියා ද අරුත් දක්වති. ඔවුන් විසින් වණ්ණෙන යනුවෙන් විභක්ති විපර්යාසයක් ද කළයුතු හේත්වර්ථයේ කරණ විභක්තියයි. හේතු වූ වර්ණයෙන් යන අර්ථයයි. සබ්බාදිසා - සියලු දිශාවන් යනුවෙන් ද, ජාති වශයෙන් දිසාවන්හි ස්ථානභාවය අපේක්ෂා කරනු ලැබූ බැවින් වචන විපර්යාසයෙන් ද ප්‍රයෝජන ඇත්තේ ය. නාරියො මෙහි වනාහි අලංකා යන පදය හා සම්බන්ධ විය යුතුයි. දෙවපුත්තා මෙහි ච ශබ්දය ලොප්කොට ඇත. එම ච ශබ්දයෙන් නාරියොච දෙවපුත්තාච යනුවෙන් එකතු කොට දැක්වීමක් සිදුවෙතැයි දතයුතු.
මොදෙන්තීති පමොදයන්ති. පූජායාති පූජනත්ථං පූජානිමිත්තං වා, නච්චන්ති ගායන්තීති යොජනා. තවිමානීති තව ඉමානි.
මොදෙන්ති සතුටට පත් කරත්. පූජාය පූජා පිණිස හෝ පූජාව නිමිතිකොට. නච්චන්ති ගායන්ති නටත් ගයත් යන අදහස ගතහැකි වේ. තවිමානි තව+ඉමානි, යන පද දෙකේ සන්ධි වීමකි.
සබ්බකාමසමිද්ධිනීති සබ්බෙහි පඤ්චහි කාමගුණෙහි, සබ්බෙහි වා තයා කාමිතෙහි ඉච්ඡිතෙහි වත්ථූහි සමිද්ධා. අභිජාතාති සුජාතා. මහන්තාසීති මහතී මහානුභාවා අසි. දෙවකායෙ පමොදසීති ඉමස්මිං දෙවනිකායෙ දිබ්බසම්පත්තිහෙතුකෙන පරමෙන පමොදනෙන පමොදසි.
සබ්බකාම සමිද්ධින - සියලු පංචකාම ගුණයන්ගෙන් සම්පූර්ණ වූ යන අදහස වේ. අභිජාතා - මනා උපතක් ඇති. මහන්තරී මහත් ආනුභාව ඇති. දෙවකායෙ පමොදයී මෙම දේව කොට්ඨාසයෙහි වූවන් දිව්‍ය සම්පත්ති හේතුවෙන් උපන් සන්තෝෂයෙන් සතුටට පත් කරන්නේය.
එවං ථෙරෙන පුච්ඡිතා සා දෙවතා තමත්ථං විස්සජ්ජෙසි –
[මනාව ප්‍රිය වූ යමක් වේද, ඒ සම්පත් ඔබට ලැබෙන්නේය. ඔබට එබඳු වර්ණයක් කුමක් නිසා ලැබුණේද? ඔබට එබඳු සමෘද්ධියක් කුමක් නිසා ලැබුණේද? මහත් වූ ආනුභාව ඇති දේවතාවියනි, ඔබේ වර්ණය සියලු දිසාවන් බබුලුවයි. මෙවැනි දීප්තිමත් ආනුභාවයක් කුමක් නිසා ලැබුනේ ද, මිනිස් ලොවදී කිනම් පිනක් කළේද? අසන්නෙමි.] මුගලන් මහතෙරුන් විසින් ප්‍රශ්න කරන ලදුව සතුටට පත් සිත් ඇති ඒ දේවතා තොමෝ මේ ඵලය කවරනම් කර්මයක්හුගේ දැයි අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මෙසේ ප්‍රකාශ කළාය.
“අහං මනුස්සෙසු මනුස්සභූතා, පුරිමාය ජාතියා මනුස්සලොකෙ; දුස්සීලකුලෙ සුණිසා අහොසිං, අස්සද්ධෙසු කදරියෙසු අහං.
මම පෙර භවයෙහි මිනිස්ලොව මිනිසුන් අතර මිනිස් දුවක් වීමි. එහිදී මම දුසිල් ශ්‍රද්ධා රහිත මසුරු කුල ගෙදරක ලේලියක් වීමි.
“සද්ධා සීලෙන සම්පන්නා, සංවිභාගරතා සදා; පිණ්ඩාය චරමානස්ස, අපූවං තෙ අදාසහං.
හැමකල්හිම ශ්‍රද්ධාවෙන්, සීලයෙන් යුක්ත වූ මම, දන් දීමෙහි රුචි වූ මම, පිඬු පිණිස වඩින තෙරුන් වහන්සේට කැවුම් පිදුවෙමි.
“තදාහං සස්සුයාචික්ඛිං, ‘සමණො ආගතො ඉධ; තස්ස අදාසහං පූවං, පසන්නා සෙහි පාණිභි’.
ශ්රමණයන් වහන්සේ නමක් මෙහි පැමිණි කල්හි උන්වහන්සේට මම කැවුම් පිදුවෙමි. තම අතින් කළ ක්‍රියාවක් මෙන් පැහැදුන මැනව. පින් අනුමෝදන් වනු මැනවැයි මම නැන්දනියට කීමි.
“ඉතිස්සා සස්සු පරිභාසි, අවිනීතාසි ත්වං වධු; න මං සම්පුච්ඡිතුං ඉච්ඡි, ‘සමණස්ස දදාමහං’.
අවිනීත වූ ගැහැනිය, ඔබ ශ්‍රමණයන්ට දන් දෙන්නෙමිදැයි මගෙන් විම සීමට කැමති නොවූවෙහිය යනුවෙන් නැන්දනිය මට අවමන් කළාය.
“තතො මෙ සස්සු කුපිතා, පහාසි මුසලෙන මං; කූටඞ්ගච්ඡි අවධි මං, නාසක්ඛිං ජීවිතුං චිරං.
ඉන්පසු කෝපයට පත් ඇය නැන්දනිය මෝල් ගහකින් මගේ උරහිසට පහර දුන්නාය. ඉන්පසු කලක් ජීවත්වීමට නොහැකි වීමි.
“අහං කායස්ස භෙදා, විප්පමුත්තා තතො චුතා; දෙවානං තාවතිංසානං, උපපන්නා සහබ්යතං.
ශරීරයේ වෙනස්වීමෙන්, එම ආත්මභාවයෙන් නිදහස් වූ ඒ මම තව්තිසා වැසියන්ගේ සංගමයට පැමිණියෙම්. තව්තිසාවේ උපත ලැබීමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…
එම ක්‍රියාව හේතුවෙන් මට මෙබඳු වර්ණයක් ඇතිවිය. ඒ හේතුවෙන් මට මේ සමෘද්ධිය ඇතිවිය. මනසට යමක් ප්‍රිය වෙයි ද ඒ සම්පත් මට ලැබෙන්නේ ය.
වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
මහත් ආනුභාව ඇති භික්ෂුවරයාණන් වහන්ස, මිනිස් දුවක් වූ මම යමක් කෙළෙම් ද, එයින් මෙබඳු දීප්තිමත් ආනුභාවයක් ඇත්තී වෙමි. මාගේ මරණය ද සියලු දිශාවන් ආලෝකමත් කළේය යනුවෙන් ඔබ වහන්සේට කියමි.
තත්ථ අස්සද්ධෙසූති රතනත්තයසද්ධාය කම්මඵලසද්ධාය ච අභාවෙන අස්සද්ධෙසු, ථද්ධමච්ඡරියතාය කදරියෙසු සස්සුආදීසු අහං සද්ධා සීලෙන සම්පන්නා අහොසින්ති යොජනා.
අස්සද්ධෙසු - රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාවක් ප්‍රසාදයක් ද කර්මඵල විශ්වාස කිරීමක් ද නැති බැවින් ශ්‍රද්ධා රහිත යයි යෙදේ. තද මසුරුකම නිසා කදරියෙසු, නැන්දනියන් ආදීන් කෙරෙහි. අතරෙහි, අහං සද්ධා සීලෙන සම්පන්නා අහොසිං මම ශ්‍රද්ධාවෙන් ශීලයෙන් සම්පූර්ණ වූයෙමි.
අපූවන්ති කපල්ලපූවං. තෙති නිපාතමත්තං. සස්සුයා ආචික්ඛිං ගහිතභාවඤාපනත්ථඤ්ච අනුමොදනත්ථඤ්චාති අධිප්පායො.
අපූවං පිසීමෙන්, කැවිලි කැවුම් ආදිය. තෙ යනු නිපාතයකි. සස්සුයා ආචික්ඛිං ගන්නා ලද බව දැක්වීම සඳහා ද අනුමෝදන් කිරීම සඳහා ද යන අදහසයි.
ඉතිස්සාති එත්ථ අස්සාති නිපාතමත්තං. සමණස්ස දදාමහන්ති අහං සමණස්ස අපූවං දදාමීති. යස්මා න මං සම්පුච්ඡිතුං ඉච්ඡි, තස්මා ත්වං වධු අවිනීතාසීති සස්සු පරිභාසීති යොජනා.
ඉතිස්සා මෙහි අස්ස යනු නිපාතයකි. සමණස්ස දදාමහං - මම ශ්රමණයන් වහන්සේට කැවුම් දෙන්නෙමි යනුවෙන් යම්හෙයකින් න මං සම්පුච්ඡිතුං ඉච්ඡති මගෙන් විමසීමට කැමති වීද යන්නයි. ඒ හේතුවෙන් ත්වං වධූ අවිනීතාති ගැහැණියේ, ඔබ අවිනීත වූයෙහි. සස්සුපරිභාසී - නැන්දනිය අපහාස කළාය යන තේරුමයි.
පහාසීති පහරි. කූටඞ්ගච්ඡි අවධි මන්ති එත්ථ කූටන්ති අංසකූටං වුත්තං පුරිමපදලොපෙන, කූටමෙව අඞ්ගන්ති කූටඞ්ගං, තං ඡින්දතීති කූටඞ්ගච්ඡි. එවං කොධාභිභූතා හුත්වා මං අවධි, මම අංසකූටං ඡින්දි, තෙනෙව උපක්කමෙන මතත්තා මං මාරෙසීති අත්ථො. තෙනාහ “නාසක්ඛිං ජීවිතුං චිර”න්ති.
පභාසී - පහර දුන්නාය. කූටංගච්ඡි අවිධිමං - මෙහි කූටං යන්නෙන් උරහිස කියන ලදී. අංස යනු පෙර පදය ලොප්වීමෙන් කූටං යි ඉතිරි වේ. කූටමෙව අංගං - උරහිස නම් අංගය යන විග්‍රහයෙන් කූටංගං යන පදය නිපදේ. එය කූටංගය සිඳ දමයි යන අර්ථයෙන් කූටංගං ඡින්දතිති කූටංගච්ඡි මෙසේ ක්‍රෝධයෙන් යටපත් වී මට පහර දුන්නාය. මගේ උරහිස බිඳ දැමුවාය. ඒ උපක්‍රමයෙන් මා මළ බැවින් මැරුවා යයි අදහස් කෙරේ. එහෙයින් නාසක්ඛිං ජීවිතුං - ජීවත් වන්නට නොහැකි වීමි යයි කීය.
විප්පමුත්තාති තතො දුක්ඛතො සුට්ඨු මුත්තා. සෙසං වුත්තනයමෙව.
විප්පමුත්තා - ඒ අතින් මනාව මිදුනා වෙමි. සෙස්ස කියන ලද පරිදිම වේ.
මෙසේ ඒ දෙව්දුව තමන් රැස්කරන ලද කර්මය කීවාය. එසේ කී කල්හි පිරිවර සහිත වූ දෙව්දුවට දහම් දෙසා එතැනින් පැමිණ භාග්‍යවතුන් වහන්සේට ඒ පුවත දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණ අර්ථෝත්පත්ති කොට මෙම ධර්ම දේශනාව පැවැත්වූ සේක. ඒ දේශනාව දෙවියන් සහිත ලෝකයාට වැඩදායී වූයේය.
උළාරවිමානවණ්ණනා නිට්ඨිතා.
උළාර විමාන වර්ණනාව නිමියේ ය.
2. උච්ඡුදායිකාවිමානවණ්ණනා
2. උච්ඡුදායිකා විමාන වර්ණනා
ඔභාසයිත්වා පථවිං සදෙවකන්ති උච්ඡුදායිකාවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරතීතිආදි සබ්බං අනන්තරවිමානෙ වුත්තසදිසං. අයං පන විසෙසො – ඉධ උච්ඡු දින්නා, සස්සුයා ච පීඨකෙන පහටා, තඞ්ඛණඤ්ඤෙව මතා තාවතිංසෙසු උප්පන්නා, තස්සංයෙව රත්තියං ථෙරස්ස උපට්ඨානං ආගතා, කෙවලකප්පං ගිජ්ඣකූටං චන්දො විය සූරියො විය ච ඔභාසෙන්තී ථෙරං වන්දිත්වා පඤ්ජලිකා නමස්සමානා එකමන්තං අට්ඨාසි. අථ නං ථෙරො –
ඔභාසයිත්වා පඨවි සදෙවකං යනුවෙන් දැක්වෙන කථාව උදායිකා විමාන වස්තුව වේ. එහි උත්පත්ති කථාව කවරේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වාසය කරන සේක යනාදී සියල්ල ආසන්න විමාන වස්තුවෙහි කියන ලද පරිද්දෙන් වේ. වෙනස නම් මෙයයි. මෙහිදී උක්ගසක් පූජා කරන ලදී. නැන්දනිය විසින් පුටුවකින් පහර දෙන ලද්දීය. ඒ පහරින්ම මරණයට පත්වූ ඕ තොමෝ තව්තිසා දෙව්ලෝ උපන්නාය. ඒ රාත්‍රියේම මුළු ගිජුකුළු පව්වම ආලෝකමත් කරමින් සඳු මෙන් ද හිරු මෙන් ද බබුළුවමින් මහතෙරුන් වහන්සේට උපස්ථානය පිණිස පැමිණ වැඳ බඳැදිලිව නමස්කාර කරමින් එකත්පස්ව හුන්නාය. එකල්හි තෙරුන් වහන්සේ ඇයට මෙසේ වදාළහ.
“ඔභාසයිත්වා පථවිං සදෙවකං, අතිරොචසි චන්දිමසූරියා විය; සිරියා ච වණ්ණෙන යසෙන තෙජසා, බ්‍රහ්මාව දෙවෙ තිදසෙ සහින්දකෙ.
දෙව්ලොව සහිත මහපොළව බබුළුවා බ්‍රහ්මයෝ ද, ඉන්දක සහිත වූ තිදස්පුර දෙවියෝ ද, ශ්‍රීයෙන් වර්ණයෙන් යසසින් හා තේජසින් යටපත්කොට, සඳ හිරු මෙන් බබළන්නෙහිය.
“පුච්ඡාමි තං උප්පලමාලධාරිනී, ආවෙළිනී කඤ්චනසන්නිභත්තචෙ; අලඞ්කතෙ උත්තමවත්ථධාරිනී, කා ත්වං සුභෙ දෙවතෙ වන්දසෙ මමං.
රත්තරන් වැනි සමකින් වැසුනු සිරුරක් ඇති අලංකාර වූ උතුම් වස්ත්‍ර දරා සිටින, මා වෙත වඳින්නා වූ සොඳුරු දේවතාවියනි, තී කවරෙක්දැයි පිළිවිසිමි.
“කිං ත්වං පුරෙ කම්මමකාසි අත්තනා, මනුස්සභූතා පුරිමාය ජාතියා; දානං සුචිණ්ණං අථ සීලසංයමං, කෙනූපපන්නා සුගතිං යසස්සිනී; දෙවතෙ පුච්ඡිතාචික්ඛ, කිස්ස කම්මස්සිදං ඵල”න්ති. –
පෙර භවයෙහි මිනිස් දුවක වූ ඔබ, පූර්වයෙහි දී කවර අන්දමේ කුසල කර්මයක් කළේද? යසසින් යුක්ත වූ දේවතාවියනි, මනාව පුහුණු කරන ලද දන් දීම ශීලයෙන් සංයමයට පත්වීම ආදී කවර හේතුවකින් සුගතියට පැමිණියෙහි ද? දේවතාවියනි, මා විසින් ප්‍රශ්න කරන ලද මෙය කවර නම් කුශල කර්මයක ඵලයක් දැයි කියන්න.
ඉමාහි ගාථාහි පුච්ඡි.
තත්ථ ඔභාසයිත්වා පථවිං සදෙවකන්ති චන්දිමසූරියරස්මිසම්මිස්සෙහි සිනෙරුපස්සවිනිග්ගතෙහි පභාවිසරෙහි විජ්ජොතයමානතාය දෙවෙන ආකාසෙන සහාති සදෙවකං උපගතභූමිභාගභූතං ඉමං පථවිං විජ්ජොතෙත්වා, එකොභාසං එකපජ්ජොතං කත්වාති අත්ථො. ඔභාසයිත්වා පථවිං චන්දිමසූරියා වියාති යොජනා. අතිරොචසීති අතික්කමිත්වා රොචසි. තං පන අතිරොචනං කෙන කිං විය කෙන වාති ආහ “සිරියා”තිආදි. තත්ථ සිරියාති සොභග්ගාදිසොභාවිසෙසෙන. තෙජසාති අත්තනො ආනුභාවෙන. ආවෙළිනීති රතනමයපුප්ඵාවෙළවතී.
එහි ඔභාසයිත්වා පඨවිං සදෙවකං යනු මහාමේරු පර්වතයේ එක් පසෙකින්, නික්මී ආලෝකය විහිදුවන්නා වූ චන්ද්‍ර සූර්ය දෙදෙනාගේ රශ්මීන් මිශ්‍ර වී බැබලීමෙන් ආකාශයේ දෙවියන් හා සහභාගයට ගියා වූ) යන අරුතින් සදෙවකං යි යෙදේ. ආලෝකය පැමිණි බිම් කොටසක් වූ පොළව බබුළුවා, එකම ආලෝකයක් එකම දීප්තියක් බවට පත්කොට යන අදහස වේ. අතිරොචයී අන් අය යටපත්කොට බබළන්නෙහිය. ඒ අධික බැබලීම කුමක් මෙන් කෙසේ සිදුවීද සිරියා යන ආදිකොට ඇති - ගාථා පදයෙන් කියවේ. සිරියා - සෞභාග්‍යය ආදී ශෝභා විශේෂයෙන්, තෙජසා තමාගේ ආනුභාවයෙන්, ආවෙළිනී - රනින් කළ මල්දම් පැළඳ ගත්,
එවං ථෙරෙන පුච්ඡිතා දෙවතා ඉමාහි ගාථාහි විස්සජ්ජෙසි –
මෙසේ තෙරුන් විසින් ප්‍රශ්න කරන ලදුව, දේවතා තොමෝ පහත සඳහන් පරිදි (ගාථාවලින්) පිළිතුරු දුන්නාය.
“ඉදානි භන්තෙ ඉමමෙව ගාමං, පිණ්ඩාය අම්හාකං ඝරං උපාගමි; තතො තෙ උච්ඡුස්ස අදාසි ඛණ්ඩිකං, පසන්නචිත්තා අතුලාය පීතියා.
ස්වාමීනි, පෙරදින ඔබවහන්සේ මේ ගමේම අපගේ නිවසට පිඬු පිණිස වැඩමවූයෙහිය. එහිදී ඔබවහන්සේට අසමාන ප්‍රීතියෙන් උක්දඬු කැබැල්ලක් දාන චේතනාවෙන් පූජා කළෙමි.
“සස්සු ච පච්ඡා අනුයුඤ්ජතෙ මමං, කහං නු උච්ඡුං වධුකෙ අවාකිරි; න ඡඩ්ඩිතං නො පන ඛාදිතං මයා, සන්තස්ස භික්ඛුස්ස සයං අදාසහං.
මගේ නැන්දනිය, පසුව මා අනුගමනය කරනු ඇතැයි මම සිතුවෙමි. යෙහෙළියනි, උක්ගස කොතැනක ඉවත දමන ලද්දයි ඈ මගෙන් ඇසුවාය. මා විසින් ඉවතලන ලද්දේ නොවේ. කන ලද්දේ ද නොවෙයි. ශාන්ත වූ භික්ෂූන් වහන්සේ නමකට පූජා කළෙමියි කීවෙමි.
“තුය්හං න්විදං ඉස්සරියං අථො මම, ඉතිස්සා සස්සු පරිභාසතෙ මමං; පීඨං ගහෙත්වා පහාරං අදාසි මෙ, තතො චුතා කාලකතාම්හි දෙවතා.
මේ දේපල ඔබේ මගේද, අසමින් නැන්දනිය මට නින්දා කළාය. පුටුවක් ගෙන මට පහර දුන්නාය. ඒ පහරින් මා කළුරියකොට එතැනින් මම චුත වී දෙව්ලොව දේවතාවිය වී උපන්නෙමි.
“තදෙව කම්මං කුසලං කතං මයා, සුඛඤ්ච කම්මං අනුභොමි අත්තනා; දෙවෙහි සද්ධිං පරිචාරයාමහං, මොදාමහං කාමගුණෙහි පඤ්චහි.
මා විසින් කරන ලද්දේ ඒ කුසල ඒ කුසල කර්මයයි. මම දැන් ඒ යහපත් කුශල කර්ම විපාකය විඳගනිමි. දෙවිවරුන් සමග සැප විඳිමි. පංචකාම ගුණයන්ගෙන් සුව විඳිමි. සතුටට පත් වේ.
“තදෙව කම්මං කුසලං කතං මයා, සුඛඤ්ච කම්මං අනුභොමි අත්තනා; දෙවින්දගුත්තා තිදසෙහි රක්ඛිතා, සමප්පිතා කාමගුණෙහි පඤ්චහි.
මා විසින් කරන ලද්දේ ඒ කුසල කර්මයම වේ. මම දැන් යහපත් වූ කර්ම විපාක විඳ ගනිමි. දෙව්රදුන් විසින් ආරක්ෂා කරනු ලැබ තිදස්පුර වාසීන් විසින් පිරිවරන ලැබ. පංචකාම ගුණයන්ගෙන් යුතුව වෙසෙමි.
“එතාදිසං පුඤ්ඤඵලං අනප්පකං, මහාවිපාකා මම උච්ඡුදක්ඛිණා; දෙවෙහි සද්ධිං පරිචාරයාමහං, මොදාමහං කාමගුණෙහි පඤ්චහි.
මම දෙවිවරුන් සමග සැප විඳීමි. පංචකාම ගුණයන්ගෙන් සතුටට පත්වීමි. මා විසින් දෙන ලද උක්දඬු දානයේ විපාකයෙන් ලැබුණු අනල්ප වූ පුණ්‍යඵලය මෙබඳු වේ.
“එතාදිසං පුඤ්ඤඵලං අනප්පකං, මහාජුතිකා මම උච්ඡුදක්ඛිණා; දෙවින්දගුත්තා තිදසෙහි රක්ඛිතා, සහස්සනෙත්තොරිව නන්දනෙ වනෙ.
දෙවිවරුන් විසින් ආරක්ෂා කරන ලදුව, තිදස්පුර වාසීන් විසින් පිරිවරන ලදුව නන්දන වනයෙහි ශක්‍රයා ලෙසින් වෙසෙමි. මා විසින් දෙන ලද උක්දඬු දානයෙන් ලැබුණු මහා තේජස් සම්පන්න වූ අනල්ප වූ පුණ්‍යඵලය මෙබඳු වේ.
“තුවඤ්ච භන්තෙ අනුකම්පකං විදුං, උපෙච්ච වන්දිං කුසලඤ්ච පුච්ඡිසං; තතො තෙ උච්ඡුස්ස අදාසි ඛණ්ඩිකං, පසන්නචිත්තා අතුලාය පීතියා”ති.
ස්වාමීනි, කාරුණික වූ ප්‍රඥාවන්ත වූ, ඔබවහන්සේ වෙත එළඹ වන්දනා කළෙමි. සුවදුක් ද විමසීමි. ඉන්පසු පැහැදුනු සිතින්ද ඉමහත් ප්‍රීතියෙන් ද, යුතුව ඔබවහන්සේට උක්දඬු කෑල්ලක් පිදුවෙමි.
තත්ථ ඉදානීති අනන්තරාතීතදිවසත්තා ආහ, අධුනාති අත්ථො. ඉමමෙව ගාමන්ති ඉමස්මිංයෙව ගාමෙ, රාජගහං සන්ධාය වදති. වුත්තඤ්හි “ගාමොපි නිගමොපි නගරම්පි ‘ගාමො’ ඉච්චෙව වුච්චතී”ති. භුම්මත්ථෙ චෙතං උපයොගවචනං. උපාගමීති උපගතො අහොසි. අතුලායාති අනුපමාය, අප්පමාණාය වා.
එහි ඉදානි ආසන්නව පෙර දිනය ඊයේ දිනය බැවින් මෙසේ කීය. දැන් යනු පදයේ අර්ථයයි. ඉමමෙව ගාමං මෙම ගමෙහිම රජගහනුවර සඳහා කියන ලදී. ගම ද නියම්ගම ද නගරය ද ගම යනුවෙන් හැඳින්වෙයි. කියන ලද්දේය. මෙය භූමිය යන අර්ථයෙහි ද යෙදේ. උපාගමී - පැමිණියේ මෙහි අතුලායා සමාන නොවන හෝ ප්‍රමාණ රහිත වූ.
අවාකිරීති අපනෙසි ඡඩ්ඩෙසි, විනාසෙසි වා. සන්තස්සාති සාධුරූපස්ස සන්තකිලෙසස්ස පරිස්සමමප්පත්තස්ස වා.
අවාකිරී ඉවත් කළේය. අත්හැර දැමීය. විනාශ කළේ යයි ද අදහස් වේ. සන්තස්ස මනා ස්වරූප ඇති, කෙලෙස් රහිත, සන්සිඳුන නැතහොත් වෙහෙසට පත් නොවූ යන අදහස හෝ වෙයි.
තුය්හං නූති නු-සද්දො අනත්තමනතාසූචනෙ නිපාතො, සො “මමා”ති එත්ථාපි ආනෙත්වා යොජෙතබ්බො “මම නූ”ති. ඉදං ඉස්සරියන්ති ගෙහෙ ආධිපච්චං සන්ධායාහ. තතො චුතාති තතො මනුස්සලොකතො චුතා. යස්මා ඨිතට්ඨානතො අපගතාපි “චුතා”ති වුච්චති, තස්මා චුතිං විසෙසෙතුං “කාලකතා”ති වුත්තං. කාලකතාපි ච න යත්ථ කත්ථචි නිබ්බත්තා, අපිච ඛො දෙවත්තං උපගතාති දස්සෙන්තී ආහ “අම්හි දෙවතා”ති.
තුය්හංනු ‘නු’ ශබ්දය නොසතුට බව දැක්වීමෙහි නිපාතයකි. එය මම යන තැනට ද පමුණුවා යෙදිය යුතුය. එවිට ‘මම’ නු යනුවෙන් සිටී. ඉදං ඉස්සරියං නිවසෙහි අධිපති බව සඳහා කීවාය. තතොචුතා යනු එම මිනිස් බවෙන් චුත වූවා, සිටියා වූ යම් තැනකින් ඉවත් වූවා යන අර්ථයි. ඒ නිසා චුතවීම විශේෂ කොට දැක්වීම පිණිස කාලකතා යයි කියන ලදී. කාලකතා කියන ලද්දේමය. කාලකතා යන්න ද යම් ඒ තැනක උපන්නා යයි නො හඟවයි. වැලිදු දිව්‍ය ආත්මයට පැමිණියා යයි දක්වමින් අම්හි දෙවතා යයි කීය.
තදෙව කම්මං කුසලං කතං මයාති තදෙව උච්ඡුඛණ්ඩදානමත්තං කුසලං කම්මං කතං මයා, අඤ්ඤං න ජානාමීති අත්ථො. සුඛඤ්ච කම්මන්ති සුඛඤ්ච කම්මඵලං. කම්මඵලඤ්හි ඉධ “කම්ම”න්ති වුත්තං උත්තරපදලොපෙන, කාරණොපචාරෙන වා “කුසලානං, භික්ඛවෙ, ධම්මානං සමාදානහෙතු එවමිදං පුඤ්ඤං පවඩ්ඪති (දී· නි· 3.80). අනුභොමි සකං පුඤ්ඤ”න්ති (වි· ව· 133) ච ආදීසු විය. කම්මන්ති වා කරණත්ථෙ උපයොගවචනං, කම්මෙනාති අත්ථො. කම්මෙ වා භවං කම්මං යථා කම්මන්ති. අථ වා කාමෙතබ්බතාය කම්මං. තඤ්හි සුඛරජනීයභාවතො කාමූපසංහිතං කාමෙතබ්බන්ති කමනීයං. අත්තනාති අත්තනා එව, සයංවසිතාය සෙරිභාවෙන සයමෙවාති අත්ථො. පරිචාරයාමහං අත්තානන්ති පුරිමගාථාය “අත්තනා”ති වුත්තං පදං විභත්තිවිපරිණාමෙන “අත්තාන”න්ති යොජෙතබ්බං.
තදෙව කම්මං කුසලං කතං මයා එම උක්දඬු කැදැල්ල පිදීම පමණක් වූ කුශල කර්මයයි මා විසින් කරන ලද්දේ අනෙක් කුසලයක් කළ බව නො දනිමි යන අදහස වේ. සුඛඤ්ච කම්මං යහපත් කර්ම ඵලය. කර්ම ඵලයම මෙහිදී කම්මං යයි කියන ලදී. උත්තර පද (අග පද) ලෝපයෙන් හෝ කරණෝපචාර නියමයෙන් හෙවත් හේතුව අනුව ඵලය අවබෝධ කරගැනීමේ න්‍යායයෙන්, මෙසේ වේ. මහණෙනි, කුසල ධර්මයන්ගේ සමාදාන හේතුවම පින් වැඩි කරයි. ‘කුසලානං භික්ඛවෙ ධම්මානං සමාදාන හේතු එවමිදං පුඤ්ඤං පවඩ්ඪ’ යන වැකිය ද ‘අනුභොමි සකං පුඤ්ඤං’ ස්වකීය වූ පින්පල විඳිමි යන වැකිය ද ආදී තන්හි මෙනි. සමහර තැනක ‘පුඤ්ඤ ඵලං’ වෙනුවට ‘පුඤ්ඤං’ යන්න පමණක් යෙදී ඇත. එහෙත් ඵලං යන පදයෙහි අර්ථය ද එතැන්හී පවතී. කම්මං මෙය කරණ විභක්ති අර්ථයෙහි උපයෝග වචනයකි. කම්මෙන කර්මය කරණ කොටගෙන යන අර්ථය වේ. එහි කම්මෙ වා භවං කම්මං යථා කම්මං ක්‍රියාවක් සිදුවීම ක්‍රියාවයි. එයම කර්මය වේ යනුවෙන් ද පද සිද්ධි විග්රහ වේ. තවද කැමති වියයුතු බැවින් යන අරුතින් ද කම්මං යයි පදය සෑදේ. එහි සුවයෙහි ඇලෙන බැවින් එක්රැස් කළ කාම වස්තූන් පිළිබඳව කැමති විය යුතුය යනුවෙන් කමනීය යන පදය සෑදේ. අත්තනා තමන් විසින්ම යන අදහසයි. එයට කැමතිවන බැවින් ද, තමා කැමති සේ පවතින බැවින් ද ‘තමාම’ යන අර්ථ ඇත්තේ වේ. පරිවාරයාමහං අත්තානං යන පෙර ගාථාවෙහි දී අත්තනා යයි කියන ලදී. එම පදය විබත් පෙරළි වශයෙන් අත්තානං යනුවෙන් යෙදිය යුතු වේ.
දෙවින්දගුත්තාති දෙවින්දෙන සක්කෙන ගුත්තා, දෙවින්දො විය වා ගුත්තා මහාපරිවාරතාය. සමප්පිතාති සුට්ඨු අප්පිතා සමන්නාගතා. මහාවිපාකාති විපුලඵලා. මහාජුතිකාති මහාතෙජා, මහානුභාවාති අත්ථො.
දෙවින්දගුත්තා දේවේන්ද්‍ර වූ ශක්‍රයා විසින් ආරක්ෂා කරන ලදී. මහ පිරිවරක් ඇති බැවින් සක්දෙව් රජු මෙන් ආරක්ෂා කරන ලද්දී යන අදහසයි. සමප්පිතා මනා ලෙස ආසන්න කරගැනීමෙන් යුක්ත වූ. මහා විපාකා මහත් ප්‍රතිඵල සහිත. මහා ජුතිකා මහත් තේජසක් ඇති, මහත් ආනුභාවයක් ඇති යන අර්ථයි.
තුවන්ති තං. අනුකම්පකන්ති කාරුණිකං. විදුන්ති සප්පඤ්ඤං, සාවකපාරමියා මත්ථකං පත්තන්ති අත්ථො. උපෙච්චාති උපගන්ත්වා. වන්දින්ති පඤ්චපතිට්ඨිතෙන අභිවාදයිං. කුසලඤ්ච ආරොග්‍ය පුච්ඡිසං අපුච්ඡිං, අතුලාය පීතියා ඉදඤ්ච කුසලං අනුස්සරාමීති අධිප්පායො. සෙසං හෙට්ඨා වුත්තනයමෙව.
තුවං ඔබ අනුකම්පකං කරුණාවන්ත වූ. විදුං ප්‍රඥාවන්ත ශ්‍රාවක පාරමිතාවන්හි මුදුන් පැමිණි යන අර්ථයි. උපෙච්ච පැමිණ. වන්දිං පසඟ පිහිටුවා වැන්දෙමි. කුසලඤ්ච නිරොගි බව සුවදුක්. පුච්ඡිස්සං විමසූවෙමි. අතුලාය පීතියා මෙය කුසල් සිහි කරමි යන අදහසයි. සෙස්ස පෙර කියන ලද පිළිවෙල අනුවම වේ.
උච්ඡුදායිකාවිමානවණ්ණනා නිට්ඨිතා.
උච්ඡුදායිකා විමාන වර්ණනාව නිමියේ ය.
3. පල්ලඞ්කවිමානවණ්ණනා
3. පල්ලඞ්කවිමාන වර්ණනා
පල්ලඞ්කසෙට්ඨෙ මණිසොණ්ණචිත්තෙති පල්ලඞ්කවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන ච සමයෙන සාවත්ථියං අඤ්ඤතරස්ස උපාසකස්ස ධීතා කුලපදෙසාදිනා සදිසස්ස තත්ථෙව අඤ්ඤතරස්ස කුලපුත්තස්ස දින්නා, සා ච හොති අක්කොධනා සීලාචාරසම්පන්නා පතිදෙවතා සමාදින්නපඤ්චසීලා, උපොසථෙ සක්කච්චං උපොසථසීලානි ච රක්ඛති. සා අපරභාගෙ කාලං කත්වා තාවතිංසෙසු උප්පජ්ජි. තං ආයස්මා මහාමොග්ගල්ලානත්ථෙරො හෙට්ඨා වුත්තනයෙනෙව ගන්ත්වා –
පල්ලංක සෙට්ඨෙ මණිසොණ්ණ චිත්තෙ පල්ලංක විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයේ වැඩවාසය කරන සේක. එසමයෙහි සැවැත්නුවර එක්තරා උපාසක කෙනෙකුගේ දුවක් කුල ප්රදේශාදියෙන් සමාන වූ ඒ ගම එක්තරා කුල පුත්‍රයකුට විවාහ කර දෙන ලද්දීය. ඕ තොමෝ වනාහි ක්‍රෝධ නො කරන්නා වූ ශීලාචාර සම්පන්න වූ සැමියා දෙවියකු ලෙස සලකන්නා වූ, පන්සිල් සමාදන්ව රකින්නා වූ තැනැත්තියක වූවාය. පොහෝ දිනයෙහි මනාකොට පෙහෙවස් සිල් රකින්නීය. ඇය පසුකලෙක කළුරියකොට තව්තිසාවෙහි උපන්නීය. ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් වහන්සේ යට කියන ලද පරිදිම දිව්‍යලෝක චාරිකාවේ සැරිසරණ සේක් ඇය දැක ඇයගෙන් මෙසේ විචාළේය.
“පල්ලඞ්කසෙට්ඨෙ මණිසොණ්ණචිත්තෙ, පුප්ඵාභිකිණ්ණෙ සයනෙ උළාරෙ; තත්ථච්ඡසි දෙවි මහානුභාවෙ, උච්චාවචා ඉද්ධි විකුබ්බමානා.
පල්ලංක සෙට්ඨෙ මණි සොණ්ණ චිත්තෙ පුප්ඵාභි කිණ්ණෙ සයනෙ උළාරෙ තත්ථච්ඡසී දෙවි මහානුභාවෙ උච්චාවචා ඉද්ධි විකුබ්බමානා
“ඉමා ච තෙ අච්ඡරායො සමන්තතො, නච්චන්ති ගායන්ති පමොදයන්ති; දෙවිද්ධිපත්තාසි මහානුභාවෙ, මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති. –
ඉමාච තෙ අච්ඡරායො සමන්ත තෙ නච්චන්ති ගායන්ති පමොදයන්ති දෙවිද්ධිපත්තාසි මහානුභාව මනුස්සභුතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානු භාවං වණ්ණොච තෙ සබ්බදිසා පභාසති
මහානුභාව සම්පන්න දේවතාවියනි, ඔබගේ නොයෙක් විචිත්‍ර චිත්‍ර කර්මාන්තයෙන් නොයෙක් රැස් විහිදෙමින් පවත්නා වූ උදාරතර වූ පර්යංකය මැණික්වලින් හා රන්වලින් විසිතුරු කරන ලද්දේය. මල් අතුරන ලද අගනා එම සයනයෙහි සිටින බව මහත් වූ සෘද්ධි බලයක් දක්වමින් සිටින්නීය.
ඔබගේ පිරිවර වූ අප්සරාවෝ හාත්පසින් නටමින් ගයමින් වයමින් ප්රමෝදයට පත් කරත්. ඔබේ ශරීර වර්ණයද සියලු දිසාවන් බබුළුවයි. සෘද්ධිමත් වූ මහානුභාව සම්පන්න වූ දේවතාවිය, ඔබ මිනිස් දුවකව සිටි කාලයේ කුමන පින්කමක් කොට මෙම සම්පත්වලට හිමිකාරියක් වූයේද?
ගාථාහි පුච්ඡි.
සාපිස්ස ඉමාහි ගාථාහි බ්යාකාසි –
මුගලන් හිමියන් විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ශ්‍රී තොමෝ ද ගාථාවලින් පිළිතුරු දුන්නාය.
“අහං මනුස්සෙසු මනුස්සභූතා, අඩ්ඪෙ කුලෙ සුණිසා අහොසිං; අක්කොධනා භත්තු වසානුවත්තිනී, උපොසථෙ අප්පමත්තා අහොසිං.
මම මිනිස් ලොවදී මිනිස් දුවක වූවා ධනවත් කුලගෙයක ලේලියක වීමි. ක්‍රෝධ නොකරන්නා වූ ස්වාමියාගේ අදහස් අනුව වාසය කළා වූ, පෙහෙවස් රැකීමෙහි අප්රමාදී වූ තැනැත්තියක් වීමි.
“මනුස්සභූතා දහරා අපාපිකා, පසන්නචිත්තා පතිමාභිරාධයිං; දිවා ච රත්තො ච මනාපචාරිනී, අහං පුරෙ සීලවතී අහොසිං.
මම පෙර භවයෙහි මිනිස් දුවක් වූයෙමි. පව් නො කරන කාරුණික අයෙකු වූයෙමි. ප්‍රසන්න සිත් ඇතිව සැමියා සතුටු වන සේ වාසය කළෙමි. දිවා රාත්‍රී ප්‍රිය උපදවන ලෙස හැසිරෙමින් සිල්වත් තැනැත්තියක වූයෙමි.
“පාණාතිපාතා විරතා අචොරිකා, සංසුද්ධකායා සුචිබ්රහ්මචාරිනී; අමජ්ජපා නො ච මුසා අභාණිං, සික්ඛාපදෙසු පරිපූරකාරිනී.
මම පෙර භවයෙහි ප්‍රාණඝාතයෙන් තොරව, සොරකමින් තොරව පිරිසිදු කාය කර්මයෙන් යුතුව සැමියා හැරුණුවිට බ්රහ්මචාරීව, මත්පැනින් වෙන්ව, මුසාබස් නොකියමින්, ශික්ෂා පදයන් සම්පූර්ණ කරන්නියක් වීමි.
“චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී; පාටිහාරියපක්ඛඤ්ච, පසන්නමානසා අහං.
මම පෙර භවයෙහි පැහැදුනු සිත් ඇතිව අවපසෙහි ද පෙර පසෙහිද, අටවක තුදුස්වක පසළොස්වක දිනයන්හි අෂ්ටාංග ශීල ධර්මයන්හි හැසිරෙමින් ප්‍රීතියෙන් යුතුව පෙහෙවස් සමාදන්ව වාසය කළෙමි.
“අට්ඨඞ්ගුපෙතං අනුධම්මචාරිනී, උපොසථං පීතිමනා උපාවසිං; ඉමඤ්ච අරියං අට්ඨඞ්ගවරෙහුපෙතං, සමාදියිත්වා කුසලං සුඛුද්රයං; පතිම්හි කල්‍යාණී වසානුවත්තිනී, අහොසිං පුබ්බෙ සුගතස්ස සාවිකා.
සුව ගෙන දෙන්නා වූ ආර්යමය අෂ්ටාංගයෙන් යුක්ත වූ කුසල් සමාදන් වී ස්වමියා කෙරෙහිද යටහත්ව, පැවතෙමින් පෙර භවයේ දී සුගතයන් වහන්සේගේ උපාසිකාවක් වීමි.
“එතාදිසං කුසලං ජීවලොකෙ, කම්මං කරිත්වාන විසෙසභාගිනී; කායස්ස භෙදා අභිසම්පරායං, දෙවිද්ධිපත්තා සුගතිම්හි ආගතා.
මම පෙර භවයෙහි ජීවත් වූ ලෝකයේ දී මෙබඳු කුසල කර්මයන් සිදුකොට මරණින් පසුව විශේෂ දිව්‍ය සම්පත්තියක් ලබාගෙන සුගතියට පැමිණ ඍද්ධිමත් දෙවඟනක් බවට පත්වීමි.
“විමානපාසාදවරෙ මනොරමෙ, පරිවාරිතා අච්ඡරාසඞ්ගණෙන; සයංපභා දෙවගණා රමෙන්ති මං, දීඝායුකිං දෙවවිමානමාගත”න්ති.
මනරම් වූ උතුම් වූ විමාන ප්‍රාසාදයෙහි අප්සරාවන් සමූහයා විසින් පිරිවරන ලදුව, වාසය කරමි. ස්වකීය ප්‍රභාවයෙන් බබළන එම දිව්‍ය අප්සරාවන් සමූහය දීර්ඝායු සහිත වූ දිව්‍ය විමානයට පැමිණ වූ මා ප්‍රීතියට පත්කරත්.
තත්ථ පල්ලඞ්කසෙට්ඨෙති පල්ලඞ්කවරෙ උත්තමපල්ලඞ්කෙ. තංයෙවස්ස සෙට්ඨතං දස්සෙතුං “මණිසොණ්ණචිත්තෙ”ති වුත්තං, විවිධරතනරංසිජාලසමුජ්ජලෙහි මණීහි චෙව සුවණ්ණෙන ච විචිත්තෙ “තත්ථා”ති “සයනෙ”ති ච වුත්තෙ සයිතබ්බට්ඨානභූතෙ පල්ලඞ්කසෙට්ඨෙ.
එහි පල්ලංක සෙට්ඨෙ උතුම් වූ ආසනයෙහි, එහි උතුම් බව දැක්වීම සඳහා මණි සොණ්ණ චිත්තෙ යන්න කියන ලදී. විවිධ රත්නයන්ගේ රශ්මි සමූහයෙන් බබළන මැණික්වලින් ද, රත්රනින් විසිතුරු වූ යන අර්ථයි. තත්ථ යනුවෙන් ද, සය නො යනුවෙන් ද කියන ලද සයනය කළ හැකි තැනක් වූ උතුම් පර්යංකයේ දී
තෙති තුය්හං සමන්තතො. “පමොදයන්තී”ති පදං පන අපෙක්ඛිත්වා “ත”න්ති විභත්ති විපරිණාමෙතබ්බා. පමොදයන්තීති වා පමොදනං කරොන්ති, පමොදනං තුය්හං උප්පාදෙන්තීති අත්ථො.
තෙ ඔබගේ, නොහොත් ඔබට සමන්තතො පමොදයන්ති යන පද අපේක්ෂා කොට ඊට පෙර කී තෙ යන පදය තං යනුවෙන් විභක්ති වෙනස්කොට දැක්විය යුතු වේ. පමොදයන්ති යනුවෙන් හෝ පමොදං කරොන්ති යනුවෙන් එම පද යෙදිය හැකිය. ඔබට ප්‍රීතිය උපදවත් යන අර්ථයයි.
දහරා අපාපිකාති දහරාපි අපාපිකා. “දහරාසු පාපිකා”ති වා පාඨො, සොයෙවත්ථො. “දහරස්සාපාපිකා”තිපි පඨන්ති, දහරස්ස සාමිකස්ස අපාපිකා, සක්කච්චං උපට්ඨානෙන අනතිචරියාය ච භද්දිකාති අත්ථො. තෙන වුත්තං “පසන්නචිත්තා”තිආදි. අභිරාධයින්ති ආරාධෙසිං. රත්තොති රත්තියං.
දහරාස පාපිකා යනු කාරුණික වූයෙමි. ‘දහරාසු ආපිකා’ යනුවෙන් ද පාඨයක් වේ. (පෙර කියූ අර්ථයමය.) දහරස්ස පාපිකා යනුවෙන් ද සමහරු කියති. තරුණ ස්ත්‍රිය ස්වාමියා වෙනුවෙන් පවින් තොරව ජීවත් වීමය. උපස්ථාන කිරීමෙන් ද, සැමියා ඉක්මවා නො හැසිරීමෙන් ද යහපත් තැනැත්තියක්ය යන අර්ථයි. ඒ නිසා පසන්න චිත්තා යයි කියන ලදී. අභිරාධයිං සතුටට පත් කළෙමි. රත්තො රාත්‍රියෙහි
අචොරිකාති චොරියරහිතා, අදින්නාදානා පටිවිරතාති අත්ථො. “විරතා ච චොරියා”තිපි පාඨො, ථෙය්යතො ච විරතාති අත්ථො . සංසුද්ධකායාති පරිසුද්ධකායකම්මන්තතාය සම්මදෙව සුද්ධකායා, තතො එව සුචිබ්රහ්මචාරිනී සාමිකතො අඤ්ඤත්ථ අබ්රහ්මචරියාසම්භවතො. තථා හි වුත්තං –
අචොරිකා - සොරකම් නැති, නොදුන් දෙය ගැනීමෙන් වෙන් වූ තොර වූ යන අර්ථයි. විරතාච චොරියා යනුවෙන් ද පාඨයක් එයි. සොරකමින් ද තොර වූ යන අරුත්ය. සංසුද්ධකායා - පිරිසිදු කාය කර්මයන්ගෙන්, මනාව පිරිසිදු චරිතයක් කයක් ඇති තැනැත්තිය. එහෙයින්ම - සුචී බ්‍රහ්මචාරිණී යයි කියන ලදී. සැමියා හැරුණු විට බ්රහ්මචාරීව හැසිරුණු බැවින් එසේ කියන ලදී. එනිසාම
“මයඤ්ච භරියා නාතික්කමාම, අම්හෙපි භරියා නාතික්කමන්ති; අඤ්ඤත්ර තාහි බ්රහ්මචරියං චරාම, තස්මා හි අම්හං දහරා නි මිය්යරෙ”ති. (ජා· 1.10.97);
මයඤ්ච භරියා නාතික්ක මාම අම්හෙපි භරියා නාතික්කමන්ති අඤ්ඤත්ර තාහි බ්රහ්මචරියං චරාම තස්මාහි අම්හං දහරා නමීයරෙ
අථ වා සුචිබ්රහ්මචාරිනීති සුචිනො සුද්ධස්ස බ්රහ්මස්ස සෙට්ඨස්ස උපොසථසීලස්ස, මග්ගබ්රහ්මචරියස්ස වා අනුරූපස්ස පුබ්බභාගබ්රහ්මචරියස්ස වසෙන සුචිබ්රහ්මචාරිනී.
තවද සුචිබ්රහ්මචාරිණී යනු පිරිසිදු වූ ශුද්ධ වු බ්‍රහ්මචරියාවෙන් උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ උපෝසථ සීලයට හෝ මාර්ග බ්‍රහ්මචරියාවට හෝ අනුරූප වූ පූර්වභාග බ්රහ්මචරියා වශයෙන් යන අදහසින් ද සුචි බ්‍රහ්මචාරිණි යයි යෙදේ.
අනුධම්මචාරිනීති අරියානං ධම්මස්ස අනුධම්මං චරණසීලා. ඉමඤ්ච අනන්තරං වුත්තං නිද්දොසතාය අරියං, අට්ඨඞ්ගවරෙහි අට්ඨහි උත්තමඞ්ගෙහි අරියත්තා එව වා අරියට්ඨඞ්ගවරෙහි උපෙතං ආරොග්‍යට්ඨෙන අනවජ්ජට්ඨෙන ච කුසලං සුඛවිපාකතාය සුඛානිසංසතාය ච සුඛුද්රයං උපාවසින්ති යොජනා.
අනුධම්ම චාරිණි ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ අනුශික්ෂාවලට ද අනුව හැසිරෙන ස්වභාවය ඉමඤ්ච - අනතුරුව කියන ලද කරුණ නිදොස් බැවින් අරියං ය කියනු ලැබේ. අට්ඨංගවරෙහි උත්තම වූ අංග අටෙන් යන අදහසයි. ආර්යභාවයෙන් මෙන්ම උත්තම වූ ආර්ය අෂ්ටාංගයන්ගෙන් උපෙතං යුක්ත වූයේ, වෙයි. නිරෝගී බව යන අර්ථයෙන් හෝ නිවැරදි බව යන අර්ථයෙන් කුසලං යි යෙදේ. සැප විපාක ඇති බැවින් ද, යහපත් අනුසස් ඇති බැවින් ද, සුඛුද්රයං උපාවිසි යි යෙදේ.
විසෙසභාගිනීති විසෙසස්ස දිබ්බස්ස සම්පත්තිභවස්ස භාගිනී. සුගතිම්හි ආගතාති සුගතිං ආගතා උපගතා, සුගතිම්හි වා සුගතියං දිබ්බසම්පත්තියං ආගතා. “සුගතිඤ්හි ආගතා”තිපි පාඨො. තත්ථ හීති නිපාතමත්තං, හෙතුඅත්ථො වා, යස්මා සුගතිං ආගතා, තස්මා විසෙසභාගිනීති යොජනා.
විසෙස භාගිනී විශේෂ වූ දිව්‍ය සම්පත්තියට හිමිකාරියක් වූවා. සුගතිම්හි ආගතා සුගතියට පැමිණි, එහි නියුතු වූ යන අදහස් සුගතියෙහි හෝ සුගතියට හෝ සුගති වූ දිව්‍ය සම්පත්තියට පැමිණි සුගතිංහිවා ආගතා යනුවෙන් ද පාඨයක් වේ. එහි ‘හි’ යනු නිපාතයකි. එය හේතු අර්ථය සඳහා යෙදේ. යම් හෙයකින් ඇය සුගතියට පැමිණියාද, එහෙයින් විසෙස භාගිනී නම් වේ.
විමානපාසාදවරෙති විමානෙසු උත්තමපාසාදෙ, විමානසඞ්ඛාතෙ වා අග්ගපාසාදෙ, විමානෙ වා විගතමානෙ අප්පමාණෙ මහන්තෙ වරපාසාදෙ පරිවාරිතා අච්ඡරාසඞ්ගණෙන සයංපභා පමොදාමි, “අම්හී”ති වා පදං ආනෙත්වා යොජෙතබ්බං. දීඝායුකින්ති හෙට්ඨිමෙහි දෙවෙහි දීඝතරායුකතාය තත්රූපපන්නෙහි අනප්පායුකතාය ච දීඝායුකිං මං යථාවුත්තං දෙවවිමානමාගතං උපගතං දෙවගණා රමෙන්තීති යොජනා. සෙසං වුත්තනයමෙව.
විමානපාසාද චරෙ විමානයන්හි උතුම් ප්‍රාසාදයක විමාන නමින් හැඳින්වෙන උතුම් ප්‍රාසාදයෙක විමානයෙහි නොහොත් මැනිය නොහැකි අප්‍රමාණ වූ විශාල ප්‍රාසාදයක පරිවාරිතා අච්ඡරා සංගණෙන සයංපභා - ප්‍රීතිමත් වෙමි. අම්හි යන පදය මෙහි යෙදිය යුතුයි. දීඝායුතිං පහළ දිව්‍ය ලෝකයන්හි වෙසෙන දෙවිවරුන්ට වඩා දිග ආයු කාලයක් මෙම දෙවිවරුන්ට ඇති බැවින් ද, මෙහි උපන්නවුන් බොහෝ වූ ආයුෂ ප්‍රමාණයක් භුක්ති විඳින බැවින් ද දීඝායුතිං කියන ලදී. මට මෙය පෙර කියන ලද පරිදි වේ. දෙව විමාන මාගතං පැමිණියා වූ. දෙවගණා රමෙන්ති යනුවෙන් ද යෙදිය හැකි වේ. සෙස්ස කියන ලද පිළිවෙළ අනුවම වේ.
පල්ලඞ්කවිමානවණ්ණනා නිට්ඨිතා.
පල්ලංක විමාන වර්ණනාව නිමියේය.