14. මහාරථවිමානවණ්ණනා අට්ඨකථා
14. මහාරථවිමානවණ්ණනා
14. මහාරථවිමාන වර්ණනා
සහස්සයුත්තං හයවාහනං සුභන්ති මහාරථවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන ච සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො හෙට්ඨා වුත්තනයෙන දෙවචාරිකං චරන්තො තාවතිංසභවනෙ ගොපාලස්ස නාම දෙවපුත්තස්ස අත්තනො විමානතො නික්ඛමිත්වා සහස්සයුත්තං මහන්තං දිබ්බරථං අභිරුය්හ මහන්තෙන පරිවාරෙන මහතියා දෙවිද්ධියා උය්යානකීළනත්ථං ගච්ඡන්තස්ස අවිදූරෙ පාතුරහොසි. තං දිස්වා දෙවපුත්තො සඤ්ජාතගාරවබහුමානො සහසා රථතො ඔරුය්හ උපසඞ්කමිත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා අඤ්ජලිං සිරසි පග්ගය්හ අට්ඨාසි.
සහස්ස සුත්තං භයවාහනං සුභං යනුවෙන් මහා රථ විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වාසය කරන සේක. එසමයෙහි පෙර කථාවෙහි කියන ලද පරිදිම දිව්‍යලෝක චාරිකාවේ යෙදුනු ආයුෂ්මත් මහ මුගලන් මහ රහතන් වහන්සේ, තව්තිසා භවනයේ තමන්ගේ විමානයෙන් නික්ම, දහසක් අසුන් යෙදූ මහත් වූ දිව්යරථයට නැග මහත් පිරිවරක් සමග මහත් වූ දිව්‍යමය සෘද්ධියෙන් යුතුව උයන්කෙළි සඳහා යන්නා වූ ගෝපාල නම් දිව්යපුත්රයාගේ නුදුරෙහි පහළ වූ සේක. දිව්‍ය පුත්‍ර තෙමේ උන්වහන්සේ දැක හටගත් ගරු බුහුමන් ඇත්තේ වහාම රථයෙන් බැස තෙරණුවන් සමීපයට පැමිණ පසඟ පිහිටුවා වැඳ හිසෙහි ඇඳිලි බැඳ සිටියේය.
තස්සිදං පුබ්බකම්මං – සො කිර විපස්සිං භගවන්තං සුවණ්ණමාලාය පූජෙත්වා “ඉමස්ස පුඤ්ඤස්ස ආනුභාවෙන මය්හං භවෙ භවෙ සොවණ්ණමයා උරච්ඡදමාලා නිබ්බත්තතූ”ති කතපණිධානාය අනෙකකප්පෙසු සුගතීසුයෙව සංසරන්තියා කස්සපස්ස භගවතො කාලෙ කිකිස්ස කාසිරඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්තාය යථාපණිධානං සුවණ්ණමාලාලාභෙන “උරච්ඡදමාලා”ති ලද්ධනාමාය දෙවකඤ්ඤාසදිසාය රාජධීතාය ආචරියො ගොපාලො නාම බ්රාහ්මණො හුත්වා සසාවකසඞ්ඝස්ස කස්සපස්ස භගවතො අසදිසදානාදීනි මහාදානානි පවත්තෙත්වා ඉන්ද්රියානං අපරිපක්කභාවෙන අත්තානං රාජධීතරඤ්ච උද්දිස්ස සත්ථාරා දෙසිතං ධම්මං සුත්වාපි විසෙසං නිබ්බත්තෙතුං අසක්කොන්තො පුථුජ්ජනකාලකිරියමෙව කත්වා යථූපචිතපුඤ්ඤානුභාවෙන තාවතිංසෙසු යොජනසතිකෙ කනකවිමානෙ නිබ්බත්ති, අනෙකකොටිඅච්ඡරාපරිවාරො අහොසි, සත්තරතනමයො චස්ස සහස්සයුත්තො සුවිභත්තභිත්තිවිචිත්තො සිනිද්ධමධුරනිග්ඝොසො අත්තනො පභාසමුදයෙන අවහසන්තො විය දිවඞ්කරමණ්ඩලං දිබ්බො ආජඤ්ඤරථො නිබ්බත්ති.
ඔහුගේ පූර්ව කර්මය මෙසේ විය. ඈත අතීතයේ එක් කාන්තාවක් විපස්සී නම් බුදුන් හට රන් මලින් පුදා මේ පිනේ ආනුභාවයෙන් මට භවයක් පාසා ස්වර්ණමය වූ ළය වසන ළය ආවරණ මාල ලැබේවායි ප්‍රාර්ථනා කළාය. ඒ පිනෙන් බොහෝ වූ කල්ප ගණනක් සුගතීන්හි සැරිසරමින් කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි ‘කිකී’ නම් වූ කාසි රජුගේ අග මෙහෙසියගේ කුසෙහි උපන්හ. ඇගේ ප්‍රාර්ථනාව අනුව ළය පෙදෙස සැරසීම සඳහා ලැබීමෙන් ‘උරච්ඡද මාලා’ යන නම් ඇතිව දේව කන්‍යාවකට සමාන වූ රජදුවක්ව උපනි. ඇගේ ආචාර්ය වූ ගෝපාල නම් වූ බ්‍රාහ්මණයා, ශ්‍රාවක සංඝයා සහිත වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට අසදස මහා දානය ආදී මහදන් පවත්වා ඉන්ද්රියයන් මුහුකුරා නො ගිය බැවින් තමාද රජ දුවද උදෙසා ශාස්තෲන් වහන්සේ ධර්මය දේශනා කළද සෝවාන් ආදී විශේෂත්වයක් උපදවාගත නොහැකි වූයේ පුහුදුන් ලෙසටම කළුරියකොට රැස් කරගෙන තිබූ පින් බලයෙන් තව්තිසාවේ යොදුන් සියයක් වූ රන් විමනෙක උපන්නේය. කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් අප්සරාවෝ පිරිවරා සිටියහ. ඔහුට සත්රුවනින් හෙබි දහසක් අසුන් යෙදුවා වූද මනරම් ලෙස විසිතුරු කරන ලද බිත්ති ඇත්තා වූ සිනිඳු මිහිරි නාද ඇත්තා වූද, තමන්ගේ ප්‍රභා රශ්මීන්ගෙන් සූර්ය මණ්ඩලයට අපහාස කරන්නාක් වැනි වූ දිව්‍යමය වූ ආජානීය අශ්වරථයක් පහළ විය.
සො තත්ථ යාවතායුකං දිබ්බසම්පත්තිං අනුභවිත්වා අපරාපරං දෙවෙසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන යථාවුත්තසම්පත්තිවිභවො ගොපාලො එව නාම දෙවපුත්තො හුත්වා තාවතිංසෙසුයෙව නිබ්බත්ති. තං සන්ධාය වුත්තං “තෙන ච සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො…පෙ… අඤ්ජලිං සිරසි පග්ගය්හ අට්ඨාසී”ති.
ඒ දිව්‍යපුත්‍ර තෙමේ එහි දිවි ඇති තාක් දිව සැපත් අනුභවකොට නැවත නැවත දෙව්ලොවම සැරිසරමින් මෙම ගෞතම බුද්ධෝත්පාද සමයෙහි ඒ පෙර කර්මයේම විපාක ඉතිරිව තිබූ බැවින් කියන ලද ආකාර සම්පත් ඇතිව, ගෝපාල යන නමින්ම තව්තිසාවේම උපනි. ඒ සඳහා ‘තෙන ච සමයෙන ආයස්මා මහා මොග්ගල්ලානො පෙ- අඤ්ජලිං සිර පග්ගය්හ අට්ඨාසි’ යයි කියන ලද්දේය.
එවං පන උපසඞ්කමිත්වා ඨිතං තං දෙවපුත්තං ආයස්මා මහාමොග්ගල්ලානො ඉමාහි ගාථාහි පුච්ඡි –
මෙසේ තමා වෙතට එළඹ සිටි ඒ දිව්‍ය පුත්‍රයාගෙන් ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ ගාථා මගින් මෙසේ ප්‍රශ්න කළහ. (ගාථාවන්හි අදහස්)
“සහස්සයුත්තං හයවාහනං සුභං, ආරුය්හිමං සන්දනං නෙකචිත්තං; උය්යානභූමිං අභිතො අනුක්කමං, පුරින්දදො භූතපතීව වාසවො.
දහසක් අසුන් යෙදූ යහපත් වූ අනේක ලෙස විචිත්‍ර වූ අශ්ව වාහනයට නැග උයන් බිම සමීපයට යන්නා වූ ඔබ, දෙවියන්ගේ නායකයා වන ශක්‍ර දේවේන්ද්‍රයා ලෙස බබළන්නේය.
“සොවණ්ණමයා තෙ රථකුබ්බරා උභො, ඵලෙහි අංසෙහි අතීව සඞ්ගතා; සුජාතගුම්බා නරවීරනිට්ඨිතා, විරොචති පන්නරසෙව චන්දො.
උසස් ලෙස ශිල්ප දන්නා වූ පුරුෂයන් විසින් තනන ලද ඔබගේ රථයෙහි දෙපස බිත්තිවලින් ද කුළුණු වලින් ද යුක්තය. සියල්ල රත්තරනින් නිමවන ලද්දේය. ඔබගේ රථයෙහි ඉදිරිපස කිඹුල් මුව දෙක පසළොස්වක පුන්සඳ මෙන් බබළයි.
“සුවණ්ණජාලාවතතො රථො අයං, බහූහි නානාරතනෙහි චිත්තිතො; සුනන්දිඝොසො ච සුභස්සරො ච, විරොචතී චාමරහත්ථබාහුභි.
රන් දැලකින් වසා ඇති මේ රථය බොහෝ වූ රත්න වර්ගයන්ගෙන් විසිතුරු කර ඇත. එය මනා වූ හඬකින් යුක්තය. ශෝභමානය. චාමර ගත් අත් ඇති අප්සරාවෝ සමූහයක් එහි වසති. ඔව්හුද බබළති.
“ඉමා ච නාභ්යො මනසාභිනිම්මිතා, රථස්ස පාදන්තරමජ්ඣභූසිතා; ඉමා ච නාභ්යො සතරාජිචිත්තිතා, සතෙරතා විජ්ජුරිවප්පභාසරෙ.
මේ රථ රෝදයන්හි බොස්ගෙඩි විචිත්‍ර ලෙස නිමාකොට ඇත. රථයේ චක්‍ර හා නිම්වළලු චක්‍රාකාරයෙන් විදුලිය මැද දිළිසෙන්නා සේය. සිය දහස් ගණන් රේඛා සමූහය ගන රනින් නිමියේ ය.
“අනෙකචිත්තාවතතො රථො අයං, පුථූ ච නෙමී ච සහස්සරංසිකො; තෙසං සරො සුය්යති වග්ගුරූපො, පඤ්චඞ්ගිකං තූරියමිවප්පවාදිතං.
අනේකවිධ රත්නයන්ගෙන් නිමියා වූ, නිම් වළලු සහිත රිය සක් පෙල ශෝභාමත් වෙයි. ඒවායේ හඬ පංචාගික තූර්ය නාදය මෙන් ගීතවත්ව ඇසේ.
“සිරස්මිං චිත්තං මණිචන්දකප්පිතං, සදා විසුද්ධං රුචිරං පභස්සරං; සුවණ්ණරාජීහි අතීව සඞ්ගතං, වෙළුරියරාජීව අතීව සොභති.
රථ ශීර්ෂයෙහි යොදා ඇති රන්වන් රේඛාවන් නිසා මනෝඥ වූ ප්‍රභවයක් ඇති වන්නේය. වෛධූර්ය මැණික්වල රශ්මිය චන්ද්‍ර මණ්ඩලයේ සඳරැස් මෙන් බබළන්නේය.
“ඉමෙ ච වාළී මණිචන්දකප්පිතා, ආරොහකම්බූ සුජවා බ්රහූපමා; බ්රහා මහන්තා බලිනො මහාජවා, මනො තවඤ්ඤාය තථෙව සිංසරෙ.
රථයෙහි යොදා ඇති අශ්වයෝ නියම උසින් ද, ඊට අනුරූප වූ මහතින් ද යුක්තය. මනා ලෙස ජව සම්පන්නය. හැම අතින්ම වැඩිදියුණු වී ඇති ඔහු බලසම්පන්නය. මේ අශ්වයන් ඔබගේ සිත අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙන්නෝය.
“ඉමෙ ච සබ්බෙ සහිතා චතුක්කමා, මනො තවඤ්ඤාය තථෙව සිංසරෙ; සමං වහන්තී මුදුකා අනුද්ධතා, ආමොදමානා තුරගානමුත්තමා.
ජවය ආදී ගුණයන් දරන්නා වූ, මෘදු ස්වභාව ඇත්තා වූ, සන්සුන් ගති ඇත්තා වූ, ප්රමෝදයට පත් කරන්නා වූ, මේ සියලුම සත්ත්වයෝ ඔබගේ සිතැඟි අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙති.
“ධුනන්ති වග්ගන්ති පතන්ති චම්බරෙ, අබ්භුද්ධුනන්තා සුකතෙ පිළන්ධනෙ; තෙසං සරො සුය්යති වග්ගුරූපො, පඤ්චඞ්ගිකං තූරියමිවප්පවාදිතං.
මනාව පිළියෙල කළ ඇඳුම් පැළඳුම් සහිතව අහසෙහි සිටින අය විවිධ කෘත්‍යයන් දක්වති. සමහරු සාමාන්‍ය ලෙස පවතී. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් චලනය වීමේ දී පසඟතුරු නද ඇසේ. වාදනය කරනු ලබන සංගීත භාණ්ඩයන්ගේ හඬද මිහිරි ලෙසින් ඇසේ.
“රථස්ස ඝොසො අපිළන්ධනාන ච, ඛුරස්ස නාදො අභිහිංසනාය ච; ඝොසො සුවග්ගූ සමිතස්ස සුය්යති, ගන්ධබ්බතූරියානි විචිත්රසංවනෙ.
රථයේ හඬ ද, පළඳනාවන්ගේ හඬද, අස්කුර නාදයද අශ්වයන්ගේ වේගවත් ගමන් හඬද, යන මේ සියලු ශබ්ද චිත්‍රලතා වනයේ ගාන්ධර්ව තූර්ය නාද මෙන් ඇසේ.
“රථෙ ඨිතාතා මිගමන්දලොචනා, ආළාරපම්හා හසිතා පියංවදා; වෙළුරියජාලාවතතා තනුච්ඡවා, සදෙව ගන්ධබ්බසූරග්ගපූජිතා.
රථයෙහි සිටින අප්සරාවන්ගේ ඇස් ළදරු මුව පොව්වන්ගේ ඇස් වැනිය. ඈලා වසු පැටවුන්ගේ මෙන් ඇසිපිය ඇත්තාහ. සිනහ සහිත මුව ඇත්තාහ. පියකරු තෙපුල් ඇත්තාහ. වෛරෝඩි මාණික්‍ය වැනි දැලින් වැසුණු ශරීර ඇත්තාහ. හැම කල්හිම ගාන්ධර්වයන්ගේ හා සුරයන්ගේ ගෞරවයට පාත්‍ර වන්නාහ.
“තා රත්තරත්තම්බරපීතවාසසා, විසාලනෙත්තා අභිරත්තලොචනා; කුලෙ සුජාතා සුතනූ සුචිම්හිතා, රථෙ ඨිතා පඤ්ජලිකා උපට්ඨිතා.
සිත්කලු රූපයන් ද රතු සහ කහ පැහැති වස්ත්‍ර ද රතු රේඛාවන්ගෙන් අලංකාර වූ ඇස් ද සොඳුරු සිරුරු ද ඇති ඒ අප්සරාවෝ සින්ධව කුලයේ උපන්නාහු වෙති. ඈලා ඇඳිලි බැඳගෙනම රථයට පැමිණ සිටිති.
“තා කම්බුකෙයූරධරා සුවාසසා, සුමජ්ඣිමා ඌරුථනූපපන්නා; වට්ටඞ්ගුලියො සුමුඛා සුදස්සනා, රථෙ ඨිතා පඤ්ජලිකා උපට්ඨිතා.
රනින් කළ බාහු වළලු පැළඳ, මනා වූ සුවඳ සුණු ගා පිරිමැදි අඟපසඟ ඇති, සොඳුරු ඉඟටියක් ඇති, මනා වූ කලවා හා පියයුරුවලින් යුත්, රවුම් ඇඟිලිවලින් හා සොඳුරු මුහුණකින් සෝභමාන වූ අප්සරාවෝ ඇඳිලි බැඳ රථයේම උන්නේ දැකීමට ප්‍රිය උපදවයි.
“අඤ්ඤා සුවෙණී සුසු මිස්සකෙසියො, සමං විභත්තාහි පභස්සරාහි ච; අනුබ්බතා තා තව මානසෙ රතා, රථෙ ඨිතා පඤ්ජලිකා උපට්ඨිතා.
ඇතැම් අප්සරාවෝ යහපත් කෙස් කළඹකින් යුක්ත වූවාහ. ළාබාල වූවාහ. මිශ්‍ර ලෙස සැරසූ කෙස් වැටි ඇත්තාහ. සමහරු මැණික් ආදියෙන් සැරසූ, විවිධ ලෙස බෙදුණු කේශකලාප ඇත්තාහ. ඒ අප්සරාවෝ ඔබගේ සිතැඟි අනුව මනසට ප්‍රිය ලෙස ඇඳිලි බැඳගෙනම ඔව්හු රථයේ සිටිත්.
“ආවෙළිනියො පදුමුප්පලච්ඡදා, අලඞ්කතා චන්දනසාරවාසිතා; අනුබ්බතා තා තව මානසෙ රතා, රථෙ ඨිතා පඤ්ජලිකා උපට්ඨිතා.
පියුම් හා උපුල් මල්වලින් කරන ලද මල්දම් සිරුර වැසෙන සේ පැළඳගත් සුවඳ සඳුන් සුනෙන් සුවඳවත්ව, ඔබේ සිතැඟි අනුව මනසට ප්‍රියමනාප ලෙස ඒ අප්සරාවෝ ඔබගේම රථයේ සිටිති.
“තා මාලිනියො පදුමුප්පලච්ඡදා, අලඞ්කතා චන්දනසාරවාසිතා; අනුබ්බතා තා තව මානසෙ රතා, රථෙ ඨිතා පඤ්ජලිකා උපට්ඨිතා.
නෙළුම් මානෙල් හෙල්මැලි ආදී මල්වලින් කළ මල්දම් පැළඳ සඳුන් සුණු ඇඟ තවරා, ඔබගේ සිතැඟි අනුව ප්‍රියමනාප ලෙස ඒ අප්සරාවෝ සැරිසරති.
“කණ්ඨෙසු තෙ යානි පිළන්ධනානි, හත්ථෙසු පාදෙසු තථෙව සීසෙ; ඔභාසයන්තී දස සබ්බසො දිසා, අබ්භුද්දයං සාරදිකොව භාණුමා.
ඔබගේ ගෙළෙහි ද අත් පාවලද, හිසෙහිද ඇති පළඳනාවන් දස දිසාවන් බබළවත්. සරත් කාලයේ සූර්යයා නැග එන්නාක් මෙනි.
“වාතස්ස වෙගෙන ච සම්පකම්පිතා, භුජෙසු මාලා අපිළන්ධනානි ච; මුඤ්චන්ති ඝොසං රුචිරං සුචිං සුභං, සබ්බෙහි විඤ්ඤූහි සුතබ්බරූපං.
වාතයේ වේගය නිසා චලනය වන මල් මාලා සහ පළඳනාවන් මනහර වූ සොඳුරු වූ, යහපත් වූ වාදන ශිල්පය දන්නවුන් විසින් ශ්‍රවණය කළයුතු වූ නාදයන් නිකුත් කරති.
“උය්යානභූම්යා ච දුවද්ධතො ඨිතා, රථා ච නාගා තූරියානි ච සරො; තමෙව දෙවින්ද පමොදයන්ති, වීණා යථා පොක්ඛරපත්තබාහුභි.
දෙවිඳුනි, උයන් බිමෙහි අඩක් දෙපසින් සිටි රිය පෙළ ඇත්තේද, ඒ රථවල තූර්ය භාණ්ඩයන්ගෙන් නිකුත්කරන හඬ ඔබ ප්රමෝදයට පත් කරත්. සොඳුරු අත්වලින් වාදනය කරන වීණා වාදනයන් මෙන්.
“ඉමාසු වීණාසු බහූසු වග්ගූසු, මනුඤ්ඤරූපාසු හදයෙරිතං පීතිං; පවජ්ජමානාසු අතීව අච්ඡරා, භමන්ති කඤ්ඤා පදුමෙසු සික්ඛිතා.
මේ වීණාවන්හි බොහෝ වූ මිහිරි ස්වරයන්ගේ මනෝඥ වූ, හෘදයංගම වූ ප්‍රීතියට හේතුවන්නා වූ වාදනයන් වාදනය කරනු ලබන කල්හි පුහුණු වූ අප්සරා කන්යාවියෝ පියුම් මත නැටුම් දක්වත්.
“යදා ච ගීතානි ච වාදිතානි ච, නච්චානි චිමානි සමෙන්ති එකතො; අථෙත්ථ නච්චන්ති අථෙත්ථ අච්ඡරා, ඔභාසයන්තී උභතො වරිත්ථියො.
මේ ගීතයන් ද වාදනයන් ද, මේ නැටුම් ද එකට ඒකරාශී වේ. මේ උතුම් අප්සරාවන්ගේ නැටුම් මනහර ලෙස බබළති.
“සො මොදසි තූරියගණප්පබොධනො, මහීයමානො වජිරාවුධොරිව; ඉමාසු වීණාසු බහූසු වග්ගූසු, මනුඤ්ඤරූපාසු හදයෙරිතං පීතිං.
බෙහෙවින් මිහිරි වූ මේ වීණා වාදනයන්හි මනෝඥ ස්වරූපය හදවතට ගත් ඔබ, තූර්ය වාදනයන් විසින් බුහුමන් ලැබුවා වූ ද ප්‍රබෝධමත් කරනු ලැබුවා වූද ශක්‍රයා මෙන් ඔබ ද ප්‍රබෝදයට පත් වන්නේය.
“කිං ත්වං පුරෙ කම්මමකාසි අත්තනා, මනුස්සභූතො පුරිමාය ජාතියා; උපොසථං කං වා තුවං උපාවසි, කං ධම්මචරියං වතමාභිරොචයි.
ඔබ පෙර කවරනම් පුණ්‍යකර්මයක් කළහිද, පෙර භවයෙහි මිනිසෙක් වී කවරනම් පෙහෙවස් රැකීමක් කළෙහිද, කවර නම් ධාර්මික ප්‍රතිපත්තියක් අනුගමනය කළහිද,
“නයීදමප්පස්ස කතස්ස කම්මුනො, පුබ්බෙ සුචිණ්ණස්ස උපොසථස්ස වා; ඉද්ධානුභාවො විපුලො අයං තව, යං දෙවසඞ්ඝං අභිරොචසෙ භුසං.
මෙය අල්ප වූ කුසල කර්මයක ඵලයක් විය නොහැක. පෙර දිගු කලක් පුහුණු කළ පෙහෙවස් සමාදානයක ඵලයක් හෝ විය යුතුය. ඔබගේ මෙම මහත් වූ දිව්‍ය සමූහයා බෙහෙවින් සතුටට පත් වන්නෙහිය.
“දානස්ස තෙ ඉදං ඵලං, අථො සීලස්ස වා පන; අථො අඤ්ජලිකම්මස්ස, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති.
ඔබගේ මෙම පුණ්‍ය ඵලය දන් දීමෙහි ඵලයක් ද නැතහොත් සිල් රැකීමේ ඵලයක් ද, එසේත් නැත්නම් වන්දනා කිරීමක ඵලයක් ද, මා විසින් ප්‍රශ්න කරන ලද්දට පිළිතුරක් දෙන්න.
තත්ථ සහස්සයුත්තන්ති සහස්සෙන යුත්තං, සහස්සං වා යුත්තං යොජිතං එතස්මින්ති සහස්සයුත්තං. කස්ස පනෙතං සහස්සන්ති? “හයවාහන”න්ති අනන්තරං වුච්චමානත්තා හයානන්ති අයමත්ථො විඤ්ඤායතෙව. හයා වාහනං එතස්සාති හයවාහනං. කෙචි පන “සහස්සයුත්තහයවාහන”න්ති අනුනාසිකලොපං එකමෙව සමාසපදං කත්වා වණ්ණෙන්ති, එතස්මිං පක්ඛෙ හයවාහනං විය වාහනන්ති අත්ථො යුජ්ජති. හයවාහනසහස්සයුත්තං යුත්තහයවාහනසහස්සන්ති හි අත්ථො. අපරෙ පන “සහස්සයුත්තන්ති සහස්සදිබ්බාජඤ්ඤයුත්ත”න්ති වදන්ති. සන්දනන්ති රථං. නෙකචිත්තන්ති අනෙකචිත්තං නානාවිධවිචිත්තවන්තං. උය්යානභූමිං අභිතොති උය්යානභූමියා සමීපෙ. “අභිතො”ති හි පදං අපෙක්ඛිත්වා සාමිඅත්ථෙ එතං උපයොගවචනං. කෙචි පන “උය්යානභූම්යා”තිපි පඨන්ති, තෙ සද්දනයම්පි අනුපධාරෙන්තා පඨන්ති. අනුක්කමන්ති ගච්ඡන්තො පුරින්දදො භූතපතීව වාසවො විරොචසීති සම්බන්ධො.
ගාථාවන්හි විස්තර :- සහස්ස යුත්තං දහසකින් යුක්ත වූයේ, දහසක් යොදනු ලැබූයේ, යොදන ලද්දේ මෙහිය යන අදහසින් සත්‍යය යුත්තං යන පදය සෑදේ. මෙය කවුරුන්ගේ නම් දහසක් ද යත් භයවාහනං අශ්වයන් නමැති වාහනයයි. අනතුරුව කියවෙන බැවින් ‘අශ්වයන්ගේ’ යන අර්ථය ඇතැයි අවබෝධ වේ. අශ්වයන් විසින් වහනය වූයේ මේ රථයයයි යන අරුතින් භයවාහනං වේ. ඇතැමෙක් ‘සහස්සු යුත්ත භයවාහනං’ යනුවෙන් සිටින මේ අනුනාසිකය හෙවත් බින්දුව ලොප්කොට එකම සමාස පදයක් ලෙස යොදත්. මෙසේ කීමෙන් අශ්වරථය වැනි වාහන යයි ද අර්ථ යෙදිය හැකිය. අශ්වරථ දහසකින් යුත්, යොදන ලද අඩිහු ඇති, වාහන දහසක් ඇති යන අර්ථ ඇත්තේ වේ. වෙනත් අය වනාහි සහස්ස යුත්තං යන්නෙන් දහසක් වූ දිව්‍යමය ආජානේය අසුර යෙදූ යන අදහස ඇතැයි කියති. සන්දනං රථය, නෙක්ඛිත්තං බෙහෙවින් විසිතුරු බොහෝ ආකාරයගෙන් විසිතුරු බව ඇති, උය්යාන භූමිං අභිතො උයන්බිම සමීපයෙහි ‘අභිතො’ යන පදය අපේක්ෂාකොට ස්වාමි අර්ථයෙහි හෙවත් සම්බන්ධ විභක්ති අර්ථයෙහි මේ වචනය යෙදේ. ඇතැමෙක් වනාහී ‘උය්යාන භූම්යා’ යයි ද කියත්. ඔව්හු වචන පිළිබඳ නීතිය ද පරික්ෂාකොට එසේ කියත්. අනුක්කමං යන්නාහු, පුරින්දදො භූතපතීව වාසවො බබළන්නෙහිය යන්න හා සම්බන්ධ වේ.
සොවණ්ණමයාති සුවණ්ණමයා. තෙති තව. රථකුබ්බරා උභොති රථස්ස උභොසු පස්සෙසු වෙදිකා. යො හි රථස්ස සොභනත්ථඤ්චෙව උපරි ඨිතානං ගුත්තත්ථඤ්ච උභොසු පස්සෙසු වෙදිකාකාරෙන පරික්ඛෙපො කරීයති, තස්ස පුරිමභාගෙ උභොසු පස්සෙසු යාව රථීසා, තාව හත්ථෙහි ගහණයොග්ගො රථස්ස අවයවවිසෙසො, ඉධ සො එව කුබ්බරොති අධිප්පෙතො. තෙනෙවාහ “උභො”ති. අඤ්ඤත්ථ පන රථීසා කුබ්බරොති වුච්චති. ඵලෙහීති රථූපත්ථම්භස්ස දක්ඛිණවාමභෙදෙහි ද්වීහි ඵලෙහි, පරියන්තාවෙත්ථ ඵලාති වුත්තා. අංසෙහීති කුබ්බරඵලෙ පතිට්ඨිතෙහි හෙට්ඨිමඅංසෙහි. අතීව සඞ්ගතාති අතිවිය සුට්ඨු සඞ්ගතා සුඵස්සිතා නිබ්බිවරා. ඉදඤ්ච සිප්පිවිරචිතෙ කිත්තිමරථෙ ලබ්භමානවිසෙසං තත්ථ ආරොපෙත්වා වුත්තං. සො පන අපොරිසතාය අකිත්තිමො සයංජාතො කෙනචි අඝටිතොයෙව. සුජාතගුම්බාති සුසණ්ඨිතථම්භකසමුදායා. යෙ හි වෙදිකාය නිරන්තරං ඨිතා සුසණ්ඨිතඝටකාදිඅවයවවිසෙසවන්තො ථම්භකසමුදායා, තෙසං වසෙනෙවං වුත්තං “සුජාතගුම්බා”ති. නරවීරනිට්ඨිතාති සිප්පාචරියෙහි නිට්ඨාපිතසදිසා. සිප්පාචරියා හි අත්තනො සරීරඛෙදං අචින්තෙත්වා වීරියබලෙන සිප්පස්ස සුට්ඨු විචාරණතො නරෙසු වීරියවන්තොති ඉධ “නරවීරා”ති වුත්තා. නරවීරාති වා දෙවපුත්තස්ස ආලපනං. නිට්ඨිතාති පරියොසිතා පරිපුණ්ණසොභාතිසයා. “නරවීරනිම්මිතා”ති වා පාඨො, නරෙසු ධිතිසම්පන්නෙහි නිම්මිතසදිසාති අත්ථො. එවංවිධකුබ්බරතාය අයං තව රථො විරොචති. කිං විය? පන්නරසෙව චන්දො, සුක්කපක්ඛෙ පන්නරසියං පරිපුණ්ණකාලෙ චන්දිමා විය.
සොවණ්ණමයා රත්තරනින් කරන ලද, තෙ ඔබගේ රථකුබ්බරා උභො රථයේ දෙපස වේදිකාවන්ය. යමෙකු රථයේ ශෝභනත්වය සලකා ද, රථය තුළ සිටින්නවුන්ගේ ආරක්ෂාව සඳහා ද, දෙපාර්ශවයෙහි වේදිකා ආකාරයෙන් ආවරණය කරනු ලැබේ. ඒ රථයේ ඉදිරි කොටසේ දෙපසෙහි රථ ශීර්ෂය දක්වා අත්වලින් මනාලෙස අල්වා ගැනීමට යෝග්‍ය වූ රථයේ පවත්නා අවයව විශේෂයකි. මෙහිදී එයම කුම්බර යන්නෙන් අදහස් වේ. එහෙයින්ම ‘උභො’ යයි කීය. අන් තැන්හි වනාහි රථයේ ඒරියා කඳ ‘කුබ්බරා’ යයි කියන ලදී. ථලෙභි රථයට උපකාරී වන දකුණෙහි හා වමෙහි ඇති තට්ටු (තල) වැනි ලෑලිවලින්, මෙහිදී තල යනුවෙන් කෙළවරවල් ද අදහස් කෙරේ. අංසෙහි කුබ්බර ඵලයෙහි පිහිටි යට කොටසෙහි, අතීව සංගතා ඉතාම මනාලෙස එකිනෙකට ආසන්න ලෙස ස්පර්ශ වූ, සිදුරු රහිත යන අදහසයි. මෙය ද ශිල්පීන් විසින් නො සාදන ලද කෘත්‍රිම රථයෙහි ලැබෙන විශේෂයකි. එය ආරෝපණය කොට කියන ලද්දකි. එය ද පුද්ගලයකු විසින් නොසාදන ලද තමාම හටගත් කිසිවක් හා සම්බන්ධ නොවූවකි. සුජාත ගුම්බා මනාව පිහිටි.කුළුණු රැසකින්, වේදිකාවෙහි නිරතුරුව මනා හැඩයකින් යුත්, ජෙකඩ ආදී අවයව කොටස් යම් කුළුණු රැසකින්, ඒවා ස්වභාවය අනුව යේ සුජාත ගුබ්බ යි මෙසේ කියන ලදී. නරවීර නිට්ඨිතා ශිල්ප දන්නවුන් විසින් තනා නිමවන ලද, ශිල්ප දන්නා අය තමාගේ ශරීරයේ වෙහෙස ගැන ද නොසිතා ශක්තියේ බලයෙන්, ශිල්ප මැනවින් යෙදීමෙන් මිනිසුන් අතර වීර්යවන්තයෝය යන අදහසින් මෙහිදී නරවීර යයි කියන ලදී. නරවීර යන්න ඇතැම් විට මෙහි යට සඳහන් දිව්‍ය පුත්‍රයාට කරන ආමන්ත්‍රණයක් ද වේ. නිට්ඨිතා යනු නිමකරන ලද, සම්පූර්ණ වූ උසස්ම ශෝභාව යන අදහස් ඇත්තේ වේ. ‘නරවීර නිට්ඨිතා’ යයි ද පාඨයක් වේ. මිනිසුන් අතර ධෛර්යය සම්පන්නයන් විසින් සාදන ලද යන අර්ථයයි. මෙසේ වූ ඒරියා කඳ නිසා ඔබේ එම රථය විරොචති බබළයි. කුමක් මෙන්ද යත්, පණ්ණරසෙව චන්දො පුරපස පසළොස්වක සම්පූර්ණ වූ දවසේ පෙනෙන චන්ද්‍රයා මනි.
සුවණ්ණජාලාවතතොති සුවණ්ණජාලකෙහි අවතතො ඡාදිතො. “සුවණ්ණජාලාවිතතො”තිපි පාඨො, ගවච්ඡිතොති අත්ථො. බහූහීති අනෙකෙහි. නානාරතනෙහීති පදුමරාගඵුස්සරාගාදිනානාවිධරතනෙහි. සුනන්දිඝොසොති සුට්ඨු නන්දිතබ්බඝොසො, සවනීයමධුරනින්නාදොති අත්ථො. සුනන්දිඝොසොති වා සුට්ඨු කතනන්දිඝොසො, නච්චනාදීනං දස්සනාදීසු පවත්තිතසාධුකාරසද්දාදිවසෙන කතපමොදනින්නාදොති අත්ථො, “කාලෙන කාලං ආසීවාදනවසෙන සුට්ඨු පයුත්තනන්දිඝොසො”ති ච වදන්ති. සුභස්සරොති සුට්ඨු අතිවිය ඔභාසනසභාවො, තත්ථ වා පවත්තමානානං දෙවතානං සොභනෙන ගීතවාදිතස්සරෙන සුභස්සරො. චාමරහත්ථබාහුභීති චාමරහත්ථයුත්තබාහූහි ඉතො චිතො ච බීජයමාන චාමරකලාපෙහි දෙවතානං භුජෙහි, තථාභූතාහි දෙවතාහි වා විරොචති.
සුවණ්ණාජාලාව තතො රන් දැලකින් ආවරණය කරන ලද වසන ලද යන අදහසයි. ‘සුවණ්ණජාලා විභතොපි’ කියා ද පාඨයක් වේ. ක්ලේශවලින් ගැවසීගත් යන අදහසයි. බහූහි බොහෝ වූ, නානා රතනෙහි පද්ම රාග, පුෂ්පරාග ආදී නන් වැදෑරුම් රත්නයන්ගෙන් සුනන්දිඝොසො මැනවින් සතුටු විය හැකි නාදයක්. ඇසීමට මිහිරි වූ නාදයක්, ‘සුනන්දිඝොසො’ යන්නෙන් මනාව නිකුත් කරන ලද ප්‍රිය උපදවන හඬ යන අර්ථය ද ලැබේ. නැටුම් ආදිය දැක්වීමෙහි දී පැවැත්වෙන සාධුකාර ශබ්දය ආදී වශයෙන් සතුට සඳහා කරන නාද යන අදහසද එහි ඇත. කලින් කලට ආශිර්වාද වශයෙන් මනා ලෙස කරනු ලබන ප්‍රීතිමත්. හඬ නැවීම යයි ද කියත්. සුභස්සරො මනාව අතිශයින් බබළන ස්වභාවය. එහි පැවැත්වෙන දෙවිවරුන්ගේ මනා වූ ගීත වාදනය කළ, ස්වරය නිසා සුභස්සර යයි කියන ලදී. චාමර හත්ථ බාහු හි චාමර ගත් අත්වලින් යුත් දෙවියෝ බබළති. පෙරපසට ද පසුපසට ද සලන චාමර කලාපවලින් ඒ දෙවිවරුන්ගේ බැබලීම තියුණු වේ.
නාභ්යොති රථචක්කානං නාභියො. මනසාභිනිම්මිතාති “ඉමෙ ඊදිසා හොන්තූ”ති චිත්තෙන නිම්මිතසදිසා. රථස්ස පාදන්තරමජ්ඣභූසිතාති රථස්ස පාදානං රථචක්කානං අන්තෙන නෙමිනා නානාරතනසමුජ්ජලෙන අරානං වෙමජ්ඣෙන ච මණ්ඩිතා. සතරාජිචිත්තිතාති අනෙකවණ්ණාහි අනෙකසතාහි රාජීහි ලෙඛාහි චිත්තිතා විචිත්තභාවං ගතා. සතෙරතා විජ්ජුරිවාති සතෙරතසඞ්ඛාතවිජ්ජුලතා විය පභාසරෙ විජ්ජොතන්ති.
නාභ්යො රෝදවල නාභීන් හෙවත් මධ්‍යය - බොස් ගෙඩිය - මනසාභි නිම්මිතා මේවා මෙසේ වෙත්වායි හා සිතින් සාදා නිමකරන ලද. රථස්ස පාදන්තර මජ්ඣ භූසිතා රථයන්ගේ පාදයන්ගේ හෙවත් රථ රෝදවල බාහිර නිම් වළල්ලෙන් විවිධ රත්නයන්ගෙන් බැබළෙන අරයන්ගේ හෙවත් ගරාදිවල මැදින් සරසන ලද. සතරාජි චිත්තිතා බොහෝ වර්ණවලින් යුත් අනේක සියගණන් පේලි සහිත රේඛාවලින් සිතුවම් කරන ලදුව විචිත්රභාවයට පත් වූ, සතෙරතා විජ්ජුරීව සතරෙත නමින් හඳුන්වන විදුලිය මෙන්, පභාසරෙ බබළන්නේය.
අනෙකචිත්තාවතතොති අනෙකෙහි මාලාකම්මාදිචිත්තෙහි අවතතො සමොකිණ්ණො. “අනෙකචිත්තාවිතතො”තිපි පඨන්ති, සොයෙව අත්ථො, ගාථාසුඛත්ථං පන දීඝකරණං. පුථූ ච නෙමී චාති පුථුලනෙමි ච, එකො ච-කාරො නිපාතමත්තං. සහස්සරංසිකොති අනෙකසහස්සරංසිකො. “සහස්සරංසියො”තිපි පාළි. අපරෙ පන “නතා රංසියො”ති ච පඨන්ති, තත්ථ නතාති අජියධනුදණ්ඩකො විය ඔණතා නෙමිප්පදෙසා. සහස්සරංසියොති සූරියමණ්ඩලං විය විප්ඵුරන්තකිරණජාලා. තෙසන්ති ඔලම්බමානකිඞ්කිණිකජාලානං නෙමිප්පදෙසානං.
අනෙකචිත්තාවතතො බොහෝ වූ මාලා කර්මාදී චිත්‍රයන්ගෙන් ආවරණය වූ, ගැවසී ගත්තා වූ, අනෙක චිත්තා විතතො යනුවෙන් ද පාඨයක් වේ. ගාථාව කියවීමේ පහසුව සඳහා ස්වරය දීර්ඝ කරන ලදී. පුථුච නෙමී ච පුළුල් නිම් වළලු ඇති යන අදහසයි. ‘ච’ කාර දෙකින් එක් ‘ච’ කාරයක් නිපාතයි. සහස්සරංසිනො බොහෝ දහස් ගණන් රැස් දහරා ඇති, යන අදහසයි. සහස්ස රංසියො යනු ද පාඨයකි. ‘නතා රංසියො’ යයි ද සමහරු කියත්. එහි ‘නතා’ යනු දුනුදිය නැති, දුනු දඬුව මෙන් පහතට නැමුණු නිම්වළලු යන අදහසයි. සහස්සරංසියො යනු හිරුමඬල මෙන් පැතිරෙන රශ්මි සමුහයක් ඇති තෙසං එල්ලෙන මිණිගෙඩි යෙදූ නිම්වළලු ප්රදේශයන්ගේ,
සිරස්මින්ති සීසෙ, රථස්ස සීසෙති අත්ථො. සිරො වා අස්මිං රථෙ. චිත්තන්ති විචිත්තං. මණිචන්දකප්පිතන්ති මණිමයමණ්ඩලානුවිද්ධං චන්දමණ්ඩලසදිසෙන මණිනා අනුවිද්ධං. රුචිරං පභස්සරන්ති ඉමිනා තස්ස චන්දමණ්ඩලසදිසතංයෙව විභාවෙති, සදා විසුද්ධන්ති ඉමිනා පනස්ස චන්දමණ්ඩලතොපි විසෙසං දස්සෙති. සුවණ්ණරාජීහීති අන්තරන්තරා වට්ටාකාරෙන සණ්ඨිතාහි සුවණ්ණලෙඛාහි. සඞ්ගතන්ති සහිතං. වෙළුරියරාජීවාති අන්තරන්තරා සුවණ්ණරාජීහි ඛචිතමණිමණ්ඩලත්තා වෙළුරියරාජීහි විය සොභති. “වෙළුරියරාජීහී”ති ච පඨන්ති.
සිරස්මිං රථයේ හිසෙහි, මේ රථයෙහි සිරස යන අදහස ද වේ. චිත්තං විසිතුරු කරන ලදී. මණිචන්දකප්පිතං සිදුරු කිරීමෙන් දැක්වෙන මාණික්‍යමය (මණ්ඩල) රවුම් ඇති, සඳමඩලට සමාන සේ මැණික්වලින් විද සකස් කළ, රුචිරං පභස්සරං අලංකාර වූ පැහැසර වූ, යන මෙයින් චන්ද්‍ර මණ්ඩලයට ඇති සමානත්වය දැක්වේ. සදා විසුද්ධං යන මෙයින් ඒ රථය චන්ද්‍ර මණ්ඩලයට ද වඩා හොබනේ යයි දැක්වේ. සුවණ්ණ රාජිනිං තැනින් තැන රවුම් ආකාරයෙන් සටහන් වූ ස්වර්ණමය රේඛාවලින් සංගතං යුක්ත වූ, වෙළුරිය රාජීව රථයේ තැනින් තැන ඇති ස්වර්ණමය රේඛාවලින්, ඔබ්බන ලද මැණික්මය මණ්ඩලයක් ලෙස වෛරෝඩි මැණික්වලින් සැරසූ රේඛාවන් ලෙස ශෝභමාන වේ. ‘වෙළුරියරාජීහි’ යනුවෙන්ද සමහරු කියත්.
වාළීති වාළවන්තො සම්පන්නවාළධිනො, අස්සෙ සන්ධාය වදති . “වාජී”ති වා පාඨො. මණිචන්දකප්පිතාති චාමරොලම්බනට්ඨානෙසු මණිමයචන්දකානුවිද්ධා. ආරොහකම්බූති උච්චා චෙව තදනුරූපපරිණාහා ච, ආරොහපරිණාහසම්පන්නාති අත්ථො. සුජවාති සුන්දරජවා ජවවන්තො මහාජවා, සොභනගතිකාති අත්ථො. බ්රහූපමාති බ්රහා විය පමිනිතබ්බා, අත්තනො පමාණතො අධිකා විය පඤ්ඤායන්තාති අත්ථො. බ්රහාති වුඩ්ඪා පවඩ්ඪසබ්බඞ්ගපච්චඞ්ගා. මහන්තාති මහානුභාවා මහිද්ධිකා. බලිනොති සරීරබලෙන ච උස්සාහබලෙන ච බලවන්තො. මහාජවාති සීඝවෙගා. මනො තවඤ්ඤායාති තව චිත්තං ඤත්වා. තථෙවාති චිත්තානුරූපමෙව. සිංසරෙති සංසප්පරෙ, පවත්තරෙති අත්ථො.
වාළී කෙඳි සහිත සම්පූර්ණ වල්ගා ඇති, මෙය අශ්වයන් සඳහා කියති. වාජී යයි ද පාඨයක් වේ. මණිචන්දන කප්පිතං චාමරයන් එල්වන ස්ථානයන්හි මැණික්වලින් චන්ද්රරූපය කැටයම් කළ ආරොහ කම්බූ උස් වූ ද එයට අනුරූප වූ මහතින් ද යුක්ත වූ, සුජවා යහපත් වූ වේග ඇත්තා වූ, මහත් වේගයෙන් දුවන, බහූපමා මහත් වූ ශරීරයක් ලෙස ප්‍රමාණ කළ යුතු. තමාගේ ප්‍රමාණයට වඩා වැඩි වූ අය මෙන් පෙනෙත්. බ්‍රෑහ වැඩී යන අර්ථයි. සියලු අඟපසග වර්ධනය වූ, මහන්තා මහානුභාව වූ, මහත් සෘද්ධි ඇති. බලිනො ශරීරයේ බලයෙන් ද, උත්සාහයේ බලයෙන් ද බලවත් වූ, මහා ජවා ශීඝ්‍ර වේග ඇති. මනො තවඤ්ඤා ඔබේ සිත හඳුනාගත් තථෙව සිතට අනුරූප වූ, සිංසරෙ හැසිරේ. පවතී.
ඉමෙති යථාවුත්තඅස්සෙ සන්ධායාහ. සබ්බෙති සහස්සමත්තාපි. සහිතාති සමානජවතාය සමානගමනතාය ච ගතියං සහිතා, අඤ්ඤමඤ්ඤං අනූනාධිකගමනාති අත්ථො. චතූහි පාදෙහි කමන්ති ගච්ඡන්තීති චතුක්කමා. සමං වහන්තීති “සහිතා”ති පදෙන වුත්තමෙවත්ථං පාකටතරං කරොති. මුදුකාති මුදුසභාවා, භද්‍රා ආජානීයාති අත්ථො. තෙනාහ “අනුද්ධතා”ති, උද්ධතරහිතා ඛොභං අකරොන්තාති අත්ථො. ආමොදමානාති පමොදමානා, අඛළුඞ්කතාය අඤ්ඤමඤ්ඤං රථිකාදීනඤ්ච තුට්ඨිං පවෙදයන්තාති අත්ථො.
ඉමෙ යනු පෙර කියන ලද අශ්වයින් සඳහා කියයි. සබ්බෙ දහසක් පමණ වූ, සහිතා සමාන වේග ඇති බැවින් ද සමාන ගමන් ඇති බැවින්ද, ගමනෙහි යුක්ත වූ නිසා අධික ගමන් ඇති. පා සතරින් ගමන් කරයි යන අරුතින් චතුක්කමා නම් වේ. සමං වහන්ති යන පද සහිතා යන පදයෙන් කියන ලද අර්ථයම වඩාත් ප්‍රකට කරයි. මුදිකා මෘදු ස්වභාවය ඇති, යහපත් ආජානීය යන අර්ථ දරයි. එහෙයින් අනුද්ධතා යන අර්ථ දරයි. උඩඟු බවින් තොර වූ මම එසේ නො කරන්නා වූ මම, ආමොදමා නො සතුටට පත් වන උතුම් ගති ඇති බැවින් රථයෙහි වූවන්ගේ අන්‍යෝන්‍ය තෘප්තිය ප්‍රකාශ කරන්නහු යන අර්ථයි.
ධුනන්තීති චාමරභාරං කෙසරභාරං වාලධිඤ්ච විධුනන්ති. වග්ගන්තීති කදාචි පදෙ පදං නික්ඛිපන්තා වග්ගනෙන ගමනෙන ගච්ඡන්ති. පතන්තීති කදාචි පවත්තන්ති, ලඞ්ඝන්තීති අත්ථො. “ප්ලවන්තී”ති ච කෙචි පඨන්ති, සොයෙවත්ථො. අබ්භුද්ධුනන්තාති කම්මසිප්පිනා සුකතෙ සුට්ඨු නිම්මිතෙ ඛුද්දකඝණ්ටාදිඅස්සාලඞ්කාරෙ අභිඋද්ධුනන්තා අධිකං උද්ධුනන්තා. තෙසන්ති තෙසං පිළන්ධනානං.
ධුනන්ති චාමරයන් ද රෝමයන් ද වලිගයන් ද සොලවත්. වග්ගන්ති ඇතැම්විට, පියවරෙන් පියවර තබන්නා වූ, පතන්ති ඇතැම්විට ගලාගෙන යන්නාක් මෙන් වේගයෙන් යන, ඇතැමෙක් ‘පලවනති’ යයිද කියත්. අබ්භුද්ධුනත්තා කර්මාන්ත ශිල්පියකු විසින් මනාව කරන ලද, මනාව නිර්මාණය කළ, අශ්වාලංකාරයෙන් මනාව ඔසවමින්, අධික ලෙස ඔසවමින්, තෙසං ඒ පළඳනාවන්ගේ.
රථස්ස ඝොසොති යථාවුත්තො රථනිග්ඝොසො. අපිළන්ධනාන චාති අ-කාරො නිපාතමත්තං . පිළන්ධනානං ආභරණානං. අපිළන්ධනන්ති ච ආභරණපරියායොති වා වදන්ති, රථස්සානං ආභරණානඤ්චඝොසොති අත්ථො. ඛුරස්සනාදොති තුරඞ්ගානං ඛුරනිපාතසද්දො. කිඤ්චාපි අස්සා ආකාසෙන ගච්ඡන්ති, මධුරස්ස පන ඛුරනිපාතසද්දස්ස උපලද්ධිහෙතුභූතෙන කම්මුනා තෙසං ඛුරනික්ඛෙපෙ ඛුරනික්ඛෙපෙ පටිඝාතො ලබ්භතීති වදන්ති. අභිහිංසනාය චාති අස්සානං අධිකහිංසනෙන ච, අන්තරන්තරා අස්සෙහි පවත්තිතහෙසනෙන චාති අත්ථො. “අභිහෙසනාය චා”ති කෙචි පඨන්ති. සමිතස්සාති සමුදිතස්ස දිබ්බජනස්ස ඝොසො ච සුවග්ගු සුමධුරං සුය්යති. කිං වියාති ආහ “ගන්ධබ්බතූරියානි විචිත්රසංවනෙ”ති, චිත්රලතාවනෙ ගන්ධබ්බදෙවපුත්තානං පඤ්චඞ්ගිකතූරියානි විය. තූරියසන්නිස්සිතො හි සද්දො “තූරියානී”ති වුත්තො නිස්සයවොහාරෙන. “ගන්ධබ්බතූරියාන ච විචිත්රසංවනෙ”ති ච පාඨො, “තූරියානඤ්ච”ඉති අනුනාසිකං ආනෙත්වා යොජෙතබ්බං. අපරෙ “ගන්ධබ්බතූරියානි විචිත්රපවනෙ”ති පඨන්ති.
රථස්ස ඝොසො රථයෙහි ඝෝෂාව. අපිළන්ධනානඤ්ච පළඳින්නා වූ ආභරණයන්ගේ මුල අකාරය නිපාත මාත්‍රයෙකි. අපිලන්ධනං යනුද ආභරණ යන්නට සමාන පදයකි. රථයේ ද ආභරණවල ද ඝෝෂාව, හඬ, ඛුරස්ස නාදො අශ්වයන්ගේ කුර ගැටෙන හඬ, අහසෙහි යන්නා වූ අශ්වයන්ගේ යහපත් වූ කුර ගැටෙන හඬ ඔවුන්ගේ කර්ම ශක්තියෙන් මිහිරිව ඇසේ යන අර්ථයි. අහිහිංසනාය ච අයගේ අධිකතර ගැටීමෙන් ද වරින් වර අශ්වයින් විසින් වරින්වර කරන හේසාරව නාදයෙන්ද, ඇතැමෙක් ‘අභිභෙසනාය ච’ යයි ද කියත්. සමිතස්ස ප්රමෝදයට පත් වූ, දෙවියන්ගේ ඝෝෂාව ද මනහර ලෙස මිහිරි ලෙස ඇසේ. කුමක් හෙයින් ද ඇසීනම් ගන්ධබ්බතුරියානි විචිත්ත සංවනෙ චිත්‍රලතා නම් දේව උද්‍යානයෙහි ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයන්ගේ පංචාංගික තූර්ය නාදය මෙනි. තුර්ය භාණ්ඩයන් ඇසුරු කළා වූ ශබ්දය තුරියානි යනුවෙන් කියන ලදී. ගන්ධබ්බ ‘තුරියානි චිත්‍ර සංවතෙ’ යනුවෙන් ද පාඨයක් එයි. තුරියානං යනුවෙන් අනුනාසිකයක් ගෙන යෙදිය යුතුය. ඇතැමෙක් ගන්ධබ්බ තුරියානි විචිත්‍ර පවනෙ යනුවෙන් කියත්.
රථෙ ඨිතාතාති රථෙ ඨිතා එතා. මිගමන්දලොචනාති මිගච්ඡාපිකානං විය මුදුසිනිද්ධදිට්ඨිනිපාතා. ආළාරපම්හාති බහලසඞ්ගතපඛුමා, ගොපඛුමාති අත්ථො. හසිතාති පහසිතා, පහංසිතමුඛාති අත්ථො . පියංවදාති පියවාදිනියො. වෙළුරියජාලාවතතාති වෙළුරියමණිමයෙන ජාලෙන ඡාදිතසරීරා. තනුච්ඡවාති සුඛුමච්ඡවියො. සදෙවාති සදා එව සබ්බකාලමෙව. ගන්ධබ්බසූරග්ගපූජිතාති ගන්ධබ්බදෙවතාහි චෙව අපරාහි ච අග්ගදෙවතාහි ලද්ධපූජා.
රථෙ ඨිතා තා රථයෙහි සිටින අප්සරාවෝ මිගමන්ධලොචනො මුව පැටවුන්ගේ ඇති මුදු සිනිදු බැල්මෙන්, ආළාරපම්භා මනා ලෙස ඝනව වැඩුණු ඇසිපිය සමග, ගව පැටවුන්ගේ ඇස් වැනි යන අර්ථයි. හසිතා සිනහ සහිත මුහුණු ඇති, පියංවදා ප්‍රිය වචන කියන, අප්සරාවන්, වෙළුරියජාලවත්තා වෛරෝඩි මැණික්වලින් තැනූ දැලෙන් ආවරණය කරගත් සිරුරු ඇති, තත්රච්ඡවා සියුම් සමක් ඇති. සදෙව හැමකල්හිම. ගන්ධබ්බ සුරග්ග පූජිතා ගාන්ධර්ව දේවතාවන්ගේ හා වෙනත් දේවතාවන්ගෙන් ලබන ලද පූජා ඇති,
තා රත්තරත්තම්බරපීතවාසසාති රජනීයරූපා ච රත්තපීතවත්ථා ච. අභිරත්තලොචනාති විසෙසතො රත්තරාජීහි උපසොභිතනයනා. කුලෙ සුජාතාති සින්ධවකුලෙ සුජාතා විසිට්ඨදෙවනිකායෙ සම්භවා. සුතනූති සුන්දරසරීරා. සුචිම්හිතාති සුද්ධසිතකරණා.
තා රත්තරත්තම්බර පීත වාසසා රතු සහ කහ පැහැති වස්ත්‍රවලින් ඔපවත් වූ සිත්කළු රූප ඇති, අභිරත්තලොචනා විශේෂයෙන් රතුවන් රේඛාවන්ගෙන් ඔපවැටුණු ඇස් ඇති, කුලෙ සුජාතා විශිෂ්ඨ වූ සින්ධව නම් කුලයෙහි උපන්, සුතනු සුන්දර ශරීර ඇති, සුචිම්භිතා සොඳුරු සිනා ඇති,
තා කම්බුකෙයූරධරාති සුවණ්ණමයකෙයූරධරා. සුමජ්ඣිමාති විලග්ගමජ්ඣා. ඌරුථනූපපන්නාති සම්පන්නඌරුථනා, කදලික්ඛන්ධසදිසඌරු චෙව සමුග්ගසදිසථනා ච. වට්ටඞ්ගුලියොති අනුපුබ්බතො වට්ටඞ්ගුලියො. සුමුඛාති සුන්දරමුඛා, පමුදිතමුඛා වා. සුදස්සනාති දස්සනීයා.
තා කම්බුකෙයූරධරා සිහින් සොඳුරු දෙ අත්වල රන් වළලු පැළඳගත්, සුමජ්ඣිමා සොඳුරු ඉඟටි ඇති, ඌරුථනූප්පන්නා සම්පූර්ණ වූ කෙසෙල් කඳන් වැනි කලවා ද, කරඬු වැනි හැඩ හා උල් වූ පියවුරු ඇති, වට්ටංගුලියො අනුපිළිවෙළින් රවුම් වූ සිහින් ඇඟිලි ඇති, සුමුඛා ප්‍රමුදිත වූ පිපුණු සොඳුරු මුහුණු ඇති, සුදස්සනා දැකීමට ප්‍රියමනාප වූ.
අඤ්ඤාති එකච්චා. සුවෙණීති සුන්දරකෙසවෙණියො. සුසූති දහරා. මිස්සකෙසියොති රත්තමාලාදීහි මිස්සිතකෙසවට්ටියො. කථං? සමං විභත්තාහි පභස්සරාහි චාති, සමං අඤ්ඤමඤ්ඤසදිසං නානාවිභත්තිවසෙන විභත්තාහි සුවණ්ණචීරාදිඛචිතාහි ඉන්දනීලමණිආදයො විය පභස්සරාහි කෙසවට්ටීහි මිස්සිතකෙසියොති යොජනා. අනුබ්බතාති අනුකූලකිරියා. තාති අච්ඡරායො.
අඤ්ඤා ඇතැම් අප්සරාවෝ සුවෙණි සොඳුරු කෙස්වැටි ඇති, සුසූ තරුණ වූ, මිස්සකෙසියො රත්පැහැති මල් ගැවසූ කෙස්වැටි ඇති සමං විභත්තාභි පභස්සරාහි ච එක් එක් කොටස්වලට බෙදා ඒ ඒ කොටස්හි වෙන් වෙන්ව රත්රන් පටි, ඉඳුනිල් මැණික්, ආදියෙන් සැරසිලි කරන ලදුව, විවිධ පැහැයෙන් හා විවිධ මාදිලියෙන් බබළන කෙස්වැටි ඇති අප්සරාවෝ, අනුබ්බතා අනුකූල වූ ක්‍රියාවන් ඇති ඒ අප්සරාවෝ,
චන්දනසාරවොසිතාති සාරභූතෙන දිබ්බචන්දනෙන උල්ලිත්තා විච්ඡුරිතා.
චන්දනසාරවාසිතා දිව්‍යමය සඳුන් සාරය සිරුරෙහි ආලේප කොට, උලාගත් විසුරුවාගත් අප්සරාවෝ,
කණ්ඨෙසූතිආදිනා ගීවූපගහත්ථූපගපාදූපගසීසූපගාදිආභරණානි දස්සෙති. ඔභාසයන්තීති කණ්ඨෙසු යානි පිළන්ධනානි, තෙහි ඔභාසයන්තීති යොජනා. එවං සෙසෙසුපි. අබ්භුද්දයන්ති අභිඋග්ගච්ඡන්තො, “අබ්භුද්දස”න්තිපි පාඨො, සොයෙවත්ථො. සාරදිකොති සරදකාලිකො. භාණුමාති සූරියො. සො හි අබ්භාදිදොසවිරහෙන දසපි දිසා සුට්ඨු ඔභාසෙති.
කණෙඨසු බෙල්ල, අත් පා, කන්, නාස්, හිස් ආදී තන්හි විවිධ ආභරණ පැළඳ, මේ සියලු අවයවයෝ බබළන්නේ යන අදහසයි. අබ්භූද්දයං ඉහළට මතුවනුයේ, ‘අබ්භුද්ද්යං’ යී ද පාඨයක් වේ. පෙර කී අර්ථමැයි. සාරදිකො සරත් කාලයට අයත්, භානුමා වළාකුළු ආදී බාධා රහිතව දස දිසාවන් බබුළුවන සූර්යයා -
වාතස්ස වෙගෙන චාති මනුඤ්ඤගන්ධූපහාරං සද්දූපහාරඤ්ච කරොන්තෙන උපහරන්තෙන විය වායන්තෙන වාතස්ස වෙගෙන රථතුරඞ්ගවෙගෙන ච. මුඤ්චන්තීති විස්සජ්ජෙන්ති. රුචිරන්ති පඤ්චඞ්ගිකතූරියානි විය උපරූපරි රුචිදායකං. සුචින්ති සුද්ධං අසංසට්ඨං. සුභන්ති මනුඤ්ඤං. සබ්බෙහි විඤ්ඤූහි සුතබ්බරූපන්ති සබ්බෙහිපි විඤ්ඤුජාතිකෙහි ගන්ධබ්බසමයඤ්ඤූහි සොතබ්බං සවනීයං උත්තමසභාවං ඝොසං මුඤ්චන්තීති යොජනා.
වාතස්ස වෙගෙන ච සුවඳ හමා යන්නා වූ වේගයෙන්, ශබ්ද විහිද යන්නා වූ වේගයෙන් වාතයේ වේගයෙන්, රියෙහි යෙදු අශ්වයෝ (වේගයෙන් යති යන අදහසයි). මුඤ්චන්ති මුදාහරිත්. රුචිරන්ති පසඟතුරු නද මෙන් මතු මත්තෙහි ද රුචිය වඩන්නා වූ, සුචිං පිරිසිදු වූ මිශ්‍ර නොවූ, සුභා මනෝඥ වූ, සබ්බෙහි විඤ්ඤූහි සුතබ්බ රූපං සියලුම ඤාණවන්ත වූ, ගාන්ධර්ව ශාස්ත්‍රය දන්නා වූ අය විසින් ඇසිය යුතු වූ උතුම් ස්වභාවය ඇති ශබ්ද, මුඤ්චන්ති මුදා හරිත්.
උය්යානභූම්යාති උය්යානභූමියං. දුවද්ධතොති ද්වීහි අද්ධපස්සෙහි. “දුභතො ච ඨිතා”තිපි පඨන්ති, සොයෙවත්ථො. රථාති රථෙ. නාගාති නාගෙ. උපයොගත්ථෙ හි එතං පච්චත්තවචනං. සරොති රථනාගතූරියානි පටිච්ච නිබ්බත්තො සරො. දෙවින්දාති දෙවපුත්තං ආලපති. වීණා යථා පොක්ඛරපත්තබාහුභීති යථා වීණා සම්මදෙව යොජිතෙහි දොණිපත්තබාහුදණ්ඩෙහි තංතංමුච්ඡනානුරූපං අවට්ඨිතෙහි වාදියමානා සුණන්තං ජනං පමොදෙති, එවං තං රථාදයො අත්තනො සරෙන පමොදයන්ති. සුසික්ඛිතභාවෙන පොක්ඛරභාවං සුන්දරභාවං පත්තෙහි වීණාවාදකස්ස හත්ථෙහි පවාදිතා වීණා යථා මහාජනං පමොදෙති, එවං තං රථාදයො අත්තනො සරෙන පමොදයන්තීති.
උය්යාන භූම්යා උයන් බිමෙහි දුවද්ධතො අඩක් බැගින් දෙ පසෙහි පිහිටි, ‘දුහතො වනෙඨිතා’ යයි ද කියත්. රථා රථයනී. නාගා ඇත්තු, මෙය කරණාර්ථයෙහි ප්‍රථමා විභක්ති වචනයි. සරො රථවල ඇතුන් හා තූර්ය නාදවලින් උපන් හඬ, දෙවින්දො දෙව්පුතුට ආමන්ත්‍රණය කරත්. වීණා යථා පොක්ඛර පත්ත බාහු හී යම්සේ බාහුවට තදකොටගෙන මනාව දරාගත් වීණාව වාදනය කරන්නා. අසන්නවුන් මුසපත් වනසේ ප්රමෝදයට පත් කරවන්නේ ද එසේ රථ ආදිය තම නාදයෙන් ඔහු ප්රබෝධයට පත් කරයි. මනාලෙස පුහුණු වූ බැවින් නියම තතටම පැමිණ වීණාවාදකයාගේ අතින් වාදනය වූ වීණාව යම්සේ මහජනයා ප්රමෝදයට පත් කරයිද, එසේම රථ ආදිය හඬවන්නා වූ නාදයෙන් ඔහු ප්රමෝදයට පත් කරයි.
ඉමාසු වීණාසූති ගාථාය අයං සඞ්ඛෙපත්ථො – ඉමාසු උජුකොටිවඞ්කබ්රහතීනන්දිනීතිසරආදිභෙදාසු බහූසු වීණාසු සිනිද්ධමධුරස්සරතාය වග්ගූසු තතො එව මනුඤ්ඤරූපාසු හදයෙරිතං හදයඞ්ගමං හදයහාරිනිං පීතිං පීතිනිමිත්තං පවජ්ජමානාසු පවාදියමානාසු අච්ඡරා දෙවකඤ්ඤා පීතිවෙගුක්ඛිත්තතාය අත්තනො සුසික්ඛිතතාය ච දිබ්බපදුමෙසු භමන්ති නච්චං දස්සෙන්තියො සඤ්චරන්ති.
ඉමාසු වීණාසු මේ ගාථාවේ කෙටි අදහස මෙසේයි. උජු, කෝටි, වංක, බ්රහතී, නනින්ද්රී යනුවෙන් ස්වර ආදී භේද ඇති මෙම බොහෝ වීණාවන්හි සිනිඳු මිහිරි නාදය නිසා වග්ගුනු ඉතා මනෝඥ යයි කියන ලද්දේ ද, ඒ හේතුව නිසාම මනෝඥ වූ රූප ඇත්තා වූ, හදයෙරිතං හෘදයංගම වූ හද බැඳගන්නා වූ, පති ප්‍රීති නිමිත්ත, පවිජ්ජමානා, මනාව වාදනය කරන කල්හි, අච්ඡරා දිව්‍ය කන්‍යාවන් ප්‍රීතියෙන් උද්දාම වී සිටින බැවින්, තමාගේ මනා පුහුණුව නිසාද, දෙව්ලොව පියුම් මත නටමින් හැසිරෙති.
ඉමානීති ඉදං පච්චෙකං යොජෙතබ්බං “ඉමානි ගීතානි, ඉමානි වාදිතානි, ඉමානි නච්චානි චා”ති. සමෙන්ති එකතොති එකජ්ඣං සමරසානි හොන්ති. අථ වා සමෙන්ති එකතොති එකතො එකජ්ඣං සමානි සමරසානි කරොන්ති, තන්තිස්සරං ගීතස්සරෙන, ගීතස්සරඤ්ච තන්තිස්සරෙන සංසන්දන්තියො නච්චනෙන යථාධිගතෙ හස්සාදිරසෙ අපරිහාපෙන්තියො සමෙන්ති සමානෙන්තීති අත්ථො. අත්ථෙත්ථ නච්චන්ති අථෙත්ථ අච්ඡරා ඔභාසයන්තීති එවං ගීතාදීනි සමරසෙ කරොන්තියො අථ අඤ්ඤා එකච්චා අච්ඡරා එත්ථ එතස්මිං තව රථෙ නච්චන්ති, අථ අඤ්ඤා වරිත්ථියො උත්තමිත්ථියො නච්චං පස්සන්තියො අත්තනො සරීරොභාසෙන චෙව වත්ථාභරණඔභාසෙන ච එත්ථ එතස්මිං පදෙසෙ උභතො ද්වීසු පස්සෙසු දසපි දිසා කෙවලං ඔභාසයන්ති විජ්ජොතයන්තීති අත්ථො.
ඉමානි මේ පද වෙන් වෙන්ව යෙදිය යුතුය. මේ ගීතයන් මේ වාදනයන්, මේ නැටුම් ආදී වශයෙන්, සමෙන්ති එකතො එකට එකතු වේ. තවද සමන්ති එකතො යනු එක් අයුරකින් යුතුව, එක්වන් වූ ස්වභාවයකට පත් කරත්. වීණා තත්හි ස්වරය ගීත ස්වරය සමග ද, ගීත ස්වරය වීණා එහි ස්වරය සමග ද සසඳමින් නැටුමෙන් අවබෝධ කරවූ හාස්‍යය ආදී රසයන් නො පිරිහෙළමින් එකතු වේ. එක තැනකට ගෙන එයි යන අදහස දරයි. අත්ථෙත්ථ නච්චන්ති අතෙත්ථ අච්ඡරා ඔභාසයන්ති මෙසේ ගීත ආදී එක්ව ගායනා කරන්නියෝ ද, අන්‍ය වූ ඇතැම් අප්සරාවෝ ද, මේ ඔබගේ රථයෙහි නටත්. වරිත්ථියො උතුම් ස්ත්‍රීහු නැටුම් බලමින් තමන්ගේ ශරීරා ලෝකයෙන් ද මෙහි මේ ප්‍රදේශයන්හි ද, දෙපසෙහිද දස දිසාවන්ම බබළවන්නාහ.
සොති සො ත්වං එවංභූතො. තූරියගණප්පබොධනොති දිබ්බතූරියසමූහෙන කතපීතිපබොධනො. මහීයමානොති පූජීයමානො. වජිරාවුධොරිවාති ඉන්දො විය.
සො මෙසේ වූ, ඒ ඔබ තුරියගණප්පබොධනො දිව්‍ය තූර්ය සමූහයෙන් කරන ලද ප්‍රීති ප්රබෝධය ඇත්තේ, මභියමානො බුහුමන් කරනු ලබන්නේ, වජිරාවුධො රිව ශක්‍රයා මෙනි.
උපොසථං කං වා තුවං උපාවසීති අඤ්ඤෙහිපි උපොසථො උපවසීයති, ත්වං කං වා කීදිසං නාම උපොසථං උපවසීති පුච්ඡති. ධම්මචරියන්ති දානාදිපුඤ්ඤපටිපත්තිං. වතන්ති වතසමාදානං. අභිරොචයීති අභිරොචෙසි, රුච්චිත්වා පූරෙසීති අත්ථො. “අභිරාධයී”තිපි පාඨො, සාධෙසි නිප්ඵාදෙසීති අත්ථො.
උපොසථං කං වා භුවං උපාවසි අන් අය විසිනිදු උපෝසථ ශීලය සමාදන් වනු ලැබේ. ඔබ කවර නම් වූ කෙබඳු වූ පෙහෙවස් සීලයක් සමාදන් වූයේ ද. ධම්මචරියං දන් දීම් ආදී පුණ්‍යක්‍රියාවන්හි දී, වතං පිළිවෙත් සමාදන් වීම, අභිරොචසි ප්‍රිය කළෙහි ද, රුචිය වර්ධනය කොට පිළිපන්නෙහි ද, ‘අභිරාධයිති’ යනුවෙන් ද පාඨයක් පෙනේ. භාවනා කරන්නෙහිය. නිපදවන්නෙහිය යන අර්ථයි.
ඉදන්ති නිපාතමත්තං, ඉදං වා ඵලන්ති අධිප්පායො. අභිරොචසෙති අභිභවිත්වා විජ්ජොතසි.
ඉදං නිපාත මාත්‍රයකි. මේ ප්‍රතිඵලය යන අදහසයි. අභිරොච සෙ අන් අය යටපත් කොට බබළයි.
එවං මහාථෙරෙන පුට්ඨො දෙවපුත්තො තමත්ථං ආචික්ඛි. තෙන වුත්තං –
මෙසේ මහතෙරුන් විසින් විචාරන ලදින්, එයට පිළිතුරු වශයෙන් මෙසේ කියන ලදී.
“සො දෙවපුත්තො අත්තමනො, මොග්ගල්ලානෙන පුච්ඡිතො; පඤ්හං පුට්ඨො වියාකාසි, යස්ස කම්මස්සිදං ඵල”න්ති.
දිනන ලද ඉඳුරන් ඇති, සම්බුද්ධත්වයට පත් වූ, කෙලෙස් තවන වීර්යයෙන් යුතු වූ, නිවනෙහි දොරටුව විවෘත කළා වූ දෙවියනට දෙවි වූ, සිය ගණන් පුණ්‍ය ලක්ෂණයන්ගෙන් හෙබි, මනුෂ්‍යයන්ට උත්තම වූ, ශ්‍රේෂ්ඨ පුද්ගල වූ කාශ්‍යප නම් වූ
“ජිතින්ද්රියං බුද්ධමනොමනික්කමං, නරුත්තමං කස්සපමග්ගපුග්ගලං; අවාපුරන්තං අමතස්ස ද්වාරං, දෙවාතිදෙවං සතපුඤ්ඤලක්ඛණං.
“තමද්දසං කුඤ්ජරමොඝතිණ්ණං, සුවණ්ණසිඞ්ගීනදබිම්බසාදිසං; දිස්වාන තං ඛිප්පමහුං සුචීමනො, තමෙව දිස්වාන සුභාසිතද්ධජං.
කෙලෙස් මැඩීමෙන් ඇතෙකු වැනි වූ, ක්ලේශ ප්රවාහයෙන් එතෙර වූ ස්වර්ණමය රූපයක් හා සමාන වූ උන්වහන්සේ දුටුවෙමි. උන්වහන්සේ විසින් දේශිත ධර්මය නැමති කොඩිය දැක වහාම පිරිසිදු සිත් ඇත්තේ වීමි.
“තමන්නපානං අථවාපි චීවරං, සුචිං පණීතං රසසා උපෙතං; පුප්ඵාභිකිණ්ණම්හි සකෙ නිවෙසනෙ, පතිට්ඨපෙසිං ස අසඞ්ගමානසො.
උන්වහන්සේට ආහාරපාන ද, සිවුරු ද පිදීමි. මල් විසුරුවා හරින ලද නිවසෙහි දී ඇලීම්වලින් තොර වූ, සිතින් යුතුව ප්‍රණීත රසයෙන් යුත් ආහාර පිදුවෙමි.
“තමන්නපානෙන ච චීවරෙන ච, ඛජ්ජෙන භොජ්ජෙන ච සායනෙන ච; සන්තප්පයිත්වා ද්විපදානමුත්තමං, සො සග්ගසො දෙවපුරෙ රමාමහං.
ආහාරපානයෙන් ද සිවුරුවලින් ද රසවත් ඛාද්‍ය භෝද්යයන්ගෙන් ද බුදුරජුන් සන්තර්පණය කළ ඒ මම අද ස්වර්ගයෙහි උපදිමින් දේව පුරයෙහි ප්‍රීතියෙන් වෙසෙමි.
“එතෙනුපායෙන ඉමං නිරග්ගළං, යඤ්ඤං යජිත්වා තිවිධං විසුද්ධං; පහායහං මානුසකං සමුස්සයං, ඉන්දූපමො දෙවපුරෙ රමාමහං.
කසුප් බුදුන් වහන්සේට දන් පිදූ මම පිළිවෙළින් තුන් ආකාරයකින් පිරිසිදු වූ මහදන් දී මිනිස් සිරුර අත්හැර දෙව්පුරයෙහි ශක්‍රයා මෙන් ප්‍රීතියෙන් වෙසෙමි.
“ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලඤ්ච, පණීතරූපං අතිකඞ්ඛතා මුනි; අන්නඤ්ච පානඤ්ච බහුං සුසඞ්ඛතං, පතිට්ඨපෙතබ්බමසඞ්ගමානසෙ.
මුනීන්ද්රයන් වහන්ස, ආයුෂය ද වර්ණය ද සැපය ද බලය ද යන මේවායින් යුත් ප්රණිතාගාර මනාව සකස්කොට රූපය කැමැත්තවුන් විසින් නික්ලේශීන් වෙත පිදිය යුතුයි.
“නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන, බුද්ධෙන සෙට්ඨො ව සමො ව විජ්ජති; ආහුනෙය්යානං පරමාහුතිං ගතො, පුඤ්ඤත්ථිකානං විපුලප්ඵලෙසින”න්ති.
මේ ලෝකයේ ද, වෙනත් ලෝකයක ද, බුදුන් සම වූවෙක් නැත්තේය. පින් කැමැත්තේ පිදිය යුත්තන් අතර පරම පූජනීය බුදුන් පුදා තමන් ද පූජනීය බවට පත්වේ.
තත්ථ ජිතින්ද්රියන්ති මනච්ඡට්ඨානං ඉන්ද්රියානං බොධිමූලෙයෙව අග්ගමග්ගෙන ජිතත්තා නිබ්බිසෙවනභාවස්ස කතත්තා ජිතින්ද්රියං. අභිඤ්ඤෙය්යාදීනං අභිඤ්ඤෙය්යාදිභාවතො අනවසෙසතො අභිසම්බුද්ධත්තා බුද්ධං. පුරිපුණ්ණවීරියතාය අනොමනික්කමං චතුරඞ්ගසමන්නාගතස්ස වීරියස්ස චතුබ්බිධසම්මප්පධානස්ස ච පාරිපූරියාති අත්ථො. නරුත්තමන්ති නරානං උත්තමං ද්විපදුත්තමං. කස්සපන්ති භගවන්තං ගොත්තෙන වදති. අවාපුරන්තං අමතස්ස ද්වාරන්ති කොණාගමනස්ස භගවතො සාසනන්තරධානතො පභුති පිහිතං නිබ්බානමහානගරස්ස ද්වාරං අරියමග්ගං විවරන්තං. දෙවාතිදෙවන්ති සබ්බෙසම්පි දෙවානං අතිදෙවං. සතපුඤ්ඤලක්ඛණන්ති අනෙකසතපුඤ්ඤවසෙන නිබ්බත්තමහාපුරිසලක්ඛණං.
ගාථා විස්තර ජිතින්ද්රියං මනස සයවැනි කොට ඇති ඉන්ද්රියයන් බෝධි මූලයෙහිදීම උතුම් වූ මාර්ගයෙන් දිනන ලද බැවින් මමත්වය නැති කරන ලද බැවින් ‘ජිතින්ද්රිය’ නම් වේ. දැනගත යුතු දෙය දත් බැවින් නිරවශේෂයෙන් මනාව අවබෝධ කළ බැවින් බුද්ධ නම් වේ. සම්පූර්ණ වීර්යයෙන් යුක්ත වන බැවින් අනොමතික්කම නම් වේ. අංග සතරකින් යුත් වීර්යයෙන් ද, සිව් වැදෑරුම් සම්‍යක් ප්‍රධානයන්ගෙන් ද සම්පූර්ණත්වයට පත්වීය යන අර්ථයි. නරුත්තමං මිනිසුන් අතර උත්තම වූ, දෙපා ඇත්තවුන් අතර උත්තම වූ, කස්සපං භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ගෝත්‍ර නාමයෝ සඳහන් කරයි. අවපුරන්තං අමතස්ස ද්වාරං කෝනාගමන බුදුන්ගේ ශාසන අන්තර්ධනයේ පටන් වැසී තිබුණු නිර්වාණ නමැති මහා නගරයේ දොරටුව හෙවත් ආර්ය මාර්ගය විවෘත කළා වූ. සත පුඤ්ඤ ලක්ඛණං බොහෝ වූ සිය ගණන් පින් ඵල වශයෙන් හටත් මහා පුරුෂ ලක්ෂණ ඇති.
කුඤ්ජරන්ති කිලෙසපටිසත්තුනිම්මද්දනෙන කුඤ්ජරසදිසං, මහානාගන්ති අත්ථො. චතුන්නං ඔඝානං සංසාරමහොඝස්ස තරිතත්තා ඔඝතිණ්ණං. සුවණ්ණසිඞ්ගීනදබිම්බසාදිසන්ති සිඞ්ගීසුවණ්ණජම්බුනදසුවණ්ණරූපසදිසං, කඤ්චනසන්නිභත්තචන්ති අත්ථො. දිස්වාන තං ඛිප්පමහුං සුචීමනොති තං කස්සපසම්මාසම්බුද්ධං දිස්වා ඛිප්පං තාවදෙව “සම්මාසම්බුද්ධො භගවා”ති පසාදවසෙන කිලෙසමලාපගමනෙන සුචිමනො විසුද්ධමනො අහොසිං, තඤ්ච ඛො තමෙව දිස්වාන තං දිස්වා එව. සුභාසිතද්ධජන්ති ධම්මද්ධජං.
කුඤ්ජරං කෙලෙස් සතුරන් මැඩ පැවැත් වූ ඇතකු සම වූ මහා හස්තියා යන අර්ථයි. සතරමහා ඕඝයන් ද, සසර නමැති මහෝඝය ද තරණය කළ බැවින් ඔඝතිණ්ණං නම් වේ. සුවණ්ණ සිංගී නද බිම්බ සාදිසං ජාම්බෝ නද ස්වර්ණයාගෙන් කළ රූපයක් බඳු වූ, රන්වන් ඡවියෙන් යුක්ත වූ යන අර්ථයි. තං දිස්වා ඛිප්පූමහූ සුචිමතො ඒ කාශ්‍යප සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දැක එකෙණෙහිම, මේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යයි ප්‍රසාද වශයෙන් කෙලෙස් මල පහ කිරීමෙන් පිරිසිදු මනසක් ඇති වූයෙක් වූයෙමි. තමෙව දිස්වාන එය දැනගෙනම සුභාසිත ද්වජමි දහම් නමැති කොඩිය.
තමන්නපානන්ති තම්හි භගවති අන්නඤ්ච පානඤ්ච. අථවාපි චීවරන්ති අථ චීවරම්පි. රසසා උපෙතන්ති රසෙන උපෙතං සාදුරසං, උළාරන්ති අත්ථො . පුප්ඵාභිකිණ්ණම්හීති ගන්ථිතෙහි ච අගන්ථිකෙහි ච පුප්ඵෙහි ඔලම්බනවසෙන සන්ථරණවසෙන ච අභිකිණ්ණෙ. පතිට්ඨපෙසින්ති පටිපාදෙසිං අදාසිං. අසඞ්ගමානසොති කත්ථචි අලග්ගචිත්තො සො අහන්ති යොජනා.
තම්හන්න පානන්ති ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත ආහාර ද පාන ද පිදුවෙමි. අථාපි චීවරං එයට අමතර වශයෙන් සිවුරු ද, රසසා උපෙතං රසයෙන් යුක්ත වූ, උදාර වූ මිහිරි රස, පුප්ඵාභිකිණ්ණම්හි ගොතනු ලැබුවා වූ ද, ගොතනු නොලැබුවා වූ ද, මල් එල්වීමෙන් ද, අතුරා තැබීමෙන් ද, විසුරුවා තබනු ලැබූ ‘මල් දම්’ සිය නිවසෙහි පතිට්ඨාපෙසිං පිළියෙළ කළෙමි. දන් දුනිමි. අසංගමානසො කිසියම් අරමුණෙක නො ඇලුණ සිත් ඇති ඒ මම යන අදහයි.
සග්ගසොති අපරාපරූපපත්තිවසෙන සග්ගෙ සග්ගෙ, තත්ථාපි ච දෙවපුරෙ සුදස්සනමහානගරෙ. රමාමීති කීළාමි මොදාමි.
සග්ගසො මතු මත්තෙහි ද භවයෙන් භවයට ඉපදීම් වශයෙන් ස්වර්ගයෙන් ස්වර්ගය වශයෙන් ඉපදීම් වශයෙන් ස්වර්ගයෙන් ස්වර්ගය වශයෙන් ඉපදී. එහිදී ද දෙවපුරෙ සුදර්ශන නම් මහා නගරයෙහි රමාමි ක්‍රීඩා කරමි. සතුටු වෙමි.
එතෙනුපායෙනාති ගොපාලබ්රාහ්මණකාලෙ සසාවකසඞ්ඝස්ස කස්සපභගවතො යථා අසදිසදානං අදාසිං, එතෙන උපායෙන. ඉමං නිරග්ගළං යඤ්ඤං යජිත්වා තිවිධං විසුද්ධන්ති අනාවටද්වාරතාය මුත්තචාගතාය ච නිරග්ගළං, තීසුපි කාලෙසු තීහි ද්වාරෙහි කරණකාරාපනානුස්සරණවිධීහි සම්පන්නතාය තිවිධං, තත්ථ සංකිලෙසාභාවෙන විසුද්ධං අපරිමිතධනපරිච්චාගභාවෙන මහාචාගතාය යඤ්ඤං යජිත්වා, මහාදානං දත්වාති අත්ථො. තං පන දානං චිරකතම්පි ඛෙත්තවත්ථුචිත්තානං උළාරතාය අන්තරන්තරා අනුස්සරණෙන අත්තනො පාකටං ආසන්නං පච්චක්ඛං විය උපට්ඨිතං ගහෙත්වා ආහ “ඉම”න්ති.
එතෙනුපායෙන ගෝපාල බ්‍රාහ්මණ කාලයෙහි ශ්‍රාවක සංඝයා සහිත කාශ්‍යප නම් භාග්‍යවතුන් වහන්සේට යම්සේ අසදෘස දානය දුන්නෙම්ද, මේ පිළිවෙතින් (මම දෙව්ලොව ඉපදුනෙමි.) ඉමං නිරග්ගලං යඤ්ඤං යජිත්වා තිවිධං විසුද්ධං විවෘත වූ දොර ඇති බැවින් ද මුදාහළ (දෙන ලද) පරිත්‍යාගයෙන් ඇති බැවින් ද, බාධා රහිත වූ, තුන්කල්හි කාර්යයන් කිරීම කරවීම, සිහිකිරීම යන ආකාරයන්ගෙන් යුක්ත වූ යන තිවිධ තුන් ආකාරය එහි කිලිටු දේ නැති බැවින් විසුද්ධ වූ බොහෝ වූ මහා පරිත්‍යාග කිරීමෙන් මහා ත්‍යාගවන්ත භාවයෙන් යඤ්ඤං යජීවා මහදන් දී ගෙන යන අදහසයි. බොහෝකලක් කරන ලද කෙත්වත් වලින් ලත් ධනය පිළිබඳව උදාර ලෙස නොකඩවා සිහිකොට එයින් ප්රත්යක්ෂ ලෙස ලැබුණු දෙයින් ඒ දානය ‘ඉමං’ යනුවෙන් කියන ලදී.
එවං දෙවපුත්තො අත්තනා කතකම්මං ථෙරස්ස කථෙත්වා ඉදානි තාදිසාය සම්පත්තියා පරෙපි පතිට්ඨාපෙතුකාමතං තථාගතෙ ච උත්තමං අත්තනො පසාදබහුමානං පවෙදෙන්තො “ආයුඤ්ච වණ්ණඤ්චා”තිආදිනා ගාථාද්වයමාහ. තත්ථ අභිකඞ්ඛතාති ඉච්ඡන්තෙන. මුනීති ථෙරං ආලපති.
මෙසේ දේවපුත්‍ර තෙමේ තමන් විසින් කරන ලද පුණ්‍යකර්මයන් තෙරුන් වහන්සේට කියා, දැන් මීලඟට එවැනි සම්පතෙහි අන් අයද පිහිටුවාලීමේ කැමැත්තෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි වූ තමාගේ උතුම් ප්‍රසාද ගෞරවයක් දක්වමින් ‘ආයුඤ්ච වණ්ණඤ්ච’ යන ගාථා දෙක කීය. ගාථාවන්හි විස්තර. අභිකංඛතා කැමති වන්නවුන් විසින්, මුනි මේ තෙරුන් වහන්සේට ආමන්ත්‍රණය කරන වචනයයි.
නයිමස්මිං ලොකෙති දෙවපුත්තො අත්තනො පච්චක්ඛභූතං ලොකං වදති. පරස්මින්ති තතො අඤ්ඤස්මිං. එතෙන සබ්බෙපි සදෙවකෙ ලොකෙ දස්සෙති. සමො ච විජ්ජතීති සෙට්ඨො තාව තිට්ඨතු , සමො එව න විජ්ජතීති අත්ථො. ආහුනෙය්යානං පරමාහුතිං ගතොති ඉමස්මිං ලොකෙ යත්තකා ආහුනෙය්යා නාම, තෙසු සබ්බෙසු පරමාහුතිං පරමං ආහුනෙය්යභාවං ගතො. “දක්ඛිණෙය්යානං පරමග්ගතං ගතො”ති වා පාඨො, තත්ථ පරමග්ගතන්ති පරමං අග්ගභාවං, අග්ගදක්ඛිණෙය්යභාවන්ති අත්ථො. කෙසන්ති ආහ “පුඤ්ඤත්ථිකානං විපුලප්ඵලෙසින”න්ති, පුඤ්ඤෙන අත්ථිකානං විපුලං මහන්තං පුඤ්ඤඵලං ඉච්ඡන්තානං, තථාගතො එව ලොකස්ස පුඤ්ඤක්ඛෙත්තන්ති දස්සෙති. කෙචි පන “ආහුනෙය්යානං පරමග්ගතං ගතො”ති පඨන්ති, සොයෙවත්ථො.
ඉමස්මිං ලොකෙ දිව්‍යපුත්‍ර තෙමේ තමන්ට ප්රත්යක්ෂ වූ ලෝක ගැන කියයි. පරස්මිං එයින් අන්‍ය වූ ලෝකයෙහි මෙයින් දෙව්ලොව සහිත සියලු ලෝකයන් දක්වනු ලැබේ. සමොව විජ්ජති ශ්‍රේෂ්ඨයාණෝ තවම සිටින සේක. ඒ හා සමාන වූ වෙනත් අයෙක් නොවන බවයි. ආහු නෙය්යානං පරමා හුතිංගතො මෙලොව පිදිය යුතු පුද්ගලයන් යම්තාක් වෙසෙත් ද ඒ සියලු දෙනා අතරෙහි පරම පූජනීය බවට පූජාවට යෝග්‍ය බවට පැමිණියහ. ‘දක්ඛිණෙය්යානං පරමග්ගතං ගතො’ යයි ද පාඨයක් වේ. එහි පරමග්ගතං යනු අතිශයින් උත්තම වූ ස්වභාවයයි. උසස් වූ පිදිය යුතු යන අදහසයි. පුඤ්ඤත්ථිකානං විපුල ඵලෙසිනං පිනෙන් ප්‍රයෝජන ඇති මහත් වූ පුණ්‍ය ඵලයන් ලබාගැනීමට කැමැත්තවුන් විසින් තථාගතයන් වහන්සේම ලොවට පින්කෙත යයි දක්වයි.
එවං කථෙන්තමෙව තං ථෙරො කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තඤ්ච ඤත්වා සච්චානි පකාසෙසි. සො සච්චපරියොසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨහි. අථ ථෙරො මනුස්සලොකං ආගන්ත්වා භගවතො තමත්ථං අත්තනා ච දෙවපුත්තෙන ච කථිතනියාමෙනෙව ආරොචෙසි. සත්ථා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරියාය ධම්මං දෙසෙසි. සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
මෙසේ කියන කල්හිම තෙරුන් වහන්සේ, ඔහු තුළ සත්‍යාවබෝධයට යෝග්‍ය වූ සිත් ඇති බව, මෘදු වූ සිත් ඇති බව, නීවරණ රහිත වූ සිත් ඇති බව ප්‍රීතිමත් සිත් ඇති බව, පැහැදුනු සිත් ඇති බව දැන සිව්සස් ප්‍රකාශ කළහ. හෙතෙම චතුරාර්ය සත්‍ය දේශනාවසානයේ සෝවාන් ඵලයෙහි පිහිටියේය. ඉක්බිති තෙරුන් වහන්සේ මිනිස් ලොවට පැමිණ තමන් විසින් ද දිව්‍යපුත්‍රයා විසින් ද කියන ලද පරිද්දෙන්ම එම කරුණු භාග්‍යවතුන් වහන්සේට දන්වා සිටියහ. ශාස්තෲන් වහන්සේ එකී කරුණු අර්ථෝත්පත්ති වශයෙන් ගෙන පැමිණි සිටි පිරිසට ධර්ම දේශනා කළහ. ඒ ධර්ම දේශනාව මහජනයාට සාර්ථක වූයේය.
මහාරථවිමානවණ්ණනා නිට්ඨිතා.
මහා රථ විමාන වර්ණනාව නිමියේය.
ඉති පරමත්ථදීපනියා ඛුද්දකට්ඨකථාය විමානවත්ථුස්මිං චුද්දසවත්ථුපටිමණ්ඩිතස්ස පඤ්චමස්ස මහාරථවග්ගස්ස අත්ථවණ්ණනා නිට්ඨිතා.
පස්වැනි වූ මහාරථ වර්ගය සමාප්තයි.