ඵලදායකවිමානං
6. 3.
6. 3.
1061. උච්චමිදං මණිථූණං විමානං සමන්තතො සොළස යොජනානි කූටාගාරා සත්තසතා උළාරා වෙළුරියත්ථම්හා රුචකත්ථතා සුභා
1061. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් සොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන් පෝරු අතුළ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
1062. තත්ථච්ඡසි පිවසි ඛාදසි ච දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං අට්ඨට්ඨකා සික්ඛිතා සාධුරූපා දිබ්බා ච කඤ්ඤා තිදසචරා උළාරා නච්චන්ති ගායන්ති පමොදයන්ති
1062. එහි (තෝ) සිටිනෙහි ය, පානය කරනෙහි ය, අනුභව කරනෙහි ය. දිව්‍යවීණාවෝ ද මිහිරි සේ වාදනය වෙති. සූසැටක් පමණ වූ පුහුණුවූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්‍යකන්‍යාවෝ ද නටති ගයති ප්‍රමෝද වෙත්.
1063. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
1063. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද, තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තේ වෙහි ද?
1064. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති
1064. මේ පුණ්‍යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවැසී ය.
1065. ඵලදායී ඵලං විපුලං ලභති දදමුජ්ජුගතෙසු පසන්නමානසො සො හි මොදති සග්ගගතො තිදිවෙ අනුභොති ච පුඤ්ඤඵලං විපුලං තථෙවාහං මහාමුනි අදාසිං චතුරො ඵලෙ
1065. (වහන්ස) පහන්සිත් ඇති ඍජුමාර්ගයට පැමිණියා වූ ආර්‍ය්‍ය පුද්ගලයන් විෂයෙහි පලතුරු දන්දෙන පුද්ගල තෙමේ මහත් පුණ්‍යඵලය ලබයි. හෙතෙමේ (උත්පත්ති විසින්) දෙව්ලොව ගියේ තව්තිසා භවනෙහි සතුටු වෙයි. එහි දී (මා මෙන්) මහත් පින්පල ද අනුභව කරයි. මහා මුනිවරයෙනි එසේම මම ද ඵල සතරක් දුනිමි.
1066. තස්මාහි ඵලං අලමෙව දාතුං නිච්චං මනුස්සෙන සුඛත්ථිකෙන දිබ්බානි වා පත්ථයතා සුඛානි මනුස්සසොභග්ගතමිච්ඡතා වා
1066. එහෙයින් ම දිවසැපත් පතන්නා වූ හෝ මිනිස් සැපත් කැමැත්තා වූ හෝ සැප කැමැති මිනිසා විසින් නිතර ඵල දානය කරන්නට සුදුසු ම ය.
1067. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
1067. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1068. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
1068. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.