ඡත්තමාණවකවිමානං
5. 3.
5. 3.
887. යො වදතං පවරො මනුජෙසු සක්‍යමුනී භගවා කතකිච්චො පාරගතො බලවිරියසමඞ්ගී තං සුගතං සරණත්ථමුපෙහි.
887. මිනිසුන් අතරැ වාදීන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ ශාක්යමුනීන්ද්ර වූ භාග්‍යවත් වූ කළ කිස ඇති නිවනට පැමිණි කායබල ඤාණ බලයෙන් හා ප්‍රධන් වීර්‍ය්‍යයෙන් යුක්ත වූ යමෙක් වේ ද, ඒ සුගතයන් වහන්සේ වෙත පිහිට පිණිස එළඹෙව.
888. රාගවිරාගමනෙජමසොකං ධම්මමසඞ්ඛතමප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්ථමුපෙහි
888. රාගය දුරුකරන්නා වූ තෘෂ්ණා රහිත වූ ශෝක රහිත වූ අප්‍රතිකූල වූ මේ මාර්ගඵල නිර්වාණධර්මය ද (සියලු කල්හි) මිහිරිවූ ප්‍රගුණ වූ මැනැවින් බෙදූ මේ පර්‍ය්‍යාප්ති ධර්මය ද පිහිට පිණිස එළඹෙව.
889. යත්ථ ච දින්නමහප්ඵලමාහු චතුසු සුචීසු පුරිසයුගෙසු අට්ඨ ච පුග්ගල ධම්මදසා තෙ සඞ්ඝමිමං සරණත්ථමුපෙහීති.
889. යම් ආර්ය්යසඞ්ඝරත්නයක් කෙරෙහි දෙන ලද්ද මහත් ඵලැයි කීහු ද? පිරිසිදු පුරුෂයුග සතරෙක්හි වූ සිවුසස් හා නිවන් ප්රත්යක්ෂ විසින් දක්නා වූ ඒ පුද්ගලයෝ අටදෙනෙකි, මේ සඞ්ඝයා පිහිට පිණිස එළඹෙව.
890. න තථා තපති නභස්මිං සුරියො චන්දො ච න භාසති න ඵුස්සො යථා අතුලමිදං මහප්පභාසං කො නු ත්වං තිදිවා මහිං උපගා.
890. මහත්සේ ප්‍රභාස්වර වූ නිරූපම වූ මේ විමන යම්සේ අහසෙහි බබළා ද හිරු ද එසේ නො ද බබළයි. සඳුද නො ද බබළයි, ඵුස නැකැත් තරුව ද නො ද බබළයි. දෙව්ලොවින් මිහිබට තෝ කවරෙහි?
891. ඡින්දති ච රංසි පභඞ්කරස්ස සාධිකං වීසති යොජනානි ආභා රත්තිම්පි ච යථා දිවං කරොති පරිසුද්ධං විමලං සුභං විමානං.
891. (ඒ විමනෙහි) රශ්මිය අයිරා විසි යොදුනක් පැතිරැ හිරු එළිය පවා සිඳලයි. පිරිසිදු විමල් යහපත් (ඒ) විමන රැය ද දහවල මෙන් කෙරෙයි.
892. බහු පදුම විචිත්ත පුණ්ඩරීකං වොකිණ්ණං කුසුමෙහි නෙකචිත්තං අරජවිරජහෙමජාලච්ඡන්නං ආකාසෙ තපති යථාපි සුරියො.
892. බොහෝ හෙළපියුම් හා විසිතුරු රත්පියුම් ඇති නන් වැදෑරුම් මලින් ගැවසුණු නන්වැදෑරුම් මල්කම් හා ලිය කමින් විසිතුරු වූ පිරිසුදු නිදොස් කසුන් දැලින් වැසුණු (විමානය) අහසෙහි හිරුමෙන් බබළයි.
893. රත්තම්බරපීතවාසසාහි අගරුපියඞ්ගුචන්දනුස්සදාහි කඤ්චනතනුසන්නිභත්තචාහි පරිපූරං ගගනංව තාරකාහි
893. රතුවත් කහවත් ඇති අලෙව්දුන් අගිල් පුවඟු සඳුන් ඇති කසුන් වැනි සියුම් සිවි ඇති දිව්‍ය ස්ත්‍රීන්ගෙන් පිරුණු මේ විමානය තාරකාවන්ගෙන් පිරුණු අහස මෙනි.
894. නරනාරියො බහුකෙත්ථනෙකවණ්ණා කුසුමවිභූසිතා භරණෙත්ථ සුමනා අනිලපමුඤ්චිකා පවන්ති සුරභිං තපනීයවිතතා සුවණ්ණනච්ඡදනා.
894. මේ විමන්හි නන්වන්වූ දිව කුසුමින් සැරසූ දිව අබරණ ඇති සතුටු සිත් ඇති රන්කෙඳිවලින් ගැවසූ කේශරවනා ඇති රන් අබරණ පැළඳි දිව්‍ය පුරුෂ ස්ත්‍රීහු බොහෝ වෙත්. මෙහි මඳ සුළඟින් සැලෙන ස්වර්ණමය පුෂ්පයෝ සුවඳ විහිදුවත්.
895. කිස්ස සමදමස්ස අයං විපාකො කෙනාසි කම්මඵලෙනිධූපපන්නො යථා ච තෙ අධිගතමිදං විමානං තදනුපදං අවචාසි ඉඞ්ඝ පුට්ඨොති
895. මේ විපාකය තෙමේ කිනම් (කායාදී) සංයමයක්හුගේ කිනම් (ඉන්ද්රිය දමනාදී) දමයක්හුගේ කිනම් කර්මයක්හුගේ ඵල විසින් මෙහි උපන්නේ ද? තා විසින් මේ විමන යම්සේ ලබන ලද ද? විචාරන ලද තෝ මා ඇසූ කරුණට සුදුසු කොට කියව.
896. යමිධපථෙ සමෙච්ච මාණවෙන සත්ථානුසාසි අනුකම්පමානො තව රතනවරස්ස ධම්මං සුත්වා කරිස්සාමීති ච බ්රවිත්ථ ඡත්තො.
896. මේ මහමඟ බමුණු කුමරකු හමුව ශාස්තෘන් වහන්සේ යමකුට අනුග්‍රහ කරනුවෝ අනුශාසනා කළසේක් ද, ඒ උතුම් රත්න වූ ඔබවහන්සේගේ ධර්මය අසා පිළිපදින්නෙමියි ඡත්තමාණවක තෙමේ කීයේය.
897. ජිනවරපවරං උපෙහි සරණං ධම්මඤ්චාපි තථෙව භික්ඛුසඞ්ඝං නොති පඨමං අවොචාහං භන්තෙ පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
897. වහන්ස, (සරණාගමනය දනිහි දැයි ඇසූවිට) මම පළමු කොට නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි. අත්‍යුත්තම වූ බුදුරදුන් ද එසේම ධර්මය ද සඞ්ඝයා ද පිහිට කොට යමි.
898. මා ච පාණවධං විවිධං චරස්සු අසුචිං න හි පාණෙසු අසඤ්ඤතං අවණ්ණයිංසු සප්පඤ්ඤා නොති පඨමං අවොචාහං භන්තෙ පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
898. අපවිත්‍ර නා නා විධ ප්‍රාණවධය ද නො කරව. පණ්ඩිතයෝ ප්‍රාණීන් කෙරෙහි අසංයමය නො ම වැණූහ. වහන්ස, මම පළමු කොට (පන්සිල් දනිහිදැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
899. මා ච පරජනස්ස රක්ඛිතම්පි ආදාතබ්බමමඤ්ඤිත්ථ අදින්නං නොති පඨමං අවොචාහං භන්තෙ පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
899. මෙරමා විසින් රක්නා ලද නුදුන් දෙය ගතයුතු යයි නො සිතව. වහන්ස, මම පළමු කොට (පන්සිල් දනිහිදැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
900. මා ච පරජනස්ස රක්ඛිතායො පරිභරියා අගමා අනරියමෙතං නොති පඨමං අවොචාහං භන්තෙ පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
900. මෙරමා විසින් රක්නා ලද පරඹුවන් කරා නොයව මෙය අනාර්‍ය්‍යය. වහන්ස, මම පළමුකොට (පන්සිල් දනිහි දැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
901. මා ච විතථං අඤ්ඤථා අභාණී නහි මුසාවාදං අවණ්ණයිංසු සප්පඤ්ඤා නොති පඨමං අවොචාහං භන්තෙ පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
901. අසත්‍යය අසත්‍ය යයි හඟිමින් බොරු නො කියව. පණ්ඩිතයෝ බොරු බස නො වැණූහ. මම පළමු කොට (පන්සිල් දනිහිදැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
902. යෙන ච පුරියස්ස අපෙති සඤ්ඤා තං මජ්ජං පරිවජ්ජයස්සු සබ්බං නො ච පඨමං අවොචාහං භන්තෙ පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
902. යම් සුරා පානයකින් පුරුෂයාගේ සංඥාව පහවේ ද, ඒ සියලු රහමෙර දුරුකරව. වහන්ස, මම පළමු කොට (පන්සිල් දනිහිදැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේ ම කෙළෙමි.
903. සාහං ඉධ පඤ්චසික්ඛා කරිත්වා පටිපජ්ජිත්වා තථාගතස්ස ධම්මෙ ද්වෙපථමගමාසිං චොරමජ්ඣෙ තෙ මං තත්ථ වධිංසු භොගහෙතු.
903. ඒ මම මෙහි පන්සිල් ඉටා තථාගතයන් වහන්සේගේ ධර්මයෙහි පිළිපැද සොරුන්ගේ මධ්‍යයෙයි දෙමංසන්ධියකට පැමිණියෙමි. එහිදී භොග හේතුවෙන් සොරු මා මැරූහ.
904. එත්තකමිදං අනුස්සරාමි කුසලං තතො පරං න මෙ විජ්ජති අඤ්ඤං තෙන සුචරිතෙන කම්මුනාහං උප්පන්නො තිදිවෙසු කාමකාමී.
904. මෙ පමණක් වූ මේ කුශලය සිහි කරමි, එයින් මත්තෙහි අන් පිනෙක් මට නැත්තේ ය. මම ඒ පින්කමින් දෙව්ලොවෙහි රිසි කම්සුව ඇතියෙම් (මේ) දෙව්ලොවෙහි උපන්මි.
905. පස්ස ඛණමුහුත්තං සඤ්ඤමස්ස අනුධම්මපටිපත්තියා විපාකං ජලමිව යසසා සමෙක්ඛමානා බහුකා මං පිහයන්ති හීනකම්මා.
905. ඇසිල්ලක් රැකි ශීලයෙහි ද දහම් අනුව පිළිපැදීමෙහි ද විපාකය බැලුව මැනවි. යසසින් දිලියෙන්නකු බඳුවූ මා දක්නා මට වඩා හීන සම්පත් ඇති බොහෝ දෙනා (අපිත් කෙසේ නම් මොහු බඳු වන්නමෝ දැයි) පතත්.
906. පස්ස කතිපයාය දෙසනාය සුගතිං චම්හි ගතො සුඛඤ්ච පත්තො යෙ ච තෙ සතතං සුණන්ති ධම්මං මඤ්ඤෙ තෙ අමතං ඵුසන්ති ඛෙමං
906. ස්වල්ප වූ දේශනාවෙකින් සුගතියට ද ගියෙමි. සැපයට ද පැමිණියෙම් වෙමි. බැලුව මැනවි, යම් කෙනෙක් දිනපතා ඔබවහන්සේගේ දහම් අසත් නම් ඔහු හැම උවදුරින් මිදුණු අමාමහ නිවන පහසත් යයි සිතමි.
907. අප්පම්පි කතං මහාවිපාකං විපුලං හොති තථාගතස්ස ධම්මෙ පස්ස කතපුඤ්ඤතාය ඡත්තො ඔභාසෙති පඨවිං යථාපි සුරියො
907. බුදු රජුන්ගේ අවවාදයෙහි (පිහිටා) කළ මඳ පිනද මහත් විපාක ඇත්තේ මහත් ඵල වේ. බැලුව මැනවි. කළ පිනැති බැවින් ඡත්තමාණවක තෙමේ හිරු පොළොව මෙන් දෙව්ලොව බබුළුවයි.
908. කිමිදං කුසලං කිමාචරෙම ඉච්වෙකෙහි සමෙච්ච මන්තයන්ති තෙ මයං පුනරෙව ලද්ධමානුසත්තං පටිපන්නා විහරෙමු සීලවන්තො.
908. කුසල් නම් වූ මේ දැය කෙබඳු ද? කෙසේ හෝ කරමු ද? ඒ අපි නැවත මිනිසත් බව ලබා සිල්වත්ව දහම් පිළිපන්නමෝ වසන්නෙමුයි මෙසේ ඇතැම් දෙවි කෙනෙක් එක්රැස්ව සාකච්ඡා කෙරෙත්.
909. බහුකාරො මනුකම්පකො ච සත්ථා ඉති මෙ සති අගමා දිවාදිවස්ස ස්වාහං උපගතොම්හි සච්චනාමං අනුකම්පස්සු පුනපි සුණොම ධම්මං
909. මට ශාස්තෲන් වහන්සේ බොහෝ උපකාර ඇතිසේක. අනුකම්පා කරන සේක. මා ඇතිකල්හි ඉතා දහවල්හි මෙසේ වැඩි සේක. ඒ මම සත්‍ය නම් ඇත්තහු කරා පැමිණියෙම් වෙමි. අනුකම්පා කළ මැනැවි. නැවත ද බණ අසම්හයි කීයේ ය.
910. යෙ චිධ පජහන්ති කාමරාගං භවරාගානුසයං පහාය මොහං න ච තෙ පුන උපෙන්ති ගබ්භසෙය්යං පරිනිබ්බානගතා හි සීතිභූතාති.
910. මේ සස්නෙහි යම් කෙනෙක් කාමරාගානුසය දුරලද්ද, මෝහය ප්‍රහීණ කිරීමෙන් භවරාගානුසයයත් දුරලද්ද, පිරිනිවන් පෑ එහෙයින් ම නිවී සැනහුණු ඒ රහත්හු තුමූ නැවැත ගැබ හෝනාබවට නො පැමිණෙත්.