12. රජ්ජුමාලා විමානවණ්ණනා අට්ඨකථා
12. රජ්ජුමාලා විමානවණ්ණනා
12. රජ්ජුමාලාවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙනාති රජ්ජුමාලාවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන ගයාගාමකෙ අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස ධීතා තස්මිංයෙව ගාමෙ එකස්ස බ්රාහ්මණකුමාරස්ස දින්නා පතිකුලං ගතා, තස්මිං ගෙහෙ ඉස්සරියං වත්තෙන්තී තිට්ඨති. සා තස්මිං ගෙහෙ දාසියා ධීතරං දිස්වා න සහති. දිට්ඨකාලතො පට්ඨාය කොධෙන තටතටායමානා අක්කොසති පරිභාසති, ඛටකඤ්චස්සා දෙති. යදා පන සා වයප්පත්තියා කිච්චසමත්ථා ජාතා, තදා නං ජණ්ණුකප්පරමුට්ඨීහි පහරතෙව යථා තං පුරිමජාතීසු බද්ධාඝාතා.
අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් රජ්ජුමාලා විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම්හි වාසය කරන සේක. එසමයෙහි ‘ගයා’ නම් ගමේ එක්තරා බ්‍රාහ්මණයකුගේ දියණියක් ඒ ගමේම එක්තරා බ්‍රාහ්මණ කුලපුත්‍රයෙකුට විවාහ කර දුන්නේය. ස්වාමියාගේ නිවසට ගියා වූ ඇය ඒ නිවසෙහි අධි බව පවත්වමින් වෙසෙයි. ඕ තොමෝ ඒ නිවසේ දාසියගේ දුව නොඉවසයි. නොරුස්සයි. දුටු වේලෙහි පටන් ක්‍රෝධයෙන් දත් සපමින් ඇයට බැනවදියි. නින්දා කරයි. සමහරවිට පහර දෙයි. යම්කලෙක වනාහි ඇය වැඩ කිරීමට සුදුසු වයසට පත්වී වැඩ කිරීමෙහි නිරත වූවාද, එකල්හි පෙර භවයක බැඳ ගත් ක්‍රෝධයක් නිසා ඇයට දණහිසින් වැලමිටින් අත්මිටෙන් පහර දෙන්නීය.
සා කිර දාසී කස්සපදසබලස්ස කාලෙ තස්සා සාමිනී අහොසි, ඉතරා දාසී. සා තං ලෙඩ්ඩුදණ්ඩාදීහි මුට්ඨිආදීහි ච අභිණ්හං අභිහනති. සා තෙන නිබ්බින්නා යථාබලං දානාදීනි පුඤ්ඤානි කත්වා “අනාගතෙ අහං සාමිනී හුත්වා ඉමිස්සා උපරි ඉස්සරියං වත්තෙය්ය”න්ති පත්ථනං ඨපෙසි. අථ සා දාසී තතො චුතා අපරාපරං සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ වුත්තනයෙන ගයාගාමකෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා පතිකුලං ගතා, ඉතරාපි තස්සා දාසී අහොසි. එවං බද්ධාඝාතතාය සා තං විහෙඨෙති.
ඒ දැරිය කාශ්‍යප බුදුන්ගේ කාලයේ දී ඇගේ ස්වාමිදුව වූවාය. අද ස්වාමිදුව එදා දාසිය වූවාය. එදා ස්වාමිදුව (අද දාසිය) එදා දාසියට අතින් පයින් ගල් මුගුරු ආදියෙන් පහර දුන්නීය. එයින් කලකිරුණු (එදා) දාසිය පුළුවන් හැමවිටකම දානාදී පින්කම් කොට, අනාගතයේ ස්වාමිදුව වීමට ප්‍රාර්ථනා කළාය. එසේ ස්වාමිදුව වී (අද) දාසිය මත ආධිපත්‍යය පැතිරවීමට ප්‍රාර්ථනා කළාය. ඉක්බිත්තෙන් ඒ දාසිය එයින් චුත වී මතු මතුද හැසිරෙමින් මේ බුද්ධෝත්පාද කාලයේ පෙර කී පරිදි ‘ගයා’ නම් නගරයේ බමුණු කුලයක ඉපිද අනෙක් බමුණු කුලයකට විවාහ ගොස් එහි ස්වාමිදුව වූවාය. අන් තැනැත්තිය දාසිය වූවාය. මෙසේ බඳින ලද ක්‍රෝධය නිසා ඕ තොමෝ ඇයට හිංසා කරයි.
එවං විහෙඨෙන්තී අකාරණෙනෙව කෙසෙසු ගහෙත්වා හත්ථෙහි ච පාදෙහි ච සුහතං හනි. සා න්හාපිතසාලං ගන්ත්වා ඛුරමුණ්ඩං කාරෙත්වා අගමාසි. සාමිනී “කිං ජෙ දුට්ඨදාසි මුණ්ඩනමත්තෙන තව විප්පමොක්ඛො”ති රජ්ජුං සීසෙ බන්ධිත්වා තත්ථ නං ගහෙත්වා ඔණමෙත්වා ඝාතෙති, තස්සා තඤ්ච රජ්ජුං අපනෙතුං න දෙති. තතො පට්ඨාය දාසියා “රජ්ජුමාලා”ති නාමං අහොසි.
මෙසේ වෙමින් හේතුවක් නැතිවම කෙස්වලින් අල්ලාගෙන පහර දුන්නාය. අත්වලින් ද පාවලින්ද දැඩිව පහර දුන්නාය. ඕ තොමෝ ජලස්නාන ශාලාවට ගොස් හිස මුඩුකොට ගෙදර ගියාය. ස්වාමිදුව බොල දුෂ්ට දාසිය, හිස මුඩු කිරීමෙන් තී නිදහස ලද්දේ යැයි සිතන්නීද නැත යයි කියා රැහැනක් ගෙන හිසෙහි බඳවා එතැනින් ඇය අල්වා නමා බැඳ හෙළා පහර දෙයි. ඇයට ඒ රැහැන ලිහන්නට ද ඉඩ නොදේ. ඒ නිසා ඇය රජ්ජුමාලා නමින් හඳුන්වන්නට විය.
අථෙකදිවසං සත්ථා පච්චූසසමයෙ මහාකරුණාසමාපත්තිතො වුට්ඨාය ලොකං වොලොකෙන්තො රජ්ජුමාලාය සොතාපත්තිඵලූපනිස්සයං, තස්සා ච බ්රාහ්මණියා සරණෙසු සීලෙසු ච පතිට්ඨානං දිස්වා අරඤ්ඤං පවිසිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි ඡබ්බණ්ණා බුද්ධරස්මියො විස්සජ්ජෙන්තො. රජ්ජුමාලාපි ඛො දිවසෙ දිවසෙ තාය තථා විහෙඨියමානා “කිං මෙ ඉමිනා දුජ්ජීවිතෙනා”ති නිබ්බින්නරූපා ජීවිතෙ මරිතුකාමා ඝටං ගහෙත්වා උදකතිත්ථං ගච්ඡන්තී විය ගෙහතො නික්ඛන්තා අනුක්කමෙන වනං පවිසිත්වා භගවතො නිසින්නරුක්ඛස්ස අවිදූරෙ අඤ්ඤතරස්ස රුක්ඛස්ස සාඛාය රජ්ජුං බන්ධිත්වා පාසං කත්වා උබ්බන්ධිතුකාමා ඉතො චිතො ච ඔලොකෙන්තී අද්දස භගවන්තං තත්ථ නිසින්නං පාසාදිකං පසාදනීයං උත්තමදමථසමථමනුප්පත්තං ඡබ්බණ්ණබුද්ධරස්මියො විස්සජ්ජෙන්තං. දිස්වා බුද්ධගාරවෙන ආකඩ්ඪියමානහදයා “කිං නු ඛො භගවා මාදිසානම්පි ධම්මං දෙසෙති, යමහං සුත්වා ඉතො දුජ්ජීවිතතො මුච්චෙය්ය”න්ති චින්තෙසි.
එක් දවසක් ශාස්තෲන් වහන්සේ අලුයම් වේලෙහි මහා කරුණා සමාපත්තියෙන් ලොව බලා වදාරන්නේ රජ්ජුමාලාවට සෝවාන් වීමේ නිශ්‍රය සම්පත් ඇති බව දැක, ඇගේ ස්වාමි දූ බැමිණියට සරණ සිල්හි පිහිටීමට ඇති වාසනාව දැක වනයට පිවිස එක්තරා ගසක් මුල සවණක් රැස් විහිදුවමින් වැඩ සිටියේය. රජ්ජුමාලා ද දිනපතා ගුටි කෑමෙන් කලකිරී මේ දිවියෙන් කවර අර්ථයක්දැයි සිතා මියයාමට කැමැත්තී ලණුවක් ද කළය ද ගෙන දිය ගෙන එන්නට යන්නාක් මෙන් ගෙයින් පිටවී වනයට ගියාය. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් වෘක්ෂය නුදුරෙහි වූ වෘක්ෂයක අත්තක ලණුව ගැටගසා කෙළවර මළපුඩුව තනා එය උඩ අත්තේ බඳිනු කැමැතිව, එහා මෙහා බලන්නී එහි වැඩ උන්නා වූ, පැහැදීම ඇති කරන්නා වූ පැහැදීමට සුදුසු වන්නා වූ උතුම් වූ දමනයට හා සන්සුන් බවට පැමිණියා වූ සවණක් බුදුරැස් විහිදුවන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුටුවාය. දුටු පමණින්ම බුද්ධ ගෞරවයෙන් ඇදී ගිය සිත් ඇත්තී කිම බුදුහු වනාහි මා වැන්නියන්ටත් දහම් දෙසත්ද, මම යමක් අසා මේ දුක්ඛිත තත්ත්වයෙන් මිදෙන්නේ නම් යෙහෙකියි සිතුවාය.
අථ භගවා තස්සා චිත්තාචාරං ඔලොකෙත්වා “රජ්ජුමාලෙ”ති ආහ. සා තං සුත්වා අමතෙන විය අභිසිත්තා පීතියා නිරන්තරං ඵුට්ඨා භගවන්තං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං අට්ඨාසි. තස්සා භගවා අනුපුබ්බිකථානුපුබ්බකං චතුසච්චකථං කථෙසි, සා සොතාපත්තිඵලෙ පතිට්ඨහි. සත්ථා “වට්ටති එත්තකො රජ්ජුමාලාය අනුග්ගහො, ඉදානෙසා කෙනචි අප්පධංසියා ජාතා”ති අරඤ්ඤතො නික්ඛමිත්වා ගාමස්ස අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. රජ්ජුමාලාපි අත්තානං විනිපාතෙතුං අභබ්බතාය ඛන්තිමෙත්තානුද්දයසම්පන්නතාය ච “බ්රාහ්මණී මං හනතු වා විහෙඨෙතු වා යං වා තං වා කරොතූ”ති ඝටෙන උදකං ගහෙත්වා ගෙහං අගමාසි. සාමිකො ගෙහද්වාරෙ ඨිතො තං දිස්වා “ත්වං අජ්ජ උදකතිත්ථං ගතා චිරායිත්වා ආගතා, මුඛවණ්ණො ච තෙ අතිවිය විප්පසන්නො, ත්වඤ්ච අඤ්ඤෙන ආකාරෙන උපට්ඨාසි, කිං එත”න්ති පුච්ඡි. සා තස්ස තං පවත්තිං ආචික්ඛි.
එකල්හි බුදුන්වහන්සේ ඇගේ සිත් හැසිරීම බලා රජ්ජුමාලාවෙනි! යි ඇමතූ සේක. ඕ තොමෝ එය අසා අමෘතයෙන් අභිෂේක ලද්දියක් මෙන්, ප්‍රීතියට පත්ව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්නීය. භාග්‍යවත්හු ඇයට පිළිවෙළින් අනුපිළිවෙළ කථාව ද චතුරාර්ය සත්‍යය ද දේශනා කළහ. ඕ තොමෝ බණ අසා සෝවාන් වූවාය. ශාස්තෲන් වහන්සේ රජ්ජුමාලාවට මේ අනුග්‍රහය ඇතැයි ප්රමාණවත්ය සෑහෙන්නේය. දැන් ඇය කිසියම් වූ නොවැසෙන තත්ත්වයට පත්වූවා යයි දැන, වනයෙන් නික්ම ගමට නුදුරෙහි එක්තරා ගසක් මුල වැඩහුන්හ. රජ්ජුමාලාද තමන් දැන් පහත් තත්ත්වයකට හෙලීම අයෝග්‍ය බැවින් ද, තමා ඉවසීම, මෛත්‍රිය, කරුණාව ආදියෙන් යුක්ත බැවින්ද, බැමිණිය මට අහර දෙනු හිංසා කරනු, හෝ වෙනත් යමක් කරනු ලැබේවායි සිතා කළයෙන් දිය ගෙන නිවසට ගියාය. ඒ යනවිට ගෙදොර දොර අසල සිටි ගෙදර ස්වාමියා (බමුණා) ඇය දැක දියතොටට ගිය නුඹ අද බොහෝ වෙලාවක් ගතවී පැමිණියාය. ඔබේ මුහුණෙහි පැහැය අද ඉතා ප්‍රසන්නයහ. ඔබ අන්‍ය වූ ආකාරයකින් එළඹ සිටින්නීද වන්නේය. මේ කුමන තත්ත්වයක්ද යයි විචාළේය. ඕ තොමෝ (රජ්ජුමාලා) ඔහුට ඒ පුවත කීවාය.
බ්රාහ්මණො තස්සා වචනං සුත්වා තුස්සිත්වා ගෙහං ගන්ත්වා රජ්ජුමාලාය උපරි “තයා න කිඤ්චි කාතබ්බ”න්ති සුණිසාය වත්වා තුට්ඨමානසො සීඝතරං සත්ථු සන්තිකං ගන්ත්වා වන්දිත්වා සාදරෙන කතපටිසන්ථාරො සත්ථාරං නිමන්තෙත්වා අත්තනො ගෙහං ආනෙත්වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසිත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං උපසඞ්කමිත්වා එකමන්තං නිසීදි, සුණිසාපිස්ස උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසීදි. ගයාගාමවාසිනොපි බ්රාහ්මණගහපතිකා තං පවත්තිං සුත්වා භගවන්තං උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ සම්මොදනීයං කත්වා එකමන්තං නිසීදිංසු.
බමුණා ඇයගේ වචන අසා සතුටට පත්ව ගෙතුළට ගොස් රජ්ජුමාලාවට මින්මතු කිසිවක් නොකළ යුතුයයි, රජ්ජුමාලා අභිභවා යමක් නොකළ යුතුයයි සිය ලේලියට (ස්වාමි දුවට) කියා සතුටු සිත් ඇතිව ඉක්මණින් ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් වැඳ ආදර සහිතව කරන ලද පිළිසඳර කථා ඇත්තේ ශාස්තෲන් වහන්සේට ආරාධනා කොට ගෙදරට වඩමවා ප්රණීතව ඛාද්‍ය භෝද්යාදියෙන් සකසා දන් දී භාග්‍යවතුන් වහන්සේ වැළඳවූයේය. දන් වළඳා නිමවූ උන්වහන්සේ වෙත පැමිණ එකත්පසෙක හුන්නේය. ඔහුගේ ලේලියද පැමිණ වැඳ එකත්පසෙක හුන්නාය. ගයා නම් ගමෙහි ගම්වැසි බමුණු ගැහැවියෝ එපවත් හුන්නාය. ගයා නම් ගමෙහි ගම්වැසි බමුණු ගැහැවිගේ එපවත් අසා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්හ. ඇතැමෙක් සාමීචි කථා කොට එකත්පසෙක හුන්හ.
සත්ථා රජ්ජුමාලාය තස්සා ච බ්රාහ්මණියා පුරිමජාතීසු කතකම්මං විත්ථාරතො කථෙත්වා සම්පත්තපරිසාය අනුරූපං ධම්මං දෙසෙසි . තං සුත්වා බ්රාහ්මණී ච මහාජනො ච තත්ථ සන්නිපතිතො සරණෙසු ච සීලෙසු ච පතිට්ඨහි. සත්ථා ආසනා උට්ඨහිත්වා සාවත්ථිමෙව අගමාසි. බ්රාහ්මණො රජ්ජුමාලං ධීතුට්ඨානෙ ඨපෙසි. තස්ස සුණිසා රජ්ජුමාලං පියචක්ඛූහි ඔලොකෙන්තී යාවජීවං මනාපෙනෙව සිනෙහෙන පරිහරි. රජ්ජුමාලා අපරභාගෙ කාලං කත්වා තාවතිංසෙසු නිබ්බත්ති, අච්ඡරාසහස්සඤ්චස්සා පරිවාරො අහොසි. සා සට්ඨිසකටභාරප්පමාණෙහි දිබ්බාභරණෙහි පටිමණ්ඩිතත්තභාවා අච්ඡරාසහස්සපරිවුත්තා නන්දනවනාදීසු මහතිං දිබ්බසම්පත්තිං අනුභවමානා පමුදිතමනා විචරති. අථායස්මා මහාමොග්ගල්ලානො දෙවචාරිකං ගතො තං මහන්තෙන දිබ්බානුභාවෙන මහතියා දෙවිද්ධියා විජ්ජොතමානං දිස්වා තාය කතකම්මං ඉමාහි ගාථාහි පුච්ඡි.
ශාස්තෲන් වහන්සේ රජ්ජුමාලාද, ඇගේ බැමිණියද පෙර භවයන්හි කරන ලද කර්මයන් විස්තර කොට වදාරා පැමිණි පිරිසට ගැළපෙන ධර්ම දේශනාවක් කළහ. එය අසා බැමිණිය ද එහි පැමිණි මහජනයාද රැස් වූ සියල්ලෝම තිසරණ සහිත ශීලයන්හි පිහිටියාහුය. ශාස්තෲන් වහන්සේ සැවැත්නුවරට වැඩමවූහ. බමුණු තෙමේ රජ්ජුමාලා දියණි තනතුරෙහි තැබීය. ඔහුගේ ලේලිය (ස්වාමිදුව) රජ්ජුමාලා දෙස ප්‍රිය ඇසින් බලමින් දිවි ඇති තෙක් මන වඩන සෙනෙහසින් ඇසුරු කළාය. රජ්ජුමාලා පසුකලෙක කලුරිය කොට තව්තිසාවෙහි උපන්නාය. අප්සරාවෝ දහසක් ඇයට පිරිවර වූහ. ගැල් සැටක් පමණ බරැති දිව අබරණින් සැරසුනු ඇය නන්දන වන ආදියෙහි මහත් වූ දිව්‍ය සම්පත්තීන් අනුභව කරමින්, සතුටින් යුතුව හැසිරෙන්නීය. ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිරයෝ දේව චාරිකාවෙහි යෙදෙන්නේ මහත් වූ දිව්‍යානුභාවයෙන් ද, මහත් වූ දිව්‍ය ඍද්ධියකින්ද බබළන්නා වූ ඇය දැක ඇය විසින් කරන ලද පුණ්‍යකර්මයන් විචාළේය.
“අභික්කන්තෙන වණ්ණෙන, යා ත්වං තිට්ඨසි දෙවතෙ; හත්ථෙ පාදෙ ච විග්ගය්හ, නච්චසි සුප්පවාදිතෙ.
දේවතාවිය, යම්බඳු වූ ඔබ මනස්කාන්ත වූ වර්ණයෙන් යුතුව සිටින්නෙහි. එබඳු වූ ඔබ විවිධ ලෙස අත් පා චලනය කරමින් සොඳුරු වූ තාලයකට අනුව නටන්නෙහිය.
“තස්සා තෙ නච්චමානාය, අඞ්ගමඞ්ගෙහි සබ්බසො; දිබ්බා සද්දා නිච්ඡරන්ති, සවනීයා මනොරමා.
එබඳු වූ ඔබ නැටීමෙහි යෙදෙන කල්හි අවයවයන්ගෙන් හැම අයුරින්ම සවන් පිනවන්නා වූ ද මන පිනවන්නා වූ ද, දිවසළුවල ශබ්ද පැතිරී යයි.
“තස්සා තෙ නච්චමානාය, අඞ්ගමඞ්ගෙහි සබ්බසො; දිබ්බා ගන්ධා පවායන්ති, සුචිගන්ධා මනොරමා.
එබඳු වූ ඔබ නැටුමෙහි යෙදෙන විට අයවයන්ගෙන් හැමවිටම මන පිනවන්නා වූ දිව්‍යමය සුවඳක් හමා යන්නේ ය.
“විවත්තමානා කායෙන, යා වෙණීසු පිළන්ධනා; තෙසං සුය්යති නිග්ඝොසො, තූරියෙ පඤ්චඞ්ගිකෙ යථා.
කයෙන් ගිලිහෙන්නා වූ කිසියම් ශීර්ෂ පළඳනාවක් වේද, ඔබේ ඒ ශීර්ෂ පළඳනාවේ ඝෝෂාව පංචාංගි තූර්ය නාදය මෙන් ඇසේ.
“වටංසකා වාතධුතා, වාතෙන සම්පකම්පිතා; තෙසං සුය්යති නිග්ඝොසො, තූරියෙ පඤ්චඞ්ගිකෙ යථා.
ඔබගේ ශීර්ෂාභරණයන් වාතයෙන් සෙලවේද, වාතයෙන් දන්ව කම්පනය වේද, ඒවායේ ඝෝෂාව පංචාංගික තුර්ය නාදය මෙන් ඇසේ.
“යාපි තෙ සිරස්මිං මාලා, සුචිගන්ධා මනොරමා; වාති ගන්ධො දිසා සබ්බා, රුක්ඛො මඤ්ජූසකො යථා.
ඔබේ හිසෙහි මනා සුවඳැති වූ මනරම් වූ මෙබඳු මල් මාලා පවතීද ඒවා මංජුස්යක නම් දිව්‍යා වෘක්ෂය මෙන් සියලු දිසාවන් සුවඳවත් කරයි.
“ඝායසෙ තං සුචිගන්ධං, රූපං පස්සසි අමානුසං; දෙවතෙ පුච්ඡිතාචික්ඛ, කිස්ස කම්මස්සිදං ඵල”න්ති.
දේවතාවිය, මිනිස් බව ඉක්මවූ රූපයෙන් යුතුව ඔබව පෙනෙන්නෙහිය. ඔබේ සිරුරෙන් පිරිසිදු සුවඳ ආඝ්‍රාණය වන්නේ ය. මෙය කවරනම් කර්මයක ප්‍රතිඵලයක්ද? මේ මා විසින් ප්‍රශ්න කරනු ලැබේ. එය මා හට කියන්න.
තත්ථ හත්ථෙ පාදෙ ච විග්ගය්හාති හත්ථෙ ච පාදෙ ච විවිධෙහි ආකාරෙහි ගහෙත්වා, පුප්ඵමුට්ඨිපුප්ඵඤ්ජලිආදිභෙදස්ස සාඛාභිනයස්ස දස්සනවසෙන විවිධෙහි ආකාරෙහි හත්ථෙ, ච, සමපාදාදීනම්පි ඨානවිසෙසානං දස්සනවසෙන විවිධෙහි ආකාරෙහි පාදෙ ච උපාදියිත්වාති අත්ථො. ච-සද්දෙන සාඛාභිනයං සඞ්ගණ්හාති. නච්චසීති නටසි. යා ත්වන්ති යා වුත්තනයවසෙන නච්චං කරොසීති අත්ථො. සුප්පවාදිතෙති සුන්දරෙ පවජ්ජනෙ සති තව නච්චස්ස අනුරූපවසෙන වීණාවංසමුදිඞ්ගතාළාදිකෙ වාදියමානෙ, පඤ්චඞ්ගිකෙ තූරියෙ පග්ගය්හමානෙති අත්ථො. සෙසං හෙට්ඨාවිමානෙ වුත්තනයමෙව.
එහි හත්ථ පාදෙ ච විග්ගය්හා අත් පා හා විවිධ ආකාරයන්ගෙන් ප්‍රයෝජනයට ගෙන මල් මිටි මල් ඇඳිලි (දෝත මතට ගත් මල්) මල් අතු ආදිය මවා පෙන්වන්නාක් මෙන් අත් පා ආදී අවයවයන්ගේ අභිනයන් දැක්වීමෙන්, විවිධ ආකාරයට අත් පා යොදවන යන අර්ථයි. ‘ච’ යන්නෙන් ශාඛාවන් ශාඛා අභිනයන් මවා පෙන්වීම යන්න ගැනේ. නච්චතී නටන්නෙහිය. යාත්වං යම්බඳු වූ ඔබ කියන ලද පිළිවෙළ අනුව නැටීම කරන්නෙහිය යන අර්ථයි. සුප්පවාදිතෙ සොඳුරු නාදයන් පවත්නා කල්හි ඔබේ නැටුමට එයද සුදුසුවන බැවින් වීණා බටනළා තාලම්පට බෙර ආදිය වාදනය වන පංචාංගික තූර්ය යොදාගැනීම යන තේරුමයි. සෙස්ස පෙර විමානවත්ථු කථාවෙහි කියන ලද පරිදිම වේ.
එවං ථෙරෙන පුච්ඡිතා සා දෙවතා අත්තනො පුරිමජාතිආදිං ඉමාහි ගාථාහි බ්යාකාසි –
මෙසේ තෙරුන් විසින් ප්‍රශ්න කරන ලදුව ඒ දේවතා තොමෝ තමාගේ පෙර භවය පිළිබඳව මෙසේ විස්තර කරයි.
“දාසී අහං පුරෙ ආසිං, ගයායං බ්රාහ්මණස්සහං; අප්පපුඤ්ඤා අලක්ඛිකා, රජ්ජුමාලාති මං විදුං.
මම පෙර ගයා නම් ගමෙහි බමුණාගේ දාසිය වූයෙමි. පින් මද වූ භාග්‍ය හීන වූ මා ‘රජ්ජුමාලා’ නමින් හැඳින්වූහ.
“අක්කොසානං වධානඤ්ච, තජ්ජනාය ච උග්ගතා; කුටං ගහෙත්වා නික්ඛම්ම, අගඤ්ඡිං උදහාරියා.
බැණ වැදීම්වල ද, වධ දීම්වල ද, තර්ජනය කිරීම්වල බැරෑරුම් අධික වූ ද අවස්ථාවේ කළය ගෙන දිය ගෙන ඒම සඳහා නික්මී ගියෙමි.
“විපථෙ කුටං නික්ඛිපිත්වා, වනසණ්ඩං උපාගමිං; ‘ඉධෙවාහං මරිස්සාමි, කො අත්ථො ජීවිතෙන මෙ’.
මගින් බැහැරව කළය තබා, වනලැහැබට ගියෙමි. මම මෙහිම මිය යන්නෙමි. මට මේ ජීවිතයෙන් කවර ඵලයක්දැයි සිතා.
“දළ්හං පාසං කරිත්වාන, ආසුම්භිත්වාන පාදපෙ; තතො දිසා විලොකෙසිං, ‘කො නු ඛො වනමස්සිතො’.
දැඩි මළපුඩුවක් තනා රුක් මුලක තබා වනය ඇසුරු කරන කවරෙකු හෝ වෙත්දැයි එතැන සිට දිසාවන් බැලුවෙමි.
“තත්ථද්දසාසිං සම්බුද්ධං, සබ්බලොකහිතං මුනිං; නිසින්නං රුක්ඛමූලස්මිං, ඣායන්තං අකුතොභයං.
මම එහිදී රුක් මුල වැඩ උන්නා වූ ධ්‍යාන වඩන්නා වූ, කිසි බියක් නැත්තා වූ, සම්මා සම්බුද්ධ වූ, මුලු ලොවටම හිතසුව සලසන්නා වූ මුනීන්ද්රයන් වහන්සේ දුටුවෙමි.
“තස්සා මෙ අහු සංවෙගො, අබ්භුතො ලොමහංසනො; ‘කො නු ඛො වනමස්සිතො, මනුස්සො උදාහු දෙවතා’.
කවරෙක් මේ වනය ඇසුරුකොට වෙසෙත්ද, මනුෂ්‍යයෙක්ද, නොහොත් දේවතාවෙක්ද යනුවෙන් ඒ මා තුළ සංවේග සහිත වූ අද්භූත වූ ලොමුදැහැමක් හෙවත් බියක් ඇතිවිය.
“පාසාදිකං පසාදනීයං, වනා නිබ්බනමාගතං; දිස්වා මනො මෙ පසීදි, නායං යාදිසකීදිසො.
පැහැදීම ඇතිකරන්නා වූ, පැහැදීමට යොමුවිය යුතු වූ, කෙලෙස් නමැති වනයෙන් නික්මී නිවනට පැමිණියා වූ, උන්වහන්සේ දැක මේ නම් එසේ මෙසේ කෙනෙක් නොවේ යයි මගේ මනස ප්‍රසන්න වූයේය.
“ගුත්තින්ද්රියො ඣානරතො, අබහිග්ගතමානසො; හිතො සබ්බස්ස ලොකස්ස, බුද්ධො අයං භවිස්සති.
මේ වනාහි රකින ලද ඉඳුරන් ඇති ධ්‍යාන වැඩීමෙහි ඇලුනා වූ, බැහැරට විසිර නොයන සිත් ඇති සියලු ලෝවැස්සන්ට හිතවත් වූ, බුදුරජාණන් වහන්සේ වන්නාහ.
“භයභෙරවො දුරාසදො, සීහොව ගුහමස්සිතො; දුල්ලභායං දස්සනාය, පුප්ඵං ඔදුම්බරං යථා.
මිසදිටුවන් බියට පත් කරන්නා වූ, ගුණයෙන් නුවණින් සමානයෙක් නැත්තා වූ, ගුණවතුන් ඇසුරු කරන්නා වූ, සිංහයෙකු වැනි වූ මේ බුදුන්වහන්සේ දිවුල් මලක් මෙන් දැකීම දුර්ලභය.
“සො මං මුදූහි වාචාහි, ආලපිත්වා තථාගතො; රජ්ජුමාලෙති මංවොච, සරණං ගච්ඡ තථාගතං.
ඒ තථාගතයන් වහන්සේ ‘රජ්ජුමාලාවෙනි’යි මෘදු වචනයෙන් කථාකොට තථාගතයන් වහන්සේ සරණ යන්නැයි මට කීය.
“තාහං ගිරං සුණිත්වාන, නෙලං අත්ථවතිං සුචිං; සණ්හං මුදුඤ්ච වග්ගුඤ්ච, සබ්බසොකාපනූදනං.
මම දොස් රහිත වූ අරුත්බර වූ, පිරිසිදු වූ, රළු නොවූ, මෘදු වූ කන්කලු වූ, සියලු දුක් දුරලන්නා වූ ඒ වචන අසා.
“කල්ලචිත්තඤ්ච මං ඤත්වා, පසන්නං සුද්ධමානසං; හිතො සබ්බස්ස ලොකස්ස, අනුසාසි තථාගතො.
යෝග්‍ය වූ සිත් ඇත්තියක් ද, පැහැදුනා වූ තැනැත්තියක් ද, පිරිසිදු මනස් ඇත්තියක් ද බව දැන මුළු ලොවටම හිතවත් තථාගතයන් වහන්සේ මට අනුශාසනා කළහ.
“ඉදං දුක්ඛන්ති මංවොච, අයං දුක්ඛස්ස සම්භවො; දුක්ඛනිරොධො මග්ගො ච, අඤ්ජසො අමතොගධො.
මෙය දුක යයි ද, මෙම දුක ඉපදීමේ හේතුව යයි ද එම දුක නැතිකිරීම දුක්ඛ නිරෝධ යයි ද, එය නැතිකිරීම සඳහා දුක නැතිකිරීමේ මාර්ගයේ ගමන් කළයුතු යයි ද, මා හට දේශනා කළ සේක.
“අනුකම්පකස්ස කුසලස්ස, ඔවාදම්හි අහං ඨිතා; අජ්ඣගා අමතං සන්තිං, නිබ්බානං පදමච්චුතං.
අනුකම්පා කරන්නා වූ ද, අවවාද දීමෙහි සහ විනයනයේ ද දක්ෂ වූ තථාගතයන් වහන්සේගේ අවවාදයෙහි පිහිටියා වූ මම මරණයෙන් තොර වූ ශාන්ති ස්ථානය වූ පරලොවක් නැත්තා වූ නිර්වාණ පදයට පැමිණියෙමි හෙවත් මාර්ගඵලවලට පැමිණියෙමි.
“සාහං අවට්ඨිතාපෙමා, දස්සනෙ අවිකම්පිනී; මූලජාතාය සද්ධාය, ධීතා බුද්ධස්ස ඔරසා.
එබඳු වූ මම තෙරුවන් කෙරෙහි ප්‍රසාදයෙන් ද, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ද යුතුව ඒ පිළිබඳව චංචල නොවී සත්‍යාවබෝධය නමැති මූලයෙන් හටගත් ශ්‍රද්ධාව නිසා බුදුරදුන්ගේ ඖරස දුහිතෘවක් ලෙස විසුයෙමි.
“සාහං රමාමි කීළාමි, මොදාමි අකුතොභයා; දිබ්බමාලං ධාරයාමි, පිවාමි මධුමද්දවං.
ඒ මම බියෙන් තොර බැවින් ක්‍රීඩා කරමි. ප්‍රීති වෙමි. සතුටට පත් වෙමි. දිව්‍යමය වූ මල්මලා දරමි. මධුමද්දව පානය කරමි.
“සට්ඨිතූරියසහස්සානි, පටිබොධං කරොන්ති මෙ; ආළම්බො ගග්ගරො භීමො, සාධුවාදී ච සංසයො.
මාගේ මේ පිබිදීම සිදුකරන්නා වූ තූර්යයෝ හැටදහසක් ඇත. ආලම්බරය, ගග්ගය, භීමය, සාධුවාදීය, සංසයය. අප්සරාවෝ ද
“පොක්ඛරො ච සුඵස්සො ච, විණාමොක්ඛා ච නාරියො; නන්දා චෙව සුනන්දා ච, සොණදින්නා සුචිම්හිතා.
පොක්ඛණ, සුඵස්සය, වීණාය, මොක්ඛාය, නන්දාය, සුනන්දාය, සොණදින්නාය, සුචිම්භිකාය, අලම්බුසාය, මිස්ස කෙසිය, පුණ්ඩරීකාය, අතිචාරුණිය, එණි ඵස්සාය, සුඵස්සාය, සුභද්දාය, මුදුවාදිනීය යන මේ අප්සරාවෝ ද,
“අලම්බුසා මිස්සකෙසී ච, පුණ්ඩරීකාතිදාරුණී; එණීඵස්සා සුඵස්සා ච, සුභද්දා මුදුවාදිනී.
“එතා චඤ්ඤා ච සෙය්යාසෙ, අච්ඡරානං පබොධිකා; තා මං කාලෙනුපාගන්ත්වා, අභිභාසන්ති දෙවතා.
ප්රබුද්ධ වූ අප්සරාවන් අතර ශ්‍රේෂ්ඨ ලෙස සිටින්නා වූ අන්‍ය වූ අප්සරාවෝ ද යන සියලුම දේවතාවියෝ නියම කල්හි මා වෙත පැමිණ ආමන්ත්‍රණය කරත්.
“හන්ද නච්චාම ගායාම, හන්ද තං රමයාමසෙ; නයිදං අකතපුඤ්ඤානං, කතපුඤ්ඤානමෙවිදං.
සත්‍ය ලෙසම අපි නටමු. ගයමු. ඇත්තෙන්ම සතුටින් සිටිමු. මෙය වූ කලී නොකළ පින්ඵල නොවේ. කරන ලද පින්වල විපාකයි.
“අසොකං නන්දනං රම්මං, තිදසානං මහාවනං; සුඛං අකතපුඤ්ඤානං, ඉධ නත්ථි පරත්ථ ච.
තිදසපුර වැසි දෙවියන්ගේ රමණිය වූද, ශෝක නැතිකරන්නා වූද, මහා වනය මෙහි වෙයි. නොකළ පින් ඇති අයට මෙහි හෝ පරළොව හෝ සුවයක් නැත්තේ ය.
“සුඛඤ්ච කතපුඤ්ඤානං, ඉධ චෙව පරත්ථ ච; තෙසං සහබ්යකාමානං, කත්තබ්බං කුසලං බහුං; කතපුඤ්ඤා හි මොදන්ති, සග්ගෙ භොගසමඞ්ගිනො.
සැපය වූ කලී පින් කළවුන් හටම මෙලොවදී ද පරලොවදී ද ලැබේ. පින්කළ දෙවිවරු හා එක්වීමට කැමැත්තවුන් විසින් බොහෝ කුසල් කළයුතු වේ. පින් කළ අය ස්වර්ගයේ දී සම්පත්තියෙන් යුක්ත වී සතුටට පත්වෙති.
“බහූනං වත අත්ථාය, උප්පජ්ජන්ති තථාගතා; දක්ඛිණෙය්යා මනුස්සානං, පුඤ්ඤක්ඛෙත්තානමාකරා; යත්ථ කාරං කරිත්වාන, සග්ගෙ මොදන්ති දායකා”ති.
මිනිසුන් විසින් දක්ෂිණෙය්ය වූ, පින් කෙත් සඳහා ආකර වූ, තථාගතයන් වහන්සේලා මිනිසුන් සඳහාම උපදිත්. ඒ තථාගතයන් වහන්සේලා අබියස පුණ්‍ය කර්මයක් සිදුකරන දායකවරු ස්වර්ගයෙහි දී සතුටට පත්වෙති.
තත්ථ දාසී අහං පුරෙ ආසින්ති පුරෙ පුරිමජාතියං අහං අන්තොජාතා දාසී අහොසිං. තත්ථ කස්සාති ආහ “ගයායං බ්රාහ්මණස්සහ”න්ති, ගයානාමකෙ ගාමෙ අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස. හන්ති නිපාතමත්තං. අප්පපුඤ්ඤාති මන්දභාග්යා අපුඤ්ඤා. අලක්ඛිකාති නිස්සිරිකා කාලකණ්ණී. රජ්ජුමාලාති මං විදුන්ති, කෙසෙ ගහෙත්වා ආකඩ්ඪනපරිකඩ්ඪනදුක්ඛෙන මුණ්ඩකෙ කතෙ පුනපි තදත්ථමෙව සීසෙ දළ්හං බන්ධිත්වා ඨපිතරජ්ජුකුණ්ඩලකවසෙන “රජ්ජුමාලා”ති මං මනුස්සා ජානිංසු.
එහි විස්තර දාසී පුරෙ අහං ආසිං පෙර පුර්ව භවයෙහි මම ගෙදරම උපන් දාසියක වීමි. එහිදී කවුරුන්ගේ ගෙදරට අසන්නේ නමි. ගයායං බ්රාහ්මණස්ස යනු ගයා නම් පෙදෙස එක් බ්‍රාහ්මණයකුගේ යනුයි. ‘හ’ යනු නිපාත මාත්‍රයකි. අප්පපුඤ්ඤං භාග්‍යය අඩු පින් නැති. අලක්ඛිතා සිරිමත් බවින් තොර වූ, කාලකණ්ණි වූ, රජ්ජුමාලා මං විදුං කෙස්වලින් අල්ලාගෙන ඇදීම්, තල්ලු කිරීම් දුකින් මිදීම සඳහා හිස මුඩු කළ කල්හි නැවත ද ඒ සඳහාම හිසෙහි බඳින ලද රැහැන් කොනක් නිසා ‘රජ්ජුමාලා’ යන නමින් මිනිස්සු මා හැඳින්වූහ.
වධානන්ති තාළනානං. තජ්ජනායාති භයසංතජ්ජනෙන. උග්ගතාති උග්ගතාය දොමනස්සුප්පත්තියා. උදහාරියාති උදකහාරිකා, උදකං ආහරන්තී විය හුත්වාති අධිප්පායො.
වධානං පහරදීම් පිළිබඳ, තජ්ජතාය බිය කිරීමෙන් හා තර්ජනය කිරීමෙන්, උක්කතා වැරදි ක්‍රියාවෙන් දොම්නස් ඉපිදවීමෙන්, උදකභාරියා දිය ගෙන ඒමට දිය ගෙන එන්නී ලෙස මෙහි පෙනී සිටී යන අදහසයි.
විපථෙති අපථෙ, මග්ගතො අපක්කමිත්වාති අත්ථො. ක්වත්ථොති කො අත්ථො. සොයෙව වා පාඨො.
විපථෙ නියම මාර්ගය නොවන තැනෙක - මාර්ගයෙන් ඉවත්වී යන අර්ථයි. ක්වත්ථො කො අත්ථො - කවර අර්ථයකින්.
දළ්හං පාසං කරිත්වානාති බන්ධනපාසං ථිරං අච්ඡිජ්ජනකං කත්වා. ආසුම්භිත්වාන පාදපෙති විටපෙ ලග්ගනවසෙන පාදපෙ රුක්ඛෙ ඛිපිත්වා. තතො දිසා විලොකෙසිං, කො නු ඛො වනමස්සිතොති ඉමං වනං පවිසනවසෙන අස්සිතො නු ඛො කොචි අත්ථි, යතො මෙ මරණන්තරායො සියාති අධිප්පායො.
දළ්හං පාසං කරිත්වානා ස්ථිර වූ නො කැඩෙන්නා වූ මළපුඩුවක් තනා අසුම්භිත්වාන පාදපෙ ගසේ කරුවක එල්ලී සිටින සේ ගසෙහි තබා තතො දිසා විලොකෙසිං කොනු ඛො වනමස්සිතො යම්කිසි විධියකින් මගේ මරණයට බාධා විය හැකි, කිසියම් අයෙක් පිවිස හෝ සිටිත් ද යන අදහසයි.
සම්බුද්ධන්තිආදි තදා තස්සා තාදිසෙ නිච්ඡයෙ අසතිපි සභාවවසෙන වුත්තං. තස්සත්ථො – සයමෙව සම්මදෙව ච සබ්බස්සාපි බුජ්ඣිතබ්බස්ස බුද්ධත්තා සම්බුද්ධං, මහාකරුණායොගෙන හීනාදිභෙදභින්නස්ස සබ්බස්සාපි ලොකස්ස එකන්තහිතත්තා සබ්බලොකහිතං, උභයලොකං මුනනතො මුනිං, නිසජ්ජාවසෙන කිලෙසාභිසඞ්ඛාරෙහි ඨානා චාවනාභාවෙන ච නිසින්නං, ආරම්මණූපනිජ්ඣානෙන ලක්ඛණූපනිජ්ඣානෙන ච ඣායන්තං, බොධිමූලෙයෙව භයහෙතූනං සමුච්ඡින්නත්තා කුතොචිපි භයාභාවතො අකුතොභයන්ති වෙදිතබ්බං.
සම්බුද්ධං යන ආදිය එදා ඇය එවැනි නිශ්චයක් නොමැති කල්හි වුවද, ස්වභාව වශයෙන් සලකා කියන ලදී. එහි අර්ථය තමා විසින්ම මනාව අවබෝධ කළයුතු - සියල්ල අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධං නම් වේ. මහා කරුණාවෙන් අඩු හා වැඩි ආදී භේදයන්ගෙන් බිඳී ගිය මුළු ලොවටම ඒකාන්ත වශයෙන් හිතවත් බැවින් සබ්බලොකං යන වචනය යෙදේ. දෙලොවම අවබෝධ කරගත් බැවින් මුනි නම් වේ. හිඳගැනීම් වශයෙන් ද, කෙලෙස් රැස්කිරීම් වශයෙන් ද පහදා දීමක් නැති බැවින් ද, නිසින්නං යි යෙදේ. අරමුණක් අනුව ධ්‍යාන වැඩීමෙන් ද ලක්ෂණයක් අනුව ධ්‍යාන වැඩීමෙන් ද යන අදහස සඳහා ඣායන්තං යි යෙදේ. බෝමුල්හිදීම බියට හේතූන් සියල්ල සිඳලූ හෙයින්, කොතැනින් හෝ බියක් නොඑන බැවින්, අකුතො භයං යි යෙදේ.
සංවෙගො නාම සහොත්තප්පං ඤාණං, සො තස්සා භගවතො දස්සනෙන උප්පජ්ජි. තෙනාහ “තස්සා මෙ අහු සංවෙගො”ති.
සංත්වගො නම් දුකට බිය වීම් සහිත වූ නුවණයි. එය භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනයෙන්ම ඇයට ඇතිවිය.
පාසාදිකන්ති පසාදාවහං, ද්වත්තිංසමහාපුරිසලක්ඛණඅසීතිඅනුබ්යඤ්ජනබ්යාමප්පභාකෙතුමාලාලඞ්කතාය සමන්තපාසාදිකාය අත්තනො සරීරසොභාසම්පත්තියා රූපකායදස්සනබ්යාවටස්ස ජනස්ස සාධුභාවතො පසාදසංවඩ්ඪනන්ති අත්ථො. පසාදනීයන්ති දසබල-චතුවෙසාරජ්ජඡඅසාධාරණඤාණ-අට්ඨාරසාවෙණික-බුද්ධධම්මපභුතිඅපරිමාණගුණසමන්නාගතාය ධම්මකායසම්පත්තියා සරික්ඛකජනස්ස පසීදිතබ්බයුත්තං, පාසාදිකන්ති අත්ථො. වනාති කිලෙසවනතො අපක්කමිත්වා. නිබ්බනමාගතන්ති නිත්තණ්හභාවං නිබ්බානමෙව උපගතං අධිගතං. යාදිසකීදිසොති යො වා සො වා, පචුරජනොති අත්ථො.
පාසාදිකං පැහැදීම ඇතිකොට, දෙතිස් මහපුරිස් ලකුණු අසූ අනනු ව්‍යඤ්ජන, ඛ්‍යාමප්‍රභා කේතුමාලාලංකාර යන මේ ලක්ෂණයන්ගෙන් හාත්පසින්ම ප්‍රභේද ඇතිකරවන, තමන්වහන්සේ ශරීර ශෝභාවෙන් ද යුත් රූපකාය දර්ශනය කරගැනීමෙහි යෙදුනේ ජනතාවගේ ප්‍රසාදය මනා අයුරින් වර්ධනය වේ යන අදහසයි. පසාදනීයං දශබලය, චතුර් වෛශාරද්‍ය, ෂඩ් අසාධාරණ ඤාණ, අටළොස් වැදෑරුම් වූ බුද්ධ ධර්මය ආදී ආවේණික ධර්මයන්ගේ පටන් අප්‍රමාණ ගුණයන්ගෙන් යුක්ත වූ ධර්ම සමූහයෙන් තථාගතයන් පිළිබඳව පරීක්ෂා කරන ජනයාගේ පැහැදීමට හේතු වූ, ප්‍රසාදය ඇතිකරවන්නා වූ යන අර්ථයයි. වනා කෙලෙස් වනය මැඩ, නිබ්බාණ මාගතං තෘෂ්ණා රහිත බව වූ නිර්වාණයට පැමිණියා වූ, කීදිසො යම් ඒ කෙනෙක් බොහෝ දෙනා.
මනච්ඡට්ඨානං ඉන්ද්රියානං අග්ගමග්ගගොපනාය ගොපිතත්තා ගුත්තින්ද්රියො. අග්ගඵලජ්ඣානාභිරතියා ඣානරතො. තතො එව බහිභූතෙහි රූපාදිආරම්මණෙහි අපක්කමිත්වා විසයජ්ඣත්තෙ නිබ්බානෙ ච ඔගාළ්හචිත්තතාය අබහිග්ගතමානසො. මිච්ඡාගාහමොචනභයෙන විපල්ලාසවන්තෙහි මිච්ඡාදිට්ඨිකෙහි භායිතබ්බතො තෙසඤ්ච භයජනනතො භයභෙරවො. පයොගාසයවිපන්නෙහි අනුපගමනීයතො ච කෙනචිපි අනාසාදනීයතො ච දුරාසදො. දුල්ලභායන්ති දුල්ලභො අයං. දස්සනායාති දට්ඨුම්පි. පුප්ඵං ඔදුම්බරං යථාති යථා නාම උදුම්බරෙ භවං පුප්ඵං දුල්ලභදස්සනං, කදාචිදෙව භවෙය්ය, න වා භවෙය්ය, එවං ඊදිසස්ස උත්තමපුග්ගලස්සාති අත්ථො.
අර්හත් මාර්ගය රැකගැනීම සඳහා මනස සයවැනි කොට වූ ඉන්ද්රියයන්ගේ ආරක්ෂිත බව ගුත්තින්ද්රිය නම් වේ. රහත් ඵලයෙහි හා ධ්‍යානයෙහි ඇති කැමැත්ත ඣානරතො නම් වේ. එහෙයින්ම බැහැර පවත්නා වූ රූප ආදී අරමුණුවලින් ඉවත් වූ අධ්‍යාත්මික විෂයන්හි ද නිර්මාණයෙහි ද, බැසගත් බැවින් යන අදහසින් අබ්හිග්ගතමාන සො යි කියනු ලැබේ. වැරදි ලෙස පිළිගෙන තිබෙන අදහස්වලින් මිදීමට ඇති බිය නිසා වැරදි අදහස් සහිත මිසදිටු බියට පත්විය යුතු බැවින් නොහොත් ඔවුන් හට බිය උපදවන බැවින් යන අදහසින් භය භෙරවො. වැරදි දෙයට සිත යොමුකරගෙන සිටින්නවුන් ළංවිය නොහැකි බැවින්, කෙසේ හෝ ආසන්න විය නොහැකි යන අදහසින් දුරාසදො දුල්ලභං මෙය දුර්ලභ යන අදහසයි. දස්සනාය දැකීමට පවා පුප්ඵ ඔදුම්බරං යථා යම් සේ වනාහි දිඹුල් ගසෙහි මල් හටගැනීම දුර්ලභ බැවින්, ඒ දර්ශනය කවදා හෝ සැබෑ ලෙස සිදුවන්නේද එසේ එබඳු උතුම් පුද්ගලයෙකු දැකගැනීම සිදුවේය යන අරුතයි.
සො තථාගතො මුදූහි වාචාහි සණ්හාය වාචාය “රජ්ජුමාලෙ”ති මං ආලපිත්වා ආමන්තෙත්වා සරණං ගච්ඡ තථාගතන්ති “තථා ආගතො”තිආදිනා තථාගතං සම්මාසම්බුද්ධං සරණං ගච්ඡාති මං අවොච අභාසීති යොජනා.
සො තථාගතො මුදුහි වාචාහි මෘදු වචනයෙන්. රජ්ජුමාලෙහි මං ආලපිත්වා රජ්ජුමාලා යයි මා අමතා සරණං ගච්ඡ තථාගතං තථාගතයන් සරණ යන්න යයි මං අවොච මට කීයේය.
තාහන්ති තං අහං. ගිරන්ති වාචං. නෙලන්ති නිද්දොසං. අත්ථවතින්ති අත්ථයුත්තං සාත්ථං , එකන්තහිතං වා. වචීසොචෙය්යතාය සුචිං. අකක්ඛළතාය සණ්හං. වෙනෙය්යානං මුදුභාවකරත්තා මුදු. සවනීයභාවෙන වග්ගුං. සබ්බසොකාපනූදනන්ති ඤාතිබ්යසනාදිවසෙන උප්පජ්ජනකස්ස සබ්බස්සාපි සොකස්ස විනොදනං ගිරං සුත්වාන පසන්නචිත්තා අහොසින්ති සම්බන්ධො. සබ්බමෙතං දානකථං ආදිං කත්වා උස්සක්කිත්වා නෙක්ඛම්මෙ ආනිසංසං විභාවනවසෙන පවත්තිතං භගවතො අනුපුබ්බිකථං සන්ධාය වදති. තෙනෙවාහ “කල්ලචිත්තඤ්ච මං ඤත්වා”තිආදි.
තාහං ඒ මම. ගිරං වචනය. නෙලං දොස් නැති - අත්ථවතිං අර්ථයෙන් යුක්ත වූ, අර්ථ සහිත වූ, ඒකාන්ත වශයෙන් හිතවත් වූ වචන නිසා, පිරිසිදු බව නිසා යන අර්ථයේ සූචිං යෙදේ. රළු බවින් තොර වූයේ යන අදහසින් සණ්හං හික්මිය යුතු පුද්ගලයන් මෘදුභාවයට පත්කරවන බැවින් මුදුං යනු වේ. ඇසීමට ප්‍රියය යන අදහසින් වග්ගු සබ්බසොකා අනූදනං, ඥාතීන්ගේ විනාශය ආදී වශයෙන් හටගන්නා සියලු ශෝකයන් දුරුකිරීමේ වචන අසා ප්‍රසන්න වූ සිත් ඇත්තියක වූයෙමි. දානකථා ආදිකොට ඇති මේ සියල්ල නෛෂ්ක්‍රම්‍යය කෙරෙහි සිත උනන්දු කරවා එහි ආනිසංස දැක්වීම් වශයෙන් කරන ලද භාග්‍යවතුන් වහන්සේගේ අනුපිළිවෙළ කථාව සඳහා කීය. ඒ නිසා ‘කල්ල චිත්තඤ්ච මං දත්වා’ යන්න කීය.
තත්ථ කල්ලචිත්තන්ති කම්මනියචිත්තං, හෙට්ඨා පවත්තිතදෙසනාය අස්සද්ධියාදීනං චිත්තදොසානං විගතත්තා උපරිදෙසනාය භාජනභාවූපගමනෙන කම්මක්ඛමචිත්තං, භාවනාකම්මස්ස යොග්ගචිත්තන්ති අත්ථො. තෙනෙවාහ “පසන්නං සුද්ධමානස”න්ති. තත්ථ “පසන්න”න්ති ඉමිනා අස්සද්ධියාපගමමාහ, “සුද්ධමානස”න්ති ඉමිනා කාමච්ඡන්දාදිඅපගමනෙන මුදුචිත්තතං උදග්ගචිත්තතඤ්ච දස්සෙති. අනුසාසීති ඔවදි, සාමුක්කංසිකාය ධම්මදෙසනාය සහ උපායෙන පවත්තිනිවත්තියො උපදිසීති අත්ථො. තෙනෙවාහ “ඉදං දුක්ඛ”න්තිආදි. අනුසාසිතාකාරදස්සනඤ්හෙතං.
එහි කල්ලචිත්තං යනු ක්‍රියාවෙහි යෙදිය යුතු සිත ඉහත පැවැත්වූ දේශනාවෙහි දී ශ්‍රද්ධාවෙන් තොරවීම නම් වූ චිත්ත දෝෂයන් නැති බැවින් කර්මය දැනගෙන සිටීමේ සිත යයි හැඳින්වෙන සිත වනාහි භාවනා කිරීමට යෝග්‍ය වූ සිතය යන අර්ථ ඇත්තේ වේ. ඒ නිසා පසන්න සුද්ධ මානසං යන්න කීය. එහි පසන්නං යනු ශ්‍රද්ධාව නැතිකමින් තොරවීමයි. සුද්ධමානසං යනු කාමච්ඡන්ද ආදියෙන් තොරවීම නිසා මෘදු වූ සිතක් ඇති බව ද, නීවරණ රහිත වූ සිතක් ඇති බව ද කියවේ. අනුසාසිං අනුසාසනා කළේය. සාමුක්කංසික ධර්ම දේශනාවෙන් සහ ක්‍රියාත්මක භාවයෙන් සසරෙහි නැවැත්ම සඳහා උපදෙස් දුන්හ. ඒ නිසාම ඉදං දුක්ඛං ආදිය කීහ. මේ අනුශාසනා කරන ආකාරය දැක්වීමයි.
තත්ථ ඉදං දුක්ඛන්ති මංවොචාති ඉදං තණ්හාවජ්ජං තෙභූමකං ධම්මජාතං බාධකසභාවත්තා කුච්ඡිකං හුත්වා තුච්ඡසභාවත්තා තථත්තා ච දුක්ඛං අරියසච්චන්ති මය්හං අභාසි. අයං දුක්ඛස්ස සම්භවොති අයං ආමතණ්හාදිභෙදා තණ්හා යථාවුත්තස්ස දුක්ඛස්ස සම්භවො පභවො උප්පත්ති හෙතු සමුදයො අරියසච්චන්ති. දුක්ඛනිරොධොති දුක්ඛස්ස සන්තිභාවො අසඞ්ඛතධාතු නිරොධො අරියසච්චන්ති. අන්තද්වයස්ස පරිවජ්ජනතො අඤ්ජසො නිබ්බානගාමිනිපටිපදාභාවතො අමතොගධො මග්ගො අරියසච්චන්ති මං අවොචාති සම්බන්ධො.
එහි ඉදං දුක්ඛන්ති මං අවොච මේ තණ්හාව දුරුකරන්නා වූ ත්‍රෛභූමක ධර්ම ස්වභාව වූ, දුක්ඛ ආර්ය සත්‍යයයි. මට කීයේය. අයං දුක්ඛස්ස සම්හවො මේ කාම තණ්හාදී වූ තෘෂ්ණාවන් තුනයි. තෘෂ්ණාව වූ කලී යම් පරිද්දෙකින් දුක්ඛයාගේ උපදීම, ඇතිවීම දක්වයි. දුකට හේතුව වශයෙන් සමුදය ආර්ය සත්‍යය වදාළහ. අයං නිරොධො මග්ගො දුක නිවීමේ මාර්ගයයි. අසංඛත ධාතු වූ නිර්වාණයයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි. අන්ත දෙකින් වෙන්වීමේ ස්වභාවයයි. අන්ත දෙක දුරු කිරීමයි. අඤ්ජසො එය නිර්වාණගාමී ප්‍රතිපදාව බවයි. අමතොගධො මග්ගො මේ සතර ආර්ය මාර්ගයන් දෙසීම පිළිබඳව සම්බන්ධයයි. පිළිවෙළයි.
කුසලස්සාති ඔවාදදානෙ වෙනෙය්යදමනෙ ඡෙකස්ස, අප්පමාදපටිපත්තියා වා මත්ථකප්පත්තියා අනවජ්ජස්ස. ඔවාදම්හි අහං ඨිතාති යථාවුත්තෙ ඔවාදෙ අනුසිට්ඨියං සික්ඛාත්තයපාරිපූරියා සච්චපටිවෙධෙන අහං පතිට්ඨිතා. තෙනාහ “අජ්ඣගා අමතං සන්තිං, නිබ්බානං පදමච්චුත”න්ති, ඉදං ඔවාදෙ පතිට්ඨානස්ස කාරණවචනං. යා නිච්චතාය මරණාභාවතො අමතං, සබ්බදුක්ඛවූපසමතාය සන්තිං, අධිගතානං අචවනහෙතුතාය අච්චුතං නිබ්බානං පදං අජ්ඣගා අධිගඤ්ඡි, සා එකංසෙන සත්ථු ඔවාදෙ පතිට්ඨිතා නාමාති.
කුසලස්ස අවවාද දීමෙහි හික්මවිය යුත්තන් හික්මවීමෙහි දක්ෂ වූ තැනැත්තහුගේ ප්‍රමාද රහිත ප්‍රතිපත්තියෙන් හෝ එය මස්තකප්රාප්ත වීමෙන් නිවැරදි තැනැත්තහුගේ ඔවාදංහි අහංඨිතා අනුශාසනා ලැබ ශික්ෂාවන් තුන සම්පූර්ණ කිරීමෙන් සත්‍යය මනාව අවබෝධ කරගැනීමෙන් කියන ලද පරිදිම අවවාදයෙහි පිහිටියාය. එහෙයින් ‘අජ්ඣගා අමතං සන්තිං නිබ්බාණං පද මච්චුතං’ යනුවෙන් කීය. එය අවවාදයෙහි පිහිටීමට හේතුවන කියමනකි. යම් තැනැත්තියක් නිත්‍ය ලෙසට මරණයෙන් තොර බැවින් අමතං යන තත්ත්වයට ද සියලු දුක් සන්සිඳවූ බැවින් සන්තිං යන තත්ත්වයට ද අවබෝධ කරගත් නිර්වාණයේ හේතුවෙන් අච්චුතං නිබ්බාණ පදං අජ්ඣගා යන තත්ත්වයට ද පැමිණ ඇය ඒකාන්තයෙන් ශාස්තෲන් වහන්සේගේ අවවාදයෙහි පිහිටියා නම් වෙයි.
අවට්ඨිතාපෙමාති දළ්හභත්තී රතනත්තයෙ නිච්චලපසාදසිනෙහා. කස්මා? යස්මා දස්සනෙ අවිකම්පිනී, “සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝො”ති එතස්මිං සම්මාදස්සනෙ අචලා කෙනචි අචාලනීයා. කෙන පනෙතං අවිකම්පනන්ති ආහ “මූලජාතාය සද්ධායා”ති. අයං “ඉතිපි සො භගවා අරහ”න්තිආදිනා (ම· නි· 1.74; සං· නි· 5.997; අ· නි· 9.27) සම්මාසම්බුද්ධෙ, “ස්වාක්ඛාතො භගවතා ධම්මා’තිආදිනා තස්ස ධම්මෙ, “සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො”තිආදිනා තස්ස සඞ්ඝෙ ච සච්චාභිසමයසඞ්ඛාතෙන මූලෙන ජාතමූලා සද්ධා, තාය අහං අවිකම්පිනීති දස්සෙති. තතො එව ධීතා බුද්ධස්ස ඔරසාති සම්මාසම්බුද්ධස්ස උරෙ වායාමජනිතාභිජාතිතාය ඔරසපුත්තී.
අවට්ඨිතා පෙමා දැඩි භක්තිය රත්නත්‍රයෙහි නිශ්චල වූ ප්‍රසාදයි. හෙවත් ස්නේහය කුමක් නිසාද යත්, දස්සනෙ අවිකම්පීනී භාග්‍යවතුන් වහසේ සම්මා සම්බුද්ධයහ. ධර්මය ස්වාක්ඛාතය. සංඝයා මනාව පිළිපන්නාහ යන මේ සම්‍යක් දර්ශනයෙහි නොසෙල්වෙන්නීය. කවුරුන් විසිනුත් සෙල්විය නො හැකි වන්නේමය. මූල ජාතාය සද්ධාය ‘ඉතිපිසො භගවා අරහං’ යනාදියෙන් සම්මා සම්බුදුන් කෙරෙහි ද ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො’ යනාදියෙහි ධර්මය කෙරෙහි ද ‘සුපටිපන්නො භගවතො සාවක සංඝො’ යනාදියෙන් ශ්‍රාවක සංඝයා කෙරෙහි ද, සත්‍යය අවබෝධ කරගැනීම නම් වූ මූලයෙන් හටගත් මූලික ශ්‍රද්ධාව ඇති මම කම්පනයට පත් නොවන්නේය. එහෙයින්ම ධීතා බුද්ධස්ස ඔරසා බුදුරදුන්ගේ ඖරස දුහිතෲවක් වන්නේමය.
සාහං රමාමීති සා අහං තදා අරියාය ජාතියා ඉදානි දෙවූපපත්තියා ආගතා මග්ගරතියා ඵලරතියා ච රමාමි, කාමගුණරතියා කීළාමි, උභයෙනාපි මොදාමි. අත්තානුවාදභයාදීනං අපගතත්තා අකුතොභයා. මධුමද්දවන්ති මධුසඞ්ඛාතං මද්දවකරං, නච්චනගායනකාලෙසු සරීරස්ස සරස්ස ච මුදුභාවාවහං ගන්ධපානං සන්ධාය වදති.“මධුමාදව”න්තිපි පඨන්ති, ආදවං යාවදවං යාවදෙව දවත්ථං මධුරං පිවාමීති අත්ථො.
සාහං රමාමි එබඳු වූ මම එකල්හි ආර්ය ජාතියෙන් දැන් දෙව්ලොව ඉපදීමට පැමිණ මාර්ගයෙහි ඇල්මෙන් ද ඵලයෙහි ඇල්මෙන් ද සතුටට පත් වෙමි. කාම ගුණයෙහි ඇලීමෙන් ක්‍රීඩා කරමි. මොදාමි සතුටු වෙමි. තමන්ට දොස් පැවරෙන බිය පහව ගිය බැවින් අකුතොභය යන්න යෙදේ. මධු මද්දවං මීපැණි නම් වූ මෘදු කාරකය නැටුම් ගැයුම් කරන කල්හි, ශරීරයටද කටහඬටද මෘදු බව ගෙන එයි. මෘදු බව ගෙන එන සුවඳ සුගත් සඳහා ‘මධු මාධව’ යයි සමහරු කියති. ක්‍රීඩාවේ ආරම්භයේ පටන් ක්‍රීඩාවේ නිමාව දක්වා හෝ ක්‍රීඩා කරන කල්හි ක්‍රීඩාව සඳහා හෝ මධුපානය කරන බව කීමයි.
පුඤ්ඤක්ඛෙත්තානමාකරාති සදෙවකස්ස ලොකස්ස පුඤ්ඤක්ඛෙත්තභූතානං අරියානං මග්ගඵලට්ඨානං අරියසඞ්ඝස්ස ආකරා උප්පත්තිට්ඨානං තථාගතා. යථාති යස්මිං පුඤ්ඤක්ඛෙත්තෙ. සෙසං වුත්තනයමෙව.
පුඤ්ඤක්ඛෙත්තා නමාකරා දෙවියන් සහිත ලෝකයාගේ පුණ්‍ය ක්ෂේත්‍ර වූ ආර්යයන් හට මාර්ග ඵලස්ථානයක් වූ ආර්ය සංඝයාට උත්පත්ති ස්ථානය තථාගත නම් වේ. යම් පින් කෙතක් සංඝ රත්නයක්. යත්ථ යන්නෙන් කියවේ.
අථායස්මා මහාමොග්ගල්ලානො අත්තනා ච දෙවතාය ච පවත්තිතං ඉමං කථාසල්ලාපං මනුස්සලොකං ආගන්ත්වා භගවතො ආරොචෙසි. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ තමන් විසින් ද දේවතාවිය විසින් ද කියන ලද මේ කථා පුවත මිනිස් ලොවට පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග කීයේය. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්තිය කරගනිමින් පැමිණ සිටි පිරිසට ධර්මය දෙසූහ. එම දේශනාව මහාජනයාට සාර්ථක විය.
රජ්ජුමාලාවිමානවණ්ණනා නිට්ඨිතා.
රජ්ජුමාලා විමාන වර්ණනාව නිමියේ ය.
ඉති පරමත්ථදීපනියා ඛුද්දක-අට්ඨකථාය විමානවත්ථුස්මිං ද්වාදසවත්ථුපටිමණ්ඩිතස්ස චතුත්ථස්ස මඤ්ජිට්ඨකවග්ගස්ස අත්ථවණ්ණනා නිට්ඨිතා.
සතරවෙනි වර්ගය සමාප්තයි.
නිට්ඨිතා ච ඉත්ථිවිමානවණ්ණනා.
ස්ත්‍රී විමාන වර්ණනා
පුරිසවිමානං