යෙදුමෙන් කියවන්න

යවපාලකවිමානං

6. 7.

6. 7.

1087. උච‍්චමිදං මණිථූණං විමානං සමන‍්තතො සොළස යොජනානි කූටාගාරා සත‍්තසතා උළාරා වෙළුරියත්‍ථම‍්භා රුචකත්‍ථතා සුභා

1087. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් සොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.

1088. තත්‍ථච‍්ඡසි පිවසි ඛාදසි ච දිබ‍්බා ච වීණා පවදන‍්ති වග‍්ගුං අට‍්ඨට‍්ඨකා සික‍්ඛිතා සාධුරූපා දිබ‍්බා ච කඤ‍්ඤා තිදසචරා උළාරා නච‍්චන‍්ති ගායන‍්ති පමොදයන‍්ති

1088. එහි (තෝ) සිටිනෙහි ය. පානය කරනෙහි ය, අනුභව කරනෙහි ය, දිව්‍ය වීණාවෝ ද මිහිරි සේ වාදනය වෙති, සූ සැටක් පමණ වූ පුහුණු වූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්‍යකන්‍යාවෝ ද නටති ගයති ප්‍රමෝද වෙත්.

1089. දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො මනුස‍්සභූතො කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති

1089. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයෙහි කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?

1090. සො දෙවපුත‍්තා අත‍්තමනො මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතො, පඤ‍්හං පුට‍්ඨො වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං

1090. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හු ගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.

1091. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතො අහොසිං යවපාලකො අද‍්දසං විරජං භික‍්ඛුං විප‍්පසන‍්නමනාවිලං

1091. (වහන්ස) මම මිනිසුන් අතුරෙහි මිනිසෙක් වූයෙම් යව පල්ලෙක් විමි. (එකල්හි) පහවූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ කෙලෙස් කිලුටෙන් නො කැලඹුණු සිත් ඇති පැවිද්දකු දුටිමි.

1092. තස‍්ස අදාසහං භාගං පසන‍්නො සෙහි පාණිහි, කුම‍්මාසපිණ‍්ඩං දත්‍වාන මොදාමි නන්‍දනෙ වනෙ

1092. මම පහන් වූයෙම් කොමුපිඬු කොටසක් උන්වහන්සේට සියතින් පිදීමි. (ඒ කොමුපිඬු) පිදීමෙන් නදුන්වෙනෙහි සතුටු වෙමි.

1093. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා

1093. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තෘහු මට පහළ වෙත්.

1094. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතො යමකාසි පුඤ‍්ඤං තෙනම‍්හි එවං ජලිතානුභාවො වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති

1094. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.

යවපාලකවිමානං.

යවපාලකවිමාන යි