යෙදුමෙන් කියවන්න

චූළරථවිමානං

5. 13.

5. 13.

982. දළ‍්හධම‍්මා නිසාරස‍්ස ධනුං ඔලුබ‍්භ තිට‍්ඨසි, ඛත‍්තියො නු සි රාජඤ‍්ඤො ආදු ලුද‍්දො වනෙ චරොති.

982. මනා රුක්හරයෙන් කළ දැඩි දුන්නක් ගත්තෙහි? එහි (එක් කෙළවරක්) ඔබා ගෙන සිටිනෙහි, ඒ තෝ කැත්රජකුමරෙක් වෙහි ද? නැතහොත් වෙනෙහි හැසිරෙන වැද්දෙක් වෙහි ද?

983. අස‍්සකාධිපස‍්සාහං භන‍්තෙ පුත‍්තො වනෙ චරො, නාමං මෙ භික‍්ඛු තෙ බ්‍රූමි සුජාතො ඉති මං විදුං.

983. වහන්ස වෙනෙහි හැසිරෙන මම අස්සකරට රජුගේ පුත්‍රයෙමි. මහණ ඔබට මාගේ නම කියමි. සුජාත යැයි මා දනිත්.

984. මිගෙ ගවෙසමානොහං ඔගාහන‍්තො බ්‍රහාවනං, මිගං කඤ‍්චෙව නාද‍්දක‍්ඛිං තඤ‍්ච දිස‍්වා ඨිතො අහන‍්ති.

984. මම මුවන් සොයන්නෙම් මහවලැ වැදුනෙම් මුවකු නො දිටිමි. මම ඔබ ම දැක සිටියෙම් වෙමි.

985. ස‍්වාගතං තෙ මහාපුඤ‍්ඤ අථො තෙ අදුරාගතං, එත‍්තො උදකමාදාය පාදෙ පක‍්ඛාලයස‍්සු තෙ.

985. මහ පිනැත්ත තාගේ මේ පැමිණීම මනා පැමිණීමෙකි. තව ද තාගේ පැමිණීම නො මනා පැමිණීමෙක් නො වෙයි. මෙතැනින් දිය ගෙන තාගේ පා දොවා ගනුව.

986. ඉදම‍්පි පානීයං සීතං ආභතං ගිරිගබ‍්භරා, රාජපුත‍්ත තතො පීත්‍වා සත්‍ථතස‍්මිං උපාවිසාති.

986. ගිරිලෙනෙන් ගෙනෙන ලද මේ පැන් ද ඉතා සිහිල් ය. රාජපුත්‍රය එයින් පැන් බී (මේ) ඇතිරියෙහි හිඳුව.

987. කල්‍යාණී වත තෙ වාචා සවණීයා මහාමුනි, නෙලා චත්‍ථවතී වග‍්ගු මන‍්ත්‍වා අත්‍ථංච භාසසෙ

987. මහර්ෂීන් වහන්ස ඒකාන්තයෙන් ම ඔබ වහන්සේගේ වචනය යහපත් ය. ඇසිය යුතු ය. නිදොස් ය. අරුත් සහිත ය. මිහිරි ය. අරුත් දැන කියන්නෙහි ය.

988. කා තෙ රති වනෙ විහරතො ඉසිනිසභ වදෙහි පුට‍්ඨො තව වචනපථං නිසාමයිත්‍වා අත්‍ථධම‍්මපදං සමාචරෙමසෙති.

988. ඍෂි ශ්‍රේෂ්ඨය වෙනෙහි වසන ඔබ වහන්සේට කිනම් ඇල්මෙක් දැ යි පුළුවුස්නා ලදුයේ කියනු මැනවි. ඔබ වහන්සේගේ වදන් මග අසා අර්‍ත්‍ථ ධර්‍ම පද සඞ්ඛ්‍යාත ශීලා දී ධර්‍මකොට්ඨාසයෙහි (අපිදු) පි ළිපදිම්හ.

989. අහිංසා සබ‍්බපාණිනං කුමාරම‍්හාක රුච‍්චති. ථෙය්‍යා ච අතිචාරාව මජ‍්ජපානා ච ආරති.

989. (පින්වත්) කුමාරය සියලු සතුන්ට හිංසා නො කිරීම සොරකමින් මිසහසරින් රහමෙරින් වැළකීම අපට රුස්නේ වෙයි.

990. ආරති සමචරියා ච බාහුසච‍්චං කතඤ‍්ඤුතා, දිට‍්ඨෙව ධම‍්මෙ පාසංසා ධම‍්මා එතෙ පසංසියාති.

990. (මෙකී පව්කමින්) වැළකීම ද (කාය සමතාදීන්ගේ වශයෙන්) සමව හැසිරීම ද ඇසූ පිරූ තැන් ඇති බව ද කළගුණ දන්නා බව ද යන පැසසිය යුතු මේ දහම් මෙලොව ම (නුවණැත්තන් විසින්) පැසසිය යුතු වේ.

991. සන‍්තිකෙ මරණං තුය‍්හං ඔරං මාසෙහි පඤ‍්චහි, රාජපුත‍්ත විජානාහි අත‍්තානං පරිමොචයාති.

991. රාජපුත්‍රය පස්මසකින් මොබ නුදුරෙහි තාගේ මරණය දනුව. (එහෙයින්) තමා (අපාය දුකින්) මුදව.

992. කතමං ස‍්වාහං ජනපදං ගන‍්ත්‍වා කිං කම‍්මං කිඤ‍්ච පොරිසං, කාය වා පන විජ‍්ජාය භවෙය්‍යං අජරාමරොති.

992. ඒ මම කවර දනව්වකට ගොස් කිනම් කර්‍මයක් කිනම් පුරුෂකාර්‍ය්‍යයක් කොට කවර නම් හෝ විද්‍යාවකින් පරාමරණ නැත්තෙම් වන්නෙම් දැයි.

993. න විජ‍්ජතෙ සො පදෙසො කම‍්මං විජ‍්ජාච පොරිසං, යත්‍ථ ගන‍්ත්‍වා භවෙ මච‍්චො රාජපුත‍්තාජරාමරො.

993. රාජපුත්‍රය සත්‍ව තෙමේ යම් තැනකට ගොස් ජරාමරණ නැත්තේ වේ ද, එබඳු ප්‍රදේශයෙක් එබඳු කර්‍මයෙක් එබඳු විද්‍යාවෙක් එබඳු පුරුෂකාර්‍ය්‍යයෙක් විද්‍යමාන නො වේ.

994. මහද‍්ධනා මහාභොගා රට‍්ඨවන‍්තොපි ඛත‍්තියා, පහූතධනධඤ‍්ඤාසෙ න තෙපි අජරාමරා.

994. මහත් ධන ඇති මහත් භොග ඇති රාෂ්ට්‍රාධිපති වූ බොහෝ ධනධාන්‍ය ඇති ක්‍ෂත්‍රියයෝ වෙත් ද, ඔහු ද ජරාමරණ නැතියෝ නො වෙත්.

995. යදි තෙ සුතා අන්‍ධක වෙණ‍්හුපුත‍්තා, සූරා වීරා වික‍්කත‍්තප‍්පහාරිනො. තෙපි ආයුක‍්ඛයං පත‍්තා විද‍්ධස‍්තා සස‍්සතීසමා.

995. ඉදින් සූර වූ වීර වූ වික්‍රමයෙන් සතුරන්ට පහර දෙන සුලු අන්‍ධක වෙණ්හු පුත්‍රයයි ප්‍රසිද්ධ වූ (කුල පරපුරෙන්) චන්‍ද්‍රසූර්‍ය්‍යාදීන් බඳු වූ ඒ ඔහු ද ආයුක්‍ෂයට පැමිණියාහු නටහ.

996. ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා සුද‍්දා චණ‍්ඩාලපුක‍්කුසා, යෙ කෙචඤ‍්ඤෙ ච ජාතියා තෙපිනො අජරාමරා.

996. යම් ක්‍ෂත්‍රිය කෙනෙක් බ්‍රාහ්මණ කෙනෙක් වෛශ්‍ය කෙනෙක් ශුද්‍ර කෙනෙක් චණ්ඩාල කෙනෙක් පුක්කුස කෙනෙක් වෙත් ද ඔහු ද අන්හු ද වෙත් නම් ඒ හැමදෙන ද ජාතියෙන් ජරා මරණ නැතියෝ නො වෙත්.

997. යෙ මන‍්තං පරිවත‍්තෙන‍්ති ඡළඞ‍්ගං බ්‍රහ‍්මචින‍්තිතං, එතෙ චඤ‍්ඤෙ ච විජ‍්ජාය තෙපි නො අජරාමරා.

997. යම් කෙනෙක් අට්ටකාදී ඍෂීන් විසින් නුවණැසින් දුටු (කල්පව්‍යාකරණාදී) අඞ්ග සයෙන් යුක්ත වූ වේදය පිරිවහත් ද, මොහු ද අන්හු ද වෙත් නම් ඒ හැමදෙන ද විද්‍යාවෙන් ජරාමරණ නැතියෝ නො වෙත්.

998. ඉසයො චාපි යෙ සත‍්තා සඤ‍්ඤතත‍්තා තපස‍්සිනො, සරීරං තෙපි කාලෙන විජහන‍්ති තපස‍්සිනො.

998. ශාන්ත කායවාග්කර්‍ම ඇති සංයත වූ සිත් ඇති තපස් ඇසුරු කළ යම් ඍෂි කෙනෙකුත් වෙත් ද, ඒ තපස්වීහු ද සුදුසු කල්හි ශරීරය හැර දමත්.

999. භාවිතත‍්තාපි අරහත‍්තො කතකිච‍්චා අනාසවා, නික‍්ඛිපන‍්ති ඉමං දෙහං පුඤ‍්ඤපාපපරික‍්ඛයාති.

999. වැඩූ සිත් ඇති සිව් මගින් කිස ඇති ආස්‍රව රහිත වූ රහත්හු ද පින් පව් ගෙවාලීමෙන් මේ සිරුර බහා තබත්.

1000. සුභාසිතා අත්‍ථවතී ගාථායො තෙ මහාමුනි, නිජ‍්ඣත‍්තොම‍්හි සුභට‍්ඨෙන ත්‍වඤ‍්ච මෙ සරණං භවාති.

1000. මහා මුනිවරය ඔබ විසින් මොනවට දෙසන ලද ගාථාවෝ අර්‍ත්‍ථ සහිතයහ. (ඒ) මනා දෙසුමෙන් ධර්‍මසංඥාවට පැමිණියෙම් වෙමි. ඔබ වහන්සේ ද මට පිහිටවන සේක්වා.

1001. මා මං ත්‍වං සරණං ගච‍්ඡ තමෙව සරණං වජ, සක්‍යපුත‍්තං මහාවීරං යමහං සරණං ගතොති.

1001. (එම්බා කුමාරය) තෝ මා නහමක් සරණ යව. මම ශාක්‍යපුත්‍ර වූ යම් මහාවීරයක්හු සරණ කොට ගියෙම් ද, උන්වහන්සේ ම සරණ කොට යව.

1002. කතරස‍්මිං සො ජනපදෙ සත්‍ථා තුම‍්හාක මාරිස, අහම‍්පි දට‍්ඨුං ගච‍්ඡිස‍්සං ජිනං අප‍්පටිපුග‍්ගලන‍්ති.

1002. නිදුකාණෙනි ඔබ වහන්සේගේ ඒ ශාස්තෘ තෙමේ කවර දනව්වෙකැ වේ ද, මම ද අප්‍රතිපුද්ගල වූ (ඒ) බුදුරදුන් දකින්නට යන්නෙමි.

1003. පුරත්‍ථිමස‍්මිං ජනපදෙ ඔක‍්කාකකුලසම‍්භවො. තත්‍ථාසි පුරිසාජඤ‍්ඤො සො ච ඛො පරිනිබ‍්බුතොති.

1003. (පින්වත) ඔක්කාකකුලයෙහි උපන් ඒ පුරුෂ ශ්‍රේෂ්ඨ තෙමේ එහි පෙරදිග දනව්වෙහි විය. හෙ තෙමේත් පිරිනිවියේ වෙයි.

1004. සචෙ හි බුද‍්ධො තිට‍්ඨෙය්‍ය සත්‍ථා තුම‍්හාක මාරිස, යොජනානි සහස‍්සානි ගච‍්ඡෙය්‍යං පයිරුපාසිතුං.

1004. නිදුකාණෙනි ඉදින් ඔබගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් ඇසුරු කිරීම පිණිස යොදුන් දහසක් වුව ද යන්නෙමි.

1005. යතො ච ඛො පරිනිබ‍්බුතො සත්‍ථා තුම‍්හාක මාරිස, නිබ‍්බුතම‍්පි මහාවීරං ගච‍්ඡාමි සරණං අහං.

1005. නිදුකාණෙනි යම් හෙයකින් වනාහි ඔබගේ ශාස්තෲන් වහන්සේ පිරිනිවී සේක් ද, මම ඒ පිරිනිවියා වූ ද මහාවීරයන් වහන්සේ සරණ කොට යෙමි.

1006. උපෙමි සරණං බුද‍්ධං ධම‍්මඤ‍්චාපි අනුත‍්තරං, සඞ‍්ඝඤ‍්ච නරදෙවස‍්ස ගච‍්ඡාමි සරණං අහං.

1006. මම බුදුන් සරණ කොට යෙමි. නරදේවයන් වහන්සේගේ අනුත්තර වූ ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යෙමි.

1007. පාණාතිපාතා විරමාමි ඛිප‍්පං ලොකෙ අදින‍්නං පරිවජ‍්ජයාමි අමජ‍්ජපො නොච මුසා භණාමී සකෙන දාරෙන ච හොමි තුට‍්ඨොති

1007. (ඒ මම) පණිවායෙන් වහා දුරුවෙමි. ලොවැ නුදුන් දෙ ගැන්ම දුරලමි. මත්පැන් නො බොන්නෙම් වෙමි. මුසවා නො කියමි. සිය බිරියගෙන් ම තුටු වෙමි.

1008. සහස‍්සරංසීව යථා මහප‍්පභො දිසං යථාභාති නභෙ අනුක‍්කමං තථප‍්පකාරො තවයං මහාරථො. සමන‍්තතො යොජනසත‍්තමායතො.

1008. යම් සේ මහත් කැලුම් ඇති හිරු අහසෙහි රිසි රිසි දිගට යන්නේ බබළා ද, හාත්පසින් සත් යොදුනක් වටවූ තාගේ මේ මහාරථය එබඳු වේ.

1009. සුවණ‍්ණපට‍්ටෙහි සමන‍්තමොත්‍ථටො උරස‍්ස මුත‍්තාහි මණීහි චිත‍්තිතො ලෙඛා සුවණ‍්ණස‍්ස ච රූපියස‍්ස ච සොභෙන‍්ති වෙළුරියමයා සුනිම‍්මිතා.

1009. (හේ) හාත්පසින් රන්පටින් වැසුණේ වෙයි. එහි වියගස මුල මුතු මැණික් වලින් විසිතුරු කරන ලද්දේ වෙයි. රන්රිදී පටයන්හි මොනවට කළ වෙරළුමිණිමුවා මල්කම් ලියකම් ඈ රේඛාවෝ රිය හොබවත්.

1010. සීසඤ‍්චිදං වෙළුරියස‍්ස නිම‍්මිතං යුගඤ‍්චිදං ලොහිතකාය චිත‍්තිතං යුත‍්තා සුවණ‍්ණස‍්ස ච රූපියස‍්ස ච සොභන‍්ති අස‍්සා ච පිමෙ මනොජවා.

1010. මේ රියහිස වෙරළුමිණියෙන් කරන ලදී, මේ වියගහ රතු මැණිකෙන් විසිතුරු කරනලදී. සිතට රිසි ගමන් ඇති මේ අශ්වයෝ ද රනින් හා රිදියෙන් හා කළ රැහැනින් බැඳුණාහු හොබිත්.

1011. සො තිට‍්ඨසි හෙමරථෙ අධිට‍්ඨිතො දෙවානමින්‍දොව සහස‍්සවාහනො පුච‍්ඡාමි තාහං යසවන‍්ත කොවිදං කථං තයා ලද‍්ධො අයං උළාරොති.

1011. දහසක් අසුන් යෙදූ විජයොත් රිය අරා සිටි සක්දෙවිඳු මෙන් ඒ තෝ ද රන්රියෙහි සිටිනෙහි, යසස් ඇත්ත තා විසින් මේ මහත් යසස කෙසේ ලබන ලද දැයි මම දක්‍ෂ වූ තා විචාරමි.

1012. සුජාතො නාමහං භත‍්තෙ රාජපුත‍්තො පුරෙ අහුං, ත්‍වඤ‍්ච මං අනුකම‍්පාය සඤ‍්ඤමස‍්මිං නිවෙසයි.

1012. වහන්ස මම පෙරැ සුජාත නම් රාජපුත්‍රයෙක් වීමි. ඔබ වහන්සේත් අනුකම්පාවෙන් කුශල ධර්‍ම සඞ්ඛ්‍යාත සංයමයෙහි මා පිහිටුවූ සේක.

1013. ඛීණායුකඤ‍්ච මං ඤත්‍වා සරීරං පාදාසි සත්‍ථුනො, ඉමං සුජාත පූජෙහි තං තෙ අත්‍ථාය හෙහිති.

1013. මා පිරිහීගිය ආයු ඇතියෙකැයි දැන සුජාත මෙය පුදව, එය තා හට වැඩ පිණිස වන්නේයයි ශාස්තෲන් වහන්සේගේ සාරීරික ධාතු දුන්සේක.

1014. තාහං ගන්‍ධෙහි මාලෙහි පූජයිත්‍වා සමුය්‍යුතො, පහාය මානුසං දෙහං උපපන‍්නොම‍්හි නන්‍දනං.

1014. මම මැනැවින් යෙදුණෙමි. ඒ ධාතූන් ගඳින් මලින් පුදා මිනිස් සිරුර හැරැපියා නඳුන් වෙනෙහි උපන්මි.

1015. නන්‍දනොපවනෙ රම‍්මෙ නානාදිජගණායුතෙ, රමාමි නච‍්චගීතෙහි අච‍්ඡරාහි පුරක‍්ඛතොති.

1015. නන්වැදෑරුම් පක්‍ෂි සමූහයාගෙන් යුත් මනරම් වූ නඳුනුයනෙහි නෘත්‍යගීතයෙන් හා දිව්‍යප්සරාවන්ගෙන් හා පෙරටු කරන ලද්දෙම් සිත් අලවා වෙසෙමි.

චූළරථවිමානං.

චූළරථ විමාන යි.