අගාරියවිමානං
6. 1.
6. 1.
1049. යථා වනං චිත‍්තලතං පභාසති උය්‍යානසෙට‍්ඨං තිදසානමුත‍්තමං තථූපමං තුය‍්හමිදං විමානං ඔභාසයං තිට‍්ඨති අන‍්තළික‍්ඛෙ
1049. (එම්බා දිව්‍යපුත්‍රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ චිත්‍රලතාවනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටි.
1050. දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො මනුස‍්සභූතො කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති
1050. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුර පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
1051. සො දෙවපුත‍්තො අත‍්තමනො මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතො, පඤ‍්හං පුට‍්ඨො වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදංඵලන‍්ති
1051. මේ පුණ්‍යඵලය කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1052. අහඤ‍්ච භරියා ච මනුස‍්සලොකෙ ඔපානභූතා ඝරමාවසිම‍්භ අන‍්නඤ‍්ච පානඤ‍්ච පසන‍්නචිත‍්තා සක‍්කච‍්ච දානං විපුලං අදම‍්හ
1052. (වහන්ස) මම ද (මාගේ) බිරිය ද මිනිස්ලොවැ පැන් පොකුණක් බඳුව ගිහිගෙයි විසුම්හ. (සඞ්ඝයා විෂයෙහි) පහන් සිත් ඇති ව අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් පිදුම්හ.
1053. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
1053. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1054. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතො යමකාසි පුඤ‍්ඤං තෙනම‍්හි එවං ජලිතානුභාවො වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති
1054. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.