පීත විමානං
4. 9.
4. 9.
796. පීතවත්‍ථෙ පීතධජෙ පීතාලඞ‍්කාරභූසිතෙ, පීතචන්‍දනලිත‍්තඞ‍්ගෙ පීතඋප‍්පලමාලිනි
796. රන්වන් වත් ඇති රන්වන් දද ඇති රන්වන් අබරණින් සැරසුණු රන්සඳුන් අලෙව්දුන් සිරුරු ඇති රන්උපුල්මල් පැලඳි,
797. පීතපාසාදසයනෙ පීතාසනෙ පීතභාජනෙ, පීතඡත‍්තෙ පීතරථෙ පීතස‍්සෙ පීතවීජනෙ.
797. රන් පහයෙන් හා රනින් පිරිකෙව් කළ යහනින් හෙබි රන් ආසන ඇති රන්වන්බඳුන් ඇති රන්සත් ඇති රන්රිය ඇති රන්අසුන් ඇති රන් වල් විදුනා ඇති.
798. කිං කම‍්මමකරී භද‍්දෙ පුබ‍්බෙ මානුසකෙ භවෙ, දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ කිස‍්ස කම‍්මස‍්සිදං ඵල’න‍්ති.
798. සොඳුර, තී පෙර මිනිස්ලොවැ කිනම් කුශලකර්‍මයක් කෙළෙහි ද? (එම්බා) දෙව්දුව, විචාරනලද්දී මේ කිනම් කර්‍මයක්හුගේ විපාකයක් දැ යි කියව.
799. කොසාතකී නාම ලතත්‍ථි භන‍්තෙ කිත‍්තිතා අනභිජ‍්ඣිතා, තස‍්සා චත‍්තාරි පුප‍්ඵානි ථූපං අභිහරිං අහං.
799. සක්රජතුමනි, කෝසාතකී (වැටකොළු) යි ප්‍රසිද්ධ වැලක් ඇත්තේ ය. බලාපොරොත්තු රහිත වූ මම ඒ වැලේ මල් සතරක් බුදුරජුන්ගේ ධාතු චෛත්‍යය කරා ගෙන ගියෙමි.
800. සත්‍ථු සරීරමුද‍්දිස‍්ස විප‍්පසන‍්නෙන චෙතසා, නාස‍්ස මග‍්ගං අවෙක‍්ඛිස‍්සං තදග‍්ගමනසා සති.
800. ශාස්තෲන් වහන්සේගේ ධාතුශරීරය උදෙසා වෙසෙසින් පහන් සිතින් ඒ සෑය කෙරෙහි ගිය සිත් ඇත්තී ඒ දෙන ආ මඟ නො දැක්කෙමි.
801. තතො මං අවධී ගාවී ථූපං අප‍්පත‍්තමානසං, තඤ‍්චාහං අභිසඤ‍්චෙය්‍යං භීයො නූන ඉතො සියා.
801. එහෙයින් (ඒ) දෙන සෑය වෙත නො ගියසිත් ඇති (අසම්පූර්‍ණවූ පූජාමය මනදොළ ඇති) මා මැරී ය. ඉදින් මම ඒ පින් රැස් කෙළෙම් නම් මෙයට වඩා උතුම් සැපතක් වන්නේ යයි සිතමි.
802. තෙන කම‍්මෙන දෙවින්‍ද මඝවා දෙවකුඤ‍්ජර, පහාය මානුසං දෙහං තව සහව්‍යතමාගතා, ති
802. දේවේන්‍ද්‍රය, මඝවත් නම් දේවොත්තමය, ඒ කර්‍මයෙන් මිනිස් සිරුර හැරැපියා ඔබගේ සහභාවයට පැමිණියා වෙමි.
803. ඉදං සුත්‍වා තිදසාධිපති මඝවා දෙවකුඤ‍්ජරො, තාවතිංසෙ පසාදෙන‍්තො මාතලිං එතදබ්‍රවී, ති.
803. තිදස් පුරට අධිපති වූ මඝවත් නම් දේවශ්‍රේෂ්ඨ තෙමේ මෙබස් තව්තිසා වැසියන් පහදවනුයේ මාතලී දෙව්පුත්හට මෙසේ කීයේ ය.
804. පස‍්ස මාතලි අච‍්ඡෙරං චිත‍්තං කම‍්මඵලං ඉදං, අප‍්පකම‍්පි කතං දෙය්‍යං පුඤ‍්ඤං හොති මහප‍්ඵලං
804. මාතලී, අසිරිමත් වූ විසිතුරු වූ මේ කර්‍මඵලය බලව, දියයුත්ත ස්වල්ප විසින් නමුත් දෙනලද්දේ ද (එහි) පින මහත්ඵල ඇත්තේ වේ.
805. නත්‍ථි චිත‍්තෙ පසන‍්නම‍්හි අප‍්පිකානාම දක‍්ඛිණා, තථාගතෙ වා සම‍්බුද‍්ධෙ අථවා තස‍්ස සාවකෙ.
805. තථාගත සම්බුදුන් කෙරෙහි හෝ උන්වහන්සේගේ සව්වන් කෙරෙහි හෝ සිත පහන් කල්හි දෙන දක්‍ෂිණා තොමෝ ස්වල්ප වූවා නම් නො වේ.
806. එහි මාතලි අම‍්හෙපි භිය්‍යො භිය්‍යො මහෙමසෙ, තථාගතස‍්ස ධාතුයො සුඛො පුඤ‍්ඤානමුච‍්චයො.
806. මාතලී, එව අපිදු තථාගතයන් වහන්සේගේ වඩ වඩාත් පුදමු. පින් රැස්කිරීම සැප වේ.
807. තිට‍්ඨන‍්තෙ නිබ‍්බුතෙ චාපි සමෙ චිත‍්තෙ සමං ඵලං, චෙතොපණිධිහෙතූහි සත‍්තා ගච‍්ඡන‍්ති සුග‍්ගතිං.
807. ධරමාන බුදුරදුන් කෙරෙහි ද පිරිනිවී බුදුරදුන් කෙරෙහි ද සමසිත් ඇති කල්හි සම විපාක වේ. ඒ එසේ මැ යි, චිත්තප්‍රණිධිය හේතුකොටගෙන සත්ත්‍වයෝ සුගතියට යෙත්.
808. බහුන‍්නං වත අත්‍ථාය උප‍්පජ‍්ජන‍්ති තථාගතා, යත්‍ථ කාරං කරිත්‍වාන සග‍්ගං ගච‍්ඡන‍්ති දායකා, ති.
808. යමකු කෙරෙහි පූජා සත්කාර කොට දායකයෝ සුගතියට යෙත් ද, (ඒ) තථාගතවරයෝ ඒකාන්තයෙන් ම බොහෝදෙනාට වැඩ පිණිස උපදිත්.