7. සෙසවතී විමානවණ්ණනා අට්ඨකථා
7. සෙසවතී විමානවණ්ණනා
7. සෙසවතී විමාන වර්ණනා
ඵලිකරජතහෙමජාලඡන්නන්ති පෙසවතීවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන මගධෙසු නාලකගාමෙ එකස්මිං ගහපතිමහාසාරකුලෙ පෙසවතී නාම කුලසුණ්හා අහොසි. සා කිර කස්සපස්ස භගවතො යොජනිකෙ කනකථූපෙ කයිරමානෙ දාරිකා හුත්වා මාතරා සද්ධිං චෙතියට්ඨානං ගන්ත්වා මාතරං පුච්ඡි “කිං ඉමෙ, අම්ම, කරොන්තී”ති? “චෙතියං කාතුං සුවණ්ණිට්ඨකා කරොන්තී”ති. තං සුත්වා දාරිකා පසන්නමානසා මාතරං ආහ – “අම්ම, මම ගීවාය ඉදං සොවණ්ණමයං ඛුද්දකපිළන්ධනං අත්ථි, ඉමාහං චෙතියත්ථාය දෙමී”ති. මාතා “සාධු දෙහී”ති වත්වා තං ගීවතො ඔමුඤ්චිත්වා සුවණ්ණකාරස්ස හත්ථෙ අදාසි “ඉදං ඉමාය දාරිකාය පරිච්චජිතං, ඉමම්පි පක්ඛිපිත්වා ඉට්ඨකං කරොහී”ති. සුවණ්ණකාරො තථා අකාසි. සා දාරිකා අපරභාගෙ කාලං කත්වා තෙනෙව පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා සුගතියංයෙව අපරාපරං සංසරන්තී අම්හාකං භගවතො කාලෙ නාලකගාමෙ නිබ්බත්තා අනුක්කමෙන ද්වාදසවස්සිකා ජාතා.
එලිකරජතහෙමජාලච්ඡන්නං යනුවෙන් සෙසවති විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි වාසය කරන සේක. එසමයෙහි මගධ රට නාලක නම් ගමෙහි එක්තරා මහා සතර කුලගෙයක ‘සෙසවතී’ නම් වූ ලේලියක් වූවාය. ඇය වනාහි කාශ්‍යප බුදුන් වහන්සේගේ යොදුනක් වූ ස්වර්ණමය චෛත්‍ය ඉදිකරවනු ලබන කල්හි දැරියක් වී මව සමග චෛත්‍ය ස්ථානයට ගොස් ‘මෑණියනි, මේ මනුෂ්‍යයෝ කුමක් කරත්දැයි ප්‍රශ්න කළාය. චෛත්‍යය ඉදිකිරීමට රන්ගඩොල් සකසතියි මව කීවේය. ඒ අසා ප්‍රසන්න වූ සිත් ඇතිකරගත් දැරිය ‘මෑණියනි, මගේ ගෙලෙහි රනින් කළ මේ කුඩා පළඳනාව තිබේ. මම මෙය චෛත්‍යය සඳහා දෙන්නෙමියි මවට කීවාය. මව ‘යහපති දෙන්න යයි කියා එය දුවගේ ගෙලෙන් ගලවා රන්කරුවාගේ අතට දී මෙය මේ දැරිය විසින් පරිත්‍යාග කරන ලදී. මෙයද ඇතුල්කොට ගඩොල් සාදන්න යයි කීවාය. රන්කරුවා එසේ කළේය. ඒ දැරිය පසුකල කලුරිය කොට ඒ පිනෙන්ම දෙව්ලොව ඉපිද භවයෙන් භවය සුගතියෙහිම හැසිරෙමින් අප බුදුන් කල නාලක නම් ගමෙහි ඉපිද පිළිවෙලින් දොළොස්වන වියට පැමිණියාය.
සා එකදිවසං මාතරා පෙසිතං මූලං ගහෙත්වා තෙලත්ථාය අඤ්ඤතරං ආපණං අගමාසි. තස්මිඤ්ච ආපණෙ අඤ්ඤතරො කුටුම්බියපුත්තො පිතරා නිදහිත්වා ඨපිතං බහුං හිරඤ්ඤසුවණ්ණං මුත්තාමණිරතනානි ච ගහෙතුං උද්ධරන්තො ආපණිකො කම්මබලෙන කථලපාසාණසක්ඛරරූපෙන උපට්ඨහන්තානි දිස්වා තතො එකදෙසං “පුඤ්ඤවන්තානං වසෙන හිරඤ්ඤසුවණ්ණාදි භවිස්සතී”ති වීමංසිතුං රාසිං කත්වා ඨපෙසි. අථ නං සා දාරිකා දිස්වා “කස්මා ආපණෙ රතනානි එවං ඨපිතානි, නනු නාම සම්මදෙව පටිසාමෙතබ්බානී”ති ආහ. ආපණිකො තං සුත්වා “මහාපුඤ්ඤා අයං දාරිකා, ඉමිස්සා වසෙන සබ්බමිදං හිරඤ්ඤාදි එව හුත්වා අම්හාකං විනියොගං ගමිස්සති, සඞ්ගණ්හිස්සාමි න”න්ති චින්තෙත්වා තස්සා මාතු සන්තිකං ගන්ත්වා “ඉමං දාරිකං මය්හං පුත්තස්සත්ථාය දෙහී”ති වාරෙත්වා බහුධනං දත්වා ආවාහවිවාහං කත්වා තං අත්තනො ගෙහං ආනෙසි. අථස්සා සීලාචාරං ඤත්වා භණ්ඩාගාරං විවරිත්වා “කිං එත්ථ පස්සසී”ති වත්වා තාය “හිරඤ්ඤසුවණ්ණමණිමෙව රාසිකතං පස්සාමී”ති වුත්තෙ “එතානි අම්හාකං කම්මබලෙන අන්තරධායන්තානි තව පුඤ්ඤවිසෙසෙන පුන විසෙසානි ජාතානි, තස්මා ඉතො පට්ඨාය ඉමස්මිං ගෙහෙ සබ්බං ත්වංයෙව විචාරෙහි , තයා දින්නමෙව මයං පරිභුඤ්ජිස්සාමා”ති වත්වා තතො පභුති තං “පෙසවතී”ති වොහරිංසු.
ඇය එක් දවසක් මව විසින් යවන ලද මුදලක් ගෙන තෙල් (ගැනීම) සඳහා යම්කිසි වෙළඳ සැලකට ගියාය. ඒ වෙළඳසැලෙහි එක්තරා වෙළඳ කෙළෙඹි පුත්‍රයෙක් පියා විසින් තැන්පත් කොට තබන ලද බොහෝ වූ රන් කැබලි, රන්මුතු මැණික් ආදි රත්නයන් ගැනීමට ඒවා ඔසවන්නේය. එම බලයෙන් කැබලිති ගල්කැට බොරලු ආදී ස්වභාවයෙන් තිබුණු බව දැක එයින් එක් කොටසක් යම්කිසි පින්වතුන්ගේ බලයකින් අමු රත්රන් හෝ රන් අබරණ ආදිය හෝ බවට පත්වන්නේදැයි විමසීම පිණිස රැස්කොට තැබීය. එකල්හි පෙර කී දැරිය එය දැක වෙළඳසැලෙහි රත්රන් කුමක් හෙයින් මෙසේ තබන ලද්දේ ද හොඳින් තැන්පත් කළයුතු නොවේද යනුවෙන් ඇසුවාය. වෙළඳ තෙමේ එය අසා මේ දැරිය මහා පිනැත්තියද මැයගේ බලයෙන් මේ සියල්ල රත්රන් ආදිය බවටම පත් වී අපගේ අසුභ බව පහ වී යන්නේ යැයි ද ඇය ලබාගත යුත්තේ යයි ද සිතා ඇයගේ මෑණියන් සමීපයට ගොස් මේ දැරිය මගේ පුතා හට දෙනු මැනවයි කියා කැමති කරවාගෙන බොහෝ ධනය දී ආවාහ විවාහ සිදුකොට ඇය තමාගේ නිවසට ගෙන ආයේය. ඉක්බිති ඇයගේ සිල්වත් හැසිරීම ගැන බඩු ගබඩාව විවෘත කොට මෙහි කුමක් නම් දකින්නෙහිදැයි අසා රැස්කරන ලද අමු රත්රන් රන් අබරණ මැණික් ආදිය දකිමි’යි ඇය විසින් කියන ලද කල්හි මේවා ඇගේ කර්ම බලයෙන් අතුරුදන් වූ ඒවාය. ඔබගේ පුණ්‍ය විශේෂත්වය නිසා නැවත රත්තරන් බවට පත්විය. ඒ නිසා මෙතැන් පටන් මේ නිවසෙහි සියල්ලම ඔබම පාලනය කරන්න. ඔබ විසින් දෙනු ලබන දෙයක්ම අප පරිභෝග කරන්නෙමු යයි කියා එතැන් පටන් ඇයට සේසවතී යයි ව්‍යවහාර කළහ.
තෙන ච සමයෙන ආයස්මා ධම්මසෙනාපති අත්තනො ආයුසඞ්ඛාරානං පරික්ඛීණභාවං ඤත්වා “මය්හං මාතුයා රූපසාරිබ්රාහ්මණියා පොසාවනිකමූලං දත්වා පරිනිබ්බායිස්සාමී”ති චින්තෙත්වා භගවන්තං උපසඞ්කමිත්වා පරිනිබ්බානං අනුජානාපෙත්වා සත්ථු ආණාය මහන්තං පාටිහාරියං දස්සෙත්වා අනෙකෙහි ථුතිසහස්සෙහි භගවන්තං ථොමෙත්වා යාව දස්සනවිසයාතික්කමා අභිමුඛොව අපක්කමිත්වා පුන වන්දිත්වා භික්ඛුසඞ්ඝපරිවුතො විහාරා නික්ඛම්ම භික්ඛුසඞ්ඝස්ස ඔවාදං දත්වා ආයස්මන්තං ආනන්දං සමස්සාසෙත්‍වා චතස්සොපි පරිසා නිවත්තෙත්වා අනුක්කමෙන නාලකගාමං පත්වා මාතරං සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙත්වා පච්චූසසමයෙ ජාතොවරකෙ පරිනිබ්බායි. පරිනිබ්බුතස්ස චස්ස සරීරසක්කාරකරණවසෙන දෙවා චෙව මනුස්සා ච සත්තාහං වීතිනාමෙසුං, අගරුචන්දනාදීහි හත්ථසතුබ්බෙධං චිතකමකංසු.
ඒ අවධියෙහි ආයුෂ්මත් දම් සෙනෙවි සැරියුත් තෙරණුවෝ තමාගේ ආයු සංස්කාරය නිම වී ඇති බව දැන මගේ මෑණියන් වන රූපසාරී බැමිණියට මා පෝෂණය කිරීම සඳහා ගෙවිය යුතු මිල ගෙවා පිරිනිවන් පාන්නෙමියි සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ පිරිනිවීම අනුදන්වා ශාස්තෲන් වහන්සේගේ අණින් මහත් වූ ප්රාතිහාර්යයක් දක්වා බොහෝ වූ තුති පිදීම් දහස් ගණනකින් භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කොට පෙනෙන තෙක් මානයේ අවසානය දක්වා බුදුන් වෙත අභිමුඛවම පසුපසට ගොස් නැවත ද වැඳ භික්ෂු සංඝයා විසින් පිරිවරනු ලැබූ විහාරයෙන් නික්ම භික්ෂු සංඝයාට අවවාද දී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සනසවා (භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන) සිවු පිරිස නවත්වා අනුපිළිවෙලින් නාලක නම් ගමට පැමිණ මෑණියන් සෝවාන් ඵලයෙහි පිහිටුවා අලුයම් කාලයෙහි තමා උපන් කුටියෙහිදීම පිරිනිවන් පෑහ. පිරිනිවියා වූ උන්වහන්සේගේ ශරීරයට දෙවියෝ ද මනුෂ්‍යයෝ ද දින සතක්ම ගරුසත්කාර කරමින් කල්ගෙවූහ. සියක් රියන් උස් වූ චිතකයක් අගිල්, සඳුන් ආදියෙන් ඉදි කළහ.
පෙසවතීපි ථෙරස්ස පරිනිබ්බානං සුත්වා “ගන්තා පූජෙස්සාමී”ති සුවණ්ණපුප්ඵෙහි ගන්ධජාතෙහි ච පූරිතානි චඞ්කොටකානි ගාහාපෙත්වා ගන්තුකාමා සසුරං ආපුච්ඡිත්වා තෙන “ත්වං ගරුභාරා, තත්ථ ච මහාජනසම්මද්දො, පුප්ඵගන්ධානි පෙසෙත්වා ඉධෙව හොහී”ති වුත්තාපි සද්ධාජාතා “යදිපි මෙ තත්ථ ජීවිතන්තරායො සියා, ගන්තාව පූජාසක්කාරං කරිස්සාමී”ති තං වචනං අග්ගහෙත්වා සපරිවාරා තත්ථ ගන්ත්වා ගන්ධපුප්ඵාදීහි පූජෙත්වා කතඤ්ජලී අට්ඨාසි. තස්මිඤ්ච සමයෙ ථෙරං පූජෙතුං ආගතානං රාජපරිසානං හත්ථී මත්තො හුත්වා තං පදෙසං උපගඤ්ඡි. තං දිස්වා මරණභයභීතෙසු මනුස්සෙසු පලායන්තෙසු ජනසම්මද්දෙන පතිතං පෙසවතිං මහාජනො අක්කමිත්වා මාරෙසි. සා පූජාසක්කාරං කත්වා ථෙරගතාය සද්ධාය සම්පන්නචිත්තා එව කාලං කත්වා තාවතිංසභවනෙ නිබ්බත්ති, අච්ඡරාසහස්සඤ්චස්සා පරිවාරො අහොසි.
‘සේසවතී’ ද තෙරුන් වහන්සේගේ පිරිනිවීම අසා එහි ගොස් පූජා කරන්නෙමි’යි රන්මලින් ද සුවඳ වර්ණවලින් ද පුරවන ලද කරඬු ගෙන්වා ගෙන යනු කැමැත්තී මයිලණුවන් විචාරා ඔහු විසින් ඔබ ගරුසරු අයෙකි. මහජනතාව නිසා ඉඩකඩ අඩුය. මල් හා සුවඳ ද්‍රව්‍ය යවා මෙහිම නවතින්න යයි කියන ලද්දී නමුදු හටගත් ශ්‍රද්ධාව ඇත්තී ඉදින් එහිදී මගේ ජීවිතයට අනතුරක් වන්නේ වුවද එහි ගොසින්ම පූජා සත්කාර කරන්නෙමියි (මයිලණුවන්ගේ) එම වචනය පිළිනොගෙන පිරිවර සහිතව එහි ගොස් සුවඳ ද්‍රව්‍ය හා මල් ආදිය පුදා ඇඳිලි බැඳ ගෙන සිටියාය. එකල්හි තෙරුන් වහන්සේ පිදීමට පැමිණි රජ පිරිස්වල ඇතෙක් මත් වී ඒ (සෙසවතී සිටි) පෙදෙසට පැමිණියේය. එම ඇතු දැක මරණ බියෙන් බියපත් වූ මිනිසුන් පලායන කල්හි මිනිසුන්ගේ තෙරපීමකින් (බිම) වැටුණ සේසවතිය මහජනතාවගේ පෑගීමට ලක් වී මරණයට පත් වූවාය. ඕ තොමෝ පූජා සත්කාර කොට තෙරණුවන් කෙරෙහි යොමු වූ ශ්‍රද්ධාවෙන් ප්‍රසන්න සිත් ඇතිවම කාලක්‍රියාකොට තව්තිසා භවනයෙහි උපන්නාය. අප්සරාවෝ දහසක් ඇයට පිරිවරද වූහ.
සා තාවදෙව අත්තනො දිබ්බසම්පත්තිං ඔලොකෙත්වා “කීදිසෙන නු ඛො පුඤ්ඤෙන මයා එසා ලද්ධා”ති, තස්සා හෙතුං උපධාරෙන්තී ථෙරං උද්දිස්ස කතං පූජාසක්කාරං දිස්වා, රතනත්තයෙ අභිප්පසන්නමානසා සත්ථාරං වන්දිතුං අච්ඡරාසහස්සපරිවුතා සට්ඨිසකටභාරාලඞ්කාරපටිමණ්ඩිතත්තභාවා සුමහතියා දෙවිද්ධියා චන්දො විය ච සූරියො විය ච දස දිසා ඔභාසයමානා සහ විමානෙන ආගන්ත්වා විමානතො ඔරුය්හ භගවන්තං වන්දිත්වා අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි. තෙන ච සමයෙන ආයස්මා වඞ්ගීසො භගවතො සමීපෙ නිසින්නො භගවන්තං එවමාහ “පටිභාති මං භගවා ඉමිස්සා දෙවතාය කතකම්මං පුච්ඡිතු”න්ති. “පටිභාතු තං, වඞ්ගීසා”ති භගවා අවොච. අථ ආයස්මා වඞ්ගීසො තාය දෙවතාය කතකම්මං පුච්ඡිතුකාමො පඨමං තාවස්සා විමානං සංවණ්ණෙන්තො ආහ –
ඇය ඒ අවස්ථාවෙහිම තම දිව සැපත දෙස බලා කවරනම් පිනකින් මා විසින් මේ සැපත ලබන ලද්දී දැයි එයට හේතු සලකා බලන්නී තෙරණුවන් උදෙසා කරන ලද පූජා සත්කාර දැක රත්නත්‍රය කෙරෙහි අතිශයින් ප්‍රසන්න වූ සිත් ඇතිව ශාස්තෲන් වහන්සේ වඳිනු පිණිස අප්සරාවන් දහසක් විසින් පිරිවරණ ලදුව ගැල් සැටක බර ඇති අලංකාරයෙන් සැරසුණු ශරීරය ඇතිව අතිමහත් වූ දිව්‍යමය සෘද්ධියෙන් සඳු මෙන් ද හිරු මෙන් ද දසදිසාවන් බබුලුවමින් විමානය සමගම පැමිණ ඉන් බැස භාග්‍යවතුන් වහන්සේ වැඳ ඇඳිලි බැඳ සිටියහ. එවිට ආයුෂ්මත් වංගීස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ අසල සිට ‘භාග්‍යවතුන් වහන්ස, මේ දෙවඟන විසින් කරන ලද කර්මය පිළිබඳව ප්‍රශ්න කිරීම සුදුසු යයි මට අදහස් වේ යයි භාග්‍යවතුන් වහන්සේට කීහ. වංගීසයෙහි සුදුසු සේ කෙරේවායි භාග්‍යවතුන් වහන්සේ පැවසූහ. ඉක්බිති ආයුෂ්මත් වංගීස තෙරණුවෝ ඒ දේවතාවිය විසින් කරන ලද කර්මය ප්‍රශ්න කරනු කැමැත්තාහු පළමුකොටම ඇයගේ විමානය වර්ණනා කරමින් මෙසේ පැවසූහ.
“ඵලිකරජතහෙමජාලඡන්නං, විවිධචිත්රතලමද්දසං සුරම්මං; බ්යම්හං සුනිම්මිතං තොරණූපපන්නං, රුචකුපකිණ්ණමිදං සුභං විමානං.
ඵලික නම් වූ මැණික් රිදී හා රන් යන මේවායින් සැදුණ දැල්වලින් ආවරණය වූ නන්වැදෑරුම් විසිතුරු මහල් ඇති ඉතා රමණීය වූ මනාව නිර්මාණය කරන ලද තොරණින් යුතු වූ රන්වැලි විසුරුවා ඇත්තා වූ සොඳුරු වූ විශේෂ වූ විමානය දැක ගතිමි.
“භාති ච දස දිසා නභෙව සුරියො, සරදෙ තමොනුදො සහස්සරංසී; තථා තපති මිදං තව විමානං, ජලමිව ධූමසිඛො නිසෙ නභග්ගෙ.
අඳුර නසන්නා වූ දහසක් රැස් ඇත්තා වූ සරත් කාලයෙහි සූර්යයා අහසෙහි යම් සේ බබලත්ද එසේ ඔබගේ මේ විමන ද රාත්‍රියෙහි අහස් පෙදෙසක බබලන ගින්නක් මෙන් බබලන්නේය.
“මුසතීව නයනං සතෙරතාව, ආකාසෙ ඨපිතමිදං මනුඤ්ඤං; වීණාමුරජසම්මතාළඝුට්ඨං, ඉද්ධං ඉන්දපුරං යථා තවෙදං.
අහසෙහි පිහිටුවා ඇති සිත් ගන්නා ඔබගේ මේ විමානය විදුලි එලියක් මෙන් ඇස් මුසපත් කරවන්නෝය. වීණා මිහිඟු බෙර තාලම්පට ආදියෙන් නැගෙන හඬින් යුතු වූ ඔබේ විමානය ශක්‍රපුරය මෙන් සමෘද්ධිමත්ය.
“පදුමකුමුදුප්පලකුවලයං , යොධිකබන්ධුකනොජකා ච සන්ති; සාලකුසුමිතපුප්ඵිතා අසොකා, විවිධදුමග්ගසුගන්ධසෙවිතමිදං.
ඔබේ මේ විමානයෙහි පියුම් කුමුදු රතුපුල් නිලුපුල් යන පුෂ්පයන්ද සීනිද්ද බඳුවද කටුකරඬු යන පැලෑටි දක්නට ඇත. තවද මේ විමානය පුෂ්පයන්ගෙන් යුත් සල් අසෝක ආදී විවිධ වූ උසස් වර්ගයෙහි වෘක්ෂයන්ගෙන් විහිදෙනා සුවඳින් ද සෙවුනා ලද්දකි.
“සළලලබුජභුජකසංයුත්තා, කුසකසුඵුල්ලිතලතාවලම්බිනීහි; මණිජාලසදිසා යසස්සිනී, රම්මා පොක්ඛරණී උපට්ඨිතා තෙ.
සම්පත් සහිත දේවතාවියනි, කුසතණවලින්ද මනාව පිපුණු මල් ඇති මිණිදැල් මෙන් එල්ලෙන මල්වලින් ද ගැවසුණ සළල නම් සුවඳවත් ගස් වර්ග ද දෙල් ගස්ද භුප්ත නම් වූ ගස් වර්ගය ද යන මේවායින් රමණීය වූ පොකුණක් ඔබට ලැබී ඇත.
“උදකරුහා ච යෙත්ථි පුප්ඵජාතා, ථලජා යෙ ච සන්ති රුක්ඛජාතා; මානුසකාමානුස්සකා ච දිබ්බා, සබ්බෙ තුය්හං නිවෙසනම්හි ජාතා.
දියෙහි හටගන්නා යම් පුෂ්ප වර්ගයෝ වෙත්ද ගොඩබිම හටගන්නා යම් වෘක්ෂ ජාතීහු වෙත් ද මිනිස් ලොවට අයිති දෙය ද මිනිස් ලොවට අයිති නොවන දෙය ද දෙව්ලොවට අයත් දෙය ද යන ඒ සියල්ලම ඔබේ වාසස්ථානයෙහි හටගෙන ඇත.
“කිස්ස සංයමදමස්සයං විපාකො, කෙනාසි කම්මඵලෙනිධූපපන්නා; යථා ච තෙ අධිගතමිදං විමානං, තදනුපදං අවචාසිළාරපම්හෙ”ති.
ඝන ඇසිපිය ඇති (හෙවත් මනා වූ ඇස් ඇති) දේවතාවියනි, (ඉන්ද්රිය දමනය ආදි) කවර නම් සංයමයක විපාකයක් ද කවරනම් කර්ම බලයකින් මෙහි උත්පත්ති වෙයිද ඔබට මේ විමානය කෙසේ හිමිවීද? මා විසින් අසන ලද පිළිබඳව අනුව එම විස්තර කියන්න.
තත්ථ ඵලිකරජතහෙමජාලඡන්නන්ති ඵලිකමණීහි රජතහෙමජාලෙහි ච ඡාදිතං, ඵලිකමණිමයාහි භිත්තීහි රජතහෙමමයෙහි ජාලෙහි ච සමන්තතො හෙට්ඨා ච උපරි ච ඡාදිතං, විවිධවණ්ණානං විචිත්තසන්නිවෙසානඤ්ච තලානං භූමීනං වසෙන විවිධචිත්රතලං අද්දසං පස්සිං. සුරම්මන්ති සුට්ඨු රමණීයං. විහරිතුකාමා වසන්ති එත්ථාති බ්යම්හං, භවනං. තොරණූපපන්නන්ති විවිධමාලාකම්මාදිවිචිත්තෙන සත්තරතනමයෙන තොරණෙන උපෙතං. තොරණන්ති වා ද්වාරකොට්ඨකපාසාදස්ස නාමං, තෙන ච අනෙකභූමකෙන විචිත්තාකාරෙන තං විමානං උපෙතං. රුචකුපතිණ්ණන්ති සුවණ්ණවාලිකාහි ඔකිණ්ණඞ්ගණං. වාලිකසදිසා හි සුවණ්ණඛණ්ඩා රුචා නාම, රුචමෙව රුචකන්ති වුත්තං. සුභන්ති සොභති, සුට්ඨු භාතීති වා සුභං. විමානන්ති විසිට්ඨමානං, පමාණතො මහන්තන්ති අත්ථො.
එහි එලික රජත හෙමජාලඋච්ඡන්නං එලිත නම් වූ මැණික් රිදී රත්රන් යන ආදියෙන් තැනූ දැල්වලින් ආවරණය වූ එලික මැණික්වලින් කළ බිත්තිවලින් සහ රිදී සහ රන්වලින් කළ දැල්වලින් හාත්පසින් යටින් හා උඩින් වැසී ඇති විවිධ වර්ණයන්ගෙන් විසිතුරු ලෙස පිළියෙල කළ තලයන්ගෙන් යුත් භූමි වශයෙන් යන අදහස සඳහා විවිධ විචිත්‍ර තලංයි යෙදේ. අද්දසං දුටුවෙමි. සුරම්මං මනා ලෙස රමණීය වූ වාසය කරනු කැමති අය මෙහි වාසය කරත් යන අදහසින් ව්යම්හං යි යෙදේ. වාසස්ථානය (භවන) යන අදහසයි. තොරණුප්පන්නං විවිධ මල් සැරසිලි ආදියෙන් විසිතුරු වූ ද රන් රිදී මුතු මැණික් වෛදූර්ය දියමන්ති පබළු යන සත්රුවනින් කළා වූ ද තොරණින් යුක්ත වූ තොරණං යනු දොරටුව අසල ඇති ප්‍රාසාදයට ද නමක් වෙයි. ඒ තොරණින් ද මහල් රැසකින් ද විසිතුරු සැරසිලිවලින් ද ඒ විමානය යුක්ත වේ. රුචකුපකිණ්ණං රන්කැබලි ඉසින ලද මිදුලක් ඇති වියලි වැට සමාන වූ රන් කැබලි ‘රුච’ නම් වේ. රුච යනු පාදයට රුචක යයි ද කියනු ලැබේ. ශෝභමාන වෙයි. හෙවත් මනාව බබලයි යන අදහසින් සුභ යෙදේ. විමානං විශේෂිත වූ ප්‍රමාණය, ප්‍රමාණයෙන් මහත් වූ යන අර්ථයි.
භාතීති ජොතති උජ්ජලති. නභෙව සුරියොති ආකාසෙ ආදිච්චො විය. සරදෙති සරදසමයෙ. තමොනුදොති අන්ධකාරවිද්ධංසනො. තථා තපති මිදන්ති යථා සරදකාලෙ සහස්සරංසී සූරියො, තථා තපති දිබ්බති ඉදං තව විමානං, ම-කාරො පදසන්ධිකරො. ජලමිව ධූමසිඛොති ජලන්තො අග්ගි විය. අග්ගි හි තස්ස අග්ගතො ධූමො පඤ්ඤායතීති “ධූමසිඛො ධූමකෙතූ”ති ච වුච්චති. නිසෙති නිසති, රත්තියන්ති අත්ථො. නභග්ගෙති නභකොට්ඨාසෙ, ආකාසපදෙසෙති වුත්තං හොති. “නගග්ගෙ”ති වා පාඨො, පබ්බතසිඛරෙති අත්ථො. ඉදං තව විමානන්ති යොජනා.
භාති, බබලයි. දීප්තිමත් වෙයි. නභෙව සුරියො අහසෙහි මෙන් සරදෙ සරත් සමයෙහි, තමනු දො අඳුර නසා, තථාතපති මිදන්ති ‘ම’ කාරය පද සඳහාය. සරත් කාලයෙහි දහසක් රැස් ඇති සූර්යයා යම්සේ බබළයි ද, මේ තවවිමානං ඔබගේ විමානය, ජලමිව ධූමසිඛො දිලිසෙන්නා වූ ගින්න මෙන්, ගින්න වනාහි එහි මුදුනෙන් දුමක් පෙනේය යන අදහසින් ‘ධූමසිඛ’ නම් වෙයි. ඒ අරුතින්ම ධූමකේතු යයි ද කියනු ලැබේ. නිසෙ නිස යන පදය ද යෙදේ. රාත්‍රී යන තේරුමයි. නභග්ගෙ අහසේ කොටසක, ආකාසයේ ප්‍රදේශය යන අරුත් ඇත්තේය. න ගග්ගෙ යන පාඨය ද සමහර තැනක යෙදේ. පර්වත මුදුනෙහි යනු එහි අර්ථයි. මෙය ඔබගේ විමානය යන අදහසයි.
මුසතීව නයනන්ති අතිවිය අත්තනො පභස්සරතාය පටිහනන්තං දස්සනකිච්චං කාතුං අදෙන්තං ඔලොකෙන්තානං චක්ඛුං මුසති විය. තෙනාහ “සතෙරතාවා”ති, විජ්ජුලතා වියාති අත්ථො. වීණාමුරජසම්මතාළඝුට්ඨන්ති මහතීආදිවීණානං භෙරිආදිපටහානං හත්ථතාළකංසතාළානඤ්ච සද්දෙහි ඝොසිතං එකනින්නාදං. ඉද්ධන්ති දෙවපුත්තෙහි දෙවධීතාහි දිබ්බසම්පත්තියා ච සමිද්ධං. ඉන්දපුරං යථාති සුදස්සනනගරං විය.
මුසතීච නයනං තමන්ගේ අධික වූ ආලෝකවත් භාවය නිසා බලන්නවුන් වෙහෙසට පත් කරවන්නා වූ, දර්ශනය කිරීමට ඉඩක් නො දෙන්නා වූ, බලන්නවුන්ගේ ඇස් මුසපත් කරන්නාක් මෙන් වෙයි. ඒ හේතුවෙන් සතෙරතාවා යි කීය. විදුලියෙන් මෙන් යන අර්ථයි. වීණාමුරජ සම්මතාල ඝුට්ඨං මහතී ආදී විණාවන්ගේ ද, භේරි ආදියෙන් ද, පටහ නමැති බෙරවලින් ද කයිතාලම්වල ශබ්දයන්ගෙන් ද, ඝෝෂා සහිත වූ, එකම නාදයක් බවට හැරුණා වූ, දෙව් පුතුන්ගේ ද, දෙව් දූවරුන්ගේ ද, දිව්‍ය සම්පත්තියෙන් සමෘද්ධ වූ, ඉන්දපුරං යථා දෙව්රජුගේ ඉන්ද්රපුරය වූ සුදස්සන නගරය මෙන්.
පදුමානි ච කුමුදානි ච උප්පලානි ච කුවලයානි ච පදුමකුමුදුප්පලකුවලයන්ති එකත්තවසෙන වුත්තං. අත්ථීති වචනං පරිණාමෙත්වා යොජෙතබ්බං. තත්ථ පදුමග්ගහණෙන පුණ්ඩරීකම්පි ගහිතං, කුමුදග්ගහණෙන සෙතරත්තභෙදානි සබ්බානි කුමුදානි, උප්පලග්ගහණෙන රත්තඋප්පලං සබ්බා වා උප්පලජාති, කුවලයග්ගහණෙන නීලුප්පලමෙව ගහිතන්ති වෙදිතබ්බං. යොධිකබන්ධුකනොජකා ච සන්තීති ච-කාරො නිපාතමත්තං, යොධිකබන්ධුජීවකඅනොජකරුක්ඛා ච සන්තීති අත්ථො. කෙචි “අනොජකාපි සන්තී”ති පාඨං වත්වා “අනොජකාපීති වුත්තං හොතී”ති අත්ථං වදන්ති. සාලකුසුමිතපුප්ඵිතා අසොකාති සාලා කුසුමිතා පුප්ඵිතා අසොකාති යොජෙතබ්බං . විවිධදුමග්ගසුගන්ධසෙවිතමිදන්ති නානාවිධානං උත්තමරුක්ඛානං සොභනෙහි ගන්ධෙහි සෙවිතං පරිභාවිතං ඉදං තෙ විමානන්ති අත්ථො.
පියුම් ද, කුමුදු ද, උපුල් ද, නිලුපුල් ද යනුවෙන් එකක් වශයෙන් කියන ලදී. අත්ථි - ඇත යන පදය එකතුකොට අර්ථ දැන්විය යුතුයි. එහි ‘පදුම’ යන පදයෙන් සුදු නෙළුම් ගැනේ. ‘කුමුද’ යන පදයෙන් සුදු රතු යනුවෙන් වර්ණිත සියලුම කුමුදු ගැණුනේ වෙයි. ‘උප්පල’ යන පදය ගැනීමෙන් රතුපුල් හෝ සියළුම උපුල් ගැණුනේ වෙයි. ‘කුවලං’ යන පදය ගැනීමෙන් නිලුපුල්ම ගැනුනේ වේ යයි දතයුතු. යූධික බන්ධුකනොජකා ච සන්ති එහි ‘ච’ කාරය නිපාත මාත්‍රයකි. සීනිද්ද, බඳුවද, කටුකරඬු යන ගස් වර්ග ද ඇත්තේය. ඇතැමෙක් අනෝජකාපිසන්ති යනුවෙන් පාලි පාඨය ලියා කටුකරඬුද තිබේ යයි අර්ථ දක්වත්. සාල කුසුමිත පුප්ඵිතා අසොකා මල් හටගත් සල්ගස් ද, මල් පිපුණ අසෝක ද යනුවෙන් අර්ථ දැක්වේ. විවිධ දුමග්ග සුගන්ධ සෙවිත මිදං නන් වැදෑරුම් උසස් වෘක්ෂයන්ගෙන් මනා වූ සුවඳවලින් සෙවුණා ලද ගැවසුන ඔබගේ මේ විමන යන අර්ථයි.
සළලලබුජභුජකසංයුත්තාති තීරෙ ඨිතෙහි සළලෙහි ලබුජෙහි භුජකරුක්ඛෙහි ච සහිතා. භුජකො නාම එකො සුගන්ධරුක්ඛො දෙවලොකෙ ච ගන්ධමාදනෙ ච අත්ථි, අඤ්ඤත්ථ නත්ථීති වදන්ති. කුසකසුඵුල්ලිතලතාවලම්බිනීහීති කුසකෙහි තාලනාළිකෙරාදීහි තිණජාතීහි ඔලම්බමානාහි සන්තානකවල්ලිආදීහි සුට්ඨු කුසුමිතලතාහි ච සංයුත්තාති යොජනා. මණිජාලසදිසාති මණිජාලසදිසජලා. “මණිජලසදිසා”තිපි පාළි, මණිසදිසජලාති අත්ථො. යසස්සිනීති දෙවතාය ආලපනං. උපට්ඨිතා තෙති යථාවුත්තගුණා රමණීයා පොක්ඛරණී තව විමානසමීපෙ ඨිතා.
සළල ලබුජ භූජක සඤ්ඤතා ඉවුරෙහි පිහිටි සල්ල, දෙල්, භූජක ආදී ගස් වර්ගවලින් යුත්, භූජක යනු සුවඳ විහිදෙන ගස් වර්ගයකි. දෙව්ලොවද ගන්ධමාදන පර්වතයේ ද ඇත. අන් තැනක නැත. කුසක සුඵල්ලිත ලතාවලම්බිනීභි කුසතණවලින් ද, තල්, පොල් ආදියෙන් ද තෘණ වර්ගවලින් ද සන්තාන නම් දිව්‍ය වෘක්ෂවලින් එල්ලෙන මනා වූ මල් පිපුණු මුල්වලින් ද, සංයුතා යුක්ත වූ, මණිජාල සදිසා මැණික්වලින් තැනූ දැල්වලට සමාන නොයෙක් ජාලයන් ඇති, මණිජලසදිසා යනු ද පාඨයකි. මැණික් වැනි නිල් දිය යනු එහි තේරුමයි. යසස්සිනී දේවතාවියට ආමන්ත්‍රණය කරයි. උපට්ඨිතා තෙ කියන ලද ලක්ෂණයන්ගෙන් යුක්ත වූ රමණීය වූ පොකුණක් ඔබගේ විමානය අසල පිහිටියේය.
උදකරුහාති යථාවුත්තෙ පදුමාදිකෙ සන්ධාය වදති. යෙත්ථීති යෙ අත්ථි. ථලජාති යොධිකාදිකා. යෙ ච සන්තීති යෙ අඤ්ඤෙපි රුක්ඛජාතා පුප්ඵූපගා ච ඵලූපගා ච, තෙපි තව විමානසමීපෙ සන්තියෙව.
උදකරුහා පෙර කියන ලද පදුම, කුමුදු, උප්පල ආදිය සඳහා කියයි. යෙත්ථි - යමෙක් වේද, ථලජා ගොඩබිමෙහි සැදෙන සීනිද්ද ආදිය. යො ච සන්ති මල් හටගන්නා වූ ද ගෙඩි හටගන්නා වූ ද, යම්කිසි වෙනත් වෘක්ෂ වර්ගයෝ වෙත්, ඒවා ද ඔබගේ විමානය සමීපයේ තිබේ.
කිස්ස සංයමදමස්සයං විපාකොති කායසංයමාදීසු කීදිසස්ස සංයමස්ස, ඉන්ද්රියදමනාදීසු කීදිසස්ස දමස්ස අයං විපාකො. කෙනාසීති අඤ්ඤමෙව උපපත්තිනිබ්බත්තකං, අඤ්ඤං උපභොගසුඛනිබ්බත්තකං හොතීති “කෙනාසි කම්මඵලෙනිධූපපන්නා”ති වත්වා පුන “යථා ච තෙ අධිගතමිදං විමාන”න්ති ආහ. තත්ථ කම්මඵලෙනාති කම්මඵලෙන විපච්චිතුං ආරද්ධෙනාති වචනසෙසො, ඉත්ථම්භූතලක්ඛණෙ චෙතං කරණවචනං. තදනුපදං අවචාසීති තං කම්මං මයා වුත්තපදස්ස අනුපදං අනුරූපපදං කත්වා කථෙය්යාසි. අළාරපම්හෙති බහලසංහතපඛුමෙ, ගොපඛුමෙති අධිප්පායො.
කිස්ස සමදමස්සයං විපාකො මෙය කාය සංවරාදී කෙබඳු සංයමයක හෝ ඉන්දිය දමනය ආදී කෙබඳු දමනයක විපාකයක් ද, කෙනාසි ඉපදීම සිදු කරන්නේ අනෙකෙක්මය. පරිභෝග කළයුතු සුව ඉපදීම අනිකෙක්ව වෙයි යනුවෙන්, කෙනාදි කම්මඵලෙන ඉධූපපන්නා යන මෙය කියා නැවත යථා ච තෙ අධිගතමිදං විමානං යන්න කීය. එහි ‘කම්මඵලෙන’ යනු කර්ම බලයෙන් යන අදහසයි. ‘විපච්චිතුං ආරද්ධෙන’ නො කියා ඉතිරිකර ඇති වචන වේ. කම්මඵලෙන යන්න ඉත්ථම්භූත ලක්ෂණාර්ථයෙහි කරණ විභක්ති වචනයි. ‘තදනුපදං අවචාසි’ ඒ කර්මය මා විසින් ඒ අයුරින් අසන ලද, පදයට ගැලපෙන පද සහිතව අනුරූප පද සහිත කොට කියන්නේය. ‘අළාර පඬුමෙ’ යනු බොහෝ ඝන වූ ඇසි පිහාටුවල යන අදහසයි.
අථ දෙවතා ආහ –
ඉක්බිති දෙවඟන මෙසේ කීහ.
“යථා ච මෙ අධිගතමිදං විමානං, කොඤ්චමයූරචකොර සඞ්ඝචරිතං; දිබ්යපිලවහංසරාජචිණ්ණං, දිජකාරණ්ඩවකොකිලාභිනදිතං.
යථාච මෙ අධිගතමිදං විමානං - කොඤ්ච මයූර වකොරසංඝ චරිතං දිබ්බ පිලව හංසරාජ වණ්ණං - ද්විජ කාරණච්ච කොකිලාභි නදිතං
යම්සේ මේ විමානය මට අයිතිව තිබේද, එය කොස්වා ලිහිණි, මොණර, ඇටිකුකුල් යන පක්ෂි සමූහයා විසින් හැසිරෙනු ලැබේ. දියෙහි පිහිනා යන හංසරාජයන්ගෙන් යුක්ත වූයේය. තාරාවන්ද, කොවුලන්ද යන පක්ෂීන් විසින් කරනු ලබන නාදයන්ගෙන් යුක්ත වූයේය.
“නානාසන්තානකපුප්ඵරුක්ඛවිවිධා , පාටලිජම්බුඅසොකරුක්ඛවන්තං; යථා ච මෙ අධිගතමිදං විමානං, තං තෙ පවෙදයාමි සුණොහි භන්තෙ.
නානා සන්තානක පුප්ඵරුක්ඛ විවිධා - පාටලි ජම්බු අසොක රුක්ඛ වන්තං යථාච මෙ අධිගතමිදං විමානං - තන්තෙ පවදිස්සාමි සුණෙහි භන්තෙ
ස්වාමීනි, බොහෝ වූ විවිධ වූ මලින් ගැවසුනා වූ, පළොල් දන්ධ අසෝක ආදී වෘක්ෂයන්ගෙන් යුක්ත වූ, උයන සහිත මේ විමානය මට හිමිවූයේ කෙසේද? ඒ බව ඔබවහන්සේට මතු කියමි. අසනු මැනවි.
“මගධවරපුරත්ථිමෙන, නාලකගාමො නාම අත්ථි භන්තෙ; තත්ථ අහොසිං පුරෙ සුණිසා, පෙසවතීති තත්ථ ජානිංසු මමං.
මගධවර පුරත්ථි මෙන - නාලකගාමො නාම අත්ථි භන්තෙ තත්ථ අහොසිං පුරෙ සුණිසා - සෙසවතීති තත්ථ ජාතිංසු මමං
ස්වාමීනි, මගධ පුරවරයට නැගෙනහිරින් නාලක නම් වූ ගමක් තිබේ. අතීතයෙහි මම එහි එක්තරා පවුලක ලේලියක වී සිටියෙමි. එහිදී නෑ මිතුරෝ සේසවතී යන නමින් මා හැඳින්වූහ.
“සාහමපචිතත්ථධම්මකුසලං, දෙවමනුස්සපූජිතං මහන්තං; උපතිස්සං නිබ්බුතමප්පමෙය්යං, මුදිතමනා කුසුමෙහි අබ්භුකිරිං.
සාහං අපචිතත්ථ - ධම්මකුසලං - දෙවමනුස්ස පූජිතං මහන්තං උපතිස්සං නිබ්බුතං අප්පමෙය්යං - මුදිතමනා කුසුමෙහි අබ්භොකිරිං
ඒ මම ගරු කරන ලද අර්ථ ධර්ම හා කුසල් ඇති, දෙව් මිනිසුන් විසින් පුදන ලද පරිනිර්වාණයට පත් වූ උපතිස්සයන් වහන්සේට හෙවත් සැරියුත් තෙරුන් වහන්සේ වෙත පහන් සිතින් යුතුව මල් පුද කළෙමි. විසුරුවා හළෙමි.
“පරමගතිගතඤ්ච පූජයිත්වා, අන්තිමදෙහධරං ඉසිං උළාරං; පහාය මානුසකං සමුස්සයං, තිදසගතා ඉධ මාවසාමි ඨාන”න්ති.
පරමගති ගතඤ්ච පූජයිත්වා - අන්තිම දෙහධරං ඉසිං උළාරං පහාය මානුසකං සමුස්සයං - තිදසගතා ඉධ මාවස්මි ඨානන්ත
අනුපාදිශේෂ නිර්වාණයට පැමිණි උදාර වූ ඍෂිවර වූ, සැරියුත් මහතෙරුන් වහන්සේට පූජාකොට මම මිනිස් සිරුර හැර දමා තව්තිසාවට පැමිණ මේ ස්ථානයේ දිවසැප විඳිමින් සිටිමි.
තත්ථ කොඤ්චමයූරචකොරසඞ්ඝචරිතන්ති සාරසසිඛණ්ඩිකුම්භකාරකුක්කුටගණෙහි තත්ථ තත්ථ විචරිතං. දිබ්යපිලවහංසරාජචිණ්ණන්ති උදකෙ පිලවිත්වා විචරණතො “පිලවා”ති ලද්ධනාමෙහි උදකසකුණෙහි හංසරාජෙහි ච තහිං තහිං විචරිතං. දිජකාරණ්ඩවකොකිලාභිනදිතන්ති කාරණ්ඩවෙහි කාදම්බෙහි කොකිලෙහි අඤ්ඤෙහි ච දිජෙහි අභිනාදිතං.
එහි කොඤ්ච මයුරච කොරසංඝ චරිතං ඒ ඒ තන්හි හැසිරෙන කොස්වාළිහිණි හෝ විල් ළිහිණි මොණර, ඇටිකුකුල් සමූහයා විසින් දිබ්බ පිලවහංසරාජ චිණ්ණං දියෙහි හැසිරෙන බැවින් ‘පිලව’ යයි යන ලද නම් ඇති, ඒ ඒ තැන්හි හැසිරෙන විල් ළිහිණියන්ගෙන් හා හංස රාජයන්ගෙන් යුතු, ද්විජ කාරණ්ඩව කොකිලාභි නදිතං කොරවක්, වලිකුකුල් හා වෙනත් පක්ෂීන් විසින් නාද කරන්නා වූ.
නානාසන්තානකපුප්ඵරුක්ඛවිවිධාති නානාවිධසාඛාපසාඛවන්තා නානාපුප්ඵරුක්ඛා නානාසන්තානකපුප්ඵරුක්ඛා , තෙහි විවිධං චිත්තාකාරං විචිත්තසන්නිවෙසං නානාසන්තානකපුප්ඵරුක්ඛවිවිධා . “විවිධ”න්ති හි වත්තබ්බෙ “විවිධා”ති වුත්තං. සන්තානකාති හි කාමවල්ලියො, නානාවිධපුප්ඵරුක්ඛා ච විවිධා එත්ථ සන්ති , තෙහි වා විවිධන්ති නානාසන්තානකපුප්ඵරුක්ඛවිවිධා. “නානාසන්තානකපුප්ඵරුක්ඛවිවිධං, පාටලිජම්බුඅසොකරුක්ඛවන්ත”න්ති ච කෙචි පඨන්ති. තෙහි “පුප්ඵරුක්ඛා සන්තී”ති පදං ආනෙත්වා සම්බන්ධිතබ්බං. “පුප්ඵරුක්ඛා”ති වා අවිභත්තිකනිද්දෙසො, පුප්ඵරක්ඛන්ති වුත්තං හොති.
නානා සත්තානක පුප්ඵ රුක්ඛ විවිධා නොයෙක් ආකාරයේ ලොකු සහ කුඩා අතුවලින් යුත් බොහෝ මල් ඇති වෘක්ෂ වර්ග, බොහෝ මල් පිපුණු සන්තානක නම් දිව්‍ය වෘක්ෂයෝ යයි ද අරුත් දැක්විය හැකිය. එකී වෘක්ෂයන්ගෙන් විවිධ වූ විසිතුරු ආකාරයන්ගෙන් පිහිටි යනුවෙන් ද අරුත් දැක්විය හැකිය. මේ අර්ථ සඳහා නානා සත්තානක පුප්ඵරුක්ඛ විවිධා යයි කියා ඇත. විවිධං යයි කිවයුතු තැන ‘විවිධා’ යයි කියන ලදී. නානා සන්තානක යනුවෙන් රුචිය ඇතිකරවන වැල් වර්ගයක් හෙවත් කාම වල්ලි යයි ද අදහස් කෙරේ. නොයෙක් ආකාරයේ මල් ඇති විවිධ වූ ගස් වර්ග මෙහි තිබේ. ඒවායින් ද විවිධ ආකාර ඇති වේ යන අදහසින් හෝ, නා නා සන්තානක පුප්ඵරුක්ඛ විවිධං හෝ කියනු ලැබේ. නොයෙක් මල් ඇති විවිධ රුක් ඇති යන්න පළොල් - දඹ - අසෝක යනාදී වෘක්ෂයන් ඇති ස්ථානයක් යනුවෙන් ද සමහරු අර්ථ දක්වති. එසේ කියන්නවුන් විසින් ‘පුප්ඵරුක්ඛා සන්ති’ යන පදය ‘පාටලි ජම්බු අසෝක රුක්ඛ වන්නං’ යන පදයට සම්බන්ධ කළ යුතුය. ‘පුප්ඵ රුක්ඛ විවිධං’ යන තැන ‘පුප්ඵ රුක්ඛ’ යන්න විභක්ති රහිතව දක්වා ඇත. එය පුප්ඵ රුක්ඛං යනුවෙන් යෙදිය යුතු වේ.
මගධවරපුරත්ථිමෙනාති මගධවරෙ පුරත්ථිමෙන, අභිසම්බොධිට්ඨානතාය උත්තමෙ මගධරට්ඨෙ පුරත්ථිමදිසාය. තත්ථ අහොසිං පුරෙ සුණිසාති පුබ්බෙ අහං තස්මිං නාලකගාමෙ එකස්මිං ගහපතිකුලෙ සුණිසා සුණ්හා අහොසිං.
මගධවර පුරත්ථිමෙන උතුම් වූ මගධ දේශයට නැගෙනහිරින් හෙවත් මගධ රටට පෙරදිග පිහිටි අභිසම්බෝධියට පැමිණි තැන වූ උතුම් ස්ථානයෙහි. තත්ථ අහොසිං පුරෙ සුණිසා යනු පෙර භවයෙහි මම නාලක නමින් වූ ගමෙහි එක් ගෘහපති කුලයක ලේලියක වූයෙමි.
සාති සයං. අත්ථෙ ච ධම්මෙ ච කුසලොති අත්ථධම්මකුසලො, භගවා. අපචිතො අත්ථධම්මකුසලො එතෙනාති අපචිතත්ථධම්මකුසලො, ධම්මසෙනාපති, තං. අපචිතං වා අපචයො, නිබ්බානං, තස්මිං අවසිට්ඨඅත්ථධම්මෙ ච කුසලං, අපචිතෙ වා පූජනීයෙ අත්ථෙ ධම්මෙ නිරොධෙ මග්ගෙ ච කුසලං. මහන්තෙහි උළාරෙහි සීලක්ඛන්ධාදීහි සමන්නාගතත්තා මහන්තං. කුසුමෙහීති රතනමයෙහි ඉතරෙහි ච කුසුමෙහි.
සති තමා. සමෘද්ධීන්හි ද, ධර්මයන්හි ද දක්ෂ වූයේ ද යනු අත්ථධම්ම කුසල යන්නෙහි අදහසයි. භාග්‍යවතුන් වහන්සේ මේ හේතුවෙන් පිදිය යුතු වූයේ ද, අර්ථයෙහි හා ධර්මයෙහි දක්ෂ වූයේද යනුවෙන් අපචිතත්ථ ධම්මකුසලො යනුවෙන් සඳහන් වේ. එනම් දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ ද පිදීමට හා පුදනු ලැබීමට සුදුසු වන්නේය. එසේත් නැතහොත් කෙලෙස් සිඳ දමන නිර්වාණයයි. එහෙයින් අවශේෂ වූ අර්ථ ධර්මයන්හි දක්ෂ වූ නොහොත් ගෞරව ලැබීමට පිදුම් ලැබීමට සුදුසු වූයේ අර්ථයෙහි ද ධර්මයෙහි ද නිරෝධයෙහි ද මාර්ගයෙහි ද දක්ෂ වූ, යන අදහසයි. මහත් වු උතුම් වූ ගිලස්කන්ධ ආදියෙන් යුක්ත වූ බැවින් මහන්තං යී යෙදේ. කුසුමෙහි රනින් කළ අනෙක් මල්වලින් ද,
පරමගතිගතන්ති අනුපාදිසෙසනිබ්බානං පත්තං. සමුස්සයන්ති සරීරං. තිදසගතාති තිදසභවනං ගතා, තාවතිංසං දෙවනිකායං උපපන්නා. ඉධාති ඉමස්මිං දෙවලොකෙ. ආවසාමි ඨානන්ති ඉමං විමානං අධිවසාමි. සෙසං වුත්තනයමෙව.
පරමගති ගතඤ්ච අනුපාදිශේෂ නිර්වාණයට පැමිණි, සමුස්සයං ශරීරය, තිදසගතා තව්තිසාවට ගියාහු, තව්තිසා දේව සමූහයා වෙතට ගොස් උපන්නා වූ, ඉධ මේ දෙව්ලොව, ආවුසාමි ඨානං මේ විමානයෙහි වාසය කරමි.
එවං ආයස්මතා වඞ්ගීසෙන දෙවතාය ච කථිතකථාමග්ගං අට්ඨුප්පත්තිං කත්වා භගවා සම්පත්තපරිසාය විත්ථාරෙන ධම්මං දෙසෙසි. සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
මෙසේ ආයුෂ්මත් වංගීස තෙරුන් විසින් ද, දේවතා දුව විසින් ද කියන ලද කථා මාත්‍රය අර්ථෝත්පත්ති කොට භාග්‍යවතුන් වහන්සේ පැමිණි පිරිසට විස්තර වශයෙන් දහම් දෙසූහ. ඒ දේශනාව මහජනයාට සාර්ථක වූයේය අර්ථ සහිත වූයේය.
පෙසවතීවිමානවණ්ණනා නිට්ඨිතා.
සේසවතී විමාන වර්ණනාව නිමියේ ය.