යෙදුමෙන් කියවන්න

විහාරවිමානං

4. 6.

4. 6.

730. අභික‍්කන‍්තෙන වණ‍්ණෙන යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ, ඔභාසෙන‍්තී දිසා සබ‍්බා ඔසධී විය තාරකා

730. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දස දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.

731. තස‍්සා තෙ නච‍්චමානාය අඞ‍්ගමඞ‍්ගෙහි සබ‍්බසො, දිබ‍්බා සද‍්දා නිච‍්ඡරන‍්ති සවණීයා මනොරමා

731. නටන්නා වූ ඒ තිගේ අඟපසඟින් කන්කලු වූ මනරම් දිව්‍ය ශබ්දයෝ සර්‍වප්‍රකාරයෙන් නික්මෙති.

732. තස‍්ස තෙ නච‍්චමානාය අඞ‍්ගමඞ‍්ගෙහි සබ‍්බසො, දිබ‍්බා ගන්‍ධා පවායන‍්ති සුචිගන්‍ධා මනොරමා

732. නටන්නා වූ ඒ තිගේ අඟ පසඟින් පිරිසිදු සුවඳැති මනරම් වූ දිවසුවඳ සර්‍වප්‍රකාරයෙන් හමයි.

733. විවත‍්තමානා කායෙන යා වෙණීසු පිළන්‍ධනා, තෙසං සූයති නිග‍්ඝොසො තුරියෙ පඤ‍්චඞ‍්ගිකෙ යථා

733. තීගේ ශරීරය සැලෙන කල්හි කෙස් වේණියෙහි යම් පළඳනාවෝ වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරනද සේ ඇසේ.

734. වටංසකා වාතධූතා වාතෙන සම‍්පකම‍්පිතා, තෙසං සූයති නිග‍්ඝොසො තුරියෙ පඤ‍්චඞ‍්ගිකෙ යථා

734. මඳ සුළඟින් සැලෙන සුළඟින් වෙසෙසින් සැලෙන මුදුන් මල්කඩහු වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරුනද සේ ඇසේ.

735. යාපි තෙ සිරස‍්මිං මාලා සුචිගන්‍ධා මනොරමා, වාති ගන්‍ධො දිසා සබ‍්බා රුක‍්ඛො මඤ‍්ජුසකො යථා

735. තිගේ හිසෙහි පිවිතුරු සුවඳැති මනරම් වූ යම් මල්දමෙක් වේද, එහි සුවඳ (සුපිපි) මඤ්ජුසක වෘක්‍ෂය සේ සියලු දිගුන් පැතිරැ හමයි.

736. ඝායසෙ තං සුචිං ගන්‍ධං රූපං පස‍්සසි අමානුසං, දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ කිස‍්ස කම‍්මස‍්සිදං ඵල’න‍්ති

736. ඒ පිවිතුරු සුවඳ අඝ්‍රාණය කෙරෙහි, ඒ දිව්‍යමය වූ රූපය දකිහි. (එම්බා) දෙව්දුව, මා විසින් විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැයි කියව.

737. සාවත්‍ථියං මය‍්හං සඛී භදන‍්තෙ සඞ‍්ඝස‍්ස කාරෙසි මහාවිහාරං තත්‍ථප‍්පසන‍්නා අහමනුමොදිං දිස‍්වා අගාරඤ‍්ච පියඤ‍්ච මෙතං

737. වහන්ස, මාගේ යෙහෙළි (වූ විසාඛා) තොමෝ සැවැත්නුවරැ සඞ්ඝයා උදෙසා මහවෙහෙරක් කරවූ ය. එහි පහන් වූ මම ඒ මහත් වූ ප්‍රාසාදය ද මට ප්‍රිය වූ බුද්ධප්‍රමුඛ සඞ්ඝයා උදෙසා කළ එබඳු මාහාධනපරිත්‍යාගය ද දැක පින් අනුමෝදන් වීමි.

738. තායෙව මෙ සුද‍්ධනුමොදනාය ලද‍්ධං විමානං අබ‍්භුතං දස‍්සනෙය්‍යං සමන‍්තතො සොළස යොජනානි වෙහාසයං ගච‍්ඡති ඉද‍්ධියා මම

738. ඒ මාගේ පිරිසිදු අනුමෝදනායෙන් දැකුම්කලු අසිරිමත් මේ විමන ලබන ලදී. මාගේ පුණ්‍යර්ධියෙන් (ඒ විමන) අහසෙහි හාත්පස සොළොස් යොදුන් තැන් පැතිරැ පවතී.

739. කූටාගාරා නිවෙසා මෙ විභත‍්තා භාගසො මිතා, දද‍්දල‍්ලමානා ආභන‍්ති සමන‍්තා සතයොජනං

739. කොටස් විසින් බෙදූ ප්‍රමාණවත් කරන ලද කුළුගෙවල් ඇති බබළන මාගේ නිවෙස්හු හාත්පස සියක් යොදුන් තැන් බබළත්.

740. පොක‍්ඛරඤ‍්ඤො ච මෙ එත්‍ථ පුථුලොමනිසෙවිතා, අච‍්ඡොදිකා විප‍්පසන‍්නා සොණ‍්ණවාලුකසන්‍ථතා

740. මෙහි මට දිවමසුන් විසින් සෙවුනා නො කැලඹුණු පිරිසිදු දිය ඇති රන්වන් වැලි ඇතුරූ පොකුණු ද වෙති.

741. නානාපදුමසඤ‍්ඡන‍්නා පුණ‍්ඩරීකසමොතතා, සුරභී සම‍්පවායන‍්තී මනුඤ‍්ඤා මාළුතෙරිතා

741. නොයෙක් පියුමෙන් වැසුණු හෙල පියුමෙන් හාත්පස පැතුරුණු මනරම් වූ පවනින් කම්පිත වූ පිරිසිදු සුවඳ හමයි.

742. ජම‍්බුයො පනසා තාලා නාළිකෙරවනානි ච, අන‍්තො නිවෙසනෙ ජාතා නානා රුක‍්ඛා අරොපිමා

742. දඹ කොස් තල් පොල් වනයෝ ද රෝපණය නොකළාවූ ම නොයෙක් වෘක්‍ෂයෝ ද නිවෙස් තුළ හටගත්තාහ.

743. නානා තුරියසඞ‍්ඝුට‍්ඨං අච‍්ඡරාගණඝොසිතං, යො’පි මං සුපිනෙ පස‍්සෙ සො’පි චිත‍්තො සියා නරො

743. තන්තුරු රැවින් හඬ නැගුණු දෙවඟනන් විසින් ඝෝෂිත වූ මා යමෙක් සිහිනෙන් දකින්නේ ද, ඒ මිනිස් තෙමේ ද ප්‍රීත වන්නේය.

744. එතාදිසං අබ‍්භුතං දස‍්සනීයං විමානං සබ‍්බතො පභං, මම කම‍්මෙහි නිබ‍්බත‍්තං අලං පුඤ‍්ඤානි කාතවෙති

744. මෙබඳු අසිරිමත් දැකුම්කලු වූ සියලු ලෙසින් පැහැපත් වූ විමානය මාගේ කුශලකර්‍මයෙන් උපන්නේ ය. එහෙයින් පින් කිරීම සුදුසු ය.

745. තායෙව තෙ සුද‍්ධනුමොදනාය ලද‍්ධං විමානං අබ‍්භුතං දස‍්සනීයං යා චෙව සා දානමදාසි නාරී තස‍්සා ගතිං බ්‍රූහි කුහිං උපපන‍්නා සා ති

745. තිගේ ඒ පිරිසිදු අනුමෝදනාවෙන් ලත් විමන අසිරිමත් ය. දැකුම්කලු ය. යම් ඒ ස්ත්‍රියක් තොමෝ දැන් දුන්නී ද, ඕ තොමෝ කොහි උපන්නී දැයි ඇගේ ගතිය කියව.

746. යා සා අහු මය‍්හං සඛී භදන‍්තෙ සඞ‍්ඝස‍්ස කාරෙසි මහාවිහාරං විඤ‍්ඤාතධම‍්මා සා අදාසි දානං උප‍්පන‍්නා නිම‍්මාණරතීසු දෙවෙසු

746. වහන්ස, ඒ මාගේ යම් යෙහෙළියක් තොමෝ සඞ්ඝයා උදෙසා මහවෙහෙරක් කරවූ ද, පිළිවිදි සිව්සස් දහම් ඇත්තී දැන් දුන්නී ද, ඕ තොමෝ නිර්‍මාණරතී නම් දෙවියන් අතර උපන්නී ය.

747. පජාපතී තස‍්ස සුනිම‍්මිතස‍්ස අචින‍්තියො කම‍්මවිපාකො තස‍්සා යමෙතං පුච‍්ඡසි කුහිං උපපන‍්නා සා’ති තං තෙ වියාකාසිං අනඤ‍්ඤථා අහං

747. (ඕතොමෝ) ඒ සුනිම්මිත දෙවිඳුන්ගේ බිරිඳ වූවා ය. ඇයගේ කර්‍මවිපාකය නො සිතිය හැකි ය. ඕතොමෝ කොහි උපන්නී දැ යි මේ යමක් විචාරහි ද, එය තොපට මම ඇති සැටියෙන් පැවැසීමි.

748. තෙනහි අඤ‍්ඤෙපි සමාදපෙථ සඞ‍්ඝස‍්ස දානානි දදාථ විත‍්තා ධම‍්මඤ‍්ච සුණාථ පසන‍්න මානසා සුදුල‍්ලභො ලද‍්ධො මනුස‍්සලාභො

748. ඒ කරුණෙන් සෙස්සන් ද කුසල් දහම්හි සමාදන් කරවු: සතුටු වූවාහු සඞ්ඝයා දන්දෙවු. පැහැදුණු සිතැත්තෝ දහම් ද අසවු. අතිශයින් දුර්‍ලභ වූ මනුෂ්‍යත්‍වය ලද්දේ (ද එහෙයිනි).

749. යං මග‍්ගං මග‍්ගාධිපන‍්ත්‍යදෙසයී බ්‍රහ‍්මස‍්සරො කඤ‍්චන සන‍්නිභත‍්තවො සඞ‍්ඝස‍්ස දානානි දදාථ විත‍්තා මහප‍්ඵලා යත්‍ථ භවන‍්ති දක‍්ඛිණා

749. බ්‍රහමස්වර ඇති රන්වන්සිවි ඇති බුදුරජාණන් වහන්සේ යම් සුගතිගාමී මාර්‍ගයක් ශ්‍රේෂ්ඨ යයි වදාළසේක් ද, යමකු විෂයෙහි දක්‍ෂිණා තොමෝ මහත්ඵල වන්නී ද (තෙපි) සතුටු වූවාහු ඒ සඟනට දන් දෙවු.

750. යෙ පුග‍්ගලා අට‍්ඨ සතං පසත්‍ථා චත‍්තාරි එතානි යුගානි හොන‍්ති තෙ දක‍්ඛිණෙය්‍යා සුගතස‍්ස සාවකා එතෙසු දින‍්නානි මහප‍්ඵලානි

750. බුද්ධාදී සත්පුරුෂයන් විසින් පසස්නාලද යම් ආර්‍ය්‍ය පුද්ගලයෝ වෙත් ද, ඔහු අටදෙනෙකි. තෙල යුගයෝ සතර දෙනෙකි. බුදුරදුන්ගේ ශ්‍රාවක වූ ඒ ආර්‍ය්‍ය පුද්ගලයෝ දක්‍ෂිණාවට නිසස්හ. මුන්වහන්සේ කෙරෙහි දෙනලද දානයෝ මහත්ඵල වෙත්.

751. චත‍්තාරො ච පටිපන‍්නා චත‍්තාරො ච ඵලෙ ඨිතා, එස සඞ‍්ඝො උජුභූතො පඤ‍්ඤාසීලසමාහිතො

751. මාර්‍ගස්ථයෝ සිවුදෙනෙක, ඵලස්ථයෝ සිවු දෙනෙක, මේ සඞ්ඝ තෙමේ ඍජු වූයේ යැ. (ආර්‍ය්‍ය වූ) ප්‍රඥාශීලසමාධි ඇත්තේ යැ .

752. යජමානානං මනුස‍්සානං පුඤ‍්ඤපෙක‍්ඛාන පාණිනං, කරොතං ඔපධිකං පුඤ‍්ඤං සඞ‍්ඝෙ දින‍්නං මහප‍්ඵලං

752. යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය පින්පල කැමති ව දැන් දෙන්නා වූ මිනිසුන්ට මහත්ඵල වේ ද,(එබඳු) ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති විපාක දෙන පින් කෙරේවා.

753. එසො හි සඞ‍්ඝො විපුලො මහග‍්ගතො එසප‍්පමෙය්‍යො උදධීව සාගරො එතෙහි සෙට‍්ඨා නරවීරසාවකා පභඞ‍්කරා ධම‍්මමුදීරයන‍්ති

753. මේ සඞ්ඝ තෙමේ ගුණයෙන් මහත්බවට ගියේ ය. (ඵලවිපුලත්‍වයට හේතුභාවයෙන්) විපුල වූයේ ය. මේ සඞ්ඝ තෙමේ උදධි නම් සාගරය සේ ගුණයෙන් පමණ නොකටහැක්කේ ය. ලොවට නැණලු කරන්නා වූ තෙල ශ්‍රේෂ්ඨ වූ නරවීරශ්‍රාවකයෝ ම නිවන්මඟ දක්වාත්.

754. තෙසං සුදින‍්නං සුහුතං සුයිට‍්ඨං යෙ සඞ‍්ඝමුද‍්දිස‍්ස දදන‍්ති දානං සා දක‍්ඛිණා සඞ‍්ඝගතා පතිට‍්ඨිතා පහප‍්ඵලා ලොකවිදූන වණ‍්ණිතා

754. යම් කෙනෙක් සඟුන් උදෙසා දන් දෙත් ද, ඔවුන් විසින් (එය) මැනැවින් දෙනලද ය. ගෙනවුත් පුදනලද ය. මහදන් විසින් යාග කරනලද ය. සඟුන් කෙරෙහි පිහිටියා වූ ඒ සඞ්ඝගත වූ දක්‍ෂිණා තොමෝ මහත්ඵල ඇතැ යි බුදුරජුන් විසින් වර්‍ණනා කරන ලදු.

755. එතාදිසං යඤ‍්ඤමනුස‍්සරන‍්තා යෙ වෙදජාතා විචරන‍්ති ලොකෙ විනෙය්‍ය මච‍්ඡෙරමලං සමූලං අනින්‍දිතා සග‍්ගමුපෙන‍්ති ඨානන‍්ති

755. හටගත් සොම්නස් ඇති යම් කෙනෙක් මුල් සහිත ව මසුරු මල දුරු කොට ලෝකයෙහි හැසිරෙත් ද, ඔහු නින්‍දා නො කරන ලද්දෝ සගලොවට පැමිණෙත්.

විහාරවිමානං.

විහාරවිමාන යි.

භාණවාරං දුතියං.

දෙවන බණවර යි.