රජ්ජුමාලා විමානං
4. 12.
4. 12.
827. අභික‍්කන‍්තෙන වණ‍්ණෙන යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ, හත්‍ථෙ පාදෙ ච විග‍්ගය‍්හ නච‍්චසි සුප‍්පවාදිතෙ.
827. (එම්බා) දෙව්දුව යම්බඳු වූ තෝ මනා රුසිරෙන් යුක්තව මනහර වැයුම් පවත්නා කල්හි ඇත් පා විවිධාකාරයෙන් ගෙන නටන්නෙහි.
828. තස‍්සා තෙ නච‍්චමානාය අඞ‍්ගමඞ‍්ගෙහි සබ‍්බසො, දිබ‍්බා සද‍්දා නිච‍්ඡරන‍්තී සවනීයා මනොරමා.
828. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් හැම ලෙසින් කන්කලු මනරම් දිව්‍යමය ශබ්දයෝ නික්මෙත්.
829. තස‍්සා තෙ නච‍්චමානාය අඞ‍්ගමඞ‍්ගෙහි සබ‍්බසො, දිබ‍්බා ගන්‍ධා පවායන‍්තී පුචිගන්‍ධා මනොරමා.
829. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් පිරිසිදු සුවඳැති මනරම් වූ දිව්‍යමය ගන්‍ධයෝ හැම ලෙසින් හමත්.
830. විවත‍්තමානා කායෙන යා වෙණීසු පිළන්‍ධනා, තෙසං සූයති නිග‍්ඝොසො තුරියෙ පඤ‍්චඞ‍්ගිකෙ යථා.
830. (තීගේ) ශරීරය සැලෙන කල්හි කෙස් වේණියෙහි යම් පළඳනාවෝ වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරනද සේ ඇසේ.
831. වටංසකා වාතධූතා වාතෙන සම‍්පකම‍්පිතා, තෙසං සූයති නිග‍්ඝොසො තුරියෙ පඤ‍්චඞ‍්ගිකෙ යථා.
831. මද සුළඟින් සැලෙන සුළඟින් වෙසෙසින් සැලෙන මුදුන් මල්කඩහු වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරනද සේ ඇසේ.
832. යාපි තෙ සිරස‍්මිං මාලා සුචිගන්‍ධා මනොරමා, වාති ගන්‍ධො දිසා සබ‍්බා රුක‍්ඛො මඤ‍්ජුසකො යථා.
832. තීගේ හිසෙහි පිවිතුරු සුවඳැති මනරම් වූ යම් මල්දමෙක් වේ ද එහි සුවඳ (සුපිපි) මඤ්ජුස්සක වෘක්‍ෂය සේ සියලු දිගුන් පැතිරැ හමයි.
833. ඝායසෙ තං සුචිගන්‍ධං රූපං පස‍්සසි අමානුසං, දෙවතෙ පුච‍්ඡිකාචික‍්ඛ කිස‍්ස කම‍්මස‍්සිදං ඵලන‍්ති.
833. ඒ පිවිතුරු සුවඳ ආඝ්‍රාණය කෙරෙහි, ඒ දිව්‍යමය වූ රූපය දකිහි. (එම්බා) දෙව්දුව, මා විසින් විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
834. දාසී අහං පුරෙ ආසිං ගයායං බ්‍රාහ‍්මණස‍්සහං, අප‍්පපුඤ‍්ඤා අලක‍්ඛිකා රජ‍්ජුමාලාති මං විදුං.
834. මම පෙරැ ගයාවෙහි එක්තරා බමුණකුගේ දාසියක් වීමි. ඒ මා පින්නැති කාලකණ්ණි රජ්ජුමාලා යැ යි (අන්‍යයෝ) දත්හ.
835. අක‍්කොසානං වධානං ච තජ‍්ජනාය ච උක‍්කතා, කූටං ගහෙත්‍වා නික‍්ඛම‍්ම ගච‍්ඡිං උදකහාරියා.
835. ආක්‍රෝශයන්ගේද වධයන්ගේ ද තර්‍ජනයෙන් උපන් දොම්නසින් කළය ගෙන දිය ගෙනෙන්නියක මෙන් නික්ම ගියෙමි.
836. විපථෙ කුටං නික‍්ඛිපිත්‍වා වනසණ‍්ඩං උපාගමිං, ඉධෙවාහං මරිස‍්සාමි කො අත්‍ථො ජීවිතෙන මෙ.
836. මම මෙහි ම මැරෙන්නෙමි. මාගේ ජීවිතයෙන් කම් කිමැ යි මගින් බැහැර කළය තබා වන ලැහැබකට පිවිසියෙමි.
837. දළ‍්හං පාසං කරිත්‍වාන ආසුම‍්හිත්‍වාන පාදපෙ, තතො දිසා විලොකෙසිං කො නු ඛො වනමස‍්සිතො.
837. මළපුඩුව දැඩි කොට ගසෙක එල්වා තබා ඉක්බිති වනය ඇසුරු කළ කවරෙක් ඇත් දැ යි දිගුන් බැලීමි.
838. තත්‍ථද‍්දසාසිං සම‍්බුද‍්ධං සබ‍්බලොකහිතං මුනිං, නිසින‍්නං රුක‍්ඛමූලස‍්මිං ඣායත‍්තමකුතොභයං.
838. එහි රුක්මුල වැඩහුන් ධ්‍යාන කරනසුලු නිර්‍භය වූ සියලු ලොවට හිතැති මුනීන්‍ද්‍ර වූ සම්බුදුරජුන් දුටුයෙමි.
839. තස‍්සා මෙ අහු සංවෙගො අබ‍්භුතො ලොමහංසනො, කො නු ඛො වනමස‍්සිතො මනුස‍්සො උදාහු දෙවතා.
839. ඒ මට ලොමුදහගන්වන අද්භූත වූ සංවේගයෙක් හටගත්තේය. වනය ඇසුරු කළේ කවරෙක් ද, මිනිසෙක් හෝ දෙවියෙක් හෝ වේ දැ යි.
840. පාසාදිකං පසාදනීයං වනා නිබ‍්බානමාගතං, දිස‍්වා මනො මෙ පසීදි නායං යාදිස කීදිසො.
840. පැහැදීම එළවන පැහැදියයුතු (කෙලෙස්) වනයෙන් නික්ම නිවනට පැමිණි උන්වහන්සේ දැක මේ තෙමේ එසේ මෙසේ වූවෙක් නො වේ යයි මාගේ සිත පහන් වී.
841. ගුත‍්තින්‍ද්‍රියො ඣානරතො අබ‍්භිග‍්ගතමානසො, හිතො සබ‍්බස‍්ස ලොකස‍්ස බුද‍්ධො සොයං භවිස‍්සති.
841. ඒ තෙමේ දැමුණු ඉඳුරන් ඇති දැහැන්හි ඇලුණු නිවනෙහි බැසගත් සිත් ඇති මුළුලොවට හිත වූ බුද්ධ නම් වන්නේ ය.
842. භයභෙරවො දුරාසදො සීහොව ගුහමස‍්සිතො, දුල‍්ලභායං දස‍්සනාය පුප‍්ඵං ඔදුම‍්බරං යථා.
842. මේ තෙමේ ගුහාව ඇසුරු කළ සිංහයකු සේ බිය දනවන සුලු ය. ළංවිය නො හැකි ය. දිඹුල්මල් මෙන් දැකීමට දුර්‍ලභ ය.
843. සො මං මුදූහි වාචාහි ආලපිත්‍වා තථාගතො, රජ‍්ජුමාලෙති මං අවොච සරණං ගච‍්ඡ තථාගතං.
843. ඒ තථාගත තෙමේ මුදුවදනින් රජ්ජුමාලා යී මා අමතා තථාගතයන් සරණ යවයි මට වදාළේ ය.
844. තාහං ගිරං සුණිත්‍වාන නෙලං අත්‍ථවතිං සුචිං, සණ‍්හං මුදුං ච වග‍්ගුං ච සබ‍්බසොකා පනූදනං.
844. මම නිදොස් වූ අර්‍ත්‍ථවත් පිරිසිදු නො රළු මොළොක් මිහිරි සියලු ශෝක දුරු කරන ඒ වචනය අසා,
845. කල‍්ලචිත‍්තං ච මං ඤත්‍වා පසන‍්නං සුද‍්ධමානසං, හිතො සබ‍්බස‍්ස ලොකස‍්ස අනුසාසි තථාගතො.
845. භාවනාකර්‍මයට යෝග්‍ය වූ සිත් ඇති (එහෙයින් ම) පහන් වූ පිරිසිදු සිත් ඇති මා දැන සියලු ලෝකයට හිත වූ තථාගත තෙමේ (මට) අනුශාසනා කෙළේ යි.
846. ඉදං දුක‍්ඛන‍්ති මං අවොච අයං දුක‍්ඛස‍්ස සම‍්භවො, අයං නිරොධො මග‍්ගො ච අඤ‍්ජසො අමතොගධො.
846. මේ දුඃඛ යයි ද, මේ දුඃඛසමුදය යි ද මේ දුඃඛනිරෝධ යයි ද මේ අන්තද්වය වර්ජිත වූ නිර්‍වාණගාමිනී ප්‍රතිපදාසඞ්ඛ්‍යාත මාර්‍ග යයි ද මට වදාළේ යි.
847. අනුකම‍්පකස‍්ස කුසලස‍්ස ඔවාදම‍්හි අහං ඨිතා, අජ‍්ඣගා අමතං සන‍්තිං නිබ‍්බාන පදමච‍්චුතං.
847. මම දක්‍ෂ වූ කාරුණික වූ බුදුරජුන්ගේ අවවාදයෙහි පිහිටියෙම් නිත්‍ය වූ සියලු දුක් සන්සිඳීම වූ ච්‍යුති රහිත වූ නිර්‍වාණපදය අවබෝධ කෙළෙමි.
848. සාහං අවට‍්ඨිතා පෙමා දස‍්සනෙ අවිකම‍්පිනී, මූලජාතාය සද‍්ධාය ධීතා බුද‍්ධස‍්ස ඔරසා.
848. ඒ මම සම්‍යග්දර්‍ශනයෙහි නො සැලෙන සුළු වූ නො සෙල්විය හැකි දැඩි පෙම් ඇති හටගත් මුල් ඇති සදැහෙයෙන් යුක්ත වැ බුදුරජුන්ගේ ඔෳරස පුත්‍රියක් වීමි.
849. සාහං රමාමි කීළාමි මොදාමි අකුකොභයා, දිබ‍්බං මාලං ධාරයාමි පිවාමි මධුමද‍්දවං.
849. ඒ මම දැන් නො බිය වූයෙම් මාර්‍ගඵලරතියෙන් රමණය කරමි. කාමගුණයෙන් ක්‍රීඩා කරමි. එදෙකින් සතුටු වෙමි. දිවමල් දරමි. මධුමද්දව නම් ගඟපැන් බොමි.
850. සට‍්ඨිං තුරියසහස‍්සානි පටිබොධං කරොන‍්ති මෙ, ආළම‍්බො ගග‍්ගරො භීමො සාධුවාදී ච සංසයො.
850. සැටදහසක් තූර්‍ය්‍යයෝ මා පුබුදුවති. එසේම ම ආලම්බ යැ ගග්ගර යැ භීම යැ සාධුවාදී යැ සංසය යැ.
851. පොක‍්ඛරො ච සුඵස‍්සොච වීණා මොක‍්ඛා ච නාරියො, නන්‍දා චෙව සුනන්‍දා ච සොණදින‍්නා සුවිම‍්හිතා.
851. පොක්ඛර යැ සුඵස්ස යැ යන දිව්‍යපුත්‍රයෝ ද, වීණා යැ මොක්ඛා යැ යන දිව්‍යස්ත්‍රීහු ද, නන්‍දා යැ සුනන්‍දා යැ සෝණදින්නා යැ සුවිමහිතා යැ යන.
852. අලම‍්බුසා මිස‍්සකෙසී ච පුණ‍්ඩරීකාතිචාරුණී, එණිඵස‍්සා සුඵස‍්සා ච සුභද‍්දා මුදුවාදිනී.
852. අළම්ඹුසා යැ මිස්සකේසි යැ පුණ්ඩරීකා යැ අතිචාරුණී යැ එනිඵස්සා යැ සුඵස්සා යැ සුභාද්දා යැ මුදුවාදිනී යැ යන
853. එතා චඤ‍්ඤා ච සෙය්‍යසා අච‍්ඡරානං පබොධිකා, තා මං කාලෙනුපාගන‍්ත්‍වා අභිභාසන‍්ති දෙවතා.
853. තෙල අප්සරාවෝ ද, අප්සරාවන් අතුරෙහි සංගීතයෙහි අතිශයින් පැසසියයුතු වූ පුබුදු කරවන අන්‍ය වූ අප්සරාවෝ ද සුදුසු කල්හි මා වෙත පැමිණ මෙසේ කියත්.
854. හන්‍ද නච‍්චාම ගායාම හන්‍ද තං රමයාමසෙ නයිදං අකතපුඤ‍්ඤානං කතපුඤ‍්ඤානමෙවිදං අසොකං නන්‍දනං රම‍්මං තිදසානං මහාවනං
854. හොඳයි නටමු, ගයමු, තී සතුටු කරවමු, මේ දෙව්විමන පින් නො කළවුනට නො ලැබේ. තව්තිසා වැසි දෙවියන්ගේ ශෝක දුරු කරන මනරම් වූ නන්‍දන මහාවනය පින් කළවුනට ම ලැබේ.
855. සුඛං අකතපුඤ‍්ඤානං ඉධ නත්‍ථි පරත්‍ථ ච, සුඛං ච කතපුඤ‍්ඤානං ඉධ චෙව පරත්‍ථ ච.
855. පින් නො කළවුන්ට මේ ලොව හා පරලොව සැපයෙක් නැත. පින් කළවුන්ට ම මෙලොව හා පරලොව සැප ලැබේ.
856. තෙසං සහව්‍යකාමානං කත‍්තබ‍්බං කුසලං බහුං, කතපුඤ‍්ඤා හි මොදන‍්ති සග‍්ගෙ භොගසමඞ‍්ගිනො.
856. ඒ තව්තිසාවැසි දෙවියන් හා සහභාවයට යනු කැමැත්තන් විසින් බොහෝ කුසල් කළයුතු වේ. කළ පිනැත්තෝ ම ස්වර්‍ගයෙහි පස්කම් සැපතින් යුක්ත වූවාහු සතුටු වෙත්.
857. බහුන‍්නං වත අත්‍ථාය උප‍්පජ‍්ජන‍්ති තථාගතා දක‍්ඛිණෙය්‍යා මනුස‍්සානං පුඤ‍්ඤක‍්ඛෙත‍්තානමාකරා යත්‍ථ කාරං කරිත්‍වාන සග‍්ගෙ මොදන‍්ති දායකාති.
857. යමකු කෙරෙහි පූජා සත්කාර කොට දායකයෝ සුගතියට යෙත් ද, මිනිසුන්ගේ දක්‍ෂිණාවට සුදුසුවූ පින්කෙත් වූ ආර්‍ය්‍යයන්ට ආකාර වූ (ඒ) තථාගතවරයෝ එකැතින් ම බොහෝ දෙනාට වැඩ පිණිස උපදිත්.
රජ‍්ජුමාලා විමානං.
රජ්ජුමාලාවිමාන යි.
මඤ‍්ජෙට‍්ඨක වග‍්ගො චතුත්‍ථො.
සිවුවන මඤ්ජෙට්ඨක වර්‍ග යි.
තස‍්සුද‍්දානං:
එහි නාමාවලිය:
මඤ‍්ජෙට‍්ඨා පභස‍්සරා නාගා අලොමා කඤ‍්ජිකදායිකා විහාරචතුරිත්‍ථම‍්බා පීතුච‍්ඡු වන්‍දනරජ‍්ජුමාලා වග‍්ගො තෙන පවුච‍්චතීති.
මඤ්ජෙට්ඨ ය, පහස්සර ය, නාග ය, අලෝමා ය, කඤජිකදායිකා ය, විහාර ය, චතුරිත්‍ථි ය, අම්බ ය, පීත ය, උච්ඡු ය, වන්‍දන ය, රජ්ජුමාලා යී එයින් වර්‍ගය කියනු ලැබේ.
ඉත්‍ථිවිමානං සමත‍්තං.
ස්ත්‍රී විමාන නිමි.