යෙදුමෙන් කියවන්න

මඤ‍්ජෙට‍්ඨක විමානං

4. 1.

4. 1.

690. මඤ‍්ජෙට‍්ඨකෙ විමානස‍්මිං සොණ‍්ණ වාලුක සන්‍ථතෙ, පඤ‍්චඞ‍්ගිකෙන තුරියෙන රමසි සුප‍්පවාදිතෙ.

690. රන් වැලි අතුළ රතුපළිඟුමිණිමුවා විමන්හි මැනැවින් වැයූ පසඟතුරු රැවින් ඇලෙහි.

691. තස‍්මා විමානා ඔරුය‍්හ නිම‍්මිතා රතනාමයා, ඔගාහසි සාලවනං පුප‍්ඵිතං සබ‍්බකාලිකං

691. (පෙර පිනෙන්) නිර්මිත රුවන්මුවා ඒ විමනින් බැස සියලු කලට සුදුසු සැප ඇති හැම කල්හි පිපී සිටි සල්වනයට පිවිසෙහි.

692. යස‍්ස යස‍්සෙව සාලස‍්ස මූලෙ තිට‍්ඨසි දෙවතෙ, සො සො මුඤ‍්චති පුප‍්ඵානි ඔනමිත්‍වා දුමුත‍්තමො

692. (එම්බා) දෙව්දුව, (තෝ) යම් යම් සල් රුකක්මුලැ සිටිහි ද, ඒ ඒ උතුම් රුක නැමී මල් මුදාලයි.

693. වාතෙරිතං සාලවනං ආධූතං දිජසෙවිතං, වාති ගන්‍ධො දිසා සබ‍්බා රුක‍්ඛො මඤ‍්ජූසකො යථා

693. සුළඟින් සැලෙන මඳ සුළඟින් සෙමෙන් කම්පා කරන ලද සල්වනය (මොනර කොවුල් ආදි) විහඟුන් විසින් සෙවුනේ වෙයි. (එහි) සුගන්‍ධය මඤ්ජුස්සක රුක සේ සියලු දිගුන් පැතිර හමයි.

694. ඝායසෙ තං සුචිං ගන්‍ධං රූපං පස‍්සසි අමානුසං, දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ කිස‍්ස කම‍්මස‍්සිදං ඵලන‍්ති

694. ඒ පිවිතුරු සුවඳ ආඝ්‍රාණය කෙරෙහි. ඒ දිව්‍යමය රූපය දකිහි. (එම්බා) දෙව්දුව, මා විසින් විචාරනලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හු ගේ දැයි කියව.

695. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා දාසී අයිරකුලෙ අහුං, බුද‍්ධං නිසින‍්නං දිස‍්වාන සාලපුප‍්ඵෙහි ඔකිරිං

695. මම පෙරැ මිනිසුන් කෙරෙහි මිනිස් දුවක් වූවා සැමි කුලයෙහි දැස්සක් වීමි. (ඒ මම) වැඩහුන් බුදුරජුන් දැක සල්මලින් විසිරැවීමි.

696. වටංසකං ච සුකතං සාලපුප‍්ඵමයං අහං, බුද‍්ධස‍්ස උපනාමෙසිං පසන‍්නා සෙහි පාණිහි.

696. මම පහන් සිත් ඇත්තී මැනැවින් කළ සල්මල් බහුල කොට ඇති මුදුන්මල්කඩක් බුදුරජුන්ට සියතින් පිදීමි.

697. තාහං කම‍්මං කරිත්‍වාන කුසලං බුද‍්ධවණ‍්ණිතං, අපෙතසොකා සුඛිතා සම‍්පමොදාමනාමයාති.

697. මම බුදුරජුන් විසින් පසස්නාලද ඒ කුශලකර්‍මය කොට පහවූ ශෝක ඇතියා සුව ඇතියා නිරෝගවූවා වෙසෙසින් සතුටු වෙමි.

මඤ‍්ජෙට‍්ඨක විමානං.

මඤ්ජෙට්ඨක විමාන යි.