යෙදුමෙන් කියවන්න

6. දද‍්දල‍්ල විමානවණ‍්ණනා අට‍්ඨකථා

6. දද‍්දල‍්ල විමානවණ‍්ණනා

6. දද්දල්ල විමන වර්ණනා

දද‍්දල‍්ලමානා වණ‍්ණෙනාති දද‍්දල‍්ලවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ. තෙන ච සමයෙන නාලකගාමකෙ ආයස‍්මතො රෙවතත්‍ථෙරස‍්ස උපට‍්ඨාකස‍්ස අඤ‍්ඤතරස‍්ස කුටුම‍්බිකස‍්ස ද‍්වෙ ධීතරො අහෙසුං, එකා භද‍්දා නාම, ඉතරා සුභද‍්දා නාම. තාසු භද‍්දා පතිකුලං ගතා සද‍්ධා පසන‍්නා බුද‍්ධිසම‍්පන‍්නා වඤ‍්ඣා ච අහොසි. සා සාමිකං ආහ “මම කනිට‍්ඨා සුභද‍්දා නාම අත්‍ථි, තං ආනෙහි, සචස‍්සා පුත‍්තො භවෙය්‍ය, සො මමපි පුත‍්තො සියා, අයඤ‍්ච කුලවංසො න නස‍්සෙය්‍යා”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තථා අකාසි.

දද්දල්ලමානා වණ්ණෙන යනුවෙන් දද්දල්ල විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයෙහි වැඩවාසය කරන සේක. එසමයෙහි නාල නම් ගමේ ආයුෂ්මත් රේවත නම් තෙරණුවන්ගේ උපස්ථායක වූ එක්තරා කෙළෙඹියකුට දියණිවරු දෙදෙනෙක් වූහ. ඒ අතුරෙන් එක් තැනැත්තියක් භද්දානම් ද අනෙක් තැනැත්තිය සුභද්දා නම් ද වූහ. ඔවුන් අතරින් භද්දා නමැත්තිය පතිකුලයට ගියාය. ඕ ශ්‍රද්ධාවන්ත වූවා, බුද්ධිමත් වූවා ප්‍රසන්න වූවා, නමුත් වඳ අඟනක වූවාය. ඕ තොමෝ තම ස්වාමියාට මෙසේ කීවාය. සුභද්දා නම් වූ මගේ කණිටු සොහොයුරිය සිටී. ඇය ගෙන එන්න ඉදින් ඇයට පුතකු ලැබෙන්නේ නම් ඔහු මට ද පුතු වන්නේ ය. මෙසේ කුල පරපුරද නොනස්නේ යයි සැමියාට කීවාය. හෙතෙමේ ද යහපතැයි පිළිගෙන එසේ කළේය.

අථ භද‍්දා සුභද‍්දං ඔවදි “සුභද‍්දෙ, දානසංවිභාගරතා ධම‍්මචරියාය අප‍්පමත‍්තා හොහි, එවං තෙ දිට‍්ඨධම‍්මිකො සම‍්පරායිකො ච අත්‍ථො හත්‍ථගතො එව හොතී”ති. සා තස‍්සා ඔවාදෙ ඨත්‍වා වුත‍්තනයෙන පටිපජ‍්ජමානා එකදිවසං ආයස‍්මන‍්තං රෙවතත්‍ථෙරං අත‍්තට‍්ඨමං නිමන‍්තෙසි. ථෙරො සුභද‍්දාය පුඤ‍්ඤූපචයං ආකඞ‍්ඛන‍්තො සඞ‍්ඝුද‍්දෙසවසෙන සත‍්ත භික‍්ඛූ ගහෙත්‍වා තස‍්සා ගෙහං අගමාසි. සා පසන‍්නචිත‍්තා ආයස‍්මන‍්තං රෙවතත්‍ථෙරං තෙ ච භික‍්ඛූ පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙසි, ථෙරො අනුමොදනං කත්‍වා පක‍්කාමි. සා අපරභාගෙ කාලං කත්‍වා නිම‍්මානරතීනං දෙවානං සහබ්‍යතං උපපජ‍්ජි. භද‍්දා පන පුග‍්ගලෙසු දානානි දත්‍වා සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස පරිචාරිකා හුත්‍වා නිබ‍්බත‍්ති.

ඉක්බිති භද්දා තොමෝ ‘සුභද්දාවෙනි, දන්දීමෙහි නියැලෙමින්, ධාර්මිකව හැසිරෙමින්, අප්‍රමාදී වන්න. එසේ කිරීමෙන් මෙලොව වශයෙන් ද, පරලොව වශයෙන් ද යහපතක් අත්පත් වන්නේම වේ.’ යයි සුභද්‍රාවට ඔවදන් දුන්නාය. ඇයගේ අවවාදයෙහි පිහිටා කියන ලද පරිද්දෙන්ම පිළිපදින්නා වූ සුභද්දා තොමෝ, එක් දිනක් ආයුෂ්මත් රේවත තෙරණුවන් ඇතුළු අටනමකට දානයට ආරාධනා කළාය. තෙරණුවෝ ද සුභද්දාවට පින් රැස්වීම පිළිබඳව සිතා දානයට සංඝයා තෝරාගැනීම් වශයෙන් භික්‍ෂු සත්නමක් ගෙන ඇගේ නිවසට වැඩමවූහ. ප්‍රසන්න වූ සිත් ඇති මේ තොමෝ ආයුෂ්මත් රේවත තෙරණුවන් හට ද අනික් භික්‍ෂූන්ට ද ප්‍රණීත වූ ඛාද්‍යයෙන් හා බෝද්‍යයෙන් සිතින්ම සංග්‍රහ කළාය. තෙරණුවෝ අනුමෙවෙනි බණ වදාරා ගියහ. ඕ තොමෝ පසුකල්හි කළුරිය කොට නිර්මාණරතී දෙව්ලොව උපත ලැබුවාය.

අථ සුභද‍්දා අත‍්තනො සම‍්පත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා “කෙන නු ඛො අහං පුඤ‍්ඤෙන ඉධූපපන‍්නා”ති ආවජ‍්ජෙන‍්තී “භද‍්දාය ඔවාදෙ ඨත්‍වා සඞ‍්ඝගතාය දක‍්ඛිණාය ඉමං සම‍්පත‍්තිං සම‍්පත‍්තා, භද‍්දා නු ඛො කහං නිබ‍්බත‍්තා”ති ඔලොකෙන‍්තී තං සක‍්කස‍්ස පරිචාරිකාභාවෙන නිබ‍්බත‍්තං දිස‍්වා අනුකම‍්පමානා තස‍්සා විමානං පාවිසි. අථ නං භද‍්දා –

සුභද්දා තොමෝ තමාගේ දිවසැපත ගැන සලකා බලා කවරනම් පිනකින් මෙහි උපන්නේ වේදැයි සිහි කරන්නී ‘භද්දාගේ අවවාදයෙහි පිහිටා සංඝගත කොට දන් දීමෙන් මේ සැපතට පැමිණියා වෙමි’යි දැක භද්දා වූ කලී කොහේ උපන්නාදැයි බලන්නී ශක්‍රයාගේ පරිචාරිකාවක ලෙස උපන් ඇය දැක අනුකම්පා කරන්නී ඇගේ විමනට පැමිණියාය. එවිට භද්ද දෙවඟන ගාථා දෙකකින් මෙසේ විමසුවාය.

“දද‍්දල‍්ලමානා වණ‍්ණෙන, යසසා ච යසස‍්සිනී; සබ‍්බෙ දෙවෙ තාවතිංසෙ, වණ‍්ණෙන අතිරොචසි.

දද්දල්ලමානා වණ්ණෙන - යස්සා ච යසස්සිනී සබ්බෙදෙවෙ තාවතිංසෙ - වණ්ණෙන අතිරෝචසී

ඔබ වර්ණයෙන් අතිශයින්ම බබළන්නීය. යසසින් ද වැඩි යසස් ඇත්තීය. තතිසාවෙහි සියලු දෙවියන් ඉක්මවා වර්ණයෙන් බබළන්නීය.

“දස‍්සනං නාභිජානාමි, ඉදං පඨමදස‍්සනං; කස‍්මා කායා නු ආගම‍්ම, නාමෙන භාසසෙ මම”න‍්ති. –

දස්සනං නාභිජානාමි - ඉදං පඨමං දස්සනං කස්මා කායානු ආගම්ම - නාමෙන භාසසෙ මමං

ඔබ කලින් දැක ඇති බවක් නො දනිමි. මේ පළමුවන වර දැක්මයි. කුමක් හෙයින් කොහි සිට පැමිණියෙහිද, මගේ භද්දා නමින් මා අමතන්නෙහිද?

ද‍්වීහි ගාථාහි පුච‍්ඡි. සාපි තස‍්සා –

මෙසේ විචාළ කල්හි ඇය පිළිතුරු දෙන්නී,

“අහං භද‍්දෙ සුභද‍්දාසිං, පුබ‍්බෙ මානුසකෙ භවෙ; සහභරියා ච තෙ ආසිං, භගිනී ච කනිට‍්ඨිකා.

අහං භද්දෙ සුභද්දාසිං - පුබ්බෙ මානුසිකෙ භවෙ සහ භරියා ච තෙ ආසිං - භගිනීච කණිට්ඨකා

භද්දාවෙනි, පෙර මිනිස් ලොවෙහි දී මම සුභද්ද නම් වුයෙමි. ඔබ හා සමාන භාර්යාවක් ද, ඔබගේ කණිටු සොහොයුරිය ද වූයෙමි.

“සා අහං කායස‍්ස භෙදා, විප‍්පමුත‍්තා තතො චුතා; නිම‍්මානරතීනං දෙවානං, උපපන‍්නා සහබ්‍යත”න‍්ති. – ද‍්වීහි ගාථාහි බ්‍යාකාසි;

සා අහං කායස්ස භෙදා - විප්පමුත්තා තතො චුතා නිම්මානරතීනි දෙවානං - උප්පන්නා සහව්‍යතං

ඒ මම මරණින් පසු එතැනින් චුත වී නිර්මාණරතී දේව සභාවට පැමිණ උපන්නෙමි. - ගාථා ද කීයේ ය.

තත්‍ථ වණ‍්ණෙනාති වණ‍්ණාදිසම‍්පත‍්තියා. දස‍්සනං නාභිජානාමීති ඉතො පුබ‍්බෙ තව දස‍්සනං නාභිජානාමි, ත්‍වං මයා න දිට‍්ඨපුබ‍්බාති අත්‍ථො. තෙනාහ “ඉදං පඨමදස‍්සන”න‍්ති. කස‍්මා කායා නු ආගම‍්ම, නාමෙන භාසසෙ මමන‍්ති කතරදෙවනිකායතො ආගන‍්ත්‍වා “භද‍්දෙ”ති නාමෙන මං ආලපසි.

එහි වණ්ණෙන වර්ණ ආදී සම්පත්තියෙන් දස්සනං නාභිජානාමි මින් පෙර ඔබේ දැක්මක් වී යයි නො දනිමි. ඔබ මා විසින් මීට පෙර දක්නා ලදැයි නො සිතමි. පෙර දක්නා ලද්දියක නොවේ යන අර්ථයි. එහෙයින් ඉදං පඨම දස්සනං යයි කීය. මේ පළමු දැකීමයි යනුවෙන් කීවාය. කස්මා කායානු ආගම්ම නාමෙන භාසසෙ මමං කවරනම් දේව කොට්ඨාසයකින් පැමිණ ‘භද්දෙ’ යන නමින් මා අමතන්නෙහි ද?

අහං භද‍්දෙති එත්‍ථ භද‍්දෙති ආලපනං. සුභද‍්දාසින‍්ති අහං සුභද‍්දා නාම තව භගිනී කනිට‍්ඨිකා ආසිං අහොසිං, තත්‍ථ පුබ‍්බෙ මානුසකෙ භවෙ සහභරියා සමානභරියා තෙ තයා එකස‍්සෙව භරියා, තව පතිනො එව භරියා, ආසින‍්ති අත්‍ථො. පුන භද‍්දා –

අහං භද්දෙ යන මෙහි භද්දෙ යනු ආලපනයයි. ආමන්ත්‍රණයයි. සුභද්දාසිං මම සුභද්ද නම් වෙමි. ඔබගේ භගිනී කණිට්ඨාකා අසිං ඔබගේ කණිටු සොහොයුරිය වූවෙමි. එහි පුබ්බෙ මුනාසක භවෙ සහ භරියා යන්නෙහි සහ භරියා යනු ‘සමාන බිරිඳයි’ යන අදහසයි. තෙ ඔබේ සමග එක් අයකුගේ බිරිඳක් ඔබේ සැමියාගේම බිරිඳ වුයෙමි යන අර්ථයි. නැවත භද්ද මෙසේ විචාළාය -

“පහූතකතකල්‍යාණා, තෙ දෙවෙ යන‍්ති පාණිනො; යෙසං ත්‍වං කිත‍්තයිස‍්සසි, සුභද‍්දෙ ජාතිමත‍්තනො.

බෙහෙවින් කරන ලද පින් ඇති සත්ත්වයෝම නිර්මාණරතී දෙව්ලොව උපදින සුභද්දාවෙනි, ඒ දෙවියන් අතර වෙසෙන ඔබ තමන්ගේ උපත පිළිබඳව තොරතුරු කියන්න.

“අථ ත්‍වං කෙන වණ‍්ණෙන, කෙන වා අනුසාසිතා; කීදිසෙනෙව දානෙන, සුබ‍්බතෙන යසස‍්සිනී.

ඔබ කෙසේ කවරෙකු විසින් අනුශාසනා කරනු ලැබීමෙන් කෙබඳු වූ දානයකින් කවරනම් යහපත් පැවැත්මක් ඇතිව පැවැත්මෙන් මේ සම්පත් ඇති වූවෙහිද?

“යසං එතාදිසං පත‍්තා, විසෙසං විපුලමජ‍්ඣගා; දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ, කිස‍්ස කම‍්මස‍්සිදං ඵල”න‍්ති. –

මෙබඳු විපුල වූ, විශේෂ වූ සම්පත්තියට ඔබ පැමිණ සිටින්නෙහිය. දේවතාවිය, මෙසේ කවරනම් කුසලයක ඵලයකින් ද යන බව මට කියන්න.

තීහි ගාථාහි පුච‍්ඡි. පුන සුභද‍්දා –

සුභද්දා නැවත මෙසේ පිළිතුරු දුන්නීය.

“අට‍්ඨෙව පිණ‍්ඩපාතානි, යං දානං අදදං පුරෙ; දක‍්ඛිණෙය්‍යස‍්ස සඞ‍්ඝස‍්ස, පසන‍්නා සෙහි පාණිභි.

පෙර භවයෙහි පිදුම් ලැබීමට සුදුසු වී සංඝයා හට පැහැදීමෙන් යුතුව සියතින්ම පිණ්ඩපාතය දුනිමි. අට නමක් වඩමවා යම්කිසි දානයක් දුන්නේ නම්,

“තෙන මෙතාදිසො වණ‍්ණො…පෙ…

ඒ පිනෙන් මට මෙබඳු වර්ණයක් ලැබිණ. ඒ පිනෙන් මට මෙබඳු සම්පත් ලැබිණ. මා හට යමක් ප්‍රිය වේද, ඒ සම්පත් මට උපදී.

වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති. –

මහත් ආනුභාව ඇති දේවතාවියනි, ඔබට මෙසේ කියමි. මිනිස් දුවක වූ මම යම්කිසි පිනක් කළෙම් ද, ඒ පිනෙන් මෙසේ දීප්තිමත් ආනුභාවයක් ඇතිව වෙසෙමි. මගේ වර්ණය ද සියලු දිසාවන් බබළවයි.

බ්‍යාකාසි.

තත්‍ථ පහූතකතකල්‍යාණා තෙ දෙවෙ යන‍්තීති පහූතකතකල්‍යාණා මහාපුඤ‍්ඤා තෙ නිම‍්මානරතිනො දෙවෙ යන‍්ති උප‍්පජ‍්ජනවසෙන ගච‍්ඡන‍්ති පාණිනො සත‍්තා, යෙසං නිම‍්මානරතීනං දෙවානං අන‍්තරෙ ත්‍වං අත‍්තනො ජාතිං කිත‍්තයිස‍්සසි කථෙසීති යොජනා.

එහි පහූත කත කල්‍යාණා තෙ දෙවෙ සන්ති - පහූතකත කල්‍යාණ යනු ඒ කරන ලද මහා පින්කම්ය. තෙ යනු නිර්මාණරතී දෙවිවරුය. දෙවෙ යන්ති යනු ඉපදීම් වශයෙන් එහි යති යනු අදහසය. පාණිනො සත්ත්වයෝ යෙසං - නිර්මාණරතී දෙවිවරු අතරෙහි, ත්‍වං අත්තනො ජාතිං කිත්තයිස්සි - කියන්නෙහි යන අදහසයි.

කෙන වණ‍්ණෙනාති කෙන කාරණෙන. කීදිසෙනෙවාති එවසද‍්දො සමුච‍්චයත්‍ථො, කීදිසෙන චාති අත්‍ථො, අයමෙව වා පාඨො. සුබ‍්බතෙනාති සුන්‍දරෙන වතෙන, සුවිසුද‍්ධෙන සීලෙනාති අත්‍ථො.

කෙන වණ්ණෙන - කවර කරුණකින් කීදීසෙනවා එව ශබ්දය එකතු කොට දැක්වීමෙහි (සමුච්චයාර්ථයෙහි) නිපාතයි. කවර අයුරකින් හෝ යන අර්ථයි. කීදිසෙන ච යන මේ පාඨයම වුව ද යෙදිය හැකිය. සුබ්බතෙන යහපත් පැවැත්මෙන්. පිරිසිදු සීලයෙන් යන අර්ථයයි.

අට‍්ඨෙව පිණ‍්ඩපාතානීති අට‍්ඨන‍්නං භික‍්ඛූනං දින‍්නපිණ‍්ඩපාතෙ සන්‍ධාය වදති. අදදන‍්ති අදාසිං.

අට්ඨෙව පිණ්ඩපාතානි - භික්‍ෂූන් වහන්සේ අටනමකට දෙන ලද පිණ්ඩපාතයන් සඳහා කියවේ. අද්දං දුන්නෙමි.

එවං සුභද‍්දාය කථිතෙ පුන භද‍්දා –

සුභද්දා විසින් මෙසේ කියන ලද කල්හි භද්දා නැවත මෙසේ විචාළාය.

“අහං තයා බහුතරෙ භික‍්ඛූ, සඤ‍්ඤතෙ බ්‍රහ‍්මචාරයො; තප‍්පෙසිං අන‍්නපානෙන, පසන‍්නා සෙහි පාණිභි.

මම (ඔබ දන් දුන් භික්‍ෂූන් සංඛ්‍යාවකට වඩා වැඩි සංඛ්‍යාවක් වූ බ්‍රහ්මචාරී වූ භික්‍ෂු සමූහයක් ආහාරපාන ආදියෙන් සියතින් වැළඳවීමි.

“තයා බහුතරං දත්‍වා, හීනකායූපගා අහං; කථං ත්‍වං අප‍්පතරං දත්‍වා, විසෙසං විපුලමජ‍්ඣගා; දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ, කිස‍්ස කම‍්මස‍්සිදං ඵල”න‍්ති. –

එහෙත් ඔබ දන් දුන් සංඛ්‍යාවට වඩා වැඩි ගණනකට දන් දී පහත් දෙව්ලොවක උත්පත්තියට පැමිණියෙමි. ඔබ සුලු ස්වභාවකට (දන් දී) විශේෂ උසස් බවකට පැමිණියේ කෙසේද? දේවතාවියනි, (මා විසින්) විමසන ලද ඔබ මෙය කිනම් කර්මයක ඵලයක්ද බව මට කියන්න.

පුච‍්ඡි. තත්‍ථ තයාති නිස‍්සක‍්කෙ කරණවචනං. පුන සුභද‍්දා –

එම ගාථාවෙහි තයා යනු අවධි අර්ථයෙහි කරණ විභක්තියයි. නැවත සුභද්දා තමන් විසින් කරන ලද පුණ්‍ය කර්මය මෙසේ කීවාය.

“මනොභාවනීයො භික‍්ඛු, සන්‍දිට‍්ඨො මෙ පුරෙ අහු; තාහං භත‍්තෙන නිමන‍්තෙසිං, රෙවතං අත‍්තනට‍්ඨමං.

උතුම් ගුණයෙන් මන වඩන්නා වූ මනා අවබෝධයක් ඇත්තා වූ භික්‍ෂූන් මගේ නගරයේ විසූහ. රේවත තෙරණුවන් අටවැන්නා කොට ඇති භික්‍ෂූන් අටනමකට දානය සඳහා මම ආරාධනය කළෙමි.

“සො මෙ අත්‍ථපුරෙක‍්ඛාරො, අනුකම‍්පාය රෙවතො; සඞ‍්ඝෙ දෙහීති මංවොච, තස‍්සාහං වචනං කරිං.

මගේ යහපත කැමති වූ ඒ තෙරණුවෝ සංඝයාට දන් දෙන්නැයි මට කීහ. මම උන්වහන්සේගේ වචනය අනුව ක්‍රියා කළෙමි.

“සා දක‍්ඛිණා සඞ‍්ඝගතා, අප‍්පමෙය්‍යෙ පතිට‍්ඨිතා; පුග‍්ගලෙසු තයා දින‍්නං, න තං තව මහප‍්ඵල”න‍්ති. –

සාංඝික කොට දෙන ලද ඒ දානය පමණ නොකළ හැකි තරම් ගුණවතුන් කෙරෙහි පිහිටියේය. ඔබ විසින් පුද්ගලයන් කෙරෙහි දෙන ලදී. එය ඔබට මහත්ඵල වූයේ නොවේ.

අත‍්තනා කතකම‍්මං කථෙසි.

තත්‍ථ මනොභාවනීයොති මනවඩ‍්ඪනකො උළාරගුණතාය සම‍්භාවනීයො. සන්‍දිට‍්ඨොති නිමන‍්තනවසෙන බොධිතො කථිතො. තෙනාහ “තාහං භත‍්තෙන නිමන‍්තෙසිං, රෙවතං අත‍්තනට‍්ඨම”න‍්ති, තං මනොභාවනීයං අය්‍යං රෙවතං අත‍්තනට‍්ඨමං භත‍්තෙන අහං නිමන‍්තෙසිං.

එහි මනොභාවනියො මන වඩන්නා වූ, උදාර ගුණවත් බව නිසා ගෞරවණීය වූ. සන්‍දිට්ඨො ආරාධනා වශයෙන් අවබෝධයෙන් යුතුව කියන ලදී. ඒ නිසා මේ ගාථාර්ධය කීහ. තාහං භත්තෙන නිමන්තෙසිං රේවතං අත්තනට්ඨ මන්ති මන වඩන්නා වූ ඒ රේවත ආර්යයන් වහන්සේ අටවෙනි කොට ඇති, (හෙවත් අටනමක් වූ) භික්‍ෂූන් හට දානය සඳහා මම ආරාධනා කළෙමි.

සො මෙ අත්‍ථපුරෙක‍්ඛාරොති සො අය්‍යො රෙවතො දානස‍්ස මහප‍්ඵලභාවකරණෙන මම අත්‍ථපුරෙක‍්ඛාරො හිතෙසී. සඞ‍්ඝෙ දෙහීති මංවොචාති “යදි ත්‍වං සුභද‍්දෙ අට‍්ඨන‍්නං භික‍්ඛූනං දාතුකාමා, යස‍්මා පුග‍්ගලගතාය දක‍්ඛිණාය සඞ‍්ඝගතා එව දක‍්ඛිණා මහප‍්ඵලතරා, තස‍්මා සඞ‍්ඝෙ දෙහි, සඞ‍්ඝං උද‍්දිස‍්ස දානං දෙහී”ති මං අභාසි. තන‍්ති තං දානං.

සො මෙ අත්‍ථ පුරෙක්‍ඛාරො ඒ රේවත නම් ආර්යයන් වහන්සේ දානයේ මහත්ඵල භාවය ඇති කිරීමෙන් මගේ යහපත පෙරටුකොට ගත්තාහූ යහපත කැමති වූහ. සංඝෙ දෙහීති මං අවොච “සුභද්දාවෙනි, ඉදින් ඔබ භික්‍ෂූන් අටනමකට දෙනු කැමැත්තෙහි නම් යම් කෙනෙක් ඒ සංඝයා උදෙසා මනාසේ දෙන ලද මනාසේ පුදන ලද මනාසේ පරිත්‍යාග කරන ලද දානයක් දෙන්නහුද සාංඝික ලෙස පිහිටියා වූ බුදුරදුන් විසින් වර්ණනා කරන ලද ඒ දානය මහත්ඵල මහානිසංස සහිත වන්නේය. යම්හෙයකින් පුද්ගලයන් වෙත යොමු වූ දානයට වඩා සාංඝික වූ දානයෙහි මහත්ඵල ඇත්තේද, එහෙයින් සංඝයාට සාංඝික කොට දෙන්න. සංඝයා උදෙසා දානය දෙන්න යයි” මට කීහ. තං එම දානය.

එවං සුභද‍්දාය වුත‍්තෙ භද‍්දා තමත්‍ථං සම‍්පටිච‍්ඡන‍්තී උත‍්තරි ච තථා පටිපජ‍්ජිතුකාමා –

මෙබඳු වූ දානය සිහිපත් කරන්නා වූ එයින් සොම්නස උපදවා ගන්නා වූ යමෙක් ලෝකයෙහි සිටීද, උත්තම භාවය ඇති ඔව්හු මසුරු මල සහමුලින් යටපත්කොට ස්වර්ගය නමැති ස්ථානයට පැමිණෙන්නේය.

“ඉදානෙවාහං ජානාමි, සඞ‍්ඝෙ දින‍්නං මහප‍්ඵලං; සාහං ගන‍්ත්‍වා මනුස‍්සත‍්තං, වදඤ‍්ඤූ වීතමච‍්ඡරා; සඞ‍්ඝෙ දානානි දස‍්සාමි, අප‍්පමත‍්තා පුනප‍්පුන”න‍්ති. –

ගාථමාහ. සුභද‍්දා පන අත‍්තනො දෙවලොකමෙව ගතා. අථ සක‍්කො දෙවානමින්‍දො සබ‍්බෙ දෙවෙ තාවතිංසෙ අත‍්තනො සරීරොභාසෙන අභිභුය්‍ය විරොචමානං සුභද‍්දං දෙවධීතරං දිස‍්වා තඤ‍්ච තාසං කථාසල‍්ලාපං සුත්‍වා තාවදෙව ච සුභද‍්දාය අන‍්තරහිතාය තං “අයං නාමා”ති අජානන‍්තො –

මෙසේ කියූ සුභද්දා තමන්ගේ දේව ලෝකයට ගියාය. අනතුරුව දෙවියන්ට ප්‍රධාන වූ ශක්‍රයා පැමිණ ශරීරාලෝකයෙන් තව්තිසා දෙවියන් යටපත්කොට බැබළුනා වූ සුභද්දා නම් දෙව්දුව දැක දෙව්ලියන්ගේ පිළිසඳර කථා ඇසූ නමුත් එකෙණෙහිම සුභද්දා අතුරුදන් වූ බැවින් ඇය කව්දැයි දැකගත නුහුනු නිසා භද්දා දෙවඟනගෙන් මෙසේ විචාළේය.

“කා එසා දෙවතා භද‍්දෙ, තයා මන‍්තයතෙ සහ; සබ‍්බෙ දෙවෙ තාවතිංසෙ, වණ‍්ණෙන අතිරොචතී”ති. –

භද්‍රාවෙනි, ඔබ සමග සාකච්ඡා කළා වූ, තව්තිසා දෙවිවරුන් මැඩ වර්ණයෙන් බැබළුනා වූ ඒ දෙවඟන කවරියක්ද, ඔබ කෙසේ දන්නේ ද කවර තැනැත්තියක් ද,

භද‍්දං පුච‍්ඡි. සාපිස‍්ස –

දෙව්රජුනි,

“මනුස‍්සභූතා දෙවින්‍ද, පුබ‍්බෙ මානුසකෙ භවෙ; සහභරියා ච මෙ ආසි, භගිනී ච කනිට‍්ඨිකා, සඞ‍්ඝෙ දානානි දත්‍වාන, කතපුඤ‍්ඤා විරොචතී”ති. –

පෙර මම මිනිස් ලොව මිනිස් දුවක් වීමි. මට කණිටු සොහොයුරියක් ද වූවාය. මාත් ඇයත් දෙදෙන එකම ස්වාමියකුගේ සමාන භාර්යාවන් වශයෙන් විසූමු. සංඝයා කෙරෙහි දන් දී කරන ලද පින්කම් නිසා ඇය බබළන්නීය.

කථෙසි. අථ සක‍්කො තස‍්සා සඞ‍්ඝගතාය දක‍්ඛිණාය මහප‍්ඵලභාවං දස‍්සෙන‍්තො ධම‍්මං කථෙසි. තෙන වුත‍්තං –

ඉක්බිති ශක්‍රයා සංඝගත දක්‍ෂිණාවේ මහානිසංස භාවය දක්වමින්, දහම් පද කීවේය. මෙසේ කියන ලදී.

“ධම‍්මෙන පුබ‍්බෙ භගිනී, තයා භද‍්දෙ විරොචති; යං සඞ‍්ඝම‍්හි අප‍්පමෙය්‍යෙ, පතිට‍්ඨාපෙසි දක‍්ඛිණං.

භද්‍රාවෙනි, ගුණයෙන් අප්‍රමාණ වූ සංඝයා කෙරෙහි ඔබේ සොහොයුරිය යම් දානයක් දුන්නීද, පූර්වයෙහි කරන ලද එම දානමය ධර්මයෙන් සොහොයුරිය ඔබ අභිබවා සිටී.

“පුච‍්ඡිතො හි මයා බුද‍්ධො, ගිජ‍්ඣකූටම‍්හි පබ‍්බතෙ; විපාකං සංවිභාගස‍්ස, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

ගිජුකුළු පව්වෙහි දී මා විසින් ප්‍රශ්න කරනු ලැබූ බුදුන් වහන්සේ මහත්ඵල විපාක ඇත්තේ කවරෙකු වෙත දෙන ලද පරිත්‍යාගයෙන් ද යන බව ප්‍රකාශ කළහ.

“යජමානානං මනුස‍්සානං, පුඤ‍්ඤපෙක‍්ඛාන පාණිනං; කරොතං ඔපධිකං පුඤ‍්ඤං, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

කවරෙකු වෙත දෙන ලද දානය පරලොව සඳහා මහත්ඵල වන්නේද යන බව දන්නා වූ පින් බලාපොරොත්තු වන්නා වූ, අය පිළිබඳව බුදුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ.

“තං මෙ බුද‍්ධො වියාකාසි, ජානං කම‍්මඵලං සකං; විපාකං සංවිභාගස‍්ස, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

කර්මය හා ඵලය දැනගෙන යම්කිසිවකුට දෙන ලද දානයේ මහත් වූ ඵලවිපාක ඇතිවන්නේ ද එය බුදුන්වහන්සේ මට වදාළහ.

“චත‍්තාරො ච පටිපන‍්නා, චත‍්තාරො ච ඵලෙ ඨිතා; එස සඞ‍්ඝො උජුභූතො, පඤ‍්ඤාසීලසමාහිතො.

යම් සඟනමක් මාර්ග හතරට පිළිපන්නේ ද ඵල සතරෙහි පිහිටියේද, ඒ මේ සංඝ තෙමේ ඍජු ප්‍රතිපත්ති ඇත්තේය. ප්‍රඥාවෙන් හා සීලයෙන් සන්සුන්ව වෙසෙන්නේය.

“යජමානානං මනුස‍්සානං, පුඤ‍්ඤපෙක‍්ඛාන පාණිනං; කරොතං ඔපධිකං පුඤ‍්ඤං, සඞ‍්ඝෙ දින‍්නං මහප‍්ඵලං.

දන් දෙන්නා වූ පින් බලාපොරොත්තු වන්නා වූ මනුෂ්‍ය ප්‍රාණීන් සංඝයා වෙත දෙන දානය පරලොව සඳහා මහත්ඵල වන බව බුදුහු වදාළහ.

“එසො හි සඞ‍්ඝො විපුලො මහග‍්ගතො, එසප‍්පමෙය්‍යො උදධීව සාගරො; එතෙ හි සෙට‍්ඨා නරවීරසාවකා, පභඞ‍්කරා ධම‍්මමුදීරයන‍්ති.

මේ සංඝ තෙම උතුම් වන්නේ ය. උසස් බවට පත් සිත් ඇත්තේය. මේ සංඝ තෙමේ ගැඹුරු ජලය සහිත සයුර මෙන් මිනිය නොහැකි ගුණ ඇත්තේය. බුද්ධශ්‍රාවක වූ මේ සංඝයා වහන්සේලා ශ්‍රේෂ්ඨ වන්නාහ. නුවර්ණ නමැති ආලෝකය දෙන්නාහ. ධර්මය දේශනා කරන්නාහ.

“තෙසං සුදින‍්නං සුහුතං සුයිට‍්ඨං, යෙ සඞ‍්ඝමුද‍්දිස‍්ස දදන‍්ති දානං; සා දක‍්ඛිණා සඞ‍්ඝගතා පතිට‍්ඨිතා, මහප‍්ඵලා ලොකවිදූන වණ‍්ණිතා.

යම්කෙනෙක් ඒ සංඝයා උදෙසා මනාසේ දෙන ලද මනාසේ පුදන ලද මනාසේ පරිත්‍යාග කරන ලද දානයක් දෙන්නාහුද සංසික ලෙස පිහිටියා වූ බුදුන්වහන්සේ විසින් වර්ණනා කරන ලද්දා වූ ඒ දානය මහත්ඵල සහිත වන්නේය.

“එතාදිසං යඤ‍්ඤමනුස‍්සරන‍්තා, යෙ වෙදජාතා විචරන‍්ති ලොකෙ; විනෙය්‍ය මච‍්ඡෙරමලං සමූලං, අනින්‍දිතා සග‍්ගමුපෙන‍්ති ඨාන”න‍්ති.

මෙබඳු වූ දානය සිහිපත් කරන්නා වූ එයින් සොම්නස උපදවා ගන්නා වූ යමෙක් ලෝකයේ සිටිත්ද, උත්තම ස්වභාවය ඇති ඔව්හු මසුරුමල සහමුලින් යටපත්කොට ස්වර්ගය නමැති ස්ථානයට පැමිණෙන්නේ ය.

තත්‍ථ ධම‍්මෙනාති කාරණෙන ඤායෙන වා. තයාති නිස‍්සක‍්කෙ කරණවචනං. ඉදානි තං “ධම‍්මෙනා”ති වුත‍්තකාරණං දස‍්සෙතුං යං සඞ‍්ඝම‍්හි අප‍්පමෙය්‍යෙ, පතිට‍්ඨාපෙසි දක‍්ඛිණ”න‍්ති වුත‍්තං. අප‍්පමෙය්‍යෙති ගුණානුභාවස‍්ස අත‍්තනි කතානං කාරානං ඵලවිසෙසස‍්ස ච වසෙන පමිනිතුං අසක‍්කුණෙය්‍යෙ.

එහි ධම්මෙන හේතුවෙන් හෙවත් සත්‍ය මාර්ගයෙන් තයා අවධි අර්ථයෙහි කරණ විභක්ති වචනයි. දැන් ධම්මෙන යනුවෙන් කියන ලද ඒ අර්ථය දක්වනු පිණිස යං සංඝස්මිං අප්පමෙය්‍ය පතිට්ඨාපෙසි දක්‍ඛිණන්ති යයි කියන ලදී. ‘අප්පමෙය්‍ය’ යනු තමන් විසින් කරන ලද්දා වූත් කරවන ලද්දා වූත් විශේෂ ගුණානුභාවයාගේ වශයෙන් යන අදහසයි. ප්‍රමාණ කළ නොහැකි යන අර්ථය ද ගැනේ.

අයඤ‍්ච අත්‍ථො භගවතො සම‍්මුඛා ච සුතො, සම‍්මුඛා ච පටිග‍්ගහිතොති දස‍්සෙන‍්තො “පුච‍්ඡිතො”තිආදිමාහ. තත්‍ථ යජමානානන‍්ති දදන‍්තානං. පුඤ‍්ඤපෙක‍්ඛාන පාණිනන‍්ති අනුනාසිකලොපං කත්‍වා නිද‍්දෙසො, පුඤ‍්ඤඵලං ආකඞ‍්ඛන‍්තානං සත‍්තානං. ඔපධිකන‍්ති උපධි නාම ඛන්‍ධා, උපධිස‍්ස කරණසීලං, උපධිපයොජනන‍්ති වා ඔපධිකං, අත‍්තභාවජනකං පටිසන්‍ධිපවත‍්තිවිපාකදායකං.

භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිටදීම අසන ලදී. ඉදිරිපිටදීම පිළිගන්නා ලදී යයි දක්වමින් පුච්ඡිතො ආදිය කීහ. එහි යජමානානං යනු දන් දෙන්නා වූ අයගේ පුඤ්ඤ පෙක්‍ඛාන පාණිනං පුඤ්ඤපෙක්‍ඛානං කියයුතු තැන අග නිග්ගහීතය හෙවත් බින්දුව ලොප්කොට පුඤ්ඤපෙක්‍ඛාන යයි කියා ඇත. පිනෙහි ඵලය බලාපොරොත්තු වන සත්ත්වයෝ ඔපධිකා උපධි යන ස්කන්ධයෝය. උපධීන් ඇතිකරන ස්වභාවය හෝ උපධීන් ක්‍රියාවෙහි යෙදවීම ඔපධික නම් වේ. ආත්මභාවය ඇතිකරවන යන අදහස ඇතුළත් වේ.

ජානං කම‍්මඵලං සකන‍්ති සත‍්තානං සකං සකං යථාසකං පුඤ‍්ඤං පුඤ‍්ඤඵලඤ‍්ච හත්‍ථතලෙ ආමලකං විය ජානන‍්තො. සකන‍්ති වා යකාරස‍්ස කකාරං කත්‍වා වුත‍්තං, සයං අත‍්තනාති අත්‍ථො.

ජානං කම්මඵලං එකං සත්ත්වයන්ගේ තම තමාට අයත් තමන් විසින්ම රැස්කරගත් ඒ ඒ පිනද පිනෙහි ඵලයද අල්ලෙහි නෙල්ලි ගෙඩියක් මෙන් පැහැදිලිව දන්නා වූ සකං යන පදය ‘ය් කාරයට ‘ක’ කාරය ආදේශ කොට කියන ලද්දකි. ‘ක’ ආදේශයට පෙර සයං යන්න අත්තනා හෙවත් තමාම යන අර්ථ දැක්වේ.

පටිපන‍්නාති පටිපජ‍්ජමානා, මග‍්ගට‍්ඨාති අත්‍ථො. උජුභූතොති උජුපටිපත‍්තියා උජුභාවං පත‍්තො දක‍්ඛිණෙය්‍යො ජාතො. පඤ‍්ඤාසීලසමාහිතොති පඤ‍්ඤාය සීලෙන ච සමාහිතො, දිට‍්ඨිසීලසම‍්පන‍්නො අරියාය දිට‍්ඨියා අරියෙන සීලෙන ච සමන‍්නාගතො. තෙනාපිස‍්ස පරමත්‍ථසඞ‍්ඝභාවමෙව විභාවෙති. දිට‍්ඨිසීලසාමඤ‍්ඤෙන සඞ‍්ඝටිතත‍්තා හි සඞ‍්ඝො . අථ වා සමාහිතං සමාධි, පඤ‍්ඤා සීලං සමාහිතඤ‍්ච අස‍්ස අත්‍ථීති පඤ‍්ඤාසීලසමාහිතො. තෙනස‍්ස සීලාදිධම‍්මක‍්ඛන්‍ධත‍්තයසම‍්පන‍්නතාය අග‍්ගදක‍්ඛිණෙය්‍යභාවං විභාවෙති.

පටිපන්නා පිළිපදින්නාහ. සෝවාන් ආදී මාර්ගයන්හි පිහිටියාය යන අර්ථයි. උජුභූතො ඍජු ප්‍රතිපත්තියෙන් සෘජුභාවයට පැමිණ දානමානාදිය පිළිගැනීමට සුදුසුකම් ඇතිකර ගත්තා වූ, පඤ්ඤා සීල සමාහිතො ප්‍රඥාවෙන් ද ශීලයෙන් ද යුක්තව, සන්සුන් වූයේ දෘෂ්ටිය හෙවත් තමන් විශ්වාස කරන ධර්මය පිළිබඳ සීලයෙන්ය යුක්ත වූයේ උතුම් වූ දැක්මෙන් ද සීලයෙන් ද යුක්ත වූයේ වෙයි. එයින් ද එම සංඝයාගේ පරමාර්ථ වශයෙන් පවත්නා සංඝ ස්වභාවයම දැක්වේ. දෘෂ්ටියෙන් ද ශීලයෙන් ද ශ්‍රමණ භාවයෙන් ද සංඝ යන ස්වභාවයෙන් සිටි බැවින් ද, සංඝ යයි කියනු ලැබේ. තවද, සන්සුන් ස්වභාවය සමාධියයි. ප්‍රඥාවද ශීලය ද, සන්සුන් බව ද මේ අයට ඇත්තේය යන අරුතෙන් පඤ්ඤාසීල සමාහිතො යයි කියනු ලැබේ. එහෙයින් මෙම සංඝයාට සීලාදී ධර්මස්කන්ධ ස්වභාවයෙන් යුක්තවන හෙයින් සංඝයාගේ උතුම් වූ පූජනීය භාවය දැක්වේ.

විපුලො මහග‍්ගතොති ගුණෙහි මහත‍්තං ගතොති මහග‍්ගතො, තතො එව අත‍්තනි කතානං කාරානං ඵලවෙපුල‍්ලහෙතුතාය විපුලො. උදධීව සාගරොති යථා උදකං එත්‍ථ ධීයතීති “උදධී”ති ලද‍්ධනාමො සාගරො, “එත‍්තකානි උදකාළ‍්හකානී”තිආදිනා උදකතො අප‍්පමෙය්‍යො, එවමෙස ගුණතොති අත්‍ථො. එතෙ හීති හි-සද‍්දො අවධාරණෙ නිපාතො, එතෙ එව සෙට‍්ඨාති අත්‍ථො. වුත‍්තඤ‍්හෙතං –

විපුලො මහග්ගතො ගුණයන්ගෙන් උසස් බවට පත් වූයේය යන අදහසින් මහග්ගතො යයි කියනු ලැබේ. ඒ හේතුවෙන්ම තමන් විසින් කරන ලද්දා වූ ද, කරවන ලද්දා වූ ද, පුණ්‍ය ඵලයන්ගේ මහත් බව හේතුවෙන් විපුල යයි කියනු ලැබේ. උදධීව සාගරො මෙහි ජලය දරා සිටීය යන අදහසින් සාගරයට උදධී යයි කියනු ලැබේ. සාගරය මෙපමණ ජලාශයකින් යුක්ත වී යයි යනාදී ලෙසින් ජලයේ ප්‍රමාණය දැක්විය නො හැක්කේය. මෙය ගුණය වශයෙන් මෙසේය යන අර්ථයයි. එකෙහි මෙය හි ශබ්දය අවධාරණාර්ථයෙහි වේ. මේ සංඝයාම ශ්‍රේෂ්ඨ වෙති යන අර්ථය වේ. මෙසේද කියන ලදී.

“යාවතා, භික‍්ඛවෙ, සඞ‍්ඝා වා ගණා වා, තථාගතසාවකසඞ‍්ඝො තෙසං අග‍්ගමක‍්ඛායතී”ති (ඉතිවු· 90; අ· නි· 4.34; 5.32).

“මහණෙනි, සංඝයා හෝ සමූහයා හෝ යම්තාක් තථාගත ශ්‍රාවක සංඝයා වෙත්ද, ඒ පිරිසට අග්ග හෙවත් ශ්‍රේෂ්ඨ යයි කියනු ලැබේ” යනුයි.

නරවීරසාවකාති නරෙසු වීරියසම‍්පන‍්නස‍්ස නරස‍්ස සාවකා. පභඞ‍්කරාති ලොකස‍්ස ඤාණාලොකකරා. ධම‍්මමුදීරයන‍්තීති ධම‍්මං උද‍්දිසන‍්ති. කථං? ධම‍්මසාමිනා හි ධම‍්මපජ‍්ජොතො අරියසඞ‍්ඝෙ ඨපිතො.

නරවීර සාවකා මිනිසුන් අතර වීර්ය සම්පන්න වූ මනුෂ්‍යයන්ගේ ශ්‍රාවකයෝය යන අදහසයි. පභංකරා ලෝකයට නුවණ නමැති ආලෝකය ඇති කරන්නා වූ, ධම්ම මුදීරයන්ති ධර්මය පෙන්වා දෙති. කෙසේද ධර්මස්වාමී වූ බුදුන්වහන්සේ විසින් ධර්මයේ බැබළීම හෙවත් දහම් අසන ආර්ය සංඝයා මත තබන ලදී.

යෙ සඞ‍්ඝමුද‍්දිස‍්ස දදන‍්ති දානන‍්ති යෙ සත‍්තා අරියසඞ‍්ඝං උද‍්දිස‍්ස සම‍්මුතිසඞ‍්ඝෙ අන‍්තමසො ගොත්‍රභුපුග‍්ගලෙසුපි දානං දදන‍්ති, තං දානං සංවිභාගවසෙන දින‍්නම‍්පි සුදින‍්නං, ආහුනපාහුනවසෙන හුතම‍්පි සුහුතං, මහායාගවසෙන යිට‍්ඨම‍්පි සුයිට‍්ඨමෙව හොති. කස‍්මා? යස‍්මා සා දක‍්ඛිණා සඞ‍්ඝගතා පතිට‍්ඨිතා මහප‍්ඵලා ලොකවිදූන වණ‍්ණිතාති, ලොකවිදූහි සම‍්මාසම‍්බුද‍්ධෙහි “න ත්‍වෙවාහං, ආනන්‍ද, කෙනචි පරියායෙන සඞ‍්ඝගතාය දක‍්ඛිණාය පාටිපුග‍්ගලිකං දක‍්ඛිණං මහප‍්ඵලතරං වදාමි (ම· නි· 3.380). පුඤ‍්ඤං ආකඞ‍්ඛමානානං, සඞ‍්ඝො වෙ යජතං මුඛං (ම· නි· 2.400; සු· නි· 574; මහාව· 300). අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති (ම· නි· 1.74; සං· නි· 5.997) ච ආදිනා මහප‍්ඵලතා වණ‍්ණිතා පසත්‍ථා ථොමිතාති අත්‍ථො.

යෙ සංඝමුද්දිස්ස දදන්ති දානං යම් සත්ත්ව කෙනෙක් ආර්ය සංඝයා උදෙසා සම්මුති සංඝයා අතරෙහි (මාර්ග හිත ඉපදීමට පෙර උපදිත් සිතින් යුතුව ගෝත්‍රභූ පුද්ගලයන් කෙරෙති. හෝ දන් දෙත්ද, ඒ දානය පරිත්‍යාග වශයෙන් දෙන ලද්දේ නමුදු සුදින්නං නම් වේ. පූජා හෝ ත්‍යාග වශයෙන් දෙන ලද්දේ සුහුතං යී යෙදේ. මහා පූජාවක් වශයෙන් පරිත්‍යාග කරන ලද්දේ සුයිට්ඨං නම් වේ. කුමක් හෙයින්ද යත්. සා දක්‍ඛිණ සංඝගතා පතිට්ඨිතා මහප්ඵලා ලොකවිදූන වණ්ණිතා ලෝකය අවබෝධ කරගත්තා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ආනන්දය, මම කවර ආකාරයකින් හෝ සාංඝික දානයකට වඩා පෞද්ගලික දානය ඵල සහිතයයි නො කියමි යයි ද ‘පින් කැමැත්තවුන්ගේ පූජාවට සංඝයාම ප්‍රමුඛ වේ’ යයිද, ලෝකයාට උතුම් පින්කෙත සංඝයාම යයි ද, ආදී වශයෙන් සාංඝික පූජාවේ මහත්ඵල වශයෙන් වර්ණනා කරන ලදී. ප්‍රශංසා කරන ලදී. උසස්කොට දක්වන ලදී යන අර්ථ ඇත්තේ වේ.

ඊදිසං යඤ‍්ඤමනුස‍්සරන‍්තාති එතාදිසං සඞ‍්ඝං උද‍්දිස‍්ස අත‍්තනා කතං දානං අනුස‍්සරන‍්තා. වෙදජාතාති ජාතසොමනස‍්සා. විනෙය්‍ය මච‍්ඡෙරමලං සමූලන‍්ති මච‍්ඡෙරමෙව චිත‍්තස‍්ස මලිනභාවකරණතො මච‍්ඡෙරමලං, අථ වා මච‍්ඡෙරඤ‍්ච අඤ‍්ඤං ඉස‍්සාලොභදොසාදිමලඤ‍්චාති මච‍්ඡෙරමලං. තඤ‍්ච අවිජ‍්ජාවිචිකිච‍්ඡාවිපල‍්ලාසාදීහි සහ මූලෙහීති සමූලං විනෙය්‍ය විනයිත්‍වා වික‍්ඛම‍්භෙත්‍වා අනින්‍දිත්‍වා සග‍්ගමුපෙන‍්ති ඨානන‍්ති යොජනා. සෙසං වුත‍්තනයමෙව.

මෙබඳු වූ සංඝයා උදෙසා තමන් විසින් කරන ලද දන්දීම, සිහි කරන්නා වූ පුද්ගලයෝ වෙදජාතා සොම්නස් උපදවා ගත් අය විනෙය්‍ය මච්ඡෙර මලං මසුරු බවම සිතේ කිලිටි බව ඇතිකරන බැවින් මච්ඡෙරමලං මසුරු මල යයි යෙදේ. තවද මසුරු බවය අන්‍ය වූ ඊර්ෂ්‍යා ලෝභ ද්වේෂ ආදී කිලිටි ස්වභාවයන්ය යන අදහසින් ද ඉච්ඡෙරමලං මසුරුමල යයි යෙදේ. ඒ ‘මල’ යන්න ද අවිද්‍යාව සැකය මානසික විපර්යාස යන මූලයන් සමග පවතී යන අදහසින් ‘සමූලං’ යී යෙදේ. විනෙය්‍ය යනු හික්මවා යටපත්කොට, අනින්‍දිතා සග්ගමුපෙන්ති ඨානං උත්තම වූ ස්වර්ග නමැති ස්ථානයට පැමිණේ යන අදහසයි. සෙසු සියල්ල පෙර කියන ලද පිළියෙළම වේ.

ඉමං පන සබ‍්බං පවත‍්තිං සක‍්කො දෙවානමින්‍දො “දද‍්දල‍්ලමානා වණ‍්ණෙනා”තිආදිනා ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස ආචික‍්ඛි, ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො භගවතො ආරොචෙසි, භගවා තමත්‍ථං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා සම‍්පත‍්තපරිසාය ධම‍්මං දෙසෙසි. සා දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා අහොසි.

මේ සම්පූර්ණ ප්‍රවෘත්තිය සක්දෙව් රජ තෙමේ ‘දද්දල්ල මාතා වණ්ණෙන’ යන ආදී වශයෙන් මහ මුගලන් තෙරුන් වහන්සේට කීවේය. ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට කීහ. ඒ කරුණ අර්ථෝත්පත්ති කොටගෙන රැස්ව සිටි පිරිසට භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසූ සේක. මහජනයාට ධර්ම දේශනාව සාර්ථක වූයේය.

දද‍්දල‍්ලවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

දද්දල්ල විමාන වර්ණනාව නිමියේ ය.