13. චූළරථවිමානවණ්ණනා අට්ඨකථා
13. චූළරථවිමානවණ්ණනා
13. චූළරථ විමාන වර්ණනා
දළ්හධම්මා නිසාරස්සාති චූළරථවිමානං. තස්ස කා උප්පත්ති? භගවති පරිනිබ්බුතෙ ධාතුවිභාගං කත්වා තත්ථ තත්ථ සත්ථු ථූපෙසු පතිට්ඨාපියමානෙසු මහාකස්සපත්ථෙරප්පමුඛෙසු ධම්මං සඞ්ගායිතුං උච්චිනිත්වා ගහිතෙසු සාවකෙසු යාව වස්සූපගමනා වෙනෙය්යාපෙක්ඛාය අත්තනො අත්තනො පරිසාය සද්ධිං තත්ථ තත්ථ වසන්තෙසු ආයස්මා මහාකච්චායනො පච්චන්තදෙසෙ අඤ්ඤතරස්මිං අරඤ්ඤායතනෙ විහරති. තෙන සමයෙන අස්සකරට්ඨෙ පොතලිනගරෙ අස්සකරාජා රජ්ජං කාරෙති, තස්ස ජෙට්ඨාය දෙවියා පුත්තො සුජාතො නාම කුමාරො සොළසවස්සුද්දෙසිකො කනිට්ඨාය දෙවියා නිබන්ධනෙන පිතරා රට්ඨතො පබ්බාජිතො අරඤ්ඤං පවිසිත්වා වනචරකෙ නිස්සාය අරඤ්ඤෙ වසති. සො කිර කස්සපස්ස භගවතො සාසනෙ පබ්බජිත්වා සීලමත්තෙ පතිට්ඨිතො පුථුජ්ජනකාලකිරියං කත්වා තාවතිංසෙසු නිබ්බත්තිත්වා තත්ථ යාවතායුකං ඨත්වා අපරාපරං සුගතියංයෙව පරිබ්භමන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ භගවතො අභිසම්බොධිතො තිංසවස්සෙ අස්සකරට්ඨෙ අස්සකරඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිස්මිං නිබ්බත්ති, “සුජාතො”තිස්ස නාමං අහොසි. සො මහන්තෙන පරිවාරෙන වඩ්ඪති.
දළ්හ ධම්මා නිසාරස්ස යනුවෙන් චූළරථ විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ධාතු නිධන්කොට ස්තූප පිහිටුවන අවධියෙහි, මහා කසුප් මහතෙරුන් ප්රමුඛ ධර්ම සංගායනාව කිරීම සඳහා තෝරාගන්නා ලද ශ්‍රාවකයන් වස් එළඹීම දක්වා විනයනය ලැබීමේ අපේක්ෂාව ඇති තමාගේ පිරිස සමග ඒ ඒ තන්හි වසන කල්හි ආයුෂ්මත් මහා කච්චායන තෙරණුවෝ පසල් දනවෙක එක්තරා ආරණ්‍ය ආයතනයක වාසය කරති. ඒ සමයෙහි අස්සක නම් රටෙහි මහාකලී නම් නගරයෙහි අස්සක නම් රජතෙමේ රාජ්‍යය කරයි. ඔහුගේ අග මෙහෙසියගේ පුත් සොළොස් හැවිරිදි පමණ වූ සුජාත නම් කුමාරයා රජුන්ගේ කණිටු බිසවගේ මෙහෙයවීමෙන් පියාගේ රටින් නෙරපනු ලැබූයේ වනයට පිවිස වනවාසීන් ඇසුරුකොට වනයෙහි වාසය කරයි. හේ තෙමේ වූ කලී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ශාසනයේ පැවිදි වී යම්කිසි සීලයක පිහිටියේ පුහුදුන් අයකු ලෙස කළුරියකොට තව්තිසාවෙහි ඉපිද එහි ආයු ඇති තෙක් වැස මතු මතු ද සුගතියෙහිම හැසිර මෙම ගෞතම බුදුන් දවස භාග්‍යවතුන් වහන්සේගේ තිස්වන වස අස්සක රටෙහි අස්සක රජුගේ අග මෙහෙසියගේ කුසෙහි උපන්නේය. ඔහුගේ නම සුජාත නම් විය. හේ මහත් පිරිවරින් යුතුව වැඩෙයි.
තස්ස පන මාතරි කාලකතාය රාජා අඤ්ඤං රාජධීතරං අග්ගමහෙසිට්ඨානෙ ඨපෙසි. සාපි අපරෙන සමයෙන පුත්තං විජායි. තස්සා රාජා පුත්තං දිස්වා පසන්නො “භද්දෙ, තයා ඉච්ඡිතං වරං ගණ්හාහී”ති වරං අදාසි. සා ගහිතකං කත්වා ඨපෙත්වා යදා සුජාතකුමාරො සොළසවස්සුද්දෙසිකො ජාතො, තදා රාජානං ආහ “දෙව, තුම්හෙහි මම පුත්තං දිස්වා තුට්ඨචිත්තෙහි වරො දින්නො, තං ඉදානි දෙථා”ති. “ගණ්හ, දෙවී”ති . “මය්හං පුත්තස්ස රජ්ජං දෙථා”ති. “නස්ස, වසලි, මම ජෙට්ඨපුත්තෙ දෙවකුමාරසදිසෙ සුජාතකුමාරෙ ඨිතෙ කස්මා එවං වදසී”ති පටික්ඛිපි. දෙවී පුනප්පුනං නිබන්ධනං කරොන්තී මනං අලභිත්වා එකදිවසං ආහ “දෙව, යදි සච්චෙ තිට්ඨසි, දෙහි එවා”ති. රාජා “අනුපධාරෙත්වා මයා ඉමිස්සා වරො දින්නො, අයඤ්ච එවං වදතී”ති විප්පටිසාරී හුත්වා සුජාතකුමාරං පක්කොසිත්‍වා තමත්ථං ආරොචෙත්වා අස්සූනි පවත්තෙසි. කුමාරො පිතරං සොචමානං දිස්වා දොමනස්සප්පත්තො අස්සූනි පවත්තෙත්වා “අනුජානාහි, දෙව, අහං අඤ්ඤත්ථ ගමිස්සාමී”ති ආහ. තං සුත්වා රඤ්ඤා “අඤ්ඤං තෙ නගරං මාපෙස්සාමි, තත්ථ වසෙය්යාසී”ති වුත්තෙ කුමාරො න ඉච්ඡි. “මම සහායානං රාජූනං සන්තිකෙ පෙසෙස්සාමී”ති ච වුත්තෙ තම්පි නානුජානි. කෙවලං “දෙව, අරඤ්ඤං ගමිස්සාමී”ති ආහ. රාජා පුත්තං ආලිඞ්ගිත්වා සීසෙ චුම්බිත්වා “මමච්චයෙන ඉධාගන්ත්වා රජ්ජෙ පතිට්ඨහා”ති වත්වා විස්සජ්ජෙසි.
ඔහුගේ මව කළුරිය කළ කල්හි රජු වෙනත් රජ දියණියක අග මෙහෙසුන් තනතුරේ තැබීය. පසුකලෙක ඇය පුතකු වැදුවාය. රජතෙමේ ඇයගේ පුතු දැක පහන් සිත් ඇත්තේ සොඳුර, ඔබ කැමති වරයක් ගනු යයි වරයක් දුන්නේය. ඇය ඒ වරය ගන්නා ලද්දක් සේ තිරකොට තබා සුජාත කුමාරයා සොළොස් හැවිරිදි පමණ වයස් ඇත්තේ වීද, එකල්හි රජුට මෙසේ කීවාය. දේවයිනි, මගේ පුතු දැක සතුටු සිතින් ඔබ විසින් මට වරයක් දෙන ලදී. එය දැන් දෙන්න. දේවිය එය ගන්න. මගේ පුතුට රජකම දෙන්න. එසේ විය නොහැක. වසලිය, මගේ දෙටු පුත් වූ දෙව්කුමරු වැනි සුජාත පුතු සිටින කල්හි කුමක් නිසා මෙසේ කියන්නෙහිදැ’යි කියා එය ප්‍රතික්ෂේප කළේය. දේවිය නැවත නැවත ද පෙළඹවීම් කරන්නී වුවද කැමැත්ත නො ලබා සිට එක් දවසක් මෙසේ කීවාය. දේවයන් වහන්ස, ඉදින් ඔබ සත්‍යයෙහි පිහිටන්නෙහි නම් මට මේ දුන් වරය දෙන්නෙහිමය. රජතෙමේ මා විසින් කල්පනා නොකොට මැයට මේ වරය දෙන ලදී. මැය ද මෙසේ කියන්න යයි පසුතැවිල්ලට පත්වී සුජාත කුමරුන් කැඳවා මේ කරුණ කියා කඳුළු සැලුවේය. කුමාරයා සෝක කරමින් වැළපෙන්නා වූ පියාණන් දැක සොම්නස් වූයේ කඳුළු සලා පියාණන් වහන්ස, මම අන් තැනකට යන්නෙමි. එයට අවසර දෙනු මැනවයි කීය. එය අසා රජු විසින් ‘ඔබට වෙනත් නගරයක් තනවන්නෙමි’ එහි වාසය කරන්නැ’යි කියන ලද කල්හි කුමාරයා එය නො ඉවසීය. මගේ සහායක රජදරුවන් වෙතට ඔබ යවන්නෙමි’යි කී කල එය නො පිළිගත්තේය. දේවයන් වහන්ස, මම ආරණ්‍යයටම යන්නෙමියි කීය. රජ තෙමේ පුතු වැළඳගෙන හිස සිඹ සනසා ‘මගේ ඇවෑමෙන් පසු මෙහි පැමිණ මගේ රාජ්‍යයෙහි පිහිටන්නැ’යි කියා පිටත් කළේය.
සො අරඤ්ඤං පවිසිත්වා වනචරකෙ නිස්සාය වසන්තො එකදිවසං මිගවං ගතො. තස්ස සමණකාලෙ සහායවරො එකො දෙවපුත්තො හිතෙසිතාය මිගරූපෙන තං පලොභෙන්තො ධාවිත්වා ආයස්මතො මහාකච්චායනස්ස වසනට්ඨානසමීපං පත්වා අන්තරධායි. සො “ඉමං මිගං ඉදානි ගණ්හිස්සාමී”ති උපධාවන්තො ථෙරස්ස වසනට්ඨානං පත්වා තං අපස්සන්තො බහි පණ්ණසාලාය ථෙරං නිසින්නං දිස්වා තස්ස සමීපෙ චාපකොටිං ඔලුබ්භ අට්ඨාසි. ථෙරො තං ඔලොකෙත්වා ආදිතො පට්ඨාය සබ්බං තස්ස පවත්තිං ඤත්වා අනුග්ගණ්හන්තො අජානන්තො විය සඞ්ගහං කරොන්තො –
ඒ කුමාරයා වනයට පිවිස වනයෙහි වෙසෙන්නේ එක් දිනක් මුව දඩයමේ ගියේය. ඔහු මහණ වී සිටි සමයේ සහායව සිටි එක් දිව්‍ය පුත්‍රයෙක් මිතුරු බව නිසා මුවකුගේ රූපයෙන් ඔහු ආශාවට පත්කරවමින් දුවගොස් මහා කච්චාන තෙරුන් වසන තැන අසලට පැමිණ අතුරුදහන් වූයේය. ඒ කුමාර තෙමේ මේ මුවා දැන් අල්වා ගනිමියි සිත සිතා පසුපසින් දුවන්නේ තෙරුන් වහන්සේ ළඟට පැමිණ ඌ නොදක්නේ පන්සලෙහි පිටුපස උන් තෙරුන් දැක උන්වහන්සේ ඉදිරියේ දුනු කෙළවරට බර දී සිටගත්තේය. තෙරණුවන් ඔහු දැක ඔහුගේ සියලු පුවත් දැන අනුග්‍රහ කරමින් නො දන්නහු මෙන් සංග්‍රහ කරන්නාහු,
“දළ්හධම්මා නිසාරස්ස, ධනුං ඔලුබ්භ තිට්ඨසි; ඛත්තියො නුසි රාජඤ්ඤො, අදු ලුද්දො වනෙචරො”ති. –
දළ්හ ධම්මා නිසාරස්ස - ධනුං ඕලුබ්භ තිට්ඨසී ඛත්තියොනුසි රාජඤ්ඤො - ආදු ලුද්දො මනෙ චරො
රුකක තද අරටුවෙන් තැනූ ශක්තිමත් දුන්නට බර දී සිටින ඔබ ක්ෂත්රියයෙක් ද, රාජ කුමාරයෙක් ද, නැතිනම් වගේ හැසිරෙන වැදි පුත්‍රයෙක්ද?
පුච්ඡි. තත්ථ දළ්හධම්මාති දළ්හධනු. දළ්හධනු නාම ද්විසහස්සථාමං වුච්චති. ද්විසහස්සථාමන්ති ච යස්ස ආරොපිතස්ස ජියාය බද්ධො ලොහසීසාදීනං භාරො දණ්ඩෙ ගහෙත්වා යාව කණ්ඩප්පමාණා උක්ඛිත්තස්ස පථවිතො මුච්චති. නිසාරස්සාති නිරතිසයසාරස්ස විසිට්ඨසාරස්ස රුක්ඛස්ස ධනුං, සාරතරරුක්ඛමයං ධනුන්ති අත්ථො. ඔලුබ්භාති සන්නිරුම්භිත්වා. රාජඤ්ඤොති රාජකුමාරො. වනෙචරොති වනචරො.
එහි දළ්හ ධම්මා දළ්හ ධනු හෙවත් ශක්තිමත් දුන්න දළ්හ ධනු යනුවෙන් ද්විසහස්සත්ථාව හෙවත් දෙදහසක් වන වීර්යයන් ගැන ද කියනු ලැබේ. ද්විසහස්සත්ථාව යනුවෙන් යමකට සම්බන්ධ කරන ලද දුනු දිය හෙවත් ලණුවට බැඳුනු ලෝහ ඊයම් ආදී බර ද්‍රව්‍යයක් ලීයක් ගෙන පොළවෙන් ඊ තලයක් පමණ උසක් ඉහළට ඔසවා මුදාහැරීමයි. නිසාරස්ස අතිශයින් හරවත්, උසස් අරටුවක් ඇති වෘක්ෂයේ ධනුං දුන්න අදහස් වේ. තද අරටුවක් ඇති වෘක්ෂයකින් කරන ලද දුන්න යන අර්ථයයි. ඔලුබ්භ බරකින් තදකරගෙන රාජඤ්ඤො රාජ කුමාරයෙක් වනචරො වනයෙහි හැසිරෙන්නා.
අථ සො අත්තානං ආවිකරොන්තො –
ඉක්බිති හෙතෙම, තමන් කවරෙක්දැයි හඟවමින් හෙළි කරමින් මේ ගාථා කීය.
“අස්සකාධිපතිස්සාහං, භන්තෙ පුත්තො වනෙචරො; නාමං මෙ භික්ඛු තෙ බ්රූමි, සුජාතො ඉති මං විදූ.
අස්සකාධිපතිස්සාහං භන්තෙ පුත්තො වනචරෙ නාමං මෙ භික්ඛු තෙ බ්රෑමි සුජාතො ඉති මං විදූ
“මිගෙ ගවෙසමානොහං, ඔගාහන්තො බ්රහාවනං; මිගං තඤ්චෙව නාද්දක්ඛිං, තඤ්ච දිස්වා ඨිතො අහ”න්ති. –
මිගෙ ගවෙසමානොහං ඔගාහන්තො බ්රහාවනං මිගං තඤ්චෙව නාද්දක්ඛිං - තඤ්ච දිස්වා ඨිතො අහං
ස්වාමීනි, වනයෙහි හැසිරෙන මම අස්සක රටේ අධිපතිවරයාගේ (රජුගේ) පුත්‍රයා වෙමි. භික්ෂුවරයාණනි, මගේ නම ඔබවහන්සේ කියමි. මා සුජාත නමින් හඳුන්වයි.
මම මුවන් සොයමින් මහ වනයට ඇතුල් වීමි. ඒ මුවා ද නො දිටිමි. ඔබවහන්සේ දැක මම නැවතුනෙමි.
ආහ. තත්ථ අස්සකාධිපතිස්සාති අස්සකරට්ඨාධිපතිනො අස්සකරාජස්ස. භික්ඛූති ථෙරං ආලපති. මිගෙ ගවෙසමානොති මිගසූකරාදිකෙ ගවෙසන්තො, මිගවං චරන්තොති අත්ථො.
අස්සකාධිපතිස්ස අස්සක නම් රටේ අධිපති අස්සක රජුගේ භික්ඛූ තෙරුන් වහන්සේට ආමන්ත්‍රණය කරයි. මිගෙ ගවෙසමානො මුව හුරු ආදීන් සොයමින්, හැසිරෙමින්.
තං සුත්වා ථෙරො තෙන සද්ධිං පටිසන්ථාරං කරොන්තො –
ඒ අසා තෙරණුවෝ ඔහු සමග පිළිසඳර කථා කරමින්
“ස්වාගතං තෙ මහාපුඤ්ඤ, අථො තෙ අදුරාගතං; එත්තො උදකමාදාය, පාදෙ පක්ඛාලයස්සු තෙ.
ස්වාගතන්තෙ මහා පුඤ්ඤ - අථො තෙ අදුරාගතං එත්තො උදක මාදාය - පාදෙ පක්ඛාලයස්සු තෙ
මහා පිනැතියාණනි, ඔබට ශුභ වූ පැමිණීමක්ම වේවා. වඩාම දුර සිට නො පැමිණියේ වුවත් මෙතැනින් ජලය ගෙන ඔබේ පා සෝදාගත මැනවි.
“ඉදම්පි පානීයං සීතං, ආභතං ගිරිගබ්භරා; රාජපුත්ත තතො පිත්වා, සන්ථතස්මිං උපාවිසා”ති. – ආහ;
ගිරි ගුහාවෙන් ගෙන එන ලද මේ පැන් සිසිල්ය. රජ කුමරුනි, එයින් පැන් බී මේ ඇතිරිල්ල මත හිඳගනු මැනවි යනුවෙන් කීය.
තත්ථ අදුරාගතන්ති දුරාගමනවජ්ජිතං, මහාපුඤ්ඤ, තෙ ඉධාගමනං ස්වාගතං, න තෙ අප්පකම්පි දුරාගමනං අත්ථි තුය්හඤ්ච මය්හඤ්ච පීතිසොමනස්සජනනතොති අධිප්පායො. “අධුනාගත”න්තිපි පාඨො, ඉදානි ආගමනන්ති අත්ථො.
විස්තර - අදුරාගතං දුර ගමනින් තොර, මහා පුඤ්ඤතෙ මහා පිනැතියාණනි, ඔබගේ මෙහි පැමිණීම යහපත් වූවකි. ඔබගේ ද මගේ ද ප්‍රීතිය සොම්නස ඉපදවීමෙන් සිදුවන සුලු හෝ අයහපත් යමක් සිදු වී නැත යන අදහසයි. අධුනාගතං යි ද පාඨයක් වේ. දැන් මේ පැමිණීම යන අර්ථයයි.
සන්ථතස්මිං උපාවිසාති අනන්තරහිතාය භූමියා අනිසීදිත්වා අමුකස්මිං තිණසන්ථාරකෙ නිසීදාති.
සත්ථතස්මිං උපාවිසා ස්පර්ශ වන තරම් ආසන්න භූමියෙහි හිඳ නොගෙන මෙම තණ ඇතිරියෙහි හිඳ ගන්න.
තතො රාජකුමාරො ථෙරස්ස පටිසන්ථාරං සම්පටිච්ඡන්තො ආහ –
ඉක්බිති රජ කුමරුවෝ තෙරුන්ගේ පිළිසඳර කථාව පිළිගනිමින් මෙසේ කීය.
“කල්‍යාණී වත තෙ වාචා, සවනීයා මහාමුනි; නෙලා අත්ථවතී වග්ගු, මන්ත්වා අත්ථඤ්ච භාසසි.
කල්‍යාණී වත තෙ වාචා සවණීයා මහාමුනී නෙලා වත්ථවතී වග්ගු මනත්වා අත්ථඤ්ච භාසයෙ
ගෞරවනීය මුණිවරයාණනි, ඔබගේ වදන් සත්‍ය වශයෙන්ම සොඳුරුය. ඇසීමට සුදුසුය. දොසින් තොරය. අර්ථවත්ය. මිහිරිය. අවබෝධ කරන්නේම අර්ථ සහිතව කියන්නෙහිය.
“කා තෙ රති වනෙ විහරතො, ඉසිනිසභ වදෙහි පුට්ඨො; තව වචනපථං නිසාමයිත්වා, අත්ථධම්මපදං සමාචරෙමසෙ”ති.
කා තෙ රති වනෙ විහරතො - ඉසිනිසභ වදෙහි පුට්ඨො තව වචන පථං - නිසාම යිත්වා අත්ථ ධම්මපදං සමාචරෙ මසෙ
උතුම් වූ සෘෂිවරයාණනි, වනයෙහි විසීමෙන් ඔබට ඇතිවන ප්‍රියතාවය කුමක්ද යන බව ප්‍රශ්න කරනු ලැබූ ඔබ මට කියන්න. අර්ථවත් වූ දහම්පද අනුව පිළිපදින්නෙමු.
තත්ථ කල්යාණීති සුන්දරා සොභනා. සවනීයාති සොතුං යුත්තා. නෙලාති නිද්දොසා. අත්ථවතීති අත්ථයුත්තා දිට්ඨධම්මිකාදිනා හිතෙන උපෙතා. වග්ගූති මධුරා. මන්ත්වාති ජානිත්වා පඤ්ඤාය පරිච්ඡින්දිත්වා. අත්‍ථන්ති අත්ථතො අනපෙතං එකන්තහිතාවහං.
එහි කල්‍යාණී සොඳුරු වේ. ශෝභන වේ. සවණීයා අසා ගැනීමට සුදුසුය. නෙලා දොස් රහිතය. අත්ථවතී අර්ථයෙන් සම්පූර්ණ වූ, මේ භවයට අයත් වූ, යහපත් දෙයින් යුක්ත වූ, වග්ගු මිහිරි වූ මන්තවා දැනගෙන, ප්‍රඥාවෙන් පිරිසිඳ අත්ථං අර්ථයෙන් තොර නොවූ, ඒකාන්තයෙන් යහපත ගෙන දෙන්නා වූ,
ඉසිනිසභාති ඉසීසු නිසභ ආජානීයසදිස. වචනපථන්ති වචනං. වචනමෙව හි අත්ථාධිගමස්ස උපායභාවතො “වචනපථ”න්ති වුත්තං. අත්ථධම්මපදං සමාචරෙමසෙති ඉධ චෙව සම්පරායෙ ච අත්ථාවහං සීලාදිධම්මකොට්ඨාසං පටිපජ්ජාමසෙ.
ඉසිනිසංග ඍෂීන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ අශ්වයන් අතර ආජානීයකු වැනි, වචනපථං වචනයයි. වචනයම අර්ථාවබෝධයට හේතුවන බැවින්, වචනපථං යනුවෙන් කියන ලදී. අත්ථ ධම්මපදං සමාචරෙමසෙ මෙලොවෙහිද, පරලොවෙහි ද යහපත ගෙන දෙන සීලාදී ධර්ම කොටස් පිළිපදින්නෙමු.
ඉදානි ථෙරො අත්තනො සම්මාපටිපත්තිං තස්ස අනුච්ඡවිකං වදන්තො –
මීළඟට තෙරණුවෝ තමාගේ යහපත් ප්‍රතිපත්ති ද, එහි සුදුසු බවද දක්වමින් මේ ගාථා දෙක කීහ.
“අහිංසා සබ්බපාණීනං, කුමාරම්හාක රුච්චති; ථෙය්යා ච අතිචාරා ච, මජ්ජපානා ච ආරති.
අහිංසා සබ්බපාණීනං - කුමාරම්හාක රුච්චතී ථෙය්යාච අතිචාරාච මජ්ජපානාච ආරතී
“ආරති සමචරියා ච, බාහුසච්චං කතඤ්ඤුතා; දිට්ඨෙව ධම්මෙ පාසංසා, ධම්මා එතෙ පසංසියා”ති. – ආහ;
ආරතී සමචරියාච බාහු සච්චං කතඤ්ඤුතා දිට්ඨෙව ධම්මෙ පාසංසා - ධම්මා එතෙ පසංසියා
කුමරුනි, සියළු ප්‍රාණීන් කෙරෙහි අහිංසාව ද, සොරකමින් වැරදි කාම සේවනයෙන් හා මත්පැනින් තොරවීම ද අපට රුචි වේ.
පාපයන්ගෙන් වෙන්වීම, සන්සුන් පැවැත්ම, බහුශ්‍රැත භාවය හා කෘතඥතාවය යන මේවා මෙලොවදීම ප්‍රශංසා ලබන ධර්මයන් වේ. මේ ධර්මයන් පැසසිය යුතුය.
තත්ථ ආරති සමචරියා චාති යථාවුත්තා ච පාපධම්මතො ආරති, පටිවිරති කායසමතාදිසමචරියා ච. බාහුසච්චන්ති පරියත්තිබාහුසච්චං. කතඤ්ඤුතාති පරෙහි අත්තනො කතස්ස උපකාරස්ස ජානනා. පාසංසාති අත්ථකාමෙහි කුලපුත්තෙහි පකාරතො ආසංසිතබ්බා. ධම්මා එතෙති එතෙ යථාවුත්තා අහිංසාදිධම්මා. පසංසියාති විඤ්ඤූහි පසංසිතබ්බා.
විස්තර ආරති සමචරියාච කියන ලද්දා වූ පාපධර්මයන්ගෙන් වෙන්වීම වේ. ඉවත්වීම වේ. කායික සම බව ආදී වූ චර්යාවන් අදහස් කෙරේ. බාහුසච්චං පර්යාප්ති බහුශ්‍රැත භාවය, කතඤ්ඤුතා අන් අය විසින් තමාට කරන ලද උපකාර දන්නා බව. පාසංසා යහපත කැමති කුලපුත්‍රයන් විසින්, පිළිවෙළක් ඇතිව ආශිර්වාද කළ යුතු ධම්මා එතෙ කියන ලද ආකාර ඇති අහිංසා ආදී ධර්මයන් පසංසියා ඤාණවන්තයින් විසින් ප්‍රශංසා කළයුතු.
එවං ථෙරො තස්ස අනුච්ඡවිකං සම්මාපටිපත්තිං වත්වා අනාගතංසඤාණෙන ආයුසඞ්ඛාරෙ ඔලොකෙන්තො “පඤ්චමාසමත්තමෙවා”ති දිස්වා තං සංවෙජෙත්වා දළ්හං තත්ථ සම්මාපටිපත්තියං පතිට්ඨාපෙතුං ඉමං ගාථමාහ –
මෙසේ තෙරණුවෝ ඔහුට සුදුසු වූ යහපත් ප්‍රතිපත්තිය කියා අනාගත ඥානයෙන් ආයු සංස්කාරය බලන්නාහු පස්මසක් පමණ වේයයි දැන ඒ පිළිබඳව සංවේග උපදවා දැඩි සම්‍යක් ප්රතිපත්තියක පිහිටනු පිණිස මෙසේ කීහ.
“සන්තිකෙ මරණං තුය්හං, ඔරං මාසෙහි පඤ්චහි; රාජපුත්ත විජානාහි, අත්තානං පරිමොචයා”ති.
සන්තිකෙ මරණං තුය්හං - ඔරං මාසෙහි පඤ්චහි රාජ පුත්ත විජනාහි - අත්තානං පරිමොචයා
රජ කුමරුනි, ඔබගේ මරණය පස් මසකට පෙර සමීප කාලයකදී සිදු වේ. ඒ නිසා තමන් අපාය දුකින් මිදෙන්න. ඒ සඳහා වෙර දරන්න.
තත්ථ අත්තානං පරිමොචයාති අත්තානං අපායදුක්ඛතො මොචෙහි.
[missing trans]
තතො කුමාරො අත්තනො මුත්තියා උපායං පුච්ඡන්තො ආහ –
එවිට කුමාරයා තමන්ට අපාය දුකින් මිදෙන්නට උපායක් විමසමින්,
“කතමං ස්වාහං ජනපදං ගන්ත්වා, කිං කම්මං කිඤ්ච පොරිසං; කාය වා පන විජ්ජාය, භවෙය්යං අජරාමරො”ති.
කත්වා සොභං ජනපදං ගනත්වා කිං කම්මං කිඤ්ච පොරිසං කාය වා පන විජ්ජාය භවෙය්යජ අජරාමරො
මා කවරනම් ජනපදයකට ගොස් කිනම් කර්මයක් පුද්ගලයන් විසින් කළ හැකි කිනම් කර්මයක් ක්‍රියාවක් කයින් හෝ දැනුමෙන් විද්‍යාවෙන් සිදුකොට අජරාමර වූවෙක් වන්නෙම්ද, අපායෙන් ගැළවිය හැකිද,
තත්ථ කතමං ස්වාහන්ති කතමං සු අහං, කතමං නූති අත්ථො. කිං කම්මං කිඤ්ච පොරිසන්ති කත්වාති වචනසෙසො. පොරිසන්ති පුරිසකිච්චං.
එහි කතමං ස්වාහං කතමං සු අහං යන පද එකතුවයි. කවරනම් යන අර්ථයයි. කිං කම්මං කිඤ්ච පොරිසං පුද්ගලයකු විසින් කළයුතු කාර්යයන්.
තතො ථෙරො තස්ස ධම්මං දෙසෙතුං ඉමා ගාථායො අවොච –
ඉක්බිති තෙරණුවෝ ඔහුට මෙසේ දහම් දෙසූහ. ඒ සඳහා ගාථාව වදාළහ.
“න විජ්ජතෙ සො පදෙසො, කම්මං විජ්ජා ච පොරිසං; යත්ථ ගන්ත්වා භවෙ මච්චො, රාජපුත්තාජරාමරො.
රජකුමරුනි, මනුෂ්‍යයා යම්තැනකට ගොස් අජරාමර වන්නේ ද, එබඳු ප්‍රදේශයක් කර්මයක්, විද්‍යාවක් හෝ පුද්ගල ක්‍රියාවක් නොවන්නේය. නො පවත්නේය.
“මහද්ධනා මහාභොගා, රට්ඨවන්තොපි ඛත්තියා; පහූතධනධඤ්ඤාසෙ, තෙපි නො අජරාමරා.
මහත් වූ ධනය ඇත්තාහු ද, රටවල් හිමියෝ ද, ක්ෂත්රියයෝ ද බොහෝ ධන ධාන්‍ය ඇත්තෝ ද, යන ඔවුන් හෝ අජරාමර නො වන්නේය.
“යදි තෙ සුතා අන්ධකවෙණ්ඩුපුත්තා, සූරා වීරා වික්කන්තප්පහාරිනො; තෙපි ආයුක්ඛයං පත්තා, විද්ධස්තා සස්සතීසමා.
ඉදින් ශූර වූද, වීර්යවන්ත වූද, ආක්රමණශීලිව පහර දෙන්නා වූද අන්ධක වෙණහුගේ පුත්‍රයෝ වුවද, ආයු නිමවීමෙන් වැනසී ගියහ. සදාකාලිකයි කියනු ලැබුවාවහුද එසේ නොවූහ.
“ඛත්තියා බ්රාහ්මණා වෙස්සා, සුද්දා චණ්ඩාලපුක්කුසා; එතෙ චඤ්ඤෙ ච ජාතියා, තෙපි නො අජරාමරා.
ක්ෂත්රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, චණ්ඩාල, පුක්කුස යන මේ ජාතීහු ද කිසිවෙක් අජරාමර නොවෙත්.
“යෙ මන්තං පරිවත්තෙන්ති, ඡළඞ්ගං බ්රහ්මචින්තිතං; එතෙ චඤ්ඤෙ ච විජ්ජාය, තෙපි නො අජරාමරා.
යමෙක් අංග සයකින් යුත් බ්‍රහ්මයන් විසින් සිතා දක්වන ලද වේද, මන්ත්‍ර ජප කරත් ද මොව්හු ද අන්‍යයෝ ද අජරාමර නොවෙත්.
“ඉසයො චාපි යෙ සන්තා, සඤ්ඤතත්තා තපස්සිනො; සරීරං තෙපි කාලෙන, විජහන්ති තපස්සිනො.
ශාන්ත වූ සිත් ඇත්තා වූ තපසින් යුක්ත වූ යම් සෘෂීහු වෙත්ද ඔව්හු ද කලකදී සිරුර හැරදා යත්.
“භාවිතත්තාපි අරහන්තො, කතකිච්චා අනාසවා; නික්ඛිපන්ති ඉමං දෙහං, පුඤ්ඤපාපපරික්ඛයා”ති.
දමනය කළ ඉඳුරන් ඇත්තා වූ, සිදුකොට නිමවන ලද ක්‍රියාවන් ඇත්තා වූ කෙලෙස් රහිත වූ රහතුන් වහන්සේලා ද, පින්කම් ක්ෂය වීමෙන් මේ ශරීරය හැර දමත්.
තත්ථ යත්ථ ගන්ත්වාති යං පදෙසං ගන්ත්වා කම්මං විජ්ජං පොරිසඤ්ච කායපයොගෙන ඉතරපයොගෙන ච උපගන්ත්වා පාපුණිත්වා භවෙය්ය අජරාමරොති අත්ථො.
විස්තර යත්ථ ගනත්වා යම් පෙදෙසකට ගොස් කර්මයද, දැනුමද පුරුෂ කාර්යය ද යන තත්ත්වයකට ශාරීරිකව යෙදීමෙන් හෝ වෙනත් යෙදීමකින් හෝ එළඹ පැමිණ අජරාමර වන්නේ ද යන අර්ථයි.
හෙට්ඨිමකොටියා කොටිසතාදිපරිමාණං සංහරිත්වා ඨපිතං මහන්තං ධනං එතෙසන්ති මහද්ධනා. කුම්භත්තයාදිකහාපණපරිබ්බයො මහන්තො භොගො එතෙසන්ති මහාභොගා. රට්ඨවන්තොති රට්ඨසාමිකා, අනෙකයොජනපරිමාණං රට්ඨං පසාසන්තාති අධිප්පායො. ඛත්තියාති ඛත්තියජාතිකා. පහූතධනධඤ්ඤාසෙති මහාධනධඤ්ඤසන්නිචයා, අත්තනො පරිසාය ච සත්තට්ඨසංවච්ඡරපහොනකධනධඤ්ඤසන්නිචයා. තෙපි නො අජරාමරාති ජරාමරණධම්මා එව, මහද්ධනතාදීනිපි තෙසං උපරි නිපතන්තං ජරාමරණං නිවත්තෙතුං න සක්කොන්තීති අත්ථො.
යටත්පිරිසෙයින් කෝටි සියයක් ආදී ප්‍රමාණයක් එකතුකොට තබන ලද මහත් වූ ධනයක් මේ අයට ඇතැයි යන අදහසින් මහද්ධනා යන පදය සෑදේ. කළගෙඩි තුනක පමණ කහවණු වැය කළ හැකි මහත් වූ සම්පත් මොවුන්ට ඇත යන අදහසින් මහා භෝගා යන පදය සෑදේ. රට්ඨවන්තො රටෙහි ස්වමිවරු බොහෝ යොදුන් ගණනකින් යුත් රටකට අනුශාසනා කරන්නෝ, ඛත්තියා ක්ෂත්රිය වර්ගයකට අයත් වූවෝ, පහූත ධන ධඤ්ඤසො මහත් වූ ධන ධාන්‍ය රාශියක් ඇත්තාහු තමන්ගේ පිරිසට ද අවුරුදු හත අටකට සෑහෙන ධන ධාන්‍ය රාශියක් ඇත්තාහු තෙ පි න අජරාමරා ජරාමරණ ස්වභාවය ඇත්තාහුමය. මහා ධනවතුන්ගේ වුව ද ඔවුන් මත පතිතවන ජරා මරණ නැවැත්වීමට අපොහොසත් වන්නාහුය යන අර්ථයි.
අන්ධකවෙණ්ඩුපුත්තාති අන්ධකවෙණ්ඩුස්ස පුත්තාති පඤ්ඤාතා. සූරාති සත්තිමන්තො. වීරාති වීරියවන්තො. වික්කන්තප්පහාරිනොති සූරවීරභාවෙනෙව පටිසත්තුබලං වික්කම්ම පසය්හ පහරණසීලා. විද්ධස්තාති විනට්ඨා. සස්සතීසමාති කුලපරම්පරාය සස්සතීහි චන්දසූරියාදීහි සමානා, තෙපි අචිරකාලපවත්තකුලන්වයාති අත්ථො.
අන්ධක වෙණහු පුත්තො අන්ධක වෙණහුගේ පුත්‍රයෝ යයි ප්‍රකට, සූරා කීර්තිමත්, වීරා වීර්යවන්ත චිත්තප්පභාරිතො ශූර වීර භාවයෙන්ම සතුරු බලය මැඩපවත්වා වීර්යයෙන් යුතුව පහරදෙන ස්වභාවයෙන් යුත්, විද්ධසනා විනාශ වූ සස්සති සමා කුල පරපුරෙන් සදාකාලිකයයි කියනු ලබන, සඳ හිරු ආදීන් සමාන වූ අය, ඒ කුල පරම්පරාවන් ද සුළු කලක් පමණක් පැවැත්තාහුය.
ජාතියාති අත්තනො ජාතියා, විසිට්ඨතරා පන ජාතිපි නෙසං ජරාමරණං නිවත්තෙතුං න සක්කොතීති අත්ථො.
ජාතියා තමාගේ ජාතියෙන්, වඩාත් උසස් වූ ජාතියෙන් ද ඔවුන්ගේ ජරාමරණ නැවැත්වීමට නොහැක්කෝ වූහ.
මන්තන්ති වෙදං. ඡළඞ්ගන්ති කප්පබ්යාකරණනිරුත්තිසික්ඛාඡන්දොවිචිතිජොතිසත්ථසඞ්ඛාතෙහි ඡහි අඞ්ගෙහි ඡළඞ්ගං. බ්රහ්මචින්තිතන්ති බ්රහ්මෙහි අට්ඨකාදීහි චින්තිතං පඤ්ඤාචක්ඛුනා දිට්ඨං.
මන්තං වේදය ඡලංගං කල්ප ව්‍යාකරණ, නිරුත්ති, ශික්ෂා ඡන්දස්, ජ්‍යොතිෂ, යන අංග සයෙන් යුක්ත වූ. බ්‍රහ්ම චින්තිතං අට්ඨක ආදී බ්‍රහ්මයන් විසින් සිතන ලද ප්‍රඥාව නමැති ඇසින් දක්නා ලද.
සන්තාති උපසන්තකායවචීකම්මන්තා. සඤ්ඤතත්තාති සඤ්ඤතචිත්තා. තපස්සිනොති තපනිස්සිතා.
සන්තා උපශාන්ත වූ කාය කර්ම හා වාක් කර්ම ඇති, තත්තං සංයත වූ සිත් ඇත්තාහු, තපස්සිනො කෙලෙස් තවන්නා වූ,
ඉදානි කුමාරො අත්තනා කත්තබ්බං වදන්තො –
මීළඟට කුමාරයා තමන් විසින් කළයුත්තා වූ, දෙය කියන්නේ
“සුභාසිතා අත්ථවතී, ගාථායො තෙ මහාමුනි; නිජ්ඣත්තොම්හි සුභට්ඨෙන, ත්වඤ්ච මෙ සරණං භවා”ති. –
සුභාසිතා අත්ථවතී ගාථායො තෙ මහා මුනි නිජ්ඣත්තොම්හි සුභට්ඨෙන ත්වං ච මෙ සරණං භවා
ගරු කටයුතු මුනිවරයාණනි, ඔබගේ ගාථාවන් මනාව කියන ලදී. අර්ථවත්ය. ඒවායේ යහපත් වූ කියමනෙන් වටහා ගතිමි. මට පිහිට වන්න.
ආහ . තත්ථ නිජ්ඣත්තොම්හීති නිජ්ඣාපිතො ධම්මොජසඤ්ඤාය සඤ්ඤත්තිගතො අම්හි. සුභට්ඨෙනාති සුට්ඨු භාසිතෙන.
[missing trans]
තතො ථෙරො තං අනුසාසන්තො ඉමං ගාථං අභාසි –
ඉක්බිති ස්ථවිරයෝ ඔහුට අනුශාසනා කරන්නේ මේ ගාථාව කීය.
“මා මං ත්වං සරණං ගච්ඡ, තමෙව සරණං වජ; සක්යපුත්තං මහාවීරං, යමහං සරණං ගතො”ති.
මා මං ත්වං සරණං ගච්ඡ - තමෙව සරණං වර සක්ය පුත්තං මහාවීරං - යමහං සරණං ගතො
ඔබ මා සරණ නො යන්න. මම යම්බඳු මහා වීර්ය වූ ශාක්‍යපුත්‍රයන් වහන්සේ කෙනෙක් සරණ ගියෙම් ද ඔබ ද උන්වහන්සේ සරණ යන්න.
තතො රාජකුමාරො ආහ –
ඉක්බිති රජ කුමරු මෙසේ ඇසීය.
“කතරස්මිං සො ජනපදෙ, සත්ථා තුම්හාක මාරිස; අහම්පි දට්ඨුං ගච්ඡිස්සං, ජිනං අප්පටිපුග්ගල”න්ති.
කතරස්මිං යො ජනපදෙ සත්ථා තුම්හාක මාරිස අහම්පි දට්ඨුං ගච්ඡස්සං ජිනං අප්පටි පුග්ගලං
උතුමාණනි, ඔබගේ ශාස්තෲන් වහන්සේ කිනම් ජනපදයක වෙසෙත්ද, අසමාන පුද්ගලයා වූ ඒ බුදුන් වහන්සේ දැකීමට මම ද යන්නෙමි.
පුන ථෙරො ආහ –
තෙරණුවෝ නැවත කීහ.
“පුරත්ථිමස්මිං ජනපදෙ, ඔක්කාකකුලසම්භවො; තත්ථාසි පුරිසාජඤ්ඤො, සො ච ඛො පරිනිබ්බුතො”ති.
පුරත්ථිමස්මිං ජනපදෙ ඔක්කාක කුල සම්භවො තත්ථාසි පුරිසා ජඤ්ඤො - සො ච ඛො පරිනිබ්බුතො
මෙයින් පෙරදිග ජනපදයෙහි ඔක්කාක කුලයෙහි උපන් පුරුෂ ශ්‍රේෂ්ඨ වූ උන්වහන්සේ වාසය කළහ. උන්වහන්සේ ද පිරිනිවියහ.
තත්ථ ථෙරෙන නිසින්නපදෙසතො මජ්ඣිමදෙසස්ස පාචීනදිසාභාගත්තා වුත්තං “පුරත්ථිමස්මිං ජනපදෙ”ති.
තෙරණුවන් සිටි මධ්‍ය දේශයට පෙරදිගින් පිහිටි යයි කියවුනේ පෙරදිග ජනපදයෙහි යන අදහස සඳහා පුරත්ථිමස්මිං ජනපදෙ යන්න කියන ලදී.
එවං සො රාජපුත්තො ථෙරස්ස ධම්මදෙසනං සුත්වා පසන්නමානසො සරණෙසු ච සීලෙසු ච පතිට්ඨහි. තෙන වුත්තං –
මෙසේ රජකුමරුවෝ තෙරුන්ගේ ධර්ම දේශනය අසා පහන් වූ සිත් ඇත්තේ සරණ සිල්හි පිහිටියේය. ඒ නිසා ඉන් පසුව මෙසේ කීහ.
“සචෙ හි බුද්ධො තිට්ඨෙය්ය, සත්ථා තුම්හාක මාරිස; යොජනානි සහස්සානි, ගච්ඡෙය්යං පයිරුපාසිතුං.
උතුම් තෙරණුවනි, ඉදින් ඔබගේ ශාස්තෲ වූ බුදුරජුන් වැඩසිටින සේක් නම් උන්වහන්සේ ඇසුරු කිරීම සඳහා යොදුන් දහස් ගණනක් වුවද යන්නෙමි.
“යතො ච ඛො පරිනිබ්බුතො, සත්ථා තුම්හාක මාරිස; නිබ්බුතම්පි මහාවීරං, ගච්ඡාමි සරණං අහං.
උතුම් තෙරණුවනි, යම් හෙයකින් ඔබගේ ශාස්තෲන් වහන්සේ පිරිනිවියාහු ද, එම නිවී ගියා වූ එම මහා වීරයන් වහන්සේ සරණ යමි.
“උපෙමි සරණං බුද්ධං, ධම්මඤ්චාපි අනුත්තරං; සඞ්ඝඤ්ච නරදෙවස්ස, ගච්ඡාමි සරණං අහං.
මම බුද්ධ රත්නය ද, උතුම් වූ ධර්ම රත්නය ද සරණ යමි. බුදුන් වහන්සේගේ සංඝ රත්නය ද සරණ යමි.
“පාණාතිපාතා විරමාමි ඛිප්පං, ලොකෙ අදින්නං පරිවජ්ජයාමි; අමජ්ජපො නො ච මුසා භණාමි, සකෙන දාරෙන ච හොමි තුට්ඨො”ති.
මහාම ප්‍රාණඝාතයෙන් වෙන් වෙමි. ලොව නුදුන් දෙය දුරු කරමි. මද්‍ය පානය නො කරන්නෙමි. මුසාබස් නො කියමි. සිය බිරිඳගෙන්ම තුටු වෙමි.
එවං පන තං සරණෙසු ච සීලෙසු ච පතිට්ඨිතං ථෙරො එවමාහ “රාජකුමාර, තුය්හං ඉධ අරඤ්ඤවාසෙන අත්ථො නත්ථි, න චිරං තව ජීවිතං, පඤ්චමාසබ්භන්තරෙ එව කාලං කරිස්සසි, තස්මා තව පිතු සන්තිකමෙව ගන්ත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා සග්ගපරායණො භවෙය්යාසී”ති වත්වා අත්තනො සන්තිකෙ ධාතුයො දත්වා විස්සජ්ජෙසි. සො ගච්ඡන්තො “අහං, භන්තෙ, තුම්හාකං වචනෙන ඉතො ගමිස්සාමි, තුම්හෙහිපි මය්හං අනුකම්පාය තත්ථ ආගන්තබ්බ”න්ති වත්වා ථෙරස්ස අධිවාසනං විදිත්වා වන්දිත්වා පදක්ඛිණං කත්වා පිතු නගරං ගන්ත්වා උය්යානං පවිසිත්වා අත්තනො ආගතභාවං රඤ්ඤො නිවෙදෙසි.
මෙසේ සරණයෙහි ද සිල්හි ද පිහිටි ඔහුට තෙරණුවෝ මෙසේ කීහ. රජකුමරුනි, ඔබට මෙහි වන වාසයෙන් ප්‍රයෝජන නැත. ඔබේ ජීවිතය වැඩිකල් පවතින්නේ නැත. පස් මසක් තුළම කළුරිය කරන්නෙහිය. එබැවින් ඔබ පියා වෙතට ගොස් දානාදී පින්කම් කොට ස්වර්ගයට පැමිණෙන්න. මෙසේ කියා තමා සමීපයෙන් ධාතූන් ද දී පිටත් කළේය. ස්වාමීනි, මම ඔබවහන්සේ වචනයෙන් මින් යමි. ඔබවහන්සේ ද මට අනුකම්පාවෙන් එහි පැමිණෙන්න කියා තෙරණුවන් එය ඉවසූ බව දැන වැඳ පැදකුණු කොට පියාගේ නුවරට ගොස් උයනට පිවිස තමන් පැමිණි බව පියරජුට කියා යැවීය.
තං සුත්වා රාජා සපරිවාරො උය්යානං ගන්ත්වා කුමාරං ආලිඞ්ගිත්වා අන්තෙපුරං නෙත්වා අභිසිඤ්චිතුකාමො අහොසි. කුමාරො “දෙව, මය්හං අප්පකං ආයු, ඉතො චතුන්නං මාසානං අච්චයෙන මරණං භවිස්සති, කිං මෙ රජ්ජෙන, තුම්හෙ නිස්සාය පුඤ්ඤමෙව කරිස්සාමී”ති වත්වා ථෙරස්ස ගුණං රතනත්තයස්ස ච ආනුභාවං පවෙදෙසි. තං සුත්වා රාජා සංවෙගප්පත්තො රතනත්තයෙ ච ථෙරෙ ච පසන්නමානසො මහන්තං විහාරං කාරෙත්වා මහාකච්චායනත්ථෙරස්ස සන්තිකෙ දූතං පාහෙසි. ථෙරොපි රාජානං මහාජනඤ්ච අනුග්ගණ්හන්තො ආගච්ඡි. රාජා ච සපරිවාරො දූරතොව පච්චුග්ගමනං කත්වා ථෙරං විහාරං පවෙසෙත්වා චතූහි පච්චයෙහි සක්කච්චං උපට්ඨහන්තො සරණෙසු ච සීලෙසු ච පතිට්ඨහි. කුමාරො ච සීලානි සමාදියිත්වා ථෙරං භික්ඛූ චෙව සක්කච්චං උපට්ඨහන්තො දානානි දදන්තො ධම්මං සුණන්තො චතුන්නං මාසානං අච්චයෙන කාලං කත්වා තාවතිංසභවනෙ නිබ්බත්ති. තස්ස පුඤ්ඤානුභාවෙන සත්තරතනපටිමණ්ඩිතො සත්තයොජනප්පමාණො රථො උප්පජ්ජි, අනෙකානි චස්ස අච්ඡරාසහස්සානි පරිවාරො අහොසි.
රජතෙම එය අසා පිරිවර සමග උයනට ගොස් කුමරු වැළඳගෙන ඇතුළු නුවරට පමුණුවා අභිෂේක කරනු කැමැත්තේ විය. කුමර තෙම, දේවයන් වහන්ස, මගේ ආයුෂය මෙයින් මාස හතරක ඇවෑමෙන් මරණය වන්නේය. මට රජයෙන් කවර පලක්ද, ඔබ ද පිහිට කොට පින්ම කරන්නෙමියි කියා තෙරුවන්ගේ ගුණ ද ආනුභාවය ද දැක්වීය. මෙය අසා රජු සංවේගයට පැමිණියේ රත්නත්‍රයෙහි පැහැදුණු සිත් ඇත්තේ මහත් වූ විහාරයක් කරවා කච්චායන හිමියන් වෙත දූතයන් යැවීය. තෙරණුවෝ රජුට ද මහජනයාට ද අනුකම්පාවෙන් එරටට පැමිණි සේක. රජතෙමේ පිරිවර සහිත වූයේ දුර සිටම පෙරගමන් කොට තෙරුන් වහන්සේ විහාරයට වැඩමවා සිවුපසයෙන් මනාව උවටැන් කරමින් සරණ සිල්හි පිහිටියේය. කුමාරයා ද සිල් සමාදන් වී තෙරුන්ට ද, භික්ෂූන්ට ද මනාව උවටැන් කරමින් දන් දෙමින් දහම් අසමින් සිට සිව් මසක් ඇවෑමෙන් කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නේය. ඔහුගේ පින් මහිමයෙන් සත් රුවනින් යුක්ත වූ සත්යොදුන් පමණ වූ රථයක් ද පහළවිය. අප්සරාවෝ දහස් ගණනින් පිරිවර වූහ.
රාජා කුමාරස්ස සරීරසක්කාරං කත්වා භික්ඛුසඞ්ඝස්ස ච මහාදානං පවත්තෙත්වා චෙතියස්ස පූජං අකාසි, තත්ථ මහාජනො සන්නිපති, ථෙරොපි සපරිවාරො තං පදෙසං උපගඤ්ඡි. අථ දෙවපුත්තො අත්තනා කතකුසලකම්මං ඔලොකෙත්වා කතඤ්ඤුතාය “ගන්ත්වා ථෙරං වන්දිස්සාමි, සාසනගුණෙ ච පාකටෙ කරිස්සාමී”ති චින්තෙත්වා දිබ්බරථං ආරුය්හ මහතා පරිවාරෙන දිස්සමානරූපො ආගන්ත්වා රථා ඔරුය්හ ථෙරස්ස පාදෙ වන්දිත්වා පිතරා සද්ධිං පටිසන්ථාරං කත්වා ථෙරං පයිරුපාසමානො අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි. තං ථෙරො ඉමාහි ගාථාහි පුච්ඡි –
රජු කුමාරයන්ගේ සිරුරට සත්කාරකොට භික්ෂු සංඝයාට මහදන් පවත්වා චෛත්‍ය පූජාවන් ද කළහ. එහි මහජනයා රැස් වූහ. තෙරණුවෝ ද පිරිවර සහිත ඒ පෙදෙසට පැමිණියහ. ඉක්බිති දෙව්පුත් තෙමේ තමන් විසින් කරන ලද පුණ්‍යකර්මය කුමක්දැයි පිරික්සා බලා කෘතඥතාවයෙන් යුතුව ගොස් තෙරුවන් වඳින්නෙමියි ද ශාසන ගුණය ප්‍රකට කරන්නෙමියි ද සිතා දිව්‍ය රථයට නැගී පිරිවර සහිතව පෙනෙන රූපයෙන් යුතුව අවුත් රියෙන් බැස තෙරණුවන්ගේ පා වැඳ පියා සමග පිළිසඳර කථාකොට තෙරුන් ඇසුරු කරමින් ඇඳිලි බැඳ සිටියේය. තෙරණුවෝ මේ අන්දමින් ඔහුගෙන් ප්‍රශ්න කළේය. ප්‍රශ්න කළ ගාථාවන්ගේ අදහස් -
“සහස්සරංසීව යථාමහප්පභො, දිසං යථා භාති නභෙ අනුක්කමං; තථාපකාරො තවායං මහාරථො, සමන්තතො යොජනසත්තමායතො.
මහත් වූ ප්‍රභාවයක් ඇති සූර්යයා යම්සේ බබළන්නේ ද, ගමන් කරමින්ම දිසාවන් බබුළුවන්නේ ද එබඳු ආකාර ඇති ඔබගේ මහා රථය හාත්පසින් සත් යොදුන් ප්‍රමාණයක් බබුළුවයි.
“සුවණ්ණපට්ටෙහි සමන්තමොත්ථටො, උරස්ස මුත්තාහි මණීහි චිත්තිතො; ලෙඛා සුවණ්ණස්ස ච රූපියස්ස ච, සොභෙන්ති වෙළුරියමයා සුනිම්මිතා.
රන්මුවා පිළියෙන් වටටම වැසී ගියා වූ ඒරියා කඳෙහි මුල මුතු මැණික්වලින් විසිතුරු වූ රන් හා රිදී වස්ත්‍රයන්හි කරන ලද විසිතුරු රූ ඇති වෛරෝඩි මාණික්‍යමය වූ රථය බබුළුවයි.
“සීසඤ්චිදං වෙළුරියස්ස නිම්මිතං, යුගඤ්චිදං ලොහිතකාය චිත්තිතං; යුත්තා සුවණ්ණස්ස ච රූපියස්ස ච, සොභන්ති අස්සා ච ඉමෙ මනොජවා.
වෛරෝඩි මැණිකෙන් යුක්ත වූ රිය හිස ද, රතු මැණිකෙන් විසිතුරු කළ ඒරියා කඳ ද රන් හා රිදී යොදා සැරසූ රථය ද මනා වේගයෙන් දුවන අශ්වයෝ ද ශෝභමාන වෙත්.
“සො තිට්ඨසි හෙමරථෙ අධිට්ඨිතො, දෙවානමින්දොව සහස්සවාහනො; පුච්ඡාමි තාහං යසවන්ත කොවිදං, කථං තයා ලද්ධො අයං උළාරො”ති.
එබඳු වූ ඔබ දහසක් වාහන ඇති ශක්‍රයා මෙන් ස්වර්ණමය රථයෙහි අධිගෘහිතව සිටින්නෙහි ය. යසසින් යුක්ත වූ දක්ෂ වූ ඔබගෙන් මම මෙසේ ප්‍රශ්න කරමි. මේ උතුම් යසස ඔබ කෙසේ ලබන ලදද?
තත්ථ සහස්සරංසීති සූරියො. සො හි අනෙකසහස්සරංසිමන්තතාය “සහස්සරංසී”ති වුච්චති. යථාමහප්පභොති අත්තනො මහත්තස්ස අනුරූපප්පභො. යථා හි මහත්තෙන සූරියමණ්ඩලෙන සදිසං ජොතිමණ්ඩලං නත්ථි, එවං පභායපි. තථා හි තං එකස්මිං ඛණෙ තීසු මහාදීපෙසු ආලොකං ඵරන්තං තිට්ඨති. දිසං යථා භාති නභෙ අනුක්කමන්ති නභෙ ආකාසෙ යථෙව දිසං අනුක්කමන්තො ගච්ඡන්තො යථා යෙන පකාරෙන භාති දිබ්බති ජොතති. තථාපකාරොති තාදිසාකාරො. තවායන්ති තව අයං.
ගාථා විස්තර :- සහස්සරංසි සූර්යයා. ඒ සූර්යයා වනාහි බොහෝ වූ රැස් දහස් ගණනකින් යුක්ත වූ බැවින් සහස්ස රංසි යයි කියති. යථා මහප්පභො තමාගේ උසස් බවට අනුරූප වූ ප්‍රභාවය. යම්සේ මහත් වූ සූර්ය මණ්ඩලය හා සමාන වූ බබළන තාරකා මණ්ඩලයක් නැත්තේ ද, එසේම ප්‍රභා මණ්ඩලයක් නැත්තේ ද, එසේ එය එක ක්ෂණයකදී මහද්වීප තුනක ආලෝකය පතුරවමින් පවතියි. දිසං යථා භාති නහෙ අනුක්කමං නභෙ අහසෙහි සුදුසු දිසාවකට අනුක්කමන්තො යමින්, යම්සේ යම් ආකාරයකින් බබළයිද, දිළිසේද, ප්‍රකට වේද යන අදහස් ඇත්තේය. තථප්පකාරො එබඳු ආකාර ඇති, තවයං තව+අයං යන පද දෙකේ සන්ධියයි. ඔබගේ මෙම යන අර්ථයයි.
සුවණ්ණපට්ටෙහීති සුවණ්ණමයෙහි පට්ටෙහි. සමන්තමොත්ථටො සමන්තතො ඡාදිතො. උරස්සාති උරො අස්ස, රථස්ස උරොති ච ඊසාමූලං වදති. ලෙඛාති වෙළුරියමයා මාලාකම්මලතාකම්මාදිලෙඛා. තාසං සුවණ්ණපට්ටෙසු ච රජතපට්ටෙසු ච දිස්සමානත්තා වුත්තං “සුවණ්ණස්ස ච රූපියස්ස චා”ති. සොභෙන්තීති රථං සොභයන්ති.
සුවණ්ණ පට්ටෙහි රන්මුවා පිළියෙන් සමන්ත මොත්ථථො හාත්පසින් වැසුණු, උරස්ස මොහුගේ උරය යනු එක් අරුතකි. රථස්ස උරො යනුවෙන් ඒරියාකඳෙහි මුල යන අදහසද කියවේ. ලොඛා වෛරෝඩි මැණිකෙන් කළ මල්කම් ලියකම් ආදී රේඛාවන් ඒ ඒ තැන්හි ස්වර්ණමය වස්ත්රවලද රජතමය වස්තුවලද දිස්වන බැවින් සුවණ්ණස්ස ච රූපියස්සච යයි කියන ලද සොභන්ති රථය සෝභමාන කරත්.
සීසන්ති රථකුබ්බරසීසං. වෙළුරියස්ස නිම්මිතන්ති වෙළුරියෙන නිම්මිතං, වෙළුරියමණිමයන්ති අත්ථො. ලොහිතකායාති ලොහිතකමණිනා, යෙන කෙනචි රත්තමණිනා වා. යුත්තාති යොජිතා, අථ වා යොත්තා සුවණ්ණස්ස ච රූපියස්ස චාති සුවණ්ණමයා ච රූපියමයා ච යොත්තා, සඞ්ඛලිකාති අත්ථො.
සීසං රථයේ රියා කළේ හිස වෙළුරියස්ස නිම්මිතං වෛරෝඩි මැණික්වලින් තැනූ වෛරෝඩි මාණික්‍යමය යන අදහස. ලෝහිත කායා රත් පැහැයෙන් සලකුණු වූ මැණිකෙන් ඇතැමුන් විසින් රතු මැණිකෙන් යයි ද කියනු ලැබේ. යුත්තා යොදන ලද්දාහු, නොහොත් රනින් ද රිදීයෙන් ද කළ රැහැන් සැකිල්ල යන අර්ථයි.
අධිට්ඨිතොති අත්තනො දෙවිද්ධියා සකලමිදං ඨානං අභිභවිත්වා ඨිතො. සහස්සවාහනොති සහස්සයුත්තවාහනො, සහස්සආජානීයයුත්තරථො දෙවානමින්දො යථාති අධිප්පායො. යසවන්තාති ආලපනං, යසස්සීති අත්ථො. කොවිදන්ති කුසලඤාණවන්තං, රථාරොහනෙ වා ඡෙකං. අයං උළාරොති අයං උළාරො මහන්තො යසොති අධිප්පායො.
අධිට්ඨිතො තමාගේ දිව්‍යමය ඍද්ධියෙහි මේ සියලු දේ යටපත්කොට සිටියේය. සහස්ස වාහනො දහසකින් යුත් වාහන ඇති. ආජානීය අසුන් යෙදූ රථය. දෙවානමින්දො ශක්‍රයාගේ බඳුය. යසවන්තා ආලපන විභක්තියි. යශස් ඇත්තාණනි, කොවිදං දක්ෂ බව නුවණැති. අයං උළාරො මේ උතුම් යසස් යසස - යන අදහසයි.
එවං ථෙරෙන පුට්ඨො දෙවපුත්තො ඉමාහි ගාථාහි බ්යාකාසි –
තෙරණුවන් විසින් මෙසේ ප්‍රශ්න කරනු ලැබුවා වූ දිව්‍ය පුත්‍ර තෙමේ මෙසේ පිළිතුරු දුන්නේය.
“සුජාතො නාමහං භන්තෙ, රාජපුත්තො පුරෙ අහුං; ත්වඤ්ච මං අනුකම්පාය, සඤ්ඤමස්මිං නිවෙසයි.
ස්වාමීනි, මම පෙර භවයෙහි සුජාත නම් රජකුමරුවෙක් වීමි. ඔබවහන්සේ අනුකම්පාවෙන් යුතුව මා සංයමයෙහි පිහිටුවීය.
“ඛීණායුකඤ්ච මං ඤත්වා, සරීරං පාදාසි සත්ථුනො; ඉමං සුජාත පූජෙහි, තං තෙ අත්ථාය හෙහිති.
හීන ආයුෂ ඇති මා පිළිබඳව ඔබවහන්සේ දැන, ශාස්තෲන් වහන්සේගේ ශාරීරික ධාතුන් වෙත මා භාර කළේය. සුජාතයෙනි, එසේ වූ මේ ධාතුන් වහස්ට පූජා කරන්න. එය ඔබගේ යහපත පිණිස පවතින්නේය.
“තාහං ගන්ධෙහි මාලෙහි, පූජයිත්වා සමුය්යුතො; පහාය මානුසං දෙහං, උපපන්නොම්හි නන්දනං.
ඒ මම උනන්දුවෙන් යුතුව සුවඳ දුමින් සුවඳ මලින්, පුදා මිනිස්ලොවින් චුත වී නන්දන උද්‍යානයෙහි උපන්මි.
“නන්දනෙ ච වනෙ රම්මෙ, නානාදිජගණායුතෙ; රමාමි නච්චගීතෙහි, අච්ඡරාහි පුරක්ඛතො”ති.
විවිධ පක්ෂීන්ගෙන් ගැවසී ගත් නන්දන (වනය) උයනෙහි අප්සරාවන් විසින් පෙරටු කරගෙන කරනු ලබන නෘත්‍ය ගීතයන්ගෙන් සතුටට පත් වෙමි.
තත්ථ සරීරන්තී සරීරධාතුං. හෙහිතීති භවිස්සති. සමුය්යුතොති සම්මා උය්යුත්තො, යුත්තප්පයුත්තොති අත්ථො.
ගාථා විස්තර : සරීරං ශාරීරික ධාතු. භෙභීති සිදුවන්නේය. සමුය්යතො මනාව යොදන ලදී. උසස් ලෙස යොදන ලදී.
එවං දෙවපුත්තො ථෙරෙන පුච්ඡිතමත්ථං කථෙත්වා ථෙරං වන්දිත්වා පදක්ඛිණං කත්වා පිතරං ආපුච්ඡිත්වා රථං ආරුය්හ දෙවලොකමෙව ගතො. ථෙරොපි තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය විත්ථාරෙන ධම්මකථං කථෙසි. සා ධම්මකථා මහාජනස්ස සාත්ථිකා අහොසි. අථ ථෙරො තං සබ්බං අත්තනා ච තෙන ච කථිතනියාමෙනෙව සඞ්ගීතිකාලෙ ධම්මසඞ්ගාහකානං ආරොචෙසි, තෙ ච තං තථා සඞ්ගහං ආරොපෙසුන්ති.
මෙසේ දිව්‍යපුත්‍ර තෙමේ තෙරණුවන් විසින් විමසන ලද කරුණට පිළිතුරු කියා තෙරුවන් වැඳ පැදකුණු කොට, පියාගෙන් විමසා රථයට නැගී දෙව්ලොවට ගියේය. තෙරණුවෝ ද ඒ කරුණ අර්ථෝත්පත්ති කොටගෙන පැමිණි පිරිසට විස්තර වශයෙන් ධර්ම කථාවක් දේශනා කළහ. ඒ ධර්ම කථාව මහජනයාට ප්‍රයෝජනවත් විය. ඉන්පසුව ඒ තෙරණුවෝ මේ සරණ පුවත පිළිවෙළින් සංගීති කාලයෙහි සංගීතිකාරක තෙරුන් වහන්සේලාට දැන්වූහ. උන්වහන්සේලා එය සංගායනාවට එකතු කළහ.
චූළරථවිමානවණ්ණනා නිට්ඨිතා.
චූළ රථ විමාන වර්ණනාව නිමියේ ය.