2. රෙවතීවිමානවණ්ණනා අට්ඨකථා
2. රෙවතීවිමානවණ්ණනා
2. රේවතී විමාන වර්ණනා
උට්ඨෙහි රෙවතෙ සුපාපධම්මෙති රෙවතීවිමානං. තස්ස කා උප්පත්ති? භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තෙන සමයෙන බාරාණසියං සද්ධාසම්පන්නස්ස කුලස්ස පුත්තො නන්දියො නාම උපාසකො අහොසි සද්ධාසම්පන්නො දායකො දානපති සඞ්ඝුපට්ඨාකො. අථස්ස මාතාපිතරො සම්මුඛගෙහතො මාතුලධීතරං රෙවතිං නාම කඤ්ඤං ආනෙතුකාමා අහෙසුං. සා පන අස්සද්ධා අදානසීලා, නන්දියො තං න ඉච්ඡි. තස්ස මාතා රෙවතිං ආහ “අම්ම, ත්වං ඉමං ගෙහං ආගන්ත්වා භික්ඛුසඞ්ඝස්ස නිසීදනට්ඨානං හරිතෙන ගොමයෙන උපලිම්පිත්වා ආසනානි පඤ්ඤාපෙහි, ආධාරකෙ ඨපෙහි, භික්ඛූනං ආගතකාලෙ වන්දිත්වා පත්තං ගහෙත්වා නිසීදාපෙත්වා ධමකරණෙන පානීයං පරිස්සාවෙත්වා භුත්තකාලෙ පත්තානි ධොවාහි, එවං මෙ පුත්තස්ස ආරාධිකා භවිස්සසී”ති. සා තථා අකාසි. අථ නං “ඔවාදක්ඛමා ජාතා”ති පුත්තස්ස ආරොචෙත්වා තෙන “සාධූ”ති සම්පටිච්ඡිතෙ දිවසං ඨපෙත්වා ආවාහං කරිංසු.
උට්ඨාහි සුපාප ධම්මෙ යනුවෙන් රේවතී විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදායෙහි වාසය කරන සේක. එකල්හි බරණැස් නුවර ශ්‍රද්ධා සම්පන්න වූ දන් දෙන්නා වූ දෙන දෙය ද මනාව සකස්කොට දෙන්නා වූ, සංඝයාට උවටැන් කරන්නා වූ කුලගෙයක ‘නන්දිය’ නම් වූ උපාසකයෙක් වාසය කළේය. එකල්හි ඔහුගේ මව්පියෝ ඉදිරිපස පිහිටි නිවසකින් මාමා කෙනෙකුගේ දියණියක වූ රේවතී නම් කාන්තාවක කැඳවාගෙන ඒමට කැමති වූවාහුය. ඇය වනාහී ශ්‍රද්ධා නැත්තීය. දන් නොදෙන සුළුය. ඒ නිසා නන්දිය තෙමේ ඇයට කැමති නුවූයේය. ඔහුගේ මව රේවතියට, දුවනියනි, ඔබ මේ නිවසට පැමිණ භික්ෂු සංඝයාට හිඳිනා තැන් ද, පලාවන් ගොමවලින් පොළව පිරිබඩගා පිරිසිදු කොට එහි අසුන් පනවන්න. ආධාරක ස්ථාන පිළියෙල කරන්න. භික්ෂූන් පැමිණිකල වැඳ පාත්‍රා ගෙන වඩා හිඳුවා පෙරහන්කඩයෙන් පැන් පෙරා ආහාර පූජාකොට ආහාර වැළඳූ කල්හි පාත්‍රා සෝදන්න. මෙසේ කිරීමෙන් මගේ පුත්‍රයාගේ සිත් ගැනීමට කටයුතු කරන්න යැයි කීවාය. ඉක්බිති ඇය අවවාද ඉවසන තැනැත්තියක් වීම නිසා ඇය එසේ කළාය. ටික දවසක් මෙසේ කරද්දී මව නැවත පුතා හට කියා ඔහු විසින් යහපතැයි පිළිගනු ලැබූ කල්හි දින නියමකොට ආවාහය සිදු කළේය.
අථ නං නන්දියො ආහ “සචෙ භික්ඛුසඞ්ඝං මාතාපිතරො ච මෙ උපට්ඨහිස්සසි, එවං ඉමස්මිං ගෙහෙ වසිතුං ලභිස්සසි, අප්පමත්තා හොහී”ති. සා “සාධූ”ති පටිස්සුණිත්වා කිඤ්චි කාලං සද්ධා විය හුත්වා භත්තාරං අනවත්තෙන්තී ද්වෙ පුත්තෙ විජායි. නන්දියස්ස මාතාපිතරො කාලමකංසු. ගෙහෙ සබ්බිස්සරියං තස්සා එව අහොසි. නන්දියොපි මහාදානපති හුත්වා භික්ඛුසඞ්ඝස්ස දානං පට්ඨපෙසි, කපණද්ධිකාදීනම්පි ගෙහද්වාරෙ පාකවත්තං පට්ඨපෙසි. ඉසිපතනමහාවිහාරෙ චතූහි ගබ්භෙහි පටිමණ්ඩිතං චතුසාලං කාරෙත්වා මඤ්චපීඨාදීනි අත්ථරාපෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා තථාගතස්ස හත්ථෙ දක්ඛිණොදකං පාතෙත්වා නිය්යාදෙසි, සහ දක්ඛිණොදකදානෙන තාවතිංසභවනෙ ආයාමතො ච විත්ථාරතො ච සමන්තා ද්වාදසයොජනිකො යොජනසතුබ්බෙධො සත්තරතනමයො අච්ඡරාගණසහස්සසඞ්ඝුට්ඨො දිබ්බපාසාදො උග්ගඤ්ඡි.
ඉන්පසු නන්දිය තෙමේ ඇයට ‘ඉදින් භික්ෂු සංඝයාට ද මගේ මව්පියන්ට ද උවටැන් කරන්නෙහි නම් මේ නිවසෙහි විසීමට අවසර ලබන්නෙහිය’ යයි කීය. ඕ තොමෝ යහපතැයි පිළිගෙන යම්කිසි කලක් ශ්රද්ධාවන්තියක ලෙස වාසය කරමින් ස්වාමියාගේ සිත් ගෙන පුතුන් දෙදෙනෙකු ද ලැබුවාය. නන්දියගේ දෙමව්පියෝ කළුරිය කළහ. නිවසෙහි සියලුම සම්පත්වල භාරකාරිය ඇයම වූවාය. නන්දිය තෙමේද මහා දානපතියකු වී භික්ෂු සංඝයාට දානය පැවැත්වීමද, දුගී මගී යාචකාදීන්ට ගෙදර දොරටුවෙහි දන්සල් පැවැත්වීමද කරවීය. ඉසිපතන විහාරයේ කුටි හතරකින් යුත් සාලුවක් හතරක් කරවා ඇඳ පුටු ආදියට රෙදි අතුරුවා, බුද්ධ ප්රමුඛ මහා සංඝයා වෙත දන් පුදා ශාස්තෲන් වහන්සේගේ අතෙහි පූජාව පිණිස වූ අත පැන් වත්කොට ඒ පැන් බිඳුවලින් බිම ස්පර්ශ කරවා ශාලාව සංඝයාට පවරා දුන්නේය. එසේ අත පැන් වත්කිරිමක් සමගම තව්තිසා භවනයෙහි දිගින් හා පුළුලින් අවටින් යන වශයෙන් දොළොස් යොදුන් වූ, යොදුන් සියයක් උස් වූ සත්රුවන්මය වූ දහසක් අප්සරාවන් සහිත වූ දිව්‍ය ප්‍රාසාදයක් ඔහු වෙනුවෙන් පහළ වූයේය.
අථායස්මා මහාමොග්ගල්ලානො දෙවචාරිකං චරන්තො තං පාසාදං දිස්වා අත්තානං වන්දිතුං ආගතෙ දෙවපුත්තෙ පුච්ඡි “කස්සායං පාසාදො”ති? “ඉමස්ස , භන්තෙ, පාසාදස්ස සාමිකො මනුස්සලොකෙ බාරාණසියං නන්දියො නාම කුටුම්බියපුත්තො සඞ්ඝස්ස ඉසිපතනමහාවිහාරෙ චතුසාලං කාරෙසි, තස්සායං නිබ්බත්තො පාසාදො”ති ආහංසු. පාසාදෙ නිබ්බත්තදෙවච්ඡරායොපි ථෙරං වන්දිත්වා “භන්තෙ, මයං බාරාණසියං නන්දියස්ස නාම උපාසකස්ස පරිචාරිකා භවිතුං ඉධ නිබ්බත්තා, තස්ස එවං වදෙථ “තුය්හං පරිචාරිකා භවිතුං නිබ්බත්තා, දෙවතායො තයි චිරායන්තෙ උක්කණ්ඨිතා, දෙවලොකසම්පත්ති නාම මත්තිකාභාජනං භින්දිත්වා සුවණ්ණභාජනස්ස ගහණං විය අතිමනාප’න්ති වත්වා ඉධාගමනත්ථාය තස්ස වදෙථා”ති ආහංසු. ථෙරො “සාධූ”ති පටිස්සුණිත්වා සහසා දෙවලොකතො ආගන්ත්වා චතුපරිසමජ්ඣෙ භගවන්තං පුච්ඡි “නිබ්බත්තති නු ඛො, භන්තෙ, කතපුඤ්ඤානං මනුස්සලොකෙ ඨිතානංයෙව දිබ්බසම්පත්තී”ති? “නනු තෙ, මොග්ගල්ලාන, නන්දියස්ස දෙවලොකෙ නිබ්බත්තා දිබ්බසම්පත්ති සාමං දිට්ඨා, කස්මා මං පුච්ඡසී”ති? “එවං, භන්තෙ, නිබ්බත්තතී”ති . අථස්ස සත්ථා “යථා චිරං විප්පවසිත්වා ආගතං පුරිසං මිත්තබන්ධවා අභිනන්දන්ති සම්පටිච්ඡන්ති, එවං කතපුඤ්ඤං පුග්ගලං ඉතො පරලොකං ගතං සකානි පුඤ්ඤානි සම්පත්තිහත්ථෙහි සම්පටිච්ඡන්ති පටිග්ගණ්හන්තී”ති දස්සෙන්තො –
ඉක්බිති දිව්‍යලෝකයේ චාරිකාවේ යෙදුනු මහ මුගලන් තෙරණුවෝ ඒ ප්‍රාසාදය දැක තමන්ට වැඳීම පිණිස ආ දෙවිවරුන්ගෙන් ‘මේ ප්‍රාසාදය කාගේදැ’යි විමසූහ. ස්වාමීනි, මේ ප්‍රාසාදයේ හිමිකරුවා බරණැස් නුවර නන්දිය නම් කෙළෙඹි පුත්‍රයාය. ඉසිපතන විහාරයේ ශාලාවන් සතරක් කරවා මහා සංඝයාට පූජා කිරීම නිසා ඔහු වෙනුවෙන් පහළ වූ ප්‍රාසාද යයි කීහු. ප්‍රාසාදයෙහි සිටි අප්සරාවෝ ද පැමිණ තෙරුන් වහන්සේ වැඳ ‘ස්වාමීනි, අපි බරණැස් නුවර නන්දිය නම් උපාසකයාගේ පරිචාරිකාවන් වීමට මෙහි පහළ වූයෙමු’ කීවාහුය. ඔබවහන්සේ වැඩමවා ඔහුට මෙසේ කියන්න. ‘ඔබේ පරිචාරිකාවන් වීමට පහළ වූ දේවතාවියෝ ඔබ මෙහි පැමිණීම) පමාවන කල්හි උකටලීව වෙසෙත්. දෙව්ලොව සැපත යනු මැටි බඳුනක් බිඳ දමා රන්බඳුනක් ගැනීමෙන් ඉතා මනාප වූවකැයි කියා මෙහි පැමිණෙන ලෙස ඔහුට කියන්නැ’යි කීහ. තෙරුන් වහන්සේ යහපතැයි එකඟ වී, වහා දෙව්ලොවින් පැමිණ සිව්පිරිස් මැද ‘ස්වාමීනි! මිනිස්ලොව සිටිමින් පින් කරන්නවුන්ට, ඔවුන් මිනිස්ලොව සිටියදීම දෙව්ලොව දිව්‍ය සම්පත්ති පහළ වන්න’දැයි භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළහ. ඔබම දක්නා ලද්දේ නොවේද? කුමක් නිසා මගෙන් ප්‍රශ්න කරන්නේදැයි විමසීය. එසේය ස්වාමීනි, එසේ සම්පත් උපදින්නේ වෙයි. ඉක්බිති මුගලන් තෙරුන් වහන්සේ යම් සේ කාලයක් ඈත පෙදෙසක වාසයකොට පැමිණි අයෙකුට ඤාතිමිත්රයෝ අභිනන්දනය කෙරෙත් ද, මහ ඉහලින් පිළිගන්නේ ද එසෙයින් මෙලොවින් පරලොවට ගිය පින්කළ පුද්ගලයා තමන්ගේ පුණ්යසම්පත්ති නමැති අත්වලින් භාර ගනිමින් පිළිගනිති යයි දක්වමින් මෙසේ වදාළහ.
“චිරප්පවාසිං පුරිසං, දූරතො සොත්ථිමාගතං; ඤාතිමිත්තා සුහජ්ජා ච, අභිනන්දන්ති ආගතං.
කලක් දුර පෙදෙසකට ගොසින් සුවසේ ආපසු එන්නා වූ පුද්ගලයන්ගේ පැමිණීම ඤාතිමිත්‍රාදීන් විසින් ඉතා සතුටින් පිළිගනු ලැබේ.
“තථෙව කතපුඤ්ඤම්පි, අස්මා ලොකා පරං ගතං; පුඤ්ඤානි පටිග්ගණ්හන්ති, පියං ඤාතීව ආගත”න්ති. – ගාථා අභාසි;
එසේම කරන ලද පින් ඇති මෙලොවින් පරලොවට ගිය පුද්ගලයා ආපසු තමන් වෙත එන ප්‍රියතම ඥාතියකු ලෙස පුණ්‍යකර්මයන් විසින් පිළිගනු ලැබේ.
නන්දියො තං සුත්වා භිය්යොසොමත්තාය දානානි දෙති, පුඤ්ඤානි කරොති, සො වණිජ්ජාය ගච්ඡන්තො රෙවතිං ආහ “භද්දෙ, මයා පට්ඨපිතං සඞ්ඝස්ස දානං අනාථානං පාකවත්තඤ්ච ත්වං අප්පමත්තා පවත්තෙය්යාසී”ති. සා “සාධූ”ති පටිස්සුණි. සො පවාසගතොපි යත්ථ යත්ථ වාසං කප්පෙති, තත්ථ තත්ථ භික්ඛූනං අනාථානඤ්ච යථාවිභවං දානං දෙතියෙව. තස්ස අනුකම්පාය ඛීණාසවා දූරතොපි ආගන්ත්වා දානං සම්පටිච්ඡන්ති. රෙවතී පන තස්මිං ගතෙ කතිපාහමෙව දානං පවත්තෙත්වා අනාථානං භත්තං උපච්ඡින්දි, භික්ඛූනම්පි භත්තං කණාජකං බිලඞ්ගදුතියං අදාසි . භික්ඛූනං භුත්තට්ඨානෙ අත්තනා භුත්තාවසෙසානි සිත්ථානි මච්ඡමංසඛණ්ඩමිස්සකානි චලකට්ඨිකානි ච පකිරිත්වා මනුස්සානං දස්සෙති “පස්සථ සමණානං කම්මං, සද්ධාදෙය්යං නාම එවං ඡඩ්ඩෙන්තී”ති.
නන්දිය තෙමේ ඒ අසා වැඩියෙන් දන් දෙයි. පින්කරයි. වෙළඳාම සඳහා යන්නා වූ නන්දිය තෙමේ, රේවතිය අමතා, ‘සොඳුර, මා විසින් සංඝයා කෙරෙහි තබන ලද දානය ද අනාථයන් කෙරෙහි ද තබන ලද දන්වැට ප්‍රමාද නොවී ඔබ විසින් පවත්වාගෙන යා යුතුය’යි කීය. ඇය යහපතැයි කියා එකඟ වූවාය. ඒ නන්දිය වෙළඳ ගමේ දුරු රට ගියේ නමුදු යම් යම් තැන නවාතැන් ගනියි ද, ඒ ඒ තහිදී භික්ෂූන්ට ද අසරණයන්ට ද සම්පත් ඇති පරිද්දෙන් දන් දෙන්නට පටන් ගත්තේය. ඔහුට අනුකම්පාවෙන් රහතුන් වහන්සේලා දුර සිට පැමිණ දන් පිළිගත්හ. රේවතිය වනාහි ඔහු ගිය කල්හි ටික දිනක් දන්වැට පවත්වා අසරණයන්ට දෙන දන්වැට නවත්වා දැමීය. භික්ෂූන්ට ද සුන්සහල් බත් හා ඇඹුල් කාඩි සමග දුන්නාය. භික්ෂූන් අහර වැළඳු තැන තමන් විසින් බත් කා මාලු කටු, ඇටකැබලි, කරපිංචා කොළ ආදී අපද්‍රව්‍ය දමා හැඩිකර, ‘ශ්‍රමණයන්ගේ හැටි බලන්න. සැදැහැතියෝ දුන් දෙය මෙසේ ඉවත දමතියි ශ්‍රද්ධාවන්තයින් ගෙන්වා ඔවුන්ට පෙන්වා භික්ෂූන්ට දොස් පවරයි.
අථ නන්දියො වොහාරකසිද්ධි යථාලාභො ආගන්ත්වා තං පවත්තිං සුත්වා රෙවතිං ගෙහතො නීහරිත්වා ගෙහං පාවිසි. දුතියදිවසෙ බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං පවත්තෙත්වා නිච්චභත්තං අනාථභත්තඤ්ච සම්මදෙව පවත්තෙසි, අත්තනො සහායෙහි උපනීතං රෙවතිං ඝාසච්ඡාදනපරමතාය ඨපෙසි. සො අපරෙන සමයෙන කාලං කත්වා තාවතිංසභවනෙ අත්තනො විමානෙයෙව නිබ්බත්ති. රෙවතී පන සබ්බං දානං පච්ඡින්දිත්වා “ඉමෙසං වසෙන මය්හං ලාභසක්කාරො පරිහායී”ති භික්ඛුසඞ්ඝං අක්කොසන්තී පරිභාසන්තී විචරති. අථ වෙස්සවණො ද්වෙ යක්ඛෙ ආණාපෙසි “ගච්ඡථ, භණෙ, බාරාණසිනගරෙ උග්ඝොසථ “ඉතො සත්තමෙ දිවසෙ රෙවතී ජීවන්තීයෙව නිරයෙ පක්ඛිපීයතී’ති”. තං සුත්වා මහාජනො සංවෙගජාතො භීතතසිතො අහොසි.
වෙළඳාම සඳහා පිටරට ගිය නන්දිය තෙමේ වෙළඳ කටයුතු නිමවා ලැබුණු ලාභ ඇතිව ආපසු පැමිණ, දන්වැට නැවතීමේ තොරතුරු අසා රේවතිය නිවසින් බැහැර කරවා නිවසට පිවිසියේය. දෙවන දිනයේ බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයා නිවසට වඩමවා මහදන් පවත්වා නිතිපතා දෙන සලාක බත නැවත පිහිටුවා අසරණයන්ට දෙන බත් ද මනාව පැවැත්වීය. පසුව තමාගේ සහායකයන්ගේ පෙරැත්තෙන් රේවතිය නැවත කැඳවා ආහාර හා ඇඳුම්වලට පමණක් සීමාකර තැබුවේය. හෙතෙමේ පසුකලක කළුරියකොට තව්තිසා භවනයේ තමන් වෙනුවෙන් පහළ වූ විමානයේම උපන්නේය. රේවතිය වනාහි සියලුම දන් දීම් සිඳ දමා ‘මොවුන් නිසා මගේ ලාභසත්කාර පිරිහී ගියේ යයි භික්ෂූන්ට ආක්‍රෝශ කොට පරිභව කෙරෙමින් හැසිරෙයි. ඉක්බිති වෛශ්‍රවණ තෙමේ යක්ෂයන් දෙදෙනෙකුට මෙසේ අණ කළේය. ‘කොල්ලනි, යව්. බරණැස් නුවර මෙසේ උඝෝෂණයක් කරවු. අදින් සත්වන දවසෙහි රේවතිය ජීවත්වෙමින් සිටියදීම (පණ පිටින්ම) නිරයට ඇද දමනු ලබන්නී යනුවෙනි. එය අසා මහජනයා සංවේගයට පත් වූහ. බියෙන් ත්‍රස්ත වූහ.
අථ රෙවතී පන පාසාදං අභිරුහිත්වා ද්වාරං ථකෙත්වා නිසීදි. සත්තමෙ දිවසෙ තස්සා පාපකම්මසඤ්චොදිතෙන වෙස්සවණෙන රඤ්ඤා ආණත්තා ජලිතකපිලකෙසමස්සුකා චිපිටවිරූපනාසිකා පරිණතදාඨා ලොහිතක්ඛා සජලධරසමානවණ්ණා අතිවිය භයානකරූපා ද්වෙ යක්ඛා උපගන්ත්වා “උට්ඨෙහි, රෙවතෙ, සුපාපධම්මෙ”තිආදීනි වදන්තා නානාබාහාසු ගහෙත්වා “මහාජනො පස්සතූ”ති සකලනගරෙ වීථිතො වීථිං පරිබ්භමාපෙත්වා ආකාසං අබ්භුග්ගන්ත්වා තාවතිංසභවනං නෙත්වා නන්දියස්ස විමානං සම්පත්තිඤ්චස්සා දස්සෙත්වා තං විලපන්තිංයෙව උස්සදනිරයසමීපං පාපෙසුං. තං යමපුරිසා උස්සදනිරයෙ ඛිපිංසු. තෙනාහ –
රේවතිය වනාහි ප්‍රාසාදයට නැගී දොර වසාගෙන හුන්නීය. සත්වන දිනයෙහි ඇගේ පාපකර්මය විසින් මෙහෙයවනු ලැබූ වෙසවුනු රජු විසින් අණකරන ලදින්, නිල්පැහැ කෙහෙ රැවුලින් බබළන්නා වූ, විරූපී කැඩුණු නාසිකා ඇති, වැඩුණා වූ දළ ඇති, ලේ පැහැගත් ඇස් ඇති, ජලය සහිත වළාකුලු වර්ණයෙන් යුත්, ඉතා භයානක රූපයෙන් යුත් යක්ෂයෝ දෙදෙනෙක් පැමිණ ‘පව්කාර රේවතිය නැගිටිනු’ යනාදිය කියමින් අත්වලින් අල්වාගෙන මහජනයා දැක ගනිත්වායි මුළු නුවරම වීදියක් වීදියක් ගානේ ගෙන යමින් වීථි රවුම්වල ඇවිද්දවා අහසට නැගී තව්තිසා භවනට පමුනුවා නන්දියගේ විමානය ද සම්පත්තිය ද ඇයට පෙන්වා විලාප නගන්නට වූ ඇය උස්සද නම් නිරය අසලට පැමිණ වූහ. යමපල්ලෝ ඇය උස්සද නිරයේ බහාලූහ.
“උට්ඨෙහි රෙවතෙ සුපාපධම්මෙ, අපාරුතද්වාරෙ අදානසීලෙ; නෙස්සාම තං යත්ථ ථුනන්ති දුග්ගතා, සමප්පිතා නෙරයිකා දුඛෙනා”ති.
උට්ඨෙහි රෙවතෙ සුපාප ධම්මො අපරාරුතං ද්වාරං අදාන සීලෙ නෙස්සාමි තං යත්ථ ථුනත්ති දුග්ගතා සමපජ්ජිකා නෙරයිකා දුක්ඛෙනා
පව්කාර රේවතිය, නැගී සිටුව. දන් දෙන ස්වභාවය නැති තැනැත්තේ ඔබට නිරයට යාමට දොර විවෘතව ඇත. නිරයෙහි වෙසෙන දුකින් වැසී ගිය, දුක් විඳින සත්ත්වයෝ යම් නිරයක දුක් විදීද? අපි ඔබ එහි ගෙන යන්නෙමු.
තත්ථ උට්ඨෙහීති උට්ඨහ, න දානෙස පාසාදො තං නිරයභයතො රක්ඛිතුං සක්කොති, තස්මා සීඝං උට්ඨහිත්වා ආගච්ඡාහීති අත්ථො. රෙවතෙති තං නාමෙන ආලපති. සුපාපධම්මෙතිආදිනා උට්ඨානස්ස කාරණං වදති. යස්මා ත්වං අරියානං අක්කොසනපරිභාසනාදිනා සුට්ටු ලාමකපාපධම්මා, යස්මා ච අපාරුතං ද්වාරං නිරයස්ස තව පවෙසනත්ථං, තස්මා උට්ඨෙහීති. අදානසීලෙති කස්සචි කිඤ්චි න දානසීලෙ කදරියෙ මච්ඡරිනී, ඉදම්පි උට්ඨානස්සෙව කාරණවචනං. යස්මා දානසීලානං අමච්ඡරීනං තව සාමිකසදිසානං සුගතියං නිවාසො, තාදිසානං පන අදානසීලානං මච්ඡරීනං නිරයෙ නිවාසො, තස්මා උට්ඨෙහි, මුහුත්තමත්තම්පි තව ඉධ ඨාතුං න දස්සාමීති අධිප්පායො. යත්ථ ථුනන්ති දුග්ගතාති දුක්ඛගතත්තා දුග්ගතා. නෙරයිකාති නිරයදුක්ඛෙන සමප්පිතා සමඞ්ගීභූතා යස්මිං නිරයෙ ථුනන්ති, යාව පාපකම්මං න බ්‍යන්ති හොති, තාව නික්ඛමිතුං අලභන්තා නිත්ථුනන්ති, තත්ථ තං නෙස්සාම නයිස්සාම ඛිපිස්සාමාති යොජනා.
එහි උට්ඨෙහි නැගී සිටුව. මේ දාන රසයට ඔබ අපාය දුකින් රැක ගැනීමට හැකි නොවේ. එබැවින් වහා නැගිට එනු - යන අර්ථයි. රෙවතෙ ඇයට නමින් ආමන්ත්‍රණය කිරීමයි. සුපාප ධම්මෙ යන ආදියෙන් නැගී සිටීමට හේතු දක්වයි. යම්හෙයකින් ඔබ ආර්යයන් වහන්සේලාට බැණීම් නිග්‍රහ කිරීම් ආදිය කෙළෙහි ද, එහෙයින් බොහෝ ලාමක පවු කළ තැනැත්තියේ යම් හෙයකින් අපාරුතද්වාරං ඔබට නිරයට පිවිසීම සඳහා දොර විවෘතව තිබේද, එහෙයින් නැගී සිටුව යන අදහසයි. අදාන සීලෙ කවරෙකුට හෝ කිසිවක් නොදෙන ස්වභාවය ඇති ලෝභී මසුරු තැනැත්තියේ, එයද ඇය නැගිටුවා ගැනීම සඳහා කියන ලද වචනයකි. යම්සේ දන් දෙන සිල් රකින මසුරු නොවන ඔබේ ස්වාමියා වැනි අයට සුගතියෙහි විමාන පහළ වේද, එසේ ඔබ වැනි දන් නොදෙන සිල් නොරකින මසුරු අයට නිරයෙහි නිවාස පහළ වෙයි. ඒ නිසා නැගී සිටුව, මොහොතක් හෝ ඔබට මෙහි සිටීමට ඉඩ නොදෙමු යන අදහසයි. යත්ථ ථූනන්ති දුග්ගතා දුක් සහිත ස්වභාවයට ගිය බැවින් දුග්ගතා යන පදය යෙදේ. නෙරයිකා නිරයෙහි විඳින දුකෙන්. සමාජ්ජකා යුක්ත වූවාහුය. යම්කිසි නිරයෙක දුක් විඳිත්ද, යම්තාක් කල් පාප කර්මය අවසන් නොවේද, ඒ තාක් කල් තිරයෙන් නික්මීමට නො ලබමින් දුක්විඳියි. ඔබ එහි නෙස්සාම පමුණුවන්නෙමු. බහාලන්නෙමු.
“ඉච්චෙව වත්වාන යමස්ස දූතා, තෙ ද්වෙ යක්ඛා ලොහිතක්ඛා බ්රහන්තා; පච්චෙකබාහාසු ගහෙත්වා රෙවතං, පක්කාමයුං දෙවගණස්ස සන්තිකෙ”ති. –
යම රජුගේ දූතයන් වූ රතු ඇස් ඇත්තා වූ, මහත් ශරීර ඇතා වූ ඒ යක්ෂයෝ දෙදෙන, මෙසේ කියා රේවතිය වෙන් වශයෙන් අත්වලින් අල්ලාගෙන දේව ගණයා වෙත ගෙන ගියහ.
ඉදං සඞ්ගීතිකාරවචනං.
[missing trans]
තත්ථ ඉච්චෙව වත්වානාති ඉති එව “උට්ඨෙහී”තිආදිනා වත්වා, වචනසමනන්තරමෙවාති අත්ථො. යමස්ස දූතාති අප්පටිසෙධනියතස්ස යමස්ස රඤ්ඤො දූතසදිසා. වෙස්සවණෙන හි තෙ පෙසිතා . තථා හි තෙ තාවතිංසභවනං නයිංසු. කෙචි “න යමස්ස දූතා”ති න-කාරං “යමස්සා”ති පදෙන සම්බන්ධිත්වා “වෙස්සවණස්ස දූතා”ති අත්ථං වදන්ති, තං න යුජ්ජති. න හි න යමදූතතාය වෙස්සවණස්ස දූතාති සිජ්ඣති. යජන්ති තත්ථ බලිං උපහරන්තීති යක්ඛා. ලොහිතක්ඛාති රත්තනයනා. යක්ඛානඤ්හි නෙත්තානි අතිලොහිතානි හොන්ති. බ්රහන්තාති මහන්තා. පච්චෙකබාහාසූති එකො එකබාහායං, ඉතරො ඉතරබාහායන්ති පච්චෙකං බාහාසු. රෙවතන්ති රෙවතිං. රෙවතාතිපි තස්සා නාමමෙව. තථා හි “රෙවතෙ”ති වුත්තං. පක්කාමයුන්ති පක්කාමෙසුං, උපනෙසුන්ති අත්ථො. දෙවගණස්සාති තාවතිංසභවනෙ දෙවසඞ්ඝස්ස.
එහි ඉච්චෙව වත්වාන මෙසේ නැගී සිටුව ආදී වශයෙන් කියා යමස්ස දූතා ප්රතිෂේධාර්ථයක් නොමැතිම නම් ඒ යමරජුගේ දූතයෝ, වෛශ්‍රවණ විසින් ඔවුන් යවන ලද්දාහු විය හැක. එසේම ඔව්හු තව්තිසා භවනයට රේවතිය ගෙන ගියහ. ඇතැමෙක් ඔවුන් යම දූතයන් නො වෙතියි අදහස් කොට ‘න’ කාරය යම යන පදය හා සම්බන්ධකොට ඒ දූතයෝ වෛශ්‍රවණ දූතයෝය යනුවෙන් අර්ථ කියති. එය නොගැලපේ. යමදූත යන්නෙන් වෛශ්රවණගේ දූතයන් යන අර්ථය නොලැබේ. යාඥා කරති. එහි බිලි රැගෙන යන අරුතින් යක්ඛො යන පද්යයෙක්. ලොහිකක්ඛා රතු ඇත් ඇත්තේ, යක්ෂයන්ගේ ඇස් වනාහී ඉතා තද රතුපාට වේ. රේවතං රේවතී නම් තැනැත්තී ඇගේ නාමයයි. ඒ නිසා රෙවතෙ කියන ලදී. පක්කාමයුං පැමිණම රැගෙන ගියහ. දෙවගණස්ස තව්තිසාවේ දේව සමූහයා ගැනේ.
එවං තෙහි යක්ඛෙහි තාවතිංසභවනං නෙත්වා නන්දියවිමානස්ස අවිදූරෙ ඨපිතා රෙවතී තං සූරියමණ්ඩලසදිසං අතිවිය පභස්සරං දිස්වා –
මෙසේ ඒ යක්ෂයෝ විසින් තව්තිසා භවනට පමුණුවා නන්දියගේ විමානයට නුදුරෙහි තබන ලදී. සූර්ය මණ්ඩලය මෙන් බබළන ඒ විමානය දැක රේවතිය ඒ යක්ෂයන්ගෙන් මෙසේ විචාළාය.
“ආදිච්චවණ්ණං රුචිරං පභස්සරං, බ්යම්හං සුභං කඤ්චනජාලඡන්නං; කස්සෙතමාකිණ්ණජනං විමානං, සුරියස්ස රංසීරිව ජොතමානං.
සූර්යයාගේ වර්ණය ඇත්තා වූ මනෝඥ වූ ආලෝකය විහිදුවන්නා වූ සොඳුරු වූ ස්වර්ණ ජාලයකින් වැසුණා වූ විමානයක් මෙහි වේ. ජනයාගෙන් පිරුණා වූ සූර්ය රශ්මිය මෙන් බබළන්නා වූ මේ විමාන කවරකුගේද?
“නාරීගණා චන්දනසාරලිත්තා, උභතො විමානං උපසොභයන්ති; තං දිස්සති සුරියසමානවණ්ණං, කො මොදති සග්ගපත්තො විමානෙ”ති. –
සඳුන් සාරය ආලේප කරගත් කාන්තාවෝ විමානය අවටින් ශෝභමාන කරත්. එය සූර්ය වර්ණයට සමානව පෙනේ. පැමිණියා වූ කවරනම් තැනැත්තෙක් මේ විමානයේ සතුටින් වෙසේද?
තෙ යක්ඛෙ පුච්ඡි. තෙපි තස්සා –
ඒ යක්ෂයෝ ඇයට මෙසේ පිළිතුරු දුන්හ.
“බාරාණසියං නන්දියො නාමාසි, උපාසකො අමච්ඡරී දානපති වදඤ්ඤූ; තස්සෙතමාකිණ්ණජනං විමානං, සූරියස්ස රංසීරිව ජොතමානං.
මසුරු නොවූ බොහෝ සේ දන් දෙන්නා වූ, යාචකයන්ගේ ඉල්ලීම් ගැන අවබෝධයෙන් යුක්ත වූ නන්දිය නම් උපාසක කෙනෙක් බරණැස් නුවර වාසය කළේය. දෙව්ලොව ජනතාවගෙන් පිරුණා වූ සූර්ය රශ්මියෙන් බබළන්නා වූ මේ විමානය ඒ නන්දිය උපාසකයාගේය.
“නාරීගණා චන්දනසාරලිත්තා, උභතො විමානං උපසොභයන්ති; තං දිස්සති සූරියසමානවණ්ණං, සො මොදති සග්ගපත්තො විමානෙ”ති. –
සඳුන් සාරය ආලේප කරගත් දිව්‍ය කාන්තාවෝ විමානය අවටින් ශෝභමාන කරත්. එය සූර්ය වර්ණයට සමානව පෙනේ. ස්වර්ගයට පැමිණ වූ ඒ නන්දිය නමැත්තා මෙහි සතුටින් වෙසේ.
ආචික්ඛිංසු.
තත්ථ චන්දනසාරලිත්තාති සාරභූතෙන චන්දනගන්ධෙන අනුලිත්තසරීරා. උභතො විමානන්ති විමානං උභතො අන්තො චෙව බහි ච සඞ්ගීතාදීහි උපෙච්ච සොභයන්ති.
විස්තර මෙසේ කීහු. චන්දන සාරලිත්ත තෙල් බවට හරවා ගත් සුවඳ සඳුන් ආලේප කරගත් ශරීර ඇති. උභතො විමානං දෙපසින් ද අවටින් ද සංගීත නැටුම් ගැයුම් ආදියෙන් ද ශෝභමාන කරති.
අථ රෙවතී –
ඉක්බිති රේවතිය මෙසේ කීවාය.
“නන්දියස්සාහං භරියා, අගාරිනී සබ්බකුලස්ස ඉස්සරා; භත්තු විමානෙ රමිස්සාමි දානහං, න පත්ථයෙ නිරයං දස්සනායා”ති. –
නන්දියගේ බිරිඳ වූ මම සම්පූර්ණ නිවාසයටම අධිපති වූ ගෘහනිය වීමි. දැනුදු මට ස්වමියාගේ විමානයෙහි සතුටින් සිටිය යුතු වෙමි. නිරය දැකීමට මම කැමති නොවෙමි.
ආහ. තත්ථ අගාරිනීති ගෙහසාමිනී. “භරියා සගාමිනී”තිපි පඨන්ති, භරියා සහගාමිනීති අත්ථො. සබ්බකුලස්ස ඉස්සරා භත්තූති මම භත්තු නන්දියස්ස සබ්බකුටුම්බිකස්ස ඉස්සරා සාමිනී අහොසිං, තස්මා ඉදානිපි විමානෙ ඉස්සරා භවිස්සාමීති ආහ. විමානෙ රමිස්සාමි දානහන්ති එවං පලොභෙතුමෙව හි තං තෙ තත්ථ නෙසුං. න පත්ථයෙ නිරයං දස්සනායාති යං පන නිරයං මං තුම්හෙ නෙතුකාමා, තං නිරයං දස්සනායපි න පත්ථයෙ, කුතො පවිසිතුන්ති වදති.
අගාරිනී ගෘහයේ ස්වාමි දියණිය, භරියා සගාමිණී යයි ද සමහරු කියති. ‘එක්ව ක්‍රියා කරන බිරිඳ’ යන අර්ථයි. සබ්බ කුලස්ස ඉස්සරා භත්තු මගේ ස්වාමියා වූ නන්දියගේ සියලු සම්පතටම අධිපති ස්වාමි දියණිය වීමි. එහෙයින් දැනුදු විමානයේ අධිපතිනිය වන්නෙමියි කීවාය. විමානෙ රමිස්සාමි දානහං මෙසේ පෙළඹවීම් වශයෙන්ම ඔව්හු ඇය එහි පැමිණවූහ. න පත්ථයෙ නිරයං දස්සනාය නුඹලා මා කිසියම් නිරයකට ගෙනයනු කැමැත්තහුද, ඒ නිරය දැකීමට පවා කැමති නොවෙමි. එහි යන්නටය යනුවෙන් කුමක් කියන්නේද?
එවං වදන්තිමෙව “ත්වං තං පත්ථෙහි වා මා වා, කිං තව පත්ථනායා”ති නිරයසමීපං නෙත්වා –
මෙසේ කියන්නා වූ ම ඇයට ඔබ කැමති වන්නෙහි හෝ වේවා, කැමති නොවන්නෙහි හෝ වේවා, ඒ ඔබේ කැමැත්තෙන් කවර ඵලයෙක්ද යයි යක්ෂයෝ කියා ඇය නිරය අසලට පමුණුවා මේ ගාථාව කීහ.
“එසො තෙ නිරයො සුපාපධම්මෙ, පුඤ්ඤං තයා අකතං ජීවලොකෙ; න හි මච්ඡරී රොසකො පාපධම්මො, සග්ගූපගානං ලභති සහබ්යත”න්ති. –
පාපී ස්ත්‍රිය, මේ ඔබගේ නිරයයි. ඔබ විසින් මිනිස් ලොවදී පිනක් නොකරන ලදී. මසුරු වූ, අනුන් කෝපයට පත් කරවන්නා වූ, පාපී තැනැත්තියකි. දෙවියන්ගේ සහායට යාම නො ලබන්නෙහිය.
ගාථමාහංසු. තස්සත්ථො – එසො තව නිරයො, තයා දීඝරත්තං මහාදුක්ඛං අනුභවිතබ්බට්ඨානභූතො. කස්මා? පුඤ්ඤං තයා අකතං ජීවලොකෙ, යස්මා මනුස්සලොකෙ අප්පමත්තකම්පි තයා පුඤ්ඤං නාම න කතං, එවං අකතපුඤ්ඤො පන තාදිසො සත්තො මච්ඡරී අත්තනො සම්පත්තිනිගූහනලක්ඛණෙන මච්ඡරෙන සමන්නාගතො, පරෙසං රොසුප්පාදනෙන රොසකො, ලොභාදීහි පාපධම්මෙහි සමඞ්ගීභාවතො පාපධම්මො සග්ගූපගානං දෙවානං සහබ්යතං සහභාවං න ලභතීති යොජනා.
එහි අර්ථය - මේ ඔබේ නිරයයි. ඔබ විසින් දිගුකලක් මහ දුක් අනුභව කළයුතු වන ස්ථානයයි. කුමක් හෙයින් ද යත්, පුඤ්ඤං භයා අකතං ජීව ලොකෙ යම්හෙයකින් මිනිස්ලොව දී ඔබ විසින් අල්පමාන වූ හෝ පින්කමක් නොකරන ලද්දේ ඔබ නිරයට යා යුතු වන්නේ එහෙයිනි. මෙසේ නොකරන ලද පින් ඇති ඔබ වැනි සත්ත්වයෙක් මච්ඡරි තමාගේ සම්පත් සඟවා තබාගැනීමේ ලක්ෂණ වශයෙන් මසුරු බවින් යුක්ත වූයේ, යන අරුතයි. අනුන් තුළ කෝපය ඉපිදවීම යන අරුතින් රොසකො යි යෙදේ. ලෝකය ආදී පාපී ස්වභාවය යන්නෙන් යුක්ත වූ බැවින් පාප ධම්මො හෙවත් පාපී ස්වභාවය ඇති තැනැත්තා යයි කියනු ලැබේ. සග්ගූපහානං දෙවියන්ගේ සහව්යතං සමාගමය නො ලබන්නේය.
එවං පන වත්වා තෙ ද්වෙ යක්ඛා තත්ථෙවන්තරධායිංසු. තංසදිසෙ පන ද්වෙ නිරයපාලෙ සංසවකෙ නාම ගූථනිරයෙ පක්ඛිපිතුං ආකඩ්ඪන්තෙ පස්සිත්වා –
මෙසේ කියා ඒ යක්ෂයන් දෙදෙන එහිදී අතුරුදන් වූහ. එවැනි වූ යමපල්ලන් දෙදෙනෙකු ‘සංසවක’ නම් වූ ගූථ නරකයේ දැමීමට තමන් අදිනු දැක ඒ නිරය ගැන මෙසේ විචාළාය.
“කිං නු ගූථඤ්ච මුත්තඤ්ච, අසුචි පටිදිස්සති; දුග්ගන්ධං කිමිදං මීළ්හං, කිමෙතං උපවායතී”ති. –
මළ මූත්‍ර සහ අසූචි කුමක් නිසා දක්නට ලැබේද, අසූචියෙහි පැසවූ මේ දුගඳ කුමක් ද, මේ හමාගෙන යනුයේ කුමන දුගඳක්ද?
තං නිරයං පුච්ඡි.
යමපල්ලන්ගේ පිළිතුර.
“එස සංසවකො නාම, ගම්භීරො සතපොරිසො; යත්ථ වස්සසහස්සානි, තුවං පච්චසි රෙවතෙ”ති. –
රේවතියනි! ඔබ අවුරුදු දහස් ගණනක් යම් නිරයක පැසෙන්නෙහිද, ඒ නම් පුරුෂයන් සිය දෙනෙකුගේ ගැඹුර ඇති ‘සංසවක’ නම් මේ නිරයයි.
තස්මිං කථිතෙ තත්ථ අත්තනො නිබ්බත්තිහෙතුභූතං කම්මං පුච්ඡන්තී –
එය කියන ලද කල්හි එහි ඉපදීමට හේතු වූ කර්මය විමසමින් රේවතිය මෙසේ ඇසුවාය.
“කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං; කෙන සංසවකො ලද්ධො, ගම්භීරො සතපොරිසො”ති. – ආහ;
කයින් වචනයෙන් මනසින් කවරනම් වැරදි දෙයක් මා කරන ලද්දේ ද, පුරුෂයන් සියයකගේ ගැඹුර ඇති සංසවක නම් නරකය කුමක් නිසා මා විසින් ලබන ලද්දේ ද?
“සමණෙ බ්රාහ්මණෙ චාපි, අඤ්ඤෙ වාපි වනිබ්බකෙ; මුසාවාදෙන වඤ්චෙසි, තං පාපං පකතං තයා”ති. –
ශ්‍රමණයෝ ද බ්‍රාහ්මණයෝ ද අන්‍ය වූ යාචකයෝ ද වෙළඳුන් ද ඔබ විසින් බොරුවක් වංචා කළෙහිය. ඔබ විසින් ඒ පව කරන ලදී
තස්සා තං කම්මං කථෙත්වා පුන තෙ –
යනුවෙන් ඇගේ ඒ පාපකර්මය කියා නැවතත් ඔහු ඒ යමපල්ලෝ මෙසේද කීහ.
“තෙන සංසවකො ලද්ධො, ගම්භීරො සතපොරිසො; තත්ථෙ වස්සසහස්සානි, තුවං පච්චසි රෙවතෙ”ති. –
රේවතිය, ඉහත කී ඒ කර්මයේ හේතුවෙන් පුරුෂයන් සියයකගේ ගැඹුර ඇති සංසවක නම් නිරය ඔබ විසින් ලබන ලදී. ඔබ එහි අවුරුදු දහස් ගණන් පැසෙන්නෙහිය.
ආහංසු. තත්ථ සංසවකො නාමාති නිච්චකාලං ගූථමුත්තාදිඅසුචිස්ස සංසවනතො පග්ඝරණතො සංසවකො නාම.
සංසවකො නාම හැමකල්හිම මළ මූත්‍ර ආදී අසූචි ගලාගෙන යන බැවින් ද, පැතිර පවත්නා බැවින් ද සංසවක නම් වේ.
න කෙවලං තුය්හං ඉධ සංසවකලාභො එව, අථ ඛො එත්ථ අනෙකානි වස්සසහස්සානි පච්චිත්වා උත්තිණ්ණාය හත්ථච්ඡෙදාදිලාභොපීති දස්සෙතුං –
ඔබට එහි හුදෙක් සංසවක නිරයේ උපත පමණක් ලැබෙන්නේ නොවේ. මෙහි බොහෝ අවුරුදු දහස් ගණනක් පැසී ඉන් නැගී අත් සිඳදැමීම් ආදී දුක් විඳීමට ද ලැබෙන්නේ ය.
“හත්ථෙපි ඡින්දන්ති අථොපි පාදෙ, කණ්ණෙපි ඡින්දන්ති අථොපි නාසං; අථොපි කාකොළගණා සමෙච්ච, සඞ්ගම්ම ඛාදන්ති විඵන්දමාන”න්ති. –
අපායෙහි වධ දීම් වශයෙන් ඇගේ අත් ද පාදයන් ද, සිඳිත්. කන්ද නාසය ද සිඳිති. තව ද කැලෑ කවුඩු ගණයා සාමූහිකව එක් වී වෙවුලන්නා වූ ඇය කා දමත්
තත්ථ ලද්ධබ්බකාරණං ආහංසු. තත්ථ කාකොළගණාති කාකසඞ්ඝා. තෙ කිරස්සා තිගාවුතප්පමාණෙ සරීරෙ අනෙකසතානි අනෙකසහස්සානි පතිත්වා තාලක්ඛන්ධපරිමාණෙහි සුනිසිතග්ගෙහි අයොමයෙහි මුඛතුණ්ඩෙහි විජ්ඣිත්වා විජ්ඣිත්වා ඛාදන්ති, මංසං ගහිතගහිතට්ඨානෙ කම්මබලෙන පූරතෙව. තෙනාහ “කාකොළගණා සමෙච්ච, සඞ්ගම්ම ඛාදන්ති විඵන්දමාන”න්ති.
යනුවෙන් එහි දී ලැබිය යුතු ලැබිය හැකි දේ කීහ. එහි කාකොලගණා කවුඩු සමූහයෙන් ඔව්හු වූ කලී මැගේ තුන්ගවු පමණ වූ ශරීරයේ බොහෝ වූ සිය සිය ගණන් තල් කඳ සමාන වූ, මනාව මුවහත් කඩු ඇත්තා වූ, යකඩෙන් තැනූ මුව තුඩුවලින් විද විද අනුභව කරති. මස් කඩා ගත් ගත් තුනී කර්ම බලයෙන් නැවත පිරෙන්නේය. ඒ නිසා කාකොළ ගණා සමෙච්ච සංගමම ඛාදන්ති විඵන්ද මානන්ති යි කියන ලදී.
පුන සා මනුස්සලොකං පච්චානයනාය යාචනාදිවසෙන තං තං විප්පලපි. තෙන වුත්තං –
නැවත ඇය තමන් මිනිස් ලොවට ආපසු ගෙන්වා ගැනීම සඳහා යාඥා කිරීම් වශයෙන් විවිධ විලාප නැගීම් කළාය.
“සාධු ඛො මං පටිනෙථ, කාහාමි කුසලං බහුං; දානෙන සමචරියාය, සංයමෙන දමෙන ච; යං කත්වා සුඛිතා හොන්ති, න ච පච්ඡානුතප්පරෙ”ති.
දන් දීමෙන් ද මනා හැසිරීමෙන් ද සංයමයෙන් ද තමා දමනය කර ගැනීමෙන් ද යන මේවායින් යමක් කොට යමෙකු සුවසේ වෙසේද, පසුතැවිල්ලට පත් නොවේද, එබඳු බොහෝ කුසල් කළ හැකිවනු පිණිස මා නැවත ආපසු යවන්න.
පුන නිරයපාලා –
යමපල්ලෝ නැවත මෙසේ කීහ.
“පුරෙ තුවං පමජ්ජිත්වා, ඉදානි පරිදෙවසි; සයං කතානං කම්මානං, විපාකං අනුභොස්සසී”ති. –
ඔබ පෙරදී ප්‍රමාද වී සිට දැන් වැළපෙන්නෙහිය. තමන් විසින් කරන ලද කර්මය විපාක දැන් අනුභව කරන්නේ ය.
ආහංසු. පුන සා ආහ –
නැවතත් ඇය මෙසේ කීවාය.
“කො දෙවලොකතො මනුස්සලොකං, ගන්ත්වාන පුට්ඨො මෙ එවං වදෙය්ය; නික්ඛිත්තදණ්ඩෙසු දදාථ දානං, අච්ඡාදනං සෙය්යමථන්නපානං; න හි මච්ඡරී රොසකො පාපධම්මො, සග්ගූපගානං ලභති සහබ්යතං.
දෙව්ලොවින් මිනිස්ලොවට ගොස් ප්‍රශ්න කරන ලද්දා වූ කවර නම් අයෙක් දඬු බහා තබා (පරහිංසාවෙන් වැළකී) ඇඳුම් ද යහපත් ආහාරපානද, දන්දෙන්න. මසුරු වූ කෝපවන්ත වූ පාපී ස්වභාවය ඇත්තා වූ තැනැත්තා ස්වර්ගයට ගොස් සිටින්නවුන්ගේ සහාය නොලබන්නෙහිය යනුවෙන් මෙසේ මට කියන්නහුද, එසේ මට කී කෙනෙක් නැත.
“සාහං නූන ඉතො ගන්ත්වා, යොනිං ලද්ධාන මානුසිං; වදඤ්ඤූ සීලසම්පන්නා, කාහාමි කුසලං බහුං; දානෙන සමචරියාය, සංයමෙන දමෙන ච.
ඒ මම ඒකාන්තයෙන් මේ භවයෙන් ගොස් මිනිස් දිවියක් ලබාගෙන පරිත්‍යාගශීලීව, ශීලයෙන් යුතුව, දන් දීමෙන් ද මනා හැසිරීමෙන් ද, සංයමයෙන් ද, දමනයෙන් ද, යුතු බොහෝ කුසල් කරන්නෙමි.
“ආරාමානි ච රොපිස්සං, දුග්ගෙ සඞ්කමානි ච; පපඤ්ච උදපානඤ්ච, විප්පසන්නෙන චෙතසා.
ප්‍රසන්න වූ සිතින් යුතුව උයන් වතු රෝපණය කිරීම, යාමට අපහසු මාර්ග සකස් කිරීම, දන්සල් හා ළිං තැනවීම, අව පක්ෂයෙහි පුර පක්ෂයෙහි අටවක් තුදුස්වක් පසළොස්වක් යන සියලු දිනයන්හි සංවර ලෙස අටසිල්වලින් යුතු උපෝසථය සමාදන් වෙමි. දන් දීමෙහි ප්‍රමාද නොවෙමි. අනුගමනය සඳහා මේ කරුණු දක්නා ලදී.
“චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී; පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං.
“උපොසථං උපවසිස්සං, සදා සීලෙසු සංවුතා; න ච දානෙ පමජ්ජිස්සං, සාමං දිට්ඨමිදං මයා”ති.
“ඉච්චෙවං විප්පලපන්තිං, ඵන්දමානං තතො තතො; ඛිපිංසු නිරයෙ ඝොරෙ, උද්ධංපාදං අවංසිර”න්ති. –
මෙසේ විලාප කියන්නා වූ එසේම වෙවුලන්නා වූ ඇය පාදයන් ඉහලට ද හිස පහළට ද සිටින සේ ඝෝර වූ නිරයෙහි බහාලූහ.
ඉදං සඞ්ගීතිකාරවචනං. පුන සා –
මේ සංගීති කාරකයන්ගේ වචනයි. ඇය නැවත අවසානයේ මෙසේ කීවාය.
“අහං පුරෙ මච්ඡරිනී අහොසිං, පරිභාසිකා සමණබ්රාහ්මණානං; විතථෙන ච සාමිකං වඤ්චයිත්වා, පච්චාමහං නිරයෙ ඝොරරූපෙ”ති. –
මම පෙර මසුරු තැනැත්තියක වීමි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආයාස කරන්නියක් ද වූයෙමි. ස්වාමි පුරුෂයා ද බොරුවෙන් වංචාකොට මම ඝෝර වූ නිරයෙහි පැසෙමි.
ඔසානගාථමාහ. තත්ථ “අහං පුරෙ මච්ඡරිනී”ති ගාථා නිරයෙ නිබ්බත්තාය වුත්තා, ඉතරා අනිබ්බත්තාය එවාති වෙදිතබ්බා. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
අහං පුරෙ මච්ඡරීනි යන කථාව නිරයෙහි උපන්කල්හි කියන ලදී. අන්‍ය වූ ගාථාවන් එහි ඉපදීමට පෙර කියන ලදී. සෙස්ස පහසුවෙන් අවබෝධ කළහැකි වේ.
භික්ඛූ රෙවතියා යක්ඛෙහි ගහෙත්වා නීතභාවං භගවතො ආරොචෙසුං. තං සුත්වා භගවා ආදිතො පට්ඨාය ඉමං වත්ථුං කථෙත්වා උපරි විත්ථාරෙන ධම්මං දෙසෙසි, දෙසනාපරියොසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසු. කාමඤ්චෙතං රෙවතීපටිබද්ධාය කථාය යෙභුය්යභාවතො “රෙවතීවිමාන”න්ති වොහරීයති, යස්මා පන රෙවතී විමානදෙවතා න හොති, නන්දියස්ස පන දෙවපුත්තස්ස විමානාදිසම්පත්තිපටිසංයුත්තඤ්චෙතං, තස්මා පුරිසවිමානෙස්වෙව සඞ්ගහං ආරොපිතන්ති දට්ඨබ්බං.
භික්ෂූහු, රේවතිය යක්ෂයින් විසින් අල්ලාගෙන ගිය බව ශාස්තෲන් වහන්සේට දැන්වූහ. එය අසා භාග්‍යවතුන් වහන්සේ මුල පටන් මේ කථාවස්තුව වදාරා පසුව විස්තර වශයෙන් දහම් දෙසූහ. දේශනාවගේ අවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ගඵලවලට පැමිණියහ. රේවතිය පිළිබඳ කථාව බොහෝ සෙයින්ම, රේවතී විමානය යයි ව්‍යවහාර කරනු ලැබේ. යම් හෙයකින් රේවතිය විමාන දේවතාවියක් නො වන්නීය. එසේ වුවත් නන්දිය දිව්‍ය පුත්‍රයාගේ විමානය ආදී සම්පත් සමග කථාවස්තුව සම්බන්ධ වේ. එනිසා පුරුෂ විමාන වස්තු කථාවන්හි දී මෙය සංග්රහවට නංවන ලද්දේ යයි දතයුතුය.
රෙවතීවිමානවණ්ණනා නිට්ඨිතා.
රේවතී විමාන වර්ණනාව නිමියේ ය.