යෙදුමෙන් කියවන්න

1. මඤ‍්ජෙට‍්ඨක විමානවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. මඤ‍්ජෙට‍්ඨක විමානවණ‍්ණනා

1. මඤ්ජෙට්ඨක විමාන වර්ණනා

මඤ‍්ජිට‍්ඨකවග‍්ගෙ මඤ‍්ජිට‍්ඨකෙ විමානස‍්මින‍්ති මඤ‍්ජිට‍්ඨකවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ. තත්‍ථ අඤ‍්ඤතරො උපාසකො භගවන‍්තං නිමන‍්තෙත්‍වා අනන‍්තරවිමානෙ වුත‍්තනයෙනෙව මණ‍්ඩපං සජ‍්ජෙත්‍වා තත්‍ථ නිසින‍්නං සත්‍ථාරං පූජෙත්‍වා දානං දෙති. තෙන ච සමයෙන අඤ‍්ඤතරා කුලදාසී අන්‍ධවනෙ සුපුප‍්ඵිතං සාලරුක‍්ඛං දිස‍්වා තත්‍ථ පුප‍්ඵානි ගහෙත්‍වා හීරෙහි ආවුණිත්‍වා වටංසකෙ කත්‍වා පුන බහූනි මුත‍්තපුප‍්ඵානි අග‍්ගපුප‍්ඵානි ච ගහෙත්‍වා නගරං පවිට‍්ඨා. තස‍්මිං මණ‍්ඩපෙ යුගන්‍ධරපබ‍්බතකුච‍්ඡිං ඔභාසයමානං බාලසූරියං විය ඡබ‍්බණ‍්ණබුද‍්ධරංසියො විස‍්සජ‍්ජෙත්‍වා නිසින‍්නං, භගවන‍්තං දිස‍්වා පසන‍්නචිත‍්තා තෙහි පුප‍්ඵෙහි පූජෙන‍්තී වටංසකානි ආසනස‍්ස සමන‍්තතො ඨපෙත්‍වා ඉතරානි ච පුප‍්ඵානි ඔකිරිත්‍වා සක‍්කච‍්චං වන්‍දිත්‍වා තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා අගමාසි. සා අපරභාගෙ කාලං කත්‍වා තාවතිංසභවනෙ නිබ‍්බත‍්ති, තත්‍ථ තස‍්සා රත‍්තඵලිකමයං විමානං, තස‍්ස ච පුරතො සුවණ‍්ණවාලුකාසන්‍ථතභූමිභාගං මහන‍්තං සාලවනං පාතුරහොසි. සා යදා විමානතො නික‍්ඛමිත්‍වා සාලවනං පවිසති, තදා සාලසාඛා ඔනමිත්‍වා තස‍්සා උපරි කුසුමානි ඔකිරන‍්ති. තං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො හෙට‍්ඨා වුත‍්තනයෙන උපගන‍්ත්‍වා ඉමාහි ගාථාහි කතකම‍්මං පුච‍්ඡි –

මාඤ්ජ්‍යෙෂ්ඨක වර්ගයෙහි. මඤ්ජෙට්ඨකෙ විමානස්මිං යනුවෙන් මඤ්ජෙට්ඨක විමාන වර්ණනාව ආරම්භ වේ. එහි උත්පත්තිය කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවාසය කරන සේක. එහි විසූ එක්තරා උපාසකවරයෙක් භාග්‍යවතුන් වහන්සේට දානය සඳහා ආරාධනා කොට තමාගේ ගෙය දොරකඩ මහත් වූ මණ්ඩපයක් ඔසවා නොයෙක් වර්ණයන්ගෙන් යුත් වස්ත්‍රයන් ද, මල්දම් මල් මාලා ආදිය ද හාත්පස එල්ලා විසිතුරුකොට, පැන් ඉස හැමැද පොළව සමතලාකොට අසුන් පනවා භාග්‍යවතුන් වහන්සේට සුදුසු කාලයෙහි කාලය සැළ කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පා සිවුරු ගෙන හැඳ පොරවා, පෙරවරු කාලයේ, දෙව්විමනක් සේ අලංකාර වූ මණ්ඩපය වෙත වැඩමවා උදයගිරි පර්වතයේ තරුණ සූර්යයා මෙන් බබළමින් පනවන ලද බුද්ධාසනයේ වැඩහුන් සේක. උපාසක තෙමේ සුවඳමලින් හා සුවඳ දුමින් ද සුවඳ පහනින් ද පිදීය. එකල්හි එක්තරා කුලදාසියක් අන්‍ධ වනයෙහි මනාව පිපුණු සල් රුකක් දැක එහි මල් කඩා, ඒවා පටියකින් අමුණා මල්දමක් සේ සකසා නැවත වෙන් වෙන්ව කඩාගත් මල් ද අතු අග මල් ද නෙලාගෙන නුවරට පිවිසියාය. එවේලේ පෙර කී මණ්ඩපයෙහි යුගන්‍ධර පර්වතය මුදුනේ බබළන්නා වූ තරුණ සූර්යයා මෙන් සවණක්ගණ බුදුරැස් විහිදුවමින් සිටින්නා වූ බුදුරජුන් දැක පැහැදුණු සිතින් යුතුව ඒ මල්වලින් බුදුන් පූජා කළාය. මල්මාලාවන් අසුන වටේ තබා ඉතිරි මල් විසුරුවා සකසා වැඳ තෙවරක් පැදකුණු කළ ඕ තොමෝ ආපසු ගියාය. ඕ පසුකාලයක දී කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නාය. එහිදී ඇයට රතු පළිඟුමය විමානයක් ද, එයට ඉදිරියෙන් රන්වන් වැලි අතුල බිමක් ද ඇති මහාසල් උයනක් ද පහළ විය. ඒ දෙවඟන යම්විටක විමානයෙන් නික්ම සල්වනයට පිවිසෙන්නී ද, ඒ මොහොතේ සල්අතු බිමට නැවී ඇය මතට සල්මල් විසුරුවයි. ආයුෂ්මත් මුගලන් මහතෙරුන් වහන්සේ දිව්‍යලෝක චාරිකාවෙහි හැසිරෙන්නේ දහසක් දෙවඟනන් පිරිවරාගෙන, සල්මල් විසුරුවමින් සිටින දේවතාවිය දැක ඇයගේ සමීපයට ගොස් මෙසේ විමසූ සේක.

“මඤ‍්ජිට‍්ඨකෙ විමානස‍්මිං, සොණ‍්ණවාලුකසන්‍ථතෙ; පඤ‍්චඞ‍්ගිකෙන තූරියෙන, රමසි සුප‍්පවාදිතෙ.

මඤ්ජෙට්ඨකෙ විමානස්මිං - සොණ්ණ වාලුක සත්‍ථතෙ පඤ්චංගිකෙන තුරියෙන රමසී සුප්පවාදිතෙ

රුවන්වැලි විසුරුවා හරින ලද බිමෙහි වූ රතු පළිඟුමය විමානයේ මැනවින් වයනු ලබන පසඟතුරු නාදයෙන් සතුටු වන්නෙහිය.

“තම‍්හා විමානා ඔරුය‍්හ, නිම‍්මිතා රතනාමයා; ඔගාහසි සාලවනං, පුප‍්ඵිතං සබ‍්බකාලිකං.

තස්මා විමානං ඔරුය්හ - නිම්මිතා රතනාමයා ඔගාහසී සාලවනං - පුප්ඵිතං සබ්බකාලිකං

රත්නයන්ගෙන්ම නිර්මාණය වූ ඒ විමානයෙහි බැස යන හැමකල්හිම මල් පිපී ඇත්තා වූ සල් උයනට පිවිසෙන්නෙහිය.

“යස‍්ස යස‍්සෙව සාලස‍්ස, මූලෙ තිට‍්ඨසි දෙවතෙ; සො සො මුඤ‍්චති පුප‍්ඵානි, ඔනමිත්‍වා දුමුත‍්තමො.

යස්ස යස්සෙව සාලස්ස - මූලෙ තිට්ඨති දෙවතෙ සො සො මුඤ්චති පුප්ඵානි - ඔනමිත්‍වා අමුත්තමො

දේවතාවියනි, යම් යම් සල්ගසක් මුල ඔබ සිටින්නෙහිද, ඒ ඒ අගනා වෘක්‍ෂය පහතට නැමී ඔබ සඳහා මල් මුදා හරියි.

“වාතෙරිතං සාලවනං, ආධුතං දිජසෙවිතං; වාති ගන්‍ධො දිසා සබ‍්බා, රුක‍්ඛො මඤ‍්ජූසකො යථා.

වා තෙරිතං සාලවනං - ආධුතං දිජ සෙවිතා වාති ගන්‍ධො දිසා සබ්බා - රුක්‍ඛො මඤ්ජුස්සකො යථා

වාතයෙන් කම්පිතව සෙලවෙන්නා වූ, පක්‍ෂීන් ගැවසෙන සල් උයන මඤ්ජුස්සක නම් දේව වෘක්‍ෂය මෙන් සියලු දිසාවන්හි සුවඳ පතුරුවා හරියි.

“ඝායසෙ තං සුචිගන්‍ධං, රූපං පස‍්සසි අමානුසං; දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ, කිස‍්ස කම‍්මස‍්සිදං ඵල”න‍්ති.

ඝායසෙ ත්‍වං සුචිං ගන්‍ධං - රූපං පස්සසි අමානුසං දෙවතෙ පුච්ඡිතා වික්‍ඛ - කිස්ස කම්මස්සිදං ඵලං

ඔබ ඉතා පිරිසිදු මල් සුවඳ ආඝ්‍රාණය කරන්නෙහිය. මිනිස්බව ඉක්ම වූ රූපයකින් යුතුව පෙනෙන්නෙහිය. දෙව් දියණියනි, මේ කවර නම් පුණ්‍ය කර්මයක ආනිසංස ඵලවිපාකද, මා විසින් අසන ලද්දට පිළිතුරු කියන්න.

තත්‍ථ මඤ‍්ජිට‍්ඨකෙ විමානස‍්මින‍්ති රත‍්තඵලිකමයෙ විමානෙ. සින්‍දුවාරකණවීරමකුලසදිසවණ‍්ණඤ‍්හි “මඤ‍්ජිට‍්ඨක”න‍්ති වුච‍්චති. සොණ‍්ණවාලුකසන්‍ථතෙති සමන‍්තතො විප‍්පකිණ‍්ණාහි සුවණ‍්ණවාලුකාහි සන්‍ථතභූමිභාගෙ. රමසි සුප‍්පවාදිතෙති සුට‍්ඨු පවාදිතෙන පඤ‍්චඞ‍්ගිකෙන තූරියෙන අභිරමසි.

එහි මඤ්ජෙට්ඨකෙ විමානස්මිං රතු පළිඟුවලින් ඉදිකළ විමානයෙහි, නික ගස්වල හා කණේරු ගස්වල මල් කැකුළුවලට සමාන වූ වර්ණයට මාංඤ්ජෙට්ඨක යයි කියයි. සොණ්ණවාලුක සන්‍ථ තෙ හාත්පසින් විසිරුණු රන්වැල්ලෙන් යුතු - භූමිභාගයෙහි රමසි සුප්පවාදිතෙ මනාව වාදනය කරනු ලබන පංචාංගික තූර්ය වාදනයෙන් සතුටු වන්නෙහිය.

නිමිත‍්තා රතනාමයාති තව සුචරිතසිප‍්පිනා අභිනිම‍්මිතා රතනමයා විමානා. ඔගාහසීති පවිසසි. සබ‍්බකාලිකන‍්ති සබ‍්බකාලෙ සුඛං සබ‍්බඋතුසප‍්පායං, සබ‍්බකාලෙ පුප‍්ඵනකං වා.

නිම්මිතාරතනාමයා ඔබගේ යහපත් ක්‍රියාවන් නිසා ලත් ශිල්පීය දැනුමෙන් මනාව නිමවූ, රත්නයන්ගෙන් සැදුනු විමානයෙන් ඔගාහසී පිවිසෙන්නෙහිය. සබ්බකාලකං සියලු කල්හි සුවය ලැබෙන, සියළු සෘතුවලට ගැලපෙන යන අදහසයි. සියලු කල්හි මල් පිපෙන යන අදහස ද ලැබේ.

වාතෙරිතන‍්ති යථා පුප‍්ඵානි ඔකිරන‍්ති, එවං වාතෙන ඊරිතං චලිතං. ආධුතන‍්ති මන්‍දෙන මාලුතෙන සණිකසණිකං විධූපයමානං. දිජසෙවිතන‍්ති මයූරකොකිලාදිසකුණසඞ‍්ඝෙහි උපසෙවිතං.

වාතෙරිතං යම් ආකාරයකින් මල් විසිරී යන්නේ ද එය සිදුවිය හැකි ආකාරයෙන් වාතයෙන් කම්පනය වූ සෙලවුනා වූ ආධුතං මදින් මද, සෙමින් සෙමින් පවන් සැලෙන්නා වූ, දිජසෙවිතං මොණර කොවුල් ආදී පක්‍ෂි සමූහයාගෙන් යුක්ත වූ.

එවං ථෙරෙන පුට‍්ඨා සා දෙවතා ඉමාහි ගාථාහි බ්‍යාකාසි –

තෙරුන් වහන්සේ විසින් මෙසේ ප්‍රශ්න කරනු ලැබුවා වූ ඒ දේවතා දියණියෝ මේ ගාථාවන්ගෙන් පිළිතුරු පැවසූහ.

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා, දාසී අයිරකුලෙ අහුං; බුද‍්ධං නිසින‍්නං දිස‍්වාන, සාලපුප‍්ඵෙහි ඔකිරිං.

අහං මනුස්සෙසු මනුස්සභුතා - දාසී අයිරකුලෙ අහුං බුද්ධං නිසින්නං දිස්වාන - සාල පුප්ඵෙති ඔකිරිං

මිනිස් ලොව මිනිස් ස්ත්‍රියක් වූ මම අධිපතියකුගේ නිවසක දාසියක වීමි. වැඩඋන්නා වූ බුදුන් දැක හාත්පස සල්මල් ඇතිරුවෙමි.

“වටංසකඤ‍්ච සුකතං, සාලපුප‍්ඵමයං අහං; බුද‍්ධස‍්ස උපනාමෙසිං, පසන‍්නා සෙහි පාණිභි.

වටංසකඤ්ච සුකතං - සාල පුප්ඵ මයං අහං බුද්ධස්ස උපනාමෙසිං - පසන්නා සෙහි පාණිහි

මම මගේ දෝතින්ම සල්මලින් මනාව සකස් කරන ලද මල්මාලා පැහැදුනු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේට පූජා කළෙමි.

“තාහං කම‍්මං කරිත්‍වාන, කුසලං බුද‍්ධවණ‍්ණිතං; අපෙතසොකා සුඛිතා, සම‍්පමොදාමනාමයා”ති.

තාහං කම්මං කරිත්‍වාන - කුසලං බුද්ධ වණ්ණිතං අපෙත සොකා සුඛිතා - සම්පමොද මනාමයා

මම බුදුන් විසින් වර්ණනා කරන ලද ඒ කුසල ධර්මය සිදුකොට ශෝකය දුරුකළා වූ සුවහස් වූ සතුටට පත් සිත් ඇත්තා වූ තැනැත්තියක් වීමි.

තත්‍ථ අයිරකුලෙති අය්‍යකුලෙ, සාමිකගෙහෙති අත්‍ථො. අහුන‍්ති අහොසිං. ඔකිරින‍්ති පුප‍්ඵෙහි විප‍්පකිරිං. උපනාමෙසින‍්ති පූජාවසෙන උපනාමෙසිං. සෙසං වුත‍්තනයමෙව.

එහි අයිර කුලෙ උතුමෙකුගේ නිවසක, ධන ධාන්‍ය ආදියට හිමිකම් ඇත්තෙකුගේ නිවසක යන අදහසයි. අහුං වූයෙමි. ඔකිරිං නෙලා ගන්නා ලද මල් විසිරවීමි. උපනාමෙසිං පූජා කිරීම් වශයෙන් බුදුන් වහන්සේ වෙත එළඹවීමි. සෙස්ස පෙර කියන ලද පරිදිම වේ.

අථායස‍්මා මහාමොග‍්ගල‍්ලානො සපරිවාරාය තස‍්සා දෙවතාය ධම‍්මං දෙසෙත්‍වා මනුස‍්සලොකං ආගන‍්ත්‍වා භගවතො තමත්‍ථං නිවෙදෙසි. භගවා තං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා සම‍්පත‍්තමහාජනස‍්ස ධම‍්මං දෙසෙසි. දෙසනා සදෙවකස‍්ස ලොකස‍්ස සාත්‍ථිකා අහොසීති.

ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් මහරහතන් වහන්සේ පිරිවර සහිත වූ දේවතාවියට දහම් දෙසා, මිනිස් ලොවට පැමිණ භාග්‍යවතුන් වහන්සේට ඒ පුවත දන්වා සිටියහ. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය අර්ථෝත්පත්ති කොටගෙන පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක. එම දේශනාව දෙවියන් සහිත වූ ලෝකයාට සාර්ථක වූයේය.

මඤ‍්ජිට‍්ඨකවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

මඤ්ජෙට්ඨක විමාන වර්ණනාව නිමියේ ය.

2. පභස‍්සර විමානවණ‍්ණනා

2. පහස්සර විමාන වර්ණනා

පභස‍්සරවරවණ‍්ණනිභෙති පභස‍්සරවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා රාජගහෙ විහරති. තෙන ච සමයෙන රාජගහෙ අඤ‍්ඤතරො උපාසකො මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරෙ අභිප‍්පසන‍්නො හොති. තස‍්සෙකා ධීතා සද‍්ධා පසන‍්නා, සාපි ථෙරෙ ගරුචිත‍්තීකාරබහුලා හොති. අථෙකදිවසං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො රාජගහෙ පිණ‍්ඩාය චරන‍්තො තං කුලං උපසඞ‍්කමි. සා ථෙරං දිස‍්වා සොමනස‍්සජාතා ආසනං පඤ‍්ඤාපෙත්‍වා ථෙරෙ තත්‍ථ නිසින‍්නෙ සුමනමාලාය පූජෙත්‍වා මධුරං ගුළඵාණිතං ථෙරස‍්ස පත‍්තෙ ආකිරි, ථෙරො අනුමොදිතුකාමො නිසීදි. සා ඝරාවාසස‍්ස බහුකිච‍්චතාය අනොකාසතං පවෙදෙත්‍වා “අඤ‍්ඤස‍්මිං දිවසෙ ධම‍්මං සොස‍්සාමී”ති ථෙරං වන්‍දිත්‍වා උය්‍යොජෙසි. තදහෙව ච සා කාලං කත්‍වා තාවතිංසෙසු නිබ‍්බත‍්ති. තං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො උපසඞ‍්කමිත්‍වා ඉමාහි ගාථාහි පුච‍්ඡි –

පභස්සර වර වණ්ණ නිභෙ යනුවෙන් පභසර විමාන වත්‍ථුව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වාසය කරන සේක. ඒ සමයෙහි රජගහනුවර එක් උපාසකයෙක් මහ මුගලන් තෙරුන් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදුනේ වෙයි. ඔහුට ශ්‍රද්ධාවන්ත වූ තෙරුවන් කෙරෙහි පැහැදුනා වූ එක් දියණියක් සිටියාය. ඇය ද තෙරුවන් කෙරෙහි බෙහෙවින් ගරුබුහුමන් දක්වන්නියක වේ. ඉක්බිති එක් දිනක් ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් වහන්සේ රජගහ නුවර පිඬු පිණිස හැසිරෙමින් ඒ නිවසට වැඩමවූහ. ඕ තොමෝ තෙරණුවන් දැක සොම්නසට පත්ව අසුනක් පනවා තෙරුන් එහි වැඩසිටි කල්හි සමන් මලින් පුදා ප්‍රණීත වූ මිහිරි වූ උක්සකුරු පානයෙක් පාත්‍රයෙහි වත්කළාය. තෙරුන් වහන්සේ පින් අනුමෝදන් කරනු කැමතිව වැඩහුන්හ. ඕ තොමෝ ගෙදොර දොර වැඩකටයුතු බහුල නිසා අනුමෝදනාව ඇසීමට අවකාශ නැති බව දන්වා, වෙනත් දිනක ධර්ම ශ්‍රවණය කරන්නෙමැයි කියා තෙරණුවන්ට වැන්දාය. තෙරණුවෝ පිටත්ව වැඩියහ. ඇය එදිනම කලුරියකොට තව්තිසාවෙහි උපන්නාය. ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ ඇය වෙත පැමිණ මෙම ගාථාවන් මගින් කරුණු විචාළේය.

“පභස‍්සරවරවණ‍්ණනිභෙ, සුරත‍්තවත්‍ථවසනෙ; මහිද‍්ධිකෙ චන්‍දනරුචිරගත‍්තෙ, කා ත්‍වං සුභෙ දෙවතෙ වන්‍දසෙ මමං.

පභස්සර වර වණ්ණනිභෙ - සුරත්තවත්‍ථ නිවාසනෙ මහිද්ධිකෙ චන්‍දන රුචි ගත්තෙ - කාත්‍වං සුභෙ දෙවතෙ වන්‍දසේ මමං

පැහැපත් දැකුම්කළු වර්ණයෙන් බබළන්නා වූ, ඉතා රත්පැහැ ගත් වස්ත්‍ර හැඳ ගත්තා වූ, මහත් සෘද්ධි ඇත්තා වූ, සඳුන් ආලේපිත ශරීරයෙන් යුතු වූ මා වෙත වන්දනා කරන්නා වූ යහපත් දේවතාවියනි, ඔබ කවර නම් තැනැත්තියක්ද?

“පල‍්ලඞ‍්කො ච තෙ මහග‍්ඝො, නානාරතනචිත‍්තිතො රුචිරො; යත්‍ථ ත්‍වං නිසින‍්නා විරොචසි, දෙවරාජාරිව නන්‍දනෙ වනෙ.

පල්ලංකො ච තෙ මහග්ඝො - නානාරතන විත්තිතො රුචිරො යත්‍ථ ත්‍වං නිසින්නා විරොචසී - දෙව රාජා ව නන්‍දනෙ වනෙ

යම් පර්යංකයෙක්හි හුන්නා වූ ඔබ නන්දන උයනෙහි සක්දෙවිඳු මෙන් බබළන්නෙහිය. ඔබගේ ඒ පර්යංකය ද විවිධ රත්නයන්ගෙන් විසිතුරු කරන ලදුව මනෝඥ ලෙස පවත්නේය.

“කිං ත්‍වං පුරෙ සුචරිතමාචරී භද‍්දෙ, කිස‍්ස කම‍්මස‍්ස විපාකං; අනුභොසි දෙවලොකස‍්මිං, දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ; කිස‍්ස කම‍්මස‍්සිදං ඵල”න‍්ති.

කිං ත්‍වං පුරෙ සුචරිත මාචරී භද්දෙ කිස්ස කම්මස්ස විපාකං අනුභොසි දෙව ලොකස්මිං දෙවතෙ පුච්ඡිතා චික්‍ඛ, කිස්ස කම්මස්සිදං ඵලං

භද්‍රාවෙනි, ඔබ පෙර භවයෙහි දී කවරනම් සත්ක්‍රියාවෙක යෙදුනේ ද, ඔබ පෙර භවයෙහි දී කවරනම් සත්ක්‍රියාවක යෙදුනේ ද දැන් දෙව්ලොවදී කවරනම් කර්ම විපාකයක් අනුභව කරන්නෙහි ද, දේවතාවියනි, මෙය කිනම් කර්මයක විපාකයක්ද යන බව මා විසින් ප්‍රශ්න කරනු ලබන, ඔබ මට කියන්න.

තත්‍ථ පභස‍්සරවරවණ‍්ණනිභෙති නිභාති දිබ‍්බතීති නිභා, වණ‍්ණොව නිභා වණ‍්ණනිභා, අතිවිය ඔභාසනතො පභස‍්සරා ඡවිදොසාභාවෙන වරා උත‍්තමා වණ‍්ණනිභා එතිස‍්සාති පභස‍්සරවරවණ‍්ණනිභා. ආමන‍්තනවසෙන “පභස‍්සරවරවණ‍්ණනිභෙ”ති වුත‍්තං. සුරත‍්තවත්‍ථවසනෙති සුට‍්ඨු රත‍්තවත්‍ථනිවත්‍ථෙ. චන්‍දනරුචිරගත‍්තෙති චන්‍දනානුලිත‍්තං විය රුචිරගත‍්තෙ, ගොසීතචන්‍දනෙන බහලතරානුලිත‍්තං විය සුරත‍්තමනුඤ‍්ඤසරීරාවයවෙති අත්‍ථො, චන්‍දනානුලෙපෙන වා රුචිරගත‍්තෙ.

එහි පභස්සර මර වණ්ණනිභෙ බබළයි. ආලෝකය විහිදුවයි යන අරුතින් නිසා යයි යෙදේ. වර්ණයම බබළයි. වණ්ණෙ නිභා යන අරුතින් වණ්ණනිභා යයි යෙදී ඇත. වර්ණය නිසාම බබළයි. බබළන වර්ණ ඇත්තේයි. අතිශයින් පැහැපත් බැවින් පභස්සර හෙවත් ආලෝකවත් පැහැයක්ද, සමේ දෝෂයක් නැති හේතුවෙන් ද, උතුම් වූ බබළන වර්ණයක් ද මේ දෙවඟනට ඇත්තේය යන අදහසින් පභස්සර වණ්ණනිභා යයි යෙදේ. ආමන්ත්‍රණය කිරීම් වශයෙන් පභස්සර වණ්ණ නිභො යයි කියන ලදී. සුරත්ත වත්‍ථ නිවාසනෙ මනාව රත්පැහැ ගත් වස්ත්‍ර හැඳගත්තා වූ, චන්‍දන රුචිරගත්තෙ සඳුන් ආලේප කරන ලද්දක් වැනි මනෝඥ ශරීරයෙහි රන්වන් සඳුන් ඝත ලෙස ආලේප කරන ලද්දක් වැනි, රත්පැහැ ගත් ශරීරාවයවයන්හි යන අර්ථයි. සඳුන් තවරා ගැනීමෙන් අලංකාර වූ ශරීරයෙහි යන අදහසද වේ.

එවං ථෙරෙන පුට‍්ඨා දෙවතා ඉමාහි ගාථාහි බ්‍යාකාසි –

තෙරුන් වහන්සේ විසින් මෙසේ ප්‍රශ්න කරන ලද්දා වූ දේවතා තොමෝ මෙම ගාථාවන්ගෙන් පිළිතුරු ප්‍රකාශ කළහ.

“පිණ‍්ඩාය තෙ චරන‍්තස‍්ස, මාලං ඵාණිතඤ‍්ච අදදං භන‍්තෙ; තස‍්ස කම‍්මස‍්සිදං විපාකං, අනුභොමි දෙවලොකස‍්මිං.

පිණ්ඩාය තෙ චරන්තස්ස - මාලං පාණිතඤ්ච අද දං භන්තෙ තස්ස කම්මස්සිදං විපාකං - අනුභොමි දෙව ලොකස්මිං

ස්වාමීනි, පිඬු පිණිස හැසිරෙන ඔබවහන්සේට මල් පූජාකොට උක්සකුරු පානයක් ද පූජා කළෙමි. එම පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් මෙම සැපත් දෙව්ලොවදී මම අනුභව කරමි.

“හොති ච මෙ අනුතාපො, අපරද‍්ධං දුක‍්ඛිතඤ‍්ච මෙ භන‍්තෙ; සාහං ධම‍්මං නාස‍්සොසිං, සුදෙසිතං ධම‍්මරාජෙන.

හොති ච මෙ අනුතාපො - අපරද්ධං දුක්කතඤ්ච භන්තෙ සාහං ධම්මං නාස්සොසිං - සුදෙසිතං ධම්ම රාජෙන

ස්වාමීනි, ඒ මම ධර්මරාජයන් වූ බුදුන් වහන්සේ විසින් මනාව දෙසන ලද ධර්මය එදා ශ්‍රවණය නො කෙළෙමි. එම වරද එම නො කටයුත්ත නිසා මට පසුතැවිල්ලක් ඇතිවේ.

“තං තං වදාමි භද‍්දන‍්තෙ, යස‍්ස මෙ අනුකම‍්පියො කොචි; ධම‍්මෙසු තං සමාදපෙථ, සුදෙසිතං ධම‍්මරාජෙන.

තං තං වදාමි භද්දන්තෙ - යස්ස ම අනුකම්පියො කොචි ධම්මෙසු තං සමාදපෙත්‍ථ - සුදෙසිතං ධම්මරාජෙන

ස්වාමීනි, එහෙයින් ඔබවහන්සේට මෙසේ කියමි. මට අනුකම්පා කටයුතු යම්කිසිවක් වේනම්, ධර්මරාජයන් වහන්සේ විසින් මනාව දේශනා කරන ලද ධර්මයෙන් ඒ මා සමාදන් කරවන සේක්වා.

“යෙසං අත්‍ථි සද‍්ධා බුද‍්ධෙ, ධම‍්මෙ ච සඞ‍්ඝරතනෙ; තෙ මං අතිවිරොචන‍්ති, ආයුනා යසසා සිරියා.

යෙසං අත්‍ථ සද්ධාච - බුද්ධෙ ධම්මෙ ච සංඝ රතනෙච තං තෙමං අති වරොචෙන්ති - ආයුනා - යස්සා සිරියා

යම් කෙනෙකුට බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පවතී ද, ඒ අය ආයුෂයෙන් ද, සම්පතින් ද, යසසින් ද, මා ඉක්මවා මට වඩා බබළත්.

“පතාපෙන වණ‍්ණෙන උත‍්තරිතරා, අඤ‍්ඤෙ මහිද‍්ධිකතරා මයා දෙවා”ති.

පතාපෙන වණ්ණෙන - උත්තරීතරා, අඤ්ඤෙ මහිද්ධිකතරා මයා දෙවා ති

තේජසින් ද, වර්ණයෙන්, මට වඩා උසස් වූ, මහත් සෘද්ධි ඇත්තා වූ වෙනත් දෙවිවරු සිටිති.

තත්‍ථ මාලන‍්ති සුමනපුප‍්ඵං. ඵාණිතන‍්ති උච‍්ඡුරසං ගහෙත්‍වා කතඵාණිතං.

එහි මාලං සමන් මල්. ඵාණිතං උක් ගස් ගෙන තනන ලද මිහිරි පානයක්,

අනුතාපොති විප‍්පටිසාරො. තස‍්ස කාරණමාහ “අපරද‍්ධං දුක‍්ඛතඤ‍්ච මෙ භන‍්තෙ”ති . ඉදානි තං සරූපතො දස‍්සෙති “සාහං ධම‍්මං නාස‍්සොසි”න‍්ති, සා අහං තදා තව දෙසෙතුකාමස‍්ස ධම‍්මං න සුණිං. කීදිසං? සුදෙසිතං ධම‍්මරාජෙනාති, සම‍්මාසම‍්බුද‍්ධෙන ආදිකල්‍යාණාදිතාය එකන‍්තනිය්‍යානිකතාය ච ස‍්වාඛාතන‍්ති අත්‍ථො.

අනුතාපො විපිළිසර බව, එයට හේතුව මෙසේ කීය. අපරද්ධං දුක්කතඤ්ච මෙ භන්තෙ දැන් එයට සමාන හේතු වශයෙන් දක්වයි. සාහං ධම්මො නාස්සොසිං ඒ මම, එදා ඔබවහන්සේ දේශනා කිරීමට කැමති වූ ඔබවහන්සේගේ බණපදය නොඇසුවෙමි. කෙබඳු ධර්මයක් ද යත්, සුදෙසිතං ධම්මරාජෙන. සම්මා සම්බුදුන් වහන්සේ විසින් මුල යහපත් ආදී වශයෙන් මනාව දේශනා කරන ලද ධර්මය යන අර්ථයි.

තන‍්ති තස‍්මා ධම‍්මරාජෙන සුදෙසිතත‍්තා අසවනස‍්ස ච මාදිසානං අනුතාපහෙතුභාවතො. තන‍්ති තුවං, තුය‍්හන‍්ති අත්‍ථො. යස‍්සාති යො අස‍්ස. අනුකම‍්පියොති අනුකම‍්පිතබ‍්බො. කොචීති යො කොචි. ධම‍්මෙසූති සීලාදිධම‍්මෙසු. “ධම‍්මෙ හී”ති වා පාඨො, සාසනධම‍්මෙති අත්‍ථො. හීති නිපාතමත‍්තං, වචනවිපල‍්ලාසො වා. තන‍්ති අනුකම‍්පිතබ‍්බපුග‍්ගලං. සුදෙසිතන‍්ති සුට‍්ඨු දෙසිතං.

තං එහෙයින් ධර්ම රාජයන් වහන්සේ විසින් මනාව දේශනා කරන ලද බැවින්, ධර්මය ශ්‍රවණය නො කරන මා වැන්නවුන්ට පසුතැවීමට හේතු ඇති බැවින්, තං ඔබ ඔබගේ යන අර්ථ ඇත්තේ වේ. යස්ස (යො+අස්ස) යමක් වන්නේ නම් යන අදහසයි. අනුකම්පියො අනුකම්පා කරනු ලැබිය යුතුමය. කොචි යම් කිසිවෙක් ධම්මෙසු ශීලාදී ධර්මයන්හි ‘ධම්මෙහි’ යන පාඨයක් ද වේ. ශාසන ධර්මයෙහි යන අර්ථයයි හි යනු නිපාත මාත්‍රයකි. ධම්මෙසු - ධම්මෙහි යන වචන දෙක අතර වර්ණ විපර්යාසයක් හෝ ඇත. තං අනුකම්පා කරනු ලැබිය යුතු පුද්ගලයා සුදෙසිතං මනාව දේශනා කරන ලද

තෙ මං අතිවිරොචන‍්තීති තෙ රතනත‍්තයෙ පසන‍්නා දෙවපුත‍්තා මං අතික‍්කමිත්‍වා විරොචන‍්ති. පතාපෙනාති තෙජසා ආනුභාවෙන. අඤ‍්ඤෙති යෙ අඤ‍්ඤෙ. මයාති නිස‍්සක‍්කෙ කරණවචනං. වණ‍්ණෙන උත‍්තරිතරා මහිද‍්ධිකතරා ච දෙවා, තෙ රතනත‍්තයෙ අභිප‍්පසන‍්නායෙවාති දස‍්සෙති. සෙසං වුත‍්තනයමෙව.

තෙ මං අති විරොචන්ති රත්නත්‍රය කෙරෙහි ප්‍රසන්න වූ ඒ දිව්‍ය පුත්‍රයන් මා ඉක්මවා බබළත්. පතාපෙන තේජසින්, ආනුභාවයෙන් අඤ්ඤෙ යම්කිසි වෙනත් අය. මයා අවධි විභක්ති අර්ථයේ කරණ විභක්ති රූපයයි. වර්ණයෙන් මට වඩා උසස් වූ, මහිද්ධිකතරා මහත් සෘද්ධි ඇත්තා වූ, දෙවිවරු ඔවුන් රත්නත්‍රයෙහි වඩාත් ප්‍රසන්න වූවාහුමයයි දක්වයි. සෙස්ස පෙර කියන ලද පිළිවෙළ අනුවම වේ.

පභස‍්සරවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

පභස්සර විමාන වර්ණනාව නිමියේ ය.

3. නාග විමානවණ‍්ණනා

3. නාගවිමාන වර්ණනා

අලඞ‍්කතා මණිකඤ‍්චනාචිතන‍්ති නාගවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තෙන සමයෙන බාරාණසිවාසිනී එකා උපාසිකා සද‍්ධා පසන‍්නා සීලාචාරසම‍්පන‍්නා භගවන‍්තං උද‍්දිස‍්ස වත්‍ථයුගං වායාපෙත්‍වා සුපරිධොතං කාරාපෙත්‍වා උපසඞ‍්කමිත්‍වා භගවතො පාදමූලෙ ඨපෙත්‍වා එවමාහ “පටිග‍්ගණ‍්හාතු, භන‍්තෙ භගවා, ඉමං වත්‍ථයුගං අනුකම‍්පං උපාදාය යං මම අස‍්ස දීඝරත‍්තං හිතාය සුඛායා”ති. භගවා තං පටිග‍්ගහෙත්‍වා තස‍්සා උපනිස‍්සයසම‍්පත‍්තිං දිස‍්වා ධම‍්මං දෙසෙසි, සා දෙසනාවසානෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා ගෙහං අගමාසි. සා න චිරස‍්සෙව කාලං කත්‍වා තාවතිංසෙසු උප‍්පන‍්නා සක‍්කස‍්ස දෙවරාජස‍්ස පියා අහොසි වල‍්ලභා යසුත‍්තරා නාම නාමෙන. තස‍්සා පුඤ‍්ඤානුභාවෙන හෙමජාලසඤ‍්ඡන‍්නො කුඤ‍්ජරවරො නිබ‍්බත‍්ති, තස‍්ස ච ඛන්‍ධෙ මණිමයො මණ‍්ඩපො, මජ‍්ඣෙ සුපඤ‍්ඤත‍්තරතනපල‍්ලඞ‍්කො නිබ‍්බත‍්ති, ද‍්වීසු දන‍්තෙසු චස‍්ස කමලකුවලයුජ‍්ජලා රමණීයා ද‍්වෙ පොක‍්ඛරණියො පාතුරහෙසුං. තත්‍ථ පදුමකණ‍්ණිකාසු ඨිතා දෙවධීතා පග‍්ගහිතපඤ‍්චඞ‍්ගිකතූරියා නච‍්චන‍්ති චෙව ගායන‍්ති ච.

අලංකතා මණිකඤ්චනා චිත්තං යනුවෙන් ඇරඹෙනුයේ නාග විමාන වස්තුවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයේ මිගදායෙහි වාසය කරන සේක. එසමයෙහි බරණැස් නුවර වාසී වූ, ශ්‍රද්ධාවන්ත වූ තෙරුවන් කෙරෙහි පැහැදුනා වූ සිල්වත් ලෙස හැසිරීමෙන් යුක්ත වූ එක් උපාසිකාවක් තොමෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා වස්ත්‍ර යුගලයක් වියවා මනාව පිරිසිදු කරවාගෙන පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල තබා මෙසේ කීවාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, බොහෝ කාලයක් මට හිතසුව පිණිස වන්නේද එසේ වනු සඳහා අනුකම්පා උපදවා මේ වස්ත්‍ර යුගලය පිළිගන්වා සේක්වා යනුයි. භාග්‍යවතුන් වහන්සේ පිළිගෙන, ඇයගේ හේතුවාසනා සම්පත් දැක ධර්ම දේශනා කළ සේක. ඕ තොමෝ දේශනාවසානයේ සෝවාන්ඵලෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නිවසට ගියාය. ඇය නොබෝ කලකින් කලුරියකොට යසුත්තරා යන නමින් තව්තිසාවෙහි උපන්නාය. සක්දෙව් රජුහට මනාප ද ප්‍රිය ද විශ්වාසවන්ත වූවාය. ඇගේ පින් බලයෙන් රන් දැලෙකින් ආවරණය වූ උතුම් ඇතෙක් උපන්නේ ය. ඔහුගේ කඳ පෙදෙසෙහි මාණික්‍යමය මණ්ඩපයක් ද එහි මැද මනාව පිළියෙළ වූ ස්වර්ණමය ආසනයක් ද පහළ විය. ඔහුගේ දළ දෙකෙහි නෙළුමින් මානෙල් මලින් බබළන මනහර පොකුණු දෙකක් විය. එහි නෙළුම් කෙමිවල සිටි දෙව්ලියෝ ගන්නා ලද පංචාංගික තූර්යයන් ඇතිව නැටීම් ද ගැයීම් ද කරති.

සත්‍ථා බාරාණසියං යථාභිරන‍්තං විහරිත්‍වා යෙන සාවත්‍ථි තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන සාවත්‍ථිං පත්‍වා තත්‍ර සුදං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ සා දෙවතා අත‍්තනා අනුභුය්‍යමානං දිබ‍්බසම‍්පත‍්තිං ඔලොකෙත්‍වා තස‍්සා කාරණං උපධාරෙන‍්තී “සත්‍ථු වත්‍ථයුගදානකාරණ”න‍්ති ඤත්‍වා සඤ‍්ජාතසොමනස‍්සා භගවති පසාදබහුමානා වන්‍දිතුකාමා අභික‍්කන‍්තාය රත‍්තියා හත්‍ථික‍්ඛන්‍ධවරගතා ආකාසෙන ආගන‍්ත්‍වා තතො ඔතරිත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ එකමන‍්තං අට‍්ඨාසි. තං ආයස‍්මා වඞ‍්ගීසො භගවතො අනුඤ‍්ඤාය ඉමාහි ගාථාහි පුච‍්ඡි –

ශාස්තෲන් වහන්සේ කැමතිතාක් කල් බරණැස වැනි සැවැත් නුවර කරා චාරිකාවෙහි වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළින් සැවැත්නුවරට පැමිණ සැවැත්නුවර ජේතවනයේ වාසය කරන සේක. ඉක්බිති ඒ දේවතා තොමෝ තමන් අනුභව කරන දිවසැපත් බලා එහි හේතුව විමසන්නී, ශාස්තෲන් වහන්සේට සළු සඟලක් පිදීම හේතුවෙන් බව දැන හටගත් සොම්නස් ඇතිව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාද බහුමාන පුරස්සරව වඳිනු කැමැත්තී මැදියම් රැය ඉක්මගිය කල්හී, උතුම් ඇත්කඳ මතට නැගී අහසින් වුත් ඉන් බැස භාග්‍යවතුන් වහන්සේ වැඳ ඇඳිලි බැඳ එකත්පස්ව සිටියාය. ආයුෂ්මත් වංගීස ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ අනුදැනීමෙන් ඇයගෙන් මේ ගාථාවන් මගින් ප්‍රශ්න කළේය.

“අලඞ‍්කතා මණිකඤ‍්චනාචිතං, සොවණ‍්ණජාලචිතං මහන‍්තං; අභිරුය‍්හ ගජවරං සුකප‍්පිතං, ඉධාගමා වෙහායසං අන‍්තලික‍්ඛෙ.

අලංකතා මණිකඤ්චනාචිතං සුවණ්ණජාල චිත්තං මහන්තං අභිරුය්හ ගජවරං සුකප්පිතං - ඉධාගමා ඔභාසයං අන්තලික්‍ඛෙ

අලංකාර ලෙස මැණික් රන් රුවන් ආදියෙන් සැරසූ, රන්දැලකින් වසා විසිතුරු කළා වූ මහත් වූ යහපත් ලෙස සරසන ලද උතුම් ඇතු පිටට නැගී අහසින් මෙහි පැමිණියෙහි ය.

“නාගස‍්ස දන‍්තෙසු දුවෙසු නිම‍්මිතා, අච‍්ඡොදකා පදුමිනියො සුඵුල‍්ලා; පදුමෙසු ච තූරියගණා පභිජ‍්ජරෙ, ඉමා ච නච‍්චන‍්ති මනොහරායො.

නාගස්ස දන්තෙසු දුවෙසු නිම්මිතා - අච්ඡොදිකා පදුමනියො සුඵුල්ලා පදුමෙසුච තුරිය ගණ පභිජ්ජරෙ - ඉමාච නච්චන්ති මනොහරායො

හස්තියාගේ දළ දෙකෙහි නිර්මාණය වූ මනාව පිපුණු නෙළුම් මල් සහිත පිරිසිදු විල් ඇත. ඒ පද්මයන්හි තූර්ය ගණයෝ විවිධ නාද නංවති. ඒ තූර්යවාදයන්ට අනුව මනහර දෙවඟනෝ නටත්.

“දෙවිද‍්ධිපත‍්තාසි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති.

දෙවිද්ධි පත්තාසි මහානුභාවෙ - මනුස්සභුතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා - වණ්ණෙච තෙ සබ්බදිසා පභාසතී

මහානුභාව සම්පන්න දේවතාවිය, ඔබ සාද්ධිමත්ය. ඔබේ වර්ණය සියලු දිසා බබළවයි. මේ වැනි දීප්තියක් ආනුභාවයක් කුමක් නිසා ලැබුණේද, මිනිස්ලොව ඉපදී කිනම් කුසල කර්මයක් කළේද?

තත්‍ථ අලඞ‍්කතාති සබ‍්බාභරණවිභූසිතා. මණිකඤ‍්චනාචිතන‍්ති තෙහි දිබ‍්බමානෙහි මණිසුවණ‍්ණෙහි ආචිතං. සොවණ‍්ණජාලචිතන‍්ති හෙමජාලසඤ‍්ඡන‍්නං. මහන‍්තන‍්ති විපුලං. සුකප‍්පිතන‍්ති ගමනසන‍්නාහවසෙන සුට‍්ඨු සන‍්නද‍්ධං. වෙහායසන‍්ති වෙහායසභූතෙ හත්‍ථිපිට‍්ඨෙ. අන‍්තලික‍්ඛෙති ආකාසෙ, “අලඞ‍්කතමණිකඤ‍්චනාචිත”න‍්තිපි පාඨො. අයඤ‍්හෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – දෙවතෙ, ත්‍වං සබ‍්බාලඞ‍්කාරෙහි අලඞ‍්කතා අලඞ‍්කතමණිකඤ‍්චනාචිතං, අතිවිය දිබ‍්බමානෙහි මණීහි කඤ‍්චනෙහි ච අලඞ‍්කරණවසෙන ඛචිතං, හෙමජාලෙහි කුම‍්භාලඞ‍්කාරාදිභෙදෙහි හත්‍ථාලඞ‍්කාරෙහි චිතං ආමුත‍්තං මහන‍්තං අතිවිය බ්‍රහන‍්තං උත‍්තමං ගජං ආරුය‍්හ හත්‍ථිපිට‍්ඨියා නිසින‍්නා ආකාසෙනෙව ඉධ අම‍්හාකං සන‍්තිකං ආගතාති.

එහි අලංකතා සියලු අබරණින් සැරසුණු, මණිකඤ්චනාචිතං දීප්තිමත් වූ මැණික් රත්රන් ආදියෙන් යුක්ත වූ, සුවණ්ණජාල චිත්තං රත්දැළින් ආවරණය වූ, මහන්තං විශාල වූ, සුකප්පිතං ගමනෙහි යොදා ගන්නා හස්තියා වශයෙන් මනාව සන්නද්ධ වූ, වෙභාසයං අහසට නැග ගත් ඇතාගේ පිට මත, අන්තලික්‍ඛෙ අහසෙහි, යන අරුතයි. අලංකත මණිකඤ්වාචිතං යනුවෙන් ද පාඨයක් ඇත. එහි අදහස, දේවතාවියනි, ඔබ සියලු අලංකාරයන්ගෙන් අලංකාරවත් වූයෙහිය. ඇත් කඳ ද, නොයෙක් මැණික් රන් රුවන් ආදියෙන් ද විවිධ හස්ත්‍යාලංකාරයෙන් ද විසිතුරු කරන ලද්දේය. එබඳු ඇතාගේ පිට මත හිඳිමින් අපගේ සමීපයට පැමිණියාහුය.

නාගස‍්ස දන‍්තෙසු දුවෙසු නිම‍්මිතාති එරාවණස‍්ස විය නාගරාජස‍්ස ඉමස‍්ස ද‍්වීසු දන‍්තෙසු ද‍්වෙ පොක‍්ඛරණියො සුචරිතසිප‍්පිනා සුට‍්ඨු විරචිතා. තූරියගණාති පඤ‍්චඞ‍්ගිකතූරියසමූහා. පභිජ‍්ජරෙති ද‍්වාදසන‍්නං ලයභෙදානං වසෙන පභෙදං ගච‍්ඡන‍්ති. “පවජ‍්ජරෙ”ති ච පඨන‍්ති, පකාරෙහි වාදීයන‍්තීති අත්‍ථො.

නාගස්ස දන්තෙසු දුවෙසු නිම්මිතා ඓරාවණ නම් ඇත් රජුගේ මෙන් මේ ඇතුගේ ද දළ දෙකෙහි පොකුණු දෙකක් මනාව අභ්‍යාස ලත් ශිල්පීන් විසින් කරවන ලද්දේය. තුරියගණ සංගීතයේ කාලමාන ආදී දොළොස් ප්‍රභේදයන් වශයෙන්, පවජ්ජරෙ යයිද සමහරු කියති. ඒ ඒ ආකාරයන්ගෙන් වාදනය කරනු ලැබෙත් යනු එහි අර්ථයි.

එවං ථෙරෙන පුට‍්ඨා දෙවතා ඉමාහි ගාථාහි විස‍්සජ‍්ජෙසි –

තෙරුන් වහන්සේ විසින් මෙසේ විමසන ලදුව දේවතා තොමෝ මෙම ගාථාවන්ගෙන් පිළිතුරු දුන්නාය.

“බාරාණසියං උපසඞ‍්කමිත්‍වා, බුද‍්ධස‍්සහං වත්‍ථයුගං අදාසිං; පාදානි වන්‍දිත්‍වා ඡමා නිසීදිං, විත‍්තා චහං අඤ‍්ජලිකං අකාසිං.

බාරාණසිං උපසංකමිත්‍වා - බුද්ධස්සහං වත්‍ථයුගං අදාසිං පාදාති වන්‍දිත්‍ව ඡමා නිසීදිං - චිත්තාචභං අඤ්ජලිකං අකාසිං

මම බරණැස් නුවරට පැමිණ බුදුන් වහන්සේට වස්ත්‍ර දෙකක් පිදුවෙමි. භාග්‍යවතුන් වහන්සේගේ පා වැඳ බිම හිඳගෙනම සතුටින් යුතුව අඤ්ජලී කර්මයෙන් වන්දනා කළෙමි.

“බුද‍්ධො ච මෙ කඤ‍්චනසන‍්නිභත‍්තචො, අදෙසයි සමුදයදුක‍්ඛනිච‍්චතං; අසඞ‍්ඛතං දුක‍්ඛනිරොධසස‍්සතං, මග‍්ගං අදෙසයි යතො විජානිසං.

බුද්ධොච මෙ කඤ්චන සත්ති භත්තමො අදෙසයී සමුදය දුක්‍ඛ නිච්චතං අසංඛතං දුක්‍ඛ නිරොධ සස්සතං මග්ගං අදෙසයී යතො විජානියං

රන්වන් සිරුරක් ඇති බුදුන් වහන්සේ ද මා හට දුක දුඃඛ සමුදය, දුක්ඛ නිරෝධය, මාර්ගය ඇතුළත් සිව්සස් දේශනා කළහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කළහැකි මාර්ගය මට පහදා දුන්නේය.

“අප‍්පායුකී කාලකතා තතො චුතා, උපපන‍්නා තිදසගණං යසස‍්සිනී; සක‍්කස‍්සහං අඤ‍්ඤතරා පජාපති, යසුත‍්තරා නාම දිසාසු විස‍්සුතා”ති.

අප්පායුකී කාලකතා තතොචුතා - උප්පන්නා තිදසගණං යසස්සීනී සක්කස්සානං අඤ්ඤතරං පජාපතී - යසුත්තරා නාම දිසාසු විස්සුතා

අල්පායුෂ්ක ඇත්තියක වී කලුරියකොට ඒ භවයෙන් චුත වී තිදස්පුර වැසියන් අතර, සම්පත් ඇතිව ඉපදුනා වූ මම ‘යසුත්තරා’ නමින් දිශාවන්හි ප්‍රසිද්ධ වීමි. ශක්‍රයාගේ එක්තරා ප්‍රජාපතියෙක් වීමි.

තත්‍ථ ඡමාති භූමියං. භුම‍්මත්‍ථෙ හි ඉදං පච‍්චත‍්තවචනං. විත‍්තාති තුට‍්ඨා. යතොති යතො සත්‍ථු සාමුක‍්කංසිකධම‍්මදෙසනතො. විජානිසන‍්ති චත‍්තාරි අරියසච‍්චානි පටිවිජ‍්ඣිං.

එහි ඡමා භූමියේ මෙය භූමිය යන අර්ථයෙහි ප්‍රථමා විභක්ති වචනයකි. චිත්තා සතුට. යතො ශාස්තෲන් වහන්සේගේ යම්බඳු වූ සාමුක්කංසික ධර්ම දේශනාවකින්, විජානියං චතුරාර්ය සත්‍යය අවබෝධ කළෙමි.

අප‍්පායුකීති “ඊදිසං නාම උළාරං පුඤ‍්ඤං කත්‍වා න තයා එතස‍්මිං දුක‍්ඛබහුලෙ මනුස‍්සත‍්තභාවෙ එවං ඨාතබ‍්බ”න‍්ති සඤ‍්ජාතාභිසන්‍ධිනා විය පරික‍්ඛයං ගතෙන කම‍්මුනා අප‍්පායුකා සමානා. අඤ‍්ඤතරා පජාපතීති සොළසසහස‍්සානං මහෙසීනං අඤ‍්ඤතරා. දිසාසු විස‍්සුතාති ද‍්වීසු දෙවලොකෙසු සබ‍්බදිසාසු පාකටා පඤ‍්ඤාතා. සෙසං වුත‍්තනයමෙව.

අප්පායුකී මෙබඳු වූ උතුම් වූ පින්කමක් තිබූ ඇය දුක් බහුල වූ මේ මනුෂ්‍යාත්ම භාවයෙහි මෙසේ නො තැබිය යුතුයයි යනුවෙන් හටගත් අදහස් ගැළපීමක් මෙන් හීන වී ගියා වූ කර්මයකින් අල්පායුෂ්ක වූවා වැනි අඤ්ඤතරා පජාපතී සොළොස් දහසක් වූ බිසෝවරුන් අතුරෙන් එක්තරා තැනැත්තියක්, දිසාසු විස්සුතා දෙදෙව්ලොව සියලු දිසාවන්හි ප්‍රකට වූ හඳුනාගනු ලැබුවා වූ, තැනැත්තියක්. සෙස්ස පෙර කියන ලද පරිදිම වේ.

නාගවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

නාග විමාන වර්ණනාව නිමියේ ය.

4. අලොමා විමානවණ‍්ණනා

4. අලොමාවිමාන වර්ණනා

අභික‍්කන‍්තෙන වණ‍්ණෙනාති අලොමවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ විහරන‍්තො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය බාරාණසිං පිණ‍්ඩාය පාවිසි . තත්‍ථෙකා අලොමා නාම දුග‍්ගතිත්‍ථී භගවන‍්තං දිස‍්වා පසන‍්නචිත‍්තා අඤ‍්ඤං දාතබ‍්බං අපස‍්සන‍්තී “ඊදිසම‍්පි භගවතො දින‍්නං මය‍්හං මහප‍්ඵලං භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා පරිභින‍්නවණ‍්ණං අලොණං සුක‍්ඛකුම‍්මාසං උපනෙසි, භගවා පටිග‍්ගහෙසි. සා තං දානං ආරම‍්මණං කත්‍වා සොමනස‍්සං පවෙදෙසි, සා අපරභාගෙ කාලං කත්‍වා තාවතිංසෙසු නිබ‍්බත‍්ති. තං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො –

අභික්කන්තෙන වණ්ණෙන යනු අලෝමා විමාන වස්තු කථාවයි. එහි උපත කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයේ මුවන්ට අභය දානය දුන් තැන වැඩ වසද්දී එක් දවසක් උදය කාලයේ හැඳ පොරවා බරණැස් නුවරට පිඬු පිණිස වැඩමවූහ. එහිදී අලෝමා නම් වූ එක් දුප්පත් ස්ත්‍රියක් භාග්‍යවතුන් දැක පැහැදුණු සිතින් යුතුව පිදිය යුතු කිසිවක් නොතිබුණු බැවින් ඉතා සුළු දෙයක් වුවත් භාග්‍යවතුන් වහන්සේට පූජා කළත් මහත්ඵල මහානිසංස වන බව අදහා දුර්වර්ණ වූ ලුණු නැති කොමු පිඬු පිළිගැන්වූවාය. භාග්‍යවතුන් වහන්සේ ද පිළිගත්හ. ඕ තොමෝ ඒ දානය අරමුණු කොට සොම්නස උපදවා මද කලක් ආයු විඳ පරලොව සැපත්ව තව්තිසා දෙව්ලොව උපන්නීය. මහ මුගලන් තෙරුන් දෙව්ලොව චාරිකා කරද්දී මෙම දෙවඟන හමු වී මෙසේ විමසීය.

“අභික‍්කන‍්තෙන වණ‍්ණෙන…පෙ… වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති. –

දසදිග ආලෝක කරන බැබළෙන ශරීර වර්ණයෙන් යුතුව ඕසධී තාරකාව මෙන් දසදිග ඒකාලෝක කරමින් මෙබඳු දිව ඉසුරක් ලැබීමට ඔබ විසින් කිනම් කුසල කර්මයක් කරන ලද්දේ ද?

පුච‍්ඡි. සාපි තස‍්ස බ්‍යාකාසි, තං දස‍්සෙතුං – “සා දෙවතා අත‍්තමනා…පෙ… යස‍්ස කම‍්මස‍්සිදං ඵල”න‍්ති. – වුත‍්තං;

ඕ තොමෝ එය දැක්වීමට ඕ දේවතා තොමෝ තමන් විසින් මිනිසත්බවේ දී කරන ලද මේ කුශල කර්මය කීවාය.

“අහඤ‍්ච බාරාණසියං, බුද‍්ධස‍්සාදිච‍්චබන්‍ධුනො; අදාසිං සුක‍්ඛකුම‍්මාසං, පසන‍්නා සෙහි පාණිභි.

මම බරණැස් නුවර ඉපිද සිටියදී සූර්යවංශෝද්භූත සම්මා සම්බුදුන් වහන්සේට, ප්‍රසන්න වූ සිතින් යුතුව මගේම දෑත්වලින් කටුක වූ කොමුපිඬු පිළිගැන්වීමි.

“සුක‍්ඛාය අලොණිකාය ච, පස‍්ස ඵලං කුම‍්මාසපිණ‍්ඩියා; අලොමං සුඛිතං දිස‍්වා, කො පුඤ‍්ඤං න කරිස‍්සති.

නීරස වූ ලුණු රහිත කොමු පිඬු නිර්ලෝභ සිතින් පිදූ පිණින් මේසා සුගති විපාක ලද බව දැක දැකත් කවුරුනම් පින්කම් නොකර සිටින්නේද?

“තෙන මෙතාදිසො වණ‍්ණො…පෙ… වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති.

ඒ කරන ලද කුසල කර්මයේ විපාක වශයෙන් මෙබඳු වූ බැබළෙන සකල දිගුන් ආලෝකමත් කරන වර්ණයක් ද සම්පත් ද ලැබුයෙමි.

තත්‍ථ අලොමං සුඛිතං දිස‍්වාති අලොමම‍්පි නාම සුක‍්ඛකුම‍්මාසමත‍්තං දත්‍වා එවං දිබ‍්බසුඛෙන සුඛිතං දිස‍්වා. කො පුඤ‍්ඤං න කරිස‍්සතීති කො නාම අත‍්තනො හිතසුඛං ඉච‍්ඡන‍්තො පුඤ‍්ඤං න කරිස‍්සතීති. සෙසං වුත‍්තනයමෙව.

එහි අලොමං සුචිතං දිස්වා අලෝම නම් නීරස වූ කොමු පිඬු පමණක් දී ඒ මෙවැනි දිව්‍ය සුව සැපත් දැක කො පුඤ්ඤං න කරිස්සති තමන්ගේ හිතසුව කැමති වන්නා වූ කවරෙක් නම් පින් නොකර සිටින්නෝද ඉතිරි විස්තර පෙර කී නයින් දතයුතු.

අලොමවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

අලෝමා විමාන වර්ණනාව නිමියේ ය.

5. කඤ‍්ජිකදායිකා විමානවණ‍්ණනා

5. කඤ්ජිකදායිකා විමාන වර්ණනා

අභික‍්කන‍්තෙන වණ‍්ණෙනාති කඤ‍්ජිකදායිකාවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා අන්‍ධකවින්‍දෙ විහරති. තෙන ච සමයෙන භගවතො කුච‍්ඡියං වාතරොගො උප‍්පජ‍්ජි. භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි “ගච‍්ඡ ත්‍වං ආනන්‍ද, පිණ‍්ඩාය චරිත්‍වා මය‍්හං භෙසජ‍්ජත්‍ථං කඤ‍්ජිකං ආහරා”ති. “එවං භන‍්තෙ”ති ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො පටිස‍්සුණිත්‍වා මහාරාජදත‍්තියං පත‍්තං ගහෙත්‍වා අත‍්තනො උපට‍්ඨාකවෙජ‍්ජස‍්ස නිවෙසනද‍්වාරෙ අට‍්ඨාසි. තං දිස‍්වා වෙජ‍්ජස‍්ස භරියා පච‍්චුග‍්ගන‍්ත්‍වා වන්‍දිත්‍වා පත‍්තං ගහෙත්‍වා ථෙරං පුච‍්ඡි “කීදිසෙන වො, භන‍්තෙ, භෙසජ‍්ජෙන අත්‍ථො”ති. සා කිර බුද‍්ධිසම‍්පන‍්නා “භෙසජ‍්ජෙන පයොජනෙ සති ථෙරො ඉධාගච‍්ඡති, න භික‍්ඛත්‍ථ”න‍්ති සල‍්ලක‍්ඛෙසි. “කඤ‍්ජිකෙනා”ති ච වුත‍්තෙ “න යිදං භෙසජ‍්ජං මය‍්හං අය්‍යස‍්ස, තථා හෙස භගවතො පත‍්තො, හන්‍දාහං ලොකනාථස‍්ස අනුච‍්ඡවිකං කඤ‍්ජිකං සම‍්පාදෙමී”ති සොමනස‍්සජාතා සඤ‍්ජාතබහුමානා බදරයූසෙන යාගුං සම‍්පාදෙත්‍වා පත‍්තං පූරෙත්‍වා තස‍්ස පරිවාරභාවෙන අඤ‍්ඤඤ‍්ච භොජනං පටියාදෙත්‍වා පෙසෙසි. තං පරිභුත‍්තමත‍්තස‍්සෙව භගවතො සො ආබාධො වූපසමි. සා අපරෙන සමයෙන කාලං කත්‍වා තාවතිංසෙසු උප‍්පජ‍්ජිත්‍වා මහතිං දිබ‍්බසම‍්පත‍්තිං අනුභවන‍්තී මොදති. අථායස‍්මා මහාමොග‍්ගල‍්ලානො දෙවචාරිකං චරන‍්තො තං අච‍්ඡරාසහස‍්සපරිවාරෙන විචරන‍්තිං දිස‍්වා තාය කතකම‍්මං ඉමාහි ගාථාහි පුච‍්ඡි –

අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් කඤ්ජික දායිකා විමාන වස්තුව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ අන්‍ධක වනයේ වාසය කරන සේක. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේගේ කුසෙහි වාත රෝගයක් හටගත්තේය. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමියන් ඇමතීය. ආනන්දය, ඔබ යන්න. ගොස් පිඬු පිණිස හැසිර මට බෙහෙත් කැඳක් ගෙන එන්න යි වදාළහ. එසේය භාග්‍යවතුන් වහන්සැයි ආනන්ද හිමියන් පිළිතුරු දී මහරජු විසින් දෙන ලද පාත්‍රය ගෙන තමාගේ උපස්ථායක වෛද්‍යවරයාගේ නිවස ඉදිරිපිට සිටියේය. වෙදැදුරුතුමාගේ බිරිඳ ආනන්ද හිමියන් දුටුවාය. එසේ දැක ගොස් පාත්‍රය ගෙන ස්වාමීනි, ඔබවහන්සේට කෙබඳු ඖෂධයකින් ප්‍රයෝජන වන්නේදැයි විචාළාය. බුද්ධිසම්පන්න වූ ඇය බෙහෙතින් ඇති ප්‍රයෝජන වන්නේදැයි විචාළාය. බුද්ධිසම්පන්න වූ ඇය බෙහෙතින් ප්‍රයෝජන ඇති කල්හිම මෙහි පැමිණියේ වන. පිණ්ඩපාතය පිණිස නොවේයයි සලකා, කැඳකින් ප්‍රයෝජන ඇතැයි ආනන්ද හිමියන් කී කල්හි ‘මේ බෙහෙත මාගේ මෙම ආර්යයන් වහන්සේට විය නොහැක. එසේමය. මේ පාත්‍රය භාග්‍යවතුන් වහන්සේගේය. මා ලෝකනාථයන් වහන්සේට සුදුසු කැඳක් සපයා දෙන්නේ නම් සුදුසු යයි සොම්නස් සහිත වී බුහුමන් උපදවා, ඩෙබර (මසං) යුෂයෙන් කැඳ සකස්කොට පාත්‍රය පුරවා එයට පරිවාර වශයෙන් වෙනත් ආහාර වර්ග ද පිළියෙල කොට යැව්වාය. එය පානය කළවිට භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය සන්සිඳුනේය. ඕ තොමෝ පසුකලෙක කළුරියකොට තව්තිසාවෙහි ඉපිද මහත් වූ දිව්‍ය සම්පත්තීන් අනුභව කරති. සතුටු වෙති. ඉක්බිති මහ මුගලන් තෙරිඳු දිව්‍ය ලෝකවල චාරිකා කරන්නේ අප්සරාවන් දහසක් පිරිවරාගෙන හැසිරෙන්නා වූ ඇය දැක ඇය විසින් කරන ලද කර්මය විමසීය.

“අභික‍්කන‍්තෙන වණ‍්ණෙන …පෙ… වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති. –

සියලු දිසාවන් බබුලුවමින් දහසක් පිරිවර සමග මනස්කාන්ත ශරීරයක් ඇතිව විවිධ වර්ණයෙන් යුත් අබරණවලින් සැරසී හැසිරෙන්නා වූ තී කවරෙක්ද, මේසා සම්පත් ලැබීම සඳහා මිනිස්ලොවදී තී විසින් කරන ලද කුසල කර්මය කවරේද?

සාපි බ්‍යාකාසි.

ඕ තොමෝ පිළිතුරු දෙමින් මෙසේ පැවසුවාය.

“සා දෙවතා අත‍්තමනා…පෙ… යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

“අහං අන්‍ධකවින්‍දම‍්හි, බුද‍්ධස‍්සාදිච‍්චබන්‍ධුනො; අදාසිං කොලසම‍්පාකං, කඤ‍්ජිකං තෙලධූපිතං.

අහං අන්‍ධක වින්‍දසමිං - බුද්ධස්සාදිච්ච බන්‍ධුනො අදාසිං කොල සම්පාකං - කඤ්ජිකං තෙලධූපිතං

මම අන්‍ධක වින්‍ධයෙහි විසූ සූර්ය බන්‍ධු වූ බුදුන් වහන්සේට තෙල් දැමූ ඩෙබර යුෂ කැඳක් පිදූවෙමි.

“පිප‍්ඵල්‍යා ලසුණෙන ච, මිස‍්සං ලාමඤ‍්ජකෙන ච; අදාසිං උජුභූතස‍්මිං, විප‍්පසන‍්නෙන චෙතසා.

පිප්ඵල්‍යා ලසුණෙන ච මිස්සං ලාමඤ්ජකෙන ච අදාසි උජු භූතස්මිං - විප්පසන්නෙන චෙතසා

ඍජු ගති පැවතුම් ඇති බුදුන්වහන්සේ විෂයෙහි ඉතා ප්‍රසන්න සිතින් යුතුව තිප්පිලි - සුදුලූණු - කරාබුනැටි යන මේවායින් තැනු මිශ්‍රණයක් සිදුවෙමි.

“යා මහෙසිත‍්තං කාරෙය්‍ය, චක‍්කවත‍්තිස‍්ස රාජිනො; නාරී සබ‍්බඞ‍්ගකල්‍යාණී, භත‍්තු චානොමදස‍්සිකා; එකස‍්ස කඤ‍්ජිකදානස‍්ස, කලං නාග‍්ඝති සොළසිං.

යාමහෙසි තත්තං කාරෙය්‍ය - චක්කවත්තිස්ස රාජිනො නාරි සබ්බංග කල්‍යාණි - භත්තුච්චානොම දස්සිකා එතස්ස කඤ්ජික දානස්ස - කලං නාගඝති සොළසිං

සර්වාංගයෙන් සුන්දර වූ උසස් පෙනුමක් ඇත්තා වූ යම්කිසි තැනැත්තියක් සක්විති රජුගේ මෙහෙසිය බවට පත්වන්නේද, එය මේ කැඳ දානයේ පිනෙන් සොළසකින් එක පංගුවක් පමණ හෝ අගය නොවන්නේය.

“සතං නික‍්ඛා සතං අස‍්සා, සතං අස‍්සතරීරථා; සතං කඤ‍්ඤාසහස‍්සානි, ආමුත‍්තමණිකුණ‍්ඩලා; එකස‍්ස කඤ‍්ජිකදානස‍්ස, කලං නාග‍්ඝන‍්ති සොළසිං.

සතං නික්‍ඛා සතං අස්සා - සතං අස්සතරී රථා සතං කඤ්ඤා සහස්සානි - ආමුත්ත මණි කුණ්ඩලා එතස්ස කඤ්ජික දානස්ස - කලං නාගඝති සොලසිං

නික්‍ඛ නම් වූ ලොකු රන් කාසි සියයක් ද, අශ්වයන් සියයක් ද, අශ්වතරයින් යෙදූ රථ සියයක් ද, මාණික්‍යමය කුණ්ඩලාභරණ පැළඳගත් කන්‍යාවන් සියක් දහසක්ද යන මේ සියල්ල මේ කැඳ දානමය පින්කමෙන් දහසයෙන් එක් කොටසක් පමණවත් නොවටී.

“සතං හෙමවතා නාගා, ඊසාදන‍්තා උරූළ‍්හවා; සුවණ‍්ණකච‍්ඡා මාතඞ‍්ගා, හෙමකප‍්පනවාසසා, එකස‍්ස කඤ‍්ජිකදානස‍්ස, කලං නාග‍්ඝන‍්ති සොළසිං.

සතං හෙමවතා නාගා - ඊසා දන්තා උරූළහවං සුවණ්ණ කච්ඡා මාතංගා - හෙමකප්පන වාසසා එතස්ස කඤ්ජික දානස්ස - කලං නාගඝති සොළසිං

නගුලිස් වැනි විශාල දත් ඇති, රන් ඇතිරිලි පෙර වූ, රන් පළඳනා පැළඳ වූ හේමවත කුලයේ ඇතුන් සියයක්ද, රන් ඇතිරිලි පෙර වූ රන් පළඳනා පැළඳ වූ අසුන් සියයක් ද, මේ කැඳ දානයේ පිනෙන් දහසයෙන් එක් පංගුවක් තරම්වත් නොවටී. අංගය නැත්තේය.

“චතුන‍්නමපි දීපානං, ඉස‍්සරං යොධ කාරයෙ; එකස‍්ස කඤ‍්ජිකදානස‍්ස, කලං නාග‍්ඝති සොළසි”න‍්ති.

චතුන්නම්පිච දීපානං - ඉස්සරං යොධ කාරයෙ එතස්ස කඤ්ජික දානස්ස කලං නාගඝති සොළසිං

සතරමහ දිවයින් අධිපති බව සඳහා යුද්ධ කරන්නේද, ඒ යුද්ධයෙන් ලබන සතරමහ දිවයින් මේ කැඳ දානයේ අගයෙන් දහසයෙන් එකක් පමණවත් නො අගනේය.

තත්‍ථ අදාසිං කොලසම‍්පාපකං, කඤ‍්ජිකං තෙලධූපිතන‍්ති බදරමොදකකසාවෙ චතුගුණොදකසමොදිතෙ පාකෙන චතුත්‍ථභාගාවසිට‍්ඨං යාගුං පචිත්‍වා තං තිකටුකඅජමොදහිඞ‍්ගුජීරකලසුණාදීහි කටුකභණ‍්ඩෙහි අභිසඞ‍්ඛරිත්‍වා සුධූපිතං කත්‍වා ලාමඤ‍්ජගන්‍ධං ගාහාපෙත්‍වා පසන‍්නචිත‍්තෙන භගවතො පත‍්තෙ ආකිරිත්‍වා සත්‍ථාරං උද‍්දිසිත්‍වා අදාසිං, ථෙරස‍්ස හත්‍ථෙ පතිට‍්ඨපෙසින‍්ති දස‍්සෙති. තෙනාහ –

එහි අදාසිං කොල සම්පාකං කඤ්ජිකං තෙල ධූපිතං ඩෙබර (මසං) යුෂ ද්‍රාවණයට එමෙන් සිවු ගුණයක් ජලය දමා කලවම් කොට එය සතරෙන් එක් කොටසක් වන සේ පිස එයට (ඉගුරු-ගම්මිරිස්-තිප්පිලි) තිකුළු ද අසමෝදගම් පෙරුම්කායම් - සුදුලූණු ආදිය දමා පිළියෙල කොට වාෂ්පයෙන් පැසවා කරාබුනැටි තෙලින් සුවඳ ගන්වා ප්‍රසන්න සිතින් යුතුව භාග්‍යවතුන් වහන්සේ පාත්‍රයෙහි බහා ශාස්තෲන් වහන්සේ සඳහා පිදුයෙමි. තෙරුන් වහන්සේගේ අතෙහි තැබුවේ යයි මෙසෙයින් කීහ.

“පිප‍්ඵල්‍යා ලසුණෙන ච, මිස‍්සං ලාමඤ‍්ජකෙන ච; අදාසිං උජුභූතස‍්මිං, විප‍්පසන‍්නෙන චෙතසා”ති.

පිප්ඵල්‍යා ලඝුණෙන ච මස්සං - ලාමඤ්ජකෙනච අදාසිං උජුභූතස්මිං - විප්පසන්නෙන චෙතසා

සෘජු ගති පැවතුම් ඇති බුදුන්වහන්සේ විෂයෙහි ඉතා ප්‍රසන්න සිතින් යුතුව තිප්පිලි සුදුලූණු කරාබුනැටි යන මේවායින් තැනූ මිශ්‍රණයක් පිදුවෙමි.

සෙසං වුත‍්තනයමෙව.

සෙස්ස පෙර කියන ලද පරිදිම වේ.

එවං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තාය දෙවතාය අත‍්තනා සමුපචිතසුචරිතකම‍්මෙ ආවිකතෙ සපරිවාරාය තස‍්සා ධම‍්මං දෙසෙත්‍වා මනුස‍්සලොකං ආගන‍්ත්‍වා තං පවත‍්තිං භගවතො ආරොචෙසි. භගවා තමත්‍ථං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා චතුපරිසමජ‍්ඣෙ ධම‍්මං දෙසෙසි. සා දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා අහොසීති.

මෙසේ ඒ දේවතාවිය විසින් රැස්කරන ලද පුණ්‍ය කර්මයන් පැහැදිලි කළ කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ පිරිවර සහිත වූ ඇයට දහම් දෙසා මිනිස්ලොවට පැමිණ ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොටගෙන පැමිණ සිටි පිරිසට දහම් දෙසූහ. ධර්ම දේශනාව මහජනතාවට ඉතා ප්‍රයෝජනවත් විය.

කඤ‍්ජිකදායිකාවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

කඤ්ජිකදායිකා විමාන වර්ණනාව නිමියේ ය.