7. චතුරිත්ථිවිමානවණ්ණනා අට්ඨකථා
7. චතුරිත්ථිවිමානවණ්ණනා
7. චතුරිත්තිවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙනාති චතුරිත්ථිවිමානං. තස්ස කා උප්පත්ති? භගවති සාවත්ථියං විහරන්තෙ ආයස්මා මහාමොග්ගල්ලානො හෙට්ඨා වුත්තනයෙන දෙවචාරිකං චරන්තො තාවතිංසභවනං ගතො. සො තත්ථ පටිපාටියා ඨිතෙසු චතූසු විමානෙසු චතස්සො දෙවධීතරො පච්චෙකං අච්ඡරාසහස්සපරිවාරා දිබ්බසම්පත්තිං අනුභවන්තියො දිස්වා තාහි පුබ්බෙ කතකම්මං පුච්ඡන්තො –
අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් චතුරිත්ථි විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වාසය කරන කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් වහන්සේ යට කියන ලද පරිද්දෙන්ම දෙව්ලොව චාරිකා කරන සේක් තව්තිසා භවනට වැඩි සේක. උන්වහන්සේ එහිදී පිළිවෙළින් පිහිටි විමාන හතරෙක්හි වෙන් වෙන් වශයෙන් අප්සරාවන් දහස බැගින් පිරිවර ඇතිව දිවසැපත් විඳින දෙව්දූවරුන් සතරදෙනෙකු දැක ඒ දේවතාවන් විසින් පෙර කරන ලද පුණ්‍ය කර්මයන් විමසන සේක්,
“අභික්කන්තෙන වණ්ණෙන…පෙ…වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති. –
අභික්කන්තෙන වණ්ණෙන -පෙ- වණ්ණොච තෙ සබ්බදිසා පභාසති
සියලු දිසාවන් බබුළුවමින් දහසක් පිරිවර සමග මනස්කාන්ත ශරීරයක් ඇතිව විවිධ වර්ණයෙන් යුත් ආභරණවලින් සැරසී හැසිරෙන්නා වූ තී කවරෙක්ද මේ සම්පත් ලැබීම සඳහා මිනිස් ලොවදී ඔබලා විසින් කරන ලද කුසල ධර්ම කවරේද?
ඉමාහි ගාථාහි පටිපාටියා පුච්ඡි. තාපි තස්ස පුච්ඡානන්තරං පටිපාටියා බ්යාකරිංසු. තං දස්සෙතුං –
මේ ගාථාවන් මගින් පිළිවෙළින් දේව දුහිතෲන්ගෙන් ප්‍රශ්න කළහ. ඒ දෙව් දූවරුන්ද උන්වහන්සේගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් පිළිවෙළින් පහත සඳහන් කරුණු කීවාහුය.
“සා දෙවතා අත්තමනා…පෙ…යස්ස කම්මස්සිදං ඵල”න්ති. –
(සම්පූර්ණ ගාථා සහ අර්ථ කලින් දක්වා ඇත.)
අයං ගාථා වුත්තා.
තා කිර කස්සපස්ස භගවතො කාලෙ එසිකානාමකෙ රට්ඨෙ පණ්ණකතෙ නාම නගරෙ කුලගෙහෙ නිබ්බත්තා වයප්පත්තා තස්මිංයෙව නගරෙ පතිකුලං ගතා සමග්ගවාසං වසන්ති. තාසු එකා අඤ්ඤතරං පිණ්ඩචාරිකං භික්ඛුං දිස්වා පසන්නචිත්තා ඉන්දීවරකලාපං අදාසි, අපරා අඤ්ඤස්ස නීලුප්පලහත්ථකං අදාසි, අපරා පදුමහත්ථකං අදාසි, අපරා සුමනමකුළානි අදාසි. තා අපරෙන සමයෙන කාලං කත්වා තාවතිංසභවනෙ නිබ්බත්තිංසු, තාසං අච්ඡරාසහස්සං පරිවාරො අහොසි. තා තත්ථ යාවතායුකං දිබ්බසම්පත්තිං අනුභවිත්වා තතො චුතා තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන අපරාපරං තත්ථෙව සංසරන්තියො ඉමස්මිං බුද්ධුප්පාදෙ තත්ථෙව උප්පන්නා වුත්තනයෙන ආයස්මතා මහාමොග්ගල්ලානෙන පුච්ඡිතා. තාසු එකා අත්තනා කතං පුබ්බකම්මං ථෙරස්ස කථෙන්තී –
මේ ස්ත්‍රීහු වනාහි කාශ්‍යප බුදුරදුන් දවස ‘ඒසිකා’ නම් වූ රටෙහි ‘පණ්ණක්ක’ නම් නුවර කුලගෙයක ඉපිද වියපත් වී ඒ නගරයෙහිම පතිකුලයන්ට ගොස් සමගිව වාසය කරති. ඒ ස්ත්‍රීන් අතුරෙන් එක් තැනැත්තියක් පිඬු පිණිස හැසිරෙන එක්තරා භික්ෂුවක් දැක ප්‍රසන්න සිත් ඇතිව මහනෙල් මල් කළඹක් පිදුවාය. වෙනත් තැනැත්තියක් එක් භික්ෂුවකට නිලුපුල් මල් කළඹක් දුන්නාය. අනෙක් තැනැත්තිය සමන්මල් කළඹක් ද ඉතිරි තැනැත්තිය නෙළුම් මල් මිටියක් ද පූජා කළහ. ඔහු පසුකලෙක කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නාහ. එක් එක් දේවතාවියක දහස දහස බැගින් අප්සරාවෝ පිරිවර වශයෙන් සිටියහ. ඈලා දිවි ඇති තාක් එහි දිවසැපත් විඳ එයින් චුතව, තවදුරටත් පින්පල ඉතිරිව තිබූ බැවින් නැවත නැවතත් එහිම උත්පත්තිය ලැබූහ. මෙම ගෞතම බුදුන්ගේ කාලයේ ද ඈලා එහිම ඉපදී හැසිරෙමින් උන්නාහ. පෙර කියූ පිළිවෙළින් ආයුෂ්මත් මුගලන් තෙරුන් වහන්සේ විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ලද්දේ එසේ සිටියදීය. ඒ එක් තැනැත්තියක් විසින් තමන් විසින් කරන ලද පෙර පින් තෙරුන් වහන්සේට කියන්නී,
“ඉන්දීවරානං හත්ථකං අහමදාසිං, භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස; එසිකානං උණ්ණතස්මිං, නගරවරෙ පණ්ණකතෙ රම්මෙ.
ඉන්දීවරාණං හත්ථකං අහමදාසිං - භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස එසිකානං උන්නතස්මිං - නගරවරෙ පණ්ණකතෙ රම්මෙ
ඒසිකා නම් රටෙහි උස්බිමක් වූ රම්‍ය වූ පණ්ණාසක නම් නගරයේ පිඬු පිණිස හැසිරෙන භික්ෂුවකට මම මහනෙල් මල් කළඹක් පිදීමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. –
ඒ කරන ලද කුශල කර්මයෙන් මේ සා මහත් සම්පත්තියක් ද සියලු දිසා බබළවන වර්ණ සම්පත්තියක් ද ලදිමි.
ආහ. අපරා –
අනෙක් තැනැත්තිය මෙසේ කීවාය.
“නීලුප්පලහත්ථකං අහමදාසිං, භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස; එසිකානං උණ්ණතස්මිං, නගරවරෙ පණ්ණකතෙ රම්මෙ.
නීලුප්පල හත්ථකං අහමදාසිං - භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස එසිකානං උන්නතස්මිං - නගරවරෙ පණ්ණකතෙ රම්මෙ
එසිකා නම් රටෙහි උස් බිමක පිහිටි පණ්ණකත නම් නගරවරයෙහි පිඬු පිණිස හැසිරෙන භික්ෂුවකට මම නිලුපුල් මල් මිටියක් පූජා කළෙමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. –
ඒ කුසල කර්මයෙන් මේ සා මහත් සම්පත්තියක් ද, සියලු දිසා බබුළුවන වර්ණ සම්පත්තියක් ද ලදිමි.
ආහ. අපරා –
අනෙක් දෙවඟන මෙසේ කීවාය.
“ඔදාතමූලකං හරිතපත්තං, උදකස්මිං සරෙ ජාතං අහමදාසිං; භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස, එසිකානං උණ්ණතස්මිං; නගරවරෙ පණ්ණකතෙ රම්මෙ.
ඔදාත මූලකං හරිත පත්තං - උදකස්මිං පරෙජාතං අහමදාසිං භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස - එසිකානං උන්නතස්මිං නගරවරෙ පණ්ණකතෙ රම්මෙ
ඒසිකා නම් රටේ උස්බිමක රම්‍ය වූ පණ්ණකත නම් නගරයේ පිඬු පිණිස හැසිරෙන එක් භික්ෂුවකට සුදු මුල් ඇති කොළ පැහැ පත්‍ර දරන විලේ ජලයෙහි උපන් නෙළුම් මල් මිටියක් පූජා කළෙමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. –
ඒ කරන ලද පුණ්‍යකර්මයේ හේතුවෙන් මේ මහත් සම්පත්තීන් ද සියලු දිසා බබළවන වර්ණ සම්පත්තියක් ද ලදිමි.
ආහ. අපරා –
ඉතිරි දෙවඟන මෙසේ පැවසුවාය:
“අහං සුමනා සුමනස්ස සුමනමකුළානි, දන්තවණ්ණානි අහමදාසිං; භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස, එසිකානං උණ්ණතස්මිං; නගරවරෙ පණ්ණකතෙ රම්මෙ.
අහං සුමනා සුමනස්ස සුමන මකුළානි - දන්තවණ්ණානි අහමදාසිං භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස - එසිකානං උන්නතස්මිං
ඒසිකා නම් රටේ උස්බිමක වූ රම්‍ය වූ පණ්ණාසක නගරයේ මා ඉපදී සිටියදී, පිණ්ඩපාතයේ වඩින භික්ෂූන් වහන්සේ නමක් දැක යහපත් මනසක් ඇති ඒ භික්ෂුවට ඇත් දත්වල පැහැය ඇති සමන් මල් කළඹක් පිදීමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. –
ඒ කුසල කර්මයෙන් මේසා මහත් සම්පත්තියෙන් පිරි දිව්‍ය ආත්මයන් ද සකල දිසා බබුළුවන වර්ණ සම්පත්තියක් ද ලද්දෙමි.
ආහ.
තත්ථ ඉන්දීවරානං හත්ථකන්ති උද්දාලකපුප්ඵහත්ථං වාතඝාතකපුප්ඵකලාපං. එසිකානන්ති එසිකාරට්ඨස්ස. උණ්ණතස්මිං නගරවරෙති උණ්ණතෙ භූමිපදෙසෙ නිවිට්ඨෙ මෙඝොදරං ලිහන්තෙහි විය අච්චුග්ගතෙහි පාසාදකූටාගාරාදීහි උණ්ණතෙ උත්තමනගරෙ. පණ්ණකතෙති එවංනාමකෙ නගරෙ.
එහි ඉන්දීවරානං හත්ථකං උද්දාලක කළඹක්, මල්මිටක්, ඇසළ මල් කළඹක්. එසිකානං ඒසික නම් රටේ, උන්නතස්මිං නගර වරෙ උස් බිම් පෙදෙසක තනන ලද, වළාකුල් ස්පර්ශ කරන්නාක් වැනි, ඉතා උස් පිහිටි ප්‍රාසාද කුටාගාර ආදියෙන් යුත් උතුම් නගරයෙහි පණ්ණකතෙ එනම් වූ නගරයෙහි.
නීලුප්පලහත්ථකන්ති කුවලයකලාපං.
නීලුප්පලහත්ථකං නිලුපුල් මල් කළඹක්.
ඔදාතමූලකන්ති සෙතමූලං, භිසමූලානං ධවලතාය වුත්තං, පදුමකලාපං සන්ධාය වදති. තෙනාහ “හරිතපත්ත”න්තිආදි. තත්ථ හරිතපත්තන්ති නීලපත්තං. අවිජහිතමකුළපත්තස්ස හි පදුමස්ස බාහිරපත්තානි හරිතවණ්ණානි එව හොන්ති. උදකස්මිං සරෙ ජාතන්ති සරෙ උදකම්හි ජාතං, සරොරුහන්ති අත්ථො.
ඔදාතමූලකං සුදු මුල් ඇති, නෙළුම් මුල්වල සුදු බව සලකා කියන ලදී. නෙළුම් මල් කළඹක් සඳහා මෙය කියයි. එනිසා හරිතපත්තං යන ආදිය කියන ලදී. එහි හරිතපත්තං යනු කොල පැහැති පත්රයයි. නෙලුම් මල් කැකුළෙහි බාහිර පත්‍රය ඉවත් නොවූයේ නම් එම බාහිර පත්‍ර කොළ පැහැ ඇති වේ. උදකස්මිං සරෙජාතං විල් දියෙහි හටගත් ‘සරොරුහ’ නෙළුම් මල්, යන අර්ථයයි.
සුමනාති එවංනාමා. සුමනස්සාති සුන්දරචිත්තස්ස. සුමනමකුළානීති ජාතිසුමනපුප්ඵමකුළානි. දන්තවණ්ණානීති සජ්ජුකං උල්ලිඛිතහත්ථිදන්තසදිසවණ්ණානි.
සුමනා එනම් තැනැත්තිය, සුමනස්ස යහපත් මනසක් ඇති තැනැත්තකු හට, සුමන මකුළානි දෑසමන් මල් කැකුළු, දන්තවණ්ණානී සෝදා පිරිසිදු කරගත් අවස්ථාවෙහිම පෙනෙන්නාක් වැනි, ඇත් දත්වලට සමාන ඇති වර්ණය ඇති.
එවං තාහි අත්තනා කතකම්මෙ කථිතෙ ථෙරො තාසං අනුපුබ්බිං කථං කථෙත්වා සච්චානි පකාසෙසි. සච්චපරියොසානෙ සා සබ්බාපි සහපරිවාරා සොතාපන්නා අහෙසුං. ථෙරො තං පවත්තිං මනුස්සලොකං ආගන්ත්වා භගවතො ආරොචෙසි. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. සා ධම්මදෙසනා මහාජනස්ස සාත්ථිකා ජාතාති.
මෙසේ මෙම දෙවඟනෝ තමන් විසින් කරන ලද පුණ්‍ය කර්මයන් කියනු ලැබූ කල්හි ස්ථවිර තෙමේ ඒ දෙවඟනන්ට අනුපිළිවෙල කථාව කියා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළහ. ආර්ය සත්‍ය දේශනාව කෙළවර ඒ සියලු දෙවඟනෝම පිරිවර සහිතව සෝවාන් වූහ. ස්ථවිර තෙමේ මිනිස් ලොවට පැමිණ ඒ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොටගෙන පැමිණි පිරිසට ධර්මදේශනා කළහ. ඒ ධර්ම දේශනාව මහජනයාට සාර්ථක ලෙස ප්‍රයෝජනවත් වූයේය.
චතුරිත්ථිවිමානවණ්ණනා නිට්ඨිතා.
චතුරිත්ථි විමාන වර්ණනාව නිමියේ ය.
8. අම්බවිමානවණ්ණනා
8. අම්බවිමාන වර්ණනා
දිබ්බං තෙ අම්බවනං රම්මන්ති අම්බවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන සාවත්ථියං අඤ්ඤතරා උපාසිකා ආවාසදානස්ස මහප්ඵලතං මහානිසංසතඤ්ච සුත්වා ඡන්දජාතා භගවන්තං අභිවාදෙත්වා එවමාහ “අහං, භන්තෙ, එකං ආවාසං කාරෙතුකාමා, ඉච්ඡාමි තාදිසං ඔකාසං, ආචික්ඛතූ”ති. භගවා භික්ඛූ ආණාපෙසි, භික්ඛූ තස්සා ඔකාසං දස්සෙසුං. සා තත්ථ රමණීයං ආවාසං කාරෙත්වා තස්ස සමන්තතො අම්බරුක්ඛෙ රොපෙසි. සො ආවාසො සමන්තතො අම්බපන්තීහි පරික්ඛිත්තො ඡායූදකසම්පන්නො මුත්තාජාලසදිසවාලුකාකිණ්ණපණ්ඩරභූමිභාගො අතිවිය මනොහරො අහොසි. සා තං විහාරං නානාවණ්ණෙහි වත්ථෙහි පුප්ඵදාමගන්ධදාමාදීහි ච දෙවවිමානං විය අලඞ්කරිත්වා තෙලපදීපං ආරොපෙත්වා අම්බරුක්ඛෙ ච අහතෙහි වත්ථෙහි වෙඨෙත්වා සඞ්ඝස්ස නිය්යාදෙසි.
දිබ්බන්තෙ අම්බවනං රම්මන්ති යනුවෙන් අම්බ විමාන වස්තුව ඇති වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වාසය කරන සේක. එකල්හි සැවැත්නුවර එක්තරා උපාසිකාවක් ආවාස දානයෙහි මහත්ඵල මහානිසංස භාවය ද අසා ඒ පිළිබඳව කැමැත්තක් උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේට වැඳ ‘ස්වාමීනි, මම ආවාසයක් කර පූජා කිරීමට කැමැත්තෙමි. ඒ සඳහා අවසරය ප්‍රකාශ කරන සේක්වා’ යනුවෙන් කීවාය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් හට ඒ සඳහා අණ කළහ. භික්ෂූහු ඇයට ඒ අවසරය දුන්හ. ඕ තොමෝ මනරම් ආවාසයක් කරවා එය හාත්පස අඹ ගස් රෝපණය කළාය. ඒ ආවාසය අවට හාත්පස අඹරුක් සෙවණින් සෙවණ වූ හා මිහිරි ජලයෙන් යුක්ත වූ මුතුදැලක් වැනි සුදුවැලි විසුරුවන ලද්දේ ඒ ආවාසය අතිශයින් මනරම් විය. ඕ තොමෝ ඒ විහාරය නා නා වර්ණයන්ගෙන් යුත් රැළි පාලම්වලින් ද, මල්දම් සුවඳ දුම් ආදියෙන් ද දෙව් විමනක් සේ අලංකාර කොට තෙල් පහන් දල්වා අඹරුක් ද අළුත් වස්ත්රයගෙන් ඔතා සංඝයා හට පවරා දුන්හ.
සා අපරභාගෙ කාලං කත්වා තාවතිංසභවනෙ නිබ්බත්ති, තස්සා මහන්තං විමානං පාතුරහොසි අම්බවනපරික්ඛිත්තං. සා තත්ථ අච්ඡරාගණපරිවාරිතා දිබ්බසම්පත්තිං අනුභවති. තං ආයස්මා මහාමොග්ගල්ලානො උපගන්ත්වා ඉමාහි ගාථාහි පුච්ඡි –
ඇය පසුකලෙක කළුරියකොට තව්තිසා භවනයේ උපත ලැබුවාය. ඇයට දිව්‍යමය අඹ වනයකින් වට වූ මහත් විමනක් පහළ විය. මේ තොමෝ අප්සරාවන් පිරිසක් විසින් පිරිවරණ ලදුව එහි දිවසැප අනුභව කළාය. ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ දෙව්ලොවට වැඩ සැරිසරන්නේ ඇය වෙත පැමිණ මෙසේ ප්‍රශ්න කළාහ.
“දිබ්බං තෙ අම්බවනං රම්මං, පාසාදෙත්ථ මහල්ලකො; නානාතූරියසඞ්ඝුට්ඨො, අච්ඡරාගණඝොසිතො.
දිබ්බන්තෙ අම්බවනං රම්මං - පාසාදෙත්ථ මහල්ලකො නානා තුරිය සංඝුට්ඨො - අච්ඡරා ගණ ඝොසි තො
ඔබගේ දිව්‍යමය වූ අම්බවනය රමණීය වේ. මෙහි ඇති විශාල වූ ප්‍රාසාදය නොයෙක් තුර්ය නාදයන්ගෙන් සමන්විතය. අප්සරා සමූහයා විසින් ද විවිධ මනහර ශබ්ද පවත්වනු ලැබේ.
“පදීපො චෙත්ථ ජලති, නිච්චං සොවණ්ණයො මහා; දුස්සඵලෙහි රුක්ඛෙහි, සමන්තා පරිවාරිතො.
පදීපො චෙත්ථජලති - නිච්චං සොවණ්ණ යො මහා දුස්ස එලෙහි රුක්ඛෙහි - සමන්තා පරිවාරිතො
ස්වරණමය වූ උතුම් පහනක් මෙහි නිතර බබළයි. රෙදිවලින් ආවරණය කළ අඹගස් ඵලයන්ගෙන් යුක්තය. රුක්පෙලින් හාත්පස ආවරණය වී වට වී තිබේ.
“කෙන තෙතාදිසො වණ්ණො…පෙ…වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
ඔබගේ දීප්තිමත් වර්ණය ද දස දිසාවන් බබළවයි. මේසා සම්පත් හා ප්‍රභා සම්පන්න සිරුරක් ලබන්නට ඔබ විසින් කරන ලද පුණ්යකර්ම කවරේද?
“සා දෙවතා අත්තමනා…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
ඒ දේවතා දුව තමන් විසින් කරන ලද කුශල කර්මයන් විස්තර කරමින්,
“අහං මනුස්සෙසු මනුස්සභූතා, පුරිමාය ජාතියා මනුස්සලොකෙ; විහාරං සඞ්ඝස්ස කාරෙසිං, අම්බෙහි පරිවාරිතං.
අහං මනුස්සෙසු මනුස්ස භූතා පුරිමාය ජාතියා මනුස්ස ලොකෙ විහාරං සංඝස්ස කාරෙසිං - අම්බෙහි පරිවාරිතං
පෙර භවයෙහි මම මිනිස් ලොව මිනිස් දුවක්ව ඉපදී - මනහර වූ විහාරයක් කරවා මහා සංඝයාට පූජා කළෙමි.
“පරියොසිතෙ විහාරෙ, කාරෙන්තෙ නිට්ඨිතෙ මහෙ; අම්බෙහි ඡාදයිත්වාන, කත්වා දුස්සමයෙ ඵලෙ.
පරියොසිතෙ විහාරෙ - කාරෙන්තෙ නිට්ඨිතෙ මහෙ අම්බෙ අච්ඡාදයිත්වාන - කත්වා දුස්සමයෙ එලෙ
විහාරයේ ඉදිකිරීම් නිම වූ කල්හි, විහාරය වටා අඹගස් සිටුවා ඒ ගස්වල කඳන් විවිධ වර්ණ රෙදිවලින් ආවරණය කර විසිතුරු කළෙමි.
“පදීපං තත්ථ ජාලෙත්වා, භොජයිත්වා ගණුත්තමං; නිය්යාදෙසිං තං සඞ්ඝස්ස, පසන්නා සෙහි පාණිභි.
පදීපං තත්ථ ජාලෙත්වා - භොජයිත්වා ගණුත්තමං නීය්යාදෙසිං තං සංඝස්ස - පසන්නා සෙහි පාණිහි
විහාරය තුළ නිතර දැල්වෙන පහන් දැල්වීමි. ශ්‍රාවක සංඝයා වෙත දන් දී විහාරය පවරා දුනිමි.
“තෙන මෙ අම්බවනං රම්මං, පාසාදෙත්ථ මහල්ලකො; නානාතූරියසඞ්ඝුට්ඨො, අච්ඡරාගණඝොසිතො.
“පදීපො චෙත්ථ ජලති, නිච්චං සොවණ්ණයො මහා; දුස්සඵලෙහි රුක්ඛෙහි, සමන්තා පරිවාරිතො.
පදීපො චෙත්ථ ජලති - නිච්චං සොවණ්ණයො මයා දුස්ස එලෙහි රුක්ඛෙහි - සමන්තා පරිචාරිතො
ස්වර්ණමය වූ දහම් පහනක් නිතර මෙහි බැබළෙයි. වස්ත්‍රවලින් වැසූ ඵලයන්ගෙන් යුත් අඹ රුක් මෙහි හාත්පස වටකරගෙන සිටී.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. –
කරන ලද පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් මෙබඳු වූ සම්පත් ද, දිව විමන් ද, සියලු දිසාවන් බබලුවන මනහර ඡවි වර්ණයක් ද ලදුයේ වෙමි.
සා දෙවතා බ්යාකාසි.
තත්ථ මහල්ලකොති මහන්තො ආයාමවිත්ථාරෙහි උබ්බෙධෙන ච විපුලො, උළාරතමොති අත්ථො. අච්ඡරාගණඝොසිතොති තං පමොදිතුං සඞ්ගීතිවසෙන චෙව පියසල්ලාපවසෙන ච අච්ඡරාසඞ්ඝෙන සමුග්ඝොසිතො.
එහි මහල්ලතො මහත් වූ, දිගින් පළලින්, උසින් ද විශාල වූ, උදාරතම වූ යන අරුත් දැක්වේ. අච්ඡරාගණා ඝොසිතා ඇය ප්‍රීතිමත් කරවීම පිණිස සාමූහිකව ගී ගැයීම් වශයෙන් ද ප්රියසල්ලාප වශයෙන් ද, අප්සරාවන් සමූහයා විසින් මනහර හඬ නගන ලදී.
පදීපො චෙත්ථ ජලතීති සූරියරස්මිසමුජ්ජලකිරණවිතානො රතනප්පදීපො ච එත්ථ එතස්මිං පාසාදෙ අභිජලති. දුස්සඵලෙහීති දුස්සානි ඵලානි එතෙසන්ති දුස්සඵලා. තෙහි සමුග්ගිරියමානදිබ්බවත්ථෙහීති අත්ථො.
පදීපො චෙත්ථජලතීති බබළන හිරු රැස් නිසා පෙනෙන හිරු රැස් වියනට අමතරව රුවන්මුවා පහන ද මෙම ප්‍රාසාදයේ දිවා රාත්‍රී දැල්වේ. දීප්තිමත්ව බබළයි. දුස්සඵලෙහි රෙදිවලින් තැනූ ගෙඩි මේවාට ඇතැයි යන අදහසින් දුස්සඵල යයි යෙදේ. කියනු ලබන්නා වූ එම දිව්‍යමය වස්ත්රයන්ගෙන් යන අදහසයි.
කාරෙන්තෙ නිට්ඨිතෙ මහෙති කතපරියොසිතස්ස විහාරස්ස මහෙ පූජාය කරීයමානාය ච. කත්වා දුස්සමයෙ ඵලෙති දුස්සෙයෙව තෙසං අම්බානං ඵලං කත්වා.
කාරෙන්නො නිට්ඨිතෙ මහෙ ඉදිකොට නිම වූ විහාරය පැවරීමේ දී පූජාව කරනු ලබන කල්හි, කත්වා දුස්සමයෙ ඵලෙ ඒ අඹරුක් රෙදිවලින් සරසා රෙදිවලින් තැනූ ගෙඩි එල්ලා අලංකාර කරන ලදී.
ගණුත්තමන්ති ගණානං උත්තමං භගවතො සාවකසඞ්ඝං. නිය්යාදෙසින්ති සම්පටිච්ඡාපෙසිං, අදාසින්ති අත්ථො. සෙසං වුත්තනයමෙව.
ගණුත්තමං සමූහයක් අතරින් උතුම් වූ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ සමූහයා නීය්යාදෙසි පවරා දුන්නේය. පිළිගැන්වූයෙමි. භාරදුනිමි යන අර්ථයි. සෙස්ස පෙර කියන ලද පරිදිම වේ.
අම්බවිමානවණ්ණනා නිට්ඨිතා.
අම්බ විමාන වර්ණනාව නිමියේ ය.
9. පීත විමානවණ්ණනා
9. පීතවිමාන වර්ණනා
පීතවත්ථෙ පීතධජෙති පීතවිමානං. තස්ස කා උප්පත්ති? භගවති පරිනිබ්බුතෙ රඤ්ඤා අජාතසත්තුනා අත්තනා පටිලද්ධා භගවතො සරීරධාතුයො ගහෙත්වා ථූපෙ ච මහෙ ච කතෙ රාජගහවාසිනී අඤ්ඤතරා උපාසිකා පාතොව කතසරීරපටිජග්ගනා “සත්ථු ථූපං පූජෙස්සාමී”ති යථාලද්ධානි චත්තාරි කොසාතකීපුප්ඵානි ගහෙත්වා සද්ධාවෙගෙන සමුස්සාහිතමානසා මග්ගපරිස්සයං අනුපධාරෙත්වාව ථූපාභිමුඛී ගච්ඡති. අථ නං තරුණවච්ඡා ගාවී අභිධාවන්තී වෙගෙන ආපතිත්වා සිඞ්ගෙන පහරිත්වා ජීවිතක්ඛයං පාපෙසි. සා තාවදෙව තාවතිංසභවනෙ නිබ්බත්තන්තී සක්කස්ස දෙවරඤ්ඤො උය්යානකීළාය ගච්ඡන්තස්ස පරිවාරභූතානං අඩ්ඪතියානං නාටකකොටීනං මජ්ඣෙ අත්තනො සරීරපභාය තා සබ්බා අභිභවන්තී සහ රථෙන පාතුරහොසි. තං දිස්වා සක්කො දෙවරාජා විම්හිතචිත්තො අච්ඡරියබ්භුතජාතො “කීදිසෙන නු ඛො ඔළාරිකෙන කම්මුනා අයං එදිසිං සුමහතිං දෙවිද්ධිමුපාගතා”ති තං ඉමාහි ගාථාහි පුච්ඡි –
පීත වත්ථෙ පීත ධජෙ යනුවෙන් පීත විමාන වත්ථුව ඉදිරිපත් වේ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි අජාසත් රජු, තමන් විසින් ලබාගත් සර්වඥයන් වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන ඒ සඳහා චෛත්‍යයක් තනවා එහි ප්‍රථම පූජා පවත්වන අවදියේ, රජගහනුවර වැසි එක්තරා උපාසිකාවක් උදෑසනම කරන ලද සිරුරු පිළිදැගුම් ඇත්තේ, ශාස්තෲන් වහන්සේගේ ථූපයට පූජා කරන්නෙමියි සිතා තමන්ට සපයා ගතහැකි වැටකොළු මල් සතරක් ගෙන ශ්‍රද්ධා වේගයෙන් උත්සාහවත් වී මාර්ග අපහසුතාවයන් ද නොසලකා සැදැහැ සිතින් ස්ථූපය වෙත ගමන් කළාය. එහිදී දුවමින් යන එක් එළදෙනක් පැමිණ ඇයට ඇන ඇය ජීවිතක්ෂයට පත්කළාය. මරණයෙන් පසු තව්තිසාවෙහි ඉපදුනු ඇය උයන්කෙළියට යන සක්දෙව් රජුගේ පිරිවර වූ කෝටි දෙකහමාරක් පමණ වූ නාටිකාවන් මැද, තමන්ගේ ශරීරාවලෝකයෙන් ඒ සියලුදෙන මැඩ පවත්වමින් රථයක් ද සහිතව එම පෙරහැරෙහිම පහළ වූවාය. සක්දෙව් රජ තෙමේ ඇය දැක ඒ අද්භූත ආශ්චර්යයෙන් විස්මයට පත් සිත් ඇතිව කෙබඳු වූ ඕළාරික කර්මයකින් මෙවන් ඍද්ධිමත් දිව්‍ය ඍද්ධියකට පැමිණියාදැයි මෙම ගාථාවන් මගින් ඇගෙන් ප්‍රශ්න කළේය.
“පීතවත්ථෙ පීතධජෙ, පීතාලඞ්කාරභූසිතෙ; පීතචන්දනලිත්තඞ්ගෙ, පීතඋප්පලමාලිනී.
පීත වත්ථෙ පීත ධජෙ - පීතාලංකාර භූසිතෙ පීත චන්දන ලිත්තංගෙ - පීත උප්පල මාලිනී
“පීතපාසාදසයනෙ, පීතාසනෙ පීතභාජනෙ; පීතඡත්තෙ පීතරථෙ, පීතස්සෙ පීතබීජනෙ.
පීත පාසාද සයනෙ - පීතාසනෙ පීත භාජනෙ පීතච්ඡත්තෙ පීතරථෙ - පීතස්සෙ පීත වීජනෙ
“කිං කම්මමකරී භද්දෙ, පුබ්බෙ මානුසකෙ භවෙ; දෙවතෙ පුච්ඡිතාචික්ඛ, කිස්ස කම්මස්සිදං ඵල”න්ති.
කිං කම්ම මකරී භද්දෙ - පුබ්බෙ මානුසකෙ භවෙ දෙවතෙ පුච්ඡිතා චික්ඛ - කිස්ස කම්මස්සිදං ඵලං
රන්වන් වස්ත්‍ර, රන්වන් කොඩි ද දරණ රන්වන් අලංකාරයෙන් බබළන, රන්වන් සඳුන් අලේප කළ ශරීර අවයව ඇති, රන්වන් උපුල් මල් මාලා පළඳින, ප්‍රාසාද හා යහන් ආදී සියල්ල රන්වන් වූ ආසන භාජන ඡත්‍ර රථ අශ්වයන් විජිනිපත් ද ඇති භද්‍රාවනි! ඔබ මේ සැප සම්පත් ලබන්නට මිනිස්ලොවදී කවරනම් පුණ්‍යකර්මයක් කළේද? දේවතාවියනි, මෙය කවර නම් පුණ්‍යකර්මයක විපාකයක්ද? ප්‍රතිඵලයක්ද යන බව මම දැනගනු කැමැත්තෙමි. නොවළහා එය කියනු මැනවි.
සාපිස්ස ඉමාහි ගාථාහි බ්යාකාසි –
ඒ දේවතා මෙසේ ඔහුට පිළිතුරු ප්‍රකාශ කළාය.
“කොසාතකී නාම ලතත්ථි භන්තෙ, තිත්තිකා අනභිච්ඡිතා; තස්සා චත්තාරි පුප්ඵානි, ථූපං අභිහරිං අහං.
කොසාතකී නාම ලතත්ථි - භන්තෙ කිත්තිතා අනභිඣිජිතා තස්සා චත්තාරි පුප්ඵානි - ථූපං අභිහරිං අහං
සක්දෙවිඳුනි! ප්‍රසිද්ධ වූ කිසිවෙකු විසිනුත් ලෝභ නොකරන වැටකොළු නමින් වැල් වර්ගයක් ඇත. මම එයින් මල් හතරක් චෛතය වෙත ගෙන ආවෙමි.
“සත්ථු සරීරමුද්දිස්ස, විප්පසන්නෙන චෙතසා; නාස්ස මග්ගං අවෙක්ඛිස්සං, න තග්ගමනසා සතී.
සත්ථු සරීර මුද්දිස්ස - විප්පසන්නෙන චෙතසා නාස්ස මග්ගං - අවෙක්ඛිස්සං - තදග්ග මනසාසතී
ශාස්තෲන් වහන්සේගේ ශාරීරික ධාතුන් උදෙසා බෙහෙවින් පැහැදුනු සිතින් යුතුව උන්වහන්සේගේ ගුණ සිහිකරමින් යද්දීම මහා මාර්ගය නුදුටුවෙමි.
“තතො මං අවධී ගාවී, ථූපං අපත්තමානසං; තඤ්චාහං අභිසඤ්චෙය්යං, භිය්යො නූන ඉතො සියා.
තතො මං අවධි ගාවීත - ථූපං අප්පත්ත මානසං තඤ්චාහං අභිසඤ්චෙය්යං - භීයො නූන ඉතො සියා
චෛත්‍යය කරා එන්නා වූ මා, චෛත්‍යයට නො පැමිණි බව මනසෙහි තිබියදීම, (චෛත්‍යය පෙනි පෙනීම) එක්තරා එළදෙනක් විසින් අඟින් ඇන මා මරණයට පත්කරන ලදී.
“තෙන කම්මෙන දෙවින්ද, මඝවා දෙවකුඤ්ජර; පහාය මානුසං දෙහං, තව සහබ්යමාගතා”ති.
තෙන කම්මෙන දෙවින්ද මඝවා දෙව කුඤ්ජර පහාය මානුසං දෙහං - තව සහව්යත මාගතා
දෙවිඳුනි, මඝවා නම් දෙව්ලොව ඇත් රජුනි, මිනිස්ලොව ආත්ම භාවය අත්හළ මා ඔබගේ සහවාසයට පැමිණියෙමි.
තත්ථ පීතචන්දනලිත්තඞ්ගෙති සුවණ්ණවණ්ණෙන චන්දනෙන අනුලිත්තසරීරෙ. පීතපාසාදසයනෙති සබ්බසොවණ්ණමයෙන පාසාදෙන සුවණ්ණපරික්ඛිත්තෙහි සයනෙහි ච සමන්නාගතෙ. එවං සබ්බත්ථ හෙට්ඨා උපරි ච පීතසද්දෙන සුවණ්ණමෙව ගහිතන්ති දට්ඨබ්බං.
එහි පීත චන්දන ලිත්තංග රන්වන් සඳුන්වලින් ආලේපිත වූ සිරුර ඇති, පීත පාසාද සයනෙ සම්පුර්ණයෙන්ම ස්වර්ණමය වූ ප්රාසාදා දියෙන් ද රනින් නිම වූ යහන්වලින් ද යුක්තව යන අදහසයි. මෙහි මතු හමුවන සෑම ‘පීත’ යන වචනයක්ම රත්රන් සඳහා කියන ලද බව දතයුතුයි.
ලතත්ථීති ලතා අත්ථි. භන්තෙති සක්කං දෙවරාජානං ගාරවෙන ආලපති. අනභිච්ඡිතාති න අභිකඞ්ඛිතා.
ලභත්ථි වැළක් ඇත. භන්තෙ ශක්‍ර දිව්යරාජ්යයාට ගෞරවයෙන් අමතයි. අනභජ්ඣා කැමති නොවූ
සරීරන්ති සරීරභූතං ධාතුං. අවයවෙ චායං සමුදායවොහාරො යථා “පටො ඩඩ්ඪො, සමුද්දො දිට්ඨො”ති ච. අස්සාති ගොරූපස්ස. මග්ගන්ති ආගමනමග්ගං. න අවෙක්ඛිස්සන්ති න ඔලොකයිං. කස්මා? න තග්ගමනසා සතීති, තස්සං ගාවියං ගතමනා ඨපිතමනා න හොන්තී, අඤ්ඤදත්ථු භගවතො ථූපගතමනා එව සමානාති අත්ථො. “තදඞ්ගමනසා සතී”ති ච පාඨො, තදඞ්ගෙ තස්ස භගවතො ධාතුයා අඞ්ගෙ මනො එතිස්සාති තදඞ්ගමනසා. එවංභූතා අහං තදා තස්සා මග්ගං නාවෙක්ඛිස්සන්ති දස්සෙති.
සරීරං ශාරීරික ධාතු - අවයවයන් යන අදහස ගෙනේ. සරීර යන පොදුවේ ව්‍යවහාර වේ. ‘පට දඩ්ඪ - සමුද්ද දිට්ඨ’ යන පද අර්ථ සමූහයක් දක්වන්නා මෙනි. අස්සා ගෝ රූප වූවහුගේ, මග්ගං පැමිණෙන මාර්ගය, නඅවෙක්ඛිස්සං නො බැලුවේය. කවර හෙයින්ද, යම් හෙයකින් තදග්ග මනසා සතී එම ගවදෙනට යා යුතු, නැවතිය යුතු වෙන තැන් නැත. භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍යය වෙත යාමට යන අදහසයි. ‘තදංග මනසා සතී’ යයි ද පාඨයක් වේ. එහිදී භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් කොටසක් (තදංග) සිත (මනො) මැය වෙත පවතී. එනිසාම යනුවෙන් තදංග මනසාසතී යන පදය සෑදේ. මෙසේ වූ මම එදින - ගවදෙනගේ මාර්ගය නොදුටු යන බව දැක්වේ.
ථූපං අපත්තමානසන්ති ථූපං චෙතියං අසම්පත්තඅජ්ඣාසයං, මනසි භවොති හි මානසො, අජ්ඣාසයො මනොරථො. “ථූපං උපගන්ත්වා පුප්ඵෙහි පූජෙස්සාමී”ති උප්පන්නමනොරථස්ස අසම්පුණ්ණතාය එවං වුත්තං. ථූපං චෙතියං පන පුප්ඵෙහි පූජනචිත්තං සිද්ධමෙව, යෙන සා දෙවලොකෙ උප්පන්න. තඤ්චාහං අභිසඤ්චෙය්යන්ති තඤ්චෙ අහං අභිසඤ්චිනෙය්යං, පුප්ඵපූජනෙන හි පුඤ්ඤං අහං ථූපං අභිගන්ත්වා යථාධිප්පායං පූජනෙන සම්මදෙව චිනෙය්යං උපචිනෙය්යන්ති අත්ථො. භිය්යො නූන ඉතො සියාති ඉතො යථාලද්ධසම්පත්තිතොපි භිය්යො උපරි උත්තරිතරා සම්පත්ති සියාති මඤ්ඤෙති අත්ථො.
ථූපං අපත්ත මානසං ස්ථූපය හෙවත් චෛත්‍යය වෙතට නොපැමිණි බව යන අදහස සිතෙහි හටගනියි. (මනසි - භවොහි = මානසො යනුවෙන් පදය හැදේ. අජ්ඣාසය යනු කැමැත්තයි. චෛත්‍යය වෙත ගොස් මලින් පුදන්නෙමියි යන අදහස, සිතිවිල්ල උපන් ආශාව සම්පූර්ණ නොවූ නිසා මෙසේ කියන ලදී. එහෙත් ස්ථූපය - චෛත්‍යය මලින් පිදීමේ සිත සම්පූර්ණ විය. එයින් ඇය දෙව්ලොව උපන්නේය. තඤ්චාහං අභි සඤ්චෙය්යං ස්ථූපය මලින් පිදීමේ සිත මා ඉදින් සිතන්නේ නම් එයම ‘පින’ වන්නේය. මම චෛත්‍යය වෙත ගොස් රිසි සේ පූජා කිරීමෙන් මනාව හික්මෙන බව පින් රැස් කරන්නෙමි යන අර්ථය යි. භීයො නූන ඉතො සියා යම්සේ මෙයින් ලැබූ සම්පතට ද වඩා වැඩියෙන් මත්තෙහි දී උසස් සම්පත් ලැබේ යයි අදහස් කෙරේ.
මඝවා දෙවකුඤ්ජරාති ආලපනං. තත්ථ දෙවකුඤ්ජරාති සබ්බබලපරක්කමාදිවිසෙසෙහි දෙවෙසු කුඤ්ජරසදිසො. සහබ්යන්ති සහභාවං.
මසවා දෙවකුඤ්ජර ඇමතීමයි. එහි දෙව කුඤ්ජරා යනු සර්ව බල පරාක්‍රම ආදී වශයෙන් සෙසු දෙවිවරුන් අතරෙහි ඇතකුට සමාන යන අදහසයි. සහව්යතං සහය පිණිස. සහය බව.
“ඉදං සුත්වා තිදසාධිපති, මඝවා දෙවකුඤ්ජරො; තාවතිංසෙ පසාදෙන්තො, මාතලිං එතදබ්රවී”ති. –
ඉදං සුත්වා තිදසාධිපති - මඝවා දෙව කුඤ්ජරො තාවතිංසෙ අසාදෙන්තො - මාතලි එතදබ්රෑවි
ඉදං ධම්මසඞ්ගාහකවචනං. තතො සක්කො මාතලිපමුඛස්ස දෙවගණස්ස ඉමාහි ගාථාහි ධම්මං දෙසෙසි –
මෙය අසා තිදස්පුරට අධිපති මසවා නම් දිව්‍ය හස්තියා තව්තිසාවෙහි දෙවියන් තුණුරුවන් කෙරෙහි පහදවමින් මාතලීට මෙසේ කීය.
“පස්ස මාතලි අච්ඡෙරං, චිත්තං කම්මඵලං ඉදං; අප්පකම්පි කතං දෙය්යං, පුඤ්ඤං හොති මහප්ඵලං.
මාතලිය ආශ්චර්යය බලන්න. මේ කර්මඵලය යන විචිත්‍ර වූවකි. සුළු වශයෙන් හෝ කළ දෙයෙහි පින මහත්ඵල මහානිසංස වන්නේමය.
“නත්ථි චිත්තෙ පසන්නම්හි, අප්පකා නාම දක්ඛිණා; තථාගතෙ වා සම්බුද්ධෙ, අථ වා තස්ස සාවකෙ.
බුදුන් කෙරෙහි ද බුදු සව්වන් කෙරෙහි ද පහන් සිත් ඇතිව දුන් දාන වස්තුව, මල් පූජා කිරීම් ආදියේ විපාකය ස්වල්ප වන්නේ නොවේ. නුග බිජුවට කුඩා වුවත් ගස් මහත් වන්නා සේ දාන වස්තුව ස්වල්ප වුවත් ඵලය මහත් වන්නේ ය.
“එහි මාතලි අම්හෙපි, භිය්යො භිය්යො මහෙමසෙ; තථාගතස්ස ධාතුයො, සුඛො පුඤ්ඤානමුච්චයො.
මාතලිය එන්න. උයන් කෙළියට යාමෙන් ප්‍රයෝජන නැත. අපි බුදුන්ගේ ධාතු පූජාවට යමු. බුදුන්ගේ ධාතු පූජාව කුශලයන් අතුරෙන් උසස් කුශලයක් වන්නේය.
“තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි, සමෙ චිත්තෙ සමං ඵලං; චෙතොපණිධිහෙතුහි, සත්තා ගච්ඡන්ති සුග්ගතිං.
බුදුන් කෙරෙහි යට අදහස් ඇතිව යමක් පිදුයේ වී නම් බුදුන්ට කළා වූ පූජාවන් පිරිනිවන් පෑ කල කරන උද්දේසික පූජාවත් සම විපාක වන්නේය. සිත මනාව පවත්වා ගැනීමේ හේතුවෙන් ද සත්ත්වයෝ සුගතියට යති.
“බහූනං වත අත්ථාය, උප්පජ්ජන්ති තථාගතා; යත්ථ කාරං කරිත්වාන, සග්ගං ගච්ඡන්ති දායකා”ති.
යම්බඳු වූ උතුමන් කෙරෙහි කළ යුතු දේ කොට දිය යුත්තක් කෙරෙහි දෙන තැනැත්තේ ස්වර්ගයට යෙත්. බොහෝ දෙනකුගේ ප්‍රයෝජනය සඳහා තථාගතයෝ පහළ වෙති.
තත්ථ පසාදෙන්තොති පසන්නෙ කරොන්තො, රතනත්තයෙ සද්ධං උප්පාදෙන්තොති අත්ථො.
එහි පසාදෙන්තො පැහැදුනවුන් බවට පත් කරන්නෝ. කම්මඵලන්ති දෙනු ලබන දෙයෙහි වටිනාකමක් නැති වූයේ නමුදු, ක්ෂේත්‍ර සම්පන්තියේ හෙවත් දීම ලබන උතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය නිසා ද, චිත්ත සම්පත්තිය හෙවත් දෙන්නාගේ චිත්ත පාරිශුද්ධිය නිසාද, උදාර වූ පුණ්‍යකර්මයක් සිදුවේ.
චිත්තන්ති විචිත්තං අචින්තෙය්යං. කම්මඵලන්ති දෙය්යධම්මස්ස අනුළාරත්තෙපි ඛෙත්තසම්පත්තියා ච චිත්තසම්පත්තියා ච උළාරස්ස පුඤ්ඤකම්මස්ස ඵලං පස්සාති යොජනා. අප්පකම්පි කතං දෙය්යං, පුඤ්ඤං හොති මහප්ඵලන්ති එත්ථ කතන්ති කාරවසෙන සක්කාරවසෙන ආයතනෙ විනියුත්තං. දෙය්යන්ති දාතබ්බවත්ථුං. පුඤ්ඤන්ති තථාපවත්තං පුඤ්ඤකම්මං.
චිත්තං විචිත්‍ර වූ සිතා නිමකළ නොහැක්කා වූ. කම්මඵලං දෙනු ලබන දෙයෙහි උසස් වීමක් ලබන ලද්දේ නමුදු. ක්ෂේත්‍ර සම්පත්තියද නිසාද, දෙන්නහුගේ චිත්ත පාරිසුද්ධිය නිසාද, උදාර වූ පුණ්‍ය කර්මයන් සිදුවේ. එහි ඵලය බලන්න. අප්පකම්පි කතං දෙය්යං පුඤ්ඤං හොති මහප්ඵලං මෙහි ‘කතං’ යනු ක්‍රියාව වශයෙන් ද, සංග්‍රහ කිරීම් වශයෙන් ද, කාර්යයෙහි යෙදුනා වූ දෙය්යං දිය යුතු වස්තුව පුඤ්ඤං ඒ අනුව පවත්නා වූ පුණ්‍යකර්මය,
ඉදානි යත්ථ අප්පකම්පි කතං පුඤ්ඤං මහප්ඵලං හොති, තං පාකටං කත්වා දස්සෙන්තො “නත්ථි චිත්තෙ පසන්නම්හී”ති ගාථමාහ. තං සුවිඤ්ඤෙය්යමෙව.
දැන් මීලඟට යම් අරමුණක් කෙරෙහි කරන ලද්දේ සුළු වුවද පින මහත්ඵල වන්නේ ය. එය පැහැදිලි කොට දක්වමින් නත්ථි චිත්තෙ පසන්නම්හි කීය.
අම්හෙපීති මයම්පි. මහෙමසෙති මහාමසෙ පූජාමසෙ. චෙතොපණිධිහෙතු හීති අත්තනො චිත්තස්ස සම්මදෙව ඨපනනිමිත්තං, අත්තසම්මාපණිධානෙනාති අත්ථො. තෙනාහ භගවා –
අම්හෙපි අපිද ගරු කරමු. පූජා කරමු. මෙහෙමසෙ චෙතො පණධිහෙතු තමන්ගේ සිත් මනාව පවත්නා නිමිත්ත - සිත මනාව පිහිටුවා ගැනීමෙන් යන අර්ථයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“න තං මාතාපිතා කයිරා, අඤ්ඤෙ වාපි ච ඤාතකා; සම්මා පණිහිතං චිත්තං, සෙය්‍යසො නං තතො කරෙ”ති. (ධ· ප· 43);
‘මනාව පිහිටුවා ගත් සිත හෙවත් මනාව දමනය කළ හිත, උතුම් ලෙස යහපත සිදු කරන්නේ ය. මව හෝ පියා හෝ අන්කිසි නෑ මිතුරෙක් හෝ ඒ යහපත සිදු නො කරන්නේ ය.’
එවඤ්ච පන වත්වා සක්කො දෙවානමින්දො උය්යානකීළාය උස්සාහං පටිප්පස්සම්භෙත්වා තතොව පටිනිවත්තිත්වා අත්තනා අභිණ්හං පූජනෙය්යට්ඨානභූතෙ චූළාමණිචෙතියෙ සත්තාහං පූජං අකාසි. අථ අපරෙන සමයෙන දෙවචාරිකං ගතස්ස ආයස්මතො නාරදත්ථෙරස්ස තං පවත්තිං ගාථාහෙව කථෙසි, ථෙරො ධම්මසඞ්ගාහකානං ආරොචෙසි, තෙ තථා නං සඞ්ගහං ආරොපෙසුන්ති.
සක්දෙව්රද මෙසේ කියා උයන්කෙළි පිණිස පැවැති අදහස යටපත්කොට එතැනින්ම හැරී ආපසු ගොස් තමන් විසින් නිතර පුදනා වූ සිළුමිණි සෑයෙහි සත්දිනක් පුදපූජා පැවැත්වූහ. පසුදිනක දෙව්ලොව චාරිකාවේ යෙදුනු ආයුෂ්මත් නාරද තෙරුන් සමග සක්දෙව්රජ මේ පුවත විස්තර කළේය. නාරද තෙරුන් වහන්සේ ධර්ම සංගායනා කරන සංඝ ස්ථවිරයන් වහන්සේලා වෙත යොමු කළහ. ඒ තෙරවරු එය සංගායනා කළහ.
පීතවිමානවණ්ණනා නිට්ඨිතා.
පීත විමාන වර්ණනාව නිමියේ ය.
10. උච්ඡු විමානවණ්ණනා
10. උච්ඡුවිමාන වර්ණනා
ඔභාසයිත්වා පථවිං සදෙවකන්ති උච්ඡුවිමානං. තං හෙට්ඨා උච්ඡුවිමානෙන පාළිතො ච අට්ඨුප්පත්තිතො ච සදිසමෙව. කෙවලං තත්ථ සස්සු සුණිසං පීඨකෙන පහරිත්වා මාරෙසි, ඉධ පන ලෙඩ්ඩුනාති අයමෙව විසෙසො. වත්ථුනො පන භින්නත්තා උභයම්පි විසුංයෙව සඞ්ගහං ආරුළ්හන්ති වෙදිතබ්බං.
ඔභාසයිත්වා පඨවිං සදෙවකං යන මෙය උච්ජු (උක්) විමාන වස්තුවයි. එය මෙයට පළමු උච්ඡුදායක විමාන වස්තුවට සමානය. අර්ථෝත්පත්තිය ද සමානය. හුදෙක් එහි මාමා පුටුවකින් පහරදී ලේලිය මැරීය. මෙම කථා වස්තුවේ ඇත්තේ වයිල ගලකින් පහර දී මැරූ බවයි. මෙය පමණක් මෙහි වෙනසයි. කථාවස්තු වෙනස් නිසා දෙකම සංග්‍රහ කළ බව දතයුතුය.
“ඔභාසයිත්වා පථවිං සදෙවකං, අතිරොචසි චන්දිමසූරියා විය; සිරියා ච වණ්ණෙන යසෙන තෙජසා, බ්‍රහ්මාව දෙවෙ තිදසෙ සහින්දකෙ.
දෙවියන් සහිත වූ පෘථුවිය, සඳ හිරුගෙන් බැබළෙන මෙන් බබළවයි. ඉන්ද්රයා සහිත වූ තව්තිසා වැසි දෙවියන් බ්‍රහ්මයා මෙන් ද සිරියාවෙන්ද, වර්ණයෙන් ද කීර්තියෙන් ද තෙදින් ද බබළයි.
“පුච්ඡාමි තං උප්පලමාලධාරිනී, ආවෙළිනී කඤ්චනසන්නිභත්තචෙ; අලඞ්කතෙ උත්තමවත්ථධාරිනී, කා ත්වං සුභෙ දෙවතෙ වන්දසෙ මමං.
උපුල් මල් දරන්නා වූ රන් රිදී ආදි ස්වර්ණ පුෂ්පයන්ගෙන් සැරසුණු අලංකාර වූ දිවසළුවලින් සැරසී මා වඳිමි. ඔබ කව්ද?
“කිං ත්වං පුරෙ කම්මමකාසි අත්තනා, මනුස්සභූතා පුරිමාය ජාතියා; දානං සුචිණ්ණං අථ සීලසඤ්ඤමං, කෙනුපපන්නා සුගතිං යසස්සිනී; දෙවතෙ පුච්ඡිතාචික්ඛ, කිස්ස කම්මස්සිදං ඵල”න්ති. –
පෙර භවයේ මිනිස් ලොව මිනිසකු වී මනාකොට සකසා දන් දුන්නේද සීලයෙහි පිහිටියේද කවර අන්දමේ කුසල කර්මයක විපාක වශයෙන් මේ දෙව්ලොව යසස් ඇත්තියක් බවට පැමිණියේද? කවර කර්මයකින් මෙහි උපත ලැබීද දේවතාවිය මට කියනු මැනවි.
ආයස්මා මහාමොග්ගල්ලානත්ථෙරො පුච්ඡි. තතො දෙවතා ඉමාහි ගාථාහි බ්යාකාසි –
ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙසේ විචාළහ. ඉක්බිතිව දෙව්දුව මෙම ගාථාවලින් ප්‍රකාශ කළහ.
“ඉදානි භන්තෙ ඉමමෙව ගාමං, පිණ්ඩාය අම්හාකං ඝරං උපාගමි; තතො තෙ උච්ඡුස්ස අදාසිං ඛණ්ඩිකං, පසන්නචිත්තා අතුලාය පීතියා.
ස්වාමීනි, මම මිනිස්ලොව ඉපිද එක්තරා ස්වාමි කුලයක ඉපිද එක්තරා භික්ෂු නමක් ගමේ පිඬු පිණිස හැසිරෙන්නේ අපේ ගෙදරට පිණ්ඩපාතය සඳහා වැඩියේය. අසමාන ප්‍රීතියෙන් ප්‍රසන්න සිතින් යුතුව උක්දඬු කැබැල්ලක් පූජා කළෙමි.
“සස්සු ච පච්ඡා අනුයුඤ්ජතෙ මමං, කහං නු උච්ඡුං වධුකෙ අවාකිරි; න ඡඩ්ඩිතං නො පන ඛාදිතං මයා, සන්තස්ස භික්ඛුස්ස සයං අදාසහං.
පසුව නැන්දා උක් කොහේදැයි මගෙන් ඇසුවාය. ඉවත නොදැමීමි. මවිසින් නොකන ලදී. සාන්ත භික්ෂු නමකට මම දුන්නෙමි.
“‘තුය්හං න්විදං ඉස්සරියං අථො මම’, ඉතිස්සා සස්සු පරිභාසතෙ මමං; ලෙඩ්ඩුං ගහෙත්වා පහාරං අදාසි මෙ, තතො චුතා කාලකතාම්හි දෙවතා.
තී මගේ ගෙදර යස ඉසුරු සම්පත් විනාශ කරන්නීය යනුවෙන් මට පරිහාස අවලාද කියා මැටි ගලක් ගෙන මට පහර දුන්නීය. ඒ පහරින් මරණයට පත් මම ඒ කුසල කර්මයෙන් දෙවියන් පිරිවරකොට ඇතිව පංචකාම ගුණයෙන් සතුටු වෙමි.
“තදෙව කම්මං කුසලං කතං මයා, සුඛඤ්ච කම්මං අනුභොමි අත්තනා; දෙවෙහි සද්ධිං පරිචාරයාමහං, මොදාමහං කාමගුණෙහි පඤ්චහි.
“තදෙව කම්මං කුසලං කතං මයා, සුඛඤ්ච කම්මං අනුභොමි අත්තනා; දෙවින්දගුත්තා තිදසෙහි රක්ඛිතා, සමප්පිතා කාමගුණෙහි පඤ්චහි.
එසේම මා විසින් කරන ලද පුණ්‍යකර්මය නිසා අද දිව්‍ය සම්පත්ති විඳිමි. දෙවියන් විසින් රකිනා දෙන ලද තිදස පුරයෙහි විස්කම් සැපත අනුභව කරමි.
“එතාදිසං පුඤ්ඤඵලං අනප්පකං, මහාවිපාකා මම උච්ඡුදක්ඛිණා; දෙවෙහි සද්ධිං පරිචාරයාමහං, මොදාමහං කාමගුණෙහි පඤ්චහි.
බලවත් සැදැහැයෙන් යුතුව මා විසින් කළ උක්දඬු පූජාවෙන් පමණක් දෙවියන් පිරිවරා පස්කම් සැපෙන් යුතුව වෙසෙමි.
“එතාදිසං පුඤ්ඤඵලං අනප්පකං, මහාජුතිකා මම උච්ඡුදක්ඛිණා; දෙවින්දගුත්තා තිදසෙහි රක්ඛිතා, සහස්සනෙත්තොරිව නන්දනෙ වනෙ.
මෙබඳු වූ උක්දඬු කැබැල්ලක් දන් දීමෙන් මහත් ආලෝකයක් පතුරමින් සක්දෙවීමෙන් නන්දන වනයෙහි ද සතුටු වෙමින් දෙවියන් විසින් රකිනා ලදුව ඉමහත් සතුටෙන් වසමි.
“තුවඤ්ච භන්තෙ අනුකම්පකං විදුං, උපෙච්ච වන්දිං කුසලඤ්ච පුච්ඡිසං; තතො තෙ උච්ඡුස්ස අදාසිං ඛණ්ඩිකං, පසන්නචිත්තා අතුලාය පීතියා”ති.
ස්වාමීනි, ඔබවහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් පැමිණ මගේ කුසල් විමසීය. අසමාන වූ ප්‍රීතියකින් යුක්තව උක්දඬු පූජාවෙන් මේ ප්‍රීතිය විඳිමි.
සෙසං වුත්තසදිසමෙවාති.
සෙස්ස කියන ලද පරිදිමය.
උච්ඡුවිමානවණ්ණනා නිට්ඨිතා.
උච්ඡු විමාන වර්ණනාව නිමියේ ය.
11. චන්දන විමානවණ්ණනා
11. වන්දන විමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙනාති වන්දනවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන සමයෙන සම්බහුලා භික්ඛූ අඤ්ඤතරස්මිං ගාමකාවාසෙ වස්සං වසිත්වා වුත්ථවස්සා පවාරෙත්වා සෙනාසනං පටිසාමෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං උද්දිස්ස භගවන්තං දස්සනත්ථාය ගච්ඡන්තා අඤ්ඤතරස්ස ගාමස්ස මජ්ඣෙන අතික්කමන්ති. තත්ථ අඤ්ඤතරා ඉත්ථී තෙ භික්ඛූ දිස්වා පසන්නචිත්තා සඤ්ජාතගාරවබහුමානා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා සිරස්මිං අඤ්ජලිං පග්ගය්හ යාව දස්සනූපචාරා පසාදසොම්මානි අක්ඛීනි උම්මීලෙත්වා ඔලොකෙන්තී අට්ඨාසි . සා අපරෙන සමයෙන කාලං කත්වා තාවතිංසෙසු නිබ්බත්ති. අථ නං තත්ථ දිබ්බසම්පත්තිං අනුභවන්තිං ආයස්මා මහාමොග්ගල්ලානො ඉමාහි ගාථාහි පටිපුච්ඡි –
අභික්කන්තෙන වණ්ණෙන යනු චන්දන විමාන වස්තුවයි. එහි උපත කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ වසති. එකහි බොහෝ භික්ෂූන් වහන්සේලා එක්තරා ග්‍රාමීය ආවාසයක වස් වැස වස් පවාරණය කිරීමෙන් පසුව සෙනසුන සකසා පා සිවුරු ගෙන භාග්‍යවතුන් වහන්සේ දැකීම සඳහා එක්තරා ගමක් පසුකර වඩිද්දී එක්තරා උපාසිකාවක් මේ භික්ෂූන් වහන්සේලා දැක ප්‍රසන්න වූ සිත් ඇතිව ඒ භික්ෂූන් පසඟ පිහිටුවා වැඳ සිරසෙහි ඇඳිලි බැඳගෙන ඒ භික්ෂූන් වහන්සේලා වඩින තෙක් දෙ ඇස්වලට පෙනෙන තෙක් මානයේ ඇස් දල්වා සැදැහැයෙන් බලා සිටියාය. ඕ තොමෝ පසුකාලයක කලුරියකොට තව්තිසා දෙව්ලොව උපන්හ. ඇය එහිදී දිව්‍ය සම්පත් අනුභව කරත්. ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් ඇය දැක මේ ගාථාවලින් විචාළහ.
“අභික්කන්තෙන වණ්ණෙන…පෙ…වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
විශිෂ්ට වූ රූප සම්පත්තියෙන් හා ඡවි වර්ණයෙන් සකල දිසාවන් බබුළුවමින් මෙහි කිසියම් දේවතාවියක් සිටින්නී ද ඇගේ තොරතුරු කෙසේද කිනම් පුණ්‍ය කර්මයක් කරන ලද්දේ ද?
“සා දෙවතා අත්තමනා…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
ඒ දෙව්දුව මුගලන් හිමියන් විසින් තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන්ගේ කර්මඵල විපාකය දක්වමින්
“අහං මනුස්සෙසු මනුස්සභූතා, දිස්වාන සමණෙ සීලවන්තෙ; පාදානි වන්දිත්වා මනං පසාදයිං, විත්තා චහං අඤ්ජලිකං අකාසිං.
මා මිනිස් ලොව මිනිස් දුවක් වශයෙන් ඉපදී සිටින කාලයේ සීලවන්ත වූ සංවර වූ ශ්රමණයන් වහන්සේලා දැක සිත ප්‍රසාදයට පත්කර ගනිමින් උන්වහන්සේලා දෙපා නැමැද හිසෙහි දෙ අත් බැඳ නමස්කාර කෙළෙමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. –
ඒ කුශල කර්ම විපාකයෙන් මෙවැනි දීප්තිමත් වර්ණයක් ද දිව්‍ය සම්පත් ද සියලු දිසා බබළවන ප්රභාවක් ද ලදිමි.
ඉමාහි ගාථාහි බ්යාකාසි.
තත්ථ සමණෙති සමිතපාපෙ. සීලවන්තෙති සීලගුණයුත්තෙ. මනං පසාදයින්ති “සාධුරූපා වතිමෙ අය්යා ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො”ති තෙසං ගුණෙ ආරබ්භ චිත්තං පසාදෙසිං. විත්තා චහං අඤ්ජලිකං අකාසින්ති තුට්ඨා සොමනස්සජාතා අහං වන්දිං. පෙසලානං භික්ඛූනං පසාදවිකසිතානි අක්ඛීනි උම්මීලෙත්වා දස්සනමත්තම්පි ඉමෙසං සත්තානං බහූපකාරං, පගෙව වන්දනාති. තෙනාහ “තෙන මෙතාදිසො වණ්ණො”තිආදි. සෙසං වුත්තනයමෙව.
එහි සමණො යනු පව් බැහැර කරන ලද සීලවන්තො සීලාදී ගුණ යුත් මනං පසාදයිං මනා රූපය ඇති ධර්මයෙහි හැසිරෙන ඒ ආර්යයන් වහන්සේලාගේ ගුණ කෙරෙහි සිත පහදවා ගත්තෙමි. චිත්තා වහං අඤ්ජලිකං අකාසි සතුට හා සෝමනස්ස සිතුවිල්ලෙන් යුතුව මම වැන්දෙමි. සුපේශල වූ මනාව හික්මුණු ඒ භික්ෂූන් වහන්සේලා කෙරෙහි පැහැදි සිතින් දෙ ඇස් විවෘත කරමින් දෙ ඇස් මානයේ බලා සිටිමින් මෙසේ දකිම් පමණකින් සත්ත්වයන්ට මේසා මහත් සම්පත් ලබා දී උපකාර කිරීම නිසා එය යහපත් වන්දනාවක්ම විය. තෙන මෙ තාදිසො වණ්ණො ආදිය කීහ.
වන්දනවිමානවණ්ණනා නිට්ඨිතා.
චන්දන විමාන වර්ණනාව නිමියේ ය.