යෙදුමෙන් කියවන්න

1. මණ‍්ඩූකදෙවපුත‍්තවිමානවණ‍්ණනා අට‍්ඨකථා

1. මණ‍්ඩූකදෙවපුත‍්තවිමානවණ‍්ණනා

1. මණ්ඩුක දෙවපුත්ත විමාන වර්ණනා

මහාරථවග‍්ගෙ කො මෙ වන්‍දති පාදානීති මණ‍්ඩූකදෙවපුත‍්තවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා චම‍්පායං විහරති ගග‍්ගරාය පොක‍්ඛරණියා තීරෙ. සො පච‍්චූසවෙලායං බුද‍්ධාචිණ‍්ණං මහාකරුණාසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා තතො වුට‍්ඨාය වෙනෙය්‍යබන්‍ධවෙ සත‍්තෙ වොලොකෙන‍්තො අද‍්දස “අජ‍්ජ මයි සායන‍්හසමයෙ ධම‍්මං දෙසෙන‍්තෙ එකො මණ‍්ඩූකො මම සරෙ නිමිත‍්තං ගණ‍්හන‍්තො පරූපක‍්කමෙන මරිත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා මහතා දෙවපරිවාරෙන මහාජනස‍්ස පස‍්සන‍්තස‍්සෙව ආගමිස‍්සති, තත්‍ථ බහූනං ධම‍්මාභිසමයො භවිස‍්සතී”ති දිස‍්වා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං චම‍්පානගරං පිණ‍්ඩාය පවිසිත්‍වා, භික‍්ඛූනං සුලභපිණ‍්ඩපාතං කත්‍වා කතභත‍්තකිච‍්චො විහාරං පවිසිත්‍වා භික‍්ඛූසු වත‍්තං දස‍්සෙත්‍වා, අත‍්තනො අත‍්තනො දිවාට‍්ඨානං ගතෙසු ගන්‍ධකුටිං පවිසිත්‍වා ඵලසමාපත‍්තිසුඛෙන දිවසභාගං ඛෙපෙත්‍වා, සායන‍්හසමයෙ චතූසු පරිසාසු සන‍්නිපතිතාසු සුරභිගන්‍ධකුටිතො නික‍්ඛමිත්‍වා තඞ‍්ඛණානුරූපෙන පාටිහාරියෙන පොක‍්ඛරණිතීරෙ ධම‍්මසභාමණ‍්ඩපං පවිසිත්‍වා අලඞ‍්කතවරබුද‍්ධාසනෙ නිසින‍්නො මනොසිලාතලෙ සීහනාදං නදන‍්තො අඡම‍්භීතකෙසරසීහො විය අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං බ්‍රහ‍්මස‍්සරං නිච‍්ඡාරෙන‍්තො අචින‍්තෙය්‍යෙන බුද‍්ධානුභාවෙන අනුපමාය බුද‍්ධලීලාය ධම‍්මං දෙසෙතුං ආරභි.

මහා වර්ගයෙහි කො මෙ වන්‍දති පාදානී යනු මණ්ඩුක දේව පුත්‍ර විමානය එහි උපත කවරේද? භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර ගග්ගරියා පොකුණ තෙර වාසය කරති. උන්වහන්සේ අරුණ නැගෙන්නට පළමුව බුදු සිරිත ලෙස මහා කරුණා සමාපත්තියට සමවැදි එයින් නැගිට හික්මවිය යුතු පිළිසරණ විය යුතු සත්ත්වයන් දෙස බලන්නේ අද සවස මා විසින් ධර්ම දේශනා කරන කල්හි එක්තරා මැඩියෙක් මගේ හඬ පිළිබඳව බැති පෙම් උපදවා නිමිති ගෙන වෙනත් උවදුරකින් මියගොස් දෙව්ලොව ඉපිද, මහත් වූ දෙව්පිරිස් සමග මහජනයා දකිද්දීම එන්නේය. එහිදී බොහෝ දෙනාට ධර්මාභිසමය වන්නේය යයි දැක පෙරවරුයේ හැඳ පොරවා පා සිවුරු ගෙන මහත් වූ සහ පිරිවර සමග චම්පා නුවරට පිඬු පිණිස පිවිස භික්‍ෂූන් වෙත ලත් සුලභ පිණ්ඩපාතය ගෙන, කරන ලද බත්කිස ඇත්තේ, විහාරයට පිවිස භික්‍ෂූන්ට වත් දක්වා තම තමන්ගේ වසන තැන්වලට ගිය පසු ගඳකිළියට පිවිස ඵලසමවත් සුවයෙන් දහවල් කාලය ගෙවා සවස් භාගයේ සිව් පිරිස් රැස් වූ කල්හි රම්‍ය වූ සුවඳවත් ගඳකිළියෙන් නික්ම ඒ අවස්ථාව ගැලපෙන ප්‍රාතිහාර්යයෙන් පොකුණු තෙර දම්සභා මණ්ඩපයට පිවිස දැකුම්කළු බුද්ධාසනයේ වැඩසිටියේ මනො සිලාකලයෙහි සිංහනාදය කරන්නා වූ අභීත බිය දැක කේසර සිංහයකු මෙන් අංග අටකින් සමන්විත වූ බ්‍රහ්මස්වර විහිදුවමින් සිතිය නොහැකි, උපමා රහිත බුද්ධ ස්වභාවයෙන් ධර්මය දෙසීමට ආරම්භ කළහ.

තස‍්මිඤ‍්ච ඛණෙ එකො මණ‍්ඩූකො පොක‍්ඛරණිතො ආගන‍්ත්‍වා “ධම‍්මො එසො වුච‍්චතී”ති ධම‍්මසඤ‍්ඤාය සරෙ නිමිත‍්තං ගණ‍්හන‍්තො පරිසපරියන‍්තෙ නිපජ‍්ජි. අථෙකො වච‍්ඡපාලො තං පදෙසං ආගතො සත්‍ථාරං ධම‍්මං දෙසෙන‍්තං පරිසඤ‍්ච පරමෙන උපසමෙන ධම‍්මං සුණන‍්තං දිස‍්වා තග‍්ගතමානසො දණ‍්ඩමොලුබ‍්භ තිට‍්ඨන‍්තො මණ‍්ඩූකං අනොලොකෙත්‍වා තස‍්ස සීසෙ සන‍්නිරුම‍්භිත්‍වා අට‍්ඨාසි. සො ධම‍්මසඤ‍්ඤාය පසන‍්නචිත‍්තො තාවදෙව කාලං කත්‍වා තාවතිංසභවනෙ ද‍්වාදසයොජනිකෙ කනකවිමානෙ නිබ‍්බත‍්තිත්‍වා සුත‍්තප‍්පබුද‍්ධො විය තත්‍ථ අච‍්ඡරාසඞ‍්ඝපරිවුතං අත‍්තානං දිස‍්වා “කුතො නු ඛො ඉධ අහං නිබ‍්බත‍්තො”ති ආවජ‍්ජෙන‍්තො පුරිමජාතිං දිස‍්වා “අහම‍්පි නාම ඉධ උප‍්පජ‍්ජිං, ඊදිසඤ‍්ච සම‍්පත‍්තිං පටිලභිං, කිං නු ඛො කම‍්මං අකාසි”න‍්ති උපධාරෙන‍්තො අඤ‍්ඤං න අද‍්දස අඤ‍්ඤත්‍ර භගවතො සරෙ නිමිත‍්තග‍්ගාහා. සො තාවදෙව සහ විමානෙන ආගන‍්ත්‍වා විමානතො ඔතරිත්‍වා, මහාජනස‍්ස පස‍්සන‍්තස‍්සෙව මහතා පරිවාරෙන මහන‍්තෙන දිබ‍්බානුභාවෙන උපසඞ‍්කමිත්‍වා, භගවතො පාදෙ සිරසා වන්‍දිත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ නමස‍්සමානො අට‍්ඨාසි. අථ නං භගවා ජානන‍්තොව මහාජනස‍්ස කම‍්මඵලං බුද‍්ධානුභාවඤ‍්ච පච‍්චක‍්ඛං කාතුං –

එම මොහොතෙහි එක්තරා මැඩියෙක් පොකුණෙන් එළියට විත් ‘මෙතෙමේ ධර්මය කියයි’යි ධර්ම සංඥාවෙන් දහම් හඬ පිළිබඳව නිමිති ගත්තේ පිරිස් කෙළවර හොත්තේය. මේ අතර එක් ගොපළු දරුවෙක් ඒ පෙදෙසට පැමිණියේ උපසමයෙන් යුක්ත වූ ධර්මය අසන පිරිස ද ධර්මය දේශනා කරන්නා වූ ශාස්තෲන් වහන්සේ ද දැක අතැති දණ්ඩ බිමට ඇන එයට බර තබා සිටගෙනම බණ අසන්නේ මැඩියා නොදැකම ඒ මැඩියාගේ ඔළුව උඩ දණ්ඩ සිටවාගෙන සිටියේය. මැඩියා පහන් සිත් ඇතිව ධර්මය පිළිබඳ සංඥාවෙන් ප්‍රසන්න සිතින් සිටියදීම කළුරියකොට තව්තිසා භවනයෙහි දොළොස් යොදුනක් වූ රන් විමනක ඉපිද එහි දිව්‍ය අප්සරාවන් සමූහයා පිරිවර ඇතිව සිටින තමන් දැක ‘කවර පින්කමක් නිසා මා මෙහි උපන්නේදැ’යි ආවර්ජනා කරන්නේ පෙර ආත්මභාවය දැක මම නම් මෙහි ඉපිද මෙබඳු සම්පත් ලැබීමි. කවරනම් කුසල කර්මයක් පින්කමක් කරන ලද්දේ දැයි සිහි කරන්නේ ‘භාග්‍යවතුන් වහන්සේගේ ස්වරයෙහි ධර්ම නිමිත්ත ගැනීම හැර වෙනත් හේතුවක් නො දක්නේය. හෙතෙම එකෙණෙහිම විමානයෙන් අවුත් විමානයෙන් බැස මහජනයා බලා සිටියදීම මහත් වූ දිව්‍යානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන්ගේ සිරිපතුල් වැඳ ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වෙත පිරිවර සහිතව එළඹ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් සිරසින් වැඳ ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දැන සිටියද මහජනයාට කර්ම විපාකයත් බුද්ධානුභාවයත් ප්‍රත්‍යක්‍ෂ කිරිම සඳහා මෙසේ විමසූ සේක.

“කො මෙ වන්‍දති පාදානි, ඉද‍්ධියා යසසා ජලං; අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, සබ‍්බා ඔභාසයං දිසා”ති. – පුච‍්ඡි.

1. ඍද්ධියෙන් ද යසසින් ද බබළමින් නොයෙක් වර්ණයන්ගෙන් දිළිසෙන ආභරණවලින් සැරසී සියළු දිසාවන් බබුළුවමින් මහත් සම්පතින් යුතුව මාගේ දෙපා වඳින්නා වූ ඔබ කවරෙක්ද?

තත්‍ථ කොති දෙවනාගයක‍්ඛමනුස‍්සාදීසු කො, කතමොති අත්‍ථො. මෙති මම. පාදානීති පාදෙ. ඉද‍්ධියාති ඉමාය ඊදිසාය දෙවිද‍්ධියා. යසසාති ඉමිනා ඊදිසෙන පරිවාරෙන පරිච‍්ඡෙදෙන ච. ජලන‍්ති විජ‍්ජොතමානො. අභික‍්කන‍්තෙනාති අතිවිය කන‍්තෙන කමනීයෙන සුන්‍දරෙන. වණ‍්ණෙනාති ඡවිවණ‍්ණෙන, සරීරවණ‍්ණනිභායාති අත්‍ථො.

එහි කො යනු දේව යක්‍ඛ නාග මනුෂ්‍ය ආදීන් අතුරෙන් කවරෙක්ද යන අර්ථයි. මෙ යනු මගේ පාදානි සිරිපතුල් ඉද්ධියා යනු මෙබඳු වූ දේ ඍද්ධියෙන් යසසා මෙබඳු වූ පරිවාර සම්පත්තියෙන් යුක්තව ජලං යනු බැබළෙමින් අභික්කන්තෙන යනු කාන්තිමත් වූ සිත් අලවනසුලු යහපත් බවින් යුතුව වණ්ණෙන යනු (සමේ) ඡවි වර්ණයෙන් ශරීර වර්ණයෙන් බබළයි යනු අර්ථයි.

අථ දෙවපුත‍්තො අත‍්තනො පුරිමජාතිආදිං ආවි කරොන‍්තො ඉමාහි ගාථාහි බ්‍යාකාසි –

ඉක්බිති දේවපුත්‍රයා තමන්ගේ පෙර අත් බව පිළිබඳ විස්තර කියන්නේ මේ ගාථාවන් කීහ.

“මණ‍්ඩූකොහං පුරෙ ආසිං, උදකෙ වාරිගොචරො; තව ධම‍්මං සුණන‍්තස‍්ස, අවධී වච‍්ඡපාලකො.

2. මම පූර්ව ආත්මයේ දියම ගොදුරු කොටගෙන (දිය ගොඩ දෙකම හැසිරෙන මැඩියෙක් වීමි. ඔබවහන්සේගේ ධර්මය අසමින් සිටියදීම, ගොපලු දරුවකු අතින් (මම මරණයට පත්වීම)

“මුහුත‍්තං චිත‍්තපසාදස‍්ස, ඉද‍්ධිං පස‍්ස යසඤ‍්ච මෙ; ආනුභාවඤ‍්ච මෙ පස‍්ස, වණ‍්ණං පස‍්ස ජුතිඤ‍්ච මෙ.

3. ඔබවහන්සේගේ ධර්මයෙහි මොහොතක් සිත පැහැදවීමෙන් ඇසූ කුසලයෙන් මා ලැබූ පිරිවර ද ශරීරාලෝකය ද සම්පත් ද බලනු මැනවි.

“යෙ ච තෙ දීඝමද‍්ධානං, ධම‍්මං අස‍්සොසුං ගොතම; පත‍්තා තෙ අචලට‍්ඨානං, යත්‍ථ ගන‍්ත්‍වා න සොචරෙ”ති.

4. ගෞතමයන් වහන්ස, යම්කිසි කෙනෙක් නුඹවහන්සේගේ ධර්මදේශනාව බොහෝකලක් ඇසුවේ නම් ඔව්හු සසර ව්‍යසනයට නොපැමිණ නිවනට යන්නේය.

තත්‍ථ පුරෙති පුරිමජාතියං. උදකෙති ඉදං තදා අත‍්තනො උප‍්පත‍්තිට‍්ඨානදස‍්සනං. උදකෙ මණ‍්ඩූකොති එතෙන උද‍්ධුමායිකාදිකස‍්ස ථලෙ මණ‍්ඩූකස‍්ස නිවත‍්තනං කතං හොති. ගාවො චරන‍්ති එත්‍ථාති ගොචරො, ගොචරො වියාති ගොචරො, ඝාසෙසනට‍්ඨානං. වාරි උදකං ගොචරො එතස‍්සාති වාරිගොචරො . උදකචාරීපි හි කොචි කච‍්ඡපාදි අවාරිගොචරොපි හොතීති “වාරිගොචරො”ති විසෙසෙත්‍වා වුත‍්තං. තව ධම‍්මං සුණන‍්තස‍්සාති බ්‍රහ‍්මස‍්සරෙන කරවීකරුතමඤ‍්ජුනා දෙසෙන‍්තස‍්ස තව ධම‍්මං “ධම‍්මො එසො වුච‍්චතී”ති සරෙ නිමිත‍්තග‍්ගාහවසෙන සුණන‍්තස‍්ස, අනාදරෙ චෙතං සාමිවචනං වෙදිතබ‍්බං. අවධී වච‍්ඡපාලකොති වච‍්ඡෙ රක‍්ඛන‍්තො ගොපාලදාරකො මම සමීපං ආගන‍්ත්‍වා දණ‍්ඩමොලුබ‍්භිත්‍වා තිට‍්ඨන‍්තො මම සීසෙ දණ‍්ඩං සන‍්නිරුම‍්භිත්‍වා මං මාරෙසි.

එහි පුරෙ පෙර ආත්මයෙහි උදකෙ යනු එකල්හි තමන් උපන් ස්ථානය දක්වයි. ‘උදකො මණ්ඩුකො’ දියෙන් ඉදිමුණු ගොඩබිම මණ්ඩුකයා වාසය කරයි. ගාවො චරන්ති (ගොදුරු සඳහා) ගවයන් හැසිරේනුයි ගොචර නම් වේ. තණබිම පිට්ටනිය යන තේරුමයි. වාරි උදකං ගොචරො ජලය වතුර ගොදුරු බිම්කොට ඇත්තා. මොහුනුයි වාරි ගොචර නම් වේ. දියෙහි හැසිරෙන සමහරු මස් කැසුබු ආදීහු අවාරි ගොචර නම් ද වේ. මෙහි විසේසයෙන් වාරි ගොචර යයි කියන ලදී. තව ධම්මං සුණන්තස්ස යනු බ්‍රහ්ම ස්වරයෙන් කුරවි කෙවිල්ලන් හඬින් දේශනා කරන්නා වූ ඔබගේ ධර්මය ධම්මො එසොවුච්චතීති මේ ධර්මයම යයි යන හැඟීමෙන් බුද්ධ ස්වරයෙහි නිමිති ගැනීම් වශයෙන් අසන්නවුහුට මෙය අනාදරාර්ථයේ ෂෂ්ඨි වචනයයි දතයුතුය. අවධි මච්ඡපාලකො වස්සන් ආරක්ෂා කරන්නා වූ ගොපලු දරුවෙක් මගේ සමීපයට පැමිණ ඔහු අත තිබූ කෝටුව බිමට ඔබාගෙන සිටින්නේ මගේ ඔලුවෙහි දණ්ඩ ඇමිණී මා මළේය.

මුහුත‍්තං චිත‍්තපසාදස‍්සාති තව ධම‍්මෙ මුහුත‍්තමත‍්තං උප‍්පන‍්නස‍්ස චිත‍්තපසාදස‍්ස හෙතුභූතස‍්ස ඉද‍්ධින‍්ති සමිද‍්ධිං, දිබ‍්බවිභූතින‍්ති අත්‍ථො. යසන‍්ති පරිවාරං. ආනුභාවන‍්ති කාමවණ‍්ණිතාදිදිබ‍්බානුභාවං. වණ‍්ණන‍්ති සරීරවණ‍්ණසම‍්පත‍්තිං. ජුතින‍්ති ද‍්වාදසයොජනානි ඵරණසමත්‍ථං පභාවිසෙසං.

මුහුත්තං චිත්තප්පසාදස්ස යනු ඔබවහන්සේගේ ධර්මය කෙරෙහි සුළු මොහොතක් චිත්ත ප්‍රාසාදයෙන් සිටීමේ හේතුවෙන් ඉද්ධිං යනු සමෘද්ධිය දවස යස ඉසුරු ලැබීය යන අර්ථයි. යසං යනු පිරිවරයි. ආනුභාවං යනු පස්කම් සුව වර්ණය ආදි දිව්‍යානුභාවයන් වණ්ණං යනු ශරීර වර්ණ සම්පත් ජූතිං යනු දොළොස් යොදුන් පමණ වූ පැතිරී පවත්නා වූ ප්‍රභා විශේෂය.

යෙති යෙ සත‍්තා. ච-සද‍්දො බ්‍යතිරෙකෙ. තෙති තව. දීඝමද‍්ධානන‍්ති බහුවෙලං. අස‍්සොසුන‍්ති සුණිංසු. ගොතමාති භගවන‍්තං ගොත‍්තෙන ආලපති. අචලට‍්ඨානන‍්ති නිබ‍්බානං. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – ගොතම භගවා අහං විය ඉත‍්තරමෙව කාලං අසුණිත්‍වා යෙ පන කතපුඤ‍්ඤා චිරං කාලං තව ධම‍්මං අස‍්සොසුං සොතුං ලභිංසු, තෙ දීඝරත‍්තං සංසාරබ්‍යසනාභිභූතා ඉමෙ සත‍්තා යත්‍ථ ගන‍්ත්‍වා න සොචෙය්‍යුං, තං අසොකං සස‍්සතභාවෙන අචලං සන‍්තිපදං පත‍්තා එව, න තෙසං තස‍්ස පත‍්තියා අන‍්තරායොති.

යෙ යනු යම් සත්ත්වයෙක් ‘ච’ ශබ්දය අන්වය හා සම්බන්ධ නැති බවයි. තෙ යනු ඔබගේ දීඝ මද්ධානං බොහෝ කාලයක් අස්සොසුං යනු ඇසූහ. ගොතමා යනු භාග්‍යවතුන් වහන්සේට ගෝත්‍ර නාමයෙන් ඇමතීමයි. අචලට්ඨානං යනු නිවනයි. මෙය එහි අර්ථයයි. මා මෙන් සුළු කාලයක් නො අසා යමෙක් වනාහි කරන ලද පින් ඇත්තෙක්ව ඔබගේ ධර්මය බොහෝ කාලයක් ඇසීමට ලබන්නාහුය. තෙ බොහෝ කලක් සසර දුක් විඳින මේ සත්ත්වයෝ යත්‍ථ ගනත්‍වා යනු සෝකයට පත් නොවන්නේය. හේ ශෝක නොකොට ඒකාන්තයෙන්ම ස්ථිර වූ නිර්වාණාධිගමයට පත්වන්නේමය. ඔවුන් උත්පත්ති අන්තරාවක් නොවන්නේමය.

අථස‍්ස භගවා සම‍්පත‍්තපරිසාය ච උපනිස‍්සයසම‍්පත‍්තිං ඔලොකෙත්‍වා විත්‍ථාරෙන ධම‍්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ සො දෙවපුත‍්තො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. දෙවපුත‍්තො භගවන‍්තං වන්‍දිත්‍වා තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච අඤ‍්ජලිං කත්‍වා සහ පරිවාරෙන දෙවලොකමෙව ගතොති.

ඉක්බිතිව ශාස්තෲන් වහන්සේ පැමිණ සිටි පිරිසෙහි උපනිඃශ්‍රය සම්පත් බලා විස්තර වශයෙන් ධර්ම දේශනා කළේය. දේශනාවසානයේ ඒ මණ්ඩුක දේවපුත්‍රයා සෝවාන් පෙළෙහි පිහිටියේය. දේවපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට වැඳ තුන්වරක් පැදකුණු කොට භික්‍ෂු සංඝයාට ඇඳිලි බැඳ වැඳ සහපිරිවරින් දෙව්ලොවට පිවිසියහ.

මණ‍්ඩූකදෙවපුත‍්තවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

මණ්ඩුක දේවපුත්ත විමාන වර්ණනාව නිමියේය.