පාරිච්ඡත්තක විමානං
3. 10.
3. 10.
681. පාරිච‍්ඡත‍්තකෙ කොවිළාරෙ රමණීයෙ මනොරමෙ, දිබ‍්බං මාලං ගන්‍ථමානා ගායන‍්තී සම‍්පමොදසී.
681. (එම්බා දෙව්දුව) තී රමණීය වූ සිත්කලු වූ පරසතු නම් කොබෝලීල මල් රැගෙන දිවකුසුම් දම් ගොතන්නී ගයන්නී මැනැවින් සතුටු වෙහි.
682. තස‍්සා තෙ නච‍්චමානාය අඞ‍්ගමඞ‍්ගෙහි සබ‍්බසො, දිබ‍්බා සද‍්දා නිච‍්ඡරන‍්ති සවණීයා මනොරමා.
682. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් කන්කලු වූ මනරම් දිව්‍ය ශබ්දයෝ සර්‍වප්‍රකාරයෙන් නික්මෙති.
683. තස‍්සා තෙ නච‍්චමානාය අඞ‍්ගමඞ‍්ගෙහි සබ‍්බසො, දිබ‍්බා ගන්‍ධා පවායන‍්ති සුචිගන්‍ධා මනොරමා.
683. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් පිරිසිදු සුවඳැති මනරම් වූ දිව්‍යගන්‍ධයෝ සර්‍වප්‍රකාරයෙන් හමත්.
684. විවත‍්තමානා කායෙන යා වෙණීසු පිළන්‍ධනා, තෙසං සූයති නිග‍්ඝොසො තුරියෙ පඤ‍්චඞ‍්ගිකෙ යථා.
684. (තීගේ) ශරීරය සැලෙන කල්හි කෙස් වේණියෙහි යම් පළඳනාවෝ වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරු නද සේ ඇසේ.
685. වටංසකා වාතධූතා වාතෙන සම‍්පකම‍්පිතා, තෙසං සූයති නිග‍්ඝොසො තුරියෙ පඤ‍්චඞ‍්ගිකෙ යථා.
685. මඳ සුළඟින් සැලෙන සුළඟින් වෙසෙසින් සැලෙන මුදුන් මල්කඩහු වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරු නද සේ ඇසේ.
686. යාපි තෙ සිරස‍්මිං මාලා සුචිගන්‍ධා මනොරමා, වාති ගන්‍ධො දිසා සබ‍්බා රුක‍්ඛො මඤ‍්ජුස‍්සකො යථා.
686. තීගේ හිසෙහි පිවිතුරු සුවඳැති මනරම් වූ යම් මල්දමක් වේ ද, එහි සුවඳ (සුපිපි) මඤ්ජුස්සක වෘක්‍ෂය සේ සියලු දිගුන් පැතිර හමයි.
687. ඝායසෙ තං සුචිං ගන්‍ධං රූපං පස‍්සසි අමානුසං, දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ කිස‍්ස කම‍්මස‍්සිදං ඵලන‍්ති.
687. ඒ පිවැතුරු සුවඳ ආඝ්‍රාණය කෙරෙහි. ඒ දිව්‍යමය වූ රූපය දකිහි. (එම්බා) දෙව්දුව, (මා විසින්) විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
688. පභස‍්සරං අච‍්චිමන‍්තං වණ‍්ණගන්‍ධෙන සඤ‍්ඤුතං, අසොකපුප‍්ඵමාලාහං බුද‍්ධස‍්ස උපනාමයිං.
688. මම පබසර කැලුම් ඇති පැහැයෙන් හා සුවඳින් යුක්ත වූ හෝපලු මල්දමක් බුදුරජුන්ට පිදුවෙමි.
689. තාහං කම‍්මං කරිත්‍වාන කුසලං බුද‍්ධවණ‍්ණිතං, අපෙතසොකා සුඛිතා සම‍්පමොදාමනාමයාති.
689. මම බුදුරදුන් විසින් පසස්නා ලද ඒ කුශල කර්‍මය කොට පහ වූ ශෝක ඇතියා සුව ඇතියා නිරෝග වූවා වෙසෙසින් සතුටු වෙමි.
පාරිච‍්ඡත‍්තක විමානං.
පාරිච්ඡත්තක විමන යි.
පාරිච‍්ඡත‍්තකවග‍්ගො තතියො.
තෙවෙනි පාරිච්ඡත්තක වර්‍ගය නිමි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
උළාරං උච‍්ඡුපල‍්ලඞ‍්කං ලතා ච ගුත‍්තිලෙන ච දද‍්දල‍්ල සෙසවතී මල‍්ලී විසාලක‍්ඛි පාරිච‍්ඡත‍්තකො වග‍්ගො තෙන පවුච‍්චතීති.
උළාර යැ, උච්ඡුදායිකා යැ, පල්ලඞ්ක යැ, ගුත්තිල ය සමග ලතා යැ, දද්දල්ලමානා යැ, සේසවතී යැ, මල්ලිකා යැ, විසාලක්ඛි යැ, පාරිච්ඡත්තකයැ යි එයින් වර්‍ගය කියනු ලැබේ.