කඤ්ජිකදායිකා විමානං
4. 5.
4. 5.
720. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා
720. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
721. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසොපියා
721. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළවෙත් ද?
722. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති
722. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි, කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
723. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
723. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
724. අහං අන්ධකවින්දස්මිං බුද්ධස්සාදිච්චබන්ධුනො, අදාසිං කොලසම්පාකං කඤ්ජිකං තෙලධූපිතං
724. මම අන්ධකවින්ද රටදී සූර්ය්යබන්ධු වූ බුදුරජුන්ට තෙලින් දුහුන් කරනලද කෝලසම්පාක නම් බෙහෙත් කැඳක් දුනිමි.
725. පිප්ඵල්යා ලසුනෙන ච මිස්සං ලාමඤ්ජකෙන ච, අදාසිං උජුභූතස්මිං විප්පසන්නෙන චෙතසා
725. තිප්පිලි සුදුලූනු සුවඳ හොටින් මිශ්‍ර වූ බෙහෙත් කැඳක් ඍජු වූ බුදුරජුන් වෙත වෙසෙසින් පහන් සිතින් දුනිමි.
726. යා මහෙසිත්තං කාරෙය්ය චක්කවත්තිස්ස රාජිනො නාරී සබ්බඞ්ගකල්යාණී භත්තුචානොමදස්සිකා එතස්ස කඤ්ජිකදානස්ස කලං නාග්ඝති සොළසිං
726. සියලු අඟපසඟින් හොබනා වූ සැමියාහට නො ලමු දැකුම් ඇති යම් ස්ත්‍රියක් තොමෝ සක්විති රජකුට අගමෙහෙසි බව කරන්නී ද? එය මේ හඹුදනෙහි සොළොස්වන කලාවෙන් කලාවටත් නො අගී.
727. සතං නික්ඛා සතං අස්සා සතං අස්සතරී රථා සතං කඤ්ඤාසහස්සානි ආමුත්තමණිකුණ්ඩලා එතස්ස කඤ්ජිකදානස්ස කලං නාග්ඝන්ති සොළසිං
727. සියක් දහසක් රන්නික ද සියක් දහසක් අස්සු ද සියක් දහසක් අස් වෙළෙඹුන් යෙදූ රිය ද පැළැඳි මිණි කොඬොල් ඇති සියක් දහසක් කන්‍යාවෝ ද මේ කැඳ දුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
728. සතං හෙමවතා නාගා ඊසා දන්තා උරූළ්හවා සුවණ්ණකච්ඡා මාතඞ්ගා හෙමකප්පන වාසසා එතස්ස කඤ්ජිකදානස්ස කලං නාග්ඝන්ති සොළසිං
728. ශ්‍රේෂ්ඨ වූ රියහිස් වැනි දළ ඇති ථාමජව පරාක්‍රමයෙන් වැඩෙන රුවන් මුවා ගෙල බරණින් සැරසූ රන්එබූ ඇත් අබරණින් හොබනා සියයක් හේමවත ඇත්හු මේ කැඳදුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
729. චතුන්නම්පි දීපානං ඉස්සරං යොධ කාරයෙ, එතස්ස කඤ්ජිකදානස්ස කලං නාග්ඝති සොළසි’න්ති.
729. මෙලොව යමෙක් සිවුමහදිවයිනට අධිපති සක්විතිරජබව කෙරේද, එය මේ කැඳ දුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගී.