භික‍්ඛාදායකවිමානං
6. 6.
6. 6.
1081. උච‍්චමිදං මණිථූණං විමානං සමන‍්තතො ද‍්වාදස යොජනානි කූටාගාරා සත‍්තසතා සුභා වෙළුරියත්‍ථම‍්භා රුචකත්‍ථතා සුභා
1081. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන් පෝරු අතුළ බිම් ඇති උදාරවූ යහපත්වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
1082. දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො මනුස‍්සභූතො කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති
1082. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තේ වෙහි ද?
1083. සො දෙවපුත‍්තො අත‍්තමනො මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතො, පඤ‍්හං පුට‍්ඨො වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලන‍්ති
1083. මුගලන් තෙරුන් විසින් මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි විචාරන ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1084. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතො දිස‍්වාන භික‍්ඛුං තසිතං කිලන‍්තං එකාහං භික‍්ඛුං පටිපාදයිස‍්සං සමඞ‍්ගිභත‍්තෙන තදා අකාසිං
1084. (වහන්ස) මම මිනිසුන් අතරැ මිනිසෙක් වූයෙම් හටගත් පවස් ඇති ක්ලාන්ත වූ එක් මහණකු දැක (මා සඳහා පිළියෙල වූ) එක බතක් පිදීමි. එකල්හි (ඔහු) බතින් යුතුවූවකු කෙළෙමි.
1085. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
1085. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1086. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතො යමකාසි පුඤ‍්ඤං තෙනම‍්හි එවං ජලිතානුභාවො වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති
1086. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.