යෙදුමෙන් කියවන්න

6. පායාසිවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

6. පායාසි වර්ගය

1. අගාරියවිමානවණ‍්ණනා

1. අගාරියවිමාන වර්ණනා

යථා වනං චිත‍්තලතං පභාසතීති අගාරියවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ. තෙන සමයෙන රාජගහෙ එකං කුලං උභතොපසන‍්නං හොති සීලාචාරසම‍්පන‍්නං ඔපානභූතං භික‍්ඛූනං භික‍්ඛුනීනං. තෙ ද‍්වෙ ජයම‍්පතිකා රතනත‍්තයං උද‍්දිස‍්ස යාවජීවං පුඤ‍්ඤානි කත්‍වා තතො චුතා තාවතිංසෙසු නිබ‍්බත‍්තිංසු, තෙසං ද‍්වාදසයොජනිකං කනකවිමානං නිබ‍්බත‍්ති. තෙ තත්‍ථ දිබ‍්බසම‍්පත‍්තිං අනුභවන‍්ති. අථායස‍්මා මහාමොග‍්ගල‍්ලානොතිආදි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

යථාවනං චිත්තලතං පභාසති යනුවෙන් ආරම්භ වෙන්නේ අගාරිය විමාන වස්තුවයි. එහි උත්පත්ති කථාව කවරේද? භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවන විහාරයේ වැඩවසන සමයෙහි රජගහනුවර එක් කුල ගෙදරක අඹුසැමි යුවලක් ජීවත් වූහ. ඔවුහු ශීලාචාර සම්පන්නය. භික්‍ෂු භික්‍ෂුණීන්ට ඉතා අවනතයහ. දන් දෙන සුළුය. මේ ජයම්පතීහු රත්නත්‍රය උදෙසා දිවි හිමියෙන් පින්කම් කොට මිනිස් ලොවින් චුත වී තව්තිසා දෙව්ලොව උපන්නාහ. ඔවුන් වෙනුවෙන් දස යොදුන් පමණ වූ රන් විමනක් තව්තිසාවේ පහළ විය. ඔවුහු එහි සම්පත් විඳිද්දී ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ පෙර සඳහන් පරිද්දෙන්ම දෙව්ලෝ චාරිකාවේ හැසිරෙන්නේ මේ යුවල දැක මෙසේ විචාළේය.

“යථා වනං චිත‍්තලතං පභාසති, උය්‍යානසෙට‍්ඨං තිදසානමුත‍්තමං; තථූපමං තුය‍්හමිදං විමානං, ඔභාසයං තිට‍්ඨති අන‍්තලික‍්ඛෙ.

එම්බා දෙව්පුත්වරුනි, ඉතා දීප්තිමත්ව බබළන චිත්‍රලතා වනය යම්සේ ද, එපරිද්දෙන් තව්තිසා දෙවියන් අතුරෙන් ශ්‍රේෂ්ට වූ උයනකින් යුතුව නොයෙක් දිව්‍යාලංකාරයෙන් යුක්තව තොපගේ කනක විමානය ආකාශයේ බබළමින් සිටින්නේය.

“දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො, මනුස‍්සභූතො කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවො, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති. –

මහත් වූ උදාරතර ආනුභාව සම්පන්න දෙව්පුත්වරුනි, තොප විසින් පෙර අත්බැව්හි මිනිසකු වශයෙන් කිනම් කුසල කර්මයක් කළේද මෙබඳු වූ දිව්‍ය සෘද්ධියක් දේවානුභාවයක්, දිව්‍ය සම්පත් කවර පින්කමක් නිසා ලැබුනේද?

ථෙරො පුච‍්ඡි.

“සො දෙවපුත‍්තො අත‍්තමනො, මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතො; පඤ‍්හං පුට‍්ඨො වියාකාසි, යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිරයන් විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දුන් ඒ දෙව්පුත් මෙසේ පැවසීය.

“අහඤ‍්ච භරියා ච මනුස‍්සලොකෙ, ඔපානභූතා ඝරමාවසිම‍්හ; අන‍්නඤ‍්ච පානඤ‍්ච පසන‍්නචිත‍්තා, සක‍්කච‍්ච දානං විපුලං අදම‍්හ.

ස්වාමීනි, මම ද මගේ භාර්යාව ද මීට පෙර ආත්මභාවයේ මිනිස්ලොව මිනිසකුව ඉපිද, රත්නත්‍රය කෙරෙහි ප්‍රසන්න වූ සිත් ඇතිව භික්‍ෂු භික්‍ෂුණීන්ට අවනතව ආහාරපාන ආදියෙන් භික්‍ෂු භික්‍ෂුණින්ට සංග්‍රහ කිරීමේ කුසල කර්මයන් හේතුවෙන් මෙබඳු සැප සම්පත් ලද්දෙමු.

“තෙන මෙතාදිසො වණ‍්ණො…පෙ… වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති. –

මෙවැනි ඡවි වර්ණයක් සියලු දිසා බබුලුවන ප්‍රභා සම්පන්න බවක් ඒ කුසල් බලයෙන් ලදිමු.

අත‍්තනො සම‍්පත‍්තිං බ්‍යාකාසි. ගාථාසුපි අපුබ‍්බං නත්‍ථි.

මෙසේ තමන්ගේ සම්පත්ති පිළිබඳ විස්තරයක් කළහ. ගාථාවන්හි නො ඇසූවිරූ අර්ථයක් නැත්තේය.

පඨමඅගාරියවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

අගාරිය විමාන වස්තු වර්ණනාව නිමියේ ය.

2. දුතියඅගාරියවිමානවණ‍්ණනා

2. දුතිය අගාරියවිමාන වර්ණනා

යථා වනං චිත‍්තලතන‍්ති දුතියඅගාරියවිමානං. එත්‍ථාපි අට‍්ඨුප‍්පත‍්ති අනන‍්තරසදිසාව.

යථාවනං චිත්තලතං ආදි වශයෙන් දැක්වෙන දෙවැනි අගාරිය විමාන වර්ණනාවයි. මෙහි ද අර්ථෝත්පත්තිය අගාරිය විමාන කථාවස්තුව හා සමාන වන්නේය.

“යථා වනං චිත‍්තලතං පභාසති, උය්‍යානසෙට‍්ඨං තිදසානමුත‍්තමං; තථූපමං තුය‍්හමිදං විමානං, ඔභාසයං තිට‍්ඨති අන‍්තලික‍්ඛෙ.

එම්බා දේවතාව, ඉතා දීප්තිමත්ව බබළන්නා වූ චිත්‍රලතා වනය යම්සේද එපරිද්දෙන් තව්තිසා දෙවියන් අතරින් ශ්‍රේෂ්ට වූ උයනකින්ද නොයෙක් දිව්‍ය අලංකාරයෙන් යුක්ත වූ අහස්කුස බබළන්නා වූ විමානයක් තොපට පහළ වී ඇත.

“දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො, මනුස‍්සභූතො කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවො, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති. – පුච‍්ඡි;

මහත් වූ ඍද්ධි සම්පන්න වූ දේවතාව, තොප විසින් මේසා විශාල සම්පත් ලබන්නට මනුෂ්‍යයකු වශයෙන් කිනම් කුසල කර්මයක් කරන ලද ද, වස්ත්‍රාභරණ ආදියෙන් ද ශරීර වර්ණයෙන් ද දසදිග් බබුළුවාද ඒ සම්පත් ලද්දේ කවර පිනකින් ද?

“සො දෙවපුත‍්තො අත‍්තමනො…පෙ… යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් විසින් තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් දේවතාවා මෙසේ පැවසීය.

“අහඤ‍්ච භරියා ච මනුස‍්සලොකෙ, ඔපානභූතා ඝරමාවසිම‍්හ; අන‍්නඤ‍්ච පානඤ‍්ච පසන‍්නචිත‍්තා, සක‍්කච‍්ච දානං විපුලං අදම‍්හ.

මා ද බිරිඳ ද මිනිස්ලොව ඉපිද ගිහිගෙයි වසන්නේ ප්‍රසන්න වූ සිතින් ආහාරපාන සකස්කොට ප්‍රසාද වූ සිතින් ශ්‍රමණ බමුණන්ට දන් දුනිමි. රත්නත්‍රය කෙරෙහි පැහැදීමෙන් යුතුව මෙම පින්කම් කළෙමි.

“තෙන මෙතාදිසො වණ‍්ණො…පෙ… වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති. –

ඒ පින්කම්වල බලයෙන් මේ අන්දමේ වර්ණයක් සකල දිශා බබුළුවන ප්‍රභාවයක් ලදුයෙමි’යි

අත‍්තනො සම‍්පත‍්තිං බ්‍යාකාසි. ගාථාසුපි අපුබ‍්බං නත්‍ථි.

තමන්ගේ සම්පත්තීන් විස්තර කළේය. ගාථාවන්හි නො ඇසූ විරූ දෙයක් නැත.

දුතියඅගාරියවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවැනි අගාරිය විමාන වර්ණනාව නිමියේ ය.

3. ඵලදායකවිමානවණ‍්ණනා

3. ඵලදායකවිමාන වර්ණනා

උච‍්චමිදං මණිථූණන‍්ති ඵලදායකවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ. තෙන සමයෙන රඤ‍්ඤො බිම‍්බිසාරස‍්ස අකාලෙ අම‍්බඵලානි පරිභුඤ‍්ජිතුං ඉච‍්ඡා උප‍්පජ‍්ජි. සො ආරාමපාලං ආහ – “මය‍්හං ඛො, භණෙ, අම‍්බඵලෙසු ඉච‍්ඡා උප‍්පන‍්නා, තස‍්මා අම‍්බානි මෙ ආනෙත්‍වා දෙහී”ති. “දෙව, නත්‍ථි අම‍්බෙසු අම‍්බඵලං, අපිචාහං තථා කරොමි, සචෙ දෙවො කිඤ‍්චි කාලං ආගමෙති, යථා අම‍්බා න චිරස‍්සෙව ඵලං ගණ‍්හන‍්තී”ති. “සාධු, භණෙ, තථා කරොහී”ති. ආරාමපාලො ආරාමං ගන‍්ත්‍වා අම‍්බරුක‍්ඛමූලෙසු පංසුං අපනෙත්‍වා තාදිසං පංසුං ආකිරි, තාදිසඤ‍්ච උදකං ආසිඤ‍්චි, යථා න චිරස‍්සෙව අම‍්බරුක‍්ඛා සච‍්ඡින‍්නපත‍්තා අහෙසුං. අථ නං පංසුං අපනෙත්‍වා ඵාරුසකකසටමිස‍්සකං පාකතිකං පංසුං ආකිරිත්‍වා සාධුකං උදකං අදාසි. තදා අම‍්බරුක‍්ඛා න චිරෙනෙව කොරකිතා පල‍්ලවිතා කුටමලකජාතා හුත්‍වා පුප‍්ඵිංසු, අථ සලාටුකජාතා හුත්‍වා ඵලානි ගණ‍්හිංසු. තත්‍ථෙකස‍්මිං අම‍්බරුක‍්ඛෙ පඨමතරං චත‍්තාරි ඵලානි මනොසිලාචුණ‍්ණපිඤ‍්ජරවණ‍්ණානි සම‍්පන‍්නගන්‍ධරසානි පරිණතානි අහෙසුං.

උච්චමිදං මණිථූනං යනුවෙන් ඵලදායක විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන විහාරයේ වාසය කරන සේක. එකල්හි බිම්බිසාර රජුට නො කල්හි අඹ කෑමට කැමැත්තක් උපන්නේය. රජ තෙමේ උයන්පල්ලා අමතා කොලනි! මට අඹ කෑමෙහි කැමැත්තක් ඇතිවිය. එහෙයින් මට අඹ ගෙනැත් දෙවයි කීය. දේවයිනි, දැනට අඹ ගස්වල අඹ ගෙඩි නැත. එහෙත් දේවයන් වහන්ස, සුලුකලක් ඉවසන්නේ නම් යම්සේ ඉක්මණින් අඹගස් ඵල දරණ යම් ක්‍රියාවක් වේද මම එබන්දක් කරමියි උයන්පල්ලා කීය. යහපති, කොලනි, එසේ කරවයි රජු කීය. යම්සේ සුළු කලකදී අඹ ගස්වල කොල හැලෙන්නේ ද, එසේ වනු පිණිස උයන්පල්ලා උයනට ගොස් අඹරුක් මුල්හි වූ පස් ඉවත්කොට, ඒවාට සමානව පෙනෙන පස් ගෙන්වා විසිරවීය. එබඳු ජලයද දැමීය. ඉක්බිති ඒ පස් ඉවත්කොට බොරලු දමන නම් ගස්වල කසට මිශ්‍ර කළ ස්වාභාවික පස් විසුරුවා මනා ලෙස ජලය දැමීය. එවිට අඹගස් සුලු කලකදී කුඩා මල් කැකුළු, දලු හා මල් කැකුළු මතුකොට දරා සිටියේය. අනතුරුව ගැට හැදී ගෙඩි හටගත්තේය. එහි එක් අඹ රුකෙක මුලින්ම හටගත් ගෙඩි සතර මනෝසීල පැහැයට හුරුව රතු පැහැයෙන් යුතුව සුවඳින් හා රසයෙන් පිරුණේය.

සො තානි ගහෙත්‍වා “රඤ‍්ඤො දස‍්සාමී”ති ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං පිණ‍්ඩාය චරමානං දිස‍්වා චින‍්තෙසි “ඉමානි අම‍්බානි අග‍්ගඵලභූතානි ඉමස‍්ස අය්‍යස‍්ස දස‍්සාමි , කාමං මං රාජා හනතු වා පබ‍්බාජෙතු වා, රඤ‍්ඤො හි දින‍්නෙ දිට‍්ඨධම‍්මෙ පූජාමත‍්තං අප‍්පමත‍්තකං ඵලං, අය්‍යස‍්ස දින‍්නෙ පන දිට‍්ඨධම‍්මිකම‍්පි සම‍්පරායිකම‍්පි අපරිමාණං ඵලං භවිස‍්සතී”ති. එවං පන චින‍්තෙත්‍වා තානි ඵලානි ථෙරස‍්ස දත්‍වා රාජානං උපසඞ‍්කමිත්‍වා රඤ‍්ඤො තමත්‍ථං ආරොචෙසි. තං සුත්‍වා රාජා රාජපුරිසෙ ආණාපෙසි “වීමංසථ තාව, භණෙ, යථායං ආහා”ති. ථෙරො පන තානි ඵලානි භගවතො උපනාමෙසි. භගවා තෙසු එකං සාරිපුත‍්තත්‍ථෙරස‍්ස, එකං මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස, එකං මහාකස‍්සපත්‍ථෙරස‍්ස දත්‍වා එකං අත‍්තනා පරිභුඤ‍්ජි. පුරිසා තං පවත‍්තිං රඤ‍්ඤො ආරොචෙසුං.

ඒ උයන්පලු තෙමේ ඒවා රැගෙන රජුට දෙන්නෙමියි සිතා යන්නේ අතරමගදී පිඬුසිඟා වඩින ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් වහන්සේ දැක අග්‍රඵලය වූ මේ අඹ ආර්යයන් වහන්සේට පුදන්නෙමි. රජතුමා මා රටින් නෙරපන්නේ හෝ නසන්නේ හෝ වේවා, රජුට දුන් කල්හි අල්ප වූ ඵලයක් ලැබෙන්නේය. ආර්යයන් වහන්සේට දුන්කල්හි මෙලොව වශයෙන් ද පරලොව වශයෙන් ද අප්‍රමාණ වූ ඵලයන් ලබන්නේ යයි සිතුවේය. මෙසේ සිතා ඒ අඹ තෙරුන් වහන්සේට පුදා රජු වෙත පැමිණ ඒ බව දන්වා සිටියේය. ඒ අසා රජ තෙමේ මොහු කියන දෙය එසේ සිදුවී දැයි පිරික්සා බලන්නැයි රාජපුරුෂයන්ට කීවේය. තෙරණුවෝ වනාහි ඒ ඵලයන් භාග්‍යවතුන් වහන්සේට පිදුවේය. භාග්‍යවතුන් වහන්සේ ඉන් එකක් සැරියුත් තෙරුන්ට ද, එකක් මුගලන් තෙරුන්ට ද, එකත් මහා කාශ්‍යප හිමියන්ට ද දී එකක් තමන් වහන්සේ වැළඳූහ. රාජපුරුෂයෝ මේ පුවත රජුට දැන්වූහ.

රාජා තං සුත්‍වා “ධීරො වතායං පුරිසො, යො අත‍්තනො ජීවිතම‍්පි පරිච‍්චජිත්‍වා පුඤ‍්ඤපසුතො අහොසි, අත‍්තනො පරිස‍්සමඤ‍්ච ඨානගතමෙව අකාසී”ති තුට‍්ඨචිත‍්තො තස‍්ස එකං ගාමවරං වත්‍ථාලඞ‍්කාරාදීනි ච දත්‍වා “යං තයා භණෙ අම‍්බඵලදානෙන පුඤ‍්ඤං පසුතං, තතො මෙ පත‍්තිං දෙහී”ති ආහ. සො “දෙමි, දෙව, යථාසුඛං පත‍්තිං ගණ‍්හාහී”ති අවොච. ආරාමපාලො අපරභාගෙ කාලං කත්‍වා තාවතිංසෙසු උප‍්පජ‍්ජි , තස‍්ස සොළසයොජනිකං කනකවිමානං නිබ‍්බත‍්ති සත‍්තසතකූටාගාරපටිමණ‍්ඩිතං. තං දිස‍්වා ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො පුච‍්ඡි –

රජ තෙමේ ඒ අසා තමාගේ ජීවිතය ද පරිත්‍යාගකොට පුණ්‍යකර්මයක් කළා වූ මේ පුද්ගලයා සත්‍ය වශයෙන්ම ධීරයෙකි. තමාගේ පරිශ්‍රමය නියම තැනට යෙදවීයයි සතුටු සිත් ඇත්තේ ඔහුට එක් ගම් වරයක් ද අලංකාර වස්ත්‍ර ද දී, කොලනි, ඔබ විසින් අඹඵල පිදුමෙන් යම් පිනක් අත්කර ගත්තේ ද ඒ පින් මට ද අනුමෝදන් කරවන්නැයි කීය. හෙතෙමේ දේවයන් වහන්ස, අනුමෝදන් කරවමි. රිසිසේ පින් ලබාගන්නැයි කීය. උයන්පලු තෙමේ පසුකලෙක කළුරියකොට තව්තිසාවෙහි උපන්නේය. කුටාගාර සත්සියයකින් යුත් රන් විමනක් පහළ විය. එය දුටු ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ ගාථාවන් මගින් මෙසේ විචාළහ.

“උච‍්චමිදං මණිථූණං විමානං, සමන‍්තතො සොළස යොජනානි; කූටාගාරා සත‍්තසතා උළාරා, වෙළුරියථම‍්භා රුචකත්‍ථතා සුභා.

මාණික්‍යමය වූ මැද කණුවකින් යුක්ත හාත්පසින් සොළොස් යොදුන් වූ උත්තම තත්ත්වයේ කූටාගාර සත්සියයක් ඇත්තා වූ වෛරෝඩි මැණික්වලින් සැදුණු රුචිය උපදවන්නා වූ සුන්දර වූ මෙය උතුම් විමානයකි.

“තත්‍ථච‍්ඡසි පිවසි ඛාදසි ච, දිබ‍්බා ච වීණා පවදන‍්ති වග‍්ගුං; අට‍්ඨට‍්ඨකා සික‍්ඛිතා සාධුරූපා, දිබ‍්බා ච කඤ‍්ඤා තිදසචරා උළාරා; නච‍්චන‍්ති ගායන‍්ති පමොදයන‍්ති.

ඔබ එහි වෙසෙන්නෙහිය. දිව්‍යමය ආහාරපාන ගන්නෙහිය. දිව්‍යමය වූ වීණාවන් ඔබ වෙනුවෙන් වාදනය කරත්. මනා රූප ඇත්තා වූ ද, තිදස පුරයෙහි උදාර ගති ඇත්තා වූ අටදෙනා බැගින් වූ දිව්‍ය කන්‍යාවෝ එහි කුටාගාරවල වෙසෙත්. නටති. ගයති. ප්‍රමෝදයෙන් ජීවත් වෙති.

“දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො…පෙ… වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති.

දිව්‍ය ඍද්ධියට පත් වූ මහානුභාව ඇති දිව්‍යපුත්‍රයා සියලු දිසාවන් බබළවති.

“සො දෙවපුත‍්තො අත‍්තමනො…පෙ… යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

“ඵලදායී ඵලං විපුලං ලභති, දදමුජුගතෙසු පසන‍්නමානසො; සො හි පමොදති සග‍්ගගතො තිදිවෙ, අනුභොති ච පුඤ‍්ඤඵලං විපුලං. “තවෙවාහං මහාමුනි, අදාසිං චතුරො ඵලෙ.

උජුපටිපන්න ගුණ යුත් උතුමන්ට ඍජු වූ ද ප්‍රසන්න වූ ද සිතින් යුතුව අඹඵල පිදීමේ විපාකය මහත් සේ ලබයි. තිදසාවෙහි සිටිමින් හෙතෙමේ සතුටු වෙයි. වඩාත් සතුටු වෙයි. මහත් වූ උදාර වූ පුණ්‍යඵල විපාකයන් විඳියි. මම එසේ වීමි. මහා මුනිවරයාණනි, මම ඵල හතරක් පිදුවෙමි.

“තස‍්මා හි ඵලං අලමෙව දාතුං, නිච‍්චං මනුස‍්සෙන සුඛත්‍ථිකෙන; දිබ‍්බානි වා පත්‍ථයතා සුඛානි, මනුස‍්සසොභග‍්ගතමිච‍්ඡතා වා.

එහෙයින් සුවය පතන මිනිසුන් විසින් ද, දිව්‍යමය සැප පතන්නවුන් විසින් ද, මිනිසුන් අතර වෙසෙමින්ම, සෞභාග්‍යය කැමති වන්නවුන් විසින් ද නිතර දන් දිය යුතුය. එය ඵලදායී වේ.

“තෙන මෙතාදිසො වණ‍්ණො…පෙ… වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති. – සොපිස‍්ස බ්‍යාකාසි;

ඒ කුසලයෙන් මෙවැනි වර්ණයක් ද සියළු දිසාවන් බබුළුවන පැහැයක් ද ලදිමි.

තත්‍ථ අට‍්ඨට‍්ඨකාති එකෙකස‍්මිං කූටාගාරෙ අට‍්ඨට‍්ඨකා චතුසට‍්ඨිපරිමාණා. සාධුරූපාති රූපසම‍්පත‍්තියා ච සීලාචාරසම‍්පත‍්තියා ච සික‍්ඛාසම‍්පත‍්තියා ච සුන්‍දරසභාවා. දිබ‍්බා ච කඤ‍්ඤාති දෙවච‍්ඡරායො. තිදසචරාති තිදසෙසු සුඛාචාරා සුඛවිහාරිනියො. උළාරාති උළාරවිභවා.

අට්ඨට්ඨකා එක් එක් කුටාගාරයෙහි අටදෙනා බැගින් හැටහතරක ප්‍රමාණයක් වූ, සාධුරූපා රූප සම්පත්තියෙන් ද, ශීලචාර සම්පත්තියෙන් ද, ශික්‍ෂා සම්පත්තියෙන් ද, යහපත් ස්වභාවයන් ඇති බැවින්, දිබ්බාච කඤ්ඤා දිව්‍ය අප්සරාවෝ. තිදසචරා තිදස පුරයෙහි හැසිරෙන්නා වූ, සුවසේ වාසය කරන්නා වූ, උළාරා මහත් සම්පත් ඇති,

ඵලදායීති අත‍්තනා අම‍්බඵලස‍්ස දින‍්නත‍්තා අත‍්තානං සන්‍ධාය වදති. ඵලන‍්ති පුඤ‍්ඤඵලං. විපුලන‍්ති මහන‍්තං ලභති මනුස‍්සලොකෙ පතිට‍්ඨිතොති අධිප‍්පායො. දදන‍්ති දදන‍්තො දානහෙතු. උජුගතෙසූති උජුපටිපන‍්නෙසු. සග‍්ගගතොති උප‍්පජ‍්ජනවසෙන සග‍්ගං ගතො, තත්‍ථාපි තිදිවෙ තාවතිංසභවනෙ අනුභොති ච පුඤ‍්ඤඵලං විපුලං යථාහං, එවං අඤ‍්ඤොපීති අත්‍ථො.

ඵලදායී තමන් විසින් අඹ ඵලයක් දෙන ලද බැවින් තමන් සඳහා කියයි. ඵලං පිනෙහි විපාකය, විපුලං මහත් වූ, ලභති මිනිස්ලොව සිටියදීම ලැබේ යන අදහසයි. දදං දෙන්නා වූ දීමට හේතුවන්නා වූ, උජ්ජුගතෙසු ඍජු ප්‍රතිපත්ති ඇත්තවුන් කෙරෙහි, සග්ගගතො ඉපදීම් වශයෙන් ස්වර්ගයට ගියා වූ, තිදිවෙ තතිසා දෙව්ලොව, අනුභොතිච පුඤ්ඤඵලං විපුලං යම්සේ මම සියල්ල ලැබුවෙම් ද, එසේම අන් අය ද ලබති. යන අර්ථයයි.

තස‍්මාති යස‍්මා චතුන‍්නං ඵලානං දානමත‍්තෙන ඊදිසී සම‍්පත‍්ති අධිගතා, තස‍්මා. අලමෙව යුත‍්තමෙව. නිච‍්චන‍්ති සබ‍්බකාලං. දිබ‍්බානීති දෙවලොකපරියාපන‍්නානි. මනුස‍්සසොභග‍්ගතන‍්ති මනුස‍්සෙසු සුභගභාවං. සෙසං වුත‍්තනයමෙව.

කස්මා කවර හෙයින්, අඹ ඵල සතරක් දීමෙන් මෙවන් සම්පත්තියට පැමිණියේ ද, එහෙයින්, අලමෙව පින්කම් කළයුතු වන්නේමය. නිච්චං හැමකල්හි දිබ්බාහි දෙව්ලොව, ඇතුළත් වන සේ මනුස්ස සොභග්ගතං මිනිසුන් කෙරෙහි න භාග්‍යවන්ත බව සෙස්ස පෙර කියන ලද සේමැයි.

ඵලදායකවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

ඵලදායක විමාන වර්ණනාව නිමියේ ය.

4. පඨමඋපස‍්සයදායකවිමානවණ‍්ණනා

4. පඨම උපස්සයදායකවිමාන වර්ණනා

චන්‍දො යථා විගතවලාහකෙ නභෙති උපස‍්සයදායකවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ. තෙන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගාමකාවාසෙ වස‍්සං වසිත්‍වා වුත්‍ථවස‍්සො පවාරෙත්‍වා භගවන‍්තං වන්‍දිතුං රාජගහං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ සායං අඤ‍්ඤතරං ගාමං පවිසිත්‍වා වසනට‍්ඨානං පරියෙසන‍්තො අඤ‍්ඤතරං උපාසකං දිස‍්වා පුච‍්ඡි – “උපාසක, ඉමස‍්මිං ගාමෙ අත්‍ථි කිඤ‍්චි පබ‍්බජිතානං වසනයොග‍්ගට‍්ඨාන”න‍්ති. උපාසකො පසන‍්නචිත‍්තො ගෙහං ගන‍්ත්‍වා භරියාය සද‍්ධිං මන‍්තෙත්‍වා ථෙරස‍්ස වසනයොග‍්ගං ඨානං පරිච‍්ඡින්‍දිත්‍වා තත්‍ථ ආසනං පඤ‍්ඤාපෙත්‍වා පාදොදකං පාදපීඨං උපට‍්ඨපෙත්‍වා ථෙරං පවෙසෙත්‍වා තස‍්මිං පාදෙ ධොවන‍්තෙ පදීපං උජ‍්ජාලෙත්‍වා මඤ‍්චෙ පච‍්චත්‍ථරණානි පඤ‍්ඤාපෙත්‍වා අදාසි. ස‍්වාතනාය ච නිමන‍්තෙත්‍වා ථෙරස‍්ස දුතියදිවසෙ භොජෙත්‍වා පානකත්‍ථාය ගුළපිණ‍්ඩඤ‍්ච දත්‍වා ථෙරං ගච‍්ඡන‍්තං අනුගන‍්ත්‍වා නිවත‍්ති. සො අපරෙන සමයෙන සහ භරියාය කාලං කත්‍වා තාවතිංසභවනෙ ද‍්වාදසයොජනිකෙ කනකවිමානෙ නිබ‍්බත‍්ති. තං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො ද‍්වීහි ගාථාහි පටිපුච‍්ඡි –

චන්‍දො යථා විගත වලාහකෙ නභෙ යනු උපස්සදායක විමාන වස්තුවයි. එහි උත්පත්තිය කෙසේ වීද? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වසති. ඒ සමයෙහි එක්තරා භික්‍ෂුවක් ග්‍රාමීය ආවාසයක වස් වසා වස් පවාරණයෙන් පසුව භාග්‍යවතුන් වැඳීමට රජගහ නුවරට එන අතරමගදී සවස් භාගයේ එක්තරා ගමකට පිවිස වසන තැනක් සොයා යද්දී එක්තරා උපාසක කෙනෙක් දැක විචාළේය. උපාසකය, පැවිද්දකුට උපාසක කෙනෙක් දැක විචාළේය. උපාසකය, පැවිද්දකුට වසන්නට තරම් යෝග්‍ය තැනක් මේ ගම තිබේද? උපාසකයා පැහැදුනු සිතින් සිය ගෙදරට ගොස් බිරිඳ සමග සාකච්ඡා කර තෙරුන්ට විසීමට සුදුසු ගෝචර තැනක් පිරිසිඳ දැන එය පිරිසිදු කොට එහි අසුන් පනවා පා දෝනාදිය ද පා පුටු ආදි ද තබා තෙරුන් වඩමවා උන්වහන්සේගේ පා සෝදා පහනක් දල්වා ඇඳෙහි ඇතිරිලි අතුරා දුන්නේය. තමාගේ කැමැත්තෙන්ම ආරාධනා කොට දෙවැනි දවසේ තෙරුන්ට වළඳවා ගිලන්පස පිණිස උක්සකුරු බුලත් ද දී තෙරුන් වඩිද්දී පසුගමන් ගොස් නැවතුණේය. කලකට පසුව ඔහුද බිරිඳ ද කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්හ. ඔවුන්ට දොළොස් ගව්වක් විශාල රත්රන් විමානයක් පහළ විය. ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ දෙව්ලොව චාරිකාවෙහි හැසිරෙද්දී මේ විමානය සහ දෙවිවරුන් දැක ගාථා දෙකකින් කරුණු විචාළහ.

“චන්‍දො යථා විගතවලාහකෙ නභෙ, ඔභාසයං ගච‍්ඡති අන‍්තලික‍්ඛෙ; තථූපමං තුය‍්හමිදං විමානං, ඔභාසයං තිට‍්ඨති අන‍්තලික‍්ඛෙ.

පහවූ වළාකුල්වලින් යුතුව අහස් මැද බබළන සඳ සේ දිළිසෙමින් මහත් වූ සෞභාග්‍යයෙන් යුතුව අහසේ ඒ මේ අත ගමන් කරන්නා වූ තොපගේ මේ විමානය අහස් බබළවමින් සිටී.

“දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො, මනුස‍්සභූතො කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවො, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති.

මහත් වූ දිව්‍ය සෘද්ධියකින් යුතුව වැජඹෙන දිව්‍ය පුත්‍රය, මේ විශාල දිව්‍ය විමානයක් ද දිව්‍ය සම්පත් ලැබීමට හේතු භූත වූ තොපගේ කුසල කර්මය කුමක්ද?

සො දෙවපුත‍්තො ඉමාහි ගාථාහි බ්‍යාකාසි –

ඒ දේවපුත්‍රයා මේ ගාථාව පැවසීය. තමන් විසින් පූර්ව භවයේ දී කරන ලද කර්මඵලයේ විපාක දක්වයි.

“සො දෙවපුත‍්තො අත‍්තමනො…පෙ… යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

“අහඤ‍්ච භරියා ච මනුස‍්සලොකෙ, උපස‍්සයං අරහතො අදම‍්හ; අන‍්නඤ‍්ච පානඤ‍්ච පසන‍්නචිත‍්තා, සක‍්කච‍්ච දානං විපුලං අදම‍්හ.

මිනිස්ලොව ඉපිද සිටියදී මම ද මගේ භාර්යාව ද රහත් භික්‍ෂූන් වහන්සේ නමකට සේනසන ද දාන ගිලන්පස ආදියද ප්‍රසන්න වූ සිතින් පූජා කළෙමු. මනාව සකස්කොට සැදැහැ සිතින් පිරිනැමුවා වූ ඒ කුශල කර්මයේ විපාක වශයෙන් මේ සා මහත් සම්පත් ද විමානයක් ද ලද්දෙමි.

“තෙන මෙතාදිසො වණ‍්ණො…පෙ… වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති.

තත්‍ථ ගාථාසු යං වත‍්තබ‍්බං, තං හෙට‍්ඨා වුත‍්තනයමෙව;

මේ ගාථාවන්හි යමක් කිවයුතු වන්නේ නම් මෙය ඉහත සඳහන් විස්තර අනුව දත යුත්තේය.

පඨමඋපස‍්සයදායකවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

උපස්සදායක විමාන වර්ණනාව නිමියේ ය.

5. දුතිය උපස‍්සයදායකවිමානවණ‍්ණනා

5. දුතිය උපස්සයදාකවිමාන වර්ණනා

සූරියො යථා විගතවලාහකෙ නභෙති දුතියඋපස‍්සයදායකවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ. තෙන සමයෙන සම‍්බහුලා භික‍්ඛූ ගාමකාවාසෙ වස‍්සං වසිත්‍වා භගවන‍්තං දස‍්සනාය රාජගහං උද‍්දිස‍්ස ගච‍්ඡන‍්තා සායං අඤ‍්ඤතරං ගාමං සම‍්පාපුණිංසු. සෙසං අනන‍්තරවිමානසදිසමෙව.

සුරියො යථා විගතවලාහකෙ නහෙති යනුවෙන් ආරම්භ වන්නේ දෙවැනි උපස්සදායක විමාන වස්තුවයි. එහි උපත කෙසේ වීද කවුරු වෙනුවෙන් උපන්නේ ද? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා වේළුවන විහාරයේ වැඩවසන සමයේ බොහෝ භික්‍ෂු පිරිසක් ග්‍රාමීය ආවාසයක වස් වැස භාග්‍යවතුන් වහන්සේ දකිනු සඳහා රජගහ නුවර වෙත යන්නේ සවස් කාලයේ ගමකට පිවිසියහ. ඉතිරි විස්තරය අනන්තර විමාන වස්තුව ඉහත කියන ලද විමාන වස්තුව සමානය.

“සූරියො යථා විගතවලාහකෙ නභෙ…පෙ….

වළාකුලින් ආවරණය නොවූ සූර්යයා අහසේ යම් සේ බබළාද ...

(යථා පුරිමවිමානං, තථා විත්‍ථාරෙතබ‍්බං;)

යම්සේ යට සඳහන් කළ විමාන විස්තරය මෙන්ම විස්තරය දත යුතුය.

“වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති.

ශරීර වර්ණයෙන් සියලු දිසාවන් බබළවති.

තත්‍ථ ගාථාසුපි අපුබ‍්බං නත්‍ථි;

මේ ගාථාවල අපූර්වත්වයක් හෝ නොවැටහෙන යමක් නැත.

දුතියඋපස‍්සයදායකවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවැනි උපස්සදායක විමාන වර්ණනාවයි.

6. භික‍්ඛාදායකවිමානවණ‍්ණනා

6. භික්ඛාදායක විමානයි වර්ණනා

උච‍්චමිදං මණිථූණං විමානන‍්ති භික‍්ඛාදායකවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ. තෙන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු අද‍්ධානමග‍්ගපටිපන‍්නො අඤ‍්ඤතරං ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨො එකස‍්ස ඝරද‍්ධාරෙ අට‍්ඨාසි. තත්‍ථ අඤ‍්ඤතරො පුරිසො ධොතහත්‍ථපාදො “භුඤ‍්ජිස‍්සාමී”ති නිසින‍්නො භොජනං උපනෙත්‍වා පාතියා පක‍්ඛිත‍්තෙ තං භික‍්ඛුං දිස‍්වා පාතියා භත‍්තං තස‍්ස භික‍්ඛුනො පත‍්තෙ ආකිරන‍්තො තෙන “එකදෙසමෙව දෙහී”ති වුත‍්තොපි සබ‍්බමෙව ආකිරි. සො භික‍්ඛු අනුමොදනං වත්‍වා පක‍්කාමි. සො පුරිසො “ඡාතජ‍්ඣත‍්තස‍්ස භික‍්ඛුනො මයා අභුඤ‍්ජිත්‍වා භත‍්තං දින‍්න”න‍්ති අනුස‍්සරන‍්තො උළාරං පීතිසොමනස‍්සං පටිලභි. සො අපරභාගෙ කාලං කත්‍වා තාවතිංසෙසු ද‍්වාදසයොජනිකෙ කනකවිමානෙ නිබ‍්බත‍්ති. තං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො දෙවචාරිකං චරන‍්තො මහතියා දෙවිද‍්ධියා විරොචමානං දිස‍්වා ඉමාහි ගාථාහි පටිපුච‍්ඡි –

උච්චමිදං මණිථූණං විමානං යනු භික්‍ඛදායක විමානය පිළිබඳ කථාවයි. එය කවුරුන් නිසා කෙසේ උපන්නේද? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඇසුරු කරමින් වෙළුවන විහාරයේ වැඩ වසති. ඒ දවස්වල එක්තරා භික්‍ෂුවක් මහමගට පිළිපන්නේ එක්තරා ගමකට පිඬු පිණිස වැඩමවා එක් ගෙදරක දොරකඩ සිටියේය. ඒ ගෙදර එක් පුරුෂයෙක් ආහාර ගන්නට සූදානම්ව මුහුණ කට සෝදා ආහාර ගනු පිණිස ඉඳගෙන ආහාරපාන ගෙනා කල්හි ඒ භික්‍ෂුව දැක බෙදාගත් බත් ඒ භික්‍ෂුවගේ පාත්‍රයෙහි බහාලූයේ කොටසක් ප්‍රමාණවත් යයි කියද්දිත් සියල්ලම පිරිනැමුවේය. ඒ භික්‍ෂුව අනුමෙවෙනි බණ වදාරා නික්ම ගියේය. පුරුෂයා බඩගින්නේම සිටිමින් මා අනුභව නොකරම භික්‍ෂුව සියල්ල පූජා කළෙමියි ප්‍රීතිය හා සතුට වින්දේය. හෙතෙම මෑත භාගයෙහි කළුරිය කොට තව්තිසා දෙව්ලොව ඉපදුනේය. ඔහුට දොළොස් යොදුනක රන් විමනක් පහළ විය. ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ දෙව්ලෝ චාරිකාවේ සැරිසරන්නේ මහත් වූ දේව ඍද්ධියෙන් බබළන ඒ දෙවියා දැක ඔහුගෙන් කරුණු විමසීය.

“උච‍්චමිදං මණිථූණං විමානං, සමන‍්තතො ද‍්වාදස යොජනානි; කූටාගාරා සත‍්තසතා උළාරා, වෙළුරියථම‍්භා රුචකත්‍ථතා සුභා.

වෛධූර්ය මැණික්වලින් තැනූ කුළුණු ඇති, දොළොස් යොදුනක් (හතළිස් අටගව්වක්) විශාල වූ සත්සියයක් පමණ කුළුගෙවල් ඇති රන්රුවන් වලින් තැනූ බිත්ති දොර කවුළු ඇති මේ උදාර වූ විමානය ශෝභාමත්ව බැබළෙයි.

“දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො…පෙ… වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති.

ඔබගේ ශරීර වර්ණය ද සකල දිශාවන්හි ප්‍රභාවය විහිදුවයි. මෙබඳු සම්පත් ලැබීමට ඔබ කවර නම් පුණ්‍යකර්මයක් කළෙහිද?

සොපි තස‍්ස ඉමාහි ගාථාහි බ්‍යාකාසි –

හෙතෙමේ ද මේ ගාථාවලින් කරුණු පැවසීය. ඒ දේවපුත්‍රයා තමාගේ පෙර කර්මයෙන් විග්‍රහ කරමින්

“සො දෙවපුත‍්තො අත‍්තමනො…පෙ… යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතො, දිස‍්වාන භික‍්ඛුං තසිතං කිලන‍්තං; එකාහං භික‍්ඛං පටිපාදයිස‍්සං, සමඞ‍්ගි භත‍්තෙන තදා අකාසිං.

මම මිනිස්ලොව මිනිසකු වශයෙන් උත්පත්තිය ලබා සිටිද්දී එක් දවසක් ආහාරයෙන් ක්ලාන්ත වූ එක් භික්‍ෂුවක් පිඬු පිණිස ගේ දොරකඩ සිටිනු දැක මා පරිභෝජනයට ගත් ආහාර සතුටු සිතින් උන්වහන්සේට පූජා කළෙමි.

“තෙන මෙතාදිසො වණ‍්ණො…පෙ… වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති.

ඒ කුසල කර්මය හේතුවෙන් මේ අන්දමේ සියලු දිසාවන් බබුළුවන ප්‍රභාසම්පන්න ශරීර වර්ණයක් ද මෙම දිව්‍ය සම්පත්තීන් ද ලද්දේ වෙමි.

තත්‍ථ එකාහං භික‍්ඛන‍්ති එකං අහං භික‍්ඛාමත‍්තං, එකං භත‍්තවඩ‍්ඪිතකන‍්ති අත්‍ථො. පටිපාදයිස‍්සන‍්ති පටිපාදෙසිං අදාසිං. සමඞ‍්ගි භත‍්තෙනාති භත‍්තෙන සමඞ‍්ගීභූතං, ලද‍්ධභික‍්ඛන‍්ති අත්‍ථො. එවං මහාථෙරො තෙන දෙවපුත‍්තෙන අත‍්තනො සුචරිතකම‍්මෙ පකාසිතෙ සපරිවාරස‍්ස තස‍්ස ධම‍්මං දෙසෙත්‍වා මනුස‍්සලොකමාගතො, තං පවත‍්තිං සම‍්මාසම‍්බුද‍්ධස‍්ස කථෙසි. සත්‍ථා තං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා සම‍්පත‍්තමහාජනස‍්ස ධම‍්මං දෙසෙසි. සා දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා අහොසීති.

එහි එකාහං භික්‍ඛං යනු එක් බතකින් යැපෙන්නා වූ එක් භික්‍ෂුවක් යන අර්ථයි. පටිපදායිස්සං පිළියෙළ කළ ආහාරය පිරිනැමුවෙමි. සමංග භත්තෙන ලැබුවා වූ භික්‍ෂාව යන අර්ථයි. මෙසේ ඒ දේව පුත්‍රයා විසින් තමන්ගේ සුචරිත කර්මය මහතෙරුන් සමග පැවසීමෙන් පසුව පිරිවර සහිත ඔහුට දහම් දෙසා මිනිස්ලොවට පැමිණ ඒ පුවත සම්මා සම්බුදුන් වහන්සේට පැවසීය. ශාස්තෲන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොටගෙන රැස්ව සිටි පිරිසට ධර්මය දෙසූ සේක. ඒ දේශනාව මහජනයාට සාර්ථක දේශනාවක් වූයේය.

භික‍්ඛාදායකවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

භික්‍ඛදායක විමාන වර්ණනාව නිමියේ ය.

7. යවපාලකවිමානවණ‍්ණනා

7. යවපාලකවිමාන වර්ණනා

උච‍්චමිදං මණිථූණං විමානන‍්ති යවපාලකවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ. තෙන සමයෙන රාජගහෙ අඤ‍්ඤතරො දුග‍්ගතදාරකො යවඛෙත‍්තං රක‍්ඛති. සො එකදිවසං පාතරාසත්‍ථාය කුම‍්මාසං ලභිත්‍වා “ඛෙත‍්තං ගන‍්ත්‍වා භුඤ‍්ජිස‍්සාමී”ති තං කුම‍්මාසං ගහෙත්‍වා යවඛෙත‍්තං ගන‍්ත්‍වා රුක‍්ඛමූලෙ නිසීදි. තස‍්මිං ඛණෙ අඤ‍්ඤතරො ඛීණාසවත්‍ථෙරො මග‍්ගප‍්පටිපන‍්නො උපකට‍්ඨෙ කාලෙ තං ඨානං පත්‍වා යවපාලකෙන නිසින‍්නං රුක‍්ඛමූලං උපසඞ‍්කමි. යවපාලකො වෙලං ඔලොකෙත්‍වා “කච‍්චි, භන‍්තෙ, ආහාරො ලද‍්ධො”ති ආහ. ථෙරො තුණ‍්හී අහොසි. සො අලද‍්ධභාවං ඤත්‍වා “භන‍්තෙ, උපකට‍්ඨා වෙලා, පිණ‍්ඩාය චරිත්‍වා භුඤ‍්ජිතුං න සක‍්කා, මය‍්හං අනුකම‍්පාය ඉමං කුම‍්මාසං පරිභුඤ‍්ජථා”ති වත්‍වා ථෙරස‍්ස තං කුම‍්මාසං අදාසි. ථෙරො තං අනුකම‍්පන‍්තො තස‍්ස පස‍්සන‍්තස‍්සෙව තං පරිභුඤ‍්ජිත්‍වා අනුමොදනං වත්‍වා පක‍්කාමි. සොපි දාරකො “සුදින‍්නං වත මයා ඊදිසස‍්ස කුම‍්මාසදානං දදන‍්තෙනා”ති චිත‍්තං පසාදෙත්‍වා අපරභාගෙ කාලං කත්‍වා තාවතිංසභවනෙ වුත‍්තනයෙනෙව විමානෙ නිබ‍්බත‍්ති. තං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො ඉමාහි ගාථාහි පටිපුච‍්ඡි –

උච්චමිදං මණිථූනං යනු යව පාලක විමාන වස්තුවයි. එය පහළ වූයේ කෙසේද? භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඇසුරුකොට වෙළුවන විහාරයේ වාසය කරති. ඒ සමයෙහි රජගහ නුවර එක්තරා දුගී දරුවෙක් යව කුඹුරක් රකී. හෙතෙම එක් දවසක් උදේ ආහාර වේල සඳහා කොමුපිඬු ලැබ කෙතට ගොස් කන්නෙමියි ඒ කොමුපිඬු ද ගෙන කුඹුරට ගියේය. ගොස් ගසක් මුල වාඩි විය. ඒ වෙලාවේ එක්තරා ක්‍ෂීණාශ්‍රව තෙරනමක් මගට පිළිපන්නේය. ඒ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ මධ්‍යාහ්නයේ එතැනට පිවිස යහ පාලකයා සිටි රුක්මුල වෙත වැඩමවිය. යව පාලකයා වේලාව බලා මෙසේද ස්වාමීනි, ආහාර ලැබුනේදැයි ඇසීය. ස්ථවිරයෝ නිශබ්ද වූහ. හෙතෙම ආහාර නොගත් බව දැන ස්වාමීනි, දැන් මධ්‍යාහ්න වේලේ පිඬු පිණිස හැසිරී දන් වැළඳීමට කල්වේලා නැත. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ කොමු පිඬු ආහාර වශයෙන් පිළිගෙන වළඳවනු මැනවි යනුවෙන් පවසා තෙරුන් වහන්සේට කොමුපිඬු පිළිගැන්වීය. ස්ථවිර තෙමේද ඔහු කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන ඔහු ඉදිරියේදීම වළඳා අනුමෝදන්කොට නික්ම ගියහ. ඒ දුගී දරුවාද මා විසින් මෙබඳු වූ කොමුපිඬු දානයක් පූජා කළෙමියි සිත පහදවාගෙන සවස් කාලයේ කළුරියකොට තව්තිසා දෙව්ලොව ඉහත කථාවලදී කියන ලද පරිදි මහා සම්පත් ඇතිව සුවිසල් විමානයක උපත ලැබුවේය. ආයුෂ්මත් මුගලන් තෙරුන් වහන්සේ දෙව්ලොවදී මේ දිව්‍ය පුත්‍රයා මුණගැසී ගාථා කිහිපයකින් තොරතුරු විචාළේය.

“උච‍්චමිදං මණිථූණං විමානං…පෙ… වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති.

හාත්පසින් උස්ව නැගුණා වූ මැණික්මය ටැම් ඇත්තා වූ රන්මිණිවලින් කරන ලද මේ විමානයේ සිටිමින් සියළු දිසාවන් බබුලුවන ශරීර වර්ණයකින් ද යුක්ත වූ මහා සම්පත් ඇති දේවපුත්‍රය ඔබ කිනම් පුණ්‍ය කර්මයක් නිසා මේ සා සම්පත් ලැබීද?

සොපි තස‍්ස ඉමාහි ගාථාහි බ්‍යාකාසි –

“සො දෙවපුත‍්තො අත‍්තමනො…පෙ… යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

ඒ දේවපුත්‍රයා තමන් විසින් කරන ලද පුණ්‍ය කර්මය හා එහි වාපකයන් පවසමින්

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතො, අහොසිං යවපාලකො; අද‍්දසං විරජං භික‍්ඛුං, විප‍්පසන‍්නමනාවිලං.

මම මිනිස්ලොව දුප්පත්ව ඉපදුනෙමි. මම රැකියාව වශයෙන් යවකෙතක් මුර කළෙමි. එක් දවසක් ප්‍රසන්න වූ හදවතක් ඇත්තා වූ දැකීමට ප්‍රියමනාප වූ කෙලෙස්මල දුරු කළා වූ තෙරුන් වහන්සේ නමක් මට හමුවිය.

“තස‍්ස අදාසහං භාගං, පසන‍්නො සෙහි පාණිභි; කුම‍්මාසපිණ‍්ඩං දත්‍වාන, මොදාමි නන්‍දනෙ වනෙ.

උන්වහන්සේ කෙරෙහි පැහැදුනු මම කොමුපිඬු කීපයක් වැළඳීම සඳහා උන්වහන්සේට පූජා කළෙමි. එසේ පුදා පින් අනුමෝදනාව ඒ පිනින් අද නන්දන වනයෙහි දී සතුටු වෙමි.

“තෙන මෙතාදිසො වණ‍්ණො…පෙ… වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති.

මෙබඳු වූ හාත්පස බබුළුවන ශරීර වර්ණයක් ද විමාන ආදී සියලු සම්පත් ඒ කුසලයෙන් මට ලැබිණ.

තත්‍ථ ගාථාසුපි අපුබ‍්බං නත්‍ථි.

එම ගාථාවල අළුත් විශේෂයක් නැත.

යවපාලකවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

යවපාලක විමාන වර්ණනාව නිමියේ ය.

8. පඨමකුණ‍්ඩලීවිමානවණ‍්ණනා

8. පඨමකුණ්ඩලීවිමාන වර්ණනා

අලඞ‍්කතො මල්‍යධරො සුවත්‍ථොති කුණ‍්ඩලීවිමානං. තස‍්ස කා උපත‍්ති? භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන ද‍්වෙ අග‍්ගසාවකා සපරිවාරා කාසීසු චාරිකං චරන‍්තා සූරියත්‍ථඞ‍්ගමනවෙලායං අඤ‍්ඤතරං විහාරං පාපුණිංසු. තං පවත‍්තිං සුත්‍වා තස‍්ස විහාරස‍්ස ගොචරගාමෙ අඤ‍්ඤතරො උපාසකො ථෙරෙ උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා පාදධොවනං පාදබ‍්භඤ‍්ජනතෙලං මඤ‍්චපීඨං පච‍්චත්‍ථරණං පදීපියඤ‍්ච උපනෙත්‍වා ස‍්වාතනාය ච නිමන‍්තෙත්‍වා දුතියදිවසෙ මහාදානං පවත‍්තෙසි, ථෙරා තස‍්ස අනුමොදනං වත්‍වා පක‍්කමිංසු. සො අපරෙන සමයෙන කාලං කත්‍වා තාවතිංසෙසු ද‍්වාදසයොජනිකෙ කනකවිමානෙ නිබ‍්බත‍්ති. තං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො ඉමාහි ගාථාහි පටිපුච‍්ඡි –

අලංකතො මල්‍යධරො සුවත්‍ථො - යනුවෙන් ආරම්භ වන්නේ කුණ්ඩලී විමාන වස්තුවයි. එහි උපත කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි දෙඅග සවුවෝ තවත් භික්‍ෂු පිරිවර කොට ඇතිව කාසි රටෙහි සැරිසරමින් හිරු බැස යන වේලේ එක්තරා විහාරයකට පැමිණියාහුය. දෑගසව්වන් වැඩි බව ආරංචි වූ ඒ විහාරයට අයත් ගොදුරු ගමේ එක්තරා උපාසකයෙක් තෙරුන් වෙත එළඹ වැඳ පා දෙවීමට ජලය පාවල ගෑමට තෙල් ඇඳ පුටු ඇතිරිලි ආදිය සපයා තමන්ගේම අදහස අනුව ආරාධනා කොට දෙවන දින මහා දන් පැවැත්වීය. තෙරවරු ඔහුට අනුමෙවෙනි බණ වදාරා නික්ම වැඩියාහු වෙති. ඒ උපාසක තෙම පසුකලෙක කලුරියකොට තව්තිසා දෙව්ලොව රන් විමනක උපන්හ. ආයුෂ්මත් මුගලන් තෙරුන් දෙව්ලෝ චාරිකාවේ සැරිසරන්නේ ඒ උපාසකයා හමු වී මේ ගාථාවලින් තොරතුරු විචාළේය.

“අලඞ‍්කතො මල්‍යධරො සුවත්‍ථො, සුකුණ‍්ඩලී කප‍්පිතකෙසමස‍්සු; ආමුත‍්තහත්‍ථාභරණො යසස‍්සී, දිබ‍්බෙ විමානම‍්හි යථාපි චන්‍දිමා.

අලංකාර ලෙස පීරා සකස් කරන ලද කෙස්කළඹක් ඇති මනාව ඔපමට්ටම් කරන ලද මණිකොඬොල් පැළඳ දිව්‍යමය වස්ත්‍රාභරණයන්ගෙන් සැරසී අනේකවිධ රත්නයන්ගෙන් නිමා වූ පාදාභරණාදියෙන් සැරසී, මේ දිව්‍ය විමානයේ ජෝතිමත්ව චන්ද්‍රයා මෙන් බබලමින් සිටී.

“දිබ‍්බා ච වීණා පවදන‍්ති වග‍්ගුං, අට‍්ඨට‍්ඨකා සික‍්ඛිතා සාධුරූපා; දිබ‍්බා ච කඤ‍්ඤා තිදසචරා උළාරා, නච‍්චන‍්ති ගායන‍්ති පමොදයන‍්ති.

මනා රූ ඇති දෙවඟනෝ වීණා වාදනය කරමින් නටමින් ඔබව සතුටු කරවයි. නැටුම් ගැයුම්වලින් ප්‍රීතිමත්ව සිටින මහානුභාව සම්පන්න ඔබ මේ අන්දමේ වර්ණයක් හා සම්පත් ලද්දේ කවර කුශල කර්මයකින්ද?

“දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො…පෙ… වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති.

සොපි තස‍්ස ඉමාහි ගාථාහි බ්‍යාකාසි –

ඒ දිව්‍ය පුත්‍රයා මුගලන් හිමියන්ගේ කරුණු විමසීමට පිළිතුරු දෙමින් මෙසේ ප්‍රකාශ කළේය.

“සො දෙවපුත‍්තො අත‍්තමනො…පෙ… යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතො, දිස‍්වාන සමණෙ සීලවන‍්තෙ; සම‍්පන‍්නවිජ‍්ජාචරණෙ යසස‍්සී, බහුස‍්සුතෙ තණ‍්හක‍්ඛයූපපන‍්නෙ; අන‍්නඤ‍්ච පානඤ‍්ච පසන‍්නචිත‍්තො, සක‍්කච‍්ච දානං විපුලං අදාසිං.

මම මිනිස්ලොව මිනිසකුව ඉපදී සිටියදී සීලවන්ත වූ විද්‍යාචරණ ගුණයන්ගෙන් පරිපෝෂිත වූ බහුශ්‍රැත වූ තණ්හාව දුරුකලා වූ ශ්‍රමණයන් වහන්සේලා වෙත ආහාර ද බීම වර්ග ද මනාකොට සකසා මහත් සේ දන් දුන්නෙමි.

“තෙන මෙතාදිසො වණ‍්ණො…පෙ… වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති.

ඒ කුශල කර්මයෙන් මේ අන්දමේ සම්පත් ද මේ අන්දමේ ප්‍රභාෂ්වර වූ ශරීර වර්ණයක් ද ලද්දෙමි.

තත්‍ථ සුකුණ‍්ඩලීති සුන්‍දරෙහි කුණ‍්ඩලෙහි අලඞ‍්කතකණ‍්ණො. “සකුණ‍්ඩලී”තිපි පාඨො, සදිසං කුණ‍්ඩලං සකුණ‍්ඩලං, තං අස‍්ස අත්‍ථීති සකුණ‍්ඩලී, යුත‍්තකුණ‍්ඩලී අඤ‍්ඤමඤ‍්ඤඤ‍්ච තුය‍්හඤ‍්ච අනුච‍්ඡවිකකුණ‍්ඩලීති අත්‍ථො. කප‍්පිතකෙසමස‍්සූති සම‍්මාකප‍්පිතකෙසමස‍්සු. ආමුත‍්තහත්‍ථාභරණොති පටිමුක‍්කඅඞ‍්ගුලියාදිහත්‍ථාභරණො.

එහි සුකුණ්ඩලි අලංකාර කරන ලද දැකුම්කළු වූ කෙස්කළඹ, සකුණ්ඩලී කියාද සඳහන් වේ. දැකුම්කලු බොකුටු ඇත්තා සකුණ්ඩලි එවැනි බොකුටු හිසකෙස් ඇත්තී සකුණ්ඩලී, ඔවුනොවුන්ට ද තොපටද සුදුසු වූ කොඩොල් යන අර්ථයි. කප්පිත කෙසමස්සු මනාකොට සැරසූ කෙස් රවුල් ආමුත්ත හත්‍ථාහරණො ඇඟිලි අත් ආදියෙහි පළඳින ලද ආභරණ ඇති

තණ‍්හක‍්ඛයූපපන‍්නෙති තණ‍්හක‍්ඛයං අරහත‍්තං, නිබ‍්බානමෙව වා උපගතෙ, අධිගතවන‍්තෙති අත්‍ථො. සෙසං වුත‍්තනයමෙව.

තණ්හක්‍ඛයුප්පන්තෙ තෘෂ්ණාව ක්‍ෂය කළ අර්හත්වයට නිවනට පැමිණි යන අර්ථයි. ඉතිරි කොටස පෙර කී ආකාරයෙනි.

පඨමකුණ‍්ඩලීවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

කුණ්ඩලී විමාන වර්ණනාව නිමියේ ය.

9. දුතියකුණ‍්ඩලීවිමානවණ‍්ණනා

9. දුතියකුණ්ඩලීවිමාන වර්ණනා

අලඞ‍්කතො මල්‍යධරො සුවත්‍ථොති දුතියකුණ‍්ඩලීවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන ද‍්වෙ අග‍්ගසාවකා කාසීසු ජනපදචාරිකං චරන‍්තාතිආදි සබ‍්බං අනන‍්තරසදිසමෙව.

අලංකතො මල්‍යධරො සුවාසො ආදි ගාථාවෙන් ආරම්භ වන්නේ දෙවැනි කුණ්ඩලී විමාන වස්තු කථාවයි. එම විමාන වස්තුවේ උත්පත්තිය කෙසේ සිදුවීද යත්, භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවනාරාමයේ වැඩවසන සේක. ඒ සමයෙහි දෙ අග සවුවෝ කාසි ජනපදයේ සැරිසරමින් සිට හිරු බැස ගිය වේලේ එක්තරා විහාරයට වැඩම කළාහු වෙති. ඉතිරි සම්පූර්ණ විස්තරය කුණ්ඩලී විමාන වස්තු වර්ණනාවේ කී පරිදිමය. සියල්ල සමාන වේ.

“අලඞ‍්කතො මල්‍යධරො සුවත්‍ථො, සුකුණ‍්ඩලී කප‍්පිතකෙසමස‍්සු; ආමුත‍්තහත්‍ථාභරණො යසස‍්සී, දිබ‍්බෙ විමානම‍්හි යථාපි චන්‍දිමා.

යහපත් සේ තබන ලද රැළි වැටුණු කේශ කල්‍යාණය හෙවත් දැකුම්කළු සිත් ඇදගන්නා වූ කේශ කලාපයක් ඇති, අලංකාර වූ දිව්‍යමය වූ වස්ත්‍රාභරණයන් ද මැණික්මය වූ කුණ්ඩලාභරණයන්ගෙන් ද අනේකවිධ රත්නයන්ගෙන් නිම වූ අත්වල පැළඳි ආභරණයන්ගෙන් ද, පාද ජාලා පාදකිංකිණි ආදී පාදාභරණයන්ගෙන් ද සැරසී දිව්‍ය විමානයෙහි චන්ද්‍රයා සේ බැබලීමෙන් සිටී.

“දිබ‍්බා ච වීණා පවදන‍්ති වග‍්ගුං; අට‍්ඨට‍්ඨකා සික‍්ඛිතා සාධුරූපා; දිබ‍්බා ච කඤ‍්ඤා තිදසචරා උළාරා, නච‍්චන‍්ති ගායන‍්ති පමොදයන‍්ති.

අට අට පමණ මනා වූ හික්මුණා වූ දිව්‍යාංගනාවෝ ස්ත්‍රී අලංකාරයෙන් සැරසී වීණා ගායනා කරමින් ද තාලයට අනුව පාද තබා නටමින් ද මහත් සේ සැප අනුභව කරමින් ඔබව සතුටු කරවති. මහාර්ධී වූ දේවතාවිය ඔබගේ ශරීර වර්ණයද දසදිසා බබුළුවයි.

“දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො…පෙ… වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති. – පුච‍්ඡි;

මෙවැනි මහානුභාව වූ දිව්‍ය ශරීරයක් ද සැපසම්පතින් ද සුව සැපත් ද ලැබීමට ඔබ විසින් කළා වූ කුශල කර්මය කවරේද?

“සො දෙවපුත‍්තො අත‍්තමනො…පෙ… යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

ඕ දෙව් දූ තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කරන ලද පුණ්‍යකර්මය විස්තර කළාය. මා විසින් යම්කිසි කර්මයක් කළේද මේ එහි ප්‍රතිඵල විපාක වන්නේය.

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතො, දිස‍්වාන සමණෙ සාධුරූපෙ; සම‍්පන‍්නවිජ‍්ජාචරණෙ යසස‍්සී, බහුස‍්සුතෙ සීලවන‍්තෙ පසන‍්නෙ; අන‍්නඤ‍්ච පානඤ‍්ච පසන‍්නචිත‍්තො, සක‍්කච‍්ච දානං විපුලං අදාසිං.

මම මිනිස්ලොව මිනිසකු වී ඉපිද සිටිද්දී සීලවන්ත වූ බහුශ්‍රැත වූ යසර්ශී වූ විද්‍යාචරණයන්ගෙන් සම්පූර්ණ වූ යහපත් ඇවතුම් පැවතුම් ඇති ශ්‍රමණයන් වහන්සේ නමක් දැක උන්වහන්සේට මනාව සකස් කළා වූ ආහාරපාන මහත් වූ මනාව පැහැදුණු සිතින් මගේ දෑතින්ම පූජා කළෙමි.

“තෙන මෙතාදිසො වණ‍්ණො…පෙ… වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති.

ඒ කුසල කර්මයාගේ ආනිසංසයෙන් විපාක වශයෙන් මේ අන්දමේ ඡවි වර්ණයක් ද සියලු දිසාවන් බබුළුවන ප්‍රභාශ්වරයක් ද ලද්දෙමි.

ගාථාසුපි අපුබ‍්බං නත්‍ථි.

මින් පෙර නො ඇසූවිරූ දෙයක් නැත.

දුතියකුණ‍්ඩලීවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

කුණ්ඩලී විමාන වර්ණනාව නිමියේ ය.

10. උත‍්තරවිමානවණ‍්ණනා

10. උත්තරවිමාන වර්ණනා

යා දෙවරාජස‍්ස සභා සුධම‍්මාති උත‍්තරවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවති පරිනිබ‍්බුතෙ ධාතුවිභාගෙ ච කතෙ තත්‍ථ තත්‍ථ ථූපෙසු පතිට‍්ඨාපියමානෙසු ධම‍්මවිනයං සඞ‍්ගායිතුං උච‍්චිනිත්‍වා ගහිතෙසු මහාකස‍්සපප‍්පමුඛෙසු මහාථෙරෙසු යාව වස‍්සූපගමනා අඤ‍්ඤෙසු ච ථෙරෙසු අත‍්තනො අත‍්තනො පරිසාය සද‍්ධිං තත්‍ථ තත්‍ථ වසන‍්තෙසු ආයස‍්මා කුමාරකස‍්සපො පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං සෙතබ්‍යනගරං ගන‍්ත්‍වා සිංසපාවනෙ වසි. අථ පායාසි රාජඤ‍්ඤො ථෙරස‍්ස තත්‍ථ වසනභාවං සුත්‍වා මහතා ජනකායෙන පරිවුතො තං උපසඞ‍්කමිත්‍වා පටිසන්‍ථාරං කත්‍වා නිසින‍්නො අත‍්තනො දිට‍්ඨිගතං පවෙදෙසි. අථ නං ථෙරො චන්‍දිමසූරියූදාහරණාදීහි පරලොකස‍්ස අත්‍ථිභාවං පකාසෙන‍්තො අනෙකවිහිතහෙතූපමාලඞ‍්කතං දිට‍්ඨිගණ‍්ඨිවිනිවෙඨනං නානානයවිචිත‍්තං පායාසිසුත‍්තං (දී· නි· 2.406 ආදයො) දෙසෙත්‍වා තං දිට‍්ඨිසම‍්පදායං පතිට‍්ඨාපෙසි.

යා දෙවරාජස්ස සභා සුධම්මා ආදි වශයෙන් ආරම්භ වන්නේ උත්තර විමාන වස්තුවයි. එහි උත්පත්තිය කෙසේ වීද යත්? අප තථාගතයන් වහන්සේ පිරිනිවන් පා, ධාතුන් බෙදා දී ඒ ඒ තන්හි ස්ථූප පිහිටුවීමෙන් පසුව ධර්ම විනය සංගායනා කිරීමට මහා කාශ්‍යප ස්ථවිරයන් ප්‍රමුඛ කොට මහ තෙරවරුන් නියමකොට වස් විසීමට නියමිත දිනවකවානු පැමිණෙන තෙක් තම තමන්ගේ පිරිස් සමග ඒ තන්හි වාසය කරන්නේ ආයුෂ්මත් කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පන්සියයක් භික්‍ෂූන් සමග සේතව්‍ය නුවර පැමිණ ඇට්ටේරිය වනයෙහි විසූහ. ඉක්බිති පායාසි රාජඤ්ඤ තෙමේ තෙරුන් වහන්සේ එහි වසන බව දැන, මහජනයා විසින් පිරිවරන ලදුව උන්වහන්සේ වෙත එළඹ, පිළිසඳර කථාකොට අසුන් ගත්තේ තමන් අදහන පිළිගත් දෘෂ්ටිය ප්‍රකාශ කළේය. ඉක්බිති තෙරුන් වහන්සේ සඳු හිරු ආදිය උපමාවට ගෙන පරලොවක් ඇති බව ප්‍රකාශ කරන්නේ නොයෙක් අත පැතිරී ගිය හේතු උපමාවන්ගෙන් සමන්විතව දෘෂ්ටිගත ගැටළු විසඳමින් නොයෙක් ලෙසින් විචිත්‍ර වූ විසිතුරු වූ පායාසි සූත්‍රය දේශනාකොට ඔහු සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටුවීය.

සො විසුද‍්ධදිට‍්ඨිකො හුත්‍වා සමණබ්‍රාහ‍්මණකපණද‍්ධිකාදීනං දානං දෙන‍්තො අනුළාරජ‍්ඣාසයතාය ලූඛං අදාසි ඝාසච‍්ඡාදනමත‍්තං කණාජකං බිලඞ‍්ගදුතියං සාණානි ච වත්‍ථානි . එවං පන අසක‍්කච‍්චදානං දත්‍වා කායස‍්ස භෙදා හීනකායං උපපජ‍්ජි චාතුමහාරාජිකානං සහබ්‍යතං. තස‍්ස පන කිච‍්චාකිච‍්චෙසු යුත‍්තප‍්පයුත‍්තො උත‍්තරො නාම මාණවො අහොසි දානෙ බ්‍යාවටො. සො සක‍්කච‍්චදානං දත්‍වා තාවතිංසකායං උපපන‍්නො, තස‍්ස ද‍්වාදසයොජනිකං විමානං නිබ‍්බත‍්ති. සො කතඤ‍්ඤුතං විභාවෙන‍්තො සහ විමානෙන කුමාරකස‍්සපත්‍ථෙරං උපසඞ‍්කමිත්‍වා විමානතො ඔරුය‍්හ පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ අට‍්ඨාසි. තං ථෙරො –

හෙතෙමේ පිරිසිදු දෘෂ්ටි ඇත්තෙක් වී මහණ බමුණු දුගී මගී යාචකාදීන්ට දන් දෙමින් උදාර නොවූ අදහසින් කැඳ ඇඹුල් දෙවෙනි කොට නිවුඩු සාලේ බත් දෙයි. දළ පිළී හා මහත් දහ ඇති වස්ත්‍ර දන් දෙයි. මෙසේ සකස් නොකොට අක්‍රමානුකූලව දන් දී මරණින් මතුව චාතුර්මහා රාජික දිව්‍ය ලෝකයේ හීන දේව කුලිකයන්ගේ සහභාවයට ගියේය. එකල්හි ඔහුගේ දාන කටයුතුවලට උදව් දුන් උත්තර නම් මානවකයා එක් දිනක් මනාව සකස්කොට දන් දී තව්තිසා දෙව්ලොව දොළොස් යොදුනක් ප්‍රමාණ වූ දෙව් විමනක උපන්නේය. හෙතෙමේ කරන ලද පින්කම්වල ආනුභාවයෙන් බැබළෙමින් විමානය සමගම කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ වෙත පැමිණ විමානයෙන් බැස පසඟ පිහිටුවා වැඳ ඇඳිලි බැඳගෙන සිටියේය. ඒ ස්ථවිරයෝ ‘යා දෙවරාජස්සා’ ආදි ගාථාවන් මගින් මෙසේ විචාළහ.

“යා දෙවරාජස‍්ස සභා සුධම‍්මා, යත්‍ථච‍්ඡති දෙවසඞ‍්ඝො සමග‍්ගො; තථූපමං තුය‍්හමිදං විමානං, ඔභාසයං තිට‍්ඨති අන‍්තලික‍්ඛෙ.

එම්බා දිව්‍ය පුත්‍රය, තව්තිසා වැසි දෙවියන් රැස්වන්නා වූ සක්දෙව් රජුගේ සුධර්මා නම් දිව්‍යසභාව මෙන් ඔබගේ විමානය අහසෙහි දීප්තිමත්ව බබළන්නේය. ඔබද දෙවියන් පිරිවරා බබළන ශක්‍රයා මෙන් දිස්වේ.

“දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො…පෙ… වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති. – ගාථාහි පටිපුච‍්ඡි;

මහානුභාව වූ දේව පුත්‍රය, මෙබඳු ආනුභාව සම්පන්න දිව්‍ය සම්පත් ලබන්නට ඔබ විසින් කරන ලද කුසල කර්මය කවරේද?

“සො දෙවපුත‍්තො අත‍්තමනො…පෙ… යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

ඒ දේවපුත්‍ර තෙමේ තමන්ගෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කරන ලද පුණ්‍ය කර්මයන් විස්තර කරමින්

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතො, රඤ‍්ඤො පායාසිස‍්ස අහොසිං මාණවො; ලද‍්ධා ධනං සංවිභාගං අකාසිං, පියා ච මෙ සීලවන‍්තො අහෙසුං; අන‍්නඤ‍්ච පානඤ‍්ච පසන‍්නචිත‍්තො, සක‍්කච‍්ච දානං විපුලං අදාසිං.

මම මිනිස් ලොව මිනිසකුව සිටියදී පායාසි රාජඤ්ඤගේ කුදුමහත් කටයුතුවල නියැලී හුන්නෙමි. ඒ සමයෙහි දන් දීමෙහි සතුටු සිත් ඇතිව කර්මපල අදහමින් ලැබුණු ධනය සැලසුම් සහගතව වියදම් කොට සීලවන්ත වීමි. එසේ සිල්වත් වී ආහාරපාන වර්ග මනාව සකස්කොට පහන් සිතින් යුතුව සිල්වතුන්ට දන් දුනිමි.

“තෙන මෙතාදිසො වණ‍්ණො…පෙ… වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති. –

ඒ දානමය කුසල කර්මයාගේ විපාක වශයෙන් මේ අන්දමේ ඡවි වර්ණයත්, සියලු දිසා බබලවන ප්‍රභවයක් හා මේ සියලු සම්පත් ද ලදිමි.

සො දෙවපුත‍්තො තස‍්ස ඉමාහි ගාථාහි බ්‍යාකාසි.

මෙසේ ඒ දේවපුත්‍රයා මේ අන්දමට ප්‍රශ්නයට පිළිතුරු දෙති.

තත්‍ථ දෙවරාජස‍්සාති සක‍්කස‍්ස. සභා සුධම‍්මාති එවංනාමකං සන්‍ථාගාරං. යත්‍ථාති යස‍්සං සභායං. අච‍්ඡතීති නිසීදති. දෙවසඞ‍්ඝොති තාවතිංසදෙවකායො. සමග‍්ගොති සහිතො සන‍්නිපතිතො.

එහි දේවරාජස්ස ශක්‍රයාගේ භා සුධම්මා නම් වූ රැස්වීම් ශාලාව සන්ථාගාරය යත්‍ථා යනු යම් සභාවක අච්ඡතී හිඳියි. දෙවසංඝො තාවතිංස දෙව්ලොව දිව්‍ය සමූහයා සමග්ගො සමග කැටුව රැස්වීම.

පායාසිස‍්ස අහොසිං මාණවොති පායාසිරාජඤ‍්ඤස‍්ස කිච‍්චාකිච‍්චකරො දහරතාය මාණවො, නාමෙන පන උත‍්තරො නාම අහොසිං. සංවිභාගං අකාසින‍්ති අහමෙව අභුඤ‍්ජිත්‍වා යථාලද‍්ධං ධනං දානමුඛෙ පරිච‍්චජනවසෙන සංවිභජනං අකාසිං. අන‍්නඤ‍්ච පානඤ‍්ච පරිච‍්චජන‍්තොති වචනසෙසො. අථ වා දානං විපුලං අදාසිං. කථං? සක‍්කච‍්චං. කීදිසං? අන‍්නඤ‍්ච පානඤ‍්චාති යොජෙතබ‍්බං.

පායාසිස්ස අහොසි මාණවො පායාසි රාජඤ්ඤගේ කෘත්‍යයයන්ට උපකාරි වූ (දළරු) මානවකයා උත්තර නම් විය. සංවිභාග අකාසිං මම වූ කලී මා ලත් දේ නොකා නොබී එකතු කළ ධනය දාන මුඛයෙහි වියදම් කිරීම වශයෙන් මනාව සැලසුම් කළෙමි. ‘අන්නඤච පානඤ්ච පරිච්චජන්තො’ වදන් ශේෂයයි. දානං විපුල අදාසි කෙසේ සක්කච්චං කෙබඳු වේද, අන්නඤ්ව පානඤ්ච යනු යෙදිය යුතුය.

(උත‍්තර) පායාසිවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

උත්තර විමාන වර්ණනාව නිමියේ ය.

ඉති පරමත්‍ථදීපනියා ඛුද‍්දක-අට‍්ඨකථාය විමානවත්‍ථුස‍්මිං දසවත්‍ථුපටිමණ‍්ඩිතස‍්ස ඡට‍්ඨස‍්ස පායාසිවග‍්ගස‍්ස අත්‍ථවණ‍්ණනා නිට‍්ඨිතා.

සයවෙනි වර්ගය සමාප්තයි.