යෙදුමෙන් කියවන්න

මහාරථවිමානං

5. 14.

5. 14.

1016. සහස‍්සයුත‍්තං හයවාහනං සුභං ආරුය‍්හි මං සන්‍දනං නෙකචිත‍්තං උය්‍යානභූමිං අභිතො අනුක‍්කමං පුරින්‍දදො භූතපතීව වාසවො

1016. දහසක් අසුන් යෙදූ සොඳුරු වූ නන් අයුරින් විසිතුරු කරණ ලද මේ රියට නැඟ උයන්බිම සමීපයට යන්නා වූ (තෝ) භූත පති වූ පුරින්‍දද නම් සක්දෙවිඳු මෙන් (බබළහි).

1017. සොවණ‍්ණමයා තෙ රථකුබ‍්බරා උභො ථලෙහි අංසෙහි අතීව සඞ‍්ගතා සුජාතගුම‍්බා නරවීර නිට‍්ඨිතා විරොචති පණ‍්ණරසෙව චන්‍දො.

1017. තාගේ රන්මය රිය දෙපස වේදිකාවෝ පිල්කඩ තෙලෙහි පිහිටි යට දෙකොන් පෙදෙසින් මොනවට හැනී සිටියහ. මොනොවට පිහිටුවන ලද ටැම් සමූහයෝ සිප් ඇදුරන් විසින් නිමවන ලද්දවුන් වැනියහ. (මෙබඳු පිල්කඩ ඇති බැවින් තාගේ මේ රථය) පුණුරැසි සඳමෙන් බබළා.

1018. සුවණ‍්ණජාලාවතතො රථො අයං බහූහි නා නා රතනෙහි චිත‍්තිතො සුනන්‍දිඝොසො ච සුභස‍්සරො ච විරොචති චාමරහත්‍ථ බාහුහි

1018. මේ රිය රන් දැලින් වසන ලද්දේ ය. බොහෝ වූ නන් රුවනින් විසිතුරු කරන ලද්දේ ය. කන්කලු හඬ ඇත්තේ ය. මොනොවට බබළන සුලු ය. සෙමර ගත් අත් ඇති දෙවියන් කරණ කොට ගෙන අතිශයින් බබළයි.

1019. ඉමා ච නාභ්‍යො මනසාභිනිම‍්මිතා රථස‍්ස පාදන‍්තර මජ‍්ඣභූසිතා ඉමා ච නාභ්‍යො සතරාජි චිත‍්තිතො සතෙරතා විජ‍්ජුරිවප‍්පභාසරෙ

1019. මේ රිය සක්නැබහු ද සිතින් මවන ලද්දවුන් වැනියහ. රියසක් පිළිබඳ අන්තයෙහි වූ නිම් වළලුයෙන් ද අරයන් පිළිබඳ නන් රුවනින් බබළන අකුරින් ද සරසන ලද නන්වන් නොයෙක් සියගණන් රොදින් විසිතුරු බවට පැමිණි මේ නැබහු ද සතෙරත සඞ්ඛ්‍යාත විද්‍යුල්ලතා මෙන් බබළත්.

1020. අනෙකචිත‍්තාවතතො රථො අයං පුථූ ච නෙමී ච සහස‍්සරංසිකො තෙසං සරො සූයති වග‍්ගුරූපො පඤ‍්චඞ‍්ගිකං තුරියමිවප‍්පවාදිතං

1020. මේ රිය නන්වැදෑරුම් ලියකම් ඈ විසිතුරුවලින් ගැවසී ගත්තේ ය. මහත් වූ නිම් වලල්ල ද නොයෙක් රැස් ද ඇත්තේ ය. එල්බෙන කිංකිණි දැල් ඇති ඒ මනහර වූ නාදය වැයූ පසඟතුරු නේමින්ගේ නද සේ ඇසේ.

1021. සිරස‍්මිං චිත‍්තං මණිචන්‍දකප‍්පිතං සදා විසුද‍්ධං රුචිරං පභස‍්සරං සුවණ‍්ණරාජීහි අතීව සඞ‍්ගතං වෙළුරියරාජීව අතීව සොභති

1021. මෙහි රියහිස විසිතුරු ය. සඳමඬල වැනි මැණික් ඔබ්බන ලද්දේ ය. හැම කල්හි පිරිසිදු ය. සිත්කලු ය. පැහැසර ය. සුවර්‍ණ රෙඛාවන්ගෙන් යුක්ත ය. වෙරළුමිණි රොදක් සේ අතිශයින් හොබී.

1022. ඉමෙ ච වාළී මණිචන්‍දකප‍්පිතා ආරොහකම‍්බූ සුජවා බහූපමා බ්‍රහා මහන‍්තා බලිනො මහාජවා මනො තවඤ‍්ඤාය තථෙව සිංසරෙ

1022. මිණිමුවා සඳැස් ලකුණින් ඔවිදුනාලද ආරෝහ පරිණාහයෙන් යුක්ත වූ සෝභන ගමන් ඇති තම පමණට වඩා අධික ව පෙනෙන්නා වූ වැඩුණු සියලු අඟපසඟ ඇති මහත් ඉදුහ ඇත්තා වූ බලවත් වූ ශීඝ්‍ර ගමන් වෙග ඇති මේ අශ්වයෝත් ඔබගේ සිත දැන සිතට අනුකූල ව ම පවතිත්.

1023. ඉමෙ ච සබ‍්බෙ සහිතා චතුක‍්කමා මනො තවඤ‍්ඤාය තථෙව සිංසරෙ සමං වහන‍්ති මුදුකා අනුද‍්ධතා අමොදමානා තුරගානමුත‍්තමා

1023. මේ සියලු අශ්වයෝ ද සමාන ජව ඇත්තාහු සතර පයින් යන්නාහු තාගේ සිත දැන එසේ ම පවතිත්. මොළොක් සැහැවි ඇති නො කැලඹිලි ඇති සතුට පවසන උතුම් අස්හු සමව රිය උසුලත්.

1024. ධුනන‍්ති වග‍්ගන‍්ති පතන‍්ති චම‍්බරෙ අබ‍්භුද‍්ධුනන‍්තා සුකතෙ පිළන්‍ධනෙ තෙසං සරො සූයති වග‍්ගුරූපො පඤ‍්චඞ‍්ගිකං තුරියමිවප‍්පවාදිතං

1024. මොනවට කළ (ක්‍ෂුද්‍රක ඝණ්ටාදී) අශ්වාලඞ්කාරයෙන් අධික වූ සලන අස්හු (කිසි විටෙකැ සෙමෙර බර ද කෙසුරු බර ද වලග ද) වෙසෙසින් සලත්. (කිසි විටෙකැ පියෙන් පිය තබා) යෙත්. (කිසි විටෙකැ) අහස්හි පැන යෙත්. ඔවුන්ගේ මනෝඥ වූ ස්වරය වයන ලද පසඟතුරු නද සේ ඇසේ.

1025. රථස‍්ස ඝොසො අපිළන්‍ධනාන ච ඛුරස‍්ස නාදො අභිහිංසනාය ච ඝොසො සුවග‍්ගු සමිතස‍්ස සූයති ගන්‍ධබ‍්බතුරියානි විචිත්‍රසංවනෙ

1025. රිය හඬ ද පළඳනා හඬ ද කුර ගැටෙන හඬ ද (වරින් වර අසුන් පැවැත් වූ) හේසාරවය ද ප්‍රමුදිත වූ දෙවියන්ගේ ඝෝෂය ද චිත්‍රලතා වනයෙහි ගන්‍ධර්‍වදිව්‍යපුත්‍රයන්ගේ පඤ්චාඞ්ගික තූර්‍ය්‍යනාදය මෙන් ඉමිහිරි ව ඇසේ.

1026. රථෙ ඨිතා තා මිගමන්‍දලොචනා ආළාරපම‍්හා හසිතා පියංවදා වෙළුරියජාලාවතතා තනුච‍්ඡවා සදෙව ගන්‍ධබ‍්බ සුරග‍්ගපූජිතා

1026. රියෙහි සිටි මේ දෙවඟනෝ මුවපොල්ලන්ට බඳු මුදු සිනිඳු ඇස් ඇතියාහු ඝන වූ ඇස්පිහාටු ඇතියාහු සිනා මුහුණු ඇතියාහු ප්‍රිය වදන් ඇතියාහු වෙරළුමිණි දැලින් වැසූ සිරුරු ඇතියාහු සියුම්සිවි ඇතියාහු සියලු කල්හි ම ගඳඹ දෙවියන්ගෙන් හා සෙසු අගදෙවියන්ගෙන් හා ලද පිදුම් ඇතියාහු වෙත්.

1027. තා රත‍්තරත‍්තම‍්බර පීතවාසසා විසාලනෙත‍්තා අභිරත‍්තලොචනා කුලෙ සුජාතා සුතනු සුචිම‍්හිතා රථෙ ඨිතා පඤ‍්ජලිකා උපට‍්ඨිතා

1027. ඇලුම් දනවන සැහැවි ඇති රතු රන්වන් සළු දරන විසල් නෙත් ඇති වෙසෙසින් රන්වන් රොදින් හොබනා නුවන් ඇති උසස් දේවනිකායෙහි උපන් සොඳුරු සිරුරු ඇති මනා මදහස පහළ කරන රියෙහි සිටි ඔහු බදැඳිලි ඇති වැ එළඹ සිටියාහු ය.

1028. තා කම‍්බුකෙයූරධරා සුවාසසා සුමජ‍්ඣිමා ඌරුථනූපපන‍්නා වට‍්ටඞ‍්ගුලියො සුමුඛා සුදස‍්සනා රථෙ ඨිතා පඤ‍්ජලිකා උපට‍්ඨිතා

1028. රන්මුවා අඟුපලඳනා දරන මනාසළු හැඳි සිහිනිඟ ඇති පිරිපුන් වටොර හා පියයුරු ඇති කෙමෙන් දිගු වට ඇඟිලි ඇති සොඳුරු මුව ඇති මනා දැකුම් ඇති රියෙහි සිටි ඔහු බදැඳිලි ඇති ව එළඹ සිටියාහු ය.

1029. අඤ‍්ඤා සුවෙණී සුසු මිස‍්සකෙසියො සමං විභත‍්තාහි පභස‍්සරාහි ච අනුබ‍්බතා තා තව මානසෙ රතා රථෙ ඨිතා පඤ‍්ජලිකා උපට‍්ඨිතා

1029. සොඳුරු වේණි ඇති සමසේ බෙදීගිය පැහැසර රන් කෙඳියෙන් මුසු කෙහෙ ඇති අනුගත පැවැතුම් ඇති ඔබගේ සිත්හි ඇලීගිය තරුණ වූ ඒ ඇතැම් සුරඟනෝ රියෙහි සිටියෝ බදැඳිලි ඇති ව එළඹ සිටියාහු ය.

1030. ආවෙළිනියො පදුමුප‍්පලච‍්ඡදා අලඞ‍්කතා චන්‍දනසාරවාසිතා අනුබ‍්බතා තා තව මානසෙ රතා රථෙ ඨිතා පඤ‍්ජලිකා උපට‍්ඨිතා

1030. පියුමුපුලින් සැදුම් ලත් රැළි දීම් ඇති දිවසඳුනෙන් අලෙව් දුන් අලඞ්කෘත වූ අනුගත පැවතුම් ඇති ඔබගේ සිත්හි ඇලීගිය රියෙහි සිටි ඔහු බදැඳිලි ඇති වැ එළඹ සිටියාහු ය.

1031. තා මාලිනියො පදුමුප‍්පලච‍්ඡදා අලඞ‍්කතා චන්‍දනසාරවාසිතා අනුබ‍්බතා තා තව මානසෙ රතා රථෙ ඨිතා පඤ‍්ජලිකා උපට‍්ඨිතා

1031. පිහුමුපුලින් සැදුම්ලත් දිව සඳුනෙන් අලෙව් දුන් පුෂ්පමාලා ඇති අලඞ්කෘත වූ අනුගත පැවැතුම් ඇති ඔබගේ සිත්හි ඇලීගිය රියෙහි සිටි ඔහු බදැඳිලි ඇති ව එළඹ සිටියාහු ය.

1032. කණ‍්ඨෙසු තෙ යානි පිළන්‍ධනානි හත්‍ථෙසු පාදෙසු තථෙව සීසෙ ඔහාසයන‍්තී දස සබ‍්බසො දිසා අබ‍්භුද‍්දයං සාරදිකොව භානුමා

1032. ඔබගේ ගෙලෙහි දු අත්හි දු පාහි දු එසේ ම හිසෙහි දු යම් පළඳනාවෝ වෙත් ද, ඔහු උදා වූ සරාහිරු මෙන් හාත්පසින් දසදිගුන් බබුළුවත්.

1033. වාතස‍්ස වෙගෙන ච සම‍්පකම‍්පිතා භුජෙසු මාලා අපිළන්‍ධනානි ච මුඤ‍්චන‍්ති ඝොසං රුචිරං සුචිං සුභං සබ‍්බෙහි විඤ‍්ඤූහි සුතබ‍්බරූපං

1033. වායු වේගයෙන් ද ප්‍රකම්පිත වූ බාහුයෙහි මල්දම් ද පළඳනාවෝ ද සියලු ගඳෙව් සිප් දන්නවුන් විසින් ඇසිය යුතු වූ රුචිර වූ අමිශ්‍ර වූ මනෝඥ වූ නාදය විහිදුවත්.

1034. උය්‍යානභූම්‍යා ච දුවද‍්ධතො ඨිතා රථා ච නාගා තුරියානි චස‍්සරො තමෙව දෙවින්‍ද පමොදයන‍්ති වීණා යථා පොක‍්ඛරපත‍්තබාහුහි

1034. දිව්‍යපුත්‍රය උයන්බිම දෙපස සිටියා වූ රියහඬ ගජහඬ තුරුහඬහු සුශික්‍ෂිත බැවින් ඉතා මනහර වූ වීණා වාදකයාගේ අතින් වාදනය කරන ලද වීණාව මෙන් තා ම ප්‍රමෝදයට පමුණුවත්.

1035. ඉමාසු වීණාසු බහූසු වග‍්ගුසු මනුඤ‍්ඤරූපාසු හදයෙරිතං පති පවජ‍්ජමානාසු අතීව අච‍්ඡරා භමන‍්ති කඤ‍්ඤා පදුමෙසු සික‍්ඛිතා

1035. කන්කලු වූ මනහර වූ බොහෝ වූ මේ වීණාවන් හෘදයඞ්ගම කොට ප්‍රීතියෙන් වයනු ලබන කල්හි මොනවට හික්මුණු දිව්‍ය කන්‍යාවෝ පියුම්වල (රඟපාමින්) හැසිරෙත්.

1036. යදා ච ගීතානි ච වාදිතානි ච නච‍්චානි චෙමානි සමෙන‍්ති එකතො අථෙත්‍ථ නච‍්චන‍්ති අථෙත්‍ථ අච‍්ඡරා ඔභාසයන‍්තී උභතො වරිත්‍ථියො

1036. යම් විටෙකැ මේ ගීතයෝ ද වාදිතයෝ ද නෘත්‍යයෝ ද එකට එකතු වෙත් ද, එකල්හි තෙල රියෙහි ඇතැම් අප්සරා කෙනෙක් නටති. යළි තෙල රියෙහි දෙපස සිටි උතුම් දිව්‍යස්ත්‍රීහු (වස්ත්‍රාභරණාදියෙන් දිගුන්) බබුළුවත්.

1037. සො මොදසි තුරියගණප‍්පබොධනො මහීයමානො වජිරාවුධොරිව ඉමාසු වීණාසු බහුසූ වග‍්ගුසු මනුඤ‍්ඤරූපාසු හදයෙරිතං පති

1037. කන්කලු වූ මනහර වූ බොහෝ වූ මේ වීණාවන් හෘදයඞ්ගම කොට ප්‍රීතියෙන් (වයනු ලබන කල්හි) ඒ තෝ දිව්‍යතූර්‍ය්‍ය සමූහයෙන් කළ තුටු පිබිදීම් ඇති පුදනු ලබන්නා වූ ශක්‍රයා මෙන් සතුටු වෙති.

1038. කිං ත්‍වං පුරෙ කම‍්මමකාසි අත‍්තනා මනුස‍්සභූතො පුරිමාය ජාතියා උපොසථං කංවා තුවං උපාවසි කං ධම‍්මචරියං වතමාභිරොචයි

1038. තෝ පෙරැ මිනිස් වූයෙහි පෙරැ අත්බැව්හි කිනම් කර්‍මයක් කෙළෙහි ද? තෝ කවර පෙහෙවසක් හෝ විසූයෙහි ද? කවර ධර්‍මචර්‍ය්‍යාවක් කවර ව්‍රතයක් රුචි කෙළෙහි ද?

1039. නයිදං අප‍්පස‍්ස කතස‍්ස කම‍්මුනො පුබ‍්බෙ සුචිණ‍්ණස‍්ස උපොසථස‍්ස වා ඉද‍්ධානුභාවො විපුලො අයං තව යං දෙවසඞ‍්ඝං අභිරොචසෙ භුසං

1039. යම් හෙයෙකින් දේව සමූහයා අතිශයින් මැඩගෙන බබළහි ද? මේ තාගේ මහත් වූ ඍද්ධ්‍යනුභාවයෙකි. මේ විපාකය පෙරැ කරනලද අල්ප කර්‍මයක්හුගේ හෝ පෙරැ පුරුදු කළ අල්ප වූ උපෝසථයක්හුගේ හෝ නො වේ.

1040. දානස‍්ස තෙ ඉදං ඵලං අථො සීලස‍්ස වා පන, අථො අඤ‍්ජලිකම‍්මස‍්ස තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතොති

1040. තාගේ මේ විපාකය දානයක්හුගේ හෝ නොහොත් ශීලයක්හුගේ හෝ නොහොත් අඤ්ජලි කර්‍මයක්හුගේ හෝ වේ ද? මා විසින් විචාරන ලදුයෙහි එය මට කියව.

1041. සො දෙවපුත‍්තො අත‍්තමනො මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතො, පඤ‍්හං පුට‍්ඨො වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං

1041. මේ විපාකය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද සතුටු සිත් ඇති ඒ දෙව්පුත් තෙමේ (මෙසේ) පැවැසී ය.

1042. ජිතින්‍ද්‍රියං බුද‍්ධමනොමනික‍්කමං නරුත‍්තමං කස‍්සපමග‍්ගපුග‍්ගලං අවාපුරං තං අමතස‍්ස ද‍්වාරං දෙවාතිදෙවං සතපුඤ‍්ඤලක‍්ඛණං

1042-1043. දිනන ලද ඉඳුරන් ඇති පරිපූර්‍ණ වීර්‍ය්‍ය ඇති නර ශ්‍රේෂ්ඨ වූ අග්‍ර පුද්ගල වූ දෙවියන්ට දෙවි වූ සියපින් ලකුණෙන් යුත් නිවනට දොර විවෘත කරන්නා වූ; හස්තිරාජයක්හු හා සමාන වූ චතුරෝඝය තරණය කළා වූ සිඞ්ගීසුවර්‍ණ ජාම්බොනදසුවර්‍ණ රූපයක් බඳු වූ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දුටුයෙමි. දැක වහා පිරිසිදු සිත් ඇත්තෙම් වීමි. ධර්‍මධ්වජ වූ ඒ බුදුරජාණන් වහන්සේ දැක,

1043. තමද‍්දසං කුඤ‍්ජරමොඝතිණ‍්ණං සුවණ‍්ණසිඞ‍්ගීනදඛීම‍්බසාදිසං දිස‍්වාන තං ඛිප‍්පමහුං සුචීමනො තමෙව දිස‍්වාන සුභාසිතද‍්ධජං

1044. තම‍්භන‍්නපානං අථවාපි චීවරං සුචිං පණීතං රසසා උපෙතං පුප‍්ඵාභිකිණ‍්ණම‍්හි සකෙ නිවෙසනෙ පතිට‍්ඨපෙසිං ස අසඞ‍්ගමානසො

1044. නො ලැගුණු සිත් ඇති ඒ මම මලින් ගැවැසුණු සිය නිවසෙහි උන්වහන්සේ විෂයෙහි පවිත්‍ර වූ ප්‍රණීත වූ රසයෙන් යුක්ත වූ ආහාරපාන ද යළි සිවුරු ද පිළිගැන්වීමි.

1045. තමන‍්නපානෙන ච චීවරෙන ච ඛජ‍්ජෙන භොජ‍්ජෙන ච සායනෙන ච සත‍්තප‍්පයිත්‍වා ද‍්විපදානමුත‍්තමං සො සග‍්ගසො දෙවපුරෙ රමාමහං

1045. ඒ ද්විපදෝත්තම වූ සර්‍වඥයන් වහන්සේ ආහාරපානයෙන් ද චීවරයෙන් ද ඛාද්‍යයෙන් ද භෝජ්‍යයෙන් ද රස විඳගන්නා දැයින් ද සතප්වා ඒ මම ස්වර්‍ගයක් පාසා දේවපුරසඞ්ඛ්‍යාත සුදර්‍ශන මහා නගරයෙහි සිත් අලවා වෙසෙමි.

1046. එතෙනුපායෙන ඉමං නිරග‍්ගළං යඤ‍්ඤං යජිත්‍වා තිවිධං විසුද‍්ධං පහායහං මානුසකං සමුස‍්සයං ඉන්‍දූපමො දෙවපුරෙ රමාමහං

1046. මේ නයින් විශුද්ධ වූ ත්‍රිවිධ වූ නිරවුල් වූ මේ මහදන් දී මම ඒ මිනිස් සිරුර පියා දෙව්ලොව ශක්‍රයා මෙන් සිත් අලවා වෙසෙමි.

1047. ආයුඤ‍්ච වණ‍්ණඤ‍්ච සුඛං බලඤ‍්ච පණීතරූපං අභිකඞ‍්ඛතා මුනි අන‍්නඤ‍්ච පානඤ‍්ච බහුං සුසඞ‍්ඛතං පතිට‍්ඨපෙතබ‍්බමසඞ‍්ගමානසෙ

1047. මුනිවරය, ප්‍රණීත වූ ආයුෂය වර්‍ණය සුඛය බලය යන මේ කැමැත්තහු විසින් බොහෝ වූ මනාව පිළියෙළ කරනලද අහර ද පැන් ද නො ඇලුණු සිත් ඇති බුදුන් විෂයෙහි පිළිගැන්විය යුතු යි.

1048. නයිමස‍්මිං ලොකෙ පරස‍්මිං වා පන බුද‍්ධෙන සෙට‍්ඨොව සමොව විජ‍්ජති ආහුනෙය්‍යතං පරමාහුතිං ගතො පුඤ‍්ඤත්‍ථිකානං විපුලඵලෙ ඨිතන‍්ති

1048. මෙලොවැ හෝ පරලොවැ හෝ පිනෙන් ප්‍රයෝජන ඇති මහත් වූ පින්පල කැමතියනට ආභවනීයයන් අතුරෙහි පරම ආභවනීය භාවයට පැමිණි බුදුරජ තෙමේ ම ශ්‍රේෂ්ඨ වේ. බුදුන් හා සමයෙකුදු විද්‍යමාන නො වේ.

මහාරථවිමානං.

මහාරථවිමාන යි.

මහාරථවග‍්ගො පඤ‍්චමො.

පස්වන මහාරථවර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

මණ‍්ඩුකො රෙවතී ඡත‍්තො කක‍්කටො ද‍්වාරපාලකො ද‍්වෙ කරණීයා ද‍්වෙ සූචි තයො නාගා ච ද‍්වෙ රථා පුරිසානං පඨමො වග‍්ගො පවුච‍්චතී ති.

මණ්ඩුක යැ රේවතී යැ ඡත්ත (මාණවක) යැ කක්කටරසදායක යැ ද්වාරපාලක යැ කරණීය දෙක යැ සූචිදෙක යැ නාග තුන යැ රථදෙක යැ යි පුරුෂ විමානයන් පිළිබඳ ප්‍රථම වර්‍ගය කියනු ලැබේ.

භාණවාරො තතියො.

තෙවැනි බණවර නිමි.