4. කක්කටකරසදායකවිමානවණ්ණනා අට්ඨකථා
4. කක්කටකරසදායකවිමානවණ්ණනා
4. කක්කටකරස දායක විමාන වර්ණනා
උච්චමිදං මණිථූණං විමානන්ති කක්කටකරසදායකවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ. තෙන සමයෙන අඤ්ඤතරො භික්ඛු ආරද්ධවිපස්සකො කණ්ණසූලෙන පීළිතො අකල්ලසරීරතාය විපස්සනං උස්සුක්කාපෙතුං නාසක්ඛි, වෙජ්ජෙහි වුත්තවිධිනා භෙසජ්ජෙ කතෙපි රොගො න වූපසමි. සො භගවතො එතමත්ථං ආරොචෙසි. අථස්ස භගවා “කක්කටකරසභොජනං සප්පාය”න්ති ඤත්වා ආහ “ගච්ඡ ත්වං භික්ඛු මගධඛෙත්තෙ පිණ්ඩාය චරාහී”ති.
උච්චමිදං මණිථූනං විමානං යනුවෙන් කක්කටක රසදායක විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි වාසය කරන සේක. එකල්හි එක්තරා භික්ෂුවක් කණේ රුජාවකින් පෙළුනේ, සෞඛ්‍යයේ හීනතාවය නිසා විදර්ශනාව දියුණු කරගැනීමට නොහැකි වූයේය. වෛද්‍යවරුන් විසින් කියන ලද ආකාරයෙන් පිළියම් කළේ නමුදු රෝගය සන්සිඳුනේ නැත. හෙතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ බව දැන්වීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවට කකුළු රසය සහිත මාළුවක්, (කකුළු වෑංජනයක්) සුදුසු යයි දැන ‘භික්ෂුව, ඔබ යන්න. මගධ ක්ෂේත්රයේ පිඬු පිණිස හැසිරෙන්නැ’යි කීය.
සො භික්ඛු “දීඝදස්සිනා අද්ධා කිඤ්චි දිට්ඨං භවිස්සතී”ති චින්තෙත්වා “සාධු භන්තෙ”ති භගවතො පටිස්සුණිත්වා භගවන්තං වන්දිත්වා පත්තචීවරමාදාය මගධඛෙත්තං ගන්ත්වා අඤ්ඤතරස්ස ඛෙත්තපාලස්ස කුටියා ද්වාරෙ පිණ්ඩාය අට්ඨාසි. සො ච ඛෙත්තපාලො කක්කටකරසං සම්පාදෙත්වා භත්තඤ්ච පචිත්වා “ථොකං විස්සමිත්වා භුඤ්ජිස්සාමී”ති නිසින්නො ථෙරං දිස්වා පත්තං ගහෙත්වා කුටිකායං නිසීදාපෙත්වා කක්කටකරසභත්තං අදාසි. ථෙරස්ස තං භත්තං ථොකං භුත්තස්සයෙව කණ්ණසූලං පටිප්පස්සම්භි, ඝටසතෙන න්හාතො විය අහොසි . සො සප්පායාහාරවසෙන චිත්තඵාසුකං ලභිත්වා විපස්සනාවසෙන චිත්තං අභිනින්නාමෙන්තො අපරියොසිතෙයෙව භොජනෙ අනවසෙසතො ආසවෙ ඛෙපෙත්වා අරහත්තෙ පතිට්ඨාය ඛෙත්තපාලං ආහ “උපාසක, තව පිණ්ඩපාතභොජනෙන මය්හං රොගො වූපසන්තො, කායචිත්තං කල්ලං ජාතං, ත්වම්පි ඉමස්ස පුඤ්ඤස්ස ඵලෙන විගතකායචිත්තදුක්ඛො භවිස්සසී”ති වත්වා අනුමොදනං කත්වා පක්කාමි.
ඒ භික්ෂුව දුර දක්වා වූ භාග්‍යවතුන් වහන්සේගේ නුවණින් යමක් දකින්නට ඇතැයි සිතීමෙන් එසේය ස්වාමීනියි පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේට වැඳ පාසිවුරු ගෙන මගධ දේශයට ගොස් එක් ක්ෂේත්රයක, ක්ෂේත්‍ර පාලකයකුගේ ගෙදොර ඉදිරිපිට පිඬු පිණිස සිටියේය. එදින කකුළු වෑංජනයක් සකස්කොට බත් පිස මදක් විඩා හරිමියි සිතා පාලකයා නිවිහැනේ සිටියහ. එසේ සිටිද්දී ඔහු තෙරුන් වහන්සේ දැක පාත්‍රය ගෙන සිය කුටියේ වඩා හිඳුවා කකුළු වෑංජනය සහිත බත් පිළිගැන්වීය. ඒ බත් මදක් වැළඳූ සැනින්ම තෙරුන්ගේ කණේ වේදනාව සංසිඳුනේය. වතුර කළගෙඩි සියයකින් නහන්නකු මෙන් විය. යෝග්‍ය වූ ආහාර ගැනීම් වශයෙන් සිතට පහසුවක් ලැබී විදර්ශනාව වෙත නැමී ගිය සිත් ඇති ඒ තෙරණුවෝ විදර්ශනා වඩා කෙලෙස් අවසන්කොට රහත් බැව්හි පිහිටා ක්ෂේත්‍ර පාලකයාට ‘උපාසකය, ඔබේ පිණ්ඩපාතය වැළඳීමෙන් මගේ රෝගය සන්සිඳී කය ද සිත ද සුවපත් විය. ඔබ ද මේ පින් බලෙන් කය ද සිත ද දුකින් වෙන්වූවෙක් වන්නෙහි යයි කියා අනුමෝදන් කොට පිටත් වී ගියහ.
ඛෙත්තපාලො අපරෙන සමයෙන කාලං කත්වා තාවතිංසභවනෙ ද්වාදසයොජනිකෙ මණිථම්භෙ කනකවිමානෙ සත්තසතකූටාගාරපටිමණ්ඩිතෙ වෙළුරියමයගබ්භෙ නිබ්බත්ති, ද්වාරෙ චස්ස යථූපචිතකම්මසංසූචකො මුත්තාසික්කාගතො සුවණ්ණකක්කටකො ඔලම්බමානො අට්ඨාසි. අථායස්මා මහාමොග්ගල්ලානො පුබ්බෙ වුත්තනයෙන තත්ථ ගතො තං දිස්වා ඉමාහි ගාථාහි පුච්ඡි –
ඒ ක්ෂේතු පාලක තෙමේ පසුකලෙක කලුරියකොට තව්තිසා භවනයේ දොළොස් යොදුන් වූ මැණික්මය කුළුණින් යුතු රන් විමනෙක්හි සත්සියයක් කූටාගාර සහිත වෛධූර්ය මැණික්මය කාමරයක උපන්නේය. ඔහුගේ දොරෙහි ද රැස්කරන ලද පුණ්‍යකර්මය දක්වමින් කත් ලී කොණකින් එල්ලෙන්නාක් වැනි රන්මය කකුළුවෙක් එල්ලී සිටියේය. ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් පෙර කියන ලද පරිදිම දිව්‍ය ලෝක චාරිකාව සඳහා තව්තිසා භවයට ගොස් මහත් වූ දිව්‍යමය සෘද්ධියෙන් බබළමින් දහසක් අප්සරාවන් පිරිවරකොට සැට ගැල් පමණ දිව අබරණවලින් බබළන සිරුරු ඇතිව, හාත්පස සඳු මෙන් ද, හිරු මෙන් ද බබළන ඒ දිව්‍යපුත්‍රයා දැක මේ ගාථාවන් මගින් ප්‍රශ්න කළහ.
“උච්චමිදං මණිථූණං විමානං, සමන්තතො ද්වාදස යොජනානි; කූටාගාරා සත්තසතා උළාරා, වෙළුරියථම්භා රුචකත්ථතා සුභා.
උස් වූ මැණික්මය කුළුණු ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුන් වේ. උස් වූ කූටාගාර සත්සියයක් වේ. වෛධූර්මය කුළුණු ද ඒ මහල්හි අතුරන ලද ස්වර්ණමය මනෝඥ වූ ඵලකයන් ද වේ.
“තත්ථච්ඡසි පිවසි ඛාදසි ච, දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං; දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච, නාරියො ච නච්චන්ති සුවණ්ණඡන්නා.
ඔබ එහි වෙසෙන්නෙහිය. දිව්‍යමය ආහාරපාන ගන්නෙහිය. මිහිරිමය වූ දිව්‍යමය වූ වීණාවන් ඔබ වෙනුවෙන් වාදනය කෙරෙත්. මෙහි දිව්‍යමය වූ පංචකාම ගුණ ඇතුළත් රසයන් පවතී. රන් අබරණින් සිරුර වසා ගත් දිව්‍ය ස්ත්‍රීහු නැටීමෙහි යෙදෙති.
“කෙන තෙතාදිසො වණ්ණො, කෙන තෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.
මනසට ප්‍රිය වූ යමක් වේද, ඒ සම්පත් ඔබට ලැබෙන්නේය. ඔබට බබළන වර්ණයක් කුමක් නිසා ලැබුනේද, ඔබට එබඳු සමෘද්ධියක් කුමක් නිසා ලැබුනේද,
“පුච්ඡාමි තං දෙව මහානුභාව, මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං; කෙනාසි එවං ජලිතානුභාවො, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
මහත් වූ ආනුභාව ඇති දිව්‍ය පුත්‍රයාණනි, ඔබේ වර්ණය සියලු දිශාවන්ම බබළුවන මෙවැනි දීප්තිමත් ආත්මභාවයක් කුමක් නිසා ලැබුනේද, මනුෂ්‍යයකුව සිටිමින් කවරනම් පිනක් කළහිදැයි ඔබෙන් අසන්නෙමි.
සොපිස්ස බ්යාකාසි, තං දස්සෙතුං –
ඒ දිව්‍යපුත්‍රයා තෙරුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්නේය.
“සො දෙවපුත්තො අත්තමනො, මොග්ගල්ලානෙන පුච්ඡිතො; පඤ්හං පුට්ඨො වියාකාසි, යස්ස කම්මස්සිදං ඵල”න්ති. – වුත්තං;
මුගලන් මහතෙරුන් විසින් ප්‍රශ්න කරන ලදින් සතුටට පත් සිත් ඇති ඒ දිව්‍යපුත්‍ර තෙමේ මේ ඵලය කවරනම් පුණ්යකර්මයක්හුගේ දැයි යනුවෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් පහත දැක්වෙන අයුරින් ප්‍රකාශ කළේය.
“සතිසමුප්පාදකරො , ද්වාරෙ කක්කටකො ඨිතො; නිට්ඨිතො ජාතරූපස්ස, සොභති දසපාදකො.
සිහිය ඇති කරවන්නා වූ මතක් කරවන්නා වූ රිදීයෙන් තනන ලද පාද දහයක් ඇති කකුළුවෙක් දොරටුවෙහි සිටියේය.
“තෙන මෙතාදිසො වණ්ණො, තෙන මෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.
මා පෙර කළ ඒ ක්‍රියාවන්ගේ හේතුවෙන් මට මෙබඳු වර්ණයක් ඇතිවිය. එම හේතුවෙන්ම මට මේ සමෘද්ධිය ඇතිවිය. මනසට යමක් ප්‍රිය වෙයි ද ඒ සම්පත් ද මට ලැබෙන්නේ ය.
“අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව, මනුස්සභූතො යමකාසි පුඤ්ඤං; තෙනම්හි එවං ජලිතානුභාවො, වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
ඒ පින්කමේ හේතුවෙන් මෙසේ දීප්තිම මෙසේ දීප්තිමත් ආනුභාවයක් ඇත්තෙක් වෙමි. මාගේ වර්ණය ද සියලු දිසාවන්ම ආලෝකමත් කරයි.
තත්ථ උච්චන්ති අච්චුග්ගතං. මණිථූණන්ති පදුමරාගාදිමණිමයථම්භං. සමන්තතොති චතූසුපි පස්සෙසු. රුචකත්ථතාති තස්සං තස්සං භූමියං සුවණ්ණඵලකෙහි අත්ථතා.
එහි ගාථා පද විස්තර උච්චං ඉතා උසස්. මණිථූණං පද්මරාග මැණික් ආදියෙන් තැනූ කුළුණු. සමන්තතො සතර දිසාවන්හි. රුචකත්ථතා ඒ ඒ භූමියෙහි, මහළෙහි, රන්මුවා ලෑලි අතුරා ඇති,
පිවසි ඛාදසි චාති කාලෙන කාලං උපයුජ්ජමානං ගන්ධපානං සුධාභොජනඤ්ච සන්ධාය වදති. පවදන්තීති පවජ්ජන්ති. දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්චාති දිබ්බා රසා අනප්පකා පඤ්ච කාමගුණා එත්ථ එතස්මිං තව විමානෙ සංවිජ්ජන්තීති අත්ථො. සුවණ්ණඡන්නාති හෙමාභරණවිභූසිතා.
පිචසි බාදසි ච කලින් කල ප්‍රයෝජනයට ගන්නා වූ සුවඳ පානයක් ද දිව්‍ය භෝජන ද සඳහා මෙසේ කියයි. පවදන්ති වාදනය කරත්. දිබ්බාරසා කාම ගුණෙත්ථ පංචා දිව්‍යමය වින්දනයෙන් යුත් බොහෝ වූ පංචකාම ගුණයන් එත්ථ ඔබගේ මෙම විමානයෙහි පවතින්නේය යන අර්ථයි. සුවණ්ණ ඡන්නා රන් අබරණින් අලංකාරවත් වූ,
සතිසමුප්පාදකරොති සතුප්පාදකරො, යෙන පුඤ්ඤකම්මෙන අයං දිබ්බසම්පත්ති මයා ලද්ධා, තත්ථ සතුප්පාදස්ස කාරකො, “කක්කටකරසදානෙන අයං තයා සම්පත්ති ලද්ධා”ති එවං සතුප්පාදං කරොන්තොති අත්ථො. නිට්ඨිතො ජාතරූපස්සාති ජාතරූපෙන සිද්ධො ජාතරූපමයො. එකමෙකස්මිං පස්සෙ පඤ්ච පඤ්ච කත්වා දස පාදා එතස්සාති දසපාදකො ද්වාරෙ කක්කටකො ඨිතො සොභති. සො එව මම පුඤ්ඤකම්මං තාදිසානං මහෙසීනං විභාවෙති, න එත්ථ මයා වත්තබ්බං අත්ථීති අධිප්පායො. තෙනාහ “තෙන මෙතාදිසො වණ්ණො”තිආදි. සෙසං වුත්තනයමෙව.
සතිං සමුප්පාදකරො සිහිය හෙවත් මන කය උපදවා ගැනීම කරන්නා වූ, යම් පිනකින් මේ දිව්‍යමය සම්පත්තිය මා විසින් ලබන ලද්දේ ද, යන බව සිහියට නගා ගැනීම කරවන්නා වූ කක්කටක රස (කකුළු රසයක්) දීමෙන් මා විසින් මේ සැපත ලබන ලද්දේ යයි යනුවෙන් මෙසේ මගේ සිහියට ලබාගැනීම කරවන්නා වූ යන අර්ථයි. නිට්ඨිතො ජාත රූපස්ස රිදීවලින් නිමවන ලද රිදීයෙන්ම කළ එක් එක් පැත්තෙහි පහත් පහත් බැගින් තැනුන පාද දහයක් මෙහි ඇත යන අදහසින් දස පාදකො යයි යෙදේ. දස පාදකො ද්වාරෙ කක්කටකො ඨිතො සොභති එම කකුළු නිර්මාණයට මගේ පුණ්‍ය කර්මය එබඳු මහෝත්තමයන් හට පැහැදිලිව දක්වයි. මෙහි මා විසින් කිවයුතු යමක් නැත්තේය යන අදහසයි. එහෙයින් කෙන මෙ තාදිසො වණ්ණො යන ආදිය කියන ලදී. සෙස්ස කිය ලද පරිදිම වේ.
කක්කටකරසදායකවිමානවණ්ණනා නිට්ඨිතා.
කක්කටක රස දායක විමාන වර්ණනාව නිමියේය.
5. ද්වාරපාලකවිමානවණ්ණනා
5. ද්වාරපාලක විමාන වර්ණනා
උච්චමිදං මණිථූණන්ති ද්වාරපාලකවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ. තෙන ච සමයෙන රාජගහෙ අඤ්ඤතරො උපාසකො චත්තාරි නිච්චභත්තානි සඞ්ඝස්ස දෙති. තස්ස පන ගෙහං පරියන්තෙ ඨිතං චොරභයෙන යෙභුය්යෙන පිහිතද්වාරමෙව හොති. භික්ඛූ ගන්ත්වා කදාචි ද්වාරස්ස පිහිතත්තා භත්තං අලද්ධාව පටිගච්ඡන්ති. උපාසකො භරියං ආහ “කිං, භද්දෙ, අය්යානං සක්කච්චං භික්ඛා දීයතී”ති? සා ආහ “එකෙසු දිවසෙසු අය්යා නාගමිංසූ”ති. “කිං කාරණ”න්ති? “ද්වාරස්ස පිහිතත්තා මඤ්ඤෙ”ති. තං සුත්වා උපාසකො සංවෙගප්පත්තො හුත්වා එකං පුරිසං ද්වාරපාලං කත්වා ඨපෙසි “ත්වං අජ්ජතො පට්ඨාය ද්වාරං රක්ඛන්තො නිසීද, යදා ච අය්යා ආගමිස්සන්ති, තදා තෙ පවෙසෙත්වා පවිට්ඨානං නෙසං පත්තපටිග්ගහණආසනපඤ්ඤාපනාදි සබ්බං යුත්තපයුත්තං ජානාහී”ති. සො “සාධූ”ති තථා කරොන්තො භික්ඛූනං සන්තිකෙ ධම්මං සුත්වා උප්පන්නසද්ධො කම්මඵලං සද්දහිත්වා සරණෙසු ච සීලෙසු ච පතිට්ඨහි, සක්කච්චං භික්ඛූ උපට්ඨහි.
උච්ඡමිදං මණිථූනං යනු ද්වාර පාලක විමානයයි. එහි උත්පත්ති කථාව කෙසේද? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා වෙළුවන විහාරයේ වැඩවාසය කරන සමයෙහි රජගහනුවර එක්තරා උපාසකයෙක් මහා සංඝයා වෙත නිති බත් සතරක් පූජා කරයි. ඔහුගේ ගෙදර පිට පැත්තේ මහදොරින් සොරු ඇතුළට එන නිසා බොහෝසෙයින් දොර වසා තිබේ. ඔහුගේ දානය පිණිස වැඩමවන භික්ෂූන් වහන්සේලා සමහර දවස්වල දොර සමීපයට වැඩ දොර වසා ඇති බැවින් දානය නොලැබ ආපසු යන්නාහු වෙති. උපාසකයා තම බිරිඳගෙන් දිනක් මෙසේ ඇසීය. කෙසේද, ඔබ ආර්යයන් වහන්සේලාට සමකොට දානය පිරිනැමුයේද? ඕ තොමෝ සමහර දවස්වල භික්ෂූන් වහන්සේලා නොවඩින බව කීවාය. කවර හේතුවක් නිසාද? සමහරවිට ගෙයි දොර වසා ඇති බැවින් වන්ට පුළුවන. ඒ අසා උපාසකයා සංවේගයට පැමිණ එක් පුරුෂයෙක් දොරටුපාලයා ලෙස පත් කළේය. ඔබ අද පටන් මේ දොරටුව ආරක්ෂා කරව. යම්කිසි විටක ආර්යයන් වහන්සේලා වැඩම කළවිට ඒ බව අපට දන්වා පිවිස උන්වහන්සේලාගේ පාත්‍රා ගෙන ආසන පැනවීම් ආදී සියලු ඇවැත් කාර්යයන් සම්පූර්ණ කරව. හෙතෙම මැනවැයි පිළිගෙන භික්ෂූන් සමීපයෙන් බණ අසා උපන් ශ්‍රද්ධාව ඇතිව කර්මඵල අදහා තිසරණ සරණයෙහි ද, ශීලයෙහි ද පිහිටා, සකසා භික්ෂූන්ට උවටැන් කළේය.
අපරභාගෙ නිච්චභත්තදායකො උපාසකො කාලං කත්වා යාමෙසු නිබ්බත්ති. ද්වාරපාලො පන සක්කච්චං භික්ඛූනං උපට්ඨහිත්වා පරස්ස පරිච්චාගෙ වෙය්යාවච්චකරණෙන අනුමොදනෙන ච තාවතිංසෙසු උප්පජ්ජි. තස්ස ද්වාදසයොජනිකං කනකවිමානන්තිආදි සබ්බං කක්කටකවිමානෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. පුච්ඡාවිස්සජ්ජනගාථා එවමාගතා –
පසුකලෙක නිති බත් දුන් උපාසකයා කළුරියකොට යාම දිව්‍ය ලෝකයේ උපන්හ. දොරටුපාලයා වනාහි සකස්කොට භික්ෂූන් වඩා හිඳුවා අනුන්ගේ දේ පරිත්‍යාග කොට වතාවත් කිරිමෙන්ද, අනුමෝදනා ඇසීමෙන්ද තව්තිසා දෙව්ලොව උපන්හ. ඔහුට දොළොස් යොදුනක රන් විමනක් ද ආදී කර්කට විමාන වස්තුවෙහි දැක්වූ පරිදි සියල්ල පහළ වූ බව දතයුතුයි. ප්‍රශ්න විචාරණ ගාථාව මෙසේ ආවේය.
“උච්චමිදං මණිථූණං විමානං, සමන්තතො ද්වාදස යොජනානි; කූටාගාරා සත්තසතා උළාරා, වෙළුරියථම්භා රුචකත්ථතා සුභා.
දොළොස් යොදුනක් හාත්පස පැතිරුණා වූ ඉතා උස් වූ මැණික්වලින් කරන ලද මේ විමානයේ සත්සියයක් කුළුගෙවල් වෙති. වෛධූර්ය මැණික්වලින් උසට තනන ලද ස්ථම්භ ඇත්තාහ. තමන් යමක් කැමති වේද ඒ කැමති වන්නා වූ කෑ යුතු දේ ද පිය යුතු දේ ද ඇත. දිව්‍ය වීණාවන්ගෙන් සංගීත රාවය උපදවයි. දිව්‍යමය වූ පංචකාම ගුණ සම්පත් වෙති. රන්වන් වූ දෙවඟනෝ රන්වන් වස්ත්‍ර හැඳ නටත්.
“තත්ථච්ඡසි පිවසි ඛාදසි ච, දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං; දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච, නාරියො ච නච්චන්ති සුවණ්ණඡන්නා.
“කෙන තෙතාදිසො වණ්ණො…පෙ… වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
සියලු දිසාවන් බබුළුවන්නා වූ මේ අන්දමේ වර්ණයක් හා මේ අන්දමේ මාහ සම්පත් කවර කුසලයකින් ලැබුයේද?
“සො දෙවපුත්තො අත්තමනො…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
ඒ දේවපුත්‍රයා තමන් විසින් කරන ලද කර්ම හා එයින් ලත් විපාක විස්තර කරමින් මෙසේ කීය.
“දිබ්බං මමං වස්සසහස්සමායු, වාචාභිගීතං මනසා පවත්තිතං; එත්තාවතා ඨස්සති පුඤ්ඤකම්මො, දිබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො.
මම මිනිස්ලොව ඉපිද එක් දොරටු පාලකයෙක් වීමි. එහිදී ආර්ය භික්ෂු සංඝයාට මෙහෙන් වඩින්න, මෙහෙන් වැඩ ඉන්න ආදි වශයෙන් ගෞරවයෙන් අසුන් පැනවීමි. මේ ආර්යයන් වහන්සේලා ධර්මචාරී බ්‍රහ්මචාරී සුපේශල භික්ෂූන් යයි සිත පහදවා ගතිමි. දානය පිරිනැමුවෙමි. මේ පින්කම් නිසා දිව්‍යමය වූ පංචකාමයන්ගෙන් පරිසේවිත වූ මෙබඳු සම්පත් හා විමාන ද ලදිමි. මම දිව්‍යමය වර්ෂ අවුරුදු දාහක් ආයුෂ ඇත්තේ වෙමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…
වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
තත්ථ දිබ්බං මමං වස්සසහස්සමායූති යස්මිං දෙවනිකායෙ සයං උප්පන්නො, තෙසං තාවතිංසදෙවානං ආයුප්පමාණමෙව වදති. තෙසඤ්හි මනුස්සානං ගණනාය වස්සසතං එකො රත්තිදිවො, තාය රත්තියා තිංසරත්තිකො මාසො, තෙන මාසෙන ද්වාදසමාසිකො සංවච්ඡරො, තෙන සංවච්ඡරෙන සහස්සසංවච්ඡරානි ආයු, තං මනුස්සානං ගණනාය තිස්සො වස්සකොටියො සට්ඨි ච වස්සසතසහස්සානි හොන්ති. වාචාභිගීතන්ති වාචාය අභිගීතං, “ආගච්ඡන්තු අය්යා, ඉදං ආසනං පඤ්ඤත්තං, ඉධ නිසීදථා”තිආදිනා, “කිං අය්යානං සරීරස්ස ආරොග්යං, කිං වසනට්ඨානං ඵාසුක”න්තිආදිනා පටිසන්ථාරවසෙන ච වාචාය කථිතමත්තං . මනසා පවත්තිතන්ති “ඉමෙ අය්යා පෙසලා බ්රහ්මචාරිනො ධම්මචාරිනො”තිආදිනා චිත්තෙන පවත්තිතං පසාදමත්තං, න පන මම සන්තකං කිඤ්චි පරිච්චත්තං අත්ථීති දස්සෙති. එත්තාවතාති එත්තකෙන එවං කථනමත්තෙන පසාදමත්තෙනපි. ඨස්සති පුඤ්ඤකම්මොති කතපුඤ්ඤො නාම හුත්වා දෙවලොකෙ ඨස්සති චිරං පවත්තිස්සති, තිට්ඨන්තො ච දිබ්බෙහි කාමෙහි සමඞ්ගීභූතො තස්මිං දෙවනිකායෙ දෙවානං වලඤ්ජනියාමෙනෙව දිබ්බෙහි පඤ්චහි කාමගුණෙහි සමඞ්ගීභූතො සමන්නාගතො හුත්වා ඉන්ද්රියානි පරිචාරෙන්තො විහරතීති අත්ථො. සෙසං වුත්තනයමෙව.
එහි දිබ්බං මමං වස්ස සහස්සමායු යනු යම් දේව නිකායෙක්හි තෙමේ උපන්නේ ඒ තාවතිංස දෙවියන්ගේ ආයු ප්‍රමාණයම කියයි. මිනිසුන්ගේ ගණනින් වර්ෂ සියයක් එක් දවසකි. (දිවා රැයකි) එබඳු වූ රාත්‍රී තිහක් මාසයක් වේ. එවැනි මාස දොළසක් එක් වසරක් වේ. එවැනි අවුරුදු දහසක් ආයු කාලය වේ. එය මිනිස් ලොව ගණනින් වර්ෂ කෝටි තුනක් වර්ෂ හැටලක්ෂයක් වේ. වාචාහිගීතං යනු වචනයෙන් අභිගීත ගැයීමයි. මෙහෙන් වැඩමවන්න. මෙහි වාඩිවන්න. ආර්යයන් වහන්සේලාගේ සුවදුක් වසයෙන් කිම් පමණකි. මානස පවත්තිකං මේ ආර්යයන් වහන්සේලා සුපේශල ශික්ෂාකාමිය බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නෝය. ධර්මයෙහි හැසිරෙන්නෝය. ආදී සිතෙන් ප්‍රසාදයට පත්වූයේ පමණයි. මා සතුව පරිත්‍යාග කිරිමට වස්තුවක් තිබුනේ නැත. එත්තාවතා මෙතෙකින් කිම් පමණක් හා ප්‍රසාද සිත් ඇතිවීම පමණකි. ඨස්සති පුඤ්ඤ කම්මො මේ කරන ලද පින්කම්වලින් දෙව්ලොව සිටිමි. බොහෝ කලක් සැප විඳිමි. සිටින්නේ ද දිබ්බෙහි දිව්‍ය පංචකාම සම්පත්තියෙන් යුක්ත වූයේ වෙමි. එම දේව නිකායෙහි දෙවියන් සැප වළඳින ලෙසින්ම සුව විඳිමි. දිබ්බෙහි පඤ්චහි කාම ගුණෙහි සමංගිභූතො දිව්‍යමය වූ පංචකාම ගුණයන්ගෙන් සමන්විතව ඉන්ද්‍රියන් පිරිවරා වසන්නේ යන අර්ථයි.
ද්වාරපාලකවිමානවණ්ණනා නිට්ඨිතා.
ද්වාරපාල විමාන වර්ණනාව නිමියේ ය.
6. කරණීයවිමානවණ්ණනා
6. කරණීයවිමාන වර්ණනා
උච්චමිදං මණිථූණන්ති කරණීයවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන සාවත්ථිවාසී එකො උපාසකො න්හානොපකරණානි ගහෙත්වා අචිරවතිං ගන්ත්වා න්හත්වා ආගච්ඡන්තො භගවන්තං සාවත්ථිං පිණ්ඩාය පවිසන්තං දිස්වා උපසඞ්කමිත්වා වන්දිත්වා එවමාහ “භන්තෙ කෙන නිමන්තිතා”ති. භගවා තුණ්හී අහොසි. සො කෙනචි අනිමන්තිතභාවං ඤත්වා ආහ “අධිවාසෙතු මෙ, භන්තෙ, භගවා භත්තං අනුකම්පං උපාදායා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. සො භගවන්තං අත්තනො ගෙහං නෙත්වා බුද්ධාරහං ආසනං පඤ්ඤාපෙත්වා තත්ථ භගවන්තං නිසීදාපෙත්වා පණීතෙන අන්නපානෙන සන්තප්පෙසි. භගවා කතභත්තකිච්චො තස්ස අනුමොදනං කත්වා පක්කාමි. සෙසං අනන්තරවිමානසදිසං. තෙන වුත්තං –
උච්චමිදං මණිථුණං යනු කරණීය විමාන වත්ථුවයි. එහි උත්පත්තිය කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි වැඩවාසය කරති. ඒ කාලයේ සැවැත්නුවර වැසි එක් උපාසකයෙක් නාන උපකරණ ගෙන අචිරවතී ගඟට ගොස් නා ආපසු එන්නේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙනු දැක උන්වහන්සේ වෙත එළඹ වැඳ මෙසේ කීය. ස්වාමීනි, කවරෙකු විසින් ආරාධනා කරන ලද්දේ ද? භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූහ. හෙතෙම කිසිවකු විසින්වත් ආරාධනා නොකළ බව දැන, මෙසේ කීය. ස්වාමීනි, මා කෙරෙහි අනුකම්පා උපදවා අද දානය මගෙන් පිළිගත මැනවයි ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ ඒ ආරාධනය ඉවසා වදාළහ. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ - තමන්ගේ ගෙදරට වඩමවාගෙන ගොස් බුදුන්ට සුදුසු ආසනයක් පනවා එහි භාග්‍යවතුන් වහන්සේ වඩා හිඳුවා ප්‍රණීත ආහාරපානවලින් සැතැප්පවිය. භාග්‍යවතුන් වහන්සේ නිමවන ලද බත්කිස ඇත්තේ ඔහුට අනුමෝදනා කොට වැඩමවූහ. ඉතිරි ශේෂය අනන්තර විමාන වස්තුව හා සමානයි. එහෙයින් කියන ලදී.
“උච්චමිදං මණිථූණං විමානං…පෙ… නාරියො ච නච්චන්ති සුවණ්ණඡන්නා.
දොළොස් යොදුනක් හාත්පස පැතිරුණා වූ ඉතා උසස් වූ මැණික්වලින් කරන ලද මේ විමානයේ සත්සියයක් කුළුගෙවල් වෙති. වෛධූර්ය මැණික්වලින් උසට තනන ලද ස්තම්භ ඇත්තාහ.
“කෙන තෙතාදිසො වණ්ණො…පෙ… වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
තමන් යමක් කැමති වේද, ඒ කැමති වන්නා වූ කෑ යුතු දේ ද පිය යුතු දේ ද ඇත. දිව්‍ය වීණාවන්ගෙන් සංගීත රාවය උපදවයි. දිව්‍යමය වූ පංචකා ගුණ සම්පත් වෙති. රන්වන් වූ දෙවඟනෝ රන්වන් වත්ර හැඳ නටත්.
සියලු දිසාවන් බබුළුවන්නා වූ මේ අන්දමේ වර්ණයක් හා මේ අන්දමේ මහා සම්පත් කවර කුසලයකින් ලැබුයේද?
“සො දෙවපුත්තො අත්තමනො…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
ඒ දේවපුත්‍රයා මහා මුගලන් තෙරුන් විසින් තමගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් තමන් විසින් කරන ලද කර්මය හා කර්මඵලය විස්තර කරමින්
“කරණීයානි පුඤ්ඤානි, පණ්ඩිතෙන විජානතා; සම්මග්ගතෙසු බුද්ධෙසු, යත්ථ දින්නං මහප්ඵලං.
කළයුතු කටයුතු දන්නා වූ පණ්ඩිතයන් විසින් පින්කම් නම් කළ යුතුමය. යහපකොට පැමිණි බුදුවරුන් විෂයෙහි යමක් දෙන ලද නම් එය මහත්ඵල මහානිසංස වේ.
“අත්ථාය වත මෙ බුද්ධො, අරඤ්ඤා ගාමමාගතො; කත්ථ චිත්තං පසාදෙත්වා, තාවතිංසූපගො අහං.
අරණ්‍යයෙහි සිට එන මට හිත වැඩ පිණිස බුදුන් වහන්සේ හමුවිය. උන්වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන දන් දුන් පිනින් තව්තිසා දෙව්ලොව උපත ලදිමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ… වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
ඒ පින්කමේ විපාකයෙන් සකල දිසාවන් බබලවන වර්ණය හා අනෙක් සම්පත් ලදිමි.
තත්ථ පණ්ඩිතෙනාති සප්පඤ්ඤෙන. විජානතාති අත්තනො හිතාහිතං ජානන්තෙන. සම්මග්ගතෙසූති සම්මාපටිපන්නෙසු, බුද්ධෙසූති සම්මාසම්බුද්ධෙසු.
එහි පණ්ඩිතෙන ප්‍රඥා සහිත වූවන් විසින් විජානතා තමන්ට හිත අහිත බව දැනගත්තවුන් විසින් සම්මග්ගතෙසු මනාව පිළිපන්නා වූ බුද්ධෙසු සම්මා සම්බුද්ධයන් වහන්සේලා කෙරෙහි
අත්ථායාති හිතාය, වුඩ්ඪියා වා. අරඤ්ඤාති විහාරතො, ජෙතවනං සන්ධාය වදති . තාවතිංසූපගොති තාවතිංසදෙවකායං, තාවතිංසභවනං වා උප්පජ්ජනවසෙන උපගතො. සෙසං වුත්තනයමෙව.
අත්ථාය හිතවැඩ පිණිස අරඤ්ඤානි වාසය කරන්නේ ජේතවන විහාරය සඳහා කියන ලදී. තාවතිංසුපගො තව්තිසා දිව්‍ය සමූහයා තව්තිසා දෙව්ලොව ඉපදීම් වශයෙන් පැමිණියේ සෙස්ස පළමු කී නයින්ම දතයුතු.
කරණීයවිමානවණ්ණනා නිට්ඨිතා.
කරණීය විමාන වර්ණනාව නිමියේය.
7. දුතියකරණීයවිමානවණ්ණනා
7. ද්විතීය කරණීය විමාන වර්ණනා
සත්තමවිමානං ඡට්ඨවිමානසදිසං. කෙවලං තත්ථ උපාසකෙන භගවතො ආහාරො දින්නො, ඉධ අඤ්ඤතරස්ස ථෙරස්ස. එසං වුත්තනයමෙව. තෙන වුත්තං –
සත්වැනි විමාන වතුවයි. සයවැන්න හා සමානයි. එක්තරා උපාසකයකු විසින් භාග්‍යවතුන් වහන්සේට ආහාර පූජාව පවත්වන්නේය. දිනක් මේ උපාසක තෙමේ එක්තරා තෙරණුන් වහන්සේ නමක් හමු වී උන්වහන්සේ ගෙදරට වැඩමවාගෙන ඇවිත් සකසා දන් දුන්නේය. සෙස්ස පෙර කථාවල සඳහන් අයුරින් දතයුතුය.
“උච්චමිදං මණිථූණං විමානං, සමන්තතො ද්වාදස යොජනානි; කූටාගාරා සත්තසතා උළාරා, වෙළුරියථම්භා රුචකත්ථතා සුභා.
දොළොස් යොදුනක් හාත්පස පැතිරුණා වූ ඉතා උස් වූ මැණික්වලින් කරන ලද මේ විමානයේ සත්සියයක් කුළුගෙවල් වෙති. වෛධූර්ය මැණික්වලින් උසට තනන ලද ස්තම්භ ඇත්තාහ.
“තත්ථච්ඡසි පිවසි ඛාදසි ච, දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං; දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච, නාරියො ච නච්චන්ති සුවණ්ණඡන්නා.
තමන් යමක් කැමති වේද ඒ කැමති වන්නා වූ කෑ යුතු දේ ද, දිය යුතු දේ ද ඇත. දිව්‍ය වීණාවන්ගෙන් සංගීත රාවය උපදවයි. දිව්‍යමය වූ පංචක ගුණ සම්පත් වෙති. රන්වන් වූ දෙවඟනෝ රන්වන් වස්ත්‍ර හැඳ නටත්.
“කෙන තෙතාදිසො වණ්ණො…පෙ… වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
සියලු දිසාවන් බබුළුවන්නා වූ මේ අන්දමේ වර්ණයක් හා මේ අන්දමේ මහා සම්පත් කවර කුසලයකින් ලැබුයේද?
“සො දෙවපුත්තො අත්තමනො…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
ඒ දේවපුත්‍රයා මහ මුගලන් තෙරුන් විසින් තමන්ගෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කරන ලද කර්මයන් පිළිබඳ විස්තරය ප්‍රකාශ කරන ලදී.
“කරණීයානි පුඤ්ඤානි, පණ්ඩිතෙන විජානතා; සම්මග්ගතෙසු භික්ඛූසු, යත්ථ දින්නං මහප්ඵලං.
බුද්ධිමත් නුවණැත්තන් විසින් පින්කම් කළ යුතුය. තුන් සිත පහදවාගෙන බුදුවරුන් කෙරෙහි දෙන දානය මහත්ඵල මහානිසංස වේ.
“අත්ථාය වත මෙ භික්ඛු, අරඤ්ඤා ගාමමාගතො; තත්ථ චිත්තං පසාදෙත්වා, තාවතිංසූපගො අහං.
ආරණ්‍යයේ සිට ගමට වඩින්නා වූ එක් භික්ෂුනමක් මට හමුවිය. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගෙදරට වඩමවා මගේ අර්ථය සඳහා උන්වහන්සේට සමකොට දන් පිරිනැමීමි. ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව උපත ලැබුවෙමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ… වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
සියලු දිසාවන් බබළන වර්ණයක් හා මේ සියලු සම්පත් ඒ දන්දීමේ පිනෙන් මම ලදිමි.
දුතියකරණීයවිමානවණ්ණනා නිට්ඨිතා.
දෙවැනි කරණීය විමාන වර්ණනාව නිමියේ ය.
8. සූචීවිමානවණ්ණනා
8. සුචිවිමාන වර්ණනා
උච්චමිදං මණිථූණං විමානන්ති සූචිවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ. තෙන සමයෙන ආයස්මතො සාරිපුත්තස්ස චීවරකම්මං කාතබ්බං හොති, අත්ථො ච හොති සූචියා. සො රාජගහෙ පිණ්ඩාය චරන්තො කම්මාරස්ස ගෙහද්වාරෙ අට්ඨාසි. තං දිස්වා කම්මාරො ආහ “කෙන, භන්තෙ, අත්ථො”ති? “චීවරකම්මං කාතබ්බං අත්ථි, සූචියා අත්ථො”ති. කම්මාරො පසන්නමානසො කතපරියොසිතා ද්වෙ සූචියො දත්වා “පුනපි, භන්තෙ, සූචියා අත්ථෙ සති මම ආචික්ඛෙය්යාථා”ති වත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දි. ථෙරො තස්ස අනුමොදනං කත්වා පක්කාමි. සො අපරභාගෙ කාලං කත්වා තාවතිංසෙසු උප්පජ්ජි. අථ ආයස්මා මහාමොග්ගල්ලානො දෙවචාරිකං චරන්තො තං දෙවපුත්තං ඉමාහි ගාථාහි පුච්ඡි –
උච්චමිදං මණිථූනං යනු සුචි විමාන වස්තුවයි. එහි උපත කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඇසුරුකොට වෙළුවනයෙහි වැඩ වසති. එ සමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ සිවුරු මැසීම් කළයුතු වූයේය. ඒ සඳහා ඉඳිකටුවල අවශ්‍යතාවයක් විය. සැරියුත් හිමියෝ රජගහ නුවර පිඬු සිඟා හැසිරෙමින් කර්මාන්තකරුගේ ගෙදරට වැඩ ගේ දොරකඩ වැඩ සිටියේය. කර්මාන්තකරු උන්වහන්සේ දැක පැමිණ ස්වාමීනි, කුමක් අවශ්‍යදැයි ඇසීය. සිවුරක් මසා ගැනීමට තිබේ. ඉඳිකටුවල අවශ්‍යතාවයක් ඇත. කර්මාන්තකරු ප්‍රසන්න වූ සිතින් ආරක්ෂා කරන ලද ඉඳිකටු දෙකක් ගෙනැවිත් පූජාකොට, ස්වාමීනි, නැවතත් ඉඳිකටුවල අවශ්‍යතාවයක් ඇතොත් මා වෙත දන්වන්නැයි කියා පසඟ පිහිටුවා වැන්දේය. ස්ථවිරයන් වහන්සේ ඔහුට අනුමෙවැනි බණ වදාරා වැඩියහ. හෙතෙම පසුකලෙක කළුරියකොට තව්තිසා දෙව්ලොව උපණි. ඉක්බිති මහා මුගලන් ස්ථවිරයන් වහන්සේ දෙව්ලොව චාරිකාවේ හැසිරෙන්නේ ඒ දේවපුත්‍රයා වෙතින් මේ ගාථාවන්ගෙන් කරුණු විචාළේය.
“උච්චමිදං මණිථූණං විමානං…පෙ…
දොළොස් යොදුනක් හාත්පස පැතිරුණා වූ ඉතා උස් වූ මැණික්වලින් කරන ලද මේ විමානයේ සත්සියයක් කුළුගෙවල් වෙති. වෛධූර්ය මැණික්වලින් උසට තනන ලද ස්තම්භ ඇත්තාහ.
වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
තමන් යමක් කැමති වේද, ඒ කැමති වන්නා වූ කෑ යුතු දේ ද, පිය යුතු දේ ද ඇත. දිව්‍ය වීණාවන්ගෙන් සංගීත රාවය උපදවයි. දිව්‍යමය වූ පංචක ගුණ සම්පත් වෙති. රන්වන් වූ දෙවඟනෝ රන්වන් වස්ත්‍ර හැඳ නටත්.
කුමන කුසල කර්මයක් හේතුවෙන් මේ අන්දමේ රූප සම්පත්තියක් මෙවැනි භවභෝග සම්පත් ලැබුවේද? සිතේ සතුටින් කරන ලද කුසලය කවරේද?
මහානුභාව සම්පන්න දෙවිය, සියලු දිසාවන් බබුළුවන්නා වූ ප්‍රභාවයක්, වර්ණයක් කෙසේ ලැබුවේදැයි විමසමි.
“සො දෙවපුත්තො අත්තමනො…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
ඒ දේවපුත්‍රයා මහා මුගලන් හිමි තමන්ගෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කරන ලද කුසල කර්මය ප්‍රකාශ කරමින් ප්‍රශ්නයට පිළිතුරු සැපයීය.
“යං දදාති න තං හොති, යඤ්චෙව දජ්ජා තඤ්චෙව සෙය්යො; සූචි දින්නා සූචිමෙව සෙය්යො.
යමක් දෙයිද, එයම නො ලැබේ. යමක් පිරිසිදු සිතින් දෙන්නේ ද ඒ දීමම ශ්‍රේෂ්ඨය. ඉඳිකටු දානය ඉඳිකටු තුඩ මෙන්ම ශ්‍රේෂ්ඨය.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ… වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
ඉඳිකටු දානමය කුසල කර්මයෙන් මේ සමාන වර්ණයක් සකල දිසා බබුළුවන රූ සපුවක් ලදිමි.
තත්ථ යං දදාතීති යාදිසං දෙය්යධම්මං දදාති. න තං හොතීති තස්ස තාදිසමෙව ඵලං න හොති. අථ ඛො ඛෙත්තසම්පත්තියා ච චිත්තසම්පත්තියා ච තතො විපුලතරං උළාරතරමෙව ඵලං හොති. තස්මා යඤ්චෙව දජ්ජා තඤ්චෙව සෙය්යොති යංකිඤ්චිදෙව විජ්ජමානං දජ්ජා දදෙය්ය, තඤ්චෙව තදෙව සෙය්යො, යස්ස කස්සචි අනවජ්ජස්ස දෙය්යධම්මස්ස දානමෙව සෙය්යො, කස්මා? මයා හි සූචි දින්නා සූචිමෙව සෙය්යො, සූචිදානමෙව මය්හං සෙය්යං ජාතං, යතො අයමීදිසී සම්පත්ති ලද්ධාති අධිප්පායො.
එහි යං දදාති යම් බඳු වූ දාන වස්තුවක් දෙය්ය ධර්මයක් න තං හොති යනු ඒ දෙන දෙයක්ම විපාකය වශයෙන් නොලැබේ. ඉක්බිති ක්ෂේත්‍ර සම්පත්තිය ද චිත්ත සම්පත්තිය ද මහත් වූ ද විපුලතර වූ ද විපාක ලබා දෙයි. එහෙයින් යඤ්වෙව දජ්ජා තඤ්චෙව සෙය්යො පෙනෙන්නා වූ යම්කිසි දෙයක් දෙන්නේ නම් එයම දීම ශ්‍රේෂ්ටය. නිවැරදි අන්දමින් දෙන්නා වූ දෙය්ය ධර්මයමැ දාන වස්තුවම ශ්‍රේෂ්ටය කවර හෙයින්ද, මා විසින් සුචිදින්නා සුචි මෙව සෙය්යො දෙන ලද ඉඳිකටු දානය ශ්‍රේෂ්ඨය. මෙවැනි සම්පත් ලැබුයේ ඒ කුශලයෙනි.
සූචිවිමානවණ්ණනා නිට්ඨිතා.
සුචී විමාන වර්ණනාව නිමියේ ය.
9. දුතියසූචිවිමානවණ්ණනා
9. ද්විතීය සූචිවිමාන වර්ණනා
උච්චමිදං මණිථූණන්ති දුතියසූචිවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ. තෙන සමයෙන රාජගහවාසී එකො තුන්නකාරකො විහාරපෙක්ඛකො හුත්වා වෙළුවනං ගතො. තත්ථ අඤ්ඤතරං භික්ඛුං වෙළුවනෙ කතසූචියා චීවරං සිබ්බන්තං දිස්වා සූචිඝරෙන සද්ධිං සූචියො අදාසි. සෙසං සබ්බං වුත්තනයමෙව.
උච්චමිදං මණිථූනං යනුවෙන් ආරම්භ වන දෙවැනි සුචි විමාන වස්තුවයි. එහි උපත කවරේද? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන විහාරයේ වැඩවසන සේක. ඒ සමයෙහි දී රජගහ නුවර වැසි එක් රෙදි වියනක් විහාරය අසල ජීවත් වූයේ දිනක් විහාරයට පැමිණියේය. එහිදී එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ඉඳිකටුවකින් සිවුරු ගෙත්තම් කරනු දැක, ඉඳිකටු ගුලාවක් ද සහිතව ඉඳිකටු පූජා කළේය. ඉතිරි සියල්ල පෙර කියන ලද අයුරිනි.
“උච්චමිදං මණිථූණං විමානං…පෙ… වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති. – පුච්ඡි;
හාත්පසින් උස්ව නැංගා වූ මිණිමය ටැම් හා කුළුගෙවල් සහිත ස්වර්ණමය විමානයකි. හාත්පස දොළොස් යොදුනක් ඒ විමානය පැතිර සිටී. ඔබගේ ඡවි වර්ණය ද සියලු දිසාවන් බබුළුවයි. ආදි වශයෙන් මුගලන් තෙරුන් විමසීය.
“සො දෙවපුත්තො අත්තමනො…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
ඒ දේවපුත්‍රයා මුගලන් මහ තෙරුන් විසින් තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් තමන් විසින් යම් කර්මයක් කරන ලද එහි කර්ම විපාකය පවසන්නේ,
“අහං මනුස්සෙසු මනුස්සභූතො, පුරිමජාතියා මනුස්සලොකෙ.
මෙයින් පෙර ආත්මභාවයේ මම මිනිස්ලොව මිනිසකු වී ඉපදුනෙමි. එහිදී
“අද්දසං විරජං භික්ඛුං, විප්පසන්නමනාවිලං; තස්ස අදාසහං සූචිං, පසන්නො සෙහි පාණිභි.
හද තුළ ප්‍රසාදය උපදවන්නා වූ රජස් දුරු කළා වූ එක් භික්ෂූන් වහන්සේ නමක් හමු වී උන්වහන්සේට ප්‍රසන්න වූ සිතින් මගේ දෑතින්ම ඉඳිකටුවක් පූජා කළෙමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ… වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
ඒ ඉඳිකටු පූජාවේ ආනිසංසයෙන් සියළු දිසා බබළවන්නා වූ මෙවැනි ප්‍රභාවයක් ද, මෙබඳු ඡවි වර්ණයක් ද ලැබුවෙමි.
තං සබ්බං හෙට්ඨා වුත්තනයමෙව.
ඉතිරි සියල්ල පෙර කී පරිද්දෙන් දත යුතු.
දුතියසූචිවිමානවණ්ණනා නිට්ඨිතා.
දෙවැනි සුචි විමාන වර්ණනාව නිමියේ ය.
10. නාගවිමානවණ්ණනා
10. නාගවිමන වර්ණනා
සුසුක්කඛන්ධං අභිරුය්හ නාගන්ති නාගවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො හෙට්ඨා වුත්තනයෙනෙව දෙවචාරිකං චරන්තො තාවතිංසභවනං උපගතො. තත්ථ අද්දස අඤ්ඤතරං දෙවපුත්තං සබ්බසෙතං මහන්තං දිබ්බනාගං අභිරුය්හ මහන්තෙන පරිවාරෙන මහතා දිබ්බානුභාවෙන ආකාසෙන ගච්ඡන්තං, සබ්බා දිසා චන්දො විය සූරියො විය ච ඔභාසයමානං. දිස්වා යෙන සො දෙවපුත්තො තෙනුපසඞ්කමි. අථ සො දෙවපුත්තො තතො ඔරුය්හ ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි. අථ ථෙරො –
සුසුක්‍ඛන්‍ධං අභිරුය්හ නාගං යනුවෙන් ආරම්භ වන්නේ නාග විමාන වස්තුවයි. එහි උත්පත්ති කථාව කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ දෙව්ලොව චාරිකාවේ සැරිසරන්නේ මින් පෙර කියන ලද පරිද්දෙන්ම තව්තිසා දෙව්ලොවට වැඩි සේක. එහිදී සම්පූර්ණයෙන්ම ධවල වූ හොඳ උස මහත ඇති දිව්‍ය හස්තිරාජයකු පිට නැගී මහත් පිරිවර සමගින් මහත් දිව්‍යානුභාවයෙන් හිරු සඳු නැගුණා සේ සකල දිසාවන් බබළවමින් යන්නා වූ එක්තරා දිව්‍ය පුත්‍රයකු දැක්කේය. ඔහු දැක ඒ දේවපුත්‍රයා වෙත වැඩමවීය. ඉක්බිති දිව්‍යපුත්‍රයා උන්වහන්සේ දැක ඇත්කඳින් බැස ආයුෂ්මත් මුගලන් තෙරුන් නැමද ඇඳිලි බැඳගෙන සිටියේය. ඉක්බිති තෙරුන් වහන්සේ -
“සුසුක්කඛන්ධං අභිරුය්හ නාගං, අකාචිනං දන්තිං බලිං මහාජවං; අභිරුය්හ ගජවරං සුකප්පිතං, ඉධාගමා වෙහායසං අන්තලික්ඛෙ.
සර්වාංගයම ධවල වූ මනාව වැඩුණු දළ ඇති මහත් ජව සම්පන්න වූ මනා සිරුරින් යුත්, උතුම් වූ ගජයානයට නැගි අහස් කුස පුරා ආලෝකය පතුරුවමින් කොහි යන්නෙහිද?
“නාගස්ස දන්තෙසු දුවෙසු නිම්මිතා, අච්ඡොදකා පදුමිනියො සුඵුල්ලා; පදුමෙසු ච තූරියගණා පවජ්ජරෙ, ඉමා ච නච්චන්ති මනොහරායො.
ඇතාගේ දළ දෙක අග පිරිසිදු සිහිල් දිය සපිරි මනාව පිපී ගියා වූ නෙළුම් මානෙල් ආදී මල්වලින් ගැවසී ගත් පොකුණු ඇත්තේය. ඒ පොකුණුවල පිපුණු මල් පෙති සිට තූර්ය නාදයන්ට අනුව මනහර නර්තනයන් දක්වන දිව්‍යාංගනාවෝ රඟ දෙන්නාහ.
“දෙවිද්ධිපත්තොසි මහානුභාවො, මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං; කෙනාසි එවං ජලිතානුභාවො, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති. –
මහානුභාව සම්පන්න දේව පුත්‍රයාණනි, මෙවැනි දිලිසෙන්නා වූ සිරුරක් ලබා, සියලු දිසා බබුළුවන ප්‍රභාවයක් සහිත මේ මහා සම්පත් ලබන්නට ඔබ මිනිසෙකු වී කිනම් පුණ්‍ය කර්මයක් කළේද?
තස්ස සම්පත්තිකිත්තනමුඛෙන කතකම්මං පුච්ඡි.
තත්ථ සුසුක්කඛන්ධන්ති සුට්ඨු සෙතඛන්ධං. කිඤ්චාපි තස්ස නාගස්ස චත්තාරො පාදා, වත්ථිකොසං, මුඛප්පදෙසො, උභො කණ්ණා, වාලධීති එත්තකං මුඤ්චිත්වා සබ්බො කායො සෙතොව, ඛන්ධප්පදෙසස්ස පන සාතිසයං ධවලතරතාය වුත්තං “සුසුක්කඛන්ධ”න්ති. නාගන්ති දිබ්බං හත්ථිනාගං. අකාචිනන්ති නිද්දොසං , සබලලවඞ්කතිලකාදිඡවිදොසවිරහිතන්ති අත්ථො. “ආජානීය”න්තිපි පාළි, ආජානීයලක්ඛණූපෙතන්ති අත්ථො. දන්තින්ති විපුලරුචිරදන්තවන්තං. බලින්ති බලවන්තං මහාබලං. මහාජවන්ති අතිජවං සීඝගාමිං. පුන අභිරුය්හාති එත්ථ අනුනාසිකලොපො දට්ඨබ්බො, අභිරුය්හං ආරොහනීයන්ති වුත්තං හොති. සෙසං වුත්තනයමෙව.
එහි සුසුක්‍ඛන්‍ධං යනු මනාව ධවල වූ ශරීරය ඒ ඇතුගේ පා සතර වස්ති කෝෂය මුහුණු පෙදෙස, කන් දෙක වලිගය ඇතුළත් මෙපමණක් හැර මුළු සිරුරම ධවලය. කඳ පෙදෙස අතිශයින්ම ධවල වේ යයි කියන ලදී. ඒ නිසා සුසුක්‍ඛන්‍ධං යනු කීහ. නාගං දිව්‍යමය වූ හස්ති නාගයා අකාවිනං දොස් රහිතය. කබර ලකුණු තිත් පැල්ලම් කැළැල් ආදි කිසිවක් නැති යන අර්ථයි. ‘ආජානීයං’ පෙළ ආජානීය ලක්ෂණ දක්වන්නේ යයි කියන ලද දන්තීනං දත් මනාව වැඩුණු සිත්කළු දළ ඇත්තේය. බලිං මහා බලවත්ය. මහාජවං ශීඝ්‍ර වූ ගමන් වේග ජව ඇත්තාය. අභිරුය්හා යනු මෙහි අනුනාසිකය ලොප් වූ බව දතයුතුයි. ආරෝහ පරිණාහයෙන් යුත් දේහයකින් යුක්තය. සෙසු විස්තර සඳහන් පරිදිය.
එවං පන ථෙරෙන පුට්ඨො දෙවපුත්තො අත්තනා කතකම්මං කථෙන්තො –
මෙසේ තෙරුන් වහන්සේ විසින් විචාරන ලදුව ඒ දේවපුත්‍ර තෙමේ තමන් විසින් කරන ලද පුණ්‍යකර්මය විස්තර කරමින්
“අට්ඨෙව මුත්තපුප්ඵානි, කස්සපස්ස මහෙසිනො; ථූපස්මිං අභිරොපෙසිං, පසන්නො සෙහි පාණිභි.
මහර්ෂි වූ කාශ්‍යප බුදුන් වහන්සේගේ ධාතු නිදන් කළ ස්ථූපය වෙත ප්‍රසන්න වූ සිතින් මගේ දෑතින්ම මල් අටක් පූජා කළෙමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ… වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. – ඉමාහි ගාථාහි බ්යාකාසි;
ඒ කුසල කර්මය හේතුවෙන් සියලු දිසා බබුළුවන සුළු මෙවැනි වර්ණයක් ද ඡවි වර්ණයක් ද මේ සම්පත්තීන් ද ලදිමියි මේ ගාථාවලින් හෙළි කළේය.
තස්සත්ථො – අහං පුබ්බෙ කස්සපසම්මාසම්බුද්ධස්ස යොජනිකෙ කනකථූපෙ වණ්ටතො මුච්චිත්වා ගච්ඡමූලෙ පතිතානි අට්ඨ මුත්තපුප්ඵානි ලභිත්වා තානි ගහෙත්වා පූජනවසෙන පසන්නචිත්තො හුත්වා අභිරොපෙසිං පූජෙසිං.
එහි අර්ථය - [missing trans]
අතීතෙ කිර කස්සපසම්මාසම්බුද්ධෙ පරිනිබ්බුතෙ යොජනිකෙ කනකථූපෙ ච කාරිතෙ සපරිවාරො කිකී කාසිරාජා ච නාගරා ච නෙගමා ච ජානපදා ච දිවසෙ දිවසෙ පුප්ඵපූජං කරොන්ති. තෙසු තථා කරොන්තෙසු පුප්ඵානි මහග්ඝානි දුල්ලභානි ච අහෙසුං. අථෙකො උපාසකො මාලාකාරවීථියං විචරිත්වා එකමෙකෙන කහාපණෙන එකමෙකම්පි පුප්ඵං අලභන්තො අට්ඨ කහාපණානි ගහෙත්වා පුප්ඵාරාමං ගන්ත්වා මාලාකාරං ආහ “ඉමෙහි අට්ඨහි කහාපණෙහි අට්ඨ පුප්ඵානි දෙහී”ති. “නත්ථය්යො පුප්ඵානි, සම්මදෙව උපධාරෙත්වා ඔචිනිත්‍වා දින්නානී”ති. “අහං ඔලොකෙත්වා ගණ්හාමී”ති. “යදි එවං, ආරාමං පවිසිත්වා ගවෙසාහී”ති. සො පවිසිත්වා ගවෙසන්තො පතිතානි අට්ඨ පුප්ඵානි ලභිත්වා මාලාකාරං ආහ “ගණ්හ, තාත, කහාපණානී”ති. “තව පුඤ්ඤෙන ලද්ධානි, නාහං කහාපණානි ගණ්හාමී”ති ආහ. ඉතරො “නාහං මුධා පුප්ඵානි ගහෙත්වා භගවතො පූජං කරිස්සාමී”ති කහාපණානි තස්ස පුරතො ඨපෙත්වා පුප්ඵානි ගහෙත්වා චෙතියඞ්ගණං ගන්ත්වා පසන්නචිත්තො පූජං අකාසි. සො අපරභාගෙ කාලං කත්වා තාවතිංසෙසු උප්පජ්ජිත්වා තත්ථ යාවතායුකං ඨත්වා පුනපි දෙවලොකෙ, පුනපි දෙවලොකෙති එවං අපරාපරං දෙවෙසුයෙව සංසරන්තො තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන ඉමස්මිම්පි බුද්ධුප්පාදෙ තාවතිංසෙසුයෙව උප්පජ්ජි. තං සන්ධාය හෙට්ඨා වුත්තං “තත්ථ අද්දස අඤ්ඤතරං දෙවපුත්ත”න්තිආදි.
අතීතයේ යටගිය දවස කස්සප සම්මා සම්බුදු රජුන් උදෙසා තනවන ලද යොදුනක් පමණ වූ රන්වන් ස්ථූපය අබියස කසී රජ වූ කිකී රජු පිරිවර සහිතවද නාගරිකයෝ ද ගම්වැසියෝ ද ජනපද වැසියෝ ද දිනපතා මල් පූජා කරති. මේ නිසා මල් ඉතා මිල වැඩි වූද අනර්ඝ වූද දුර්ලභ වූද වස්තුවක් විය. ඉක්බිති එක් උපාසකයෙක් මල් කඩ ඇති වීදියේ ඇවිද එක කහවණුවකට එක මලක්වත් මිලදී ගත නොහැකි වූයේ මල් නොලැබ කහවණු අට ගෙන උයන් ගොව්වා වෙත ගොස් මේ කහවණු අට ගෙන මල් අටක් දෙන්නැයි ඉල්ලීය. යහළුව, එකම මලක්වත් උයනේ නැත. සියළුම මල් කඩා දී ඇත. මිත්‍රය, මම එසේ නම් මල් උයනට ගොස් මල් තිබේ නම් කඩා ගන්නැයි කීය. උපාසකයා මල් උයනට ගොස් විමසන්නේ සොයා බලන්නේ එක් මල් ගහක් යට නටුවෙන් ගිලිහී බිම වැටුණු මල් අටක් දැක එය ගෙන මල්කරු වෙත ගොස් යහළුව, මම මල් අටක් ලදිමි. ඒ වෙනුවෙන් මේ කහවනු අට ගන්නැයි උපාසකයා පැවසීය. එවිට මල්කරු යහළුව, මේ මල් අට ඔබගේ පිනින් ලද දෙයකි. ඒ සඳහා මම මුදල් නොගනිමියි පැවසීය. උපාසක තෙමේ මේ මල් භාග්‍යවතුන් වහන්සේ වෙත මම පූජා කරමියි මල්කරු ඉදිරියේ කහවණු තබා මල් ගෙන සෑ මළුව වෙත ගොස් පැහැදුණු ශ්‍රද්ධා සිතින් සෑයට මල් පූජා කළේය. හෙතෙම සන්ධ්‍යා සමයේ කළුරියකොට තතිසා දෙව්ලොව ඉපිද ඒ පින් බලෙන් නැවත නැවත දිව්‍යලෝක උත්පත්තිය ලබා මිනිස්ලොව හා දෙව්ලොව සැරිසරන්නේ අපගේ බුදුරදුන්ගේ කාලයේ තව්තිසා දෙව්ලොව උපත ලැබීය. මේ කාරණය පැහැදිලි කිරීම සඳහා ඉහත සඳහන් පුවත කියන ලදී. තත්ථ අද්දස අඤ්ඤතරං දෙවපුත්තං ආදි විස්තරය සඳහන්ය.
තං පනෙතං පවත්තිං ආයස්මා මහාමොග්ගල්ලානො මනුස්සලොකං ආගන්ත්වා භගවතො ආරොචෙසි. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය විත්ථාරෙන ධම්මං දෙසෙසි. සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
මේ ප්‍රවෘත්තිය ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ මිනිස්ලොවට පැමිණ තථාගතයන් සමග පැවසීය. භාග්‍යවතුන් වහන්සේ එම පුවත අර්ථෝත්පත්ති කොටගෙන සහභාගිව සිටි පිරිසට විස්තර වශයෙන් ධර්මය දෙසූ සේක. ඒ දේශනාව මහජනයාට සාර්ථක විය.
නාගවිමානවණ්ණනා නිට්ඨිතා.
නාග විමාන වර්ණනාව නිමියේ ය.
11. දුතියනාගවිමානවණ්ණනා
11. ද්විතීය නාගවිමාන වර්ණනා
මහන්තං නාගං අභිරුය්හාති දුතියනාගවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ. තෙන සමයෙන රාජගහෙ අඤ්ඤතරො උපාසකො සද්ධො පසන්නො පඤ්චසු සීලෙසු පතිට්ඨිතො උපොසථදිවසෙසු උපොසථසීලං සමාදියිත්වා පුරෙභත්තං අත්තනො විභවානුරූපං භික්ඛූනං දානානි දත්වා සයං භුඤ්ජිත්වා සුද්ධවත්ථනිවත්ථො සුද්ධුත්තරාසඞ්ගො පච්ඡාභත්තං යෙභුය්යෙන අට්ඨ පානානි ගාහාපෙත්වා විහාරං ගන්ත්වා භික්ඛුසඞ්ඝස්ස නිය්යාදෙත්වා භගවන්තං උපසඞ්කමිත්වා ධම්මං සුණාති. එවං සො සක්කච්චං දානමයං සීලමයඤ්ච බහුං සුචරිතං උපචිනිත්වා ඉතො චුතො තාවතිංසෙසු උප්පජ්ජි. තස්ස පුඤ්ඤානුභාවෙන සබ්බසෙතො මහන්තො දිබ්බො හත්ථිනාගො පාතුරහොසි. සො තං අභිරුය්හ මහන්තෙන පරිවාරෙන මහන්තෙන දිබ්බානුභාවෙන කාලෙන කාලං උය්යානකීළං ගච්ඡති.
මහන්තං නාගං අභිරුය්හ මේ දෙවැනි නාග විමාන වස්තුවයි. එහි උත්පත්තිය කවරේද? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන විහාරයෙහි වසන සමයෙහි රජගහ නුවර ශ්රද්ධාවන්ත උපාසකයෙක් වූයේය. ඔහු පන්සිල්හි පිහිටියේ පොහෝ දවස්හි උපෝසථ සීලය සමාදන්ව පෙර බත් කාලයේ තම සම්පත් අනුව භික්ෂූන්ට දන් දී තමන් ද අහර ගෙන සවස් කාලයේ පිරිසිදු වස්ත්‍රයක් ඇඳ පිරිසිදු වස්ත්‍රයක් උතුරු සළුව වශයෙන් පැළඳ බොහෝ වූ අට්ඨ පාන වර්ග ගෙන විහාරයට ගොස් භික්ෂු සංඝයාට පරිත්‍යාගකොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ බණ අසයි. මෙසේ හෙතෙම සකස්කොට දන් දී සිල් රැක බොහෝ සුචරිත කුශල කර්මයන් කොට මිනිස්ලොව ආයු ගෙවා මනුලොවින් චුතව තව්තිසා දෙව්ලොව උපන්නේය. ඔහුගේ පුණ්‍ය මහිමයෙන් සම්පූර්ණයෙන් ධවල වූ දිව්‍ය හස්තියෙක් පහළ විය. හෙතෙම ඒ ඇතුපිට නැගී මහත් වූ පිරිවරින් මහත් වූ දිව්යනුභාවයෙන් කලින් කලට උයන්කෙළි පිණිස යයි.
අථෙකදිවසං කතඤ්ඤුතාය චොදියමානො අඩ්ඪරත්තිසමයෙ තං දිබ්බනාගං අභිරුය්හ මහතා පරිවාරෙන “භගවන්තං වන්දිස්සාමී”ති දෙවලොකතො ආගන්ත්වා කෙවලකප්පං වෙළුවනං ඔභාසෙත්වා හත්ථික්ඛන්ධතො ඔරුය්හ භගවන්තං උපසඞ්කමිත්වා අභිවාදෙත්වා අඤ්ජලිං පග්ගය්හ එකමන්තං අට්ඨාසි . තං භගවතො සමීපෙ ඨිතො ආයස්මා වඞ්ගීසො භගවතො අනුඤ්ඤාය ඉමාහි ගාථාහි පුච්ඡි –
ඉක්බිති එක් දවසක් කළගුණ සළකන්නෙමියි යන පිරිසිදු අදහසින් අර්ධ රාත්‍රී කාලයේ ඒ ඇතු පිට නැගී මහත් පිරිවර සහිතව භාග්‍යවතුන් නමදින්නෙමියි යන සැදැහැ සිතින් දෙව්ලොවින් ඇවිත් වේළුවනය හාත්පස බබුළුවමින් ඇතුපිටින් බැස භාග්‍යවතුන් වහන්සේ වෙත සපිරිවරින් පැමිණ තථාගතයන් වැඳ ඇඳිලි බැඳ ගත්වනම එකත්පස්ව සිටියේය. භාග්‍යවතුන් වහන්සේ සමීපයේ සිටි වංගීස තෙරණුවෝ භාග්‍යවතුන්ගේ අනුදැනීමෙන් මෙම ගාථා මගින් මෙසේ කරුණු විචාළහ.
“මහන්තං නාගං අභිරුය්හ, සබ්බසෙතං ගජුත්තමං; වනා වනං අනුපරියාසි, නාරීගණපුරක්ඛතො; ඔභාසෙන්තො දිසා සබ්බා, ඔසධී විය තාරකා.
සකල ශරීරයම ධවල වූ, උතුම් වූ දිව්‍යමය හස්ති රාජයකු පිට නැගී පිරිවර වශයෙන් දෙවි දේවතාවියන් පෙරටු කරගෙන සමස්ත වේළුවනයම බබළවමින් ඕසධී තාරකාව මෙන් දීප්තිමත්ව බැබළෙමින් මෙහි පැමිණියා වූ ඔබ
“කෙන තෙතාදිසො වණ්ණො…පෙ… වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
මෙවැනි ඡවි වර්ණයක්, ප්‍රිය උපදවන්නා වූ පැහැපත් සිරුරක් සියළු දිසා බබළවන්නා වූ ප්රභාවක් මේ අන්දමේ පිරිවරක් ලබන්නට ඔබ මිනිස්ලොව මිනිසකු වී කිනම් පුණ්‍යකර්මයක් කළේද කවර කුසලයකින් මේ සම්පත් ලද්දේ ද?
තත්ථා පුච්ඡිතො සොපි තස්ස ගාථාහි එව බ්යාකාසි.
“සො දෙවපුත්තො අත්තමනො, වඞ්ගීසෙනෙව පුච්ඡිතො; පඤ්හං පුට්ඨො වියාකාසි, යස්ස කම්මස්සිදං ඵලං”.
වංගීස තෙරුන් විසින් තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් තමන් විසින් කරන ලද කර්මයන් විස්තර කරමින් පිළිතුරු දෙමින් මෙසේ කීය.
“අහං මනුස්සෙසු මනුස්සභූතො, උපාසකො චක්ඛුමතො අහොසිං; පාණාතිපාතා විරතො අහොසිං, ලොකෙ අදින්නං පරිවජ්ජයිස්සං.
‘මම මිනිස් ලොව මිනිසකු වී නුවණැති උපාසකයකු වීමි. ප්‍රාණඝාතයෙන් වැළකුණෙමි. නුදුන් දේ තමන්ට අයත් නැති දේ ගැනීමෛන් දුරු වූයෙමි.
“අමජ්ජපො නො ච මුසා අභාණිං, සකෙන දාරෙන ච තුට්ඨො අහොසිං; අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තො, සක්කච්ච දානං විපුලං අදාසිං.
මන්ද්‍රව්‍ය පානය නො කෙළෙමි. මුසාවාදාදිය නොකීවෙමි. ස්වකීය භාර්යාවන්ගෙන් සතුටට පත් වී පරදාර කර්මයෙහි නො ඇලුනෙමි. ප්‍රසන්න වූ සැදැහැ සිතින් ආහාරපාන ආදිය සකසා මනාකොට මහත් සේ දන් දුන්නෙමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ… වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
කුසල කර්මයන්ගේ විපාක වශයෙන් සියලු දිසා බබුළුවන ප්‍රභාවය ද මෙවැනි ඡවි වර්ණයක් ද ලද්දෙමි.
තත්ථ අපුබ්බං නත්ථි, සෙසං හෙට්ඨා වුත්තනයමෙව.
එහි පෙර නොකී අලුත් යමක් නැත. ඉතිරි සියල්ල කලින් කී ක්‍රමයෙන් ම දතයුතුය.
දුතියනාගවිමානවණ්ණනා නිට්ඨිතා.
දෙවෙනි නාග විමාන වර්ණනාව නිමියේ ය.
12. තතියනාගවිමානවණ්ණනා
12. තෘතීය නාගවිමාන වර්ණනා
කො නු දිබ්බෙන යානෙනාති තතියනාගවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන සමයෙන තයො ඛීණාසවත්ථෙරා ගාමකාවාසෙ වස්සං උපගච්ඡිංසු. තෙ වුත්ථවස්සා පවාරෙත්වා “භගවන්තං වන්දිස්සාමා”ති රාජගහං උද්දිස්ස ගච්ඡන්තා අන්තරාමග්ගෙ සායං අඤ්ඤතරස්මිං ගාමකෙ මිච්ඡාදිට්ඨිකබ්රාහ්මණස්ස උච්ඡුඛෙත්තසමීපං ගන්ත්වා උච්ඡුපාලං පුච්ඡිංසු “ආවුසො, සක්කා අජ්ජ රාජගහං පාපුණිතු”න්ති. “න සක්කා, භන්තෙ, ඉතො අඩ්ඪයොජනෙ රාජගහං, ඉධෙව වසිත්වා ස්වෙ ගච්ඡථා”ති ආහ. “අත්ථෙත්ථ කොචි වසනයොග්ගො ආවාසො”ති? “නත්ථි, භන්තෙ, අහං පන වො වසනට්ඨානං ජානිස්සාමී”ති. ථෙරා අධිවාසෙසුං.
කොනු දිබ්බෙන යානෙන යනුවෙන් ඇරඹෙන තුන්වන නාගවිමාන වත්ථුවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි කලන්දක නිවාපයෙහි හෙවත් ලෙහෙණ අභය භූමියෙහි වාසය කරන සේක. එසමයෙහි රහතන් වහන්සේලා තෙනමක් ගැමි ආවාසයක වස් එළඹියහ. වැස නිමවන ලද වස් ඇති උන්වහන්සේලා පවාරණය කොට භාග්‍යවතුන් වහන්සේ වඳින්නෙමුයි රජගහ නුවර වෙතට යන්නාහ. අතරමග සවස් වේලෙහි එක්තරා ගමක මිසදිටු බමුණකුගේ උක් කෙතක් ළඟට ගොස් මිත්‍රය, අපට අද රජගහ නුවරට යාමට හැකිවේදැයි උක් කෙතෙහි පාලකයාගෙන් විමසූහ. නොහැක ස්වාමීනි, රජගහ නුවර මෙයින් අඩ යොදුනක් දුරින් පිහිටියේය. මෙහිම නැවතී හෙට යනු මැනවැයි කීය. වාසයට සුදුසු කිසියම් ආවාසයක් මෙහි තිබේද? නැත ස්වාමීනි, ඔබ වහන්සේලාට වාසයට සුදුසු ස්ථානයක් මම දනිමි. තෙරුන් වහන්සේලා එයට එකඟ වූහ.
සො උච්ඡූසුයෙව යථාඨිතෙසු සාඛාමණ්ඩපාකාරෙන දණ්ඩකානි බන්ධිත්වා උච්ඡුපණ්ණෙහි ඡාදෙත්වා හෙට්ඨා පලාලං අත්ථරිත්වා එකස්ස ථෙරස්ස අදාසි, දුතියස්ස ථෙරස්ස තීහි උච්ඡූහි දණ්ඩකසඞ්ඛෙපෙන බන්ධිත්වා තිණෙන ඡාදෙත්වා හෙට්ඨා ච තිණසන්ථරං කත්වා අදාසි, ඉතරස්ස අත්තනො කුටියං ද්වෙ තයො දණ්ඩකෙ සාඛායො ච නීහරිත්වා චීවරෙන පටිච්ඡාදෙන්තො චීවරකුටිං කත්වා අදාසි. තෙ තත්ථ වසිංසු. අථ විභාතාය රත්තියා කාලස්සෙව භත්තං පචිත්වා දන්තකට්ඨඤ්ච මුඛොදකඤ්ච දත්වා සහ උච්ඡුරසෙන භත්තං අදාසි. තෙසං භුඤ්ජිත්වා අනුමොදනං කත්වා ගච්ඡන්තානං එකෙකං උච්ඡුං අදාසි “මය්හං භාගො භවිස්සතී”ති. සො ථොකං මග්ගං ථෙරෙ අනුගන්ත්වා නිවත්තන්තො අත්තනො වෙය්යාවච්චඤ්ච දානඤ්ච ආරබ්භ උළාරං පීතිසොමනස්සං පටිසංවෙදෙන්තො නිවත්ති.
හෙතෙමේ උක්ගස් එසේ තිබියදීම උක්දඬු එකට බැඳ උක් පත්‍රවලින් මතුපිට වසා යටට පිදුරු අතුරා එක් තෙර කෙනකුන් හට දුන්නේය. දෙවන තෙරුන් හට උක්ගස් තුනක් සුළුවෙන් බැඳ තණපතින් වසා යටට ද තණපත් ඇතිරිල්ලක් එළා, සකස්කොට දුන්නේ ය. අනෙක් තෙරුන් හට, තමාගේ කුටියෙහි උක්දඬු ශාඛා දෙක තුනක් ඉවත්කොට සිවුරෙන් ආවරණය කරමින් සිදුරු කුටියක් තනා දුන්නේය. උන්වහන්සේලා ඒ ඒ තන්හි වාසය කළහ. ඉක්බිති රැය පහන් වූ කල්හි කල් ඇතිවම බත් පිස දැහැටි ද මුව දෝනා පැන් ද දී උක්පැණි සමග බත් දුන්නේය. ආහාර වළඳා අනුමෝදනාකොට පිටත්ව යන්නා වූ උන්වහන්සේලා හට මෙය මාගේ කොටස වන්නේ යයි සිතා එක් උක්ගස බැගින් දුන්නේය. ටික දුරක් උන්වහන්සේලාට පසුගමන් කළා වූ හෙතෙමේ, තමාගේ වතාවත ද දානය ද අරභයා උදාර වූ සතුටක් සොම්නසක් විඳිමින් නැවතුනේය.
ඛෙත්තසාමිකො පන ගච්ඡන්තානං භික්ඛූනං පටිපථෙන ආගච්ඡන්තො භික්ඛූ පුච්ඡි “කුතො වො උච්ඡු ලද්ධා”ති? “උච්ඡුපාලකෙන දින්නා”ති. තං සුත්වා බ්රාහ්මණො කුපිතො අනත්තමනො තටතටායමානො කොධාභිභූතො තස්ස පිට්ඨිතො උපධාවිත්වා මුග්ගරෙන තං පහරන්තො එකප්පහාරෙනෙව ජීවිතා වොරොපෙසි. සො අත්තනා කතපුඤ්ඤකම්මමෙව අනුස්සරන්තො කාලං කත්වා සුධම්මාදෙවසභායං නිබ්බත්ති. තස්ස පුඤ්ඤානුභාවෙන සබ්බසෙතො මහන්තො දිබ්බවරවාරණො නිබ්බත්ති.
යන්නා වූ භික්ෂූන්ගේ ඉදිරිපිට එන්නා වූ කෙත්හිමියා මුණගැසී, ඔබ කොතැනින් උක්ගස් ලැබුවාවුදැයි ඇසීය. උක් කෙතෙහි පාලකයා විසින් දෙන ලදැයි භික්ෂූහු කීහ. එය අසා කෝපයෙන් නො සතුටු සිත් ඇතිව තම කට හඬින් දත් සපමින් ක්‍රෝධයෙන් මඩනා ලද බ්‍රාහ්මණයා ඒ උක්කෙත පාලකයාගේ පිටුපසින් දුවගෙන ගොස් මුගුරකින් ඔහුට පහර දී එක පහරින්ම ඔහුගේ දිවි තොර කළේය. ඒ උක් කෙත පාලකයා තමන් විසින් කරන ලද පුණ්‍යකර්මයම සිහිකරමින් කළුරිය කොට සුධර්මා නම් දේව සභාවෙහි උපන්නේ ය. ඔහුගේ පින් මහිමයෙන් සම්පූර්ණයෙන්ම සුදු පැහැති වූ මහත් වූ දිව්‍යමය වූ උතුම් හස්තියෙකු ද උපන්නේය.
උච්ඡුපාලකස්ස මරණං සුත්වා තස්ස මාතාපිතරො චෙව ඤාතිමිත්තා ච අස්සුමුඛා රොදමානා තං ඨානං අගමංසු, සබ්බෙ ච ගාමවාසිනො සන්නිපතිංසු. තත්රස්ස මාතාපිතරො සරීරකිච්චං කාතුං ආරභිංසු. තස්මිං ඛණෙ සො දෙවපුත්තො තං දිබ්බහත්ථිං අභිරුහිත්වා සබ්බතාළාවචරපරිවුතො පඤ්චඞ්ගිකෙන තූරියෙන පවජ්ජමානෙන මහන්තෙන පරිවාරෙන මහතියා දෙවිද්ධියා දෙවලොකතො ආගන්ත්වා තාය පරිසාය දිස්සමානරූපො ආකාසෙ අට්ඨාසි. අථ නං තත්ථ පණ්ඩිතජාතිකො පුරිසො ඉමාහි ගාථාහි තෙන කතපුඤ්ඤකම්මං පුච්ඡි –
උක් කෙත පාලකයාගේ මරණය අසා ඔහුගේ මවුපියෝ ද, ඥාති මිත්‍රයෝ ද කඳුළු වගුරුවමින් හඬමින් එතැනට ආහ. සියලු ගම්වැසියෝ ද රැස්වූහ. එහිදී ඔහුගේ මවුපියෝ ඔහුගේ මළසිරුර සඳහා කළයුතු අවසන් කටයුතු ආරම්භ කළහ. එකෙණෙහිම ඒ දෙව්පුත් තෙමේ ද තම දිව්‍යමය හස්තියා පිට නැගී සියලු තූර්ය වාදනයන් සහිතව මහත් වූ පිරිවරින් යුතුව, මහත් වූ දිව්‍යමය ඍද්ධියෙන් යුතුව එම පිරිස අතරට පැමිණ, එම පිරිසට පෙනෙන අයුරින් අහසෙහි සිටියේය. එකල්හි එහි සිටි එක්තරා නුවණැති පුද්ගලයෙක් ඔහු විසින් කරන ලද පුණ්‍යකර්මය මේ අන්දමින් විමසීය.
“කො නු දිබ්බෙන යානෙන, සබ්බසෙතෙන හත්ථිනා; තූරියතාළිතනිග්ඝොසො, අන්තලික්ඛෙ මහීයති.
සම්පූර්ණයෙන්ම සුදු පැහැති වූ ඇතෙකු දිව්‍යමය වූ යානාව වශයෙන් යොදාගෙන, තූර්යවාදන ඝෝෂා සහිතව අහස් ගැබෙහි බුහුමන් ලබමින් සිටින ඔබ කවරනම් අයෙක්ද?
“දෙවතා නුසි ගන්ධබ්බො, අදු සක්කො පුරින්දදො; අජානන්තා තං පුච්ඡාම, කථං ජානෙමු තං මය”න්ති.
ඔබ දේවතාවෙක් ද, ගාන්ධර්වයෙක් ද, නොහොත් පුරින්දද නම් වූ ශක්‍රයාද, ඒ බව නොදන්නා වූ අපි ඔබගෙන් විමසමු. ඔබ කවරෙකුදැයි අපි හඳුනා ගන්නෙමුද?
සොපිස්ස ඉමාහි ගාථාහි එතමත්ථං බ්යාකාසි –
ඒ දිව්‍යපුත්‍ර තෙමේ ද ඔවුන් විසින් අසන ලද ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.
“නාම්හි දෙවො න ගන්ධබ්බො, නාපි සක්කො පුරින්දදො; සුධම්මා නාම යෙ දෙවා, තෙසං අඤ්ඤතරො අහ”න්ති.
මම දෙවි කෙනෙක් නො වෙමි. ගාන්ධර්වයෙක් නො වෙමි. පුරින්දද නම් ශක්‍රයා ද නොවෙමි. සුධර්මා නම් යම් දේව කොට්ඨාශයක් වෙයිද මම ඔවුන් අතුරෙන් එක් අයෙක් වෙමි.
“පුච්ඡාම දෙවං සුධම්මං, පුථුං කත්වාන අඤ්ජලිං; කිං කත්වා මානුසෙ කම්මං, සුධම්මං උපපජ්ජතී”ති – පුනපි පුච්ඡි;
ඒ නුවණැති පුරුෂයා යළි මෙසේ විචාළේය - සුධර්මා නම් වූ දේව නිකායෙහි වූ ඔබ වෙතට ඇඳිලි බැඳේ. මිනිස් ලොවදී කිනම් පුණ්‍යකර්මයක් කොට ඔබ සුධර්මා නම් දේව නිකායෙහි උපන්නේ දැයි විමසන්නෙමු යයි නැවත ප්‍රශ්න කළේය.
“උච්ඡාගාරං තිණාගාරං, වත්ථාගාරඤ්ච යො දදෙ; තිණ්ණං අඤ්ඤතරං දත්වා, සුධම්මං උපපජ්ජතී”ති. – පුනපි බ්යාකාසි;
නැවත මෙසේ ඔහු පිළිතුරු දුන්නේය - යමෙක් උක්දඬුවලින් තැනූ ගෙයක්, තණපතින් තැනූ ගෙයක් රෙදිවලින් වැසූ ගෙයක් දෙන්නේද, නැතහොත් ඒ නිවෙස් තුනෙන් එකක් දී හෝ සුධර්මා නම් දිව්‍ය නිකායේ උපදිත් යනුවෙන් පිළිතුරු දුන්නේ ය.
තත්ථ තූරියතාළිතනිග්ඝොසොති තාළිතපඤ්චඞ්ගිතදිබ්බතූරියනිග්ඝොසො අත්තානං උද්දිස්ස පවජ්ජමානදිබ්බතූරියසද්දො . අන්තලික්ඛෙ මහීයතීති ආකාසෙ ඨත්වා ආකාසට්ඨෙනෙව මහතා පරිවාරෙන පූජීයති.
ගාථාවන්හි විස්තර - තුරියතාළිත නිග්ඝොසො වාදනය කරනු ලබන දිව්‍යමය පංචාංගික තුර්ය වාදනයෙහි හඬ, තමා උදෙසා වාදනය කරනු ලබන දිව්‍යමය තූර්ය නාදයේ ශබ්ද, අන්තලික්ඛ මහීයති අහසෙහි සිට අහසෙහි සිටින්නා වූම මහත් පිරිවර විසින් පුදනු ලැබේ. ගරු කරනු ලැබේ.
දෙවතා නුසීති දෙවතා නු අසි, කිං නු ත්වං දෙවොසීති අත්ථො. ගන්ධබ්බොති ගන්ධබ්බකායිකදෙවො අසීති අත්ථො. අදු සක්කො පුරින්දදොති උදාහු පුරෙ දදාතීති “පුරින්දදො”ති විස්සුතො සක්කො නුසි, අථ සක්කො දෙවරාජා අසීති අත්ථො. එත්ථ ච සතිපි සක්කගන්ධබ්බානං දෙවභාවෙ තෙසං විසුං ගහිතත්තා ගොබලිබද්ධඤායෙන තදඤ්ඤදෙවවාචකො දෙවසද්දො දට්ඨබ්බො.
දෙවතානුසි දෙවතා නු අසි - යන පද තුනෙහි එකතුවයි. කිම ඔබ දේවතාවෙක් වන්නෙහි ද යන අර්ථයි. ගන්ධබ්බො ගාන්ධර්ව නිකායික දේවතාවෙක් වන්නෙහි ද යන අර්ථයි. ආදු සක්කො පුරින්දෙදො එසේ නැතහොත් පෙර නගරයන්හි දන් දෙන තැනැත්තා විය යන අදහසින් පුරින්දද යන නමින් ප්‍රසිද්ධ වූ ශක්‍රය වන්නෙහි ද යන අර්ථයි. තවද ශක්‍ර නම් නම් වූ දිව්‍ය රාජයා වන්නෙහි ද, මෙහිදී ශක්‍ර ගාන්ධර්ව ආදී දිව්‍ය ස්වභාව ඇත්තවුන් ඇති කල්හි ද ඔවුන් වෙන්කොට ගන්නා ලද බැවින් ‘ගෝබලිවද්ද’ න්‍යායයෙන් ඔවුන්ගෙන් වෙනස් වූ දිව්‍ය කොට්ඨාශයක් හැඳින්වෙන දේව ශබ්දයන් හෙවත් නාම ප්‍රකෘතියක් ලෙස දැක්විය යුතු වේ.
අථ දෙවපුත්තො “විස්සජ්ජනං නාම පුච්ඡාසභාගෙන හොතී”ති තෙහි පුච්ඡිතං දෙවගන්ධබ්බසක්කභාවං පටික්ඛිපිත්වා අත්තානං ආචික්ඛන්තො “නම්හි දෙවො න ගන්ධබ්බො”තිආදිමාහ. තත්ථ නම්හි දෙවොති තයා ආසඞ්කිතො යො කොචි දෙවො න හොමි න ගන්ධබ්බො න සක්කො, අපිච ඛො සුධම්මා නාම යෙ දෙවා, තෙසං අඤ්ඤතරො අහං, සුධම්මා දෙවතා නාම තාවතිංසදෙවනිකායස්සෙව අඤ්ඤතරදෙවනිකායො. සො කිර උච්ඡුපාලො තෙසං දෙවානං සම්පත්තිං සුත්වා පගෙව තත්ථ චිත්තං පණිධාය ඨිතොති කෙචි වදන්ති.
ඉක්බිති ඒ දේවපුත්‍ර තෙමේ ප්‍රශ්නයන්ට පිළිතුරු දීම නම් ප්‍රශ්නයක් අනුව සිදුවන්නේ යයි සිතා මිනිසුන් විසින් ප්‍රශ්න කරන ලද දිව්‍ය බ්‍රහ්ම ශක්‍ර ස්වභාවයන් ප්‍රතික්ෂේප කොට තමා කවරේදැයි හෙළි කරනුයේ නම්හි දෙවො න ගන්ධබ්බො යනාදිය කීහ. නම්හි දෙවො ඔබ විසින් අනුමාන කරනු ලැබූ යම්කිසි දෙවියෙක් නො වෙමි. ගාන්ධර්වයෙක් නො වෙමි. ශක්‍රයෙක් නො වෙමි. එසේ වුවද සුධම්මා නාම යෙ දෙවා තෙසං අඤ්ඤතරො අහං සුධර්මා දෙවියෝ නම් තව්තිසා දේව නිකායේම එක්තරා දේව නිකායකි. මම එහි එක් අයෙක්මි. ඒ උක්වතු පාලකයා එම දෙවිවරුන්ගේ සම්පත් පිළිබඳව අසා පෙර සිටම එහි සිත පිහිටුවා සිටියේ යයි ඇතැම්හු කියත්.
පුථුන්ති මහන්තං, පරිපුණ්ණං කත්වාති අත්ථො. සක්කච්චකිරියාදීපනත්ථඤ්හෙතං වුත්තං.
පුථුං මහත් වූ සම්පූර්ණකොට යන අර්ථයි. සැලකිල්ලෙන් යුතුව ක්‍රියා කිරීම දැක්වීම පිණිස මෙය කියන ලදී.
සුධම්මාදෙවයානං පුට්ඨො දෙවපුත්තො කකණ්ටකනිමිත්තං වදන්තො විය දිට්ඨමත්තමෙව ගහෙත්වා අත්තනා කතපුඤ්ඤං ආචික්ඛන්තො “උච්ඡාගාර”න්ති ගාථමාහ. තත්ථ තිණ්ණං අඤ්ඤතරං දත්වාති යදිපි මයා තීණි අගාරානි දින්නානි, තීසු පන අඤ්ඤතරෙනාති අයමත්ථොපි සිජ්ඣතීති නයග්ගාහෙන දෙවපුත්තො එවමාහ. සෙසං සුවිඤ්ඤෙය්යමෙව.
සුධර්මා නම් දිව්‍ය ස්වභාවයට පැමිණීම පිළිබඳව විමසන ලද්දා වූ, දිව්‍යපුත්‍ර තෙමේ කටුසු නිමිත්තක් කියන්නකු මෙන් දක්නා ලද දෙයම පමණක් සිතට ගෙන තමා විසින් කරන ලද පින පිළිබඳව කියන්නේ උච්ඡාගාරං යන ගාථාව කීය. එහි සණ්ණ මඤ්ඤතරං දත්වා ඉදින් මා විසින් නිවාස තුනක් දෙන ලද්දේ ද, ඒ තුනෙන් එකකින් ද මේ අර්ථය සිද්ධ වන්නේය යන න්‍යාය ගෙන දිව්‍යපුත්‍ර තෙමේ මෙසේ කීය. සෙස්ස පහසුවෙන් අවබෝධ වේ.
එවං සො තෙන පුච්ඡි තමත්ථං විස්සජ්ජෙත්වා රතනත්තයගුණං පකාසෙන්තො මාතාපිතූහි සද්ධිං සම්මොදනං කත්වා දෙවලොකමෙව ගතො. මනුස්සා දෙවපුත්තස්ස වචනං සුත්වා භගවති භික්ඛුසඞ්ඝෙ ච සඤ්ජාතපසාදබහුමානා බහුං දානූපකරණං සජ්ජෙත්වා සකටානං පූරෙත්වා වෙළුවනං ගන්ත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා සත්ථු තං පවත්තිං ආරොචයිංසු. සත්ථා තං පුච්ඡාවිස්සජ්ජනං තථෙව වත්වා තමෙව අත්ථං අට්ඨුප්පත්තිං කත්වා විත්ථාරෙන ධම්මං දෙසෙත්වා තෙ සරණෙසු ච සීලෙසු ච පතිට්ඨාපෙසි. තෙ ච පතිට්ඨිතසද්ධා භගවන්තං වන්දිත්වා අත්තනො ගාමං උපගන්ත්වා උච්ඡුපාලස්ස මතට්ඨානෙ විහාරං කාරයිංසූති.
මෙසේ එම නුවණැති පුරුෂයා විසින් ප්‍රශ්න කරන ලද කරුණට පිළිතුරු දී ඒ දිව්‍යපුත්‍රයා රත්නත්‍රයෙහි ගුණයන් ප්‍රකාශ කරමින් මවුපියන් සමග පිළිසඳර කථාකොට දෙව්ලොවට ගියේය. මිනිස්සු දිව්‍ය පුත්‍රයාගේ කීම අසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිද භික්ෂු සංඝයා කෙරෙහි ද හටගත් ප්‍රසාද බුහුමන් ඇත්තාහු බොහෝ දානෝපකරණ පිළියෙල කොට ගැල් පුරවා වේළුවනයට ගොස් බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට මහදන් දී ශාස්තෲන් වහන්සේට ඒ ප්‍රවෘත්තිය කීහ. ශාස්තෲන් වහන්සේ ඒ ප්‍රශ්න විසඳීම එසේම ප්‍රකාශකොට ඒ කරුණම හේතුකොටගෙන විස්තර වශයෙන් දහම් දෙසා ඔවුන් තිසරණයෙහි ද සිහි ද පිහිටවූහ. ඒ මිනිස්සු ද පිහිටි ශ්‍රද්ධාව ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේට වැඳ තමන්ගේ ගමට ගොස් උක් කෙත් පාලකයා මළ ස්ථානයේ විහාරයක් කරවීය.
තතියනාගවිමානවණ්ණනා නිට්ඨිතා.
තුන්වන නාග විමාන වන්දනාව නිමියේය.