යෙදුමෙන් කියවන්න

3. ඡත‍්තමාණවකවිමානවණ‍්ණනා අට‍්ඨකථා

3. ඡත‍්තමාණවකවිමානවණ‍්ණනා

3. ඡත්ත මාණවක විමාන වර්ණනා

යො වදතං පවරො මනුජෙසූති ඡත‍්තමාණවකවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන සෙතබ්‍යායං අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස කිච‍්ඡාලද‍්ධො පුත‍්තො ඡත‍්තො නාම බ්‍රාහ‍්මණමාණවො අහොසි. සො වයප‍්පත‍්තො පිතරා පෙසිතො උක‍්කට‍්ඨං ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණස‍්ස පොක‍්ඛරසාතිස‍්ස සන‍්තිකෙ මෙධාවිතාය අනලසතාය ච න චිරෙනෙව මන‍්තෙ විජ‍්ජාට‍්ඨානානි ච උග‍්ගහෙත්‍වා බ්‍රාහ‍්මණසිප‍්පෙ නිප‍්ඵත‍්තිං පත‍්තො. සො ආචරියං අභිවාදෙත්‍වා “මයා තුම‍්හාකං සන‍්තිකෙ සිප‍්පං සික‍්ඛිතං, කිං වො ගරුදක‍්ඛිණං දෙමී”ති ආහ. ආචරියො “ගරුදක‍්ඛිණා නාම අන‍්තෙවාසිකස‍්ස විභවානුරූපා, කහාපණසහස‍්සමානෙහී”ති ආහ. ඡත‍්තමාණවො ආචරියං අභිවාදෙත්‍වා සෙතබ්‍යං ගන‍්ත්‍වා මාතාපිතරො වන්‍දිත්‍වා තෙහි අභිනන්‍දියමානො කතපටිසන්‍ථාරො තමත්‍ථං පිතු ආරොචෙත්‍වා “දෙථ මෙ දාතබ‍්බයුත‍්තකං, අජ‍්ජෙව දත්‍වා ආගමිස‍්සාමී”ති ආහ. තං මාතාපිතරො “තාත, අජ‍්ජ විකාලො, ස‍්වෙ ගමිස‍්සසී”ති වත්‍වා කහාපණෙ නීහරිත්‍වා භණ‍්ඩිකං බන්‍ධාපෙත්‍වා ඨපෙසුං. චොරා තං පවත‍්තිං ඤත්‍වා ඡත‍්තමාණවකස‍්ස ගමනමග‍්ගෙ අඤ‍්ඤතරස‍්මිං වනගහනෙ නිලීනා අච‍්ඡිංසු “මාණවං මාරෙත්‍වා කහාපණෙ ගණ‍්හිස‍්සාමා”ති.

යො වදතං පවරො මනුජෙසු යනුවෙන් ඡත්ත මානවක විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වාසය කරන සේක. එ සමයෙහි සේතව්‍ය නගරයේ එක්තරා බ්‍රාහ්මණයකු හට අපහසුවෙන් ලැබුණු ඡත්ත නම් වූ තරුණ බ්‍රාහ්මණ කුමරෙක් වූයේය. හෙතෙම පියා විසින් මෙහෙයවනු ලැබූයේ උක්කට්ඨ නම් වූ නුවරට ගොස් පොක්‍ඛරසාතී නම් බ්‍රාහ්මණයාගේ සමීපයේ, තමන් නුවණැති බැවින් ද අනලස් බැවින් ද, සුලු කලකදීම මන්ත්‍රයෙන් ද දතයුතු දේ ද ඉගෙන බ්‍රාහ්මණ ශිල්පයේ නිමාවට පැමිණියේය. හෙතෙම ආචාර්යවරයා වැඳ මා විසින් ඔබගේ සමීපයේ ශිල්ප ඉගෙන ගන්නා ලදී. ඔබට කවර නම් ගුරු පූජාවක් දෙමිදැයි විමසීය. ඇදුරුතම ගුරු පූජා නම් ශිෂ්‍යයාගේ සම්පත් අනුව සිදුවිය යුතුය. කහවණු දෙදහසක් ගෙන එන්න යයි කීය. ඡත්ත මානවක තෙමේ ඇදුරුතුමන් වැඳ සේතව්‍ය නුවරට ගොස් මවුපියන් වැඳ ඔවුන් අධික සන්තෝෂයට පත්කරනු ලැබූයේ, කරන ලද පිළිසඳර කථා ඇත්තේ, එම ගුරු පඬුරු පූජාව පිළිබඳ කථාව පියාට දන්වා දිය යුතු දෙය මා හට දෙන්න. අදම දී එන්නෙමියි කීය. මව්පියෝ ඔහුට දරුව, අද සුදුසු කාලය නොවේ. හෙට යන්නැයි කීය. මව්පියෝ ඔහුට දරුව, අද සුදුසු කාලය නොවේ. හෙට යන්නැයි කියා කහවණු පිටතට ගෙන මිටියක් සේ බැඳ තැබූහ. මේ පුවත දැනගත් සොර මුලක් ඡත්ත මානවකයා යන ගමන්මගෙහි එක්තරා වන ලැහැබෙක මාණවකයා මරා කහවණු ගන්නෙමැයි සැඟවී සිටියහ.

භගවා පච‍්චූසසමයෙ මහාකරුණාසමාපත‍්තිතො වුට‍්ඨාය ලොකං වොලොකෙන‍්තො ඡත‍්තමාණවකස‍්ස සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨානං, චොරෙහි මාරිතස‍්ස දෙවලොකෙ නිබ‍්බත‍්තිං, තතො සහ විමානෙන ආගතස‍්ස තත්‍ථ සන‍්නිපතිතපරිසාය ච ධම‍්මාභිසමයං දිස‍්වා පඨමතරමෙව ගන‍්ත්‍වා මාණවකස‍්ස ගමනමග‍්ගෙ අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදි. මාණවො ආචරියධනං ගහෙත්‍වා සෙතබ්‍යතො උක‍්කට‍්ඨාභිමුඛො ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ භගවන‍්තං නිසින‍්නං දිස‍්වා උපසඞ‍්කමිත්‍වා අට‍්ඨාසි. “කුහිං ගමිස‍්සසී”ති භගවතා වුත‍්තො “උක‍්කට‍්ඨං, භො ගොතම, ගමිස‍්සාමි මය‍්හං ආචරියස‍්ස පොක‍්ඛරසාතිස‍්ස ගරුදක‍්ඛිණං දාතු”න‍්ති ආහ. අථ භගවා “ජානාසි පන ත්‍වං, මාණව, තීණි සරණානි, පඤ‍්ච සීලානී”ති වත්‍වා තෙන “නාහං ජානාමි, කිමත්‍ථියානි පනෙතානි කීදිසානි චා”ති වුත‍්තෙ “ඉදමීදිස”න‍්ති සරණගමනස‍්ස සීලසමාදානස‍්ස ච ඵලානිසංසං විභාවෙත්‍වා “උග‍්ගණ‍්හාහි තාව, මාණවක, සරණගමනවිධි”න‍්ති වත්‍වා “සාධු උග‍්ගණ‍්හිස‍්සාමි, කථෙථ භන‍්තෙ භගවා”ති තෙන යාචිතො තස‍්ස රුචියා අනුරූපං ගාථාබන්‍ධවසෙන සරණගමනවිධිං දස‍්සෙන‍්තො –

උදෑසන කාලයෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගී ලොව බලා වදාරණ භාග්‍යවතුන් වහන්සේ ඡත්ත මාණවකයාගේ සරණ සිල්හි පිහිටීම ද, සොරුන් විසින් මරණ ලද කල්හි ඔහුගේ දෙව්ලොව ඉපදීම ද, ඉන්පසු විමානය සමග පැමිණෙන ඔහු නිසා පැමිණ සිටින පිරිසට පැමිණෙන ධර්මාවබෝධය ද දැක මාණවකයාට පළමුව ගොස් මාණවකයා යන මගෙහි එක්තරා රුක්මුලෙක වැඩහුන් සේක. මාණවකයා ආචාර්යවරයා සඳහා වූ ධනය රැගෙන සේතව්‍ය නගරයෙන් නික්ම උක්කට්ඨා නුවරට යන්නේ අතරමගදී වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක උන්වහන්සේ සමීපයට පැමිණියේය. මාණවකය! ඔබ කොහි යන්නෙහිදැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලදුව, හෙතෙමේ ගෞතමයන් වහන්ස, මාගේ පොක්‍ඛරසාතී නම් ආචාර්යයන් වහන්සේට ගුරු දක්‍ෂිණා දීම සඳහා ‘උක්කට්ඨා නුවරට යමි’යි කීය. එවිට භාග්‍යවතුන් වහන්සේ මාණවකය, ඔබ තුන්සරණය හා පන්සිල් දන්නෙහිදැයි ඇසීය. අසා ඔහු විසින් මම නො දනිමි. මම නො දනිමි. ඒවායින් කවර ප්‍රයෝජනයක්ද, ඒවා කෙබඳු දැයි විමසූ කල්හි මේ මේ යයි සරණාගමනයේ ද, සීල සමාදානයේ ද පිළිවෙළ ප්‍රතිඵල හා ආනිසංස පැහැදිලිකොට මාණවකය, සරණ යන මේ ආකාරය ඉගෙන ගන්නැයි වදාළහ. ඒ මාණවකයා විසින් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යහපති. එය උගනිමි කියා මැනවැයි ඉල්ලා සිටි කල්හි භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ රුචියට අනුව සමණයා පිළිබඳ ගාථා බන්ධන වශයෙන් දක්වමින් ගාථාවන් තුනකින් මෙසේ දෙසූ සේක.

“යො වදතං පවරො මනුජෙසු, සක්‍යමුනී භගවා කතකිච‍්චො; පාරගතො බලවීරියසමඞ‍්ගී, තං සුගතං සරණත්‍ථමුපෙහි.

යො වදතං පවරො මනුජෙසු සක්‍යමුනී භගවා කතකිච්චො පාරගතො බල විරිය සමංගී තං සුගතං සරණත්‍ථ මුපෙ හි

“රාගවිරාගමනෙජමසොකං , ධම‍්මමසඞ‍්ඛතමප‍්පටිකූලං; මධුරමිමං පගුණං සුවිභත‍්තං, ධම‍්මමිමං සරණත්‍ථමුපෙහි.

රාග විරාග මනෙජ මසොකං ධම්ම මසංඛ ත මප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං ධම්ම මිමං සරණත්‍ථ මුපෙහි

“යත්‍ථ ච දින‍්න මහප‍්ඵලමාහු, චතූසු සුචීසු පුරිසයුගෙසු; අට‍්ඨ ච පුග‍්ගල ධම‍්මදසා තෙ, සඞ‍්ඝමිමං සරණත්‍ථමුපෙහී”ති. –

යත්‍ථච දින්න මහප්ඵල මාහු චතුසු සුචීසු පුරිස යුගෙසු අට්ඨ ච පුග්ගල ධම්ම දසා තෙ සංඝං මිමං සරණත්‍ථ මුපෙහි

මිනිසුන් අතර ඉතාම උතුම් වූ කෙලෙස් නැසීම සඳහා නිමකරන ලද කටයුතු ඇත්තා වූ, ආත්ම දෘෂ්ටියෙන් එතෙර යයි අදහස් වන, පරතෙරට ගියා වූ කය නුවණ යන දෙ ආකාරයෙන්ම බලවත්, සම්‍යක් ප්‍රධාන වීර්යය යන මේවායින් ද යුක්ත වූ ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් වෙත්ද, ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.

ආර්ය මාර්ගය වූ ආර්ය ඵලය වූ, පරමාර්ථ ධර්මය වූ, හේතුවකින් හට නොගන්නා වූ, අප්‍රිය නොවන්නා වූ, මධුර වූ සර්වඥතා ඥානය ඇසුරුකොට පවතින්නා වූ, මෙම ධර්මය සරණ යන්න.

යම්බඳු වූ ආර්ය සංඝ රත්නය වෙත දෙන ලද දෙය මහත්ඵල වන්නේ යයි කියන ලද්දේ ද, නිකෙලෙස් බැවින් පිරිසිදු වූ යුගල වශයෙන් සතරක් ලෙස දක්වන පුද්ගලයන් වශයෙන් අටක් වූ මෙම සංඝයා සරණ යන්න.

තිස‍්සො ගාථායො අභාසි.

යන මේ ගාථා තුන වදාළහ.

තත්‍ථ යොති අනියමිතවචනං, තස‍්ස “ත”න‍්ති ඉමිනා නියමනං වෙදිතබ‍්බං. වදතන‍්ති වදන‍්තානං. පවරොති සෙට‍්ඨො, කථිකානං උත‍්තමො වාදීවරොති අත්‍ථො. මනුජෙසූති උක‍්කට‍්ඨනිද‍්දෙසො යථා “සත්‍ථා දෙවමනුස‍්සාන”න‍්ති. භගවා පන දෙවමනුස‍්සානම‍්පි බ්‍රහ‍්මානම‍්පි සබ‍්බෙසම‍්පි සත‍්තානං පවරොයෙව, භගවතො ච චරිමභවෙ මනුස‍්සෙසු උප‍්පන‍්නතාය වුත‍්තං “මනුජෙසූ”ති. තෙනෙවාහ “සක්‍යමුනී”ති. සක්‍යකුලප‍්පසුතතාය සක්‍යො, කායමොනෙය්‍යාදීහි සමන‍්නාගතතො අනවසෙසස‍්ස ච ඤෙය්‍යස‍්ස මුනනතො මුනි චාති සක්‍යමුනි. භාග්‍යවන‍්තතාදීහි චතූහි කාරණෙහි භගවා. චතූහි මග‍්ගෙහි කාතබ‍්බස‍්ස පරිඤ‍්ඤාදිපභෙදස‍්ස සොළසවිධස‍්ස කිච‍්චස‍්ස කතත‍්තා නිප‍්ඵාදිතත‍්තා කතකිච‍්චො. පාරං සක‍්කායස‍්ස පරතීරං නිබ‍්බානං ගතො සයම‍්භුඤාණෙන අධිගතොති පාරගතො. අසදිසෙන කායබලෙන, අනඤ‍්ඤසාධාරණෙන ඤාණබලෙන, චතුබ‍්බිධසම‍්මප‍්පධානවීරියෙන ච සමන‍්නාගතත‍්තා බලවීරියසමඞ‍්ගී. සොභනගමනත‍්තා, සුන්‍දරං ඨානං ගතත‍්තා, සම‍්මා ගතත‍්තා, සම‍්මා ච ගදිතත‍්තා සුගතො. තං සුගතං සම‍්මාසම‍්බුද‍්ධං සරණත්‍ථං සරණාය පරායණාය අපායදුක‍්ඛවට‍්ටදුක‍්ඛපරිත‍්තාණාය උපෙහි උපගච‍්ඡ, අජ‍්ජ පට‍්ඨාය අහිතනිවත‍්තනෙන හිතසංවඩ‍්ඪනෙන “අයං මෙ භගවා සරණං තාණං ලෙණං පරායණං ගති පටිසරණ”න‍්ති භජ සෙව, එවං ජානාහි වා බුජ‍්ඣස‍්සූති අත්‍ථො.

එහි යො යනු නියමිත නොවන වචනයි. එහි සිව්වන පාදයේ මුල ඇති, තං යන්නෙන් මෙහි යො යන්නෙහි ස්ථිර අර්ථය ලැබේ. වදතං යනු (පුද්ගලයන් වශයෙන්) කියනු ලබන්නවුන් අතර පවරො ශ්‍රේෂ්ඨයා කියනු ලබන්නවුන් අතර උතුම් වූ බුදුන් වහන්සේ යන අර්ථයි. මනුජෙසු ‘සත්‍ථා දෙව මනුස්සානං’ දෙව් මිනිසුන්ට ශාස්තෲ වූ යනුවෙන් යම්සේ ඉතා උසස් යයි දක්වන ලද්දේ යන අදහසයි. භාග්‍යවතුන් වහන්සේ වනාහී දෙව් මිනිසුන් හට ද, බ්‍රහ්මයන් හට ද, සියලු සත්ත්වයන් හට ද, උතුම් වන්නේය. භාග්‍යවතුන් වහන්සේ අවසාන භවයෙහි මිනිස්ලොව උපන් බැවින් මනුජෙසු යයි කියන ලදී. එහෙයින්ම සක්‍යමුනී යයි කියන ලදී. සක්‍ය ශාක්‍ය රාජකුලයෙහි උපන් බැවින් සක්‍ය යයි ද, කායිකව උසස් ලෙස හික්මීම් ආදියෙන් යුක්ත වූ බැවින් හා දතයුතු සියල්ල දැනගත් බැවින් මුනි යයි ද යන වචනය යොදා ‘සක්‍යමුනී’ නම කියනු ලැබේ. භාග්‍යවන්ත ආදී කරුණු සතරකින් භගවා නම් වේ. සෝවාන් ආදී මාර්ග සතරෙන් සිදුකළ යුතු ගැඹුරු අවබෝධය ආදී ප්‍රභේද ඇති සොළොස් වැදෑරුම් කාර්යයන් කරන ලද හා නිමකරන ලද බැවින් ‘කතකිච්ච’ නම් වේ. සක්කාය දිට්ඨියෙන් එතෙර පරතෙර වූ නිවනට ගියහ. තමාගේ නුවණින්ම අවබෝධ කළෙහිය යන අදහසින් පාරගතො නම් වේ. අසමාන කාය බලයෙන් ද අන් අයට සමාන නොවන ඤාණ බලයෙන් ද, සිව් වැදෑරුම් සම්‍යක් ප්‍රධන් වීර්යයෙන් ද, යුක්ත වූ බැවින් බල විරිය සමංගී යයි යෙදේ. ශෝභන වූ ගමන් ඇති බැවින් ද, නිවන නම් වූ සුන්දර තැනට පැමිණි බැවින් ද, මනා ලෙස ගිය බැවින් ද, සුගත නම් වේ. තං සුගත නම් වේ. තං සුගතං සම්මා සම්බුද්ධයන් වහන්සේගේ සරණත්‍ථං සරණ පිණිස පිහිට පිණිස සසර දුකෙන් අපාය දුකෙන් ආරක්ෂා වීම පිණිස, උපෙහි පැමිණෙන්න. අද පටන් අහිතකර දෙය නැවැත්වීමෙන් ද, හිතකර දෙය වර්ධනය කර ගැනීමෙන් ද, මේ භාග්‍යවතුන් වහන්සේ මා හට පිහිටය. ආරක්ෂා වන ස්ථානයය. ගමනට පිළිසරණය යනුවෙන් ඇසුරු කරන්න. සේවනය කරන්න. මෙසේ දැන ගන්න. අවබෝධ කරගන්න යන අර්ථයි.

රාගවිරාගන‍්ති අරියමග‍්ගමාහ. තෙන හි අරියා අනාදිකාලභාවිතම‍්පි රාගං විරජ‍්ජෙන‍්ති. අනෙජමසොකන‍්ති අරියඵලං. තඤ‍්හි එජාසඞ‍්ඛාතාය තණ‍්හාය අවසිට‍්ඨානඤ‍්ච සොකනිමිත‍්තානං කිලෙසානං සබ‍්බසො පටිප‍්පස‍්සම‍්භනතො “අනෙජං අසොක”න‍්ති ච වුච‍්චති. ධම‍්මන‍්ති සභාවධම‍්මං. සභාවතො ගහෙතබ‍්බධම‍්මො හෙස යදිදං මග‍්ගඵලනිබ‍්බානානි, න පරියත‍්තිධම‍්මො විය පඤ‍්ඤත‍්තිධම‍්මවසෙන. ධම‍්මන‍්ති වා පරමත්‍ථධම‍්මං, නිබ‍්බානන‍්ති අත්‍ථො. සමෙච‍්ච සම‍්භුය්‍ය පච‍්චයෙහි කතං සඞ‍්ඛතං, න සඞ‍්ඛතන‍්ති අසඞ‍්ඛතං. තදෙව නිබ‍්බානං. නත්‍ථි එත්‍ථ කිඤ‍්චිපි පටිකූලන‍්ති අප‍්පටිකූලං. සවනවෙලායං උපපරික‍්ඛණවෙලායං පටිපජ‍්ජනවෙලායන‍්ති සබ‍්බදාපි ඉට‍්ඨමෙවාති මධුරං. සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණසන‍්නිස‍්සයාය පටිභානසම‍්පදාය පවත‍්තිතත‍්තා සුප‍්පවත‍්තිභාවතො නිපුණභාවතො ච පගුණං. විභජිතබ‍්බස‍්ස අත්‍ථස‍්ස ඛන්‍ධාදිවසෙන කුසලාදිවසෙන උද‍්දෙසාදිවසෙන ච සුට‍්ඨු විභජනතො සුවිභත‍්තං. තීහිපි පදෙහි පරියත‍්තිධම‍්මමෙව වදති. තෙනෙව හිස‍්ස ආපාථකාලෙ විය විමද‍්දනකාලෙපි කථෙන‍්තස‍්ස විය සුණන‍්තස‍්සාපි සම‍්මුඛීභාවතො උභතොපච‍්චක‍්ඛතාය දස‍්සනත්‍ථං “ඉම”න‍්ති වුත‍්තං. ධම‍්මන‍්ති යථාවපටිපජ‍්ජන‍්තෙ අපායදුක‍්ඛපාතතො ධාරණත්‍ථෙන ධම‍්මං, ඉදං චතුබ‍්බිධස‍්සාපි ධම‍්මස‍්ස සාධාරණවචනං. පරියත‍්තිධම‍්මොපි හි සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨානමත‍්තායපි යථාවපටිපත‍්තියා අපායදුක‍්ඛපාතතො ධාරෙති එව. ඉමස‍්ස ච අත්‍ථස‍්ස ඉදමෙව විමානං සාධකන‍්ති දට‍්ඨබ‍්බං. සාධාරණභාවෙන යථාවුත‍්තධම‍්මස‍්ස පච‍්චක‍්ඛං කත්‍වා දස‍්සෙන‍්තො පුන “ඉම”න‍්ති ආහ.

රාග විරාග යනුවෙන් ආර්ය මාර්ගය ගනු කීය. එම ආර්ය මාර්ගයෙන් ආර්ය පුද්ගලයෙක් ඉතා දිගුකලක් භාවිත වූද, රාගය බැහැර කෙරෙත්, අනෙජමසොකං ආර්ය ඵලයයි. එය වනාහි එජා නම් වූ තෘෂ්ණාවන්ගේ ඉතිරි වූ ශෝක නිමිති වන, ක්ලේශයන් හැම අයුරින්ම සංසිඳුවීමේ හේතුවෙන් අරියං අශෝකං යි කියනු ලැබේ. ධම්මං ස්වභාව ධර්මය, ස්වභාවයෙන් ගතයුතු ධර්මය වන මෙය මාර්ගඵල නිර්වාණයන් ද වේ. පර්යාප්ති ධර්මය (හෙවත් උගතයුතු ධර්ම කොටස්) මෙන් නොවේ. පර්යාප්ති ධර්මය හෙවත් උගතයුතු ධර්ම කොටස් මෙන් නොවේ. ප්‍රඥප්ති හෙවත් ව්‍යවහාරික ධර්ම වශයෙනි. ධම්මං යනුවෙන් පරමාර්ථ ධර්මය ද හඟවයි. එයට නිර්වාණය යන අර්ථ වේ. එකතු වී එකට එක් වී, හේතූන් විසින් කරන ලද්දේය යන අරුතින් සංඛතං යන පදය සෑදේ. හේතූන්ගෙන් සිදු නොවනුයේ ‘අසංඛත’ නම් වේ. එයම නිර්වාණයයි. එහි කිසි පිළිකුල් බවක් නැත යන අදහසින් අප්පටිකූලං යී යෙදේ. ශ්‍රවණය කරන ලද වේලෙහිද, පිළිපදින වේලෙහි ද, යන සියලු කල්හිම සිත් ගන්නේ මේ යන අරුතින් මධුරං යි යෙදේ. සර්වඥතා ඥානය ආශ්‍රයෙන් අවබෝධ කරගැනීමේ සම්ප්‍රදායයෙහි පවත්වන ලද බැවින් ද, මනාව පවත්වන ලද බැවින් ද, හුරු පුරුදු වූ බැවින්ද අදහස් සඳහා පගුණං යන්න යෙදේ. බෙදිය යුතු යයි යන අර්ථයේ ස්කන්ධාදීන්ගේ වශයෙන් ද කුසල් ආදී වශයෙන් ද, පැහැදිලි කිරීම් ආදී වශයෙන් ද, මනාව බෙදන ලද බැවින් සුවිභත්තං යී යෙදේ. ඉහත කී පද තුනෙන්ම පර්යාප්ති අවබෝධ කළ යුතු, ධර්මයම කියවේ. ඒ නිසාම මෙයට ඉදිරියට හමු වූ අවස්ථාවක මෙන් බැහැර වී යන කාලයක වුව ද, කියන තැනැත්තන් සේම අසන තැනැත්තන් ද හමුවීමෙන් දෙපසින්ම සිදුවන ප්‍රත්‍යක්‍ෂ ලෙස දැකීම ඒ සඳහා ඉමං යී කියන ලදී. ධම්මං තත් වූ පරිදි අපාය දුකට වැටීමෙන් රැක ගැනීම යන අදහසින් එම අරුතින් ධම්මො යයි යෙදේ. මෙසේ මේ අර්ථයට මේ විමානයට සාධකයක් (සාක්‍ෂියක්) ලෙස දැක්විය යුතුය. සාධාරණ භාවයෙන් පෙර කියන ලද, ධර්මය ප්‍රත්‍යක්‍ෂ කොට දක්වමින් නැවත ඉමං යී කියන ලදී.

යත්‍ථාති යස‍්මිං අරියසඞ‍්ඝෙ. දින‍්නන‍්ති පරිච‍්චත‍්තං අන‍්නාදිදෙය්‍යධම‍්මං. දින‍්න මහප‍්ඵලන‍්ති ගාථාසුඛත්‍ථං අනුනාසිකලොපො කතො. අච‍්චන‍්තමෙව කිලෙසාසුචිතො විසුජ‍්ඣනෙන සුචීසු “සොතාපන‍්නො සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො”තිආදිනා (අ· නි· 8.60) වුත‍්තෙසු චතූසු පුරිසයුගෙසු. අට‍්ඨාති මග‍්ගට‍්ඨඵලට‍්ඨෙසු යුගළෙ අකත්‍වා විසුං විසුං ගහණෙන අට‍්ඨ පුග‍්ගලා. ගාථාසුඛත්‍ථමෙව චෙත්‍ථ “පුග‍්ගල ධම‍්මදසා”ති රස‍්සං කත්‍වා නිද‍්දෙසො. ධම‍්මදසාති චතුසච‍්චධම‍්මස‍්ස නිබ‍්බානධම‍්මස‍්ස ච පච‍්චක‍්ඛතො දස‍්සනකා. දිට‍්ඨිසීලසාමඤ‍්ඤෙන සංහතභාවෙන සඞ‍්ඝං.

යත්‍ථ යම්බඳු වූ ආර්ය සංඝ රත්නයක් කෙරෙහි දින්නං පරිත්‍යාග කරන ලද ආහාර ආදී දිය යුතු දේ දින්න මහප්ඵලං ගාථාවේ පහසුව සඳහා (දින්නං යන පදයේ තිබූ) අනුනාසිකය ලොප් කරන ලදී. අපිරිසිදු කෙලෙස්වලින් අතිශයින්ම පිරිසිදු කරන බැවින්, සුචිසූ යන පදය යෙදේ. සෝවාන් වූ තැනැත්තා ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා පිළිගන්නේය යනාදී වශයෙන් කියනු ලැබූ කල්හිය යන අදහසින් චතුසු පුරිසයුගෙසු යයි කියන ලදී. අට්ඨ මාර්ගඵලයන්හි පිහිටියවුන් යුගල වශයෙන් කොටස් නොකොට වෙන් වෙන්ව ගැනීමෙන් අට්ඨ පුග්ගල යයි යෙදේ. ගාථාවෙහි පහසුව තකාම මෙහිදී පුග්ගල ධම්මාදසා යනුවෙන් (පුග්ගල යන වචනයේ ‘ලා’ යන්නෙහි ‘ආ’ යන්න ‘අ’ යනුවෙන් භ්‍රස්ව කොට දක්වන ලදී. ධම්මදසා චතුරාර්ය සත්‍ය ධර්මයෝ ද, නිර්වාණ ධර්මයේ ද, ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැක ගැනීමයි. දැහැමිමය ශීලයත් ශ්‍රමණ භාවයත් දියුණුකර ගන්නා ස්වභාවය නිසා සංඝා යන පදය සෑදේ.

එවං භගවතා තීහි ගාථාහි සරණගුණසන්‍දස‍්සනෙන සද‍්ධිං සරණගමනවිධිම‍්හි වුත‍්තෙ මාණවො තංතංසරණගුණානුස‍්සරණමුඛෙන සරණගමනවිධිනො අත‍්තනො හදයෙ ඨපිතභාවං විභාවෙන‍්තො තස‍්සා තස‍්සා ගාථාය අනන‍්තරං “යො වදතං පවරො”තිආදිනා තං තං ගාථං පච‍්චනුභාසි. එවං පච‍්චනුභාසිත්‍වා ඨිතස‍්ස පඤ‍්ච සික‍්ඛාපදානි සරූපතො ඵලානිසංසතො ච විභාවෙත්‍වා තෙසං සමාදානවිධිං කථෙසි. සො තම‍්පි සුට‍්ඨු උපධාරෙත්‍වා පසන‍්නමානසො “හන්‍දාහං භගවා ගමිස‍්සාමී”ති වත්‍වා රතනත‍්තයගුණං අනුස‍්සරන‍්තො තංයෙව මග‍්ගං පටිපජ‍්ජි. භගවාපි “අලං ඉමස‍්ස එත‍්තකං කුසලං දෙවලොකූපපත‍්තියා”ති ජෙතවනමෙව අගමාසි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ගාථා තුනකින් තිසරණයේ ගුණ දැක්වීමත් සමගම, සරණාගමන විධි කියන ලද කල්හි ඒ මානවක තෙමේ ඒ ඒ සරණ ගුණයන් සිහිකිරීම් වශයෙන් සරණාගමන විධීන් තමාගේ හදවතෙහි පිහිටුවා ගත් බව දක්වමින් එක් එක් ගාථාවට අනතුරුව ගාථාවන් වෙන වෙනම කීවේය. බුදුන් වහන්සේට අනුව ගාථාවන් කියවා සිටි ඔහුට, ශික්‍ෂාපද පහ ඒවායේ යථා ස්වභාවය වශයෙන් ද, විපාක හා අනුසස් වශයෙන් ද, පැහැදිලි කොට ඒවා සමාදන් වන ආකාරය ද වදාළහ. හෙතෙමේ එයද මනාව සිත්හි දරාගෙන ප්‍රසන්න වූ සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට එසේනම් මම යන්නෙමි යි කියා රත්නත්‍රයේ ගුණය සිහි කරමින් මාර්ගයට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේ ද මොහුට දෙව්ලොව ඉපදීම මේ පින ප්‍රමාණවත් යයි දැන ජේතවනයට වැඩි සේක.

මාණවස‍්ස පන පසන‍්නචිත‍්තස‍්ස රතනත‍්තයගුණං සල‍්ලක‍්ඛණවසෙන “සරණං උපෙමී”ති පවත‍්තචිත‍්තුප‍්පාදතාය සරණෙසු ච, භගවතා වුත‍්තනයෙන පඤ‍්චන‍්නං සීලානං අධිට‍්ඨානෙන සීලෙසු ච පතිට‍්ඨිතස‍්ස තෙනෙව නයෙන රතනත‍්තයගුණෙ අනුස‍්සරන‍්තස‍්සෙව ගච‍්ඡන‍්තස‍්ස චොරා මග‍්ගෙ පරියුට‍්ඨිංසු. සො තෙ අගණෙත්‍වා රතනත‍්තයගුණෙ අනුස‍්සරන‍්තොයෙව ගච‍්ඡති. තඤ‍්චෙකො චොරො ගුම‍්බන‍්තරං උපනිස‍්සාය ඨිතො විසපීතෙන සරෙන සහසාව විජ‍්ඣිත්‍වා ජීවිතක‍්ඛයං පාපෙත්‍වා කහාපණභණ‍්ඩිකං ගහෙත්‍වා අත‍්තනො සහායෙහි සද‍්ධිං පක‍්කාමි. මාණවො පන කාලං කත්‍වා තාවතිංසභවනෙ තිංසයොජනිකෙ කනකවිමානෙ සුත‍්තප‍්පබුද‍්ධො විය අච‍්ඡරාසහස‍්සපරිවුතො සට‍්ඨිසකටභාරාලඞ‍්කාරපටිමණ‍්ඩිතත‍්තභාවො නිබ‍්බත‍්ති, තස‍්ස විමානස‍්ස ආභා සාතිරෙකානි වීසතියොජනානි ඵරිත්‍වා තිට‍්ඨති.

ප්‍රසන්න වූ සිත් ඇති මානවක තෙමේ, තෙරුවන් ගුණ සැලකීම් වශයෙන් සරණ යමි යන්නම තමන්ගේ සිතෙහි පහළ වූ බැවින් තෙ සරණයෙහි පිහිටියේය. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පිළිවෙළ අනුව පන්සිල් ඉටා ගැනීමෙන් පංච ශීලයේ ද පිහිටියේය. ඒ ආකාරයෙන්ම රත්නත්‍රයෙහිම ගුණ සිහි කරමින් යන අතරමගදී සොරු ඔහු වටකළහ. හෙතෙමේ ඔවුන් නොසළකාම තෙරුවන් ගුණ සිහි කරමින්ම යයි. වන ගොමුවක් තුළ ආවරණය ලැබ සිටි එක් හොරෙක් තියුණු විෂ පෙවූ හීයකින් ඔහුට විද ජීවිතක්‍ෂයට පමුණුවා කහවණු පොදිය ගෙන තමාගේ සහචරයන් සමග පිටවී ගියේය. මාණවකයා කළුරියකොට තව්තිසා භවනයේ තිස්යොදුන් රන් විමනෙක නිදා පිබිදියාක් මෙන්, දිව්‍යප්සරාවන් දහසක් පිරිවරා ගැල් සැටක් බර ආභරණයන්ගෙන් සැරසුණු සිරුරක් ඇතිව උත්පත්තිය ලැබුවේය. ඔහුගේ විමානයේ ආලෝකය යොදුන් විස්සකට වැඩි දුරක් පැතිර පවතී.

අථ මාණවං කාලකතං දිස‍්වා සෙතබ්‍යගාමවාසිනො මනුස‍්සා සෙතබ්‍යං ගන‍්ත්‍වා තස‍්ස මාතාපිතූනං උක‍්කට‍්ඨගාමවාසිනො ච උක‍්කට‍්ඨං ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණස‍්ස පොක‍්ඛරසාතිස‍්ස කථෙසුං. තං සුත්‍වා තස‍්ස මාතාපිතරො ඤාතිමිත‍්තා බ්‍රාහ‍්මණො ච පොක‍්ඛරසාති සපරිවාරා අස‍්සුමුඛා රොදමානා තං පදෙසං අගමංසු, යෙභුය්‍යෙන සෙතබ්‍යවාසිනො ච උක‍්කට‍්ඨවාසිනො ච ඉච‍්ඡානඞ‍්ගලවාසිනො ච සන‍්නිපතිංසු, මහාසමාගමො අහොසි. අථ මාණවස‍්ස මාතාපිතරො මග‍්ගස‍්ස අවිදූරෙ චිතකං සජ‍්ජෙත්‍වා සරීරකිච‍්චං කාතුං ආරභිංසු.

ඉක්බිතිව මානවකයා කළුරිය කළ බව දැන සේතව්‍ය නුවරට යන මිනිස්සු සේතව්‍ය නුවරට ගොස් ඔහුගේ දෙමව්පියන්ට ද, ඤාතීන්ට ද මේ බව දැන්වූහ. උක්කට්ඨා නුවරට යන මිනිස්සු එහි ගොස් පොක්‍ඛරසාති බමුණාට කීහ. එය ඇසූ ඔහුගේ දෙමාපිය නෑ හිත මිතුරෝ ද පොක්‍ඛරසාති ඇදුරුතුමාද, කඳුළු පිරි මුහුණින් යුතුව එහි පැමිණියහ. සේතව්‍ය නුවර වැසියෝ ද උක්කට්ඨා නුවර වැසියෝ ද නගුල් - වෑ ආදියද රැගෙන වැඩ කරමින් සිටි ගමන්ම පැමිණියෝය. එය මහා සමාගමයක් විය. මානවකයාගේ ඤාතීහු මාර්ගයට නුදුරෙහි චිතකයක් සාදවා මෘත ශරීරයට කළයුතු අවසන් ගෞරව පුද කිරීමට පටන් ගත්හ.

අථ භගවා චින‍්තෙසි “මයි ගතෙ ඡත‍්තමාණවො මං වන්‍දිතුං ආගමිස‍්සති, ආගතඤ‍්ච තං කතකම‍්මං කථාපෙන‍්තො කම‍්මඵලං පච‍්චක‍්ඛං කාරෙත්‍වා ධම‍්මං දෙසෙස‍්සාමි, එවං මහාජනස‍්ස ධම‍්මාභිසමයො භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං තං පදෙසං උපගන‍්ත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදි ඡබ‍්බණ‍්ණබුද‍්ධරංසියො විස‍්සජ‍්ජෙන‍්තො. අථ ඡත‍්තමාණවදෙවපුත‍්තොපි අත‍්තනො සම‍්පත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා, තස‍්සා කාරණං උපධාරෙන‍්තො සරණගමනඤ‍්ච සීලසමාදානඤ‍්ච දිස‍්වා, විම‍්හයජාතො භගවති සඤ‍්ජාතපසාදබහුමානො “ඉදානෙවාහං ගන‍්ත්‍වා භගවන‍්තඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච වන්‍දිස‍්සාමි, රතනත‍්තයගුණෙ ච මහාජනස‍්ස පාකටෙ කරිස‍්සාමී”ති කතඤ‍්ඤුතං නිස‍්සාය සකලං තං අරඤ‍්ඤපදෙසං එකාලොකං කරොන‍්තො, සහ විමානෙන ආගන‍්ත්‍වා විමානතො ඔරුය‍්හ මහතා පරිවාරෙන සද‍්ධිං දිස‍්සමානරූපො උපසඞ‍්කමිත්‍වා භගවතො පාදෙසු සිරසා නිපතන‍්තො අභිවාදෙත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ එකමන‍්තං අට‍්ඨාසි. තං දිස‍්වා මහාජනො “කො නු ඛො අයං දෙවො වා බ්‍රහ‍්මා වා”ති අච‍්ඡරියබ‍්භුතජාතො උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං පරිවාරෙසි. භගවා තෙන කතපුඤ‍්ඤකම‍්මං පාකටං කාතුං –

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතූහ. මා දැන් එහි ගිය කල්හි ඡත්ත මානවකයා මා වැඳීමට එහි එන්නේය. පැමිණියා වූ ඔහු ලවා කරන ලද පුණ්‍ය කර්මය කියවමින් කර්මඵලය ප්‍රත්‍යක්‍ෂ කරවා දහම් දේසනා කරන්නෙමි. එසේ කළ කල්හි මහජනයා ධර්මාවබෝධය වන්නේ යයි, මෙසේ සිතා මහත් වූ භික්‍ෂු සංඝයා පිරිසක් සමග ඒ පෙදෙසට පැමිණ බුදුරැස් විහිදුවමින් එක්තරා රුක් මුලක වැඩහුන්හ. ඉක්බිති ඡත්ත මානවක දිව්‍යපුත්‍රයා ද තමාගේ සම්පත් ගැන සලකා බලා එයට හේතු වූ කරුණු විමසනුයේ සරණාගමනය ද සීල සමාදානය ද, දැක විස්මයට පත්ව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපන් ප්‍රසාද ගෞරව ඇතිව, මම දැන්මම ගොසින් භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂු සංඝයා ද වඳින්නෙමි. රත්නත්‍රයෙහි ගුණයද මහජනයාට පැහැදිලි කරන්නෙමියි සිතමින් කෘතඥභාවය නිසා ඒ මුලු වන පියසම ඒකාලෝක කරමින් විමානය සමගම පැමිණ විමානයෙන් බැස මහ පිරිවර සමග පෙනෙන රූ ඇතිව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ශ්‍රී පාදයන්හි සිරස තබා වැඳ ඇඳිලි බැඳගෙනම එකත්පස්ව සිටියේය. මහජනයා ඔහු දැක මේ කවර නම් දෙවියෙක් ද, කවර නම් බ්‍රහ්මයෙක්දැයි ආශ්චර්ය අද්භූත භාවයට පත්ව භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ පිරිවරා ගත්හ. භාග්‍යවතුන් වහන්සේ ද ඔහු විසින් කරන ලද පින්කම් ප්‍රකට කිරීම පිණිස ඒ දේවපුත්‍රයාගෙන් මෙසේ විචාළහ.

“න තථා තපති නභෙ සූරියො, චන්‍දො ච න භාසති න ඵුස‍්සො; යථා අතුලමිදං මහප‍්පභාසං, කො නු ත්‍වං තිදිවා මහිං උපාගා.

න තථා තපති න භස්මිං සුරියො චන්‍දො ච න භාසති න ඵුස්සො යථා අතුල මිදං මහප්පහාසං කොනු ත්‍වං තිදිවා මහිං උපාගා

අහසෙහි සූර්යයා හෝ චන්ද්‍රයා මෙසේ දීප්තිමත් නොවේ. ඵුස්ස තාරකාව ද මෙසේ නො බබළයි. වෙනත් කිසිවක් හා සමාන නොවන මේ මහත් ආලෝකයක් ඇතිව දෙව්ලොවින් පොළවට පැමිණි ඔබ කවරනම් තැනැත්තෙක් වන්නෙහිද?

“ඡින්‍දති රංසී පභඞ‍්කරස‍්ස, සාධිකවීසතියොජනානි ආභා; රත‍්තිමපි යථා දිවං කරොති, පරිසුද‍්ධං විමලං සුභං විමානං.

ඡින්‍දතී ච රංසි පභංකරස්ස සාධිතං වීසති යොජනානි ආභා රත්තිම්පිච යථා දිවං කරොති පරිසුද්ධං විමලං සුභං විමානං

පිරිසිදු වූ විමල වූ, සුන්දර වූ ඔබේ විමානය සූර්යයාගේ රශ්මිය ද යටපත් කරයි. යොදුන් විස්සකට වැඩි දුරක් ආලෝකය විහිදුවයි. රාත්‍රියද දහවල මෙන් ආලෝක වේ.

“බහුපදුමවිචිත්‍රපුණ‍්ඩරීකං, වොකිණ‍්ණං කුසුමෙහි නෙකචිත‍්තං; අරජවිරජහෙමජාලඡන‍්නං, ආකාසෙ තපති යථාපි සූරියො.

බහු පදුම විවිත්ත පුණ්ඩරීකං වොකිණ්ණං කුසුමෙහි නෙක විත්තං අරජ විරජ හෙමජාලාච්ඡන්නං ආකාසෙ තපති යථාපි සුරියො

බොහෝ වූ රත් පියුමින් ද, විසිතුරු සුදු නෙළුමින් ද වෙනත් මලින් ද ගැවසීගෙන විසිතුරු ලෙස රජසින් තොරව රන්දැලින් වැසී සූර්යයා මෙන් අහසෙහි බබළයි.

“රත‍්තම‍්බරපීතවාසසාහි, අගරුපියඞ‍්ගුචන්‍දනුස‍්සදාහි; කඤ‍්චනතනුසන‍්නිභත‍්තචාහි, පරිපූරං ගගනංව තාරකාහි.

රත්තම්බර පීත වාස සාහි අගරු පියංගු චන්‍දනුස්සදාහි කඤ්චන තනු සන්ති භත්ත වාහි පරිපූරං ගගනං ව තාරකාහි

රතු සුදු කහ පැහැති වස්ත්‍රයන්ගෙන් සැරසී අඟිල් පුවගු, සඳුන් ආදී රාශියකින් ද ආලේපිතව, රත්රන් පැහැති සමකින් යුතුව තරුවලින් පිරුණු ගුවන මෙන් බබළයි.

“නරනාරියො බහුකෙත්‍ථනෙකවණ‍්ණා, කුසුමවිභූසිතාභරණෙත්‍ථ සුමනා; අනිලපමුඤ‍්චිතා පවන‍්ති සුරභිං, තපනියවිතතා සුවණ‍්ණඡන‍්නා.

නර නාරියො බහුතෙත්‍ථ නෙක වණ්ණා කුසුම විභූසිතා හරණෙත්‍ථ සුමනා අකිලපමුඤ්චිතා පවන්ති සුරභිං තපනීය විත්ත සුවණ්ණච්ඡාදනා

විවිධ වර්ණයන්ගෙන් යුත් බොහෝ වූ දිව්‍ය ස්ත්‍රී පුරුෂයෝ වෙත් තවද මෙහි මලින් අලංකාර වූ ආභරණ පැළඳි සොඳුරු සිත් ඇති දෙව්ලියෝ ද පුරුෂයෝ ද වෙත්. වාතය නිසා නිදහස් වූ සුගන්ධය හමාගෙන යයි. ආලෝකය විහිදෙන්නා වූ රත්තරන් ශරීර ආවරණය කරගෙන ඇත.

“කිස‍්ස සංයමස‍්ස අයං විපාකො, කෙනාසි කම‍්මඵලෙනිධූපපන‍්නො; යථා ච තෙ අධිගතමිදං විමානං, තදනුපදං අවචාසි ඉග‍්ඝ පුට‍්ඨො”ති. –

තිස්ස සමදස්ස අයං විපාකො - කෙනාසි කම්මඵලෙනි ධූපපත්තො යථා ච ත අධිගත මිදං විමානං - තදනුපදං අච්චාසි ඉංඝඵුට්ඨො

මෙය කවරනම් දමනය වීමක ඵලයක්ද, කවරනම් කර්ම විපාකයකින් ඵලයකින් මෙහි උපනෝ වහුද, ඔබට මේ විමානය යම් අයුරකින් ලැබෙන්නේ ද එයද ප්‍රශ්න කරනු ලැබූ පිළිවෙළින් මට කියන්න.

තං දෙවපුත‍්තං පටිපුච‍්ඡි.

මෙසේ ඒ දේව පුත්‍රයාගෙන් විචාළේය.

තත්‍ථ තපතීති දිප‍්පති. නභෙති ආකාසෙ. ඵුස‍්සොති ඵුස‍්සතාරකා. අතුලන‍්ති අනුපමං, අප‍්පමාණං වා. ඉදං වුත‍්තං හොති – යථා ඉදං තව විමානං අනුපමං අප‍්පමාණං පභස‍්සරභාවෙන තතො එව මහප‍්පභාසං ආකාසෙ දිප‍්පති, න තථා තාරකරූපානි දිප‍්පන‍්ති, න චන්‍දො, තානි තාව තිට‍්ඨන‍්තු, නාපි සූරියො දිප‍්පති, එවංභූතො කො නු ත්‍වං දෙවලොකතො ඉමං භූමිපදෙසං උපගතො, තං පාකටං කත්‍වා ඉමස‍්ස මහාජනස‍්ස කථෙහීති.

එහි තපති බැබළේ. නභස්මිං - අහසේ, ඵුස්සො ඵුස්ස නම් තාරකාව. අතුලං උපමා රහිත අප්‍රමාණ යන අදහස හෝ විය හැක. මෙය කියන ලද්දේ වෙයි යන අදහස සඳහා. යථාඉදං යම්සේ මේ ඔබේ විමානය බබළන ස්වභාවයෙන් සමාන කළ හැක්කකින් තොරය. ප්‍රමාණ රහිතය. එහෙයින්ම මහප්පභාසං මහත් වූ ආලෝකය අහසෙහි බැබළේ. තාරකා එසේ නො බැබළේ. නචන්‍දො සඳ ද නො බබළයි. ඒවා එසේම පවතීවා. සුරියො සූර්යයා ද නො බබළන්නේ වේ. මෙසේ වූ කොනු ත්‍වං දෙව්ලොවින් මේ භූමි ප්‍රදේශයට පැමිණි ඔබ කවරෙක්ද, එය ප්‍රකට කොට කියන්න.

ඡින්‍දතීති විච‍්ඡින්‍දති, පවත‍්තිතුං අදෙන‍්තො පටිහනතීති අත්‍ථො. රංසීති රස‍්මියො. පභඞ‍්කරස‍්සාති සූරියස‍්ස. තස‍්ස ච විමානස‍්ස පභා සමන‍්තතො පඤ‍්චවීසති යොජනානි ඵරිත්‍වා තිට‍්ඨති. තෙනාහ “සාධිකවීසතියොජනානි ආභා”ති. රත‍්තිමපි යථා දිවං කරොතීති අත‍්තනො පභාය අන්‍ධකාරං විධමන‍්තං රත‍්තිභාගම‍්පි දිවසභාගං විය කරොති. පරිසමන‍්තතො අන‍්තො චෙව බහි ච සුද‍්ධතාය පරිසුද‍්ධං. සබ‍්බසො මලාභාවෙන විමලං. සුන්‍දරතාය සුභං.

ඡින්‍දති විනාශ කරයි. පැවතීමට ඉඩ නොදෙමින් විනාශ කරයි. රංසි රශ්මීහු, පභංකරස්ස සූර්යයාගේ, ඒ විමානයේ ආලෝකය හාත්පසින් විසි යොදුනක් පැතිර සිටියි. එහෙයින් සාධිකං වීසති යොජනානි ආභාති රත්තිම්පිච යථා දිවං කරොති තමාගේ ප්‍රභාවයෙන් අඳුර නසමින් රාත්‍රී කාලය ද දිවා කාලය ද දිවා කාලය වෙන් කරයි. හාත්පසින් ඇතුළෙහි ද පිටතද පිරිසිදු නිසා පරිසුද්ධං හැම අයුරකින්ම අපිරිසිදු බවක් නැති විමලං සොඳුරු බව නිසා සුභං යි කියන ලදී.

බහුපදුමවිචිත්‍රපුණ‍්ඩරීකන‍්ති බහුවිධරත‍්තකමලඤ‍්චෙව විචිත‍්තවණ‍්ණසෙතකමලඤ‍්ච. සෙතකමලං පදුමං, රත‍්තකමලං පුණ‍්ඩරීකන‍්ති වදන‍්ති. වොකිණ‍්ණං කුසුමෙහීති අඤ‍්ඤෙහි ච නානාවිධෙහි පුප‍්ඵෙහි සමොකිණ‍්ණං. නෙකචිත‍්තන‍්ති මාලාකම‍්මලතාකම‍්මාදිනානාවිධවිචිත‍්තං. අරජවිරජහෙමජාලඡන‍්නන‍්ති සයං අපගතරජං විරජෙන නිද‍්දොසෙන කඤ‍්චනජාලෙන ඡාදිතං.

බහු පදුම විචිත්ත පුණ්ඩරීකං බොහෝ වූ රතු නෙළුම් ද විසිතුරු වර්ණයෙන් සේ සැලකෙන සුදු නෙළුම් ද යන වර්ග දෙක සුදු නෙළුම් පදුම යයි ද රතු නෙළුම් පුණ්ඩරීක යයි ද කියත්. වොකිණ්ණං කුසුමෙහි අන්‍ය වූ ද විවිධ මල්වලින් ගැවසී ගත් නෙක චිත්තං මල්කම් ලියකම් ආදී නොයෙක් අයුරින් විසිතුරු වූ අරජ විරජ හෙමජාලච්ඡන්නං දුරු වූ රජස් ඇති තමා, රජස් නැත්තා වූ දෝෂ නැත්තා වූ, පිරිසිදු වූ රන්දැලින් වසන ලද.

රත‍්තම‍්බරපීතවාසසාහීති රත‍්තවත්‍ථාහි චෙව පීතවත්‍ථාහි ච. එකා හි රත‍්තං දිබ‍්බවත්‍ථං නිවාසෙත්‍වා පීතං උත‍්තරියං කරොති, අපරා පීතං නිවාසෙත්‍වා රත‍්තං උත‍්තරියං කරොති. තං සන්‍ධාය වුත‍්තං “රත‍්තම‍්බරපීතවාසසාහී”ති . අගරුපියඞ‍්ගුචන්‍දනුස‍්සදාහීති අගරුගන්‍ධෙන පියඞ‍්ගුමාලාහි චන්‍දනගන්‍ධෙහි ච උස‍්සදාහි, උස‍්සන‍්නදිබ‍්බාගරුගන්‍ධාදිකාහීති අත්‍ථො. කඤ‍්චනතනුසන‍්නිභත‍්තචාහීති කනකසදිසසුඛුමච‍්ඡවීහි. පරිපූරන‍්ති තහං තහං විචරන‍්තීහි සඞ‍්ගීතිපසුතාහි ච පරිපුණ‍්ණං.

රත්තම්බර පීත වාසසා රතු වස්ත්‍ර ද කහපාට වස්ත්‍ර ද, එක තැනැත්තියක් රතු දිව්‍ය වස්ත්‍රයක් හැඳගෙන, කහපාට වස්ත්‍රයක් උතුරු සළුව කරයි. ඒ සඳහා රත්තම්බර පීත වාසසාය යනු කියන ලදී. අගරු පියංගු චන්‍දනුස්සදාභී අඟිල් සුවඳින් පුවගු මලින් හා සඳුන් සුවඳින් පිරුණා වූ ඉතා අධික වූ දිව්‍යමය අගිල් සුවඳ ආදියෙන් යුක්ත යන අදහසයි. කඤ්චනතනු සන්නිභත්ත වාහී රන් හා සමාන වර්ණ ඇති සියුමැලි සමෙන් පුරිපූරන්ති ඒ ඒ තන්හි හැසිරෙන සංගීත බිහිකළවුන් විසින් ද සම්පූර්ණ කරන ලදී.

බහුකෙත්‍ථාති බහුකා එත්‍ථ. අනෙකවණ‍්ණාති නානාරූපා. කුසමවිභූසිතාභරණාති විසෙසතො සුරභිවායනත්‍ථං දිබ‍්බකුසුමෙහි අලඞ‍්කතදිබ‍්බාභරණා. එත්‍ථාති එතස‍්මිං විමානෙ. සුමනාති සුන්‍දරමනා පමුදිතචිත‍්තා. අනිලපමුඤ‍්චිතා පවන‍්ති සුරභින‍්ති අනිලෙන පමුඤ‍්චිතගන්‍ධානං පුප‍්ඵානං වායුනා විමුත‍්තපත‍්තපුටං විය විබන්‍ධතාය විකසිතතාය ච සුගන්‍ධං පවායන‍්ති. “අනිලපධූපිතා”තිපි පඨන‍්ති, වාතෙන මන්‍දං ආවුය‍්හමානා හෙමමයපුප‍්ඵාති අත්‍ථො. කනකචීරකාදීහි වෙණිආදීසු ඔතතතාය තපනියවිතතා. යෙභුය්‍යෙන කඤ‍්චනාභරණෙහි අච‍්ඡාදිතසරීරතාය සුවණ‍්ණඡන‍්නා. නරනාරියොති දෙවපුත‍්තා දෙවධීතරො ච බහුකා එත්‍ථ තව විමානෙති දස‍්සෙති.

බහුතෙත්‍ථ මෙහි බොහෝ දෙනෙක් අනෙක වණ්ණාති. විවිධ වර්ණවත් කුසුම විභූසිත භරණා විශේෂ වශයෙන් සුවඳ හැමීම සඳහා දිව කුසුමින් අලංකාර කරන ලද, දිව්‍යාභරණ, එත්‍ථ මේ විමානයෙහි, සුමනා සොඳුරු මනසක් ඇති, සතුටු සිතක් ඇති, අනිල පමුඤ්චිතා පවත්ති සුරභිං වාතයෙන් මිදුණු සුවඳ ඇති මල්වල වාතයෙන් මිදුණු කොළ ගොටුවක් මෙන් බැඳීමෙන් තොර බැවින් ද, පිපී ඇති බැවින් ද සුවඳ හමා යයි. ‘අනිලපධූපිතා’ යයි ද සමහරු කියත්. කණේරු ආදී මල්වලින් කෙහෙරැළි ඔතා සරසාගෙන යන අදහසින් තපනීය විතතා යනු යෙදේ. බෙහෙවින් ස්වර්ණාභරණවලින් වැසූ සිරුරු ඇති බැවින් සුවණ්ණච්ඡදනා යි යෙදේ. නර නාරියො දිව්‍ය පුත්‍රයෝ සහ දිව්‍ය දුහිතෲ වූ, බහුතා එත්‍ථ බොහෝ දෙනෙක් මෙහි එති. ඔබගේ විමානයෙහි යයි දක්වයි.

ඉඞ‍්ඝාති චොදනත්‍ථෙ නිපාතො පුට‍්ඨොති පුච‍්ඡිතො ඉමස‍්ස මහාජනස‍්ස කම‍්මඵලපච‍්චක‍්ඛභාවායාති අධිප‍්පායො.

ඉංඝ චෝදනා කිරීම් අර්ථයෙහි නිපාතයි. පුට්ඨො ප්‍රශ්න කරනු ලැබූයේ, මේ මහජනතාව කර්මඵල ප්‍රත්‍යක්‍ෂ වීම පිණිස.

තතො දෙවපුත‍්තො ඉමාහි ගාථාහි බ්‍යාකාසි –

ඉක්බිති දේවපුත්‍රයා ගාථාවන්ගෙන් පිළිතුරු ප්‍රකාශ කළහ.

“සයමිධ පථෙ සමෙච‍්ච මාණවෙන, සත්‍ථානුසාසි අනුකම‍්පමානො; තව රතනවරස‍්ස ධම‍්මං සුත්‍වා, කරිස‍්සාමීති ච බ්‍රවිත්‍ථ ඡත‍්තො.

1. මේ මහා මාර්ගයේ පැමිණ අනුකම්පා සහිත වූ ශාස්තෲන් වහන්සේ ඡත්ත මාණවයාට යම් අනුශාසනාවක් කළහ. සර්වඥයන් වහන්සේගේ ඒ අනුශාසනය අසා ඡත්ත මාණවක තෙමේ ඒ අනුව ක්‍රියා කරන්නෙමියි.

“ජිනවරපවරං උපෙහි සරණං, ධම‍්මඤ‍්චාපි තථෙව භික‍්ඛුසඞ‍්ඝං; නොති පඨමං අවොචහං භන‍්තෙ, පච‍්ඡා තෙ වචනං තථෙවකාසිං.

2. බුදුන් වහන්සේ ද ධර්මය ද සංඝයා ද සරණ යමි. ස්වාමීනි, මම පළමුව තිසරණ හා සිල් නො දනිමියි කීමි. එහෙත් පසුව ඔබ වචනය එසේ ඉටු කළෙමි. හෙවත් තිසරණ පන්සිල් ගතිමි.

“මා ච පාණවධං විවිධං චරස‍්සු අසුචිං, න හි පාණෙසු අසඤ‍්ඤතං අවණ‍්ණයිංසු සප‍්පඤ‍්ඤා; නොති පඨමං අවොචහං භන‍්තෙ, පච‍්ඡා තෙ වචනං තථෙවකාසිං.

3. විවිධ වූ කෙලෙස්වලින් අපිරිසිදු වූ ප්‍රාණඝාතයෙන් වළකින්න යයි ප්‍රඥාවන්ත ලෙස ඔබවහන්සේ වර්ණනා කළහ. ස්වාමීනි, මම පළමුව නොදනිමියි කීවෙමි. පසුව ඔබවහන්සේගේ වචනය එසේම ඉටු කළෙමි.

“මා ච පරජනස‍්ස රක‍්ඛිතම‍්පි, ආදාතබ‍්බමමඤ‍්ඤිථො අදින‍්නං; නොති පඨමං අවොචහං භන‍්තෙ, පච‍්ඡා තෙ වචනං තථෙවකාසිං.

4. අනුන් විසින් රැකබලා ගන්නා ලද අනුන්ගේ වස්තු නොගත යුතුයයි දැන ගතිමි. ස්වාමීනි, මම පළමුව නො දනිමියි කීමි. පසුව ඔබවහන්සේගේ වචනය ඉටු කළෙමි.

“මා ච පරජනස‍්ස රක‍්ඛිතායො, පරභරියා අගමා අනරියමෙතං; නොති පඨමං අවොචහං භන‍්තෙ, පච‍්ඡා තෙ වචනං තථෙවකාසිං.

5. අනුන් විසින් රක්නා ලද පර ස්ත්‍රීන් වෙත යාම අන්තරා යයි ඔබවහන්සේගෙන් දැනගෙන ඉන් වැළකුනෙමි. පළමුව මම නොදනිමියි කීවෙමි. පසුව ඔබවහන්සේගේ වචනය ඉටු කළෙමි.

“මා ච විතථං අඤ‍්ඤථා අභාණි, න හි මුසාවාදං අවණ‍්ණයිංසු සප‍්පඤ‍්ඤා; නොති පඨමං අවොචහං භන‍්තෙ, පච‍්ඡා තෙ වචනං තථෙවකාසිං.

6. කියූ දේ වෙනකොට නො කියන්නයි කීය. මුසාවාද නො කියන්නැයි නුවණින් කීහ. ස්වාමීනි, මම පළමුව සරණ සිල් නොදනිමියි කීමි. පසුව ඔබවහන්සේගේ වචන සේ එය ඉටුකළෙමි.

“යෙන ච පුරිසස‍්ස අපෙති සඤ‍්ඤා, තං මජ‍්ජං පරිවජ‍්ජයස‍්සු සබ‍්බං; නොති පඨමං අවොචහං භන‍්තෙ, පච‍්ඡා තෙ වචනං තථෙවකාසිං.

7. කිසියම් පුද්ගලයකුගේ සංඥාව සිහිය කල්පනාව පහවේද ඒ සියලු මද්‍ය පානය අත්හරින්නැයි නුවණින් කීහ. ස්වාමීනි, මම පළමුව මත්පැනෙහි දොස් නො දනිමියි කීවෙමි. පසුව ඔබවහන්සේගේ වචනය අනුව එය සමාදන්ව ඉටු කළෙමි.

“ස‍්වාහං ඉධ පඤ‍්ච සික‍්ඛා කරිත්‍වා, පටිපජ‍්ජිත්‍වා තථාගතස‍්ස ධම‍්මෙ; ද‍්වෙපථමගමාසිං චොරමජ‍්ඣෙ, තෙ මං තත්‍ථ වධිංසු භොගහෙතු.

8. ඒ මම මේ මාර්ගයෙහි පන්සිල් සමාදන් වී තථාගත ධර්මය පිළිපැද යම් දෙයකට මා පිටත්විනිද, එය ඉටුකිරීම සඳහා සොරුන් මැදදීම ගියෙමි. ඔව්හු ධනය හේතුවෙන් වනයේදී මා මරා දැමීය.

“එත‍්තකමිදං අනුස‍්සරාමි කුසලං, තතො පරං න මෙ විජ‍්ජති අඤ‍්ඤං; තෙන සුචරිතෙන කම‍්මුනාහං, උප‍්පන‍්නො තිදිවෙසු කාමකාමී.

9. මේ කුසලය පමණක් සිහිපත් කරමි. ඉන් වැඩි කුසලයක් මා හට නැත්තේය. එම යහපත් පුණ්‍යකර්මයෙන් මම කැමති තම ගුණයන් ද ඇතිව දෙව්ලොව උපන්නෙමි.

“පස‍්ස ඛණමුහුත‍්තසඤ‍්ඤමස‍්ස, අනුධම‍්මප‍්පටිපත‍්තියා විපාකං; ජලමිව යසසා සමෙක‍්ඛමානා, බහුකාමං පිහයන‍්ති හීනකම‍්මා.

10. ක්‍ෂණයක් මොහොතක් රකින ලද සීලය ප්‍රතිපත්ති රැකීමෙහි විපාක බලනු මැනවි. යසසින් බබළන මා දෙස බලන්න. මා දෙස බලන්නා වූ අඩු පුණ්‍යකර්ම ඇති බොහෝ දෙනා මගේ තත්ත්වයට පැමිණීමට ප්‍රිය කරති.

“පස‍්ස කතිපයාය දෙසනාය, සුගතිඤ‍්චම‍්හි ගතො සුඛඤ‍්ච පත‍්තො; යෙ ච තෙ සතතං සුණන‍්ති ධම‍්මං, මඤ‍්ඤෙ තෙ අමතං ඵුසන‍්ති ඛෙමං.

11. බලන්න දේශනාවන් කීපයකින් පමණක් සුගතියට ගියෙමි. සුවයට පැමිණියෙමි. යමෙකු ඔබවහන්සේගේ ධර්මය නිතර ශ්‍රවණය කරත්නම් ඔවුන් ආරක්ෂා සහිතව නිවනට පැමිණෙන්නාහු යයි සිතමි.

“අප‍්පම‍්පි කතං මහාවිපාකං, විපුලං හොති තථාගතස‍්ස ධම‍්මෙ; පස‍්ස කතපුඤ‍්ඤතාය ඡත‍්තො, ඔභාසෙති පථවිං යථාපි සූරියො.

12. තථාගත ධර්මයෙහි අවවාදයෙහි පිහිටා කරන ලද සුලු වූ පුණ්‍යකර්මය පවා මහත් විපාක සහිත උදාර ඵල ලබා දෙන්නේය.

“කිමිදං කුසලං කිමාචරෙම, ඉච‍්චෙකෙ හි සමෙච‍්ච මන‍්තයන‍්ති; තෙ මයං පුනරෙව ලද‍්ධ මානුසත‍්තං, පටිපන‍්නා විහරෙමු සීලවන‍්තො.

13. මේ කුසලය නම් කුමක්ද, කෙසේ නම් හැසිරෙමුද, මෙසේ ඇතැමෙක් එකතු වී සාකච්ඡා කරති. නැවත ද ලබන ලද මිනිස් බවට පිළිපන්නා වූ ඒ අපි සීලවන්තව වාසය කරමු

“බහුකාරො අනුකම‍්පකො ච සත්‍ථා, ඉති මෙ සති අගමා දිවා දිවස‍්ස; ස‍්වාහං උපගතොම‍්හි සච‍්චනාමං, අනුකම‍්පස‍්සු පුනපි සුණෙම‍්හ ධම‍්මං.

14. බොහෝ උපකාර සහිත වූ කාරුණික වූ ශාස්තෲන් වහන්සේ මෙසේ මගේ සිහිය ඇතිකල්හිම දවසේ දහවල් කාලයේ ඒ ඡත්ත මාණවක නම් වූ මම සත්‍ය වූ නාමයට හෙවත් බුදුන් වහන්සේගේ නාමයට එළඹුනෙමි. අනුකම්පා කරනු මැනවි. නැවත නැවත ද ඔබවහන්සේගේ ධර්මය අසන්නෙමි.

“යෙ චිධ පජහන‍්ති කාමරාගං, භවරාගානුසයඤ‍්ච පහාය මොහං; න ච තෙ පුන මුපෙන‍්ති ගබ‍්භසෙය්‍යං, පරිනිබ‍්බානගතා හි සීතිභූතා”ති.

15. යමෙක් මේ සංසාර ගමනෙහි දී භවයෙහි ආශාව හා මෝහය ද ඉවත්කොට කාම රාගය දුරු කරත් ද ඔව්හු නැවත ඉපදීමකට නො පැමිණෙත්. කුමක් හෙයින් ද යත් සන්සිඳීමට පත් වූ බැවිනි.

තත්‍ථ සයමිධ පථෙ සමෙච‍්ච මාණවෙනාති ඉධ ඉමස‍්මිං පථෙ මහාමග‍්ගෙ සයමෙව උපගතෙන මාණවෙන බ්‍රාහ‍්මණකුමාරෙන සමෙච‍්ච සමාගන‍්ත්‍වා. දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථෙහි සත‍්තානං යථාරහමනුසාසනතො සත්‍ථා භගවා, ත්‍වං යං මාණවං යථාධම‍්මං අනුසාසි අනුකම‍්පමානො අනුග‍්ගණ‍්හන‍්තො, තව රතනවරස‍්ස අග‍්ගරතනස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස, තං ධම‍්මං සුත්‍වා ඉති එවං කරිස‍්සාමි යථානුසිට‍්ඨං පටිපජ‍්ජිස‍්සාමීති, සො ඡත‍්තො ඡත‍්තනාමකො මාණවො බ්‍රවිත්‍ථ කථෙසීති පදයොජනා.

විස්තර - යමිධ පථෙ සමෙච්ච මාණවෙතා ඉධ යනු මෙහි යන අදහසයි. පථෙ යනු මහා මාර්ගයෙහිය. තමාම හුදෙකලාව පැමිණ බ්‍රාහ්මණ කුමාරයා විසින් සමෙච්ච පැමිණ මෙලොව වශයෙන් ද පරලොව වශයෙන් ද, පරමාර්ථ ධර්මයන්ගෙන් සත්ත්වයන් හට සුදුසු සේ අනුශාසනා කරන බැවින් සත්‍ථා නම් වෙති. භාග්‍යවතුන් වහන්සේ ඔබවහන්සේ යං යම් මාණවකයකුට ධර්මානුකූලව අනුසාසි අනුකම්පමානො අනුග්‍රහ කරමින් නව රතනවරස්ස අග්‍ර රත්නය වූ සම්මා සම්බුදුන් වහන්සේගේ ධම්මං සුත්‍වා ඉති ධර්මය අසා මෙසේ කරිස්සාමි අනුශාසනා කළ පරිදි පිළිපදින්නෙමියි එම ඡත්තො ඡත්ත මාණවකයා බ්‍රවිත්‍ථ කීවේය යනුවෙන් පද යෙදීම වේ.

එවං යථාපුච‍්ඡිතං කම‍්මං කාරණතො දස‍්සෙත්‍වා ඉදානි තං සරූපතො විභාගතො ච දස‍්සෙන‍්තො සත්‍ථාරා සමාදපිතභාවං අත‍්තනා ච තත්‍ථ පච‍්ඡා පතිට‍්ඨිතභාවං දස‍්සෙතුං “ජිනවරපවර”න‍්තිආදිමාහ. තත්‍ථ නොති පඨමං අවොචහං භන‍්තෙති භන‍්තෙ භගවා “සරණගමනං ජානාසී”ති තයා වුත‍්තො “නො”ති න “ජානාමී”ති පඨමං අවොචං අහං. පච‍්ඡා තෙ වචනං තථෙවකාසින‍්ති පච‍්ඡා තයා වුත‍්තං කථං පරිවත‍්තෙන‍්තො තව වචනං තථෙව අකාසිං පටිපජ‍්ජිං, තීණිපි සරණානි උපගච‍්ඡින‍්ති අත්‍ථො.

මෙසේ ප්‍රශ්න කරන ලද පරිදි කර්මය කරුණු වශයෙන් දක්වා දැන් එය යථා තත්ත්වය වශයෙන් ද විස්තර වශයෙන් ද දක්වනුයේ තථාගතයන් වහන්සේ විසින් සමාදන් කරවන ලදී. පසුව තමා එහි පිහිටි බවද දක්වනු පිණිස ජිනවර පවරං යනාදිය කීහ. නොති පඨමං අවොචාහං භන්තෙ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සරණාගමනය දන්නෙහිදැයි ඔබවහන්සේ විසින් මගෙන් අසන ලදී. නො නොදනිමියි මම පළමුව කීවෙමි. පච්ඡා තෙ වචනං තථෙව කාසිං පසුව ඔබවහන්සේ විසින් කියන ලද ගාථාව අවබෝධ වුණු ප්‍රමාණයට තේරුම් කරගනිමින් ඔබවහන්සේගේ වචනය එසේම පිළිපැද්දෙමි. තුන් සරණයට පැමිණියෙමි යන අර්ථයි.

විවිධන‍්ති උච‍්චාවචං, අප‍්පසාවජ‍්ජං මහාසාවජ‍්ජඤ‍්චාති අත්‍ථො. මා චරස‍්සූති මා අකාසි. අසුචින‍්ති කිලෙසාසුචිමිස‍්සතාය න සුචිං. පාණෙසු අසඤ‍්ඤතන‍්ති පාණඝාතතො අවිරතං. න හි අවණ‍්ණයිංසූති න හි වණ‍්ණයන‍්ති. පච‍්චූප‍්පන‍්නකාලත්‍ථෙ හි ඉදං අතීතකාලවචනං. අථ වා “අවණ‍්ණයිංසූ”ති එකදෙසෙන සකලස‍්ස කාලස‍්ස උපලක‍්ඛණං, තස‍්මා යථා න වණ‍්ණයිංසු අතීතමද‍්ධානං, එවං එතරහිපි න වණ‍්ණයන‍්ති, අනාගතෙපි න වණ‍්ණයිස‍්සන‍්තීති වුත‍්තං හොති.

විවිධං උසස් පහත් ලොකු කුඩා අල්ප සාවද්‍ය මහා සාවද්‍ය සුළු වැරදි මහ වැරදි යන අදහසයි. මා චරස්සු සිදු නොකරනු. අසුචිං කෙලෙස් මල මිශ්‍ර වූ නිසා පිරිසිදු නොවන. පාණෙසු අසඤ්ඤතං ප්‍රාණඝාතයෙන් ඉවත් නොවූ, නහි අවණ්ණයුං වර්ණනා නොකරත්. මේ අතීතකාල වචනය වර්තමාන කාලාර්ථයෙහි වේ. අවණ්ණයිංසු එක කොටසකින් සම්පූර්ණ කාලයේම වෙනස සලකා බැලීමයි. එහෙයින් යම්සේ අතීත කාලය පිළිබඳව වර්ණනා නො කළාහුද, එසේම දැනුදු වර්ණනා නො කරත්යයි කියන ලද්දේ වේ.

පරජනස‍්ස රක‍්ඛිතන‍්ති පරපරිග‍්ගහිතවත්‍ථු. තෙනාහ “අදින‍්න”න‍්ති. මා අගමාති මා අජ‍්ඣාචරි. විතථන‍්ති අතථං, මුසාති අත්‍ථො. අඤ‍්ඤථාති අඤ‍්ඤථාව, විතථසඤ‍්ඤී එවං විතථන‍්ති ජානන‍්තො එවං මා භණීති අත්‍ථො.

පර ජනස්ස රක්‍ඛිතං අනුන් හට අයිති වස්තුව එහෙයින්ම අදින්නං යයි කීහ. මා අගමා ඉක්මවා නොයන්න. විතථං අතථය මුසාව යන අර්ථයි. අඤ්ඤථා අන් ආකාරයකින්ම පැවතීම. අසත්‍යය යන සංඥාව, ඇති බව මෙසේ අසත්‍යයයි දන්නා තැනැත්තාම මාභාණි නො කියන්නැයි කියන අර්ථයයි.

යෙනාති යෙන මජ‍්ජෙන, පීතෙනාති අධිප‍්පායො. අපෙතීති විගච‍්ඡති. සඤ‍්ඤාති ධම‍්මසඤ‍්ඤා, ලොකසඤ‍්ඤා එව වා. සබ‍්බන‍්ති අනවසෙසං, බීජතො පට‍්ඨායාති අත්‍ථො.

[missing trans]

ස‍්වාහන‍්ති සො තදා ඡත‍්තමාණවභූතො අහං. ඉධ ඉමස‍්මිං මග‍්ගපදෙසෙ, ඉමස‍්මිං වා තව සාසනෙ. තෙනාහ “තථාගතස‍්ස ධම‍්මෙ”ති. පඤ‍්ච සික‍්ඛාති පඤ‍්ච සීලානි. කරිත්‍වාති ආදියිත්‍වා, අධිට‍්ඨායාති අත්‍ථො. ද‍්වෙපථන‍්ති ද‍්වින‍්නං ගාමසීමානං වෙමජ‍්ඣභූතං පථං, සීමන‍්තරිකපථන‍්ති අත්‍ථො. තෙති තෙ චොරා. තත්‍ථාති සීමන‍්තරිකමග‍්ගෙ. භොගහෙතූති ආමිසකිඤ‍්චික‍්ඛනිමිත‍්තං.

ස්වාහං එකල්හි ඡත්ත මානවක වූ ඒ මම ඉධ ඒ මාර්ගයෙන් ‘ඉධ’ යන්නෙහි ඔබවහන්සේගේ මෙම සසුනෙහි යන අර්ථය ද ඇත්තේය. එහෙයින් තථාගතස්ස ධම්මෙ තථාගතයන් වහන්සේගේ ධර්මයෙහි යයි කීය. පඤ්චසික්‍ඛා පන්සිල්. කරිත්‍වා අවබෝධ කරගෙන, දැනගෙන, රැගෙන - අධිෂ්ඨාන කොටගෙන යන අර්ථයි. ද්වෙපථං ග්‍රාම සීමාවන් දෙකට මධ්‍යයෙහි වූ ප්‍රදේශයේ සීමාවන් අතර මහමග, තෙ ඒ සොරු. භොගහෙතු සුළු ආමිෂයක් නිමිති කොට,

තතොති යථාවුත‍්තකුසලතො පරං උපරි අඤ‍්ඤං කුසලං න විජ‍්ජති න උපලබ‍්භති, යමහං අනුස‍්සරෙය්‍යන‍්ති අත්‍ථො. කාමකාමීති යථිච‍්ඡිතකාමගුණසමඞ‍්ගී.

කතො පෙර කියන ලද කුසලයෙන් පරං මත්තෙහි අඤ්ඤං කුසලං නවිජ්ජති මම යමක් සිහිකරන්නෙම්ද, එය නොලැබේ යන අර්ථයයි. කාමකාමී කැමතිවන කාම ගුණයන්ගෙන් යුක්ත වූ.

ඛණමුහුත‍්තසඤ‍්ඤමස‍්සාති ඛණමුහුත‍්තමත‍්තං පවත‍්තසීලස‍්ස. අනුධම‍්මප‍්පටිපත‍්තියාති යථාධිගතස‍්ස ඵලස‍්ස අනුරූපධම‍්මං පටිපජ‍්ජමානස‍්ස භගවා පස‍්ස, තුය‍්හං ඔවාදධම‍්මස‍්ස වා අනුරූපාය ධම‍්මපටිපත‍්තියා වුත‍්තනියාමෙනෙව සරණගමනස‍්ස සීලසමාදානස‍්ස චාති අත්‍ථො. ජලමිව යසසාති ඉද‍්ධියා පරිවාරසම‍්පත‍්තියා ච ජලන‍්තං විය. සමෙක‍්ඛමානාති පස‍්සන‍්තා. බහුකාති බහවො. පිහයන‍්තීති “කථං නු ඛො මයං එදිසා භවෙය්‍යාමා”ති පත්‍ථෙන‍්ති. හීනකම‍්මාති මම සම‍්පත‍්තිතො නිහීනභොගා.

බණ මුහුත්ත සඤ්ඤමස්සා ක්‍ෂණයක් මොහොතක් පැවතුනා වූ සීලයේ අනුධම්මපටිපත්තියා යම්සේ පැමිණි ඵලයට අනුරූපී වූ, දහම් පිළිවෙතින් කියන ලද ආකාරයෙන්ම සරණාගමනය ද සීල සමාදානයද යන අර්ථයි. ජලමිව යසසා සෘද්ධියෙන් ද පරිවාර සම්පත්තියෙන් ද බබළන්නාක් මෙන් සමෙක්‍ඛමානා බලන්නාහු, බහුකා බොහෝ වූ. පිහයන්ති කෙසේ නම් අපිදු මෙසේ වන්නෙමු යයි ප්‍රාර්ථනා කරත්. හීන කාමා පහත් පෙළේ භෝගයන් සහිත වූ මගේ සම්පත්තියෙන්,

කතිපයායාති අප‍්පිකාය. යෙති යෙ භික‍්ඛූ චෙව උපාසකාදයො ච. ච-සද‍්දො බ්‍යතිරෙකෙ. තෙති තව. සතතන‍්ති දිවසෙ දිවසෙ.

කතිපයා අල්ප වූ, යෙති යම්කිසි භික්ෂූහු ද, උපාසක ආදීහුද, ච ශබ්දය අමතර කරුණක් සඳහාය. තෙ ඔබවහන්සේගේ සතතං දිනපතා.

විපුලන‍්ති උළාරඵලං විපුලානුභාවං. තථාගතස‍්ස ධම‍්මෙති තථාගතස‍්ස සාසනෙ ඔවාදෙ ඨත්‍වා කතන‍්ති යොජනා. එවං අනුද‍්දෙසිකවසෙන වුත‍්තමෙවත්‍ථං අත‍්තුද‍්දෙසිකවසෙන දස‍්සෙන‍්තො “පස‍්සා”තිආදිමාහ. තත්‍ථ පස‍්සාති භගවන‍්තං වදති, අත‍්තානමෙව වා අඤ‍්ඤං විය ච කත්‍වා වදති.

විපුලං ඵලං උසස් වූ ප්‍රතිඵල විපුල වූ ආනුභාවය, තථාගතස්ස ධම්මෙ තථාගතයන් වහන්සේගේ සසුනෙහි, අවවාදයෙහි පිහිටා, කතං කරන ලද්දේය යන අදහසයි. මෙසේ අනුද්දේසික වශයෙන් කියන ලද අර්ථයට අනුසික වශයෙන් දක්වමින් පස්ස බලන්න යනාදිය කීහ. පස්ස යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ ගැන කියයි. තමාම හෝ අන් අයකු මෙන් හෝ සලකා එසේ කියයි.

කිමිදං කුසලං කිමාචරෙමාති කුසලං නාමෙතං කිංසභාවං කීදිසං, කථං වා තං ආචරෙය්‍යාම. ඉච‍්චෙකෙ හි සමෙච‍්ච මන‍්තයන‍්තීති එවමෙකෙ සමෙච‍්ච සමාගන‍්ත්‍වා පථවිං පරිවත‍්තෙන‍්තා විය සිනෙරුං උක‍්ඛිපන‍්තා විය ච සුදුක‍්කරං කත්‍වා මන‍්තයන‍්ති විචාරෙන‍්ති, මයං පන අකිච‍්ඡෙනෙව පුනපි කුසලං ආචරෙය්‍යාමාති අධිප‍්පායො. තෙනෙවාහ “මය”න‍්තිආදි.

කිමිදං කුසලං කිමාචරෙමා මේ කුසල වනාහි කුමන ස්වභාවයක් ඇත්තේද කෙබඳු වේද එය කෙසේනම් සිදු කරන්නෙමුද, ඉච්චෙතෙහි සමෙච්ච මන්තයන්ති මෙසේ ඇතැම් අය එකතු වී එක්ව පැමිණ පොළව පෙරලන්නාක් මෙන් ද, මහාමේරු පර්වතය උගුලුවන්නාක් මෙන් ද අති දුෂ්කර වූ බව සලකා විමසා බලත්. සාකච්ඡා කරත්. අපි වනාහි අපහසුතාවයකින් තොරව නැවත ද කුසල්හි හැසිරෙමු යන අදහසයි. මේ නිසා මයං ආදිය කීය.

බහුකාරොති බහූපකාරො, මහාඋපකාරො වා. අනුකම‍්පකොති කාරුණිකො. ම-කාරො පදසන්‍ධිකරො. ඉතීති එවං, භගවතො අත‍්තනි පටිපන‍්නාකාරං සන්‍ධාය වදති. මෙ සතීති මයි සති විජ‍්ජමානෙ, චොරෙහි අවධිතෙ එවාති අත්‍ථො. දිවා දිවස‍්සාති දිවසස‍්සපි දිවා, කාලස‍්සෙවාති අත්‍ථො. ස‍්වාහන‍්ති සො ඡත‍්තමාණවභූතො අහං. සච‍්චනාමන‍්ති “භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො”තිආදිනාමෙහි අවිතථනාමං භූතත්‍ථනාමං. අනුකම‍්පස‍්සූති අනුග‍්ගණ‍්හාහි. පුනපීති භිය්‍යොපි සුණෙමු, තව ධම‍්මං සුණෙය්‍යාමයෙවාති අත්‍ථො.

බහුකාරො බොහෝ සේ උපකාරී වූ හෝ මහත් සේ උපකාරී වූ අනුකම්පකො කරුණාවන්ත වූ, ඉති මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පිළිගත් ආකාරය සඳහා කියයි. වෙසති මගේ සිහිය පවත්නා කල්හිම සොරුන් විසින් නසනු ලැබූ කල්හිම යන අර්ථයි. දිවා දිවස්ස දවසේ දවල් කාලයේ යන අර්ථයි. ස්වාහං ඡත්තමාන වූ ඒ මම සච්චනාමං භගවා ය, අරහං ය, සම්මා සම්බුද්ධය යන ආදී නම්වලින් යුත් සත්‍ය වූ නාමයි. සිද්ධීන්හි අර්ථයන් අනුව ඇති වූ නාමය. අනුකම්පස්සු අනුග්‍රහ කරන්න. පුනපි බොහෝසෙයින් සුණෙමු තව ධම්මං ඔබගේ ධර්මය අසන්නෙමු.

එවං දෙවපුත‍්තො සබ‍්බමෙතං කතඤ‍්ඤුතාභාවෙ ඨත්‍වා සත්‍ථු පයිරුපාසනෙ ච ධම‍්මස‍්සවනෙ ච අතිත‍්තිමෙව දීපෙන‍්තො වදති. භගවා දෙවපුත‍්තස‍්ස ච තත්‍ථ සන‍්නිපතිතපරිසාය ච අජ‍්ඣාසයං ඔලොකෙත්‍වා අනුපුබ‍්බිකථං කථෙසි. අථ නෙසං අල‍්ලචිත‍්තතං ඤත්‍වා සාමුක‍්කංසිකං ධම‍්මදෙසනං පකාසෙසි. දෙසනාපරියොසානෙ දෙවපුත‍්තො චෙව මාතාපිතරො චස‍්ස සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු, මහතො ච ජනකායස‍්ස ධම‍්මාභිසමයො අහොසි.

යම්සේ දිව්‍යපුත්‍ර තෙමේ මේ සියල්ල කෘතඥතා ස්වභාවයෙහි සිට ශාස්තෲන් හා ඇසුරු කිරීමෙහි ද, ධර්ම ශ්‍රවණයෙහි ද, ඇතැයි යන ස්වභාවයක් නැති බව දක්වමින් කියයි. භාග්‍යවතුන් වහන්සේ දිව්‍යපුත්‍රයාගේ ද, එහි රැස්වූ පිරිසගේ ද අදහස බලා අනුපිළිවෙළ කථාව දෙසූහ. දේශනාවන්ගේ අවසානයෙහි දිව්‍යපුත්‍ර තෙමේ ද ඔහුගේ මව්පියෝ ද සෝවාන් ඵලයෙහි පිහිටියාහුයි මහත් වූ ජනකායට ද ධර්මාවබෝධය විය.

පඨමඵලෙ පතිට‍්ඨිතො දෙවපුත‍්තො උපරිමග‍්ගෙසු අත‍්තනො ගරුචිත‍්තීකාරං, තදධිගමස‍්ස ච මහානිසංසතං විභාවෙන‍්තො “යෙ චිධ පජහන‍්ති කාමරාග”න‍්ති පරියොසානගාථමාහ.

ප්‍රථම ඵලයෙහි පිහිටි දිව්‍යපුත්‍ර තෙමේ උසස් මාර්ගයන්හි සිත තමාගේ ගෞරව දැක්වීම ද එම උසස් මාර්ගය වෙත පැමිණීමේ මහත් ආනිසංස ද පැහැදිලි කරයි. ‘යෙධ පජහන්ති කාමරාගං’ යන අවසාන ගාථාව කීහ.

තස‍්සත්‍ථො – යෙ ඉධ ඉමස‍්මිං සාසනෙ ඨිතා පජහන‍්ති අනවසෙසතො සමුච‍්ඡින්‍දන‍්ති කාමරාගං, න ච තෙ පුන උපෙන‍්ති ගබ‍්භසෙය්‍යං ඔරම‍්භාගියානං සංයොජනානං සමුච‍්ඡින‍්නත‍්තා. යෙ ච පන පහාය මොහං සබ‍්බසො සමුග‍්ඝාතෙත්‍වා භවරාගානුසයඤ‍්ච පජහන‍්ති, තෙ පුන උපෙන‍්ති ගබ‍්භසෙය්‍යන‍්ති වත‍්තබ‍්බමෙව නත්‍ථි. කස‍්මා? පරිනිබ‍්බානගතා හි සීතිභූතා, තෙ හි උත‍්තමපුරිසා අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බානං ගතා එවං ඉධෙව සබ‍්බවෙදයිතානං සබ‍්බපරිළාහානං බ්‍යන‍්තිභාවෙන සීතිභූතා.

යෙ ඉධ මෙ සසුනෙහි සිටියාහු පජහන්ති ඉතිරි නොකරම විනාශ කරයි. කාමරාගං කාමරාගය, නච තෙ පුන උපෙන්ති ගබ්භසෙය්‍යං ඕරම්භාගිය සංයෝජනයන් මුළුමනින්ම සිදී ගිය බැවින් යමෙක් වනාහී පහාය මොහං සර්වප්‍රකාරයෙන්ම මෝහය උදුරා දමා භවරාගානුසයඤ්ච භවයෙහි ඇලීම නම් වූ ක්ලේශය ඉවත් කරති. දුරු කරති. ඔවුන් නැවත උපදින්නාහු යයි කිවයුතු වන්නේ නොවේ. කුමක් නිසාද යත් පරිනිබ්බාණ ගතාහි සීතිභූතා ඒ උතුම් පුද්ගලයෝ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීමට ගියාහුය. මෙසේ මෙහිම සියලු වින්දනයන්ගේ ද, සියලු දැන්වීම්වල ද නැතිවී යාමෙන් සංසිඳීමෙන්, සිදුවිය.

ඉති දෙවපුත‍්තො අත‍්තනො අරියසොතසමාපන‍්නභාවං පවෙදෙන‍්තො අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා දෙසනාය කූටං ගහෙත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස අපචිතිං දස‍්සෙත්‍වා මාතාපිතරො ආපුච‍්ඡිත්‍වා දෙවලොකමෙව ගතො, සත්‍ථාපි උට‍්ඨායාසනා ගතො සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. මාණවස‍්ස පන මාතාපිතරො බ්‍රාහ‍්මණො පොක‍්ඛරසාති සබ‍්බො ච මහාජනො භගවන‍්තං අනුගන‍්ත්‍වා නිවත‍්ති. භගවා ජෙතවනං ගන‍්ත්‍වා සන‍්නිපතිතාය පරිසාය ඉමං විමානං විත්‍ථාරතො කථෙසි. සා දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා අහොසීති.

මෙසේ දිව්‍යපුත්‍ර තෙමේ තමාගේ ආර්ය ප්‍රවාහයට පැමිණි බව දන්වමින් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් දේශනාව කුළුගන්වා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට භික්‍ෂු සංඝයාට ගෞරව දක්වා, මව්පියන් විචාරා දෙව්ලොවටම ගියේය. ශාස්තෲන් වහන්සේ ද හුනස්නෙන් නැගිට භික්‍ෂු සංඝයා සමග වැඩි සේක. මාණවකයාගේ මව්පියෝ ද පොක්‍ඛරසාති බ්‍රාහ්මණයා ද, සියලු මහජනතාව ද භාග්‍යවතුන් වහන්සේ අනුව ගොස් නැවතුනහ. භාග්‍යවතුන් වහන්සේ ජේතවනයට ගොස් රැස් වූ පිරිසට මෙම විමාන වර්ණනාව විස්තර වශයෙන් වදාළහ. ඒ දේශනාව මහජනයාට සාර්ථක විය.

ඡත‍්තමාණවකවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

ඡත්ත මාණවක විමාන වර්ණනාව නිමියේ ය.