යෙදුමෙන් කියවන්න

රෙවතීවිමානං

5. 2.

5. 2.

862. චිරප‍්පවාසිං පුරිසං දූරතො සොත්‍ථිමාගතං, ඤාතිමිත‍්තා සුහජ‍්ජා ච අභිනන්‍දන‍්ති ආගතං.

862. බොහෝ කලක් නොරට විසූ දුර සිට සැපසේ පැමිණි පුරුෂයකු දැක නෑ මිතුරු සුහදයෝ ඒ පැමිණියහු (යම්සේ) සතුටින් පිළිගනිත් ද,

863. තථෙව කතපුඤ‍්ඤම‍්පි අස‍්මා ලොකා පරං ගතං, පුඤ‍්ඤානි පතිගණ‍්හන‍්ති පියං ඤාතිං ව ආගතන‍්ති.

863. එසේම කළ පිනැති මෙලොවින් පරලොව ගිය පුඟුලා ද පැමිණි ප්‍රිය නෑයකු මෙන් පුණ්‍යයෝ තුමූ පිළිගනිත්.

864. උට‍්ඨෙහි රෙවතෙ සුපාපධම‍්මෙ අපාරුතං ද‍්වාරං අදානසීලෙ නෙස‍්සාම තං යත්‍ථ ථුනන‍්ති දුග‍්ගතා සමජ‍්ජතා නෙරයිකා දුඛෙන.

864. සුපවිටු දහම් ඇති නො දෙනසුලුවූ රේවතිය, නැගී සිටුව දොර නො වසන ලදී. දුගතියට ගියාවූ නිරා දුකින් යුක්ත වූ නේරයිකයෝ යම් තැනක (පව නො ගෙවෙන තුරු දැඩි දුක් විඳිමින්) තතනත් ද, එහි තී පමුණු වන්නෙමු.

865. ඉච‍්වෙච වත්‍වාන යමස‍්ස දූතා තෙ ද‍්වෙ යක‍්ඛා ලොහිතක‍්ඛා බ්‍රහන‍්තා පච‍්චෙකබාහාසු ගහෙත්‍වාන රෙවතං පක‍්කාමයුං දෙවගණස‍්ස සන‍්තිකෙති.

865. යමදූත වූ ලේවන් ඇස් ඇති මහත් වූ ඒ යක්‍ෂයෝ මෙසේ කියා වෙන වෙන ම දෑතින් රේවතිය අල්වාගෙන (තව්තිසා වැසි) දෙව්ගණයා වෙත පැමිණ වූහ.

866. ආදිච‍්චවණ‍්ණං රුචිරං පභස‍්සරං ව්‍යම‍්හං සුභං කඤ‍්චනජාලඡන‍්නං කස‍්සෙතමාකිණ‍්ණජනං විමානං සුරියස‍්ස රංසීරිව ජොතමානං

866. හිරු රැස් බඳු පැහැ ඇති මනහර වූ පැහැසර වූ යහපත් වූ කසුන් දැලින් ගැවසුණු ජනයාගෙන් පිරුණු හිරුරැස් මෙන් බබළන විසීමට රිසි මේ විමානය කවරක්හුගේ ද?

867. නාරීගණා චන්‍දනසාරලිත‍්තං උභතො විමානං උපසොභයන‍්ති තං දිස‍්සති සුරියසමානවණ‍්ණං කො මොදති සග‍්ගප‍්පත‍්තො විමානෙති.

867. සඳුන්හර සුවඳින් අලෙව්දුන් සිරුරු ඇති දිව්‍ය ස්ත්‍රීසමූහයෝ විමන් (ඇතුළත පිටත) දෙපස හොබවත්. හිරුට සමාන පැහැ ඇති ඒ විමන පෙනේ. දෙව්ලොව පැමිණි කවරෙක් (මේ) විමනෙහි සතුටු වේ ද?

868. බාරාණසියං නන්‍දියො නාමාසි උපාසකො අමච‍්ඡරී දානපතී වදඤ‍්ඤූ තස‍්සෙතමාකිණ‍්ණජනං විමානං සුරියස‍්ස රංසීරිව ජොතමානං.

868. බරණැසැ නො මසුරු දානපති වූ වචන දන්නාවූ නන්‍දිය නම් උපාසකයෙක් විය. ගැවසුණු ජනයා ඇති හිරු රැස් මෙන් බබළන මේ විමන ඔහුගේ ය.

869. නාරීගණා චන්‍දනසාරලිත‍්තා උභතො විමානං උපසොභයන‍්තී තං දිස‍්සති සුරියසමානවණ‍්ණං සො මොදති සග‍්ගප‍්පත‍්තො විමානෙති.

869. සඳුන්හර සුවඳින් අලෙව්දුන් සිරුරු ඇති (දිව්‍යස්ත්‍රීසමූහයෝ) විමන් (ඇතුළත පිටත) දෙපස හොබවත්. හිරුට සමාන පැහැ ඇති ඒ විමන පෙනේ. දෙව්ලොව පැමිණි හෙතෙමේ මේ විමනෙහි සතුටුවේ.

870. නන්‍දියස‍්සාහං භරියා අගාරිනී සබ‍්බකුලස‍්ස ඉස‍්සරා භත‍්තුවිමානෙ රමිස‍්සාමි දානහං න පත්‍ථයෙ නිරයං දස‍්සනායාති.

870. ගෘහිණි වූ සියලු කුලයට ඉසුරුවූ (මම ඒ නන්‍දියගේ බිරිය වෙමි. එහෙයින් හිමි විමනෙහි දැන්) මම සිත් අලවමි. නිරය දැක්මට නො පතමි.

871. එසො තෙ නිරයො සුපාපධම‍්මෙ පුඤ‍්ඤං තයා අකතං ජීවලොකෙ න හි මච‍්ඡරී රොසකො පාපධම‍්මො සග‍්ගූපගානං ලභති සහව්‍යතන‍්ති.

871. සුපවිටු දහම් ඇත්තීය. තෙල තීගේ නිරය ය. තී විසින් මනුලොව දී පිනක් නො කරන ලද. මසුරුවූ අනුන් කුපිත කරවන්නාවූ පවිටු දහම් ඇත්තේ දෙවියන්ගේ සහභාවය නො ලබයි.

872. කින‍්නු ගූථඤ‍්ච මුත‍්තඤ‍්ච අසුචි පතිදිස‍්සති, දුග‍්ගන්‍ධං කිමිදං මීළ‍්හං කිමෙතං උපවායතීති.

872. කිමෙක් ද? මල මූත්‍ර හා අසූචි දක්නා ලැබෙයි. මේ දුගඳ කුමක්ද? මේ කිනම් අසූචි ගඳෙක් හමාද?

873. එස සංසවකො නාම ගම‍්භීරො සතපොරිසො, යත්‍ථ වස‍්සසහස‍්සානි තුවං පච‍්චසි රෙවතෙති.

873. රේවතිය, තී දහසක් හවුරුදු යම් තැනෙක පැසෙහි ද, මේ ශතපුරුෂප්‍රමාණ ගැඹුරු වූ සංසවක නම් නිරයයි.

874. කින‍්නු කායෙන වාචාය මනසා දුක‍්කතං කතං. කෙන සංසවකො ලද‍්ධො ගම‍්භීරො සතපොරිසොති.

874. කිම කයින් වචනයෙන් සිතින් නපුරක් කරන ලද ද? කවර හෙයකින් ශතපුරුෂප්‍රමාණ ගැඹුරු වූ සංසවක නම් නිරය ලබන ලද ද?

875. සමණෙ බ්‍රාහ‍්මණෙචාපි අඤ‍්ඤෙවාපි වණිබ‍්බකෙ, මුසාවාදෙන වඤ‍්චෙසි තං පාපං පකතං තයා.

875. මහණුන් ද බමුණන් ද සෙසු යාචකයන් ද මුසාවාදයෙන් වඤ්චා කෙළෙහිය. තී විසින් ඒ පාපය කරන ලදී.

876. තෙන සංසවකො ලද‍්ධො ගම‍්භීරො සතපොරිසො, තත්‍ථ වස‍්සසහස‍්සානි තුවං පච‍්චසි රෙවතෙ.

876. රේවතිය, එහෙයින් ශතපුරුෂප්‍රමාණ ගැඹුරු වූ සංසවක නිරය ලබන ලද. තී එහි දහසක් හව්රුදු පැසෙහි.

877. හත්‍ථෙපි ඡින්‍දන‍්ති අථොපි පාදෙ කණ‍්ණෙපි ඡින්‍දන‍්ති අථොපි තාසං අථොපි කාකොළගණා සමෙච‍්ච සඞ‍්ගම‍්ම ඛාදන‍්ති විඵන්‍දමානන‍්ති.

877. අත් ද සිඳිති. යළි පා ද සිඳිති. කන් ද සිඳිති. යළි නැහැය ද සිඳිති. යළි වනකවුඩුමුළුහු එකට එක්රැස්ව සලමින් මස් (විදගෙන) කත්.

878. සාධු ඛො මං පටිනෙථ කාහාමි කුසලං බහුං දානෙන සමචරියාය සඤ‍්ඤමෙන දමෙන ච යං කත්‍වා සුඛිතා හොන‍්ති න ච පච‍්ඡානුතප‍්පරෙති.

878. යම් කුශලයක් කොට සුවපත් වෙත් ද, නො ද පසුතැවෙත් ද, දානයෙන් ද යහපත් පැවැත්මෙන් ද ශීලසංයමයෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද, බොහෝ පින් කරන්නෙමි. (එහෙයින්) මා පෙරළා මනුලොවට ගෙන යනු මැනවි.

879. පුරෙ තුවං පමජ‍්ජිත්‍වා ඉදානි පරිදෙවසි, සයං කතානං කම‍්මානං විපාකං අනුභොස‍්සසීති.

879. තො පෙරැ පමා වී දැන් විලාප කියමින් හඬනෙහි තමා කළ කර්‍මයට අනුරූප විපාක විඳින්නෙහිය.

880. කො දෙවලොකතො මනුස‍්සලොකං, ගන‍්ත්‍වාන පුට‍්ඨො මෙ එවං වදෙය්‍ය නික‍්ඛිත‍්තදණ‍්ඩෙසු දදාථ දානං අච‍්ඡාදනං සයනමථන‍්නපානං න හි මච‍්ඡරී රොසකො පාපධම‍්මො සග‍්ගූපගානං ලභති සහව්‍යතං.

880. දෙව් ලොවින් මිනිස් ලොවට ගොස් මවිසින් විචාරන ලද කවරෙක් මසුරු වූ කිපෙනසුලු වූ පවිටු දහම් ඇත්තේ දෙවියන්ගේ සහභාවය නො ලබයි, බහා තබන ලද දඬු ඇත්තවුන් කෙරෙහි දන් දෙව වත් දෙව සෙනසුන් දෙව අහර පැන් දෙවයි මෙසේ මට කියන්නේ ද,

881. සාහං නූන ඉතො ගන‍්ත්‍වා යොනිං ලද‍්ධාන මානුසිං වදඤ‍්ඤූ සීලසම‍්පන‍්නා කාහාමි කුසලං බහුං දානෙන සමචරියාය සඤ‍්ඤමෙන දමෙන ච.

881. ඒ මම ඒකාන්තයෙන් ම මෙලොවින් සැව මිනිසත් බව ලබා වචන දන්නී ශීලයෙන් යුක්ත වූවා දානයෙන් ද සම පැවැත්මෙන් ද ශීලසංයමයෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද බොහෝ පින් කරන්නෙමි.

882. ආරාමානි ච රොපිස‍්සං දුග‍්ගෙ සඞ‍්කමනානි ච, පපඤ‍්ච උදපානඤ‍්ච විප‍්පසන‍්නෙන චෙතසා.

882. වෙසෙසින් පහන් සිතින් දුර්‍ගමස්ථානයන්හි හේදඬු ද, පැන් හල් ද, ළිං ද, අරම් වතු වැවීම ද කරන්නෙමි.

883. චාතුද‍්දසිං පඤ‍්චදසිං යා ච පක‍්ඛස‍්ස අට‍්ඨමී, පාටිහාරියපක‍්ඛඤ‍්ච අට‍්ඨඞ‍්ගසුසමාගතං.

883. මම පක්‍ෂය පිළිබඳ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන දිනයන්හි අටඟින් යුතු,

884. උපොසථං උපවසිස‍්සං සදා සීලෙසු සංවුතා, න ච දානෙ පමජ‍්ජීස‍්සං සාමං දිට‍්ඨමිදං මයාති.

884. පෙහෙවස් වසන්නෙමි. හැමකල්හි සිල්හි සංවෘත වූ මම දානයෙහි පමා නො වන්නෙමි. මෙය මා විසින් තමා ම දක්නා ලදී.

885. ඉච‍්චෙවං විප‍්පලපන‍්තිං ඵන්‍දමානං තතො තතො, ඛිපිංසු නිරයෙ ඝොරෙ උද‍්ධපාදං අවංසිරන‍්ති.

885. මෙසේ නන් දොඩවන ඔබ මොබ සැලෙන රේවතිය ගෙන පා උඩුකුරු කොට හිස යටිකුරු කොට ඝෝර වූ සංසවක නිරයෙහි හෙලූහ.

886. අහං පුරෙ මච‍්ඡරිනී අහොසිං පරිභාසිකා සමණබ්‍රාහ‍්මණානං විතථෙන ච සාමිකං වඤ‍්චයිත්‍වා පච‍්චාමහං නිරයෙ ඝොරරූපෙති.

886. මම පෙරැ මහණබමුණන්ට බැණවදින සුලුවූ මසුරුලියක් වීමි. මුසවායෙන් සැමියා ද රවටා මේ ගොරබිරම් සැහැවි ඇති (සංසවක) නිරයෙහි පැසෙමි.

රෙවතීවිමානං.

රේවතී විමාන යි.