තතියනාගවිමානං
5. 12.
5. 12.
977. කොනු දිබ‍්බෙන යානෙන සබ‍්බසෙතෙන හත්‍ථිනා, තුරියතාළිත නිග‍්ඝොසො අන‍්තළික‍්ඛෙ මහීයති.
977. (එම්බා දිව්‍යපුත්‍රය) සර්‍වධවල වූ දිව්‍යමය වූ හස්තිවාහනයෙකින් පැමිණියා වූ කවරෙක් අහසෙහි තූර්‍ය්‍යවාදනඝෝෂා ඇති ව පුදනු ලැබේ ද?
978. දෙවතානුසි ගන්‍ධබ‍්බො ආදු සක‍්කො පුරින්‍දදො, අජානන‍්තා තං පුච‍්ඡාම කථං ජානෙමු තං මයන‍්ති.
978. දෙවියෙක් වෙහි ද? ගන්‍ධර්‍වයෙක් වෙහි ද? නැතහොත් පුරින්‍ද ද නම් ශක්‍රයා වෙහි ද? එය නො දන්නමෝ තා විචාරමු. අපි එය කෙසේ දනිමු ද?
979. නම‍්හි දෙවො න ගන්‍ධබ‍්බො නාපි සක‍්කො පුරින්‍දදො, සුධම‍්මා නාම යෙ දෙවා තෙසං අඤ‍්ඤතරො අහන‍්ති.
979. දෙවි නො වෙමි. ගන්‍ධර්‍ව නො වෙමි. පුරින්‍දද නම් ශක්‍ර ද නො වෙමි. සුධර්‍ම නම් යම් දෙවි කෙනෙක් වෙත් ද, මම ඔවුන් අතරැ එක්තරා එකෙක්මි.
980. පුච‍්ඡාම දෙවං සුධම‍්මං පුථුං කත්‍වාන අඤ‍්ජලිං, කිං කත්‍වා මානුසෙ කම‍්මං සුධම‍්මං උපපජ‍්ජතීති.
980. (එම්බා දිව්‍යපුත්‍රය) සුධර්‍ම නම් දෙවි වූ තාහට සකසා ඇඳිලි බැඳ විචාරමි. මිනිස් ලොවැ කිනම් කර්‍මයක් කොට සුධර්‍ම නම් දිව්‍ය නිකායයෙහි උපදී ද?
981. උච‍්ඡාගාරං තිණාගාරං වත්‍ථාගාරඤ‍්ච යො දදෙ, තිණ‍්ණමඤ‍්ඤතරං දත්‍වා සුධම‍්මං උපපජ‍්ජතීති.
981. යමෙක් උක්ගෙයක් තණගෙයක් පිළිගෙයක් දෙන්නේ ද, හෙතෙමේ මේ තුන් ගෙයින් එක්තරාවක් දී සුධර්‍ම නම් දිව්‍ය නිකායයෙහි උපදී.