8. මල්ලිකා විමානවණ්ණනා අට්ඨකථා
8. මල්ලිකා විමානවණ්ණනා
8. මල්ලිකාවිමානය වර්ණනා
පීතවත්ථෙ පීතධජෙති මල්ලිකාවිමානං. තස්ස කා උප්පත්ති? ධම්මචක්කප්පවත්තනමාදිං කත්වා යාව සුභද්දපරිබ්බාජකවිනයනා කතබුද්ධකිච්චෙ කුසිනාරායං උපවත්තනෙ මල්ලරාජූනං සාලවනෙ යමකසාලානමන්තරෙ විසාඛපුණ්ණමායං පච්චූසවෙලායං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතෙ භගවති ලොකනාථෙ දෙවමනුස්සෙහි තස්ස සරීරපූජාය කයිරමානාය තදා කුසිනාරායං වසමානා බන්ධුලමල්ලස්ස භරියා මල්ලරාජපුත්තී මල්ලිකා නාම උපාසිකා සද්ධා පසන්නා විසාඛාය මහාඋපාසිකාය පසාධනසදිසං අත්තනො මහාලතාපසාධනං ගන්ධොදකෙන ධොවිත්වා දුකූලචුම්බටකෙන මජ්ජිත්වා අඤ්ඤඤ්ච බහුං ගන්ධමාලාදිං ගහෙත්වා භගවතො සරීරං පූජෙසි. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පන මල්ලිකාවත්ථු ධම්මපදවණ්ණනායං ආගතමෙව.
පීත වත්ථෙ පීත ධජෙ යනුවෙන් මල්ලිකා විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? දම්සක් පැවතුම ආදිකොට ඇති සුභද පිරිවැජි හික්මවීම කාලය තෙක් කරන ලද බුද්ධ කෘත්‍යය ඇති ලෝකනාථ වූ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජුගේ උපවත්තන උයනෙහි සල්ගස් යුගලය අතරෙහි වෙසක් පුන් පොහෝදින අලුයම් වේලෙහි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ කල්හි දෙව් මිනිසුන් විසින් උන්වහන්සේගේ ශරීරයට පූජා කරනු ලබනවිට එකල කුසිනාරාවෙහි විසූ බන්ධුල මල්ලගේ මෙහෙසිය වූ ශ්රද්ධාවන්ත වූ, පැහැදුණා වූ, මල්ලරාජ මෙහෙසිය වූ මල්ලිකා නම් උපාසිකාව විශාඛා උපාසිකාවගේ මහාමේල පළඳනාව සමාන වූ තමන්ගේ මේල පළඳනාව සුවඳ දියෙන් ධෝවනය කොට, තවත් විවිධ පූජා භාණ්ඩ හා මල් ආදිය සමග භාග්‍යවතුන්ගේ ශරීරයට පූජා කළාය. මෙය එම සිදුවීමෙහි කෙටි හැඳින්වීමයි. විස්තර වශයෙන් වනාහි මල්ලිකා කථාවස්තුව ධර්මපද වර්ණනාවේ දක්වන ලද්දේය.
සා අපරභාගෙ කාලං කත්වා තාවතිංසෙසු නිබ්බත්ති, තෙන පූජානුභාවෙන අස්සා අඤ්ඤෙහි අසාධාරණා උළාරා දිබ්බසම්පත්ති අහොසි. වත්ථාලඞ්කාරවිමානානි සත්තරතනසමුජ්ජලානි විසෙසතො සිඞ්ගීසුවණ්ණොභාසානි අතිවිය පභස්සරානි සබ්බා දිසා ආසිඤ්චමානාව සුවණ්ණරසධාරාපිඤ්ජරා කරොන්ති. අථායස්මා නාරදො දෙවචාරිකං චරන්තො තං දිස්වා උපගඤ්ඡි. සා තං දිස්වා වන්දිත්වා අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි. සො තං –
ඕ තොමෝ පසුකලක කළුරිය කොට තව්තිසාවෙහි උපන්නාය. එම පූජාවේ ආනිසංසයෙන් ඇයට අන් අය හා සමාන නොවූ උදාර වූ දිව්‍ය සම්පත්තියක් ලැබුවාය. සත්රුවනින් බබළන්නා වූ ද, විශේෂයෙන් දිලිසෙන රත්තරනින් විශේෂයෙන් ප්රභාවත් වූ අලංකාර වූ විමානය සියලු දිශාවන් රත්රන් දියර ඉසින්නාක් මෙන් රන්පැහැ ගැන්වෙයි. එකල්හි ආයුෂ්මත් නාරද තෙරණුවෝ දිව්‍යලෝක චාරිකාවේ හැසිරෙන සේක් ඒ දෙව් විමන දැක එහි පැමිණියහ. ඒ මල්ලිකා දෙවඟන උන්වහන්සේ දැක ඇඳිලි බැඳ සිටියාය. උන්වහන්සේ ඇයගෙන් මෙසේ විමසූහ.
“පීතවත්ථෙ පීතධජෙ, පීතාලඞ්කාරභූසිතෙ; පීතන්තරාහි වග්ගූහි, අපිළන්ධාව සොභසි.
පීතවත්ථෙ පීතධජෙ - පීතාලංකාර භූසිතෙ පීතන්තරාභි වග්ගුභි - අපිළන්ධාච සොභති
රන්වන් ඇඳුම් අඳින, රන්වන් කොඩි දරන, රනින්ම බබළන දේවතාවිය, රනින්ම බබළන සළුවලින් සැරසුනා වූ ඔබ ශෝභමාන වන්නෙහිය.
“කා කම්බුකායූරධරෙ, කඤ්චනාවෙළභූසිතෙ; හෙමජාලකසඤ්ඡන්නෙ, නානාරතනමාලිනී.
කා කම්බුකායූර ධරෙ - කඤ්චනා වෙළ භූසිතෙ හෙමජාලක පච්ඡන්නෙ - නානා රතන මාලිනී
රන්වන් බාහු පළඳනා දරන, රන්වන් මල්දම් හිසෙහි දරන, රන්වන් දැලෙන් සිරුර වැසුණ, නොයෙක් රුවන්වන් මාලාදාමයන් පළඳින ඔබ කවරීද?
“සොවණ්ණමයා ලොහිතඞ්ගමයා ච, මුත්තාමයා වෙළුරියමයා ච; මසාරගල්ලා සහලොහිතඞ්ගා, පාරෙවතක්ඛීහි මණීහි චිත්තතා.
සොවණ්ණමයා ලොහිතංකමයා - මුත්තමයා වෙළුරියාමයාච මසාරගල්ලා සහ ලොහිතංකා - පාරාවටක්ඛීහි මණීහි චිත්තතා
රනින් කරන ලද්දා වූ ද, පද්මරාග ආදී මැණික්වලින් කරන ලද්දා වූ ද, මුතුවලින් කරන ලද්දා වූ ද, වෛදූර්ය මැණික්වලින් කරන ලද්දා වූ ද, පරාග හා වෛදූර්ය මැණික් වර්ග එකතු කොට කරන ලද්දා වූද, පරෙවි ඇස් වැනි යයි කියනු ලබන, පාරාවටක්ඛී නම් මැණික්වලින් කරන ලද්දා වූද, සැරසිලිවලින් ඔබ විචිත්‍ර වී සිටින්නෙහිය.
“කොචි කොචි එත්ථ මයූරසුස්සරො, හංසස්සරඤ්ඤො කරවීකසුස්සරො; තෙසං සරො සුය්යති වග්ගුරූපො, පඤ්චඞ්ගිකං තූරියමිවප්පවාදිතං.
කොචි කොචි එත්ථ මයූර සුස්සරො - හංසස්ස රඤ්ඤො කරවික සුස්සරො තෙසං සරො සූයති - වග්ගුරූපො - පඤ්චංගිකං තුරිය මිවප්පවාදිනං
මෙහි යම් යම් ආකාරයෙන් වූ මොණරුන්ගේ නාදය ද, හංස රාජයන්ගේ හඬ ද, කොවුලන්ගේ මිහිරි ස්වරය ද, අසන්නට ලැබේ. මනාව වාදනය කරනු ලබන පංචාගික තූර්ය නාදය මෙන් ඔවුන්ගේ හඬ ශ්‍රවණය වේ.
“රථො ච තෙ සුභො වග්ගු, නානාරතනචිත්තිතො; නානාවණ්ණාහි ධාතූහි, සුවිභත්තොව සොභති.
රථො ච තෙ සුභො වග්ගු - නානාරතන චිත්තිතො නා නා වණ්ණාහි ධාතුහි - සුවිභත්තෙව සොභති
විවිධ රත්නයන්ගෙන් විසිතුරු වූ, යහපත් වූ මනෝඥ වූ, ඔබගේ රථය ද විවිධ ආකාරයේ කොටස් වලින් එකිනෙකට ගැලපෙන සේ පවතිමින් ශෝභමාන වේ.
“තස්මිං රථෙ කඤ්චනබිම්බවණ්ණෙ, යා ත්වං ඨිතා භාසසිමං පදෙසං; දෙවතෙ පුච්ඡිතාචික්ඛ, කිස්ස කම්මස්සිදං ඵල”න්ති. – පුච්ඡි;
තස්මිං රථෙ කඤ්චන බිම්බ වණ්ණෙ - යත්ථට්ඨිතා භාසසිමං පදෙසං දෙවතෙ පුච්ඡිතාවික්ඛ - කිස්ස කම්මස්සිදං ඵලං
ස්වර්ණ බිම්බයක වර්ණය ඇති ඒ රථය යම් තැනක තිබේද, ඒ පෙදෙසම බබළන්නේය. දේවතාවියනි, මෙය කවර කර්මයක ඵලයක්ද යන බව ප්‍රශ්න කරන මට කියන්නැයි විචාළේය.
තත්ථ පීතවත්ථෙති පරිසුද්ධචාමීකරපභස්සරතාය පීතොභාසනිවාසනෙ. පීතධජෙති විමානද්වාරෙ රථෙ ච සමුස්සිතහෙමමයවිපුලකෙතුභාවතො පීතොභාසධජෙ. පීතාලඞ්කාරභූසිතෙති පීතොභාසෙහි ආභරණෙහි අලඞ්කතෙ. සතිපි අලඞ්කාරානං නානාවිධරංසිජාලසමුජ්ජලවිවිධරතනවිචිත්තභාවෙ තාදිසසුචරිතවිසෙසනිබ්බත්තතාය පන සුපරිසුද්ධචාමීකරමරීචිජාලවිජ්ජොතිතත්තා විසෙසතො පීතනිභාසානි තස්සා ආභරණානි අහෙසුං. පීතන්තරාහීති පීතවණ්ණෙහි උත්තරියෙහි. “සන්තරුත්තරපරමං තෙන භික්ඛුනා තතො චීවරං සාදිතබ්බ”න්තිආදීසු (පාරා· 523-524) නිවාසනෙ අන්තරසද්දො ආගතො, ඉධ පන “අන්තරසාටකා”තිආදීසු විය උත්තරියෙ දට්ඨබ්බො. අන්තරා උත්තරියං උත්තරාසඞ්ගො උපසංබ්යානන්ති පරියායසද්දා එතෙ. වග්ගූහීති සොභනෙහි සණ්හමට්ඨෙහි. අපිළන්ධාව සොභසීති ත්වං ඉමෙහි අලඞ්කාරෙහි අනලඞ්කතාපි අත්තනො රූපසම්පත්තියාව සොභසි. තෙ පන අලඞ්කාරා තව සරීරං පත්වා සොභන්ති, තස්මා අනලඞ්කතාපි ත්වං අලඞ්කතසදිසීති අධිප්පායො.
එහි පීතවත්ථෙ පිරිසිදු රත්රත්නවල බැබළීමෙන් කහපැහැ ගත් වස්ත්‍රයෙහි, පීතධජෙ විමාන දොරටුවෙහිද රථයෙහිද ඔසවා තබන ලද ස්වර්ණමය වූ විශාල වූ, කොඩියක් වන බැවින් රන්වන් ආලෝකයෙන් බබළන ඒ කොඩියෙහි. පීතාලංකාර භූසිතෙ රන්වන් දීප්තිය විහිදුවන ආභරණයන්ගෙන් අලංකාර කළ, බොහෝ වූ අලංකාර සැරසිලිවලින් හා රැස් දහරා සමූහයකින් බබළන විසිතුරු රත්නයන්ගේ විසිතුරු බවත් ඇත. ඇගේ ආභරණ විශිෂ්ට සැකසීම්වලින් නිමවන ලද බැවින්ම, සුපිරිසිදු රත්රන්හි රැස් දහරින් දිලිසෙයි. එහෙයින් විශේෂයෙන් රන්වන් ආලේපයෙන් බබළන්නේ වෙයි. පීතන්තරාභී - පීත වර්ණයෙන් රන්පැහැයෙන් යුත් සළුවලින්, සන්තරුත්තර පරමං තෙන භික්ඛුනා තතො චීවරං සාදිතබ්බං යනාදී තන්හි වස්ත්‍රය යන අර්ථයෙහි, අන්තර ශබ්දය දක්නට ඇත. මෙහිදී වනාහි අන්තරසාටිකා යන ආදියෙහි මෙන් උතුරු සළුව යන අර්ථයෙහි අන්තර ශබ්දය යෙදී ඇත. අන්තරා - උත්තරියං, උත්තර සංඝො, උපසම්බපානං යන මේ වචන වස්ත්‍රය යන අර්ථය සඳහා යෙදෙන ස්ථානාර්ථ පදයන්ය. වග්ගුහි යහපත් වූ සිනිඳු වූ, අපිලන්ධාච සොභසී ඔබ මේ අලංකාරයන්ගෙන් අලංකාරවත් නො කරනු ලබන්නෙහිය. තමන්ගේ රූප සම්පත්තියෙන්ම ශෝභමාන වන්නෙහිය. ඒ අලංකාරයෝ වනාහි ඔබගේ සිරුරට පැමිණ ශෝභමානවත් වේ. එහෙයින් අලංකාරවත් නොකරන ලද්දා වූ ද ඔබ අලංකාර කරනු ලැබූ තැනැත්තියකට සමාන වේ යන අදහසයි.
කා කම්බුකායූරධරෙති කා ත්වං කතරදෙවනිකායපරියාපන්නා සුවණ්ණමයපරිහාරකධරෙ, සුවණ්ණමයකෙයූරධරෙ වා. කම්බුපරිහාරකන්ති ච හත්ථාලඞ්කාරවිසෙසො වුච්චති, කායූරන්ති භුජාලඞ්කාරවිසෙසො. අථ වා කම්බූති සුවණ්ණං, තස්මා කම්බුකායූරධරෙ සුවණ්ණමයබාහාභරණධරෙති අත්ථො. කඤ්චනාවෙළභූසිතෙති කඤ්චනමයාවෙළපිළන්ධනභූසිතෙ. හෙමජාලකසඤ්ඡන්නෙති රතනපරිසිබ්බිතෙන හෙමමයෙන ජාලකෙන ඡාදිතසරීරෙ. නානාරතනමාලිනීති නක්ඛත්තමාලාය විය කාළපක්ඛරත්තියං සීසෙ පටිමුක්කාහි විවිධාහි රතනාවලීහි නානාරතනමාලිනී කා ත්වන්ති පුච්ඡති.
කා කම්බුකායූරධරෙ ඔබ නුවර දේවතා කණ්ඩායමකින් පැමිණි කවරනම් තැනැත්තියක් ද, රනින් කළ ආභරණ ඇඳුමක් දරා සිටින දේවතාවියක් නැතහොත් රනින් කළ බාහු වළලු දරා සිටින දේවතාවියක් යන අර්ථයි. කම්බුපරිභාරිතා යනු අතෙහි පළඳින අලංකාර විශේෂයක් යයි කියනු ලැබේ. කෙයූරං යනු බාහු අලංකාර විශේෂයකි. ‘කම්බු’ යනු රත්රන්ය. එහෙයින් කම්බුකායූරධරෙ යනු රනින් කළ බාහු ආභරණ දරන්නී යන අදහසයි. කඤ්චනා වෙළ භූසිතෙ රනින් කළ හිස් පළඳනාවකින් අලංකාරවත් වූ, හෙමජාලක පච්ඡන්නො රන්හුයෙන් මසන ලද රන්මුවා දැළකින් ආවරණය කරගත් සිරුර ඇති නානාරතන මාලිනී කළුවර අඩමසෙහි රාත්‍රියක තරුපෙළක් මෙන් හිස පැළඳගත් විවිධ රුවන්වැල්වලින් යුත් නානාරතනමාලිනී යයි කිවහැකි වූ ඔබ කවර තැනැත්තියක්දැයි යට දැක්වූ ගාථාවන් මගින් ප්‍රශ්න කරයි.
සොවණ්ණමයාතිආදි යාහි රතනමාලාහි සා දෙවතා නානාරතනමාලිනීති වුත්තා, තාසං දස්සනං. තත්ථ සොවණ්ණමයාති සිඞ්ගීසුවණ්ණමයා මාලා. ලොහිතඞ්ගමයාති පදුමරාගාදිරත්තමණිමයා. මසාරගල්ලාති මසාරගල්ලමණිමයා. සහලොහිතඞ්ගාති ලොහිතඞ්ගමණිමයාහි සද්ධිං කබරමණිමයා චෙව ලොහිතඞ්ගසඞ්ඛාතරත්තමණිමයා චාති අත්ථො. පාරෙවතක්ඛීහි මණීහි චිත්තතාති පාරෙවතක්ඛිසදිසෙහි මණීහි යථාවුත්තමණීහි ච සඞ්ඛතචිත්තභාවා ඉමා තව කෙසහත්ථෙ රතනමාලාති අධිප්පායො.
සොවණ්ණමයා යම්බඳු වූ රත්රන් මල්දම් නිසා, ඒ දේවතා තොමෝ ‘නානා රතනමාලිනී’ යයි කියන ලදී. ඒ දේවතාවියගේ දැක්ම අදහස් කෙරෙයි. සොවණ්ණමයා පිරිසිදු රනින් නිමකළ මල්දම. ලෝහිතංකමයා පද්මරාග ආදී රතු මැණික්වලින් කරන ලද, සහලොහිතංක පද්මරාග මැණික්වලින් නිර්මිත නිර්මාණයක් සමග මිශ්‍ර වර්ණ මැණික්වලින් කරන ලද, දෙයද ගත් කළ පද්මරාග නම් රතුවන් මැණික්වලින් කරන ලද යන අර්ථයි. පාරාවටක්ඛීහි මණීහි චිත්තතා පරෙවි ඇස් වැනි මැණික්වලින් ද පෙර කියන ලද මැණික්වලින් ද සාදන ලද විසිතුරු ස්වභාවය ඇති මෙය ඔබගේ හිස්මත පිහිටි රන්මල්දම්ය යන අදහසයි.
කොචි කොචීති එකච්චො එකච්චො. එත්ථාති එතෙසු මාලාදාමෙසු. මයූරසුස්සරොති මයූරො විය සුන්දරනාදො. හංසස්සරඤ්ඤොති හංසස්සරො අඤ්ඤො, හංසසදිසස්සරො අපරො. කරවීකසුස්සරොති කරවීකො විය සොභනස්සරො. තෙසං මාලාදාමානං යථා මයූරස්සරො, හංසස්සරො , කරවීකස්සරො, එවං වග්ගුරූපො මධුරාකාරො සරො සුය්යති. කිමිව ? පඤ්චඞ්ගිකං තූරියමිවප්පවාදිතං. යථා කුසලෙන වාදිතෙ පඤ්චඞ්ගිකෙ තූරියෙ, එවං තෙසං සරො සුය්යති, වග්ගුරූපොති අත්ථො. භුම්මත්ථෙ හි ඉදං උපයොගවචනං.
කොචි කොචි කිසියම් කිසියම්, එත්ථ මේ මල්දම්වල මයූර සුස්සරො මොනරා මෙන් සොඳුරු නාද ඇති හංසස්ස රඤ්ඤො ඇතැමෙක් හංසස්සරො යයි කියති. අන් කෙනෙක් හංස සදිස්සරො යයි කියත්. කරවීක සුස්සරො කොවුලා මෙන් මනාව හඬ නගන - තෙසං මල්දම්වල, මොණර හඬ හා කොවුල් හඬ යම් යම් සේ වේද, මෙසේ වග්ගු රූපො මිහිරි ස්වභාවයයි. ඝරො සූයති කුමක් මෙන් ද යත්, පඤ්චංගික තුරිය මිවප්පවාදිතං ප්‍රවීණයකු විසින් පඤ්චාංගික තූර්ය වාදනය කරන කල්හි මෙන්, මොණර, හංස, කොවුල් හඬ ඇසේ. එය මිහිරි වේ යන අර්ථයි. මෙය ස්ථානය යන අර්ථයෙහි ද යොදාගත හැකි වචනයකි.
නානාවණ්ණාහි ධාතූහීති අනෙකරූපාහි අක්ඛචක්කඊසාදිඅවයවධාතූහි. සුවිභත්තොව සොභතීති අවයවානං අඤ්ඤමඤ්ඤං යුත්තප්පමාණතාය විභත්තිවිභාගසම්පත්තියා ච සුවිභත්තොව හුත්වා විරාජති. අථ වා සුවිභත්තොවාති කෙවලං කම්මනිබ්බත්තොපි සුසික්ඛිතෙන සිප්පාචරියෙන විභත්තොව විරචිතො විය සොභතීති අත්ථො.
නානාවණ්ණාහි ධාතුහි විවිධ ස්වරූප ඇති රථ චක්‍ර සම්බන්ධ කරන අක්ෂ දණ්ඩය, රථ චක්‍රය, රථයේ ඒරියාකඳ ආදී කොටස්වලින් සුවිභකෙතාච සොභතී අන්‍යෝන්‍ය වශයෙන් සුදුසු ප්‍රමාණයන් අනුව අවයවයන්ගේ බෙදීම සිදුවීමෙන් මනාව බෙදී බබළයි. තවද සුවිභත්තො යනු හුදෙක් කර්මය නිසා උපන්නා වූ ද, මනාව පුහුණු කළ ශිල්පාචාර්යවරයකු විසින් මනාව බෙදන ලද්දාක් මෙන් ද, මනාව සකස් කරන ලද්දාක් මෙන් ද, ශෝභමාන වේ යන අදහසයි.
කඤ්චනබිම්බවණ්ණෙති සාතිසයං පීතොභාසතාය කඤ්චනබිම්බකසදිසෙ තස්මිං රථෙ. කඤ්චනබිම්බවණ්ණෙති වා තස්සා දෙවතාය ආලපනං , ගන්ධොදකෙන ධොවිත්වා ජාතිහිඞ්ගුලකරසෙන මජ්ජිත්වා දුකූලචුම්බටකෙන මජ්ජිතකඤ්චනපටිමාසදිසෙති අත්ථො. භාසසිමං පදෙසන්ති ඉමං සකලම්පි භූමිපදෙසං භාසයසි විජ්ජොතයසි.
කඤ්චන බිම්බවණ්ණො අධික පීත වර්ණයෙන් බබළන බැවින් ස්වර්ණ බිම්බයකට සමානව, ඒ රථයෙහි යන අදහසයි. ‘කඤ්චන බිම්බවණ්ණා’ යනුවෙන් ඒ දේවතාවියට ආමන්ත්‍රණය කිරීම සඳහා යෙදිය හැකි වන්නේ ද වේ. සුවඳ පැනින් ධෝවනය කොට රත්සිරියෙල් සාරයෙන් මැද දුහුල් රෙදි ගුලියකින් මදින ලද රන්රුවක් වැනිය යන අර්ථයි. භාසසිමං පදෙසං මේ මුලු බිම් පෙදෙසම ආලෝකවත් කරන්නෙහිය බබළවන්නෙහිය.
එවං ථෙරෙන පුච්ඡිතා සාපි දෙවතා ඉමාහි ගාථාහි බ්යාකාසි –
මෙසේ තෙරුන් වහන්සේ විසින් ප්‍රශ්න කරනු ලැබූ ඒ දේවතා තොමෝ මේ ගාථාවන්ගෙන් පිළිතුරු දුන්නාය.
“සොවණ්ණජාලං මණිසොණ්ණචිත්තිතං, මුත්තාචිතං හෙමජාලෙන ඡන්නං; පරිනිබ්බුතෙ ගොතමෙ අප්පමෙය්යෙ, පසන්නචිත්තා අහමාභිරොපයිං.
සොවණ්ණ ජාලං මණිසොණ චිත්තං - මුත්තාචිතං හෙමජාලෙන ඡන්නං පරිනිබ්බුතෙ ගොතමෙ අප්පමෙය්ය - පසන්න චිත්තා අභමාභිරොපයිං
මැණික්වලින් හා රන්වලින් විසිතුරු කරන ලද, රන්දැලින් ආවරණය කරන ලද මුතු රැස්කොට කළ සැරසිල්ලද, අපමණ ගුණ ඇති ගෞතම බුදුන්වහන්සේට පිරිනිවි කල්හි පහන් සිතින් යුතුව මම උන්වහන්සේට පිදුවෙමි.
“තාහං කම්මං කරිත්වාන, කුසලං බුද්ධවණ්ණිතං; අපෙතසොකා සුඛිතා, සම්පමොදාමනාමයා”ති.
තාහං කම්මං කරිත්වාන - කුසලං බුද්ධ වණ්ණිතං අපෙත සොකා සුචිතා - සම්පමොදා මනාමයා
මම බුදුන් විසින් වර්ණනා කරන ලද ඒ පුණ්‍ය කර්මය සිදුකොට ශෝකය දුරු කළා වූ සුවපත් වූ සතුටට පත් වූ තැනැත්තියක් වූයෙමි.
තත්ථ සොවණ්ණජාලන්ති සරීරප්පමාණෙන කතං සුවණ්ණමයං ජාලං. මණිසොණ්ණචිත්තිතන්ති සීසාදිට්ඨානෙසු සීසූපගගීවූපගාදිආභරණවසෙන නානාවිධෙහි මණීහි ච සුවණ්ණෙන ච චිත්තිතං. මුත්තාචිතන්ති අන්තරන්තරා ආබද්ධාහි මුත්තාවලීහි ආචිතං. හෙමජාලෙන ඡන්නන්ති හෙමමයෙන පභාජාලෙන ඡන්නං. තඤ්හි නානාවිධෙහි මණීහි චෙව සුවණ්ණෙන ච චිත්තිතං මුත්තාවලීහි ආචිතම්පි සුපරිසුද්ධස්ස රත්තසුවණ්ණස්සෙව යෙභුය්යතාය දිවාකරකිරණසම්ඵස්සතො අතිවිය පභස්සරෙන හෙමමයෙන පභාජාලෙන සඤ්ඡාදිතං එකොභාසං හුත්වා කඤ්චනාදාසං විය තිට්ඨති. පරිනිබ්බුතෙති අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතෙ. ගොතමෙති භගවන්තං ගොත්තෙන නිද්දිසති. අප්පමෙය්යෙති ගුණානුභාවතො පමිනිතුං අසක්කුණෙය්යෙ. පසන්නචිත්තාති කම්මඵලවිසයාය බුද්ධාරම්මණාය ච සද්ධාය පසන්නමානසා. අභිරොපයින්ති පූජාවසෙන සරීරෙ රොපෙසිං පටිමුඤ්චිං.
එහි සොවණ්ණජාලං ශරීර ප්‍රමාණව කරන ලද රනින් සකස් කළ දැළ මණිසොණ්ණ චිත්තං ශීර්ෂ ආදී ස්ථානයන්හිද, ගෙළට හා අනෙක් අත්පා ආදියට ගැළපෙන අයුරින් ආභරණයක් වශයෙන් නන්වැදෑරුම් මැණික්වලින් ද රත්රන් වලින් ද, විසිතුරු කරන ලද, මුත්තාචිතං තැනින් තැන බඳින ලද මුතුවැල්වලින් ද යුතු වූ, හෙමජාලෙන ඡත්තං රනින් කරන ලද ආලෝකය විහිදුවන දැලෙන් වැසුණු යන අදහසයි. එය ද වනාහි නන්වැදෑරුම් මැණික්වලින් ද, රත්රන්වලින් ද විසිතුරු කරන ලදුව මුතුවැල්වලින් ද ගහණ වී ඇත. ඉතා පිරිසිදු රන් පැහැගත් රත්රන්වල බහුලතාවය නිසා සූර්ය රශ්මිය වැදීමෙන් අධික වූ ආලෝකය විහිදවන ස්වර්ණමය වූ ප්‍රභා ජාලයකින් වෙළී ඒකාලෝක වී රන් කුඩ අතර මෙන් පිහිටියේ වෙයි. පරිනිබ්බුතෙ අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි කල්හි ගොතමෙ මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ නම ගෝත්‍රයෙන් දක්වයි. අප්පමෙය්යෙ ගුණානුභාවයෙන් ප්රමාණයකොට දැක්වීමට නොහැකි තරම් අධික වූ පසන්නචිත්තං කර්මඵල විෂයෙහි ද, බුදුන් අරමුණු කරගැනීමෙහි ද, ශ්‍රද්ධාවෙන් පැහැදුනු මනස ඇතිව, අභිරොපයිං - පූජා වහයෙන් ශ්‍රී දේහයෙහි තැන්පත් කළෙමි.
තාහන්ති තං අහං. කුසලන්ති කුච්ඡිතසලනාදිඅත්ථෙන කුසලං. බුද්ධවණ්ණිතන්ති “යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා ද්විපදා වා”තිආදිනා (සං· නි· 5.139; අ· නි· 4.34) සම්මාසම්බුද්ධෙන පසත්ථං. අපෙතසොකාති සොකහෙතූනං භොගබ්යසනාදීනං අභාවෙන අපගතසොකා. තෙන චිත්තදුක්ඛාභාවමාහ. සුඛිතාති සඤ්ජාතසුඛා සුඛප්පත්තා. එතෙන සරීරදුක්ඛාභාවං වදති. චිත්තදුක්ඛාභාවෙන චස්සා පමොදාපත්ති, සරීරදුක්ඛාභාවෙන අරොගතා. තෙනාහ “සම්පමොදාමනාමයා”ති. සෙසං වුත්තනයමෙව.
තාහං එසේ වූ මම, කුසලං කුසීත බව බැහැර කිරීම ආදී අර්ථයෙන් කුසලං යි යෙදේ. බුද්ධ වණ්ණිතං මහණෙනි! යම්තාක් සත්ත්වයෝ පාද රහිත හෝ දෙපා සහිත හෝ වෙත්ද, යනාදී වශයෙන් ප්‍රකාශකොට සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද්දේ ද, (එබඳු ප්‍රශංසාවක් බුද්ධ වණ්ණිත යන්නෙන් දැක්වේ.) අපෙත සොකා ශෝකයට කාරණා වූ භෝග විනාශවීම් ආදිය නැති බැවින් අපගත සොකා ශෝකයෙන් බැහැර වූයේ යයි කියනු ලැබේ. ඒ මගින් සිතේ දුක් නැතිවීම කියන ලදී. සුඛිතා හටගත් සැපය ඇති තැනැත්තිය සැපයට පැමිණි තැනැත්තිය, මෙයින් ජීවිතයේ දුක් නැතිවීම කියවේ. හිතේ දුක් නැතිවීම නිසා ඇය සතුටට පත්වීම සිදුවේ. (පමොදාපත්ති) ජීවිතයේ දුක් නැතිවීමේ හේතුවෙන් ආරාගතො - නීරෝගී බව ඇති වේ. ඒ නිසා සම්පමොදා මනාමයා සිතේ ද ගතේ ද දුක් නැතිවීම කියන ලදී. සෙස්ස පෙර කියන ලද පරිදිමය.
අයඤ්ච අත්ථො තදා අත්තනා දෙවතාය ච කථිතනියාමෙනෙව සඞ්ගීතිකාලෙ ආයස්මතා නාරදෙන ධම්මසඞ්ගාහකානං ආරොචිතො, තෙ ච තං තථෙව සඞ්ගහං ආරොපයිංසූති.
මෙහි දැක්වූ සිද්ධිය එදා තමන් විසින් දෙව්දුවට කියන ලද පිළිවෙළින්ම ධර්ම සංගායනා කාලයෙහි ආයුෂ්මත් නාරද තෙරුන් වහන්සේ විසින් සංගීතිකාරක භික්ෂූන්ට කියන ලදී. උන්වහන්සේලා ඒ සිද්ධිය ඒ අයුරින්ම සංග්‍රහ කරන ලදී.
මල්ලිකාවිමානවණ්ණනා නිට්ඨිතා.
මල්ලිකා විමාන වර්ණනාව නිමියේ ය.
9. විසාලක්ඛී විමානවණ්ණනා
9. විසාලක්ඛි විමාන වර්ණනා
කා නාම ත්වං විසාලක්ඛීති විසාලක්ඛිවිමානං. තස්ස කා උප්පත්ති? භගවති පරිනිබ්බුතෙ රඤ්ඤා අජාතසත්තුනා අත්තනා පටිලද්ධා භගවතා සරීරධාතුයො ගහෙත්වා රාජගහෙ ථූපෙ ච මහෙ ච කතෙ රාජගහවාසිනී එකා මාලාකාරධීතා සුනන්දා නාම උපාසිකා අරියසාවිකා සොතාපන්නා පිතුං ගෙහතො පෙසිතං බහුං මාලඤ්ච ගන්ධඤ්ච පෙසෙත්වා දෙවසිකං චෙතියෙ පූජං කාරෙසි, උපොසථදිවසෙසු පන සයමෙව ගන්ත්වා පූජං අකාසි. සා අපරභාගෙ අඤ්ඤතරෙන රොගෙන ඵුට්ඨා කාලං කත්වා සක්කස්ස දෙවරඤ්ඤො පරිචාරිකා හුත්වා නිබ්බත්ති. අථෙකදිවසං සා සක්කෙන දෙවානමින්දෙන සහ චිත්තලතාවනං පාවිසි. තත්ථ ච අඤ්ඤාසං දෙවතානං පභා පුප්ඵාදීනං පභාහි පටිහතා හුත්වා විචිත්තවණ්ණා හොති, සුනන්දාය පන පභා තාහි අනභිභූතා සභාවෙනෙව අට්ඨාසි. තං දිස්වා සක්කො දෙවරාජා තාය කතසුචරිතං ඤාතුකාමො ඉමාහි ගාථාහි පුච්ඡි –
කා නාමත්වං විසාලක්ඛී යනුවෙන් විසාලක්ඛී විමාන වර්ණනාව ආරම්භ වේ. එහි උත්පත්තිය කෙසේ වීද? භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි, අජාසත් රජතුමන් විසින් තමන් ලත් සර්වඥ ධාතු ගෙනගොස් රජගහ නුවර චෛත්‍යයක් ඉදිකොට සර්වඥ ධාතු පූජාවක් ද කළ කල්හි, රජනුවර වැසි සෝවාන් ඵලයට පැමිණි සුනන්දා නම් වූ එක් මාලාකාර දියණියක්, පියාගේ නිවසින් යවන ලද බොහෝ වූ මල් ද සුවඳ දුම් ආදිය ද, පුදමින් දිනපතා චෛත්‍ය පූජාවක් කරයි. පොහෝ දිනයන්හි තමන්ම ගොස් පූජා කළාය. ඕ තොමෝ පසුකලෙක එක්තරා රෝගයකින් කළුරියකොට සක්දෙව් රජුගේ පරිචාරිකාවක් වී උපන්නාය. ඉක්බිති එක්දිනක් ඕ තොමෝ අන් දෙවඟනන්ගේ ශරීර ප්‍රභාවය මල් ආදීන්ගේ ප්‍රභාවයෙන් යටපත් වී විවිධ වර්ණ ඇත්තේ විය. සුනන්දා දෙවඟනගේ ප්‍රභාවය වනාහි යටපත් නොවී යථා ස්වභාවයෙන්ම පිහිටියේය. පැවතුනේය. සක්දෙව් රජ එය දැක ඇය විසින් කරන ලද පුණ්‍යකර්මයක් දැනගනු කැමැත්තේ ඒ පිළිබඳව ඇගෙන් ප්‍රශ්න කළේය.
“කා නාම ත්වං විසාලක්ඛි, රම්මෙ චිත්තලතාවනෙ; සමන්තා අනුපරියාසි, නාරීගණපුරක්ඛතා.
කා නාම ත්වං විසාලක්ඛී - රම්මෙ චිත්තලතා වනෙ සමන්තා අනුපරියාසී - නාරීගණ පුරක්ඛතා
රමණීය වූ චිත්‍රලතා උයනේ ස්ත්‍රීන් රැසක් පිරිවරාගෙන, හාත්පස හැසිරෙන දිගු ඇස් ඇති ඔබ පෙර කිනම් තැනැත්තියක් වූයෙහිද?
“යදා දෙවා තාවතිංසා, පවිසන්ති ඉමං වනං; සයොග්ගා සරථා සබ්බෙ, චිත්‍රා හොන්ති ඉධාගතා.
යදා දෙවා තාවතිංසා - පවිස්සන්ති ඉමං වනං සං යොග්ගා සරථා සබ්බෙ - චිත්‍රා හොන්ති ඉධාගතා
යම්විටක තව්තිසා වැසි දෙවියන් මේ උයනට පිවිසෙත්ද, මෙහි පැමිණි සියල්ලගේ යහන් සහිත වූ රථ ද විචිත්‍ර වෙත්.
“තුය්හඤ්ච ඉධ පත්තාය, උය්යානෙ විචරන්තියා; කායෙ න දිස්සතී චිත්තං, කෙන රූපං තවෙදිසං; දෙවතෙ පුච්ඡිතාචික්ඛ, කිස්ස කම්මස්සිදං ඵල”න්ති.
තුය්හඤ්ච ඉධ පත්තාය - උය්යානෙ විචරන්තියා කායෙ න දිස්සති චිත්තං - කෙන රූපං තවෙදිසං දෙවතෙ පුච්ඡිතා චික්ඛ - කිස්ස කම්මස්සිදං ඵලං
මෙහි පැමිණ උයනෙහි හැසිරෙන ඔබේ සිරුරෙහි විශේෂ විසිතුරු බවක් දක්නට ඇත. මෙබඳු රුවක් ඔබට කෙසේ ලැබුණිද? මා විසින් ප්‍රශ්න කරනු ලැබූ දේවතාවියනි ! මේ කවරනම් කර්මයක ඵලවිපාකදැයි මට කියනු මැනවි.
තත්ථ කා නාම ත්වන්ති පුරිමත්තභාවෙ කා නාම කීදිසී නාම ත්වං, යත්ථ කතෙන සුචරිතෙන අයං තෙ ඊදිසී ආනුභාවසම්පත්ති අහොසීති අධිප්පායො. විසාලක්ඛීති විපුලලොචනෙ.
එහි කා නාම ත්වං පෙර ආත්මභාවයේ, ඔබ කිනම් වූයේ ද? කෙබඳු වූයේ ද, යම්කිසි තැනකදී කරන ලද කිසියම් ක්‍රියාවක් හේතුවෙන් ඔබට මෙබඳු වූ ආනුභාව ප්‍රභා සම්පන්න සම්පත්තියක් ලැබී ඇත්තේද? විසාලක්ඛිනී ලොකු දිගු ඇස් ඇත්තී ඇස් ඇති තැනැත්තියේ. (ආලපන විභත්ති)
යදාති යස්මිං කාලෙ. ඉමං වනන්ති ඉමං චිත්තලතානාමකං උපවනං. චිත්‍රා හොන්තීති ඉමස්මිං චිත්තලතාවනෙ විචිත්තපභාසංසග්ගෙන අත්තනො සරීරවත්ථාලඞ්කාරාදීනං පකතිඔභාසතොපි විසිට්ඨභාවප්පත්තියා විචිත්රාකාරා හොන්ති. ඉධාගතාති ඉධ ආගතා සම්පත්තා, ඉධ වා ආගමනහෙතු.
යදා යම්කලෙක ඉමං වනං මේ චිත්‍රලතා නම් වූ වනය චිත්‍රා හොන්ති එම චිත්‍රලතා උයනේ දී විසිතුරු ප්‍රභාවය වැදීමෙන් ද, තමන්ගේ ශරීර, වස්ත්‍ර, අලංකාර ආදියේ ප්‍රකෘති ස්වභාවයෙන් විශිෂ්ඨ ස්වභාවයක් ඇතිවීමෙන් විචිත්රාකාරයක් මතුවෙයි. ඉධාගතා මෙහි ආවාහුයි. මෙහි පැමිණීමට හේතු ඇත්තේ වෙයි.
ඉධ පත්තායාති ඉමං ඨානං සම්පත්තාය උපගතාය. කෙන රූපං තවෙදිසන්ති කෙන කාරණෙන තව රූපං සරීරං එදිසං එවරූපං, චිත්තලතාවනස්ස පභං අභිභවන්තං තිට්ඨතීති අධිප්පායො.
ඉධ පත්තායා මේ සභාවට පැමිණි කෙන රූපං තවෙදයං කවර කරුණකින් ඔබේ රූපය ශරීරය මෙබඳු ආකාර ඇතිව චිත්‍රලතා වනයේ ප්‍රභාවය යටපත් කරමින් සිටින්නේ ද යන අදහසයි.
එවං සක්කෙන පුට්ඨා සා දෙවතා ඉමාහි ගාථාහි බ්යාකාසි –
මෙසේ ශක්‍රයා විසින් ප්‍රශ්න කරන ලද්දා වූ ඒ දේවතා දුව ගාථාවගෙන් පිළිතුරු දුන්නීය.
“යෙන කම්මෙන දෙවින්ද, රූපං මය්හං ගතී ච මෙ; ඉද්ධි ච ආනුභාවො ච, තං සුණොහි පුරින්දද.
යෙන කම්මෙන දෙවින්ද - රූපං මය්හං ගතීච මෙ ඉද්ධිච ආනුභාවොච - ව තං සුණොභි පුරින්දද
පුරින්දද නම් වූ දෙව්රජුනි, යම්කිසි කර්මයකින් මගේ රූපයද එහි ස්වභාවය ද, සෘද්ධිය ද ආනුභාවය ද ලද්දා වූ කර්මය අසනු මැනවි.
“අහං රාජගහෙ රම්මෙ, සුනන්දා නාමුපාසිකා; සද්ධා සීලෙන සම්පන්නා, සංවිභාගරතා සදා.
අහං රාජගගෙ රම්මෙ සුනන්දා නාමුප පාසිකා සද්ධා සීලෙන සම්පන්නා - සංවිභාගරතා සදා
මම හැමකල්හිම දන් දීමෙහි ලොල් වූ, ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ උපාසිකාවක්ව රම්‍ය වූ රජගහ නුවර උපන්මි. මගේ නම සුනන්දා නම් වී.
“අච්ඡාදනඤ්ච භත්තඤ්ච, සෙනාසනං පදීපියං; අදාසිං උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා.
අච්ඡාදනඤ්ච භත්තඤ්ච - සේනාසන පදීපියං අදාසි උජු භූතෙසු - විප්පසන්නෙන චෙතසා
සෘජු ප්‍රතිපන්න වූ ආර්යයන් කෙරෙහි අතිශයින් ප්‍රසන්න වූ සිතින් වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් සඳහා අවශ්‍ය දේ ද දුන්නෙමි.
“චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී; පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං.
චාතුද්දිසිං පඤ්චදසිං - යාව පක්ඛස්ස අට්ඨමී පාටිහාරිය පක්ඛඤ්ච - අට්ඨංගසු සමාගතා
“උපොසථං උපවසිස්සං, සදා සීලෙසු සංවුතා; සඤ්ඤමා සංවිභාගා ච, විමානං ආවසාමහං.
උපොසථං උපවසිස්සං - සදා සීලෙසු සංවුතං සඤ්ඤමා සංවිභාගා ච - විමානං ආවසාමහං.
“පාණාතිපාතා විරතා, මුසාවාදා ච සඤ්ඤතා; ථෙය්යා ච අතිචාරා ච, මජ්ජපානා ච ආරකා.
පාණාතිපාතා විරතා - මුසාවාදා ච සඤ්ඤතා ථෙයහච අතිචාරාච - මජ්ජපානා ච ආරකා
“පඤ්චසික්ඛාපදෙ රතා, අරියසච්චාන කොවිදා; උපාසිකා චක්ඛුමතො, ගොතමස්ස යසස්සිනො.
පඤ්චසික්ඛා පදෙ රතා - අරියසච්චාන කොවිදො උපාසිකා චක්ඛුම තො - ගොතමස්ස යසස්සි නො
මම චාතුද්දසී හා පසළොස්වක පෝ දිනවලද, පාටිහාරිය පක්ෂ උපෝසථයේ ද, අෂ්ඨාංග සීල සංඛ්‍යාත උපෝසථයේ පෙහෙවස් සමාදන් වීමේ නිරත වීමි. පෙහෙවස් සමාදන් වන උපාසිකාවක් වශයෙන් ශීලයෙන් සංවර වීමි. ප්‍රාණඝාතයෙන්, සොරකම් කිරීමෙන්, බොරු කීමෙන්, සැමියා ඉක්මවා නොයාමෙන්, පතිවත රැකීමෙන්, රහමෙර පානය නො කිරීමෙන් ඊර්ෂ්‍යා පරවශ නොවීමෙන් සීලයෙන් සංවර වූයෙමි. ශික්ෂාපද පහම ආරක්ෂා කරමින්, යසර්ශී වූ ගෞතම බුද්ධ ශාසනයේ ආර්ය සත්‍යයන් නුවණින් දකින්නා වූ උපාසිකාවක්ව විසූයෙමි.
“තස්සා මෙ ඤාතිකුලා දාසී, සදා මාලාභිහාරති; තාහං භගවතො ථූපෙ, සබ්බමෙවාභිරොපයිං.
තස්සා මෙ ඤාතිකුලා දාසී - සදා මාලාභි භාරතී තාහං භගවතො ථූපෙ - සබ්බමෙවාභි රොපයිං
එබඳු වූ මට පියාගේ ඤාති කුලයෙන් දාසියක් දිනපතා මට මල් ගෙන එන්නීය. මම ඒ සියල්ලම භාග්‍යවතුන් වහන්සේගේ ස්තූපයෙහි තැන්පත් කළෙමි.
“උපොසථෙ චහං ගන්ත්වා, මාලාගන්ධවිලෙපනං; ථූපස්මිං අභිරොපෙසිං, පසන්නා සෙහි පාණිභි.
උපොසථෙ වහං ගනත්වා - මාලා ගන්ධ විලෙපනං ථූපස්මිං අභිරොපෙසිං - පසන්නා සෙභි පාණිහි
පොහෝ දිනවල මමම ගොස් පැහැදුණු සිතින් යුතුව සියතින්ම මල් ගඳ විලවුන් චෛත්‍යයෙහි පූජා වශයෙන් තැන්පත් කළෙමි.
“තෙන කම්මෙන දෙවින්ද, රූපං මය්හං ගතී ච මෙ; ඉද්ධි ච ආනුභාවො ච, යං මාලං අභිරොපයිං.
තෙන කම්මෙන දෙවින්ද - රූපං මය්හං ගතිංච මෙ ඉද්ධී ච ආනුභා වො ච - යං මාලං අභිරොපයිං
දෙව්රජුනි, (මම) යම් මල්දමක් පූජා කළෙම් ද, ඒ පුණ්‍ය කර්මයෙන් මට මේ රූපය ද, ස්වභාවය ද, සෘද්ධිමත් බව ද, ආනුභාවය ද ලැබිණ.
“යඤ්ච සීලවතී ආසිං, න තං තාව විපච්චති; ආසා ච පන මෙ දෙවින්ද, සකදාගාමිනී සිය”න්ති.
යඤ්ච සීලවතී ආසිං - න තං තාව විපච්චතී ආසා ච පන මෙ දෙවින්ද - සකදාගාමිනී සියන්ති
සක්දෙවිඳුනි, මා යම්කිසි සිල්වතියක් වූයෙම් ද, ඒ සීලය මෙතෙක් විපාක නොදුන්නේ වෙයි. මගේ කැමැත්ත සකෘදාගාමී වීමයි.
තත්ථ ගතීති අයං දෙවගති, නිබ්බත්ති වා. ඉද්ධීති අයං දෙවිද්ධි, අධිප්පායසමිජ්ඣනං වා. ආනුභාවොති පභාවො. පුරින්දදාති සක්කං ආලපති. සො හි පුරෙ දානං අදාසීති “පුරින්දදො”ති වුච්චති.
එහි ගතී යනු දිව්‍යමය ස්වභාවය හෝ ඉපදීම වෙයි. ඉද්ධි යනු දේව ඍද්ධියයි. අදහස් ඉටුවීම යයි ද අරුත් දැක්විය හැකිය. ආනුභාවො ප්‍රභාවය. පුරින්දදා ශක්‍රයාට ආමන්ත්‍රණය කිරීමයි. ඔහු වනාහි ‘පෙර දන් දුන්නේය’ යන අදහසින් ද පුරින්දද නම් වේ. (පුරෙ දානං අදාසීති = පුරින්දද) යයි කියනු ලැබේ.
ඤාතිකුලාති පිතු ගෙහං සන්ධාය වදති. සදා මාලාභිහාරතීති සදා සබ්බකාලං දිවසෙ දිවසෙ ඤාතිකුලතො දාසියා පුප්ඵං මය්හං අභිහරීයති. සබ්බමෙවාභිරොපයින්ති මය්හං පිළන්ධනත්ථාය පිතුගෙහතො ආහටං මාලං අඤ්ඤඤ්ච ගන්ධාදිං සබ්බමෙව අත්තනා අපරිභුඤ්ජිත්වා භගවතො ථූපෙ පූජනවසෙන අභිරොපයිං පූජං කාරෙසිං.
ඤාති කුලා පියාගේ නිවස සඳහා මෙසේ කියයි. සදා මාලාභි හාරතී සියලු කල්හිම දවසක් පාසා ඥාති නිවසින් දාසියක විලසින් මා වෙත මල් ගෙන එනු ලැබේ. සබ්බමෙවාභිරොපයිං මගේ පැළඳ ගැනීම සඳහා එවන මල් ද, සුවඳ ද්‍රව්‍ය අන් සියළු දේ ද මා පරිභෝග නොකොට භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍ය වෙත පිදීම් වශයෙන් තැන්පත් කළෙමි. පූජා කළෙමි.
උපොසථෙ චහං ගන්ත්වාති උපොසථදිවසෙ අහමෙව ථූපට්ඨානං ගන්ත්වා. යං මාලං අභිරොපයින්ති යං තදා භගවතො ථූපෙ මාලාගන්ධාභිරොපනං කතං, තෙන කම්මෙනාති යොජනා.
උපොසථ මහං ගනත්වා පොහෝ දිනයන්හි මමම චෛත්‍ය ස්ථානයට ගොස් යං මාලං අභිරොපයින්ති එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ ස්ථූපයෙහි, යම්කිසි මල් හා සුවඳ ද්‍රව්‍ය තැබීමක් කරන ලද්දේ ද, තෙන කම්මෙන ඒ කර්මයෙන් යනුවෙන් අදහස් වේ.
න තං තාව විපච්චතීති යං සීලවතී ආසිං, තං සීලරක්ඛණං තං රක්ඛිතං සීලං පූජාමයපුඤ්ඤස්ස බලවභාවෙන අලද්ධොකාසං න තාව විපච්චති , න විපච්චිතුං ආරද්ධං, අපරස්මිංයෙව අත්තභාවෙ තස්ස විපාකොති අත්ථො. ආසා ච පන මෙ දෙවින්ද, සකදාගාමිනී සියන්ති “කථං නු ඛො අහං සකදාගාමිනී භවෙය්ය”න්ති පත්ථනා ච මෙ දෙවින්ද, අරියධම්මවිසයාව, න භවවිසෙසවිසයා. සා පන සප්පිමණ්ඩං ඉච්ඡතො දධිතො පචිතං විය අනිප්ඵාදිනීති දස්සෙති. සෙසං වුත්තනයමෙව.
න තං තාව විපච්චතී, සීලවතී ආසිං ඒ සිල් රැකීම හෙවත් රැක්කා වූ සීලමය පුණ්‍යානුභාවය විපාක දීමට තවම අවස්ථාව පැමිණියේ නැත. ඒ පින්කම් මුහුකුරා නොගියේ මුහුකුරා යාමට අවස්ථාව නුවූයේය. යම්කිසි විටක මීළඟ ආත්මභාවයක දී ඒ පින් විපාක දීම සිදුවනු ඇත්තේය යන අර්ථයි. ආසා ච පන මෙ දෙවින්ද සකදාගාමිනී සියං දේවේන්ද්රය, මම කෙසේ නම් සකෘදාගාමී වන්නෙම් දැයි ප්‍රාර්ථනාව ද, ආර්ය ධර්මයන්හි හැසිරීමෙන් සිදුකරගත යුතු වේ. භවයෙහි ඇලීමෙන් සිදු කරගත හැකි නොවේ. ඕ තෙම වනාහි සකෘදාගාමී ඵලයට පැමිණීමට ආර්ය ධර්මයෙහි හැසිරෙනු කැමති බව පළ කළාය. ගිතෙල් ලබාගනු කැමැත්තෙක්, දීකිරි කැළඹීමෙන් ගිතෙල් නිෂ්පාදනය කරගත නොහැකි බව දතයුතුය යන අදහසයි. සෙස්ස පෙර කියන ලද පරිදිම වේ.
ඉමං පන අත්ථං සක්කො දෙවානමින්දො අත්තනා ච තාය දෙවධීතාය ච වුත්තනියාමෙනෙව ආයස්මතො වඞ්ගීසත්ථෙරස්ස ආරොචෙසි. ආයස්මා වඞ්ගීසො සඞ්ගීතිකාලෙ ධම්මසඞ්ගාහකානං මහාථෙරානං ආරොචෙසි, තෙ ච තං තථෙව සඞ්ගීතිං ආරොපයිංසූති.
සක්දෙව් රජු මේ සිදුවීම් ප්‍රවෘත්තිය තමන් ද ඒ දෙව්දුවද කියන ලද පරිද්දෙන්ම ආයුෂ්මතී වංගීස තෙරුන්ට කීය. ආයුෂ්මත් වංගීස ස්ථවිරයන් වහන්සේ ධර්ම සංගායනා කාලයෙහි ධර්ම සංග්‍රාහක ස්ථවිරයන් වහන්සේලා වෙත දැනුම් දුන්හ. ඒ තෙරවරු ඒ පුවත ඒ අයුරින්ම සංග්‍රහ කරන ලද්දේ ය.
විසාලක්ඛිවිමානවණ්ණනා නිට්ඨිතා.
විසාලක්ඛී විමාන වර්ණනාව නිමියේ ය.
10. පාරිච්ඡත්තක විමානවණ්ණනා
10. පාරිච්ඡත්තක විමන වර්ණනා
පාරිච්ඡත්තකෙ කොවිළාරෙති පාරිච්ඡත්තකවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන සාවත්ථිවාසී අඤ්ඤතරො උපාසකො භගවන්තං උපසඞ්කමිත්වා, ස්වාතනාය නිමන්තෙත්වා, අත්තනො ගෙහද්වාරෙ මහන්තං මණ්ඩපං සජ්ජෙත්වා සාණිපාකාරං පරික්ඛිපිත්වා උපරි විතානං බන්ධිත්වා ධජපටාකාදයො උස්සාපෙත්වා නානාවිරාගවණ්ණානි වත්ථානි ගන්ධදාමමාලාදාමානි ච ඔලම්බෙත්වා සිත්තසම්මට්ඨෙ පදෙසෙ ආසනානි පඤ්ඤාපෙත්වා භගවතො කාලං ආරොචෙසි. අථ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය දෙවවිමානං විය අලඞ්කතපටියත්තං මණ්ඩපං පවිසිත්වා සහස්සරංසී විය අණ්ණවකුච්ඡිං ඔභාසයමානො පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. උපාසකො ගන්ධපුප්ඵධූමදීපෙහි භගවන්තං පූජෙසි.
පාරිච්ඡත්තකෙ කොවිළාරෙ යනු පාරිච්ඡත්තක විමාන වතුවයි. එහි උත්පත්තිය කෙසේ සිදු වූයේ ද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සේක. එසමයෙහි සැවැත්නුවර වාසී එක්තරා උපාසකයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ පසුදින සඳහා දනට ආරාධනාකොට, තමාගේ නිවසේ දොරටුව අසල මහත් වූ මණ්ඩපයක් කරවා වටේට වටතිර ද උඩට උඩුවියන් ද, අවට ධජ පතාක ආදිය ද නංවා හාත්පස අලංකාර කොට මෘදු වර්ණ වස්ත්‍ර ද සුවඳ දුම් මල් ආදිය එල්වා දිය ඉස සුමට කළ පෙදෙසෙහි අසුන් පනවා භාග්‍යවතුන් වහන්සේට දානය සඳහා වැඩමවීමට සුදුසු කාලය යයි දැන්වීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පූර්ව පෙරවරු කාලයේ පාසිවුරු ගෙන හැඳ පොරවා දෙව් විමනක් ලෙස සැරසූ මණ්ඩපයට පිවිස නිල්වන් අහස්කුස බබළන සූර්යයා මෙන් පනවන ලද බුද්ධාසනයේ වැඩහුන් සේක. උපාසක තෙමේ ගඳ දුම් මල්පහන් ආදියෙන් භාග්‍යවතුන් වහන්සේට පූජා කළේය.
තෙන ච සමයෙන අඤ්ඤතරා කට්ඨහාරිකා ඉත්ථී අන්ධවනෙ සුපුප්ඵිතං අසොකරුක්ඛං දිස්වා සපල්ලවඞ්කුරානි පිණ්ඩීකතානි බහූනි අසොකපුප්ඵානි ගහෙත්වා ආගච්ඡන්තී, භගවන්තං තත්ථ නිසින්නං දිස්වා පසන්නචිත්තා ආසනස්ස සමන්තතො තෙහි පුප්ඵෙහි පුප්ඵසන්ථරං සන්ථරන්තී, භගවතො පූජං කත්වා වන්දිත්වා තික්ඛත්තුං පදක්ඛිණං කත්වා නමස්සමානා අගමාසි. සා අපරෙන සමයෙන කාලං කත්වා තාවතිංසෙසු නිබ්බත්ති, අච්ඡරාසහස්සපරිවාරා යෙභුය්යෙන නන්දනවනෙ නච්චන්තී ගායන්තී පාරිච්ඡත්තකමාලා ගන්ථෙන්තී පමොදමානා කීළන්තී සුඛං අනුභවති. අථායස්මා මහාමොග්ගල්ලානො හෙට්ඨා වුත්තනයෙන දෙවචාරිකං චරන්තො තාවතිංසභවනං ගන්ත්වා තං දිස්වා තාය කතකම්මං ඉමාහි ගාථාහි පුච්ඡි –
එකල්හි වනාහි දර ගෙනයන්නා වූ එක්තරා ස්ත්‍රියක් ‘අන්ධවන’ නම් වනයෙහි පිපුණු මල් ඇති අශෝක රුකක් දැක ලා කොල සහ දලු සහිතව පොකුරු වශයෙන් බොහෝ අශෝක මල් ගෙන එන්නී, එහි වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දැක ප්‍රසන්න වූ සිත් ඇතිව අසුන වටකොට තමන් ගෙනා මල් අතුරමින් භාග්‍යවතුන් වහන්සේට පූජාකොට වැඳ තෙවරක් පැදකුණු කොට නමස්කාර කරමින් ගියාය. ඕ තොමෝ පසුකලෙක කළුරියකොට තව්තිසාවෙහි උපන්නාය. අප්සරාවන් දහසක් පිරිවරාගෙන බොහෝසෙයින් නන්දන උයනේ නටමින් ගයමින් පරසතු මල්මාලා ගොතමින් සතුටින් ක්‍රීඩා කරමින් සැණකෙළි සිරි විඳගනියි. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පෙර කියන ලද පරිදිම දෙව්ලෝ චාරිකාවෙහි යෙදෙන්නේ තව්තිසා භවනට ගොස් ඇය විසින් කරන ලද පුණ්‍ය කර්මය කවරීදැයි මේ ගාථාවලින් විමසීය.
“පාරිච්ඡත්තකෙ කොවිළාරෙ, රමණීයෙ මනොරමෙ; දිබ්බමාලං ගන්ථමානා, ගායන්තී සම්පමොදසි.
පාරිච්ඡත්තකෙ කොවිළාරෙ - රමණීයෙ මනොරමෙ දිබ්බමාලං ගන්ථමානා - ගායන්ති සම්පමොදසී
අලංකාර වූ මනරම් වූ පරසතු හා කෝවිළාර සහිත උයනෙහි දිව්‍යමය වූ මල්මාලා ගොතමින් ගායනා කරමින් ඔබ මහත් සේ සතුටු වන්නෙහිය.
“තස්සා තෙ නච්චමානාය, අඞ්ගමඞ්ගෙහි සබ්බසො; දිබ්බා සද්දා නිච්ඡරන්ති, සවනීයා මනොරමා.
තස්සා තෙ නච්චමානාය - අංග මංගෙහි සබ්බතො දිබ්බා සද්දා නිච්ඡරන්ති - සවණීයා මනොරමා
එබඳු වූ ඔබ නටන කල්හි අඟපසඟින් සියළු ආකාරයෙන් කන් පිනවන මනරම් දිව්‍යමය වූ නාදයන් නික්මේ.
“තස්සා තෙ නච්චමානාය, අඞ්ගමඞ්ගෙහි සබ්බසො; දිබ්බා ගන්ධා පවායන්ති, සුචිගන්ධා මනොරමා.
“විවත්තමානා කායෙන, යා වෙණීසු පිළන්ධනා; තෙසං සුය්යති නිග්ඝොසො, තූරියෙ පඤ්චඞ්ගිකෙ යථා.
විවත්තමානා කායෙන - යා වෙණිසු පිලන්ධනා තෙසං සුය්යති නිග්ඝො සො - තුරියෙ පඤ්චංගිකෙ යථා
තීගේ හිසේ මුදුන්මල්කඩින් හා දෙපය පටන් හිස දක්වා ගැවසී තිබෙන වස්ත්රාභරණ මාලා භරණ ආදිය වාත වේගයෙන් කම්පිත වනවිට පසඟතුරු නද පැතිරෙයි.
“වටංසකා වාතධුතා, වාතෙන සම්පකම්පිතා; තෙසං සුය්යති නිග්ඝොසො, තූරියෙ පඤ්චඞ්ගිකෙ යථා.
වටංසකා වාතයූතා - වාතෙන සම්පකම්පිතා තෙසං සුධ්යති නිග්ඝොසො - තුරියෙ පඤ්චංගිකෙ යථා
වාතයෙන් කම්පිත වන තීගේ පළඳනා හා ඇඳි වස්ත්රයන්ගෙන් පසඟතුරු නාදය පැතිරෙයි.
“යාපි තෙ සිරස්මිං මාලා, සුචිගන්ධා මනොරමා; වාති ගන්ධො දිසා සබ්බා, රුක්ඛො මඤ්ජූසකො යථා.
යාපි තෙ සිරස්මිං මාලා සුචිගන්ධා මනොරමා වාති ගන්ධො දිසා සබ්බා - රුක්ඛො මඤ්ජස්සිතො යථා
මනා සුවඳැති සිත් පිනවන යම්කිසි මල්දමක් ඔබේ හිසෙහි තිබේද එය මංජූසක නම් දිව්‍ය වෘක්ෂය මෙන් සියලු දිසාවන්හි සුවඳ පැතිරේ.
“ඝායසෙ තං සුචිගන්ධං, රූපං පස්සසි අමානුසං; දෙවතෙ පුච්ඡිතාචික්ඛ, කිස්ස කම්මස්සිදං ඵල”න්ති.
සායතෙ තෙ සුචිං ගන්ධං - රූපං පස්සසි අමානුසං දෙවතෙ පුච්ඡිතාචික්ඛ - කිස්ස කම්මස්සිදං ඵලං
එම මනා සුවඳ ඔබ ආඝ්‍රාණය කරන්නෙහිය. මනුෂ්‍යත්වය ඉක්ම වූ රූපයකින් යුතුව පෙනෙන්නෙහි ය. දේවතාවියනි, මෙය කවරනම් පුණ්‍ය ඵලයෙක විපාකයක්දැයි කියන්න.
තත්ථ පාරිච්ඡත්තකෙ කොවිළාරෙති පාරිච්ඡත්තකනාමකෙ කොවිළාරපුප්ඵෙ ආදාය දිබ්බමාලං ගන්ථමානාති යොජනා. යඤ්හි ලොකියා “පාරිජාත”න්ති වදන්ති, තං මාගධභාසාය “පාරිච්ඡත්තක”න්ති වුච්චති. කොවිළාරොති ච කොවිළාරජාතිකො, සො ච මනුස‍්සලොකෙපි දෙවලොකෙපි කොවිළාරො, තස්සාපි ජාතීති වදන්ති.
එහි පාරිච්ඡත්තකෙ කොවිළාරෙ පාරිච්ඡත්තක හෙවත් පරසතු යන නම් ඇති කොවිළාර නම් දිව්‍ය වෘක්ෂයේ මල් රැගෙන. දිබ්බමාලං ගන්ථමානං දිව්‍යමය වූ මල්මාලා ගොතමින්, යනුවෙන් අදහස් වේ. ලෝකවාසීහු යමකට පාරිජාත යයි කියත්ද, එය මාගධී භාෂාවෙන් පාරිච්ඡත්තක යයි ද කියති. ‘කොවිළාර’ යනු ද කොවිළාර නම් වෘක්ෂ ජාතියට අයත් වන්නීය. එය මිනිස් දුව ද කෝවිළාර මැයි. එයට ද ‘ජාති’ යයි කියති.
තස්සා පන දෙවතාය නච්චනකාලෙ අඞ්ගභාරවසෙන සරීරතො ච පිළන්ධනතො ච අතිවිය මධුරො සද්දො නිච්ඡරති, ගන්ධො සදා සබ්බා දිසාපි ඵරිත්වා තිට්ඨති. තෙනාහ “තස්සා තෙ නච්චමානායා”තිආදි. තත්ථ සවනීයාති සොතුං යුත්තා, සවනස්ස වා හිතා, කණ්ණසුඛාති අත්ථො.
ඒ දෙවඟන නටන කල්හි ශාරීරික කොටස්හි ඇති ‘බර වශයෙන්, ශරීරයෙන් පළඳනාවන්ගෙන් ද, ඉතා මිහිරිහඬ නිකුත් වේ. ගඳ හෝ සුවඳ සදාකල්හිම සියලු දිසාවන්හි සදාකල්හිම පැතිර පවතී. එහෙයින් තස්සා තෙ නච්චමානාය යන්න කීය. එහි සවණීය ඇසීමට සුදුසු කණට හිත වූ යන අදහසයි.
විවත්තමානා කායෙනාති තව කායෙන සරීරෙන පරිවත්තමානෙන, ඉත්ථම්භූතලක්ඛණෙ චෙතං කරණවචනං. යා වෙණීසු පිළන්ධනාති යානි තෙ කෙසවෙණීසු පිළන්ධනානි, විභත්තිලොපො චෙත්ථ දට්ඨබ්බො, ලිඞ්ගවිපල්ලාසො වා.
විවත්තමානා කායෙන ඔබගේ වෙනසට පත්වන්නා වූ ශරීරයෙන්, මෙය ඉත්ථම්භූත ලක්ෂණ අර්ථයෙහි කරණ විභක්ති වචනයයි. යා වෙණිසු පිලන්ධනා ඔබගේ කෙස් කැරලිවල යම්බඳු වූ පළඳනාවක් වේද, මෙහි විභක්ති ලෝපයක් ඇති බව දතයුතුය. නැතිනම් නාමපදයක ලිංග විපර්යාසයක් සිදු වී ඇත.
වටංසකාති රතනමයා කණ්ණිකා වටංසකාති අත්ථො. වාතධුතාති මන්දෙන මාලුතෙන ධූපයමානා. වාතෙන සම්පකම්පිතාති වාතෙන සමන්තතො විසෙසතො කම්පිතා චලිතා. අථ වා වටංසකා වාතධුතා, වාතෙන සම්පකම්පිතාති අවාතෙරිතාපි වාතෙරිතාපි යෙ තෙ වටංසකා කම්පිතා, තෙසං සුය්යති නිග්ඝොසොති අත්ථයොජනා.
වටංසකා රනින් සෑදු මුදුන් - මුදුන හෝ මුදුන් මල්කඩ යන අර්ථයි. වාතධූතා මද සුළඟින් සෙලවෙන. වාතෙන සම්පකම්පිතා වාතයෙන් හාත්පසින් කම්පනය වූ නැතිනම් චලිත වූ යන අදහසයි. එසේ නැතහොත් වටංසකා වාතධූතා වාතෙන සම්පකම්පිකා යනු වාතයෙන් කම්පිත නොවී හෝ වාතය කම්පිත වීමෙන් යම් ඒ නිවාස මුදුන් කම්පනයට පත්වේ ද, එවිට ඒවායේ ඝෝෂාව ඇසේ යන අදහසයි.
වාති ගන්ධො දිසා සබ්බාති තස්සා තෙ සිරස්මිං දිබ්බමාලාය ගන්ධො වායති සබ්බා දිසා. යථා කිං? රුක්ඛො මඤ්ජූසකො යථාති, යථා නාම මඤ්ජූසකො රුක්ඛො සුපුප්ඵිතො අත්තනො ගන්ධෙන බහූනි යොජනානි ඵරමානො සබ්බා දිසා වායති, එවං තව සිරස්මිං පිළන්ධනමාලාය ගන්ධොති අත්ථො. සො කිර රුක්ඛො ගන්ධමාදනෙ පච්චෙකබුද්ධානං උපොසථකරණමණ්ඩලමාළකමජ්ඣෙ තිට්ඨති. යත්තකානි දෙවලොකෙ ච මනුස්සලොකෙ ච සුරභිකුසුමානි, තානි තස්ස සාඛග්ගෙසු නිබ්බත්තන්ති. තෙන සො අතිවිය සුගන්ධො හොති. එවං තාය දෙවතාය පිළන්ධනමාලාය ගන්ධොති. තෙන වුත්තං “රුක්ඛො මඤ්ජූසකො යථා”ති.
වාති ගන්ධො දිසා සබ්බා එබඳු ඔබගේ හිසෙහි දිව්‍යමය මාලාදාමයන්හි සුවඳ හමයි. හැම දිසාවන්හිම පැතිරෙයි. කුමක් මෙන් ද යත්, රුක්ඛො මඤ්ජුස්සකො යථා යම් සේ වනාහී මඤ්ජසීසක නම් දිව්‍ය වෘක්ෂය බොහෝ යොදුන් ගණනක් ඈත තමාගේ සුවඳ සියලු දිසාවන්හි පතුරුවා හරියි ද, එසේම ඔබේ හිසෙහි පළඳින මල්දමින් ද සුවඳ හමා යයි යන අදහසයි. ඒ වෘක්ෂය වූ කලී ගන්ධමාදන පර්වතයෙහි පසේබුදුවරුන් වහන්සේලාගේ පොහෝ කරන ස්ථානය ඒ මධ්‍යයෙහි පිහිටා ඇත. දෙව්ලොව ද මිනිස්ලොව ද යම් පමණ සුවඳ කුසුම් වේද, ඒවා ඒ වෘක්ෂයේ අතු කෙළවරෙහි හටගනී. ඒවායින් ඒ රුක අතිශයින් සුවඳවත් වන්නේය. ඒ දෙවඟන පළඳින මල්දම මෙබඳුම වෙයි. ඒ නිසා ‘රුක්ඛො මඤ්ජුසකො යථා’ මඤ්ජුසක නම් වෘක්ෂය මෙනි යනු කීහ.
යදිපි තස්ස සග්ගස්ස ඡඵස්සායතනිකභාවතො සබ්බානිපි තත්ථ ආරම්මණානි පියරූපානියෙව, ගන්ධරූපානං පන සවිසෙසානං තස්සා දෙවතාය ලාභිභාවතො “ඝායසෙ තං සුචිගන්ධං, රූපං පස්සසි අමානුස”න්ති වුත්තං.
යම්සේ ඒ ස්වර්ගයේ ස්පර්ශ ආයතන හයේ ස්වභාවයන් අනුව එහි රූප ශබ්දී අරමුණු සියල්ලම පියකරු වේද, එසේ වුවද ඒ දේවතාවියට සුගන්ධයන් නමැති විශේෂ ස්වභාවයක් ලැබී ඇත. එබැවින් ‘ඝායතෙ තං සුචිං ගන්ධං රූපං පස්සසි අමානුසං’ යයි කියන ලදී. එම මනා වූ සුවඳ ඔබ ආඝ්‍රාණය කරන්නෙහිය. මනුෂ්‍යාත්මය ඉක්ම වූ රූපයකින් පෙනෙන්නෙහිය.
අථ දෙවතා ද්වීහි ගාථාහි බ්යාකාසි –
ඉක්බිති දේවතාවිය ගාථා දෙකකින් මෙසේ පැහැදිළි කළාය.
“පභස්සරං අච්චිමන්තං, වණ්ණගන්ධෙන සංයුතං; අසොකපුප්ඵමාලාහං, බුද්ධස්ස උපනාමයිං.
පභස්සරං අච්චිමන්තං - වණ්ණ ගන්ධෙන සඤ්ඤුතං අසොක පුප්ඵමාලාහං - බුද්ධස්ස උපනාමයිං
ගින්න මෙන් බබළන්නා වූ වර්ණයෙන් හා සුවඳින් යුක්ත වූ අශෝක මල්දමක් මම බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.
“තාහං කම්මං කරිත්වාන, කුසලං බුද්ධවණ්ණිතං; අපෙතසොකා සුඛිතා, සම්පමොදාමනාමයා”ති.
තාහං කම්මං කරිත්වාන - කුසලං බුද්ධ වණ්ණිතං අජෙතසොකා සුචිතා - සම්පමොදාමනාමයා
මම බුදුන් විසින් වර්ණනා කරන ලද ඒ කුශල කර්මයන් සිදුකොට ශෝකය දුරුකළා වූ සතුටට පත් වූ - සුවපත් වූ සිහි ඇත්තා වූ තැනැත්තියක් වීමි.
තත්ථ සුධොතපවාළසඞ්ඝාතසන්නිභස්ස කිඤ්ජක්ඛකෙසරසමුදායෙන භාණුරංසිජාලස්ස විය අසොකපුප්ඵුත්තමස්ස තදා උපට්ඨිතතං සන්ධායාහ “පභස්සරං අච්චිමන්ත”න්ති. සෙසං වුත්තනයමෙව.
සුපිරිසිදු පබළු රැසකට සමාන වදමල් කෙසුරු රැසකින් යුතු වූ බැවින් හිරු රැස් දැලකට සමාන වූ ද අලංකාරවත් වූ ද, ඒ අවස්ථාවෙහි තිබුනා වූ අශෝක මල්දම් සඳහා පභස්සරං අච්ඡමන්තං යනාදිය කියන ලදී. සෙස්ස පෙර කියන ලද පරිදිම වේ.
අථායස්මා මහාමොග්ගල්ලානො තාය දෙවතාය අත්තනො සුචරිතකම්මෙ කථිතෙ සපරිවාරාය තස්සා ධම්මං දෙසෙත්වා තතො මනුස්සලොකං ආගන්ත්වා භගවතො තං පවත්තිං කථෙසි. භගවා තං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තමහාජනස්ස ධම්මං දෙසෙසි, සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
ඉක්බිති ඒ දෙවඟන විසින් තමාගේ යහපත් ක්‍රියාවන් හෙවත් පුණ්‍ය කර්මයක් කියන ලද කල්හී ආයුෂ්මත් මහා මුගලන් තෙරුන් වහන්සේ පිරිවර සහිත වූ ඇයට ද දහම් දෙසා - මිනිස් ලොවට පැමිණ භාග්‍යවතුන් වහන්සේට ඒ ප්‍රවෘත්තිය දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ පුවත අර්ථෝත්පත්ති කොටගෙන පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළහ. ඒ දේශනාව මහජනයාට ප්‍රයෝජනවත් ධර්ම දේශනාවක් විය.
පාරිච්ඡත්තකවිමානවණ්ණනා නිට්ඨිතා.
පාරිච්ඡත්තක විමාන වර්ණනාව නිමියේ ය.
ඉති පරමත්ථදීපනියා ඛුද්දක-අට්ඨකථාය විමානවත්ථුස්මිං දසවත්ථුපටිමණ්ඩිතස්ස තතියස්ස පාරිච්ඡත්තකවග්ගස්ස අත්ථවණ්ණනා නිට්ඨිතා.
තුන්වන වර්ග වර්ණනාව සමාප්තයි.