යෙදුමෙන් කියවන්න

5. ගුත‍්තිල විමානං පඤ‍්චමංවණ‍්ණනා අට‍්ඨකථා

5. ගුත‍්තිල විමානං පඤ‍්චමංවණ‍්ණනා

5. ගුත්තිල විමාන වර්ණනා

සත‍්තතන‍්තිං සුමධුරන‍්ති ගුත‍්තිලවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවති රාජගහෙ විහරන‍්තෙ ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො හෙට‍්ඨා වුත‍්තනයෙනෙව දෙවචාරිකං චරන‍්තො තාවතිංසභවනං ගන‍්ත්‍වා තත්‍ථ පටිපාටියා ඨිතෙසු ඡත‍්තිංසාය විමානෙසු ඡත‍්තිංස දෙවධීතරො පච‍්චෙකං අච‍්ඡරාසහස‍්සපරිවාරා මහතිං දිබ‍්බසම‍්පත‍්තිං අනුභවන‍්තියො දිස‍්වා තාහි පුබ‍්බෙ කතකම‍්මං “අභික‍්කන‍්තෙන වණ‍්ණෙනා”තිආදීහි තීහි ගාථාහි පටිපාටියා පුච‍්ඡි. තාපි තස‍්ස පුච‍්ඡානන‍්තරං “වත්‍ථුත‍්තමදායිකා නාරී”තිආදිනා බ්‍යාකරිංසු. අථ ථෙරො තතො මනුස‍්සලොකං ආගන‍්ත්‍වා භගවතො එතමත්‍ථං ආරොචෙසි. තං සුත්‍වා භගවා “මොග‍්ගල‍්ලාන, තා දෙවතා න කෙවලං තයා එව පුච‍්ඡිතා එවං බ්‍යාකරිංසු, අථ ඛො පුබ‍්බෙ මයාපි පුච‍්ඡිතා එවමෙව බ්‍යාකරිංසූ”ති වත්‍වා ථෙරෙන යාචිතො අතීතං අත‍්තනො ගුත‍්තිලාචරියං කථෙසි.

සත්ත තන්තිං සුමධුරං යනාදී වශයෙන් ආරම්භ වන්නේ ගුත්තිල විමාන වර්ණනාවයි. භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වාසය කරන කල්හි ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ පළමු කී නයින්ම, දෙව්ලොව හැසිරෙන්නේ තව්තිසා භවනට ගොස් එහි පිළිවෙළින් පිහිටියා වූ සතියක් වූ විමානයන්හී වෙන් වෙන්ව අප්සරාවන් දහස බැගින් පිරිවර ඇතිව මහත් වූ දිව්‍ය සම්පත් විඳින සතිසක් වූ දෙව් දූවරුන් දැක ඒ දෙවඟනන් විසින් පෙර කරන ලද කර්මයන්, අභික්කන්තෙන වණ්ණනා ආදී ගාථා තුනකින් විචාළහ. ඒ දෙවඟනෝ ද උන්වහන්සේගේ ප්‍රශ්නයට අනුකූලව ‘වත්‍ථුත්ත වදායිකා’ ආදී වශයෙන් ගාථාවන්ගෙන් පිළිතුරු ප්‍රකාශ කළහ. ඉක්බිති තෙරණුවෝ එතැනින් මිනිස් ලොවට පැමිණ ඒ සියළු පුවත් තථාගතයන් වහන්සේට සැළකර සිටියහ. භාග්‍යවතුන් වහන්සේ ඒ අසා ඒ දෙව්ලියෝ හුදෙක් ඔබ විසින්ම අසන ලදුව ඔබට පමණක් ප්‍රකාශ කරන ලද්දේ නොවේ. පෙර මා විසිනුදු ප්‍රශ්න කරන ලදුව මා සමගද එසේම ප්‍රකාශ කළාහු යයි වදාළහ. තෙරුන් වහන්සේ විසින් එය වදාරන ලෙස ආරාධනා කරන ලදුව තථාගතයෝ තමන්ගේ අතීත ගුත්තිල ජාතකය දේශනා කළහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො ගන්‍ධබ‍්බකුලෙ නිබ‍්බත‍්තිත්‍වා ගන්‍ධබ‍්බසිප‍්පෙ පරියොදාතසිප‍්පතාය තිම‍්බරුනාරදසදිසො සබ‍්බදිසාසු පාකටො පඤ‍්ඤාතා ආචරියො අහොසි නාමෙන ගුත‍්තිලො නාම. සො අන්‍ධෙ ජිණ‍්ණෙ මාතාපිතරො පොසෙසි. තස‍්ස සිප‍්පනිප‍්ඵත‍්තිං සුත්‍වා උජ‍්ජෙනිවාසී මුසිලො නාම ගන්‍ධබ‍්බො උපගන‍්ත්‍වා තං වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතො “කස‍්මා ආගතොසී”ති ච වුත‍්තෙ “තුම‍්හාකං සන‍්තිකෙ සිප‍්පං උග‍්ගණ‍්හිතු”න‍්ති ආහ. ගුත‍්තිලාචරියො තං ඔලොකෙත්‍වා ලක‍්ඛණකුසලතාය “අයං පුරිසො විසමජ‍්ඣාසයො කක‍්ඛළො ඵරුසො අකතඤ‍්ඤූ භවිස‍්සති, න සඞ‍්ගහෙතබ‍්බො”ති සිප‍්පුග‍්ගහණත්‍ථං ඔකාසං නාකාසි. සො තස‍්ස මාතාපිතරො පයිරුපාසිත්‍වා තෙහි යාචාපෙසි. ගුත‍්තිලාචරියො මාතාපිතූහි නිප‍්පීළියමානො “ගරුවචනං අලඞ‍්ඝනීය”න‍්ති තස‍්ස සිප‍්පං පට‍්ඨපෙත්‍වා විගතමච‍්ඡරියතාය කාරුණිකතාය ච ආචරියමුට‍්ඨිං අකත්‍වා අනවසෙසතො සිප‍්පං සික‍්ඛාපෙසි.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය කරන සමයෙහි බෝසතාණෝ ගාන්ධර්ව කුලයෙහි ඉපිද, ගාන්ධර්ව ශිල්ප ඥානයෙන් කෙළ පැමිණ තිම්බරු - නාරද ගාන්ධර්වයන්ට සමාන ලෙසම සියලු දිශාවන්හි ප්‍රකට වූ ප්‍රසිද්ධ වූ ගුත්තිල යන නම් ඇති ප්‍රකට ආචාර්යවරයෙක්ව විසීය. හෙතෙම මහළු වූ අන්ධ වූ තම මවුපියන් පෝෂණය කරයි. ඔහුගේ ශිල්ප නිපුණතාවය අසා උදේනී නුවර වාසී මූසිල නම් ගාන්ධර්වයෙක් එහි පැමිණ ඔහු වැඳ එකත්පස්ව සිටියේය. කුමක් නිසා පැමිණියේ දැයි විමසූ කල්හි ඔබතුමාණන් සමීපයෙන් ශිල්ප ඉගෙනීමට පැමිණියෙමියි කීය. ගුත්තිල පඬි තෙමේ ඒ තැනැත්තා දෙස බලා දේහ ලක්‍ෂණ විනිශ්චයෙහි දක්‍ෂ බැවින් මේ තැනැත්තා විෂ්ම පැවතුම් හා අදහස් ඇත්තෙකි. නපුරු තැනැත්තෙකි. පරුෂ අයෙකි. අකෘතඥයකු වන්නේ යයි දැක ශිල්පයෙන් සංග්‍රහ නො කළ යුතු යයි සිතා ශිල්ප ඉගෙනීම සඳහා අවසර නුදුන්නේය. හෙතෙමේ ඉන්පසු ගුත්තිල පණ්ඩිතයන්ගේ මවුපියන් ඇසුරුකොට සිත්ගෙන ඔවුන් ලවා ගුත්තිල පඬිට කියවා යාඥා කරවීය. මව්පියන්ගේ බසට කීකරු වූ ගුත්තිල, මවුපියන්ගේ වචනය නො ඉක්මවා මූසිලට ශිල්ප ඉගැන්වීමෙහි පිහිටුවා තමන් මසුරු නොවන බැවින් ද, කාරුණික බැවින් ද ගුරුමුෂ්ටි නො තබාම සියලු ශාස්ත්‍රයම උගැන්වීය.

සොපි මෙධාවිතාය පුබ‍්බෙකතපරිචයතාය අකුසීතතාය ච න චිරස‍්සෙව පරියොදාතසිප‍්පො හුත්‍වා චින‍්තෙසි “අයං බාරාණසී ජම‍්බුදීපෙ අග‍්ගනගරං, යංනූනාහං ඉධ සරාජිකාය පරිසාය සිප‍්පං දස‍්සෙය්‍යං, එවාහං ආචරියතොපි ජම‍්බුදීපෙ පාකටො පඤ‍්ඤාතො භවිස‍්සාමී”ති. සො ආචරියස‍්ස ආරොචෙසි “අහං රඤ‍්ඤො පුරතො සිප‍්පං දස‍්සෙතුකාමො, රාජානං මං දස‍්සෙථා”ති. මහාසත‍්තො “අයං මම සන‍්තිකෙ උග‍්ගහිතසිප‍්පො පතිට‍්ඨං ලභතූ”ති කරුණායමානො තං රඤ‍්ඤො සන‍්තිකං නෙත්‍වා “මහාරාජ ඉමස‍්ස මෙ අන‍්තෙවාසිකස‍්ස වීණාය පගුණතං පස‍්සථා”ති ආහ. රාජා “සාධූ”ති පටිස‍්සුණිත්‍වා තස‍්ස වීණාවාදනං සුත්‍වා පරිතුට‍්ඨො තං ගන‍්තුකාමං නිවාරෙත්‍වා “මමෙව සන‍්තිකෙ වස, ආචරියස‍්ස දින‍්නකොට‍්ඨාසතො උපඩ‍්ඪං දස‍්සාමී”ති ආහ. මුසිලො “නාහං ආචරියතො හායාමි, සමමෙව දෙථා”ති වත්‍වා රඤ‍්ඤා “මා එවං භණි, ආචරියො නාම මහන‍්තො, උපඩ‍්ඪමෙව තුය‍්හං දස‍්සාමී”ති වුත‍්තෙ “මම ච ආචරියස‍්ස ච සිප‍්පං පස‍්සථා”ති වත්‍වා රාජගෙහතො නික‍්ඛමිත්‍වා “ඉතො සත‍්තමෙ දිවසෙ මම ච ගුත‍්තිලාචරියස‍්ස ච රාජඞ‍්ගණෙ සිප‍්පදස‍්සනං භවිස‍්සති, තං පස‍්සිතුකාමා පස‍්සන‍්තූ”ති තත්‍ථ තත්‍ථ ආහිණ‍්ඩන‍්තො උග‍්ඝොසෙසි.

ඒ මූසිල තෙමේත්, පෙර කරන ලද පුරුද්ද ඇති බැවින් ද, අලස නොවන බැවින් ද, නුවණ ඇති බැවින් ද ඉතා ටික කලකින්ම පිරිසිදු ශිල්ප ධාරියෙක් විය. ශිල්ප පුහුණු වූ මූසිලට මෙසේ සිතිණ. මේ බරණැස් නුවර වූ කලී දඹදිව අගනුවරයි. මා මෙහි රජු සහිත පිරිසට ශිල්ප දක්වන්නේ නම් සුදුසු වන්නේය. එසේ කරන මම ඇදුරහුටද වැඩියෙන් දඹදිව ප්‍රකට වූත්, ප්‍රසිද්ධ නමක් ඇත්තා වූත් කෙනෙක් වන්නෙමියි සිතුවේය. මම රජු ඉදිරියෙහි ශිල්ප දැක්වීමට කැමති වෙමි රජුට මා දක්වන්නැයි හෝ ඇදුරුවරයාට කීය. ගුත්තිල තෙමේ මා සමීපයේ ශිල්ප ලද්දා වූ මොහු පිහිටක් ලබාවායි කරුණා පෙරදැරිව ඔහු රජු වෙත පමුණුවා ‘මහරජතුමනි, මගේ මේ අතවැසියාගේ වීණා පුහුණුව බලනු මැනවි’යි කීය. රජ තෙමේ යහපතැයි එකඟ වී, ඔහුගේ වීණා වාදනය අසා සතුටු වූයේ, ඔබ කැමති නම් ඔහු මා සමීපයේ නවත්වා යන්න. ඇදුරුතුමාට දෙන වැටුපෙන් අඩක් දෙන්නෙමියි කීය. මූසිල තෙමේ මම ඇදුරුතුමන්ට වඩා දැනුමෙන් අඩු වූවෙක් නොවෙමි. සමසේ ධනය දෙන්නැයි කීය. රජු ‘එසේ නො කියව. ඇදුරු තෙමේ ම උතුම්ය. ඔබට අඩක් ම දෙන්නෙමි යි රජු නැවත කීය. එවිට මගේ ද ඇදුරුතුමාගේ ද ශිල්ප දක්ෂතාවය බලන්නැයි මූසිල රජුට කියා රජ මැදුරින් නික්ම ‘මෙයින් සත්වන දිනයෙහි’ ‘මගේ ද ගුත්තිල ඇදුරාගේ ද ශිල්ප දැක්වීමක් රජගෙදර මහමළුවේ දී සිදුවේ. එය දකින කැමැත්තෝ දකිත්වායි ඒ ඒ තන්හි ඇවිදිමින් හඬ නගා කීවේය.

මහාසත‍්තො තං සුත්‍වා “අයං තරුණො ථාමවා, අහං පන ජිණ‍්ණො දුබ‍්බලො, යදි පන මෙ පරාජයො භවෙය්‍ය, මතං මෙ ජීවිතා සෙය්‍යං, තස‍්මා අරඤ‍්ඤං පවිසිත්‍වා උබ‍්බන්‍ධිත්‍වා මරිස‍්සාමී”ති අරඤ‍්ඤං ගතො මරණභයතජ‍්ජිතො පටිනිවත‍්ති. පුන මරිතුකාමො හුත්‍වා ගන‍්ත්‍වා පුනපි මරණභයෙන පටිනිවත‍්ති. එවං ගමනාගමනං කරොන‍්තස‍්ස තං ඨානං විගතතිණං අහොසි. අථ දෙවරාජා මහාසත‍්තං උපසඞ‍්කමිත්‍වා දිස‍්සමානරූපො ආකාසෙ ඨත්‍වා එවමාහ “ආචරිය, කිං කරොසී”ති. මහාසත‍්තො –

ගුත්තිල ඒ අසා මේ තෙමේ තරුණයා බලවත්ය. මා වනාහි මහලුය. දුබලය. ඉදින් මට පරාජය සිදුවී නම් ඒ පරාජය ලැබ ජීවත් වනවාට වඩා මරණය උතුම්ය. යහපත් වන්නේය. එබැවින් වනයට ගොස් ගෙළ වැළලාගෙන මිය යන්නෙමියි වනයට ගිය නමුදු, මරණ බියෙන් තැතිගෙන ආපසු හැරුණේය. නැවතද මැරෙනු කැමති වී වනයට ගොස් නැවතද මරණ බියෙන් ආපසු හැරුනේය. මෙසේ යාම ඊම කරන ඔහුගේ ගමන්මග පිහිටි තණකොළ ද මැළවී නැති වී ගියේය. මේ දුටු සක්දෙවි රජු ගුත්තිල වෙත පැමිණ පෙනෙන රූපය ඇතිව අහසෙහි සිට ‘ඇදුරාණෙනි, කුමක් කරන්නේදැයි ඇසීය. ගුත්තිල පඬිතුමා සිය අදහස පැහැදිලි කරමින් මෙසේ කීය.

“සත‍්තතන‍්තිං සුමධුරං, රාමණෙය්‍යං අවාචයිං; සො මං රඞ‍්ගම‍්හි අව‍්හෙති, සරණං මෙ හොහි කොසියා”ති. –

සත්තතන්තිං සුමධුරං රාමණෙය්‍යං අවාචයිං සො මං රංගම්හි අව්හෙති - සරණං මෙ භොහි කොසියා

ඉමිහිරි වූ රමණීය වූ වීණා වාදනය මූසිලට උගැන්වීමි. හෙතෙමේ තරඟ බිමේ දී මා පරාජය කරන්නේය. කෝසිය නම් වූ සක්දෙව් රජුනි, මට පිහිට වුව මැනවි

අත‍්තනො චිත‍්තදුක‍්ඛං පවෙදෙසි.

යනුවෙන් තමන්ගේ සිතෙහි වූ දුක දන්වා සිටියේය.

තස‍්සත්‍ථො – අහං දෙවරාජ මුසිලං නාම අන‍්තෙවාසිකං සත‍්තන‍්නං තන‍්තීනං අත්‍ථිතාය ඡජ‍්ජාදිසත‍්තවිධසරදීපනතො ච සත‍්තතන‍්තිං, තං විසයං කත්‍වා යථාරහං ද‍්වාවීසතියා සුතිභෙදානං අහාපනතො සුට‍්ඨු මධුරන‍්ති සුමධුරං, යථාධිගතානං සමපඤ‍්ඤාසාය මුච‍්ඡනානං පරිබ්‍යත‍්තතාය සරස‍්ස ච වීණාය ච අඤ‍්ඤමඤ‍්ඤසංසන්‍දනෙන සුණන‍්තානං අතිවිය මනොරමභාවතො රාමණෙය්‍යං, සරගතාදිවිභාගතො ඡජ‍්ජාදිචතුබ‍්බිධං ගන්‍ධබ‍්බං අහාපෙත්‍වා ගන්‍ධබ‍්බසිප‍්පං අවාචයින‍්ති වාචෙසිං උග‍්ගණ‍්හාපෙසිං සික‍්ඛාපෙසිං. සො මුසිලො අන‍්තෙවාසී සමානො මං අත‍්තනො ආචරියං රඞ‍්ගම‍්හි රඞ‍්ගමණ‍්ඩලෙ අව‍්හෙති සාරම‍්භවසෙන අත‍්තනො විසෙසං දස‍්සෙතුං සඞ‍්ඝට‍්ටියති, “එහි සිප‍්පං දස‍්සෙහී”ති මං ආචික‍්ඛි, තස‍්ස මෙ ත්‍වං කොසිය දෙවරාජ සරණං අවස‍්සයො හොහීති.

එහි අර්ථය - මම මූසිල නම් වූ අතවැසියාට වීණා ශිල්පය ඉගැන්වීමි. තත් සතක් ඇති බැවින් ද ෂඩ්ජ යනාදී සප්ත ස්වරයන් දැක්වෙන බැවින් ද, සත්ත තන්තිං නම් වේ. එම වීණා ශිල්පය ප්‍රධාන කොටගෙන සුදුසු පරිදි දෙවිස්සක් වූ ශ්‍රැති භේදයෙන් අඩුවක් නොවන බැවින් මිහිරි බැවින් සුමධුරං යි යෙදේ. අවබෝධ කරගත හැකි වන්නා වූ සම පිණිසත් වන ගී තනු පිළිබඳව දක්ෂතාවය නිසා ස්වරයෙහි ද වීණා තන්හි ද, අන්‍යොන්‍ය ගැලපීමෙන් අසන්නන් හට අතිශයින් මනරම් වූ ස්වභාවයක් ඇතිවන බැවින් රාමණෙය්‍ය යී යෙදේ. සංගීත ස්වර ආදී කරුණු විස්තර කිරීමෙන් ෂඩ්ජ ආදී සිව් වැදෑරුම් ගායනයන් අඩු නො කොට ගාන්ධර්ව ශිල්පය අවාචයං ප්‍රගුණ කෙරුවෙමි - ඉගැන්වීමි. එහි යෙදවීමි. සො මූසිල තෙමේ අතවැසියා මං තමන්ගේ ආචාර්යවරයා රංගම්හි රැඟුම් වැයුම් කරන භූමියෙහි රම්හෙ අභියෝග වශයෙන් තමාගේ ශිල්ප දැක්වීමට රඟබිමට එන්න. විශේෂත්වය දැක්වීමට රඟබිමට එන්න. ශිල්ප දක්වන්න යයි මට අභියෝග කරයි. එබඳු වූ මෙ මට ඔබ කොසියං දෙව්රදුනි. සරණං ඔබගේ පිහිට අවශ්‍ය වේ. හොහි පිහිටට එන්න.

තං සුත්‍වා සක‍්කො දෙවරාජා “මා භායි ආචරිය, අහං තෙ සරණං පරායණ”න‍්ති දස‍්සෙන‍්තො –

එය අසා සක්දෙව් රජු ඇදුරුතුමනි, බිය නොවන්න. මම ඔබට පිහිටවීම සඳහා යොමුවී සිටින්නෙමි කියා

“අහං තෙ සරණං හොමි, අහමාචරියපූජකො; න තං ජයිස‍්සති සිස‍්සො, සිස‍්සමාචරිය ජෙස‍්සසී”ති. –

අහං තෙ සරණං හොමි අහ්මාචරිය පූජකො නතං ජායිස්සතො සිස්සො සිස්සමාචරිය ජෙස්ස සී

මම ඔබට පිහිට වෙමි. මම ඇදුරන් පුදන්නෙක් වෙමි. ශිෂ්‍යයා ඔබ පරාජය නො කරන්නේය. ඇදුරුතුමනි, ඔබ ශිෂ්‍යයා පරාජය කරන්නේය.

ආහ . සක‍්කස‍්ස කිර දෙවරඤ‍්ඤො පුරිමත‍්තභාවෙ මහාසත‍්තො ආචරියො අහොසි. තෙනාහ “අහමාචරියපූජකො”ති. අහං ආචරියානං පූජකො, න මුසිලො විය යුගග‍්ගාහී, මාදිසෙසු අන‍්තෙවාසිකෙසු ඨිතෙසු තාදිසස‍්ස ආචරියස‍්ස කථං පරාජයො, තස‍්මා න තං ජයිස‍්සති සිස‍්සො, අඤ‍්ඤදත්‍ථු සිස‍්සං මුසිලං ආචරිය ත්‍වමෙව ජයිස‍්සසි, සො පන පරාජිතො විනාසං පාපුණිස‍්සතීති අධිප‍්පායො. එවඤ‍්ච පන වත්‍වා “අහං සත‍්තමෙ දිවසෙ සාකච‍්ඡාමණ‍්ඩලං ආගමිස‍්සාමි, තුම‍්හෙ විස‍්සත්‍ථා වාදෙථා”ති සමස‍්සාසෙත්‍වා ගතො.

යනුවෙන් කීය. ගුත්තිල පණ්ඩිතයෝ පූර්ව ආත්මභාවයෙහි ශක්‍රයාගේ ගුරුවරයා විය. ඒ නිසා අහ්මාචරිය පූජකො යනු කීහ. මම ඇදුරන් පුදන්නෙක් වෙමියි කීය. මූසිල මෙන් තරඟකරුවෙක් නොවෙමි. මා වැනි අතවැසියෙක් සිටින කල්හි ඔබ වැනි ඇදුරු කෙනෙකුට කවර නම් පරාජයක්ද, එහෙයින් නතං ජයස්සති සිස්සො ඒකාන්තයෙන්ම ශිෂ්‍ය මූසිල පරදවා, ආචරිය ආචාර්ය වූ ඔබම ජයගන්නෙහිය. ඒ මූසිලයා වනාහි පරාජයට පත්වී මරණයට පත්වන්නේය යන අදහසයි. මෙසේ කියා සත්වන දවසේ මම වාද මණ්ඩපයට පැමිණෙන්නෙමි. ඔබ විශ්වාසයෙන් යුතුව වාද කරන්නැයි අස්වසා ගියේය.

සත‍්තමෙ පන දිවසෙ රාජා සපරිවාරො රාජසභායං නිසීදි. ගුත‍්තිලාචරියො ච මුසිලො ච සිප‍්පදස‍්සනත්‍ථං සජ‍්ජා හුත්‍වා උපසඞ‍්කමිත්‍වා රාජානං වන්‍දිත්‍වා අත‍්තනො අත‍්තනො ලද‍්ධාසනෙ නිසීදිත්‍වා වීණා වාදයිංසු. සක‍්කො ආගන‍්ත්‍වා අන‍්තලික‍්ඛෙ අට‍්ඨාසි. තං මහාසත‍්තොව පස‍්සති, ඉතරෙ පන න පස‍්සන‍්ති. පරිසා ද‍්වින‍්නම‍්පි වාදනෙ සමචිත‍්තා අහොසි. සක‍්කො ගුත‍්තිලං “එකං තන‍්තිං ඡින්‍දා”ති ආහ. ඡින‍්නායපි තන‍්තියා වීණා තථෙව මධුරනිග‍්ඝොසා අහොසි. එවං “දුතියං, තතියං, චතුත්‍ථං, පඤ‍්චමං, ඡට‍්ඨං, සත‍්තමං ඡින්‍දා”ති ආහ, තාසු ඡින‍්නාසුපි වීණා මධුරනිග‍්ඝොසාව අහොසි. තං දිස‍්වා මුසිලො පරාජිතභූතරූපො පත‍්තක‍්ඛන්‍ධො අහොසි, පරිසා හට‍්ඨතුට‍්ඨා චෙලුක‍්ඛෙපෙ කරොන‍්තී ගුත‍්තිලස‍්ස සාධුකාරමදාසි. රාජා මුසිලං සභාය නීහරාපෙසි, මහාජනො ලෙඩ‍්ඩුදණ‍්ඩාදීහි පහරන‍්තො මුසිලං තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපෙසි.

සත්වන දිනයෙහි රජ තෙමේ පිරිවර සහිතව රාජසභාවේ හුන්නේය. ගුත්තිල ඇදුරා ද, මූසිල ද ශිල්ප දැක්වීම සඳහා සූදානම්ව පැමිණ රජු වැඳ තමන්ට හිමි අසුන්වල හිඳ වීණා වාදනය කළහ. ශක්‍රයා ද පැමිණ අහසෙහි සිටියේය. ගුත්තිල පමණක් ඔහු දකියි. අන් අය නො දකී. පිරිස දෙදෙනාගේම ගායනයෙහි සමසිත්ව සිටියහ. දෙදෙනාගේ වාද සම සම විය. ශක්‍රයා ගුත්තිලට එක තතක් සිඳින ලෙස කීය. තත සිඳින ලද්දේ වුවද වීණාව පෙරසේම මිහිරිහඬ නංවන්නේ විය. මෙසේ දෙවැන්නද තෙවැන්නද සිවුවැන්න හා පස්වැන්න සයවැන්න හා සත්වැන්නද සිඳින්නැයි කීහ. ඒවා සිඳිනා ලද කල්හි ද වීණාව මිහිරිහඬ නංවන්ට විය. එය දැක මූසිල පරාජය වූ ස්වරූපයෙන් යුතුව සිරුර නමා ගත්තේය. නැතහොත් බිම බලා ගත්තේය. තුටු පහටු වූ පිරිස මුහුද ගොඩ ගලන්නාක් මෙන් මහ හඬ නගමින් ගුත්තිලට සාධුකාර දුන්නේය. රජතෙම මූසිලව සභාවෙන් බැහැර කරවීය. මහජනයා ගල්මුගුරු ආදියෙන් ගසා මරා දැමීය.

සක‍්කො දෙවානමින්‍දො මහාපුරිසෙන සද‍්ධිං සම‍්මොදනීයං කත්‍වා දෙවලොකමෙව ගතො. තං දෙවතා “මහාරාජ, කුහිං ගතත්‍ථා”ති පුච‍්ඡිත්‍වා තං පවත‍්තිං සුත්‍වා “මහාරාජ, මයං ගුත‍්තිලාචරියං පස‍්සිස‍්සාම, සාධු නො තං ඉධානෙත්‍වා දස‍්සෙහී”ති ආහංසු. සක‍්කො දෙවානං වචනං සුත්‍වා මාතලිං ආණාපෙසි “ගච‍්ඡ වෙජයන‍්තරථෙන අම‍්හාකං ගුත‍්තිලාචරියං ආනෙහි, දෙවතා තං දස‍්සනකාමා”ති, සො තථා අකාසි. සක‍්කො මහාසත‍්තෙන සද‍්ධිං සම‍්මොදනීයං කත්‍වා එවමාහ “ආචරිය, වීණං වාදය, දෙවතා සොතුකාමා”ති. “මයං සිප‍්පූපජීවිනො, වෙතනෙන විනා සිප‍්පං න දස‍්සෙමා”ති. “කීදිසං පන වෙතනං ඉච‍්ඡසී”ති. “නාඤ‍්ඤෙන මෙ වෙතනෙන කිච‍්චං අත්‍ථි, ඉමාසං පන දෙවතානං අත‍්තනා අත‍්තනා පුබ‍්බෙකතකුසලකථනමෙව මෙ වෙතනං හොතූ”ති ආහ. තා “සාධූ”ති සම‍්පටිච‍්ඡිංසු. අථ මහාසත‍්තො පාටෙක‍්කං තාහි තදා පටිලද‍්ධසම‍්පත‍්තිකිත‍්තනමුඛෙන තස‍්සා හෙතුභූතං පුරිමත‍්තභාවෙ කතං සුචරිතං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො විය පුච‍්ඡන‍්තො “අභික‍්කන‍්තෙන වණ‍්ණෙනා”තිආදිගාථාහි පුච‍්ඡි. තාපි “වත්‍ථුත‍්තමදායිකා නාරී”තිආදිනා යථා එතරහි ථෙරස‍්ස, එවමෙව තස‍්ස බ්‍යාකරිංසු. තෙන වුත‍්තං “මොග‍්ගල‍්ලාන තා දෙවතා න කෙවලං තයා එව පුච‍්ඡිතා එවං බ්‍යාකරිංසු, අථ ඛො පුබ‍්බෙ මයාපි පුච‍්ඡිතා එවමෙව බ්‍යාකරිංසූ”ති.

සක්දෙව් රජ ගුත්තිල සමග සතුටු සාමීචි කථාකොට දෙව්ලොව ගියේය. දේවතාවෝ මහරජ, ඔබ කොහි ගියේදැයි විචාරා ඒ පුවත අසා මහරජ, අපිත් ගුත්තිල පණ්ඩිතයන් දකින්නෙමු නම් යහපති. ඔහු මෙහි ගෙන්වා අපට දක්වන්නැයි කීහ. ශක්‍රයා දේවතාවන්ගේ වදන් අසා ‘යන්න, වෛජයන්ත නම් රථයෙන් අපගේ ගුත්තිල පණ්ඩිතයන් කැඳවාගෙන එන්න, දේවතාවෝ ඔහු දකින්න කැමැත්තාහු යයි’ මාතලී නම් රියැදුරුට නියෝග කළේය. හෙතෙම එසේ කළේය. ශක්‍රයා ගුත්තිල පඬිවරයා සමග සතුටු සාමීචි කථාකොට ‘ඇදුරුතුමනි, වීණාව වාදනය කරන්න. දේවතාවෝ එය අසනු කැමැත්තාහු වෙති’යි කීය. අපි ශිල්ප දැක්වීමෙන් ජීවත් වන්නෙමු. වැටුපකින් තොරව ශිල්ප නොදක්වන්නෙමු. කෙබඳු නම් වැටුපක් කැමැත්තෙහි ද, මට වෙන වැටුපකින් කමක් නැත. මේ දේවතාවියන් තම තමන් විසින් කරන ලද පින්කම් කුසල් කියා පෑමම මගේ වැටුප වන්නේය යයි කීය. ඒ දිව්‍ය ස්ත්‍රීහූ යහපතැයි කියා එය පිළිගත්හ. ඉක්බිති ගුත්තිල පඬිතුමා වෙන් වෙන් වශයෙන් ඒ දිව්‍ය ස්ත්‍රීන් විසින් එකල ලබා ඇති සම්පත් කියා එයට හේතු වූ පෙර අත්බැව්හී කරන ලද සුචරිත කර්මයන් ආයුෂ්මත් මග මුගලන් තෙරුන් මෙන් විමසන්නේ ‘අභික්කන්තෙන වණ්ණාන’ ආදී ගාථාවන්ගෙන් ප්‍රශ්න කළේය. ඒ දිව්‍ය ස්ත්‍රීහු ද ‘වත්‍ථුත්තම දායිකා නාරී’ ආදී ගාථාවන්ගෙන් තෙරණුවන්ට ප්‍රකාශ කරන අයුරින්ම එම ගුත්තිල ඇදුරාට ප්‍රකාශ කළහ. ඒ නිසා මොග්ගල්ලානතා - පෙ- පුච්ඡිතා එවමෙවං’ යයි කියන ලදී. මොග්ගල්ලානයෙනි, ඒ දේවතාවියෝ හුදෙක් ඔබ විසින් ප්‍රශ්න කරන ලද්දාහුම මෙසේ ප්‍රකාශ කරන ලදුයේ නොවේ. පෙර මා විසින් ප්‍රශ්න කරන ලද කල්හි ද මෙසේ ප්‍රශ්න කළාහු වෙති.

තා කිර ඉත්‍ථියො කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ මනුස‍්සත‍්තභාවෙ ඨිතා තං තං පුඤ‍්ඤං අකංසු. තත්‍ථ එකා ඉත්‍ථී වත්‍ථං අදාසි, එකා සුමනමාලං, එකා ගන්‍ධං, එකා උළාරානි ඵලානි, එකා උච‍්ඡුරසං, එකා භගවතො චෙතියෙ ගන්‍ධපඤ‍්චඞ‍්ගුලිකං අදාසි, එකා උපොසථං උපවසි, එකා උපකට‍්ඨාය වෙලාය නාවාය භුඤ‍්ජන‍්තස‍්ස භික‍්ඛුනො උදකං අදාසි, එකා කොධනානං සස‍්සුසසුරානං අක‍්කොධනා උපට‍්ඨානං අකාසි, එකා දාසී හුත්‍වා අතන්‍දිතාචාරා අහොසි, එකො පිණ‍්ඩචාරිකස‍්ස භික‍්ඛුනො ඛීරභත‍්තං අදාසි, එකා ඵාණිතං අදාසි, එකා උච‍්ඡුඛණ‍්ඩං අදාසි, එකා තිම‍්බරුසකං අදාසි, එකා කක‍්කාරිකං අදාසි, එකා එළාලුකං අදාසි, එකා වල‍්ලිඵලං අදාසි, එකා ඵාරුසකං අදාසි, එකා අඞ‍්ගාරකපල‍්ලං අදාසි, එකා සාකමුට‍්ඨිං අදාසි, එකා පුප‍්ඵකමුට‍්ඨිං අදාසි, එකා මූලකලාපං අදාසි, එකා නිම‍්බමුට‍්ඨිං අදාසි, එකා කඤ‍්ජිකං අදාසි, එකා තිලපිඤ‍්ඤාකං අදාසි, එකා කායබන්‍ධනං අදාසි, එකා අංසබද‍්ධකං අදාසි, එකා ආයොගපට‍්ටං අදාසි, එකා විධූපනං, එකා තාලවණ‍්ටං, එකා මොරහත්‍ථං, එකා ඡත‍්තං, එකා උපාහනං, එකා පූවං, එකා මොදකං, එකා සක‍්ඛලිකං අදාසි. තා එකෙකා අච‍්ඡරාසහස‍්සපරිවාරා පහතියා දෙවිද‍්ධියා විරාජමානා තාවතිංසභවනෙ සක‍්කස‍්ස දෙවරාජස‍්ස පරිචාරිකා හුත්‍වා නිබ‍්බත‍්තා ගුත‍්තිලාචරියෙන පුච‍්ඡිතා “වත්‍ථුත‍්තමදායිකා නාරී”තිආදිනා අත‍්තනා අත‍්තනා කතකුසලං පටිපාටියා බ්‍යාකරිංසු.

ඒ දිව්‍ය ස්ත්‍රීහු වනාහි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මනුෂ්‍යාත්ම භාවයෙහි සිට ඒ ඒ පින්කම් කොට තව්තිසාවෙහි වෙන් වෙන් වශයෙන් අප්සරාවන් දහස බැගින් පිරිවරකොට ගෙන සදෙව් රජහුගේ පරිචාරිකාවන් වී පිළිවෙළින් පිහිටි සතියක් දෙව්විමන්හි ඉපිද බුදු නුවණිනුදු පිරිසිඳ දත නොහැකි මහත් සම්පත් විඳින්නාහුය. එහි එක් ස්ත්‍රියක් වස්ත්‍රයක් දන් දුන්නාය. එකියක් සමන් මල්දමක්, එකියක් සුවඳ ද්‍රව්‍ය - එකියක් අගනා ඵලයක් ද, එකියක් උක් යුෂ ද, භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍යයට ගඳපසැඟිළි ද දුන්නාය. එකියක් පෙහෙවස් සමාදන් වූවාය. එකියක් වෙලාව ආසන්න වී නැවක දන් වළඳමින් සිටි භික්‍ෂූන් වහන්සේලාට ජලය දුන්නාය. එකියක් ක්‍රෝධ සහිත නැදි මයිලන්ට ක්‍රෝධ නැතිව උවැටන් කළාය. එකියක් දාසියක වී නො මැළිව මෙහෙ කළාය. එකියක් පිඬු පිණිස හැසිරෙන භික්‍ෂුවකට කිරිබත් පිදුවාය. එකියක් පැණි දුන්නාය. එකියක් උක්ගස් කැබැල්ලක් දුන්නාය. එකියක් තිඹිරි ගෙඩියක්, එකියක් කැකිරි ගෙඩියක් දුන්නාය. එකියක් පිපිඤ්ඤා ගෙඩියක්, එකියක් කොමඩු ගෙඩියක් උගුරැස්ස ගෙඩියක් දුන්නාය. එකියක් අඟුරු කබල දුන්නාය. එකියක් පළ මිටක් දුන්නාය. එකියක් මල් මිටක් දුන්නාය. එකියක් නෙළුම් අලයක් දුන්නාය. එකියක් කොහොඹ කොල මිටියක් දුන්නාය. එකියක් කැඳ දුන්නාය. එකියක් තලපොතු දුන්නාය. එකියක් ඉඟ පටියක් දුන්නාය. එකියක් අංසකඩයක් දුන්නාය. එකියක් උරහිස් ලම්බනයක් දුන්නාය. එකියක් දළ පවන් සලනයක් ද, එකියක් විජිනිපතක් ද, එකියක් මොණර පියාපතක් ද, එකියක් ශීර්ෂාවරණයක් ද, එකියක් පාවහන් සඟලක් ද එකියක් පූපයක් ද, එකියක් අග්ගලාවක් ද, එකියක් සක්කර ද දුන්නාය. අප්සරාවන් දහස බැගින් පිරිවර කොට දිව්‍යමය සම්පත්තියෙන් බබළන තව්තිසාවෙහි සක්දෙව් රජුගේ පරිචාරිකාවන් වී උපන්, ගුත්තිල ඇදුරු විසින් ප්‍රශ්න කරන ලද ඒ එක් එක් දිව්‍ය ස්ත්‍රීහු ‘වත්‍ථුත්ත මදායිකා නාරී’ ආදී ගාථාවගෙන් තම තමන් විසින් කරන ලද කුසල් පිළිවෙළින් ප්‍රකාශ කළහ.

“අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ; ඔභාසෙන‍්තී දිසා සබ‍්බා, ඔසධී විය තාරකා.

දේවතාවියනි, යම්බඳු වූ ඔබ බබළන්නා වූ වර්ණයෙන් යුතුව ඕසධී නම් තාරකාව මෙන් සියලු දිසාවන් බබුළුවමින් සිටින්නෙහිය.

“කෙන තෙතාදිසො වණ‍්ණො, කෙන තෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.

මෙබඳු වර්ණයක් - ඔබට කුමක් නිසා ලැබිණිද? ඔබේ මනසට යම්කිසි සම්පත්තියක් ප්‍රිය වේද? ඒවා ඔබට ලැබෙන්නේය.

“පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති.

“සා දෙවතා අත‍්තමනා, මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා; පඤ‍්හං පුට‍්ඨා වියාකාසි, යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

“වත්‍ථුත‍්තමදායිකා නාරී, පවරා හොති නරෙසු නාරීසු; එවං පියරූපදායිකා මනාපං, දිබ‍්බං සා ලභතෙ උපෙච‍්ච ඨානං.

උතුම් වස්ත්‍ර ඇත්තා වූ ස්ත්‍රිය මනුෂ්‍ය ස්ත්‍රීන් අතර ප්‍රිය වන්නීය. උතුම් වන්නීය. මෙසේ ප්‍රිය ස්වභාවය ඇති වස්ත්‍ර දුන් ඒ තැනැත්තිය දෙව්ලොවට පැමිණ සම්පත් ලබන්නීය.

“තස‍්සා මෙ පස‍්ස විමානං, අච‍්ඡරා කාමවණ‍්ණිනීහමස‍්මි; අච‍්ඡරාසහස‍්සස‍්සාහං, පවරා පස‍්ස පුඤ‍්ඤානං විපාකං.

එවැනි පින්කළ මාගේ විමානය බලන්න. මම ප්‍රිය උපදවන වර්ණයෙන් යුක්ත වූ, අප්සරාවක් වෙමි. මම අප්සරාවන් දහසකට ශ්‍රේෂ්ට වෙමි. පින්කම්හි විපාක බලන්න.

“තෙන මෙතාදිසො වණ‍්ණො, තෙන මෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.

පෙර කියන ලද ඒ පිනෙන් මට මෙබඳු වර්ණයක් ලැබිණ. ඒ පිනෙන් මට මේ සම්පත් ලැබේ. මනසට යමක් ප්‍රිය වේද, ඒ සියලු සම්පත් මට උපදී.

“අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව, මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං; තෙනම‍්හි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති.

ඒ කුසලයේ හේතුවෙන් මෙබඳු දීප්තිමත් ආනුභාවයක් ඇත්තේ වෙමි. මාගේ වර්ණය ද සියලු දිසාවන් පැහැපත් කරයි.

(යථා ච එත්‍ථ, එවං උපරි සබ‍්බවිමානෙසු විත්‍ථාරෙතබ‍්බං.)

මෙහි දක්වන ලද පරිදිම මතුයෙහි ද සියලු විමාන වර්ණනා විශේෂ දැක්විය යුතු. (අදහස පෙර සඳහන් පරිදිමය.)

“පුප‍්ඵුත‍්තමදායිකා නාරී, පවරා හොති නරෙසු නාරීසු…පෙ….

උතුම් මල් දුන්නා වූ ස්ත්‍රිය පුරුෂයන් හා ස්ත්‍රීන් අතර උතුම් වන්නේය. මෙසේ ප්‍රිය ස්වභාවය ඇතිව මල් දුන්නා වූ ඒ තැනැත්තිය උතුම් වන්නීය. දෙව්ලොවට පැමිණ සම්පත් ලබන්නීය. මම ප්‍රිය උපදවන වර්ණයෙන් යුක්ත අප්සරාවක වෙමි. මම අප්සරාවන් දහසකට ප්‍රධාන වෙමි. ඒ උතුම් පින්කම නිසා ලත් විපාකය බලන්න. මාගේ විමානය බලන්න. (අට්ඨ කථාවේ එන මෙම ගාථාවල අදහස් කලින් සඳහන් කර ඇත.)

“ගන්‍ධුත‍්තමදායිකා නාරී, පවරා හොති නරෙසු නාරීසු…පෙ….

උතුම් සුවඳ දුන්නා වූ ස්ත්‍රිය මිනිසුන් අතුරින් උතුම් වන්නීය.

“ඵලුත‍්තමදායිකා නාරී…පෙ….

මේ පෙළෙහි අර්ථ එක සමානය.

“රසුත‍්තමදායිකා නාරී…පෙ….

“ගන්‍ධපඤ‍්චඞ‍්ගුලිකං අහමදාසිං,කස‍්සපස‍්ස භගවතො ථූපම‍්හි…පෙ….

මම කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ධාතු නිධන් කළ ස්තූපයෙහි ‘ගඳා පසැඟිලි’ දුනිමි. ඒ පිණින් පහළ වූ විමානය බලන්න. මාගේ වර්ණ සම්පත්තිය බලන්න. එය සියලු දිශාවන් පැහැපත් කරයි.

“භික‍්ඛූ ච අහං භික‍්ඛුනියො ච, අද‍්දසාසිං පන්‍ථපටිපන‍්නෙ; තෙසාහං ධම‍්මං සුත්‍වාන, එකූපොසථං උපවසිස‍්සං.

මගට පිළිපන් භික්‍ෂූන් ද භික්‍ෂුණීන් ද දුටුවෙමි. ඔවුන්ගෙන් දහම් අසා එක් දහවල් දිනක් පෙහෙවස් රැකියෙමි. එබඳු පින් කළ මාගේ විමානය බලන්න. මාගේ වර්ණය ද සියලු දිසාවන් පැහැපත් කරයි.

“තස‍්සා මෙ පස‍්ස විමානං…පෙ….

“උදකෙ ඨිතා උදකමදාසිං, භික‍්ඛුනො චිත‍්තෙන විප‍්පසන‍්නෙන…පෙ….

දියෙහි සිටි භික්‍ෂුවකට මම ඉතා පහන් සිතින් ජලය දුනිමි. එබඳු පින් කළ මාගේ විමානය බලන්න. මාගේ වර්ණයද සියලු දිසාවන් පැහැපත් කරයි.

“සස‍්සුඤ‍්චාහං සසුරඤ‍්ච, චණ‍්ඩිකෙ කොධනෙ ච ඵරුසෙ ච; අනුසූයිකා උපට‍්ඨාසිං, අප‍්පමත‍්තා සකෙන සීලෙන…පෙ….

මම නපුරු වූ, ඵරුෂ වූ, ක්‍රෝධ කරන්නා වූ නැන්දාට ද මාමාට ද ඊර්ෂ්‍යා නොකර උවටැන් කළෙමි. එසේම අප්‍රමාදීව ස්වකීය සීලයෙන් යුතුව වාසය කළෙමි.

“පරකම‍්මකරී ආසිං, අත්‍ථෙනාතන්‍දිතා දාසී; අක‍්කොධනානතිමානිනී, සංවිභාගිනී කකස‍්ස භාගස‍්ස…පෙ….

අනුන්ගේ වැඩ කරදෙන තැනැත්තියක් වීමි. ප්‍රයෝජනවත් වූ අලස නොවූ දාසියක් වීමි. ක්‍රෝධ නොකරන නිහතමානී තැනැත්තියක් වීමි. තමන්ට ලැබෙන දෙය බෙදා දෙන තැනැත්තියක් වීමි. මෙබඳු පින්කම්වලින් උපන් විපාකය අනුව ලද විමානය බලන්න. මගේ ශරීර වර්ණය දස දිසාවන් බබුළුවයි.

“ඛීරොදනං අහමදාසිං, භික‍්ඛුනො පිණ‍්ඩාය චරන‍්තස‍්ස; එවං කරිත්‍වා කම‍්මං, සුගතිං උපපජ‍්ජ මොදාමි…පෙ….

පිඬු පිණිස හැසිරෙන එක් භික්‍ෂුවක් හට මම කිරිබත් පූජා කළෙමි. මේ පින්කම කරණකොට සුගතියෙහි ඉපිද සැපතට පත්වීමි.

“ඵාණිතං අහමදාසිං…පෙ….

ඵාණිතං අහ මදාසිං - මම පැණි දුනිමි.

“උච‍්ඡුඛණ‍්ඩිකං අහමදාසිං…පෙ….

උච්ඡු ඛණ්ඩකං අහමදාසිං - මම උක්දඬු කැබැල්ලක් දුනිමි.

“තිම‍්බරුසකං අහමදාසිං…පෙ….

තිම්බරූසකං අහමදාසිං - මම තිඹිරි ඵලයක් දුනිමි.

“කක‍්කාරිකං අහමදාසිං…පෙ….

කක්කාරිකං අහමදාසිං - මම කැකිරි ගෙඩියක් දුනිමි.

“එළාලුකං අහමදාසිං…පෙ….

එළාලූකං අහමදාසිං - මම පිපිඤ්ඤා ගෙඩියක් දුනිමි.

“වල‍්ලිඵලං අහමදාසිං…පෙ….

වල්ලීඵලං අහමදාසිං - මම කොමඩු ඵලයක් දුනිමි.

“ඵාරුසකං අහමදාසිං…පෙ….

ඵාරුසකං අහමදාසිං - මම උගුරැස්ස ගෙඩියක් දුනිමි.

“හත්‍ථප‍්පතාපකං අහමදාසිං…පෙ….

හත්‍ථප්පතාකං අහමදාසිං - මම ගිනි තැපීමට ගන්නා බඳුනක් දුනිමි.

“සාකමුට‍්ඨිං අහමදාසිං…පෙ….

සාකවුට්ඨිං අනුමදාසිං - මම අලුමිටක් දුනිමි.

“පුප‍්ඵකමුට‍්ඨිං අහමදාසිං…පෙ….

පුප්ඵක මුට්ඨං අහමදාසිං - මම මල් මිටක් දුනිමි.

“මූලකං අහමදාසිං…පෙ….

මූලකං අහමදාසිං - මම නෙළුම් අලයක් දුනිමි.

“නිම‍්බමුට‍්ඨිං අහමදාසිං…පෙ….

තිම්බමුට්ඨි අහමදාසිං - මම කොහොඹ කොළ මිටක් දුනිමි.

“අම‍්බකඤ‍්ජිකං අහමදාසිං…පෙ….

අම්බකඤ්ඡිං අහමදාසිං - මම ඇඹුකැඳ ටිකක් දුනිමි.

“දොණිනිම‍්මජ‍්ජනිං අහමදාසිං…පෙ….

දොණි නිම්මජ්ජනිං අහමදාසිං - මම තෙල් සහිත තළ ටිකක් දුනිමි.

“කායබන්‍ධනං අහමදාසිං…පෙ….

කායබන්‍ධනං අහමදාසිං - මම ඉඟපටියක් දුනිමි.

“අංසබද‍්ධකං අහමදාසිං…පෙ….

ආසවට්ටකං අහමදාසිං - මම අංසකඩක් දුනිමි.

“ආයොගපට‍්ටං අහමදාසිං…පෙ….

ආයොග පට්ටං අහමදාසිං - මම උරහිස් ලම්බනයක් දුනිමි.

“විධූපනං අහමදාසිං…පෙ….

විධූපනං අහමදාසිං - මම සතර පවන් සලනියක් දුනිමි.

“තාලවණ‍්ටං අහමදාසිං…පෙ….

තාලවණ්ටං අහමදාසිං - මම විජිනිපතක් දුනිමි.

“මොරහත්‍ථං අහමදාසිං…පෙ….

මොරහත්‍ථං අහමදාසිං - මම මොණර පිහාටුවලින් තැනු අවානක් දුනිමි.

“ඡත‍්තං අහමදාසිං…පෙ….

ඡත්තං අහමදාසිං - මම කුඩයක් දුනිමි.

“උපාහනං අහමදාසිං…පෙ….

උපාහානං අහමදාසිං - මම මිරිවැඩි සඟලක් දුනිමි.

“පූවං අහමදාසිං…පෙ….

පූවං අහමදාසිං - මම පූපයක් දුනිමි.

“මොදකං අහමදාසිං…පෙ….

මොදනං අහමදාසිං - මම අග්ගළාවක් දුනිමි.

“සක‍්ඛලිකං අහමදාසිං, භික‍්ඛුනො පිණ‍්ඩාය චරන‍්තස‍්ස…පෙ….

සක්‍ඛලිං අහමදාසිං - මම සක්කර දුනිමි.

“තස‍්සා මෙ පස‍්ස විමානං, අච‍්ඡරා කාමවණ‍්ණිනීහමස‍්මිං; අච‍්ඡරාසහස‍්සස‍්සාහං, පවරා පස‍්ස පුඤ‍්ඤානං විපාකං.

තස්සා මෙ පස්ස විමානං - අච්ඡරා කාම වණ්ණිනී හමස්මි අච්ඡරා සහස්සස්සාහං - පවරා පස්ස පුඤ්ඤානං විපාකං

ඒ වැනි පින්කළ මාගේ විමානය බලන්න. මම ප්‍රිය උපදවන වර්ණයෙන් යුක්ත වූ අප්සරාවක් වෙමි. මම අප්සරාවන් දහසකට ශ්‍රේෂ්ඨ ද වෙමි. පින්කම්හි විපාක බලන්න.

“තෙන මෙතාදිසො වණ‍්ණො…පෙ… වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති.

තෙන මෙ තාදිසො වණ්ණො යෙ කෙචි මනසො පියා තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණොච මෙ සබ්බදිසා පභාසති

එවං මහාසත‍්තො තාහි දෙවතාහි කතසුචරිතෙ බ්‍යාකතෙ තුට‍්ඨමානසො සම‍්මොදනං කරොන‍්තො අත‍්තනො ච සුචරිතචරණෙ යුත‍්තපයුත‍්තතං විවට‍්ටජ‍්ඣාසයතඤ‍්ච පවෙදෙන‍්තො ආහ –

මෙසේ ඒ දෙවඟනන් විසින් විස්තර කරන ලද යහපත් ක්‍රියාවන් ප්‍රකාශ කරන ලද කල්හි සතුටු සිත් ඇත්තා වූ ගුත්තිල පඬිතුමෝ, සතුටුසාමීචි කථාබස් කරනුයේ සුචරිත ක්‍රියාවන්හි මනාව යෙදීම පිළිබඳව හා සසරින් නිදහස්වීම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ කීහ.

“ස‍්වාගතං වත මෙ අජ‍්ජ, සුප‍්පභාතං සුහුට‍්ඨිතං; යං අද‍්දසාමි දෙවතායො, අච‍්ඡරා කාමවණ‍්ණිනියො.

ස්වාගතං වත මෙ අජ්ජ සුප්පහාතං සුවට්ඨිතං යං අද්දසං දෙවතායො - අච්ඡරා කාම වණ්ණියො

“ඉමාසාහං ධම‍්මං සුත්‍වා, කාහාමි කුසලං බහුං; දානෙන සමචරියාය, සඤ‍්ඤමෙන දමෙන ච; ස‍්වාහං තත්‍ථ ගමිස‍්සාමි, යත්‍ථ ගන‍්ත්‍වා න සොචරෙ”ති.

ඉමාසාහං ධම්මං සුත්‍වා - කාහාමි කුසලං බහුං දානෙන සම චරියාය - සඤ්ඤමෙන දමෙනච ස්වාහං තත්‍ථ ගමිස්සාමි - යත්‍ථ ගනත්‍වා න සොචරෙ

මනාව නැගී සිටියෙමි. ප්‍රියකරු වර්ණයන්ගෙන් යුත් දිව්‍ය අප්සරාවන් දුටුවෙමි. මෙහිදී යමක් සිදුවීද, ඒ නිසා මාගේ පැමිණීම ඒකාන්තයෙන්ම යහපත් වූවක් විය. අද සොඳුරු උදෑසනක් විය. මනා ලෙස නැගී සිටියෙමි.

මේ දෙවඟනෝ දන් දීමෙන් ද මනා පැවැත්මෙන් ද, ඉන්‍ද්‍රිය දමනයෙන් ද යුතු වූ, මෙම කර්ම දැක්වෙන දහම් අසා බොහෝ කුසල් කරන්නෙම් වන්නෙමි. මනුෂ්‍යයෝ යම්තැනක ගොස් නිශ්ශෝකී වෙත්ද, මම ද එහි යන්නෙමි.

තත්‍ථ වත්‍ථුත‍්තමදායිකාති වත්‍ථානං උත‍්තමං සෙට‍්ඨං, වත්‍ථෙසු වා බහූසු උච‍්චිනිත්‍වා ගහිතං උක‍්කංසගතං පවරං කොටිභූතං වත්‍ථං වත්‍ථුත‍්තමං, තස‍්ස දායිකා. “පුප‍්ඵුත‍්තමදායිකා”තිආදීසුපි එසෙව නයො. පියරූපදායිකාති පියසභාවස‍්ස පියජාතිකස‍්ස ච වත්‍ථුනො දායිකා. මනාපන‍්ති මනවඩ‍්ඪනකං. දිබ‍්බන‍්ති දිවි භවත‍්තා දිබ‍්බං. උපෙච‍්චාති උපගන‍්ත්‍වා චෙතෙත්‍වා, “එදිසං ලභෙය්‍ය”න‍්ති පකප‍්පෙත්‍වාති අත්‍ථො. ඨානන‍්ති විමානාදිකං ඨානං, ඉස‍්සරියං වා. “මනාපා”තිපි පාඨො, අඤ‍්ඤෙසං මනවඩ‍්ඪනකා හුත්‍වාති අත්‍ථො.

එහි වත්‍ථුත්තම දායිකා - වස්ත්‍රයන්ගේ හෙවත් වස්ත්‍ර අතරෙහි උතුම් වූ හා ශ්‍රේෂ්ඨ වූ ද, බොහෝ වස්ත්‍ර අතුරෙන් එක්රැස් කරගත්, උසස් වූ උතුම් වූ හා තත්ත්වයෙන් ශ්‍රේෂ්ඨ වූ ද වස්ත්‍රවලට වත්‍ථුත්තම යයි කියනු ලැබේ. එය දෙන තැනැත්තිය වත්‍ථුත්තම දායිකා යයි කියනු ලැබේ. පියරූප දායිකා ප්‍රිය වූ ස්වභාව සහිත ප්‍රිය වූ වර්ගවලට අයත් වස්තූන් දෙන දායිකා මනාප මනසට ප්‍රිය වූ. දිබ්බං දෙව්ලොව පවත්නා යන අදහසින් ‘දිබ්බං’ උපෙච්ච (යම්කිසි තත්ත්වයකට) එළඹ - ඒ පිළිබඳව සිතා මෙබඳු දෙයක් ලබන්නෙමියි අදහස්කොට, යන අර්ථයි. ඨානං විමාන ආදිය හෝ සම්පත් පිළිබඳ පැවැත්ම, ‘මනාපා’ යන පාඨයක් ද ඇතැම් තැනක දක්නට ලැබේ. අන් අයගේ සිත් ප්‍රිය කරන්නියක් වූ යන අර්ථයි.

පස‍්ස පුඤ‍්ඤානං විපාකන‍්ති වත්‍ථුත‍්තමදානස‍්ස නාම ඉදමීදිසං ඵලං පස‍්සාති අත‍්තනා ලද‍්ධසම‍්පත‍්තිං සම‍්භාවෙන‍්තී වදති.

පස්ස පුඤ්ඤානං විපාකං උතුම් වස්ත්‍ර දීම නම් වූ මේ, මෙවන් ඵලය බලන්න. තමන් විසින් ලබන ලද සම්පත්තිය උතුම්කොට දක්වමින් එක්තරා දෙවඟනක් කියයි.

පුප‍්ඵුත‍්තමදායිකාති රතනත‍්තයපූජාවසෙන පුප‍්ඵුත‍්තමදායිකා, තථා ගන්‍ධුත‍්තමදායිකාති දට‍්ඨබ‍්බා. තත්‍ථ පුප‍්ඵුත‍්තමං සුමනපුප‍්ඵාදි, ගන්‍ධුත‍්තමං චන්‍දනගන්‍ධාදි, ඵලුත‍්තමං පනසඵලාදි, රසුත‍්තමං ගොරසසප‍්පිආදි වෙදිතබ‍්බං.

පුප්ඵුත්තම දායිකා - රත්නත්‍රයට පූජා කිරීම් වශයෙන් උතුම් මල් දුන් දායිකාව යන අදහස. එසේම ගන්‍ධුත්තම දායිකා යන්න ද දැක්විය යුතු වේ. එහි පුප්ඵුත්තමං යනු සමන්මල් ආදියයි. ගන්‍ධුත්තමං යනු සඳුන් සුවඳ ආදියයි. ඵලුත්තමං කොස්ගෙඩි ආදියයි. රසුත්තමං ගිතෙල් ආදී පස්ගෝ රසය.

ගන්‍ධපඤ‍්චඞ‍්ගුලිකන‍්ති ගන්‍ධෙන පඤ‍්චඞ‍්ගුලිකදානං. කස‍්සපස‍්ස භගවතො ථූපම‍්හීති කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධස‍්ස යොජනිකෙ කනකථූපෙ.

ගන්‍ධ පඤ්චංගුලිකං සුවඳින් යුතු පසැඟිලි සටහන් දීම. කස්සපස්ස භගවතො ථූපස්මිං කාශ්‍යප සම්මා සම්බුදුන් වහන්සේගේ යොදුනක් වූ ස්වර්ණමය වූ ස්තුපයෙහි.

පන්‍ථපටිපන‍්නෙති මග‍්ගං ගච‍්ඡන‍්තෙ. එකූපොසථන‍්ති එකදිවසං උපොසථවාසං.

පත්‍ථපටිපකො මගට පිළිපන් අය. එකපොසථං යනු එක් දවසක පෙහෙවස් විසීම.

උදකමදාසින‍්ති මුඛවික‍්ඛාලනත්‍ථං පිවනත්‍ථඤ‍්ච උදකං පානීයං අදාසිං.

උදකං අදාසිං යනු මුහුණ සේදීම සඳහා ද පානය සඳහා ද ජලය පූජා කළෙමි යන්නයි.

චණ‍්ඩිකෙති චණ‍්ඩෙ. අනුසූයිකාති උසූයා රහිතා.

චණ්ඩිමක දරුණු අනුස්සූයිකා ඊර්ෂ්‍යා රහිත -

පරකම‍්මකරීති පරෙසං වෙය්‍යාවච‍්චකාරිනී. අත්‍ථෙනාති අත්‍ථකිච‍්චෙන. සංවිභාගිනී සකස‍්ස භාගස‍්සාති අත්‍ථිකානං අත‍්තනා පටිලද‍්ධභාගස‍්ස සංවිභජනසීලා.

පරක්කම කරී - අන් අයට උවටැන් කරන්නී - අත්‍ථෙන ප්‍රයෝජනවත් ක්‍රියාවෙන්, සංවිභාගිනී සකස්ස භාගස්සා තමන් ලත් කොටසින් යදින්නන් හට ද බෙදා දෙන ස්වභාවය ඇති,

ඛීරොදනන‍්ති ඛීරසම‍්මිස‍්සං ඔදනං, ඛීරෙන සද‍්ධිං ඔදනං වා.

ඛීරොදනං කිරි මිශ්‍ර වූ බත හෝ කිරි සමග වූ බත,

තිම‍්බරුසකන‍්ති තිණ‍්ඩුකඵලං. තිපුසසදිසා එකා වල‍්ලිජාති තිම‍්බරුසං, තස‍්ස ඵලං තිම‍්බරුසකන‍්ති වදන‍්ති.

තිබ්බරූසතං තිඹිරි ගෙඩිය, පුහුල් වැනි එක්තරා වැල් වර්ගයක් ‘තිඹිරි’ යයි කියත්.

කක‍්කාරිකන‍්ති ඛුද‍්දකෙළාලුකං, තිපුසන‍්ති ච වදන‍්ති.

කක්කාරිකං කුඩා කැකිරි වර්ගයකි. පුහුල් යයි ද කියති.

හත්‍ථප‍්පතාපකන‍්ති මන්‍දාමුඛිං.

හත්‍ථප්පතාපකං යනු ගිනි තැපීම් සඳහා යොදා ගන්නා භාජනය.

අම‍්බකඤ‍්ජිකන‍්ති අම‍්බිලකඤ‍්ජිකං.

අම්බකඤ්ජිං ඇඹුල කැඳ,

දොණිනිම‍්මජ‍්ජනින‍්ති සතෙලං තිලපිඤ‍්ඤාකං.

දොනි නිම්මජ්ජතිං තෙල් සහිත තල රොඩු,

විධූපනන‍්ති චතුරස‍්සබීජනිං.

විධූපනං සතරැස් විජිනිපත,

තාලවණ‍්ටන‍්ති තාලපත‍්තෙහි කතමණ‍්ඩලබීජනිං.

තාලවණ්ටං තල්පතින් කරන ලද රවුම් විජිනිපත,

මොරහත්‍ථන‍්ති මයූරපිඤ‍්ඡෙ හි කතං මකසබීජනිං.

මොරහත්‍ථකං මොණර පිල්වලින් කරන ලද මදුරුවන් පලවාහරින විජිනිපත.

ස‍්වාගතං වත මෙති මය‍්හං ඉධාගමනං සොභනං වත අහො සුන්‍දරං. අජ‍්ජ සුප‍්පභාතං සුහුට‍්ඨිතන‍්ති අජ‍්ජ මය‍්හං රත‍්තියා සුට‍්ඨු පභාතං සම‍්මදෙව විභායනං ජාතං, සයනතො උට‍්ඨානම‍්පි සුහුට‍්ඨිතං සුට‍්ඨු උට‍්ඨිතං. කිං කාරණාති ආහ “යං අද‍්දසාමි දෙවතායො”තිආදි.

ස්වාගතං වාත මෙ මාගේ මෙහි පැමිණීම යහපත්ය. ඒකාන්තයෙන්ම සුන්දරය. අජ්ජ සුප්පහාතං සංවුට්ඨිතං අද රාත්‍රිය මට මනාව පහන් විය. යහපත් ලෙසම උදෑසන පහළ විය. යහනින් නැගී සිටීමද යහපත් විය. සුවට්ඨිතං යනු මනාව නැගී සිටින ලදී යන අරුතයි. සුට්ඨු වුට්ඨිතං යන පද දෙකින් සුවුට්ඨිතං යන්න සෑදේ. කවර කරුණකින් එසේ වීද, යං අද්දසං චො දෙවතායො යන ආදිය පිළිතුරු ලෙස කීහ. (දේවතාවිය මම යමක් දුටුයෙම්ද, එය යහපත් දැකීමකි)

ධම‍්මං සුත්‍වාති කම‍්මඵලස‍්ස පච‍්චක‍්ඛකරණවසෙන තුම‍්හෙහි කතං කුසලං ධම‍්මං සුත්‍වා. කාහාමීති කරිස‍්සාමි. සමචරියායාති කායසමාචාරිකස‍්ස සුචරිතස‍්ස චරණෙන. සඤ‍්ඤමෙනාති සීලසංවරෙන. දමෙනාති මනච‍්ඡට‍්ඨානං ඉන්‍ද්‍රියානං දමෙන. ඉදානි තස‍්ස කුසලස‍්ස අත‍්තනො ලොකස‍්ස ච විවට‍්ටූපනිස‍්සයතං දස‍්සෙතුං “ස‍්වාහං තත්‍ථ ගමිස‍්සාමි, යත්‍ථ ගන‍්ත්‍වා න සොචරෙ”ති වුත‍්තං.

ධම්මං සුත්‍වා කර්ම ඵලයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම් වශයෙන් ඔබ විසින් කරන ලද කුසල කර්මයන් අසා, කාහාමි කරන්නෙමි. සමචරියායාති කායික ක්‍රියාවන්ගේ යහපත් හැසිරීමෙන් සඤ්ඤමෙන. සීලයෙහි මනාව පිහිටීමෙන් දමෙන මනස ප්‍රධාන කොට ඇති ඉන්‍ද්‍රියන් දමනයෙන්, දැන් ඒ කුසලය තමන්ගේ ලෝකයට ද නිවන් පිණිස ද හේතුවන බව දැක්වීම සඳහා ස්වාහං තත්‍ථගමිස්සාමි යත්‍ථ ගනත්‍වා න සොචරෙ මනුෂ්‍යයෙක් යම්තැනක ගොස් නිශ්ශෝකී වෙත්ද එහි යන්නෙමි යයි කියායි.

එවමයං යදිපි වත්‍ථුත‍්තමදායිකාවිමානාදිවසෙන ඡත‍්තිංසවිමානසඞ‍්ගහා දෙසනා ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස විය ගුත‍්තිලාචරියස‍්සාපි විභාවනවසෙන පවත‍්තාති “ගුත‍්තිලවිමාන”න‍්ත්‍වෙව සඞ‍්ගහං ආරුළ‍්හා, විමානානි පන ඉත්‍ථිපටිබද‍්ධානීති ඉත්‍ථිවිමානෙයෙව සඞ‍්ගහිතානි. තා පන ඉත්‍ථියො කස‍්සපස‍්ස දසබලස‍්ස කාලෙ යථාවුත‍්තධම‍්මචරණෙ අපරාපරුප‍්පන‍්නචෙතනාවසෙන දුතියත‍්තභාවතො පට‍්ඨාය එකං බුද‍්ධන‍්තරං දෙවලොකෙ එව සංසරන‍්තියො අම‍්හාකම‍්පි භගවතො කාලෙ තාවතිංසභවනෙයෙව නිබ‍්බත‍්තා, ආයස‍්මතා මහාමොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා කම‍්මසරික‍්ඛතාය ගුත‍්තිලාචරියෙන පුච‍්ඡිතකාලෙ විය බ්‍යාකරිංසූති දට‍්ඨබ‍්බා.

මෙසේ වත්‍ථුත්තම දායිකා විමාන ආදී වශයෙන් දැක් වූ සතිසක් වන විමාන වස්තු සංග්‍රහකොට ආයුෂ්මත් මොග්ගල්ලාන රහතන් වහන්සේගේ මේ දේශනා යම්සේ ගුත්තිල ඇදුරුතුමාගේ විස්තර කිරීම් සමානව පැවතුනේද, ඒ හේතුවෙන් ගුත්තිල විමාන යනුවෙන්ම සංග්‍රහකොට කථාවස්තුවට නගන ලදී. මේ විමානයන් වනාහි ස්ත්‍රීන් සම්බන්ධයෙන් පැවති නිසා ඉත්‍ථිවිමාන ලෙසට සංග්‍රහ කරන ලද්දේම වේ. කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයෙහි පෙර කියන ලද පරිදි ධර්මානුකූල හැසිරීමෛන් නැවත නැවත උපන් චේතනාවන්ගේ වශයෙන් දෙවන ආත්මභාවයේ පටන් එක් බුද්ධාන්තර කාලයක් දෙව්ලොවහි සැරිසැරූ ස්ත්‍රීහු වනාහි අපගේ ගෞතම බුද්ධ කාලයේ ද තව්තිසාවෙහිම උපන්නාහු ආයුෂ්මත් මහමුගලන් තෙරුන් විසින් ප්‍රශ්න කරන ලදුව කර්මයේ සමානත්වය නිසා ගුත්තිල ඇදුරන් විසින් විමසන ලද කල්හි මෙසේ ප්‍රකාශ කළාහු සේ දැක්විය යුත්තේය.

ගුත‍්තිලවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

ගුත්තිල විමාන වර්ණනාව නිමියේ ය.