6. විහාරවිමානවණ්ණනා අට්ඨකථා
6. විහාරවිමානවණ්ණනා
6. විහාරවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙනාති විහාරවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන විසාඛා මහාඋපාසිකා අඤ්ඤතරස්මිං උස්සවදිවසෙ උය්යානෙ විචරණත්ථං සහායිකාහි පරිජනෙන ච උස්සාහිතා සුන්හාතානුලිත්තා සුභොජනං භුඤ්ජිත්වා මහාලතාපසාධනං පිළන්ධිත්වා පඤ්චමත්තෙහි සහායිකාසතෙහි පරිවාරිතා මහන්තෙන ඉස්සරියෙන මහතා පරිච්ඡෙදෙන ගෙහතො නික්ඛම්ම උය්යානං උද්දිස්ස ගච්ඡන්තී චින්තෙසි “බාලදාරිකාය විය කිං මෙ මොඝකීළිතෙන, හන්දාහං විහාරං ගන්ත්වා භගවන්තං මනොභාවනීයෙ ච අය්යෙ වන්දිස්සාමි, ධම්මඤ්ච සොස්සාමී”ති විහාරං ගන්ත්වා එකමන්තෙ ඨත්වා මහාලතාපිළන්ධනං ඔමුඤ්චිත්වා තං දාසියා හත්ථෙ දත්වා භගවන්තං වන්දිත්වා එකමන්තං නිසීදි. තස්සා භගවා ධම්මං දෙසෙසි.
අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් විහාර විමාන වස්තුව ආරම්භ වේ. මේ එහි උත්පත්ති කථාවයි. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වාසය කරන සේක. ඒ දවස්වල විශාඛා මහා උපාසිකා තොමෝ එක්තරා උත්සව දිනයක උයනෙහි සංචාරය සඳහා සහායිකාවන් හා සේවකයන් විසින් උනන්දු කරන ලදුව මනාව ජලස්නානය කොට, සුවඳ විලවුන් ගල්වා, රජ බොජුන් වළඳා නවකෝටියක් අගනා මේ පළඳනාව පැළඳ පන්සියයක් පමණ සහායිකාවන් විසින් පිරිවරන ලදුව මහා සම්පත්තීන්ගෙන් යුක්තව ගෙයින් නික්ම උයන දෙසට යන්නී මෙසේ සිතුවාය. බාල දැරියන්ට සුදුසු වූ මේ නිෂ්ඵල ක්‍රියාවෙන් මා වැන්නන්ට කවර ඵලයක්ද, මා විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේ මුණගැසී, ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා දැක, උන්වහන්සේලා වඳින්නෙම් දහම් අසන්නෙම්, නම් වඩාත් සුදුසු නොවන්නේද? මෙසේ සිතා විහාරයට ගොස් මහාලතා පළඳනාව ගලවා දාසියකගේ අතට දී භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නීය. භාග්‍යවතුන් වහන්සේ ඇයට දහම් දෙසූහ.
සා ධම්මං සුත්වා භගවන්තං වන්දිත්වා පදක්ඛිණං කත්වා මනොභාවනීයෙ ච භික්ඛූ වන්දිත්වා විහාරතො නික්ඛමිත්වා ථොකං ගන්ත්වා දාසිං ආහ “හන්ද ජෙ ආභරණං පිළන්ධිස්සාමී”ති. සා තං භණ්ඩිකං කත්වා බන්ධිත්වා විහාරෙ ඨපෙත්වා තහං තහං විචරිත්වා ගමනකාලෙ විස්සරිත්වා ගතත්තා “විස්සරිතං මයා, තිට්ඨ අය්යෙ ආහරිස්සාමී”ති නිවත්තිතුකාමා අහොසි. විසාඛා “සචෙ ජෙ විහාරෙ ඨපෙත්වා විස්සරිතං, තස්ස විහාරස්සෙව අත්ථාය තං පරිච්චජිස්සාමී”ති විහාරං ගන්ත්වා භගවන්තං උපසඞ්කමිත්වා වන්දිත්වා අත්තනො අධිප්පායං පවෙදෙන්තී “විහාරං, භන්තෙ, කාරෙස්සාමි, අධිවාසෙතු මෙ භගවා අනුකම්පං උපාදායා”ති ආහ. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
ඕ තොමෝ බණ අසා භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට, මන වඩන භික්ෂූන් ද වැඳ විහාරයෙන් නික්ම මදක් දුර ගොස් ‘දාසිය ආභරණ පළඳින්නෙම්, එම ආභරණ ගෙනෙව’යි කීවාය. ඒ දාසිය එය පොදියක් කොට බැඳ විහාරයෙහි තබා ඒ ඒ තැන්වල ඇවිද ආපසු යන කල්හි එය (මහලිය පළඳනාව) විහාරයේ අමතකව දමා ගිය බැවින්, උත්තමාවියනි, මට එය අමතකව විහාරයේ ආවෙමි. මා දුවගොස් ගෙන එන තෙක් නවතිනු මැනවිය කීවාය. එසේ කියා නවත්වාලනු කැමති වූවාය. විශාඛා තොමෝ දාසියෙනි, එයම විහාරයේ අමතකව ආයේ නම් එය විහාරයේම ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කරන්නෙමියි විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේ හමුවී තම අදහස පැවසුවාය. ස්වාමීනි, මෙය විකුණා විහාරයක් තනවන්නෙම් අනුකම්පා කොට පිළිගනු මැනැවියි ඉල්ලා සිටියාය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක.
සා තං පිළන්ධනං සතසහස්සාධිකනවකොටිඅග්ඝනකං විස්සජ්ජෙත්වා ආයස්මතා මහාමොග්ගල්ලානෙන නවකම්මාධිට්ඨායකෙන සුවිභත්තභිත්තිථම්භතුලාගොපානසිකණ්ණිකද්වාරබාහවාතපාන සොපානාදිගෙහාවයවං මනොහරං සුවිකප්පිතකට්ඨකම්මරමණීයං සුපරිකම්මකතසුධාකම්මං මනුඤ්ඤං සුවිරචිතමාලාකම්මලතාකම්මාදිචිත්තකම්මවිචිත්තං සුපරිනිට්ඨිතමණිකුට්ටිම සදිසභූමිතලං දෙවවිමානසදිසං හෙට්ඨාභූමියං පඤ්ච ගබ්භසතානි, උපරිභූමියං පඤ්ච ගබ්භසතානීති ගබ්භසහස්සපටිමණ්ඩිතං බුද්ධස්ස භගවතො භික්ඛුසඞ්ඝස්ස ච වසනානුච්ඡවිකං මහන්තං පාසාදං තස්ස පරිවාරපාසාදසහස්සඤ්ච තෙසං පරිවාරභාවෙන කුටිමණ්ඩපචඞ්කමනාදීනි ච කාරෙන්තී නවහි මාසෙහි විහාරං නිට්ඨාපෙසි. පරිනිට්ඨිතෙ ච විහාරෙ නවහෙව හිරඤ්ඤකොටීහි විහාරමහං කාරෙන්තී පඤ්චමත්තෙහි සහායිකාසතෙහි සද්ධිං පාසාදං අභිරුහිත්වා තස්ස සම්පත්තිං දිස්වා සොමනස්සජාතා සහායිකා ආහ “ඉමං එවරූපං පාසාදං කාරෙන්තියා යං මයා පුඤ්ඤං පසුතං, තං අනුමොදථ, පත්තිදානං වො දම්මී”ති. “අහො සාධු අහො සාධූ”ති පසන්නචිත්තා සබ්බාපි අනුමොදිංසු.
විශාඛාවෝ ඒ පළඳනාව සඳහා නවකෝටි එක් ලක්ෂයක් වැයකොට මුගලන් තෙරුන් වහන්සේ මගින් කර්මාන්ත පාලකයකු මෙහෙයවා ඔහු ලවා මනාව බෙදන ලද බිත්ති, කණු, දෙපස සමවන සේ යොදා නොනැස් නම් යට ලී, පරාල, යොදා කර්ණිකාව සහිත මුදුනක් ඇතිවැ දොර කවුළු තරප්පු පේළි ආදියෙන් සමන්විතවැ මනහර ලෙස කාමර බෙදා රමණීය වූ දැව කර්මාන්ත මනාව නිමකොට, සුදුහුණු පිරියම්කොට, ශෝභන ලෙස කරන ලතා ලතා කර්ම මාලා කර්මයන්ගෙන් සරසා, සිනිඳු ලෙස මැණික්මය ලෑලි වැනි ප්‍රවර බිමට අල්ලා, දෙව් විමනක් වැනි බිම් මහළෙහි පන්සියයක් කාමර ඇතිව, උඩුමහලේ හිස පන්සියයක් කාමර ඇතිව, කාමර දහසකින් යුත් ආවාසයක් කරවා භාග්‍යවතුන් වහන්සේට පූජා කළහ. භික්ෂු සංඝයාගේ වාසය සඳහා සුදුසු මහත් ප්‍රාසාදයක් ද කරවා එයට පිරිවර ප්‍රාසාද දාහක් කරවා, අමතරව කුටි සක්මන්මළු, මණ්ඩප ආදියද කරවා නව මාසයකින් විහාර කර්මාන්තය නිමා කරවීය. එසේ නිමා කරවා විහාර පූජාව කරවා තම සහායිකාවන් සමග විහාරයේ උඩු මහලට නැග එහි ඓශ්වර්යය දැක හටගත් සොම්නසින් සහායිකාවන් කැඳවා ‘මෙබඳු ප්‍රාසාදයක් කරවන්නා වූ මා විසින් යම් පිනක් ලබන ලද්දේ නම් ඒ පින ඔබලා අනුමෝදන් වන්න. ඔබලාට ප්රාප්ති දානය ලබාදෙන්නෙමි’යි කීවාය. ප්‍රසන්න වූ සිත් ඇති සියල්ලෝම අනේ සාධු අනේ සාධු යි කියා අනුමෝදන් වූහ.
තත්ථ අඤ්ඤතරා උපාසිකා විසෙසතො තං පත්තිදානං මනසාකාසි. සා න චිරස්සෙව කාලං කත්වා තාවතිංසෙසු නිබ්බත්ති. තස්සා පුඤ්ඤානුභාවෙන අනෙකකූටාගාරපාකාරඋය්යානපොක්ඛරණිආදිපටිමණ්ඩිතං සොළසයොජනායාමවිත්ථාරබ්බෙධං අත්තනො පභාය යොජනසතං ඵරන්තං ආකාසචාරිං මහන්තං විමානං පාතුරහොසි. සා ගච්ඡන්තීපි අච්ඡරාසහස්සපරිවාරා සහ විමානෙන ගච්ඡති. විසාඛා පන මහාඋපාසිකා විපුලපරිච්චාගතාය සද්ධාසම්පත්තියා ච නිම්මානරතීසු නිබ්බත්තිත්වා සුනිම්මිතදෙවරාජස්ස අග්ගමහෙසිභාවං සම්පාපුණි. අථායස්මා අනුරුද්ධො දෙවචාරිකං චරන්තො තං විසාඛාය සහායිකං තාවතිංසභවනෙ උප්පන්නං දිස්වා –
එහි එක්තරා ස්ත්‍රී උපාසිකාවක් ඒ ප්රාප්ති දානය විශේෂ වශයෙන් මෙනෙහි කළාය. ඕ තොමෝ නොබෝ කලකින් කළුරිය කොට තව්තිසාවෙහි උපන්නාය. ඇගේ පුණ්‍යානුභාවයෙන් බොහෝ වූ කුටාගාර, උයන්වතු, පොකුණු ආදියෙන් යුතු සොළොස් යොදුන් දිග පළල ඇති උස ඇති යොදුන් සියයක් පැතිරෙන තමන්ගේ ප්‍රභාවයෙන් යුත් අහසෙහි හැසිරෙන මහත් වූ විමානයක් පහළ විය. ඇය යන්නේ නම් අප්සරාවන් දහසක් පිරිවරාගෙන විමානයත් සමගම යන්නීය. ඒ විශාඛා මහෝපාසිකා තොමෝ නිර්මාණරතී දෙව්ලොව ඉපිද සුනිර්මිත දිව්‍යරාජයන්ගේ අගමෙහෙසිය බවට පත්වූවාය. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ දිව්‍යලෝක චාරිකාවේ යෙදෙන්නේ විශාඛාවගේ සහායිකාව තව්තිසාවේ දී සමුවී ගාථා මගින් ඇගෙන් පහත සඳහන් ප්‍රශ්න ඇසීය.
“අභික්කන්තෙන වණ්ණෙන, යා ත්වං තිට්ඨසි දෙවතෙ; ඔභාසෙන්තී දිසා සබ්බා, ඔසධී විය තාරකා.
දේවතාවිය, යම්බඳු වූ ඔබ මෙහි සිටින්නෙහිද? ඒ ඔබ මනස්කාන්ත වර්ණයෙන් යුතුව, සියළු දිශාවන් බබුළුවමින් ඕසධී නම් තාරකාව මෙන් සිටියේය.
“තස්සා තෙ නච්චමානාය, අඞ්ගමඞ්ගෙහි සබ්බසො; දිබ්බා සද්දා නිච්ඡරන්ති, සවනීයා මනොරමා.
නැටුමෙහි යෙදෙන්නා වූ ඒ ඔබගේ අංගෝපාංගයන්ගෙන් හැම අයුරින්ම කන්කළු වූ මනරම් වූ දිව්‍ය ශබ්දයෝ නික්මෙති.
“තස්සා තෙ නච්චමානාය, අඞ්ගමඞ්ගෙහි සබ්බසො; දිබ්බා ගන්ධා පවායන්ති, සුචිගන්ධා මනොරමා.
නැටුමෙහි යෙදෙන්නා වූ ඒ ඔබගේ අංගෝපාංගයන්ගෙන් හැම අයුරින්ම මනා සුවඳ ඇති මනරම් වූ දිව්‍යමය වූ සුවඳ වහනය වන්නෝය. කයෙන් ගිලිහෙන්නා වූ ඔබගේ යම් ශීර්ෂ පළඳනාවක් වේද, ඒවායේ ඝෝෂාව පංචාංගික තූර්ය නාද ඝෝෂා මෙන් ඇසේ.
“විවත්තමානා කායෙන, යා වෙණීසු පිළන්ධනා; තෙසං සුය්යති නිග්ඝොසො, තූරියෙ පඤ්චඞ්ගිකෙ යථා.
“වටංසකා වාතධුතා, වාතෙන සම්පකම්පිතා; තෙසං සුය්යති නිග්ඝොසො, තූරියෙ පඤ්චඞ්ගිකෙ යථා.
ඔබගේ ශීර්ෂාභරණයෝ වාතයෙන් සෙලවේද, වාතයෙන් දැඩිව කම්පනය වෙත්ද, ඒවායේ ඝෝෂාව පංචාංග තූර්ය ඝෝෂා මෙන් ඇසේ.
“යාපි තෙ සිරස්මිං මාලා, සුචිගන්ධා මනොරමා; වාති ගන්ධො දිසා සබ්බා, රුක්ඛො මඤ්ජූසකො යථා.
ඔබේ හිසෙහි මනා සුවඳැති මනරම් වූ යම්බඳු මල්මාලා පවතීද ඒවා මංජුසා නම් දිව්‍ය වෘක්ෂය මෙන් සියලු දිශාවන් සුවඳවත් කරයි.
“ඝායසෙ තං සුචිගන්ධං, රූපං පස්සසි අමානුසං; දෙවතෙ පුච්ඡිතාචික්ඛ, කිස්ස කම්මස්සිදං ඵල”න්ති. –
දේවතාවිය, අන් අයට ඒ පිරිසිදු සුවඳ ආඝ්‍රාණය කරවන්නෙහිය. මෙය කවරනම් කුසල කර්මයක විපාකයක්ද යන බව මම ප්‍රශ්න කරමි. එහි විස්තර මා හට කියන්න.
ඉමාහි ගාථාහි පුච්ඡි. සාපි තස්ස එවං බ්යාකාසි –
තෙරණුවෝ මෙසේ ප්‍රශ්න කළවිට ඒ දෙව්දුව මෙසේ පිළිතුරු දුන්නීය.
“සාවත්ථියං මය්හං සඛී භදන්තෙ, සඞ්ඝස්ස කාරෙසි මහාවිහාරං; තත්ථප්පසන්නා අහමානුමොදිං, දිස්වා අගාරඤ්ච පියඤ්ච මෙතං.
අනුරුද්ධ හිමියනි, සැවැත්නුවර මගේ සහායිකාව විශාඛාව සංඝයා සඳහා මහා විහාරයක් කරවීය. මා හටද ප්‍රිය වූ ඒ මන්දිරය දැක එහි පැහැදී එහි පින් අනුමෝදන් වීමි.
“තායෙව මෙ සුද්ධනුමොදනාය, ලද්ධං විමානබ්භුතදස්සනෙය්යං; සමන්තතො සොළසයොජනානි, වෙහායසං ගච්ඡති ඉද්ධියා මම.
මාගේ ඒ හුදු පුණ්‍යානුමෝදනාවෙන් පමණක්ම ලබාගන්නා ලද අද්භූත වූ දර්ශනීය වූ විමානය මගේ සෘද්ධි බලයෙන් හාත්පසින් සොළොස් යොදුනක් අහසේ ගමන් කරයි.
“කූටාගාරා නිවෙසා මෙ, විභත්තා භාගසො මිතා; දද්දල්ලමානා ආභන්ති, සමන්තා සතයොජනං.
ප්‍රමාණානුකුල වූ කොටස් වශයෙන් බෙදන ලද්දා වූ මාගේ කුටාගාර නිවාසයන් හාත්පසින් යොදුන් සියයක් දීප්තිමත්ව බබළයි.
“පොක්ඛරඤ්ඤො ච මෙ එත්ථ, පුථුලොමනිසෙවිතා; අච්ඡොදකා විප්පසන්නා, සොණ්ණවාලුකසන්ථතා.
මත්ස්යයන්ගෙන් ගැවසී ගත් රන්වැල් පිරී පවත්නා මෙහි ඇති මගේ පොකුණු ද, පැහැදිලි ලෙස ප්‍රසන්නව පවතී.
“නානාපදුමසඤ්ඡන්නා, පුණ්ඩරීකසමොතතා; සුරභී සම්පවායන්ති, මනුඤ්ඤා මාලුතෙරිතා.
එහි නොයෙක් රත් නෙළුම් මල්, සුදු නෙළුම් මල් පිපී විසිරී ඇත්තාහ. සිත්කලු වූ වාතයෙන් කම්පිත වූ සුවඳ හමා ගෙන යයි.
“ජම්බුයො පනසා තාලා, නාළිකෙරවනානි ච; අන්තොනිවෙසනෙ ජාතා, නානාරුක්ඛා අරොපිමා.
දඹ, කොස්, තල්, පොල් ආදී නානා වෘක්ෂ වර්ග සහිත උයන්වතු නිවාස සීමාව තුළම රෝපිත වී ඇත.
“නානාතූරියසඞ්ඝුට්ඨං, අච්ඡරාගණඝොසිතං; යොපි මං සුපිනෙ පස්සෙ, සොපි විත්තො සියා නරො.
නොයෙක් තූර්ය භාණ්ඩයන්ගෙන් ඝෝෂා සහිත වූ, අප්සරාවන් සමූහයා විසින් ඝෝෂා කරන ලද්දා වූ විමානයෙහි වෙසෙන මා යමෙක් සිහිනෙන් හෝ දකින්නේ ද, ඒ තැනැත්තා පවා සතුටට පත්වන්නේය. හෙවත් සම්පත්ලාභියෙක් වන්නේ ය.
“එතාදිසං අබ්භුතදස්සනෙය්යං, විමානං සබ්බසො පභං; මම කම්මෙ හි නිබ්බත්තං, අලං පුඤ්ඤානි කාතවෙ”ති.
අභූත වූ දර්ශනීය වූ හාත්පසින් බබළන්නා වූ මෙවැනි විමානයේ මාගේ පුණ්‍ය ක්‍රියාවන් නිසාම පහළ විය. එබැවින් පින් කිරීම කළ යුත්තේමය.
තත්ථ සාවත්ථියං මය්හං සඛී භදන්තෙ, සඞ්ඝස්ස කාරෙසි මහාවිහාරන්ති භන්තෙ අනුරුද්ධ , සාවත්ථියා සමීපෙ පාචීනපස්සෙ මය්හං මම සක්ඛී සහායිකා විසාඛා මහාඋපාසිකා ආගතාගතං චාතුද්දිසං භික්ඛුසඞ්ඝං උද්දිස්ස නවහිරඤ්ඤකොටිපරිච්චාගෙන පුබ්බාරාමං නාම මහන්තං විහාරං කාරෙසි. තත්ථප්පසන්නා අහමානුමොදින්ති තස්මිං විහාරෙ කතපරියොසිතෙ සඞ්ඝස්ස නිය්යාදියමානෙ තාය කතෙ පත්තිදානෙ “අහො ඨානෙ වත පරිච්චාගො කතො”ති පසන්නා රතනත්තයෙ කම්මඵලෙ ච සඤ්ජාතපසාදා අහං අනුමොදිං. වත්ථුවසෙන තස්සා අනුමොදනාය උළාරභාවං දස්සෙතුං “දිස්වා අගාරඤ්ච පියඤ්ච මෙත”න්ති ආහ. සහස්සගබ්භං අතිවිය රමණීයං දෙවවිමානසදිසං තඤ්ච අගාරං මහන්තං පාසාදං පියඤ්ච මෙ බුද්ධප්පමුඛං සඞ්ඝං උද්දිස්ස තාදිසං මහන්තං ධනපරිච්චාගං දිස්වා අනුමොදින්ති යොජනා.
එහි සාවත්ථියං මය්හං සධී භදන්තෙ සංඝස්ස කාරෙසි මහා විහාරං මෙහි භන්තෙ යනු අනුරුද්ධ ස්ථවිරයන් සඳහා කියන ලදී. සාවත්ථියං යනුවෙන් සැවැත්නුවර සමීපයේ නැගෙනහිර දෙස අදහස් කරන ලදී. ‘මය්හං මම සචී’ යනු මගේ සහායිකා විශාඛා උපාසිකාවය. එම මහ උවැසිය සිව්දිගින් එන මහා සංඝයා උදෙසා රත්රන් (මුදල්) නවකෝටියක් පරිත්‍යාග කිරීමෙන් පූර්වාරාමය නම් සුවිශාල විහාරය කරවන ලදී. තත්ථප්පසන්නා අහුමානුමොදිං කටයුතු නිමකරන ලද එම විහාරය සංඝයා වෙත පවරා දෙන කල්හි විශාඛාව විසින් කරන ලද පින් අනුමෝදනාවෙහි දී ඇයට ප්‍රශංසා වේවා. පින් ලැබීමට සුදුසු වූ මා වෙතට පින් අනුමෝදන් කිරීම කරන ලද්දේ යයි සැලකීමෙන් ප්‍රසන්න සිත් ඇති වී රත්නත්රයෙහිද, කර්ම ඵලයෙහි ද උපදවාගත් පැහැදීම් ඇතිව එම පින් අනුමෝදන් වීමි. කථා වස්තුව සයෙන් සැලකීමේ දී ඇයගේ අනුමෝදනාවෙහි උදාර බව දැක්වීම පිණිස දිස්වා අගාරඤ්ච පියඤ්ච මෙතං යයි කීය. ගර්භ හෙවත් කාමර දහසක් ඇති අතිශයින් රමණීය වූ දිව්‍ය විමානයක් හා සමාන වූ ඒ මන්දිරයද විශාල වූ ප්රාසාදයද මා හට ප්‍රිය වූ බුදුන් ප්රමුඛ මහා සංඝයා උදෙසා කරන ලද එබඳු මහත් වූ ධන පරිත්‍යාගය දැක එහි පින් අනුමෝදන් වීමි යන අදහසයි.
තායෙව මෙ සුද්ධනුමොදනායාති යථාවුත්තාය දෙය්යධම්මපරිච්චාගාභාවෙන සුද්ධාය කෙවලාය අනුමොදනායෙව. ලද්ධං විමානබ්භුතදස්සනෙය්යන්ති මය්හං පුබ්බෙ ඊදිසස්ස අභූතපුබ්බතාය අබ්භුතං සමන්තභද්දකභාවෙන අතිවිය සුරූපතාය ච දස්සනෙය්යං ඉමං විමානං ලද්ධං අධිගතං. එවං තස්ස විමානස්ස අභිරූපතං දස්සෙත්වා ඉදානි පමාණමහත්තං පභාවමහත්තං උපභොගවත්ථුමහත්තඤ්ච දස්සෙතුං “සමන්තතො සොළසයොජනානී”තිආදි වුත්තං. තත්ථ ඉද්ධියා මමාති මම පුඤ්ඤිද්ධියා.
තායෙව මෙ සුද්ධානුමොදනායා කියන ලද පරිදි පිදිය යුතු පරිත්‍යාග කළයුතු දෙයක් නැති බැවින් හුදු තනිකර අනුමෝදනාවෙන්ම ලද්ධං විමානං අබ්භූතං දස්සනීයං මට පෙර මෙවැන්නක් නොවූ බැවින් එය අද්භූතය. හැම අයුරකින්ම යහපත් වූ බැවින් මේ විමානය දර්ශනීයය. එය මවිසින් ලබන ලදී. හිමිකරගන්නා ලදී. මෙසේ මේ විමානයේ අලංකාරවත් බව දක්වා, දැන් ප්‍රමාණයේ මහත්බව ද ප්‍රභාවයෙන් මහත් බව ද, භාවිතා කරන වස්තූන්ගේ සංඛ්‍යාවේ මහත් බව ද, හඳුන්වනු පිණිස සමන්තකො සොළස යොජනානි යන්න කියන ලදී. එහි ඉද්ධියා මම යනු මාගේ පුණ්‍ය සෘද්ධි බලයෙන් යන අදහසයි.
පොක්ඛරඤ්ඤොති පොක්ඛරණියො. පුථුලොමනිසෙවිතාති දිබ්බමච්ඡෙහි උපසෙවිතා.
පොක්ඛරඤ්ඤො පොකුණු. පුථුලොම නිසෙවිතා දිව්‍යමය මසුන් විසින් ඇසුරු කරන ලද,
නානාපදුමසඤ්ඡන්නාති සතපත්තසහස්සපත්තාදිභෙදෙහි නානාවිධෙහි රත්තපදුමෙහි රත්තකමලෙහි ච සඤ්ඡාදිතා. පුණ්ඩරීකසමොතතාති නානාවිධෙහි සෙතකමලෙහි සමන්තතො අවතතා, නානාරුක්ඛා අරොපිමා සුරභී සම්පවායන්තීති යොජනා.
නානා පදුමසඤ්ඡන්නා සියපත් සහස්පත් ආදී භේද ඇති නානාවිධ රත් පියුම්, රතු කමල් ආදියෙන් පිරී ඇත්තා වූ, පුණ්ඩරීක සමො තතා නානාවිධ සුදු නෙලුම් මල් වලින් හාත්පස විසුරුවා හළ. නානාරුක්ඛා අරොපිමා - සුරභි සම්පවායන්ති රෝපණය කර ඇති නානා වෘක්ෂයන්ගෙන් සුවඳවත් වූ වාතය පවා ගෙන යයි.
සොපීති සො සුපිනදස්සාවීපි. විත්තොති තුට්ඨො.
සොපි සිහින දකින ඒ තැනැත්තා. විත්තො සතුටට පත් වූ.
සබ්බසො පභන්ති සමන්තතො ඔභාසමානං. කම්මෙ හීති කම්මනිමිත්තං. හීති නිපාතමත්තං. චෙතනානං වා අපරාපරුප්පත්තියා බහුභාවතො “කම්මෙහී”ති වුත්තං. අලන්ති යුත්තං. කාතවෙති කාතුං.
සබ්බතො පභං හාත්පසින් බබළන්නා වූ, කම්මෙහි කර්ම නිමිත්ත ‘හී’ යනු නිපාත පදයකි. සිතුවිලිවල හෝ මතු මතු ඉපදීම්වල හෝ බහුලතාවය නිසා කම්මෙහි යයි කියන ලදී. අලං කළයුතු, කාතවෙ සිදු කිරීම්.
ඉදානි ථෙරො විසාඛාය නිබ්බත්තට්ඨානං කථාපෙතුකාමො ඉමං ගාථමාහ –
දැන් මීළඟට විශාඛාව උපන් තැන කියවනු කැමති තෙරුන් වහන්සේ,
“තායෙව තෙ සුද්ධනුමොදනාය, ලද්ධං විමානබ්භුතදස්සනෙය්යං; යා චෙව සා දානමදාසි නාරී, තස්සා ගතිං බ්රූහි කුහිං උප්පන්නා සා”ති.
තායෙ ච තෙ සුද්ධනුමොදනාය - ලද්ධං විමානං අබ්භූතං දස්සනීයං යා චෙව සාදාන මදායි නාරී - තස්සා ගතිං බ්‍රෑහි කුහිං උප්පන්නා
ඔබගේ ඒ හුදු අනුමෝදනාවෙන් පමණක් ලබන ලද විමානය ආශ්චර්යවත්ය. දැකුම්කළුය. යම් ඒ විශාඛා නම් කාන්තාව විහාර දානයක් දුන්නීද, ඇයගේ පරලොව ගති ස්වභාවය උපත කියන්න.
තත්ථ යා චෙව සා දානමදාසි නාරීති යස්ස දානස්ස අනුමොදනාය ත්වං ඊදිසං සම්පත්තිං පටිලභි, තං දානං යා චෙව සා නාරී අදාසීති විසාඛං මහාඋපාසිකං සන්ධාය වදති. තාය එව දෙවතාය තස්සා සම්පත්තිං කථාපෙතුකාමො ආහ “තස්සා ගතිං බ්රූහි කුහිං උප්පන්නා සා”ති. තස්සා ගතින්ති තාය නිබ්බත්තදෙවගතිං.
යා චෙව සා දාන මදාවි නාරී යම්කිසි දානයක පින් අනුමෝදන් වීමෙන්, ඔබ මෙවැනි සම්පතක් ලබා ගත්තෙහිද, ඒ දානය යම් කාන්තාවක් දුන්නාද, ඒ විශාඛා මහළපාසිකාව සඳහා කියන ලදී. මෙම දේවතාවිය ලවාම ඇගේ සම්පත් කියවනු කැමැත්තාහු එසේ හෙයින් තස්සා ගතිං බ්‍රෑහි කුහිං උප්පන්නා ඇය උපන් දෙව්ලොව, නැතිනම් ඇය උපන් ස්ථානය යන අදහසයි.
ඉදානි ථෙරෙන පුච්ඡිතමත්ථං දස්සෙන්තී ආහ –
දැන් තෙරුන් වහන්සේ විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙන දේවතා වූ මෙසේ කීවාය.
“යා සා අහු මය්හං සඛී භදන්තෙ, සඞ්ඝස්ස කාරෙසි මහාවිහාරං; විඤ්ඤාතධම්මා සා අදාසි දානං, උප්පන්නා නිම්මානරතීසු දෙවෙසු.
ස්වාමීනි, යම් තැනැත්තියක් මාගේ මිතුරිය වූවාද, ඇය සංඝයාට මහා විහාරයක් කරවූවාය. අවබෝධ කරගත් ධර්මය ඇති ඇය දන් දුන්නාය. පසුව ඇය නිර්මාණරතී නම් දෙව්ලොව උපන්නාය.
“පජාපතී තස්ස සුනිම්මිතස්ස, අචින්තියො කම්මවිපාක තස්සා; යමෙතං පුච්ඡසි ‘කුහිං උප්පන්නා සා’ති, තං තෙ වියාකාසිං අනඤ්ඤථා අහ”න්ති.
එහි සුනිම්මිත දෙව්රජාණන්ගේ මෙහෙසිය වූ ඇගේ කර්ම විපාකය සිත ගැනීමටද නොහැක්කේය. විශාඛා නම් වූ ඇය කොහි උපන්නීදැයි අසන්නා වූ ඔබවහන්සේ මම සත්‍යය ප්‍රකාශ කළෙමි.
තත්ථ විඤ්ඤාතධම්මාති විඤ්ඤාතසාසනධම්මා, පටිවිද්ධචතුසච්චධම්මාති අත්ථො.
එහි විඤ්ඤාත ධම්මා අවබෝධ කරගත් ශාසන ධර්මය, චතුරාර්ය සත්‍ය ධර්මය ඇත්තේය යන අර්ථයි.
සුනිම්මිතස්සාති සුනිම්මිතස්ස දෙවරාජස්ස. අචින්තියො කම්මවිපාක තස්සාති විභත්තිලොපං කත්වා නිද්දෙසො, තස්සා මම සඛියා නිබ්බානරතීසු නිබ්බත්තාය කම්මවිපාකො පුඤ්ඤකම්මස්ස විපාකභූතා දිබ්බසම්පත්ති අචින්තියා අප්පමෙය්යාති අත්ථො. අනඤ්ඤථාති අවිපරීතං යථාසභාවතො. කථං පනායං තස්සා සම්පත්තිං අඤ්ඤාසීති? සුභද්දා විය භද්දාය, විසාඛාපි දෙවධීතා ඉමිස්සා සන්තිකං අගමාසි.
සුනිම්මිතස්ස සුනිම්මිත නම් දිව්‍ය රාජයාගේ අචින්තියො කම්ම විපාක තස්සා විභක්තිය ලොප්කොට දක්වන ලදී. නිර්මාණරතී දෙව්ලොව උපන් මගේ ඒ මිතුරියගේ පුණ්‍ය කර්මයේ විපාකයෙන් හටගත් කුසල විපාක සිතන්නටවත් නොහැකි තරම් උසස් වේ. ප්‍රමාණ කළ නොහැකි වේ යන අර්ථයි. අනඤ්ඤථා පවත්නා ස්වභාවයෙන් වෙන් නොවූ ඇයගේ මෙම සම්පත්තිය කෙසේනම් දැනගත්තේද යත්, භද්‍රා වෙත පැමිණි සුභද්‍රා මෙන් විශාඛා දෙව්දුව මේ තැනැත්තිය සමීපයට පැමිණියාය.
ඉදානි දෙවධීතා ථෙරං අඤ්ඤෙසම්පි දානසමාදපනෙ නියොජෙන්තී ඉමාහි ගාථාහි ධම්මං දෙසෙසි –
දැන් දෙව්දුව අන් අයට පින් සමාදන් කරවීම් වස් ගාථා කීපයක් මගින් ධර්මය දේශනා කළාය.
“තෙනහඤ්ඤෙපි සමාදපෙථ, සඞ්ඝස්ස දානානි දදාථ විත්තා; ධම්මඤ්ච සුණාථ පසන්නමානසා, සුදුල්ලභො ලද්ධො මනුස්සලාභො.
එහෙයින් අන්‍යයන් ද සමාදන් කරවන්න. සංඝයාට උසස් ලෙස දන් දෙන්න. ප්‍රසන්න සිතින් යුතුව ධර්මය ශ්‍රවණය කරන්න. ලැබුණු මනුෂ්යත්මභාවය ඉතා දුලබ වූවකි.
“යං මග්ගං මග්ගාධිපතී අදෙසයි, බ්රහ්මස්සරො කඤ්චනසන්නිභත්තචො; සඞ්ඝස්ස දානානි දදාථ විත්තා, මහප්ඵලා යත්ථ භවන්ති දක්ඛිණා.
රන්වන් සිරුරක් ඇති, බ්‍රහ්ම ස්වරයෙන් යුත් බුදුන්වහන්සේ යම් උතුම් මාර්ගයක් දෙසූ සේක්ද, එයම උතුම් මාර්ගය වේ. යම්බඳු පුද්ගලයන් කෙරෙහි දෙන දානය මහත්ඵල සහිත වේද එම සංඝයාට මනා ලෙස දන් දෙන්න.
“යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා, චත්තාරි එතානි යුගානි හොන්ති; තෙ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා, එතෙසු දින්නානි මහප්ඵලානි.
බුද්ධාදී සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරනු ලැබූ යම් පුද්ගලයෝ අටදෙනෙක් වේද, ඔව්හු නම්, සෝවාන් ආදී මාර්ග සතරට ද ඵල සතරටද පැමිණි අය, ඒ අටදෙන වෙති. ඔව්හු දක්ෂිණ ලැබීමට සුදුස්සෝය. ඒ උතුමන් කෙරෙහි දෙන දානය මහත් වූ ඵල සහිත වන්නේය.
“චත්තාරො ච පටිපන්නා, චත්තාරො ච ඵලෙ ඨිතා; එස සඞ්ඝො උජුභූතො, පඤ්ඤාසීලසමාහිතො.
ආර්ය මාර්ගයට පිළිපන් සතර දෙන, ඵලයෙහි පිහිටි සතර දෙනද යන සංඝයා ඍජු ප්‍රතිපත්ති ඇත්තාහූ, ප්‍රඥාවෙන් හා සීලයෙන් සන්සුන් වූවාහුය.
“යජමානානං මනුස්සානං, පුඤ්ඤපෙක්ඛාන පාණිනං; කරොතං ඔපධිකං පුඤ්ඤං, සඞ්ඝෙ දින්නං මහප්ඵලං.
පුද පූජා කරන්නා වූ මිනිසුන් හට ද, පින් බලාපොරොත්තු වන සත්ත්වයන් හටද, පැවැත්ම සඳහා පින් කරන්නවුන්ටද සංඝයා කෙරෙහි දුන් දෙය මහත්ඵල වන්නේය.
“එසො හි සඞ්ඝො විපුලො මහග්ගතො, එසප්පමෙය්යො උදධීව සාගරො; එතෙ හි සෙට්ඨා නරවීරසාවකා, පභඞ්කරා ධම්මමුදීරයන්ති.
මේ සංඝ තෙමේ උදාරය. උතුම් අරමුණුවලට යොමු වූ සිත් ඇත්තෝය. සාගර ජලය මෙන් මිණිය නොහැකි ගුණ ඇත්තෝය. බුද්ධශ්රාවක වූ මුන්වහන්සේලා ශ්‍රේෂ්ඨත්වයට පත් වූවෝ ලෝකය ආලෝකමත් කරමින් දහම් දෙසන්නාහුය.
“තෙසං සුදින්නං සුහුතං සුයිට්ඨං, යෙ සඞ්ඝමුද්දිස්ස දදන්ති දානං; සා දක්ඛිණා සඞ්ඝගතා පතිට්ඨිතා, මහප්ඵලා ලොකවිදූන වණ්ණිතා.
යමෙකු සංඝයා උදෙසා දන් දෙන්නේ ද, උන්වහන්සේලාට මනා ලෙස දෙන ලද මනා ලෙස පුදන ලද්දේ ද, එම දානය උතුම් පූජාවක්ම වන්නේය. සංඝයා හට හිමි කරන්නා වූ සංඝයා වෙත පිහිටවන්නා වූ ඒ දානය මහත්ඵල වන්නේමය. ලෝකවිදූ සර්වඥයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දේ ද,
“එතාදිසං යඤ්ඤමනුස්සරන්තා, යෙ වෙදජාතා විචරන්ති ලොකෙ; විනෙය්ය මච්ඡෙරමලං සමූලං, අනින්දිතා සග්ගමුපෙන්ති ඨාන”න්ති.
මෙවැනි වූ තමන් විසින් කරන ලද පූජාවක් නැවත සිහිපත් කරන්නා වූ යම් ඥානවන්තයෙක් ලෝකයෙහි වෙසෙත්ද, ඔව්හු මසුරුමල සම්පූර්ණයෙන් දුරුකොට පැසසිය යුතු තත්ත්වයට පැමිණෙත්.
තත්ථ තෙනහඤ්ඤෙපීති තෙනහි අඤ්ඤෙපි. තෙනාති ච තෙන කාරණෙන, හීති නිපාතමත්තං. “සමාදපෙථා”ති වත්වා සමාදපනාකාරං දස්සෙතුං “සඞ්ඝස්ස දානානි දදාථා”තිආදි වුත්තං. අට්ඨහි අක්ඛණෙහි වජ්ජිතං මනුස්සභාවං සන්ධායාහ “සුදුල්ලභො ලද්ධො මනුස්සලාභො”ති. තත්ථ අට්ඨ අක්ඛණා නාම තයො අපායා අරූපා අසඤ්ඤසත්තා පච්චන්තදෙසො ඉන්ද්රියානං වෙකල්ලං නියතමිච්ඡාදිට්ඨිකතා අපාතුභාවො බුද්ධස්සාති.
තෙන හඤ්ඤෙහි තෙනහි+අඤ්ඤෙපි යන පද දෙකේ සන්ධියකි. තෙන ඒ කාරණයෙන් යන අර්ථයි. හි යනු නිපාතයක් පමණි. සමාදපෙථ සමාදන් වන සේ කියා සමාදන් වන ආකාරය දක්වනු පිණිස සංඝස්ස දානානි දදාථ සංඝයාට දන් දෙවු ආදිය කීය. අයෝග්‍ය වූ අවස්ථා අටෙන් තොර වූ මනුෂ්යත්මභාවය සඳහා සුදුල්ලභො ලද්ධො මනුස්සලාභො ලැබුණා වූ මනුෂ්යත්මභාවය ඉතා දුර්ලභ වූවකි යයි කියන ලදී. එහි අයෝග්‍ය වූ අවස්ථාවන් අට නම් අපාය තුන, අරූපී අසංඤී ලෝකය, ඈත පිටිසර දේශය, ඉන්ද්රියයන්හි විකල ස්වභාවය, නියත මිථ්‍යා දෘෂ්ටිය හා අබුද්ධෝත්පාද කාලය යන මේවායි.
යං මග්ගන්ති යං ඛෙත්තවිසෙසෙ කතං දානං, තං එකන්තෙන සුගතිසම්පාපනතො සුගතිගාමිමග්ගං අපායමග්ගතො ජග්ඝමග්ගාදිතො ච අතිවිය සෙට්ඨභාවෙන මග්ගාධිපන්ති කත්වා. දානම්පි හි සද්ධාහිරියො විය “දෙවලොකගාමිමග්ගො”ති වුච්චති. යථාහ –
යං මග්ගං යෝග්‍ය වූ ස්ථානයක් විෂයෙහි දෙන ලද යම් දානයක් වේ නම්, එය මෙයින් අදහස් වේ. එය ඒකාන්තයෙන් සුගතියට පමුණුවන බැවින් සුගතිගාමී මාර්ගය නම් වෙයි. එය අපායගාමී මාර්ගයෙන් ද අනුගමනයෙහි අපහසු මාර්ගයන්ගෙන් ද වෙන් වූ අතිශයින් ශ්‍රේෂ්ඨ වූ ස්වභාවයෙන් යුක්ත වන බැවින් එම මාර්ගයෙහි අධිපති බව දැනගෙන දෙන්නා වූ එම දානය වනාහි ශ්‍රද්ධාව හා හිරිය හෙවත් පවට ලජ්ජාවීම වැනි වූ දෙව්ලොව යන මාර්ගයයි කියනු ලැබේ. එහෙයින් මෙසේ කියන ලදී.
“සද්ධා හිරියං කුසලඤ්ච දානං, ධම්මා එතෙ සප්පුරිසානුයාතා; එතඤ්හි මග්ගං දිවියං වදන්ති, එතෙන හි ගච්ඡති දෙවලොක”න්ති.(අ· නි· 8.32; කථා· 480);
යම්බඳු වූ ශ්රද්ධාවත්, පාපයට ලජ්ජාවීමක්, කුසලයක් හා දන්දීමක් වේද, මේ ධර්මයෝ සත්පුරුෂයන් විසින් අනුගමනය කරන ලදහ. මෙය දිව්‍යමය වූ මාර්ගයයි කියති. මේ මාර්ගයෙන් දෙව්ලොවට පැමිණේ.
“මග්ගාධිපතී”ති වා පාඨො, තස්ස අරියමග්ගෙන සදෙවකස්ස ලොකස්ස අධිපතිභූතො සත්ථාති අත්ථො දට්ඨබ්බො. සඞ්ඝස්ස දානානි දදාථාතිආදිනා පුනපි දක්ඛිණෙය්යෙසු දානසංවිභාගෙ නියොජෙන්තී ආහ.
මෙහි එන ‘මග්ගාධිපති’ යන පාඨයට ආර්ය මාර්ගයෙහි ගියේ දෙවියන් සහිත වූ ලෝකයාට අධිපති වූ, ශාස්තෲන් වහන්සේ යන අර්ථය දැක්විය යුතු වේ. සංඝස්සි දානානි දදථා යනාදියෙන් නැවත ද, දක්ෂිණෙය්ය වූ ආර්ය සංඝයා විෂයෙහි දානය බෙදීමෙහි යොදවන්නාය යන අර්ථය කියන ලදී.
ඉදානි තං දක්ඛිණෙය්යං අරියසඞ්ඝං සරූපතො දස්සෙන්තී “යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා”ති ගාථමාහ. තත්ථ යෙති අනියමිතනිද්දෙසො. පුග්ගලාති සත්තා. අට්ඨාති තෙසං ගණනපරිච්ඡෙදො. තෙ හි චත්තාරො ච පටිපන්නා චත්තාරො ච ඵලෙ ඨිතාති අට්ඨ හොන්ති. සතං පසත්ථාති සප්පුරිසෙහි බුද්ධපච්චෙකබුද්ධසාවකෙහි අඤ්ඤෙහි ච දෙවමනුස්සෙහි පස්සත්ථා. කස්මා? සහජාතසීලාදිගුණයොගතො. තෙසඤ්හි චම්පකබකුලකුසුමාදීනං විය සහජාතවණ්ණගන්ධාදයො සහජාතසීලසමාධිආදයො ගුණා, තෙන තෙ වණ්ණගන්ධාදිසම්පන්නානි විය පුප්ඵානි දෙවමනුස්සානං සතං පියා මනාපා පාසංසියා ච හොන්ති. තෙන වුත්තං “යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා”ති. තෙ පන සඞ්ඛෙපතො සොතාපත්තිමග්ගට්ඨො ඵලට්ඨොති එකං යුගං, එවං යාව අරහත්තමග්ගට්ඨො ඵලට්ඨොති එකං යුගන්ති චත්තාරි යුගානි හොන්ති. තෙනාහ “චත්තාරි එතානි යුගානි හොන්ති තෙ දක්ඛිණෙය්යා”ති. තෙති පුබ්බෙ අනියමතො උද්දිට්ඨානං නියමෙත්වා දස්සනං. තෙ හි සබ්බෙපි කම්මං කම්මඵලඤ්ච සද්දහිත්වා දාතබ්බදෙය්යධම්මසඞ්ඛාතං දක්ඛිණං අරහන්තීති දක්ඛිණෙය්යා ගුණවිසෙසයොගෙන දානස්ස මහප්ඵලභාවසාධනතො. සුගතස්ස සාවකාති සම්මාසම්බුද්ධස්ස ධම්මසවනන්තෙ අරියාය ජාතියා ජාතතාය තං ධම්මං සුණන්තීති සාවකා. එතෙසු දින්නානි මහප්ඵලානීති එතෙසු සුගතස්ස සාවකෙසු අප්පකානිපි දානානි දින්නානි පටිග්ගාහකතො දක්ඛිණාවිසුද්ධියා මහප්ඵලානි හොන්ති. තෙනාහ භගවා “යාවතා, භික්ඛවෙ, සඞ්ඝා වා ගණා වා, තථාගතසාවකසඞ්ඝො තෙසං අග්ගමක්ඛායතී”තිආදි (අ· නි· 4.34; 5.32; ඉතිවු· 90).
දැන් මීළඟට ඒ දක්ෂිණෙය්ය වූ ආර්ය සංඝයා කෙබඳු ස්වරූපයෙන් යුක්තදැයි දක්වමින් ‘යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා’ යන ගාථාව කියන ලදී. යෙ අනියම් බව දැක්වීමයි. පුග්ගලා සත්ත්වයෝ අට්ඨා උන්වහන්සේලාගේ සංඛ්‍යාව පිරිසිඳ දැක්වීම සිදු කෙරේ. ඒ සංඝයා වනාහි මාර්ගයට පිළිපන්නාහුද, ඵල සතරෙහි පිහිටියාහුද, වශයෙන් අටක් වේ. සතං පසත්ථා බුදු පසේබුදු මහ සවු යන සත්පුරුෂයන් විසින්ද, අන්‍ය වූ දෙව් මිනිසුන් විසින්ද ප්‍රශංසා කරන ලදහ. කුමක් හෙයින්ද යත්, උත්පත්තිය සමග ඇති වූ සීලාදි ගුණ යෝගයෙනි. සපු-මූණමල් ආදී පුෂ්පයන් හට සහජාත වූ වර්ණ හා සුගන්ධයන් ආදිය පවතින්නාක් මෙන්ම ආර්යයන් වහන්සේලාට ද සහජාත වූ සීල සමාධි ආදී ගුණයන් පවතී. එබැවින් උන්වහන්සේලා වර්ණ සුගන්ධ ආදියෙන් යුක්ත වූ මල් මෙන් සත්පුරුෂ වූ දිව්‍ය මනුෂ්‍යයන්ට ප්‍රිය වූවෝ ද, මනාප වූවෝ ද ප්‍රශංසා ලැබීමට සුදුස්සෝද වන්නාහ. එබැවින් ‘යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා’ යනාදිය කියන ලදී. ඒ පුද්ගලයෝ වනාහි සැකෙවින් සෝවාන් මාර්ගස්ථ, ඵලස්ථ, සකදාගාමී මාර්ගස්ථ ඵලස්ස, අනාගාමී මාර්ගස්ථ ඵලස්ථ, අර්හත් මාර්ගස්ථ ඵලස්ථා යනුවෙන් යුගල සතරක් වෙති. එබැවින් චත්තාරි එතානි යුගානි හොන්ති තෙ දක්ඛිණෙය්යා යනුවෙන් කියන ලදී. තෙ පෙර අනියම් වශයෙන් කියන ලද දෙය නියමකොට දැක්වීමයි. ඒ සියල්ලෝම කර්මය ද කර්මඵලය ද අදහා දිය යුතු දේ නම් වූ දක්ඛිණාවට (දක්ඛිණෙය්යං) සුදුසුය යනුවෙන් ‘දක්ඛිණෙය්‍ය’ යයි කියනු ලැබෙත්. ගුණ විශේෂයෙන් යෙදීම නිසා දානයේ මහත්ඵල බව ඇතිවීම නිසාද දක්ඛිණෙය්‍ය වෙති. සුගතස්ස සාවකා සම්මා සම්බුදුරදුන්ගේ දහම් ඇසීමේ අවසානයේ ආර්ය ජාතියෙහි උපදින පිණිස ඒ ධර්මශ්රවණය කරයි යන අදහසින් සාවකා යී යෙදේ. එතෙසු දින්නානි මහප්ඵලානි සර්වඥයන් වහන්සේ මෙම ශ්‍රාවකයන් කෙරෙහි පුදන ලද ස්වල්ප වූ හෝ දානයක් පිළිගැනීමෙන් එම දක්ෂිණාව උසස් තත්ත්වයට පත්වීමෙන් මහත්ඵල ඇතිවේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් මහණෙනි, යම්තාක් සංඝයා හෝ සමූහයා හෝ වෙත්ද, ඒ අය අතරෙහි තථාගත ශ්‍රාවක සංඝයාට අග්‍ර වන්නාහුය යනාදී වශයෙන් කියන ලදී
චත්තාරො ච පටිපන්නාතිආදි හෙට්ඨා වුත්තත්ථමෙව.
චත්තාරොච පටිපන්නා මේ ආදිය පෙර කියන ලද අර්ථ ඇත්තේ වේ. එසේ සෙස්ස කියන ලද පිළිවෙළින්ම අර්ථාවබෝධ කරගත යුතු වේ.
ඉධ පන ආයස්මා අනුරුද්ධො අත්තනා දෙවතාය ච වුත්තමත්ථං මනුස්සලොකං ආගන්ත්වා භගවතො ආරොචෙසි. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
මෙහිදී වනාහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් විසින් තමන් විසින් ද දේවතාවිය විසින් ද කියන ලද කරුණු මිනිස්ලොවට පැමිණ භාග්‍යවතුන් වහන්සේට කියන ලදී. භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණු අර්ථෝත්පත්ති කොටගෙන පැමිණි පිරිසට දහම් දෙසූහ. ඒ දේශනාව මහජනයාට ප්‍රයෝජනවත් විය.
විහාරවිමානවණ්ණනා නිට්ඨිතා.
විහාර විමාන වර්ණනාව නිමියේ ය.