4. ලතාවිමානවණ්ණනා අට්ඨකථා
4. ලතාවිමානවණ්ණනා
4. ලතාවිමාන වර්ණනා
ලතා ච සජ්ජා පවරා ච දෙවතාති ලතාවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන ච සමයෙන සාවත්ථිවාසිනො අඤ්ඤතරස්ස උපාසකස්ස ධීතා ලතා නාම පණ්ඩිතා බ්යත්තා මෙධාවිනී පතිකුලං ගතා භත්තු සස්සුසසුරානඤ්ච මනාපචාරිනී පියවාදිනී පරිජනස්ස සඞ්ගහකුසලා ගෙහෙ කුටුම්බභාරස්ස නිත්ථරණසමත්ථා අක්කොධනා සීලාචාරසම්පන්නා දානසංවිභාගරතා අඛණ්ඩපඤ්චසීලා උපොසථරක්ඛණෙ ච අප්පමත්තා අහොසි. සා අපරභාගෙ කාලං කත්වා වෙස්සවණස්ස මහාරාජස්ස ධීතා හුත්වා නිබ්බත්ති ලතාත්වෙව නාමෙන. අඤ්ඤාපි තස්සා සජ්ජා, පවරා, අච්චිමතී, සුතාති චතස්සො භගිනියො අහෙසුං. තා පඤ්චපි සක්කෙන දෙවරාජෙන ආනෙත්වා නාටකිත්ථිභාවෙන පරිචාරිකට්ඨානෙ ඨපිතා. ලතා පනස්ස නච්චගීතාදීසු ඡෙකතාය ඉට්ඨතරා අහොසි.
ලතාච සජ්ජා පවරා ච දෙවතා යනුවෙන් ලතා විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙති. එසමයෙහි සැවැත් නුවර වැසි එක්තරා උපාසකයකුට පණ්ඩිත වූ ව්‍යක්ත වූ ඥානවන්ත වූ, ලතා නමින් දුවක් වූවාය. විවාහ වී ස්වාමියාගේ නිවසට ගිය ඇය සැමියාට ද නැදිමයිලන්ට ද මනාප ලෙස හැසිරෙමින් ප්‍රිය තෙපුල් ඇතිව, අතවැසියනට ද මනාව සංග්‍රහ කරමින් නිවසෙහි පවුල්බර දැරීමට සමත්කම් දක්වමින් ක්‍රෝධයෙන් තොරව ශීලාචාරව, දන්දීමෙහි ඇලෙමින් කඩ නොකොට පන්සිල් රකිමින් පොහොයට පෙහෙවස් රකිමින් අප්‍රමාදීව වාසය කළාය. ඕ තොමෝ පසුකලෙක කලුරියකොට වෛශ්‍රවණ මහරජුට දුවක් වී උපන්නාය. එහිදී ද ඇගේ නම ‘ලතා’ ම විය. ඇයට සජ්ජාය, සවණාය, අච්චිමතිය, සුතා යනුවෙන් සොහොයුරියන් සතර දෙනෙක් ද වූහ. සක්දෙව් රජු මේ පස්දෙනාව ගෙන්වාගෙන නාටිකාංගනාවන් වසයෙන් පරිචාරිකා භාවයෙහි පිහිටුවන ලදහ. ලතා නම් දෙවඟන වනාහි නැටුම් ගැයුම් ආදියෙහි දක්වන දක්ෂතා නිසා ඇය සක්දෙවිගේ සිතට වඩාත් ප්‍රිය වූවාය.
තාසං එකතො සමාගන්ත්වා සුඛනිසජ්ජාය නිසින්නානං සඞ්ගීතනෙපුඤ්ඤං පටිච්ච විවාදො උප්පන්නො. තා සබ්බාපි වෙස්සවණස්ස මහාරාජස්ස සන්තිකං ගන්ත්වා පුච්ඡිංසු “තාත, කතමා අම්හාකං නච්චාදීසු කුසලා”ති? සො එවමාහ “ගච්ඡථ ධීතරො අනොතත්තදහතීරෙ දෙවසමාගමෙ සඞ්ගීතං පවත්තෙථ, තත්ථ වො විසෙසො පාකටො භවිස්සතී”ති. තා තථා අකංසු. තත්ථ දෙවපුත්තා ලතාය නච්චමානාය අත්තනො සභාවෙන ඨාතුං නාසක්ඛිංසු, සඤ්ජාතපහාසා අච්ඡරියබ්භුතචිත්තජාතා නිරන්තරං සාධුකාරං දෙන්තා උක්කුට්ඨිසද්දෙ චෙලුක්ඛෙපෙ ච පවත්තෙන්තා හිමවන්තං කම්පයමානා විය මහන්තං කොලාහලමකංසු. ඉතරාසු පන නච්චන්තීසු සිසිරකාලෙ කොකිලා විය තුණ්හීභූතා නිසීදිංසු. එවං තත්ථ සඞ්ගීතෙ ලතාය විසෙසො පාකටො අහොසි.
එකට එකතු වී සුවපහසු ඇතිව උන්නා වූ ඒ දිව්‍ය දුහිතෲන් අතර සංගීත නිපුණතාවය අරභයා විවාදයක් හටගත්තේය. ඔව්හු සියල්ලෝම වෛශ්‍රවණ රජු වෙත ගොස් පියාණනි, අප අතරින් කවර තැනැත්තියක් නැටුම් ආදියෙහි දක්ෂදැයි විමසූහ. යන්න දූවරුනි, අනෝතත්ත විල්තෙර දේව සමාගමයේ දී සංගීතය පවත්වන්න. එහිදී ඔබගේ විශේෂත්වය ප්‍රකට වන්නේ ය යනුවෙන් කීය. ඒ දියණිවරු ද එසේ කළහ. ලතා නටන කල්හි තමන්ගේ ප්‍රකෘති ස්වභාවයෙන් සිටීමට ඒ දිව්‍යපුත්‍රයෝ අසමත් වූහ. හටගත් මහත් ප්‍රීතිය ඇතිවී ආශ්චර්ය අද්භූත සිත් ඇති වී, නිරතුරුව සාදුකාර දෙන්නා වූ, වෙරළ ඉක්මවා යන මුහුදෙහි හඬ මෙන් විශාල ලෙස පැතිරෙන ශබ්ද පවත්වන්නා වූ එම දිව්‍ය පුත්‍රයෝ හිමාලය කම්පා කරන්නාක් මෙන් මහත් සේ හඬ නැගුහ. අනෙක් දෙවඟනන් නටන කල්හි සිසිර ඍතුවෙහි කොවුලන් මෙන් නිහඬව සිටියහ. මෙසේ එහි සංගීතයේ දී ලතා දෙවඟනගේ විශිෂ්ටත්වය ප්‍රකට විය.
අථ තාසං දෙවධීතානං සුතාය දෙවධීතාය එතදහොසි “කිං නු ඛො කම්මං කත්වා අයං ලතා අම්හෙ අභිභුය්ය තිට්ඨති වණ්ණෙන චෙව යසසා ච, යංනූනාහං ලතාය කතකම්මං පුච්ඡෙය්ය”න්ති. සා තං පුච්ඡි. ඉතරාපි තස්සා එතමත්ථං විස්සජ්ජෙසි. තයිදං සබ්බං වෙස්සවණමහාරාජා දෙවචාරිකවසෙන උපගතස්ස ආයස්මතො මහාමොග්ගල්ලානස්ස ආචික්ඛි. ථෙරො තමත්ථං පුච්ඡාය මූලකාරණතො පට්ඨාය භගවතො ආරොචෙන්තො –
ඉක්බිති එම දේව දුහිතෲන් අතරින් ‘සුතා’ නම් දෙව්දුවට මෙසේ අදහසක් උපනි. කවරනම් කර්මයක් කොට මේ ලතා නමැත්තිය වර්ණයෙන් ද යසසින් ද, අප අභිභවා සිටින්නීද, ලතා විසින් කරන ලද කර්මය මා විසින් විමසන්නේ නම් සුදුසු වේ. මෙසේ සිතා ඕ තොමෝ ඇගෙන් විචාළාය. ඇය (ලතා ද) ඕ හට (සුතා දෙව්දුවට) ඒ කර්මය පැහැදිළි කර දුන්නාය. වෙසවුණු මහරජ තෙමේ ඒ මේ කරුණු සියල්ල දේවචාරිකා වශයෙන් එහි පැමිණි මහ මුගලන් තෙරුන් වහන්සේට කීවේය. තෙරුන් වහන්සේ ඒ කරුණු අසා දැන මුලසිටම භාග්‍යවතුන් වහන්සේට සැළකර සිටියේය.
“ලතා ච සජ්ජා පවරා ච දෙවතා, අච්චිමතී රාජවරස්ස සිරීමතො; සුතා ච රඤ්ඤො වෙස්සවණස්ස ධීතා, රාජීමතී ධම්මගුණෙහි සොභථ.
වෛශ්‍රවණ හෙවත් වෙසවුණු රජුට ලතා, සජ්ජා පවරා, අච්චිමුඛී, සුතා යන නම්වලින් යුතු දූවරු පස්දෙනෙක් ඇත්තාහ. ඈලා සක්දෙව් රජුගේ පරිචාරිකා දෙවඟනෝ වෙති. ඔව්හු ස්වභාවයෙන්ම පිහිටි ගුණ සේම ශෝභමාන ද වන්නාහුය.
“පඤ්චෙත්ථ නාරියො ආගමංසු න්හායිතුං, සීතොදකං උප්පලිනිං සිවං නදිං; තා තත්ථ න්හායිත්වා රමෙත්වා දෙවතා, නච්චිත්වා ගායිත්වා සුතා ලතං බ්රවි.
මෙම දිව්‍ය ස්ත්‍රීහු පස්දෙන සිසිල් දිය ඇති මහනෙල් මලින් යුත් රමණීය වූ නදියට දිය නෑම සඳහා ගියහ. ඒ දෙවඟනෝ එහි ජලස්නානය කළහ. ප්‍රීතිමත් වූහ. නැටූහ - ගැයූහ. එහි දී සුතා නම් දෙවඟන ලතා දෙවඟනට මෙසේ කීවාය.
“පුච්ඡාමි තං උප්පලමාලධාරිනි, ආවෙළිනි කඤ්චනසන්නිභත්තචෙ; තිමිරතම්බක්ඛි නභෙව සොභනෙ, දීඝායුකී කෙන කතො යසො තව.
උපුල් මල් සහිත මල්දම් පැළඳ සිටින්නා වූ, රන්වන් සිරුරක් ඇත්තා වූ මිදෙල්ල මල්වල රොන්වල නොහොත් නිලුපුල් මල් රොන් පැහැයෙන් ඇස් ඇති, අහස මෙන් හොබනා වූ දීර්ඝායු සහිත නොහොත් හොඳ සෞඛ්‍යයෙන් යුත් සොයුරියේ ඔබගෙන් මෙසේ විමසමි. ඔබගේ යසස කුමන පින්කමක් කිරීමෙන් ලැබුණේද? සිදුවූයේද?
“කෙනාසි භද්දෙ පතිනො පියතරා, විසිට්ඨකල්යාණිතරස්සු රූපතො; පදක්ඛිණා නච්චනගීතවාදිතෙ, ආචික්ඛ නො ත්වං නරනාරිපුච්ඡිතා”ති. –
සුන්දරිය, ඔබ ස්වාමියාට වඩා ප්‍රිය වූයේත්, රූපයෙන් විශිෂ්ට වූ වඩාත් සුන්දර තැනැත්තියක් වූයේත්, නැටුම් ගැයුම් වැයුම්හි දක්ෂ තැනැත්තියක් වූයේත්, කවර හේතුවක් නිසාද යන කරුණ දෙව්ලොව ස්ත්‍රී පුරුෂයෝ විමසන්නාහ. අපට පහදා දෙන්න. ලතාගෙන් පුතා මෙසේ ඇසුවාය.
සුතාය පුච්ඡා.
ලතා මෙසේ පිළිතුරු දේ.
“අහං මනුස්සෙසු මනුස්සභූතා, උළාරභොගෙ කුලෙ සුණිසා අහොසිං; අක්කොධනා භත්තු වසානුවත්තිනී, උපොසථෙ අප්පමත්තා අහොසිං.
මම මිනිස් ලොව මිනිස් දුවක් වූවෙමි. උදාර සම්පත් ඇති කුලගෙයක ලේලියක් වීමි. එහි දී මම ක්‍රෝධ නො කරන්නා වූ, ස්වාමියාගේ කැමැත්ත අනුව වාසය කරන්නා වූ, පෙහෙවස් සමාදන් වීම් ආදී කුසල කර්මයන් විසයෙහි අප්රමාදී වූවෙමි.
“මනුස්සභූතා දහරා අපාපිකා, පසන්නචිත්තා පතිමාභිරාධයිං; සදෙවරං සස්සසුරං සදාසකං, අභිරාධයිං තම්හි කතො යසො මම.
තරුණ මිනිස් දුවක් වූ මම පව් නො කරන තැනැත්තියක් වූයෙමි. ප්‍රසන්න වූ සිතින් යුතුව පැමිණ සතුටට පත්කළෙමි. සැමියාගේ සොයුරු නැදි මයිලන් දැසි දස්සන් ද සතුටු කළෙමි. අද මේ යසස මා එකල කළ දෙයෙහි ප්‍රතිඵලය.
“සාහං තෙන කුසලෙන කම්මුනා, චතුබ්භි ඨානෙහි විසෙසමජ්ඣගා; ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලඤ්ච, ඛිඩ්ඩාරතිං පච්චනුභොමනප්පකං.
ඒ මම ඒ කුසල කර්මය හේතුකොටගෙන කරුණු සතරකින් උසස් තත්ත්වයට පත්වීමි. ආයුෂ, වර්ණය, සැපය, බලය යන මේ කරුණු සතරත් ක්‍රීඩාවන්හි ඇලීමත් අනල්ප ලෙස විඳගතිමි.
“සුතං නු තං භාසති යං අයං ලතා, යං නො අපුච්ඡිම්හ අකිත්තයී නො; පතිනො කිරම්හාකං විසිට්ඨ නාරීනං, ගතී ච තාසං පවරා ච දෙවතා.
මේ ලතා යමක් කියයිද, ඔබ එය නො ඇසුවේද, අපි යමක් ඇසුවෙමුද, එය අපට කීහ. විශිෂ්ට ස්ත්‍රියක් වන ඒ ඇයගේ ස්වාමියාගේ පැවැත්මද උසස්ය.
“පතීසු ධම්මං පචරාම සබ්බා, පතිබ්බතා යත්ථ භවන්ති ඉත්ථියො; පතීසු ධම්මං පචරිත්වා සබ්බා, ලච්ඡාමසෙ භාසති යං අයං ලතා.
අපි සියල්ලෝම ස්වාමිවරුන් කෙරෙහි මනාව හැසිරෙමු. ස්ත්‍රීහු යම්බඳු වූ චර්යාවෙක්හි යෙදී පතිව්රතාවෝ වෙත්ද, එසේ අපි සියල්ලෝම ස්වාමි පුරුෂයන් කෙරෙහි මනා ලෙස හැසිරී මේ ලතා නම් දෙවඟන කියන පරිදි ඒ සම්පත් ලබාගනිමු.
“සීහො යථා පබ්බතසානුගොචරො, මහින්ධරං පබ්බතමාවසිත්වා; පසය්හ හන්ත්වා ඉතරෙ චතුප්පදෙ, ඛුද්දෙ මිගෙ ඛාදති මංසභොජනො.
මාංශ භක්ෂක වූ පර්වත වනලැහැබ් ආදියෙහි හැසිරෙන්නා වූ සිංහයා යම්සේ මිහිතලය දරා සිටින පර්වතයන්හි වාසය කොට අනෙක් කුඩා සිවුපා සතුන් ඝාතනය කොට කා දමත්ද, ඒ ආකාරයෙන්ම මෙහි දී ශ්රද්ධාවන්ත වූ ආර්ය ශ්‍රාවිකා තොමෝ ස්වාමිපුරුෂයා ඇසුරුකොට ඔහුට අනුකූලව, හැසිරෙමින් ක්‍රෝධය දුරුකොට මසුරු බව මැඩපවත්වා - ධාර්මිකව හැසිරෙමින් ස්වර්ගයේ දී සතුටට පත් වන්නේය
“තථෙව සද්ධා ඉධ අරියසාවිකා, භත්තාරං නිස්සාය පතිං අනුබ්බතා; කොධං වධිත්වා අභිභුය්ය මච්ඡරං, සග්ගම්හි සා මොදති ධම්මචාරිනී”ති. –
ලතාය විස්සජ්ජනන්ති ආහ.
යනුවෙන් ලතා නම් දෙවඟන සුතා දේවතාවාට පිළිතුරු දුන්නාය.
තත්ථ ලතා ච සජ්ජා පවරා අච්චිමතී සුතාති තාසං නාමං. ච-සද්දො සමුච්චයත්ථො. රාජවරස්සාති චතුන්නං මහාරාජානං වරස්ස සෙට්ඨස්ස දෙවරාජස්ස. සක්කස්ස පරිචාරිකාති අධිප්පායො. රඤ්ඤොති මහාරාජස්ස. තෙනාහ “වෙස්සවණස්ස ධීතා”ති, ඉදං පච්චෙකං යොජෙතබ්බං, වචනවිපල්ලාසො වා, ධීතරොති අත්ථො. රාජති විජ්ජොතතීති රාජී, රාජීති මතා පඤ්ඤාතා රාජීමතී, ඉදං තාසං සබ්බාසං විසෙසනං. නාමමෙව එතං එකිස්සා දෙවතායාති කෙචි, තෙසං මතෙන “පවරා”ති සබ්බාසං විසෙසනමෙව. ධම්මගුණෙහීති ධම්මියෙහි ධම්මතො අනපෙතෙහි ගුණෙහි, යථාභුච්චගුණෙහීති අත්ථො. සොභථාති විරොචථ.
එහි ලතා ච සජ්ජා පවරා අච්චිමුඛී සුතා එ දවස ස්ත්රීන්ගේ නාමයන්ය. ‘ච’ ශබ්ද එකතුකොට කීමේ අර්ථයෙහි (සමුච්චය) වේ. රාජවරස්ස සතරවරම් මහරජවරුන්ට ශ්‍රේෂ්ට වූ දිව්‍යරාජයාගේ දූවරු හෙවත් ශක්‍රයාගේ සේවිකාවෝ යන අදහසයි. රඤ්ඤො මහරජුගේ එහෙයින් වෙස්සවණස්ස ධීතා යයි කියන ලදී. මෙය වෙන් වෙන්ව එක් එක් තැනැත්තිය සඳහා යෙදිය යුතු වේ. වචන විපර්යාසයක් හෝ කළ යුතු වේ. දියණිවරු යන අර්ථයයි. වර්ණවත් වෙයි බබළයි යන අදහස සඳහා රාජී යයි යෙදේ. රාජි ලෙසින් දන්නා ලද්දේ ප්‍රකට වූයේ යන අදහසින් රාජීමතී යි යෙදේ. මෙය ඒ හැම තැනැත්තියකටම විශේෂණ වේ. ‘රාජි’ යන මෙය එක් දේවතාවියකගේ නමක් යයි ඇතැමෙක් කියති. ඔවුන්ගේ මතය අනුව පරවා යන පදය හැම දෙවඟනකටම විශේෂණ පදයක්ම වේ. ධම්ම ගුණෙහි යනු දැහැමි වූ ධර්මයෙන් බැහැර නොවූ. පවත්නා ගුණයන්ගෙන් යන අර්ථයයි. සොභථා යනු බබළන්නේය. බබළන්නාහු වෙති.
පඤ්චෙත්ථ නාරියොති පඤ්ච යථාවුත්තනාමා දෙවධීතරො එත්ථ ඉමස්මිං හිමවන්තපදෙසෙ. සීතොදකං උප්පලිනිං සිවං නදින්ති අනොතත්තදහතො නික්ඛන්තනදිමුඛං සන්ධාය වදති. නච්චිත්වා ගායිත්වාති පිතු වෙස්සවණස්ස ආණාය දෙවසමාගමෙ තාහි කතස්ස නච්චගීතස්ස වසෙන වුත්තං. සුතා ලතං බ්රවීති සුතා දෙවධීතා ලතං අත්තනො භගිනිං කථෙසි. “සුතා ලතං බ්‍රවු”න්තිපි පඨන්ති, සුතා ධීතරො වෙස්සවණස්ස මහාරාජස්ස ලතං කථෙසුන්ති අත්ථො.
පඤ්චෙත්ථ නාරියො මෙහි ‘පඤ්ච’ යනු නම් වශයෙන් කියන ලද දේව දියණියෝ පස් දෙනාය. එත්ථ, එම හිමවත පෙදෙසෙහි යන අදහසයි. සීතොදකං උප්පලිනිං සිවං නදිං අනවතප්ත විලෙන් නික්මුණු ගං මුවදොර සඳහා මෙසේ කියයි. නච්චිත්ව ගායිත්වා වෛශ්‍රවණ නම් වූ පියාගේ අණින් දේව සභාවෙහි දී ඒ දියණියන් විසින් කරන ලද නැටුම් ගැයුම් වශයෙන් කියන ලදී. සුතා ලතං බ්රෑවි සුතා නම් වූ දෙව්දුව ලතා නම් වූ තම සොහොයුරියට කීයේය. සුතාලතා බ්රැවුං යයි ද සමහරු කියත්. සුතා ආදී දෙවිවරු වෙසවුණු මහරජුගේ ලතා දුවට කීහ.
තිමිරතම්බක්ඛීති නිචුලකෙසරභාසසදිසෙහි තම්බරාජීහි සමන්නාගතක්ඛි. නභෙව සොභනෙති නභං විය සොභමානෙ, සරදසමයෙ අබ්භමහිකාදිඋපක්කිලෙසවිමුත්තං නභං විය සුවිසුද්ධඞ්ගපච්චඞ්ගතාය විරාජමානෙති අත්ථො. අථ වා නභෙවාති නභෙ එව, සමුච්චයත්ථො එව-සද්දො, ආකාසට්ඨවිමානෙසු හිමවන්තයුගන්ධරාදිභූමිපටිබද්ධට්ඨානෙසු චාති සබ්බත්ථෙව සොභමානෙති අත්ථො. කෙන කතොති කෙන කීදිසෙන පුඤ්ඤෙන නිබ්බත්තිතො. යසොති පරිවාරසම්පත්ති කිත්තිසද්දො ච. කිත්තිසද්දග්ගහණෙන ච කිත්තිසද්දහෙතුභූතා ගුණා ගය්හන්ති.
තිමිර තම්බක්ඛි මිදෙල්ල මල්හි රොන්වල බැබලීමට සමාන වූ ඇස් ඇති, නභෙව සොහනෙ අහස මෙන් හොබනා වූ, සරත් සමයේ වළාකුළු, මීදුම් ආදී කිළුටුවලින් මිදුනා වූ අහස මෙන්, සුපිරිසිදු අංග ප්‍රත්‍යාංග ඇති බැවින් බබළන්නා වූ යන අර්ථයි. එසේ නැතහොත් ‘නභෙව’ යනු නභ එව යන පදයන් ද විය හැක. එහි එව ශබ්දය සමුච්චයාර්ථයේ සඳහන් වේ. අහසෙහි පිහිටි විමානයන්හි ද හිමාලය යුගන්ධර ආදී භූමියට සම්බන්ධ සියලු තැන්හි ද, ශෝභමාන වූ යන අර්ථයි. කෙන කතො කවර වූ කුමක් වැනි වූ පිනකින් උපන්නේ ද හටගත්තේ ද යසො යනු පිරිවර සම්පත්තිය කීර්ති ශබ්දය ගැනීමෙන්, කීර්ති ශබ්දයට හේතු වූ ගුණයන් ද සැළකිල්ලට ගැනේ.
පතිනො පියතරාති සාමිනො පියතරා සාමිවල්ලභා. තෙනස්සා සුභගතං දස්සෙති. විසිට්ඨකල්යාණිතරස්සූ රූපතොති රූපසම්පත්තියා විසිට්ඨා උත්තමා කල්යාණිතරා සුන්දරතරා, අස්සූති නිපාතමත්තං. “විසිට්ඨකල්යාණිතරාසි රූපතො”ති ච පඨන්ති. පදක්ඛිණාති පකාරෙහි, විසෙසෙන වා දක්ඛිණා කුසලා. නච්චනගීතවාදිතෙති එත්ථ නච්චනාති විභත්තිලොපො කතො, නච්චෙ ච ගීතෙ ච වාදිතෙ චාති අත්ථො. නරනාරිපුච්ඡිතාති දෙවපුත්තෙහි දෙවධීතාහි ච “කහං ලතා, කිං කරොති ලතා”ති රූපදස්සනත්ථඤ්චෙව සිප්පදස්සනත්ථඤ්ච පුච්ඡිතා.
පතිනො පියතරා ස්වාමියාට වඩාත් ප්‍රිය වූ. ස්වාමියාට විශ්වාසවන්ත වූ යන අදහසයි. විසිට්ඨ කල්‍යාණි තරස්සු රූපතො රූප සම්පත්තියෙන් විශිෂ්ට වූ උතුම් වූ වඩා යහපත් වූ, වඩා සොඳුරු වූ යන අදහසයි. අස්සු යනු නිපාත මාත්‍රයකි. විසිට්ඨ කල්‍යාණ තරාසි රූපතො යයි ද සමහරු කියත්. පදක්ඛිණා ස්වභාවයෙන් හෝ විශේෂයෙන් හෝ පවත්නා වූ පරිත්‍යාගී ස්වභාවය දක්ෂතාවය. නච්චනගීත වාදිතො එහි නච්චනා යනුවෙන් තැබූ පදයෙහි විභක්තිය ලොප් කරන ලදී. නැටුමෙහි ද ගීත වාදනයෙහි ද යන අරුතයි. නරනාරි පුච්ඡිතා දෙව් පුතුන් විසින් ද දෙවියන් විසින් ද ඉතා දෙවඟනගේ රූපය දැකීම පිණිස ද, ශිල්ප දැකීම සඳහා ද, ලතා කොහිද, ලතා කුමක් කරයි ද ආදී වශයෙන් විමසන ලදී.
නිච්චං කායෙන අසංසට්ඨතාය දෙවො විය රමෙති, දුතියො වරොති වා දෙවරො, භත්තු කනිට්ඨභාතා, සහ දෙවරෙනාති සදෙවරං. සස්සු ච සසුරො ච සසුරා, සහ සසුරෙහීති සස්සසුරං. සහ දාසෙහි දාසීහි චාති සදාසකං පතිමාභිරාධයින්ති සම්බන්ධො. තම්හි කතොති තම්හි කුලෙ, කාලෙ වා සුණිසාකාලෙ කතො යසො තන්නිබ්බත්තකපුඤ්ඤස්ස නිබ්බත්තනෙනාති අධිප්පායො. මමාති ඉදං “කතො”ති පදං අපෙක්ඛිත්වා “මයා”ති පරිණාමෙතබ්බං.
නිත්‍ය ලෙස කායිකව සම්බන්ධ නොවීම නිසා දෙවියකු මෙන් ප්‍රීතිමත් වේ. දෙවො විය රමති - දෙවරො යනුවෙන් දෙවරො පද නිෂ්පත්තිය වේ. දුතියො වරො යන පද දෙකේ ද දෙවරො පදය සෑදිය හැකිය. ස්වාමියාගේ කණිටු සොහොයුරා සහ දෙවරො යන පද දෙකින් සදෙවරං පදය සෑදේ. සස්සු ච සයුරො ච යන පද දෙකින් සස්සසුරං යන පදය සෑදේ. නැන්දනිය සහ මාමා යන අරුතයි. සසුරයන් සමග යන අරුතින් සස්සසුරං යන පදය සෑදේ. දාසයන් හා දාසීන් සමග යන අරුතයි. පතිමාභිරාධයිං ස්වාමියා සතුටට පත් කළෙමි යන පදය ද එයට සම්බන්ධ වේ. තම්හි කතො එම කුලයෙහි එම කාලයෙහි හෝ ලේලියව සිටි කාලයෙහි හෝ ලේලියව සිටි කාලයෙහි කරන ලද කර්මයේ ප්‍රතිඵල යසො නම් වේ. එය ඉපදවීම පිණිස හට ගැනීමෙන් සිදු වූයේය යන අදහසයි. මම යන මෙය ‘කතො’ යන පදය, කතො යන්නෙහි අනුක්ත කර්තෘ වශයෙන් අපේක්ෂාකොට ‘මයා’ යනුවෙන් වෙනස් කළ යුතු වේ.
චතුබ්භි ඨානෙහීති චතූහි කාරණෙහි, චතූසු වා ඨානෙසු නිමිත්තභූතෙසු. විසෙසමජ්ඣගාති අඤ්ඤාහි අතිසයං අධිගතා. ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලඤ්චාති “චතූහි ඨානෙහී”ති වුත්තානං සරූපතො දස්සනං. ආයුආදයො එව හිස්සා අඤ්ඤාහි විසිට්ඨසභාවතාය විසෙසා තස්සා තථා සම්භාවනාවසෙන ගහෙතබ්බතාය හෙතුභාවතො “ඨාන”න්ති ච වුත්තං. විසෙසමජ්ඣගා. කීදිසං? ආයුඤ්ච වණ්ණඤ්ච සුඛඤ්ච බලඤ්චාති යොජනා.
චතුබ්හි ඨානෙහි කරුණු සතරින් හෙවත් අරමුණු වූ කරුණු සතරෙහි, විසෙස මජ්ඣගා දැනුමෙන් අතිශයින් උසස් තත්ත්වයට ගියා වූ. ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලඤ්ච යන ධර්මයන් සතරෙන් කියන ලද කරුණුවල ස්වභාවය දැක්වීමයි. ආයුෂ ආදිය පිළිබඳ දැනුමෙන් ඇය විශිෂ්ට ස්වභාවයකට පත්ව ඇති හෙයින් ‘විසෙසො’ යනු යනුවෙන් දැක්වේ. ඒ අයුරින් ඇයට කලකිරීම් වශයෙන් ගතයුතු බැවින් හෝ ගෞරවයට හේතුවන බැවින් ‘ඨානං’ යී කියන ලදී. විසෙස මජ්ඣගා යනු කෙබඳු වූවක් ද, ආයුෂ, වර්ණ, සැප, බල යන මේවා යයි අදහස් කෙරේ.
සුතං නු තං භාසති යං අයං ලතාති අයං ලතා අම්හාකං ජෙට්ඨභගිනී යං භාසති, තං තුම්හෙහි සුතං නු කිං අසුත”න්ති ඉතරා තිස්සො භගිනියො පුච්ඡති. යං නොති යං අම්හාකං සංසයිතං. නොති නිපාතමත්තං, පුන නොති අම්හාකං, අවධාරණෙ වා “න නො සමං අත්ථී”තිආදීසු (ඛු· පා· 6.3; සු· නි· 226) විය, තෙන අකිත්තයියෙව, අවිපරීතං බ්යාකාසියෙවාති අත්ථො. පතිනො කිරම්හාකං විසිට්ඨ නාරීනං, ගතී ච තාසං පවරා ච දෙවතාති අනත්ථතො පාලනතො පතිනො සාමිකා නා අම්හාකං නාරීනං ඉත්ථීනං විසිට්ඨා ගති ච තාසං පටිසරණඤ්ච, තාසං මාතුගාමානං සරණතො පවරා උත්තමා දෙවතා ච සම්මදෙව ආරාධිතා සම්පති ආයතිඤ්ච හිතසුඛාවහාති අත්ථො.
සුතං නු තං භාසති යං අයං ලතා මේ ‘ලතා’ අපගේ වැඩිමහල් සොයුරිය යමක් කියන්නී ද, එය ඔබ විසින් අසන ලද්දේ ද යනුවෙන් ඉතිරි සොයුරියන් තිදෙනාගෙන් විචාරයි. යංනො යමක් අප විසින් සැක කරන ලද්දේ ද, ‘නො’ යනු නිපාතයක් පමණි. තව ද, නො යනු අපගේ යන අදහස ද වේ. අවධාරණ අර්ථයෙහි ද යෙදේ. න නො සමං අත්ථි යනාදියෙහි මෙනි. එහෙයින් අකිත්තයී - වෙනසක් නොකොටම ප්‍රකාශ කළේමය යන අර්ථයි. පතිනො කිරස්මාකං විසිට්ඨ නාරීන ගතී ච තාසං’ පවරා ච දෙවතා අනර්ථයෙන් (රැකගෙන) පාලනය කරන බැවින් ස්වාමිපුරුෂයා සාමිකා නම් වේ. අපගේ භාර්යාවන් වන ස්ත්රීන්ගේ විශිෂ්ට ස්වභාවය ද, ඒ ස්ත්රීන්ගේ විශිෂ්ඨ ස්වභාවය ද, ඒ ස්ත්රීන්ගේ පිහිටෙන් ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ දෙවියෝ ද මනා ලෙසම ආරාධනා ලැබූවහ. මෙලොවද පරලොවද හිතසුව හෝ දෙති යති අර්ථයි.
පතීසු ධම්මං පචරාම සබ්බාති සබ්බාව මයං පතීසු අත්තනො සාමිකෙසු පුබ්බුට්ඨානාදිකං චරිතබ්බධම්මං පචරාම. යත්ථාති යං නිමිත්තං, යස්මිං වා පතීසු චරිතබ්බධම්මෙ චරියමානෙ ඉත්ථියො පතිබ්බතා නාම භවන්ති. ලච්ඡාමසෙ භාසති යං අයං ලතාති අයං ලතා යං සම්පත්තිං එතරහි ලභතීති භාසති, තං සම්පත්තිං පතීසු ධම්මං පචරිත්වාති ලභිස්සාම.
පතීසු ධම්මං පවරාම පබ්බා අපි සියල්ලෝම සැමියන් කෙරෙහි තම තමන්ගේ ස්වාමිපුරුෂයන් කෙරෙහි උදෑසන පළමුව අවදි වී ආදි චාරිත්‍ර ධර්මයන් පිළිපදිමු. යත්ථ යම්කිසි නිමිත්තක් අරමුණක් ස්වාමියා කෙරෙහි පැවැත්විය යුතු යම්කිසි චාරිත්‍ර ධර්මයන්හි හැසිරෙන කල්හි ඒ ස්ත්‍රීහු පතිබ්බතා පතීව්‍රතා නම් වෙත්. ලච්ඡාමයෙ භාසති යං අයං ලතා යනු මේ ලතා තොමෝ මෙම චාරිත්‍ර ධර්මයන්ගෙන් යම් සම්පතක් ලබා ගනී යයි කියයිද, ස්වාමිපුරුෂයන් කෙරෙහි චාරිත්‍ර ධර්මානුකූලව හැසිර අපිදු ඒ සම්පත් ලබා ගනිමු.
පබ්බතසානුගොචරොති පබ්බතවනසණ්ඩචාරී. මහින්ධරං පබ්බතමාවසිත්වාති මහිං ධාරෙතීති මහින්ධරනාමකං පබ්බතං අචලං ආවසිත්වා අධිවසිත්වා, තත්ථ වසන්තොති අත්ථො. “ආවසිත්වා”ති හි පදං අපෙක්ඛිත්වා භුම්මත්ථෙ චෙතං උපයොගවචනං. පසය්හාති අභිභවිත්වා. ඛුද්දෙති බලවසෙනනිහීනෙ පමාණතො පන මහන්තෙ හත්ථිආදිකෙපි මිගෙ සො හන්තියෙව.
පබ්බතසානු ගොචරො පර්වත වනලැහැබ් ආදියෙහි හැසිරෙන මහින්ධරං පබ්බත මාවසිත්වා පොළව දරාගෙන සිටී යන අර්ථයෙන් මහින්ධර යන වෙනත් නමක් ඇති පර්වතයක් මත වාසයකොට හෙවත් අධිගෘහිතව (වාසය කොට) මෙහි මහිං ධාරෙති යන පද දෙකින් සෑදුන කෘදන්ත නාමපදය ‘මහින්ධර’ වේ. අචලං යනු පර්වතයට තවත් නමක් වේ. එහි වාසය කරමින් යන අර්ථයයි. මහින්ධරං යන මෙය ආවසිත්වා වාසය කොට, යන පදය අපේක්ෂා කොට භූමිය යන අර්ථයෙහි ද යෙදිය හැකි වචනයකි. පසය්හ මැඩපවත්වා ඛුද්දෙ ශක්තිය වශයෙන් පහත් වූ යන අර්ථයි. කුඩා ප්‍රමාණ වූ සිංහයා, මහත් වූ විශාල වූ හස්තීන් ඇතුන් ආදී මෘගයන් මරා දමන්නේය.
තථෙවාති ගාථාය අයං උපමාසංසන්දනෙන සද්ධිං අත්ථයොජනා – යථා සීහො අත්තනො නිවාසගොචරට්ඨානභූතං පබ්බතං නිස්සාය වසන්තො අත්තනො යථිච්ඡිතමත්ථං සාධෙති, එවමෙව සා සද්ධා පසන්නා අරියසාවිකා ඝාසච්ඡාදනාදීහි භරණතො පොසනතො භත්තාරං පතිං සාමිකං නිස්සාය වසන්තී සබ්බත්ථාපි පතිඅනුකූලතාසඞ්ඛාතෙන වතෙන තං අනුබ්බතා පරිජනාදීසු උප්පජ්ජනකං කොධං වධිත්වා පජහිත්වා පරිග්ගහවත්ථූසු උප්පජ්ජනකං මච්ඡෙරං අභිභුය්ය අභිභවිත්වා අනුප්පාදෙත්වා පතිබ්බතාධම්මස්ස ච උපාසිකාධම්මස්ස ච සම්මදෙව චරණතො ධම්මචාරිනී සා සග්ගම්හි දෙවලොකෙ මොදති, පමොදං ආපජ්ජතීති. සෙසං වුත්තනයමෙව.
තථෙව එසේම, මේ ගාථාවෙන් උපමා සංසදය සමග මේ අදහස ඉදිරිපත් කෙරේ. යම්සේ සිංහයා තමාගේ නිවස පිහිටි ස්ථානය වූ පර්වතය ඇසුරුකොට වාසය කරමින් තමා රිසි දෙය ඉටු කරයි ද, එසේම ඕ තොමෝ සද්ධා විශ්වාසවන්ත වූවා වී අරියසාවිකා ආහාර ඇඳුම් ආදියෙන් පෝෂණය කරමින් භත්තාරං පතිං පෝෂණය කරන ස්වාමිපුරුෂයා නිස්සාය ඇසුරුකොට වාසය කරමින් සියලු තන්හිදීම සැමියාට අනුකූල බව නම් වූ, පිළිවෙතින් අනුපුබ්බතා සැමියා අනුව පවත්වමින්, කොධං වධිත්වා සේවකාදීන් කෙරෙහි ඇතිවන කෝප සිතිවිලි බැහැරකොට, මච්ඡරං අභිභුය්හ - පරිහරණය කරන වස්තූන් කෙරෙහි ඇතිවන ඉසුරු බව දුරුකොට, පතීව්‍රතා ධර්මයේ ද උපාසිකා ධර්මයේ ද මනාව හැසිරෙමින්, ධම්මචාරිණී සග්ගම්හි ධර්මචාරීව හැසිරෙන ඇය මොදති - දෙව්ලොව සතුටට පැමිණෙන්නීය යනුයි. සෙස්ස පෙර කියන ලද පරිදිම වේ.
ලතාවිමානවණ්ණනා නිට්ඨිතා.
ලතා විමාන වර්ණනාව නිමියේ ය.